.

.

Dec 29, 2015

මඩු වල්ගෙන් තැලිය යුත්තේ කාටද...? - Who should be whipped with toxic stingray tails



ජනාධිපති තුමා අපේ ආච්චි අම්මාට වඩා ඉදිරියෙන්ය. මොකෝ..., උන්දෑ කිව්වා නම් කියන්නේ, "ඕකුන්ට ගහන්න ඕනා, මඩු වල්ගයෙන්...." කියා නෙමේය. උන්දෑ කිව්වා නම් කියන්නේ, "ඕකුන්ට ගහන්න ඕනා..., ගූ ගාපු ඉලපතෙන්.." කියාය. අපේ පවුලේ නොසන්ඩාල වැඩ කරන උන්, මා(තලන්)ද ඇතුලුව බොහෝ පිරිසක් උන්නේය. වැඩියෙන්ම පැමිණිලි ලැබුනේ, "බලන්නකෝ..., ඔහේලයි කොල්ලා අපේ කෙල්ලත් එක්ක පැටලිලා නේ..." කියනා පැමිනිල්ලය. එතකොට ආච්චි අම්මා උන්නේ අපේ පැත්තේය. උන්දෑ පැමිනිලිකරුට කිව්වේ, "ඔහේලයි කෙල්ලෝ හරි විදියට හදාගන්නෙයි...." කියලාය.

ආච්චිගේ මිනිබිරියන් හා පැටලුන කොල්ලන් ගැන පැමිනිලි ආවම, උන් ගෙනා පැමිනිල්ලද ඒකේ ඉස්තිරිලිංග පැත්තෙන්ය. උන් කිව්වේ තමුසෙලයි නල්ල මලේ බඩ්ඩ අපේ එකාගේ කරේ එල්ලෙන්න දඟලන්නේ. උන්ව හරියට හදාගන්නෙයි... කියලාය. අපරාදේ කියන්නේ එතකොටත් අපේ ආච්චි අම්මා උන්නේ අපේ අක්කලාගේ නංගිලාගේ පැත්තේය. උන්දෑ කිව්වේ උඹලාගේ වේස කොල්ලෝ නිසා අපේ අහිංසක කෙල්ලෙකුට පාරේ බැහැලාවත් යන්න බැරිය. මින් පස්සේ ගේ ඉස්සරයින් ගියොත් හෙම ගූ ගාපු ඉලපතෙන් බෙදනවා කියලාය.

හැබයි ඉතින් ඔය මොන කේස් එක ආවත් උන්දෑ කවදාවත් ගූ ගාපු ඉලපතක් වැනුවය කියලා මතකයක් නම් ඇත්තේ නැතිය. ඒ වාගේම අපේ අම්මා තාත්තලා, මාමා නැන්දලා, පුංචිලා බාප්පලා ෆැමිලි කේස් දාගෙන ගෙවල් වලින් ගියයින් පස්සේ ගමේ හංදියේ චන්ඩි ජෝන්ලා එක්ක උන්දෑගේ කළුවර ළියෙන් වැඩ දාපු තිරික්කලේ යැව්වෙත් නැතිය.

මේක මතක් උනේ. අපේ ජනාධිපති තුමා කෝට්ටේ නගර සභාවේද මක්කද මළදානෙක කතාවේදි බොහෝම රොමෑන්ටික විදියට තනේ වනා, ඊට පහුවෙන්දාම බැසියරේට පොරි හැලෙන්නම දෙනවා දැක්ක වේලේය. මාතලන් බොරුවක් මුසාවක් හෙම කියනවා නම්, අපේ ජනාධිපති තුමා තනේ වනනාකාරය (වර්ණනා කොරනා ආකාරය) මේ වීඩියෝවෙන් බලා ගන්න පුළුවන්ය. බලන්න හොඳින් උන්දැගේ මූණ දිහා ඔය මූණට අපේ ගමේ උන් කියන්නේ පැණි මූන කියලාය.


දැන් එතකොට කේස් එක මොකක්ද..? අපේ තනේ වනන්න පුළුවන් අපිට විතරයි ඩෝ... අපේ තනේ තියා බැසියරේවත් තොපිට අල්ලන බෑ කියනා, ගමේ වැල ගමේ කාක්කන්ට ඉතරයි කියනා තියරි එකය. ජනාධිපති තුමාට පරසිද්දියේ තනේ වනන්න පුළුවන් උනාට. පුර අඟනන්ට ජනාධිපති තුමා වනපු තනේම පර සුද්දෙකුට පෙන්නන්න බැරියෙයි කියනා එකය. ඔය තනේ දැක්කේ නැති උනත්, මෙහේට ආපු නැති සුද්දෝ හිටන් අපේ තන් දකින්නේ අන්තර්ජාලයෙන්ය.

හොඳ වෙලාවට එන්‍රිකේ සීගිරි ගියේ නැතිය. එහෙම ගියානම්, සම හරක් විට ඌගේ කොලෙක්සොන් එකෙන් කීපයක් ලළනාවන්ට තෑගී දෙන්නත් පුළුවන්ය. එහෙම නැත් නම් සීගිරි සුකුමාලියේ තන් දෙක එලියේ ගීය කියා සැනසෙන්නත් පුළුවන්ය.

මාතලන්ට අනුව නම්, මේ ක්‍රියාව සිඳුකළේ ගෑල්ලමෙක් නම්, ඇය අපේ රටේ සිංහ ලේ ඇති විහාර මහා දේවිය වැනි වීරවරියකි. සුද්දාගේ කොඩිය බිම දමා පෑගූ වාරියපොල සාධු වැනි ජාතික වීරයෙකි. ඇය සිඳු කොට ඇත්තේ ජනාධිපති තුමා කියනවාක් මෙන්, තොපි අපිට බලෙන් අන්දපු වික්ටෝරියා සජාචාරේ, වික්ටෝරියා සීක්‍රෙට් තොපිම තියා ගනිව් කියා අරූගේ මූණටම දමා ගැසීමකි. 

මින් පසු චාර්ලිස් කුමාරයා ආවත්, ගෑල්ලමයි පාර දෙපැත්තේ තබා බැසියරේ ගලවා ඕකුන්ගේ මූණටම දමා ගැසිය යුතුය. අගේට වන වනා උන් තනේ වහලා දැම්මාට විරෝධය පල කළ යුත්තේ එසේය.

ලොක්කාට මල පැනලා තිබුනේ කොල්ලෝ කෙල්ලෝ මේ පැයක සෝ එකකට 5,000 හේ පටන් 50,000 හ වෙනකන් වියදම් කොරලා තිබුන එකටය. ජනාධිපත් කෙනෙක් හැටියට හරි නම් උන්නැහේ බොහෝම සතුටු වෙන්න ඕනාය. මොකෝ මේ වගේ ගනනක් වියදම් කොරන්න පුළුවන් උන් ඉන්නා රටක් කියලාය. අනික් කාරනේ නම්, විස්කි බ්‍රැන්ඩි හා තවත් කියන්න බැරි ඒවා බීලා තිබුන එකය.

මේ සෝ එක තිබ්බේ ගමේ සංගීතේ වගේ හන්දියේ හෝ ගමේ පිට්ටනියේ නෙමේය. ඒක තිබුනේ පෞද්ගලික ඉස්තානයකය. මේවා බලන්න යන්නේ ඒ සඟිස්කුරුතියට කැමති උන්ය. එහෙම ගිහින් උන්ට කැමති විදියට හැසිරීමේ නිදහස තිබිය යුතුය. හොඳ වෙලාවට ඉස්ටාර් ක්ලාස් හොටෙල් වල තියෙන කැබරේ, ඩිස්කෝ, බීච් පාටි ඉතරක් නොව, හන්දියක් හන්දියක් ගානේ තියෙනා කරෝකේ බාර් වල වෙන්නෙ මක්කාද කියා එලියට එන්නේ නැතිය. (මේවායේ බෙසියර් ඉගිලෙන්නේ තනපට අහසට උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක කියලාය.)

කරෝකේ ආවේ අද ඊයේ වූවද, කැබරේ තියෙන්නේ අපි පොඩි කාලයේ ඉඳලාය. ඔය හැත්තෑ ගනන්වල හින්ගල සෝ වල, පට්ට ඩාන්ස් දාන්නේ එහෙම කැබරේ දාපු කෑලිය. උන් බැසියරේ උසික්ක කොරන්නේ ලේසි පාසු පොරවල් වලට නෙමේය. හොඳ ගානක් කඩා ගන්න පුළුවන් බර කාරයන්ට. මේවා අපේ ඇස් දෙකෙන්ම දැකලා තියෙන ඒවාය.


වියදම ගැන කතා කරනවා නම්, මේවා උන්ගේ පෞද්ගලික මුදල්ය. ආන්ඩුවේ ඒවා නෙමේය. ජනාධිපති තුමා ප්‍රමුඛ පාලක පන්තිය, විස්කි, බ්‍රැන්ඩි, ෂැම්පේන්, වයින් බොන්නේ, අපේ සල්ලි වලින් වුවද, මේවා උන්ගේ අම්මා අප්පගේ සල්ලිය. ඉතින් ඒවා ගැන රුදාවක් තියෙන්නේ ඒ අම්මා අප්පලාටය. හැබයි ඉතින් ඔහේලා කන බොන ඒවා ගැන නම් අපටත් රුදාවක් තියෙන්නේය.

පැමිණිමේ දීමනාව 500 ඉඳලා 20,000 වෙන්න වැඩි කර ගන්න යනවා කියන කොට අපිට නම් තේරෙන්නේ අපිව අඹරන්නම යනවා කියලාය. ඔබතුමා හිතන්නේ ඔබ තුමා අඹරන්න අපි සෙට් වෙනවා කියලාය. එතකොට ඇඹරෙන්නේ අපේ සඟිස්කුරුතිය කියා හිටං..  ඔබතුමා කියලා තිබුනේය. හැබයි ඉතින් මෙව්වා කොරන කොට ඇබරෙන්නේ සඟිස්කුරුතිය සබ්බත්වය අරක මේක නොව අපේ මලේ හොඳම එකය. එතකොට අපේ කටෙනුත් සඟිස්කුරුතිය ගලනවා කියා නොකියා සිටිය නොහැකිය.

මධ්‍යස්ථ මතධාරියා වෙත බොක්කෙන්ම..

බැසියරේ නිසා ජනාධිපති තුමාට මල පැන්නා වාගේම, අපේ බොග් සංගමයේ යාව ජීව සමාජිකයකු වෙන, මද්දස්ත මතදාරියාටත් මලේ හොඳම එකෙන් පැන බොග දැමිල්ල නවත්වා දමනවා කියා පෝස්ට් එකක් දාලා තියෙනවාය. ඒකේ කොමෙන්ට් දාන්නටත් බැරිය. මාරම මද්දස්තයක්ය. ඒවාට කියන්නේ මද්දස්ත නොව මොනෝපොලි කියලාය. ඔය ලෙඩේ හැදුනාම මෙළෝ මඟුලක් කොර ගන්නට බැරිය.

උඹ පෝස්ට් එකේ කියනවා වාගේ කේසුත් ඇත්තේ නැතයි කියා බොරු කියන්නට බැරිය. එහෙත් ගේම කියන්නේ ඕන එකෙකුට ඕන ලබ්බක් කියන්නයි කියා, තම මතය වෙනුවෙන් දිගටම පෙනි ඉන්නා එකය. එහෙම උන්නාම සිඳුවන ලාබ පාඩු පැත්තකින් තියා, එහෙම උන්නාම හිතට දැනෙනා පිරීතිය එකෙකුටවත් ගහලා ගන්නවත් බැරිය.

ඕන හරකෙකුට ඕන මගුලක් කොර ගන්න කියා. තම මතය තව දුරටත් උඹේ බොගේ ලියනවාට මාතලන් නම් මනාපය. එහෙම ලියන්නෙයි කියා බොක්කෙන්ම ආරාධනා කොරනාවය.

144 comments:

  1. අම්මපා සහතික ඇත්ත. සිරිසේන අමු ගොබ්බයෙක් බව ඉක්මනින් ම පෙන්නමින් සිටී

    ReplyDelete
    Replies
    1. මීට වඩා හොඳයි සෝභිත ජනපති උනා නම්... බොනිකර තරුව..

      Delete
  2. මඩු වලිගෙන් තැලියයුත්තේ රෙදි නැතුව යහපාලනයට කඩේ ගිහින් දැන් ගලේ රුන්න බලල වගේ "ඔබතුමා අරහෙම කියල තිබුනෙ, මෙහෙම කියල තිබුනෙ " කියල බොරු පොස්ට් දාන උබට......

    දැන් බැලුවහම ලොකුම බයියා උබගෙ හිටන් තුමානෙ....

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මහ බයියා ගෙදර යවපු එකම මදෑ ගිය වසරට...

      Delete
  3. මාත,

    මචෝ මේ රටේ ජනාධිපතිට වෙන වැඩ නැද්ද ? මේවා අද ඊයේ නෙමෙයි හැමදාම ලෝකයේ තිබුන
    https://www.facebook.com/sharma.ramakant/videos/10201984876557927/

    මෙන්න ඉස්සර කලේ තිබුන ඒවා.

    රටේ ආර්ථිකය දියුණු කිරීමට ලෝකය සමග සම්බන්ධ වීම පිළිබද පුරසාරම් කියවන මේ රජය තාම PAYpal.com මගින් විදේශ විනිමය ලංකාවට ගෙන්වන ක්‍රමයක් ඇතිකිරීමට නොහැකිවී සිටිනවා. ගෑනුන්ගේ ගේ බ්‍රේසියර් ගැන කතාකලාට කමක් නෑ ඉහත ප්‍රශ්න විසදලා.

    මධ්‍යස්ථ මතධාරියා ගැන කණගාටුයි ඊයේ මේගැන පොස්ට් එකක් දැම්ම http://lankasithuwili.blogspot.com/2015/12/blog-post_28.html

    ReplyDelete
    Replies
    1. මොන පේ පැල් ද බං... පැල් රකින් යුගයකට ගෙනියන්න හදන්නේ... වාහනවල සිංහ ලේ... උන් ඉල්ලන්නේ අනුන්ගේ ලේ..

      Delete
  4. සිරිසේනගේ උදැල්ල කැපෙන්නෙම වැරදියටද මංදා..

    මධ්‍යස්තයා අන්තිමට හෙන පිස්සුවක් නේ කෙලියේ මටනම් හිතුනෙම මූට වෙන මොකක් හරි අවුලක් කියලා.. උඹට කියන්න.. ඌ මගේ 'වසරේ බ්ලොග්කරු' නොමිනේෂන් අතර හිටපු එකෙක්.. එහෙම උනේ ඌ ඊයේ පෙරේද වෙනකම් බ්ලොග් වලදී දක්වපු වටිනා ක්‍රියාශීලි හා 'මධ්‍යස්ත' දායකත්වය නිසා. මෙහෙම පිස්සුවක් හැදිලා අතුරුදහන් උණු එකනම් 'යකාගේ වැඩක්'

    ReplyDelete
    Replies
    1. යක්කුත් එක්ක වැඩ කරන එක ලේසි නෑ කියලා.. අපේ ගමේ දියෝනිස් කට්ටඩි රාල මත් එක්ක කියලා තියෙනවා..

      Delete
  5. මාතා.......................

    ඒ කාලේ අපේ ගෑණු උඩ කොටසට අැදලා නැහැ (සීගිරියට විතරක් නෙමෙයි පසුකාලීන රූප පවා ඒකට සාක්ෂිය)... ඒත් ඔය බටහිර පාලනයන් අාවාට පස්සේ තමා උඩු කය වහන්න පුරුදු වෙලා තියෙන්නේ...... ඒ තත්වය අරං බලමු දැන් මොකක් ද මේ ඒන්රිකේ කුමන්ත්‍රණය කියලා.. කතාව මේකයි... අපි දේශීයත්වය අගයන ජාතියක් හැටියට තාම උඩුකය ගලවලා විසිකරන්න සූජානම්ය... ඒකට ඒන්රිකේ නම් ලංකාවේ සිට බටහිරට ගොස් ගායකයෙක් වූ අැන්ටන් සිරාද සහය දෙයි. ඒත් ඉතින් මේ බටහිර කුමන්ත්‍රණකාරයේ මේවාට විරුද්ධයිනේ....... මේවා කුමන්ත්‍රණ.... වෙන මොනවද?????

    යකා ගැන උඹේ අදහස සමග සීයට සීයක් ඒකගයි.... තමන් පෙනී සිටින අදහස වෙනුවෙන් කතා කිරීම පෙනී සිටීම තමයි වැදගත්.... අනික් අයට රිදෙන්න කියා සියදිවි නසා ගැනීම අපිට අනුව නං පොඩි දරුවන්ගේ ක්‍රියාවකි....... අපි යෝජනා කරන්නෙත් යකා අාපහු යකා නැටිය යුතු බවයි...... යකා ඒක්ක අපිත් වලි දාගත්ත වාර තියෙනවා.. හැබැයි ඒ සාකච්ඡා වලින් පස්සේ ඒවා ඉවරයි..... ඉතින් යකා අාපහු ඒනවානං අපි කැමතියි.... (ඹය මධ්‍යස්ථ කියනවාට වඩා අපි උගේ යකා කියන නමට මාර අාසයි...)

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ගෑනු උඩට නැතුව හිටියෙ නෑ. ඒ කාලෙ තනපටයක් ඇන්ද බ්‍රා එක වෙනුවට ඒකට උඩින් අත් දිග හැට්ටෙ ඇන්ද. සීගිරියෙ ඉන්නෙ තාත්තව මරල කාම පිපාසෙන් හිටපු කාශ්‍යප රජ්ජුරුවන්ගෙ අන්තප්පුරේ ගෑනු. එයාල සිංහල අය නෙමේ. ඉන්දියාවෙනුයි තායිලන්තෙනුයි ගෙනාපු අය. පොඩ්ඩක් හොදට බලන්න උඩට නැතුව ඉන්න අය සුදුයි. උඩට ඇදන් ඉන්නෙ කලු අය. එයාල ලංකාවෙ සේවිකාවො. සිංහල ගෑනු හිටියෙ නෑ උඩට නැතුව.

      Delete
    2. එක්කෝ මාතලන් තමන්ගේ ඇස් පරික්ෂා කරන්න ඕනෑ. හරියට යමක් නොපෙනෙන එක අවාසනාවක් තමයි. නැත්නම් ඇහැට හරියට පෙනුනත් ඒක පිළිගන්න මොලය කැමති නැති වෙලා. නැත්නම් තමන්ගේ අමන අමන කතා සනාථ කරන්න පැත්තක ඉන්න සිගිරි ලඳුන් අල්ල ගෙන.
      සිගිරි අප්සරාවන් දෙස මැනවින් බැලුවොත්, ඔවුන්ගේ අත් වල වැලමිටට ඉහල කොටස හොඳින් බැලුවොත් ඔබට පෙනේවි ඇඳලා තියෙන හැට්ටයේ (කන්චුකයේ) වාටිය නැත්නම් දාරය. දැන් එහෙනම් ඇඳුමක් නැතිව ඉන්නවා වාගේ පෙනෙන්නේ කොහොමද .ඒක තමයි එකල අපේ රටේ පැවති පෙෂ කර්මාන්තයේ අසිරිය. ඉතා සිනිදු රෙදි නිපදවීමේ තාක්ෂණයක් එකල තිබුනා. මේක තවත් ඔප්පු වෙනවා චන්ද්‍රවති බිසව ඉන්දියාවේ රාජස්තානයේ රාජ සභාවට ගිය අවස්තාවේ විස්තර බැලුවාම. මුළු රාජ සභාවම හිතුවේ දේවිය නිරුවතින් ඉන්නේ කියල.එහෙම ආවේ ඇයි කියල අහපු ඇය රජ්ජුරුවන්ට කියල තියෙනවා තමන් එක ඇඳුමක් නොව ඇඳුම් 7ක් ම ඇඳලා ඉන්නෙ කියල.
      මාතලන් පිස්සු කෙලින්න ලිපියක් ලියන්න එච්චර කාලයක් යන්නේ නැහැ. ඒ වුනත් හරවත් අදහසක් ලියන්න කාලයක් ඕනෑ.


      සමරසේකර

      Delete
    3. අනෙ බන් ඒ දුහුල් ඇදුමක් නන් ඒ කාලෙ විශිෂ්ඨ නිර්මාණයක් වෙන්න පුලුවන්. ඒත් තන් පේන්න දුහුල් ඇදුමක් ඇන්දහම ඔය කියන සංවර බාවය පේනවද? දුහුල් ඇදුමක් ඇදල හැමෝටම පේන්නෙ හෙලුවෙන් ඉන්නව වගේ නන් මොකද්ද ඇති වැඩේ. ඇදුමක් ඇදලද නැද්ද කියන එක නෙමේ ප්‍රශ්නෙ වැහෙන්න ඕන තැන් වැහිලද කියන එක. උඹ කියන විදිහට ඇග පේන්න විනිවිද අදින එක අපේ සංස්කෘතිය ඒත් නැතුවම ඉන්න එක අපිට අදාල නෑ කියලද? කොහොම හරි මේකෙන් එක දෙයක් පේනව සමහරු කෑ ගහනව සිංහලය කියන්නෙ සුද්ද එන්න කලින් ඇදුමක්වත් මහගන්න දන්නෙ නැති නොදියුණු ජාතියක් කියල. ඒක නෙමේ ඇත්ත. අපිට ඇදුම් තිබ්බ ඒත් ඒව හැම තිස්සෙම ඇන්දෙ නෑ. අපි ඉස්සර නිදහස් ජාතියක්. අපිට ඕන්නන් දුහුල් ඇදුම් ඇන්ද. ඇගේ තැන් වැහෙන්න ඕන කියල දෙයක් අපේ සදාචාරෙ තිබ්බෙ බෑ.

      Delete
    4. ඈ බන් ..එක හරි පුදුම තාක්ෂණයක් නේ...
      රෙදි හතක නෙමේ හැත්තෑවක් ඇන්දත් වැඩක් තියෙනවාද බන් ඇඟ පෙනවානම්...

      ඕක ඔහොමනම් ඉතින් මෙහෙ තිබුණාය කියලා ගොඩ දෙනෙක් පාරම්බාන තව ගොඩාක් "තාක්ෂණ" ගැන අපිට හිතාගන්න පුළුවන්...

      Delete
    5. මගේ කොමෙන්ටුව හරියට කියවන්න. මට උවමනා උනේ එක්කෝ මාතලන්ගේ ඇස් පෙනීමේ දෝෂයක් තියෙනවා නැත්නම් තම මතයට සහායක් ගන්න දැන දැනම වැරදි තොරුතුරු ලෝකයට දෙනවා කියන එක පෙන්නන්න විතරයි.

      සමරසේකර

      Delete
    6. @ සමරසෙකර මයා

      ඕකට කියන්නේ සීතාම්බර සළුපටේ කියලා.
      සමරසේකර මහත්මයා සහ සිරිසේන මහත්මයා දෙන්නා ඇඳලා ඉන්න සරොනුත් වියලා තියෙන්නේ ඒවයෙන්.. සීගිරියේ අඟණුන් දෙවර්ගයක් ඉන්නවා.. ආයේ හැරමිටියෙන් හරි ගියොත් හොඳට බලන්න.. බලාගෙන නෝනා එක්ක යන්න එපා. සමරසේකර මහත්තයාගේ සරම ගලවයි.. තොට නාකි විසේ කියලා..

      සමරසෙකර මහත්තයෝ සීගිරි ළඳුන් වගේම ඔහේගෙයි සිරිසේන ලොක්කගෙයි දෙන්නගෙත් පුක එලියේ..

      වසරේ ආතල්ම කොමෙන්ට්කරු සම්මානය පිලිගන්න...

      Delete
    7. පට්ට පට පට

      සමරසේකර මහත්තයා එක්ක යමකට එකඟවෙන්න හැකි වෙන්නේ බොහොම කලාතුරකින්, ඔයි අපේ අසිරිමත් තාක්ෂණය දියුනු කරලා රටේ කාන්තාවන් සේරටම ඇතිවෙන්න නොපෙනෙන රෙදි නිපදවමුද? ආයේ දෙකක් නෑ උපරිම සංචාරක ආකර්ෂණය ලබාගන්න පුළුවනි.

      චීන්නු අපේ අසිරිමත් තාක්ෂනේ කොපි කරලා ෆේක් ඒවා හදයිද දන්නෑ, ඒ කිව්වේ වාටි (දාර) විතරක් තියෙන හැට්ට හේම.

      Delete
    8. සමරේ උඹ මීට පස්සෙ කමෙන්ට් ලියන කොට හිටගෙන ලියපන්. මොළේ උඩ වාඩිවෙලා ලියන්න එපා. මොළේ තැලෙනවා.

      Delete
    9. Me thakshane redi api nomile beda denna one.

      Delete
    10. ඔය ශකිරා , කිම් කාඩශින් වගේ අය ෆිගර් හගින් ෂියර් විනිවිද පෙනෙන ඒවා දැන් අඳින්නෙ ඉස්සර අපේ හෙල රාවණා බටහිරට ගිහින් අපේ ආස්චර්වත් තාක්සණය ඔය කොල අතු හම් ඇඳන් හිටපු උන්ට උගන්නපු හින්දනෙ.
      ෂැක් රාවණා බැරිනම් කාශ්‍යපවත් ටික දවසකට ජනාදිපති උපදේසක කරගන්න පුලුවන් නම්.

      අනේ කවුරුවත් තරහගන්න එපා ඇහුවට... දැනට අවුරුදු සීයකට ඉස්සර වුනත් රොඩී ගෑණු , අඩු කුලේයයි සැලකූ ගෑණු උඩු කයට ඇන්ද තාක්සනේ මොකක්ද?

      Delete
    11. සමරසේකර මහත්තයා කියන ජාතියේ ඇඳුමක් මේන් මේ සුද්දිත් ඇඳගෙන යනවා..

      අනතුරු ඇඟවීමයි....!!!

      සමරසේකර මහත්තයෝ පොඩි උන් එක්ක මෙව්වා බලලා පස්සෙ මට බනිනවා එහෙම නෙමෙයි ඕන්....

      http://www.break.com/video/chanel-woman-in-body-paint-in-copenhagen-denmark-2651496

      Delete
    12. සිරිසේන මහතා අමුතු නැටුමකට සැරසෙනු පෙනේ. දැන් වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ විජාතික තුරුලේ සනීපයට නිදියගත් සිරිසේන මහතාට හිටි අඩියේ අපේකම - සදාචාරය - සම්ප්‍රදාය මතක් වී තිබේ. විජාතිකත්වය දෝතින් ගත්තවුන්ට මඩු වලිගෙන් තැලිය යුතු බවටත් තව දුරටත් කිසිවෙකුටත් "තනපට අහසට විසි කිරීමට" ඉඩ නොදෙන බවටත් සිරිසේන මහතා මවාගත් ස්වරයෙන් පවසද්දී බැලූ බැල්මට ඔහුට ජනාධිපතිවරණයේදී සහය පළකළ මතවාදී පෙරමුණ සමග ගැටුමකට ගොස් තිබේ. සිරිසේන මහතාට ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා තීරණාත්මක සහාය ලබාදුන්නේ සිංහල ජාතිකත්වය තීරණාත්මකව පරාජය කිරීමේ මෙහෙයුමේ ඊලඟ රවුම දුවන්නටයි. සිංහල ජාතිකවාදය පැරදවීමේ මෙහෙයුමේ පසුගිය අවුරුද්ද පුරාවටම සිරිසේන මහතා මහත් උජාරුවෙන් දිව්වේ ඒ රවුමේ කොටසකි. එහිදී ඔහුට "අපේකමක්" නිකමටවත් මතක් වූ බවක් පෙනුනේ නැත. එසේ වූවේනම් මහරැජිණ මේස් ගලවා අතට අත දීම මහත් උජාරුවට හිරිකිතයක් නැතිව ප්‍රසිද්ධිය පම්පෝරි ගසන්නේ නැත.

      අද සංස්කෘතිය - සදාචාරය - සභ්‍යත්වය ගැන ලොරි ගනනින් දේශන දෙන සිරිසේන මහතා ඒ කිසිවක් විශේෂයෙන් පසුගිය වසර පුරා තම භාවිතයෙන් පෙන්වා ඇතිද? තමාගේ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ම යෝජනා කර සම්මත කළ අපේක්ෂකයාට එරෙහිව විරුද්ධ පිළ සමග එක්ව චන්ද කරන්නට හැක්කේ , තමන් දෝහී වූ පක්ෂයේ සභාපතිධූරය නැවත බලහත්කාරයෙන් ගත හැක්කේ , මහ මැතිවරණයේදූ තමන්ගේ සෘජු මැදිහත්වීමෙන් පරාජය කරවූ අගමැතිධූර අපේක්ෂකයා වෙනුවෙන් ලැබුණු ජාතික ලැයිස්තුව මහ දවල් මංකොල්ල කා ජනතාව විසින් පරාජය කර ගෙදර යැවූ ජනතා ද්‍රෝහීන් යළි පාර්ලිමේන්තුවටත් ඉන් නොනැවතී කැබින්නට්ටුවේ ලොකු පුටුවලටත් දක්කාගෙන යා හැක්කේ සදාචාරය - සම්ප්‍රදාය -ජනතා මතය බල්ලට දැමූ බල ලෝභි තක්කඩියෙකුට මිස වෙක කාටද?ජිනීවා පාවාදීම හරහා රටේ ස්වෛරීභාවයත් අභිමානයත් රණවිරුවන්ගේ සහ රටේ ආරක්ෂාවත් තුට්ටු දෙකකට මායිම් නොකර අනතුරේ හෙළද්දී.රණ විරුවන් සහ බුද්ධි අංශ විරුවන් ත්‍රස්තවාදය පැරදවීමේ වරදට අභූත චෝදනා නගා සිර කඳවුරු වල ගාල් කරමින් දරුණු ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කොටි ත්‍රස්තවාදීන් රජයේ සෘජු මැදිහත්වීමෙන් නිදහස් කරද්දී.ත්‍රස්ත මර්දන සටනේ ඉදිරිපෙළ සිටි හමුදා නාකකයින් දූෂණ චෝදනා නගා නීති විරෝධී පරීජ්ෂණ කොමිෂන් සභා ගානේ රස්තියාදු කර අවමන් කරද්දී.
      විල්පත්තුව වැනි මුස්ලිම් ජාතිවාදයේ ඇහැට පෙනෙන බලහත්කාරී විනාශය නෑසූකන්ව එහි චූදිත බදියුදීන් ඇමතිවරයා ආදීන්ට පෙරටත් වඩා ඇමති වරදාන පිරිනමා විල්පත්තුව හිඟන්නාග තුවාලයක් කර ගනිද්දී. කැසිනෝ , රුජිනෝ ආදී සූදු බද්ද අඩු කරමින් සූදුවටත් විදේශීය මත්පැනට තිබූ බද්දත් අඩු කර මතටත් ඉඩ සැලසූ අයවැය තම පඹ ඇමතිවරුන් ලවා 2/3 කටත් වඩා වැඩි චන්දයෙන් සම්මත කරගනිද්දී සිරිසේන මහතා ඒවාට එරෙහිව හ්ම්ම් සද්දයක් නැගුවේ නැත. ඒ වෙනුවට ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයා ඒ ලැජ්ජාසහගත ක්‍රියාකාරකම්වලට අවශ්‍ය බලය ලබාදුන්නේස් ඔහුය. මේ සියලු සදාචාර විරෝධී - අපේකමට එරෙහි - සම්ප්‍රදාය විරෝධී ජඩකම් හමුවේ අඳ ගොලු බිහිරිව නිවට නියාලුව සිටි සිරිසේන මහතා තරුණියක විසි කළ තන පටයකට එරෙහිව මාරාන්තික සටනකට ආවේ ඇයි? පසුගීය වසර පුරාවටම යටකරගෙන සිටි පොලොන්නරුවේ ගැමි උරුමය යළි මතු වී ඇතැයි අප සැනසුම් සුසුම් හෙළන්නද? එසේ වූයේ නම් රට රැකි රණවිරුවන් ත්‍රස්තවාදීන් පැරදවීමේ වරදට හිරේ විලංගුවේ දමද්දී , කොටි ත්‍රස්තයන්ට නීති සහන හිමිවෙද්දී ගොලුවකු බිහිරකු ලෙස හිඳින්න නැත. එසේ වූයේ නම් කැසිනෝ /රුජිනෝ බදු අඩු කර කැසිනෝ ප්‍රවර්ධනය කරද්දී , විදේශීය මත්පැනට ගැසූ බද්ද අඩු කර ගිනි වතුර ලාබ කරද්දී කිසිවෙකු කිසිම හොඳක් නොදකින තරමේ ජනතා විරෝධී එහෙව් අයවැයකට ශ්‍රීලනිප චන්ද කුට්ටිය දොළපිදේනියක් ලෙස පූජ කරන්නේ නැත.සිරිසේන මහතා වරින් වර මෙවැනි ජනතා අවධානය එකවර මුඛ්‍ය අර්බුදයෙන් වෙනතකට යොමු කරන උත්සාහයන් ගෙන ඇති බව පෙනේ.
      ජනාධිපතිධූරයේ අහෝසිය ඉදිරියට දමා ජිනීවා පාවාදීමට අදාළ බෙදුම්වාදය පිනවන ව්‍යවස්ථා සංශෝධනයට මුල පුරන්නේ එදාටය. සහජීවනයේ නාමයෙන් රටේ ඒකීයභාවයට බුද්ධාගමට ආදියට එහිදී හිමිවන තැන ගැන චන්ද්‍රිකා දැනටමත් ඉඟි පළ කර තිබේ. මෙරට ඉතිහාසයේ දැවැන්තම දේශපාලන ජඩකම මෙ වස ගුලිය ජනාධිපති බලතල අඩු කිරීම යන රසවත් දවටනයේ ඔතා ගිල්ලවන්නට සිරිසේනලා මග බලා සිටී.ඒ වෙද්දී සදාචාර විරෝධියෙකු ලෙස අපේකමට එරෙහිවූවකු ලෙස හංවඩුවක් වැදී තිබීම බාධාවකි. සිරිසේන මහතාගේ හදිසි වෙස් පෙරළිය ඒ සඳහා අවශ්‍ය වේදිකාව සකසාගැනීමට වීමටය. සිංහල ගොනා මෙවැනි ප්‍රයෝගවලින් රැවටිය හැකි බව අර තරුණිය විසිකළ තනපට සිරිසේන මහතා ඉමහත් උද්යෝගයෙන් අල්ලාගන්නේ ඒ වෙනුවෙනි ඒ තනපටය අස්සේ සඟවන්නට හදන්නේ ජනාධිපතිධුර අහෝසිය නැමති පැනි තැවරූ දෙමළ බෙදුම්වාදය එහි ජයග්‍රණයේ සීමාවට කැන්දන ව්‍යවස්ථා සංශෝධන නැමති හලාහළ විෂ ගුලිය නොවේද?

      -යටියන ප්‍රදීප් කුමාර
      යුතුකම සංවාද කවය
      www.yuthukama.com

      Delete
    13. ලියන්න කම්මැලිද සමරසෙකර මහත්තයේ හුතු කම්ද මක්කද උන්ගේ බයි හෑලී දාන්නේ...

      Delete
    14. මාතලන්,
      මැකියාවෙලිගේ "කුමාරයා" පොත කියවලා තියෙන්නෙ ඔබ විතරක් නෙමෙයි. මමත් ඒක කියවලා තියෙනවා.උඩරට සිංහල මිනිස්සු ඩොයිලිට රැවටුනේ 1812 දී විතර ඩොයිලි බුලත් කාපුවාම සරම ඇන්දාම ඉස්සරවෙලාම දකුණේ හාමුදුරුවරු රැවටුනා. ඊට පස්සේ උඩරට අයත් රැවටුනා. දැන් ඔබ ඩොයිලිගේ පාට් එක අරගෙන ඉන්න මයිත්‍රීපාල මහත්තයාට බැන්නාට මයිත්‍රීපාල මහත්තයාට හදිසියේ සිංහල ජාතිකත්වයක් පහල වුනේ මොකද කියන ප්‍රශ්නයට උත්තර දුන්නොත් හොඳයි.

      සමරසේකර

      Delete
  6. ලොක්කා මාධ්‍ය පු**දේශකයෙක් පත්කරගෙන වගේ.

    ReplyDelete
    Replies
    1. ලොක්කා ගාව ඉන්නේ සිරසේ මාධ්‍ය සංදර්ශන කාරයෝ... උන් දන්නේ ට්‍රෙන්ඩ් එකේ යන්න විතරයි.. කොපි කරන්න විතරයි.. නිව් ඉනොවේසොන් නැත...

      Delete
  7. අපොයි මෙහෙම මෝඩ හැත්තක් තන පටියක් අල්ලගෙන හැම හුකන්නම නලියනවා .එකෙක්වත් මලනිකා කළු ඩිෆෙන්ඩරේ ගැන ගානක් මිම්මක් මුකුත් නැ. ඉතින් එකම නේද මේ දේශපාලක ගැට්ටන්ට ඕන කරන්නේ

    යකාගේ තීරණය ට ගරු කරන්න. අකමැත්තෙන් ඉන්නවට වඩා කියන්න ඕනදේ "වදින එවුන්ට"වද්දගන්න කියලම ගියාට. තමන් යනවද ඉන්නවද කියලා හතරමන් හන්දිවලට ඇවිල්ලා නාහෙන් අඬලා අනුකම්පාව ලබාගන්වට වඩා කියලා යනඑක එක "අතිවිශිෂ්ඨ" යි.
    [අපි පොඩි කාලේ මීගමුවෙන් ගැනු ගෙනාවා මළගෙවල්වල කුලියට අඬන්න හැබැයි උන්ට දුන්නේ කළු සුරුට්ටු විතරයි . හැලි අරක්කු බොන්න දුන්නේ ඔක්කොම මළගෙදර කටයුතු ඉවර වුනාට පස්සේ ]

    ReplyDelete
    Replies
    1. ඩිෆෙන්ඩරේ ගැන ආන්ඩුව ඇතුලෙම ගේම් තියෙනවා.. පාලිත තෙවර්ප්පෙරුමට එක නීතියකුයි, හිරුනිකාට තව නීතියකුයි කොහොමද කියලා...

      Delete
  8. අර පික්ෂු මනුස්සය ගැන කතා කරන එක තේරුමක් නැහැ...

    යකා නොහොත් ම.ම. මිසින් වෙච්ච එක අපරාධයක්...
    ඒ කියල තියෙන සමහර කරුණු මේක දාල යන්න තරම් බරපතල ඝණයේ ඒවා නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන්නේ තමන්ගේ තෘප්තියට විනෝදාංශයක් ලෙස නේද? පාඨකයන් සිටීමෙන් ඒ තෘප්තිය වැඩිවෙනවා.

      ඒ හැරෙන්නට බ්ලොග්වල clique,කවුරු කාත් එක්ක යාලුද තරහද, සම්මාන දෙනවද, සමාජයීය වැඩ ආදිය කැමතිනම් හා කුතුහලයක් ඇත්නම් සලකන්න පුලුවන් එහෙත් ඒවා තමන්ට කලකිරීමක් දැනන තරමට සීරියස් වෙන්නේ මොකටද? සයිබර් අවකාශය නිදහස් තැනක් නේද? තමන් තමන්ට ඕනෑ විදිහට ඉඳලා අනුන් ඉන්න විදිහත් බලලා ඕනෙම නම් විවේචනත් කරලා ඉන්න පුලුවන් නේ. මොකටද සීරියස් අප්සෙට් යන්නේ ඕවට?

      Delete
    2. අනිත් එක බ්ලොග්වලින් හමුවෙලා පෞද්ගලික ලෝකයේ කොයිතරම් හොඳ මිත්‍රයන් වුනත් බ්ලොග්වලදී විරුද්ධවෙන්න පුලුවන් නේද? මං නම් වැඩියෙන්ම විරුද්ධත්වය ප්‍රකාශකරන්නේ හොඳ යාලුවන්ට තමයි බය නැතුව. තව එකක් එක පෝස්ට් එකකට කැමති වෙලා ඔහු හෝ ඇයගේ තව පෝස්ට් එකකට අකමැතිවෙන්න පුලුවන්නේ.

      වැඩක් නෑ වැඩිය කතා කරලා. මොකද බොස් මේගොල්ල මේතරම් සීරියස්?
      වැහ් අර පත්තරමල්ලිතුමා බ්ලොග් එකක් ලියන්නෙ නෑනෙ , එහෙමනම් විරුද්දවෙන සැටි මම පෙන්වමි !

      Delete
    3. වුරුද්ධ මත, නිර්ධය විවේචන දරා ගන්න බැරිනම් ජනමාධ්‍ය කියන එකට අත තියන්නවත් නරකයි.

      අපිටත් මල පනින්වා තමයි.. ඒත් ඉතින් ලීයන්න පුළුවන් තාක් කාල් මොන යකා යකින්නි මොන මළදානේ කිව්වත් මාතලන් කකුල් දෙක උඩ දාගෙන බොග දානවා බ්ලොගර් තියෙනකල්.

      Delete
  9. ෂැක්...මෙන්ඩ හිටියනම් ඔය බ්‍රා එක ගැන හොද විස්තරයක් අහගන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. කරුමෙට ඌ මිස්සින්ග් නේ....

      Delete
  10. මාතලන්, අපේ අම්මලගෙ ගමේ බෝතලේ ගෑනු නම් බ්‍රා ඇන්දෙ නෑ.
    අර පොප්ලින් වලින් මහන බොඩි ඇන්දෙ

    ReplyDelete
    Replies
    1. මළ විනාසයක් වෙන්නේ පෑන්ටියක් හෙම උසික්ක කොලා නම්...

      Delete
    2. මාතා, අපේ බෝතලේ පුන්චම්මගේ කාලේ උඩට ඇන්දට යටට ඇන්දේ නෑ . ඉඳල හිටලා පැණි අඹුඩ තමයි ගැහැව්වේ.
      බෝතලේ එකාගේ අම්මගේ අක්කගේ පුතා.

      Delete
  11. මාතා

    මේක බරපතල තත්වයක් කියල උඹලට නොතේරෙන එකයි අරුමය.. අපි අවුරුදු දෙදහස් ගානක් තිස්සේ බ්‍රා ඇතුවත් නැතුවත් හදාගත්ත අපේ සජාචාරය බල්ලට ගියේ හරියට උඩු හුලගට අහු වේචිචි පරඩැල් වගේ.. මේ වගේ රටක ඔය වගේ පජාත සෝ කරල ඒ මදිවට ඒවට රට රට වලිනුත් කට්ටිය ඇවිල්ල නගර සභාවට කෝටි ගානක පාඩුවක් කරල බ්‍රාරිකේ තමන්ගේ ජෙට් එකෙන්ම ෂිට් ෂිට් කිය කිය ට්විට් කරපු විත්තිය එතුමා දන්නවා.. උන්නැහේටලට මං කියන්නේ ඔය මගෝඩි සංගල මහේලලට තිබුනා එතුමටත් ආරාධනා කරන්න ඕකට එන්න කියලා.. ඉතිං එහෙම කරල තියෙද්දි අපේ සජාචාරේ සබ්යත්වේ විනාස වෙලා යන එක දරාගන්න පුලුවන්ද මේ වගේ ජනතා නායකයෙකුට. ඒකයි ඔහොම කිව්වේ.. අනික එතුමා දන්නවා මේක එන්රිකේ ගේ ඉට්ටැයිල් එකක් කියලා. ඒක නිසා කව්රු හරි හිතනවනං තමන් ඇදං හිටපු බ්‍රා එක ගලවල විසික් කරා කියල ඒ යකා මහ පල් මෝඩයෙක්.. හැක්.

    ReplyDelete
    Replies
    1. මේ ආන්ඩුව නැට්ටට එපා වෙල තියෙන්නේ මිනිස්සුන්ට. ඡන්ද කල් දාන්නේ ඒකයි. අන්තීමට විකුණන්න තියෙන දේ තමයි මේ දැන් විකුණන්නේ. ගොඩ ඒමක් නෑ.. පෝට් සිටිය පටන් ගත්තොත් නම් යමක් වෙයි.. නැත්නම් අබ සරණයි.

      Delete
  12. අපේ මධ්‍යස්තය හිට් මාතෘකාවක් වූ නිසා පහුගිය දවස්වල අතපසු වූ ම.ම ගේ පොස්ට් කීපයක් කියෙව්වා, පහුගිය 19දා මෙහෙම එකකුත් ලියලා ....

    /...වෙනස කුමක්දැයි ඔබ දැන් දනී.මම රාජ්‍ය සේවයේම වෙනත් තැනකට ස්ථාන මාරුවක් ලබා යමි.එහිදී සමහර විට දැන් සිටින තැන මෙන් නිදහස්ව අන්තර්ජාලයට යාමටද බැරි වනු ඇත. මා වඩා කාර්යබහුල වනු ඇත. එහි අවුලක් නැත..../

    මක්ක කියැන්නෙයි,

    ReplyDelete
    Replies
    1. ටලගොයා කභරගොයා කරගෙනද නැත්නං අනිත් පැත්තද??

      Delete
    2. mamath rajaye sewakayekmi. aanduwe salli walin "Blog" balanna/liyanna epa, if you are a "blogger"

      Delete
    3. ඇත්ත ඒක නම්.. ම. ම. හොඳ මාර්කටියර් කෙනෙක්..

      Delete
  13. මාතලන් ලොක්කා

    සති කීපයකට පසු ඔබගේ ලිපි අද කියවනවා.

    අරහේ රිශාර්ද් බදුර්ඩින් හොරගෙඩියා විල්පත්තු කෑලේ "චූටි චූටි ගෙවල්" හදනවා අරාබියෙන් සහ පකිස්තානයෙන් ලන්කාවට ගෙන්වන සරනාගත "චූටි අසරන" මිනිසුන්ට.

    ඔයා බොරුවට "චූටි පබිලිසිටි පාරක්" විල්පත්තු වන සන්හාරය පිලිබදවත් ලියන්නකෝ.

    ලන්කවේ ජනපතියා ගොන්/ මීහරක් තඩියෙක් බව ඔප්පුවෙලා අවසානයි. රටේ මොනතරම් පිලිතුරුහොයාගන්න බෑරිතරමේ ප්‍රශ්න තියෙනවද. ..

    බ්‍රා කේස් එකක අරගෙන...ඒක ඔලුව උඩ තියාගෙන.... අපිත් ජනපතියා වගේ පිස්සු කෙලිනවද තවමත්. ...

    අපේ ආච්චි කියන්නේ "මුන්වගේ ගොන්වහන්සේලාට බූ හනස්සකින් තලන්න ඕනේ ඉහ මුදුනටම මොලේ පෑදෙන්න" කියලයි.

    අපේ ආච්චි දකුනේ මූදුකරේ පොල් ගස් මන්ඩියේ ජීවත් උනනිසා ඔය විදියට තමයි බනින්නේ.

    මද්යස්ත මතදරියාට තම මතය හිස මුදුනේ තියාගෙන පුලුවන්. නමුත් අනිත් අයගේ මතයටත් ඉඩ දෙන්න ඕනේ කියලා මම හිතනවා.

    ==Adrian Channa from Toronto===

    ReplyDelete
    Replies
    1. Well said. So sad to see even these "award-winning" bloggers are still catering for the taste of filth-loving fellow readers.

      Delete
    2. මාතලන් ළිපි කීපයකම රිෂාඩ්ගේ මුස්ලිම්කරණය ගැන ලිව්වා.. ඊට වඩා දරුණු එකක් යනවා නැගෙනහිර.. ඊයේ පෙරේද පොලීසිය ක්‍රියාත්මක් වෙල ඉඩම් බලෙන් ඇල්ලීමක් නැවත් වුවා.. ඒ මාධ්‍යකරුවන්ට අපේ ප්‍රණාමය හිමි වියිය යුතුයි..

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. ඔය විදේශීය උන් මඩු වලිග කතාව නිසා වලිගේ පාගගෙනය.
    කවුද කියන්නේ එතුමා ඒ කිව්වෙ සවුදියේ වගේ කස පහර දෙන්නෙයි කියලා? කවුද දන්නෙ එතුමා කිව්වෙ වෙන දෙයක්ද කියල?.

    කොහොමවෙතත් මඩුවලිග මදිය. හයි හීල්ස්, හෑන්ඩ් කෆ්, මාස්ක් ආදියත් එකතුකරගෙන s & M ප්‍රසංගයක් අවශ්‍යය.



    ReplyDelete
  16. 1.සිරාට තියෙන්නෙ අනන්‍යතා අර්බුදයක්.
    බයියෙකු වුන මහින්ද වටේ හිටියෙ ඒ වගේම බයියො රෑනක්. ඒ නිසා එයාගෙ පිස්සු එයාලට ශෝයි සීන් එකක් තිබුනෙ.
    නමුත් බයියෙකු වුන සිරා බලයට ගෙනාවෙ ඔහුට වඩා යම් ඉදිරිගාමී පිරිසක්. දැං සිංහාසනාරූඪ වෙච්ච නරිය උගේ බාසාවෙන් අමතනව වගේ සිරා සුපුරුදු බයි ගති එකින් එක පෙන්නන්න පටන් අරගෙන තියෙන්නෙ.

    2.යකා ගැන නං ලැජ්ජයි! යකා බ්ලොග් ලිවිල්ලට එද්දි හිටිය බයි ගතියෙන් මිදිල යම්කිසි දැක්මක් තියන ලෙවෙල් එකට ආව. නමුත් බ්‍රා ගැන සිදුවීම ගැන කතා වෙද්දි යකා ආයෙත් පුරුදු තැනට වැටුන හැටි මම දැක්ක (මාතලන් ඒ ගැන කොතනක හෝ කියලත් තිබුන මතකයි). කමෙන්ට් වසාදමා පලායාමෙන්ම ඔහු කවුදැයි පෙන්නුව.

    3.සිරා වගේම යකත් මුහුණදුන්නෙ සමාන්තර සිද්ධි දෙකකට. දෙන්නගෙම හැසිරීම් සමානයි. මේ දෙන්න ගැන එකම පෝස්ටුවක ලියන්න මාතලන්ට සිදුවීම මොන තරම් සරදමක්ද!

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ම. ම. ට වෙච්චි දේ සිරා ලොක්කටත් වෙල ඉවරයි.. ඒකයි ඔය අන්තිම තුරුම්පුවත් ගැහැව්වේ..

      Delete
  17. හය්යෝ මිස්ටර් මාතේ..!! මයිත්රී ගේ ටෝක් එක නම් පට්ට චාටර්.. ඔයිට හොදට රනිල් ට කතාකරන්ට පුළුවන්. මද්‍යස්ථ මතදාරියට සය්බරේ උන දේවල් මම ටික දවසක් ඉඳන් බලාගෙන හිටිය. මම හුගක් සියදිවි නසාගත්ත මිනිස්සුන්ගේ ජිවිත කතා කියවල තියෙනවා. එක දවසක් මගේ කොමෙන්ට් එකක් දරාගන්ට බැරි මනසිකත්වයෙන්ද කොහෙද මද්‍යස්ථ මතදාරිය මට සුද්ද සිංහලෙන් ඊමෙල් දෙකක් එවල තිබ්බ. එකක් තිබ්බ එයා උඩරට රදළ පැලැන්තියේ සහ මම අඩු කුලේ කියල. තව එකක තව මොනවද කියල. මමනම් රිප්ලයි කොරන්ට ගියෙ නෑ.. මචෝ මද්‍යස්ථ මතදාරියා. සියදිවි නසාගන්ට එක ලෙහෙසියි. ජීවත් වෙන්ට අමාරුයි. මටනම් පෙන්නේ බුවාට ඩිප්රේෂන් වගේ.. පොඩ්ඩක් ඕකව දැකපු වෙලාවක බලපන් අත්දෙක එහෙම බ්ලේඩ් වලින් කපාගෙන තියෙනවද කියල.. මමත්වය දරාගන්ට බැරි උනහමත් එහෙම දේවල් කරගන්නව..

    ReplyDelete
    Replies
    1. උඹ තාම ඉන්නවා... ඌ දාලා ගියා... කව්ද දිණුම්...

      Delete
    2. adu kule ballo ekathu wela .......

      Delete
  18. ගමේ පොදු ළිඳේ නාද්දි ඇති වෙන්න තං දැකල, සීගිරි ගියාම තං චිත්‍රත් දැකල, පංසලේ චිත්‍ර වලින් සංසර්ග ඉරියව් පවා දැකල මදිවට උඩුකය නිරාවරණය කරගත් මිත්තනියන්ගෙන් පැවත ආවට ඔය සුද්දො ගෙනල්ල ඇන්දුව තං පටයක් ගලෝල විසි කළාම නිකං ක්ෂණික මෝචනය වගේද මංදා...

    ReplyDelete
    Replies
    1. පොදු ළිදේ නාද්දි තං දකින්නෙ කොහොමද? දිය රෙද්ද අදින්නෙ තන් වැහෙන්නනෙ.

      Delete
    2. මම නම් කියන්නේ ඔය පෙරහරවල තියෙන්නේ කළගෙඩි උඩට උසික්ක කොරන නැටුම්, එතකොට කුල්ල උඩට උසික්ක කොරන, දෑකැත්ත උඩට උසික්ක කොරන නැටුම්.. ඒ අතරට බැසියරේ උසික්ක කොරන නැටුමකුත් දාන්න ඕනා කියලා..

      Delete
    3. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      "එන්රික වන්නම " කියලා නමකුත් දාමු...

      Delete
    4. ඒ වන්නමට පිටිපස්සෙන් දාමු "මඩු වලිග වන්නම"
      කොස්ටියුම් එක ගැන නම් ආයේ ආපු ලියන්න ඕන නැහැනේ-බ්‍රවුන් කලර් ජැකට් එකත් දාපු මෝඩි ටයිප් නැෂනල් එක.

      Delete
  19. බොලාගේ ආච්චි අද හිටියනං මොනවා කියාවිද.

    ReplyDelete
    Replies
    1. උස්සලා වැටකොළු දෙක පෙන්නලා කියයි එකී මොකද මන් මොකද අපිට මොකට ඕවා කියලා

      Delete
    2. අලේ මල්ලැල්ලෑ කොලුලෝ... කල්ලල් ලෑ බොල්ලල් ලෑ... සිලා කොලූ ලිසා... බොඩිය ගලවල්ලල් ලෑ කියයි...

      Delete
    3. Comment of the Day

      Delete
  20. සිරා මාමා තාම ආත බූත වෙච්ච ගමන්.ජයන්ත චන්ද්‍රසිරි 'ගරිල්ලා මාකටිං' ෆිල්ම් එක කරනකොට ජනධිපති චරිතෙ රඟපෑවෙ ජැක්සන් ගොයියා.කොහොම කරත් හරියට ෆීලිංග්ස් නැති නිසා ජයන්ත මහතැං ලොකු තැනට කියලා පී.ඇස්.ඩී සැට් එක ඉල්ලලා.ලොකු තැනත් එක පයින්ම දීලා.පුල් පී.ඇස්.ඩී ආරක්ශාව යටතේ කොළඹ රවුමක් ගිහින් ලොකේශන් එකට එනකොට ජැකා ජනාධිපති වෙලා රැස් විහිදෙනවලු.ජැකා ම කියනවා ඒ අත්දැකීම හාට් බීට් එක වැඩි වෙන අත්දැකීමක් කියලා.බොරුවට කියලා දැන දැන නළුවෙක් උන ජැකාට එහෙම නම් සිරා ගැන කවර කතාද? පව්.. අපේ රට.
    මධ්‍යස්ථ මතධාරියා බ්ලොග් වල හිටිය නම් වටිනවා.ඔහු කාලය,දැණුම කැප කරපු හේතුව නොදැන මුකුත් කියන්න අමාරුයි.කොම වෙතත් අපරාදෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සමහරු නිසා තනතුර බැබලෙනවා.. සම හරක් තනතුර නිසා බැබලෙනවා..

      Delete
  21. හැම එකටම ඇඩ් දාන්ඩ ගිහිං නාගන්නවා වගෙයි හිටං !!!!

    ReplyDelete
    Replies
    1. ඩිෆෙන්ඩර් ගැන නෝ කතා...

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. 35000ක් විතර දීලා ඔය වගේ ශෝ බලන්න යන්නේ සල්ලිකාරයෝ බන්.අපි අරාබියේ ඔටුවන්ගේ බෙටි ඇදලා කොච්චර හම්බකරත් ඔය වගේ සල්ලිකාරයෙක් වෙන්න බෑ.ගමේ මියුසිකල් ශෝ එකක කසිප්පු බීලා ඩාන්ස් කරන පොරවල් අපි.අපි international music කියලා අහන්නෙත් හින්දි සින්දුයි,නගෝ නගෝ සින්දුවයි විතරයි.35000ක් දීලා ශෝව්ස් බලන්න යන්නේ පට්ට පොෂ්,ලස්සන කෙල්ලො.අරාබියේ වැඩට එන කලු ගෑණු වගේ නෙවෙයි උන් සුරංගනාවියෝ වගේ.ඒ වගේ කෙල්ලො අපි දිහා හැරිලවත් බලන්නේ නෑ.උන් තියා ගමේ ඉස්කෝලෙ මහත්තයගෙ දුවවත් අපිව සත 5කට ගණන් ගන්නේ නෑ.එහෙම කෙල්ලෙක් අර පරයට බ්‍රා එක ගලවලා දුන්නනේ,සිංහලේ කකියනව යකෝ.මොනව උනත් ජාතිය,සංස්කෘතිය පිටින් දාලා පොහොසත් උන්ට නැතිවෙන්න මඩ ගහලා අපේ ඉරිසියාව පිට කරන්න මාර චාන්ස් එකක් හම්බුනේ,අර හිටං මැද්දට පැනලා වැඩේ කෑවානේ.

    මොනව උනත් අපි හිටංටයි,පොනිල්ටයි විරුද්ධ වෙන්න ඕනේ.මොකද මහින්ද මහත්තයාව ආයෙ ජනාධිපති කරලා ව්‍යවස්තාව වෙනස් කරලා දුටුගැමුණු යුගයේ තිබ්බා වගේ 100%ක් සිංහලේ රාජාණ්ඩු ව්‍යවස්ථාවක් හදපුම ඔය ඉගනගෙන සල්ලිකාරයෝ වෙලා ඉන්න පහත් කුලේ උන්‍ට කියලා අපේ කක්කුස්සි සුද්දකරගෙන අපේ ඉරිසියාව පිරිමහගන්නවා.එතකොට ඔය දැන් බෙන්ස් වල උඩින් යන හයි ෆයි කෙල්ලොන්වත් වැඩකාරකමය ගත්තැහැකිනේ.එතකන් අපි ඉවසනවා.
    -බයියෙක්

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. උඹලට ආතල් නැති උනාට අරාබියෙ අපිත් එක්ක ඉන්න බයියො ඊට වඩා ආතල් ගන්නව. හොදට පාටි වලට යනව. ඔය පොෂ් එවුන් සුරන්ගනාවියො කියල හිතන කෙල්ලොත් නවදැලි හේනෙ කර වෙච්ච වැදිරියො වගේ අපි සෙට් වෙන කෙල්ලො එක්ක බලපුවහම. අපි සෙට් වෙන්නෙ පිලිපින් කෙල්ලො එක්ක ඔය කොළඹ 7 පොෂ් කියන එවුන්ව හන්ගන්න තැන් නැති වෙනව අපේ කෙල්ලො එක්ක තිබ්බහම. ඔය එකෙක්ටවත් නැති ආතල් අපේ කොල්ලො ගන්නෙ. ඔය ලංකාවෙන් එක කලු කැත ගෑනු දිහා බලන්නෙවත් නෑ අපි. හොදට බීල ඩාන්ස් කරල ෆුල් ලල් එකේ යකෝ අපි ඉන්නෙ. තෝ දන්නෙ නෑ අරාබියෙ බයියන්ගෙ වැඩ.

      Delete
  24. ඔය බ්‍රා විසි කරන ගෑනුන්ව අල්ලගෙන උඩ ඇදුම් ඔක්කොම ගලෝල ප්‍රසිද්ධ තනකට ගෙනල්ල මඩු වලිගෙන් තලන්න ඕන රජ කාලෙ ගෑනුන්ට කස පාර දුන්න වගේ.

    ReplyDelete
    Replies
    1. රජකාලෙ ගෑනුන්ට දඩුවම් කරේ නෑ. පිරිමින්ට විතරයි කස පාර ගැහුවෙ.

      Delete
  25. සිරිසේනට ජය වේවා...
    මද්යස්තටත් ජය වේවා...
    දෙදෙනාටම මඩු වලිගෙන් පස්ස පැත්තට ම ලැබේවා...

    ReplyDelete
    Replies
    1. බයියෝ අතර ටොයියෝ නැතෙයි කියලා මම හිතාගෙන උන්නේ..

      Delete
  26. ලොක්කෝ මමත් ඔය වගේ දෙයක් හිතුවා නෙව...
    මුලින්ම හිතුණා සැළලිහිණියාව වර්ණනා කරේ අර තනපට කේස් එකටද කියලා...
    පස්සේ කොහේදිදෝ දැක්කා ඒ කේස් එකට බැනපු එකක්...

    ඇත්තටම මම අර පොරගේ බ්ලොගේ හරියට කියෙව්වේ අන්තිම පෝස්ට් එක විතරයි...
    අර කාලයක් ගුරුවරියකගේ මතක ලියන කෙනා එක්ක රණ්ඩුවක් දා ගත්ත කෙනා නේද ඔය???
    එයා අනික් අයගේ පෝස්ට් වලට දාපු අදහස් වල නම් මට මැද ගතියක් දැනුනේ නෑ...
    කොහොම වුණත් ලියන එක නතර කරන්නේ නැතුව ඉන්ට තිබ්බේ...
    ඒත් අර මගේ
    ඒක ඇත්ත ඒකත් ඇත්ත
    කියන පෝස්ට් එකේ තිබ්බා වගේ එයාට මොන මොන ප්‍රශ්න තිබුණාද කවුද දන්නේ???

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එයාගේ කිසිම මද්දස්ත බවක් නෑ.. පොරගේ බොගේ උඩම තියෙන හඳුන්වා දීම දැක්කාම.. මට පාස පැත්තෙන් හිනා එනවා... නවත්ත ගන්න බැරුවා...

      Delete
    2. අයියෝ,.,,,ඕකාට දුක හිතෙයි මාතො....ආපහු ඉතින් බ්ලෝග දිහා බලලා බත් කෑම නොවෙයි වතුර බීමත් නවත්තයි...

      Delete
  27. බ්‍රා නෙමේ උඩට මොන කෙහෙම්මලක්වත් ඇන්දෙ නැති ගෑනු හිටපු රටකට වෙච්ච දෙයක්.

    ReplyDelete
    Replies
    1. එහෙමම ඉන්න දෙන්න තිබ්බේ සුවාසිලන්තේ වගේ.. සුද්දන්ටත් පිස්සු... වනචාරි සිවිලයි කොරන්න දඟලන්නේ...

      Delete
  28. "ඔය පිඟානක් ගේන්න මේ කොළුවට බත් ටිකක් කන්න දෙන්න. කාගෙ වුණත් දරුවෙක්නේ." "ඔය පුටුවෙන් වාඩිවෙන්න. හොඳට කාල ඉක්මණට ලොකු මිනිහෙක් වෙන්න ඕනෑ" දෙවෙනි වීඩියෝවේ ඇති අල්ලලා ගිය කෑල්ලකි.

    ReplyDelete
    Replies
    1. කෙල්ල පොඩි කාළේම කොල්ලා කැන්දගෙන ඇවිල්ලා...

      Delete
  29. මධ්‍යස්ථ මතධාරියා වෙත බොක්කෙන්ම..

    බැසියරේ නිසා ජනාධිපති තුමාට මල පැන්නා වාගේම, අපේ බොග් සංගමයේ යාව ජීව සමාජිකයකු වෙන, මද්දස්ත මතදාරියාටත් මලේ හොඳම එකෙන් පැන බොග දැමිල්ල නවත්වා දමනවා කියා පෝස්ට් එකක් දාලා තියෙනවාය. ඒකේ කොමෙන්ට් දාන්නටත් බැරිය. මාරම මද්දස්තයක්ය. ඒවාට කියන්නේ මද්දස්ත නොව මොනෝපොලි කියලාය. ඔය ලෙඩේ හැදුනාම මෙළෝ මඟුලක් කොර ගන්නට බැරිය.

    උඹ පෝස්ට් එකේ කියනවා වාගේ කේසුත් ඇත්තේ නැතයි කියා බොරු කියන්නට බැරිය. එහෙත් ගේම කියන්නේ ඕන එකෙකුට ඕන ලබ්බක් කියන්නයි කියා, තම මතය වෙනුවෙන් දිගටම පෙනි ඉන්නා එකය. එහෙම උන්නාම සිඳුවන ලාබ පාඩු පැත්තකින් තියා, එහෙම උන්නාම හිතට දැනෙනා පිරීතිය එකෙකුටවත් ගහලා ගන්නවත් බැරිය.

    ඕන හරකෙකුට ඕන මගුලක් කොර ගන්න කියා. තම මතය තව දුරටත් උඹේ බොගේ ලියනවාට මාතලන් නම් මනාපය. එහෙම ලියන්නෙයි කියා බොක්කෙන්ම ආරාධනා කොරනාවය.

    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ pattenuth hondama ekaya.... let me go through the post.... aathal eka wedi kamata ketuwe... ona nethnam ain kalata kisima amanapayak nethiya.

    ReplyDelete
  30. අරාබියේ වැඩට ගිය වයස අවුරුදු 48ක ළමයිනුත් ඉන්න ගෑණියක් අරාබියේදී කොල්ලෙක් එක්ක අනියම් සබදතා පවත්වලා මාට්ටු උනාම ඒකි පරම පවිත්‍ර ප්‍රේමවන්තියක් වෙලා,එන්රික්ට බ්‍රා එක විසි කරපු තරුණ කෙල්ල පට්ට වේසියක් වෙන්නේ කොහොමද?

    අරාබියේ වැඩට ගිය ගෑණි මාට්ටු උන වෙලාවේ බුකියෙ බයියො කිව්වේ ඕවා සාමාන්‍ය දේවල්,90%ක් දෙනා අනියම් සබදතා පවත්වනවා,ඕව මහලොකු දේවල් නෙවේ කියලා.ඒත් මේ සිද්දියේදී ඒ උන්ම comment කරනවා ලංකාව ලෝකය ඉදිරියේ හෑල්ලුවට ලක් වුනා,සංකෘතිය,ආගම පිරිහිලා,සිංහල ජාතිය අණතුරේ... අනන් මනන් කියලා.
    ඇත්තටම ෆෝන්වල මිලගණන් අඩුවෙද්දි බයියෝ බුකිය ආක්‍රමණය කරද්දි,ටොයියො බුකියෙන් ඈත් වෙලා clash of clan වහේ games ගහන්න පුරුදු වෙද්දි facebook එකේ තත්වයත් විකාර වෙනවා.

    ReplyDelete
    Replies
    1. මහ බයියා ඇර අනික් බයියෝ ඔක්කෝම තාම බලයේ ඉන්න කොට මේවා පුදුම දේවලුත් නෙමෙයි...

      Delete
  31. Yakata pissuya.... That's it

    ReplyDelete
    Replies
    1. එන්‍රිකේ බ්‍රා එකත් අරගෙන යන්න ගියා.. අපි තාම එක එක්ක පැටලිලා....

      Delete
  32. ගොන් කමට කට ඇරියට ලොක්කා හිතන්නේ නැතුව ඇති මේ කතාව මෙච්චර දුරදිග යයි කියලා. කවුද දන්නේ මේ එන්රිකේ කියන එකා මේ තරම් ජනප්‍රියයි කියලා හිටන්?

    ReplyDelete
    Replies
    1. දැන් වැටුන වලෙන්ම ගොඩ එන්න ට්‍රයි එක දෙන්නේ... රටේ වෙන කිසිඅම පුරස්නයක් නැහැනේ...

      Delete
  33. මඩු වල්ලෙන් තලන්න ඕන බ්‍රෙසියර් විසික් කරපු කෙල්ලගෙ පුකට.

    ReplyDelete
  34. maathe, matanam hithaa gannawath baha samaharak prasna waladi lassanata lessala yana strategy ekak follow karana hitan thumaa, me kohedoo yana amudayak kare daagaththu ekanam.
    yakage posts walata mamath like. but meka "sadhahatama" daala yanna tharam hethuwak last post ekenam man dakinne naha. daksa kreedakayek kandaayamen ewath unaa wage wadak. nawatha enawanam hondhai.

    ReplyDelete
    Replies
    1. පුරස්න වලින් ලිස්සලා ගියාට පුරස්නේ එතනමයි. අන්තීමට එකක්වත් විසඳලා නෑ... එතකොට මහා ප්‍රශ්ණ තියෙද්දි මේ දෙකයි පනහේ ප්‍රශ්ණයක් බදාගෙන එයාම නඩු අහලා, එයාම තීන්දූ දීලා ඔක්කොම කරලා ඉවරයි. එයා මේ රටේ අයිතිකාරයා නෙමෙයි. පාලකයා විතරයි.. ඒත් තනතුර ලැබුනම සියල්ල අමතක වෙනවා.. අපි ජීවත් වෙන්න ඕන එයා කියන විදියට..

      Delete
  35. පෙකනිය නොදක්වා
    සලු අද බොලට දක්වා
    නොපව තන සක්වා
    සිනා නොමසෙන් දසන් දක්වා
    උඹල කියන විදිහට අසභ්‍ය විදිහට ගෑනු ඇන්දෙ න ඒ කාලෙ. බුරියවත් පේන්න ඇදල නෑ. උඹල බයිල ගහනව තන් පේන්න ඇන්ද කියල. දැන් ඉතින් ගෑනු යනව සාරි ඇදගෙන සාරිය වැටෙන්න ඔන්න මෙන්න බුරිය එහෙම් පිටින්ම එළියෙ. පිටිපස්සෙන් බැලුවහම පුක බේරෙනව. එහෙම ඇන්දෙ නෑ ඉස්සර. ඒ කාලෙ ඇන්දෙ විනීතව.

    ReplyDelete
    Replies
    1. විනීතව නෙමෙයි.. ඒක ඒ කාලේ ඉට්ටැයිල් එක.. උඹලට ඕන දැන් ඉන්න උනුත් ඒ ඉට්ටැයිල් එකට ඉන්නනේ..

      Delete
    2. ඉස්ටය්යිල් එකක් නෙමේ යකෝ උඹ දන්න දෙයක් නෑ. ඒ කාලෙ හැමෝම ඇන්දෙ මුලු ඇගම වැහෙන්න. ඔය බ්‍රා ඇන්දෙ නැති උනාට තන පටියක් ඇන්ද. තන පටියට උඩින් ඇන්ද අත් දිග හැට්ටයක්. යටට ඇන්ද දිග රෙද්දක්. දැන් වගේ බඩ පේන්න ඇග බේරෙන්න සාරි ඇන්දෙ නෑ. සාරිය ඉන්දියාවෙ ඇදුමක් ලංකාවෙ එකක් නෙමේ. සංවර ඇදුමකුත් නෙමේ. ලංකාවෙ ඇදුම් සංවරයි. නානකොට උනත් හොදට ඇදගෙන නාන්නෙ. දැන් වගේ වතුරට ඇග ඇලෙන චීත්ත ඇදගෙන නෑවෙ නෑ.

      Delete
    3. සුද්දෝ ලියපු පොත් තියෙනවා හින්ගලට පරිවර්ත්නය කොරාපු.. අන්න ඒවා ටිකක් හොයාගෙන කියවන්න. ඇන් ඇම් පෙරේරා ගැන ලියවුනු විස්තර ටිකක් හොයාගෙන කියවන්න.. ඇන් ඇම් කියන්නේ රජ කාළේ හිටිය කෙනෙක් නෙමෙයි.. මේ මෑත ඉතිහාසයේ ජීවත් වෙච්චි කෙනෙක්.

      Delete
    4. සුද්දට ඕන කරේ ඇදුම්වත් ඇදපු නැති හද්ද ගෝත්‍රිකයො ටිකක් උන් සිවිලයිස් කරා කියල ලෝකෙට ඔප්පු කරන්න. උන් ඒක හින්ද බොරුවට පොත් ලියල බොරු චිත්‍ර ඇදල පෙන්නල තියනව. රොබෙට් නොක්ස්ගෙ පොතේ තියන බාගෙට බාගයක් බොරු. සුද්දෙක් කවදාවත් ලංකාවෙ එක හොදක් කියපු තැනක් තියනවද? උන් ඔක්කොම කනපිට හරෝල ප්‍රසිද්ධ කරල තියෙන්නෙ. උඹල වගේ හරක් ඒ ඇම කාල කියලව අපි ඉස්සර හිටියෙ එහෙමයි කියල. ඇන් ඇම් පෙරේර කියල එකෙක් ගැන අහලවත් නෑ. ඌ ගැන විස්තර තියන ලින්ක් එකක් දෙපන් පුලුවන්න

      Delete
    5. ඇන් ඇම් පෙරේරා ගැන නොදන්න එකෙක් තමයි ගෑණුන්ගේ උඩුකය ගැන කතා කරන්න ඇවිත් තියෙන්නේ.. මට වෙලා නෑ පුතේ.. තාත්තගෙන් අහගනින්...

      Delete
    6. මාතො, ලංකාවට අයිති ඇඳුම මොකක්ද කියලා ඔය උඩ ඉන්න දේශීය ඔස්තාර් ලා එකෙක්ගෙන් අහල දියන්කෝ බන්...

      උන් හෙන පොරවල් වගේ දේශීයත්වය, සභ්‍යත්වය වගේ රෙද්දවල් කතා කරනවා...

      මම අහල තියෙන විදියට ලංකාවට අවේනික එකම ඇඳුම තමයි අමුඩේ( අර කුඹුරු වැඩ කරන "රජවරු" අඳින එක) . ඒ හැර අනිත් ඔක්කොම ටික පිට රටවල් වලින් මෙහෙ ඇවිත් පැලපදියම් වෙච්ච ඇඳුම්...නැෂනල් එකත් එහෙමයි...

      ඒ මදිවාට තියෙන ආගම් සේරම පිටින් ආපුවා...

      ඒ වුනාට ටෝක් දෙන්නේ "අපේ කම" ගැන.

      රෙද්ද තමයි ඉතින්...

      Delete
    7. අනේ තෝ විභීෂණ කියල නම දාගෙන හිටියට දන්න කිසි දෙයක් නෑ. අමුඩෙ කියන්නෙ සරමට යට ඇදුමක් විදිහට ඇදපු එක. උඹ කියන විදිහට ගෑනු ඇන්දෙ මොනාද ඒ කාලෙ. සාරිය පිටින් ආපු දෙයක්. ඒත් අපේම කියල හොදට ඇග වැහෙන ඇදුම් ඇන්ද ඉස්සර. සුද්දො ලියපු බොරු වලට උඹල රැවටිලා ඒකට මට කරන්න දෙයක් නෑ. ලංකාවෙ සංස්කෘතිය හොදට වැහෙන්න ඇදපු සංස්කෘතියක්. මඩ ගහන්න කියන කතාවක් ගෑනු උඩට ඇන්දෙ නෑ කියන එක. පුලුවන්නම් ඔප්පු කරන්න එහෙමයි කියල සුද්දො රවට්ටන්න ඇදපු චිත්‍ර ටිකක් පෙන්නන්නෙ නැතුව. මුලු ඇගම වැහෙන්න ඉස්සර ඇන්දෙ.

      Delete
    8. යකෝ, "විභීෂණ" කියන්නේ සියල්ල දත් නෙමෙයි. උඹ ඔක්කොටම කලින් සිංහල ඉගෙන ගනින්.
      -----
      අටසිය ගණන් වෙනකම්ම ලංකාවේ ගෑනු උඩට ඇන්දේ නැහැ. කැට කතා වත්, එක එකා අඳපු චිත්‍ර වත් නෙමෙයි , ඕන තරම් ෆොටෝ තියෙනවා ඒ කාලේ ගත්තු.
      -----
      "හොඳට වැහෙන්න ඇඳපු ලංකාවේ සංස්කෘතිය"- උඹ දන්න රෙද්ද තමයි.
      පොඩ්ඩක් ඉගෙන ගෙන වරෙන් ගොන් ටෝක් දෙන්න කලින්...

      Delete
    9. සරම-සුද්දගේ
      කලිසම-සුද්දගේ
      කමිසේ-සුද්දාගේ
      කෝට් එක -සුද්දාගේ
      තොප්පිය-සුද්දගේ
      සපත්තු-සුද්දා ගේ
      සාරිය/හැට්ට -දෙමළා ගේ
      රෙද්ද/බැනියම-දෙමලා ගේ

      මෙතන නොලිව්වේ අමුඩේ විතරයි
      එක කොහෙන්ද කියලා හොයල බලහන්...

      Delete
    10. සුද්දො ලියපුවා ඔනෙ නෑ. ඈත උඩරට හෝ රජරට ගමකට ගිහින් වයසක කෙනෙක් ගෙන් අහන්න. එහෙම නැත්නම් ධීවර ගම්මානයකට යන්න.

      සුදු මිෂනාරීවරුන් ආගම පතුරුවන්න අපිව ශීලාචාර කරන්න ඕනෙයි කියල ප්‍රචාරයක් ගෙනගිය එක ඇත්ත. ඒත් හුඟක් දෙනා අමතක කරන දෙයක් තමයි ඔය පොත් ලියපු සුද්දො එකිනෙකාගෙන් ඉතා වෙනස් අය. සමහරු ඒකාලෙත් නිර් ආගමිකයො. 1800 ගණන්වල මැද යුරෝපයේ ලිබරල් පුනරුදයක් වුනා. ඔය ලියපු අයගෙන් 50% වඩා අය කිසිම ඇජෙන්ඩා එකක් නොව scholars ලා හා travelers ලා විදිහට ලියපු අය.

      Delete
    11. ඇත්තටම උඹ් බීලද? සුද්දො කවද්ද සරම් ඇන්දෙ? සුද්ද එන්න කලින් ලංකාවෙ මිනිස්සු ඇදල තියෙන්නෙ අමුඩෙ විතරයි. එතකොට ගෑනු ඇන්දෙ මොනාද? උඹ ටිකක් හොයල බලල කතා කරපන්.

      Delete
    12. පෙන විදියට උඹ "සුද්දා" කියන්නේ එංගලන්තෙන් ආපු එවුන්ට විතරයි වගේ.

      අපි සුද්දෝ කියලා කියන්නේ මුළු යුරෝපෙම එවුන්ට. ඒ අතරට පෘතුගාලය යි, ඕලන්ද යයි දෙකත් අයිතියි...

      තව පොඩ්ඩක් ඉගන ගෙන වරෙන්...

      Delete
    13. සුද්දෝ එන්න ගොඩාක් ගොඩ ගොඩාක් කලින් ඉන්දියාවේ එවුන් මෙහෙට ඇවිල්ල තියෙනවා නේ...

      උඹ ඉතිහාසේ පාඩමට "ඇබ්සන්ට් " වෙලා වගේ නේ...පවු මෙයා...

      Delete
    14. ඇදුම් කොහෙන් ආවත් මිනිස්සු සංවරව ඇන්ද. ගෑනු ඇන්දෙ හැට්ටෙයි දිගට රෙද්දයි. හැට්ටෙ කිව්වට දැන් වගේ බුරිය පේන්න නෙමේ. හොද සංවරව. උඹ කියන විදිහට ගෑනුත් අමුඩෙ ගහගෙන වෙන්නැති හිටියෙ.

      Delete
    15. උඹ දන්නේ 1815 පස්සේ ඉතිහාසේ. ඉංග්‍රීසි ආක්‍රමණයෙන් පස්සේ කාලේ.
      ඒ වෙනකොට මේහේ එවුන් සරම් එහමත් ඇන්දා....

      මම කියන්නේ පෘතුගීසි එන්නත් කලින් කාලේ ගැන.
      එතකොට සරමක්වත් මෙහෙ නැහැ බොල.

      මම කිව්වේ එකයි...
      මෙහෙට කියලා ලියවිච්ච එකම ඇඳුම අමුඩේ විතරයි...

      Delete
    16. ගෑනු සුද්දගේ කාලෙත් හිට්යෙත් උඩට මොකුත් නැතුව.
      දන්නේ නැත්තන් අහගනින් දන්නා එකෙක්ගෙන්...

      අර උඩ Pra Jay කියල තියෙන්නෙත් එකමයි...

      Delete
    17. \\ ඇන් ඇම් පෙරේරා ගැන නොදන්න එකෙක් තමයි ගෑණුන්ගේ උඩුකය ගැන කතා කරන්න ඇවිත් තියෙන්නේ.. මට වෙලා නෑ පුතේ.. තාත්තගෙන් අහගනින්...///

      +++++++++++++++++++++++++++++++
      එලස් එකේ හොඳම එක මාතේ...හයියෝ...!

      Delete
    18. මී හරකො සීගිරියෙ උඩට නැතුව ඉන්න ගෑනි ළග උඩට හොදට ඇදගත්තු කලු ගෑනියෙක් ඉන්නව දැකල නැද්ද? ඒ පෘතුගීසි ලංකාව දකින්නත් කලින් ගත්තු ඒව. ලංකාවෙ හොදට වැහෙන්න ඇදුම් ඒ කාලෙ තිබ්බ. ඔතන උඩට නැතුව ඉන්නෙ රජ්ජුරුවන්ගෙ අන්තප්පුරේ ගෑනු. එයල ලංකාවෙ ගෑනු නෙමේ. ලංකාවෙ ගෑනු අය කලු අය. හොදට බලපන් කලු ගෑනු හැමෝම උඩට ඇදල. අනිත් එක පෘතුගීසි හරි ලන්දේසි හරි සරම් ඇන්ද කියල මන් ජීවිතේට අහල නෑ.

      Delete
    19. කළු එකක් ඉන්නවද...? ඇෆ්‍රිකන් එකක් වෙන්න ඇති.

      Delete
    20. ආ එකද..?

      ඈ බන්..එකේ ඇඟ වැහිලා තියෙන තැනක් පෙන්නහන්කෝ...

      අර උඩ "සමරසේකර " ගොයියාගේ තාක්ෂනෙට අනුව හදාපු ඇඳුමක්ද කොහෙද....

      Delete
    21. මේකෙ දෙවනි පොටෝ එක බලපන් එක කෙල්ලෙක් උඩට ඇදල නැද්ද කියල. තවත් කියපන් පුලුවන්නන් ඒ කාලෙ අමුඩෙ විතරයි ගැහුවෙ කියල.
      http://lucycalder.com/the-ancient-cities-and-minneriya-national-park/sigiriya-rock-and-pidurangala-rock-temple/

      Delete
    22. ඒ ෆොටෝ එකම තමයි බන් මාත් කියන්නේ...

      වැහිච්ච තැනක් පෙන්නහන් කියලා...

      Delete
    23. මෙතන ඇනෝ කෙනෙකුයො විභීෂණ කියන එකයි දෙන්නම තමන්ගෙ දන්නැතිකම පෙන්නල විතරයි. ඇනෝ කාරය කියනව ලංකාවෙ ගෑනු ඇන්දෙම ඇග වැහෙන්නලු. එහෙම කියල ඒක ඔප්පු කරන්න මහ ගොන් තර්ක ටිකක් ගෙනල්ල සුද්දට හිතුන ඒව චිත්‍ර ඇන්ද කියල. ඒත් ගෑනු උඩට නැතුව හිටියට විභීෂණ කියනව වගේ ඇදුම් නැතුවට නෙමේ එහෙම හිටියෙ. පැහැදිළිවම අරූ කියනව වගේ සීගිරි චිත්‍ර වල උඩ වැහෙන්න ඇදන් ඉන්න ගෑනු පිරිසකුත් ඉන්නව. විභීෂණ වැහුනු තැනක් පෙන්නන කියල කිව්වට ඌ දාල තියන පින්තූරෙ දෙන්නගෙන් එක්කෙනෙක් වහගෙන තමා ඉන්නෙ. සරම ඉන්දියාවෙන් ආව කිව්වනන් පිළිගන්න තිබ්බ ඒත් සුද්දගෙන් ආව කියල පෙන්නන්න එක යුරෝපෙ රටක් කියපන් සරම් අදින. ඌ කියනව වගේ සුද්දො එන්න කලින් තිබ්බෙ අමුඩෙ විතරයි නන් පොළොන්නරුවෙ පරාක්‍රමබාහුගෙ(නැත්තන් වෙන කෙනෙක්ගෙ හරි ) පිළිමෙ තියෙන්න ඕනෙත් අමුඩයක් ගහගෙන. උඩට නැතුව හිටිය තමා ගෑනුත් ඒත් ඒ තිබ්බ එකම ඇදුම අමුඩයක් හින්ද නෙමේ. ඒ කාලෙ සමාජෙ හැටි.

      Delete

    24. @ විභීෂණ 11.
      ----------
      ඉබන් බතුතා විතරයි කියලා තියෙන්නෙ ඔහු මේරටට එනා කොට මෙහෙ හිටිය මිනිසුන් නිරුවත්ව සිටි මිනිමස් කාපු වනචාරි මිනිසුන් දැක්කා කියල. හැබැයි වෙන කිසිදු අයිතිහාසික තොරතුරකින් ඉබන් බතුතාගේ මතය ඔප්පු වෙන්නේ නැහැ. ඔබ එවැන්නක් දැක තිවෙනවා නම් ඒ මුලාශ්‍රය පැහැදිලි කරන්න.
      විජය මෙහීන කොටත් කුවේණි කපු නුල් කටිමින් හිටියා කියලා මහාවංශයේ තියෙනවා. මහා වංශය ප්‍රලාපයක් නොවන බව මේ ළඟදිත් තහවරු උනානෙ. අසම සම වාරි තාක්ෂණයක් තිබුන ජාතියකට සිනිදු රෙදි නිෂ්පාදනය කිරීමේ තාක්ෂණයක් නොතිබුණු බව කියන්න සනාථ කරන්න ඔබට තිබෙන කරුණු ඉදිරිපත් කරන්න.
      සමරසේකර

      Delete
    25. @ සමරසේකර මැතිඳුනි,

      මහාවංශය ආරම්භ වන්නේ ම ප්‍රලාපයකිනි. ඒ බුදුන් ලංකාවට වැඩි බව කීම යි.

      Delete
  36. මාතො, කමෙන්ටුවක් කොටන්න යනකොටම උඹ ම මගේ පොස්ටුවක කලෙකට් කලින් දාපු කමෙන්ටුවක් මතක් වුනා..මම හිතන්නේ මගේ කොමෙන්ටුවට වඩා එක මෙතෙන්ටත් හොඳටම මැච් වෙනවා ..ඒ හින්දා මගේ වචන පැත්තක තියලා උඹේ කොමෙට්න්ටුව දාන්න ම...

    //Maathalan - Priyantha Hewage05 July, 2015 05:18

    පැහැදිලිව සරළව කියනවා නම්, දැන් මේ රටේ තියෙන්නේ බයියන් හා ටොයියන් අතර ප්‍රශ්ණයක්. 2005 දි උනේ පාදඩ ග්‍රාමීය පන්තිය හෙවත් මරි මෝඩ, සට කපට, කුහක, ගෝත්‍රික මානසිකත්වයකින් නොඅඩුව සමන්විත බයියන් පිරිසක් අතට බලය පත් වීම. මේ දේ ලක් ඉතිහාසයේ සිඳුවන්නේ ප්‍රථම වතාවට. ඇත්තටම මේක බයියන්ගේ පැත්තෙන් බැලුවොත් නිහඬ විප්ලවයක්.
    මේකට එරෙහි උන ටොයියෝ කරේ, මේ වෙනුවට ටොයියෙක් පත් කර ගැනීම වෙනුවට, නොම්මර එකේ බයියෙක්ම පත් කර ගැනීම. ඒක පෑහෙන්නේ නැති ක්‍රියාවක්. ටොයියන්ගේ (ටොයි මානසිකත්වක් සහිත උන්ගේ) සියළු සිහිණ කුඩු කරමින් නැවතත් බයියන්ගේ මෝඩ චූන් බලා සැනසීමට රට වැසියාට සිඳු වනු ඇත.
    බයියන්ගේ මඟුල් ගෙවල් වලට වඩා ටොයියන්ගේ මඟුල් ගෙවල් බොහෝ වෙනස්ය. එහෙත් බයියාගේ මඟුල් ගෙදර ගියා නම්, බයියකු මෙන් හැසිරීමට පුරුදු විය යුතුය. නැති නම් අඹ සරණැය.//

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියනවා බොහෝම අඩුයි....

      Delete
    2. අනේ යකෝ මේ මාතලං ගොයියම නේද කිව්වේ 2005 දිත් 2010 දිත් ඡන්දෙ දුන්නේ දිනපු පැත්තට කියලා. මූටත් දැන් මතක නැති ලෙඩේ හැදිලද? නැත්තම් මේ මාතලනුත් "මරි මෝඩ, සට කපට, කුහක, ගෝත්‍රික මානසිකත්වයකින් නොඅඩුව සමන්විත බයියෙක්" විදිහට (අඩු තරමින් 2015 ට කලින්) self-identify කොර ගැනීමක්ද? මහින්ද 2005 ජනාධිපති වුන එකෙන් ලංකාවට උන දෙයක් ඇත්තෙම නැද්ද? මාතලන් අපි කුහක නොවී ඉන්න try එකක් දෙමු.

      Delete
  37. අනේ අම්මප අපේ රටටත් ගිය කලක්...

    ReplyDelete
    Replies
    1. අපි හරි පව් නේ... ගොඩ ඒමක් පෙන තෙක් මානයක නෑ....

      Delete
  38. maathalanta Honda deshapalana iwak thiyenawa. athdakeem thiyenawa. eka nisa tham maathalan baya nathiwa waradata baninne.

    eth maathalan mta thyea gataluwa ape rate ugath kiala kiya ganna goo harak raanta aie chandayakadi niwaradi theerana ganna bari...

    ReplyDelete
    Replies
    1. ගොන් හරක් හොහෙද බන් හරි තීරණ ගන්නේ... ගන්නෙ තියෙන හොඳම ගොන් තීරණේ තමයි...

      Delete
  39. මඩු වල්ගෙන් තැලිය යුත්තේ කාටද...?
    මාතලන්ට

    ReplyDelete
  40. //
    වියදම ගැන කතා කරනවා නම්, මේවා උන්ගේ පෞද්ගලික මුදල්ය. ආන්ඩුවේ ඒවා නෙමේය. ජනාධිපති තුමා ප්‍රමුඛ පාලක පන්තිය, විස්කි, බ්‍රැන්ඩි, ෂැම්පේන්, වයින් බොන්නේ, අපේ සල්ලි වලින් වුවද, මේවා උන්ගේ අම්මා අප්පගේ සල්ලිය. ඉතින් ඒවා ගැන රුදාවක් තියෙන්නේ ඒ අම්මා අප්පලාටය. හැබයි ඉතින් ඔහේලා කන බොන ඒවා ගැන නම් අපටත් රුදාවක් තියෙන්නේය.//
    +++++++++++++++++++++++

    ReplyDelete
  41. විසි කලේ බැසියරේ හැබැයි පෙනුනේ my3 ගෙ හෙලුව. අහෝ අපේ ධර්මද්වීපය!

    ම.ම. ගැන අදහසනම් නම මධ්‍යස්ත වුනාට අදහස් මධ්‍යස්ත නැහැ කියන එකයි. comment block කරන එක සරල උදාහරණයක්. කවුරු මොනවා කියුවත් තමන්ගේ අදහස් වෙනුවෙන් පෙනී සිටින්න කොන්ද පණ තියෙන්න ඕනේ. අන්වර් මනතුංග වැනි අය ඒ අතින් හොඳයි (අ.ම. promote කිරීමක් නොවේ!). කොහොම උනත් ම.ම. ආයෙත් ලියනවනම් හොඳයි.

    මාතා...ලබන්නාවූ 2016 වසර අය වැඩි, වැය අඩු, බැසියර් විසිවෙන, ජංගි ගැලවෙන, ටුවර් වලින් පිරුන නිදුක් නිරෝගී වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. උඹටත් එසේම වේවා මචෝ....!!!

      Delete
    2. උඹටත් එසේම වේවා මචෝ....!!!

      Delete
  42. තාම අපේ පරණ සංස්කෘතිය කියල ඉතුරුවෙලා තියන දේවල් ටිකක් තියනව උඩ සමහර ඇනෝල බිරුවට. පොඩ්ඩක් බලන්න කතරගම දේවාලෙ පාන්දර ගිහින්. එතන ගෑනු කට්ටියක් ඉන්නව අමුතු ඇදුම් ඇදගෙන. හැබැයි ඉතින් තරුණ වයසෙ කෙල්ලන්වනන් හොයන්න එපා. ඒ වගේම සමන් දේවාලෙත් ගෑනු උඩට නැතුව නැටුම් තියනව කියල අහල තියනව. ඒක ගැනනම් හරියට කියන්න දන්නෙ නෑ. කාටවත් අපහාසෙකට නෙමේ මෙහෙම ලියන්නෙ.

    ReplyDelete
  43. මාතේටත් හාමිනාටත් පොඩි තැනටත් ලබන්නාවූ 2016 වසර සතුට සාමය සෞභාග්‍යයෙන් පිරි වාසනාවන්ත වසරක්ම වේවායි පතන්නේ......ෂෙෆාකි...!

    ReplyDelete
    Replies
    1. චෙෆාකි ඇතුළු පවුලේ සියල්ලන්ටම සුබම සුබ නව වසරක් වේවා......!!!

      Delete
  44. sathuta, saamaya, niroogi suwayen piri waasanaa,wantha suba nawa wasarak wewaai pathami...!

    ReplyDelete
  45. උබේ බ්ලොග් එක ඉස්සර ඉදන්ම කියවනවා එත් ෆෝන් එකෙන් කමෙන්ට් දාන්න බෑනේ ...

    සිරිසේනයාගේ මොලේ තනිකර අසුචි තියෙන්නේ මුලින්ම ඕකට ප්ල්ලක් අරන් ඔලුවට නෙලන්න ඕන

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න