.

.

Apr 29, 2015

19 වෙනි සංශෝධනය සෙප්පඩ විජ්ජාවකි - Same wine in a Same bottle


19 ගැන කීමට ඇත්තේ එය සෙප්පඩ විජ්ජවක් බවය. ඒ ගැන ඇත්ත කිව්වේ, අපේ විමලේ පමණය. එයැයි කිව්වේ, නයෙක් ගෙනෙන්න හැදුවත්, අන්තිමේ ගෙනාවේ ගැරඬියෙක් කියලාය. සහතික කරණා ලද, පට්ට පල් අමූලීක ඇත්තය. විමල් අගය කිරීම සම හරෙකුට අබ්ලික් යාමට කාරනයක් උනත්, සිහි බුද්ධියෙන් සහ සිහි කල්පනාවෙන් මාතලන් කියවන උන්ට එය අරුමයක්ද නොවන්නේය.

මාතලන් ඡන්දය විමසන දා කියා සිටියේ, මෙය ජයගතහොත් සිරිසේන ලොක්කාගේ ජයක් මෙන්ම, පැරදුනත් දිණුවත් එහි හිමිකම මහින්ද මහත්තයාටත් අත්වන බවය. ඇත්තටම සිඳු වූයේ කුමක්ද? 19 සම්මත උනා කියා විධායකය අහෝසී වූවාද? ඡන්දය විමසන අවස්ථාවේ රූපවාහිනි සජීවී සාකච්ඡාවකට සහභාගී වෙමින් සිටී මේ ආන්ඩුව පත් කිරීමට මහා කැපවීමක් කළ "දඹර අමිල" හිමි කීවේ දැන් ඉතින් මලත් කමක් නැතෙයි කියලාය.

එක්කෝ සංශෝධන පිළිබඳව අවභෝධයක් නැතිව මෙය දෙසුවාද, එසේ නොමැති නම් "සම්මත වීම" යන වචන දෙකෙන් ස්වයං වින්දනයට පත්ව මේ දේ කීවාද යන්න පැහැදිලි නැති උනත්, උන් වහන්සේ මෙයින් කෙතරම් උද්ධාමයට පත් වූයේද යත්, හාන්දුරුවරු මැරෙන්නේ නැති බවත් අමතකම වෙලා ගියෙය.

සිරිසේන උන්නැහේ බලයට පත් උනේ, විධායකේ අහෝසි කරනවා කියලාය. එයා වෙන මළදානයක් කිව්වේත් නැතිය. කොටින්ම හොරු අල්ලනවා කියා කිව්වේත් නැතිය. එක දවසක් එයාර්පෝට් එක වහනවා කියා, ඊළඟ දවසෙ, පැරදුනොත් අම්බානක කන්න වෙන නිසා, එහෙම එකක් කිව්වේ නැතෙයි කියා දිවුරා කීවේය.

කොහොම හරි එයා එයාර් පෝට් වැහිලි කෙසේ වෙතත්, රට හැදිල්ලා පැත්තක දමා, එයත්, ඒ එයාර් පෝට් එකෙන්ම ළොකේ වටේ යන්න පටන් ගත්තේය. සක්කරයාගෙන් ඉන්විටේසොන් ආවත්, "රට හදලා පස්සේ එන්නම් ඔයි.." කියා කිව්වේ නැතිය. මුලින්ම 7 දෙනාගෙන් පටන් ගත්ත ටුවර්, දැන් 40-50 වෙලාය.

විධායකය අහෝසී කිරිමේ අවංක උවමනාවක් ඇති බව මුල් දින කිහිපයේදි සැමටම පෙනී ගියේය. එහෙත් රනිල් වලි කෑවේ, විධායක ජනපති කම අහෝසි කොට, එය විධායක අගමැති කමක් කර ගැනීමටය. මෙහිදි අනුන්ට බණ දේශනා කොරනා එජාප මන්ත්‍රීන්ට, තමන් ඉන්නේ අමු හෙළුවෙන්ය කියා නොතේරුනාද, එසේ නොමැති නම්, අනෙක් උන් අලි නොව හරක් කියා සිතුවාද යන්න යරියට කිව නොහැකි නමුත්, අලින් යැයි කියා ගන්නා උන්ද අමු හරක් බව නම් මැදිහත්ව බලනා ඔනෑම කෙනෙකුට අවභෝධ වෙන්නට පටන් ගත්තේය.

උන් කියුවේ මෙය පුද්ගලයින්ට අනුගත කරන්න යන්නේ නැතිව, රට ගැන හිතා, අනාගතය ගැන හිතා, 19 ට සප් එක දෙන්නෙයි කියලාය. ඒත් ඇත්තටම උන් හිතුවේ ඇක්සැකටිව් පවර් අරගෙන අනෙක් උන්ට පොරි හැලෙන්න දීලා, සිරිසේන හාල්පාරුවෙක් කොට, එයාලට බලේ අල්ලා ගන්නටය. විධායකය එපා කියනා ඉතාම සුළු පිරිසට, විධායක ජනපති කෙනෙක් මෙන්ම විධායක අගමැති කෙනෙක්ද ඕනා නැතිය. කොටින්ම මේ රට පාළණය කොරන්න රජෙක් අවශ්‍ය නොවනා අතර, අවශ්‍ය වන්නේ රට දියුණු කළ හැකි නායකයින් පිරිසක් පමණය. 

19 න්, විධායකය අහෝසි වූයේ නැත. සම හරක් ලියුවේ ජේ ආර් ගේ ව්‍යවස්ථාව සිරිසේන කුණු බක්කියට දැමුවේ, වෙස්සන්තර කෙනෙක් මෙන් යැයි කියාය. ජේ ආර් ලොක්කා මේ පිච්චු කතා අහලා දිවිය ළෝකේ ඉඳන් පුකෙන් හිනා වෙනවා ඇතිය. සිරිසේන මහතා තමන්ගේම පින් අනුමෝදනාව තමන්ම කර ගනිමින්, බලය අත් හැරි මහා වීරයෙක් ලෙස තෙපර බාද්දි, එජාපයේ ඥාති හිත්මිත්‍රාදීන් මේස වලට තට්ටු කරමින්, පැන් වඩා සාධූ සාධූ යැයි කිවෝය.

ෆෙඩප් වෙලා සිටි රනිල් නම් කිව්වේ, කිසිවකුත් බලාපොරොත්තු වූ දේවල් මේ මඟින් ඉටු නොවූවත්, මක්කා හරි කොරගත්තු එක, කක්කා කොරනවාට වඩා හොඳයි කියලාය. විපක්ෂ නායක, නිමල් නිදිකුම්බරද සිල්වා කිව්වේ, ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන දිනයක්ය කියලාය. රන් අකුරෙන් ලියවීම කෙසේ වෙතත්, එහෙම මක්කාද උනා කියා, ඊළඟ දවසේ පත්තර වල පොල් ගෙඩි අකුරෙන් ජනතාව ගොනාට අන්දලා තිබුනේය.

විධායකය අහෝසී උනේ නැතිය. ඇත්තටම උනේ මිහිඳු මහ රජානන් විසින් ගෙනා 18 එකාධිපති ව්‍යවස්ථාව අහෝසී වීම හා රනිල්ගේ 17 වැනි කොමිසොන් සභා ටික නැවත පන ගැන්වීම පමණි. විධායකයේ බල තල එසේමය. අන්තිමේ උන් බැලුවේ 225 දෙනා ත්ව ටික කාළයක් ආතල් ගන්න හැටි විතරය. එහෙම නැත්නම් සංසෝධන ඔක්කෝම කපාපු හිස් කොලේකට ආන්ඩුවේ උන්, "අපි කැමඤියි.." ගාන්නේ නැතිය.

දෙපැත්තෙම උන් එකතුවී රාජපක්ෂලාට නම් කෙලලාය. මහින්දට 3 වෙනි වර ඉල්ලන්න බැරිය. බැසිල්ට හා ඝෝඨාට, හයිබ්‍රිඩ් පුරවැසියන් නිසා ඉල්ලන්න බැරිය. එයාලගේ නොම්මර එකේ සට්ටැඹියෙක් වන කොලස් ඩටාටත් ඒකෙන් කෙල වෙනවාය.

විධායක බලය භාවිතා කරමින් මෙතුවක් කරනා ලද තුච්ඡම ක්‍රියාවලිය වන, රටේ සියළුම ජනතාව පිලිකුල් කරනා, පිල් මාරු කල විට මන්ත්‍රී ධූරය අහෝසි නොවීම, තවමත් එසේමය.
මෙයින් සිඳු වන්නේ කුමක්ද? තවත් ගල් ආඳෙකු ජනපති වූ දිනෙක, විපක්ෂයේ උන් මිළදී ගෙන යලිත් 18 පණ ගැන්වීම නොවේද...?

මේ සෙප්පඩ විජ්ජාවෙන් ජහ මනයා රැවටීමට, ජනාධිපති තුමා නීල කාස හොරුන් සමඟ පාර්ලිමේන්තුවේ නයිට ගැසූ දිනයේ පටන් එක එක ජාතියේ සෙල්ලම් දැම්මේය. එසේ නොමැති නම්, වමේ නාකි හම්පඩ ලොම් හැලිච්ච රජ තුන් කට්ටුව කෙසේ වෙතත්, දිනේෂ්ලා, විමල්ලා, බන්ධුලලා, රත්තරන්ලා, මහින්දානන්දලා, නයනලා, සමා වෙන්න, වෙල්ගමලා, "පක්ෂා.................යි..." ගාන්නේ නැතිය.

අනෙක, නීල කාස හොරුන් අල්ලා ගැනීම සඳහා පිහිටවු FCID එක ගැසට් කිරීම ගැන පක්ෂේ උන් ඇහුවාම, "අනේ එහෙම එකක් මං ඥඥ්ඤේ ඤෑ හිටං...." ගාන්නේ නැතිය. නියම නායකයකු නම් කියන්නේ, "මොකා ගෙනාවත් ඒක නම් පට්ට වැඩක් හිටං...." කියලාය. 

නීල කාස හොරුන්, මිනීමරුවන්, කුඩු කාරයන්, කසිප්පු කාරයන්, එතනෝල් බුවාලා මෙන්ම රට හූර කෑ මහ උනුත් ඊළඟ මැතිවරණයේදී සිරිසේන ලොක්කාගේ නායකත්වයෙන්, සංධානයෙන් නොමිනේසොන් ලබා ආවොත්, එදාට කවුරුවත් කළබල විය යුතුත් නැත්තෙය.

එදිනේ, සාධරන සමාජ හදන්න හැදූ සෝභිතලාටත්, මලත් කමක් නැතෙයි කිව් දඹර අමිලලාටත්, නිර්මාල් ප්‍රමුඛ සිවිල් පොරවල් වලටත්, අඳනවල හා කලිසමේ මළ පහ වූවොත්, කිසිවකුත් පිලිකුල් භාවනා වඩා නිවන් දකින්නට ලෑස්ති වනවා හෙම නෙමේය.

92 comments:

  1. Some bullets came right across the line, but some were exclusively targeted...

    ReplyDelete
    Replies
    1. ballot is stronger than the bullet...... :)

      Delete
    2. හමුදාවේ ඕවට කියන්නේ නම ගහල ආපු එකක් කියලා

      Delete
    3. @ Mathalan // අපේ විමලේ?// රජ ගෙදර රිලවා නෙවෙයිද?

      Delete
    4. ලාස්ට් පෝස්ට් එකේ ගොන් වස්සෝ දෙන්නෙක්, රිලවගේ කුළේ හොයන්න ගිහින් තිබුනා. උන්ගේ කනට ගහන්නයි මෙහෙම ලිව්වේ.. කොහොමත් රජගෙදර රිලවා පෝස්ට් එක එයාට අහිමි වෙන්නේ නෑ. බය වෙන්න එපා..

      Delete
  2. කැලේ මාරු වුනාට පුල්ලි මාරු වෙන්නේ නෑ කියනවනේ?

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ බලාගෙන ගියාම කැළේ ආරු වෙලත් නැති පාටයි...

      Delete
    2. In a same bottle,නෙමෙයි. in ''the'' same bottle. මොනවද මේ රෝයල් එකේ කුල්ටූර් ඉන්ග්‍රීසිද?

      Delete
  3. හැමදාම රැවටුනෙමු. ඉදිරියටත් රැවටෙමු. හුදී ජනයාගේ යහපත පතා මිනීමරා+ සල්ලි වියදම් කර+ බලයට පත්වෙන කොයි කොයි දේශප්‍රේමියත් අනේ අපොයි කියමින් පන්සල් පල්ලි කෝවිල් වන්දනා කරමින් තමන්ගේ පිඟානට බෙදාගන්නේ මොනවද?
    ඊලඟ සැරේ ඒවාගේම බොරු කියන වෙනත් කොටසකට මනාපය දී ඇස්සට දත නියවමු. සැබෑ වෙනසක් කල බවේ හීනය ඇස් ඇරගෙනම දකිමු .හුරේ පාරකුත් ඩා ගනිමු. ලංකාවට අනාගතයක් තිබුනොත්????????? ඉතිහාසයට අපි ගැනත් අපේ කාලෙ ගැනත් මොනව ඉතිහාස පොත්වල තියෙයිද?

    ReplyDelete
    Replies
    1. එකම කනගාටුව උගත් යැයි කියනා උනුත් බොරුවෙන් මුලා වෙන එක.. යහ පාලනේ එකෙකුට කොන්දක් නෑ මේකෙන් මෙළෝ දෙයක් උනේ නෑ කියන්න. ජෙප්පොත් කියන්නේ ලද දෙයින් සතුටු වෙමු කියලා.. මොනවද හම්බ උනේ.. මොකුත් නෑ..

      Delete
  4. "18 එකාධිපති ව්‍යවස්ථාව අහෝසී වීම හා රනිල්ගේ 17 වැනි කොමිසොන් සභා ටික නැවත පන ගැන්වීම පමණි." තිබිච්ච හැටියට මේ ටිකවත් කරගන්න බැරුව හිටි නිසා තමයි දඹර හාමුදුරුවන්ට අරෙහෙම කියවෙන්න ඇත්තෙ. මාතලන් පවසනවා වගේ මේ රටේ අවයට දිනාගන්න තව බොහෝ දෙවල් තියනවා. පක්ෂමාරුකරන්න ඉඩ ඉතුරු වෙච්ච එක නං රටට බොහොම අවදානම්

    ReplyDelete
    Replies
    1. නමුත් ආවේ ඕවා කොරන්න නෙමෙයි නේද...? විධායකය "අහෝසී" කොරන්න නේද...?

      Delete
    2. බයි රජා ආපහු ඒම වැළක්වුණු එක ජයග්‍රහණයක් නෙවෙයිද?

      Delete
  5. යමෙක් මේ ලංකාවේ සැබෑ යහපත් වෙනසක් දැකීමට නම් මේ මිනිස් ආකල්ප වෙනස් විය යුතුයි. ඒ සඳහා හොඳම මගනම් අධ්‍යාපනයයි.. නමුත් ආකල්ප වෙනස් වූ පිරිස දේශපාලන මඩ ගොහොරුවේ නොරැදෙන නිසාත් (කලකිරීම) ගොහොරුවට පැමිණෙන්නේ එකම ආකල්පයේ පිරිස නිසාත් මේ ඉටු නොවන්නකි. මගේ අදහස මිනිසුන් අවදි කල හැක්කේ ව්‍යසනයකින් හෝ පෙරළියකින් පමණකි. පවතින ක්‍රමයෙන්නම් නොවේ..

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපනයයි කියන දේ නම් මම් පිලි ගන්නේ නෑ.. මේ රට හදන්න නම් තද නීතී රීතී ගේන්න ඕන හැමටම එක සමාන. මොකෝ ඔය රට කන උන් වටේ ඉන්න නිළධාරි ඔක්කොම මෙහේ නෙමෙයි විදේශවලත් අධ්‍යාපනය ලබපු අය..

      Delete
  6. ඔය සේරම කරන්න කෝ මෛත්‍රී-රනිල් කණ්ඩායමට බලයක්?

    මන්ත්‍රී ඡන්දවලින් 2/3 ක් අවශ්‍යයි නේද? මෛත්‍රී-රනිල්ට කැමති මන්තිරිලා 151 ක් නෑ අද පාර්ලිමේන්තුවේ.

    මන්ත්‍රීලා කියන්නේ ජනතා නියෝජිතයින් පොතේ හැටියට. ඒ කියන්නේ, මහජන කැමත්ත ලැබුණේ මේ සම්මත වෙච්ච එකට තමයි.

    අනික, විමල්ලා, දිනේෂ්ලා, අනිත් මරා පිලේ මන්තිරිලා සහ ඔවුන් නායකත්වය දෙන බයියලාත් පුරවසියන්. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේකයි.

    සාමාන්‍යයෙන් මන්ත්‍රීලාගේ පඩි, දීමනා සහ වරප්‍රසාද ඬැඩිකර ගැනීමේ යෝජනාවකට ලැබෙන තරමේ ඡන්දයක් මේ ව්‍යවස්ථා වෙනසට ලැබීම ලොකු දෙයක්.

    මන්ත්‍රීලා පත්වෙන හැටි, මනාප, බෝනස් ආසන, පිල් මාරුව වගේ ඒවා එන්නේ 20 වෙනි සංශෝදනයෙන්ය කියායි මා අසා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හා මචං
      - මාතලන්

      Delete
    2. බලයක් නැත්නම් කොරන්න බැරි මළදාන නොකර ඉන්න ඕන. අන්තීමෙදි නිකං සවුත්තු වෙන එක විතරයි වෙන්නේ...

      මේකත් ඇති කියලා ස්වයං වින්දනයක් ලබනවට වඩා.. කළේ අමු බොරුවක් කියන දේ කියන්න පුළුවන් වෙලාවේ කියන්න ඕන.. මේකට රටේ දවස් කීයක් විනාශ කළාද? මිනිස් පැය කීයක්ද? කොතරම් කාළකන්නි වැඩක්ද..?

      ඊට වඩා නරකද 18 අහෝසි කරලා 17 ගෙනාවා නම්..

      Delete
    3. /ඊට වඩා නරකද 18 අහෝසි කරලා 17 ගෙනාවා නම්.../

      රාජ්‍ය පාලනය කියන්නෙ සංකීර්ණ දෙයක් මාතලන්. අපට මාර සරලයි කියලා හිතෙන දේවල් සමහරවිට ඔලුව වටේ අත දාලා කණ අල්ලනවා වගේ කරන්න වෙනවා. කොහොමත් මේ ටික කාලය තුළ කෙරෙන නොකෙරන ඒවායින් ආණ්ඩුව මනින්න එපා. ඉදිරි මැතිවරණයේදී මේ ආණ්ඩුවම යළි තේරී පත්වන තුරු ඉවසන්න.

      -මීට මාරයාගේ මල්ලි

      Delete
  7. අයිසෙ මාතලන් මට නිකං මඤ්ඤං වගේ

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි අයිසේ මහත්තයා...

      Delete
  8. කියෙව්වා..
    කමෙන්ට් එකක් නම් ඉල්ලන්න එපා.

    ReplyDelete
    Replies
    1. පුක ඉල්ලුවට කමක් නැද්ද??

      - ලමාතන්

      Delete
    2. අඩෝ ලමාතන්

      පුක ඉල්ලන්නේ දැන් උඹේ තුන තියනවද කියලා අත ගාල බලාපන්

      Delete
    3. කියෙව්වම ඇති බං...

      Delete
  9. දහනවයට පොඩි පොඩි උන් ඇර ගනිද්ද්දී ලොකු උන් සම්මත කරලත් ඉවරයි :v කාට කියන්නද මේ දුක

    ReplyDelete
    Replies
    1. අන්තිමට මොකුත් නෑ.. විධායකේ එහෙමමයි...

      Delete
  10. සකල සිරි ලන්කා වාසී වෙන්ඩ පොශ් ටොය්යන් ඉල්ලා සිටියේ එලදෙනකි.
    පස්ගෝ රස සමග පොහොර සඳහා ගොම ද (සමහර ටොයියන් ගේ ආහරයට ද එය සුදුසුය ), වසරකට වරක් ලැබෙන වහු පැටියෙකු ද නිසා එලදෙන ටොයි කස්ටියට අත්යාවශ්ය ව තිබුනි.

    ජයම්පති නැමැති මන්ද මානසික හාදයා එම අවශ්යතාවය කෙටුම්පත් කලේ මේ අයුරිනි.

    1. සතෙක් විය යුතුය
    2. එම සතාට පාද හතරක් විය යුතුය
    3. පැටියන් දැමිය යුතුය , පැටියන් ට කිරි දිය යුතුය
    4. සතා ටොයියන් ගේ ආහාරය වන තනකොල කෑ යුතුය
    5.සතා ගේ කටේ ඩයස්ටිමාවක් (දන්නෝ දනිති ) තිබිය යුතුය
    6. පාද සතරේ කුර සතරක් තිබිය යුතුය
    7. පසුපස පාද දෙක මැද වලිගයක් තිබිය යුතුය.
    8. කලු හෝ සුදු පාට විය යුතුය

    මේ ආකාරයේ නොයෙකුත් නීති රීති වලට යටත්ව එලදෙන සොයන කල්හී එම සෙවීමේ මන්ඩලයටද, ප්‍රසම්පාදන මන්ඩලයටද ටොයියන්ගේ විරුද්දවාදීන් ටික සැට් වී ජයම්පති තුමා ගේ නිර්නායක වලට අනුකූලව සතා සොයා වෙහෙසට පත් ව සත් වන නිර්නායකය සෙවීමට අපහසුයැ... කලු හෝ සුදු වෙනුවට ඒ අතර වර්නය වන අලු පාටින් සොයම්දැයි විචාරා පාද සතරේ, කුර සහිත, තන්කොල කන , වසරකට වරක් පැටවු ගසා කිරි දෙන ඩයස්ටිමාව ඇති සිවුපාවෙක් ගෙන ටොයියන් හට දුන්නේය.

    වෙන්ඩ පොශ් ටොයියන් ගේ රජ වූ රනිල් තුමා එම සතා බාරගෙන විල මැද මැදුරේ දී ඌව උත්සවාකාරයෙන් වෙන්ඩ පොශ් ටොයියන් හට පවරා දෙන ලදී...

    සිවුපාවා දුටු වෙන්ඩ පොශ් ටොයියෝ අමා සැටක් දැනේ යැයි සුනකනාද කරන්නේ, එහි වූ එක්තරා කොලුවෙක් තම වෙන්ඩ පොශ් පියා ට සතා කවරෙක් දැයි පෙන්වාදුන්නේය.


    ඒ වනාහී එලදෙනකු නොව බූරු දෙන කි!

    ReplyDelete
    Replies
    1. ඒ බූරූවා හිටපු මී හරකාට වඩා හුරතල්ය..

      Delete
    2. බූරුවෙක් උනත් කමක් නෑ බං. උඹලට බූරුවෙක් තියා බූරුවෙක්ගෙ ඇට දෙකක් වත් නෑනෙ.

      Delete
    3. බයියන්ට ඕනැම උදාහරණෙකට මතක් වෙන්නෙ හරක්, එළදෙන්නු, වහු පැටව් හෙම තමයි. මොකද බලාගත්තු දන්න කියන සත්තු නෙ...

      Delete
  11. මාතලන්, මම දකින විදිහට මේ තියන පාර්ලිමේන්තුවෙන් කරගත හැකි උපරිමය ඔපමනය. දැන් කල යුත්තේ ඊළඟ චන්දයේදී ඉතුරු ටික කරන්න පුළුවන් උන් ටිකක් පාර්ලිමේන්තුවට යැවීමය.

    19න් බැසිල්ට ඩලස්ට කෙළවෙන්නේ නැත. ඔවුන් දෙදෙනාම ග්‍රීන් කාඩ් හෝල්ඩර්ස්ලාය. කෙළවෙන්නේ ගෝඨාට සහ නාමල්ට. නාමල්ට 2021 ජනාධිපතිවරණයට එන්න වයස මදිය. ගෝඨා ඩුවල් සිටිසන් නිසා පාර්ලිමේන්තුවට ඉල්ලන්න බැරිය. මොනවා උනත් පුද්ගලයන් ඉලක්ක කර රටේ ව්‍යවස්ථා සංශෝධනය කිරීම යහපාලනය නම් නොවේ.

    ReplyDelete
    Replies
    1. එහෙම නම්, මේ වගේ සෙප්පඩ් විජ්ජා පෙන්නලා පච වෙස්සන්තරලා වෙනවට වඩා.. මොකුත්ම නොකර ඉන්න එක ඊට හොඳයි.. මේවා හොඳයි මෙළෝ හසරක් නොදන්නේ මේ රටේ බහුතර හරකුන්ට වමාරලා අඹර අඹර ඉන්න..

      Delete
  12. සමස්ත යූ එන් පී එකට කෙලවීමට සමත් සන්සොදනේ:

    ජනාදිපති දුරය සඳහා තරඟ කල හැක්කේ කෘතීම ක්‍රම සහ විදි වලින් තොරව ජීවවිද්යාත්මකව ස්වබාවිකව දරුවෙකු ජාතක කල හාදයන්ට පමනය.

    ReplyDelete
    Replies
    1. මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට පහර ගහන්නේ ඊටත් වඩා පොන්නයන්ය..

      Delete
    2. දරුවෝ ඇති අම්මාලා
      දරු සුරතල් පෙන්නාලා
      හඬවා නෙත මා සිත පාරනවා
      දරුවෝ නැත මා පතලා

      හඬනා කිරි දරුවෝ
      තුරුල පුරා පැතුවා
      පව් පුරවා සංසාරෙන්
      මවු පදවිය නැතුවා

      කුරුළු මුවෝ සතුනේ 
      දරු සෙනෙහේ විඳිනා
       මිනිස් බවේ මහිමේ මගේ 
      මට දරුවෝ නොදෙනා …

      ………………ඉඳා ……… මේක බලලවත් මානුෂික කාරණා ගැන ටිකක් සංවේදි වෙයන්..

      Delete
    3. /ජනාදිපති දුරය සඳහා තරඟ කල හැක්කේ කෘතීම ක්‍රම සහ විදි වලින් තොරව ජීවවිද්යාත්මකව ස්වබාවිකව දරුවෙකු ජාතක කල හාදයන්ට පමනය./

      මචං මේක ගෙනාවොත් උඹ තාත්තා කියන මනුස්සයාටත් ජනාධිපති වෙන්න බැරි වෙනවා... මළ කෙළියයි.

      Delete
    4. Sa rasa,

      යකො ගොනෙක් උනාට කමක් නෑ උම්බෑ කියන්න එපා!!!

      පොල් බූරුවා.


      AnonymousApril 30, 2015 at 3:03 AM,
      //මචං මේක ගෙනාවොත් උඹ තාත්තා කියන මනුස්සයාටත් ජනාධිපති වෙන්න බැරි වෙනවා... මළ කෙළියයි.//. ++++++++++++++++++++++++ (y). (y). (y)

      Delete
  13. 18 එකාධිපති ව්‍යවස්ථාව අහෝසී වීම! මේකම මදිද මාතලන් දැනට. හැම දෙයක්ම එකපාර කරන්න බැරි බව අපි හැමෝම දන්නවනේ. එකපාරටම විධායකය අයින් කරලා සම්පූර්ණ පාර්ලිමේන්තුවට බලය දුන්නානම් ආයෙත් හොරු ටික එකතු වෙලා ගේමක් ගහලා, ආන්ඩු බලය අරන් විජ්ජාවක් දාන්න පුළුවන්. අපේ බුද්ධිමත් ජනාතාවගේ හැටි මාතලන් නොදන්නවා වගේනේ කතාව. මේ බලය තිබුණාට කමක් නැහැ මේ අවස්ථාවේ. නැත්නම් ආයෙත් අපි පරදිනවා. මම හිතන්නේ රටේ තත්වේ බලලා, ආන්ඩු පක්ෂයෙයි, විපක්ෂයෙයි ක්‍රියාකාරකම් දිහා බලලා, අමාරුවෙන් දිනා ගත්ත බලය ආයෙත් හොරුන් අතට නොයන විදිහට මේ කරන ක්‍රමය හොඳයි.

    අනිත් එක වැඩි දෙනා මෛත්‍රිට ඡන්දේ දුන්නේ විදායකය අයින් කරන්නම විතරක් නෙවෙයි. තිබුණ දුර්ධාන්ත පාලනය අවසන් කරලා, නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ඇති කරන්න.

    ReplyDelete
    Replies
    1. අන්තීමට කියලා තියෙන දේ මමත් එකෙන්ම පිලිගන්නවා.. මමත් වෙන කිසිම දෙයක් බලාපොරොත්තු උනේ නෑ..

      ඒත් මෝඩ මිනිස්සු අන්දලා වීරයෝ වෙන්න නරකයි. එහෙම බැලුවම මහින්ද කලෙත් මේවමයි. එයා දුටුගැමුණු උනා. (ඒක නම් සාධාරනයි කියන්න පුළුවන්. මොකෝ දුටු කියන්නේ දුෂ්ඨ කියන එක.) මෙයා වෙස්සන්තර උනා..

      ඉතින් ආයේ පිස්සෙක් ආවම විපක්ෂේ උන්ට සල්ලි ටිකක් දීලා 18 බලාත්මක කරනවා.. මරු පොලිටික්ස්..

      Delete
  14. ‘‘විධායකය එපා කියනා ඉතාම සුළු පිරිසට, විධායක ජනපති කෙනෙක් මෙන්ම විධායක අගමැති කෙනෙක්ද ඕනා නැතිය. කොටින්ම මේ රට පාළණය කොරන්න රජෙක් අවශ්‍ය නොවනා අතර, අවශ්‍ය වන්නේ රට දියුණු කළ හැකි නායකයින් පිරිසක් පමණය. ‘‘

    සහතික ඇත්ත...

    දැන් ඉතින් 20 ඕනෑ කියා අරගල කරනු හැර අන් විකල්පයක් ඉතිරි වී නැතැයි සිතේ..

    ReplyDelete
    Replies
    1. උන්, ඕ 10 20 30 කරනවා.. ජනතාව උන්ගේ අම්මලගේ ගුණ ගායනා කොරනවා...

      Delete
  15. මාතෙ,
    අන්න ආයෙමත් ඇටයක් අරන් ඇවිත්ලු රටවටේ ගෙනියන්න වෙසක් එකට.
    ප‍්‍රභූ පර්යන්තය හරහාලු ගෙනාවෙත්.
    "නයනා" වුන් තාත් ආවලු හරි ෂෝයි .

    ReplyDelete
    Replies
    1. ඇට අරගෙන කස්ටිය රට වට හරක්ට මාර ආතල් එකක් දෙන සේක...

      Delete
    2. ඔයි හැම තැනම තියෙනා අටෝ රාශියක් ඇට අරගෙන DNA ටැස් එකක් කරල බලන්න වටිනව එක් කෙනාගෙමද කියල, තියන ඇට කප්පරේ හැටියට ඉස්සර හිටං හිටිය ඈයෝ ගේ ඒවාත් නැතුවා වෙන්න බෑ.

      Delete
  16. // එකාධිපති ව්‍යවස්ථාව අහෝසී වීම හා රනිල්ගේ 17 වැනි කොමිසොන් සභා ටික //

    17 වෙනි සංශෝදනේ රනිල් අරන් ආපු එකක්ද මචන්?

    මම දන්න හැටියට නම් ජෙප්පෝ පරිවාසේ ගහලා බලෙන් වගේ කරගත්තු දෙයක්. (මම ජෙප්පන්ට කැමති නැති එක වෙනම කතාවක්)

    රනිල් ඔතන කරපු දේ පොඩ්ඩක් කියන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ. රනිල්ගෙන් අහන්න..

      Delete
  17. 19 සම්මත කරනවා කියා කලේ ඇපෙන් බේරිමක්ය. කටටිය ඕකට ඡන්දය දුන්නෙත් මහ මැතිවරණයක් ඔන්න මෙන්න ඇති නිසාය. ඒ මේකට විරුද්ධ උනෝතින් මහින්දට වූ දේ තමාටද වන බව දන්නා නිසාවෙනි. අඩුම ගානේ 19 වත් සම්මත කරේ නැත්නම් unp එකට නැවත ඡන්දයක් දිනන එක බොරුය.... ඒක රනිල්ගේ අත්දැකීම් වලින් ම ඉගෙන ගෙන ඇත්තේය. ජහ මනයා බලා සිටියේ 19 සම්මත කොරන හැටිය. ඒත් ඒකෙ ඇතුලෙ තියෙන්නෙ මොනවාද කියා ගොඩක් අය නොදනී. කට්ටියම හොඳයි කියන නිසා මමත් හොඳයි කියනවා කියාගෙන සම හරුන් සිටී.
    දැන් පාර්ලිමේන්තුව සම්බෝලයකි....නෑ සලාදයකි... විපක්සයේ මන්ත්‍රීවරු ආණ්ඩුවේ ඇමතිවරු වී සිටී.. ඒ අස්සේ නිමල් 20ක් ගැන කතා කරයි... මන්ත්‍රී කමක් දීම පොඩි එවුන් ටොපි චොකලට් වලට රවටනවාට වඩා ලෙහෙසිය.... අනේ මංදා.....

    ReplyDelete
    Replies
    1. උන් එකිනෙකා රවටන්න ගිහින් අන්තීමෙදි ඔක්කෝම එකතු වෙලා නෑවා. දැන් දෙගොල්ලම එකතු වෙලා ජහ මනයා ගොනා කියලා නැවතත් කියලා දෙනවා...

      Delete
  18. MY3 කරන්න යනදේ දැන්...දැන් ..පැහැදිලියි වගේය ......

    ReplyDelete
    Replies
    1. අබ මල් රේණුවක මොළයක් තියෙන එකෙකුට බබා පාට් එකේ දෙන්න යන ගේම් පේන්නේ නැත්නම් තමයි පුදුමේ...

      Delete
  19. // එයා එයාර් පෝට් වැහිලි කෙසේ වෙතත්,// ඇයි වැහුවේ පෝට් සිටි.. සිරිසේනගෙ උදැල්ල කැපෙන විදිහ හිතා ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මට නම් එයාගේ උදළු තලේ ගැන වගේම මිට ගැනත් සුමානයක් දෙකක් යන කොට බොහොම හොඳට අවභෝධ උනා.. ඒත් අනික් අයට අවබෝධ වෙන කොට. පෙරහර ගිහිල්ලා පොලිස් ජීප් එකත් ගිහින් සෙනගත් ගෙදර ගිහින් නිදාගෙනත් ඉවරයි..

      Delete
  20. සත්‍යයනම් 19 හො 20 ගැන මේ රටේ අති බහුතර ජනතාවට අඳෝ සංසාරයක් වැටහෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. පට්ට පල් අමූලික ඇත්ත...

      Delete
  21. වැඩේ වැරදුනා බන් අපිට. milkfalls කිව්වා විදිහට සම්මත වුනාම හොරුන්ට රාජ සමාව. කමක් නෑ ඔහෙ නැද්ද මාතලන්?? මොනවහරි කියපන් යකෝ...

    ReplyDelete
    Replies
    1. කාටද අනේ වැරදුනේ.. ඔයාට එහෙම එකක් උනාද.. කාටවත් වැරදිලා නම් නෑ. කෙලෞන කීප දෙනෙක් නම් ඉන්නවා..

      Delete
  22. 19 ඔය තරමින් හරි ගොඩ ගිය එක හොදය...අනිත් එක මොන පම්පෝරී පොරොන්දු ගැහුවත් ඕයිට එහා 19ක් සම්මත කිරිල්ලකට ජනමත විචාරණය අවශ්‍යය..

    අර මන්ත්‍රි වරුන් සල්ලි වලට පනින ගෙම්බවන් කරන සිද්ධිය මිස් කල එක නම දෙගොල්ලම හිතා මතා කල එකක්ය..

    දැන් ඉතින් හොරුන් කුඩුකාරයන් ගේන මනාප ක්‍රමයට තිත තියන්න ගත්ට්තොත් හොදය...

    ReplyDelete
    Replies
    1. සම්මත උනේ මෙහෙම එකක් නම් මාස ගානක් තිස්සේ පෙරුම් පුරලා මේකට වැය කරපු කාළය හා මුදල් වලින් දිවයින් පුරා සෑම ගමකම බලු කපුටු දානයක් දුන්නා නම් මීට වඩා බල්ලෝ හරි සන්තෝස වෙයි...

      Delete
  23. 1.අපිට නං ඔය ඇති. ජනාධිපතිගෙ අත්තනෝමතික බලතල කපල අධිකරනයට යටත් කරල ස්වාධින කොමිෂන් ඇතිකරන්න ව්‍යවස්ථා සභාවක් පිහිටවල තියනව. මීට වැඩිය මේ උදවියගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. අනිත් එක යම් යම් සංශෝධන උසාවියෙන්ම ඉවත් කලා. ජනමත විචාරනයකට තුඩු නොදෙන සංශෝධන කරනව කියලයි ප්‍රතිපත්ති ප්‍රකාශනයේද තිබුනෙ.

    දැන් ඉස්සරහට වැදගත් වෙන්නෙ නොලැබුන දේවල් ගැන කතා කිරීමට වැඩිය, ලැබුන දේවල් නිසි පරිදි ක්‍රියාත්මක කරවා ගැනීම. 17ට වෙච්ච දේ 19ට නොවෙන්න වගබලාගන්න එක තමයි සමාජ වගකීම.

    ReplyDelete
    Replies
    1. මාතලන් කියල තියන පක්ෂ මාරු සීන් එක ගැන නං එකඟයි. මේ සංශෝධනය විසිවැනි එකට ඇතුලත් කිරීමට බලකිරීම අනිවාර්ය අවශ්‍යතාවයක්. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමත් එක්ක මේ කාරණාව දැමීම වඩා හොඳයි. මොකද කෙනෙකුට පක්ෂය මාරු කරන්න ඕන අවස්ථාවක ඉදිරිය තීරනය වෙන්නෙ මේකෙන්

      Delete
    2. මුන්ට යෝජනා ගේනවට වඩා හොඳයි. ඒවා ටොයිලට් පේපර් වල ලියලා පුක පිහලා විසි කරන එක..

      Delete
  24. අවුරුදු 37ක් අපට ජනපතික්‍රමය වික්කා
    අවුරුදු 30 ක් අපට යුද්ධය වික්කා
    දැන් මාස 6ක් තිස්සේ 19 විකුනනවා
    ඊලඟට 20

    ලංකාවේ දේශපාලනය යනු ඡන්දදායකයින්ට විකුනන්ට ලාභ භාණ්ඩ සොයන ව්‍යාපාරයක් බව නොරහසකි. ඒ කෝණයෙන් මා මාතලන්ට එකඟයි.
    ඒත් මෛත්‍රී ලාබෙට විකිණෙන මිනිසෙක් නොවෙන බව නම් පෙනේ.

    ReplyDelete
    Replies
    1. ඒක හරි.. එයා මහින්දටත් එහා ගල් ආඳෙක්.. ඉදිරියේදී මාතලන් කියූ දේ සත්‍ය බව කාටත් වැටහේවී..

      Delete
  25. දැන් කොළඹ ගමයා මාතලන්ට රුපියල් ලක්ෂයක තෑග්ගක් දෙනවා කියලා පොරොන්දු වෙනවා. (මාතලන් බ්ලොග් ලියන නිසා) මේ මනුස්සයා දවස් ගාණක් මේක ගැන කතා කරලා, පස්සෙ අනේ මචං මගේ වයිෆ් මීට වඩා දෙන්න එපා කිව්වා. එයා කැමති වුණා නම් මීටත් ලක්ෂයක් නෙවෙයි ඊටත් වඩා වුණත් දෙන්න තිබුණා කියලා මාතලන්ට රුපියල් දහදාහක් දෙනවා. මාතලන් කරන්නේ:

    1. පල යන්න බොරුකාරයා කියලා බැනලා එළව ගන්නවා
    2. අඩු ගාණේ දාහක් හම්බවුණා නේද කියලා සතුටු වෙනවා
    3. දැනට මම මේක ගන්නම් හැබැයි මට පස්සෙ රුපියල් ලක්ෂයක් දීපන් කියනවා

    මොකද්ද ඔබේ තේරීම?

    19 ටත් ඒකම ඇප්ලයි කරන්න.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම එක.. ඒක වෙන කවුරු නැතත් අජියා නම් දන්නවා..

      Delete
    2. හෙන්චයියෙකු උනාට පස්සෙ වැඩියෙන් ගෙවන සිරිතක් නෑ, වැඩි වැඩියෙන් බනින්න වෙනවා ඩිමාන්ඩ් එකක් හදා ගන්න.

      Delete
  26. ධාතු බලන්න යන්නෙ නැද්ද බං.

    ReplyDelete
    Replies
    1. කාගේ ධාතුව බලනවද කියලා මඤ්ඤං වෙලා ඉන්නේ..

      Delete
  27. මාත් කියෙවුවා අයියේ...දේශපාලනය මම කතා කරන්න අකමැතිම මාතෘකාවක්...කොච්චර කතා කලත් අපි කවුරුවත් දැනුවත් වෙලා නෑ.හැමදාම අපි කරලා තියෙන්නේ එකම ගොං වැඩේ

    ReplyDelete
    Replies
    1. ඒ ගොං වැඩත් සම හරක් උතකර්ෂයට නංවලා ස්වයං වින්දනේ යෙදීම දුකක්..

      Delete
  28. නළු නිළියොත් ඇති පදමට ඡන්දෙ ඉල්ලන එකේ ගඩ්ඩෙක්ටත් ඉල්ලන්න කාලෙ හරි මයෙ හිතේ මේ බොරු ලිය ලිය ඉන්නකං. රට කන්න පුළුවන් නියමෙට.

    ReplyDelete
    Replies
    1. ඉතින් ගඩ්ඩෝ ගැන කළබල වෙන්නෙ. නොම්මර එකේ සුදුසුකම වන හරකෙක් වීම සපුරා තිබෙන ඔයා ඉදිරිපත් වෙන්නකෝ..

      Delete
    2. උඹ තරං හරකෙන් නෙමේනෙ.

      Delete
    3. උඹත් හරකෙක් නේ.. නැත්න්ම් හරක් මඩුවක් අස්සේ රිංගන්නේ නෑ නේ..

      Delete
  29. අර නලින් ද සිල්වා ලියන 'කාලය' බ්ලොග් එකේ කොමෙන්ටු දාන්නට දන්නේ කවුද?

    ReplyDelete
    Replies
    1. කමෙන්ටු ඕෆ් කරල තියෙන්නෙ. එයා කියන කතා වල හැටියට කමෙන්ටු දාන්න ඉඩ දුන්නොත් හොඳට තියෙයි

      Delete
    2. පිස්සන් කොටුවේ සමහර වාට්ටු වලට යන්න දෙන්නේ නෑ...

      Delete
    3. නලින් ද සිල්වා වගේ හම්පඩ නාකි පප්පලා කමැති තමන් කියන දේවල් යස් සර් කියලා අහගෙන ඉන්න මිනිස්සුන්ට මිසක් ඒවා ප්‍රශ්න කරන අයට නෙවෙයි බං.

      Delete
    4. //පිස්සන් කොටුවේ සමහර වාට්ටු වලට යන්න දෙන්නේ නෑ...//

      +++ the best comment ever

      Delete
    5. ලංකාවෙ ඉන්නෙ හරිම ගෝත්‍රික මිනිස්සු ජාතියක්. උන්ට ඕනෙ 8 පාස් මැට්ටෙක් ලියන බ්ලොග් වලින් ගොන් චූන් ගන්න වැඩ විතරයි. ලියන එකාට දැනුමකුත් නෑ මොළෙත් නෑ. විවේචන විතරයි මේකෙ තියෙන්න. උඩ පොර කමෙන්ට් තිබ්බට මේකෙත් ලියන එකාටත් ඕනෙ යස් සර් කියල හරක් වහේ කියවන්න. ලංකාව දියුණු වෙන්නෙ නැත්තෙ මේවගේ ඒව කියවන්න මෝඩ මිනිස්සු කාලෙ කන හින්ද.

      Delete
    6. "නලින් ද සිල්වා වගේ හම්පඩ නාකි පප්පලා"
      හරි තරුණ කොල්ල මාතලං

      Delete
    7. ලංකාව දියුණු වෙන්නේ නැත්තේ නලීන් ද සිල්වා වගේම ගෝත්‍රික හරක් රැල අවුරුදු 20ක් රට කාපු නිසා.. උන්ගෙම එකෙක් වෙච්චි අළුත් එකා දඟලන්නෙත් ආයේ ගල් යුගයටත් එහා යුගයකට ගෙනියන්න.

      Delete
    8. සෑහෙන්ට රිදිල මාතට. සැලෙන්න එපා බන් උඹත් එක්ක ඉන්න හරක් ටික හැමදාම ඉන්නව උඹ එක්ක.

      Delete
    9. අපෝ නලීන් ද සිල්වගෙ හරක් නම් නෝබ තරම ට හොඳයි.. අපේ හරක් අපි බලා ගන්නම්..

      Delete
  30. මාතා,

    සමාජයක් ලෙස මෙහෙමවත් සහනයක් ලැබීම හොදයි. මතක තියාගන්න ලෝකයේ දියුණු සියලුම රටවල් එසේ වී ඇත්තේ විශාල කැපකිරීම් සිදු කරමිනුයි.
    ආසියාතික සමාජය බටහිර මෙන් තමාම විනයක් ඇතිව පාලනය වන සමාජයක් නෙමෙයි, එමනිසා අප වැනි රටක් දියුණු වීමට උවමනා නම් කල යුත්තේ දැඩි නීති මගින් කරන පාලනයක්, නමුත් ටිකක් සිතන්න අපට උවමනා දෙසපලන්යයන් දැඩි විනයක් ඇතිව රට දියුණු කරන අතර මහජනයා වන අප කිසිදු විනයක් නැතිව සිටිමින් දෙසපලන්යයන් විසින් දියුණු කරන රටේ පහසුකම් ලබාගැනීමයි.

    අවසාන ප්‍රතිපලය සියලුදෙනා හොරුන් සමග හෙළුවෙන් සිටීමයි.

    ඉතා සරලම උදාහරණය නම් අදායම් බදු ගෙවීමයි, අදායමෙන් 40% බදු ගෙවන්න කිව්වොත් ඔය සියලු ස්වාදීන යයි කියාගන්න පුද්ගලයන් කැමති නැති අතර දෙසපලන්යයන් එසේ ගෙවෙයයුතු බව කියයි.

    අප වැනි රටවල දියුණුවක් කල හැක්කේ රට ගැන හිතන එකදිපති පාලකයන්ට පමණයි.

    අවසාන ලෙස බටහිර පවතින ප්‍රජතන්ට්‍රවාදය තම රටේ ක්‍රියාත්මක කර දියුණු වූ එකම ආසියාතික රටක් වත් පෙන්වා දෙන්න !

    ReplyDelete
    Replies
    1. මාතා,

      බොහෝ සාදනිය ලක්ෂණ ඉන්දියාවට ලබාගන ඇති උනත් තවම ඉන්දියාව පලවන ලෝකයේ දියුණු රටක් වී නැත.
      http://www.nationsonline.org/oneworld/human_development.htm

      ඔබට පේනවා ඇති ප්‍රජාටන්ට්‍රවාදය නැති සිංගප්පුරුව මෙයට ඇතුලත් බව !

      Delete
  31. චන්දෙ ඉල්ලන හැම එකාගෙම වත්කම් ප්‍රකාශය අනිවාර්ය කිරීම සහ එම වත්කම් ප්‍රකාශ පුවත්පත්වල පලකිරීම චන්දෙ දෙන අපේ හුදීජන මෙව්වා එකට හේතු වන්නේය.

    19 වැනි සංශෝධනය යනු කුමක්ද කියා පාරේ යන මිනිස්සු 10 දෙනෙකුගෙන්, බ්ලොග් ලියන 10 දෙනෙකුගෙන් අහලා බලන්න. දෙන උත්තර ඇහුවම වෙඩි තියාගෙන වහකාලා බෙල්ලේ වැල දාගෙන මූදට පනින්න හිතෙනවාය.

    මේ රටේ චන්ද දායකයන්ගෙන් බහුතරය එතරම් මන්ද බුද්ධිකය.

    ReplyDelete
    Replies
    1. මේ රටේ ජනම් එක ගැන හර්ෂ ද සිල්වා රාවයට කියලා තියෙනවා අමූලික ඇත්ත..

      Delete
  32. Matha it seems what you have said about Sirisena is true.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න