.

.

Jan 20, 2015

පොලෝසියේ ළොකුම ළොකු සෑර් වෙත, - To IGP with Love



ලැටර් එක පටන් ගන්න උන්නේ, ඔබ තුමාට අපේ ප්‍රමාණේ පිරිනමලාය. සමාවෙන්න.. ප්‍රණාමේ පිරිනමලාය. ඒත් ඉතින් ඒවා ඉල්ලන් කන වැඩ වගේ දේවල් කියලා, සිඳුවීම් සිද්ද වෙන ආකාරයන්ගෙන් දැන් පෙනී යනවාය. මොකෝ..., අපි මැකෝට දීපු ක්‍රෙඩිට් එකත් ආයෙත් රිටන් ගන්න වෙලාය. ඒ තියා, අපේ රුපියල් සීය හිඟා කාපු එකත්, දන් දීපූ අපිට, රොඩියෝ කියලා කින්ඩිය දානවාය. ඔබ තුමන්ලාට ක්‍රෙඩිට් එක දෙන්න ගියේ සහ දුන්නේ, 8 වෙනිදා රෑ රජ වාසලේ වෙන්න ගිය කුමණ්ත්‍රණයකට එරෙහිව, මෝල් ගහ වගේ කොන්ද කෙලින් තියාගෙන මහ රජ්ජුරුවන් වහන්සේටත්, "නීතීයට පිටින් නම් යන්න බෑ අපේ හාමුදුරුවනේ..." කිව්වයි කියා කට කතාවක් ගිය නිසාය.

ඒත් ඉතින් මැකෝ උන්නැහෙත්, හමුදාවේ මාද්දිය ප්‍රොකාසොක තුමත් කිව්වේ, එහෙම දෙයක් උනේ නැතෙයි කියලාය. ඊයේ කුකුළන් කෙටවීමේ වැඩ සටහනකට ආපු, අපේ ආචාර්ය බන්ධුල ගුණවර්ධන සෑරුත් කිව්වේ, කෙලවෙන බව දැන ගෙන රජ වාසලට ගියාම, මහින්ද මහත්තයා තනියෙන් ටී වී එක දිහා බලාගෙන ජීවිතයේ අනිත්‍යය මෙනෙහි කොර කොර උන්න බවත්, "මොකෑ.. බන්ධුල වෙන්න යන්නේ කියලා..." ඇහුවාම, ඒ මැතිදානෝ, "සෑර්.. කොළඹින් කෙල උනා කියන්නේ, අපිට බඩුම තමයි...." කිව්වාම, "මට ජය පැරදුම දෙකම එකයි බන්ධුල..." කියා. බුදුන් වැඳ, මෛත්‍රී භාවනාව වඩා, තපස් රැකුම සඳහා මැදමුලනට ගියා කියලාය.

දැන් බලාගෙන යන විදියට, පොලොස් මූලස්ථානේ කුමන්ත්‍රන චෝදනා කේස් ඇදපු මංගල සමරවීර උන්නැහේ, අන්තීමේ චූදිතයා වෙලා, චූ නාගෙන, අපහාස කේස් යටතේ වැලිකඩ ගියත්, ඒ හැටි කළබල විය යුතු නැත්තේ, රජ වාසලේ චීප් ජස්ටිස් උන්නැහෙත් තාම අළුත්කඩේ නඩු බලවන නිසාය.

ඒ නිසා ඉස්තූති කරන්න ගිහින් නෝන්ඩි වෙන්නේ නැතිව, මෙන්න මේ සුට්ටන් කාරනා ටික ලියලා එවනවාය. මහ රජ්ජුරුවන් වහන්සේටත් දන නොනැමු, පොලිස් කාරයෝ කියලා ලැජ්ජාවක් නැතිව කියන්න පුළුවන්, පොලීසියේ නම හ ගෞරවය ආරක්ෂා කොරාපු කීප දෙනෙකුත් එතරම් දරුණු පාළණයක් තුලත් සිටියේය. ඒත් අන්තීමට උනේ, ඒ වීරයන්ට පොලෝසියට ආයිබෝවන් කියන්නය. උන්නැහෙලාට ගෙම ඇදපු උන්ට විරුද්ධව ක්‍රියා කොරනවා වෙනුවට කලේ, පොලීසියේ නිළධාරින්ට එරෙහිව, පොලීසියම ක්‍රියාත්මක වීමයි. අපේ ගමේ නම් ඕවාට කියන්නේ, නීතිය කියා නොව, නඩුයි බඩුයි ඔක්කෝම හාන්දුරුවන්ගේ කියාය.

ප්‍රිශාන්ත ජයකොඩි

හිටපු පොලිස් මාද්දිය ප්‍රොකාසක තුමා හම්බන්තොට පැත්තේ ඉන්න කොට. ඒ කාළේ පොලිස් මූලස්ථානේ ඉස්සරහා වෙඩි කාළා මල, චන්ඩි මල්ලිගේ පුතාට එරෙහිව ක්‍රියා කරන කොට, ආන්ඩුවයි පොලීසියයි හිටියේ ප්‍රිශාන්ත ජයකොඩි ලොක්කාගේ පැත්තේ නෙමේය. කොහොම හරි ඇතුලට යවපු එකා එලියට ආවාම ඉහලින් ඕඩර් එක ආවේ, අර පර බල්ලාගේ කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ගන්න කියලාය. අන්තීමෙදි උන්නැහේ පොලීසියේ ගෞරවයත් රැකගෙන ඉගිලි ගොස් නැවතුනේ, ඔට්ටේලියාවෙය. මේ මනුස්සයාට යුතුකම් ඉටු කළ යුතුය.

කොට්ටාවේ ටැපික් රාළහාමී

දෙවන සිද්දියත්, මහ රජ්ජුරුවන්ගේ ළඟම ඥාතියෙක්ගේ කේස් එකක්ය. චන්ඩියාගේ නම හේමාල් ගුණසේකරය. උන්නැහේ රෙන්න බර වෙලා, කක්කා දාන්න, හයි වේ එකේ හයි ඉස්පීඩ් එකේ ඇවිල්ලා කොට්ටාවෙන් එලියට යන කොට, ටැපික් රාළහාමි කෙනෙක්ට මාට්ටු උනේය. කක්කා බර හැඳුන එකා බැලුවේ පවර් එක පෙන්නලා මාරු වෙන්නය. ඒත් රාළහාමි කෙලින් උන්නේය. 

අන්තීමේදි අර චන්ඩියා කොට්ටාව එක්සිට් එකේ කක්කා කොලේය. එතන කක්කා කොරලා ගිහින් නැවතුනේ නැතිය. අර රාළහාමිගේ වාහනයත් ගිනි තිබ්බේය. අන්තීමේ රාළයාමි දිවිය ළෝකේ යවන්නත් මාර ගේමක් දුන්නේය. රාලහාමි උන්නාද මලාද කියා අපි දන්නේ නැතිය. සමහර වෙලාවට ඔබ තුමාත් දන්නේ නැතුව ඇතිය. මේන්න මේ රාළහාමිටත් අනිවාර්යයෙන් යුක්තිය ඉටු විය යුතුය.

වඳුරඹ  OIC

මේ රටේ තිබුන තුඡ්ඡම මැතිවරණය උනේ අම්මට සිරි ලංකාවේ තිබුන අන්තීම මැතිවරණයය. ප්‍රචන්ඩ ක්‍රියා අඩු උනත්. මිනිසත් බවට නිගා කළ, මිනිසුන්ට මානසික වශයෙන් උපරිම පීඩා කළ, මේ රටේ හැදියාව හා මිනිසත්කම ප්‍රශ්න කිරීමකට ලක් කරන පජාතම මැතිවර්ණය එය බව, අද සෑම දෙනාම පිලිගන්නවා ඇත. තමන්ගේම ලේඛම් තුමාට සලකන්නේ මෙසේ නම්. දෙමලාට, විරුද්ධවාදියාට, සැලකූයේ කෙසේද කියා අපට හිතා ගන්න පුළුවන්ය.

මෙන්න මේ ඡන්දයේදි, සැටිපිකට් පිස්සෙක් වඳුරඹදී ඉස්ටේජ් එකක් ගිනි තිබ්බේය. පොලීසිය නීතිය ක්‍රියාත්මක කලේය. ඒත් උප ඇමතියා තගරිය දා පොලීසිය බල්ලා මාක් එකට දැම්මේය. කොන්දක් තිබුනු ඕ අයි සී මහත්තයා සේවයෙන් ඉල්ලා අස්වී පොලීසියේ ගෞරවය රැක්කේය.

අපට මතක ඔය සිද්දීන් පමණය. කෙසේ හෝ මෙවන් අසාධාරණයන්ට ලක්වු නිර්භීත නිළධාරින් වහාම උසස්වීම් සහිතව, සේවයේ පිටවිය යුතුය. මන්ද මේ රටට යහ පාළණයක් ගෙන ආ හැක්කේ, මෙවන් නිර්භීත නිළාරින්ගෙන් මිස, කුඩු කාරයන්ගේ මුදල් වලට, බෝතලයට හා ගණිකාවන්ට දපනේ වැටී පොලීසියේ ගෞරවය විනාශ කරනා උන්ගෙන් නොවනා නිසාය.

අගලවත්තේ වල් අලියා

තෙවරප්පෙරුම නම් වල් අලියෙක් අගලවත්තේ පිස්සු කෙලියේ පොලීසියත් එක්කම ඇවිල්ලාය. පොලීසියට තිබුනේ ඌට තගරිය දාන්න බැකප් දෙන එක නෙමේය. ඔළු කට්ට කුඩු වෙන්න තියන්න බයම නම්, අඩු ගානේ දනිහෙන් පල්ලෙහාට හෝ කෙළලා අරින එකය. ජනාධිපති තුමාගේ නියමයෙන් ඌට බඩු සෙට් වෙන්න යනවා කිව්වාම සතුටක් ආවත්. අල්ලාලා තියෙන්නේ, හාල්මැස්සෝ තුන් දෙනෙක්ය. අප ඉල්ලා සිටින්නේ වල් අලියාත් අල්ලාලා බැඳලා දාන්න කියලාය. වැඩේ පටන් ගන්න කොටම රොටි පුච්ච ගත්තේ නැත්නම්, ආයෙත් පොලෝසියට වෙන්නේ, හාල්පාරුවෝ වාගේ අමු රොටි හා ජරාව කකා ජනතාවගෙන් නෝන්ඩි වෙන්නය.

පොලොස් කොමිසන් එනකන් ඉන්න ඕන නැතිය. අඩු ගානේ වෙන්නේ මක්කද කියලා බලන්න, නීතිය හරියට ක්‍රියාවේ යොදන්න කියලා ජහ මනයා වෙනුවෙන් අපි ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවාය. රජ ගෙදරින් පාළණය වූ පොලෝසියක් එක පාරම පොලිෂ් කරලා ගන්න එක ලේසි පාසු වැඩක් නොවේය. ඒත් එය කළ යුතුමය. කීර්තිමත් පොලිස් නිළදරුවෙකු ලෙස නමක් හදා විශ්‍රාම යන්නට වරම් ලැබේවා කියා පතනවාය.

වෙලේ සුදා රැකගැනුම කාටත් හොඳා

අවසාන වශයෙන් ඔබ තුමාගෙන් ඉල්ලන්නේ, වෙලේ සුදා, කුඩු හෝ බඩු හංගපු තැන් පෙන්නවන්න එක්ක යන්න නම් එපා කියලාය. පාදඩ, පාතාල වැඩ නොකොට, නීතිය නිසි ලෙස, විනිවිදභාවයකින් යුතුව ක්‍රියාවේ යොදවන්න කියලාය.

78 comments:

  1. අර තුන් දෙනා කෙසේ වෙතත් හිතවත් සුදා අයියා රැක ගැනීම නම් වටී.. මොකද සිර කූඩුවේ එල්ලි මැරෙන්නට මිනිහා දත කන නිසාය... කොට්ටාවේ රාලහාමිට නං ලොකු සාදාරණයක් වෙන්නට ඕන..

    ReplyDelete
    Replies
    1. වෙලේ සුදා කබරයා දානවලු හෝ ගාලා.. එලියට එන්නේ පොලෝසියේ ළොක්කෝ, පොලිටික්කෝ, කස්ටම් එක ළොකු පොරවල්ලු...

      Delete
  2. සුපිරි මචෝ.....විය යුත්තක්....

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අංකල් මොකෝ මැටනිටි ලීව් ගිහින් හිටියද

      Delete
    2. හෙක්...හෙක්......
      ඒම සිතුවද මගෙ පුථූ...... උම්මා....

      Delete
    3. ආආ......මේ අලය........
      මතක් උනේ දැන් ...හිටං ....
      ඩබල් උම්මා වස්තුව ට.....

      Delete
    4. නොවෙන එකයි අවුල.. ඒත් ඕන් තෙවරක් පෙරපු භාන්ඩේ අත් අඩංගුවට ගත්තලු...

      Delete
    5. හිතවත් කෙන්ජි

      අර මාතලංට අලුත් ආණ්ඩුවෙන් ලැබෙනවැයි කිව් තනතුර මොකක්ද??

      Delete
  3. අද පැරාත් (http://www.w3lanka.com/2015/01/blog-post_21.html) කියා ඇති පරිදි අර ආයුධ පෙන්න්න ගිය අය සහ අනිකුත් ආකාරවලට මරා දැමූ සිරකරුවන් සහ අත්අඩංගුවේ පසුවුණු අය ගැන කඩිනම් පරීක්‍ෂණ කළ යුතුයි!

    ReplyDelete
    Replies
    1. ඒවා නම් ෂුවර් නෑ.. ඉදිරියට වෙන එක වැලකුනොත් ඇති.

      Delete
  4. මට නම් හිතෙන්නේ පොලීසිය තවම ඉන්නේ ඉස්සර තිබිච්ච පුරුද්ද එකපාරටම වෙනස් කරගන්න බැරිව. එකත් සාධාරනයි. නීතය හරියට ක්‍රියාත්මක කරන්න, පොලීසියට කාටවත් බලපෑම් කරන්න මම දෙන්නේ නෑ ජනාධිපති වත් කියලා නැහැනේ. තවමත් පොලීසිය මැති ඇමති වරුන්ට විරුද්ධව හරියට නීතිය කරන්න ගියොත් ගෙදර යන්න වෙන බව පොලීසිය දන්නවා. අසාධාරන විදියට ගෙදර ගිය කාටවත් තවම සාධාරනය වෙලා නැහැනේ. ඒ නිසා අවංකව වැඩකරන්න බැහ.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි.
      පුද්ගලයෙක්ගේ පාලනයක් යටතේ තියන ඕනෑම දේකට බලපෑම් ඇති විය හැකියි.
      මේ නිසා කළ යුත්තේ අතීතයට “බල පැවැත්වීමට බලය සහිතව“ පොලිස් කොමිසම ස්ථාපනය කරන බව වහාම ප්‍රකාශයට පත් කිරීම සහ හැකි ඉක්මණිනින් පොලිස් කොමිසම පිහිටුවීමයි.

      Delete
    2. හෙනහුරෝ.... අතීතයට බලපාන නීති සකස් කරලා ඔයා හදන්නේ මිනී මැරීම, ට්‍රන්ස්ෆෝමර්, ලන්ගම බස්, ටෙලිකොම් වැනි දේ ගිනි තැබීම චොදනා මත ජේ වී පී කබ්බන් ව හිරේ දාන්නද?

      Delete
    3. බැහැ බැහැ කියපු කීයක් ඒවා මේ රටේ මිනිස්සු කරලා පෙන්නුවද? අවශ්‍ය කොන්දක් තියෙන මිනිස්සු විතරයි.

      Delete
    4. //බැහැ බැහැ කියපු කීයක් ඒවා මේ රටේ මිනිස්සු කරලා පෙන්නුවද? අවශ්‍ය කොන්දක් තියෙන මිනිස්සු විතරයි.//

      +++++++++++

      Delete
    5. පීචං සා රස, මේ කෙලවෙච්ච වේලාවේ දෙන දෙයක් කලා වෙන දෙයක් බලාගෙන හිටු !!!

      Delete
  5. එකෙන්ම.... කෝක වෙතත් වෙලේ සුදා නම් ‍රැකගත යුතුය...
    නැතිනම් ඔහුට මෙතෙක් කල් ඔක්සිජන් පොම්ප කල උන්
    නිසැකවම ගැලවෙනු ඇත.

    ReplyDelete
  6. මචං .................... මාතා.....

    ඒකක් ස්ථීරය... අපිට මේ මාතෘකාවට ගෑවිලාවත් යන්න කවියක් ලිවීමට අවශ්‍ය නැතිය... මොකද උඹ ඔක්කොම වමාරලාය.... උඹත් පීඩනයෙන්ද හිටියේ???????

    ReplyDelete
    Replies
    1. මම මොකක්ද බං... මුලු රටක්ම පීඩණයෙන් උන්න එකේ..

      Delete
  7. වැඩේට පොඩි කාලයක් ඕන. කොහොම උනත් මෛත්‍රීට අවංක උවමනාවක් තියනව නං කරන්න පුළුවන්.

    ReplyDelete
  8. ගෝටා රවටා රතනපාල තමන් නමට ලියාගත්තු රාජගිරියේ අක්කර හතරක දර්ම මාලිගාවේ සිට ජනාදිපති තුමාට වන්දිබට්ට ගී ගායනා කරනු දැක මට ගිරග්ග සමජ්ජ මතක් විය...

    ඒ ජනාදිපති දිනකට දහ වරක් බුදුන් වැන්දේය .... මේ ජනාදිපති දිනකට එකොලොස් වරක් බුදුන් වඳින බව ලූපවාහිනය අපට පෙන්වයි... සාදු සාදු සාදූ

    ස ර ස තුමා ද වන්චා දූශන නවත්වන්න බුදුන් වඳින කසිටිය පැත්තට හැරෙමි!

    ReplyDelete
    Replies
    1. අබ සරණයි උඹට පුතේ....

      Delete
    2. ගෝටා බබා...රැවටෙන්න...

      Delete
    3. පීචං සා රස, මේ කෙලවෙච්ච වේලාවේ දෙන දෙයක් කලා වෙන දෙයක් බලාගෙන හිටු !!!

      Delete
    4. වෙන්ඩ පොශ් ඇනො මහත්තයෝ...
      ඔබතුමන් ලා හන්දි හන්දි ගානේ පෝස්ටර් අලවලා මහන්සිවෙලා හදාපු ආන්ඩුවේ අපගේ පාසල් මිතුරන් කීප දෙනෙකුටම ඇමතිකම් ලබාදීම ගැන අපගේ බලවත් ප්‍රසාදය....


      මීට පීචං සා රස

      Delete
  9. වෙලේ වයිටා අයියනම් වැඩිකල් ඉන්න එකක් නෑ.අයුධ පෙන්නන්න ගිහින් නෙමෙයි. වෙන විදිහකට යයි වගේ.එතකොට තමා කරන්න ඕනේ වැඩ හදිස්සියේ කරන්නේ නැතුව ක්‍රමවේදයකට කලයුතු යැයි කියන මහත්වරුන්ට උත්තර හොයා ගන්න වෙන්නේ.ඇතුලේ තාම ඉන්නේ පරණ ගෝලොයොමයි කියන එක ඒ අය අමතක කරලා.

    ReplyDelete
    Replies
    1. මේ කතාව ඇත්ත.
      බලධාරීන්ගේ ඇස යොමුවිය යුතුයි.
      බලධාරීන් මේවා බලනවද?

      Delete
    2. ඒ නිසා තමයි කියන්නේ ඒ යකා රැක ගත යුතුයි කියලා..

      Delete
  10. 'ටූ සර් විත් ලව්' සුපිරි පික්චැර් එක.. IGP තුමාටත් තියෙන්නේ ඒ කතාවේ සර් අර වසල ලමයි ටික යහ මගට ගන්නව වගේ නැත්නම් ඊටත් හපන් ජොබ් එකක්..

    // අන්තීමේදි අර චන්ඩියා කොට්ටාව එක්සිට් එකේ කක්කා කොලේය.// හැක් හැක්.. කක්ක බර වෙලා වේගෙන් ගියා කියන එක බුදු ශුවර්..

    අවසාන වශයෙන් කීමට ඇත්තේ.. 'ප්‍රමදය දුකට හේතුවයි. ඒනිසා පොලිස් පති තුමනි. නොපමාව කුසල් දම් වඩන්න.'

    ReplyDelete
  11. එල ද බ්‍රා..
    බලන්නකෝ අයියන්ඩි වෙලේ සුදා අයියන්ඩිට තියන චියර් එක චන්දේ ඉල්ලුවෝත් අනිවා ඇමතිකමක් ෂුවර්..ඒත් ඉතින් අවුල දෙන අමාතංශය?

    ReplyDelete
    Replies
    1. බුද්ධ ශාසණ ඇමතිකම... ඇයි බං අගමැතිකමට උනත් සුදුසුයි නේ.. හිටපු එකා කන්ටේනර් පිටින් ගෙනාවේ..

      Delete
    2. විදේශ කටයුතු එකත් හොඳා :D

      Delete
    3. මමනම් කවදා හරි ගත්තොත් ගන්නේ ජනමාධ්‍ය ඇමති කම

      Delete
    4. ඡනමාධ්‍ය අමාතංශ ලේඛම් තුමා ඉහලින් කමන්ට් කර ඇත

      Delete
  12. හමුදා ප්‍රකාෂකට හෝ මැකෝට බෑනෙ එහෙම කුමන්ත්‍රණයක් උනා කියල කියන්න. මොකද ඒ සීන් එකේ ඉඳල තීන්නෙ හමුදාපති, පොළිස්පති, නීතිපති, නි. සොලිසිටර් ජනරාල් සහ අග්‍රවිනිශ්චකාර කියන සෙට් එක. එතකොට මේ අය අතරින් කිසිම කෙනෙක් මේ වෙනකල් එහෙම දෙයක් උනේ නෑ කියල ප්‍රකාෂ කරල නෑ. නමුත් ඒ වෙනුවට පොළිස්පති සහ නීතිපති අනුමැතිය දීල මේ ගැන පරීක්ෂනයක් පවත්වනව. ඒ කියන්නෙ....??

    යහ පාළනය නොතිබිච්චි පහුගිය ආන්ඩුව ෆොන්සේකව කුදලන් ගියෙත්, පරීක්ෂනයක් පවත්වල, නඩුවක් දාල ඒකෙන් උසාවි තීන්දුවක් අරන්. එහෙව් එකේ කලබල නොවී හිටහන් පොඩ්ඩක්.


    අර වවුනියාවට පන්නල ඉන්න නි.පොලිස්පති පූජිත, උසස්වීම් නොදී ඉන්න ෆොනීගෙ මස්සිනා, ඔයවගේ තව සෑහෙන්න ඉන්නව පොළිස්පතිතුමාට බලාගන්න. නීතිගරුක නිළධාරියෙක් කියල දන්න ඔබතුමාට එහෙනම් ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් එසේම වේවා...!!! තැටිය රත් උන වෙලාවේ රොටි ටික පුච්ච ගන්න පොඩි උනුත් දැන ගන්න ඕන...

      Delete
  13. තවම චන්ද දුෂණ ( චන්ද මගඩි , ජිල්මාට් ) ගැන තොරතුරු එලියට ආවේ නැහැ , මොකද සමහර දිස්ත්‍රික්ක වල ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය 84% ඉක්මවා තිබුනා .

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි විප්ලවයක් එනකොට.. නිදාගෙන ඉන්න උන් නැගිටනවා...

      Delete
  14. ඔය සේරම අතරේ උදේ පාන්දර වංගුවල ඉඳං යාචක වෘත්තියේ යෙදන සගයන්ට ටිකක් දවල් වෙලා එන්න කිව්වොත් හොඳා. (දණහිසෙන් පහලට තිරනකොට ඔලුවෙන් හිටගන්න එපා කියන්න)

    මාතා, ඔන්න මාත් අලුත් යුගයේ වගකීම පටාං ගත්තා.
    http://madhumadhavi135.blogspot.com/2015/01/blog-post_21.html

    ReplyDelete
    Replies
    1. එළකිරි... විය යුත්තේ එයයි..

      Delete
  15. සුද්දන්ට එන්න කියමු............ අපේ රට බලන්න කියමු .............
    බලාලා ඉගෙනගන්න කියමු අපි .................
    සුද්දන්ට ටියුෂන් දෙමුකෝ අපි............

    ReplyDelete
    Replies
    1. මෙහෙම ආන්ඩුවක් ළොවෙත් නෑ ලොවි ගහෙත් නෑ... ඇයි බං සුළුතරය තමයි ආන්ඩුව රන් කරන්නේ..

      Delete
  16. චක්කර පෙරුම පොලෝසියට භාරවුනා කියලනම්
    'ලක්බිමේ" තිබුනා. බීජ ධාතු තලල කුදලගෙන එන්න තරම් පණ තියෙන පොලෝසියක් නැති හැටියක්. ඒත්.. පහත් තැනින් නම් ගලා බසිත් ජලාණෝ...

    ReplyDelete
    Replies
    1. එයාට බඩු සෙට්.. යූ ඇන් පී කාරයන්ට රතන සාධුත් වෝනින් එකක් දුන්නා.. මේ වගේ හරක් හිටියෝත් ගිය සැරේ වෙච්චි දේම වෙයි..

      Delete
  17. තව එකෙක් ඉන්නව මාතෙ බුවා කොහෙ කොහොම ඉන්නවද දන්නෑ ඒත් ජොබ ලෙසටම කලා
    අන්වර්ත නාමය අබා කොස්ත...(ඇත්ත නම අපි දන්නෙ නෑ)
    මහිපාල අංකල්ගෙ කනත් අතගෑව එයාගෙ ගෝලයෙක් බේරන්න කියල පවර්ස් දාද්දි... ඊට ටික දවසකට පස්සෙ මනුස්සයට මොකක් වුණාද කව්රුත් දන්නෑ

    ReplyDelete
    Replies
    1. මහීපාල එක්ක ගේම ඉල්ලුවනම් සමහර වෙලාවට දිවිය ළෝකේ ඇති.. අර නූරියවත්තේ වතු අධිකාරී වගේ..

      Delete
    2. මචං පොර තමයි ත්‍රීවිල් බුවෙක් ගෙන් ඇහුවේ ,, ඇ හුත්තිගෙ කොල්ලෝ තෝ කැසට් එකක් අරගන ත්‍රීවිල් එකක් හයිකරාද කියල '''

      Delete
    3. අටං අය්යෙ ඒක ඒ දවස් වල සාමාන්‍ය දෙයක් වුනා....
      කොටිංම කියනව නං කොටට අදින කෙල්ලො ජයගම රැකොඩ් බාර් අනං මනං මොකුත් නෑ..
      හිහි

      Delete
  18. කාලෝචිතයි මාතා කාලෝචිතයි.

    ReplyDelete
    Replies
    1. හැමදාම කාලෝචිත වෙයිද දන්නේ නෑ.. මේ වෙනකන් උනා වගේම..

      Delete
  19. දැන් ඔයාට ඕන කුමන්ත්‍රණයක් වුනාමයි, හිටපු ලොක්කා ගියේ හිත හොඳින් නෙවෙයිය කියලා ලෝකෙට කියලා , ඒ උත්තමයට අවනම්බු කරන්නද? අනික ජය පැරදුම දෙකම එකසේ විඳගන්න සත්තිය තියෙන ඒඋත්තමයා , හොඳයි ඕනේ නම් එයාට තිබ්බේ නැද්ද තමුන් පැරදුනේ දෙමල මුස්ලිම් මිනිස්සු නිසාය , එයා සිංහල බහුතරේගේ ජනාධිඅපතිය කියලා මිනිස්සු අවුස්සන්න , කෝ එහෙම කලාද?..... නෑනේ ? නිකං බොරු නොකියා ඉන්න මාතලන්

    ReplyDelete
    Replies
    1. ඉවාන් මල්ලි තරහ වෙන්න එපා. මමත් ඕක ඇහුව හමුදාපති හා පොලිස්පති දැන් පස්ස ගහනව කියල. අර කුමන්ත්‍රණ කථාව retract කරගෙන. එතකොට මුලදී කිව්වේ තමන්ගේ තනතුර බේරා ගන්නද කියල ප්‍රශ්නෙකුත් එනවා. ලියන්න බලන්න ඔයා විරුද්ධ මතය.

      Delete
    2. දේසපාළණ සජාචාරය කියන්නේ මේකද කියලා ඇහුවාම මට ඇඬුනා බං.. පොන්සේකා වගේ හතර ගාතෙන් උස්සගෙන නොගිය නිසා හිතට අමාරු ඇති.. අපි උනත් ආසයි නේ බං කවුරු හරි අපිව උස්සනවට..

      Delete
  20. තෙවරක් පෙරපුව දාල කිරි කලේ කචල් උනානෙ. දැන් ඒක පිරිසිදු කරල ගන්නකම් අනික් වැඩ කරන්ඩ වෙන්නෙ නෑ .

    ReplyDelete
    Replies
    1. එයාට බඩු හරි.. අලියෙක් නෙමෙයි.. මී හරකෙක්..

      Delete
    2. කිරිකලේ නෙමෙයි බං, හොරු කලේ

      Delete
  21. හ්ම්.... වෙලේ සුදා සුරැකීමේ ජාතික ව්‍යාපාරය......!
    අවි පෙන්වීමට ගොස් වෙඩි කෑමට පෙර,
    ග‍ෙඟේ පැන සිය දිවි නසා ගැනීමට පෙර,
    අතුරුදහන්ව පලා යාමට පෙර,
    මට මතක නෑ කීමට පෙර,
    අමාත්‍යාංශයට මෙන් නයෙක් පැන දෂ්ඨ කිරීමට පෙර,
    ගම්පොල සීයාට (දිමූ) මෙන් කට පණ නැතිවීමට පෙර,
    සිර කඳවුරේ කළබලයක් ඇතිකර වෙඩි කෑමට පෙර,
    නීති පති විසින් චෝදනා (නඩු) ඉල්ලා අස් කිරීමට පෙර.
    වෙනත් අළුත් ක්‍රමයකට අතුරුදහන් වීමට පෙර.
    කුඩු වෙළදාමට සම්බන්ධ සියළු පාර්ශව අනාවරණය කර දඬුවම් දීමට අවශ්‍යනම්............
    o- වෙලේ සුදා සුරැකීමේ අන්තර්ජාල ජාතික ව්‍යාපාරය -o

    ReplyDelete
    Replies
    1. සාදුකින් පෙලෙන උන් දැන් ඉතීන් නැගිටියව්...
      ජයවේවා...!!! වරේවා...!!!

      Delete
  22. කෝ මේ මහින්දට කඩේ ගියපු මකසි,මාරයා,තනි තරුව, කසා පබ්බත,මීදුම, යුතුකම සංවාද කවය,සා රස, ප්‍රතිවාදියා,හිස් අහස, ගයාත්‍රි වගේ අය?අතුරුදහන් වෙලාද?

    ReplyDelete
    Replies
    1. හිස් අහස ලිව්වෙ මීමුරේ මාමගෙ බෝතලේකටනෙ. මීමුරෙ මාම ලිව්වෙ උපෙන්ද්‍රය බෙදපු මහින්ද ගහපු අපේම සල්ලිවලට. මාරය ලිව්වෙ ගොන් කමට. අනෙක් උන් සේරම උපෙන්ද්‍රගෙන් සල්ලි අරන් ෆේස්බුක්, බ්ලොග් වල කමෙන්ට් කෙරුවෙ.

      Delete
    2. // කෝ මේ මහින්දට කඩේ ගියපු මකසි,මාරයා,තනි තරුව, කසා පබ්බත,මීදුම, යුතුකම සංවාද කවය,සා රස, ප්‍රතිවාදියා,හිස් අහස, ගයාත්‍රි වගේ අය?අතුරුදහන් වෙලාද? //

      අපි, වෙන්ඩ පොශ්ඔබලාගේ ඇමති මන්ඩලය ප්‍රසාරනය වන සැටි බලා සිටිමු..

      පිවිතුරු හෙට ට අනුව ඇමති මන්ඩලේ විසි පහකි... අපිරිසිදු අනිද්දාට අනුව එය පනහකි... එයඉනුත් දාහරක් ම කොලඹ රාජකීය විද්යාලයේ ආදි සිසුවන්ය.....

      අපි හැපි!

      .... හි හි මීට පීචං සා රස

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. AnonymousJanuary 21, 2015 at 6:35 AM
      ඇයි බං ඕකට ඇබයක්වත් ගහගනිංකෝ!අන්න නයිටීඇන් එකෙත් කිව්වා උඹ හැමතැනම රීලා කියලා..!
      මාත් කඩේ ගියා උඹේ කොන්ද හයි වෙන්න ඇනලීන් ගේන්න! අවුල්ද?

      AnonymousJanuary 21, 2015 at 6:42 AM
      කවුද යකෝ ඔය උපේන්ද්‍ර???

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
  23. හුට්ට බටා..................... යකෝ, පොලෝසියේ ලොකු මහත්තයා ඇඳගෙන ඉන්නේ ෆීල්ඩ් මාර්ෂල් නිළ ලාංඡනේ නේද?

    ReplyDelete
    Replies
    1. නීතීපති තුමාටත් එකක් දුන්නට අවුලක් නෑ...

      Delete
  24. මාතලන්ට ප්‍රණාමය..!! යහ පාලන සිඟිති ආතල් වෙනුවට මෙන්න කරනවනම් වැඩ...

    ReplyDelete
    Replies
    1. ඒවා සිඟිති ආතල් නෙමෙයි.. නැත්නම් ඔක්කෝටම අමතක වෙනවා.. කොටි මරපු එකත් අමතක උනේ..

      Delete
  25. පැහැදිලිවම...විය යුතුයි !


    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න