.

.

Jan 6, 2015

ඡන්ද අයිතිය, වටිනාකම හා අනාවැකිය - Voting Power & Predictions


මාතලන් මේ දිනවල ඉන්නේ බොහෝම සුන්දර පවුලක් හා පිරිසක් පිරිවරාගත් ගම්මානයකය. ඒක අර දේදුණු කැළුම් වගේ දිග කතාවක් නිසා මෙතන ලියන්න යන්නේ නැතිය. දන්න උන් දන්නවාය. නොදන්නෝ කවදත් නොදන්නේය. ඊයෙත් මධු පානයෙන්, සංගීතයෙන් හා දේශපාළණ කචල් බචල් වලින් පිරී ගිය රාත්‍රිය, නිමා වූයේ බොහෝ රෑ වීමෙන් පසුය. අද උදේ ජොබ් එකේ පොඩි වැඩ ටිකකට ගිහිල්ලා ඇවිත්, හවස් වරුවේ නින්දක් දාගෙන ඉන්නා කොට, "ඉවාන් පවුලූෂා" කෝල් කලේය. දැන් ඉතින් ආයේ නිදා ගන්න කලින් කුඩු පොඩ්ඩක් ගහන්න ඕනාය. මාතලන්ගේ කුඩු ගැහිල්ල බොග දාන එකය.

මාතලන් ඡන්දේ දාන්න කොහෝම හරි කොළඹ එනවාය. ඒ, අද රෑ හෝ හෙට උදේය. බොග දාන උන් සෙට් එක එක්ක, බොහොම කාළෙකින් සෙට් උනේත් නැතිය. "චෙෆාකි" හැමදාම සෙට් වෙමුයි කියනවාය. "අටමාත්" මේ ගැන කතා කලාය. අත ළඟ ඉන්න "නලියාද" බොහෝ කාළෙකින් දැක්කේ නැතිය. "තිලකෙත්" කිව්වේ කොහොම හරි හමු වෙමු කියලාය. "හැලපෙත්" නැව් නැගලාය. "මීගස්තැන්නයාත්" බින්තැන්න බලා එන ගමන්, පොටෝ එකක් අප්ලෝඩ් කරලාත් තිබුනේය. "කකාත්" කොහේදෝ ලස්සන රටකට යනවා කියා ලියලා තිබුනේය.


අපේ රටේ ගොන් හරක් විශාල පිරිසක් චන්දේ දාන්න යන්නේ නැතිය. ඒ මේ රටේ උන්ට ඒක නිකං ඉඳලාම හම්බ වෙච්චි දෙයක් නිසාය. සමහර රටවල නම් චන්දේ දැම්මේ නැත්නම් පත දඩයක් කෙලිනවාය. අම්මට සිරි ලංකාවෙත් මේ වැඩේ නම් කොරන්නම ඕනාය. මොකෝ අපේ චන්දය නොදාන සෙට් එක බොහෝම වැඩිය. අපේ ගොන් වස්සන්ට, වැසීයන්ට මේ චන්දයේ වටිනාකම තේරෙන්නේ, කවදා හෝ මේකටත් කෙලවෙලා ගිය දවසටය.

තමන්ගේ චන්දේ දෙන්නේ කාටද කියලා, එකෙක්වත් කාටවත් කියන්න ඕන නැතිය. අනික චන්දේ දාන්නේ මොකාටද කියලා කිසිම කෙනෙකුට හොයා ගන්නත් බැරිය. ගම්වල මිනිස්සු බය කරලා තියෙන්නේ, අයිඩෙන්ටි කාඩ් එක ඡන්ද පත්‍රිකාවේ ලියනවාය, එහෙම ලිව්වාම, හැම එකාම චන්දේ දැම්මේ මොකාටද කියලා හොයා ගන්න පුළුවන් කියලාය. මේවා අර ජාත්‍යන්තර කුමන්ත්‍රණ මෙන්ම නැව් බොරුය.

ජනවාරි අට වෙනිදා උදේම කරන්න තියෙන්නේ, චන්ද පොලට ගිහිල්ලා, තමන්ගේ චන්දේ තමන් මනාප එකාට දාන එකය. එකෙක්වත් කියන එවා, අහන්නවත් කොරන්නවත් ඕනා නැතිය. තේරෙන්නේ නැති එකක් තියෙනවා නම්, එතන ඉන්න නෝනා මහතතයාලාගෙන අහගන්න පුළුවන්ය. ගොඩ වෙදුන්ගෙන් උපදෙස් ගන්න ඕනා නැතිය.

මේ ඉන්න එකෙකුටවත් කැමති නැතත්, අනිවාර්යයෙන් චන්දෙ දාන්න යන්න ඕනය. එහෙම ගිහිල්ලා චන්ද පත්තිරිකාව පුරාම, හරහට කතිරයක් ගැහුවාම, කියන්න ඕන දේ පහසුවෙන්ම කියන්න පුළුවන්ය. පට්ට ගොන් බූරුවෝ ලෙස සලකන මෙරට ජනතාව, වීරයා වෙන දවස මැතිවරණ දවස විතරය. ඉතින් එදාට එකෙකුටවත් බය වෙන්න ඕනා නැතිය.

ආර්නෝල්ඩ් සුභසිංහ වගේ, සිල්වැස්ටර් ඉස්ටැලෝන් වගේ, කැට් වුමන් වගේ, වීරයෙක් කියලා හිතාගෙන, චන්ඩි වගේ චන්ද පොලට ගිහිලා, තමන්ගේ චන්දේ දාලා, අපේ බලේ ඊට පහුවද ඉඳන් රට කන උන්ට පෙන්නන්න ලැබෙන එකම අවස්ථාව මෙයය. ඒ නිසා මේ ඉන්න දහ නම දෙනාගෙන්, මොකාට හෝ ඔබේ චන්දය දී වීරයකු මෙන් ගෙදර එන්න.

මාතලන්ගේ ඡන්ද අනාවැකිය..

සමීක්ෂණ, නිරීක්ෂන, ජෝතිෂය, විශ්ව ශක්ති, ගල්, මල් හා පොල් ආදි සියළුම බලයන්ගෙන් සමන්විතව, මාතලන් නම් කියන්නේ, වෙනසක් සිඳුවනවාමය කියාය. එය 55% ඉක්මවා ගිය පැහැදිලි ජයග්‍රහණයක් වන්නේය. එහෙත් බලය හුවමාරුවේ විශාල ගැටළු ඇති වන්නේය. මේ තත්වයන් මාර්තු මාසයේ මුල් සතිය වන තෙක් පැවතිය හැකිය. ඉන් පසු රටට මෙන්ම ජනතාවටද යහපත් කාළයක් උදා වන්නේය.

ඒ කියන්නේ... එක්කෝ මහින්ද ජනපති වී, සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයකු වනවාය.. (එවන් දෙයකට සම්භාවිතාවය බොහෝ අඩුය.)

නැතිනම් මෛත්‍රීපාල ජනපති වෙනවාය... (සම්භාවිතාවය වැඩි මෙයටය.)

ඒ වගත් මෙසේය...

138 comments:

  1. බෙල්ජියමේ ඉන්න අපේ එඩුවා සැරයක් නිවාඩුවට පෘතුගාලේ ගියා.ඡන්දෙ මතක්වෙලා තියෙන්නෙ එහෙදියි.(යුරෝපෙ මැතිවරණ උණුසුම කොයිතරම්ද කියල ඒකෙන් හිතාගනිල්ලකො) මූ ආතබුත කඩාගෙන ආපහු ආව නිවාඩුවත් කෙටිකරලා.ඇයි ඡන්දෙ නොදුන්නොත් දුම් විසිවෙන දඩයක් වදිනවනේ.ඒ ගානෙන් පෘතුගාලෙට දෙතුන් සැරයක් ගියහැකි.

    ReplyDelete
    Replies
    1. පොහ්....................මරු ක්‍රමයක් නොවැ හැලපේ. අම්මපා මෙහෙත් හදන්න ඕනෙ ඡන්දෙ නොදැම්මොත් රු 50000/- ක විතර දඩයක් ගහන ක්‍රමයක්.

      Delete
    2. මහින්ද රාජපක්ශ දිනනවාමයි. ප්‍රතිශතය 51.8. ගයාත්‍රි.

      Delete
    3. who is Gayathri. I think she is a bit mongal

      Delete
    4. මහින්ද රාජපක්ශ දිනනවාමයි. ප්‍රතිශතය 51.8. - මැන්ටල් ගයත්‍රී

      Delete
    5. මෙහෙත් මචෝ මේක අනිවාර්ය කරන්නම් ඕන...

      Delete
    6. //who is Gayathri. I think she is a bit mongal// what is the meaning of mongal? who is this ano?

      Delete
    7. මමත් ගයත්‍රි සමග එකගයි. මහින්ද දිනනවා වැඩි ඡන්ද ප්‍රතිශතයකින්. ඒ සියල්ල සිංහල ඡන්ද වීම තමයි විශේෂතවය වෙන්නේ.- motherlandsrilanka@yahoo.com

      Delete
  2. වෙන වෙන අහවල් එව්වට ජන්දේ දාල තිබුනට ජනාධිපතිවරණයකට ජන්දේ දාන්න ලැබිල නැහැ කියල මම දැනගත්තේ ඊයේ පෙරේද...
    2004 දී ගෙදර කරදරයක්, 2014 ලංකාවෙන් පිට
    ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පාරනම් යනවා...
    තනියෙන් නෙමෙයි ගෙදර උන් ඔක්කොමත් ඇදගෙනම...
    හෙහ්..හෙහ්...

    ReplyDelete
    Replies
    1. අපිට අයියලා වෙන්න තියෙන්නේ ඔය දවස විතරයි...

      Delete
  3. කතා යන විදියට මහින්ද මාමගේ ලඟම ඈයොත් චන්දෙ දාන්න ඉන්නේ නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. ලැබෙන ආරංචි නම් කියන්නේ එහෙම තමයි....

      Delete
  4. @ මාතලන් සහබ්,

    අරේවා!!!! පිල්ලියාට ඡන්ද බලය ලැබිලා දැනට අවුරුදු 4ක් විතර වෙනවා. ඒත් අද වෙනකම්ම මොකෙක්ටවත් (ඡන්දේ) දීලා නෑ.......!!!!
    ඔන්න අද හවස අපේ මල්ලි ජී අපේ කසීන් භයියාකෙනෙක්ව මීට් වෙන්න ගියා. උන් අපේ ම්ල්ලි ජීගේ ෆෝන් නම්බර් එක ඉල්ලගෙන කියනවා ලු. "මල්ලී, මේ දවස් දෙකේ රෑට මොන Xරියෙක් හරි ඇවිත් දොරට තට්ටු කලොත් අපිට කෝල් එකක් දීපන්! අපි එනකම් දොර නම් අරින්න එපා!" කියලා.
    මොකද මේ පලාතේ ඡන්ද කාලෙට කෙරෙන එක සෙල්ලමක් තමයි රෑට දොරට තට්ටු කරලා ඡන්ද කාඩ් ඉල්ලන එක. (වැඩේට අවශ්‍ය කරන ජාතියේ එවුන් පිට පලාත්වලින් ඉම්පෝර්ට් කරනවා. මේවට ඒරියා එකේ එවුන් එනවා බොහෝම අඩුයි. මොකද මාට්ටු වුණොත් කෑම ෂුවර් බව උන් දන්නවා.) කලින් අවුරුද්දක නම් ඔය වගේ කාඩ් ඉල්ලන් ආපු ඈයොන්ට අපේ උදවිය "ගිනි අඟුරු හට්ටියක් මුහුණට දමා ගැසීම" "පොරෝ පහරවල් දීම" (කරුමෙට වැදිලා තිබුණේඅ තලයේ අනිත් පැත්ත.හික්z!) ආදි සංග්‍රහ සත්කාර එහෙමත් කරලා තිබුණා! පිල්ලි ජී & මල්ලි ජී මේ වෙනකොට බැටරි ඇසිඩ් සොයා දැවැන්ත මෙහෙයුමක් සිදු කරමින් සිටිනවා!!!!!

    ඔන්න ඔහොමයි පිල්ලියගේ ජනපති සටනේ තත්ත්වය!!!
    හික්z!!!

    ප:ලි:- ජනපතිවරණයට අදාලව පෝස්ට් එකක් ලියන්න මෙව්වා එකක් ඔලුවට ආවා! ඒත් සහබ්, නොදන්න පොලිටික්කෙට ගිහින් xx xxත් නැතිවෙයි කියලා බයඉ.

    එනිවේ.........

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. චැහ් .. උඹව දැක්ක කල් !!

      මං නං කියන්නෙ ඉස්සෙල්ල වෑයෙන් රැහැල තමා පොරෝ පාර දෙන්ඩ තියෙන්නෙ. ඕ යේස්

      Delete
    2. මේ රටේ මිනිස්සු මැරෙන්න හරි බයයි.. මැරෙන්නේ එක සැරයයි...

      Delete
  5. ස ර ස වන මම තුමා ගේ අනාවැකිය නම් 55% ඉක්මවූ වැඩි චන්දයෙන් මෙවරත් මහින්ද මාමා ජානාදිපති වන බවය.

    කුරුටුගාමී දුමින්ද නාගමුව චන්ද 50000 පන්නන බවය.

    ඇල්ලූ ඔට්ටුවේ හැටියට මාතලං ගොයියාට නව වනදායින් පසු බොග ලිවීම නැවැත්විය හැකිය.

    ඇමරිකොං ආන්ඩුවෙන් ලබාදුන් සල්ලි යොදවා හොඳින් ඉන්න පුලුවං කල මොකට බොග් ලියනවාද පින්වතුනි?

    ReplyDelete
    Replies
    1. සරස උබේ සරම බිම !
      හුකෑස්.......ඈමරිකන් පුරවෑසියන්ගේ ආණ්ඩු පෙරලන්න ඈමරිකාවෙන් ඩොලර් දෙනවද?

      Delete
    2. ඇනෝ... නිරුවතින් ඉන්න මගේ සරමක් බිම වැටෙන්නෙ කොහොමද කියලා කියා දෙනවද?

      හැබැයි දුමින්ද නාගමුව චන්ද 50000 වඩා ගත්තොත් පොරොන්දු පරිදි වැඩ සිද්දවෙවි කියලා නිරුවත් ස ර ස තුමා බලාපොරොත්තු වෙනවා...

      Delete
    3. මකසියෝ.. එක කාලෙක රජෙක් හෙළුවෙන් ගියා. එයාත් එයාගෙ ඇමතියොත් රටවැසියොත් කිව්වෙ එයා මෝඩයින්ට නොපෙනෙන සළුවක් ඇඳන් ඉන්නවා කියලයි.. පොඩි කොල්ලෙක් තද්දුළුවෝ එළුවැල්ලෙං හූ හූ කිව්ව්මයි උන්ගෙ ඇස් ඇරුනෙ. උඹත් ඒ වගේයි බං..

      Delete
    4. මම කොටද බං හාල්පාරුවෙක් වෙනුවෙන් බ්ලොග් ලිවිල්ල නවත්තන්නේ.. ඌ 50000 ක් ගත්තත් 500000 ක් ගත්තත් දිණන එකෙක් නෙමෙයිනේ.. කොහොමත් 50000 කට වඩා ගන්නේ නෑ...

      Delete
  6. හ්ම්ම්ම්..........................දැන් තමයි කම්පනාවට ආවේ. දෙනවා දෙනවාමයි. හරියටම උදේ 6.59 වෙනකොට ඡන්දපොළේ ගේට්ටුව ගාවට යන්න හිතාගත්තා.

    ReplyDelete
    Replies
    1. කම්පනාවට නම් සිංහල වචනයක් සිංහල බසේ නැත. fm නිවේදකයෙක් වගේ වෙලා බස නසන්න එපා ලොකු උන්නැහේ. අපේ වචන වල අඩුපාඩු හොයන මුන්නැහේ ඔහොම වචන ලියන එක වැරදියි.

      Delete
    2. කළුවා හෙට කුජීතය !!! අනුකම්පා කරන්න. කරදරයක් නොකරන්න.

      Delete
    3. මාතලන් නම් උදේම ගිහින් කළගුණ සැලකුවට ප්‍රතිඋපහාර දක්වලා ආවා...

      Delete
    4. Well-done man !!!

      Delete
  7. mata janadipathiwaranay miss wena mulwathawa me,Mama janadipathi waranayakata mulinma chande demme 1982 Wijeweerata,(First&last time for JVP)1989 chanda dana mul 5denata maranaya kiyaddeeth mulin chande dunna.madawi kamatath ekka(apith issara Kollo) my3 tawasi kiyala Aranchiyak den awa.ela

    ReplyDelete
    Replies
    1. පුළුවන් නම් මරපිය කියලා මාත ගිහින් ප්‍රේමදාස මහත්තයට දීලා ආවා...

      Delete
  8. sorri nama amathaka una uda comment eke (Ranjan)

    ReplyDelete

  9. ඡන්දෙ දාන එකත් මදෑ. අපි නං හෙට ඉඳල ඩියුටි.
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. කවදත් ඡන්දේ දානවා.. ඒ වගේම දාන්න උනන්දු කරවනවා...

      Delete
  10. So, finally you made up your mind to vote the winning candidate then!

    ReplyDelete
  11. මාතලන් චන්දෙ දාන්න කොළඹ එනකොට අපිනම් චන්දේ දාන්න ගම රට යනවාය.. ඒ අපි ගමේ බයියන් නිසාය.. මොකා කොහොම කියුවත් මෙදා පාරනම් හංසයා ඉදිරියෙන් ලොකු කතිරයක් ගසනවාය.. පුලුවන්නම් සාටකයාගේ බුලත් කොලේට හීනියට කෙල පාරකුත් විදිනවාය.. සාටකයා ඒ තරමට තිත්තය.. හැබැයි මාතලන්ගේ වචනෙන්ම කියනවනම් මේ අම්මට සිරි ලංකාවේ කළගුණ දත් සම හරක් කොටසක්ද හිටින බැවින් මගේ ජයග්‍රාහී ප්‍රතිශතය වැටෙන්නේ 51-53% අතරටය.. 55ක් ගත්තොත් තන්තෝසෙට කලු ලේබලේකුත් අරන් කොයි ලොකේ හිටියත් මාතා සොයාගෙන සෙට් වෙන්නට එනවාය.. ජය ශ්‍රීය.

    ReplyDelete
    Replies
    1. Keri Maathata Black label is nor digest only Gal or Jungle juice. dont worry about branded product... mmuune kiwwe having spirit is ok for everybody.

      Delete
    2. අනිවා.. එහෙනම් බොන්නම වෙනවා...

      Delete
  12. //තමන්ගේ චන්දේ දෙන්නේ කාටද කියලා, එකෙක්වත් කාටවත් කියන්න ඕන නැතිය. //

    බුකියෙ නං සමහර ගොන් වස්සො "මගේ ඡන්දෙ අහ-වළාට" කියල බැනර් ගහන් ඉන්නව. තමන් අරූට සපෝට් කියන එක එකක්, ඡන්දෙ ඌට කියන එක තව එකක්.

    එහෙනං අළුත් ආන්ඩුවකදි අපි හම්බුවෙමු ආයි පාරක්!

    ( අර මීගස්තැන්නය එක්ක බොන්නෙ පරෙස්සමින් )

    ReplyDelete
    Replies
    1. එහෙනම් අහවල් එකටෙයි රහස් චන්දයක් තියන්නේ...

      Delete
  13. හලෝ මාතලන්,

    ගොඩ කාලෙකට පස්සේ තමයි කොමෙන්ට් එකක් නං දාන්නේ හැබැයි ඒ උනාට මම අපේ මාතලන්ගේ,රාජ්ගේ,හැලපගේ එහෙම බ්ලොග් බැලුවා. රාජ් නං දිගටම ලියලා තිබුනා. හැලපෙ නං ගොඩ දවසකින් මොකුත් ලියලා තිබුනේ නැද්ද කොහෙද.

    මම ඉතිං කොමෙන්ට් එකක් වත් දැම්මේ නැත්තේ මට ඉතිං හැමදාම කොමෙන්ට් දැම්මත් කියන්න තියෙන්නේ එකම දේනේ. ඒ හින්දයි. ඉතිං මට හිතුනා එව්වා එපා වෙන හින්දා කොමෙන්ට් නොදා ඉන්නං කියලා.

    අද නං ඔපිස්‌ එකේ ලයිට් තිබුනෙත් නෑනේ අපට. ජන්දෙට කලින් පාරේ ලයිට් ලයින් එහෙම චෙක් කරන හින්දා කියලයි මහත්තයෙක් කිව්වේ. ඉතිං ඒ හින්දා මම උදේ ගිහිං කුල් කරපු බියර් එකක් එහෙම බිලා ආවා.

    ආ හෙට උදේ මාත් යනවා ජන්ද වැඩට. මායි අපේ ලොක්කයි, තව මහත්තුරු කට්ටියක් එක්ක යන්නේ. ලොක්කගේ කාර් එකේම නැගිලා යන්න පුළුවන් වෙයි මටත්. අපිට නං තියෙන්නේ රෝයල් එකේ කියලයි ලොක්කා කිව්වේ. මං දැන් බත් ඩිංගක් කාලා,ගොලිප් එකකුත් බිලා හාන්සි වෙන්නං කියලා කල්පනා කරේ. හෙට උදේ ගිහිං ආයේ එන්න වෙන්නේ අනිද්දා හවසනේ.

    මං එහෙනං ආයේ එන්නං කෝ.

    ReplyDelete
    Replies
    1. මචං උඹ ලියවිල්ල දැකීමත් සතුටක්.

      Delete
    2. හප්පට සිරි. කාලෙකට පස්සෙ.

      Delete
    3. මේ අපේ එකා නෙමේ....

      Delete
    4. @kenjමැලේ දන්නවා ඔයා තමා ගොන් ජෝකර් කියලා. පොන්සියා

      Delete
    5. හප්පේ උඹව දැක්ක කල්.. අම්මා අප්පා දැක්කා වාගේ... ආයෙත හැමදාම වරෙන්.. රාජට වඩා පෝස්ට් ලිව්වා මම...

      Delete
  14. දිනන එක කළිං සංගණන කරලා බලන එක හෝ කලිං ප්‍රථිපලවලින් ව්‍යුත්පන්න කරන එක හෝ තේරුමක් නැත.මේ දේවල් කරන්නේ ජනතාවගේ කැමැත්ත හෙවත් ඡන්දය අපේක්ෂකයාගේ ප්‍රතිපත්තිවලට දෙන්නේ නැති බව සහ දිනන එකාට ඡන්දය දීලා තමුංගේ ඡන්දෙට වටිනාකමක් දෙනවා කියන ගොබ්බ සංකල්පය සමාජගත කරන්ඩ ඕනේ හින්දා.තමුං ඡන්දෙ දෙන එකාට ඡන්දේ දීලා ඡන්ද ගැන්නාට පස්සේ කවුද දිනුවේ කියලා බලන එකය කොරන්ඩ ඕනේ.සමීක්ෂණ, ජ්‍යොතිශ කට්ටිය එහෙම මෙයයි දිනන්නේ මෙයයි දිනන්නේ කියලා ටක්කෙටම කියනවා නං කෝටි ගණං වියදම් කරලා ඡන්ද ඡන්ද තියන්ඩ ඕනේ නෑනේ.මාතා උඹට කිව්ව එකක් නෙමෙයි අයියේ.මම මේ සංකල්පෙට කැමති නෑ බං.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... ඒකම තමයි මම අවසන් මොහොත වෙනකන් උන්නේ...

      Delete
    2. දිනුක ඔයා කැමති වුනත් නැති වුනත් ඒකට තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. අවාසනාවකට ඔයා වගේ යට නොතේරුණත් දැන් නැති වේගෙන යන්නෙත් ඒකම තමයි.

      Delete
  15. මාතේ, 2010 දි අනාවැකියක් කිව්වෙ නැතිද?

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ මේක රටෙත් නෑ...හැක් හැක්...

      Delete
    2. අනාවැකි කිව්වේ නෑ.. ඒත් ඡන්දයට උපරිම වටිනාකමක් ලැබුනා..

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. මටත් හෙට ඉදන් ඡන්ද ඩියුටි.මේ රාජකාරියට යන්නෙ පළමුවතාවට.
    ඡන්ද අහන ආතල් එක ගන්න හම්බවෙන්නෙ නෑ. කවුන්ටින් නෙ වැටිල තියෙන්නෙ.
    ගනන් කරන තැනට දාල දොරවල් වහනවලු ,ෆෑන්වත් නෑලු,දාඩිය දානවලු
    දොරවල් වහල ඔක්කොම ඉවර වෙනකල් එන්න බැරිලු අරකලු මේකලු කියල හැමෝම බය කරනව.ඒත් මේ අත්දැකීම ගන්නමයි හිත.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාටම ගෑලපෙන පින්තූරයක් නෙ දාගෙන ඉන්නේ !හරිම ලස්සනයි.!

      Delete
    2. අනික්වා නම් සම්පූර්ණ ඇත්ත, අර එලියට එන්න බැරි කතාව ඇරෙන්න. මම ඉස්සෙල්ලම චන්ද ඩියුටියකට ගියෙ මීට අවුරුදු විසි ගානකට පෙර.

      Delete
    3. උඹලව බලන්න තව උන් ඉන්නවා නේද? නැත්නම් කොහොමද උඹලා වගේම සෙට් එකක් නම් ඔක්කෝම...

      Delete
  18. රටකට ඕනෑ අපමණ අගයක්... හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්... හංසයාට ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ජයවේවා.. ඊට පස්සේ බය වේවා....

      Delete
  19. මේ හිටියා වගේම ඔය ඉතුරු දවස් ටිකත් ඉවසලම බලමුකෝ කවුද දිනන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. ඉවසන දනා ජයකොඩිලගෙ බාප්පා....

      Delete
  20. ලිපියට සම්පුර්නයෙන්ම් එකඟයි එක කරුණක් හැර.
    මෙවර වැඩි ඉඩක් ඇත්තේ මහින්ද දිනීම්ටයි. ඔට්ටුවක් අල්ලමුද? පැරදුන කෙනා බ්ලොග් ලියන එක නවත්වන්න ඕන.

    ReplyDelete
    Replies
    1. දුමින්ද නාගමුව චන්ද 50000 ට වඩා ගත්තොත් බොග් ලිවීම නතර කරන බව මාතලං ගොයියා පොරොන්දු වී ඇත....

      දුමින්ද චන්ද 70000 - 100000 අතර ප්‍රමානයක් හෝ ඊටත් වඩා ගන්නා නිසා මාතලං දැනටමත් එක්ස්පයර් වෙලා අහවරය....

      Delete
    2. එක එකා කියනවට මම බ්ලොග් ලිවිල්ල නවත්තන්නේ නෑ.. මම හිතුනොත් දිගටම ලියනවා.. නැත්නම් නවත්තනවා..

      Delete
  21. http://www.army.lk/pastcommanders.php

    කාලගුණ සලකා ඇති අයුරු මෙය බැලීමෙන් තේරුම්ගන්න.හමුදාවට අනුව සරත් ෆොන්සේකා නම් හමුදාපති වරයකු සිට නැත

    ReplyDelete
    Replies
    1. මහින්ද විතරයි යුද්ධ කරලා තියෙන්නේ.. ගෝඨලත් නිකං ටැලිවිසොන් බල බල ඉඳලා...

      Delete
  22. //"අටමාත්" මේ ගැන කතා කලාය.//

    හොද වැඩේ රජාට කඩේ යන අටමාට.. ඌ ගෑනු පරාණයක් වෙලා..

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. එයා රජාට කඩේ යනවද....? මම හිතුවේ බයටය කියලා...

      Delete
  23. හෙට බොන ගමන්ම කතා කරමු බන්. හරකයි ඌරයි හුරල්ලයි සපොර්ට් කරාවි. අනිද්දාට නෙව කතිරේ ගහන්න තියෙන්නෙ...
    මොකා දිනුවත් අපිට මේ සෙතේම තමයි මහාචාර්‍ය්තුමා..
    දුක පත්තරයා නැති එක විතරයි..

    ReplyDelete
    Replies
    1. ඕං බොස් අද බදාදා ඈ … ඊළඟට ඉරිදා ආයෙ අඟහරුවාදා , සෙනසුරාදා ළඟට බදාදා … මේ මාසෙ ඉවරවෙන්ඩ තව දවස් හතරයි :D :D …… හුරේ !!!

      ඊළඟට පෙබරවාරි .. හහ් හා හා … ලල්ල ලලා !!!! ජයවේවා !!!

      අම්මප මට මේ පෙබරවාරි මාසෙ දවස් 28 න් නවත්තපු එකාගෙ %@$## @*@$££¥+€..

      Delete
    2. //මේ මාසෙ ඉවරවෙන්ඩ තව දවස් හතරයි //

      පෙබරවාරි දවස් අඩු එක හොඳයි PM . මෙහෙ වැඩිකල් හිටියොත් PMව බලෙන් හරි මහ බැංකුවෙ උද්ධමනය ගණනය කරන ජොබ් එකට ගනී ( කබ්ස් හිටියොත් )

      Delete
    3. ඕං බලන්ඩකො ප්‍රා.. අපි වාගෙ මිනිස්සුංගෙ අගේ තේරෙන්නෙ ක්බ්‍රාට විතරයි. මායි අර මහින්ද බොස් ගෙ කේන්දර ලොක්කට සභාපතිකං ගන්ඩ හොඳනං මට බැරි මොකෝ ?? මං ඒ පොරට වඩා අකුරක් හරි දන්නව නෙවැ :D …

      Delete
    4. පත්තරේ, දුක් වෙන්න එපා බොගේ ෆේරිය කොහොමත් දවස් විසි හයයි. ඒකට එකතු වෙන ඉරිදා හෝ රතු නිවාඩු නැතිව. ෆෙබරවාරි වල නිවාඩු ගියාම ඒ දවස් කිහිපය ඉතිරි වෙනවානේ. මාර්තු හය ද ආපහු වැඩට යන්නේ?

      Delete
    5. බයිට් ගොඩයි..
      බෝතල් තුනයි..
      මල් පූජාවයි..
      බත් ඩිංගයි..
      මාල්බරෝ බන්ඩලයයි..
      පංකාදුයි..
      පව් අර තිලාපියෝ ටික..
      උන් බදින කොට..
      මහින්ද මහත්තයා මතක් උනා..

      අන්තීමේදී චූටී සල් වනේ උනා නේ චෙෆාකි...

      Delete
    6. චූටිට උනෙත් මහින්ද මහත්තයාට වෙච්ච දේමනේ මචෝ.
      තැන්කූම වේවා ඒ සොඳුරු හෝරා කීපයට.
      අටමා පනපිටින් අරුන්ව බැද්දනේ මචෝ..
      චූටි නලියාට හායි කියන්නෙයි කිව්වා..

      Delete
    7. දැන් මට හිතාගන්න පුළුවන් නලියට උනේ මොකෑ කියලා. මේ යකා කතෘ එක්කත් චූටී එක්ක් වගේ සෙට් වෙන්න ඇති.. අන්තීමට කතෘට මූ ඇනයක් වෙන්න ඇති...

      Delete
  24. 9වනදා ඇරඹෙන්නේ නිදහසේ හුස්මක්වත් ගන්න යුගයක් නිර්මාණය කිරීමේ ආරම්ඹයයි. එදා සිට වැඩිපුර බොන්න වෙන්නේ නැත. ඒ වගකීම ඇත්තේ අප අත බැවිනි.

    ReplyDelete
    Replies
    1. සැකක් ඇති කර ගන්න එපා.. දිනන්නේ මහින්ද මමායි... ඔබට දිගටම සිහි නැති වෙනතෙක් එතනෝල් පාවිච්චි කල හැකිය

      Delete
    2. කොහොමත් මෛත්‍රී මහත්තයා ආවෝත් බොන්න වෙන්නේ නෑ.. ඒත් සැටලයිට් ඉන්න නිසා බය නෑ..

      Delete
  25. /////////ඒ කියන්නේ... එක්කෝ මහින්ද ජනපති වී, සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයකු වනවාය.. (එවන් දෙයකට සම්භාවිතාවය බොහෝ අඩුය.)

    නැතිනම් මෛත්‍රීපාල ජනපති වෙනවාය... (සම්භාවිතාවය වැඩි මෙයටය.)

    ඒ වගත් මෙසේය...////////

    හතර බීරි කතාවක් නොවැ මාතලයෝ......?

    ReplyDelete
    Replies
    1. අධ ගොළු බිහිරි උන් ඉන්න රටක
      හතර බීරී කතා නොකියා
      වැදගත් කතා කියලා වැඩක් තියේය බං

      Delete
  26. පණ්ඩුකාභය, මුටසිව, මුගාබේ වගේ රජවරු සිහිවෙනවා.

    ReplyDelete
    Replies
    1. නිශ්ශංකමල්ල වගේම මහා පරාක්‍රමභාහුලත් මේ වගේ සමහර ලක්ෂණ තිබුන අය...

      Delete
  27. මාත්ස්,

    මහින්ද ජනපති වී, සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයකු වනවාය.. (එවන් දෙයකට සම්භාවිතාවය වැඩිය...)

    ඔන්න ඕක තමයි වෙන්නෙ. 51%-52% අතර ගානක් තමයි ගන්නෙ.

    අන්තිම මොහොතේ මයිත්‍රීගෙ වැඩේ පොඩ්ඩක් ඇනුනාය.

    ලෙස්ටර් මහත්තයගෙ පින්තූරෙ කේස් එක බරපතෙලටම ගියාය. මම දැක්ක විදියට නම් ආන්ඩුවෙන් ඒකට රිදෙන්නම දුන්නාය.. රිටර්න් පින්තූරෙ එනකොට පරක්කු වැඩිය...

    ඒත් එක්කම කවුරු මොනව කිවුවත් "මිස්ටර්" කේස් එකත් ඇනුන සීන් එකක්මය.
    කලවැද්දාගේ අනිත් එකය...

    "නෑ ඒක ජෝක් එකට කිවුවා කියල වැඩක් නැතිය.."

    කට පරිස්සම් කරගත්තා නම්... අගනේය...

    ReplyDelete
    Replies
    1. ඔය කියන කේපී කොටි නායකයා සහ මහින්ද මහතා බදාගෙන සිටිනා ජායාරුපය එලියට දැම්මේ මිට ටික කලකට කලින් ජනාධිපති මාධ්‍ය අංශයම තමයි. එහි සදහන් වුයේ සෙන්චෝලේයි නමැති ප්‍රදේශයේදී එය ගන්නා ලද්දක් බවයි. එම ප්‍රදේශයේ තිබෙන,ළමා නිවාසයක් බැලීමට ජනාධිපතිවරයා ගිය මොහොතේ ගන්නා ලද්දක් බවයි එහි දැක්වුයේ. (ඔය ෆොටෝ එක එලියට දාපු කාලේ උතුරේ ජන්දය තිබුනා. ඒ වෙලේ ද්‍රවිඩ ජනයාගේ ජන්දය ලබා ගැනීමටයි ඒ ෆොටෝ එක එලියට දැම්මේ)

      ජනාධිපතිගේ ෆොටෝෂොප් මාධ්‍ය අංශය ආයෙත් ඇන ගත්තා. පාඨලී චම්පික අද ඔය ගැන පැහැදලි කළා. ඒක විපක්ෂය හදපු ෆොටෝ එකක් නොවේ. ජනාධිපති මහින්ද මහතාගේ මාධ්‍ය අංශය ලබා දුන් ජායාරුපයකි.

      ඔය ගැන පාඨලී චම්පිකත් පැහැදිලි කරා.

      Delete
    2. // "මිස්ටර්" කේස් එකත් ඇනුන සීන් එකක්මය.// agreed!

      Delete
    3. ගොනෝ, පින්තුර වලට, වැරදුන වචන වලට චන්දෙ දීපු කලේ ඉවරයි. මෝඩ චූන් නවත්තල යථාර්තයට මුන දීපන් !!!

      Delete
    4. ඔව් උඹ වගේ බත් කන හරක් තමයි! කලවැද්දා!

      Delete
    5. චන්දිරිකා ගේන කොටම අපි ඒවා කිව්වා..
      ලෙස්ටර්ගේ පොටෝ එකේ එල්ලෙන්න තරම් ආන්ඩුව බංකොලොත් උනා..
      නමුත් කේ පී කතාව පරම සත්‍යයක්..

      Delete
  28. ඊ ළඟ සැරේ ජනාධිපතිවරනෙට ඉල්ලන්න ඕන

    ReplyDelete
    Replies
    1. බලමු චෑන්ස් එකක් එයිද කියලා.. සම්භාවිතාව අඩු එකේදී, ආයේ නෝ ඉලැක්සොන්...

      Delete
  29. යුද්දේ දිනපු, බය නැතිව ඉන්න රටක් හදපු, කැත නැති නගර හදපු, මාර්ග පද්දතිය දියුණු කරපු. යාපනේට කොච්චි පාර, පුස්තකාලය හදපු. රට හැමතැනටම විදුලිය දුන්න. පොර්ට් සිටි වගේ ව්‍යපෘති හරහා ඉදිරියීදී රටේ ලක්ෂ ගණනකට රැකියා දෙන. අපේ නායකයා අමතක කරලා

    ඊළාම් සංකල්පය ඔලුවේ තියා ගත් TNA සහ බෙදුම් වාදී මුස්ලිම් නඩය සහ ඒවාට උල්පන්දම් දෙන රනිල්, සහ ෆෙඩරල් සිහින දකින චන්ද්‍රිකා කියන මතයට හිස නවන ඒකීය කියා ෆෙඩරල් ලංකාවක් හදන්න හදන සිරිසේන උන්නැහේට චන්දෙ දීලා ඉන්න රටක් නැතිකර ගෙන මුලින් ෆෙඩරල් වී පසුව බෙදී යන ලංකාවක් හදන්න පාර කපන්න.

    ඔබට මෝඩයෝ මෙන් පෙනෙන මෙම අදහස් දක්වන මහා කළු සිංහලයා සැමදා රට වෙනුවෙනි.
    අප කියන මගෙන් මිස ඔබ කියන මගින් සියලු ජාතීන් එකට වෙසෙන පිවිතුරු හෙටක් සහිත සුබ අනාගතයක්ක් ලංකාවට ලබා ගත නොහැකි බව ප්‍රත්‍යක්ෂය.

    සැබෑ ජීවිතයීදී ගන්නා තීරණ undo කල නොහැක. පසු තැවිලි නොවන්න ඕන නම් මහින්දට චන්දය දෙන්න

    ReplyDelete
    Replies
    1. යුද්දෙට මහින්දගෙ සහභාගිත්වය ගැන හිතන්න.
      දිනපු වෙලාවෙ ජනාධිපති පුටුවෙ හිඳිමේ වාසනාවත්
      ලෝකෙටම ත්‍රස්තවාදය එපා වෙච්ච වෙලාවක අපේ හමුදාව පසු නොබලා ගහු ගැහිල්ලට අත දාන්න ඇමරිකාව පසුබට වීමත්
      කරුණා පිල්ලෙයාන් එල් ටී ටී ඊ එකෙන් කැඩි ගොස් වෙනම සිටීමත්
      සාම ගිවිසුම කාලයේ දෙමළ තරුණයෝ සිංහලයා ගැන ගොඩනගල තිබුනු අනියත බිය නැතිවීමත්
      යුද්දෙ ඉවර වුනත් මහින්දට මේ වන තුරුත් කොටි බිය නැති කිරීමට නොහැකි වීමත්
      කල්පනා කරන්න.
      යුද්දය කරන්නේ හමුදාවයි. ආණ්ඩුව නොවේ.
      සාමය ඇති කරන්නේ ආණ්ඩුවයි. හමුදාව නොවේ.
      ස්ථිරසාර සාමය ඇති කළ හැක්කේ මෛත්‍රිය පැතිරවීමෙන් පමණකි. වෛරයෙන් වෛරය සන්සිඳෙන්නේ නැත. මේවා මගේ කියුම් නොවේ.
      ඔබේ ඡන්දය අන්ඩූ කළ නොහැකිය. අවුරුද්දකට දෙකකට පස්සෙ නැවත හමුවී බලමු. මේ කමෙන්ට් එක කපල තියාගන්න.

      Delete
    2. //දිනපු වෙලාවෙ ජනාධිපති පුටුවෙ හිඳිමේ වාසනාවත්
      ලෝකෙටම ත්‍රස්තවාදය එපා වෙච්ච වෙලාවක අපේ හමුදාව පසු නොබලා ගහු ගැහිල්ලට අත දාන්න ඇමරිකාව පසුබට වීමත්
      කරුණා පිල්ලෙයාන් එල් ටී ටී ඊ එකෙන් කැඩි ගොස් වෙනම සිටීමත්//
      ඔය ඔක්කොම යුද්දේ දිනන්න බලපෑවා. මහින්ද යුද කරන්න එපා ගිවිසුම් ගහමු කියුවා නම් යුද්දේ දිනන්න බැහැ නේද? යුද්ද දිනන්න නායකත්වය සහ ක්‍රම උපායන් වැදගත් නැත්නම් යුද්දේ ඉවර කරන්නේ JR

      //සාම ගිවිසුම කාලයේ දෙමළ තරුණයෝ සිංහලයා ගැන ගොඩනගල තිබුනු අනියත බිය නැතිවීමත්//එක වෙන්නැති හමුදාවට රෙද්ද උස්සලා පුක පෙන්වලා ගියේ. ෂොපින් එකට රීලා හමුදා මුර පොළවල්වලට වීසි කරලා ගියේ.

      //යුද්දෙ ඉවර වුනත් මහින්දට මේ වන තුරුත් කොටි බිය නැති කිරීමට නොහැකි වීමත්// යුද්දෙන් කොටිබිය ඉවර කළා දැන් කොටි බියක් නැහැ දැන් තියෙන්නේ ඊලම ඉල්ලීම.

      //යුද්දය කරන්නේ හමුදාවයි. ආණ්ඩුව නොවේ.
      සාමය ඇති කරන්නේ ආණ්ඩුවයි. හමුදාව නොවේ.// යුද්දය කරන්නේ හමුදාව වුනාට එය මෙහෙය වන්නේ ආණ්ඩුවයි.

      //ස්ථිරසාර සාමය ඇති කළ හැක්කේ මෛත්‍රිය පැතිරවීමෙන් පමණකි. වෛරයෙන් වෛරය සන්සිඳෙන්නේ නැත. // මෛත්‍රිය පැතිරවීම් යනු රට බෙදීම නොවේ. සහෝදර බැඳීමෙන් සියලු ජාතීන් එකට විසීමයි.

      මට කියන්න තියෙන්නේද.
      ඔබේ ඡන්දය අන්ඩූ කළ නොහැකිය. අවුරුද්දකට දෙකකට පස්සෙ නැවත හමුවී බලමු. මේ කමෙන්ට් එක කපල තියාගන්න.

      Delete
    3. බොරුවෙන් මෝහයෙන් මුලා වූ මිනිසෙකුට නිරයද පෙනෙන්නේ දිවිය ළෝකය මෙනි. ඌ ගෙවන්නේ කරුමයක් බව ඌට නොතේරෙන්නේ, ඌ දන්නේ නිරය ගැනම පමණක් වන බැවිනි..

      Delete
  30. ඔහැක
    සමහර විට සිරා දිනයි
    ඒත් ඔය කියන වෙනස ඒකත් වෙයි
    හැබැයි ඒ හොද අතටකියල මම නං ලොවෙත් හිතන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. අනිවා.........................

      Delete
    2. මේ රටට මාර්තු වලින් පස්සෙ හොඳයි...

      Delete
    3. මට නම් මහින්ද ගැන විශ්වාසයක් තිබ්බෙත් නෑ. බෙදුම්වාදී නඩය එකක ඉන්න සිරිසේන ගැන විශ්වාසයකුත් නෑ. සිරිසේන දිනුවත්, ඔහුට ඕන විදිහට කිසිම දෙයක් කරන්න ලැබෙන්නේ නැහැ. මහින්ද දිනුවත්, ඔහු මෙවරවත් හැදෙයි කියලා හිතන්න අමාරුයි. මොනව වුණත් ලංකාවේ ඕන තැනක නිදහසේ යන්න, ආගම් හෝ ජාතී ගැටලු නිසා එවැනි ගමන්බිමන්වලදී කරදර නොවෙන රටක් ගැන මම මවන හීනය නම් කවුරු දිනුවත් හැබෑ වෙන්නේ නෑ කියලයි මම හිතන්නේ. මොකද හකීම්වත් ටීඑන්ඒ එකවත් තමන්ගේ අරමුණු කරා යන ගමන නවත්තන්නේ නෑ. මහින්ද ආවත් ඒ වගේ ප්‍රශ්න විසදයි කියලා මට විශ්වාස නෑ.

      Delete
  31. මට නම් හිතෙන්නේ මාතේ, අම්මට සිරි ලංකාවේ බහුතරයක් වූ ගොන් හැතිකරයේ මෝඩකම under-estimate කර ඇති බවයි.

    ReplyDelete
    Replies
    1. රාජ්ගෙනුත් ඔය ප්‍රශ්නය මං ඇහුව. මාතලන් මොකද කියන්නෙ? ජහමනයාගේ බුද්දිය ගැන විස්වාසද?

      Delete
  32. //ඔබට මෝඩයෝ මෙන් පෙනෙන මෙම අදහස් දක්වන මහා කළු සිංහලයා සැමදා රට වෙනුවෙනි.//

    ඔයා ඔය ඡන්දෙ දෙන්න කියලා ප්‍රමෝට් කරන කෙනා රට ගැන නොහිතා පවුල ගැන පමණක් හිතන කෙනෙක්නේ. එහෙවු එකේ ඔයා රට ගැන කොච්චර හිතුවත්, අපට ඔයාව මෝඩයෙක් වගේ පෙනෙන එකේ අවුලක් නෑනේ ද ම.ක.සි. ?

    ReplyDelete
    Replies
    1. බලමු බලමු මම කියන දේ බොලට තේරෙන්නේ මහින්ද පැරදුනොත් තමයි. නමුත් එහෙම නොවෙන නිසා බොලාට මගේ අදහස් වල නිවැරදි කම බලන්න බැහැ. මගේ නිවැරදි කම පෙන්වන්න බැරි වෙන්නේ රට දිනන බැවිනි.

      Delete
  33. නිදහසේ බොන්න සිකුරාදාවක චන්දෙ තිබ්බෙ නැති හඳහන්කාරයන් නැති බන්ගස්තාන වෙයිද මාතලන්?

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නෙපා. මන් නං උන්ට මනාපයි. වෙලාවට බ්‍රහස්පතින්ද තිබ්බ නිසා, කලින් ඇවිත් දෙකක් දාගෙන ඡන්දෙ බලතෑකි. සිකුරාද අපිට නිවාඩු...හූ

      Delete
    2. අප්පටසිරි මුන් හඳහන බලල තියෙන්නෙ මැදපෙරදිග වෘත්තිකයන්ගේ එතකොට. මෙන්නෝ අරාබි කුමණ්තනකාරයෝ.... හඳහන් කාරයන්ට ඩිනාර් දීලා !!

      Delete
    3. අරාබියත් අපිට බටහිරින් තියෙන්නෙ !!

      Delete
    4. හෙහ් හෙහ්...ජ්නීව ගියාම ලොක්කට හය්යට උන්නෙ අරාබියයි පකිස්ථානෙයි ..මේ ඔක්කොම බටහිර රටවල්. කෝමද ගේම?

      Delete
    5. වෙස්ට් ජර්මනි නැතිවුනාට පස්සෙ නරකම එවුන් වෙස්ට් ඉන්ඩීස්.

      Delete
    6. හ්ම්... ඔය බටහිර ඉන්නෙම බෙදුම්වාදීන් තමයි. බලන්න West Bengal, West Bank, ඒවත් එහෙමනෙ.

      Delete
    7. ඕකුන් එකතු වෙලා අපිට කෙලින්න අටෝගත්‍ත සංවිධානෙ තමයි Western union … !!! ඕ යේස්

      Delete
    8. බයවෙන්න එපා සිකුරාදා නිවාඩුව ලැබෙයි...

      Delete
  34. මාත් හිතන්නේ අනාවැකිය හරියටම හරියයි කියල. කාලසීමාව (මාර්තු දක්වා කියන එක) ගැන නම් මට හිතන්න අමාරුයි.

    එක අතකින් මට හිතෙනව මහින්ද දින්නොත් හොඳයි කියලත්. එතකොට මට පුළුවනි අපේ නැන්දම්ම කරන්න යන වැඩේ (මහින්දට ඡන්දෙ දාන එක) වැරදියි කියල ඔප්පු කරන්න. හැබැයි ඉතින් මං දිනුවට රටම පරදිනව සදාකාලිකවම.

    ReplyDelete
    Replies
    1. මටත් වෙලාවකට හිතෙනවා මහින්ද පැරදුනොත් හොඳයි කියලා. එතකොට අපේ කතා මෝඩ කතා ගොඩට දාලා සිරිසේනට චන්දෙ දෙන උන්ගේ ගොන්කම උන්ටම පෙනේවි. එහෙම වෙලා අපි කියන කතා හරි ගියාට වැඩක් නැහැ රට බෙදිලා.

      Delete
    2. කළුවො දැන් ඇති. හිත හදා ගෙන ඉස්සරහට කරන්න තියෙන වැඩක් බලාගනින්. මහින්දයි, හොර පවුලයි හෙටින් ඉවරයි. CHAPTER CLOSE !!!

      Delete
    3. බලමු බලමු.මහින්ද ගැන චැප්ටර් ගොඩක් තියෙනවා මහාවංශයේ දුටුගැමුණු ගැන ලියපුවා වගේ

      Delete
    4. අනේ මේ නිකා ඉඳහන් නැන්දම්මලට පාඩම් උගන්වන්න යන්නේ නැතිව..

      Delete
  35. MAMA MAHINDATA CHANDE DENAWA.

    MAHINDA ME RATE DUPPATH KAMA NATHI KARNAWA THWA 4-8 YEARS WALIN.

    JEEWANA WIYADAMA WADI WENA WIDIHATA KANNA BONNA SALLI NATHI EWUN TIKA NIKAMMA MARILA YANWA.
    EETA PASSE ITHURU WENNE SALLI TIYENA EWUN WIHARAI
    SALLI THIYENA EWUIN INNWA KIYANNE RATA SANWARADANAYA WELA .

    ReplyDelete
  36. මම සිංහල බෞද්ධ සහෝදර වරුන්ට කියන්නේ
    ඔය මාක්ස් වාදයො සහ ක්‍රිස්තියානි කාරයො කියන බයිලා අහලා හිත අවුල් කරගන්න එපා මහින්දට චන්දෙ දෙන්න

    ReplyDelete
    Replies
    1. සිංහල බෞද්ධ සහෝදරවරු (ජෙප්පෝ) දෙන්නේ මහින්දට විරුද්දව...

      Delete
    2. ජෙප්පන්ගේ නායකත්වයට ජාතිකත්වයක් නෑ

      Delete
  37. Ara rata indala genapu kumara mahaththayage katha ahala minissu okkoma duminda nagamuwata thami chande denne.Mathalan ottuwa udinma paradinawa,(Naganuwa wadima.10.000 withara gani)

    ReplyDelete
    Replies
    1. I'm sorry to say that If Duminda Naagamuwa gets more than 5000 (five thousand) votes, Maathalan will lose the bet!

      Mr Ano, Thank you very much for predicting that Duminda Nagamuwa will get more than 5000 votes!

      Delete
    2. ane pala gon thadiyo yanna. thopilata ona wela thiyenneth me wage hemoma kiyawana blogs kohoma hari nawatthaganna thamai. umbe kadamallata kawruwath enne nehene dawasama meke legala inne.

      Delete
    3. Mr Kelum,

      So sorry, but a bet is a bet... promise is a promise...
      Nagamuwa gets 5000 +.... sorry dot com!

      Delete
    4. අනේ සා රස, වැඩකට ඇති දෙයක් කථා කරනවද ? කොහෙවත් යන චූ කොල්ලෙක්ගේ චන්ද ගණන ගැනම කියවන්නේ. බලන බලන හැම බ්ලොග් එකේම මුගේ මහා ලොකු ඔට්ටුව. අද රටට වෙලා තියෙන්නෙත් ඕකම තමයි. කථා කරන්න ඕනේ දේවල් පැත්තක තියෙද්දී, කථා කරන්නේ බහුබූත (විශේෂයෙන් මහින්දට කඩේ යන උන්...)

      Delete
    5. good comment Ano.. Mu hithan inne uu thamai pora kiyala.

      Delete
  38. වෙනසක් උදෙසා ජන්දේ භාවිතා කෙරුවා.මතා කියලා තියෙන ප්‍රතිශත වලින් හෝ ඊටත් වඩා අඩු ප්‍රතිශතයකින් හෝ මෛත්‍රීගේ ජයයි බලාපොරොත්තුව.

    ReplyDelete
  39. සරල බහුතරයෙන් හෝ මෛත්‍රීගේ ජය අපේක්ෂා කරනවා.

    ReplyDelete
  40. මාතලන්, තෝ මහ පොන්නයෙක් යකෝ!

    ReplyDelete
  41. මට නම් මහින්ද ගැන විශ්වාසයක් තිබ්බෙත් නෑ. බෙදුම්වාදී නඩය එකක ඉන්න සිරිසේන ගැන විශ්වාසයකුත් නෑ. සිරිසේන දිනුවත්, ඔහුට ඕන විදිහට කිසිම දෙයක් කරන්න ලැබෙන්නේ නැහැ. මහින්ද දිනුවත්, ඔහු මෙවරවත් හැදෙයි කියලා හිතන්න අමාරුයි. මොනව වුණත් ලංකාවේ ඕන තැනක නිදහසේ යන්න, ආගම් හෝ ජාතී ගැටලු නිසා එවැනි ගමන්බිමන්වලදී කරදර නොවෙන රටක් ගැන මම මවන හීනය නම් කවුරු දිනුවත් හැබෑ වෙන්නේ නෑ කියලයි මම හිතන්නේ. මොකද හකීම්වත් ටීඑන්ඒ එකවත් තමන්ගේ අරමුණු කරා යන ගමන නවත්තන්නේ නෑ. මහින්ද ආවත් ඒ වගේ ප්‍රශ්න විසදයි කියලා මට විශ්වාස නෑ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න