.

.

Jun 24, 2016

අළුත් බල්ලෙක් - A New Dog

 
- සාම්ප්‍රදායික කෙටි කතාවක් නොවේ. මාතලන්ගේ කෙටි කතාවකි. -

ඇත්තටම මම ඒ බල්ලා දැක්ක දවසේ ගොඩාක් බය උනා මෙයා. ඌ මාව දැක්ක මුල් දවසේ බුරාගෙන ආපු විදියට මම හිතුවේ, මම ඉවරයි කියලා. හොඳ වෙලාවට ඌ මගේ කිට්ටුවටම එන කොටම, මිස්ටර් ගෝතම ගුණවර්ධන, "හේයි......, ඩෙන්වර්, නෝ....." කියලා කෑ ගහපු ගමන්, එක පාරටම ඌ රොබෝ කෙනෙක් වගේ නැවතුනා. ඊට පස්සේ ඔළුව දෙපැත්තට වන වනා, දිව එලියට දාල, කන් දෙක හාවෙක්ගේ වගේ කරගෙන, නගුට වන වනා මාත් එක්ක හිනා උනා. හැබයි ඒකට නගුටක් කියන්නත් බෑ. හාවෙක්ගේ වගේම පොඩි නැටි කෑල්ලක්. නැට්ට නැති හූනෙක් මතක් වෙලා මටත් ඉබේටම හිනා ගියා.

කොච්චර වැදගත් බල්ලෙක්ද? ඒකට අපේ කඩියා. "ඒයි... බල්ලා.... මෙහෙ වර." කිව්වාම තමයි ඌ තව තවත් බුරාගෙන යන්නේ. වත්තේ තියෙන ගස් වල ඵලදාව පොලුවල ආධාරයෙන් නෙලා ගෙන යන වසවර්ති මාරයෝ කියලා, ආච්චි අම්මා නම්බු නාම දුන්න කොල්ලෝ දෙන්නෙක් තුන් දෙනෙක්ම හපලා, අපේ අප්පච්චිට පන්සලේ සමථ මන්ඩලේටත් යන්න සිද්ද උනා. පොලීසියෙන් තමයි කිව්වේ බල්ලා කූඩූ කරලා හදන්න කියල්ල. අප්පච්චි මේ බල්ලට කැමති නැති උනත්, ආච්චි අම්මා නිසා කඩියට අභය දානෙ ලැබුනා. අප්පච්චි මාර චරිතයක්. එයා කිව්වේ බල්ලෝ තියා කෙල්ලොවත් කූඩූ කරලා හදන්න නරකයි කියලා. ඔය කතා වලට ආච්චි කිව්වේ බලු කතා කියලා.

කඩියා නිසා ඇතිවෙන ප්‍රශ්න වලට අන්තීමටම දොස් ආවේ මට. මම තමයි ඌ පන්සලේ ඉඳලා උස්සගෙන ආවේ කියලා. ගෙනාපු දවසේ ඉඳලම ඌ මහා වසවර්තියා. පන්සලකින් ගෙනාපු නිසා වෙන්න ඇති. ඌ රැලේ වැටෙන කාලෙට, උන්ගේ සමිතියත් එක්ක යන එක, දම්වැල් දාලාවත් නවත්තන්න පුළුවන් උනේ නෑ. ඒ කාළෙට දම් වැල් දාන එක නවත්තලා දැම්මේ, බැල්ලියන්ට මිසක් මිනිස්සුන්ට ඌගෙන් කරදරයක් උනේ නැති නිසා.

අනේ හැමදාම රැලේ යන වැඩේ තියෙනවා නම්, මිනිස්සුන්ට වගේ. ඒත් අපි එහෙම හිතුවට සමහර උන්ට බල්ලෝ වගේ රැලේ වැටෙන කාලෙකුත් නැතිව ඇති. ඒක නේ ගම් වල ග්‍රීස් යක්කු වැහි වැහලා ඉන්නේ. මොන එහෙකට අනුන්ගේ ඒවා බලනවද කියලා මට නම් තේරෙන්නේ නෑ. ඕන තරම් දනට පිනට ලැදි උපාසක උපාසිකාවෝ ගමේ ඉන්දැද්දි.

හැඟීම් දැනීම් කියන එවා, එහෙම දම්වැල් දාලා නවත්තන්න බෑ නංගියේ.. කියලා, කියා දුන්නේ, අපේ අක්කා. අක්කා මං තරම් හැඩ නෑ. ඉගෙන ගන්න දස්සත් නෑ. එයා ආසම සින්දුව තමයි,  "පවුරු වලල්ලක් බැඳලා... සතර අතේ අවි ගත් මුර සෙබලුන් යොදලා.... පවුරු වලල්ලම බිඳලා.... මන් එනවා මුරකාවල් අතරින් මිදිලා..." කියන සින්දුව. ඒ උනාට එයාට පවුරු වළලු බිඳගෙන යන්නත් බැරි උනා. කවුරුවත් පවුරු වළලු බිඳගෙන ආවෙත් නෑ. ඒක වෙනම කතාවක්. ඒක පැත්තකින් තියලා මගේ කතාවට එමුකෝ.

මට නම් එහෙමටෙයි කියලා අවුලක් තිබුනේ නෑ... ඒ මම අම්මා වගේ පාට නිසා.. අක්කා තාත්තා වගේ. හොස්ස ළඟින් මැස්සෙක් යන්න බෑ. මල පනිනවා ඕසෙට. කොල්ලෙක් කවට කමක් කලොත් හෙම ඌට දෙන්නේ අහු උන එකෙන්. මම හරි ආසයි කවුරු හරි උසුළු විසුළු කරනවට. පර බල්ලෝ කියලා තාත්තා කියපු, වලව්වේ බේබී උනත් මාත් එක්ක හිතවත් උනේ, මගේ තියෙන මනුස්සකමට.

ඒ බේබී හරි හොඳයි. මට කොයි තරම් දේවල් දීලා තියෙනවද? එහෙම දෙන මනුස්සයට මම මොනවත් නොදී ඉන්නෙ කොහොමෙයි. හප්පේ එයාට තියෙන විසේ. බොහෝම අමාරුවෙන් මූණේ දැලි ගාගන්නේ නැතුව ඉතාමත් අර පරෙස්සමෙන් ඒ ඇයි හොඳයිය අරගෙන ගියේ. හානේ.... තව පොඩ්ඩෙන් මට කියන්න අමතක වෙනවා. වලව්වෙත් උන්නා තඩි බල්ලෙක්. උගේ ජාතිය ඇල්ෂේසන්. අපේ එකාට හපන්. හැබයි වලව්වේ පත ගේට්ටුවෙන් මෙහාට ආවේ නෑ, ගේට්ටුව කට වගේ ඇරලා තිබුනත්. ආච්චි අම්මා කිව්වේ වැදගත් බල්ලෝ එහෙම තමයි කියලා. අප්පච්චි නම් කිව්වේ, ඌ මොන ඇල්සේෂන්ද, හාමු මහත්තයා වගේම වල්සේෂන් කියලා.

හාමුගේ දරුවෝ කීප දෙනෙක්ම අපේ ඉස්කෝළේ උන්නා. ඒත් එයාලා ආවේ වලව්වේ ඉඳලා නෙමෙයි. වලව්වට අයිති වතු වල ඉඳලා. සමහර උන් නම් හාමු මහත්තයා වගේම රතුම රතුයි, ජම්බෝල ගෙඩි වගේ. ඒ බල්ලා අපේ කඩියා වගේ "බැව්.. බැව්..." ගෑවේ නෑ. මාර බේස් වොයිස් එකක් තිබුනේ. පන්සලේ පීකරෙන් නායක හාමුදුරුවෝ බන කියන ගමන්, උගුර පාදන සද්දේ වගේ. එයා සමහර වෙලාවට ඒකෙන් ගමේ ජස්ටින්ටත් කතා කලා.. ජස්ටින්, වන් ටූ ත්‍රී කියලා. එහෙම ජස්ටින්ට කතා කරන්නේ, උපාසක අම්මලට අත්‍යාවශ්‍ය සේවා සපයන්න පන්සලට එන්න පනිවිඩ අරින්නෙයි කියලා ඉස්කෝළේ කොල්ලො නම් කිව්වේ. කොහොම හරි, අපේ නම්, ආච්චි අම්මාවත් තනියෙන් නම් පනසල් පැත්තේ ගියේ නෑ කවදාවත්. අපිට යන්න දුන්නෙත් නෑ.

බේබී හාමු තමයි ඒ ලෙවල් ඉකෝන් වලට සෙයිලමේ උදිත් සර්ගේ පන්තියට යමු කියලා කිව්වේ. හම්මේ එයාගේ ලස්සන. පෝස්ටර් එකේ ඉන්නවට වඩා කොච්චර ලස්සනද, O/L රිසාල්ස් අවුට් උන කාළෙට, ටී වී එකෙත් පෙන්නනවා. පත්තරෙත් ඉන්නවා. එයා ගාවට ගියාම A එකක් ෂුවර්ලු. ඔය කැම්පස් ගියපු ඔක්කෝම එයාගේ පන්තියට ආපු අය කියලා නේ කියන්නේ. හරියට චිත්තරපටි නළුවෙක් වගේ. උසම උසයි, තලෙලුයි. (සුදුම සුදු අයටත මම ආස නෑ අනේ... නිකං ඇඟේ ලේ නෑ වගේ..) අත් දිගට දාලා. සපත්තු දෙක කන්නාඩිය වගේ. අම්මපා ඒකෙන් මූන බලන්න උනත් පුළුවන්. සුවඳ.. මම හිතන්නේ රට සැන්ට් ජාතියක් වෙන්න ඇති.

ටික දවසක් යන කොට, සර් මට විහිළු කරන්න ගත්තා. මම ඉතින් ආසම දේ නේ. බේබී හාමු වගේ බෝල ගෙඩියකුත් නෙමෙයිනේ. මම දවසක් බොරුවට ගිහින්,

"සර් මේන් මේ හරිය මට තෙරුනේ නෑ..." කිව්වම.

"ඇයි අනේ ඔයා කොයි ළෝකෙද හිටියේ කියලා..." අහපි.

ඉතින් මම කියන්නය එයයි මායි හින්දි සින්දුවකය උන්නේ කියලා. ඉතින් එයා ආයෙත් මොනාද කියවන්න ගත්තා. ඕන් බොරු නම් නෙමේ හොඳේ... ඒත්... මම මගේ සින්දුවේ හිටියා. අර කියාපු මෙළෝ මලදානයක් මට නම් ඇහුනේ නෑ.

බොරු නෙමෙයි හොඳේ, එදා පන්ති ඉවර වෙලා ගෙදර යන ගමන් බේබීගෙන් බේරෙන්න බැරි උනා. ඇත්තමයි, මට සර් දැකපු දවසේ ඉඳලා පඳුරු අස්සේ රිංගිල්ලයි, බේබිලගේ වහලා දාපු කඩේ අස්සේ රිංගන එකයි එපා වෙලා තිබුනේ. එයාට මම නැති උනාට කී දෙනෙක් ඉන්නවද කඩේ යන්න.

උදිත සර් ඉකෝන් විතරක් නෙමෙයි, අපිට, දේශපාළන විද්‍යාවත් කියලා දුන්නා. එයා තමයි කිව්වේ ලාංකීය සමාජයේ පන්ති තුනක් තියෙනවය. නිර්ධන මධ්‍යම සහ ධනපතිය කියලා. එයා ධනපති පංතියේ අයට කිව්වේ බල්ලෝ කියලා. එතකොට තමයි, කීර්තියා ඇහුවේ

"සර්, ධනපති පංතියේ උන් අපිට කියන්නෙත් බල්ලෝ නේද...?" කියලා.

ඌ අමුතු එකෙක්. වැඩි කතා බහක් නෑ. අපි ඔක්කොම උගේ සහෝදර සහෝදරියෝ. ඌත් එක්කත් සෙට් එකක් උන්නා. කොහොම හරි කැම්පස් එකට රිංගන එක තමයි උගෙ ටාගට් එක. ඌ තමයි මගෙන් ඇහුවේ,

සහෝදරි..., ඔයාගේ ටාගට් එක මොකක්ද...? කියලා.

මම කොහොමද අනේ මගේ ටාගට් එක ඌත් එක්ක කියන්නේ. මට තිබුන ටාගට් එක තමයි කොහොම හරි සර් එක්ක ඇත්තටම හින්දි සින්දුවක ඉන්න. ඒ ලෙවල් ඔන්න මෙන්න තියලා තමයි සර් මගෙන් ඇහුවේ,

මම ඉන්ඩිවිජුවල් ක්ලාසස් කරනවා, ඔයා කැමති නම් එන්න.. කියලා

එන්න නම් ආසයි. ඒත් කොහේ තියෙන සල්ලියක්ද සර්. ක්ලාස් ෆීස් හොයා ගන්නෙත් හරි අමාරුවෙන්..

ඉතින් ඔයා කලින් කියන්න එපාය. ඔයා වගේ බ්‍රයිට් අයට උදව් කරන එක තමයි අපේ යුතුකම. කව්ද අනේ සල්ලි ඉල්ලුවේ.., කැමති නම් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්නකෝ..

සර්ගේ ඉන්ඩිවිජුවල් ගිය අය, A එකකුත් එක්ක පාස් වෙන්නේ, පේපර් එක ගෙඩි පිටින්ම දෙන නිසාය කියලා කතාවක් පත්තරවලත් ගියා. ගෲප් ක්ලාස් එකට දෙන්නේ හතරක් පහක්ලු.. අනේ ඉතින් මෙහෙම අයනේ, සමාජ අසාධාරනේ ගැන කතා කරන්නේ.. සාධාරන සමාජයක ගැන දොඩන්නේ... නිරධන පන්තිය නගා සිටුවීම ගැන දේශනා පවත්තන්නේ.. ඉන්ඩිවිජුවල් ක්ලාස් යන ලස්සන කෙල්ලොන්ට සර් විභාගෙන් පස්සෙත් උදව් කරනවා කියලා කට කතාවකුත් තිබුනා. දැන් මට ටාගට් දෙකක් තියෙනවා. එකක් කැම්පස් යන එක අනික... අනේ... මට සර්ත් එක්ක, හින්දි සින්දුවක් කියන්න පුළුවන් නම්..

මම සර්ගේ නම්බර් එක බොහෝම පරෙස්සමෙන් පර්ස් එකේ දාගත්තා..

- නිමි නොවේ -

පසු සටහන -
බඹර පහස ලබන මලක නොව වෙනත් මලක සුවඳ උරා බිව් පසු, බිහිවූ සිතිවිලි සමුදායකි... හොඳම කොටස මීළඟට බලාපොරොත්තු වන්න...

61 comments:

  1. මගේ යාලුවෙක් බල්ලෙක් කාල බල්ල මලා.

    ReplyDelete
    Replies
    1. ඔව්වා ප්‍රවෘත්තිද බං , මගේ යාළුවෙක් කාපු බල්ලා මලානේ ....අපරාදේ ගුණයහපත් බල්ලා

      Delete
    2. අපේ බාප්පගේ බල්ලගේ ඇටදෙක කපලා මිරිස්කුඩුදාලා මැහුවා.

      Delete
  2. අයියේ, ඔයා මේ ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරනව. අදත් හරීම ලස්සනයි. දිගටම ලස්සනට කරන්න කියලා අපි ඔයාට සුබ පතනවා. අයියේ, අපිට දෙන්න පුලුවන්ද, ප්‍රෙඩී සිල්වා මහත්තයගෙ බල්ලා ගීතය. අපේ බල්ලත් ඒ සින්දුවට හරි ආසයි.

    ReplyDelete
    Replies
    1. හිටියා උදාර කොල්ලෙක් ඌට හිටියා හොඳ සැර බල්ලෙක්
      පළාතෙ එන්නෑ බිල්ලෙක් උගේ ඇඟේම නෑ එක මැක්කෙක්

      දවසක්දා ඌ දික්කරගෙන කළු හොම්බත්
      සිටියා පණනැති මැළවුන ගතියෙන් හෙම්බත්
      කෑම කන්නේ නැ බුරන්න යන්නෑ නගුට වනන්නැ ලෙව කන්නේ නැ
      නෑ ....... හරිම ලෙඩක් ..

      බල්ලට වැඩියෙන් කොල්ලයි දැන් ගොරවන්නේ
      කොල්ලට වැඩියෙන් බල්ලයි දැන් ඔරවන්නේ
      තොට මස් කටු ඕනද බලු සුප් ඕනද ගස් ලබු ඕනද පපඩම් ඕනද
      ඌ ...... උපවාසේ ..

      මේ මොන දෙයක් ද කියලා දැවෙනවා කොල්ලා
      නොකා නොබී ඉඳ හොම්බෙන් යනවා බල්ලා
      තොට දම්වැල එපාද කුදුව එපාද තලන්න එපාද කරන්න එපාද
      කෝ ....කියන්නේ නැ

      මේ ගැන හිතලම කෙට්ටුයි දැන් අපේ කොල්ලා
      දවසින් දවසම දිරාලා යනවා බල්ලා
      දෙන්නද බුල් වැක්කෙරෙන කන් දෙක එල්ලෙන ඇස් දෙක නටවන සුනඛ ධේනුවක්
      නෑ ....කියන්නේ නැ

      දැන් දැන් බල්ලගේ තත්වය තරමක් උග්‍රයි
      මාරයා සමගත් දැන් මු හොඳ හැටි මිත්ත්‍රයි
      අදින ගමන් මූ වනලා දෙකන්
      කියනවා මු දැන් මෙහෙම බොලන්
      ඒ ....අහගල්ලා ...

      ස්වාමියාට ඇති කීකරුකම අපි අරින්නේ නැ
      එනමුත් බල්ලා කියනා නම රැක ගන්නත් නැ
      මිනිසුන් අතරේ පොකැට් ගහන්නේත් බෙලිද කපන්නෙත්
      උන්ට කියන්නෙත්.........
      බල්ලා බල්ලා බල්ලා බල්ලා
      බල්ලා බල්ලා බල්ලා බල්ලා ...

      ගායනය - ෆ්‍රෙඩි සිල්වා

      Delete
    2. ඔන්න නංගි බබෝ අයියා සිංදුව දීලා :D

      හුකෑස් !!

      Delete
    3. එම ගීතය ඔබ වෙත ගෙන ඒමේ සාදර සමාදර අනුග්‍රහය,,,,,,,,,
      සින්දුනම් සින්දු. අහනවද සින්දු.
      සින්දු ඇනෝ වෙතින්.

      Delete
    4. තෑන්ක්ස් නංගි... (නංගියෙක්ද, මල්ලියෙක්ද, නංගි මල්ලිකෙන්ක්ද මොකෙක්ද දන්නේ නෑ...)

      සින්දුව දීලා නේ.. ඔබට සතුටුයිද දැන්..

      Delete
  3. මොකක්ද බං ප්‍රෙඩී කියපු බලු සින්දුව

    ReplyDelete
    Replies
    1. ආ ..අර මස්කටු ඕනද බලු සුප් ඕනද කියන එකද....ඊට වඩා රහයි බං අර ජොලි සීයා කියන ....එක දවසක් ලොකු ඉබ්බා එකක් පාර ක්රොස් කරා .....කියන එක .........ආ නැද්ද මන්දා ..... ඒක කියන්නේ .....පොඩි ළමයද.....මං හරි ආසයි ...( ඒක චෝයි ) ...මඩකලපුවේ පොඩි කඩයක් දාගන ...බිසිනොස් ඔක්කකොම ඔදට කරගන කියන ගීතයට .....

      Delete
    2. ඉබිමස් මරු ඕයි ...බොරුනං මාතලන් ගල්ඉබ්බාගෙන් අහපං

      Delete
    3. පුන්චි බලු රාලේ
      මා ගෙදර නැති වේලේ
      කවුද මගෙ බෝලේ
      පෙරල පෙරලා හිටියෙ මිදුලේ

      Delete
    4. සෙක්ස් ටෝයි එකක්ද

      Delete
    5. මං ෆෝන් එක ඕෆ් කරනවා ....

      Delete
    6. අදනං අටං හොඳම මලක් ගහල වගේ.

      Delete
    7. බොන්ඩ එපා ඕයි..

      Delete
    8. මම නම් බීලා වැඩි උනාම හරි... මල් ගහලා හඳට ගියාම හරි කොමෙන්ට් දාන්න එන්නේ නෑ... එක්කෝ පෝස්ට් ලියනවා.. නැහ්නන් නිදා ගන්නවා... එහෙම දාපු කොමෙන්ට් එකක් නම් නැගලම ගියා.. බන්ධුල නානායක්කාරවසම්ට මාතලන් කියන නම මතක තියෙන එකම ළොකු දෙය්ක් නෙමෙයිද බං...

      Delete
  4. ඇඟ කිළිපොළා යන කතාවකි.ඉතිරිය කියවන්නට නොඉවසිල්ලෙන් ඉමි.

    ReplyDelete
    Replies
    1. මයිල් කෙලින් උනාද?

      Delete
    2. හෙහ් හෙහ්.... ඔයා හරි නෝටී... අංකල්...

      Delete
  5. මම කෑ ගැසිමි කඩියට වෙඩි නොතියන්න...........

    ReplyDelete
    Replies
    1. නෑ වෙඩි තියන එකක් නෑ... මෙයා බල්ලන්ට මනාපයි නේ...

      Delete
  6. රස්සාව මාරු කරලා කෙටි කතා ලියන්න ගනින් මචන්.
    නියමයි.

    ReplyDelete
    Replies
    1. අම්මපා මොකක් හරි ඉස්තිර ආදායමක් තියෙනවා නම් ලියනවා හැම මළදානෙම...

      මෙහමවත් ලියන්නේ ෆ්‍රී ලන්ස් ජොබක් නිසා... පර්මනන්ට් ජොබක් සෙට් උනාම ලියන්න අමාරුයි...

      Delete
  7. සුනක නිදහස සුරකිමු..

    -බලු මිතුරෝ සන්විදානය-

    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. බල්ලන්ට මානව හිමිකම් ලබා දීමට එරෙහිව පෙළ ගැසෙමු… !!

      මීට
      - මැක්කා -

      Delete
    2. බල්ලන්ද මනුස්සයෝය... කියලා කිව්වොත් හෙම බල්ලන්ට අපහාසයක් වෙයිද බං...

      Delete
  8. When I saw the heading.. not a dog; but a 'Kalaweddek' came in to my mind.. ;)

    Looking forward to the next episode.

    ReplyDelete
    Replies
    1. Then came into the "our Sinhala class"
      Wallah habibi..... :-)

      Delete
    2. නැක්ස්ට් ඇපිසෝඩ් නම් කවදා එයිද දන්නේ නෑ...

      Delete
  9. සර්ගේ ඉන්ඩිවිජුවල් ගිය අය, A එකකුත් එක්ක පාස් වෙන්නේ, පේපර් එක ගෙඩි පිටින්ම දෙන නිසාය/////// වාර විභාග වල ඕක වෙනවා

    ReplyDelete
    Replies
    1. ඇයි විස්ස විජ්ජාලේ...

      Delete
  10. අපි මිනිස්සුන්ට බල්ලා කියලා බයින්න පුරුදු උනාට බල්ලා කියන්නෙ මාර ලෝයල් සතෙක්. මිනිස්සුන්ට වඩා ගුන යපහපත් කම් තියනවා.
    නිමි නොවුන කතාවේ ඉතුරු ටිකත් කියවන්න බලන් ඉන්නවා.

    ReplyDelete
  11. සර්ගේ පන්ති ගිහින් "ඒ" 3 ගත්තම සර්ටත් මොනාහරි දෙන්න වෙයි. මට දුක වලව්වේ බේබී ගැන. හැක්..
    ලස්සනයි. ඉදිරි කොටස බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් ඉස්මනට දාන්න තමයි ඉන්නේ...

      Delete
  12. බල්ලෙක්ට දාන්න හොඳම නම තමයි "කයි' කියන නම. කවුරුහරි එනකොට "කයි! කයි! කයි" කියල බල්ලට කථා කරන කොට එන එකා පස්ස නොබලා දුවනවා.

    ReplyDelete
    Replies
    1. සෑර් බල්ල රැලේ යන කාලෙට නම මාරු කරන්න වෙයිද :D

      Delete
    2. එහෙම කලොත් බබලත් උදවිය වැල නොකැඩී ගෙට එයිද? හෙහ් හෙහ්

      Delete
    3. පත්තරේගේ රිප්ලයි එක තමයි බොක්කටම වැදිච්ච කොමෙන්ට් එක...

      Delete
    4. මගෙ යාලුවෙක් (සමහරවිට ඔබතුමාල දෙන්නම දන්න කෙනෙක් ) ඇත්තටම බලු පැටව් දෙන්නෙකුට "කයි" සහ "හපයි" කියල නම් දැම්මා

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. ඉතිරිය ලඟදීම බලාපොරොත්තු වෙන්නෙමු ....

    ReplyDelete
    Replies
    1. ඉවසීමෙන් සැනසීම ලැබේ...

      Delete
  15. ඉස්ටාර්ට් එක නං ගොඩ මාතෙ. ඉක්මනටම පාර්ට් ටූ එකත් ඕනෙ..

    ReplyDelete
    Replies
    1. පාට් ටූ කිව්වම මට ලහිරු පෙරේරගේ "මොට්ටු" සින්දුවේ මේ කෑල්ල මතක් උනා..

      උන් දෙන්න වගුරනවා සතුටු කඳුළු
      ඉතිරිවුනෙ මට මේ බල්ලා නකුටු
      සමගියෙන් ඉන්නේ අපි වී වකුටු
      කවදහරි පෙන්නනව රැම්බො පාට්ටු

      Delete
    2. හරි හරි ඒවයින් වැඩක් නෑ. ඉක්මනට දෙවැන්න ඕනෙ ඕ.කේ?

      Delete
  16. කාලෙකට පස්සෙ අපි වගේ ප්‍රේක්ෂකයෝ ගැනත් හිතලා තියෙන්නෙ. මොකද ඒ?

    ReplyDelete
    Replies
    1. //කාලෙකට පස්සෙ අපි වගේ ප්‍රේක්ෂකයෝ ගැනත් හිතලා තියෙන්නෙ.//
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. අර රත්තරන ගොඩක් (තොගේ බොග) මළකඩ කන්න ඇරලා ඔහේ දාල තියෙද්දි.. අපි ඉතින් මේ වගේ මෙළෝ රහක් නැති මක්කා හරි වත් ලියන්න එපාය... ඉඳගෙන..

      Delete
  17. අර පොලිස් බැරියර් පෙරලන්ඩ ගිහින් හොම්බෙන් ගිය එකාට මොකද්දෑ කියන නම.

    ReplyDelete
  18. ඔහොම සර් ල දෙතුන් දෙනෙකු ගැන මම දනිමි . හැබැයි ඔය අසාධාරණය ගැන කතා කරන අයම නවේ. හොඳ ප්‍රේමදාස වාදී ව සිට පසුව මහින්දවාදී ද වූ අයෙක් ද සිටි.

    ReplyDelete
  19. ඊලඟ කොටසින් සැනසෙන්න සිතා ඉවසීමෙන් සිටිමි.
    ජයවේවා..!!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න