.

.

Nov 25, 2014

ජනාධිපති තුමා කැමතිම ගීතය.. - President's most favourite song


ඊයේ රෑ මලක් ගහලා, හඳට යන්න ලෑස්ති වෙන කොටම, මගේ සන්සුන් ඇස් ෆයිව් එක, බීප් බීප් ගාන්න පටන් ගත්තා. ඒ වෙලාවට පෙන්නේ වෙන වෙන ඒවා නිසා, ඇස් දෙකත් පොඩ්ඩක් පොඩි කරලා, ඔළුවෙ තිබුන ඉස්පෙක්ස් දෙක, ඇහට බස්සලා, පෝන් එකට ඉබිලා බැලුවාම, දන්නේ නැති නොම්බරයක්. මළදානේ ඔහේ වැදියන්, මට පාන්ද යකෝ, මගේ ආතල් මටම ආතල් කියලා, ඇස් දෙක පියා ගත්තා විතරයි, ඇස් පහ ආයේ බීප් බීප් ගෑවා. ඒ පාර තව නොම්බරයක්. ඕන මලදානයක් කියලා ආන්සර් කලා.

හෙලෝ..

හලෝ.. තමුසෙද මාතලන් කියන්නේ..?

ඔව් යකෝ...., මම තමයි සූර වීර මාතලන්. තෝ කව්ද යකෝ..?

පොඩ්ඩක් ඉන්නවා..., ජනාධිපති තුමාට තමුසෙට කතා කරන්න ඕනලු.., සැර් මේන් පොර ඉන්නවා..

හුටා...

හලෝ මාතලන්..

ඔව්.. ඔව්.. සෑර්.... මාතලන් තමයි..

මක්කයි අයිසෙ කරන කැත වැඩ..?

ගනන් ගන්න එපා සෑර්.... ඉඳලා හිටලා තමයි මලක් ගහන්නේ..

මොන මලක්ද..?

ආ ඒක නෙමේද..? මොකක්ද සෑර් මං කොරපු වැරද්ද..?

තමුසෙ හැම එකාටම සින්දු ලියනවා. තාම මට සින්දුවක් ලිව්වේ නෑ නේ..?

අනේ සර්..., ඉතින් ඒවා මම ලියන්න ඕනය. ඔය ඕන තරම් ඉන්නේ පිලිකන්නේ. පට්ට සම්බහිය උන්..

උන්ගේ ඒවා අහලා අහලා.... එපා වෙලා අයිසේ තියෙන්නේ.... අනික උන් සින්දුවක් ලිව්වාම..., ගෙවල් ඉල්ලනවා, කාර් පර්මිට් ඉල්ලනවා, ෆොරින් ටුවර් ඉල්ලනවා. ළමයින්ට වීසා අරන් ඉල්ලනවා. මොකුත් නැත්නම්..., අර ආන්ඩුවේ හිඟන්නන්ට දෙන මෝටර් සයිකලයක් හරි ඉල්ලනවා... මළ වදේ අයිසේ..

පිස්සුද සර්... සින්දුවකට එච්චර දෙන්න ඕනද..?

තමුසේ දන්නේ නෑ... සම හරක් එක සින්දුවට ලක්ෂ පනහ හැට ගන්නේ.

අම්මටම හැමිනියන් කිව්වලු..රජතුමාට ලියන නිසා වෙන්ට ඇති..

හරි හරි එවා වැඩක් නෑ.... තමුසෙ මට හොඳ එකක් ලියනවා..

සර් මොන වගේ එකක්ද..? මම ඉතින් පටන් ගත්ත දවසේ ඉඳලම ලියන්නේ, බයිලා තමයි..

ඉතින් ඒකට මක්කා වෙනවයි අය්සෙ.. මමෙයි කියලා ලියන්නෙත් එවමනේ... කොහොමෙයි මම 2015 ට ලියපු බයිලා සැට් එක..?

කියලා වැඩක් නෑ සර්.. නැගලම යනවා.. හරි සර්... එහෙනම් මේ වෙලාවේ නම් බෑ.. මම මේ කක්ෂ ගත වෙන්න කියලා.. හඳට ගිහින් ආපු ගමන් එකක් ලියලා දාන්නම්..

හැබයි අර ෆයිල් කතාව දාන්නම ඕන හරිය..., මොකෝ පනින උන් අම්බානට බය වෙලා ඉන්නේ..

ඇත්තටම සර් එහෙම ෆයිල් සර් ගාව තියෙනවද..?

මගේ ගාව ඇති ෆයිල් එකක් නෑ අයිසේ....., තිබුන නම් මම මම මෙහෙම ඉන්නවයි..., ඔක්කොම ටික අරුන් ටිකට බෙදලා දානවනේ..., උන් බය කර ගන්න කියන කතානේ... ඕකුන් හෙන බයයි ෆයිල් වලට..

ඔය ෆයිල් කතන්දරේ වැඩක් නෑ සර්....

ඒ මොකෝ ඒ...?

සර් ආයෙත් දින්නොත් හෙම, ඔය ෆයිල් මිටි ගනන් සේප්පුවල දාගෙන ඉන්න ඕන නෑ. ලියුම් 200 ක් විතර එක ෆයිල් එකක දාගෙන තියා ගත්තා නම් ඉවරනේ..?

ලියුම්..?

ඔව් සර්.. ලියුම් කිව්වට ලියුමකුත් නෙමෙයි.. අස්වීමේ ලියුම්.... අස්වීමේ ලියුම්..

අම්මට හුඩු පප්පගේ වැඩක් නේද....? තෑන්ක්ස් මාතලන්....! තමුසෙ ඇවිල්ලා යනවකෝ මේ පැත්තේ.., එහෙනම් සින්දුව හරි නේ..

හරි සර්.. හෙට දෙන්නම් බඩු..

මේ තමයි ජනාධිපති තුමාට මාතලන් ලියලා යවපු බයිලේ.. නිහාල් අයියගේ... සොමියට වරෙන් පුතා..


ටක් ගාලා වරෙන් පුතා අගුළු නෑ සැලුන් දොරේ...
කාපන් ඕන දෙයක් අඩු නෑ බඩු කාමරේ....
ආවම සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ...
දෙන දේ කකා හිටින් සද්ද එපා බර බරේ....

මේක මිහිඳු අයියා ෆුල් ෆන් දෙන කාමරේ...
මේක රටටම පුල් ආතල් දෙන කාමරේ....
මෙ මේක ආසියාවේ වන්ඩ බාර් කාමරේ...
මේක දන්සැල වගෙ පෝලිමෙ කන කාමරේ...


කුඩු කන්ටේනර්ලා, එතර් නෝල් පප්පලා...
මාල කඩාලා, එයි මෙහෙ සොමිය සොයාලා...
කඳ ඉඳිමි, බඩ වැඩිවී, බෙලි නැති වීලා...
යන්න යන්නේ කෝටී ගනන් හොඳට ගරාලා...


මේක මිහිඳු අයියා ෆුල් ෆන් දෙන කාමරේ....

රවින්ද්‍රලා, මාලනීලා, පිස්සු ජැකාලා....
අලි වංසෙන් වැඩ පෙන්වන, සෝමරතනලා....
ෂී ජී පිං, අබේ අයියා, ජේම්ස් පැකර්ලා....
ෆොරින් ප්‍රොජෙක්ට්, කැසිනෝ බැසිනෝ, යයි විසි කරලා...

මේක මිහිඳු අයියා ෆුල් ෆන් දෙන කාමරේ....


ජීනීවා වලින්, බැරිනම්, හේග් සිටි එකෙන්....
ඇලිගේසොන් ආවත් මට ළොව හතර වටින්...
ෆේස් ටූ ෆේස් එනවා නම්, දෙමි පුකට පයින්...

පි බය නෑ, අපි බෙන්තර ගඟටත් පහළින්....
 
මේක මිහිඳු අයියා ෆුල් ෆන් දෙන කාමරේ....

මුල අමතක, ගුණමකු, පනිනා උන් මගෙ පුත...
ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත...
සුමනදාස ගාව තියේ.... මගේ නැකත් පත...

මම තාමත් පෙරලනවා, මගෙ චින්තන පොත...

මේක මිහිඳු අයියා ෆුල් ෆන් දෙන කාමරේ....

66 comments:

  1. හැක් හැක්.. බයියා කැමති සින්දුව මාතලංගේ වෙන්න ඇහැකි. ඒත් කැමතිම බ්ලොග් එක නං කකාගේ හරිය...

    ජාතික ඵළදායිතා ක්‍රමවේදය අනුව ෆයිල් එකක තිබිය යුතු ලිපි ගණන හරියටම 200 යි බං..

    ReplyDelete
    Replies
    1. ඒ ඉස්සර.... දැන් රජගෙදරත් මුල් තැන මාතලන්..

      කොහොමෙයි මගේ පලදායිතා ඥාණය...?

      Delete
  2. හයවෙනි හීනෙ මාතලන් අයියණ්ඩි දැකල එහෙනම්.

    ReplyDelete
    Replies
    1. මොකක්ද 6 වෙනි හීනේ. ස්වප්න මෝචනයද...?

      Delete
    2. ඇයි එහම උනාවත්ද?

      මෙන්න පළවෙනි හීන හතර..
      http://www.apeisawwa.info/2014/11/4.html

      මෙන්න පස්වෙනි හීනේ..
      http://www.apeisawwa.info/2014/11/blog-post_22.html

      එතකොට හයවෙනි හීනෙ තමයි මාතලන් අයියණ්ඩි දැකල තියෙන්නේ.

      ඔන්න ඕක මතක් උනේ කියෙව්ව ගමන්.

      Delete
  3. මෙහා ඉවුරෙ තණකොල කන ගොනා
    එහා ඉවුරෙ තණ දකිනව මනා
    මෙහෙට වඩා එහෙ හොද යැයි සිතා
    එහෙට ගිහින් මෙහෙ බැලුවම
    මෙහෙ මම නෙව හොදා........................

    ඕයේ......................

    ReplyDelete
    Replies
    1. ඕයේ ඔජායේ... ඕයේ ඔජායේ......

      Delete
  4. //සුමනදාස ගාව තියේ.... මගේ නැකත් පත... //
    මෙහෙමනෙ...
    සුමනදාස ගාව ඉඳල.... මගේ නැකත් පත...

    ReplyDelete
    Replies
    1. ඒ කෙසේ වෙතත් සුමනාදසගේ නැකත් පත වෙනවා මක්කා හරි උනොත් හෙම..

      Delete
  5. සුරිදුනි කතරගම දෙවියනි දැඩිමුණ්ඩ
    ලනු මැන දිවැස් මහින්ද මකබෑවෙන්ඩ
    වැද වැද කියමි තෙදබල වෙණු දෙවියන්ඩ
    දූෂිත ඇමති වරු දා හලු කරලන්ඩ

    ReplyDelete
    Replies
    1. මේකේ ඝණ හරිද... නැත්නම් කැරකිලා උඹටම වදී...

      Delete
  6. මදි..මදි.අපි මාතයින්ඩි රැස්පොට් කරනවා හොදටම මදි.යකෝ එසේ මෙසේ පොරක්ද මහින්ද මහත්තයටත් සින්දු ලියන එක..
    එල ද බ්‍රා..
    අන්න නෙල්සන් හොයනවාලු ඔයාගේ දුරකතන අංකය..

    ReplyDelete
    Replies
    1. අපෝ මීට කලිනුත් කෝල් කරලා තියෙනවා...

      Delete
    2. මාතේ නැගිටහං දවල් උනා

      Delete
  7. ප්‍රතිභාව සුපිරියැ.ගීතය උපරිමව වින්දෙමි.

    ReplyDelete
    Replies
    1. උඹට වැදුනා කියන්නේ ඉතින් බඩුම තමයි...

      Delete
  8. Replies
    1. තුරු තුරු තුරු තුරු තුරු තුරු
      අතුරු මිතුරු දඹදිවතුරු
      මගෙ සෙල්ලක්කාර මිතුරු
      කිරි මුට්ටියකට පනින්න
      හිටි පිනුමක් ගැහුවා
      මුට්ටිය හිර වෙලා මිතුරු
      කොක්කු නටති රෑ වෙනතුරු
      කිරි මුට්ටිය ගඟේ යන්න
      තව පිනුමක් ගැහුවා
      ගඟ දිය බොර වුනා මිතුරු
      කිඹුල් හිනා දැක පිවිතුරු
      ඕලු කැකුලකට පනින්න
      උඩ කරණම් ගැහුවා
      ඕලු කැලේ...හිටපු බමලු
      නහය විදපි ඉදිමෙනතුරු
      මගේ මිතුරු මේවනතුරු
      නැත තවමත් දුටුවේ

      තුරු තුරු තුරු තුරු තුරු තුරු
      අතුරු මිතුරු දඹදිවතුරු
      මගෙ සෙල්ලක්කාර මිතුරු
      කිරි මුට්ටියකට පනින්න
      හිටි පිනුමක් ගැහුවා

      තුරු තුරු තුරු තුරු තුරු තුරු......

      නාට්‍ය - තාරාවෝ ඉගිලෙති

      Delete
    2. හිතා උන්න සේම රාජ ධූරේ අත්වී තිබේ
      අත්වී තිබේ...

      හිතා උන්න සේම රාජ ධූරේ අත්වී තිබේ
      හොඳ හැටි කකා බිබී සැප ලබතෑකී
      හිත ප්‍රීති වේය මාගෙ බෝ දැන් බෝ දැන්
      බෝ දැන්...

      හිතා උන්න සේම රාජ ධූරේ අත්වී තිබේ
      මොකටද ආගමක් සැප හැර මේ ලොවේ
      හිත ප්‍රීති වේය මාගෙ බෝ දැන් බෝ දැන්
      බෝ දැන්....

      හිතා උන්න සේම රාජ ධූරේ අත්වී තිබේ...

      නා‍ට්‍ය‍ය‍ - සිරිසඟබෝ

      Delete
    3. machan tharaha wenna epa.ube gom part dan appiriyai machan,oka nathra karapan.mathetath dan epa wela athi,tharahen kiwwa newei.adaren kiwwe macho.kunuharapen baninna deyak na hodada..................

      Delete
    4. පට්ට සින්දු... දෙකම.. ටක්කෙටම ගැලපෙනවා.. වන් ඇන්ඩ් ඔන්ලි සින්දු ඇනෝ වෙතින් පමණි.. ටැලන්ට් නැති උන් ගහන බයිලා ගනන් ගන්න එපා මචෝ...

      Delete
    5. සින්දු ඇනෝ කියන්නේ එකෙක්මද කියලා වෙලාවකට හිතෙනවා බන්. පොර ලව් කරන කෙල්ලයි , තාත්තයි ,අම්මයි , ආච්චියි , සීයයි , අක්කයි , නංගියි , මල්ලියි, අය්යයි ඔක්කොමගෙන් අහලද කොහෙද ලියන්නේ . මේක සීයාගෙන් අරන් තියෙන්නේ.

      Delete
    6. අජිත් අය්යේ මේක මම අහගත්තෙ අපේ පොඩි එකාගෙන් ,,,හැක් හැක්

      ගී කියන්න දන්නෙත් නෑ
      මට කියන්න දෙන්නෙත් නෑ….//
      මං ගීයක් කියනකොටම බෙරිහන් දෙනවා
      ඇහැට ඇඟිල්ලෙන් ඇනලා මං අඬවනවා

      බල්ල පිදුරු කන්නෙත් නෑ
      කන ගොනාට දෙන්නෙත් නෑ
      බලු කුක්කා පිදුරු ගොඩේ උඩු බුරලනවා
      වහු පැටියා ඉඩගින්නේ බලා ඉන්නවා

      ගායනය: ලංකාරාජිණී ගුණසේකර
      පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න

      Delete
    7. @ සිංදු, නියම සින්දු උත්තරේ බං .

      Delete
    8. ඇනෝ : අර සින්දුව තාරාවෝ ඉගිලිති එකේ කිව්වා?? ෂුවර්ද?? මම බලලා තියෙනවා.. ඒත් ඔහොම සින්දුවක් මතකම නැහැ. අනිත් ඔක්කොම සින්දු මට කටපාඩම් හින්ද අහන්නේ...

      Delete
    9. @ උපේක්ෂා මේක තාරාවෝ ඉගිලෙති එකේ තමයි ...

      මෙන්න අහන්න

      Delete
  9. හ්ම්ම්ම්ම්....... සුද්දත් එහෙනම් වැටුන ඔඩොකකුවට ......

    ReplyDelete
    Replies
    1. සම හරක් කියන්නේ ගොඩක් කල්ය වැටිලා කියලා...

      Delete
  10. අර ඔඩොක්කු කුක්කට දෙමුද ගායනා කරන්න?

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. කොයි එකාටද...? කී දෙනෙක් කියලා ඉන්නවද...?

      Delete
    3. අම්මට හුඩු ඌ කපුගේගේ ඒවා ගහනවා එළට..

      Delete
  11. අම්මෝ අරූට අදනං නින්ද යයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ මචෝ.....අරූ කිව්වේ මටද මචෝ....ඇත්තටම මම දැණුයි නැගිට්ටේ බං නයිට් එකක් ඇදලා ඇවිත්,

      Delete
  12. මගේ 'නැකත්-පත'. අන්න ඒකනම් ඇත්ත.

    මේ...මම මේ බයිලා එක කියලා රැකෝඩ් කරන්නද?

    ReplyDelete
    Replies
    1. කිසි අවුලක් නෑ මචෝ.. මම නිර්මාණ වලදිත් පට්ට ලිබරල්.. කියලා අපිටත් අහන්න දාපන්.. නෝ ප්‍රෂ්...

      Delete
  13. ආයුබෝ...... වේවා මහරජාණෙනි......
    කියපු කෙල්ල කෙලින්ම ඇමරිකාවේ........
    ඉතින් ලිව්වට මක් වෙනවද......?

    ReplyDelete
    Replies
    1. මාවත් අඩු ගානේ මත්තල හරි යවයිනේ...

      Delete
  14. මේ දවස් වලනම් 'පූජාසනයේ ඔබ හිඳුවා - ඔබට පුදන ‍මේ ලෝකයමයි හෙට... ඔබට එරෙහි වී නැගිටින්නේ '

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ.. බඹරේ නවතින්නත් එපාය දවසක...

      Delete
  15. උඹෙ සින්දුව මල් හතයි!!

    ලියමන නිකන් කෙන්ජියගෙ වගේ උනාට මොකෑ, සින්දුවට මම පට්ට ලැයික්.

    ReplyDelete
    Replies
    1. උඹ මනාපයි කියන්නේ ළොකු මෙව්වා එකක්...

      Delete
  16. හම්මේ..

    "මයිල් පරා " ටත් සින්දු ලියන්න තරම් දැන් උඹ පොරක් වෙලා නේද බොස්...

    අනිඡ්චේ දුක්කේ..විලි ලැජ්ජාවයි සන්තෝසේ බැරුවා...

    නිහාල් නෙල්සන් කියලම කිව ගත්ත නම් තමා ( ලොවෙත් වෙන්නේ නැති දෙයකි ) වටිනාකම..

    ReplyDelete
    Replies
    1. මීට කලිනුත් කෝල් කරලා තියෙනවා.. ගනන් ගන්න එපා මචං

      Delete
  17. Mathalan,sinduwa niyamai,wahama Buddimaya Depala panatha yatathe liyapadinchi karaganna wei.(Kohomada oka lokka sarama peththakin ussagena kiyanakota)(Ranjan-düsseldorf)

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මචෝ.. කොහේ හරි ඇහුනොතින්.. මම දන්නවා නේ මේක ලිව්වේ මම කියලා.. මම හිතන්නේ නිර්මාණයක් එළියට දැම්මයින් පස්සෙ ඒක පොදු වස්තුවක්.. අනික මේකේ තනුව පට්ට කොපියක් නේ..

      Delete
  18. Gota gahanawalu "Siri Sanga Bogi maligawedi"(Ranjan)

    ReplyDelete
    Replies
    1. එයත් පොලිට්‍රික්ස් වලට එනවය කියන්නේ..

      Delete
  19. லநடய லநடய'''
    அபயப ளைமயழஙத''''

    றச கஉய'றனசய' க.னாளான றயைதகரய ,ளாஙஒ க்ன.ாடய .்ய்,ங கமயழ?

    உ ா கதய தன !!!!

    ReplyDelete
  20. සින්දුවට වඩා ආතල් බං ඊට උඩින් තියෙන දෙබස....සින්දුව .නිහාල් අයියා දැක්කනම් උඹව මොරටුවේ එක්කන් යනවා.

    ReplyDelete
    Replies
    1. නිහාල් අයියා කියන්නේ මට නම් දෙයියෙක් මචෝ...

      Delete
  21. //මුල අමතක, ගුණමකු, පනිනා උන් මගෙ පුත...
    ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත...
    සුමනදාස ගාව තියේ.... මගේ නැකත් පත...
    මම තාමත් පෙරලනවා, මගෙ චින්තන පොත...//

    මේ ටිකට පට්ට ලයික්. ලබන පාර සංචාරක මණ්ඩලේ සබාපති කම මාතලන්ට කියල call එකක් එයි

    ReplyDelete
    Replies
    1. මට සභාපති කම් නම් ඕන නෑ. මිනිස්සුන්ට යහපතක් වෙනවා නම් එච්චරයි. මොකාගෙන් හරි..

      Delete
  22. මාතලං නෙල්සන්...!

    //... සුමනදාස ළඟිං තියන් - මගේ නැකත් පත...//

    ReplyDelete
    Replies
    1. අපේ පොඩි සීයා කෙන්ක් උන්නා නෙල්සන්

      Delete
  23. මා‍තෝ ඕක සුනිල් අය්යගෙන් බේරාගනිං.. ඌ ඕක අර සිංඤෝරේ වගේ කොප්පෙ ගහලා ගානක් හොයාගනියි..

    ReplyDelete
    Replies
    1. සුනිල් අයියා කියනවනම් කොච්චර දෙයක්ද ලොක්කා...

      Delete
  24. //... සුමනදාස ළඟිං තියන් - මගේ නැකත් පත...//
    හි..හි.. මං හිතුව අන්තිම අදේ මෙහෙමවත් වෙයිදෝ කියල..

    මෙදා පාර කෙලවුනොතින්-- උගේ 'නැකත් පත'

    මේක බලල අන්න My3 මාතේගෙ නොම්මරේ හොයනවලු සිංදුවක් ලියෝගන්න..

    ReplyDelete
    Replies
    1. මයි ත්‍රී අඬනවනේ බං. හොඳ වෙලාවට රාජිත්වත් ආවේ. නැත්නම් මේක කඳුළු ගඟක් වෙනවා..

      Delete
  25. එල සින්දුව . පරෙස්සමෙන් හිටපන් මාතලන් සුදු වෑන් එකක් උඹ ළඟ නැවත්තුවොත් අම්ම මෝ නැතුව හැරුන අතේ දුවහන් සුසන්තිකාටවත් අල්ලන්න බැරි තරම් වේගෙන්. ඒ මගේ බ්ලොග් එකත් බලපන් මචන්. අලුතෙන් හැදුවේ. වැඩකෑලි දාන්න ඒ තරම් දන්නේ නැහැ . මීට අම්බලන්ගොඩ කථා ලියන එකා
    http://ambalangodakatha.blogspot.com/

    ReplyDelete
    Replies
    1. කතන්දර බ්ලොග් එක පොඩ්ඩක් බලලා ඉගෙනගන්න. ඒක තමයි බ්ලොගින් වලය හොඳම ආදර්ශය.. විශේෂයෙන් ආරම්බයේදි.. කවි ටික පට්ට.. ඒත් දිග වැඩියි..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න