.

.

Dec 10, 2015

රට ගොඩ ගැනීමට නව පක්ෂයක් - New Party to build Sri Lanka



නිදහසින් පසු බිහිවූ කිසිඳු රජයකින් මේ රටට කිසිඳු යහපතක් සිඳු නොවූ බැවින්. කඩිනමින් මේ රට දියුණු කිරීම සඳහා නවමු පක්ෂයක් බිහි කිරීමට ගරු බුහුමුනට ලක්වූ ශ්‍රේෂ්ඨ ලක් පුතුන් රැසකින් සමන්විත පිරිසක් කටයුතු කර ගෙන යන බව ප්‍රකාෂ කරමින්, අති විශේෂ පුවත් පවත් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.වාර්ථාවේ.

එතෙක් මෙතක් බිහිවූ සියළුම නායකයන්ට තම දැණුම මෙන්ම උපදෙස්ද නිරන්තරයෙන් ලබා දෙන ලද්දේ වූවද, ඔවුන් එම උපදෙස් නොතකා කටයුතු කිරීමෙන්, මේ රට අගාදයටම ගමන් කරමින් තීබනා බව වෛද්‍ය සුජිත් නිශාන්ත යෝගී තුමා මහතා කරුණු ගෙන හැර දක්වමින් පැවසීය.

මහචාර්ය නලීන්ද සිල්වාගේ උපදෙස් අනුව බිහිවන මෙම පක්ෂයේ න්‍යායාචාර්යවරුන් වන්නේ, නාථ දෙවියන් ප්‍රමුඛ තිස් තුන් කෝටියක් වූ දෙවි දේවතාවුන් වහන්සේලාය. ඔවුන්ගේ ඇල්ම බැල්ම ඇති අනුගාමිකයින් පිරිසක් විසින් මේ ජම්බුද්වීපය පාළණය කිරීම වෙනුවට, කෙලින්ම ඔවුන් මේ සඳහා සහභාගී වීමට එකඟ වූ බව වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය නලීන් ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

මේ රටේ ආර්ථිකය ගොඩ නැගීමට නම්, මහ බැංකුවේ සියළුම කටයුතු වාලම්පූරිගත කළ යුතු බව සඳහන් කළ මහාචාර්ය කීර්ති දිසානායක මහතා සඳහන් කළේ, කිසිවකුටත් මෙතක් ලබා නුදුන් තමන් සතු අති විශේෂ වාලම්පූරිය තමන් ඒ සඳහා ලබා දෙන බවත්, ඉන් පසු මහ බැංකුව ඩොලර් වලින් පිරී ඉතිරී යන බවත්. රුපියල අබියස ඩොලරය සහ අනෙක් විදෙස් මුදල් සියල්ල බාල්දු වන බවත්ය. 

එම වාලම්පූරියේ ඇති විශේෂ රත් පැහැය විදුලි පන්දමක ආධාරයෙන් රැස්ව උන් මාධ්‍යවේදීන්ට ප්‍රදර්ශණය කළ අතර, සති අන්ත පුවත් පත්වල කතෘ වරුන් හා පෞදගලික රූපවාහිනී නාලිකා නියෝජනය කරමින් පැමිණ සිටි විධායක නිළධාරීන් බිම දිගාවී වාලම්පූරියට ගරු බුහුමන් දක්වා සිටියේය. 

චීනය වේගවත් ආර්ථික වර්ධනයක් ලබා ගත්තේ තම උපදෙස් අනුව කටයුතු කොට ෆෙන් ෂුයි ආර්ථික ක්‍රමය ඒ රටට හඳුන්වා දීමෙන් පසුව බවත්, තමන් බලයට පත් වූ පසූ සියළුම නිවෙස් සඳහා නිසි පරිදි සකසන අල ලද රන් පැහැ කාසි වැලලීමට ලබා දෙන බවත්, ඒමගින් සියළු අඟ හිඟ කම් දුරුවී සෞභග්‍ය ළඟා වන බවත් මෙහිදි අදහස් දැවූ මහාචාර්ය ආසිරි වනිගරත්න මාස්ටර් සඳහන් කර සිටියේය.

එමෙන්ම සියළුම බෞද්ධයින් රැවටීමකට ලක් කොට ඇති බවත්. බුදුරජානන් වහන්සේ ලෙස ඔවුන් පුද පූජා පවත්වන්නේ එච් ආර් ජෝතිපාලයන්ගේ පිළිම වලට බවත්, ඒ වෙනුවට එම පිළිම ඉවත් කොට, ලාෆින් බුද්දා පිළිමයට පුද පූජා පැවැත්වීමෙන්, නිවන් සුව ලැබීමට සසර ගමන නිම වනා තෙක් නොසිට මේ ආත්මයේම නිවන් දැකීමට ලැබිය හැකි බවත් සඳහන් කළේය.

මෙහිදි අදහස් දැක්වූ මංජුල පීරිස් මහතා කියා සිටියේ, උගත් බුද්ධිමත් පටපුරක් බිහි කිරීම සඳහා දිනපතා වැඩසටහන් මඟින් සංසර්ගයේ යෙදිය යුතු නැකත් ලබා දෙන බවත්, එම නැකත් වේලාවන්ට අනුව සංසර්ගයේ යෙදීමෙන්, තිදෙව් ලොවම දර්ශනය වනවාට අමතරව, හටගන්නා සියළුම කලළයන් අනාගතයේදී ළොවම ජය ගන්න බුලට් බඩු බවය.

අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බන්ඩාර මහතා පැවසුවේ තම පක්ෂය 2020 දී ජයගන්නා බව ටක්කෙටම පවසා සිටිය හැකි බවත්, ඒ සඳහා සියළුම අනුගාමකයින් බෝධී පූජා පවත්වා, තම පක්ෂය බලයට පත් වනා මෙන් ආයාචනා කල යුතු බවත්ය. එහෙත් එම පූජාවන් නිසි පරිදි සිඳු නොකලොත් ක්‍රිකට් ළෝක කුසළාණය දිනා ගැනීමට නොහැකි වූවා වැනි බලපතල කළකිරීම් වුවද ඇති විය හැකි බව සඳහන් කරනවාත් සමඟම අදහස් දැක්වූ ප්‍රවීන රාජ්‍ය ජෝතිෂ්‍යවේදී සුමනදාස අබේගුනසෙකර මහතා පැවසුවේ, වත්මන් දේශපාලකයින් පවා තම පක්ෂය වටා එක්වන බවත්, ඔවුන් අනිවාර්යයෙන්ම 2020 දී මේ රටේ බලයට පත් වන බවත්ය.

එසේනම් මහින්ද රාජපක්ෂ මහතා පැරදුනේ කෙසේදැයි විමසූ මාධ්‍යවේදියෙකුට පිළිතුරු දෙමින් කේප්ප සුමනේ මහතා පැවසුවේ, පරදින බව කීවා නම් සුදු වෑන් රථයකින් නිවන් බලා ගමන් කිරීමට තිබුනු බවත්, දැන්ම නිවන් යෑමට අදහසක් නැති බවත්ය.

ඒ උනාට මහින්ද මහතාට ඒ බව කීවේ නැත්තේ මන්දැයි නැවතත් විමසූ මාධ්‍යවේදියාට පිළිතුරු දෙමින් කේප්ප සුමනේ මහතා පැවසුවේ. දෙයක් කියන්න ඕනා, කිව්වාම අසනා මිනිසෙකුට බවත්, අදටත් කියන දේ අහන්නේ නැතිව ඉල්ලාගෙන කන එකෙකුට ඕවා කියන්න ගියා නම් හෙම, ඉල්ලාගෙන කන්න වෙන්නේ සුමනදාස වන මටම බවත්ය.

අවසාන වශයෙන් අදහස් දැක්වූ යහපාලනවේදී ඉන්දික තොටවත්ත මහතා සඳහන් කලේ, ප්‍රසන්න රණතුංග ලංකාවේ ජනාධිපති වුවහොත්, මුදුහෙට්ටිගම මහතා අගමැති විය හැකි බවත්, නැවත වරක් රෙජිමයකට රට නතු විය හැකි බවත්, එසේ වුවහොත් රට පමණක් නොව රටේ අභිමානයට ඇති එකම දෙය වන ක්‍රිකට් ක්‍රීඩාවටත් අබ සරණ බවත්, ඒ හේතුවෙන් තමන් මෙම පක්ෂය හා එක්ව එහි ජයග්‍රහණය සඳහා කළ හැකි සියල්ල කරනා බවත්ය. 

මෙම පුවත් පත් සාකච්ඡාවේදි ඉරහඳ කතෘ ප්‍රියත්ත රත්නායක සහ අනුරාධපුරයේ කාලි අම්මාද අදහස් දැක් වූයේය. 

138 comments:

  1. උපදේසක කෙනෙක් හැටියට වත් සමන්තබද්ද නැති එකනම් අඩුවක්

    ReplyDelete
    Replies
    1. මුන් සැට් එකට මේක ලිපපු මාතලං කියන එකාවත් දාන්න ඕනෑ. ඒකාලේ සිරිසේනගෙ... රනිල්ගෙ....ලප කුමාරගෙ ...වරුණාව ඉස්මුරුත්තාවට එනකල් පතුරු ගැහුවෙ........

      ඒ ලියපු විදියට අපි නං හිතුවෙ මරා ගියහම කේතුමතී රාජ්ජෙ පහල වෙයි කියල...



      බැලින්නං මාතලංගෙ ගුද මාර්ගෙ පළල් වෙච්ච එක විතරයි වෙලා තියෙන්නෙ.


      අප්පට සිරි බ්ලොග් සම්මානෙ.....!

      Delete
    2. හාන්දුරුවරු කොරලත් පේල් උනානේ ජේ පී

      කේතූමතිය පහල නූනට විසාලා මහනුවරින් එලියට ආවා නේ... ඒ මදෑ....

      Delete
    3. ඇයි කිරිබත්ගොඩ ? පළතුරු වලින් චෛත්‍ය වහන පොර .

      Delete
    4. wisala mahanuwara thibbe Premadasage kale, + koti gahanakale, umbalata joging yanna park, highway tiyanakale newi, den ewa nadaththu karanna beruwa wela thiyana Wisala mahanuwaranam penawa apita. aneda kiyanne umbala wage heththak.

      Delete
  2. මෙන්න මාතා ඩොලර් ඉහල දමාගන්න දියුණු රටවල් Bermuda,
    අද Google සමාගම බදුවලින් බේරීමට කරන මෙවැනි උපාය වලින් Bermuda වැනි රටවල් උපරිම ප්‍රයෝජනය ගන්න හැටි බලන්න
    https://www.youtube.com/watch?v=yKfxVlyh98Y

    ReplyDelete
    Replies
    1. අපි මෙහෙ ජෝතිස්ශයෙන් උපදෙස්ගන්නවා. සමහර විට මේ ලින්ක් කෙලින්ම මේ ජෝතිශ්ස කාරයන්ට යැව්වනම් වැඩක් වෙයි.
      මේක කවුරු හරි හර්ෂ සිල්වාගේ මුනුපොතේ අලවල තිබුන

      Delete
    2. බලලා කොමෙන්ට් එකක් දාන්නම්...

      Delete
  3. ඒ පක්ෂයට බැඳෙනකොට කතරගම ප්ලාස්ටික් මල්මාලයක් දාල, දෙහි මිරිස් එල්ලනවද?

    ReplyDelete
    Replies
    1. කොල්ලනට මල් මාලයක් දානවලු.. කෙල්ලන්ට මිරිස් කරලයි දෙහි ගෙඩි දෙකයි දානවලු.. හැබයි කෙල්ලන්ගේ එක ගනන් නිසා ඒක එල්ලුවාම දරු ඵල ලැබෙන වරමත් දෙනවලු.. මිරිස් කරලයි දෙයි ගෙඩි දෙකයි බෙල්ලේ එල්ල ගන්න තියෙන්නේ...

      Delete
  4. හුලවාලි විල්ලියා සාමි, මල්ලිකා මැනියො එහෙම නැහැනෙ.. ගාමිනී දේවගැති තුමා....?? මැනික් හින්නෙ කස්ටියටත් ඉඩක් දෙනු!

    ReplyDelete
    Replies
    1. මට අමතක උනා මේ අයත් උන්නා.. ගාල්තැන්නෙ නම් කිව්වේ මේ ස්වර්නභූමියේ රන්වන් යුගයක් උදාවෙනවය කියලා

      Delete
    2. ඒ උනත් "ගාල්තැන්නෙට" සෝමේ නෝනා නැහැනේ දැන්.

      Delete
    3. අම්මපා ගාල්තැන්න අා ගිය අතක් නෑනේද??????? මිනිහත් තාම සෝකෙන් අැත්තේ.....

      Delete
  5. හෙහ් හෙහ්.. ගාල්තැන්නේ ඩයල්එක අඩුයි නේ? අයි මේ දවස් වල තව පොරක් ඉන්නව පොඩි එවුන්ට චක්කරේ උගන්නන.. ඌව ගෙන්නගත්තනං පටස් ගාල දියවන්නාවේ ඔක්කොගෙම ඕ ලෙවල් ගණන් පාස් කොරල දෙන්න තිබ්බ, අයි ඉස්සර තව එකෙක් හිටියේ ධනාත්මක චින්තනේ විදිහට කල්පනා කොරන්න පුරුදු කරපු (කළු)කුමා ඉද්දමල්ලෙන කියල. ඌවත් ගත්ත නං මොන හෙනයක් පාත් උනත් ධනාත්මකව හිතල ආතල් එකේ ඉන්න තිබ්බ, සමන්ත බඩ්ඩවත් අල්ලගත්ත නං කට්ටියම සෝවාන් කරලා ආතල් පාටියක් දාන්නත් තිබ්බ...

    ReplyDelete
    Replies
    1. දැණුත් දියවන්නාවේ පිස්සන් කොටුවේ වැඩිපුරම ඉන්නේ ගනං කාරයෝ නේ..

      Delete
    2. Samantha Badda... HukeeeZzz.. Patta nama sajjo.. Uu pennai melowa pol balala paralowa mal nelanna.. Hak hak..

      Delete
    3. සජ්ජා
      කවුද බං ඔය චක්කරේ පොර

      Delete
  6. සාදර අනුග්‍රහය: http://www.galthannabadrakalimahadevalaya.com/?lang=si

    ReplyDelete
  7. නව පක්ෂයක්? මම හිතාගෙන හිටියේ සුද්ද ගිය දවසේ ඉඳන්ම බලයේ ඉන්නේ ඔය පක්ෂය කියලා.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++

      ඇත්තම කියනවනම් ක්‍රමයෙන් වැඩි දියුණුවී දැනට 5/6ක බහුතරයක් තියන පක්ෂයක්.

      මාතලන් කිව්ව එවුන්ට හා දේවලට අමතරව බූතයො බහුබූතයො බහිරවයො, පිල්ලි, විස්ව ශක්තිය, පිශාචයො, යක්කු, රැස්වලලු , ගස්වල කිරණ, සුදු නයි, කලු බල්ලො, දේවතා එලි, ජීවම් කල යන්ත්‍ර ඔක්කොම තියනව. දඬුමොණර යන්තරේ විතරයි තාම අඩු . ඒක ඉක්මනටම හොයා ගනී අපේ ආස්චර්යයට ඊරිසියාකරපු සුද්දො ඒක සීගිරියෙ වලලපු තැනින්.

      Delete
    2. මෙයාලා උපසේනලා විදියට උන්නට, කෙලින්ම පාලනේට සම්බන්ධ උනේ නෑ නේ....

      Delete
  8. මාතලන්, අපේ අම්මලගෙ ගමේ බොතලේත් ගෑනුන්ට ලමයි නැතුවම උන් යනව නාකන්දෙ දේවාලෙ.
    ගිහින් එනව විතරයි ඔන්න බඩු.
    කපුව සුපිරි පොරක්.

    ReplyDelete
    Replies
    1. ධාතූ වන්දනා කොරන්න ඇති...

      Delete
  9. මගේ චන්දෙ මේගොල්ලන්ට

    ReplyDelete
  10. මේ පෝස්ට් එක ට ප්‍රශංසා කරන්න මට වචන මදි. ඒ නිසා මුකුත්ම නොකිය ඉන්නම්. ඒ තරම් පට්ට සුපිරි.

    අපි හුග දෙනෙකුට ඉක්මනට අමතක වෙලා තක්කඩියෙක් කියන දේවල්වලට මෝහනය වෙනව. සමහර අනාවැකි කියපු උන්ටත් මතක නෑ නමුත් මට මතකයි.
    ඉරහද කාරය කියපු එක අනාවැකියක්වත් හරි ගියෙ නෑ. නමුත් උගෙ බිස්නස් පොඩ්ඩක්වත් වැටුනෙ නෑ.
    ඌ ඇන්දුවට වඩා ඇන්දිල්ලක් අන්දපු සුමනදාසය කියපු බොරු මාට්ටු වුනත් (ජොහාන් අංක එකට එනව කියල ) ඒව කවුරුත් ගනන් ගත්තෙ නෑ.

    අපි හිතුව ජනවාරි 8 න් පස්සෙ මේව ඉවරයි කියල. ඊට පස්සෙ ආවෙ පොට්ටයයි යෝගියයි. තාව උන් හිටියට ඇන්දිල්ලෙ කලාව දැනගෙන හිටියෙ මුන් දෙන්න.

    ඔය යෝගිය කිව්ව අගෝස්තුවෙ ලොකු පෙරලියක් වෙනව ඒක ජනවාරි එකට වඩා ලොකු එකක් කියල. මහින්ද සුලග ගැන සැකයක් නිසා එහෙම කියන්න ඇති. එහෙම එකක් කිව්වද කියල ඌතත් මතක නැතුව ඇති දැන්.

    යෝගිය කියන සමහර ඒව පරස්පර විරෝධියි.හේතුවාදී විද්‍යාකුලපතිල එක්ක අනුරාධපුරේ සංචාරෙකත් ගියා යෝගිය.අර ගෑනුන්ට දෙයියො පේන්න ගත්ත වෙලාවෙ. දේව ඇදහිලි ගැනත් යෝගිය දන්නෙ නෑ.

    පොට්ටය කියන ඒව බලන්න 2020 වෙන කම් ඉන්න එපායැ.

    මේ හැම එකාම කියන්නෙ අනුමානෙට. දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම හරියනවනෙ. මුන්ට තියනව බැකප් ප්ලෑන් එකක්.

    අර ආසිරිය කියන්නෙ ඉස්සර කුනුහරප පත්තර ගහපු එකෙක් A-Z කියල. උගෙ ගුරුකම් ගැන අහල හිනාවෙලා ඉල ඇටත් කැඩෙනව. තක්කලි ගෙඩියෙ ගුරුකමෙන් විභාග සමත් වෙනව. ගෙම්බෙක් ගෙදර තියාගත්තම සල්ලි ලැබෙනව. මේ වගෙ හිනායන සාජ්ජ ගොඩයි.

    ReplyDelete
    Replies
    1. කිසිදා පැරදවිය නොහැකි පක්ෂයක්. අප්පොච්චිට කෙලවෙමින් සුමනදාස නෝන්ඩි වුන ගමන් අපේ ප්‍රබුද්ද ජහමනයා සුමනදාසයා හොරගෙඩියා කියමින් දිව්වා තොටවත්ත ගුරුන්නාන්සේ ගාවට.

      කාට කියන්නද බොස්.

      ඕම්, ආමේන් , සාදූ, ස්වස්ථි සිද්ධම් !

      Delete
    2. "අපි හිතුව ජනවාරි 8 න් පස්සෙ මේව ඉවරයි කියල. "

      උබ ගොන් හුත්තෙක්නෙ!!

      Delete
    3. මට නම් උන් ගැන අවුලක් නෑ.. මොකෝ ආගම් කියන්නෙත් අමූලික බොරුනේ...

      Delete
    4. අපි හිතුව ජනවාරි 8 න් පස්සෙ මේව ඉවරයි කියල. ඊට පස්සෙ ආවෙ පොට්ටයයි යෝගියයි. තාව උන් හිටියට ඇන්දිල්ලෙ කලාව දැනගෙන හිටියෙ මුන් දෙන්න.

      පොට්ටය කියන ඒව බලන්න 2020 වෙන කම් ඉන්න එපායැ.

      මේ හැම එකාම කියන්නෙ අනුමානෙට. දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම හරියනවනෙ. මුන්ට තියනව බැකප් ප්ලෑන් එකක්.

      :P

      Delete
    5. බැකප් ප්ලෑන් එක කිව්වෙ මෙන්න මේකට. දැන් යම් අනාවැකියක් වැරදුනොත් ඒකට කියන්න වෙනම ලොකු කතාවක් තියනවා. කේන්දරකාරයොත් එහෙමයි.
      අපි කේන්දරයක් දීල එයාගෙ රැකියාව ගැන ඇහුවොත් දහය අධිපතියා ඉන්න භාවය බලනවා.මෙය දළ කේන්දරයක හෝ භාව කේන්දරයක කළ හැකියි. නමුත් සූක්ෂ්මව දස වැන්නාධිපතියා සිටින භාවයේ උප අදිපතියා සොයාගන්නවා . මෙය ටක්කෙටම හරිලු. නමුත් සාත්තරේ වැරදියි.උප අධිපතිය ශනි .ඒ කියන්නෙ කම්කරු රැකියාවක. නමුත් කේන්ද්‍රහිමියා වෙන රැකියාවක් කරන්නෙක්. දැන් අතේ කයිතන් නෙ. දැන් තමා බැකප් ප්ලෑන් එක වැඩ කරන්නෙ.

      "ඒක අරහෙම වුනාට දහයට රවිගෙ දෘෂ්ටි වැටිලනෙ හිකි හිකි "

      ඔය විදියට මේ ලෝකෙ ඕන එකෙකුට සාත්තරයක් කියන්න පුළුවන්. හැම එකෙකුටම රාජයෝග තියනව. එක බොරුවක් වැරදුනොත් තව බොරුවක්. ඔන්න ඕකයි මාහ් ලොකු සාත්තරේ.

      Delete
    6. බොරුව ඇත්ත වගේ කීමේ හැකියාව නැත්නම් ප්‍රවීන ජෝතිෂ්‍යවේදියෙක් වෙනව බොරු.රාජකිය දෛවඥයා වෙන්නනම් කිසිම ලජ්ජාවක් නැති වන්දිබට්ටයෙක් වෙන්න ඕන.

      Delete
  11. වෛද්‍ය සුජිත් නිශාන්ත යෝගී තුමාගේ උතුම් සමාජ සත්කාර ගැන මෙන්න මේ ලින්ක් එකේ තියනවා.

    https://www.youtube.com/watch?v=tiVOzYrt0rg

    ගෑනු දරුවන්ට එහෙම විශේෂයෙන්ම පිහිට වෙනවලු.

    ReplyDelete
    Replies
    1. බලලා පස්සෙ තමයි කොමෙන්ට් කොරන්න වෙන්නේ...

      Delete
  12. තිස්තුං කොටියක් දෙයියන්ගෙන් උපදෙස් ගත්තට කමක් නෑ චන්දෙ දාන්න එහෙම දෙන්න බෑ.. මොකද මෙහේ තාම කොටි දෙකයි..

    ReplyDelete
    Replies
    1. එකෙක්ට දෙයියෝ 16 ක් ඉතර ඉඳලත් කිසිම දෙවි පිහිටක් නැති රටක්...

      Delete
    2. මට ඔය 16 ගැනම අවුලක් නෑ මාතා..... අර ඉතුරු වෙන දශම පහ තමා ගැටලුව.... මට අයිති කොයිදෙයියගේ කොයි බාගෙද දන්නෑ නේද???????

      Delete
  13. Hey Mr.Maathal. Athal kootiyak me post eke. Ida thiyena welawaka me link eka balanta. "Darren Brown" ge "Miracles for sale". Full episode eka. Mata mobile eken meka thamai ewanta puluwan. Mu suddage rate i dala USA gihin healers lata ridenta denawa.

    http://youtu.be/bouAp1pGBwk

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙයි ටික්කෝ... බොහෝම ස්තුතියි පොර ගැන කිව්වට...

      Delete
  14. ඔය හැත්ත ඔක්කෝම ගහල පන්නන්ඩ ඕනේ!!

    ReplyDelete
    Replies
    1. පිස්සුද පට්ට ආතල් නේ දෙන්නේ.. විශේෂයෙන් අර හක්ගෙඩි පොර මාර ප්‍රෆෝමර්... බලාගෙන ඉන්න ආසයි උගේ වැඩ...

      Delete
    2. උගේ කටහඩ බලපන්කෝ. මටනම් පෙන්න බැරිම එකා. අපේ එවුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ,මූ රසකර කියනකොට අපේ කට්ටිය ඇදගෙනම නාලා..

      Delete
  15. මෙහිදි අදහස් දැක්වූ මංජුල පීරිස් මහතා කියා සිටියේ, උගත් බුද්ධිමත් පටපුරක් බිහි කිරීම සඳහා දිනපතා වැඩසටහන් මඟින් සංසර්ගයේ යෙදිය යුතු නැකත් ලබා දෙන බවත්--------------> දැන් ඉතින් නැකතට හු#පල්ලකො...

    චන්දෙ පරාද වෙන්නෙ ඔන්න ඕකෙන් තමා :v

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද, රාහූ කාළේ හොයන උන් ඉන්න රටකට...

      Delete
  16. මිත්‍යාව අදහන ජාතියක් බවට පත් වී තිබේ

    ReplyDelete
    Replies
    1. බවට පත්වී තිබේ.... යන්න අරන් දාන්න..එතකොට හරි....

      Delete
    2. මම කියන්න ගියෙත් චෙෆාකී කියපු දේ....

      Delete
    3. මිත්‍යාවටනේ තැන තියෙන්නේ.ඒකමනේ ප්‍රමොට් කරන්නේ.මේ රටේ නායකයන්ගේ ඉඳලා පහලම ස්ථරයට එනකම් මිත්‍යාවට වදිනවා පුදනවා.ඒ නිසානේ මහින්ද මහත්තයත් ජනතාවටත් වඩා වශීබෝල විශ්වාස කරලා ඇනගත්තේ...

      Delete
  17. එහනම් අපිටත් හොද කාලයක් උදාවෙයි..

    ReplyDelete
  18. චන්දෙ දවසට කතරගමට දෙයියෝ වදම්මවනවා කියලා කියුවේ නැද්ද මහාචාර්ය මංජුල පිරිස්.. කතරගම දේවාලේ එක චන්දපොලක් දාගත්තනම් හොඳටම ඇති.. රටේම එවුන් එතනට එනවනේ දෙයියෝ වඳින්න..

    ජෝක් නෙවෙයි..මේක මාරු අයිඩියා එක ඕයි..

    ReplyDelete
    Replies
    1. චන්ද කොමසාරිස් කතරගම දෙයියෝ කරනවා කියලා කිව්වේ...

      Delete
  19. Geez...do people believe this shit?i think it is just the media who elevate these people.
    Any one who has studied up until OL would not believe thiz shit.
    Hnfortunately we enjoy wstching and listening these shit though.remembr Mervyn Silva.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මාතලන් කියන්නේ.. මේ රට විනාශ කලේ මාද්දියවේදියෝය කියලා....

      Delete
  20. මේ කියල තියෙන රට ඉන්දියාවද?

    ReplyDelete
    Replies
    1. මෙහේ නම් වෙන්න බෑ නේ.....

      Delete
  21. අර බොරු සාත්තර පොට්ට වේසිගෙ පුතා බීලා පිස්සු කෙලින ඒවත් නිවුස් හැටියට දානවා.

    ReplyDelete
    Replies
    1. කව්ද මේ පිස්සා මෙතනට ගෙනාවේ කියපු එකත් ළොකු දෙයක්...

      Delete
  22. වසරේ බ්ලොග් පොස්ටුව !

    ReplyDelete
    Replies
    1. තිලකේ කිව්ව නිසා.. සම්මානේ අහක දාන්නත් බෑ...

      Delete
    2. දැන් එහෙනම් මේපාරත් එක යාලුපිට් එකට මාතලන්ටම දෙයි වගේ /////////!

      Delete
    3. බඩුම තමයි... දුන්නොත් ගත්තට අවුලක් නෑ නේ මචෝ...

      Delete
    4. නිකම් දෙනවානම් ගනින් බන් ජාතියේ පුරුද්දනේ /////////

      Delete
  23. මුන්ගෙ මූණු ටික දැක්කත් හිනායනව බන්. අර මැද ඉන්න ගැනු මූනක් තියන පිරිමියට ඉදගෙන නින්ද ගිහින්ද හිටගෙන නින්ද ගිහින්ද
    වාලම්පුරියගෙ තක්කඩි මූන දිහා ටික වෙලාවක් බලන් හිටිය අනේ මෙහෙම හොරු කියල.
    රටේම මෝඩයො ටික කතරගමට ගෙනිච්ච එකා අංශක ගානට මූන ඇලකරගෙන . ඕක කියපු හැටි මෙච්චර කතරගමට සෙනගක් ආ එකම ප්‍රාතිහාර්යක්ලු කියල.
    කෙබරදාසය ඇස් පුංචිකරගෙන ම බොරුවක් කියන්න වගෙයි ලෑස්තිය
    චන්දරසිරිය බොරුවක් හපනවද මන්ද
    තොරවත්තය කට උල් කරගෙන බොරුවක් සූප්පු කරනව වගෙ.

    ReplyDelete
    Replies
    1. නම්බර් වන් බිස්නොස්මන්ලා මචෝ....

      Delete
  24. හෙහ් හෙහ්, පක්ෂයකටම හරි යම මරු සෙට් එක.

    ReplyDelete
    Replies
    1. පින්තූරෙට ඔබා ගන්න බෑ... තා ඉන්නවා....

      Delete
  25. JKPජාතික කෙබර පක්ෂය
    අනා..වැකි නිසා අනාත වූ ඇනගත් පක්ෂය
    ජ්‍යෝතිෂ භක්ශක පක්ෂය

    ReplyDelete
    Replies
    1. ජාතික කෙබර පක්ෂය කියන එක නම් මරු...

      Delete
  26. මතලන් ලියන පොස්ට් වලට කමෙන්ට් කරලා වැඩක් නැහැ. මාතලන් සහ මාතලන්ට පක්ෂ පිරිසට අවාසේ වෙන කමෙන්ට් මාතලන් මකල දානව. බොරුවට යහපාලනෙට කඩේ ගියාට රාජපක්ෂ පාලනයේ ලක්ෂණ පෙන්නුම් කරනවා මාතලන්ගේ බ්ලොග් ලිවිල්ලේ.

    ReplyDelete
    Replies
    1. මගේ ඒවා නම් මකන්නේ නෑ.. ඒත් අනුන්ට මඩ ගහන්න දෙන්නේ නෑ මෙතන..

      අනික දයාවතීලගේ එන්සිනාලගෙ වැඩ ඇර උඹලට වෙන වැඩක් නැද්ද.. අනුන්ට මඩ ගගහා ඇවිදින්නේ...

      Delete
  27. Mekata DR.Eliantha White nathi eka loku aduwak!

    ReplyDelete
    Replies
    1. දැන් එයා කුඩු වෙලා නේ...

      Delete
  28. Mekata DR.Eliantha White nathi eka loku aduwak!

    ReplyDelete
  29. මං යනවා දෙයියෝ පල් වෙන්න කලින් පොල් ගහන්න

    ReplyDelete
    Replies
    1. නලින් අයියා...
      දෙයියෝ දැක්කා වගේ

      Delete
    2. පොල් ගහන්නේ කොහොමෙයි බං ගල් ගහන්නෙත් අමාරුවෙන්...

      Delete
  30. අපේ විභාග කොමසාරිස් තුමාත් කෘත්‍යාධිකාරී මණ්ඩලේට වත් දාපං අයියේ ! එතුමා තමයි රාහු කාලයෙන් සාපෙළ විභාගයට වන බලපෑම පිලිබඳ මුලිම්ම රටට හෙළි කළේ.

    ReplyDelete
    Replies
    1. එතෙනට එන තරමක් එන්නේ පිසු හුත්තලා... කලින් උන්නා එකෙක් ගෙදර පනාවක් වත් නැති...

      Delete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. Maathe, new party ekata special advice ganna thirupathi walin sub God kenek import katakana...

    ReplyDelete
  33. Replies
    1. මර්වින් සිල්වා ඒ කාළෙම කැළණියට එක්කෙනෙක් වඩම්මලා තියෙන්නේ... ඒත් ඉති ඒ දෙයියෝ මර්වියට සැලකුවේ නෑ නේ...

      Delete
  34. සිරාවට රටේ බලය ගන්න පුළුවන් පක්‍ෂක් තමයි.රටේ ඉන්න බහුතරය මුන්ව විශ්වාසකරන්නේ ජිවත් වෙන්නේ.හෙට අනිද්දාට මුන් මැරෙන්නත් නැකත් දේවි.ඊගාව ආත්මේ අහවල් තැන ඉපදෙන්න පුළුවන් වගේ ටොම් පච කිය කියා.

    ReplyDelete
    Replies
    1. ඊළඟ ආත්මේ ඉපදෙන්නේ පිස්සූවටයෑ.... මේ ආත්මෙම නිවන් සැටිපිකට් ගන්න පුළුවන් කම තියෙද්දි....

      Delete
  35. පහුගිය ටිකේ අහපුවයි මේවයි කිසිවෙනසකුත් නෑ බලාගෙන ගියාම.....

    ReplyDelete
    Replies
    1. හිනා යනවා මචෝ මේවා දැක්කම.. මෙහෙම ආතල් දෙන රටක් තු ළොවේම නැතිවෑතී...

      Delete
  36. ඔහොම වෙන්නෙ බං ඔය කුවේණිගෙ සාපෙ නිසා. විජේ අයිය කුවේණි අක්කව පස්චාද් බාගයට පයිං ගහල එලෝල දැම්මම පිටිවාහල්කඩ ඉඳල කුවේණි තුන්වරුවක් සිංහල ජාතියටම සාප කලාලු.

    " තොපගෙන් මතු පැවත එන්නාවූ සියල්ලන් ද තොපගේ මුලු මහත් ජාතියටද මම මෙසේ සාප කරමි……."

    ඔන්න ඔහොම කියල පටං ගත්ත ඒ සාපෙ මෙහෙම කෑල්ලකුත් තියෙනව.

    " තොපගෙන් පැවත් එන්නන් කිසිදින බුද්ධියේ ආලෝකය නොදකිනු ඇත. ඔවුහු මෝහාන්ධකාරයෙහි කරවටක් ගිලී ඒ ම සැපයයි සිතා ඒ මන්ද බුද්ධික නරාවලෙහිම ගිලී මියයනු ඇත්තේය."

    කුවේණි කියන්නෙ බොහොම දක්ෂ ගුප්ත විද්‍යාවන් පරතෙරටම උගත් තැනැත්තියක්. ඒක හින්ද මේ අපේ හරක්ට දොස් කියල වැඩක් නෑ බං. මෙව්ව අපි හිංගලයො වෙලා ඉපදෙනකොටම නළලෙ කොටාගෙන එන කරුම. දැං වෙන මොකවත් ඕන නෑ නිකමට බලපං කෝ ඔය අපිත් එක්කම ඉන්න මුස්ලිම් මිනිස්සු ඔය විගඩං කරනවද? නෑ...කලාතුරකිං එකෙක් දෙන්නෙක් ඇති. ඒත් මම හිතන්නෙ ඔය සිංහල වෙලා ඉඳල පස්සෙ බක්තිය මාරු කරපු උදවිය.

    ReplyDelete
    Replies
    1. කතෝලික exorcism සහ ක්‍රිස්තියානි ලුනටික් ෆ්‍රින්ජ් නිකායන්වල යාඥා සුව කිරීම් රවි දන්නවනෙ.

      ඒ ආගම්වල නොපෙනෙන දෙවි කෙනෙක් සිටීම නිසා බහුතරය විශ්වාසය මගින් මානසික සුවය ලබා ගන්න බැවින් අපිටවගේ දෙවිදේවතාවුන් බූතබහුබූතයන් කෝටිගාණක් අවශ්ය
      නෑ. ඔවුන්ගේ සර්වබලධාරී දෙවියන් ඇදහීම මිත්යාවිශ්වාසයයි කියමින් අපි ගොරක ගහේ යකා පස්සෙනුත් යනවා.
      මාතලන් කිව්ව වගේ ආගම් ඇදහීම හා යකුන් හඳහන් පසුපසයාම අතර වෙනස තියෙන්නේ මතුපිටින් විතරයි.හැමදේම එක කොටසකගේ ජීවනාලිය, ඊට විශාල කොටසකගේ මානසික ප්‍රතිකර්ම - මෙන්ටල් තෙරපි.

      Delete
    2. p.s. රවි , මං දන්න මුස්ලිම් අය ඉන්නවා මුස්ලිම් කට්ටඩියන් ලවා ආගම මගින් හූනියම් කප්පවා ගන්න. පරම්පරා දෙක තුනකින්වත් සිංහලවෙලා නොහිටියා වුනත් සමහරවිට සින්හල හින්දු සංස්කෘතික බලපෑම වෙන්න ඇති. සුලු කොටසක්. බහුතර ආගමිකයන්ගෙන් ඒවාට අනුබල ලැබෙන්නේ නම් නෑ

      Delete
    3. ඔතන වෙන්නෙ ප්‍රා තමන්ගෙ පෞද්ගලික අත්දැකීමක් හින්ද සමහරු පාරම්පරික ආගමික විශ්වාසයන්ගෙන් බැහැරවෙනව.මගේ අත්දැකීම් දෙකක් කියන්නම්.

      මම හතේ පන්තියෙ විතර ඉන්දැද්දි ( එතකොට කෑගල්ලෙ ඉස්කෝලෙ ගියේ) මගෙ පන්තියෙ කිට්ටුවෙන්ම ආශ්‍රය කල මුස්ලිම් මිතුරෙක් හිටිය. එයාගෙ තාත්ත මාවනැල්ලෙ ඒ කාලෙ සුප්‍රසිද්ධ බටහිර වෛද්‍යවරයෙක්.එයාල ඔය හදිහූණියම් ගැන විස්වාස කලා. ඒත් ඒ අදාල ශාන්ති කර්ම එහෙම කරගත්තෙ කෑගල්ලෙ අපේ ගෙවල් කිට්ටුව හිටපු එයාලගෙ පවුලෙ කිට්ටු මිතුරෙක්ගෙ ගෙදරට ඇවිල්ල. ඒ මිතුරා සිංහල. ඒක වෙලා තියෙන්නෙ ඒ ගොල්ල කලින් හිටපු ඔය දුර පළාතකදි සුව කරන්ට බැරි දරුණු අසනීපයක් තිබ්බ මනුස්සයෙක් ඔය ශාන්ති කර්මයකින් සුවවෙනව ඒ ගොල්ල දැකල. ඒ හින්ද අර පරම්පරාගත විශ්වාසය එහෙම්මම තියෙද්දි ශාන්ති කර්ම ගැනත් විශවාස කරන්ට පෙළඹිලා. ඒත් අනික් අයගෙන් කොන් වෙයි කියල බයට එව්ව කරගන්නෙ හොර රහසෙ.

      දෙවෙනි අත්දැකීම ගැන නම් වෙනම පෝස්ට් එකක් ලියන්ට වෙනව...හෙහ්,හෙහ්..ඒ ඔය මම අපෙ උන්දැ එක්ක සැටමෝල් වෙච්චි අලුත. ප්‍රාට මතකද ඒ කාලෙ ( මම කියන්නෙ අවුරුදු විසි පහක් වගෙ එහා ) අර මොකක්ද ක්‍රිස්තියානි නිකායක දේවගැති කෙනෙක් අවුරුද්දකට පාරක් ලංකාවට ඇවිල්ල රෝග සුවකිරීමේ මහා දේව මෙහෙයවල් හත අටක් පවත්වනව ලංකාව පුරා. මට මතක එස්. රාජේන්ද්‍රම් සහෝදරතුමා කියලයි පත්තරේ එහෙම තිබ්බෙ. ඒ දේව මෙහෙයට කිව්වෙ " දේව පාමුල " කියල.

      අපෙ නැන්දම්මට ගමේ කවුදෝ කියල එතන මහා ආශ්චර්යයන් සිද්ද වෙනවයි කියල. ගොලුවන්ට පෙනීම ලැබීම, අන්දයින්ට ඇසීම, බිහිරන් කතා කිරීම යනාදී වසයෙන්. ඕක සාමාන්‍යයෙන් තියෙන්නෙ හැව්ලොක් ප්ලේස් එකේ පේද්රිස් පාක් එකේ.

      " මේ අම්මට ගියානං හොඳයි කියනව අර දේව පාමුල එකට. හවස හයට වගෙ පටංගෙන රෑ එකොළහ වගෙ වෙනකල් තියනව."

      " ඉතිං දැන් ප්‍රශ්නෙ මොකද්ද? " ඔය විස්තරේ කියල අම්ම ඒකට සහබාගිවෙන්ට බෝම ආසාවෙන් ඉන්නවය කියල අපෙ උන්දැ මා එක්ක කිව්වම මම ඇහුව.

      " ප්‍රශ්නෙ අම්ම එක්ක යන්ට කවුරුවත් නැති එක? "

      " ඇයි අයියල?" උන්දැට අයියල දෙන්නෙක් ඉන්නව.

      " ඔව්ව බොරු මනස්ගාත කියල ඒ දෙන්නම බෑ කියනව."

      ඔන්න පුතෝ චාන්ස් එක..මම මටම කියාගත්ත. " හරි මම එන්නං එහෙනං...."

      ඒ පාර අම්මත් එක්ක එයයි එයයිගෙ අක්කල දෙන්නයි ඔක්කොම ලෑස්ති වුනා..හෙහ්..මම ඉතිං එතනිං සෑහෙන්ඩ ලකුණු දාගත්ත...සෙස්ස ඉතිහාසයයි...

      Delete
    4. ඊට පස්සේ ඒ දේවගැති තුමා රවියට සෙත් ශාන්තියක් කොලාය කියලා ඉරහඳ පත්තරේ තිබුනා...

      Delete
    5. රවියෝ, ප්‍රා කියපු එක හරි... ඕවා කරන මුස්ලිම් පොරවල් මුස්ලිම් ප්‍රදේශවලම ඉන්නවා.. ඊශ්‍රායලයේ යුදෙව්වෝ අතරෙත් ඉන්නවා.. හීලර්ස්ලගෙත් ක්ලාස් තියෙනවා.. ඒ ඒ ක්ලාස් එක අනුව හීලස්ලත් වෙනස් වෙනවා.. පාප් වහන්සෙගේ අත ඉඹින්නෙත්.. එයා බ්ලෙස් කොරන්නෙත් ඒකයි... එහෙම බැලුවාම ඇමරිකාවේ ජනාධිපතිත් නමට හෝ මේවා පිලිගන්නවා.. ඒකනේ ගෝඩ් බ්ලෙස් ඇමරිකා කියන්නේ.. සමහරක් නම් කියන්නේ උන් ළෝකයට දෙන ගේම්ස් වලට රිටර්න එයි කියලා බයටලු එහෙම කියන්නේ...

      Delete
  37. මාතලන් ලොක්කා

    රටට හෙන ගහලා තියෙන්නේ "අලුත් තාලයට" අලුත් බොරුකාරයන්ව විස්වාස කරලා වර්තමනයේදි අනාගතය පිලිබදව දෙනලද බොරු පින්තූරයක් රටවාසීන් විසින් මවාගෙන ජීවත්වීම වෙන්න පුලුවන් නේද?

    ආගම සහ අහසේ තරු බලමින් අනාගතය කියනමේ හොර රෑන නිසා....උන්ගේ බඩ වඩවා ගන්නට මේ මහජනතාව මෝඩයන් වෙලා ලොකු උදව්වක් කරනවාද කියලා මාතලන් ලොක්කාට හිතෙනවා උනත් ඔය බොරු කයිවාරු ගහන අනෝෆිලස් මදුරුවන්ට හිතෙන්නේ නෑ නේද?

    ලන්කාව තවදුරටත් ගල් යුගයට යවන්න ඔය හොරු සෙට් එකට අද දවසේ ලොකු ඩියුටි එකක් තියෙනවා කියලා මට හිතෙනවා

    මාතලන් ලොක්කා
    Thank you for this interesting post today.

    ===Adrian Channa from Toronto====

    ReplyDelete
    Replies
    1. අද මුන් හැම තැනම අරක් ගෙන ඉන්නේ... ඒ කියන්නේ මේ රටට අනාග්තයක් නැතෙයි කියන එක... විලි ලැජ්ජා නැති දේශපාලුවෝ...

      Delete
  38. මාතලන් ලොක්කා

    රටට හෙන ගහලා තියෙන්නේ "අලුත් තාලයට" අලුත් බොරුකාරයන්ව විස්වාස කරලා වර්තමනයේදි අනාගතය පිලිබදව දෙනලද බොරු පින්තූරයක් රටවාසීන් විසින් මවාගෙන ජීවත්වීම වෙන්න පුලුවන් නේද?

    ආගම සහ අහසේ තරු බලමින් අනාගතය කියනමේ හොර රෑන නිසා....උන්ගේ බඩ වඩවා ගන්නට මේ මහජනතාව මෝඩයන් වෙලා ලොකු උදව්වක් කරනවාද කියලා මාතලන් ලොක්කාට හිතෙනවා උනත් ඔය බොරු කයිවාරු ගහන අනෝෆිලස් මදුරුවන්ට හිතෙන්නේ නෑ නේද?

    ලන්කාව තවදුරටත් ගල් යුගයට යවන්න ඔය හොරු සෙට් එකට අද දවසේ ලොකු ඩියුටි එකක් තියෙනවා කියලා මට හිතෙනවා

    මාතලන් ලොක්කා
    Thank you for this interesting post today.

    ===Adrian Channa from Toronto====

    ReplyDelete
  39. චන්න ඔය ටොරොන්ටෝ තියෙන්න කොහෙද මොරොන්තුඩුව පැත්තේද අපි අහලා නැනේ මිට කලින්

    ReplyDelete
    Replies
    1. ඉරට්ටකුලම් වලට එහා පොඩි ගමක්.. හැබයි ෆ්ලයිට් එකේ යන්න වෙන්නේ..

      Delete
    2. මාතලන් ඉරට්ටකුලම් දකුණු ඉන්දියාවේද තියෙන්නේ ? ආච්චි දඹදිව වන්දනාවේ යනකොටා එක්ක යන්න කියන්නම්

      Delete
    3. යනකොටා කිව්වේ දඹදිව ගියාම උඹේ ආච්චිට කෙලින කොටාද

      Delete
    4. ඔව් බන්... උබ ඒ නාකි කොටා ගේ ජුනියර්ද ? නැතිනම් ගෝලයාද ? මොකා උනත් කමක් නැ ට්‍රයිඑකක් දීපන් ආච්චිට එතකොට අපිට තව වේලිච්ච ඇට දෙකක් බලන්න පුළුවන් දඹදිව ධාතු කියලා

      Delete
  40. obage adahas agaya karami. mulu ratama mithyawen wehila.ewani ayata mewa kiyawanna nolebena eka gena dukai

    ReplyDelete
    Replies
    1. දැනගත්තත් වැඩක් නෑ... රටේ බහුතරය තොටවත්තයා වගේම අන්ධයි....

      Delete
  41. වාලම්පුරි බුවා කියන කතාව ඇත්ත නේද? එයා කියනවා වාලම්පුරි නිසා එයාට හරිගියා කියලා ඒක ඇත්තනෙ.
    කොහොම වුනත් වාලම්පුරි වෙළඳාමෙන් සංචාරක කර්මාන්තය හරහා රටට විදේශ විනිමය ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔයත් සංචාරක කර්මාන්තයට සම්බන්ධ නිසා වාලම්පුරි වෙළඳාමක් කරලා බලන්න.

      Delete
    2. අම්මපා බලන්න ඕනා....

      Delete
  42. විභාග පටං ගන්නේ අගහරුවාදා. ඉස්කෝල පටං ගන්නේ අගහරුවාදා. ඇයි? උදේ 7.30 ඉදං 9.00 වෙනකං රා හුකාලෙ. අපි ඕවාට මක්ක හරි කිව්වොත් ඉස්සෙල්ලම කොස්ස ගන්නෙ නෝනයි, නැන්දම්මයි.
    ඔන්න ඕකයි මල්කාන්ති පුලුකුනාවේ තත්වේ!

    ReplyDelete
    Replies
    1. මල්කාන්ති පුලුක්කුනාවෙ තවමත් වැඩියෙං ඉන්නෙ හැබෑව ඉදිරියෙ අන්ධයො බීරො වගේ ඉන්න මොට්ටයෝ. කියන එක තමයි මධු මාධවී මේ කියන්නෙ හොඳේ

      Delete
    2. ඇයි අර අප්පෙරේල් 14 රටම වැඩ අල්ලන්නේ එකට කෙලවෙලාම යන්න..

      Delete
  43. “"හැම එකාම කියන්නෙ අනුමානෙට. දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම හරියනවනෙ. මුන්ට තියනව බැකප් ප්ලෑන් එකක්." මේ තක්කඩි සාස්තර කාරයොත් එක්කම ජඩ මාධ්‍ය මුදලාලිලත් දන්නව කොච්චර ඇහැ පාදන්න හැදුවත් රටේ ඉන්න වැඩිදෙනෙක් අන්ධයො කියල. ජනවාරි 8 පස්සෙ ඩිංගක් නිහඬ වෙලා ඉඳල දැන් එක එකා නැගිටිනව. උදේ පාන්දරම අන්ධයන් මුලා කරන්න මාධ්‍ය මුදලාලිල අර තක්කඩිත් එක්ක ලැහැත්ති වෙනව. මාතලන්ගේ පෝස්ටුව ගැන නං කියල වැඩක් නෑ මධ්‍යස්ථ මේ එක්කම මාතලන්ටත් තැන්කූ කියන්න මේ කොමෙන්ටුව එතෙන්ටත් ගෙනියනව" මධ්‍යස්ත ලියල මාතලන් ලිපියට අටුවාවක් වගේ පෝස්ටුවක් ඒකට දාපු කොමෙන්ටුව මෙතනටත් ගෙනාවෝ.

    ReplyDelete
    Replies
    1. ආගම් වලට බැන්නට ලින්ක් එකක්වත් දීගන්න බෑනෙ මේ බූරුවට.

      Delete
    2. සහතික ඇත්ත ඇනෝ . උඹේ කටට ගල් කාලක් වක්කරන්න ඕන කමෙන්ට් එකට.

      Delete
    3. ආගම් සියල්ලම නැති වෙලා ගිය දවසට තමයි මට නින්ද යන්නේ.

      Delete
    4. ගූ විකුනන්න පුළුවන් නම් මාද්දියකාරයෝ ඒකත් කොරයි....

      Delete
  44. මට මතක විදිහට ඉන්දික තොටවත්ත මුලින්ම ගෙනාවේ නයිටී එන් එකේ වෙනස කරන කනප්පු කරකෝපු ඩබල. දැන් නයි හඬ බදු අරගෙන උදේ පාන්දරම මළ මුස්පේත්තු කතා කියවනවා. අපුරුවට ඊට කලින් ප්‍රෙස් රිලිස් කළ එකා එලවලා. විද්‍යුත් මාධ්‍යයද මක්කද කියාගන්නා එවුන් ඔක්කෝම එකතු වෙලා අහන බලන එවුන්ට සල්ලි දිදී ගොන් ආතල් දෙනවා. මුන් ඔක්කෝම සිය වරක් උඩුකුරුඤ්ඥංංංංං

    ReplyDelete
    Replies
    1. උන් දෙන්නත් රජ ගොන්නු දෙන්නෙක් තමයි.. උන්ට හපන් ඒකේ පාලකයෝ...

      Delete
  45. මාතයියේ වටිනාකම අගනාම පෝස්ට් එකක්. ජය වේවා...!!!

    ReplyDelete
  46. ගොඩක් වෙලාවට මුං කරන්න වැඩ වලින් 'මානසික සහනයක්' ලබනවා පීඩාවට පත් උන අය.හැබැයි ඒ වෙනුවෙන් හොඳ ගානකට තට්ටු වෙලා තවත් කෙල වෙනවා කියලා නම් තේරෙන්නෙ නෑ.දෙවියොන්ගෙ අපොයින්මන්ට් දැං හරි ගණං..
    හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මාතලන්ට කියලා පිටකොටුවේ බෝ ගහ කිට්ටුව ඉන්න ඇය යන්ගෙන් දෙවියොන්ගෙ අපොයින්මන්ට්
      ඉල්ලා ගනින් ලබ්බෝ උන් වැඩේ අඩුවට කරලා දෙයි උන් මාතලන්ට සලකනවා ගෙවල් කිට්ටුව නිසා

      Delete
    2. මම අහන්න ආස අනාවැකිවලට කෙල උනායින් පස්සෙ කියන කතා ටික..

      Delete
  47. ඔන්න මන් පොර ලංකාවට ඇවිත් හවසට බෂ් ෂෝ එකට එනවලු . ඇවිල්ලා මන් පොර වගෙ ඉන්න හදන්නේ පින්තුර දාන්න මුහුණ පිටුවට

    ReplyDelete
  48. උන්ට එහෙම දෙයක් වත් කරගන්න පිලුවන්. උඹ වගේ කීබෝඩ් වීරයින්ට මෙලෝ හසරක් කරගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. අපිත් දෙයක් කොරගෙන තියෙනවා මෙයා... ඔක්කෝම ඔයාලට කියන්න බෑ නේ...

      Delete
  49. හඩ්ඩාට චාන්ස් එකක් දෙන්නේ නැද්ද?.... ''අති උතුම් අප මහා රාජෝත්තමයන් වහන්සේ දැන් උත්සව සබාවට සැපත් වෙනවා'' මුගේ එනවුන්ස් පාර මරු.

    ReplyDelete
    Replies
    1. අපිත් දෙයක් කොරගෙන තියෙනවා මෙයා... ඔක්කෝම ඔයාලට කියන්න බෑ නේ...

      Delete
  50. මැණික්හින්නේ වල්ලියා විල්ලියා රොඩී සෙට් එක එකතු කරලා ආරක්ෂක අංශයක් හදන්න ඕන. හොරු අපරාධකාරයො පාතාල අදුනෙන් බලා ඇල්ලීම is ඇතුළු තස්ථවාදී නායකයන් වශී කර ගෙන්වීම දිගු දුර කොඩිවින පහාර එල්ල කිරීම භාර දෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. ප්‍රභාකරන්ටත් කොඩිවින කොරාපු කස්ටියනේ....

      Delete
  51. මාධ්‍ය කාරයෝ තමයි මුන්ව රෙද්ද අස්සේ දාගන්නේ. මාධ්‍ය කාරයෝ ටික එලවලා දාන්න ඕන ඔක්කොටම ඉස්සර වෙලා...
    මුන්ට සල්ලි ටිකක් පෙන්නුවොත් ඕන කෙන්කෙඩියක් පෙන්නනවා. අපේ මෝඩ මිනිස්සුත් දාස් ගණන් වියදම් කරලා මුන් ගාවට යනවා...

    ReplyDelete
    Replies
    1. සල්ලි එනවා නම් කක්කා උනත් විකුණන කස්ටියනේ...

      Delete
  52. අර රිසිවේසන් වල අසපු හදන කිරිඥාණෙ එහෙම එපාද ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න