.

.

May 1, 2015

වෙසක් පැතුම්...!!! - Happy Vesak...!!!



විසිව ගොස් දුටු ගැමුණු පාළන උදාවී ඇත නැවුම් වෙස                     ඟක්
පහළ වී මහ රජුන් වෙසතුරු එනු පෙනේ සිත් නිවුනු යුග                  යක්
ජහ මනේ පැතු පැතුම් ඉටු කොට දෙනු මැනේ දිණුමකට අග            යක්
මුලා කරමින් දනන් බොරු වෙන් නොහැක කිසි දින දකිණු නිව       නක්

මාතු පාදං කියා මව්ගේ බෙල්ල පිහි පා රින් කැ                             පේවා
පීතු පාදං නැමද ඔළු කටු උදළු තල පහ රින් බි                                ඳේවා
සෑම පෝයම සිල් අරං ගඳ පඩින් පන් සල් බිම් පි                           රේවා
මෛත්‍රී භා වනා අව සන දෙමළු මරණට පෙල ගැ                           සේවා

තම්බි පල මැද පෙර දිග බලාලා මේ බුදුන් ගේ දේශ                          යයි
නොමැත වෙන කිසි වකුට මෙහි ඉඩ මේක සිහළේ බූමි                     යයි
අවුල ගත හොත් දැඩිව එන්නේ අපේ ජාතික ආල                            යයි
 පිරිත් කැටි කොට පොවා එන්නේ සංඝ රත්නේ සාප                         යයි
 

සෑම තැන ඇති තොරණ් එලියෙන් අපේ මව්බිම එලිය                  වේවා
කෑම ඇත බොල සෑම තැනකම පුදා දන් සල් කුස පි                      රේවා
පෑම ඇති තග පොඩි එකා හට ජාති ආලේ චුතම                            වේවා
නෑම ඇති අපේ නාන සාරේ මොළේ වෙසඟේ පහළ                      වේවා

"නිසැක ධාතුම" සොයා වැඳලා අතින් කීයක් හරි දිය                       ල්ලා
ධාතු වඳිනට පෝලිමේ ගොස් ධාතු පහ කර නොම ගනි                   ල්ලා
පුකට හිරටම අඳින කලිසම් දෙස බලා පිලිකුල් වඩ                         ල්ලා
පොලොසියේ පත බැටන් පොලු පුක ටම වඩින්නට පෙර දුව          ල්ලා

 
තොරණ් ගහපිය කූඩූ බැඳපිය මූණූ දාගෙන මෙහෙ වරෙ                  ල්ලා
බලුබ් දමපිය දනට දීපිය කොඩිත් ඇද පීකර් දම                               ල්ලා
ඩෙනිම් ගහපිය කැප් දමාපිය ස්කිනී ගහගෙන මොඩ් වෙය               ල්ලා
පාරේ නටපිය දෙකක් දාගෙන ප්‍රීතී වෙසඟක් ඇත ඇවි                     ල්ලා

දෙරණ පාළන මැති දනන්ගේ අන්ධ වූ නෙත් විවර                         වේවා
බයිල ගසනා පඬිවරුන්ගේ මොට්ට මොලයට නුවණ                        ඒවා
මෝහයෙන් දන මුළා කරණා හොර සඟුන් දෙවියෝ ර                    කීවා
දන්න අයටත් නොදත් අයටත් ප්‍රීතී වෙසඟේ සෙත්ම                       වේවා

-o()o-


ප: ලි:
ඔය අන්තිම කයි දෙක ලිව්වේ බොග දාන්න පටන් ගත්ත කාළේ.. ලැබුන කොමෙන්ට්ස් ගාන තුනයි (3) .. ඒත් බූන්දියේ පබිලිස් උනා...

61 comments:

  1. Danna ayatath nodath ayatath sethma wei mehema giyothnam!

    ReplyDelete
    Replies
    1. සම හරක්ට නම් වෙසක් උදාවෙනවා වගේ පේනවා...

      Delete
  2. මේවා කවිද බං?

    ReplyDelete
    Replies
    1. මට නම් ඒ වගේ පේන්නේ.. නොවෙන්නත් පුළුවන්...

      Delete
  3. අන්තිම කවි නම් එල.සැදැහැ සිතින් අයියලා දෙන චිට් බැති සිතින් ගන්න කියල බුකියෙ දැක්කා.මේ පාර වෙසක් කඩ අඩුයි පට්ට විදිහට...

    ReplyDelete
    Replies
    1. අඩු වෙන තරමටම හොඳයි පිස්සු විකාරේ...

      Delete
  4. කාලෙකට පස්සෙ වෙසක් පිළිබඳ මා කිය වූ ඉතාමත් සාර නිර්මාණය. වදින තැනකට වදින පිණිසයි තියරින් ලියා ඇත. බොහොම රසවත්.
    දන්න අයටත් නොදත් අයටත් ප්‍රීතී වෙසඟේ සෙත්ම වේවා
    අන්තිම බිංදුව වඩාත් රසවත්.......

    ReplyDelete
    Replies
    1. ඊළඟ කෑල්ල ඊටත් වඩා රසවත්

      Delete
  5. සැමට මොලේ පෑදෙන වෙසඟක් වෙවා...!

    ReplyDelete
    Replies
    1. ත්ව බුදුවරු 500 ක් පහළ උනත් මේ බිමේ නම් එය සිඳු නොවේ කිසිදා...

      Delete
  6. Yathaarthaya godaganeema hewath unearting reality
    Wesak wes muhunu g/alaveema hewath unmasking

    ReplyDelete
    Replies
    1. මේක වෙසක් නෙව්යි ක්‍රිස්මස් වලටත් එහා...

      Delete
  7. පාට පාටින් එළිසම හෙම රැකලා දෙසලා තියෙන්නේ..

    ඔයාටත් ප්‍රීති වෙසක්,

    ReplyDelete
    Replies
    1. කවිය ඊයේ රෑ තිබ්බ වගේ නෙමේ අකුරු එහෙ මෙහෙ වෙලා

      Delete
    2. අනේ නෑ අනේ.. වෙනස් කලේ නෑ.. නෑමයි...

      Delete
  8. අයිසෙ මාතලන්, තමුසෙටත් සුභ වෙසක් !!

    ReplyDelete
    Replies
    1. තමුසේ මහත්තයටත් එසේම වේවා...

      Delete
  9. සියල්ල කෙසේ වුනත් අන්තිම කවි දෙක හැම දෙනාටම කටපාඩම් හිටීවා !

    ReplyDelete
    Replies
    1. 2010 ලිව්වේ.. සර්වකාලීනයි වගේ...

      Delete
  10. ඔබටත් වෙසඟේ සැරි සරන විට ප්‍රීතිමන් වෙසඟනක් හමු වේවා !
    මෙකෙ කවි ටික දමලා වෙසක් පත් ටිකක් හදලා දාමුද මාතා ?

    ReplyDelete
    Replies
    1. දැන් කාඩ් යවන්නෙ නෑ නේද මචෝ... මම නම් දැක්කෙම නෑ කාළෙකින්.

      Delete
  11. දන්න අයටත් නොදත් අයටත් ප්‍රීතී වෙසඟේ සෙත්ම වේවා !

    ඒක නියම සුභ පැතීමක් ....

    ReplyDelete
  12. Ekenma Mr.Maathalan. Preethi wesak hemontama semaruwath nethath..

    ReplyDelete
    Replies
    1. මිස්ටර් ටික්කාටත් එසේම වේවා...

      Delete
  13. මේ වෙසඟේ නානසාරට නම් මොළේ පැදිලාද කොහේද ?ඔන්න දැන් මහින්දගේ පලු අරිනවා.මහින්ද බෝ බ ලේ නිසා ජන්ද ලක්ෂ 5,6 විතර හම්බ වුනා කියලා උන්නැහේ කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ලක්ෂ 50 ක් අරගෙන දෙනවයි කියලයි කිව්වේ...

      Delete
  14. අැත්ත කතාව මාතා.......... මේවා තමා සුපිරිම අවවාදයන්.... අන්තිම කවි දෙකත් පට්ට.... ඒ කියන්නේ උඹ ඒ කාලෙත් පට්ට කයියෙක් නොවැ...............

    ReplyDelete
    Replies
    1. අපරාදේ බං කලින් ලියපුවා.. ඒ කාළේ බොග දාන්න දන්නෙ නෑ නේ...

      Delete
  15. ලමාතන් ඔයාලට වෙසක් තියනවද වෙසක් කියන්නේ මගුලක්ද

    ReplyDelete
    Replies
    1. ඔයාට කොයි වගේද මෙයා...

      Delete
  16. දෙරණ පාලන මැති දනන් නැත් දනන්ගේ නෙත් විවර වී නම්
    බයිල ගසනා පඬිවරුන් නැත දනන් නුවණැස අවදි වේ නම්
    හොර සඟුන් මේ ලොවෙත් නැත ගිහි පින්වතුන් යහ කල් ගෙවයි නම්
    සැම දෙනාටම සෑම දිනයම වෙසක් දින ලෙස හැඟී යා නම්

    ReplyDelete
    Replies
    1. සල්ලි තියේ නම් හැමදාම වෙසක් තමයි මෙයා...

      Delete
  17. කිරුලපන පැත්තේ මහා ගුටි දන්සැලක් කලින්ම විවෘත කලා කියලා දැක්කා .
    අපි දෙනවා මහා බයිට් සහ සැන්ඩි දන්සැලක් , හැබැයි වෙසක් හින්දා මස් නෑ . උම්බල කඩ , ටි වී පි , පපඩම්, සෝඩා , කෝක් ....දැන් අහන්න එපා වෙසක් දවසේ ඉතුරු හරිය කොහෙන්ද හොයා ගන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. //මහා ගුටි දන්සැලක් //
      ++++++++++++++

      Delete
    2. වාද්දුවේ ආමි එකෙනුත් දීලා තියෙන්නේ කිසි අවුලක් නැතිව...

      Delete
  18. හපොයි ...වෙසක්.. හපොයි
    කවිය නම් නියමයි....ඒත් මෙවුවා බලන්න ඕන රොත්ත බ්ලොග් කියවනවද දන්නෑ

    ReplyDelete
    Replies
    1. සම හරක් නම් බලනවා කියලා ආරංචියි...

      Delete
  19. කාලෙකට පස්සෙ නිර්මාණාත්මක කවි පෙළක්.උපරිමව රස වින්දා.මාතලන්ටත් සුබ වෙසඟක් වේවා!!

    ReplyDelete
    Replies
    1. උඹලගෙන් හොඳක් ඇහුවාම, මාසයක් දෙකක් බඩ පිරෙනවා...

      Delete
  20. pissu post ekak.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... පිස්සු ගැනමයි තියෙන්නේ...

      Delete
  21. ප්‍රීති වෙසක්.... වෙසක් කියල වැඩි හරියක් ජෝගි නටන එකනෙ කරන්නෙ... ප්‍රීතී... ප්‍රීතී...

    ReplyDelete
    Replies
    1. හායි හනි කැමරා මෙයා ඔයාත් බක්කෝ ඩාන්ස් දැම්මද
      ඔයා තොරණ හන්දියට ආවනම් අපි දෙන්නට සල්සා ඩාන්ස් කරන්න තිබුනා ඔයා සලසා ඩාන්ස් ස්ටෙප්ස් දන්නවානේ ද හනි. නැතිනම් මාතට කියලා ඉගෙනගන්න පොසොන් එකට අපි නටමු ස්විටි .හොඳට ප්රෙඅක්ටිස් කරලා එන්න තොරන හංදියට

      Delete
    2. මේක නම් ප්‍රීතිම තමයි.. කෙලලා කෙලලා කෙලලා.. පෙතිපලේ කැලේට උසික්ක කොරනවා...

      Delete
  22. ඔබ සැමට සු භ වෙසඟනක් වේ වා !

    ReplyDelete
    Replies
    1. ඔයා කව්ද.. බුදු සාධුද....?

      Delete
  23. කාලෝචිත වෙසක් පැතුමක්

    ReplyDelete
  24. හැබෑට මොනවද ඔය නිසැක ධාතු කියන්නේ.. සරු කාලෙක සෙට් වුනානම් බඩු ශුවර් කියනව වගේ මොනවහරිද? (අපේ ගෙදර උන්දැගෙන් ඕක අහල මං පට්ට බැනුම් අහලා ඉන්නේ.. හැක්.)

    ReplyDelete
    Replies
    1. නිසැක කියන්නේ පට්ට පල් අමූලික කෙප්ප නිසා..

      මම පුරා විජ්ජාවේ එකෙක්ගෙන ඇහුවා මේ එකක්වත් තහවුරු කරපුවා නෙමෙයි.. උන්ගෙත් රස්සාවට බය නිසා උන් මේවා ගැන කතා කරන්නේ නෑ. මුන්ට හෙන ගහන්න ඕන මෝඩ මිනිස්සු රවට්ටනවට

      Delete
  25. තොරණ් ගහපිය කූඩූ බැඳපිය මූණූ දාගෙන මෙහෙ වරෙ ල්ලා
    බලුබ් දමපිය දනට දීපිය කොඩිත් ඇද පීකර් දම ල්ලා
    ඩෙනිම් ගහපිය කැප් දමාපිය ස්කිනී ගහගෙන මොඩ් වෙය ල්ලා
    පාරේ නටපිය දෙකක් දාගෙන ප්‍රීතී වෙසඟක් ඇත ඇවි ල්ලා

    දකින්නෙ හැබෑ මුහුණු නෙමෙයි හැමදාම.තොරණ් වලින් වහන්නෙත් බොරුව.ගෙවල්වලට සංස්කෘතිය විසින් හිරකරන් ඉන්න එවා පාරට දාන්න ලැබෙන අවස්ථාවේ ඒක වෙසක්ද පොසොන්ද අදාළ නැහැ.කෙළළ අරිනවා ඇරියස් ඔක්කොම කැඩිලා යන්න.

    විශේෂයෙන් තරුණ තරුණියන්ට මේ රටේ එකට මහපාරේ රෑක යන්න එන්න තියෙන ලොකුම චාන්ස් එක.මේක විනෝද උත්සවයක්.පෙම්වතාට පෙම්වතියට කවි කියා ගන්න ලැබෙන ඒ පිනෙන් පෙම පලලන්න දුවට පුතාට තොරණෙ කවියෙන් විභාගෙ පාස් වෙන්න ඉඩ දෙන මිත්‍යාව වැඩියෙන්ම වපුරන ආගමික උත්සවයක් තමයි මේක.

    මරු මාතලන්.කොහොමත් වෙසක් එකට අපිට පාරක් තොටක් ගානෙ අහන්න දකින්න ලැබෙන ජාතක කතාවෙ ඉදලම තියෙන්නෙ යථාර්තයට පිටින් ගිය මවාපෑමක්.නිර්මාණය කරපු එකක්.ඒ කූඩුවෙ ඉදන් රැලි අලවල පෙන්නන වෙසක් කූඩු තමයි කැරකෙන්නෙත්.ලයිට් දාලා පෙන්නන තොරණ් තමයි බැබලෙන්නෙත්.

    ප්‍රීති වෙසක්! වෙසක් පැත්තක තියෙද්දි කොටුවෙ ෆාමසිවලින් ඇහුවනම් ප්‍රීතිනම් පට්ට විදිහට අලෙවිවෙලා.රූම් යන යන තැන බුක් වෙලා.නිදහස් දවසටත් පාර වහලා මිනිස්සුන්ගෙ නිදහස අහුරන රටේ මේක තමයි හැබැයි හැමෝටම වැඩිපුරම නිදහස ලැබෙන උත්සවය.ඒකටත් වගකිවයුත්තොම තමයි වැඩියෙන්ම මේකෙත් ආශිර්වාද ලබන්නෙ...

    දෙරණ පාළන මැති දනන්ගේ අන්ධ වූ නෙත් විවර වේවා
    බයිල ගසනා පඬිවරුන්ගේ මොට්ට මොලයට නුවණ ඒවා
    මෝහයෙන් දන මුළා කරණා හොර සඟුන් දෙවියෝ ර කීවා
    පැත්ත ගියමුත් ඇත්ත කියනා ටික දෙනාගෙ දිව කැ පේවා

    මේව ලිව්වම වෙනස් කරපු අන්තිම පදය වගෙ වෙන්න කියලත් පතන අය ඉන්නවා මචං.
    එමෙ නැත්නම් මෙහෙම..
    පැත්ත ගියමුත් ඇත්ත ලියනා ටික දෙනාගෙ අත් සි දේවා

    උඹටත් ප්‍රීති වෙසක් මාතා!

    ReplyDelete
    Replies
    1. අම්මට බොල පට්ට විචාරයක් නේ..

      අම්මපා මේ රටට මොකක්ද මචෝ උනේ..

      Delete
    2. වෙන දේ තේරෙන්නෙ නැහැ මචං හුගක් වෙලාවට තමන්ටත් නොදැන පුකේ ඇර ගන්න අය රිදෙන කොට හිතන්නෙ වෙන කාට හරි අරින එකකට තමන්ට රිදෙනවා කියලා...

      එතකොට අනුන්ට කෑ ගහනවා පුක දෙන්න එපා කියලා...මෙහෙම දෙයක් නේද වෙන්නෙ මචෝ

      Delete
  26. උබ පුක දීල සම්මාන ගත්තට පස්සෙත් ජහ පාලනයට කඩේ යනව නේද ? රෙන්න පුකක් ඉතුරු වෙන එකක් නැ

    ReplyDelete
    Replies
    1. මගේ පුක නේ දුන්නේ මෙයා.. ඔයාගේ එක රෙන්නෙත් නැතිව මහින්ද මහත්තයට දුන්නා නම් හරි...

      Delete
  27. සාදය දමමු ගජරාමෙට රහමෙර ගෙන සෙට්......... වෙලා
    වාදම කරමු රකිනා හැටි රට දම දැය දුක්................... වෙලා
    ගෝනිය නැතිව නගිනා රඟ දෙසපළුවන් කර ...............බලා
    භාවන කරමු හඬනා අඹු දරුවන් හට දැන් ................. නෙලා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න