"තනුජා ලුම්බිනි", බුකියේ ඉන්න, පට්ට ටැලන්ඩට් ගෑල්ලමයෙක්. කයි පද පඳිනවා හිටු කියලා. නව පරපුරේ අපූරූ පද පෙල ගැසීම්, කාලීන මතවාද, සංවාද ගැනත් මේ ගෑල්ලමයා බොහෝම සංවේදීයි. මේ අපූරූ නිර්මාණය මම කලින් රස විඳලා තිබුනා. මේකට එයැයිට සම්මානෙකුත් හම්බෙලා. 2011 යූත් ඇවෝඩ් එක හම්බෙලා තියෙන්නේ මේකට. ඉතින් මේක බොගේ දාන්නද ඇහුවාම කිසිම ලෝබ කමක් නැතිව, අනේ දාන්න මෙයා කිව්වා.
ඒ ඉතරක් නෙවෙයි. මෑතකදි එයැයිට "කවි යුත් ෆැස්ටිවල්" එකේදි හොඳම කයි කාරියට හිමි සම්මානෙත් ලැබුනා. ගෑල්ලමයත් බොහෝම ප්‍රියමනාපයි. <<මෙතනින් ගියොත්>> ඔහේලටත් එයාගේ රසිකාවියක් වෙන්න පුළුවන්. තනූජාට තවත් රස බර නිර්මාණ බිහි කොරන්න, පෑන්, පැන්සල්, කරදාසී, ලැප්ටොප්, පෝන්, ටැබ්, ගොන්පීටර් වගේම, රස බර මාත්තුරුකාත් ලැබේවා කියා මාතලන් කිඩ්නියෙන්ම ප්‍රාර්ථනා කොරනවා.
රණ තිසරු
අවසරයක් නැතුවම ඉස්මුදුනට වැටෙන ලම්බාකාර හිරු රැස් රතු රුධිරානු රත් කර කර සියොළඟම ගලාගෙන යනව වගේ හැඟීමක් තිසරට දැනුණා.එකපාරටම අහස දිහා බැලුවොත් ඇස් ගිණිකන වැටෙන හිංදම තිසර අතේ තියන් හිටිය GO සඟරාව ගත්තෙ හිස මුවා කරගන්න හිතාගෙන.
ඇත්දළ පාටට සරාගී යුවතියක් විතක් තරම් මල් ශොර්ට් එකක් ඇඳගෙන සුළැඟිල්ලත් කටේ ගහගෙන සඟරාවේ පිටකවරේ බලන් ඉන්නවා.එච්චර වෙලා අව් රස්නෙට පිච්චුන තිසරගෙ හිතටයි ගතටයි දෙකටම සීතලම සීතල සදුන් කැට වැස්සක් වැටුන වගේ.
" ෂහ්! මේකිගේ ෆිගරෙක පාට යකෝ මේවගේ කෙල්ලෙක් එක දවසකට සෙට් වෙනවනම්."
තිසරගෙ ඇස් හයිලෙවල් පාරෙ එහෙට මෙහෙට දිව්වෙ සඟරාවේ වගේ ඇඟ හැඩ කෙල්ලෙක්ව හොයාගන්න වගේ.තිසරගෙ යාලුවො ඔක්කොටම කෙල්ලො හිටියා.තිසරටත් හිටියා.තිසර ඒ වෙද්දි ඉහේ කෙස් ගානට කෙල්ලො ආශ්‍ර්‍ය කරල තිබුණා.ඒත් ඒ එක සම්බන්ධයක්වත් විවාහය වෙනකන් තිසර අරං ගියේ නෑ.
මම බදින්නෙ බ්‍රේස්ට් එක ලොකු බැක් එක ලොකු පට්ට ෆිගර් එකක් තියෙන කෙල්ලෙක්ව." තිසර හැම තිස්සේම කිව්වෙ එහෙම
" එහෙන්ම් මිස් ශ්‍රී ලංකා කෙල්ලෙක් හොයාගනිං. බූරුවා, ඔය කියන මඟුල් ඔක්කොම එක කෙල්ලෙක්ටවත් නෑ බං. අනික ළමේක් හම්බුනාම මොන ගෑණිත් තප්පදෝරු වෙනව"
තිසරගේ යාලුවො ඔක්කොම කිව්වෙ එකම දේ . ඒත් ලොකු බ්‍රේස්ට් එකක් තියෙන පට්ට ෆිගර් එකක් තියෙන කෙල්ලෙක් තිසරගේ යටි හිතේ හිටියා.
බ් රාස්!!!! තිසරගේ සිතුවිලි නැවතුනා.
හෝමාගම පාදුක්ක අවිස්සාවේල්ල රත්නපුරා..... නගින්න නගීන්න"
රත්නපුර බස් එක නුගේගොඩ ගුවන් පාලම පාස් කරල නැවැත්තුවා. කඩිමුඩියේ බස් එකට නගින සෙනග අස්සෙ තෙරපි තෙරපි, තිසරත් බස් එකට නැග්ග. හැමදාම වගේ ලස්සන කෙල්ලෙක්ට හේත්තුවක් දාගෙන යන තිසර, බස් එකේ සෙනඟ මැද්දටම ගිහින් නැවතුනා.ආයෙ ඉතිං අතක් උස්සනව බොරු.
ඇහැට කණට පේන එක කෙල්ලෙක් නෑ
ශික් රත්නපුරේට යද්දි සෝවාන් වෙයි මාව.
යන්තං උඩ පොල්ල අල්ලගෙන තිසර හිටගත්තා. නිදිමත අලස මූණු විස්සක් විතර තිසරගේ ඇස්වල හැප්පුණා.
ම්හු, අද නම් මහ මූසල දවසක්. තිසර ඇස් පියාගන්න හැදුවා. එකපාරටම ගහපු තිරිංග පාරට තිසරව වම් පැත්තට තල්ලු උනා.
මාර බ්‍රේක් ගැහිල්ල නේද?
අප්පට සිරි! කෙල්ලෙක්!
තිසර ළගම ඉදගෙන කෙල්ලෙක්! මද හිනාවක් පා කරපු තිසරට, ලෝබකමක් නැතුව කෙල්ල හිනා උනා. ඒ එක හිනාවක් තිසරට ඇති.තිසර ඉදගෙන හිටිය යුවතියගේ සිරුරට වාරු උනා.
තව හයියෙන් බ්‍රේක් ගහපං දෙයියා!
තිසර ඩ්‍රයිවර්ට හිතෙන් කියනවා. ආශ්චරය!
ඇරපු කව්ලුවලින් එන හුළං අහුරු හිස්කේ විතරක් අවුල් කරල නැවතුනේ නෑ යුවතිය ඇදගෙන හිටිය දම්පාට ටීශර්ටයේ උඩු කොටස විවර කරපු හුළං සැර,ය හුළං අහුරක් කෙලින්ම ඇගේ ළැම ඇතුළටම අරං ගියා. තිසරගේ ඇසුත් හුළග එක්කම ඇගේ ළය මඩළ සිපගත්තා. හිරු නැගෙන උදා අහසේ පැහැ ගත්ත තිසරපටකින් වැහුන ඇගේ පීන පයෝදර, තිසරට පෙනුණේ පිපෙන්න ඔන්න මෙන්න තියෙන නෙලුම් පොහොට්ටු වගේ.
පට්ට පට පට! කොහෙන්ද දන් නෑ බහින්නෙ
ළගන්නා සුලු ඈගේ පියොවුරු නැවත නැවත තිසරගේ දෑස් වෙළන්න ගත්තා. ඈගෙ ගෙල බැදි රංමාලේ අග අල්ලපු මාල පෙත්ත ඇගේ ළැම මත එහා මෙහා පනිනවා.
ඈ ළය මත ගැටී මුත්හර වන්නට ඇත්නම් මට...
අතීතයේ දවසක පොතක කියවූ කවක් තිසරට මතක් උනා.
අම්මපා මට මේ මාල පෙත්ත වෙන්න පුළුවන් නම්!
රිද්මෙකට වගේ උස් පහත් වෙන යුවතියගේ ළැම අල්ලල තද කරන්න වගේ කව්ලුවෙන් හමන සුළං පොර බදනව
මම මේ හුළග උනා න්ම්!
තිසරට ඊළඟ මොහොතේ හිතුනා. ඊළඟ නැවතුමේදි තිසරට යුවතියගේ ළගම අසුනේ ඉඩ ලැබුනෙ හරියට හිත කියෙව්ව වගේ.
"දෙයියනේ හෝමාගමට එහා කෙල්ල පලයං"
බස් එක විජේරාමේට සේන්දු වෙමින් තිබුණා.
හරිබරි ගැහිල වාඩිඋනු තිසර හිමීට අත් දෙක ඉදිරි අසුනෙන් තියාගත්ත. දැං තිසරගේ වම් අතේ වැලමිට යුවතියගේ ළැමේ ගෑවි නොගෑවි. වංගුවක් ගන්න ඇසිල්ල විතරයි. වැලමිට හිමීට ළැමේ හැප්පෙන්නෙ ආඩම්බර හස්ති රාජයෙක් පාද තියනව වගේ. බ්‍රේක් ගහන්න ගහන්න තිසරගේ අත යුවතියගේ ළැමේ හැප්පුණා.තාලෙට! හිමීට!
අනේ නෝනා මහත්තයා, මම හිඟා කන්නෙ බොරුවට නෙමේ. මාත් හොඳ ලස්සනට ජීවත් වෙච්චි ගෑනියෙක් අවුරුදු ගානකට කලිං.
බස් එක මහරගම නැවතිලා!
මහරමින් බස් එකට නැගපු ගෑනියෙක්!. උදුගොව්වො කෑව වගේ කොන්ඩෙ බාගෙකටත් වඩා අඩුවෙලා. සුදුමැලි නහර බේරිච්ච සිරුරේ මස් කළදක්ව්ත් නෑ. ගිලිච්ච බොර පාට ඇස් දිගේ පහළට බලාගෙන එද්දියි තිසර දැක්කේ, පිටපලු ලෑල්ලක් වගේ ඇගේ පපුව.
පිළිකාවක් හැදිල මගේ පියයුරු දෙකම අයින් කලා නෝන මහත්තයා!
ඩිං ඩිං ඩිං!!!
තිසරගේ කණ ළගම අකුණක් පිපුරුව වගේ. ආයෙමත් ළග හුන් යුවතියගේ ළැමේ වැදුණු වැලමිට තිසර ඇදල ගත්තෙ විදුලි සැරයක් වැදුණා වගේ හැඟීමකින් . ඒ වෙනකන් තිසරගේ සිතුවිලි මත් කළ පුන්කලස් ළැම තවත් තිසරට පෙනුණේ නෑ.
ඉවරයි..!
රතු හැට්ටෙ පළල් මදි දෙතන පෙනෙන්නට
ReplyDeleteතිසරුන් ආසයි මුහුණ බලන්නට
උස්සල තනපට තද කරපං
රන තිසරු පනියි බැඳපං...
පාරට්ටු ළඳේ නුඹෙ මූණ පෙනෙන්නට
නීල දෙබැම දිගු දෑස දිලෙන්නට
උස්සල කෙස්ස තදිං බැඳපං
රන් තෝඩු කනේ දමපං
නාට්‍ය - රතු හැට්ටකාරි
රූපං ජීරති මච්ඡාණං - නාම ගොත්ථං නජීරති
Deleteලස්සන සැමදේ මොහොතක සුවෙඳ්
එහි කෙළවර දුක දේ
දෙනෙත පෙනේ නම් - සුවඳ දැනේ නම්
සවන බිහිරි නැත්නම්
සැපට වශී වී – විපතට ළං වී කිමද සැපෙක සේ
දැල්වෙන අතරේ සදහම් දීපේ
මන්ද ගිලෙන්නේ අඳුරේ පාවී
සියල්ල ලෝකේ වැනසී යාවී – දිරා ජරාවට යයි
දෙනෙත පෙනේ නම් - සුවඳ දැනේ නම්
සවනත බිහිරී නැත්නම්
සැපට වශී වී – විපතට ළං වී
කිමෙද සැපෙක පස්කම්
දැල්වෙන අතරේ සදහම් දීපේ
මන්ද දිලෙන්නේ අඳුරේ පාවී
බුදු දහමින් තොර සැපක් නැතේ
පරම සුවය ඒකයි
ගායනය : නාරද දිසාසේකර / ජීවරාණි කුරුකුලසූරිය
ගී පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : නාරද දිසාසේකර
රණ හංස යුවල නිමල නිල් ජලාසේ
Deleteමන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ දකින සිහිනේ
රතු රෝස මලක් ලයට ලංවුනා ……
හැක් හැක් … :D :D
සුසුදු සුදු හංස විලේ
Deleteකොකුම් සුවඳ දියේ
පිහින පිහිනා සුව විඳිමී
මා මන්දෝදරියේ
කොපුල් තල යහනතේ
සුසුම් සඳ ඉවුරේ
කොඳුර කොඳුරා තනි රකිමී
මා මන්දෝදරියේ
උකුල් තල මිටියාවතේ
පිපෙන පියුම් මඬලේ
සිතුසේ සැනහී වැතිරගමී
මා මන්දෝදරියේ
ගායනය - අමල් පෙරේරා
සංගීතය - නදීක ගුරුගේ
"සුදුසු" හංසයෝ විලෙහි සරතී
Deleteරසය ඇති තැන් කොහෙද සොයතී
දෑත විහිදා එන්න අඳුරේ
උන්ව අල්ලා ගන්න මිහිරේ
අතට අතදී හිතට හිත දී
රැල්ල විලසේ එන්න පෙරලී
ප්‍රේම නදියේ පිහින පීනා
එන්න රෑ මේ...
හැක් හැක් .........
This comment has been removed by the author.
Deleteමුව මුක්තා ලතා පිපි හන්සාංගනා........
Deleteනියමයි බං. මාත් අදම රසිකෙයක් ෙවනවා.. ජය ෙව්වා ෙකල්ලට..
ReplyDeleteලස්සනයි වගේම නියමයි...............
ReplyDeleteසුප්ප යකෝ.........
ReplyDeleteගිහින් බලන්න ඕනේ ඒ දිහාටත්...
ReplyDeleteහ්...ම් ඉස්සර එකට හිටපු කෙල්ලෙක් මතක් උනා මචෝ.
ReplyDeleteතිත්ත ඇත්ත ගැන ලස්සනට ලියපු කතාවක්. බුකියෙ හින්ද බලන්ඩ යන්න වෙන්නෙ නෑ මාතෙ.
This comment has been removed by the author.
ReplyDelete//හ්...ම් ඉස්සර එකට හිටපු කෙල්ලෙක් මතක් උනා මචෝ.
Deleteතිත්ත ඇත්ත ගැන ලස්සනට ලියපු කතාවක්. බුකියෙ හින්ද බලන්ඩ යන්න වෙන්නෙ නෑ මාතෙ.//
මීට
කම්මල
(යකෝ දෙකක් දැම්මේ නැත්තං කම්මලයෙක් යෑ. අපි අඩුව පිරිමැහුවා)
අත දිගෑරල ම ලෝබ නැතුව ගහපු කණේ පාරක්...
ReplyDeleteමල් හතයි
මරු!
ReplyDeleteහංසයන්ට තියන සමානකම මොකක්ද?
ReplyDeleteහංසයන්ට තියන සමානකම
Deleteරණ?
Deleteහෙලෝ …කවුද මේ …
Deleteමං පත්තර මල්ලි..ඕ යේස්
හයී ඊ ඊ පත්තර මල්ලී.. කියන්න ඔයාට ඕනෙ සිංදුව.රික්වෙස්ට් එකට කාවද තව එකතු කරගන්නේ …
අම්මගෙ රෙද්ද..සිංදු ඕන්නං අපේ සිංදු ඇනෝ ඉන්නේ… මට දෙන්න මිසී සමිතගෙ" රණ හංස යුවල "
ලොරියක් අරං එන්න මල්ලී … බීප් බීප් බීප්
මං හිපොපොටේමස්ල ගැන ඇහුවෙ නෑ PM
Deleteමං ඇහුවෙ රණ හංසයන්ට ඇති සමානකම .. සාහිත්මය හා විද්යාත්මක ප්‍රශ්නයක්
පත්තරයා
Deleteහිනා කලා මැරෙනවා යකෝ
එල ද බ්‍රා
මම අද ඔයාලට "මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා" දෙනවා . දිගටම ඉන්න මාත් එක්ක හොඳේ …
Delete- මෝනිං ෂෝ විත් නිකී
ප්‍රා මම උඩින් ලින්ක් එක දැම්මා ...එකෙන් කියවෙන්නේ නැද්ද ?
Delete@ SA, රණ ?
Delete//රණ ?//
Deleteහංස කියන එක පැහැදිලියිනෙ . උන් යුද්ද කරන ඒ කියන්නෙ එකිනෙකා ගැටෙන විට තමයි රණ හංසයො වෙන්නෙ. පත්තරේ දාපන් ඉතාලි හංස ෆයිට් එකක ලින්ක් එකක්
PM ගැටුම් දන්නෙ නෑ. ඊට ඉස්සෙල්ල මිනිහ runner වෙනව
DeleteThis comment has been removed by the author.
Deleteදෙන්නංකො කම්මලේ ඔෆීෂියල් ඉටැලියන් හංසයො :D හැක් හැක්
Deletehttps://m.youtube.com/watch?v=fSwQxAfZzrY
ඉටැලියන් හංසයෝ..
Deleteගුටිකන පොටක්
හංසයොද පාත්තයොද මංදා :D
DeletePra Jay
Deleteහංසයාට උපමා කරලා තියෙන්නේ හේතුවක් ඇතිවයි කියලයි මමනම් අහලා තිබෙන්නේ.හංසයා දියෙන් කිරි වෙන් කරලා ගන්නවා වගේ රුහිරයෙන් කිරිවෙන් කරලා ගන්න නිසා එහෙම සමාන කරනවා.ඒක සාහිත්‍ය මතයක් පමනයි.ජීව විද්‍යාත්මක සත්‍යක් නොවෙයි.
සුදු පාට ගවුමේ - ඉන ගාව රවුමේ
ReplyDeleteපොත් පේළි අතරින් නංගිගේ
පාඩම් පොතක් වී - මට ඉන්න ඇත්නම් ……
-flash back
එකෙන්ම රෙෂ්පට් !!!
බෙදාගත්තට තැංකිව් මාතලං බොස්
මේ මාතයියේ මේ...බඩේ පාර ගහන්න එපා..
ReplyDeleteලියවිල්ල නම් එල ද බ්‍රා
මේක හොඳයි 18 මයිනස් ගැටවරයෙකුට කියවලා XX ගහන්න
ReplyDeleteමටත් ඔය වගේ අත්දැකීම්ස් වලට මුහුණ දෙන්න වෙලා තියෙනව මාතෙ අයියෙ...
ReplyDeleteතනූජක්කට ඕව්ව ඉව වැටුණෙ කෝමද දන්නෑ!!!
මාතගෙ කතාවක් කියෙව්වමයි. වැදගත් පනිවිඩයක්
ReplyDeleteමගේ එකක් නෙමෙයි සත්තරන්
Deleteමමත් හිතුවේ මාතයියා ලියපු එකක් කියලා
Deleteමාතගේ එකක් නෙමෙයි සත්තරන්
Deleteලෙඩෙක්, මහල්ලෙක්, මළ මිනියක්, චීවර ධාරියෙක් සහ තනයක්
ReplyDeleteචීවර ධාරියෙක්.......බුදුවෙන්න කලිනුත් මේ ගොල්ලෝ හිටියද මන්හිතුවේ මේ සාසනේ කන්න ආපු ය කියලා
ReplyDeleteරණතිසරු, එහෙමත් නැත්නම් රණහංසයො කියන්නෙ අර බෙල්ල දිග ෆ්ලැමින්ගෝ කුරුල්ලන්ට කියන සිංහල නම නේද? :D
ReplyDeleteමෙකට කොම්මෙන්ට් කරපු එකෙන්ම උඹ කොයිතරම් හිතේ කහට නැති කෙල්ලෙක්ද කියල තේරුනා නංගි. හැමදේම දැනගෙන උඹව පාගන්න හදන උන්ට මේකම ඇති.
Deleteදෙඅදර විලිකුන් සුරත් පලේ - මිල්ටන් මල්ලවාරච්චි
ReplyDeleteඋඩුකුරුඤ්ඤං
ReplyDeleteඅායෙනං උඹ කෙල්ලෝ දිහා බලන්නෑ නේද???? කොල්ලෝ දිහා බලහං දැන්....
Deleteඅර රූපේ දකී කියලා අැස් දෙක වහගෙන මේක කියෙව්වේ බං......
ReplyDeleteමොනවා ලියන්නද මන්ද...
ReplyDeleteමාතෘකාව බලලා කී දෙනෙක් හැරිලා ගියාද දන්නේ නෑ.. ඒත් කතාව නම් සුපිරි.
ReplyDeleteඒකනම් නියම කතාවක් මාතේ.
ReplyDeleteකතාව නියමයි කීවට Big Breasts වලට ඇහැ යනවමනේ බං.
ඔහෙප්පලයං :/
ReplyDeleteමේක උඹ ලිව්වා කියලා හිතුවත් වරදක් නෑ. උඹ නිතර මතුකරන්න හදන තිත්ත ඇත්ත මේකෙ ඇතුලෙ තියෙනවා. මොන සුචරිත බයිලා ගැහුවත් අපි හැමෝගෙම හීන මේක ඇතුලෙ තියෙනවා.
ReplyDeleteකෙල්ල පට්ට ඕපන් මේක ලියලා තියෙන්නෙ. ඒකිට තව කෝටි ගණන් අදහස් පහල වේවා කියලා ඕං ෆලෝ පාරක් දැම්මා.
උම්මා..උම්මා..
Deleteඉදගනින්..ඉදා බෝතලය..ගහපන් අඩ්ඩක්..අම්මා තාත්තා දැක්කා වගේ සතුටුයි
අම්මේ මධුවා ඇවිල්ලා.සන්තෝසේ බැරුවා,උඹට දැන් සනීපද පනේ...මගේ මේල් එකට උඹේ නම්බර් එක එවපං...
Deleteමදාවිය රණ තිසරු කිවුව ගමන් පන ගහල නැගිට්ටෙ . වෙල් කම් බැක් මචෝ.
Deleteමදාවිය රණ තිසරු කිවුව ගමන් පන ගහල නැගිට්ටෙ . වෙල් කම් බැක් මචෝ.
Deleteමනෝ
Deleteතෝත් ලියපිය අලුත් එකක්
අම්මටහුඩු :D මදාවියට බැක්ෆයර් එකක් වැදිලා ..ආයිබෝං කීවා. ජලබීතිකාව සනීපදෑ බං දැන් ??හැක්
Deleteමෙන්ඩෝ
Deleteඅදම එකක් ලියනවා.මදාවියා ආව හැපී එකටත් එක්ක එකක් ලියනවා මචං.කැමා ගේම ඉල්ලුවට පොරත් මිසිං වෙලා වගේ ආයෙත් වතාවක්....
මනෝ, මට ටෙස්ට් මේලක් දාපං.
Deletemadhumadhavi135@gmail.com
කෝ මේ ඉවාන්??????? එදා බස් ඒකෙන් බැස්සට පස්සේ කව්රුත් තාම දැක්කේ නැද්ද ????????
ReplyDeleteඒක තමයි ඉවානයා 48 DD බ්‍රා වලට කැමැති..
DeleteFace book eke add karagena ashraya karala balala honda naraka kiyannam. . :p denata hondayi..
ReplyDeleteEeeya... Chikeyya...
ReplyDeleteHa haa MR Maathalan owwa open eke katha karanta thahanam. Lankawa kiyanne thewarak budun wediya elwathurath niwala bona ratak HITAN..!!
ReplyDeleteEla+++++++++++++
ReplyDeleteඅපූරු වියමනක්. තනූජා ගෑල්ලමය නම් දක්ෂයි කියල ෆේස්බුක් එකේ නිතරම දකිනවා.
ReplyDeleteනියමයි.
ReplyDeleteසැබෑ ඇත්ත අමුවෙන්ම තියනවා.ඇයට සුභ පතමි
ReplyDeleteHammata....mama mee samaajeta aluth.... blogspot samaajeta.... meeka patta kathaava ..... #suba
ReplyDelete