.

.

Jun 19, 2016

මිහින්තලේ මුවා සහ අර්ජුන සාධකය - Spotted Deer at Mihintale & Arjuna Factor

 
සිරිසේන ජනාධිපති තුමා යාපනේ ගිහින් ඇවිත්, මහන්සියටත් එක්ක හාන්සි පුටුවේ දිගාවී, උදේ පාන්දරම පත්තර ටික ගත්තේ, පෝය දවස සිරි ලාංකීය බෞද්ධ ජනතාවට මෙන්ම, රහමෙර කටේවත් නොතිබ්බත්, තමන්ටද අනුරාජපුරේ ආපු උන් එක්ක සෙල්ෆි ගන්නයි, දන්සැල් බෙදන්නයි, හාන්දුරුවරුන්ගේ බයිලා අහන්නයි, කප්පරක් වැඩ තියෙන පට්ට බිසි ඩේ එකක් නිසා, සමහර නිව්ස් මිස් වෙන්න පුළුවන් නිසාය. පත්තරේ අස්සේ තියෙන ලංකාදීප පත්තරේ, "සැඳැල්ල" දැක්ක ගමන් නිවන් වලට පොඩ්ඩක් මෙහායින් නැවතුන ජනාධිපති තුමා දඩි බිඩි ගා සිකියුරිටි පොරකට කතා කොට පැවසුවේ, මේන් මේක කාටවත් අහුවෙන්නේ නැති තැනකට වීසී කරලා දානවා ඕයි කියලාය.

ඒ උනාට සෑර්..., චතුරිකා මැඩම් කියවන්නේ ඔය කෑල්ල නේ... කියලා සික්කා කිව්වාම, ජනාධිපති තුමා කිව්වේ, ඒ මැඩම් විතරක් නෙමේ නේ.., ඕක ළොකු මැඩමුත් බලනවනේ හිටං... එයා දැක්කොත් එහෙම, පෝය දවසේ ඔහොම එකක් දාලා කියලා රනිල්ට කිව්වාම, ඒ පාර එයා පත්තර කාරයන්ට ගෙම්බර් දැම්මම හිටං... ඩැමේජ් එක එන්නේ අපි මාධ්‍ය නිදහසවත් හරියට දෙන්නේ නෑ කියලා නේ... ඒ නිසා ඔන්න ඕක එයාලට අහු වෙන්නේ නැති වෙන්න, කොහේ හරි ගහලා දානවා හලෝ කියලාය.

ටික වෙලාවක් ඔහොම රට තොට විස්තර බල බලා ඉන්න අතරේ, කාමරේ පැත්තෙන් සිරිසේන මැතිනිය උස් හඬින් ඇහුවේ.. මේ ඇහුනද හිටං.. කියලාය. ඇහුන ඇහුනෝ... කියපු ජනාධිපති තුමා ආයෙමත් පත්තරේට එබුනාම, ආයෙත් කාමරෙන් ඇසුනේ, බලන්නකෝ අනේ පත්තරේ තියෙන දේ කියලාය. ඒක අහපු ගමන් පුටුවෙන් විසි උන ජනාධිපති තුමා බැලුවේ, කෝ මේ බොඩිගාඩයා කියලාය. මූත් හරියට යහපාලනේ වගේ පිස්සුම නේ කෙලින්නේ, අච්චර කියලත් කොහේ හරි අස්සක ගහලා ගංගන්නේ නැතිව එලියේ තිබ්බනේ යකෝ... කියා තමාටම කියා ගත්තේය.

ජනාධිපති තුමා සිතා ගත්තේ, ඇන්ජෙලා මර්කල්ටත් ෆේස් කල එකේ මෙයාටත් මක්කා හරි කියා ෂේප් කර ගන්නවා කියලාය. ටික වේලාවකින් කාමරේ දොරත් වැහෙනවා එක්කම, මැතිනිය ඇහුවේ, බලන්නකෝ අනේ මේ අර්ජුණ කොච්චර ෂෝක්ද අනේ... කියලාය. හම්මේ ඇති යාන්තන්... කියා සුසුමක් හෙලූ ජනාධිපති තුමා කල්පනා කලේ, අර්ජුණ මහේන්ද්‍රයා වැඩේ ගොඩ දාගන්න, අල්ලන්න තියෙන නියමම නාඩිය අල්ලලා තියෙනවා කියලාය.

මොන ෂෝක්ද අනේ..., පක්ෂ රැස්වීමෙයි, අපේ එකෙක් අහුවෙන හැම තැනකදීමයි, හැම එකාම කියන්නේ, ඔය අර්ජුනයා එලවන්නය කියලා. දැක්කේ නැද්ද ඇස් බීයා පාර්ලිමේන්තුවෙත් රවීට සපෝට් එක දීලා, අන්තීමට කිව්වේ, එපින් බලෙන්වත් මහ බැංකුවේ ලොක්කා ආයේ දාන්න එපාය කියලා. මම හිතන්නේ ඔය මෑන් ඔයාට බොරු කියලා රවට්ටගෙන ඇත්තේ හිටං කියලාය. 

මොන මහ බැංකුවක්ද අනේ. මහ බැකුවට මොකක් උනාම අපිට මොකද? මොකෝ අපි ඕකේ සල්ලි දාන්නවත්, ගන්නවත් යනවය. ඔන්න ඉතිරි කිරීමේ බැංකුවේ මොකක් හරි එකක් නම් අර පොඩි උන්ගේ ටිකිරි ගිණුම් ටික තියෙන නිසා, පොඩ්ඩක් හොයලා බැලුවත් කමක් නෑ. අනික ඔයා දාපු කෙනෙක් නෙමෙයි නේ. රනිල්ගේ යාලුවෙක් නේ. ඒක එයා බේර ගනියි. මම කතා කරන්නේ ඒ අර්ජුනයෙක් ගැන නෙමෙයි අනේ කියා මැතිනිය කිව්වම, ජනාධිපති තුමා ඇහුවේ, එහෙනම් මොන අර්ජුනයෙක් ගැනද අනේ ඔයා කියන්නේ හිටං.. කියලාය.

ඒ අර්ජුණ නෙමෙයි අනේ..., අපේ අර්ජුණ අපේ අර්ජුණ... කියා මැතිනිය කිව්වාම ජනාධිපති තුමා කිව්වේ අපිට කොහෙද අනේ අර්ජුණලා ඔයා කියන්නේ අර ක්‍රිකට් අර්ජුණ වෙන්ඩෑ හිටං.. කිව්වාම මැතිනිය කිව්වේ, හ් ආ... එයා තමයි... එයා තමයි.. එයා හරි ෂෝක් අනේ කියාය. එයාගේ මොන ෂෝක් එකක්ද, හාබර් එකට දාපු ගමන් අයියා දාගෙන හෙන ලෙඩක් දාගත්තා. ඊට පස්සේ මොකක්ද ගෑණු හුටපට වගයක් පටලවගෙන, රනිල් සෑර් තමයි ඒකත් සැටල් කරේ, කියපු ජනාධිපති තුමා කිව්වේ ඕන් ආයෙත් ලෙඩක් දාගෙන කියලා පත්තරේ තියෙන්නේ. චන්ද්‍රිකා මැඩම් නිසා මොනවත් කරගන්න බැරිවයි මම මේ ඉන්නේ හිටං කියලාය.

හානේ මොන පත්තරේද ඒක තිබුනේ.  මම එහෙම එකක් දැක්කෙ නම් නෑ.. ඒත් මේ පත්තරේ නම් තියෙන්නේ එයා ලී බඩු සාප්පුවක් දාලා ලූ..  දැන් ගොඩක් අය ලී බඩු ගන්නේ එහෙන්ලු.. අනේ අපිටත් ලී බඩු ටිකක්වත් හදා ගමුකෝ අනේ... කියා මනමාල පාට් එකක් දමා ජනාධිපති තුමාගේ උරේට හේත්තු උන ගමන් ජනාධිපති තුමා කල්පනා කලේ ගෑණුන්ටත් තියෙන ලෙඩ කියලා හිටංය.. අපිට මොකටද අනේ තව ලී බඩු... මේ තියෙන්නේ ඕනෑ තරම් හිටං කියා ජනාධිපති තුමා කිව්වම, මේවා ඉතින් යන කොට ගෙනියනවය. අනික මේවා අපේය. ළඟදිම මේවත් එක එකාට පෙන්නන්න පටන් ගනියි. මම කියන්නේ අපි යන කොට අපේ ගෙවල් වලත් මොනවා හරි තියෙන්නේ එපාය අනේ කියලාය. හරි හරි දැන්ම යන්නේ නෑ නේ කියලා ජනාධිපති තුමා කිව්වම, එහෙනම් ඔහේ ළඟදිත් කිව්වේ, මම වැඩ කොරන්නේ ආයෙත් එන්න බලාගෙන නෙමෙයි කියලා...  කියා මැතිනිය කිව්වාම, ජනාධිපති තුමා කිව්වේ, හරි හරි ඒත් ඉතින් ඒකටත් තව කල් තියෙනවානේ පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ හාමිනේ කියලාය.

අනේ නිකා ඉන්න මහත්තයා... ඔහේ රටේ උන්ට කියන්නෙත් ඔය කතාව, පක්ෂේ උන්ට කියන්නෙත් ඔය කතාව, එකාබද්දේ උන්ට කියන්නෙත් ඕකමයි, අන්තීමට ගෙදර යනකනුත් ඔච්චරම තමයි කියා මූණ බෙරි කර ගෙන අඬන්න ඔන්න මෙන්න වගේ මායම් වලින් එකක් දාපු මැතිනිය කිව්වේ, මහත්තයා මේක කියනවද, එහෙම නැත්නම් මම චතුරිකාට කියන්නද කියලාය. හනේ අම්මේ... ඔහේ කතා කලත් කමක් නෑ... චතුරිකාට කතා කාන්න දෙන්න එපා.. ඔය පවුලේ එකෙක් ළඟින් ගියොත් ඇහැත් නැතෙයි කියූ ජනාධිපති තුමා කිව්වේ, හරි හරි මම එයාට කියන්නන් හිටං කියලාය..

ජනාධිපති තුමා අනුරාධපුරේ යන ගමන්, අර්ජුණගේ නම්බර් එක ගැහුවාම, එහා පැත්තෙන් කිව්වේ.. ඉයෙස් හිස් එක්සලින්සි... කැන් අයි හැල්ප් යූ.. කියලාය. කලබලේ කෙලලා ඇරලා තියෙන්නේ වැරදි අර්ජුණට කියා තේරුන ජනාධිපති තුමා, නෝ තැන්කිව්.. මම මේ කලබලේ... වැරදි නම්බරයක් ගහලා තියෙන්නේ... කියා, තවත් නම්බරයක් ගැහුවේය. 

හෙලෝ සර්..., මම හිතුවා සර් දවසක මට කතා කරයි කියලා..., තිලංගයා බෝඩ් එක කනවා නේද....? කියා අහපු ගමන්, ජනාධිපති තුමා කිව්වේ, අනේ නිශාන්ත මම මේ කළබලේ වෙන රණතුංග කෙනෙකුට ගහලා තියෙන්නේ.., මම වෙන වෙලාවක කතා කරන්නම්..., කියලාය. එහෙම කියලා තව රනතුංග නොම්මරයක් ගත්තාම, එහා පැත්තෙන් කිව්වේ. අනේ සෑර් දැන්ම එන්න බෑ..., මහින්ද මහත්තයා ජපන් එක්කගෙනත් ආව නේ... ඒ නිසා කල්පනා කරලා බලන්නම්.... කියලාය. ෆෝන්  එකේ නම්බර් දාපු එකාට පින් අනුමෝදම් කල ජනාධිපති තුමා ළඟ හිටපු එකෙක්ට කිව්වේ, මට අර්ජුණ රණතුංග අරගෙන දෙන්වා හලෝ කියලාය.

හරි සෑර්... රිං වෙනවා... කියා, ජනාධිපති තුමාට ෆෝන් එක දුන්නාම, එහා පැත්තේ රිගිං ටෝන් එකේ ගියේ ජිප්සීස්ලාගේ වඩු වැඩේ...න් දිවි රකී...න, බොහො සැපෙ..න් කල් ගෙව...න, ඇමති යෙක්ය මං. කියලා සින්දුවක්ය. ටික වෙලාවකින් එහා පැත්තෙන් ඇහුනේ, රිගිං ටෝන් එකක්ම වාගේ වොයිස් එකකින්, ඔව් ජනාධිපති තුමා... කියන්න කියලාය. අනේ අර්ජුණ අපේ නෝනටත් ඔය හදන ඒවලින් මොනවා හරි දෙක තුනක් පටවලා අරින්නවකො හිටං... බේරිල්ලක් නෑ අනේ... දන්නේ නැද්ද ඉතින් ගෑණු නේ... කිව්වම, එහා පැත්තෙන් කිව්වේ, අනේ..., ජනාධිපති තුමත් දැන් අපිට නක්කලේ දානවා නේද කියලාය.

ටිකක් හොයලා බැලුවාම මේක වෙන කේස් එකක් කියලා තේරුන ජනාධිපති තුමා පොලොන්නරුවේ ලී බඩු සෝමේට කිව්වේ, අනේ අපේ නෝනට කෝල් එකක් දීලා රණතුංග ෆර්නිචර්ස් එකෙන් කියලා ඉල්ලන බඩු ටිකක් හදලා දෙනවා... මම මාසෙන් මාසේ ගෙවන්නම් කියලාය. ..හරි හරි ඕක මොකක්ද සෑර් කියපු ලී බඩු සෝමේ, මැතිනියට කෝල් එකක් අරගෙන කිව්වේ, හලෝ මැඩම්.. මේ කතා කරන්නේ රණතුංග ෆර්නිචර්ස් වලින් කියලාය.

-------- x -------


මිහින්තලේ මුවා..!
 
-
අඩෝ...
 එදා රජාට,
මට විදගන්න බැරි උනාට,
-
අද වෙනකන් ඉන්න උන්
උඹලට විදිනවනේ..?
-
නැති වෙන්නම...
-
  මීට හිතවත්,
- මිහින්තලේ මුවා -
(බුකියේ පල වූ, මාතලන්ගේ හබරල කවියෙකි.)

59 comments:

  1. Lee බඩු නං ඉතිං හොඳ මොරටු තමයි . අර්ගොල්ලො ඉස්සර ගෙන්නුවෙ තැපැල් නයිට්, බෙන්ලි, රෝඩ් මාස්ටර් එහෙම නේද ?

    ReplyDelete
    Replies
    1. ඒ... මේ රණතුංගලා නෙමෙයි මයෙ හිතේ...

      Delete
    2. ශ්‍රංගය විහිළු කරනව වගේ. හැක්..

      Delete
    3. මාෙකා් නැතුව? රෙනා්ෙමාෙටා් ත් මුංෙග පරම්පරාවෙ තමා...

      Delete
  2. ඔය අර්ජුනට ගේම දෙන්න හදන යුනියන් කාරයොත් බබ්බුනෙවේ . ප්‍රියත් බන්දුගේ කාලේ හොඳට හෙයපු අය පස්සේබෙදාගෙන කන්න බැරිවෙලා තරහවෙලා යහ පාලනයට සෙට්වෙච්ච ඩයල්. අර්ජුනයා වරාය කෑවා. ප්‍රොජෙක්ට් ඔක්කොම නතරකරා දුශිතයි අපි ආයේ ටෙන්ඩර් කරනවා කියල අන්තිමට කරපු අලබෝලයක් නෑ ! තමන්ගේ සහ සහෝදරයාගේ සැප විහරනයට තමයි මුල් තැන.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම එකයි මෙයා....

      Delete
    2. හා හා එහෙම කියන්න එපා ගෝතලං.. පහුගිය කාලෙ උබගෙ පෝස්ට් කියවපු ජනතාව වැරදියට හිතයි..


      හොර , මිණීමරු මරා වගෙයෑ.. යහපාලකයො

      Delete
  3. ඕක අර්ජුනලගේ "ලේ වලට බද්ද වෙච්චි" ප්‍රස්නයක් වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. අම්මපා එහෙම එකක් වෙන්නත් පුළුවන් නේද...?

      Delete
  4. මචෝ හිටං කෑල්ල දාන්නේ ඔහොම නෙවෙයි. පලයන් මහ එකා ගාවට ටියුෂන් ගන්න.

    ReplyDelete
    Replies
    1. වෙන්ඩෑ මචං... මම ලියන්නේ ඉඳගෙන නේ...

      Delete
  5. අර්ජුණ ගැන කියන කථා ඇත්තද නැද්ද නොදනිමි. සහෝදරයා පත්කිරීම නම් ටෙලිකොම් සභාපති පත්කිරීම වගේම වැරදියි. එවන් දේවල් කොහෙත්ම යහපාලනය නම් නෙවෙයි. මට තිබෙන එකම ප්‍රශ්ණය පසුගිය අවුරුදු 10 යේ වරායේ වූ දේවල් සමඟ සසඳන කොට මෙච්චර පන්න පන්න ගහන්න තරම් දෙයක් වෙන වද කියන එක විතරයි.

    කොයි පැත්ත ඇත්ත කියනවද කියල හොතා ගන්න බැරි කේස් තමයි ඔක්කොම. ඕනම රා‍ය ආයතනයක වෙන වැරදි ගැන පැමිණිලි කරන්න ස්වාධීන තැනක් තිබුනනම් හොඳයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඇයි අර වික්‍රමසිංහ කියලා නෝනා කෙනෙක් හෙන සෝ එකක් දැම්මා නේද අල්ලස් හා දුෂණ එකෙන් ඔක්කෝම හොරු අල්ලනවා කියලා.. අන්තීමට එයා හොයා ගන්නත් නෑ...

      Delete
    2. What wrong president brother apoint to telicom president? Mithri president family no like Mahida family. Mahinda family all theefs. Mithri brothers good.

      Delete
    3. පහුගිය අව්රුදු 10 සිද්දවෙච්ච දේවල් එක්ක යහපාලන කාලය සන්සන්දනය කරන එක වැරදි. නියම යහපලනයක් කරනවානම් පරමාදර්ශී වියයුතුයි

      Delete
    4. ඔබ කියන දේ 100% හරි. පසු ගිය කාලයේ සිදුවූ දේවල් එම දේවල්ම අඩු වශයෙන් හෝ කිරීමට කිසිසේත්ම එක්ස්කියුස් එකක් නෙවේ. පවුලම එකතුවී රට කර කාලය වෙනුවට එක සහෝදරයෙක් හෝ අනිසි ලෙස පත්වීමට අපි විරුද්ධ ඒ නිසයි. මම කිව්වේ මෙම යූනියන් කාරයින් මෙපමන කථා කරන දේවල් සහ ඒ කාලයේ දේවල් ගැන මුනිවත රැකීම පමණයි. එම නිසා සැකයක් එනවා මීට කලින් තිබුන දේවල් ඔවුනට පෞද්ගලිකව හොඳ නිසාද මෙච්චර කෑගහන්නේ කියලා.

      Delete
    5. මාතෙ අල්ලස් කොමිසමේ කාර්‍යය වෙන එකක්. මම කිව්වේ රාජ්‍ය ආයතන වල විය හැකි නාස්ති, වැරදි කළමණාකරණය වගේ දේවල් ගැන යූනියන් වල අය ඉදිරිපත් කරන දේවල් පැමිණිලි කරන්න අල්ලස් කොමිසම වගේ ස්වාධීන ආයතනයක් තිබ්බානම් කියලා. නැතිනම් වන්නේ එක්කෙනෙක් කියනවා අනිකා ප්‍රතික්ශේප කරනවා හැර ඒවායේ ඇත්ත නැත්ත සොයා බැලීමක් නොවන නිසා. එහෙම ආයතනයක් තිබුණානම් දෙපැත්තක නඩු අහන එක මහජනයාට කරන්න නොවී අන්තිම සොයා ගැනීම මත සත්‍ය අසත්‍ය මහජනයාට දැනගැනීමට ලැබෙන එක.

      Delete
    6. මගේ දැණීම අනුව නම් මේ වගේ ඒවා වාර්ථා කරන්න මෙන්ම ස්වාධින පර්යේෂන පැවැත්වීමටත් අයිතිය තියෙන්නේ අල්ලස් හා දූෂණ එකට. ඊට වඩා හොඳ ආයතනයක් තියෙනවා නම් තවත් හොඳයි. හැබයි යුනියන් කාරයන්ට බැනලා වැඩක් නෑ. උන් මෙන්ම අර රනිල් හා මෛත්‍රී එක්ව නිදහස් කල නිළධාරින් 183 ත් වැරදි කරලා තියෙනවා නම් කරන්න ඕන තියාගෙන ඉල්ලගෙන කනවට වඩා වැරදි කරලා තියෙනවා නම් ගෙදර යවන එක. හොරුත් එක්ක මොන යහපාලනද ඉයන්. මේක එකම විකාරයක්..

      Delete
    7. රන්ජන් රාමනායකට පැමිනිලි කරන්න

      Delete
  6. අන්න අර අනික් මුවා, මහ බැංකු මුවා පැනලා.

    ReplyDelete
    Replies
    1. ඒ මුවා, සෙල් මුවා වෙලා... ඒ කියන්නේ ගල් වෙලා...

      Delete
    2. දැවමුවා සහ සෙල්මුවා

      Delete
  7. වඩු කර්මාන්ත දෙපාර්තුමේන්තුව කියල එකක් ඇති.. ඒක ඇත්තේ වරාය හා නාවුක අමාත්යාන්සය යටතෙ.

    ReplyDelete
    Replies
    1. රජේ බඩු ගබඩාව කියලා එකකුත් තිබුනා ඉස්සර කාළේ..

      Delete
  8. මාතො,
    පවු බන් ,වඩු වැඩක් කරගෙන කීයක් හරි හොයා ගෙන බඩ "වියත" රැකගන්න මහන්සි වෙන පවුලකට ඔහොම නක්කලේ දාන්න එපා.

    ReplyDelete
  9. අනේ මන්දා ඉතින් "අර්ජුන" ලත් සේරම එකයි. "රණතුංග" ලත් සේරම එකයි වගේ.

    ReplyDelete
    Replies
    1. නම් වල අවුලක්ද, ගන වල අවුලක්ද දන්නේ නෑ...

      Delete
  10. I too think Arjun no wrong. He is rigt and no wrong he apoint bank cheef agane. President Mithri also do corect thing.

    ReplyDelete
  11. පවු බන් ඔය ඇමතියෝන්ට. උන්ටත් ටිකක් කන්ට දියන්. ඔන්න ඒකාබද්ද විපක්ෂේ සෙට් එකකුයි වතුකරේ ඩයල් එකකුයි ආණ්ඩුවට එනවලු. තව වාහන 40ක් අධීක්ෂණ මන්ත්‍රීන්ට අරන් දෙනවලු. ලොවෙත් නැති ආතල් ටිකක් බලාගත්තහැකි හෙට අනිද්දට හිටන්..

    ReplyDelete
    Replies
    1. ඔව් බං... පින අපිට නේ.... මළ ගිය උන්ටත් අනුමෝදන් කරන්න බැරියෑ...

      Delete
  12. රණතුංග ෆර්නිචරස් කෙසේ වෙතත් සූරියආරච්චි ෆර්නිචර්ස් නම් තිබේ!

    ReplyDelete
    Replies
    1. දොන් කරෝලිස් එකේ ලාබයි ඒකට වඩා...

      Delete
  13. මාතලනෝ...ඔබේ මේ පට්ට රචනා ශෛලියට ඊරිසියත් හිතෙනවා. ඒ තමයි ඔබේ අනන්‍යතාව.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මචෝ... මේ තනිකර විමලනාත් වීරරත්නගේ ඉට්ටැයිල් එක අමු අමුවේ කොපි කිරීමක්.. හැබයි ඒ ඉට්ටැයිල් එකට මම පට්ට ලැයික්.. උගේ ඒවල රහ උතුරනවා... කොහොම උනත් බොහොම ඉස්තූතියි මචෝ උඹ වගේ එකෙක් මේක අගය කිරීම ගැන...

      Delete
  14. ලාංකීය ඉතිහාසයේ සිටම ඉතා කුරිරු ලෙස හැම රජාට ම ඔලුව අතගා ටොක්ක ඇන්න දුෂ්ඨයෙක් සිටි බව ඉතා පැහැදිලි ය. වර්ථමානයේ ද එවන් පුඟුලන් තිදෙනෙක් මම දකිමි. මුන් තිදෙනාගෙන් කෙනෙකුට කෙදිනක හෝ රට ගිය හොත්, ජනතාවට අබ සරණ හැර වෙන කිසිත් පිළිසරණක් නැත. අපිට රට දා යන්නට වන්නේ, එසේ දුෂ්ඨයා රජ වී පළමු පැයේදී ම ය. එසේ නොවුනොත් නැවත කෑ මුඛය ඇරීමටවත් අප ඉතිරි නොවනු ඇත. එම තිදෙනාගෙන් කෙනෙක් මේ. අනෙක් දෙදෙනා නම් ප්‍රකට ප්‍රා දොස්තර සහ හෙළ උරුම දැන් මෙගා සිටි අයිති කාරයා යි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... රාජපක්ෂගේ වටිනාකමක් එයි එතකොට

      Delete
  15. අර්ජුනලා රනතුංගලා දේවානම්පියතිස්සලා මිහිඳුලා හැමෝම දඩයමේ යනව. අපි තමයි මුවෝ! පවු ඉතිං අපි

    ReplyDelete
    Replies
    1. මම නම් මුවා වෙලා ඉන්නේ... මොකෝ මුන් විඳින්නේ පඳුරු වලට උනාට වදින්නේ මුවන්ට නේ..

      Delete
  16. අර්ජුණ එන්තරවාසියක් යවලා තමන් නොවේ හොරා හොරු ඇවිල්ලා යුනියන් සෙට් එකේ උන්ය.උන්ට හොරකන්න නැති කරපු නිසා මේ තමන්ට අපහස කරන්නේය කියලා හිටං.

    ඒ කොයි හැටි වෙතත් අර්ජුනත් ප්‍රසන්න වගේම මහින්දගේ ඔඩොක්කුවේ ඉන්න තිබ්බා ගාමිණී ලොකුගේ අර්ජුනව බෝඩ් එකේ සභාපතිකමෙන් ඉවත් නොකරන්න.ක්‍රීඩා ඇමති විදියට හිටපු කාලය තුල ලොකුගේ කරපු එකම වැඩෙත් එකම වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ලෝකුගේට වගේම තිලංගටත් පින් අත් වෙන්න ඕන තව ටික කාලෙකට හරි ක්‍රිකට් කියලා දෙයක් ඉතිරි කලාට...

      Delete
  17. ඇමතිකම නැති උනාට පස්සෙ කාටවත් කරදරයක් නැතුව ජීවත්වෙන්න රස්සාවක් පුරුදු වෙනව ඇති මෙයා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් නැති වෙන්නේ මැරෙනකන් එහෙම මෙහෙට පැන පැන ඉඳීවී... ආත්මයක් නැති උදවියනේ... ඒ අතින් මහින්දත් එක්ක හැම එකාටම මගේ පොඩි රෙස්පෙක්ට් එකක් තියෙනවා..

      Delete
  18. ෴පසුගිය ලිපියට ප්‍රතිචාරයක් දැමීමට අතපසුවීම ගැන බලවත් සංවේගය පලකර සිටිමි.෴

    මට ආර්ථික විද්‍යාව ගැන පොඩි ගැටළුවක් තියෙනවා. දැන් මෙතන ලීබඩු හැදීම කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියක්. කුඹුක රණතුංග විසින් වරායේ අතිරික්ත සේවකයෝ දාලා හෙම දෙයක් කරන එක ජාතික ආර්ථිකයට හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න අපනයනටත් ලේසියි... නැව් ටිකත් එයාටම නේ අයිති...

      Delete
  19. මේවට හිනාවෙනවද අඬනවද මන්දා...හිටං ......

    ReplyDelete
    Replies
    1. හිනා වෙවි අඬමු... එහෙම නැත්නම් අඬ අඬා හිනාවෙමු..

      Delete
  20. කාලෙකින් මාතලන් පෝස්ට් එකක් දාල තියෙන්නේ... ;)

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ විමලේ ඉට්ටැයිල් එකක්...

      Delete
  21. දැං බැනල බැනල හෙම්බත් වෙලා කම්මුලේ අත තියන් බලං ඉන්නයි තියෙන්නෙ.. යටිං කුණාටුවක් හමනකං බලං ඉමු.වෙන මක්කා කොරන්නෙයි ඉතිං..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ආයේ අවුරුදු හතරක් යනකන් මේ හුළඟ තමයි.. බලාගෙන යටි හුලං වලට සරම උඩ යයි.. මම නම් සරොන් අඳින්නේ නැති නිසා අවුලක් නෑ...

      Delete
  22. අර්ජුන රණතුංගය හැමවෙලාවෙම බලය ලැබෙයි කියල හිතෙන වේදිකාවේ, අර පාට පාට සරම ඇඳගෙන වාඩිවෙන අවස්ථාවාදීයෙක්.

    මූත්, මහින්දය වගේම පවුල පිටින්ම එකතු වෙලයි ගේම දෙන්නේ.

    හැබැයි මෙතැනදී මූ, මහින්දයට වැඩියේ කපටිය. මොකද, මහින්දය උගේ එක සහෝදරයෙක් වත් විපක්ෂෙට රින්ගෙව්වේ නෑනේ. එත් මුගේ සහෝදර පරම්පරාවේ එවුන් විපක්ෂෙයි, වෙනත් වැඩිපුර හම්බුකරගන්න (යහමින් හොරකම් කරන්න) පුළුවන් හොඳම තැන් වලයි ප්ලේස් කරලා තියෙන්නේ. කොහෙන් කැරකිලා ආවත් පවුලම ගොඩ.

    මොනව වුනත් හොරගොල්ලේ චන්ද්‍රිකා ආන්ටි ඉන්නකං මූට යහපාලන කුඩේ යටට වෙලා තෙමෙන්නේ නැතුව ඉන්න පුළුවන්.

    ඒත් අර ලී බඩු කේස් එක ඇදපු යුනියන් කාරයෝ සෙට් එක පව්.

    උන්ගේ තිබුනෙ සද්දෙයි, දුමයි විතරයි.

    ReplyDelete
    Replies
    1. උන්ට ගානක් දුන්නම උන් ෂේප් වෙනවා.. ඊට පස්සෙ දෙගොල්ලොම අවුලක් නැතිව හවුලේ කනවා.. මොන යකාද වරාය කියන ඉල්ලම දාලා යන්නේ.. හත් මුතු පරම්පරාවම ගොඩ... හැබයි ඕක කරපු එකෙකුටවත් හරි ගියේ නම් නෑ.. ඕන නම් දන්න කාළේ ඉඳලා බලන්න..

      Delete
  23. මේ අර්ජුනත් ඒ අර්ජුන් නුත් හැර වෙනත් අර්ජු(න්)(න) ලා සිටීද? මේ රණතුංගත් ඒ රණතුංගත් හැර වෙනත් රණතුන්ගලා සිටීද?

    ReplyDelete
    Replies
    1. ඉන්නවා... ඉන්නවා... හැබයි මේ වගේ බඩු නෙමෙයි...

      Delete
  24. කළුතරයාගේ කාලේ හොඳ නෑ. ඔය බක්කාගේ ගෙදරට අපේ හාමිනේ කැන්වසින් ගියා ගරු මැතිනියගේ කීමට. ඔය මනුස්සයාගේ ගෑනු මනුස්සයා අඩන්න අරගෙන තිබ්බා.අපි ඇත්තටම මමහත්තයට තමා ආදරේ. ඒ වුනාට අපේ මහත්තයා මේ පාර හැරිලා තියෙනවා අනේ මොනවහරි කරන්න කියලා. අපේ කෙනත් ගරු මැතිනියට ගත්තාම ගරු මැතිනිය කියලා තියෙනවා .පොඩ්ඩක් ඉන්න මම අබේගුණවර්ධන මන්ත්‍රීතුමාට දෙන්නම් කියලා. අපේ නෝනා හිතලා රත්තරන් කියලා ඇයි ඒකනේ ඩිපුටියා. මොන අර සජින් වාසයා අපේ ගෑනිට සත්තමක් දාලා එතකොට නංගි ඔයා කියන්නේ බන්ධුව ගෙදර යවන්නද ? අපේ මිනිස්සුන්ට කෙලවන්නද කියන්නේ කියලා. ගෑණි ආයෙත් මැතිනියට ගත්තාම මැතිනිය කියලා අනේ අබේගුණවර්ධන මන්ත්‍රීතුමා හොඳ දේනේ කරන්නේ කියලා. ඒ මිනිස්සු විස්වාස කරනවා වැඩියි ඔය ජාතියේ බල්ලන්ව.ඔය කොරේ.
    වරාය කියන්නේ හොඳ කරන්න අමාරු තුවාලයක්. නේවි එකේ බඩු පටවන්න එකෙක් හොයාගන්න නෑ යුද්ධේ දවස්වල වල වෙසිගේපුතාලට පගාව හම්බවෙන්නේ නැතිනිසා. අර්ජුන වැරදි ඇති එත් ඔය වුර්තිය සමිති කාරයෝ ඊට වඩා ගඳයි

    ReplyDelete
  25. අර්ජුන වැරදි ඇති එත් ඔය වුර්තිය සමිති කාරයෝ ඊට වඩා ගඳයි

    ReplyDelete
  26. අඩෝ සුපිරි ඈ. පට්ට.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න