.

.

Apr 27, 2015

19 දිනන්නේ කව්ද...? - Who will be the Man of the Match..?

 
යහපාළනේ ඇක්ස්පයර්ය. ඒ කියන්නේ වන් හන්ඩ්‍රඩ් ඩේස් (දින 100) ඉවරය. රවි ලොක්කාගේ බජට් එකෙන් දුන්න සහන ටික ඇර, ලැබුනු ලබ්බක් නැතිය. කලටි පොල් පැත්තෙන්, හියුමන් රයිට්ස් පැත්තෙන්, ෆ්‍රීඩම් ඔප් මීඩියා පැත්තෙන් හා ඉන්ටනැසොනල් පැත්තෙන් ලද ජයග්‍රහණ තිබුනද, එවා බත් එක්ක කන්න බැරිය. පත්තරවල කියෙව්වද බඩ පිරෙන්නේත් නැතිය.

මෙයාලා කියන විදියට, මෙච්චර සහන දීලාත්, ඉන්ෆෙලේසොන් නොහොත් උද්ධමනෙද මක්කද එක 1 ට වඩා වැඩි ගනනක් තියෙනවා කියන්නේ, මිනිස්සුන්ගේ ජීවින වියදම අඩුවෙලා නැතෙයි කියන එකය. එච්චර දීලත් වැඩි උනා කියන්නේ, දීපු සහන වලින් මිනිස්සුන්ට දැනෙනා දෙයක් සිඳු වෙලා නැති බවය. එහෙම දෙයක් උනා නම් උද්ධමනයේ ඩු වීමක් මිස දශමයක් හෝ වැඩි වීමක් තියෙන්නට බැරිය.

ගෑස් අඩු කිරීම හා පිටි අඩු කිරීම යම් කිසි සහනයක් වූවද, වක්‍රාකාරව සියළුම භාන්ඩ හා සේවාවන්වල මිළ අඩු කිරීමට එය ඉවහල් වී නැත. ආප්පයට හා ප්ලේන්ටියට පාළණ මිලක් නියම කළද, ඒකෙන් උනේ මදේ නැති ආප්පයි, කෝප්පෙන් භාගයක් පිරිණු, අඩු සීනී පෙලේන්ටි බොන්නය. කොත්තමල්ලි වගේ එවා අඩු කරන්නේ නැතිව එහෙමම තිබ්බා නම් වඩා හොඳයි කියා හිතෙන්නේ, අත්‍යාවශ්‍ය නොවන භාන්ඩයක් අඩු කරලා කන කින්ඩි ඊට වඩා වැඩි නිසාය.

ඉඳිකිරීම ක්ෂේශ්ත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටුනේය. ලක්සිරි එපාම්නට්ස් ටිකක වැඩ කරගෙන ගියද, මහා පරිමානයේ ඉඳිකිරීම් ආයතන තුල රැකියා අහිමි වූ පිරිස 150,000 පමණ වන බවට වාර්ථා ලැබෙමින් පවතී. පවුල් 150,000 කෙලවෙනවා කියන්නේ සුළු පටු කරුණක් නෙමේය.

වෛර බදු නිසා, එම ආයතන, සේවකයන්ට වැටුපට අමතරව ලබා දුන් දීමනා, බෝනස් ආදිය නවත්තලා දමලාය. අවුරුදු ගනනක් එම ආදායම් වලට සරිලන ලෙස හැඩගැසුනු ජීවිත, අමතර ආදායම් නොලැබීම තුලින්, යහ පාළණය කෙරේ කළකිරී ඇත.

ආන්ඩුව ඉකොනොමිය හොඳයි කීවාට, පාරට බැස්සම යහ පාලනේට දීපු එකත් ආන්ඩුවේ පලු අරිනා අතරේ, මහින්ද මහත්තයා හිටියා නම් මීට හොඳයි කියන්නත් අමතක කොරන්නේ නැතිය. මාතලන් මේ කියන්නේ බොරු නම්, ඔය බුද්ධි අංශයේ උන් ටිකක් මහ පාරට දාලා, පොඩි සමීක්සොනයක් කොලා නම්, මේවා කෙප්ප නෙමේ කියා තේරෙනවාය.

මහින්ද මහත්තයාටත් කෙල උනේ 18 නිසාවත්, තුන් පාරක් ඉල්ලා, ඊළඟට නාමල් බේබී ගේන්න ගිය නිසාවත්, බැසිල් සීයට ගනන් හොරා කා, කැම්පේන් එකේ කකුලෙන් ඇද්ද නිසාවත් නොවේය. මැද  පන්තියට ලැබෙන පඩියෙන් ජීවිතේ ගැටගහ ගන්න බැරි උන නිසාත්, සුළු ජාතිකයින් වහලුන් සේ සැලකූ නිසාත්ය.

අපි ඒ කාළෙත් මහින්ද මහත්තයාට කිව්වේ, අත්‍යවශ්‍යම භාන්ඩ හතක මිළ අඩු කරලා දෙන්නය කියලාය. එහෙම කොලා නම්, මහින්ද මහත්තයා හොල්ලන්න ජෝන් කෙරී තියා ඔබා මාමා අවත් බැරි වෙනවාය. ඒත් ලොක්කා අපි කිව්ව ඒවා පයිසෙකට ගනන් ගත්තේ නැතිය.

ඔතන කරුමේ වෙලා තියෙන්නේ, උපසේන කම් වලට ගන්න එකාටත් ලක්සිරි වෙහිකල් දීලා, ලක්සිරි දීමනා දීලා, ඌවත් හයි ක්ලාස් සොසයිටි එකට දානා එකය. ඊට පස්සේ උන් උපදෙස් දෙන්නේ උන්ගේ ක්ලාස් එක මේන්ටේන් කොර ගන්න මිසක්. සමාන්‍ය ජනතාව හිතන්නේ පතන්නේ කොහොම්ද කියලා හොයන්න බලන්න නෙමේය. ඉතින් උන්ගෙන් උපදෙස් ගන්නවාට වඩා, බෲනේයි වල සුල්තාන්ගෙන් උපදෙස් ගන්නා එක, ඊට වඩා හොඳය.

දැන් 19 සම්මත වෙන්න හෝ කෙලවෙන්න යන්නේත්, මහින්ද මහත්තයාට ඕනා ව්දියටය. තවමත් තමන්ගේ පක්ෂයේ සෙට් එකවත් තමන්ගේ පැත්තට හරවා ගන්න බැරි වෙලා තියෙනවා කියා, ජනාධිපති තුමාටත් ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව අමතන්න ගිය, ගොන් බන්ධුලයාගේ ෂෝ එකෙන්ම පේනවාය. ඌ හිතාගෙන ඉන්නේ, ඌ ජනාධිපතිටත් එහා පොරක් කියලාය. පාර්ලිමේතුව උගේ ටියුෂන් ක්ලාස් එක කියලාය. ජනාධිපති හිටං උගේ ගෝලයෝ කියලාය. මේ වගේ උන්ට, යහ පාලනයට පෙර ගව පාලනය තුල පෙරහුරුවක් දී පාර්ලිමේන්තුවට දානවානම්, රටටත්, ජනතාවටත්, පක්ෂයටත් බොහෝ හොන්දය.

ජයම්පති උන්නැහේ විවස්ථා හදන්නේ 1998 දී ඉඳන් කියලා, එයාම ටෝක් සෝ එකකට ආපු වෙලාවේ කිව්වෙය. කොහොම හරි එයා ලියපු 19 සුප්‍රිම් කොට් එකට ඇරියාම කෑලි කපලා එතනින් එව්වේය. ඊට පස්සේ ඒකට බලෙන් දාන්න ගිය කෑලී ,ජඩ මාද්දිය වේදින්ට අහුවෙලා හතර අතේ නෝන්ඩි වෙලා, අයින් කර ගන්න උනේය.

ඉතිරි ඒවා ටිකට, මහින්දවාදින් කොක්ක ඇද්දේය. ඊයේ කරුණු අටකට සන්සෝධන ගේන්න කියා එයාලා කීවේය. ඒකෙන් හයකට, කාළගෝට්ටි මැද්දේ යහපාලනේ උන් කැමති වෙලාය. දැන් ලෙඩේ තියෙන්නේ දෙකකටය. ඒ දෙකට රනිල් ලොක්කා කැමති නැතිය. ඒ උනාට ඒ දෙකත් ඇතුලට දාන්න කියලා මහින්ද මහත්තයාගේ කස්ටිය කියනවාය. දැන්, ඒ වලිය බේරන්න, තුන් දෙනා, තුන් දෙනා, දෙපැත්තෙන් දාලය. ඒත් වැඩේ සැටල්කොර ගන්න බැරිව මෛත්‍රී ළොක්කා ගාවට ගිහිල්ලාය.

දැන් ඔය දෙක ඇතුලට දාගන්න දුන්නේ නැත්නම්, මිහින් පාටිය ඕකට අත උස්සන්නේ නැති බව, ඉර හඳ මෙන් විසවාසොය. කොහොමත් මහින්ද මහත්තයා ඕක සම්මත කොර ගන්න දෙන්නේ නැතිය. එයා එයාගේ පවර් එක ඔතනදි මැක්සිමම්ම පෙන්නන්න, දන්නා ඔක්කෝම උප්පරවැට්ටි ඔක්කෝම දානවාය.

මොන මළදානෙන් හරි ඕක සම්මත කොර ගත්තොත් මෛත්‍රි ලොක්කා දිණුම්ය. ඒත් කරුමේ කියන්නේ මහින්ද මහත්තයාත් දිණුම්ය. මොකෝ සම්මත වෙන්නේ ජයම්පතීගෙවත්, රනිල්ගේවත්, මෛත්‍රීගේවත් 19 ක් නොව මිහින් ලංකා එකේ සැට් එක හදාපු එකක් නිසාය. ඒ කියන්නේ ඕක සම්මත උනත්. නොවුනත් මොන මළදානෙන් හරි එයාටත් ක්‍රෙඩිට් එක යනවාමය. ඒවාට කියන්නේ පොලිට්‍රික්ස් කියාය.

හැබයි ඉතින් සම්මත කොර ගන්න බැරි උනොත් නම්, අකමැත්තෙන් උනත් කියන්න වෙන්නේ, 8 වෙනිදා අපි ලබා දුන් ජයග්‍රහණේ ඇර, යහපාළනේ හැම මැච් එකම පරාදයි කියලාය. එහෙම කියනා කොටම, මෑන් ඔෆ් ද මැච් ට්‍රෝපි එක මහින්ද ලොක්කාට දෙන එකත්, සක්කරයගේ පුතා වයිමාටවත්, වයිමගේ අයියා වෙන, බන්ධුල සෑර්ට වත් නවත්තන්න බැරිය කියලාය.

ඒ වගත් මෙසේය....

72 comments:

  1. බලමුකො! තව සුළු කාලයයි නෙව.....

    ReplyDelete
    Replies
    1. දින්නත් මහින්ද දිණුම්.. පැරදුනත් දිණුම්...

      Delete
    2. අනිත් පැත්තට මෙහෙමත් එකක් තියනව.

      #-දිනුවොත් කැපෙන්නෙ කාගෙ තටුද(යම් හෝ මට්ටමකට)
      #-පැරදුනොත් රැකෙන්නෙ කාගෙ බලයද?

      එහෙම බැලුවම දිනුවත් පරාදයි පැරදුනත් පරාදයි.[උදාසීන වෙන්න එපා මාතලන්]

      Delete
    3. කාලේ අවසානයේ පුටුවෙන් නැඟිට ගියේ නැතිනම් මත්‍රී කොහොමත් පරාදයි.

      Delete
    4. රාජ් කියන එකත් ඇත්ත.. ඒත් ඒක හයිලයිට් කරන්න මිනිස්සු නෑ එයාට.. එයා ළඟදිම තීරණයක් ගන්න වෙයි.. නීල කාස හොරුත් එක්ක හෙළුවෙන් ඉන්නවද...? එහෙම නැත්නම් උන් එලවලා අළුත් උන් දාගෙන යනවද..? එහෙම නැත්නම් එයා පත්කරපු බලවේග එක්ක යනවද කියන එක..

      Delete
    5. Nirmala Madushani
      ළමයෝ විධායක බලතල කියන එක සැහැල්ලුවට ගන්න එපා. ඔය මොන ලබ්බක්වත් නැතුව, ඕනනං කම්බ හොරු ටිකත් එකතු කරගෙන මහින්ද හිටපු තැනට ආදේශ වෙන එක මෛත්‍රීට මහලොකු දෙයක් නෙවේ. ඊට පස්සෙ මහින්ද නවත්වපු තැන ඉඳල යන්නයි තියෙන්නෙ.

      දැන් ලැබිල තියෙන්නෙ (අපේ පැත්තෙන්) බෝනස් එකක්. සාර්ථක උනොත් රටට හොඳයි.

      Delete
    6. රාජ් හරි මධ්‍යස්ථ මතය..

      Delete
    7. මේ රටේ පසුගිය කාලේ අරගල / යුද්ධ කරපු ඔක්කොම කීවේ අවශ්‍ය ජනතාවට ප්‍රගතිශීලී වෙනස් කම් ප්‍රජාතත්ත්‍රවාදී ක්‍රමයට ලබාගත නොහැකිබවයි. ඒක නැවත නැවතත් තහවුරුවෙනවා මේ වගේ සිද්ධවලින්, ඉතින් එවැනි මතයක් නැවත තහවුරු කිරීම තමයි මේ ගොබ්බ රැල කරන්නේ,

      Delete
    8. ලොක්ක විමලයාගේ සයිට් එකේ මෙමෙහෙම තිබුනා

      //
      ඉන් යෝජනා කර ඇත්තේ ජනාධිපතිවරයා හදිසි අනතුරකට හෝ විපතකට පත් වූ විට පාර්ලිමේන්තු බහුතරය පෙන්වන පුද්ගලයා ජනාධිපති වීමයි.

      ඊට දැඩි විරෝධය පල කර ඇති අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දැඩි ආවේගයෙන් අදහස් දක්වා ඇති අතර සන්ධාන නායකයන්ද අදහස් පල කිරීමට යාමෙන් උණුසුම් තත්වයක් ඇති විය.
      //

      මේක ඇත්තනේ, එතකොට මාර සීන් එකනේ, රනිල් මොකද මේකට විරුද්ධ වෙන්නේ, අනිත් පැත්තෙන් M3 ගේ ගෝලයෝ (GL ) මෙහෙම එකක් ගේන්නේ ඇයි. පෙන හැටියට රනිලා plan කරනවා M3 ගේම දීල ලොක්ක වෙන්න, M3 ලොක්ක බයයි එහෙම එකක් වෙයි කියල

      -ප.ගෝ.

      Delete
    9. @රාජ්, මේ ප්‍රොෆයිල් පින්තූරෙ දැක්කම හැමදාම මට අහන්න හිතෙන දේ තම්යි,ඒ පින්තූරෙ වගේ ඇත්තටමඋඹේ මූන මුක්කං කැවුමක් වගෙද?

      Delete
  2. දුකයි මෙයා....

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ දුක....?

      Delete
    2. දීල දීල පුක ලොකු වෙලා මගේ ඒකයි බන්

      Delete
    3. //Maathalan - Priyantha HewageApril 23, 2015 at 7:13 AM

      පිහිය හොයා ගත්තට එහා සොෆ්ට්වෙයාර් එකක් නේ හදලා තියෙන්නේ. උඹ ඔය රික්වෙස්ට්මන්ට්ස් මාක් කරනවා වගේ තමයි මම ඉස්සර බහුවරණෙට උත්තර ලියන්නේ.. හැබයි ඉතින් අවුලක්ම වෙලත් නෑ..

      Read more: http://dhumee.blogspot.com/2015/04/blog-post_23.html#ixzz3YdWgVyE0//


      රික්වෙස්ට්මන්ට්ස් කියන්නෙ කොයි බාසාවෙන්ද ආයිබොවං?

      Delete
  3. කිව්ව දේවල් අකුරක් නෑර ඇත්ත.. පැරදුනොත් අපි ලොටල ලොටල දීපු චන්දෙත් වැඩක් නෑ කියල තමා කියනන් තියෙන්නේ.. මහින්ද දිගටම ගේම ගහවිද බං..

    ReplyDelete
    Replies
    1. කරතොත් කරහං හරියට
      බැරිනම් පලයන් අහකට

      Delete
    2. //මහින්ද දිගටම ගේම ගහවිද බං..//

      අනිවාර්යයෙන් ම බඩු හම්බු වෙනු ඇත!

      Delete
  4. අර ලොක්කා බිත්තර උඩ දාන රූපය නම් ඒළස්... ඒක තමා අැත්ත... අන්තිමට ඉතුරු තමන්ගේ දෙක විතරද දන්නෑ???

    ReplyDelete
    Replies
    1. ඒකත් ඉතිරි උනොත් ළොකු දෙයක්.

      මක්කා නැතත් ජෙනරාල්ගේ තරු පහයි.. මෛත්‍රීගේ තරු හතයි බේරුනොත් ඇති..

      Delete
  5. ඉවසන්න................... තව පොඩි වේලාවයි.
    වහල් මතය පරදා ජනතාවට ජය පතමු.

    ReplyDelete
    Replies
    1. ජනතාවට් නම් ලැබෙන ලබ්බක් නෑ ඕවා වලින්..

      Delete
  6. අයිසෙ මාතලන් හොඳ පෝස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. ටැන්කූ අයිසෙ මහත්තයා...

      Delete
    2. අයිසෙ මරු කමෙන්ට් එකක්.. හැක්

      Delete
    3. පලයන් අයිසෙ යන්න!

      Delete
    4. අයි සී ද සී

      Delete
  7. උඹට මහින්ද මාමි නැතුව පාලුයි වගේ නේද ?

    ReplyDelete
    Replies
    1. මම ඉතින් කවදත් බහුතර ජනම් එකත් එක්ක නේ.. මට මොකා උන්නත් එකයි...

      උඹේ කොමෙන්ට් එකත් දැක්කත් අම්මා තාත්තා දැක්කා වගේ... නොදෙකින් මූසල් බුකිය...

      Delete
  8. ආන්ඩු ජීවන වියදම අඩු කරනකං බලං ඉන්න එක මචෝ අර උපාධිය අරන් ආංඩුවෙන් රස්සාවකුත් දෙනකං බලං ඉන්නවා වගේ වැඩක් බං. එහෙම නෙවෙයි තව ටිකක් බලමු. මැදමුලන පැන්ශන් මුත්තාගේ සහ ගෝලයේ ටික කරන විගඩම ඉවර වෙලා නව ව්‍ය්වස්තාව පාස් කරගෙන මහ මැතිවරණය තිබ්බට පස්සෙ රටේ ව්‍යාපාර කරන්නන්ට ව්‍යාපාර කරන්න පහසු වෙන්න නව රජයෙන් එන වැඩ පිලිවෙල මොකද්ද මතයි අනාගතය තීරණය වෙන්නෙ .

    ReplyDelete
  9. ආන්ඩු ජීවන වියදම අඩු කරනකං බලං ඉන්න එක මචෝ අර උපාධිය අරන් ආංඩුවෙන් රස්සාවකුත් දෙනකං බලං ඉන්නවා වගේ වැඩක් බං. එහෙම නෙවෙයි තව ටිකක් බලමු. මැදමුලන පැන්ශන් මුත්තාගේ සහ ගෝලයේ ටික කරන විගඩම ඉවර වෙලා නව ව්‍ය්වස්තාව පාස් කරගෙන මහ මැතිවරණය තිබ්බට පස්සෙ රටේ ව්‍යාපාර කරන්නන්ට ව්‍යාපාර කරන්න පහසු වෙන්න නව රජයෙන් එන වැඩ පිලිවෙල මොකද්ද මතයි අනාගතය තීරණය වෙන්නෙ .

    ReplyDelete
    Replies
    1. //රටේ ව්‍යාපාර කරන්නන්ට ව්‍යාපාර කරන්න පහසු වෙන්න නව රජයෙන් එන වැඩ පිලිවෙල මොකද්ද මතයි අනාගතය තීරණය වෙන්නෙ .//

      වියාපාර කිරීමේ ජාතික වියාපාරය පටන් ගන්න වගෙයි යන්නෙ... හ්ම්ම්

      Delete
    2. උඹමයි මට දවසක් කිව්වේ මේ රටේ ජීවන වියදම ඇමරිකාවටත් වඩා වැඩියි කියලා.. ඒ වෙන මක්කත් නිසා නෙමෙයි සහ ගහන ගෙන ගහන බදු ආහාර වලටත් ගහලා තියෙන නිසා. මේ කලාපයේ ආහාර මිළ වැඩිම රට ලංකාව. විදුලි බිලත් එහෙමයි. අනික් හැමදේම එහෙමයි. අඩු ගානේ ඒවා ඩු කරන්න කෙටි කාළීන නෙමෙයි. අඩු ගානේ දිගු කාළිණ වැඩ පිලිවෙලක්වත් තියෙනවය කියලා පෙන්නුවද..?

      මේ රටේ ආර්ථිකේ දිව්වේ කළු සල්ලි වලින්. දැන් ඒ සල්ලි එලියට එන්නේ නෑ. ජෙනුයින් බිස්නස් කරපු උන්ට වෛර බදු ගැහුවා. දැන් රජයට ආදායමක් නෑ. ඒ නිසා සැන්ට්‍රල් බෑන්ක් එකේ එකා ට්‍රෙසොරි බිල් මාකට් එකට දාලා ඌත් හොරකම පටන් ගන්නවා..

      මේ දේවල් මොකා කලත් වැරදියි.. මිනිස්සු සහන ඉල්ලන්නේ නෑ.. සාධාරණත්වය ඉල්ලාන්නේ..

      Delete
  10. උඹ කොහොමද බං මෙච්චර ලස්සනට කිරන්න ඉගෙන ගත්තේ.. කොහොම බැලුවත් දෙපැත්තම පට්ට බැලන්ස්..

    ReplyDelete
    Replies
    1. ඒක නේද මාධ්‍යවේදියෙක්ගේ යුතුකම... හා වගකීම...

      Delete
  11. ඇත්තෙන්ම මේක පැරද්දෙව්වොත් මහින්දගේ බලය වැඩියෙන් පේනව. 19 සම්මතවුනොත් සිරිසේනටත් ටිකක් පුලුවන් කියල පේනව අඩු ගනණෙ මහින්දවාදීන් ශේප් කරගන්නවත්.

    කණගාටුවට කරුණ මේ වගේ රටට හොඳ දෙයක් කරන එකේ ප්‍රධාන අරමුණ එක එකාගෙ බලය පෙන්වීම වෙන එක.
    මොකාට ක්‍රෙඩිට් එක ගියත් ගියත් කමක් නෑ කොමිෂන් ටිකවත් එනවනම් .

    ReplyDelete
    Replies
    1. ඒක නම් ළොකු දෙයක්.. ඒත් නීල කාස හොරු මන්ත්‍රී වරප්‍රසාද මතු කරයිද දන්නේ නෑ.. උන් හිතාගෙන ඉන්නේ උනුත් චූටී විධායකලා කියලා...

      Delete
  12. සම්මත කරගන්නවා කියන්නේ මේක රටේම දිනුමක්.

    ReplyDelete
    Replies
    1. මේවා සම්මත් කලා කියලා මිනිස්සුන්ගේ බඩවල් පිරෙන්නේ නෑ බං.. එක එකාට ක්‍රෙඩිට් ගන හොඳයි මේවා. වෙන එකෙක් ආවම 20 හරි 21 හරි ගෙනැල්ලා මේක බල රහිත කරයි.. පිස්සු හුටං හිටං..

      Delete
  13. දැන් මාතලන් යහපාලන ආණ්ඩුවෙන් බලපොරොත්තු වුණේ මොනවද? හිතුවද මෛත්‍රි මහත්තයා මාතලන්ව අවුරුදු විස්සක් විසිපහක් තිරිහන් කරයි කියලා? එහෙම කළා නම් ඉටිකිරිස් කෑල්ලකට ආයෙමත් ට්‍රයි කරන්න තිබුණා.

    අර උඩ උදිත මලයා කියන්නා වගේ මාතලන් ආණ්ඩුවකට බැහැ මහ ජනතාව බලපොරොත්තු වන හැම දෙයක්ම කරලා දෙන්න. ජීවන බර යම් පමණකින් හෝ අඩු කිරීම ජයග්‍රහණයක් නෙවෙයිද? නීතියේ ආධිපත්‍යය යළි පිහිටුවීම ජයග්‍රහණයක් නෙවෙයිද? කොටින්ම පාදඩ දුර්දාන්ත පාලනයක් ඉවර කළ එකම මදිද? මේ කෙටි කාලය තුළ කරපු නොකරපු දේවල් බලන්න එපා. ළඟ නොබලන්න. දුර බලන්න. හැම හොඳ දේකම වරදක් දකින චතුෂ කුමාරලා වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. එහෙම කලබලයක් නම් නෑ.. ඇත්ත ඇති සැටියෙන් ලිව්වම් යහපාලන අයත් පොඩ්ඩක් සැලෙනවා.. බය වෙන්න එපා.. තව කල් තියෙනවා නේ..

      Delete
  14. 6:30 ට නේ...........ඔහේ.......
    මට 10 පහු වෙලා.........හොද ගණන්.......
    බලමු.....මචෝ..........
    ලංකා වාශී ජනියටත් ඔද ගණන් වෙයි ද කියල...

    ReplyDelete
    Replies
    1. ජනතාවට නම් විධායකේ තිබ්බත් එකයි නැතත් එකයි.. ඒත් මෙතන පත කලටි පොල් ගේමක් තියෙනවා... බලය පිළිබඳ හා දේශපාළණයේ අනාගතය පිළිබඳව..

      Delete
  15. කතාව ඇත්ත. නිකං කයිය ගැහුක විතරයි. ක්‍රම වෙනස යහපාලනේ පැත්තකින් තිබ්බය්හ් අඩුම ගානෙ මූණු ටිකවත් වෙනස් උනේ නෑ.

    සංවර්ඪ්හනේ නවථ්හන්නෑ කිව්වට එහෙම්පිටින්ම නවතිලා. ව්‍යාපාරිකයො වැටිලා. ගොඩන්ඟිලි ඉදිකිරීම් අමුද්‍රව්‍ය ක්ශේස්ත්‍රය වැටිලා.ගල් වලවල් වැහිලා. ලොරි වලට ලිසිං ගෙවාගන්න බෑ. තව දේවල් එමටයි.

    ReplyDelete
    Replies
    1. දැන් ඔයාට මතකද මහින්ද පත්වෙලා දින සීයක් ඇතුළත කළේ මොනවද කියලා?

      Delete
    2. Manosh SandaruwanApril 27, 2015 at 11:35 PM

      එල කතාව මනෝශ්!

      Delete
    3. බයියෙක් බයියෙක්ගේ පිට කසයි.

      Delete
    4. //AnonymousApril 28, 2015 at 12:24 AM

      බයියෙක් බයියෙක්ගේ පිට කසයි.//

      කනිශ්ට විද්යාල ගච්චපු හූරෙක් සිරිසේනට චන්දේ දුන්නාම තමන් ටොයියෙක් වෙලා කියා සිතයි.....

      Delete
    5. බයියෙකුට තරහ යයි.

      Delete
    6. කණිෂ්ඨ විද්‍යාලෙට විතරක් නෙවෙයි බං ඉස්කෝල නොගිය එකෙක් වුණත් මෛත්‍රිට ඡන්දෙ දුන්න ගමන් ඉබේම වැදගතෙක් වෙනවා තමයි. මොකද ඌ ඔප්පු කරනවා තමන් තවදුරටත් පාදඩ දූෂිත ඒකාධිපති පාලකයකුගේ වහලෙක් හැටියට ජීවත් වෙන්න අකැමැති නිදහස් මිනිහෙක් කියලා. ඒ නිදහස මොකද්ද නොදන්නා එවුන් හැමදාම දම්වැලෙන් බැඳී සිටීමේ, කස පහර කෑමේ ප්‍රීතියෙන් ඔකඳ වී ඉන්නා චිම්පන්සියන් මිසක මනසින් උසස් මනුෂ්‍යයින් නෙවෙයි.

      Delete
    7. මේ පාරත් කොඩි ඇදලා පෝස්ටර් ගහල උදවු කරන්න ඕනෑ හොඳේ??

      Delete
    8. අම්මා තාත්තා උනත් ඇත්ත පෙන්නලා දෙන්න එපාය. වැටෙන්න යන නරා වලවල් පෙන්නලා දෙන්න එපාය. කොටින්ම ජහ මනයා අතර තියෙන මතය මක්කද කියන එක යහපාලන ටොයියන්ට පෙන්නලා දෙන්න එපාය..

      Delete
    9. මම මෛත්‍රීට දුන් චන්දය පිලිබඳ කිසිදා පසු නොතැවෙමි. මොකද ඒකාඪ්හිපති පවුල් වියරුවක් නිමා කිරීමට දායක වූ හෙයිනි. නමුදු තිබෙන අඩුපාඩු ගැනද බිඳක් කීවෙමි.

      උඩම ඇනෝට..

      මහින්ද දින සීයෙන් කරපු ලබ්බක්නම් නෑ තමා බං. දින සීයෙන් නෙවෙයි, අවුරුදු නවයම උන්ද කලේ යුද්දෙ වවාගෙන කෑව එකයි, සංවර්ධනයෙන් ගසා කාපු එකයිනේ. ඒකනේ මේ පාර ඒක ඉවරකලේ.

      Delete
  16. බඩු මිල අඩු කරලා ජීවන වියදම පහල දාන්න බෑ මාතලන්. මොකද අපි මොනවා නැතත් අධි පරිභෝජනයකට පුරුදු වුන මිනිස්සු. ඒ නිසා බඩු අත්‍යවශ්‍ය බඩු මිල අඩු වුනාම ඒ සල්ලි වලින් වෙනත් දෙයක් ගන්නවා. අන්තිමට වියදම තිබුණ විදිහමයි. කරන්න ඕනේ රටේ කර්මාන්ත ඇති කරන එක. පහල ආදායම් ඇති අයගේ ආදායම් වැඩි කරන කර්මාන්ත ඇති කරන එක. නැත්නම් කවදාවත් මේක වෙන්නෙ නැහැ. ඒත් මේක දින සීයකින් කරන්න බැහැ. අවුරුදු 5 ක වත් ප්ලෑන් එකක් වෙන්න ඕනේ. ඒත් අපේ මිනිස්සුන්ට මේ ඉවසීම තියෙනවද කියන එකයි ප්‍රශ්නේ. මොනවා නැතත් රටේ එක එකාට බයවෙලා ජීවත් නොවී ඉන්න තියෙන එකනම් ලොකු දෙයක්.

    අනිත් එක අධිකරණය තිබුණට වඩා ස්වාධිනයි, පෙටල් මිල අඩු වුන එක වාහන තියෙන කෙනෙකුටනම් හොඳටම හොඳයි

    ReplyDelete
    Replies
    1. වාහන හැමෝටම නෑ නේ. වාහන තියෙන්නේ කී දෙනාටද.. අළුත් ආන්ඩුවක්න් වෙන්න ඕන රැකියා උත්පාදනය කරන එක මිසක්. තියෙන රැකියාත් නැතිකරන ගොන් තීරන නෙමෙයි නේ. සංවර්ධන වැඩ එහෙමම ගෙනියන ගමන්. කොන්ත්‍රාත් කාරයොත් එක්ක නෙගෝසෙසොන් වලට එන්න පුළුවන් කම තිබුනා. එහෙම නැත්නම් විධායක බලය හරි පාවිච්චි කරලා ඒවා රජය පවරා ගන්න හෝ වෙන උන්ට දෙන්න තිබුනා. සියල්ලම අඤ්ඤ කොරොස් වෙලා..

      කස් යෝජනා කරන ඒවා පේන තෙක් මානෙක නෑ. ආපු ඉස්පීඩ් එකට යනවා මෙසක්. නැත්නම් වාහනේ කැඩිලා ගොඩක් කල්..

      අධි පරිභෝජනය කෙසේ වෙතත්.. මිනිස්සු සැටිස් නෑ.. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි..

      Delete
  17. හැම සතියෙම අලුත් මොකක්හරි විගඩමක්, රටේ දියුණුවක් ගැන කතා කරන්න ,, වැඩපිලිවෙල පටන් ගන්න වෙලාවක් නැහනේ ,, දේශපාලකයෝ නලෝ නලෝ වැඩකට නැති දේවල් ගැන තර්ක කර කර ඉන්නවා මිසක්,,, චන්දේ ඉවර වෙලා මාස 3 කටත් වැඩියි අනේ මන්දා..

    මන් නම් කියන්නේ හොරු ටික ඔක්කොම පිරිලා ඉන්න දවසක දියවන්නාව විල ට උඩින් බෝම්බ ටොන් එකක් අතෑරලා පාර්ලිමේන්තුව කෑලි කෑලි කරලා දාන්න ඕනේ,,, පාලකයෙක් නැතුව තියෙන එක හොඳයි මේ විගඩම් නැතුව

    ReplyDelete
    Replies
    1. මටත් ඒ වගේ හීන තියෙනවා.. ඒත් වැඩියේ සිහිණ දකින්න යන්නෙ නැත්තේ.. අන්තීමට ඔය බෝම්බේ පාත් වෙන්නෙත් අපේ ඔළුව උඩටම.. ඉඳගෙන...

      Delete
  18. සුද්දොන්ට සුද්දීයෝන්ට පාරවල් පෙන්නන නාකි හැත්ත නෙවෙයි රටක දේශපාලනේ විශ්ලාශනය කොරන්න ඕනේ. ඊට වැඩිය ඩිංගක් දන්නා කියන මනුස්සයෝ දෙන්නෙක් එකතු වෙලා තමයි දැන් මේක කොරගෙන යන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ දෙන්නා හොඳට නාන බව නම් ඔක්කෝටම පේනවා..

      Delete
    2. අයිසෙ .......කියන්න ද.......යමක්....

      Delete
    3. පාරවල් පෙන්නනව විතරක් නෙමේ යකෝ සුද්දන්ගෙ වෙන ආසාවලුත් මෙයා ඉෂ්ට කරනව. (සුද්දන්ගෙ විතරයි සුද්දියන්ගෙ එහෙම නෙමේ)

      Delete
    4. සුධ්ධියන්ගේත් ඉස්ට කරනවා ගු කෑම වගේ දේවල්

      Delete
    5. ඒ දෙන්නද උබද මාතේ දැන් නැගෙන තියෙන්නේ ? කෙන්ජි වගේ මී හරකෙක් ගෙන් නම් මොකුත් අහගන්න ඕනේ නෑ. උබ කියපන් උබේ වයසේ ඔබා චo කෙනෙකුට

      Delete
  19. මං නං හිතන්නෙ ආර්ථිකේ බැලන්ස් කොරන්න කවුරු නමුත් වැඩේට බහින්න ඕන. යූ එන් පී එකෙනුත් වැඩේට බහින්නෙ නෑ , එහෙන් මෙහෙන් අරකෙන් අරන් මේකෙන් දෙන ටයිප් එකේ විජ්ජා ටිකක් දැම්ම මිසක්. මොකද, කරන්න පුළුවන් උනත් ආර්ථිකේ නැග්ගුවොත් ඒකෙ ක්‍රෙඩිට් එක අනිත් එවුන්ටත් බෙදෙන නිසා. මොන ලබ්බෙන් නමුත් එක පක්ෂයකට අයිති ආණ්ඩුවක් තියෙන්න ඕන. නැත්තං එකෙක් වත් වැඩක් කරන්නෙ නෑ.. ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වාගෙ.

    ReplyDelete
    Replies
    1. මහින්දගේ කැම්පේන් එකේ තිබුන ඒවා මුන් ක්‍රියාවෙන් ඔප්පු කරනවා... අච්චාරු නම් කන්න හරි පුළුවන්.. මේවා එකෙක්වත් නොබොන ලුනු කැඳ.. කොත්තමල්ලි වගේම තමයි..

      Delete
    2. නෑ සජ්ජෝ...ආර්තිකේ බාර දීලා තියෙන්නෙ මීයෙකුට...මී කතුර අයිසෙගෙ සාක්කුවේ....

      Delete
  20. 215 කින් දිනුවානෙ. ඕකනෙ පහුවෙලා කොමෙන්ට්ස් දැම්මම තියෙන වාසිය. මක්කා වුනත් දිනුම්නෙ බාං....

    ReplyDelete
    Replies
    1. කාරක සභ ඡන්දේ තාම තිබ්බේ නෑ..

      Delete
  21. එපාම්නට්ස්....අලුත්ම වචනයක්....අලුතෙන් එන යූ ඇම් පී ආංඩුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය ගොඩදානවා බං...පවුල් 150000ක් කියන්නේ නම් 8වෙනිදා බැලන්ස් එක...චංදෙට ඉස්සෙල්ලා අයිසේ ඕක බැලන්ස් කරයි....ඒකට හරියන සපෝට් පාට් එකක් පහුගිය දවස්වල දුන්නා....
    උඹ විස්සෝප වෙන්නැතුව හිටහං...තව ටික වෙලාවකින්19 ගොඩ...ඊට පස්සේ තමයි පුතෝ අයිසෙගේ නියම නාටකේ පටන් ගන්නේ ..හිටං..

    ReplyDelete
    Replies
    1. අයිසේ කෙසේ වෙතත් හැන්ගර් මෑන් නම් දිය යටින් ගින්දර ගෙනියන සීන් එකක් තියෙන්නේ..

      Delete
  22. "මහින්ද මහත්තයාටත් කෙල උනේ 18 නිසාවත්, තුන් පාරක් ඉල්ලා, ඊළඟට නාමල් බේබී ගේන්න ගිය නිසාවත්, බැසිල් සීයට ගනන් හොරා කා, කැම්පේන් එකේ කකුලෙන් ඇද්ද නිසාවත් නොවේය. මැද පන්තියට ලැබෙන පඩියෙන් ජීවිතේ ගැටගහ ගන්න බැරි උන නිසාත්, සුළු ජාතිකයින් වහලුන් සේ සැලකූ නිසාත්ය."
    එලකිරි................... සීයට දාහක් හරි............

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න