.

.

Dec 11, 2014

ජනපති සිහිණය බිඳ වැටීම... - Shattered Dreams

 

මාතලන් 2010 දී අනාවැකියක් කිව්වේය. ඒ බොග දාන්න පටන් ගත් මුල කාළයේය. ඒත් මෑතකදි බය වෙලා උන්නේ, ඒ කියපු අනාවැකියට කෙලවේදෝ කියලාය. ඒ රනිල් විකුම්සිහ උතුමානෝ ජනාධිපතිවරණයට එන සයිස් එකක් තිබුන නිසාය. එහෙම ඇවිල්ලා පැරදුනා නම් අවුලක් නැතිය. එහෙත් දින්නා නම් වෙන්නේ, මාතලන්ගේ අනාවැකියට කෙලවෙන එකය.

ඒත් දැන් කිසිම අවුලක් නැත්තේ, අනාවැකිය සඵල උන නිසාය. පොද්දා සිරිසේන උන්නැහේය. උන්දෑ දින්නොත් රනිල භෝගවලට වෙන්නේ අගමැති වෙන්නය. ඒකත් ෂුවර් නැතිය. මොකෝ සිරිසේන උන්නැහේ දින්නොත්, දැන් ආන්ඩුවේ ඉන්න උන් ඔක්කෝම ඒ කියන්නේ චමල්, බැසිල් හිටන් මෛත්‍රීට සෙට් වෙනවාය. නාමල් නම් ගෙදර යන්න බැරි නිසා, ඉක්කෝ සුවාදීන වෙයිය. එහෙම නැත්නම් ඔය මොකක් හරි පාටියකට සෙට් වේවිය.

එහෙම උනාම සිරිසේන උන්නැහේට පිච්චු පීකුදු වෙනවාය. ජාතික ලයිස්තුවේ එකෙක් කෝටි කියක් හරි දීලා ගෙදර යවලා, චන්ද්‍රිකා ගෙනත් අගමැති කරන්නත් පුළුවන්ය. එහෙම උනොත් නම් ඉතින් අලි පාටියට, අබ සරණය. කොහොමත් වෙන්න යන්නේ නම් ඒ වාගේ දෙයක්ය. එහෙම බැලුවාමත් රනිල් උන්නෑහේට් මහින්ද මහත්තයා ජය ගන්නා එක වාසිය.

ඒත්, දිනන්නේ මොන සිරි ලංකා කාරයාදයි කියන්න වෙන්නේ 9 වෙනිදා උදේය. මීටින් වලට එන සෙනගෙන් මනිනවා නම්, දැනට ලොක්කා දිණුම්ය. ඒ ඉතින් සිලෝන් ටකරං බස් වලට පින් සිද්ද වෙන්නය. ඔය සෙනඟ මීටින් ඔක්කෝටම එනවාය. හැබයි ඉතින් චන්ද බලේ තියෙන්නේ සිලෝන් ටකරන් බස් වල, අරක්කු බෝතලේට. බත් පැකට් එකට, රුපියල් 500 ට, 2500 ට යන උන්ට විතරක් නෙමේය..

වැල් බයිලා ඕන නැතිය.. මාතලන් කියවන සුවහසක් රසික කැළගේ පහන් සංවේගය උදෙසා, 2010 දී ලියන ලද අනාවැකිය පහතින් එල්ලනවාය.. ඒ පොඩි පොඩි සංස්කරණයන්ද සහිතවය. ඔරිජිනල් එක බලාගන්න ඕනම නම්, මෙතනින් බලා ගන්න පුළුවන්ය >>>.

පරාක්‍රම රජතුමා



රජකම ලබාගැනීම සදහා මෙහෙයවන ලද අසාර්ථක කැරලි කිහිපයකින් පසුව, චෞර නම් රැජිනගේ ප්‍රධාන ඇමති සහ මුල් පෙලේ ඇමතිවරුන් පිරිසක්, රන්මසු සහ පුර අඟනන් ප්‍රදානය කොටැ තම සේනාවට එකතු කර ගනු ලදුව, රැජින සිරගත කොට පරාක්‍රම නම් කුමරු තෙමේ අගමැති කම දරමින් දැහැමින් සෙමින් පානියෙන් රාජ්‍ය පාලණය ගෙන යන කල්හි...

කුමරුන් ඉතා දැහැමි, ප්‍රඤ්ඤාවන්ත, බොහෝ ශිල්පයන් ප්‍රගුණ කලැ, එවැනිම වූ සෙනෙවියන් දරා සිටියේ වූවද, පාලණයට ඇවැමෙන් පසුවෑ රට වැසියාට මෙන්ම තම චතුරාර්ය සේනාවන්ටද දුර්භාග්‍ය වූ කාලයක් උදා වන්නේ, මායා නම් රට සිටැ තුන් සිංහලයම යටත් කර ගැන්මේ කැරළි මෙහෙය වූ පිරබාහරන් නම් කැරළි නායකයා සමග පැවැති ද්වන්ද සටන් නවත්වා, ගිවිසුමක් මඟින් මායා රට පාලනය කැරළි නායකයාට පවරා දෙන කල්හි, එතෙක් පැවැති සතුරු ප්‍රහාරයන් නැතිව ගියේ වූවද, ප්‍රමුඛ පෙලේ  චරපුරුෂයන් අභිරහස් ලෙස මිය යන්නේ විය...

රට වැසියන්ගේ ප්‍රසාදය පරාක්‍රම කුමරු වෙත නොමැති බැව් දැනගත් චෞර් නම් රැජින තෙමේ, පෙර කලැ රුහුණේ සිට දරුණු ගනයේ කැරළි දෙකක් මෙහෙයවූ කැරළිකරුවන් සමග එක්වැ, චරපුරුෂයන් මගින් සාකච්ඡා පවත්වා, කුමන්ත්‍රණ කොටැ, පරාක්‍රම කුමරු බලයෙන් පහ කරන කල්හි...

පරාක්‍රම කුමරු තෙමේ තම ප්‍රාණය බේරාගෙන පසු බැස ගියේ වූවද, තම පාළණ කාලය තුලැ රජ්‍ය සම්පත්, භාන්ඩාගාරය, ඉඩ කඩම් මංකොල්ල කෑ සෙනෙවිවරුන්ගෙන් තම නායකත්වයට එල්ල වූ අභ්‍යන්තර කැරළි, තම සහජ හැකියාවෙන් සහ අත්දැකීම් උපයෝගී කරගෙන සාර්ථකව මැඩ පවත්වන ලද්දේය.

මේ අතර තුර කාලයෙහි, පානියෙන් රාජ්‍ය පාළණ්යේ හුන් චෞර නම් රැජිණ සසර කළකිරෙන්නේ, මිහිඳු නම් ඇමැතියෙකුට රාජ්‍ය පවරා, තපස් රැකීම සඳහා හිමාලය වන්ම වූ දේශ දේශාන්තරයන්හි සැරිසරනා බවට අඞබෙර කරුවන් ලවා ප්‍රසිද්ධ කරණ කල්හි....

මෙපුවත ක්නැ වැකුණු පරාක්‍රම කුමරු තෙමේ තම සේනා රැස් කොටැ, මිහිඳු සෙනෙවියන් හා දරුණු ගනයේ සටනකට පිවිසෙන්නේ වූවද, මායා රට පිරබාහරන් යුව රජුගෙ සහායද ඇතිවැ සටනේ යෙදුනු මිහිඳු සෙනෙවි තෙමේ කරට කර සටනකින් පසු, 5 වන මිහිඳු නමින් රාජ්‍යත්වයේ අභිසෙස් ලබන්නේ..

මහත් වූ ගෞරවයෙන් තම පරාජය පිළිගත් පරාක්‍රම කුමරු තෙමේ තම සේනාවන්ද සමග පසු බැස වන ගත වන්නේය. නැවතත් තම ප්‍රධාන සෙනෙවිවරුන්ගෙන් එල්ල වූ අභ්‍යන්තර කැරළි පෙර මෙන්ම සාර්ථකව මැඩ පැවැත් වූයේ වූවද, බොහෝ ප්‍රධාන පෙලේ සෙනෙවිවරුන්, කුමරුන් අතහැර මිහිඳු රජතුමාගේ හස්තයන් ශක්තිමත් කිරිමේ පරම වූත් පවිත්‍ර වූත් චේතනාවන්ගෙන් මෙන්ම රන්මසු කෙරේ ඇති වූ ඉමහත් ආශාවෙන්ගෙන්ද සංයුක්ත වන්නේ බොහෝ වරදාන හා වරප්‍රසාදයන්ගෙන් සමන්විතැව රාජ සභාවේ ඇමතිකම් දරන්නේ..

මායා නම් රට පිරබාහරන් යුව රජුගෙන් රාජ්‍යයට එරෙහිව නැගෙන්නා වූ කැරළි තව තවත් දරුණු වන්නේ, තම සොයුරු ඝෝඨාභය නම් කුමරු තෙමේ සේනාධිනායක ලෙස පත්කල මිහිඳු රජු තෙමේ, මුහුණට මුහුණ කරන ලද අති බිහිසුණු සටනකින්, කෘර වූද, මුග්ද වූද, පිරබාහරන් ඇතුළු පිරිසැ සමූලඝාතනය කොටැ ඉතිහාසයෙහි ප්‍රථම වරට තුන් සිංහලයම එක් සේසත් කරන ලද්දාහුය.

එසේ වූවද, සුළු කලක් ඇවෑමෙන්, චෞර රැජිනගේ කැලැ හමුදාව, රට එක් සේසත් කල සටනේදී, රට වැසියන් විසින් කලවැද්දා යන සුරතල් නමින් හඳුන්වන ලද, ප්‍රධාන යෝධයා රාජ්‍යත්වයට ගෙන ඒමට, කැරැල්ලක් මෙහෙයවන බව දැනගත් පරාක්‍රම කුමරු, අගමැති කමෙන් හෝ සැනසෙමියි සිතා, තම සේනාවන්ද සමග කැරැල්ලට එක් වන්නේ..

රට වැසියන්ගේද සියලු ප්‍රාර්ථනා සුන් කරමින්, අති දරුණු පරාජයකට ලක්වූ සතුරු සේනා වනගතවූ අතැර, කැලැ හමුදාව මං මුලා විය. යෝධයා (කලවැද්දා.) සිර අඩස්සියට පත්විය. මොහුත් සමග කුමණ ඇමතිකම්දැයි සිතු පරාක්‍රම කුමරුගේ තරුණ සෙනෙවිවරුන්, කාලෙක් මේ ඩෙරණ මත රජකම් කල රණසිං පෙම්දස් රජුගේ පුත් සජිත් පෙම්දස් කුමරුන් නායකත්වයට ගෙන ඒමට තැත් කලද.. මැරිලා හෝ රජවෙමියි සිතූ පරාක්‍රම කුමරු තෙමේ, සජිත් කුමරුට නියෝජ්‍ය නායකත්වය පිරිනමමින් එම අභ්‍යන්තර කැරැල්ලද සාර්ථකව මැඩ පැවැත්වීය..

අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලද්දේ වූ මිහිඳු රජ තෙමේ වසර 18 ක්ද, බැරිසිල් නම් යුව රද තෙමේ වසර 12 ක්ද, නාමල් නම් කුමරුන් වසර 18 ක්ද දැහැමින් සෙමෙන් හා පානියෙන් රට පාලණය කල බවත්..., මෙම කාලයෙහි, ආසියාවේ ඈස්චැර්යක් වූ බවත්, ලෝකයේ බලවත්ම රාජ්‍යයක් වූ බවත් මහාවංසයේ නම් ක්‍රොනිකලයේ සඳහන් වන්නේය...

පරාක්‍රම රජතුමා ලෙස වීරවංස කතාවල සඳහන් වුවද, පරාක්‍රම කුමරුන් රජකමට පත්වූ බවට සාක්ෂී සොයා ගැනීමට අපහසු විය...

සොමවංස ගෙන් ලදුව, මහවංසයෙන් උපුටා ගෙනැ.. සඳේ පස් පරීක්ෂා කොට එහි දියුණු බෞද්ධ ශිෂ්ඨාචාරයක් වූ බවට සනාත කල බයිලා චක්‍රවර්තීන්ද, හාවඩ් විශ්ව විද්‍යාලයේ ලෝක ඉතිහාසය පිළිබඳ ජනමූල මහාචාර්ය පනාපුත්‍ර කුහුඹු පැනියාද, ත්‍රිපිඨකාචාර්ය බක පන්ඩිත සූරියප්පෙරුමයන්ද පරික්ෂාවට ලක් කොට නිවැරදි බව තහවුරු කරන ලදුව...

මහජනතාවගේ හිත සුව පිණිස, ප්‍රකාශයට පත් කරන ලදි ................

76 comments:

  1. ම්ම්ම්ම්ම්...... මේදවස් වල මෙහෙම ලියන්න උඹට වෙලාව තියෙනවද මචෝ,,,, thnx ..

    ReplyDelete
    Replies
    1. මූඩ් එකට ආවම පෝස්ට් එකක් ලියන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ මචෝ...

      Delete
  2. සකල සිරිලක පරසිදු ඒ පරාක්‍රම නම් කුමරු තෙම රාජ්යය ගන්නේ කෙසේදැයි තතන තත්නා හින්නේ චෞර්නම් රැජිනගේ චරපුරුෂයෙක්වන් අන්තඛ්පුර රකින්නෙක්වන් මගුල්නම් නපුංසකතෙමේ කුට්ටාලිකෙල මෙත් නම් ගොවිතෙමක් සෙනවිකම් රදවා යුදවැද්දේ, හෙතෙමේ රජකම් අතෑර පැරකුම් තෙම අගැමති කෙරෙමෙයි චාටුබස් දොඩා සටන් අවසැන තෙමේගේ දොලොස්දෙනෙක්වන් දද්ලිය, වැලිරාජු අභිසෙස් සහොදර කැලැත්. ධර්ම නම් පුතු තෙමෙත් සමගින් වස් 2 3ක් රාජ්ය විචාලන්නේ මිහිදු රජසමයේ වෙලදාමට පැමිනි චිනිස් රාජ්යෙ වෙලෙන්දන් ණය පෙන්නා ගෙල හිරකිරීමෙන් අනතුරු බටහිර අමරික නම් රාජ්යයෙන් සපමිනි හමුදා පැරකුම් රජතෙම රජකරවන්නේය.

    ReplyDelete
    Replies
    1. චීනෙයි ඇමරිකාවයි, රයිගමයයි ගම්පලයයි වගේ.. මෙහේ උන් හිතාගෙන ඉන්නේ ජන්මාන්තර වෛරක්කාරයෝ කියලා.. පව් අප්පා...

      Delete
    2. Niall Ferguson රචිත The Ascent of Money නම් පොතෙහි ඔය රටවල් දෙක එකතු කරපු එක රටක් ගැන සඳහන් වෙනවා 'චයිමෙරිකා'(Chimerica) කියල. යූබටේ හොයල බලන්න තේරේවි එකමුතු කම.

      http://en.wikipedia.org/wiki/Chimerica

      Delete
    3. පිස්සු හැදෙයි මැස්සො මැරෙයි කිව්වලු
      පට්ට සුපිරි කොමෙන්ටුවක්.

      අන්තඛ්පුර රකින්නෙක්වන් මගුල්නම් නපුංසකතෙමේ කුට්ටාලිකෙල මෙත් නම් ගොවිතෙමක් සෙනවිකම් රදවා යුදවැද්දේ//

      මාර රහයි බං ඒ ටික
      චෞර රැජිනයි නපුංසක තෙමෙයි තමා මහ මොළකාරයො මේ ඩ්‍රාමා එකේ

      Delete
    4. අපොයි මගේ දැනුම මනින්න එපාමාතය්යෙ. මම මේ මනක්කල්පිතයක් දැම්මෙ. පොදුජන සිහිනය.

      Delete
  3. උපහාසය වුවද මෙලෙස රසවත්ව ලියූ මාතලන්ගෙ ලියුම් වසර පහකට පසුව ආවේගශීලීත්වය නිසාම රසවත් බව හීන වී ඇතිබව පෙනේ. නමුත් හරවත් බවනම් එදා සේම අදත් නොනැසී පවතී..

    ReplyDelete
    Replies
    1. ඒ උඹට දාන කොමෙන්ට් ගැන කතා කරන්නේ.. මම ආවේගශීලී නෑ.. පට්ට ආතල එකේ ඉන්නේ කොයි වෙලාවෙත්.. ඒත් ජඩ වැඩ නම් පෙන්නන්න බෑ.. ඒකයි එකෙකුට දුන්නේ වැදු අම්මා මතක් කරලම...

      Delete
  4. මේ ඉට්ටැයිල් එකට තව දෙක තුනක් දාන්ඩ අප්පා. ෂෝක්...! මේ අතීත කතාවනෙ. වර්ථමාන කතාවත් කියමු මේ තාලෙටත්.

    ReplyDelete
    Replies
    1. වත්මන් කතාව ලියන්න තවම කල් වැඩියි...

      Delete
  5. මේක උපකල්පනයක් විතරයි. ඔන්න මුලින් කිව්වා රනිල් එනවා කියලා, ආයේ කිව්වා සජිත් එනවා කියලා, ආයෙත් රනිල් එනවා කිව්වා. ඊළඟට සෝභිත හාමුදුරුවෝ පෙන්නුවා, තවත් අය ගැන ඉඟි කළා.

    යුධෝපාය න්‍යායේ තියනවා false front කියලා දෙයක්. ඒ කියන්නේ සතුරාට පෙන්නනවා අපි මෙන්න මේ පැත්තෙන් ගහන්නයි යන්නේ කියලා. ඒ වගේ false front කීපයක් වුනත් පෙන්නන්න පුළුවන්. මට හිතෙන්නේ මෛත්‍රී එක්ක කතා කරලා තියෙන්නේ සෑහෙන්න කාලෙකට උඩදී. false front කීපයක් පෙන්නුවේ ඇත්ත එලිවීම වලක්වා ගන්නයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් මොන ගේම් දුන්නත් රනිල් එන්නේ නෑ නේ.. එකයි විචෝ මම කියන්නේ.. එහෙම නම් ඉතින්,, සිරා බුදු වෙලා, රනිල් අගමැති වෙලා ඉඳිද්දි, සිරා මැරෙන්න ඕන..

      Delete
  6. බය වෙන්න එපා අනාවැකිය මෙදාපාරත් ඇත්ත වෙනවා.

    ReplyDelete
    Replies
    1. දැනටම ඇත්ත වෙලා ඉවරයි...

      Delete
  7. මේක කියන්නෙ සිරාවටම.
    මේ අනාවැකිය කිව්ව කියල මතක තියාගන්න
    නාමල් නම් රජුගේ කාලයේදී වර්තමානයේ බොහෝ බලගතු රටවල් ලංකාවේ යටත් විජිත වන බව පැහැදිලිය.
    අද මේ කතාව එතරම් ගනන් ගත්තේ නැතත් සිතා බලන්න.
    එක්දාස් හත්සිය ගනන්වල ඇමරිකාව යනු දුප්පත් ගම්බද පළාතකි.රුසියාවේ සිටියේ එඩේරුය.රුසියාව දියුණු කලේ පීටර් නම් රජෙකි.ලංකාවේ මහින්ද වැන්නෙකි ඔහුත්.
    අද ඒ රටවල් බලන්න.
    දැනට සිදුවන සංවර්ධනය හා යුධ බලය අනුව ලංකාව ලෝකයේ සුපිරි බලවතෙක් වී නාමල් රජු මහා අධිරාජයෙකු වන බවත් එතුමන්ගේ කීර්තිය ලොව පුරා පැතිරෙන බවත් පැහැදිලිය.
    එදාට සිංහල ජාත්යාන්තර භාෂාව වනු ඇත.ලංකා රුපියල බලගතුම විනිමය ඒකකය වනු ඇත.

    ReplyDelete
    Replies
    1. හා .. හා .. කොළුවො, නැඟිටහන්. එළිවෙලා. ඔය මැදෑ හීන දැක්කා. :)

      Delete
    2. අපූරූ සිහිණයක්.. සිහිණ දැකීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත... :)

      Delete
  8. රනිල් දන්නවා මංගලට විමල්ට පින්සිද්ධ වෙන්න, එයාට ජීවිතේට චන්දයක් ඉල්ලලා දිනන්න බෑ කියල. දැන් තියන හොඳම විසඳුම තමයි සජිත් ඊළඟ ඇටෑක් එක දෙන්න කලින් මොකක් හරි බලයක් ගන්න එක. ජනාධිපති වෙන පක්ශෙකින් ආවට රනිල් අගමැති උනොත් යූ.ඇන්.පී එකේ වැඩිම බලවතා වෙන්නේ රනිල්. ඒ කියන්නේ සජිත්ගෙ ප්‍රශ්නෙන් රනිල් ගැලවෙනවා. දැන් තියන තත්වේ අනුව ඒක රනිල්ට හොඳ ප්‍රතිපලයක්. මෛත්‍රී දිනයි කියල හිතුනොත් සජිත් උනත් අගමැතිකම වගේ දෙයක් බලාපොරොත්තුවෙන් මහින්දගේ දෑත ශක්තිමත් කරන්න යන්න බැරිකමක් නෑ.

    ReplyDelete
    Replies
    1. මහින්ද ස්ජිත්ව ගන්න එකක් නෑ.. මොකෝ සජිත් තමයි ඔක්කෝටම කලින් යන්න ගියේ. ලොක්කාමයි එපා කිව්වේ. සජිත් කියන්නේ මහින්දගෙ ඉත්තෙක්..

      Delete
    2. අගේ ඉඳන් කන කන සජිත් වගේ කෙනෙක් ගන්න එකක් නැහැ කියලා මටත් හිතේ.

      Delete
  9. මෙම රටාවෙන් මෙතරම් සංයමයකින් දේශපාලනය නම් ගොහොරුව (හිතේ කේන්තියකුත් ඇතුව)ලියනවනම් උඹටත් උම්මග්ග ජාතකේ උරුවෙන් අළුත් සාහිත්‍ය පොතක් උනත් ලියන්න බැරිකමක් නැහැ...

    කතාව පට්ටය කියා පමණක් මා නතර වෙමි...

    ReplyDelete
    Replies
    1. මටත් වෙලාවකට බය හිතෙනවා හින්ගල ශබ්දකෝෂෙට ගනීද කියලත්...

      Delete
  10. ගිලෙන්න යන රනිල් අංකල්ට දැන් MY3 පීදුරු ගහත් ඇති

    ReplyDelete
    Replies
    1. තිස්ස අත්තනායක කියන දේත් ඇත්තක් තියෙනවා.. සිරිසේන වෙනම පක්ෂයක් හැදනවනම්, අලින්ට අබ සරණ පමණයි...

      Delete
    2. තිස්ස කොරහේ කිබුල්ලු දකිනවා.

      Delete
  11. රනිල් ඉල්ලනවනම් ඒකත් දෙයක් මෙතන වෙන්නේ චන්ද්‍රිකා ලොක්කි වෙන එක ඒ හින්ද මහින්දටම දෙනවා

    ReplyDelete
    Replies
    1. මටත් ඔය කේස් එක දරුණුවටම තියෙනවා. මට බන්ඩාරණායකවරු ඇලජික්...

      Delete
    2. චන්ද්‍රිකාව නම දැක්කත් අප්පිරියයි. කට අරිනකොට අහලක ඉන්න හිතෙන්නෙ නෑ

      Delete
    3. හැමෝම ඔය වගේ හිතුවොත් හරි.ඇවිත් ඉන්න පුද්ගලයන්ට වඩා ඇවිත් ඉන්න අරමුණයි වැදගත් වෙන්නේ.බණ්ඩාරණායකලාගේ දේශපාලනය ගැන මගේත් කිසිම පැහැදීමක් නැහැ.නමුත් මේ තීරණාත්මක වේලාවේ මගේ පුද්ගලික කැමැත්ත,අකමැත්ත පැත්තකින් තියලා රට වෙනුවෙන් හරි දේ මේකයි කියලා මට හැගෙන දේ වෙනුවෙන් මම පෙනි ඉන්නවා.

      Delete
    4. ඔය අරමුනෙන්ම ඔය පක්ෂෙන්ම ආපු තුන් වෙනි එක්කෙනා ඕය. දන්නේ නැත්නම් අප්පච්චිගෙන් අහන්න..

      Delete
  12. රනිල් ට අසාදාරනයක් වෙන නිසාම My3 ට චන්දය නොදී මහින්ද මාමාට ම දෙමු....

    ReplyDelete
    Replies
    1. කාට දුන්නත් රනිල් ජනපති වෙන්නේ නෑ.. ඒ නිසා ඔයා කැමති කෙනෙකුට දෙන්න..

      Delete
    2. එහෙනම් මගෙ මනාපේ බත්තරමුල්ලේ ටැට්ටොර් සාදු ට...

      Delete
  13. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මංගල රැස්වීම අනුරාධපුරයේ පැවැත්විණි. එහි සහ පොදුවේ මැතිවරණ ව්‍යාපාරයේ සංඥාර්ථ හඳුනා ගැනීමට මෙම සටහනින්
    උත්සාහ කරමු.

    මහින්දගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඇත්තෙන් ම අන්තිම එක කරන පරිද්දෙන් කරන්නකි ඒ වෙනුවෙන් කරන වියදම ගිනිය නො හැකි තරම් ය. දැවැන්ත පරිමාණයෙන්, සීමාව ඉක්මවා කටයුතු කිරීම එහි තවත් ලක්ෂණයකි.

    හැම තැනම ජනාධිපතිතුමාගේ රූපය සහිත කටවුට් ය. එමගින් සිදු වන පාරිසරික විනාශය අති මහත් ය. රැස්වීම වෙනුවෙන් අනුරාධපුරයේ සල්ගාදු පිට්ටනිය කොංක්‍රීට් කරන ලදී. මුළු දිවයිනෙන් ම ලංගම බස් යොදා රැස්වීමට සෙනග අදින ලදී. ලංගම බස් සෙනග අරගෙන පැමිණියේ වැල් වශයෙනි. ජනාධිපතිවරණ ව්‍යාපාරයට ‍වියදම් කරන මුදල් කොහෙන් ලැබෙන ඒවා ද යන්න බරපතල ප්‍රශ්නයකි. ඒවා වියදම් කරන්නේ ඍජුව ම මහජන මුදල් හා දේපල පාවිච්චි කරනවාට අමතරව ය.

    ආණ්ඩුවට එකතු කර ගත් තිස්ස අත්තනායකට දුන්නේ ඔහුට දරා ගන්නට බැරි බව ඔහුගේ ම වචනවලින් කියැවෙන සෞඛ්‍ය අමාත්‍යාංශයයි. ආණ්ඩුවට එන්නට කැමති එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ සුබ අනාගතය ගැන ගැරන්ටියක් ලෙස එය කරන ලදී. එහිදී පැරණි ශ්‍රිලනිප සාමාජිකයන් ගැන තැකීමක් කර නැත. ඔවුන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා භාවිතා කරන්නේ තර්ජනයයි.

    ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ වේදිකාවල දිනීම ගැන වහසි බස් හැර අන් කිසිදු වැදගත් ප්‍රකාශයක් අසන්නට ලැබෙන්නේ නැත. මුළු රටෙන් ම සෙනග ඇද හෝ දැවැන්ත සෙනගක් පෙන්වීමත්, තමන්ට සුවිසල් බලයක් හා ජවයක් ඇති බව පෙන්වීමත් හැර අන් යමක් මැතිවරණ වේදිකාවේ නැත.

    ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයා මෛත්‍රීපාල කෙරෙහි බිඳවීම හා දුර්මුඛ කිරීමයි. ඒ සඳහා ඉදිරි කාලයේදී කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස වැනි ඉහළ පෙළේ එජාප නායකයකු මිළ දී ගැනීම කෙරෙහි ආණ්ඩුව දැවැන්ත අවධානයක් යොමු කරනු ඇති බව පෙනේ.

    ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සමාන වන්නේ ත්‍රස්ත කැරැල්ලකටයි. රාජ්‍ය විරෝධී කැරැල්ලකදී දුබල පාර්ශ්වය වන කැරැලිකාර හමුදාව පිළිගත් ආචාරධර්ම අනුගමනය කරන්නේ නැත. නිදසුනක් ලෙස යුද්ධයේ අවසන් භාගයේදී කොටි සංවිධානය මහජනතාව පළිහක් ලෙස භාවිතා කළාට අමතරව ජනතාව අතර සිට හමුදාවට ෂෙල් ප්‍රහාර එල්ල කළේ ප්‍රති ප්‍රහාරවලින් ජනතාවට අනතුරු සිදු වෙන්නට ය. කැරැලි සමයන්හිදී කැරැලිකරුවෝ මහජන දේපල කොල්ල කති. එසේ කිරීම සාධාරණීකරණය කර ගන්නේ ජයග්‍රහණයෙන් පසු හොඳ ප්‍රතිඵල ඇති කරන බව කීමෙනි. කැරැලිකරුවෝ සාමාන්‍යයෙන් ම පරිසරය ගැන සැලකිලිමත් වන්නේ නැත. තම පැවැත්ම රැක ගැනීමේ කාරණාවේදී ඔවුන්ට පරිසරය ගැන සිතන්නට ඉඩක් ඇත්තේ ම නැත.

    ‍කැරැල්ලක ඇති භයානක ම පැතිකඩ වන්නේ මානව හිමිකම් ගැන හිතන්නට ඉඩක් කැරැලි තුළ නො පැවතීමයි.

    මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ සටන හැම පැත්තෙන් ම කැරැල්ලක ලක්ෂණ පෙන්නුම් කරයි. කැරැලි ගසන්නෝ දුබල‍යෝ ය. ඔහු මෙසේ හැසිරෙන්නේ තමන් දුර්වල වී ඇති බව වටහා ගෙන තිබෙන නිසා ද? කැරැලිකරුවන් සටන් කරන්නේ ආවොත් ආවා ගියොත් ගියා න්‍යායෙනි. මහින්ද රාජපක්ෂත් කටයුතු කරන්නේ එසේ ය.

    දෙවරක් ජනාධිපතිකම් කර තුන්වන වරට බලය ඉල්ලන ඔහුට හරවත් අදහස් දැක්වීමක් මැතිවරණ ප්‍රචාරණ වේදිකාවන්හිදී කරන්නට බැරි ඇයි? තම අනාගත සැලසුම් පිළිබඳ කතා කරන්නට මේ වේදිකාව යොදා නො ගන්නේ ඇයි?

    සියල්ලට වඩා වැදගත් වන්නේ කෙරුවාවයි. මේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයෙහිදී ජනාධිපතිවරයා හැසිරෙන ලීලාවෙන් ඔහු‍ දිනුවොත් ක්‍රියා කරන ආකාරය ද සංකේතවත් කරයි.
    ajith parakum

    ReplyDelete
    Replies
    1. පැන්සොන් ගිය ග්‍රාමසේවකයෙක් කරපු සවුක්කිය අමාත්යාන්සෙ උපාදිදාරියෙකු වන "තිස්ස ඇත්ත නෑ යකෝ" මහතාට කරන්න බැරි ඇයි??

      හරවත් අදහස් දක්වන්නේ කා හට ද? අපේ ජහ මනයාට ද? ගොන්නුන්ට පුන්නක්කු මිස පරාටා කවන්නේ මොඩයො බව නොදන්නේද?

      මානව හිමිකම් වලට අනුව මහින්ද මාමාට තුන් වෙනි වරට චන්දය ඉල්ලන්න එපා කීම ඔහු ගේ මානව අයිතීන් උල්ලන්ගනයක් බව නොදන්නේද?

      ඉස්කොලේ යන කාලේ දී එක දිගට විබාග අසමත් වන ගොන් තඩින් ට පන්තියේ පලමුවෙනියා වීමෙ අවස්තාවක් දීමට පන්තියේ සාමාන්යයෙන් පලමු ස්තානය ගන්නා දරුවාට විභාග තහනම් කිරීම සාදාරනද?

      Milk Maid Nestle (දැන් පැරකුම් නැත... මිල්ක් මේඩ් තිබේ)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. සරස, සමාවෙන්න මෙහෙම කියනවට,

      \\මානව හිමිකම් වලට අනුව මහින්ද මාමාට තුන් වෙනි වරට චන්දය ඉල්ලන්න එපා කීම ඔහු ගේ මානව අයිතීන් උල්ලන්ගනයක් බව නොදන්නේද? //

      ඔබ උගත් බුද්ධිමත් කෙනෙකු වෙලත් මේ කරන බොළඳ ප්‍රකාශය ගැන මම කණගාටුවෙන්නෙමි.

      Delete
    4. මම උගතෙක් වත් බුද්දිමතෙක් වත් නොවේ... මා ගැන මට වඩා ඔබ දන්නේ කෙසේද? උගතෙක් බුද්දිමතෙක් නම් මේ තරමට හැටට හැටේ මහින්ද මමාට ෆූඩ් සිටි යාවිද?

      මහින්දට තුන් වරක් නොව දහතුන් වරක් ජන්නාදිපති මැතිවරනයට ඉල්ලුම් කල හැකි බව මගේ විස්වාසයයි... ඔහුට එසී නොකරන්න යයි පැවසීමට ඔබට ඇති කරුනු මට පහදා දෙනවාද?

      Delete
    5. හරියට හෝ වැරදියට දහතුන් වරක් නොව තිස්තුන් වරක් හෝ ඉල්ලන්න පුලුවන් විදියට උන්දෑ ව්‍යවස්ථාවයි අධිකරණයයි තමන්ගෙ අතට අරන් ඉවරයිනේ. ඒ නිසා ඉල්ලන්න පුලුවන්ද බැරිද කියන එක ගැන මං තර්ක කරන්න යන්නෙ නෑ. නමුත් ඔබ හඬාවැටෙන ඒ උතුමාණන්ගේ මානවහිමිකම් ගැන කතාකරන ඔය හදවතට රටේ ජනයාගෙ මානව හිමිකම්, අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍ය ගැන යන්තම්වත් දුකක් හිතෙන්නැත්ද? ඒ ගැනයි මට කණගාටු.

      Delete
    6. මහින්ද ඉල්ලන වාර ගානට වඩා මෙතන තියෙන ප්‍රශ්නේ වෙන්නේ ඒ වෙනුවෙන් ඔහු යොදවන ආසීමාන්තික රජ්‍ය බලයතවත් අපේක්ෂකයින්ට ඒ විදියට යොදන්න පුලුවන්ද ?
      ඒ විදියට මැතිවරණ අපේක්ෂකයෙක් ආසීමාන්තිකව රජ්‍ය බලය යොදා ගැනීම අපේ මානව හිමිකම් උල්ලංඝනය විඅම්ක් නොවේද ?

      Delete
    7. අදිකරනයේ ස්වාදීනත්වය කියන එක ගැන නම් දන්නෝ දනිති ... සක්විති හිරේ... හැබැයි ලලිත් කොතලාවල එලියේ... ඔන්න සුවාදීනත්වය... සල්ලි තිබේ නම් ලොකු කට සැර ලෝයරයෙක් ඇල්ලුව ගමන් වැඩේ හරි...

      වැඩිය ඕන්නෙ නැහැ... උපාලි විජයවර්දන ගේ අක්ක ගෙ පවුලේ උදවිය ප්‍රියන්ත පෙරේරා කියනා මහාදිකරන විනිසුරු මුදලට නඩු තීන්ඩු ඩුන්න කියල චෝදනා කරනවා අහලා නැත්ද?

      සරත් සිල්වා අග්‍රවිනිශ්චය කාරයා වෙලා කෙලපු පිස්සු මතක නැත්ද? දැන් අපිට නීතිය සාදාරනේ කියලාදෙන සරත් සිල්වා යොදාගෙන අදිකරනෙට කෙලෙව්වුවා අමතකද?

      අදිකරන පද්දතිය හැදිලා තියෙන්නේ වැඩිපුර සල්ලි වියදම් කල කෙනා ගොඩ දැමීම සඳහා බව දන්නේ නැත්ද...

      මහින්ද ලොක්ක අසීමිතව රාජ්ය බලය යොදනවා තමා... එහෙම වුනා කියලා මගේ මානව හිමිකම් නොකැඩේ.... මොකද මම හැම ලයිට් කනුවෙම මහින්ද ලොක්ක දැකීමට කැමති නිසාය.... ඔබ අකමැති නම් අහක බලාගෙන යන්න...

      Delete
    8. සිරි ලංකාවාසී හැම හු -- -- -- ගෙන් ම දස බලුපුක් කතා අහගෙන කස්ට කාලා රාජ්ය බලය ලබාගන්නේ එය අසීමිතව අපහරනය කිරීමට නෙවෙයි නම් මොන කෙහෙල්මලටද???

      Delete
    9. \\මහින්ද ලොක්ක අසීමිතව රාජ්ය බලය යොදනවා තමා... එහෙම වුනා කියලා මගේ මානව හිමිකම් නොකැඩේ....//

      අපේ නම් කැඩේ. මොකද ඔය කන්නෙ අපි දුක් මහන්සියෙන් හම්බු කොරල බදු ගෙවන තුට්ටු දෙක නිසා. මැදමුලන විකුණල ඒ සල්ලි වලින් නම් මේ කරන්නෙ කටවුට් නෙවෙයි මොන බඩකඩිත්තුවක් ගහගත්තත් මටත් අවුලක් නෑ.

      Delete
    10. //සිරි ලංකාවාසී හැම හු -- -- -- ගෙන් ම දස බලුපුක් කතා අහගෙන කස්ට කාලා රාජ්ය බලය ලබාගන්නේ එය අසීමිතව අපහරනය කිරීමට නෙවෙයි නම් මොන කෙහෙල්මලටද?//

      එසේ නම් කවර සංවාදද ?

      Delete
    11. මනෝජ්, ඔය කාරණේ උදෘත කරල මං ලියපු කමෙන්ට් එක පබ්ලිෂ් නොකරම දාල තමයි අනෙක් කාරණේට මාත් කමෙන්ට් එකක් දැම්මේ. කතාකරල වැඩක් නෑ මචෝ.. මට දැන් අපේ ජහමනයා ගැන තිබ්බ පුදුමෙ තවදුරටත් නෑ. මෙහෙම හිතන උදවියත් මේ රටේ ඉන්න කොට අනිත් මිනිස්සු කිසිම තේරුමක් නැතිව රැවටිලා ගහල එන කතිරෙ ගැන පුදුමයක් දුකක් නෑ බං.

      Delete
    12. අපි දැන දැනම හොරෙකුට චන්දය දෙනවා... එතුමාව ජනාදිපති තරඟයෙන් දිනවනවා....

      ඔබ තුමන්ලා අන්තිම නිර්දොශී ඉතාම පිරිසිදු අය ලෙස තුට්ටු දෙකේ කම්බා හොරෙකුටයි ඌව ඉස්සර කරන් ඉදිරියට එන චෞර රැජිනකටයි රැවටිලා චන්දය දීලා පැරදෙනවා.....

      අඩු තරමින් අපි චන්දෙ දෙන්නෙ රැවටිලා නෙවෙයි....

      Delete
  14. මෙහෙම වෙන්න තියෙන ඉඩකඩ වැඩියි තමයි, නමුත් ලොකු සටනක් නම් යනවා. කොලඹ , යාපනය, ජනාධිපතිතුමා කොහොමත් දැනටම පරාදයි. ගම්පහ , මාතර, ගාල්ල පැතිවලින් තමා තීරණය වෙන්නේ. ඒ නිසා මතලන්ගේ අනාවැකිය සාර්ථක වෙන්න විධිහක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අජිත් පෝස්ට් එක තේරුම් අරගෙන නෑ.. මම මෙතන දාලා තියෙන්නේ 2010 ලියපු ළිපියක්. ඒකෙන් කියන්නේ කවදාවත් රනිල් ජනපති වෙන්නේ නෑ කියලා. මෛත්‍රී දින්නත්, මහින්ද දින්නත් රනිල් ජනපති වෙන්නෙ නෑ. ඒ කියන්නේ මගේ අනාවැකිය හරියටම හරි.

      Delete
    2. කොළඹ,යාපනය,වන්නි,ත්‍රිකුණාමලය,මඩකලපුව,බදුල්ල,නුවර එළිය,අම්පාර,හම්බන්තොට,මෛත්‍රීපාල දිනනවා
      අනෙක් දිස්ත්‍රික්ක මහින්ද දිනනවා.
      දෙන්න ලඟ ලඟම යයි.

      Delete
  15. රනිල් ජනාධිපති නොවීම = රනිල්ට පින නැතිවීම = රටේ අවාසනාව = ඡන්දය දෙන බහුතරයක් ජනතාව බත් කන හරක් වීම :(

    ReplyDelete
    Replies
    1. කාටෙයි බං කියන්නේ...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  16. බොස්..

    ඕක ජනපති සිහිනය කියල අපිට උඩින් පෙනුනට ඔතන රනිල්ට ඇත්තටම තියෙන්නේ විධායක සිහිනයක්.

    විධායක හීනේ දකින කෙනාට එක ජනපති ද අගමැතිද, අමතිද මන්තිරි ද කියා වැඩක් නැහැ...

    ReplyDelete
    Replies
    1. විධායක අගමැති කියලා එකක් ළොවෙත් නෑ.. ලොවි ගහෙත් නෑ.. දින්නොත් රනිල්ලට මොකද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන්, එහෙම උනොත්...

      Delete
  17. මාතලන් කඩේ යන වේගේ තව ටිකක් වැඩි කලොත් නරකද? මොකද ලොක්කා ආයෙත් ආවොත් අනිවා මහින්ද අබේසුන්දරගෙන් හිස් වුන තැනවත් ඉල්ල ගන්න බැරි වෙන එකක් නැහැ. නැත්නම් සුමනෙව එලවලා එතනට පැන ගන්නත් පුළුවන්....

    මමත් දකින් නේ මහින්දගේ ඡන්ද සටන කැරැල්ලක් විදිහටයි. ඒක් ඇත්තටම බයවෙලා කරන DO OR DIE ආකාරයේ එකක්. අසීමිත වියදම් කිරීම සහ අසීමිත රාජ්‍ය බලය යොදා ගැනීම ගත්තොත් ඉතිහාසයේ හිටපු කිසිම නායකයෙකුට මෙයාගේ ලගටවත් එන්න බැහැ මේ වතාවේ...

    ReplyDelete
    Replies
    1. පෝස්ට් ඔක්කෝම කියවන්න.. මේකෙම තියෙන එක චේදයක් සිහි කල්පනාවෙන් කියවන්න. මෛත්‍රීගේ කන්නාඩි දෙක එයාට දීලා. කඩෙන් වෙන දෙකක් අරගෙන දාගෙන කියවන්න. එතකොට රෝගය සුව වෙයි... අනික එහෙම ගතියක් පේනවා නම් කියන්න තියෙන්නේ, මම ලියන්නෙ මට අවශ්‍ය දේ මිසක්, වෙනත් අයට අවශ්‍ය දේ නෙමෙයි..

      Delete
  18. රනිල් ජනාධිපති වෙන්නේ නෑ කියලා රනිලුත් හොඳටම දන්නවා, මේක රනිල්ට පෙන්නුවානම් කියයි , මම ඕක දන්නවා ඔයි කියලා. මොකද රනිල්ට තියෙන දැක්ම අනික් උන්ට නෑ. රනිල් මේවා ගණන් නොගෙන ඉන්නේ එකයි , මොකද රනිල් දනනවා කොහොමත් මහින්දව දැන්ම වට්ටන්න බෑ, එකට දඟලලා තේරුමක් නෑ කියලා.

    මේ සටනෙත් තවම ඉදිරියෙන් ඉන්නේ මහින්ද , මොකද විධායකය අහෝසි කිරීම, යහපාලනය, නාස්තිය දූෂණය, වගේ මේ දේවල් ගැන සංවේදී වෙන්නේ රටේ ජනතාවගෙන් බොහොම සුළු ප්‍රතිශතයක් , අනික් බහුතර ජනතාවට මහින්ද තාමත් රට බේරගත්ත වීරයා , රටේ ඇවිදලා ඈත ගම්වල චාටර් කාපු මිනිහෙකුට බොහොම පහසුවෙන් වැටහෙනවා ඒ අහිංසක මිනිස්සු හිතන්නේ මොන විදිහටද කියලා, එහෙම නැතුව සංඛ්‍යා ලේකන වලින් ප්‍රතිපල ගැන අනාවැකි කියන මිනිස්සු ගැන මට දුකයි. මේ රටේ සාමාන්‍ය මිනිහාගේ මනසට , හදවතට හරියන විදිහට කතා කලේ මහින්ද (ක්‍රියාව මොකක් වුනත්) ඒ මහින්දත් පොළොවේ දේශපාලනය කරපු මිනිහෙක් නිසා, අනික් මිනිස්සු කරන්නේ සිද්ධාන්ත වලට පන එනකම් බලන් ඉන්න එක, සාමාන්‍ය මිනිහට ආමන්ත්‍රණය කරන්න ඕන විදිහ මෑත කාලීනව වටහාගත්ත එකම දේශපාලකයා තමයි හරින් ප්‍රනාන්දු . අනික් මිනිස්සු තාමජීවත් වෙන්නේ හීන ලෝක වල . ලංකාවේ දේශපාලනය ලෝකයේ දේශපාලනයෙන් සහ දේශපාලන විද්‍යාවේ සිද්ධාන්ත සහ මූලධර්ම වලින් ගොඩක් අපගමනය වෙච්ච තැනක් , එක අනික් මිනිස්සු වටහා නොගන්නාතුරු මහින්ද හැමදාම දිනුම්.

    මෙතැනදී වැදගත් වෙන්නේ මෛත්‍රීගේ ඉදිරිපත් වීම , පැහැදිලිවම අභියෝගයක් සහ අවදානමක් බාරගෙන ඉදිරිපත් වීම තමයි මෙතන තියෙන එකම ධනාත්මක ලකුණ, අඩුගානේ දැන් මහින්ද සහ අනික් ආවඩන්නන් දන්නවා අභියෝග කරන්න මිනිස්සු සුදානම් කියලා,

    ReplyDelete
    Replies
    1. මේකත් මහින්ද ගේම එකක් නොවේ නම් (වෙලාවකට මට එහෙම හිතෙනවා), ඇත්තටම මෛත්‍රී වීරයෙක්. බය බිරන් තට්ටු වෙලා හිටපු ජනතාව අඩු ගානේ උන්ගේ හිත් වල තිබුන කේන්තියවත් මේ අවස්ථාවේ පිට කරනවා. මහින්දට විරුද්දවත් රටේ විශාල පිරිසක් ඉන්නවා කියන එක එයාට බොහෝම හොඳින් තේරිලා තියෙනවා. ඒත් පොදු අපේක්ෂකයගේ ටීම් එක ගහන්නේ බයිලා. මිනිස්සුන්ට ව්‍යවස්ථා වැඩක් නෑ. මහ රජානෝ මර හඬ දීලා කෑ ගහනවා මම ඔහේලට පයිප්ප වලින් වතුර දෙනවා කියලා. ඉතින් දුන්නත් නොදුන්නත්, අරුන් ගිහින් කතිරේ ගහනවා..

      Delete
  19. මාතලන්, ඔයා මොකද්ද දැන් 2010 කියල තිබ්බ අනාවැකිය? මේ ලිපිය ලියල පල කරල තීන්නෙ 2010 මැයි. ඒ කියන්නෙ ජනවාරියෙ තිබ්බ ඉලෙක්ෂන් එකෙන් ෆොන්සේක පැරදිල හිරේ උන්න කාලෙ.

    එතකොට ඔහෙගෙ අනාවැකිය වෙන්නෙ //පරාක්‍රම රජතුමා ලෙස වීරවංස කතාවල සඳහන් වුවද, පරාක්‍රම කුමරුන් රජකමට පත්වූ බවට සාක්ෂී සොයා ගැනීමට අපහසු විය...// නම්, රනිල් රජ නොවීම කියන එකනම්, ඒ වගේ අනාවැකි පාරෙ අතබලන අහිකුන්ඨික ගෑණුත් කියනවනෙ බං!

    ReplyDelete
    Replies
    1. ඒ ඔයා දෙයක් විවේචනය කරන විදිය. රනිල්, කුමන්ත්‍රණ ගේම් එකක් පස්සේ එකක් එද්දි නායක කම එකෙක්ටවත් නොදි බලේ අල්ලගෙන හිටියේ, වෙන කාටවත් ජනපති කම් දෙන්න නෙමෙයි. එයා ඇක්සැකටිව් ප්‍රසිඩන්ට් වෙන්න. ඒ නිසා අන්තිම දවස් වෙන කොට සිරිසේනගේ කකුලෙන් ඇද්දත් ඔහේ කලබල වෙන්න එපා. මොකෝ අර විජේදාස රාජපක්ෂ දෙරණේ ඇවිත් කියපු කතාව එහෙම ඔහේ දකින්නේ නැතිව ඇති. අනික අහිගුණ්ඨක ගෑණූ කියන ඒවලත් ප්‍රතිශතයක් ඇත්ත.

      Delete
    2. රනිල් කරපු දේ අපි දන්නාව. මම අහන්නෙ මොකද්ද ඔයා කියපු මහා ලොකු අනාවැකිය කියල, වෙන උන් නොදැක්ක?

      Delete
    3. පෝස්ට් දෙකම කියවා තේරුම් ගන්න. ප්‍රයිවට් ටියුෂන් දෙන්නේ නැත. ගෲප් ක්ලාස් පමණි..

      Delete
    4. එපා ස්තූතියි, වැදන්ගෙන් බණ අසා නිවන් යාමට අදහසක් නැත.

      Delete
  20. මම රනිල්ගේ දැක්මට කැමතියි.නමුත් රනිල්ගේ පුද්ගලික සිහින බිඳ වැටුනා කියලා අපිට ගැටළුවක් නැහැ.විය යුත්තේ කාගේ හෝ නයකත්වයක් තුල රට හරි තැනකට පැමිණීමයි.මහින්ද ගේ පාලනය යටතේ එක ලොවෙත් වෙන්නේ නැහැ.නමුත් දැන් දේශපාලනේ ක්‍රියාකාරිව ඉන්න අය අතරෙන් රට එවැනි තැනකට රනිල්ට අරන් යන්න පුළුවන් වේවි කියලා මට හිතෙනවා.නමුත් එක තනියම කරන්න පුළුවන් දෙයක් නෙමේ.ඒ වගේම රනිල්ට විතරක් නෙමේ කාටවත් විධායක සිහින දකින්න ඉඩ දෙන්න හොඳ නැහැ.මේ කාපු පරිප්පු හොඳටම ඇති.

    ReplyDelete
    Replies
    1. ඒත් ඔය දෙන්නම ඒක අත අරින්නෙත් නෑ..

      Delete
  21. මම වේ වෙන මාතෘකාවක් කියන්නේ
    ඔයා ඔය ජාතක කතාවක ශෛලියට ලිපි ලියනවා වගේ පුලුවන්නම් බයිබල් ශෛලියටත් ලිපියක් ලියන්න
    ඒක හරි ලේසියි ඕනෑම වාක්‍යයක් උඹලා කියලා පටන් අරන් අල්ලා කියලා ඉවර කරන්න (උදාහරණ: උඹලා දෙවියන් වහන්සේට වැඳපල්ලා)
    තවත් ඒ වගේම ලස්සක ශෛලියක් තමා මහනුවර යුගයේ සිංහල
    ඔයත් නිතරම ඒශෛලියට ලියනවා
    ඒකෙ ව්‍යාකරණ හරි ලේසියි හැම වාක්‍යයක්ම ඉවර වෙන්නේ ස්ත්‍රී ලිංග අතීත කාලෙන්
    (උදාහරණ: මහරාජෝත්තමයාණෝ විදි සංචාරය කෙරුවාය)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...ඊළඟ එක දැනටත් ලියලා තියෙන්නේ.. ඒක නුවර යුගයට අයිතියි.

      Delete
  22. ඒ කියන්නේ රනිල් ඒනවාට මාතාත් කැමති නැහැ................... ඉතින් කරන්න තියෙන්නේ අඩුම අකමැති කෙනා තෝරා ගැනීම තමයි................... අපි හරිද??????

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මගේ නොම්මර එක තමයි රනිල්. දෙක මහින්ද.. ඒ මොකෝ මහින්ද රනිල්ටත් වඩා යූ ඇන් පී නිසා... රනිල් ජනපති නොවන එකේ පසුතැවීමක් මට තියෙන්නේ..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න