.

.

Jan 17, 2015

යහ පාළණේ, වෙස්සන්තර හා නැව් බොරු - Good Governance, Vessanthara & White Lies



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළුම දෙනාට අපගේ ගෞරවය හිමිවිය යුත්තේය.. මාතලන් සිරි ලංකා නිදහස් පක්ෂයට පෞද්ගලිකව කැමති නැතිය. ඒත්, මහින්ද රාජපක්ෂ නම් සට කපට නායකයාට පට්ට ලයික්ය. ඊට මේන් රීසෝන් එක නම් මහින්ද මහත්තයා, රනිලත් වඩා පට්ට ලිබරල්වාදියකු වීමය. අනික එකෙක්වත් පයිසෙකට මායිම් නොකල ලීඩර් කෙනෙකු හින්දාය. මහින්ද මහත්තයා, (අර පිස්තෝල නගරංදිපති හොරයාට දී ඇති සහතිකේ ගැන කොයි කවුරුත් සිහියේ තබා ගත්තෝත් හොඳය. මොකෝ, දුමක් නැතිව ගොසිප් හැදෙන්නේත් නැති නිසාය.)

ඇත්තටම රජාට කෙලවෙන්නත් කලින්, ස්ව කැමැත්තෙන්ම පිටුවහල් උන, පී බී උන්නැහේ වගේ ආර්ථික ඝාතකයෙක් නැතිව, ඉකොනොමි එක හැන්ඩ්ල් කොරන්න පුළුවන් ගල් ආඳෙක්, මහා භාන්ඩාගරයේ සිටියේ නම්, අවුරුදු දෙහෙකට ඉස්සෙල්ලා නැකත්කරුවන්ගේ ගුලි වළඳා ඉල්ලාගෙන කන්නට සිඳු වෙන්නෙත් නැත්තෙය.

පී බී ගොයියා කැමැත්තෙන් පිටුවහල් උනේ, අපරාදේ කියා දැන් හිතෙනවා ඇතිය. උන්නැහේ රට පැනපු ටිකට් එකත් ආන්ඩුවෙන්ම අරගෙන ගියා නම්, හිතේ අමාරු හදා ගන්න වෙන්නේ නැතිය. ඒත්, හිස් ඕන් පොකට් එකෙන් කෙල උනා නම්, එතුමාට පුක ඉරෙන හිතේ අමාරුවක් එන එක වලක්වන්න බැරි, රට උලා කාපු ආන්ඩුවේ හොර හැතිකරේම, මේ ලොක්කා යටතේත් හිටියාටත් වඩා හොඳ පෝස්ට් අරගෙන වැජබෙන හැටි දැක්කම, උන්නැහේට එන අමාරුව අපට නම් හිතා ගන්නට පුළුවන්ය.

මහා භාන්ඩාගාරේ පාළණේ කොලේ උන්නැහේද, එහෙම නැතිනම් මහ රජ්ජුරුවන් වහන්සේද කියන එක දන්නේත් පී බී උන්නැහේ විතරක්මය. හැබයි ඉතින් ආයේ එනවානම්, ජනාධිපති උපසේන කමක් හරි ලබා ගන්න එක සිම්පොල් වැඩක්ය. මොකෝ හිටපු රජ්ජුරුවන් වහන්සේට කියපු ගමන්, එයා මෙයාට කියලා, ඔහේට මක්කා හෝ බඩකඩුත්තුවක් දෙන එක නම්, ආයෙ දෙකක් නැතිව, සෝමයා රූපවාහිනියට දැම්මාටත් වඩා සම්මා සම්බුදු ෂුවර්ය.

සිරි ලංකා කාරයන්ට ගෞරවය පිරිනැමුවේ ෆන් ගන්නට නම් නෙමේය. පක්සෙට කෙළවෙන්න ගියපු එක ඉස්ටොප් කොර ගත් නිසාය.ඒ සීන් කෝන් එකේද, මහින්ද මහත්තයයි සිරිසේන මහත්තයයි අතර ගියපු ඩීල් එක ගැන දන්නේ, ඒ දෙන්නා විතරමය. කොහොමින් කොහොම හරි පක්සොයක් තියා, රටක් තියා, සමාගමක් තියා, කුටුම්බයක් උනත්, කුඩු පට්ටම් වෙන්න දෙන්න නැතිව, සාමයෙන්, සමගියෙන්, සම්මන්ත්‍රණයෙන්, සාකච්ඡාවෙන්, සම්මුතියෙන් හා කැපවීමෙන් එකට තියා ගන්න එක, ආගම දහම අනුව මෙන්ම, කොයි පැත්තෙන් බැලුවත් හොඳයි කියන්න පුළුවන් ගේමක්ය.

දැන් සිද්ද වෙන දේවල් දිහා බැලුවාම මාතලන්ට හිතෙන්නේ, මහ සජ්ජුරුවෝ එලවන්න කියාපු ඉස්ටෝරි ඔක්කෝම අමු කෙප්ප කියලාය. ඒ කියන්නේ මහ රාජුරුවන් වහන්සේ කොමිස් ගැහැව්වාය. සී ෂෙල්ස් වල මාලිගා ගත්තාය, පුතාල ලැම්බෝගිනි වලින් රේස් පැද්දාය, කොටින්ගේ සල්ලි වලට, සත්තරන් වලට විද්දාය කියන ඒවා පට්ට පල් අමූලික කෙප්ප කියලාය.  එයාගේ එක කුසේ උපන්, සරා සඳ වගේ මූනක් තියෙන බැසිල් උන්නැහේ, ටූ තව්සන්ඩ්, ත්‍රී තවුසන්ඩ් පෙසෙන්ට් කොමිස් ගැහුවාය කියන ඒවා, ගල් පැලෙන නැව් බොරු කියලාය. කළුතර සත්තරන් මල්ලි, නාවලපිටියේ අළුත් ගමගේ මහතා, වාගේ අයට විරුද්ධව එක එක මනස්ගාත ආයතනවලට කොම්ප්ලේන් දැම්මේ, ඒ මිනිස්සුන්ගේ චරිත ඝාතනය කොරන්න කියලාය.

කුඩු කතා, බඩු කතා, එතනෝල් කතා, එකස්ටසි කතා, අපේ හින්ගල සාහිත්තියට එකතු කළ රසවත් නිර්මාණයන් කියලාය. ඒවා ඔක්කෝම කරලා තියෙන්නේ, වෙලේ සුදාය. ඌ නම් තවමත් යහතින් ඉන්නවාය. පොලෝසියෙන් තාම ඌව කුඩු හංගපු තැන් හොයන්න එක්ක ගෙන ගිහිල්ලා නැතිය. දෙකක් ඇන්නා නම් කුඩු එව්වේ කාටද කියලා වමාරන නිසා, ඔය මල මූසලයා ඇලක දොලක පනින්නත් ඉඩ තියෙනවාය. ඒ නිසා ගෙනියන තැනක, අත පය හොල්ලන්න බැරි වෙන්න බැඳලා කොරලා ගෙනියන එක ඌට වගේම, රටේ මානව හිමිකම් වලටත් හොඳය. සුදාට කෙල උනොත් නම්, අපට හිතා ගන්න වෙන්නේ, මේ ඉන්නේත් එදා වෙදා වාගෙම වෙදාලා කියලාය.

ඒ වාගෙම, වෙස්සන්තර අප්පුහාමිටත් වඩා දනට පිනට කැමති අපේ මිහිඳු මහ සජ්ජුරුවන් වහන්සේට, මේ පඩත්තල වේසිගේ පුතාලා කෙල උනායින් පස්සේත් පරිභ්‍රවද මක්කාදෝ කලේය. ඒ මදිවාට අළුතෙන් පත් වූ කම්බ හොරු හා මිනිමරුවෝ ( UNP පමණි. අනෙක් උන් සියල්ලෝම, රහත්, අරිහත්, සක්කුරුදාගමී, අනාගාමි තත්වයන්ට, සීඝ්‍රගාමී එකේ පත්වු, සාන්ත දාන්ත තීන්ත කූඩුය.) කිව්වේ, ඉලැක්සොන් එකට කලින් දවසේ ඉන්ටර්නැට්, කොමිනිකේසින් සිස්ටම් වහලා දාලා, පත ගේමක් දෙන්න ගියා කියලාය.

එයිට පස්සේ ඉලැක්සොන් එකේ රිසාල්ට කියවන අස්සේ, පුක නැති වෙන්නම කෙල උන බව දැනගෙන, හමුදාව එක්ක කුමන්ත්‍රණයකින් රට අල්ලන්න ගියා කියලාය. මැතිවරණ කොමසාරිස්ට ආතතිය හදන්න ගියාය, එයා ජුන්ඩා වගේ කෙලින් හිටියාය කියලාය. ඊට පස්සේ නීතීපතියි, අග විනිසුරු හොරයි එක්ක ඇඳිරි නීතිය දාලා ඉර හංහන්න ගියා කියලාය. රෑට ඇඳිරි නීතිය දැම්මාට, දවල්ට ඇඳිරි නීති දාන්න බැරිය. හිරු කුමාරයා එක්ක එවා කොරන්න බැරිය. ඒවා එසේ වෙද්දි මේ වාගේ ධාර්මික රජෙකුට එරෙහිව කුප්ප කතා කියපු උන්ගේ මුඛේ, අධෝමුඛේ වෙන්න ඕනාය.

මිහිඳු මහ රජ්ජුරුවෝ කියන්නේ එකාතකින් යුද්දේ දිනලා, දුටුගැමුණුටත් වඩා රණකාමියෙක්ය. දන් දීමෙන් වෙස්සන්තර අප්පුහාමිටත් වඩා, බොහෝ දනට පිනට ලැදි මහ රජ්ජුරුවන් වහන්සේ කෙන්ක් අපේ හාමුදුරුවනේය. වෙස්සන්තර උන්නැහේ දන් දුන්නේ, කුණු, ඇලි ඇතෙක්ය. ඒ උනාට මේ රජ්ජුරුවන් වහන්සේ දැනට මහාවංශයේ අප්ඩේට් උන ඩේටා වලට අනුව, අලි ඇතුන් 25 කට වඩා දන් දීලා තියෙනවාය.

ජන මූසල වන්දිභඨ්ඨයාට පමණක්, ලෑන්ඩ්කෲසර් වර්ගයේ අශ්වාරෝහක තුනක්ම දන් දීලා තියෙනවාය. ඥාති මිත්‍රාන්දිට පමණක් නොව, මැති ඇමති වරුනට සරු සාර ඉඩම් දන් දීලා තියෙනවාය. උන්ට විතරක් නොව ඇමරිකාවේ ඩෝරා නම් උපාසකයකුට, ඉඩම් අක්කර 5000 ක්ම දීලා තියෙනවාය. ඒ විතරක් නොව සියළු දේ පිළිබඳ ආසාවන් අත් හල එහුමානෝ, චීන්නුන්ට මුහුද ගොඩ කර ගන්නත් ඉඩ දීලා තියෙනවාය.

තව අවුරුදු දෙකක්ම දොල දන් බෙදන්න තියෙද්දි, ඉතා දැහැමින්, සෙමෙන්, පානියෙන්, රජකම පවා දන් දුන්, මහ රජ්ජුරුවන් වහන්සේ, තම ජීවීතයේ සැඳෑ සමය බණ භාවනාවෙන් ගත කිරීම සඳහා, මැදමුලන නම් වනයකට වැද, මේ දවස් වල බක තපස් රකිනවාය. හොඳ වේලාවට ඒ මහා රජානෝ දරුවෝ තුන් දෙනා දන් දුන්නේ නැත්තේය. සම හරක් විට, මේ දරුවන් මෙහෙකාර සේවයට ගෙනියන්න ජූජක බමුණෝ උනත් කැමති වෙන එකක් නැතිය. මොකෝ මේ කුමාරවරුන්ට රේස් පදින්නට, වැලි කොට්ටා දාන්නට, සැලියුට් ගහන්නට, දැන් ඉන්න ජූජක බබුණෝ කැමති නැතිව ඇතිය.

ඒත් ඉතින් වෙස්සන්තර රජ්ජුරුවන්ටත් වඩා දැහැමි රජ කෙනෙකුගේ දරුවන්, මුලු රටේම ජූජක බමුණෝ එකතු වෙලා, තමන්ගේ දරුවෝ වගේ රැක බලා ගැනීම, නිවන් දැකීමටම හේතු වාසනා වන්නේය. මක්කෙයි කියනවා නම්, ඒ සජ්ජුරුවන් වහන්සේ අපි සියළු දෙනාගෙම අප්පච්චි වන නිසාය. අනේ දෙවියනේ තවන් මෙවන් දැහැමි රජවරුන් දකින්නට අපිට හේතු වාසනා වේවා.

යහ පාළණය නොහොත් යහ(නේ) පා(ච)නය


බුදු බව පතන රජවරු,
දැහැමින් සෙමෙන්,
සිහසුනින් බැස යති.
කම්බ හොරු,
මිනීමරුවෝ,
ස්ව කැමැත්තෙන්,
පිටුවහල් වෙති.
රිලවුන්,
බක පන්ඩිතයින්,
දෙමළ ලේ ඉල්ලා,
හඬා වැටෙති.
කපටි නිළ දරුවන්,
බඩ පිණුම් ගසති.
අපට පුක පෙන්වති.

අභිනව රජතුමා,
දරුවන්ට,
අකුරු කිය වීමට යති.
කහ ඉරේ නවත්වති.
බෝල් පොයින්ට් පෑනෙන්,
සිග්නේචර් දමති
ඇමතිවරු,
දිවුරුම් දෙන තැනට යති.
බණ කියති.
සිනා වෙති.
අළුත් මැතිවරු,
සංගයෝ පිරිවරා,
පවූලේ,
හැත්ත බුරුත්තම,
තෙමසක් ටැම්පරියට,
දිවුරුම් දෙති.
පිරිත් කියති. 
නූල් බඳිති.
ටෝක්ස් දෙති.
පනාව දමති .
හොරු අල්ලනවා කියති. 
බඩු අඩු වෙයි කියති. 
බජට් එනවා කියති.
පොකට් පිරෙනවා කියති.
"යහ පාළණේ"
හෙට දෙනවා කියති.
අපිට නම්,
ලැබුන "ලබ්බක්" නැති.

-x-

98 comments:

  1. "යහ පාළණේ"
    හෙට දෙනවා කියති.
    අපිට නම්,
    ලැබුන "ලබ්බක්" නැති.///
    මුලු පෝස්ට් එකම අපූරුවට සාරාංශ කොල්ල තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඕක තමයි ලියන්න උන්නේ.. ඒත් එහෙම ලිව්වොත් මෛත්‍රිට වගේම බැණුම් අහගන්න වෙනවා..

      Delete
    2. මාතලන් ට ලැබුණු ලක්ශ 20 ඇඩ්වාන්ස් එක වාහනයටම ගෙනිහින් දුන් හැටි මුලු බ්ලොග් අවකාශයම දනී.දැන් මෙතන ඇවිත් ප්‍රගතිශීලියා වෙන්න හදන්නේ මක්කටෙයි?

      Delete
    3. කෑ ගහන්න එප බං. සිරාට ගහලා පෝස්ට් දෙක තුනක් දාන්නේ ඒකනේ. උඹටත් ඕන නම් කීයහන්.මහින්දට කඩේ ගියාට උඹට ඊට වඩා හම්බ වෙන්න ඇති නේ. හොරා කෑවත් කියලා ආරංචියි. අනුන්ගේ ගානට ඉරිසියා නොකර හිටහන් බං.

      Delete
  2. යකෝ ඉතින් මේකට මයිත්තිරියට බැනලා හරියන්නේ නෑ.. දැන් එක්සැකටිව් පවර්ස් ඔක්කොම වගේ use කරන්නේ රනිල් ගොයියා.. මූ තමා මේක අච්චාරුවක් කොලේ..

    ReplyDelete
    Replies
    1. එතකොට ජනාධිපති රනිල්ද?

      Delete
    2. ඒ වගේ තමා දැන්

      Delete
    3. නිකම් රනිල් නෙමෙයි, ''මගේ ප්‍රියතම රනිල්'', සුදෝ..!

      Delete
  3. දහම් පුතා නයිට් ක්ලබ් එකකට පි එස් ඩි වාහන අටක් අරන් ගිහින් දාපු නර්ථනය ගැන මාතලන් නො ටෝක් මොකද ? බයද ..??? කැතද ..???

    ReplyDelete
    Replies
    1. කොම්න්ට්ස්වලට, ඒවා ලියලා ඉවරයි. වෙනම පෝස්ට් එකක් දාන්න දෙයක් එතන වෙලා නෑ නේ. මඩක් වෙන්නත් පුළුවන්. ඒත්, මහින්දටත් බය නැති අපි, මොකටද මෛත්‍රිට බය වෙන්නේ.

      කොමෙන්ට්ස්වල විතරක් නෙමෙයි, ප්‍රසිඩන්ට් පැලස් එකටත් ලියලා ඉවරයි.

      Delete
    2. එළ ...එළ .... මට ඕකා ෂුවර් නෑ ... මතකනෙ ඩී අයි ජී ගේ පුතාගේ සීන් එක . බල්ලා දැන්ම බැදලා දැම්මේ නැත්නම් මෛත්‍රිටත් පුක නෑ තමා .......

      Delete
    3. හිටපු වාහේ කෑවෙත් පුත්තු නිසා. මිනිස්සු මහින්ද මහත්තයට කැමති උනාට ඕකුන් තුන් දෙනාගෙන් එකෙකුටවත් කැමති නෑ. ඒක නේ ඒක පුදගල මෙගාෆෝන් නාට්ටියටවත් උන්ව එක්කගෙන එන්නේ නැත්තේ.

      Delete
    4. පව් අෆ්ෆා ඒ උනාට අසරණ නාමල් පොලෝසි ගිහින් තර්ජන තියනවාය, ඒ තර්ජන එන්නේ තාත්තා යුද්ධෙ දින්න නිසාය කියලා.

      Delete
    5. චික් විතරක් මෙහෙම කාළකන්නි. ඒ දරුවා හිතට එකඟව රටට අහිතකර කිසිම දෙයක් කරලා නෑ.. පව් සිද්ද වෙන වැඩ අප්පා..

      Delete
  4. මෛත්‍රී ගෙනාවෙ මහින්ද වෙනුවට නොවේය, තවත් ඒකාධිපති පාලකයකුගේ ගමන අත්හිටුවීමටයි. ඉන් එහා "ලබ්බක්" අපි බලාපොරොත්තු නොවූවෙමු. මක් නිසාද යත් නොලැබෙන කිරට හඬා පලක් නැති නිසාය. පුද්ගල මාරුවක් නොව අපට අව්ශ්‍ය ක්‍රමයේ මාරුවකි. එතෙක් මෙවැනි තාවකාලික උපක්‍රමවලින් හෝ රටේ ගමන මදක් හෝ යහපත් අතට හැරවිය යුතුය.

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් නම් පේන තෙක් මානයක නොමැත. බලාපොරොත්තු වූයේද නැත. ප්‍රතිපත්ති ප්‍රකාශණ කියන්නේ අතීතයේ පටන්ම සුරංගනා කතාය. මාතලන් පොඩි කාළේවත් සුරංගනා කතා විස්වාස කොලේ නැත. දින සියයේ වැඩ සටහන රාවයේ දැක්කාම මාතලන්ට පුකෙන් හිනා ගියේය.

      මාතලන් ව්‍යවස්ථා චෙන්ජ්, යහ පාළණ, හොරුන්ට දඬුවම් කිසිත් බලාපොරොත්තු වූයේත් නැත. ඒවා වැල් බයිලා බව හොඳින්ම දනී. අවශ්‍ය වූයේ අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍යන් වල මිළ අඩු කිරීම හා ඉන්දන මිළ අඩු කොට ජීවන බර පහත් හෙලීම පමණි. බලමු බජට් එකෙන් වත්,

      Delete
  5. ජනාධිපතිවරනෙට කලින්ම මේ ඉතිහාසය රවුමේ යන ගමන් එන 94 ක් බව කීමු.94 දී වෙනස නම් එදා රාජපක්ෂ භූමිකාවට පණදුන් ප්‍රේමදාස සෙත්තපෝච්චි වී සියලු පවු යූඇම්පියේ ඉතිරි වී සිටි උන්ට කරගහන්ට සිදු වීමයි.නමුත් අද සියලු පවු රාජපක්ෂලා මත පටවා අත හෝදා ගන්නට හිටපු ආණ්ඩුවේ උන්ට හැකි වී තිබේ.94 දී චන්ද්‍රිකා බලයට එන්නේ යූඇම්පියේ දුෂිතයන් ගෝල්ෆේස් පිටියට ගෙන්වා එල්ලන්ට පොරොන්දු වෙමිනි.පාන් ගෙඩිය 3.50ට දෙන්නට පොරොන්දු වෙමිනි.දුෂිතයන් එල්ලීම කෙසේ වෙතත් බලය ලබා ගැනීමේ ලොකුම තුරුම්පුව වූ සුරියකන්ද සමුහ මිනී වලේ ප්‍රධානම චුදිතයා නිල් පාට ආණ්ඩුවක ආණ්ඩුකාර ධුරයකින් පවා පිදුම් ලැබීය.මාස කීපයක් දුන් 3.50හේ පාන් පසුව පාන් පෙත්තක් වත් ඒ මිලට නොලැබෙන තරම් විය.මේ ඉතිහාසය නොදැන වර්තමානය ගැන කතා කිරීමත් ඒ කෙරේ කලකිරීමත් විහිළුවකි.මොකෝ කාලය, පාට,මුහුණු ,ඔයි කෝක වෙනස් උනත් සිස්ටම් එක එදත් අදත් සේම්ය .එනිසා සිදු විය යුත්තේ ජනාධිපතිවරයා විධායක බලතල අනිසි ලෙස තවමත් භාවිතා නොකරන, වෙනසක් සඳහා පෙළ ගැසුණු සිවිල් සංවිධාන තවමත් ආණ්ඩුවට බලපෑම් කල හැකි තත්වයක සිටින, පාර්ලිමේන්තුවේ 2/3කට වඩා බහුතරයක් වෙන ඔප්ෂන් එකක් නොමැති කම නිසාම ජනපති ප්‍රමුඛ රජයට එහෙයි කියන තත්වයක් තුල මේ සිස්ටම් එකේ අවම වෙනස් කම් කීපයක් වත් සිදු කර ගැනීම තුල 2015 තවත් 94ක් වීම වලක්වා ගැනීමයි.

    ReplyDelete
    Replies
    1. රටේ ඉන්නේ බහුතරයක් මී හරක්ය.මහින්දගේ හයිවේ එකට දේශප්‍රේමයට මත් වී ජන්දෙ දුන් එකා සේම එයාපෝට් වසා දුෂිතයන් දඬු කඳේ ගසන එහෙමත් නැත්නම් දින සීයකින් කේතුමතිය ගෙනෙන කථා වලට ජන්දය දුන් එකාද මී හරකෙකි.මේ සින්තටික් හීන කෙසේ වෙතත් අවම වශයෙන් ස්වාධීන පොලිස් හා මැතිවරණ කොමිසමක්,රටට ගැලපෙන මැතිවරණ ක්‍රමයක් හා යහපත් ආර්ථික ප්‍රතිපත්තියක් මේ රජය මගින් ලබා ගත හැකි නම් වෙනසක් සඳහා දුන් ජන්දය අපතේ නොයනු ඇත..දෙකෝටියකට ආසන්න මිහරකුන් විසින් පත්කරන ලද එළහරක් දෙසීයකට අධික ගණනක් ආම්බාන් කර ගෙන එවැනි අවම වෙනසක් වත් කර ගැනීම සැබෑම ජයග්‍රහණයකි.

      Delete
    2. බලාගෙන හිටහන් මේන් කියලා කරයි. ජනාධිපති මහින්ද ජන බලයට පිටුපාලා මන්ත්‍රිවරු බිලිබාලා (සලිවටට හෝ දෑත ශක්තිමත් කිරීමට) බලය ගත්තා කියන, හරීන්ලම රෙදිත් ඇඳගෙන අද කරන්නෙත් ඒකම නේද?

      දින සීයේ වැඩ සටහන් දුන්නේ, මහින්ද ෂෙප් එකේ යයි කියලා හිතාගෙන. දැන් වෙලා තියෙන්නේ ව්‍යවස්ථා වෙනස් කොරන්න නෙමෙයි. දවස් සීය ඉන්නේ කොහොමද කියන ප්‍රශ්ණේ...?

      Delete
  6. //මාතලන් ව්‍යවස්ථා චෙන්ජ්, යහ පාළණ, හොරුන්ට දඬුවම් කිසිත් බලාපොරොත්තු වූයේත් නැත//

    සත් ගුනවත් චම්පක දඬුවම් මුදලාලිට අපහාස නොකරනු!

    මහ මැතිවරනයට UNP කාරයො අලිආගෙනුත් SLFP කාරයො අතෙනුත් ඉල්ලුවාම දඬුවම් චම්පක ඉල්ලනේ "පුකෙන්" ද?

    ReplyDelete
    Replies
    1. පුකෙන් මක්කටෙයි ඉල්ලන්නේ? ඇයි මම ගොනා පිලයගෙ "පිවිතුරු පුක" තියෙන්නේ මහින්දට අල්ලපු. ඒක මේකට වඩා "ළොකුත්" ඇති නේ.

      Delete
    2. ඒක ඇසිය යුත්තේ චම්පිකගෙනි.

      Delete
    3. දුමින්ද නාගෙනද , 50,000 වැඩිය ගන්නවා කියපු මහාචාර්ය වරුත් ජනවාරි 8 දාට පෙර හිටියානේ ,

      Delete
    4. තවමත් සිටිමි .... එසේම කරුනා , KP සහ හිරූනිකා ගේ පීතෘගාතකයා පැය විසිහතරකදී බන්දනාගාර ගතකරනා කියා පොර ටෝක් දුන් අයද තාම සිටී.

      මහාචාර්ය ස ර ස තුමා

      Delete
  7. දින 100 පනිනකල් පොඩ්ඩක් බලමුකෝ.

    ReplyDelete
    Replies
    1. එතකන් ඉඳියිද.. විචාරක කියපු හමුදාවේ යුනිට් වල උනුත් එහෙමමයි නේද?

      Delete
    2. මාත් කියන්නෙ ඔය දින සීය පනින කන් ඉවසමු කියලයි

      Delete
  8. මාතලන් ,
    මට පහත කොමෙන්ටුව පැරා ගේ බ්ලොග් පිටුවේ කොටන්න සිවුවුයේ ස්වාදීන කොමේසම් පත්කරන අතර මන්ත්‍රී වරුන්ගේ වේතන වැඩිකලයුතු බව මා පැවසූ විට තව මහත්වරුන් ලේපලකගේ විරුද්දත්වය පළවූ නිසයි
    "මහත්වරුනි, සාමාන්‍ය රැකියා කරන රාජ්‍ය සේවකයන් ලක්ෂ 900 ප්‍රචාරණ සදහා වියදම් නොකරන බව දන්නවා ඇති. කරුණාකර ප්‍රයෝගිකව සිතා පහත ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න.

    01. ශ්‍රී ලංකික මන්ත්‍රී වරයකුට මසකට රුපියල් ලක්ෂ 30 පමණ වැටුපක් ලබා දුන්නොත් සහ ඉතාම දැඩි දඩුවම් අල්ලස් ගැනීමකදී ඇත්නම් පුද්ගලයකු මීට වැඩියෙන් සොරකම් කිරීමට පෙලබේද? එසේ නොපෙලබේ නම් ඉතිරිවන දනයේ ප්‍රතිලාබ ලැබෙන්නේ ජනතාවට නොවේද ?

    02. දැන් ඔබ මගෙන් අසන ප්‍රශ්නය, දැඩි දඩුවම් අල්ලස් ගැනීමකදී යෙදීමෙන් පමණක් මෙය කල නොහැකිද යන්නයි (කරුණාවෙන් සිතන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වරු යනු විසේස පිරිසකි මන්ද අපට නැති බලයක් ඔවුන්ට නීති පැනවීමට ලැබී තිබිමයි ) මෙවැනි නීතියක් පනවා ඇත්නම් සහ මන්ත්‍රී වරුනට සාදාරන මුදලක් (ඔවුන් වියදම්කරන මුදලට සපෙක්සව ) නොලබෙනම් මෙම හිතකර නීති තමාට බලය ලැබෙන මුල්ම අවස්ථවේ ඉවත් කිරීමට පියවර ගන්නවා ඇත.

    එබැවින් දීර්ග කාලින ස්ථාවර බවට මෙවැනි කැපකිරීම් ජනතාවට කලයුතු වෙයි.
    "

    ReplyDelete
    Replies
    1. ඔබේ තර්කය මාතලන් පිලිගන්නේද නැත. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට ලක්ෂ 30 ක්. සමෘධි පවුල් ලක්ෂ 17 ක් ඉන්න රටේ. වෙන්න ඕන ඒක නෙමෙයි. කෙහෙල් කැන කපන එකාටයි, කොම්ස් ගහන එකාටයි එකම නීතිය ක්‍රියාත්මක් වීම. රටේ නීතියක් නැති එකයි ප්‍රධානම කරුමේ.

      Delete
    2. George Orwell ගේ Animal Farm පොත හදාරනට ඔබට ආරාදනා කරමි

      Delete
    3. Lankikasithuvili @ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යනු අපගේ නියෝජිතයාය.එසේ නැතිව අපගේ ස්වාමියා නොවේ. ඔවුන්ට ප්‍රචාරණය සදහා වියදම් කරන ලෙස කිව්වේ ජනතාවද

      අනෙක් අතට ඉතා අඩු වියදමකින් ප්‍රචාරනය කරන අයද සිටිති.ප්‍රචාරනයේ වැඩිම වියදමක් යන්නේ කටවුට්,පෝස්ටර් වැනි දේවලටය,මැරයන්ටය.ඔබේ යෝජනාව අවනීතිය නීතිය කරවීමකි.
      මෙහිදී ඡන්දයක් දිනන්න පුලුවන් ලොකු සල්ලිකාරයන්ට පමනි.
      නීති සම්පාදනය යනු ඔවුන්ගේ රාජකාරියයි.දැනටත් විශාල වරප්‍රසාද භුක්ති විදින මේ මන්ත්‍රීවරු කරන්නේ අත ඉස්සීම පමනි.අත උස්සනවාට මාසිකව ලක්ෂ 30 ක් දිය යුතුද
      මෙවැනි දේ සිංගප්පූරුවේ කරන බව මමද අසා ඇත.සිංගප්පූරුව යනු අපේ වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවේ.එහි කම්කරු නීති මානව හිමිකම් කියා දෙයක් නැත.

      අපේ රටේ මෙහෙම දෙයක් ආවොත් එය ජවිපෙ වැනි පක්ෂවලට කල්ල මරේ වනු ඇත.පංති වෛරයෙන් ඔද වැඩුන ජනතාවගෙන් විප්ලවවාදීන්ට බේරිල්ලක් නැතිවනු ඇත.ඊලඟ ආණ්ඩුව දිනන්නෙ ජවිපෙ තුනෙන් දෙක නොව දහයෙන් නවයක් අරගෙනය.

      ඔබ මේ කොමෙන්ටුව තැන් දෙක තුනකම දැම්ම නිසා මෙය නිකම්ම අහම්බෙන් දැමූ කොමෙන්ටුවක් නොවන බවද සිතේ.මුට්ටිය දමා බැලීමක් විය හැක.සිංගප්පූරු කතා එහෙන් මෙහෙන් ඇහෙන බැවිනි.

      Delete
    4. මාතලන්, රටේ නීතිය නැති වීමක් මම නොදකිමි ප්‍රශ්නය නීතිය ක්‍රියාත්මක නොවීමයි එසේ වන්නේ ඇයි ? දේශපාලනඥයන් අත්තනෝමතික ලෙස ඇගිලි ගැසීමයි, මෙය වැලක්වීමට ස්වාදීන කොමිසම් වලට හැකිද ?
      මගේ පිලිතුරනම් ස්වාදීන කොමිසම් වලට හැකිබවයි! නමුත් දේශපාලනඥයන් දිගටම ස්වාදීන කොමිසම් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙනු ඇති.
      අපි දැන් අතීතයට යමු 3 October 2001 රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ මෙම කොමිසම් ක්‍රියාත්මක වූ කාලය ඔබට මතකද? ඔබට මතකද රනිල් ට ඔහුගේම පක්සිකයන් (ඇමතිවරු ඇතුළුව ) දොස් කිවු සැටි, "අපට අඩුම තරමේ පොලිස් නිලදාරියකු මාරුකිරීමට බලය නැත්නම් මේ ඇමැතිකම්වල ඇති වැඩේ කුමක්ද? " ලෙස ප්‍රශ්න කල අයුරු මතකද ?

      අවසානයේ මහින්ද කලේ කුමක්ද නියෝජිතයන් පත්කිරීම නොකර කොමිසම් අක්ක්ර්මන්ය කිරීමයි (මෙහිදී විපක්සයත් තම නියෝජිතයන් පත් නොකලබව මතකද ?) අවසාන ප්‍රතිපලය 8 September 2010 18 වැනි සන්සොදනයයි.

      ඔව් ඔබ කියන ක්‍රමය දිගින් දිගටම පැවැත්වීමට එක්කෝ අවම ලෙස මෙම බ්ලොග් අඩවිය පරිහරණය කරන පුද්ගලයන් ගේ බුද්ධිමට්ටමට සාමාන්‍ය ජනයා පැමිණිය යුතුයි නැත්නම් මා සදහන්කල මට්ටමේ වේතනයක් (කප්පම් මුදලක් ) මොවුන්ට ලබාදිය යුතුය.

      මගේ ගනන්බලිමට අනුව නව ජනාදිපති තුමා මෙම කොමිසම් පිහිට වන්නට සිදුඋවත් (දැන් ඇති පීඩනය මත ඔහුට මෙය කිරීමට සිදුවේ ) වසරක් වැනි කෙටි කලකවත් මෙය පවත්වාගෙන නොයනු ඇති, ඔබට ප්‍රථමවරට පාර්ලිමේන්තුවේ තුනේන්දෙකේ බහුතරයෙන් මෙය නිෂ්ක්‍රිය වුවොත් ම පුදුම නොවෙමි.

      මධ්‍යස්ථ මතධාරියා ,මෙය මුට්ටිය දැමීමක් නොවන්නේ මා දෙසපලනයට කිසිදු සම්බන්දයක් නොමැති සාමාන්‍ය පුරවැසියකු නිසයි, "ජවිපෙ වැනි පක්ෂවලට කල්ල මරේ වනු ඇත" කොහොමත් ඔවුන් දැන් ප්‍රදාන විපක්ෂයේ බුමිකාව ලැබී ඇත, ඔවුන් මෝඩ නොවුවොත් ඉතා කෙටි කලකින් ඔවුන් රජයක් පිහිටවනු ඇති.

      මාතලන් දැන් පවතින ආකාරයට දුෂණ හේතුවෙන් නැතිවනමුදල මා සදහන්කල වෙතනයට වඩා අඩුද? වැඩිද?


      Delete
    5. මට පෙනෙන්නේ ඔබ ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්දැයි නොදන්නා පුද්ගලයකු බවයි. සමහර විට ඔබ අපේ රටේ සිංගප්පුරුව හා සැසදීමක් කරනවා ඇති. එහෙම කරන්න කලින් ඒ රටේ ඒක පුද්ගල ආදායමයි, අපේ රටේ ඒක පුද්ගල ආදායමයි අතර වෙනස බලන්න. අනික 1977 තෙල් ලංකාවේ දේශපාළණය හා දේශපාළකයන් ගැන හදාරන්න. දේශපාළකයන් යනු තාවකාලික පත්වීමකි. එකම කණ්ඩායමක් අවුරුදු 20 ක් රට පාළණය කලාම, මේ වගේ යෝජනා අළුත් පරම්පරාවෙන් එන එකත් පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ළෝකේ කිසිම රටක මන්ත්‍රිවරුන්ට පෙන්ෂන් දෙන්නේ නෑ. ඒ වගේම විශ්‍රාම වැටුපුත් නෑ.

      Delete
    6. මාතලන්, මට අවශ්‍ය උනේ මෙවැනි ක්‍රමයක් http://lankasithuwili.blogspot.com/2015/01/blog-post_17.html

      දැනටමත් සිදුවනදේය ඔබට පෙනෙනවා ඇති, ඉතා ඉහල මිලක් කෑම බිම සදහා වැය උනේ නැත්නම් මෙවැනි ප්‍රතිපලයක් අපට නොලැබෙනු ඇති.
      එනම් ජනතාව චන්දය දී ඇත්තේ බුද්ධිමත් නිසාම නොවන බවයි. අපි බලමු කොපමණ කලක් මෙම ක්‍රමය පවතීද කියා

      Delete
    7. මම ඒක කියෙව්වා. කියවලා ඉවර වෙලා පුකෙන් හිනා උනා. මගේ කොමෙන්ට් එක නොදැම්මේ. එහෙම කොමෙන්ට දාලා උඹ තරහ කර ගන්න ඕන නැති නිසා.

      Delete
    8. මාතලන්, ඔබ ශ්‍රී ලංකාවේ දැනටමත් පුද්ගලික අංශ enterprise resource planning ක්‍රමවේද යොදාගන දුෂණ අවම කර තිබෙන බව මදක් සොයාබලන්න . කලයුත්තේ මේවා රාජ්‍ය අංශයේ සිතාපිත කිරීමයි. කරුණාකර වැරදි තැනක් ඇත්නම් ඔනම අයුරකින් විවේචනය කරන්න.

      Delete
    9. දුයුණු රටවල් එක්ක අපේ රට ගලපන්න යන්න එපා. අපේ රටේ 50% පට්ට ගෝත්‍රිකයෝ කියලා 2015 ජනවාරි 9 වෙනිදා මුළු ළෝකයටම පෙන්නුවා.

      Delete
    10. "50% පට්ට ගෝත්‍රිකයෝ" 100% එකයි අපේ ගෝත්‍රික අදහස් නම් තව කාලයක් පවතිනු ඇති. නමුත් සංවර්දන උපාය මර්ගනම් අපට වෙනස් කලහැක (1948 සුද්ද අපට නිදහස ලබදෙනවිට ශ්‍රී ලංකාවත් ජපානයත් අතර පැවතුනේ $ 1 වෙනසක් පමණි මගේ මතකය නිවැරදි නම් 1949 දී අපට වෙළද අතිරික්තයක් තිබුන ) සුද්දට මෙය කළහැකි උනේ නිසි පරිපාලන ක්‍රමයක් ක්‍රියාවේ යෙදවීමෙන්. මා දන්නා පරිදි ආසියාවේ දියුණුම තැපැල් ක්‍රමය තිබුනේ ලංකාවේ. සුද්දන් බුරුම රට පරිපාලනය කලේ ශ්‍රී ලංකාවේ සිටයි. එමනිසා අපේ ගෝත්‍රික ගතිය මිට බාදාවක් නොවෙයි.

      Delete
  9. මාතලන් මහතා,

    හොඳ මත පල කිරීමක්.කානු කටෙක් වෙන්නේ නැතිව (කුණුහරප ලියන්නේ නැතිව) හාස්‍ය රසය මතු කරමින් හරියටම විවේචනයක් කරන්න පුළුවන් කියල මෙවර ඔබ ඔප්පු කරලා තියෙනවා.
    මෙවර ඉස්කෝලේ 3 වසරට සමත්වූ මිනිබිරියක් මට ඉන්නවා.ඇය මා පරිගණකය අසල ඉන්නා විට ඇය මා සමගම ඔබේ ලිපි කියවන්න උත්සාහ කරනවා.අකුරැ යන්තම් හඳුනන එහෙත් වචනාර්ථය නොදැන්නා ඇය ඔබ පුසන් ගැන ලියා ඇති ලිපිය කියවන්න උත්සාහ කරමින් එහි තේරුම කුමක්ද කියා ඇසු විට මා පත්වූ අමාරුව දන්නේ මම විතරයි.
    මම පැරාට දැමූ කොමෙන්ටුවට පැරා උත්තර ඩි නැත්තේ එය ඔහුට අදාළ නොවෙන නිසා වෙන්නැති .එබිවින් එය මෙහිදී පල කරනවා.

    "පැරා,
    දැන් තිබෙන්නේ එක එක්කෙනාගේ මොලයේ තරම උරගා බැලීම මිස අන් යමක් නොවේ. තේරෙන භාෂාවෙන් කිවොත් අන්තිමේදී ජය ගන්නේ කොළඹ බුද්ධිය (රනිල්ගේ මොලය) ද,අත්තනගල්ලේ මොලය (චන්ද්‍රිකාගේ මොලය)ද ගම්පහ මොලය (සිරිසේනගේ මොලය) මැදමුලන මොළය (මහින්දගේ මොලය)ද අතර සටනකි.මෙතැනදී වත්තල මොලය (හරින් ප්‍රනාන්දු මොලය වැදගත් වන්නේ නැත.

    මේ ඔක්කොම දෙනා යටි උගුල් ඇදීමේ කප්පිත්තෝ වෙති. සාමාන්‍යයෙන් වැඩි දෙනෙක් හිතන්නේ දකුණේ මොලය සුවුශේෂ බවය. ඒකනේ බෙන්තර ගඟින් එහා ඉඳලා පුස් පැටියෙක් උනත් ගෙනෙනවා නම් ඌ ඇස් ඇරීමට පෙර ගෙනා යුතුය කියල ජනවහරේ තියෙන්නෙ.

    අපිට තියෙන්නෙ ඉවසිල්ලෙන් මේ මොළ තරඟය දිහා බලා ඉඳල කාටද වැඩිපුර මොළයක් තියෙන්නෙ කියල තීරණය කරන්න විතරයි."

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ඉතින් සරම සේකර මහත්තයෝ, ඒ පෝස්ට් එකේ මම හින්ගල උන්ට 23ක් නැත්නම් කියවන්න එපාය. ඉන්ගිරිසි පන්නයට හැදුන උන්ට 13ක් නැත්නම් කියවන්න එපාය කියා වෝනින් එක දීලනේ තියෙන්නේ.

      හැබයි මිනිපිරී නම් මාතලන් කෙනෙක් වෙයි ආයේ දෙකක් නැතිව. මොකෝ මාතලනුත් පොඩි කාළේ ඔහොමමයි.. පැරාගේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න මා දැණුවත් නැත.. කොහොම හරි පොලිට්‍රික්ස් දන්න එකා දිනයි. මෛත්‍රීපාලත් බබෙක් නෙමෙයි නෙමෙයි නේ.

      Delete
  10. මෙගා වටයකින් ආයෙත් රට ගොනාට ඇන්ඳවීමේ තරඟය ඇරඹී තිබේ. ඉතිහාසය රිපීට් වෙන්නේයයි කියපු එකාගේ කටේ සත්තරන් දැමිය යුතුය. කරුමය නම් අවුරුදු 10 ෂෝර්ට් සර්කල් වලින් රිපීට් වීමයි

    ReplyDelete
    Replies
    1. සමහර් විට ඔබ දකින්නට ඇත්තේ අවුරුදු දහයක් පමණි. 70 සිටම වන්නේ මේ එකම ක්‍රියා දාමයයි.

      Delete
  11. සොරකම් වැටලීමේ සෙන්පති රන්ජන් රාමණායක ප්‍රමුඛ වැටලීම් කණ්ඩායමක් විසින් අරලිය ගහ මැදුරේ නාන කාමර වායුසමනය කර ඇතැයි හෙලිදරව් කරගෙන තිබේ. මට හිතුනු දුක කියාගන්නට බැරිය..මෙතෙක් කල් විපක්ෂ නායක නිලනිවස කෙසේ තියෙන්නට ඇද්ද ?. ගරු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දාඩිය වැක්කෙරෙන නානකාමර වල මොන දුකක් විඳින්නට ඇද්ද..

    ReplyDelete
    Replies
    1. රන්ජන් රාමනායක කරන්නෙත් අර බොදු බලු සේනාවේ නානසාරලා නටපු නාඩගමමයි, ඒක්කෝ ඒවා මාධ්‍යයට පෙනෙන්නට නොකළ යුතුය. මාතලන් එම ක්‍රියාදාමයන් තරයේ හෙලා දකිමි. මේ යහ පාළණය නොවේ. ඒවාට වෙනම නිළධාරින් ඇත. අඩු ගානේ මින් පසු ඔවුන් සමඟ හෝ යන්නේ නම් අගය කරමි. ගොන් පාට්...

      Delete
    2. ලෝකේ පැනලා ගිය අනිත් ඒකාධිපතියන්ගේ මාලිගාවලින් හොයා ගත්ත දෙවල් එක්ක බලනකොට අපිට ඉඳලා තියෙන්නෙ මහ හිඟන ඒකාධිපතියෙක්. විලි ලැජ්ජාවේ බෑ.......ගොන්ජන් ලෝකෙට පෙන්නන හදන්නේ ඒකද ?

      Delete
    3. ඉවාන් පුලුස්සාගේ බ්ලොගයේ දැමූ කොමෙන්ටුවක් මෙහිද දමමි.

      රන්ජන් යනු මහා වීරයෙකි.එය එතුමාද දනී.ජනතාව එතුමාගෙන් බලාපොරොත්තුවෙන්නේ දෙමළ චිත්‍රපටයක මෙන් දුෂ්ටයන් හඹා යාමයි.
      පුරවැසියෙකු ලෙස මම නම් එය එතුමාගෙන් අපේක්ෂා කරමි.
      එතුමා වැටලීමකට යනු දැක ඇරූ මාතියා කියමින් මම ඩැස් එකට පයින් ගැසුවෙමි

      Delete
    4. අනේ හපොයි අඩුතරමේ සත්තලනින් හඩපු කොමොඩ් කටක්වත් බලන්න ආසාවෙන් හිටියේ... ඒ උනාට කොල ගෝවා පාත්තියේ කොල මේන්.හරිම අසාඩාරනයි.

      Delete
  12. මාතා....................

    කයිය නම් අගෙයි... පැහැදිලි ව ම ඔය ගැටළු ටික අපිටත් තියෙනවා.. අපි මෙහෙම දෙයක් නෙමෙයි බලාපොරොත්තු වුනේ.... කයිය ගහපු තරම් දෙයක් වෙන්නේ නැහැ... අපිට උණු කඩල වගේ සෙල්ලම් බල බල චූන් වෙන්න උවමනා නැහැ..... ඒක කරන්නට බැහැ කියලත් දන්නවා මචං...........

    ඒත් අපිත් ප්‍රශ්ණ කරා වගේ ම කෝ දැන් කේ.පී....... කෝ කියපු හොරු.... දැන් ඒවා සද්ද නැහැ..... කැඩිච්ච ෆ්ලයිට් ඒකක් අල්ලුවා. තව කාගෙදෝ බඩු වගයක් අැල්ලුවා.. මොනවද කියලාවත් කිව්වේ නැහැ... ඒච්චරයි..... දැන් හරිද දන්නෑ....................

    ReplyDelete
    Replies
    1. කොහොමත් මේ මාස තුන ඇදගෙන නානවා..

      Delete
  13. මහින්ද සර්ව බලධාරී බවත් කවදා වත් ගෙදර යැවිය නොහැකි බවත් මාතලන් කීවේ මාස කීපයකට කලින්ය.පොදු අපේක්ෂක කතා බහ ඉදිරියට පැමිණි විට ඊට පොද්දා යනුවෙන් ගර්භා කරමින් මහින්දට මොන ගේමක්දැයි ඇසුවේය.මයිත්‍රී උන්නැහේ පොදු අපේක්ෂකයා ලෙස පත්වූ කල නොදන්නා මයිත්‍රීට වඩා දන්නා මහින්ද හොඳ බවත් පොද්දා ලොසේ ලොස් බවත් අනාවැකි පල කලේය.( මුල සිටම පොදු අපෙෂ්කයෙකු වෙනුවෙන් පෙනී සිටි පැරාගේ පොස්ටු වල මාතලන්ගේ කොමෙන්ටු බලන්න ) චන්දේ අන්තිම හරියේදී රැල්ල නැගලා එනකොට මහින්ද අන්ත දුෂිත බවත් මේ පාලනය අවසන් කල යුතු බවත් හංසයා දිනවිය යුතු බවත් කීවේය.(මේවා පිළිබද යමෙකුට සැකයක් ඇත්නම් පසුගිය අගෝස්තු පමණ සිට මාතගේ බ්ලොග් සටහන්/කොමෙන්ට් කියවා බලන්න) දැන් මයිත්‍රී නෝටි බවත් අපිව රවැට්ටු බවත් කියන මාතම හෙට යලිත් මහින්ද පාලනයක් රටට අවශ්‍ය බව ලීවොත් ඔබ පුදුම නොවන්න.මන්ද යත් වෙනසක් වෙනුවෙන් මුල සිටම පෙනී සිටි සිදු වන දේ විචාරශිලව ලියු පැරාට හෝ රාජ්ට තබා මහින්ද චින්තනයෙන් අන්ධ වූ මාරෙට හෝ මකසිට තරම්වත් දේශපාලන මැචුවර් කමක් මාතලන් නොපෙන්වන බැවිනි.(ඔබෙන් කුණුහබ්බ හෝ තෝ මොකද ඉතින් මෙහේ එන්නේ පන්නයේ පිළිතුරක් බලාපොරොත්තු නොවෙමි .කන්ස්ට්‍රක්ටිව් ක්රිටිසිස්ම් එකක් පමණි )

    ReplyDelete
    Replies
    1. මාතලන් කියවන අය ඒ ගැන බලා ගනීවී.

      මහින්දගේ හොඳ දේ ලිවීම මහින්ද කඩේ යාමක් නොවේ. එදා සිටම හොඳ දෙයට හොඳයයි කියන්නටත්. වැරැදි දේ වැරදියයි කියන්නට බිය වූයේ නැත. මාතලන් පටන් ගත් මුල් අවදියේම. මුළු බ්ලොග් අවකාෂයෙම කොම්පඤ්ඤ වීදියේ ගෙවල් කැඩීමට විරුද්ධව ලීවේ මාතලන් පමණි.

      මහින්ද ඇත්තටම ශක්තිමත් නායකයෙකි. ඔහුට වැරදුනේ සමාන්‍ය ජනතාව අමතක කිරීම නිසාය. සමාන්‍ය ජනතාවගේ ආහාර ද්‍රව්‍ය වල මිළ අඩු කලේ නම් ඔහු කිසි දින විසි වන්නේ නැත. අනෙක මෛත්‍රිපාල දිණුවේ මහා ළොකු ගනනකින් නොවේය. ඒ චන්ද ප්‍රමාණයද නැති වූයේ විමල් උපාදංශ වැනි පඩත්තලයින් පෙරමුණ ගත් නිසාවෙනි.

      පොද්දට පොද්දා නොකියා වැද්දා කියන්නද? මාතලන් පොද්දෙකුට විරුද්ධ වූයේ නැත. මාතලන් විරුද්ධ වූයේ සෝභිත හිමි පොද්දා ලේසින් ඉදිරිපත් වීමටය. එසේ ඉදිරිපත් වූවා නම් නැවත් දිනනන්නේද මහින්දමය.

      Delete
    2. ඒක නම් ඇත්ත මුලින් මාරයටත් එහා ගිහින් මහින්ද ෂෝක් කියපු මාතලන් චන්ද කාලෙ පැරාටත් එහා ගිහින් මහින්ද කියන්නෙ හොරෙක් දුෂිතයෙක් ගෙදර යවන්න ඕනෑමයි කිව්ව දැන් ආයිත් හීනියට වෙන මොකද්දෝ කියාගෙන එනව.බලාගෙන ගියාම දයාසිරිල වගේම ටිපිකල් ශ්‍රීලන්කන්!

      Delete
    3. ජනමාධ්‍ය යනු කුමක්දැයි නොදන්නා බබ්බුන්ට මේ අඩවිය බොහෝ අහිතකර විය හැක.

      Delete
    4. රටේ පොදු ජන මතයත් ටිකෙන් ටික වෙනස් වුනා නේද අන්තිමේදී මිස්ටර් රාජපක්ස පැරදෙන තෙක්ම?
      මාතලන් ගේ අදහස් වෙනස් වීම නියෝජනය කරන්නේ ඒ වෙනසම නේද?

      Delete
    5. මගේ අදහස් වෙනස් නෑ රසික. මහින්ද මහත්තයගේ හොඳ දේ හොඳයි කිව්වා. වැරදි දේ වැරදියි කිව්වා. දැන් මේකටත් එහෙමයි. මාධ්‍යකරණය කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑති පුදගලයන්ට, මේවා එක එකාට කඩේ යාම් කියලා පේනවා ඇති. එතකොට ජෙප්පන් අගය කරන කොට මම ජෙප්පෙක්ද?

      Delete
    6. ++++++++++++++++++++++++++++++++++++++++
      @ මාත ....

      Delete
  14. 21වැනිද බඩු එනවලු. තව පොඩ්ඩක් ඉවසල බලමු!!!

    ReplyDelete
    Replies
    1. බලමු බලමු... උපන්දා ඉඳන් බලන එකේ, ඔය දවස් ටික මොකක්ද?

      Delete
  15. ඊයෙ ටීවී එකේ ප්‍රවෘත්ති වල අරලිය ගහ මන්දිරේ මැජික් පෙන්නුවා.
    බාත් රූම් එකේ ටීවී එකක් තියෙන එක ඔච්චර පුදුම දෙයක්නම් බස් එකක ටීවී එකක් හයිකරලා තියෙනවා දැක්කොත් මෙයාලට කලන්තේ හැදෙයි.
    ඒ වගේම අයි ටී ඇන් එකේ චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහන ලස්සනට කරපු කෙනාවත් හලලා

    ReplyDelete
    Replies
    1. බස් එකේ ටී වී දාන්නේ බස් මුදලාලිගේ පොකට් එකෙනි.

      බස් මහින්ද රෙන්න ටී වී දාගන්නේ අපේ මුදලෙනි. වෙනස එයයි.

      Delete
  16. තව ටික කාලයක් බලලම ආණ්ඩුවේ ගමන ගැන කතා කරනවා එක්කෝ

    ReplyDelete
    Replies
    1. පහු පහු වෙන කොට කොහු කොහු වෙනවලු...

      Delete
  17. මේ ආණ්ඩුවෙන් ඉස්සෙල්ලාම හැලෙන්නේ රන්ජන් රාමනායක
    ඒකට හේතු දෙකක් තියෙනවා
    1. එයා කතෝලිකයෙක් කතෝලික අය සිංහල දේශපාලනඥයන්ව ඉතා නිරදය ලෙස විවේචනය කරන ඒ වගේම දෙමළ දේශපාලනඥයන් (ත්‍රස්ථවාදීන් කෙරෙහි පවා) පුදුම මෛත්‍රියක් තියෙන පිරිසක්.
    2. එයා වන් ශොට් චිත්‍රපටියෙ රඟපෑවට පස්සේ එම චරිතයට ආවේශ වෙලා. තාව ආවේශය ඉවර වෙලා නෑ

    ReplyDelete
    Replies
    1. සම හරක්ට රන්ජන්ගේ පාට් වලින් බොහෝ රිදී ඇත. ආගම ජාතිය අදින්නේ පහත් මිනිසුන්ය.

      Delete
    2. යහපාලනය යටතෙ රන්ජන්ට විරුද්දව තියෙන 83දී දෙමල රත්තරන් කඩයක් කඩපු සිද්දිය විභාග වෙයිද?

      Delete
    3. දන්නේ නෑ.. නීතීපතිගෙන අහපන්.. මම නීතිපති නෙමෙයිනේ..

      Delete
    4. මාතලන් අනිත් අයට පහත්, පහත් කියනවා මම දැන් කීප තැනකදීම දැක්කා. ඒත් ඇත්හටම පහත් ඔයානේ? ඔයා ඒක දන්නවානේ අපිට වඩා. අනිත් අය ඔයාට එහෙම නොකියන්නේ , එයාලත් ඒක දන්න නිසයි.

      Delete
    5. නමක ගමක් නැති උඹලද පහත්. ඕන දෙයක් කෙලින් කියන මාතලන්ද පහත් කියලා මිනිස්සු තීරණය කරයි.

      Delete
  18. අකිල විරාජ් කාරියවසම් මැතිතුමාට අධ්‍යාපන ඇමති කම ලැබුනේ සුදුසුකම් නිසා කියලා විස්වාස කරන ලමයි අත උස්සන්න

    ReplyDelete
    Replies
    1. පට්ට සුදුසුකම් තියෙන එවුන් අද්දියාපනේ කාපු කෑමේ හැටියට පොරටත් දීලා බැලුවොත් නරකද කියලා ලොක්කට හිතෙන්ට ඇති

      Delete
    2. එස් බී දිසානායක නම් වනචර පඩත්තලයාට හා බල්ලන් හුකනා හැටි ගැන ප්‍රසිද්ධියේ දේශණා දෙන ගක් මූසලයන්ට වඩා ඌගේ මහත්මා කමක් හෝ ඇත.

      Delete
    3. අකිල කියන්නෙ නීති විද්යාලෙ විභාග වන්චා කරලා අහු උන එකෙක්. රාජපක්ශලාට වැදලා නීති ක්‍රීයාමාර්ග නවත්තා ගත්තු එකෙක්. දැන් කිසි කෙලෙහිගුනයක් නැතුව රාජපක්ශලාගෙ කුනු අවුස්සනවා. අපිටත් අන්තිමට කියන්න වෙලා තියෙන්නෙ SBට වඩා අකිල හොදයි වගෙ කතා තමයි.

      Delete
    4. යහපාලනය යනු :

      තනතුරට නියම සුදුස්සා නොව මහින්ද ගේ කාලයේ හිටි ඇමතිලාට වඩා ටිකක් ජැන්ටල් මෑන්ස් වෙන කස්ටිය ඇමති ධූරවලට පත් කිරීමයි....

      ඉතින් හද්දෙයියනේ අර "කුනු කන්නංගරෙන්" දා හතර දෙනෙක් ට ම ඇමති කං හම්බු වෙන එක අහන්න දෙයක් ද?

      Delete
    5. පැහැදිලි ඉරිසියාව හා හීනමානය..

      Delete
    6. සහතික ඇත්ත.....D

      Delete
  19. මහින්ද එලවගත්තා. ඊලග පියවර තමයි සිරිසෙන කොන් කරලා ගෙඩිය රනිල් කඩා ගන්න එක. ඒක පොඩ්ඩක් අවුල් වෙන්න පුලුවන් මුලු ශ්‍රීලනිපෙම සිරිසෙනට හේත්තු උන නිසා සහ හෙල උරුම ඩබල අලියගෙන් චන්දෙට එන්න බෑ කියපු නිසා.

    අන්න ඒකයි මන්ගලගෙ ඩොලර් බලකාය පිස්සු බල්ලො වගෙ දිවා රෑ නැතුව මඩ ගහන්නෙ.

    ReplyDelete
    Replies
    1. අඩේ උඹ කොහොමද ඒක දැන ගත්තේ. එතකොට ඉස්සර කඩේ ගිය මහින්ද ඇස් ඇල් ඇෆ් පී නෙමෙයිද?

      Delete
  20. මං නම් දවස් 100 දුවනකන් මුකුත්ම කියන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. උඹලට අවුලක් නෑ.. ඒත් ඇස් පනාපිට බොරුව රජයන කොට කට වහගෙන ඉන්න බෑ නේ.

      Delete
  21. දවස් සීයක ''ශිශිර තාරක නින්ද''ක් දාන්න ඕනේ. ඊට පස්සෙ ඇහැරිලා බලමු, රෙද්ද තව දුරටත් ඉනෙන් අඳිනවද, නැත්නම් ඒක උස්සලා මූන වහගන්නවද කියලා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට දෙවනි එකට තියෙන ඉඩ ප්‍රස්ථාව වැඩියි.

      Delete
  22. Obe post eka wenada wagema apooruyi!Sthuthiyi!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තූතියි කොමෙන්ටුවට..

      Delete
  23. දවස් හතෙන් කොයි වැලේද ලබු හැදුනේ
    දින සියයක් ඉවසන්නට වේවි අනේ

    ReplyDelete
    Replies
    1. මාස තුනක් යයි කළලය මෝරන්න
      ඊට කලින් හැක ගබ්සා කරගන්න
      දින සීයක් බලා පුක කහ කහ ඉන්න
      සිඳු වෙයි කා හටත් එය සිහියට ගන්න

      Delete
  24. ටූ මෙනි කුක්ස් ස්පොඉල් ද බ්‍රොත්

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සුපිරියි... මමත් කයි පන්තියක් ලියලා තියෙන්නේ හෙට දාන්නම්. මේ සෙට් එකම එතන ආයෙත් දාන්න. හැකියාව ඉහලයි..

      Delete
    2. @ gayathri //රීයෙන් ගලේ, යහ පාලන ටිකිරි ළමයි
      සීයෙන් කොරන එක ඇහුවත් අපට බනියි..//

      සැටිපිකෙට් ඇත්ත.! මරු කවි ටික. මරු ටැලෙන්ට් එක.

      සේනක අතුරලිය

      Delete
  26. ඈ මාතලන් දැන් තියෙන්නෙ සන්ධාන ආණ්ඩුවක් ද? යු.එන්.පී ආණ්ඩුවක් ද? නැත්නම් කවලම් මැල්ලුමක් ද? පහදා දෙනු මැනවි...

    ReplyDelete
  27. යහපාලනේ නම් කවද කොරන්න බැරිද...
    ඉස්සෙල්ලම මේ මාස 3 ගැටගගන් එපැයි නේද??

    ReplyDelete
    Replies
    1. ඒක නම් අවුල්ක් වෙන්නේ නෑ. මොකෝ දෙපැත්තෙම ගොඩක් උන්ගේ පෙන්ෂන් එකට කෙලවෙනවනේ..

      Delete
  28. මෛත්‍රිගේ පාට් එක මහින්දව පරාජය කරපු එකෙන් ඉවරයි. එතනින් එහාට දෙයක් එයාගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. මොකද මෛත්‍රිට රටක් කරන්න පුළුවන් තරම් අත්දැකීම් නැහැ. ඒකට උදව් කරන්න පුළුවන් සෙට් එකකුත් නැහැ. (මම කියන්නේ රටක් දියුණු කරන්න සපෝටර්ස්ලා)

    මෙතනින් එහාට තියෙන්නේ රනිල් ගේ වැඩ. රනිල් ට මේ ආර්ථිකය පාලන‍ය කරන්න පුළුවන් දැක්මක් තියෙනවා. අමාත්‍යංශ වුනත් එක එකාට දුන්නත් මේන් කන්ට්‍රෝල් එක තියෙන්නේ රනිල්ගේ අතේ. ඒක ඒ විදිහටම තිබුනොත් යමක් වෙයි..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න