.

.

Dec 5, 2015

බයිපෝලා, ගල් කේස් හා නෝ ප්ලේස් - Bipolar, Stoning & House Maids




පොලිටික්කන්ට බයිපෝලා (Bipolar) හැදිලාය කියා කිව්වාම එක පාරටම හිතුනේ,මහ බයියා ප්‍රමුඛ කම්බා හොර රැලට හැදෙනා ලෙඩක්ය කියලාය. ඒත් වත්මන් ඇමති මන්ඩලේ උන්ටත් තියෙනවා කියා කිව්වාම, මාතලන් කවදත් කියන්නේ ඇත්ත නේද යකෝ කියලා පොඩි මෙව්වා එකක් ආවේය. ඒ කියන්නේ යහපාලන ටොයියෝ අතරෙත් බයියෝ ඉන්නවාය කියා එදා ඉඳන් කියනා කතන්දරේය.

මේ ආන්ඩුවේ ඇමතියෙකුටයි, උන්නැහේගේ පුතාටයි, දෙන්නාටම බයිපෝලා කියා කිව්වාම, අප්පා මොකා උනත්, පුතා නම් මොකාද කියා ඕනෑම එකෙකුට තප්පරෙන් තුන් කෝටියෙන් එකක් යන්නත් කලින් ඔලුවට එනවාය. ඒ පුත්තරයා, මෑතකදි හරීන් ඇමතු තුමාගේ අමාත්තයන්සෙටත් කඩා පැනලා, වලං වගයක් බිඳලා තුබුනේය.

මේක මේ ඇමති මන්ඩලේ උන්ට විතරක් තියෙනා ලෙඩක් නෙමේය. බයියෝ ඔක්කෝටම තියෙනා ලෙඩක්ය. මේකේ තියෙන මූලික ලක්සොනයක් වෙන්නේ, තමන්ට එහා පොරක් නැතෙයි කියලා හිතනා එකය. අනේ ඉතින් එහෙම හිතන්නේ උන් ඉතරක් නෙමේය.

අම්මට සිරි ලංකාව ළෝකේ උතුම්ම රාජ්ජේ කියා හිතනා උනුත් බයි පෝලලාය. ළෝකේ තියෙනා උතුම්ම ආගම අපේ එකයි කියා හිතනා උනුත් බයි පෝලලාය. මේ ජාතියට ගහන්න ජාතියක් නැතෙයි කියා හිතනා උනුත් බයි පෝලලාමය. එහෙම බැලුවාම රටෙන් අති බහුතරයක්ම බයි පෝලලාය. අම්මපා සුද්දෝ උනත්, මේ ලෙඩේට, පට්ටෙටම නම නම් දාලා තියෙනවාය. ලෙඩේ නම් බයි පෝලා ය.

ඔය අරාබියට ගෑණු යවන්න එපාය කියන්නෙත් මේ ජාතියේ බයි පෝලලාමය. ඒ යන උන් නිකන්ම නිකන් වේසියෝ නොව, පට්ට වේසියෝ කියන්නෙත් බයි පෝලලාමය. එහේ ගිහින් කරන්නේ වේස කම් කියා කියන්නේත් බයි පෝලලාමය. හැබයි ඉතින් ඒ රටවල නීතියට පිටින් යන්න දෙයක් වෙලා, බෙල්ල කපලා හරි ගල් ගහලා හරි මරන්න ගියාම, අරාබියේ පලු අරින්නේත් අපේ බයි පෝලලාමය.

මේ බයිපෝලලා ලෙඩේට බෙහත හොයා ගෙන අහකය. බෙහෙත නම් අරාබියට ගෑණූ යවන්න එපා කියලාය. එහෙම ගෑණු යවන උන්ගේ මිනිස්සු පොන්නයෝය කියා බුකිය වනසනවාය. එහෙම බැලුවාම උන්ගේ පිරිමි ඉතරක් නොව උන් එවනා සල්ලිවලින් කන බොන පාලකයාගේ පටන්, ආන්ඩුවෙන් කාලා, එකත් මදි වෙලා, කාර් පෝමිටුත් ඉල්ලන උන් ඔක්කෝම පොන්නයෝය.

තව ටික දවසක් ගියාම, ඩියුටි ප්‍රී වෙහිකොල් එකේ මේන්ටෙනන්ස් වලටයි, ෆුවල් වලටයි දීමනාවක් ඉල්ලලා ඉට්ටැයික් එකක් කලොත් හෙම ඒකත් මහා පුදුම දෙයක් නෙමේය. අනික ඉතින් දියවන්නාවේ ඉන්නා උන් ඒවත් ගන්නවා නම්, ආන්ඩුවේ අනික් උන්ටත් ඒවා දුන්නාට අවුලකුත් නැත්තේය. එතකොට කාර් පෝමිට් එක වගේම පැස්ටෝල් ටිකත්, කාට හරි විකුණලා කීයක් හරි හොයා ගන්නත් පුළුවන්ය.

පට්ට ආතල් එක කියන්නේ, ගල් ගසා මරණා උන් මිලෙඡ්චයෝය කියලා කියන්නේ, මෙහේ උන් එල්ලා මරන්නෙයි කියලා කියනා උන් වීමය. රන්ජන් රමණ යකාත් කට පුක දෙකම වහගෙන ඉන්නේ, උන්නැහෙත් මෙහේ වැරදි කරපු උන් එල්ලලා මරන්නම ඕනෑ කියපු නිසා වෙන්නත් ඇතිය.

උන්ගේ නීතිය නොදැන මේ දේ උනා කියන්නට බැරිය. නිලියක් ඇමතියෙක් එක්ක ගියාම පට්ට වේසියෝ කියනා උන්ම, "වෙනත් පිරිමියෙකුට ආදරය කිරීම වරදක්ද..?" කියා අහන තරමට රැඩිකල් වෙලාය. ඒකත් ආදරේය කියා තේරෙන්නේ ගල් ගහලා මරන්න ලෑස්ති උනාමය. "ආදරේ කිරීම ගල් ගසා මැරිය යුතු තරම් වරදක්ද මෙයා..." කියා බුකියේ බයියලා අහනා කොට, මාතලන්ලාට පුකෙන් හිනා යනවාය.

අපේ රටේ ප්‍රධාන ආදායම මැද පෙරදිගට කම්කරුවන් යැවීම හෙවත් බයි පෝලලා කියනා විදියට වහල් සේවයය. (හැබයි උන් නොම්මර එකේ වහළුන් කියා උන් දන්නේ නැතිය.) ඒයිනුත් වැඩිම ආදායම එන්නේ, සවුදියෙන්ය. බෙලි කපලා ගල් ගහලා මරණවා කියා දැන දැනත්, වැඩියෙන්ම යන්නේත් ඒ රටටමය. ඉදින් රජයක් හැටියට ඒ ආදායම් මාර්ගේ වහගන්න මහා ළොකු දේසප්පෙරේමියාය කියන මහ බයියා උනත් කැමති නැතිය.

නිශ්පාදන ආර්ථිකයක් සමඟ නැගිටිනා තෙක් රැකියා මවන ක්‍රමයක් ඇත්තේත් නැතිය. මේ රටේ කොරන්න රස්සාවල් තියෙනවා නම් ඔය එකෙක්වත් මෙහෙන් යන්නේ නැතිය. ඒ රටවල් වල ගිහින් අපා දුක් විඳින්නේ, මෙහේ ඔය ගනන එක රස්සාවකින්වත් දෙන්නේ නැති නිසාය.

කළ යුත්තේ මේ රටේ මිනිසුන් උගත් බුද්ධිමත් පිරිසක් කිරීම සඳහා, හොඳ රැකියා ඉලක්ක කොට ගත් අජ්ජාපන ක්‍රමයක්ය. නුපුහුණු කම්කරුවන් යවනවා වෙනුවට ගෘහ පාළණය පිළිබඳවත් ඩිප්ලෝමවක් ලබා දීමය. 

එමෙන්ම එතෙක් ඒම රටවලට යවනා පිරිස් වඩ වඩාත් දැණුවත් කිරීමය. එම රටවල නීතී රීතී සිරිත් විරිත් පිළිබඳ පුළුල් දැණුමක් ලබා දීමය. එමෙන්ම මෙවන් අවස්තාවකදි, හැකිතාක් රාජ්‍ය මැදිහත් වීම් මගින් දඬුවම ලිහිල් කර ගැනීමට උත්සාහ කිරීමත්ය.

මොකෝ, බයි පෝලලා කොච්චර කෑ ගැහුවත්, ළෝකයේ අපිට නෝ ප්ලේස් නිසාය.

කැමති නම් බොහෝ ප්‍රසංසාවට ලක් වූ මේ ළිපියත් කියවන්න..

මැද පෙරදිග කාන්තාව, ඇත්ත කතාව හා පුහු සුචරිතවාදියෝ.. - The True Story Behind The House Maids



107 comments:

  1. Replies
    1. some bipolar patients think like that.. feel very sorry for them.. just read my Blog Description.. I am just a human being in the universe..

      Delete
    2. How about a permit for a hybrid polar?

      Pra Jay

      Delete
    3. මාතලන් වගෙ ගොන් හුත්තො ඉන්නවා සම්මතයට විරුද්ධව කතා කරන එක ලොකු වීරකමක්.... තමන්ගෙ රටට ... තමන්ගෙ ආගමට...... සංස්කෘතියට විරුද්ධව කතාකරන එක වීරකමක්....... විදියට හිතාගෙන ඉන්න


      ඇමරිකාවෙවත් , ජර්මනියෙවත්, එංගලන්තෙවත් වෙනත් ඔය දියුණු කියන කිසිම රටකවත් මිනිස්සු මහා ප්‍රවාහයක් ලෙස නොකරන දෙයක් මේක. හැබැයි ලංකාවෙ හොද ඉල්ලුමක් හදල තියනවා.


      යටත්විජිත කාලෙ එංගලන්තෙට, ඇමරිකාවට ගෙනාපු කළු මිනිස්සු යොදාගෙන රග දක්වපු "කොමඩි" ජාතියක් බොහොම ජනප්‍රිය උනා. කල්ලන් තමන් අර්ධ වානරයන් පිරිසක් බවත් සුද්දන්ගෙ සීලාචාර සංස්කෘතියට හුරු වෙන්න යාමෙදි ඔවුන්ට වෙන අකර තැබ්බයනුත් මේම නාට්‍යය වල රංගන තේමාව උනා. මේ කළු නලුවන්ගෙ ඇදුමට "ටොප් හැට් , ටේල් කෝට්" වලට අමතරව වලිගෙයකුත් අයිති උනා.


      මරණබයට කුසගින්නට මේ නාට්‍යය වලට සම්බන්ධ උන නීග්‍රෝ ජාතිකයො වදුරු නැටුම් නැටුව.

      හැබැයි ලංකාවෙදි අද මාතලංල වදුරු නැටුම් නටන්නෙ ආත්මයක් නැති කමට. මේ වදුරු නැටුම් වලින් කවදාවත් රටට හොදක් වෙන්නෙ නෑ

      Delete
    4. ජනවාරි 8 වෙනිදා වෙච්ච සෙතේම මදෑ

      Delete
    5. උබට සෙත උනාට මිනිස්සු කබලෙන් ලිපට වැටුනා

      Delete
    6. අවුරුදු පහක් තිස්සේ විනාශ කරපු රටක් අවුරුද්දෙන් හදන්න බෑ..

      Delete
  2. මිනිස්සු එල්ලලා , ගල් ගහල මරණ රටේ එකෙක් තමයි මානව හිමිකම් එකේ ලොකු පුටුවක ඉන්නේ,
    සෑම ගෘහ සේවක, කම්කරු සදහා රට යන්නන්ට විදෙසසේවා කර්යන්සයෙන් පුහුණුවක් දෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. දෙනවා නම් තමයි... ඒත් ලව් කරන්න ට්‍රේන් කරනවද කියලා නම් දන්නේ නෑ...

      Delete
    2. ගල්ගහල මරණ එක, එල්ලල මරණවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්, වැඩි දෙනෙකුට සහභාගීවීමට අවශ්තාව තිබීම ප්‍රජාතන්තුවාදී ලක්ෂණයක්.

      අවුල් ද මංදා;

      Delete
    3. අවුලක් නෑ.. සහතික ඇත්ත.. මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න හොඳම ක්‍රමය තමයි ඒක.. එතකොට ඔය රන්ජන් රමණ යකාටයි හිරු නිකර් නෝනටත් බැරිය ගලක් එහෙම අරගෙන සම්මාදම් වෙන්න.

      Delete
    4. මාතලං ජාතක කල මුස්ලිම් ශුක්‍රාණු වලට එරෙහි නොවනු..! මුස්ලිම් ජාතියට එරෙහිව ජාතිවාදය නොඅවුස්සනු

      Delete

  3. ....//මොකෝ, බයි පෝලලා කොච්චර කෑ ගැහුවත්, ළෝකයේ අපිට නෝ ප්ලේස් නිසාය//.....
    ++++++++++++

    ReplyDelete
  4. මාතලං ජාතක කල මුස්ලිම් ශුක්‍රණු වලට එරෙහි නොවනු...! මුස්ලිම් ජාතියට එරෙහිව ජාතිවාදය නොවපුරනු

    ReplyDelete
    Replies
    1. ශුක්‍රාණු බැංකුවේ සේවකයෙක්ගේ කොමෙන්ටුවකි...

      Delete
  5. හෙහ්.. මේ බයි පෝලා කතාව අහල ලොන්ත පෝලා උනා වගේ දැනුන... වෙනස්ම පැතිකඩකින් බලල ලියල... එල එල...

    ReplyDelete
    Replies
    1. පොඩි කාළේ ඉඳන් පෙනෙන්නෙම එහෙමනේ...

      Delete
    2. සජ්ජෝ උබේ පුක රිබොර් කරගනින්. හිල ලොකුවෙලා වැඩියි කියලා මතලං කියල තිබුනා

      Delete
    3. රී බෝර් කරලා හෝනින් කරන්නත් ඕනද? තවුසන්ඩ් කීයටද කපන්න ඕන? බෝ ගේජ් එකක් අරං වරෙන්... නොමිලේ උඹේ හෙඩ් එක ෆේස් කරල දෙන්නං.. ඇදකුද තියනවද බලන්න ස්ට්‍රේට් එජ් එකකුත් අරං වරෙන් මතක ඇතුව... කකුල් බකල් නං (ටෝ අවුට් එකක් එහෙම තියනවා නං) අලයින් කරලා දාමු... ඒක නෙවෙයි .. මතක ඇතුව මයික්‍රො මීටර් ස්කෲ ගේජ් එකක් අරං වරෙන් ... උඹේ ජුන්ඩගෙ දිග මනින්න.. වැඩිල මදි ඇති.. ඒකයි මේ වගේ ටෝක් දෙන්නෙ...

      Delete
    4. OYA PORAK AYYA. ETH PUKE HILEN KERI GADAKUTH ENAWAA.

      Delete
  6. අපටත් රටඉඳි දෙනවද අරාබි මාමේ?

    ReplyDelete
  7. //මොකෝ, බයි පෝලලා කොච්චර කෑ ගැහුවත්, ළෝකයේ අපිට නෝ ප්ලේස් නිසාය// ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ලංකාව කියුවම ලෝකේ නොදන්නා එකෙක් නෑ කියලා.. ඒකනේ අර උඩ ඇනො කෙනෙක් ඇමෙරිකාවේ, ජර්මනියේ එංගලන්තේ එහෙම නෑ කියලා කොමෙන්ට් කරලා තියෙන්නේ.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. හරි පව් මචං... රට ගියත් කරවල හොදි කන කාළකන්නි නේ...

      Delete
  8. පහත ලින්කුවෙන් පිවිස ඔබත් දැන්ම අත්සනක් තබන්න ..
    අනිත් අයවත් දැනුවත් කරන්නට මෙය Share කරන්න.
    // මේ වන විට අප අසල් වැසි ඉන්දියාව සවුදි අරාබියට ශ්‍රමිකයන් යැවීම සම්පූර්ණයෙන්ම නවත්වා ඇති අතර ඉන්දුනීසියාව සවුදි අරාබියාවේ සේවය කරන හත් ලක්ෂයකට ආසන්න තම රට වැසියන්ට නැවත මවු රටට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. කලාපීය සෙසු රටවල්ද කෙමෙන් කෙමෙන් මෙම තීරණය ගන්නට සූදානම් මොහොතක අපද එම තීරණය ගත යුතුව ඇත. //

    https://secure.avaaz.org/en/petition/The_President_of_the_Sri_Lanka_Stop_Sending_Workers_to_Saudi_Arabia/

    ReplyDelete
  9. මං ඉන්නෙ මැදපෙරදිග තියෙන නිදහස්ම රට ඩුබායි වල.අම්මප ලංකාවට වඩා ලිංගික නිදහසක් මේ රටේ තීනව.ගාගෙන නොකන ඕනෑම කෙනෙකුට නිදහසේ තමුන් කැමති දෙයක් භුක්ති විඳිතැකි.නමුත් මෙහෙම රටක උනත් ගෘහ සේවෙට එන ගැහැණියකගේ ඉරණම හරිම සෝචනීයයි.හැබැයි සවුදිය කියන්නෙ ඒකෙ අනික් පැත්ත සිවිලයිස් සමාජෙක හැදුනු මිනිහෙකුට ජීවිතේ යම් හරි නිදහසක් භුක්ති විඳපු කෙනෙකුට ජීවත් වෙන්න හරිම අමාරු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කාන්තාරයක්. ඒ වගේ රටකට නැති බැරි කම නිසාම යනව මිසක් වෙන නම් හේතුවක් නැහැ.කොහොමත් මැදපෙරදිග කලාපෙට ගෘහ සේවිකවො එවන්නෙ අපි පිලිපිනෙ සහ අප්‍රිකානු රටවල් කීපයක් විතරයි.කොටින්ම ඔච්චර දුප්පතුන් ඉන්න ඉන්දියාව පවා පිරිමි ශ්‍රමිකයන් සහ පුහුණු ශ්‍රමිකයන් ඇරුනම ගැහැනුන් වහල්කමට එවන්නෙ නැහැ.මූණුපොතේ සිංහ ලේ ගාගෙන රට ජාතිය ගැන මොර දෙන තුං පැයේම තම්බින්ගෙන් ගේම ඉල්ලන දේශප්‍රේමී අයයියල මල්ලිල ජීවත් වෙන්නෙත් දිවි හිමියෙන් රට රකින ජනතා සේවක සුදු සාදුල ටික සැප විඳින්නෙත් තමුන්ගෙ රටේ ගෑනුන්ව වහල්කමේ යොදෝල ගන්න සල්ලි වලින් කියල උන්ට තඹ දොයිතුවක ගානක් වත් නැහැ.කොටින්ම ජිනීවා වල කැස්සත් මෙහේ පාරට බැහැල මරා ගන්න දේශප්‍රේමියෝ ටික අපේම රටේ සහෝදරියක් වහල්කමට යවල ගල් ගහල මරද්දි මොකද්ද දක්වපු විරෝදය.දේශප්‍රේමෙ ජනතාහිතවාදීකම රෙද්ද පල්ලෙන් බේරෙනව!

    ReplyDelete
    Replies
    1. ඔය ඇත්ත ඔහේ ගිහින් ඉන්න ගොඩක් උන් කතා කරන්නේ නෑ..

      Delete
  10. මාතා, ශ්‍රී ලංකාවටත් මේ වහල් සේවයට අමතරව වෙන විදේශ විනිමය උපයන අංශ දියුණු කිරීමට කාලය පැමිණ ඇත.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම

      ඇඟළුම් කර්මාන්තය තමයි කාළයක් ලංකාවේ ප්‍රධාන ආදයම උනේ. ඒකෙන් පටන් ගත්ත එක දිගටම ගෙනිච්චා නම් අද අපි සෑහෙන තැනක ඉන්නවා. ඒත් සැටලයිට්ගේ කාළේ යුද්දේ කරෙත් නෑ සාමෙත් නෑ ආර්ථික වර්ධන වේගේ මයිනස්. මහින්ද අවුරුදු පහක් යුද්ධ කරලා. ඉතිරි පහේ නිශ්පාදන ආර්ථිකේ කාලා, පාතාලා ආර්ථිකයක් හැදුවා. නිශ්පාදන ආර්ථිකය විනාශ කලා..

      ඒකේ ප්‍රතිඵලය තමයි මිනිස්සු රට දාලා යන එක.. පුලු පුලුවන් එකා උන්ට පුලුවන් රටකට පනිනවා.. වෙන සරණක් නෑ...

      Delete
  11. කාර්මික,තාක්ශන අධ්‍යාපනේ විධිමත් කරලා ගත්තනං ලඟ ලඟම ලොකු ටාගට් එකකට යන්න ඇහකි.සුපවයිසර්ල යැව්වත් එකෙක් යනකොට අම්මල තුන් දෙනෙක් ආපහු ගෙන්න ගන්න පුලුවං.ඒ කියන්නෙ පවුල් හතරක ප්‍රශ්න විසඳෙනවා.ඉංදියාවෙන් නම් ගේමට බැහැල ඉන්නෙ.අපේ අයට ඉංදියාවෙන් අවසර දෙනකං ඉඳියිද දන්නෑ.බයිය උනත් ටොයිය උනත් කොරන්නෙ නැති එකනෙ අවුල.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇඟළුම් කර්මාන්තය තමයි කාළයක් ලංකාවේ ප්‍රධාන ආදයම උනේ. ඒකෙන් පටන් ගත්ත එක දිගටම ගෙනිච්චා නම් අද අපි සෑහෙන තැනක ඉන්නවා. ඒත් සැටලයිට්ගේ කාළේ යුද්දේ කරෙත් නෑ සාමෙත් නෑ ආර්ථික වර්ධන වේගේ මයිනස්. මහින්ද අවුරුදු පහක් යුද්ධ කරලා. ඉතිරි පහේ නිශ්පාදන ආර්ථිකේ කාලා, පාතාලා ආර්ථිකයක් හැදුවා. නිශ්පාදන ආර්ථිකය විනාශ කලා..

      ඒකේ ප්‍රතිඵලය තමයි මිනිස්සු රට දාලා යන එක.. පුලු පුලුවන් එකා උන්ට පුලුවන් රටකට පනිනවා.. වෙන සරණක් නෑ...

      Delete
  12. ගෘහ සේවිකාවන් chemical castration කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. අරාබී කාරයොන්ට කරොත් නරක නැද්ද...

      Delete
    2. කොයි ලෝකෙද ඉන්නේ, අවුරුදු 2කට සෑහෙන එකක් කොරල තමයි යවන්නේ.

      Delete
  13. අලුත් බ්ලොග් එකක් හැදුවා පොඩි සපෝට් එකක් ඕනෙ මචන්

    ReplyDelete
    Replies
    1. සින්ඩියට දැම්මා.. දැනටම කොල්ලෝ ඔක්කොම සප් එක දීලා තියෙන්නේ..

      ජය වේවා....!!!

      Delete
  14. කොයි පෝලාර් එකත් කෙලවන්නේ බයියන් වන අපටම නේ අෆ්ෆා!!

    අර කවුද මහත්තය වාගේ උදේට ටයි බයි... හවසට චේ ගේ බෙරේ තොප්පිය දාගන් කිවුවලු!

    ReplyDelete
    Replies
    1. බලහන්කෝ මචෝ උඹලටම ගැපෙන්නම ලෙඩේට නම දාලා තියෙන ලස්සන..

      Delete
  15. ඔන්න කාලෙකට පස්සෙ අපි ආපහු බ්ලොග් ලෝකට එන්න තනන්නේ........බයි පෝලල හැම එකාම කෙලින්නෙ අපිට ම යි මාතලන්, ඕවා ඔහොම තමයි. මේක සසිරි බර මෙසිරිලකනෙ. මානසික රෝගියෝ, කුඩ්ඩො, දූෂකයො, කසිප්පු කාරයෝ, තම මොක්කුද අඩු අපේ 225ට ..........

    ReplyDelete
    Replies
    1. වෙල්කම් බැක් කිව්වා වෙද මහත්තයා.. ප්‍රොජෙක්ට් එක ඉවරෙයි.. කාලෙකින් ඒ පැත්තේ එන්නත් බැරි උනා.. මම දැන් කොළඹ නෑ නේ...

      Delete
  16. ලංකාවෙ හවුස්මේඩ්ලට මෙලෝ වැඩක් හරියට කරගන්න බෑ. අර පිලිපින් මේඩ්ල ඉන්නව උන් ගෙදර වැඩත් කරල අපේ උන්ට වඩා පඩියකුත් අරන් අපූරුවට ඉන්නව. පිලිපින් උන්ට ලස්සන වගේම මොලෙත් දෙයියො දීල තියනව.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ උන්ට ඊට වඩා කැමතියි.. දොස්තරලා අතිනුත් සමහ විට වැරදි කේස් වෙනවා.. මේකත් එක රැකියාවක්.. ඉතින් හැම එකේම වගේම මෙකෙත් අප්සට් කේස් ඉඳ හිට තියෙනවා.. හාමුදුරුවරුත් අගමැතිවරු මරන්නේ.. එහෙම කියලා සාසනේ වහලා දාන්නේ නෑ නේ..

      Delete
    2. මාතලන් @
      නියම පිළිතුර
      +++++++++++++++++++++++++++++++++++++++

      Delete
  17. පෝස්ට් එක නිකම්ම වචන ගොඩක් විතරයි. ප්‍රශ්නෙ තේරුම් අරන් නෑ.
    මෙතන ප්‍රශ්නෙ සවුදියට ගෑනු යවන එක. පිලීපීනෙයි ලංකාවයි අප්‍රිකානු රටවල් දෙකතුනකුයි සවුදියට ගෑනු යවන්නෙ. අනෙක් රටවල ඔය කියන නිෂ්පාදන ආර්ථිකය ඇති වෙලාද .
    මැද පෙරදිග යන ගෑනු ඔය සෙල්ලමට හොදින් හෝ නරකින් ඇබ්බැහිවෙනව. සොච්චම් පඩියක් හම්බවෙනකොට වෙන විකල්ප වලට උන් යනව.
    අනාචාරය වරදක්. නමුත් මේ දඩුවම ම්ලේච්ඡයි ඒකයි මෙතන සංවාද කෙරෙන්නෙ. සවුදියට ගෑනු යවන එක ලෝකෙ ගොඩක් රටවල් නවත්තල. ඇයි ඒ විකල්පෙට අපට යන්න බැරි. අපට වඩා දුප්පත් තු ඉන්න ඉන්දියාව ,ඉන්දුනීසියාවවත් සවුදියට ගෑනු යවන්නෙ නෑ, ගෑනු නෙමේ බල්ලෙක්වත් යවන්න නොවටින රටක් සවුදිය. මම හිතන්නෙ නෑ සවුදි ගෘහසේවිකාවන් ඔය තරම් ආර්ථිකයට දායක වෙනව කියල.

    ReplyDelete
    Replies
    1. අන්තිම ටිකෙන් තේරෙනවා මේ ප්‍රශ්ණය ගැන මාරම දැණීමක් තියෙනව කියලා..

      දන්නෙම නැත්නම් මම අර පෝස්ට් එකෙන් පහළ දාලා තියෙන ලින්ක් එකට අදාල පෝස්ට් එක කියවන්න. ඒකේ තියෙනවා රජයේ ඉස්ටැටිස්ටික්.. ඒ නැතත් අවුරුදු ගානක් ඕවා අපේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා..

      ළිං මැඩි දන්නේ ළිදේ තියෙන ඒවා විතරයි...

      Delete
    2. මධ්‍යස්ථ ට එක්කෝ අමතක වෙලා එක්කෝ දන්නෙන් නෑ එක්කෝ අමතක කරලා .......... මැද පෙරදිග යන ගෑනු නිසා තමා මේ රට රන් කරන්නේ කියල .... ඉන්දියාවේ දුප්පත් කම තිබුනට හොද නිෂ්පාදන ආර්ථිකයක් තියනවා..... අපිටත් ලෝක වෙළද පොලේ සැලකිය යුතු කොටසක් වෙන්කරගන්නකම් .... ගෘහසේවිකාවන් යවන එක නතර කරන්ඩ බැ .... ඒ ඉලක්ක වලට කොහොම හරි යන එක තමා කරන්ඩ තියන විසදුම... අනික ගෘහසේවිකාවන් දැනුවත් කරන්ඩ ඕනි ඒ රටේ නීති ගැන දැන් කරන තරම ප්‍රමාණවත් මදි ..........

      Delete
    3. ඔය රට යන ගෑනු හොයන සොච්චමෙන් මේ රට රන් වෙනවයි කියන්නෙ මොන බොරුවක්ද ඕයි. ලංකාවෙ ගෑනු රට ගිහින් කරන්නෙ මගුල් නටන එක.

      Delete
    4. ගෑණු ගැන තියා රට ගැවත් නොදන්න හරකෙක්...

      Delete
    5. මධ්‍යස්ථ මතධාරියා සහ දෙවෙනි ඇනෝ, මම අවුරුදු තුනකට අධික කාලයක් මාතලන් පාඨකයෙක්මි. දැනට ලංකාවෙන් පිට ජීවත් වන බැවින් (ලෝකල් ඉලෙක්ට්‍රොනික් මීඩියා සමඟ සබැඳියාවක් නොමැති බැවින් ලංකාවේ සිදුවන දෑ පිළිබඳ ප්‍රායෝගික දැණුම අල්ප බව හැඟී යන නිසා), බොහෝ පාඨකයන් උසස් බ්ලොග් අඩවියක් වශයෙන් පිළිගන්නා, මෙහි කමෙන්ට් කිරීමෙන් වැලකී සිටිමි. කාරුණික යෝජනාවක්/ඉල්ලීමක් පමණි.

      Delete
  18. දන්නා බල්ටි ඔක්කොම ගහලා පොළ ගස් උසට ගැටගහපු ලවුඩ් ස්පිකර් සෙට්වලින් කැගසලා දඟලලා සවුදියේ ඉන්න පාලකයෝ ඔක වෙනස් කරයිද ..මිට කලින් එහෙම කළා කියලා කියන්න පුළුවන් ලංකාවේ කවුරු හරි බේරිලා ඇවිත් ඉන්නවද

    ReplyDelete
  19. ලංකාවෙ ගෑනු රට ගිහින් ඉන්නෙම පක්කො බංගලි ඊජිප්තු කාරයො එක්ක. ලංකාවෙ කොල්ලන්ට ලොකු සීන් පෙන්නගෙන යනව උන් එක්ක සෙට් වෙලා. එක්කො ලංකාවෙ එකෙක් එක්ක සෙට් වෙයන් ඔය කලු කැත මිනිස්සු එක්ක සෙට් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. උඹලා කන්න බොන්නවත් වියදම් කරන්නේ නෑ නේ.. අනික ගෑණු උදවිය වෙන කතාවකුත් කියනවා.. ඒකත් ඇත්තනේ...

      Delete
    2. මොකද්ද ඔය කියන වෙන කතාව. උන්ගෙ එකේ කොනක් නැති එකද? පක්කො බංගලි තව ලස්සනයි නම් කමක් නෑ. කාපිරි වගේ හැටි.

      Delete
    3. අපෝ අපේ ගෑනු බංගලි එක්ක ඉන්නවට වඩා ලංකාවෙ මිනිස්සු පිලිපින් කෙල්ලො එක්ක ඉන්නව. මාත දන්නව ඇති ඒව නං.

      Delete
    4. අන්න මචෝ කෙල්ලෝ.. කතා කරහන් ඒ ගැන...

      Delete

  20. මාතලන් ලොක්කා
    ඇත්ත කියන්න බය නෑති කෙනෙක් බව මට තේරුම් ගියා

    අපේ රටේ එකම ආදායම් මාර්ගය අහින්සක කාන්තාවන් මිඩ්ඩ්ල් ඊස්ට් පෑටවීම පමනයි

    මොන ලන්කවේ පාලකයා ආවත් සව්දි අරාබි නීති වෙනස් කරන්න අමාරුයි

    සව්දි අරාබි නීතියට අවනත වෙලා රස්සාව කරනවානම් ඒ රටට ගියාට කමක් නෑ

    =Adrian Channa from Toronto===

    ReplyDelete
    Replies
    1. අපේ අය යතාර්තය ගැන දන්නේ නෑ.. ෆැන්ටසිවල තමයි ජීවත් වෙන්නේ.. ගොබ්බ අමූලීක රජ (පච.) කතා නැගලා යන්නේ ඒකනේ..

      Delete

  21. මාතලන් ලොක්කා
    ඇත්ත කියන්න බය නෑති කෙනෙක් බව මට තේරුම් ගියා

    අපේ රටේ එකම ආදායම් මාර්ගය අහින්සක කාන්තාවන් මිඩ්ඩ්ල් ඊස්ට් පෑටවීම පමනයි

    මොන ලන්කවේ පාලකයා ආවත් සව්දි අරාබි නීති වෙනස් කරන්න අමාරුයි

    සව්දි අරාබි නීතියට අවනත වෙලා රස්සාව කරනවානම් ඒ රටට ගියාට කමක් නෑ

    =Adrian Channa from Toronto===

    ReplyDelete
  22. ගෑනු රට යවල පිරිමි බිබී නටන රටක් කියල ලංකවෙ පිරිමින්ට ලොකුවට අපහාස කරනව. ඒත් ඇත්තටම මොකද්ද ඇත්ත? ලංකාවෙ තාම හුගක් කාන්තාවන් රස්සාවක් කරන්නෙත් නෑ. හුගක් රටවල් තියනව ගෑනු බර වාහන එලෝනව බස් කොන්දොස්තරල ඉන්නව ඒ වගේම අව්වෙ දාඩිය දාගෙන වැඩ කරනව. ලංකාවෙ කාන්තාවන් එහෙම වැඩ කරන්නෙ නෑ. වෙන රටවල ගෑනු පිරිමි සමව ආර්ථිකයට සම්බන්ධ වෙද්දි ලංකාවෙ ගෑනු සම්බන්ධ වෙන්නෙ හරිම අඩුවෙන්. වෙන රටවල කෘෂිකර්මයටත් ගෑනු සම්බන්ධ වෙනව සමහරු යුද්ධෙටත් යවනව. ලංකාවෙ ඔය මුකුත් කරන්න ඕනෙ නෑ කාන්තාවන්ට. ඒත් මැද පෙරදිග ප්‍රශ්නෙ හින්ද අපහාස විදින්න වෙලා තියෙන්නෙ ලංකාවෙ පිරිමින්ටමයි.

    ReplyDelete
    Replies
    1. රැකියාවක් කරන එක පිරිමියගෙ වගකීමක් නේද .ගෑනු කරන්නෙ අමතර ආදායාක් ලෙසනෙ. ඒ නිසා ගෑනු අව්වෙ මහන්සි වෙන්න ඕන නෑ. ගෙදර හීල් හෙවනෙ බතක් මාලුවක් උයාගෙන උන්නම ඇති.

      Delete
    2. පළවෙනි කෙනා ලංකාවේ ගෑණූ ගැන නොදන්න කෙනෙක්.

      දෙවැන්නා දඩයම් යුගයේ ජීවත් වෙන පොරක්..

      Delete
    3. මාතලන් උඹ තමා දන්නෙ නැත්තෙ. මන් හොදට දැනගෙන කියන්නෙ. උඹ පුලුවන්නන් මෙතන කියල තියෙන්නෙ බොරු කියල ඔප්පු කරන්න.

      Delete
    4. ලංකාවේ ආර්ථිකයට වැඩුම දායකත්වය සපයන්නේ කාන්තාවන්.. දන්න කෙනෙක් ගෙන් අහගන්න..

      Delete
    5. I see first ano has spoken the truth. In developed countries women are working as pilots, engineers and etc. Most countries send their women in front line in the war. But in Sri Lankan army women were only used to do stationary works. Non of female soldiers were killed during the brutal war. But in Russia and Israel female soldiers even have faced death. So this explains something. Sri Lankan women are far behind because we still live in a 'Purushadipathya' society.

      Delete
  23. මහා ලොකුවට නැතත් ඕක සුලු වශයෙන් අපිට පටන් ගන්න පුලුවනි සාත්තු සේවිකාවන් වගේ ක්ෂේත්‍ර වලට ....ඒ වගේ දේවල් හොදට උගන්වලා රටවල් එක්ක ගිවිසුම් වලට අනුගත වෙලා අර කොරියාවට මිනිස්සු යවනවා වගේ වත් ක්‍රමානුකූලව ගැනු රට යවන්න විදියක් රජයට හෝ නැත්තං සම්පත් ඇති පිරිසකට පටන් ගන්න පුලුවන්..විශේෂයෙන්ම බල්ලෙක් වත් නොයන පංසල්, පල්ලි කීයක් අපේ රටේ වේලෙනවද? ඕවයින් වෛරය වපුරන්නෙ නැතුව ඒ තියෙන බිල්ඩින් අවකාශ වලින් ප්‍රයෝජන අරං...දුප්පත් කාන්තාවන්ට සුලු අයකිරකීමකින් සැලකිය යුතු සහතිකයක් හැකියාවක් හදන්න කුඩා කන්ඩායමකට වුනත් පටන් ගන්න පුලුවන් වැඩක්.. ... අපි හැමෝම හැමදේම ආන්ඩුවෙන් ම කරනකල් බලා ඉන්නවා..කොටින්ම මම පවා..

    මම දකිනවා මේ දවස්වල කුරුණෑගල පැත්තෙ විදේශ රැකියා ඒජන්සි වලින්ම ටෙක්නිකල් කෝස් කරවනවා ඒ ලෙවල් ඉවර කරපු කොල්ලන්ට ...ඒ කරවන්නෙ උන්ගේ බිස්නස් එකකට වෙන්න ඇති..හැබැයි වැෙඩ් ඇරඹුමක් විදියට සාර්ථකයි..පත්තරේ ඇඩ් දාල රේඩියෝවල කියවලා..ඒ අය ගම්වල බෝක්කු ගානෙ ඉන්න කොල්ලන්ට හැකියාවක් දීල රටයවන්න හදනවා..තනිකර උන්ගේ ගතමන්ට් එකට තමයි වැඩ් කරනවා ඇත්තෙ... නමුත් ඒක එහෙම හරි වෙන එක ලොකු දෙයක්..

    මම හිතන්නෙ මුලින්ම මහා රජය මැදිහත්නොවී අපිටම වැඩක් කරන්න කරගන්න ැහකියාව තියෙනවා කියලා අපි හිතන්න ඕනි...ඒ අනුව අපි මොනවා හරි කරන්න පටන් ගන්න ඕනි..නැත්තං හැමදාම ගෑනියෙක් දඩුවමකට නියම වෙලා ගල්ගහන්න බෙල්ල කපන්න නියම වුනාම මේ විදිෙය රැල්ලක් ඇතිවෙල ඒ උන්දැ මැරුනම ඒක එතනින් යට පත් වෙලා යාවි.. රැලි කොච්චර ආවත් ගොකු ගල් පර තාම එහෙමමයි..

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් ඉඳලා ඉඳලා දැම්මොත් දාන කොමෙන්ට එක මල් මසුරන් තමයි...

      Delete
  24. // මොකෝ, බයි පෝලලා කොච්චර කෑ ගැහුවත්, ළෝකයේ අපිට නෝ ප්ලේස් නිසාය.//

    සහතික ඇත්ත.. අනික අපේ කට්ටිය ඉතින් සිංහලෙන් පාරවල් වල හරි මාද්‍යයේ හරි පාර්ලිමේන්තුවේ හරි කෑ ගැහුවා කියලා වැඩක් තියෙනවා කියලයැ.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ උන්වත් අපේ රට දන්නේ නෑ බං

      Delete
  25. //නිශ්පාදන ආර්ථිකයක් සමඟ නැගිටිනා තෙක් රැකියා මවන ක්‍රමයක් ඇත්තේත් නැතිය. // කට ඇරහං ගල් කාලක් වක්කරංට. ඊට පස්සෙ ලියපු ඡේද 2-3 ට ඉතිරි තුංකාලත් වක්කොරංනං.

    ReplyDelete
    Replies
    1. ගලුත් පට්ට ගනං බං.. සත්තරන් වගේ...

      Delete
  26. මේකත් නොලියම බෑ මිස්ටර් මාතලන්. 2004 දී මම කටාර් ගියවෙලේ මම එක්කඒජන්සියෙන් ගිය 20 දෙනාටම මාස 9 ක් යනකම් පඩි දුන්නෙ නෑ. පඩි ඉල්ලුවහම පලයන් උබේ රටට කිව්ව. එජන්සියට කිව්වහම එම්බසියට කතාකරන්ට කිව්ව. එම්බසියට කතාකලහම ඒජන්සිය එක්ක බලාගන්ට අපිට කරන්ට දෙයක් නෑ කිව්වා. ඒ ඒජන්සිය කලෙත් විදේශ සේවා එකේ ලොක්කෙකුගේ හිතවතෙක්. ඉතින් නඩුත් හාමුදුරුවොන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ සීන් එකක් තමයි උනේ.

    සමහරක් ලංකාවේ එවුන් ඔය අරාබියෙ කොම්පැනි වල වීසා වැඩ කරන මාන්දුප් ලට ගානක් දීල විස අරන් ලංකාවේ මෙලෝ හසරක් දන්නේ නැති මිනිස්සු එක්කරන් ඇවිත් අනාථ කරනවා. මොකද අරව පුළුවන් මේවා පුළුවන් කියල එක්කරන් අවට මෙලෝ හසරක් දන්නෙ නැති නිසා. මම ගිය කොම්පැනි එකෙන් ලංකාවේ කාටවත් අවුරුදු දෙකක් යනකම් වීසා හැදුවෙ නැහැ. අහු උනානම් කියයි මූ කොම්පෙනියෙන් පෙනල ගිය එකෙක් කියල. අරාබියෝ ඉන්න සක්කිලිම ජාතියක්. විශේෂයෙන්ම පලස්තීනු අරබියෝ. එකටත් හපන් අපේ එම්බසි සිස්ටම් එක.

    උන්ගෙන් වැඩක් කරගන්නනම් පුකට වදින්න ඕන. අපේ ප්‍රශ්නෙදි පිලිපීන් එවුන් එක කෝල් එකී උන්ගේ එම්බසියට දුන්නෙ. උන්ට නෝ ප්‍රොබ්ලම්. හරිනම් අරාබියට යනවනම් අරාබි එවුන්ගෙන් ඩිපොසිට් එකක් අරගෙන එක ඇපයක් විදිහට තියාගෙන රට යැව්වනම් කරදරයක් උනොත් ඩිපොසිට් එක හරි ගන්ට පුළුවන්. ප්‍රශ්නේ තියන්නේ අපිට තේරෙන මේටිකවත් විදේශ සේවා එකේ ඉන්ට මැටි හරක්ට නොතේරෙන්නේ කියල.. හයියෝ දමයන්ති....!!!

    ReplyDelete
    Replies
    1. අපේ එම්බසි ගැන නම් කතා කරන්න එපා... මෙළෝ රහක් නෑ.. සමහර උන් බඩු කාරයෝ.. සම හරක් ඒජන්සි කාරයෝ.. පිස්සු හුත්තලා ටිකක් තානාපතිවරු විදියට යවලා තියෙන්නේ...

      Delete
  27. ඩුබායිවල ගාමන්ට් ෆැක්ටරි ඇබෑර්තු තියනව.
    ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙන් මැද පෙරදිග යන බහුතරය එහෙම පුහුණුවක්වත් නැති ගෘහසේවය විතරක් පුලුවන් අය එක.
    පුහුණුවක් තියනවනම් සවුදි අරාබියවගේ ප්‍රාථමික සමාජයකට යන්න ඕනෙ නෑ. ඩුබායි හෝ වෙනත් එමිරේට් එකකට ගිය හැකි

    ReplyDelete
    Replies
    1. ආන්ඩුවලටත් කිසිම ඕනෑ කමක් නෑ නේ ඒ දේවල් කරන්න.. දැන් නම් සමහර ඒජන්සි කාරයෝ ඒ වගේ පුහුණු වීම් කරනවා.. විදේශ සේවා කාර්යංශය කරන මළ විකාර දැක්කාම හිනා කාලා මැරෙනවා.. අනෙක අපේ හව්ස් මේෆ් කෙනෙක්ගේ දැණීමයි.. පිල්ලියෙක්ගේ දැණීමයි අහසට පොළොව වගේ.. හේතුව ඒ රට ඒ දේ හරියට කිරීම...

      Delete
  28. මටත් ආසයි වෙන්න බයිපොලෙක්

    ReplyDelete
  29. KANTHAWOO VITHARAK NOWEI, KAMKARU ATHULU ANEKUTH SEWAYAN SADAHA MADA PERADIGA YANA HAMOGEMA THATHWAYA OKA THAMA. KISIMIMA SAHANAYAK NA. UN EWAN DOLLAR DIHA THALU MARANWA APE KALA KANNI HATTA. ANEKUTH RATAWALA DIYUN KRAMAWATH WADA PILIWELAK THIYENAWA MADA PERADIGA YANA SEWAKAYAN GANA HOYANNA. APE WASLA DESHAPALAKAYIN HATTAMA PRABA MARA DAMAYI KIYALA HITHUWE, ETH EKATH AWE APITAMA ARINNA

    ReplyDelete
    Replies
    1. පින් සිද්ද වෙයි හින්ගල හින්ගලෙන් ලියහන් බං...

      Delete
  30. රෝමෙට ගියාම රෝමන් කාරයෙක් වගේ ඉන්න ඕනෙ,බැයිනම් රෝමෙට නොයා ඉන්න ඕනේ.

    සීලාචාර සංස්කෘතියක අභාෂය ලැබූ,උදේ හවා බුදුන් වදින,පෝයට සිල් ගන්න,ලැජ්ජ බයට හැදුනු, ...... ,අපේ රටේ ගැමි මව්වරු සමහරකට අරාබි රටවල ඩුක්ක දෝමනස්ස,කදුලු,වේදනාව.... මැද රස්සාව කරද්දි ඇතිවෙන පරම,පවිත්‍ර,පූජනීය ...... ආදරය (වැඩිද මන්ද) නිසා සුලු සුලු වැරදීම් ඇතිවීම කොච්චර කිව්වත් නවත්තන්න බෑ (කොච්චර කිව්වත් ඔච්චර තමයි,බලු වලිගෙ උණ පුරුකෙ දාලවත් ඇද අරින්න බෑනේ).ඒ නිසා මන් උඩදි කිව්ව රෝමෙට ගියාම රෝමන් කාරයෙක් වගේ ඉන්න එක ප්‍රයෝගික නෑ.අරාබියට ගිහින් අපේ සිංහල ගෑණුන්ගේ අභිමානය තවදුරටත් ජාත්යන්තරයට ගෙනියන්න කලින් කලින් පුලුවන් තරම් ඉක්මනට මෙහෙ රස්සා හදල දීලා ගෑණු අයව රට යවන එක නවත්තල දාන එක වටිනවා.

    අපේ ගෑණු අය කම්මැලියි,මහන්සිවෙලා හම්බකරන්න උත්සාහ කරන්නේ නෑ.වෙන රටවලනම් ගෑණු අයත් පිරිමි අය වගේම මහන්සිවෙලා වැඩකරනවා.ඒත් අපේ රටේ තියෙන මොකද්ද මන්ද සංස්කෘතික මෙව්ව එකක් නිදහසට කාරනාවක් වශයෙන් ගෙන ගෑණු අය මහන්සිවෙලා රස්සා කරන්න යන්නේ නෑ.මිනිහ හම්බකරන් එනකන් බලන් ඉන්නවා, එහෙම නැත්තන් ගාමන්ට් වල ඇදුම් මැසීම වගේ සැහැල්ලු රස්සා කරන්න බලනවා.ගෙදර දොර වැඩ පල ටික කරල ලේසියෙන් ලොකු ගානක් හොයන්න පුලුවන් නිසා අරාබියේ රස්සා හොයන්න යනවා.කොලඹින් ඈත පලාත්වල ගෑණු අයට උගන්නන්න දෙමව්පියො උනන්දු වෙන්නෙනෑ,ඒ අය හිතන්නෙ ගෑණු අය රස්සා නොකර ගෙදර වැඩපොල කරන් හිටියම ඇති කියලා (අද මැදිවිය ගෙවන ගෑණු අය ඉගෙනගන්න කාලෙ මේ මතය වැඩියෙන්ම තිබ්බා).ඒ හින්ද අපේ ගෑණු කට්ටිය පොඩි කාලෙ ඉදන්ම නිකන්ම ඉන්නයි ලෑස්තිවෙලා ඉදලා තියෙන්නේ.වර්තමාන පොෂ් සංස්කෘතියෙ බලපෑම නිසා අතීතයේ වගේ කුඹුරු වැඩ කර්න්නත් ගෑණු කැමති නෑ.පුලුවන් තරම් සැහැල්ලු වැඩ කරන්න තමයි හිතන් ඉන්නේ.

    මේක තේරුම්ගත්ත අවුරුදු ගානකට කලින් හිටපු බුද්ධිමත් පාලකයො ටී.වී එකේ ඔෂින් වගේ ජපන් ටෙලිනාටය පෙන්නන්න ගත්ත.ඔශීන් සෑහෙන්න වතාවක් ජාතික රූපවාහිනියෙ ගියා,හඩකවල පෙන්නුවා හිතුව වගේම අපේ ගෑණු කට්ටියත් සෑහෙන්න ඒකට් ආකර්ශනය උනා.ඒත් අපේ ගෑණු කට්ටිය ඔෂින් වගේ ලස්ස්සන වෙන්න හැදුව මිසක්,ඔෂින් වගේ උත්සාහවන්ත වෙන්න හැදුවෙ නෑ.අන්තිමේ එකෙනුත් උනේ ක්‍රීම් පවුඩර් විකුණන උන් පොහොසත් වෙලා,ගෑණු පොඩ්ඩක් අව්වෙ ඉන්නවත් අකමැති වෙච්ච එක විතරයි.

    ReplyDelete
    Replies
    1. උඹට අම්මා කෙනෙක් ඉන්නවද බං.. උඹේ අම්මත් කම්මැලී ගෑණියෙක්ද...?

      Delete
  31. ගෘහ සේවිකාවක් විදිහට වෙන රටක වැඩ කරන එකෙන් අපේ රටට සැලකිය යුතු ආදායමක් එනව තමයි , හැබැයි ඔය රැකියාවට ලංකාවෙ ඕනෙ තරම් වේකන්සි තියනව.වැටුප ටිකක් අඩු වෙන්න පුළුවන් හැබැයි දරුවො බලන්න යන්න, ලෙඩට දුකට තමන්ගෙ අය ගාවට යන්න කරදරයක් නම් පොලිසියට හරි යන්න අවස්ථාව තියනව.
    දැන් ඉතිං ඔය කාන්තාව බේරගන්න කිසිම කෙනෙකුට බෑ, පුළුවන් ක්‍රම තිබ්බත් පූටින් වගේ එකෙක් අරුනම එහෙම දෙයක් කරනවනම් ඊශ්‍රායල කාරයොම තමයි. අපිට කියන්න තියෙන්නෙ අනේ පව් කියන එක විතරයි..

    ReplyDelete
    Replies
    1. ඉතින් උඹලා දීපන්කෝ ඒ රස්සාවල් මේ ගෑණූ අයට...

      Delete
  32. ඇගලුම් කර්මාන්තය හරියට දියුනු කරානම් මේ වහල් සේවය නවත්තන්න පුලුවන්..
    ප්‍රා ගේ කමෙන්ටුවත් මෙතනට අදාලයි..

    ReplyDelete
    Replies
    1. හිටපු කාළකන්නි තියෙන ඒවා වහන එක නේ කළේ... තව අවුරුද්දක් විතර උන්නා නම් ඉතුරු ටිකත් වහනවා...

      Delete
  33. මාතලන් 2012 දි ආර්ටිකල් ලියල තියෙන විදිහට වඩා දැන් 2015දි ආර්ටිකල් ලියන විදිහ හෙන ඇඩ්වාන්ස්නේ

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ලියන්න බයයි නේ...

      Delete
  34. ado keri ponna mathalan eththa kiyapan uba genu arabiyata yawanna broker wede karana kaakkek neda lejjai do oita hodai puken atha daala bada welak edala aran kaapan jathiyak jammayak nethi padurak asse ballekuta jathaka una awalama

    ReplyDelete
    Replies
    1. ඔව් උඹේ ගෑනිත් එවපන් අරින්න...

      Delete
  35. මාතලන් ලොක්කා

    ඔය අනෝෆිලස් මඩුරුවෝ ලොකු ටෝක්
    කෙරුවට ලන්කාවෙ බර වෑඩ වල් කාන්තාවන්ට රෑකියාවන් ලෙසට ලෙබෙන්නේ නෑ කියලා අහලා නෑ

    මාතලන් ලොක්කා
    කෑටෆිලර් ඩ්‍රේවින් රස්සාව, මගී බස් රියඩුරු රස්සාව, රේල්වේ රියඩුරු රස්සාව ඉල්ලලා කාන්තාවන් නිසා රස්සාව නොලෑබුන අය මේ ලන්කාවෙ ඉන්නවා

    80 මුල් කාලයේ කාන්තා බස් කොන්ඩොස්තර රස්සාවට ගියා අපේ කාන්තාවන්

    නමුත් වල් වනචර නිලදරයන් නිසා ඒ කාන්තාවන්ට රෑකියාවන් කරගන්න බෑරිඋනා
    Mostly they were subject to some sexual haressments....too.

    බටහිර රටවල වගේ කාන්තාවන් ට සම තෑන් අරගන්න බෑ ලන්කාවෙ

    හරි නම් සමාජය කතා කරන්න ඕනේ මෙහෙම වෙන්නෙ නෑ කියන ලොජික් එක උඩ නේ

    =Adrian Channa from Toronto = = =

    ReplyDelete
    Replies
    1. උඹල කොච්චර බිරුවත් ලංකාවෙ ගෑනු කම්මැලියි. පොඩ්ඩක් බලපන් යුරෝපෙ හරි ආසියාවෙ රටක හරි ගෑනු වැඩ කරන විදිහ. උන් පිරිමින්ට දෙවනි නෑ. හුගක් අය උගත්. ලංකාවෙ ගෑනු අය බලාගෙන ඉන්නෙ මිනිහ හම්බ කරල ගෙනත් දෙනකන් නැත්තන් සුළු රස්සාවක් හොයා හන්නව. ඒ වගේම පිටරට උන් රස්සාවල් කරන ගමන් ගෙදර වැඩත් කිසිම අඩුවන් නැතුව කරනව. ලංකාවෙ ගෙදර ගෑනු වැඩ ටික විතරක් කරන්නෙත් නාහෙන් අඩ අඩ. ලංකාවෙ ගෑනු හරියට ඉගෙන ගන්නෙවත් නෑ. වෙන රටවල හුගක් වැඩ වලදි ඉස්සරහින් ඉන්නෙ ගෑනු. ලංකාවෙ හැමතැනම ඉස්සරහින් ඉන්නෙ පිරිමි. ඇදුම් මහන රස්සාවෙ මහ ලොකු මහන්සියක් වෙන්න නෑ. නිකන් පැය 8 වැඩ කරා ගෙදර ආව. අව්වට ටිකක් යන්න බයයි ලංකාවෙ ගෑනු. බලපන් වෙන රටවල උන් කොච්චර සුදු උනත් අව්වෙ වැඩ කරන්න බයද? ලංකාවෙ හවුස් මේඩ්ලත් හරියට වැඩ කරන්නැති හින්ද තමා ප්‍රශ්න වෙන්නෙ. බලන්න පිලිපින් මේඩ්ල හරියට වැඩ කරන හින්ද උන්ට කිසි ප්‍රශ්නයක් නෑ.

      Delete
    2. //ඇදුම් මහන රස්සාවෙ මහ ලොකු මහන්සියක් වෙන්න නෑ. නිකන් පැය 8 වැඩ කරා ගෙදර ආව. // Wow! What an easy job? You'd better ask Sanjeewa Mendis.

      Delete
    3. ane huttho ungen paya ata wada ganne oluwa ussannawath nodee.

      Delete
    4. කරන්න දෙන්නේ නැතිව මිසක් කානතාවන්ටත් ඕනෑම රැකියාවක් කරන්න පුළුවන්.. කාන්තාවන් දෙන්නෙක්ම කන්න හරි රටත් පාලනය කලේ..

      කාන්තාවෝ කම්මැලියි කියන උන්ට අම්මලා නැද්ද දන්නේ නෑ.. අපේ රටේ ගෘහනියන් විදියට ඉන්න අම්මලත් කරන්නේ සුළු පටු රැකියාවක්ද...?

      Delete
  36. කැම්පස් යන කෙල්ලොන්ව "බඩු" කියල හදුන්වන,කැම්පස් කියන්නේ අහවල් වැඩේ කරන පාරාදීසයක් කියා විස්තර කරන කැම්පස් නොගියත් මහාචාර්ය උපාධි ගත්ත බයිපෝලාව හැදිච්ච සුචරිත නෝනා,මහත්වරු පිරිසකුත් ඉන්නවා.
    ඉතිං කැම්පස් කෙල්ලොන්ව "බඩු,වේසාවියෝ,කැඩිච්ච පෙට්ටි...." කියා හදුන්වන සමාජෙක රට යන ගෑණුන්ට "පට්ට වේසියෝ" කියන එක පුදුම වෙන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. මම නම් අහලා නෑ එහෙම කියනවා... නමුත් පොදුවේ අපේ පිරිමින්ට ඔක්කොම බඩු...

      Delete
  37. මා දුටු සිහිනයක්
    සවුදියට කාන්තාවෝ යවන්න එපා අපි පර්මිට් නැතිව ඉන්නම් කියලා බටහිර වෙද පප්පලගෙ සංගමේ සභාපති පප්ප කියන අතරේ අපි පොහොර සහනාදාර නැතිව ගොවිතැන් කරනව කියල ගොවි මාමලත් කිවුව. එ මදිවට අපිව රාජ්‍ය සේවයට ගන්නෙ නැතිව ඉතිරි වෙන සල්ලි වලින් අපේ සහොදරියො රට යවන එකෙන් එන ආදායම හිලව් කර ගන්න කියල අන්රේ මල්ලිලත් කියපි. එ අතරේ ජාතිය ගොඩනැගීමේ බද්ද දෙගුණයක් හරි කරල ආපේ කාන්තාවො රට යන එක නවත්තන්න කියල ජහ මනය උද්ගොශණයක යෙදෙනකොට පොලිස් මාමලා වතුර ගැහුව(අර පොලිස් කොමිසමෙන් නිර්දේශ කරපු මානුශික ක්‍රමේටමයි ගැහුවේ). හීනෙන් වැදිච්ච වතුර පාරට මම ගැස්සිලා ඇහැරුනා. බලන කොට අමු මිරිස් ගනන් කියල අල්ලපු ගෙදර ඇන්ටි බෙරිහන් දෙනව

    ReplyDelete
    Replies
    1. මං හිතුවා ඇන්ටිගෙ වතුර වැදුනා කියලා

      Delete
    2. සිහිණ දැකීම බොහෝම හොඳ දෙයක්...

      Delete
    3. ඇහැරෙන එකනෙ අවුල මාතලන්.

      Delete
  38. This comment has been removed by the author.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න