.

.

Nov 19, 2015

රණ තිසරු - Big Breasts



"තනුජා ලුම්බිනි", බුකියේ ඉන්න, පට්ට ටැලන්ඩට් ගෑල්ලමයෙක්. කයි පද පඳිනවා හිටු කියලා. නව පරපුරේ අපූරූ පද පෙල ගැසීම්, කාලීන මතවාද, සංවාද ගැනත් මේ ගෑල්ලමයා බොහෝම සංවේදීයි. මේ අපූරූ නිර්මාණය මම කලින් රස විඳලා තිබුනා. මේකට එයැයිට සම්මානෙකුත් හම්බෙලා. 2011 යූත් ඇවෝඩ් එක හම්බෙලා තියෙන්නේ මේකට. ඉතින් මේක බොගේ දාන්නද ඇහුවාම කිසිම ලෝබ කමක් නැතිව, අනේ දාන්න මෙයා කිව්වා.


ඒ ඉතරක් නෙවෙයි. මෑතකදි එයැයිට "කවි යුත් ෆැස්ටිවල්" එකේදි හොඳම කයි කාරියට හිමි සම්මානෙත් ලැබුනා. ගෑල්ලමයත් බොහෝම ප්‍රියමනාපයි. <<මෙතනින් ගියොත්>> ඔහේලටත් එයාගේ රසිකාවියක් වෙන්න පුළුවන්. තනූජාට තවත් රස බර නිර්මාණ බිහි කොරන්න, පෑන්, පැන්සල්, කරදාසී, ලැප්ටොප්, පෝන්, ටැබ්, ගොන්පීටර් වගේම, රස බර මාත්තුරුකාත් ලැබේවා කියා මාතලන් කිඩ්නියෙන්ම ප්‍රාර්ථනා කොරනවා.


රණ තිසරු

අවසරයක් නැතුවම ඉස්මුදුනට වැටෙන ලම්බාකාර හිරු රැස් රතු රුධිරානු රත් කර කර සියොළඟම ගලාගෙන යනව වගේ හැඟීමක් තිසරට දැනුණා.එකපාරටම අහස දිහා බැලුවොත් ඇස් ගිණිකන වැටෙන හිංදම තිසර අතේ තියන් හිටිය GO සඟරාව ගත්තෙ හිස මුවා කරගන්න හිතාගෙන.

ඇත්දළ පාටට සරාගී යුවතියක් විතක් තරම් මල් ශොර්ට් එකක් ඇඳගෙන සුළැඟිල්ලත් කටේ ගහගෙන සඟරාවේ පිටකවරේ බලන් ඉන්නවා.එච්චර වෙලා අව් රස්නෙට පිච්චුන තිසරගෙ හිතටයි ගතටයි දෙකටම සීතලම සීතල සදුන් කැට වැස්සක් වැටුන වගේ.

" ෂහ්! මේකිගේ ෆිගරෙක පාට යකෝ මේවගේ කෙල්ලෙක් එක දවසකට සෙට් වෙනවනම්."

තිසරගෙ ඇස් හයිලෙවල් පාරෙ එහෙට මෙහෙට දිව්වෙ සඟරාවේ වගේ ඇඟ හැඩ කෙල්ලෙක්ව හොයාගන්න වගේ.තිසරගෙ යාලුවො ඔක්කොටම කෙල්ලො හිටියා.තිසරටත් හිටියා.තිසර ඒ වෙද්දි ඉහේ කෙස් ගානට කෙල්ලො ආශ්‍ර්‍ය කරල තිබුණා.ඒත් ඒ එක සම්බන්ධයක්වත් විවාහය වෙනකන් තිසර අරං ගියේ නෑ.

මම බදින්නෙ බ්‍රේස්ට් එක ලොකු බැක් එක ලොකු පට්ට ෆිගර් එකක් තියෙන කෙල්ලෙක්ව." තිසර හැම තිස්සේම කිව්වෙ එහෙම

" එහෙන්ම් මිස් ශ්‍රී ලංකා කෙල්ලෙක් හොයාගනිං. බූරුවා, ඔය කියන මඟුල් ඔක්කොම එක කෙල්ලෙක්ටවත් නෑ බං. අනික ළමේක් හම්බුනාම මොන ගෑණිත් තප්පදෝරු වෙනව"

තිසරගේ යාලුවො ඔක්කොම කිව්වෙ එකම දේ . ඒත් ලොකු බ්‍රේස්ට් එකක් තියෙන පට්ට ෆිගර් එකක් තියෙන කෙල්ලෙක් තිසරගේ යටි හිතේ හිටියා.

බ්‍ රාස්!!!! තිසරගේ සිතුවිලි නැවතුනා.

හෝමාගම පාදුක්ක අවිස්සාවේල්ල රත්නපුරා..... නගින්න නගීන්න"

රත්නපුර බස් එක නුගේගොඩ ගුවන් පාලම පාස් කරල නැවැත්තුවා. කඩිමුඩියේ බස් එකට නගින සෙනග අස්සෙ තෙරපි තෙරපි, තිසරත් බස් එකට නැග්ග. හැමදාම වගේ ලස්සන කෙල්ලෙක්ට හේත්තුවක් දාගෙන යන තිසර, බස් එකේ සෙනඟ මැද්දටම ගිහින් නැවතුනා.ආයෙ ඉතිං අතක් උස්සනව බොරු.

ඇහැට කණට පේන එක කෙල්ලෙක් නෑ

ශික් රත්නපුරේට යද්දි සෝවාන් වෙයි මාව.

යන්තං උඩ පොල්ල අල්ලගෙන තිසර හිටගත්තා. නිදිමත අලස මූණු විස්සක් විතර තිසරගේ ඇස්වල හැප්පුණා.
ම්හු, අද නම් මහ මූසල දවසක්. තිසර ඇස් පියාගන්න හැදුවා. එකපාරටම ගහපු තිරිංග පාරට තිසරව වම් පැත්තට තල්ලු උනා.

මාර බ්‍රේක් ගැහිල්ල නේද?

අප්පට සිරි! කෙල්ලෙක්!

තිසර ළගම ඉදගෙන කෙල්ලෙක්! මද හිනාවක් පා කරපු තිසරට, ලෝබකමක් නැතුව කෙල්ල හිනා උනා. ඒ එක හිනාවක් තිසරට ඇති.තිසර ඉදගෙන හිටිය යුවතියගේ සිරුරට වාරු උනා.

තව හයියෙන් බ්‍රේක් ගහපං දෙයියා!

තිසර ඩ්‍රයිවර්ට හිතෙන් කියනවා. ආශ්චරය!

ඇරපු කව්ලුවලින් එන හුළං අහුරු හිස්කේ විතරක් අවුල් කරල නැවතුනේ නෑ යුවතිය ඇදගෙන හිටිය දම්පාට ටීශර්ටයේ උඩු කොටස විවර කරපු හුළං සැර,ය හුළං අහුරක් කෙලින්ම ඇගේ ළැම ඇතුළටම අරං ගියා. තිසරගේ ඇසුත් හුළග එක්කම ඇගේ ළය මඩළ සිපගත්තා. හිරු නැගෙන උදා අහසේ පැහැ ගත්ත තිසරපටකින් වැහුන ඇගේ පීන පයෝදර, තිසරට පෙනුණේ පිපෙන්න ඔන්න මෙන්න තියෙන නෙලුම් පොහොට්ටු වගේ.

පට්ට පට පට! කොහෙන්ද දන් නෑ බහින්නෙ

ළගන්නා සුලු ඈගේ පියොවුරු නැවත නැවත තිසරගේ දෑස් වෙළන්න ගත්තා. ඈගෙ ගෙල බැදි රංමාලේ අග අල්ලපු මාල පෙත්ත ඇගේ ළැම මත එහා මෙහා පනිනවා.

ඈ ළය මත ගැටී මුත්හර වන්නට ඇත්නම් මට...

අතීතයේ දවසක පොතක කියවූ කවක් තිසරට මතක් උනා.

අම්මපා මට මේ මාල පෙත්ත වෙන්න පුළුවන් නම්!

රිද්මෙකට වගේ උස් පහත් වෙන යුවතියගේ ළැම අල්ලල තද කරන්න වගේ කව්ලුවෙන් හමන සුළං පොර බදනව

මම මේ හුළග උනා න්ම්!

තිසරට ඊළඟ මොහොතේ හිතුනා. ඊළඟ නැවතුමේදි තිසරට යුවතියගේ ළගම අසුනේ ඉඩ ලැබුනෙ හරියට හිත කියෙව්ව වගේ.

"දෙයියනේ හෝමාගමට එහා කෙල්ල පලයං"

බස් එක විජේරාමේට සේන්දු වෙමින් තිබුණා.

හරිබරි ගැහිල වාඩිඋනු තිසර හිමීට අත් දෙක ඉදිරි අසුනෙන් තියාගත්ත. දැං තිසරගේ වම් අතේ වැලමිට යුවතියගේ ළැමේ ගෑවි නොගෑවි. වංගුවක් ගන්න ඇසිල්ල විතරයි. වැලමිට හිමීට ළැමේ හැප්පෙන්නෙ ආඩම්බර හස්ති රාජයෙක් පාද තියනව වගේ. බ්‍රේක් ගහන්න ගහන්න තිසරගේ අත යුවතියගේ ළැමේ හැප්පුණා.තාලෙට! හිමීට!

අනේ නෝනා මහත්තයා, මම හිඟා කන්නෙ බොරුවට නෙමේ. මාත් හොඳ ලස්සනට ජීවත් වෙච්චි ගෑනියෙක් අවුරුදු ගානකට කලිං.

බස් එක මහරගම නැවතිලා!

මහරමින් බස් එකට නැගපු ගෑනියෙක්!. උදුගොව්වො කෑව වගේ කොන්ඩෙ බාගෙකටත් වඩා අඩුවෙලා. සුදුමැලි නහර බේරිච්ච සිරුරේ මස් කළදක්ව්ත් නෑ. ගිලිච්ච බොර පාට ඇස් දිගේ පහළට බලාගෙන එද්දියි තිසර දැක්කේ, පිටපලු ලෑල්ලක් වගේ ඇගේ පපුව.

පිළිකාවක් හැදිල මගේ පියයුරු දෙකම අයින් කලා නෝන මහත්තයා!

ඩිං ඩිං ඩිං!!!

තිසරගේ කණ ළගම අකුණක් පිපුරුව වගේ. ආයෙමත් ළග හුන් යුවතියගේ ළැමේ වැදුණු වැලමිට තිසර ඇදල ගත්තෙ විදුලි සැරයක් වැදුණා වගේ හැඟීමකින් . ඒ වෙනකන් තිසරගේ සිතුවිලි මත් කළ පුන්කලස් ළැම තවත් තිසරට පෙනුණේ නෑ.

ඉවරයි..!

71 comments:

  1. රතු හැට්ටෙ පළල් මදි දෙතන පෙනෙන්නට
    තිසරුන් ආසයි මුහුණ බලන්නට
    උස්සල තනපට තද කරපං
    රන තිසරු පනියි බැඳපං...

    පාරට්ටු ළ‍ඳේ නුඹෙ මූණ පෙනෙන්නට
    නීල දෙබැම දිගු දෑස දිලෙන්නට
    උස්සල කෙස්ස තදිං බැඳපං
    රන් තෝඩු කනේ දමපං

    නාට්‍ය - රතු හැට්ටකාරි

    ReplyDelete
    Replies
    1. රූපං ජීරති මච්ඡාණං - නාම ගොත්ථං නජීරති
      ලස්සන සැමදේ මොහොතක සුවෙඳ්
      එහි කෙළවර දුක දේ
      දෙනෙත පෙනේ නම් - සුවඳ දැනේ නම්

      සවන බිහිරි නැත්නම්
      සැපට වශී වී – විපතට ළං වී කිමද සැපෙක සේ
      දැල්වෙන අතරේ සදහම් දීපේ
      මන්ද ගිලෙන්නේ අඳුරේ පාවී

      සියල්ල ලෝකේ වැනසී යාවී – දිරා ජරාවට යයි
      දෙනෙත පෙනේ නම් - සුවඳ දැනේ නම්
      සවනත බිහිරී නැත්නම්
      සැපට වශී වී – විපතට ළං වී

      කිමෙද සැපෙක පස්කම්
      දැල්වෙන අතරේ සදහම් දීපේ
      මන්ද දිලෙන්නේ අඳුරේ පාවී
      බුදු දහමින් තොර සැපක් නැතේ
      පරම සුවය ඒකයි


      ගායනය : නාරද දිසාසේකර / ජීවරාණි කුරුකුලසූරිය
      ගී පද : කරුණාරත්න අබේසේකර
      සංගීතය : නාරද දිසාසේකර

      Delete
    2. රණ හංස යුවල නිමල නිල් ජලාසේ
      මන නන්දනීය දසුන් නංවනා
      සිහින යහනේ දකින සිහිනේ
      රතු රෝස මලක්‌ ලයට ලංවුනා ……

      හැක් හැක් … :D :D

      Delete
    3. සුසුදු සුදු හංස විලේ
      කොකුම් සුවඳ දියේ
      පිහින පිහිනා සුව විඳිමී
      මා මන්දෝදරියේ

      කොපුල් තල යහනතේ
      සුසුම් සඳ ඉවුරේ
      කොඳුර කොඳුරා තනි රකිමී
      මා මන්දෝදරියේ

      උකුල් තල මිටියාවතේ
      පිපෙන පියුම් මඬලේ
      සිතුසේ සැනහී වැතිරගමී
      මා මන්දෝදරියේ

      ගායනය - අමල් පෙරේරා
      සංගීතය - නදීක ගුරුගේ

      Delete
    4. "සුදුසු" හංසයෝ විලෙහි සරතී
      රසය ඇති තැන් කොහෙද සොයතී
      දෑත විහිදා එන්න අඳුරේ
      උන්ව අල්ලා ගන්න මිහිරේ
      අතට අතදී හිතට හිත දී
      රැල්ල විලසේ එන්න පෙරලී
      ප්‍රේම නදියේ පිහින පීනා
      එන්න රෑ මේ...

      හැක් හැක් .........

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. මුව මුක්තා ලතා පිපි හන්සාංගනා........

      Delete
  2. නියමයි බං. මාත් අදම රසිකෙයක් ෙවනවා.. ජය ෙව්වා ෙකල්ලට..

    ReplyDelete
  3. ලස්සනයි වගේම නියමයි...............

    ReplyDelete
  4. ගිහින් බලන්න ඕනේ ඒ දිහාටත්...

    ReplyDelete
  5. හ්...ම් ඉස්සර එකට හිටපු කෙල්ලෙක් මතක් උනා මචෝ.
    තිත්ත ඇත්ත ගැන ලස්සනට ලියපු කතාවක්. බුකියෙ හින්ද බලන්ඩ යන්න වෙන්නෙ නෑ මාතෙ.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. //හ්...ම් ඉස්සර එකට හිටපු කෙල්ලෙක් මතක් උනා මචෝ.
      තිත්ත ඇත්ත ගැන ලස්සනට ලියපු කතාවක්. බුකියෙ හින්ද බලන්ඩ යන්න වෙන්නෙ නෑ මාතෙ.//

      මීට
      කම්මල

      (යකෝ දෙකක් දැම්මේ නැත්තං කම්මලයෙක් යෑ. අපි අඩුව පිරිමැහුවා)

      Delete
  7. අත දිගෑරල ම ලෝබ නැතුව ගහපු කණේ පාරක්...
    මල් හතයි

    ReplyDelete
  8. හංසයන්ට තියන සමානකම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. හෙලෝ …කවුද මේ …

      මං පත්තර මල්ලි..ඕ යේස්

      හයී ඊ ඊ පත්තර මල්ලී.. කියන්න ඔයාට ඕනෙ සිංදුව.රික්වෙස්ට් එකට කාවද තව එකතු කරගන්නේ …

      අම්මගෙ රෙද්ද..සිංදු ඕන්නං අපේ සිංදු ඇනෝ ඉන්නේ… මට දෙන්න මිසී සමිතගෙ" රණ හංස යුවල "
      ලොරියක් අරං එන්න මල්ලී … බීප් බීප් බීප්

      Delete
    2. මං හිපොපොටේමස්ල ගැන ඇහුවෙ නෑ PM
      මං ඇහුවෙ රණ හංසයන්ට ඇති සමානකම .. සාහිත්මය හා විද්යාත්මක ප්‍රශ්නයක්

      Delete
    3. පත්තරයා
      හිනා කලා මැරෙනවා යකෝ
      එල ද බ්‍රා

      Delete
    4. මම අද ඔයාලට "මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා" දෙනවා . දිගටම ඉන්න මාත් එක්ක හොඳේ …

      - මෝනිං ෂෝ විත් නිකී

      Delete
    5. ප්‍රා මම උඩින් ලින්ක් එක දැම්මා ...එකෙන් කියවෙන්නේ නැද්ද ?

      Delete
    6. //රණ ?//
      හංස කියන එක පැහැදිලියිනෙ . උන් යුද්ද කරන ඒ කියන්නෙ එකිනෙකා ගැටෙන විට තමයි රණ හංසයො වෙන්නෙ. පත්තරේ දාපන් ඉතාලි හංස ෆයිට් එකක ලින්ක් එකක්

      Delete
    7. PM ගැටුම් දන්නෙ නෑ. ඊට ඉස්සෙල්ල මිනිහ runner වෙනව

      Delete
    8. දෙන්නංකො කම්මලේ ඔෆීෂියල් ඉටැලියන් හංසයො :D හැක් හැක්

      https://m.youtube.com/watch?v=fSwQxAfZzrY

      Delete
    9. ඉටැලියන් හංසයෝ..
      ගුටිකන පොටක්

      Delete
    10. හංසයොද පාත්තයොද මංදා :D

      Delete
    11. Pra Jay
      හංසයාට උපමා කරලා තියෙන්නේ හේතුවක් ඇතිවයි කියලයි මමනම් අහලා තිබෙන්නේ.හංසයා දියෙන් කිරි වෙන් කරලා ගන්නවා වගේ රුහිරයෙන් කිරිවෙන් කරලා ගන්න නිසා එහෙම සමාන කරනවා.ඒක සාහිත්‍ය මතයක් පමනයි.ජීව විද්‍යාත්මක සත්‍යක් නොවෙයි.

      Delete
  9. සුදු පාට ගවුමේ - ඉන ගාව රවුමේ
    පොත් පේළි අතරින් නංගිගේ
    පාඩම් පොතක් වී - මට ඉන්න ඇත්නම් ……
    -flash back

    එකෙන්ම රෙෂ්පට් !!!

    බෙදාගත්තට තැංකිව් මාතලං බොස්

    ReplyDelete
  10. මේ මාතයියේ මේ...බඩේ පාර ගහන්න එපා..

    ලියවිල්ල නම් එල ද බ්‍රා

    ReplyDelete
  11. මේක හොඳයි 18 මයිනස් ගැටවරයෙකුට කියවලා XX ගහන්න

    ReplyDelete
  12. මටත් ඔය වගේ අත්දැකීම්ස් වලට මුහුණ දෙන්න වෙලා තියෙනව මාතෙ අයියෙ...

    තනූජක්කට ඕව්ව ඉව වැටුණෙ කෝමද දන්නෑ!!!

    ReplyDelete
  13. මාතගෙ කතාවක් කියෙව්වමයි. වැදගත් පනිවිඩයක්

    ReplyDelete
    Replies
    1. මගේ එකක් නෙමෙයි සත්තරන්

      Delete
    2. මමත් හිතුවේ මාතයියා ලියපු එකක් කියලා

      Delete
    3. මාතගේ එකක් නෙමෙයි සත්තරන්

      Delete
  14. ලෙඩෙක්, මහල්ලෙක්, මළ මිනියක්, චීවර ධාරියෙක් සහ තනයක්

    ReplyDelete
  15. චීවර ධාරියෙක්.......බුදුවෙන්න කලිනුත් මේ ගොල්ලෝ හිටියද මන්හිතුවේ මේ සාසනේ කන්න ආපු ය කියලා

    ReplyDelete
  16. රණතිසරු, එහෙමත් නැත්නම් රණහංසයො කියන්නෙ අර බෙල්ල දිග ෆ්ලැමින්ගෝ කුරුල්ලන්ට කියන සිංහල නම නේද? :D

    ReplyDelete
    Replies
    1. මෙකට කොම්මෙන්ට් කරපු එකෙන්ම උඹ කොයිතරම් හිතේ කහට නැති කෙල්ලෙක්ද කියල තේරුනා නංගි. හැමදේම දැනගෙන උඹව පාගන්න හදන උන්ට මේකම ඇති.

      Delete
  17. දෙඅදර විලිකුන් සුරත් පලේ - මිල්ටන් මල්ලවාරච්චි

    ReplyDelete
  18. Replies
    1. අායෙනං උඹ කෙල්ලෝ දිහා බලන්නෑ නේද???? කොල්ලෝ දිහා බලහං දැන්....

      Delete
  19. අර රූපේ දකී කියලා අැස් දෙක වහගෙන මේක කියෙව්වේ බං......

    ReplyDelete
  20. මොනවා ලියන්නද මන්ද...

    ReplyDelete
  21. මාතෘකාව බලලා කී දෙනෙක් හැරිලා ගියාද දන්නේ නෑ.. ඒත් කතාව නම් සුපිරි.

    ReplyDelete
  22. ඒකනම් නියම කතාවක් මාතේ.
    කතාව නියමයි කීවට Big Breasts වලට ඇහැ යනවමනේ බං.

    ReplyDelete
  23. මේක උඹ ලිව්වා කියලා හිතුවත් වරදක් නෑ. උඹ නිතර මතුකරන්න හදන තිත්ත ඇත්ත මේකෙ ඇතුලෙ තියෙනවා. මොන සුචරිත බයිලා ගැහුවත් අපි හැමෝගෙම හීන මේක ඇතුලෙ තියෙනවා.
    කෙල්ල පට්ට ඕපන් මේක ලියලා තියෙන්නෙ. ඒකිට තව කෝටි ගණන් අදහස් පහල වේවා කියලා ඕං ෆලෝ පාරක් දැම්මා.

    ReplyDelete
    Replies
    1. උම්මා..උම්මා..
      ඉදගනින්..ඉදා බෝතලය..ගහපන් අඩ්ඩක්..අම්මා තාත්තා දැක්කා වගේ සතුටුයි

      Delete
    2. අම්මේ මධුවා ඇවිල්ලා.සන්තෝසේ බැරුවා,උඹට දැන් සනීපද පනේ...මගේ මේල් එකට උඹේ නම්බර් එක එවපං...

      Delete
    3. මදාවිය රණ තිසරු කිවුව ගමන් පන ගහල නැගිට්ටෙ . වෙල් කම් බැක් මචෝ.

      Delete
    4. මදාවිය රණ තිසරු කිවුව ගමන් පන ගහල නැගිට්ටෙ . වෙල් කම් බැක් මචෝ.

      Delete
    5. මනෝ
      තෝත් ලියපිය අලුත් එකක්

      Delete
    6. අම්මටහුඩු :D මදාවියට බැක්ෆයර් එකක් වැදිලා ..ආයිබෝං කීවා. ජලබීතිකාව සනීපදෑ බං දැන් ??හැක්

      Delete
    7. මෙන්ඩෝ
      අදම එකක් ලියනවා.මදාවියා ආව හැපී එකටත් එක්ක එකක් ලියනවා මචං.කැමා ගේම ඉල්ලුවට පොරත් මිසිං වෙලා වගේ ආයෙත් වතාවක්....

      Delete
    8. මනෝ, මට ටෙස්ට් මේලක් දාපං.
      madhumadhavi135@gmail.com

      Delete
  24. කෝ මේ ඉවාන්??????? එදා බස් ඒකෙන් බැස්සට පස්සේ කව්රුත් තාම දැක්කේ නැද්ද ????????

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඉවානයා 48 DD බ්‍රා වලට කැමැති..

      Delete
  25. Face book eke add karagena ashraya karala balala honda naraka kiyannam. . :p denata hondayi..

    ReplyDelete
  26. Eeeya... Chikeyya...

    ReplyDelete
  27. Ha haa MR Maathalan owwa open eke katha karanta thahanam. Lankawa kiyanne thewarak budun wediya elwathurath niwala bona ratak HITAN..!!

    ReplyDelete
  28. අපූරු වියමනක්. තනූජා ගෑල්ලමය නම් දක්ෂයි කියල ෆේස්බුක් එකේ නිතරම දකිනවා.

    ReplyDelete
  29. සැබෑ ඇත්ත අමුවෙන්ම තියනවා.ඇයට සුභ පතමි

    ReplyDelete
  30. Hammata....mama mee samaajeta aluth.... blogspot samaajeta.... meeka patta kathaava ..... #suba

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න