.

.

Jul 30, 2016

ආදරය, දර්ශණය හා සිහිණ (අළුත් බල්ලෙක් III) - New Dog (Part III)


 
මාතලන්ගේ කෙටි කතාවක් වගේ කතාවකි..

<< පළමු කොටස මෙතනින් >>

ඇත්තටම උදිත් සර්ට පින් සිද්ද වෙන්න මම මගේ සිහිණ දෙකම ඉටු කර ගත්තා. කීර්තියගේ සිහිණයත් ඉටු වෙලා තිබුනා. ඒත් බේබි හාමුගේ සිහිණය ඉටු වෙලා තිබුනේ නෑ. මගේ වාසනාවට මමයි කීර්තියයි දෙන්නම සෙලෙක්ට් වෙලා තිබුනේ එකම කැම්පස් එකට. ඌට ශිෂ්‍ය සංවිධාන එක්ක තියෙන සම්බන්ධකම් නිසා ඌයි මමයි දෙන්නම, නවක වදය කියන මානුෂික අයිතිවාසිකම් අමු අමුවේ නැති කරන සෙල්ලමෙන් බේරුනා.

නවක වදයට ලක් උන එකා ඉබේම ඒකට අනුගත වෙනවා. මම නම් හිතන්නේ එතන තියෙන්නේ වෛරය හා පලිගැනීම කියන දේ. කවුරු හරි ඒක සුන්දර දෙයක්ය කියනවා නම්, සමාජයේ වෙන සියළුම පීඩාකාරි දෙවල් සුන්දර වෙන්න ඕන. පොලීසිය කියන්නෙත් සුන්දර තැනක් වෙන්න ඕන. ඇයි ඉතින් එතන වෙනවයි කියන දේ  නේ මෙතනත් වෙන්නේ.

ඇත්තටම අපි කරන්න ඕන මිනිස්සුන්ට පීඩාව කියන දේ, ආතල් එකක් කියලා පුරුදු කරන්න. එතකොට පොලීසිය ගැන මිනිස්සු වැරදි විදියට හිතන්නේ නෑ. ලොකු චින්තන විප්ලවයක් වෙන්න ඕන. මම හිතන්නේ, කැම්පස් වල සහෝදර සහෝදරියන් කරන්න උත්සාහ කරන්නේ ඒ දේ වෙන්න ඕන. ඒත් ඒ දේ මේ වන තුරා සමාජ ගත කරන්න බැරි වීම තුලින් පෙන්නේ, ඒ සහෝදර සහෝදරියන්ගේ තියෙන නොහැකියාව.

මේ ගැන මට වඩා අත්දැකීම් තියෙන්නේ අපේ තාත්තට. තාත්තත් එක්ක කතා කලාම එයා කියන්නේ එයාලගේ කාළේ මේ තරම් දරුණු විදියට මේ දේ උනේ නෑ කියලා. පොලිස් කූඩූවල ඉතරක් නෙමෙයි, වැලිකඩ වගේම ගාල්ලේ හිර ගෙදරත් ඉඳලා තියෙන තාත්තට නම් මේ දේවල් ගානක් නෑ.

අනික එයාලා බලයට ආවම කරන්න හිතාගෙන ඉන්නෙත් මේ වගේ වැඩ නේ. එයා හැම තිස්සෙම කියන දෙයක් තමයි, "ඔය බල්ලෝ ඇට දෙකෙන් එල්ලන්න ඕන...." කියන එක. එයාට අනුව වෘත්තිය සමිති කාරයෝ ඇර අනික් ඔක්කෝම බල්ලෝ.

ටික දවසක් යන කොට තමයි මට තේරුනේ කීර්තියා මාව බේරුවේ ඇයි කියන කාරනාව. ඌට ලස්සනට තෙල බෙදන්න පුලුවන්. ඌ කියන කතාවල ඇත්තක් නැත්තෙමත් නෑ. ඌ කැමති උනේ නෑ මම උදිත සර්ට පින් දෙනවට. ඌ කියන්නේ ඒක තමන්ගේ දක්ෂතාවය කියලා.

ඌ මගේ ඉටු උන අනිත් සිහිණය ගැන නොදැන ඉන්න හේතුවක් නෑ. ඒත් ඌ ඒක මගේ සිහිණයක් කියන දේ දන්නේ නෑ. උන්ට අනුව මම උදිත් සර්ගේ ගොදුරක්. පව් ඒ අහිංසකයා. අපේ සිහිණ කුමාරයට එහෙම කියනවට මම නම් කැමති නෑ අනේ. අපි ගොදුරු වෙන්න එයා සර්පයෙක්ය. කුමාරයෙක් මිසක්. මොකෝ සිහිණ වල ඉන්නේ කුමාරවරු විතරනේ.

සිහිණ ගෙනෙන ඔබ කවුරුන්දෝ....?
අළුත් සිහිණයක් මට නැතිදෝ...?
සුපුරුදු එක සිහිණෙම දැකලා....

සිතේ සතුට මගෙ, ඇත මැකිලා.....

සිහිණ කියන දේවල් මාරයි අනේ.. සමහර ඒවා ඉටු වෙනවා.. අළුත් ඒවා ආයේ ආයේ එනවා. සමහර ඒවා ඉටු වෙන්නේ නෑ. මිනිස්සු පිස්සෝ වෙනවා. දිවි නහ ගන්නවා. මිනිස්සුන්ට හිතන්න බැරිව රොබෝලා වගේ උනා නම් හොඳයිද..? හැබයි එහෙම මිනිස්සුත් ඉන්නවා. උන්ට හිතන්න බෑ. ඒ නිසා සිහිණ නෑ. උන් අනුන්ගේ සිහිණ වල ජීවත් වෙනවා. හරියට රොබෝලා වගේ.

කීර්තියත් ඒ වගේ. ඌට උන්ගේ මහ උන් කියලා දීපු දෙයක් ඌ රිපීට් කරනවා. හරියට ටේප් රෙකෝඩරයක් වගේ. ප්‍රශ්ණ කරන්න බෑ අනේ. මල පනිනවා. ඒ නිසා උන්ව දිරවන්නේ නැති සෙට් එකකුත් ඉන්නවා. ඒත් උනුත් කාගේ හරි රොබෝලා. එහෙම රොබෝලා හදන මහාචාර්යවරු, ආචාර්යවරු මේකේ වැහි වැහලා. අපි උන්ගේ සිහිණ වල ජීවත් වෙන්න ඕන. හැම එකාටම එක එක ඇජෙන්ඩා. ටාගට්. අපිට අපේ සිහිණ තියෙන්න බෑ. ඒක සම්ප්‍රදායට විරුද්ධයි. පන්තියට විරුද්ධයි. මුන්ට පිස්සු අනේ. මම නම් මගේ හීන වල ජීවත් වෙනවා මොකා මක්කා දෙඩුවත්.

අපේ පන්තිවල ඉන්න උන් මට නම පට බැඳලා තිබුනෙත්, "උදිත් සර්" කියලා. උන් හිතුවේ ඒකට මට කේන්ති යනවා කියලා. ඉතින් මම උන්ගේ පැතුම් ඉටු කරන්නත් ඕන නිසා, "අනේ නිකා හිටහල්ල බං... රත්තරන් මිනිස්සුන්ට පද නොහදා...." කියලා ගස්සගෙන ගියාම, අර ගොන් වැස්සියන්ට වස්සන්ට වෙන දෙයක් නෑ.

මුන් මක්කා දෙඩුවත්, සර්ට පිස්සු වැටිලා හිටපු මාව කැම්පස් යන්න උනන්දු කලේ සර්මයි. එයා තමයි කිව්වේ ඔයා කැම්පස් යන්න ලකුණු ගත්තේ නැත්නම් ආයේ මාත් එක්ක කතා කරන්නවත් එන්න එපාය කියලා. එහෙම කොහොමද අනේ ඉන්නේ. අනික සර් එක්ක හැම තිස්සෙම ඉන්න එකක්ය.

පස්සේ කාළෙක තමයි තේරුනේ, ඒ වැඩෙන් එයත් මාකට් වෙනවා කියලා. ඔයාලට කියන්න, මගෙයි පාස් වෙච්චි අනික් උන්ගෙයි ෆොටෝ පත්තරේ දාලා සර් අපිට සුභ පැතුම් එක් කරලා තිබුනා. හැබයි අපේ නම් වලට වඩා ළොකුවට, සර්ගේ නමයි ෆොටෝ එකයි, පන්ති තියෙන තැන්වල නමුයි, ඒ ඇඩ් එකේම තිබුනා. ඒක සුභ පැතුමක් නෙමෙයි ඇඩ් එකක්. සර් අපිව විකුණනවා. අපි ඉතින් සර්ට විකිනෙනවා. මගේ ගාව ඒ පත්තර කෑල්ල තවම තියෙනවා. ඒ තමයි මගේ පින්තූරයක් පත්තරේක ගියපු මුල්ම දවස.

සර් එක්ක මගේ සම්බන්ධය දිගටම තිබුනා. සර්ට කැම්පස් එකේ ලෙක්චරර්ස්ලා එක්කත් හිතවත් කම් තිබුනා. සර් තමයි මට කියා දුන්නේ, යාලු වෙනවා නම් ලෙචෙක් එක්ක යාලු වෙයන් කියලා. එහෙම කියන්න හේතු උනේ, මට සර් එක්කම ඉන්න ඕන කියලා මම කරදර කරන නිසා.

සර්..... මට සර්ව ඕන සර්..!

පිස්සුද ළමයෝ... මම බැඳලා ළමයි ඉන්න මිනිහෙක් නේ..

ඉතින් මට මොකෝ.. ඒ කියන්නේ සර් මට ආදරේ නෑ..?

ආදරේ නැත්නම් මෙහෙම එනවද ළමයෝ..

එතකොට සර්...., ආදරේ කියන එකත් බෙදන්න පුළුවන් දෙයක්ද..?

ඇයි එහෙම ඇහුවේ..?

නෑ ඉතින් සර් මට ආදරේ වගේම...., වයිෆ්ටයි....., බබාලටයි...., අනික් හුත්තියන්ටයිත් ආදරේ ඇති නේ..?

කොහෙන්ද කුණුහබ්බ ඉගෙන ගත්තේ..?

අපෝ මෙහේ හෝල් සේල් උගන්වන්නේ.., බොඩිමේ නිදා ගන්න නෑ කුණුහබ්බ ලෙක්චර් එකක් නොදුන්නොත්..

ඉගෙන ගත්තට කමක් නෑ.. ඕවා කියන්න පුරුදු වෙන්න එපා..

හරි..... ඒකෙන් වැඩක් නෑ... කෝ අහපු එකට උත්තර දුන්නේ නෑ නේ...?

මොකක්ද දැන් ඔය අහන්නේ..?

ආදරේ කියන දේ බෙදන්න පුළුවන් දෙයක්ද.........?

බෙදන්න පුළුවන්ද... වැඩි කරන්න පුළුවන්ද... අඩු කරන්න පුළුවන්ද.. එකතු කරන්න පුළුවන්ද කියලා කියන්න මම දන්නේ නෑ සඳ.. ඔය දර්ශනවාදය උගන්නන එකෙක් ඉන්නවා රුවින් කියලා... මගේ යාලුවෙක්.... ඌගෙන් ඇහුවා නම්.... කියලා දෙයි..

මට උන්ගෙන් අහන්න ඕන නෑ.. මට සර්ව බඳින්න ඕන..

මක් කිව්වා බඳින්න..????

පිස්සුද දරුවෝ..! බඳින්න නම් එපා කවදාවත්...!

ඕක අපේ තාත්තත් කියනවා... එච්චර හොඳ.... අපේ අම්මා වගේ වයිෆ් කෙනෙකුත් හම්බ වෙලා.. ඇයි සර් මොකක්ද මගේ තියෙන වැරද්ද..?

ඔයාගේ තියෙන වැරද්ද තමයි ඔයා මේ ජීවිතේ නොදන්න එක.. ජීවීතේ කියන්නේ මේක නෙමෙයි සඳ.. ඒක තේරුම් ගන්න බැරි මොකක්දෝ එකක්.. දැන් ඔයා හිතවද මම සතුටෙන් ඉන්න කෙනෙක් කියලා..

නැතුව සර්ට ඕන තරම් සල්ලි තියෙනවා නේ..?

පිස්සුද ළමයෝ.... සල්ලි කියන්නේ හැමදේම නෙමෙයි.. සල්ලි වගේම බලයත් ඕන..

මට තේරෙන්නේ නෑ අනේ...... ඔයා කියන ඒවා....... ඒ කියන්නේ ඔයා මාව කවදාවත් බඳින්නේ නෑ..

ක වෙන දෙයක් නෙමෙයි නේ දරුවෝ..

ඕන් එතකොට මම දරුවා.. ඔයා හරි නරකයි අනේ...

හරි එහෙනම් මෙහම කියන්නම්කෝ..... ඒක කවදාවත් වෙන දෙයක් නෙමෙයි නේ බබා..

ඔව් මම බබා.... ඔයා ඔක්කෝම දන්න මහාදැණමුත්තා...

මූ කොයි වගේ බල්ලෙක්ද කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද...? ඇත්තටම මූ වගේ බල්ලෙක් කියලා මට හිතුනා. මූ දැන් බලන්නේ හෙමීට හෙමීට මාව මග අරින්න. දැන් ඌට මේ මස් කට්ට වැඩක් නෑ. හපල හපලා කාලා දාලා, කිසිම ලේ රහක් නැතිව ඇති.  මේ වගේ බල්ලන්ට පාඩමක් කියලා දෙන්නම ඕන. මම මූත් එක්ක කැමත්තෙන් ගියාට, මූ කී දෙනෙක් අහිංසක කෙල්ලෝ බිල්ලට ගන්නවද?

එක අතකින් මම මොකටද උන් ගැන හිතන්නේ. ඒවා උන්ගේ ප්‍රශ්ණ නේ. මිනිස්සු මොනවා කිව්වත්, උනුත් මම වගේම කැමැත්තෙන් එනවා ඇත්තේ. නැත්නම් ඉතින් සර්ලා කී දාහක් මේ වෙනකොට හිර ගෙවල් වල ඉන්න ඕනද.?

මගේ එක හීනයක් කුඩු වෙලා යන්නෙ ඔහොමයි. ඒත් මේ කැම්පස් එකෙත් ඕන තරම් "සර්ලා" ඉන්නේ.. ඒත්  ඒක මාර වේදනාකාරියි... කවදාවත් අමතක වෙන්නේ නෑ.. බේබී හාමුගෙන් වෙන්වීම මට සත පහකට දැණුනේ නෑ.. ඒ කියන්නේ එතන තිබුනේ ආදරයක් නෙමෙයිද..? මම සර්ට ආදරේ කලාද..? සමහර විට එහෙම වෙන්න ඇති. ඒක ආදරයක්ද..? පෙරේත කමක් නෙමෙයිද..? මාර ආත්මාර්තකාමී හැඟීමක් නෙමෙයිද...? සර් මගේ යෝජනාවට කැමති උනා නම්.. එයාගේ වයිෆ් මම වගේම දුක් වෙයිද..? එහෙම නැත්නම් මට බේබී හාමු නැති උනාම සතුටු උනා වගේ සතුටු වෙයිද...?

කොහොම හරි ඔය හේතුවත්, තවත් බොහොම හේතූන් උඩ, මට කැම්පස් ජීවිතේ නීරස දෙයක් උනා.. ඒකත් ඉස්කෝලේ යනවා වගේම ඒකාකාරි දෙයක්. විභාගයි, ලෙක්චර්සුයි, අරවයි, මේවයි, එකම වෙනස, යුනිෆෝම් එකක් නැති එක විතරයි. ඔක්කෝටම වඩා එපා උනේ, අන්තරේ බූරුවන්ගේ පිකටිනුයි උද්ඝෝෂණයි පෙලපාලියි. ඒවට ගිහින් කන පරිප්පුවයි.

අපේ තාත්තා නම් මේවට කැමති උනාට, අම්මා නම් කිව්වේ ඕවට නොයා ගෙදර ඇවිත් ඉඳපන් කියලා. ඒත් ගෙදර ගිහින් කොහොමද..? දැන් මට සිහිණ ගොඩාක් තියෙනවා සැබෑ කර ගන්න. ඒ මුකුත් ගමේ ඉඳන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. 

දර්ශණවාදයේ පියා කියලා කාඩ් එකක් ගහලා තිබුන රුවින් සර්ගෙන් හවසක ආදරේ ගැන අහන්න ගිහින්, ඒක කෙලවර උනේ, ටික දවසකින් ප්‍රැක්ටිකල්ස් වලටම එන්න කියලා උපදේශයක් ලැබීමෙන්. කොල්ලෝ කිව්වේ එයා දර්ශණවාදියෙක් නෙමෙයිය නොම්මර එකේ දර්ශන කාරයෙක්ය කියලා. කතාව නම් සහතික ඇත්ත. මිනිහා එච්චර හැඩ නැති උනාට, ස්මාර්ට් එකට අඳින, මනමාල කම බේරෙන, පැනියා.

එයා තමයි  මට කියලා දුන්නේ, කැම්පස් එන්නේ නැතිව, ලෙක්චර්ස් එන්නේ නැතිව උනත් ඩිග්‍රි ගන්න ක්‍රමය. ඩිග්‍රිය නෙමෙයි මහාචාර්ය තැන දක්වා යන එකත් ළොකු දෙයක් නොවන වග මටත් තේරුනා.

මගේ යාළුවෝ කීප දෙනෙක්ම පාට් ටයිම් ජොබ් කලා. ක්‍රිෂ්ණා තමයි මට කිව්වේ උඹට නයිස් ෆිගර් එකක් තියෙන නිසා, ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකට වරෙන් කියලා. ඇත්තටම මමත් ඕක හරි ආස දෙයක් නේ. මම ඉතින් මක්කත් හිතන්න වෙලාවක් ගත්තේ නැතිව, "අනේ මාව එක්ක පලයන්කෝ...." කියලා ගත් කටටම කිව්වා..

- නිමි නොවේ -

30 comments:

  1. සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
    නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වටින්නේ
    කඳුළු මල් ගොඩක් පාර දෙපැත්තේ
    නෙලා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ

    සිනා මල් ගොඩක් - නෑ කඳුළු මල් ගොඩක්...

    බලන්න ආසයි බටහිර සැන්දෑ අහසේ
    ඉගිල්ලෙන්න ද මම කුමාරියක් වාගේ අම්මේ
    ඒ අහසේ සුළං කපොළු විදුලි අකුණු මන්දාරම්
    මේ විශ්වයේ රටාව තව නෑ දූ දන්නේ

    අහන්න ආසයි තුරු හිස කුරුළු ගී පිරේ
    අහුලා ගන්නද සවනට මිහිරියි අම්මේ
    අහුලා ගන්න ද ඒ ගී සවනට මිහිරියි අම්මේ
    ගැයෙනා මුතු කැට පදවැල් සීරෙන විට කඳුළු පිරෙයි
    ඒ ගී උල්පත් ගැන නෑ මගේ දූ දන්නේ...


    සිනා මල් ගොඩක් - නෑ කඳුළු මල් ගොඩක්...

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වට දැන් ඉන්න ගොඩක් කෙල්ලෝ අහුවෙන ඔක්කෝම මල් නෙලා ගන්නවා... මුදල ළොකු උන සමාජයක උන් ආර්ථිකවත් ශක්තිමත්.. දැන් ඉන්න ගොඩක් උන් අන්දන්න බෑ.. මම මේක ලියන්නෙත් ඒකයි...

      Delete
    2. එකෙන්ම එකඟයි බොස් !!
      //දැන් ඉන්න ගොඩක් උන් අන්දන්න බෑ //
      වෙන්න ඕනැ ඒකමයි !!

      Delete
  2. ෆැෂන් ඉන්ඩස්ට්‍රි ? ආයිත් හින්දි සින්දුවක් කියන්නද දන්නේ නෑ ?

    ReplyDelete
    Replies
    1. සින්දු ගොඩාක් කියන්න වෙයි..

      Delete
  3. තිත්ත යතාර්ථය! මුන් මේ දේවල් තේරුම් ගන්නෙ කවදද? අන්න එදා වෙනතුරු දිගටම මේ දේවල් සිද්දවේවි.
    ඒ උනාට යාතාර්ථය තේරුම් ගන්න උන් ඇත්තෙම නැති තරම් බං. එහෙම නැත්නං උන් යතාර්ථය දකිමින් ඊට එරෙහිවෙනවා ස්වාර්ථය නිසා.

    උඹට මම ඒක යෝජනාවක් කරන්නද? ඒත් ඕනෑ නෑ බං කොහොම කිව්වත් ලාංකීය කුණු ගඳ ගහන දේශපාලනෙත් එක්ක උඹට තියෙන ගනුදෙනුව ඉවර වෙන්නෙ නැති බව මම දන්න නිසා!

    ReplyDelete
    Replies
    1. උඹලා ඕන දෙයක් කිව්වට මට අවුලක් නෑ මචෝ... මොකෝ මේ විශේෂයෙන් උඹගෙන් ලැබෙන කොමෙන්ට් එක නිසා තමයි මේ වගේ දේ ලියවෙන්නේ.. අනික උඹ තමයි මේ වගේ දේවල් ලියන්න මාතලන් යොමු කළ ප්‍රධාන නියමුවා..

      Delete
  4. Butifull story you write. Go fowerd and write. My congadulasions to you.

    ReplyDelete
    Replies
    1. Yes. Buttifull !

      //නයිස් ෆිගර් එකක් තියෙන නිසා//

      Delete
  5. .".........මම හිතන්නේ, කැම්පස් වල සහෝදර සහෝදරියන් කරන්න උත්සාහ කරන්නේ ඒ දේ වෙන්න ඕන." මටත් හිතෙන්නෙත් මේ විදිහටමයි. ඒත් උං හිතන එක වෙනුවට ඇති වෙලා තියෙන්නෙ වැඩි දෙනෙක් කීප දෙනකුගෙ වහල්ලු වෙලා ඉන්න ඕන කියන හැඟීම ඇතිවුන එක. මිනිසුනේ අලුතෙන් හිතාපල්ලා කියල අපට කියනව

    ReplyDelete
    Replies
    1. කොහොමත් අපේ ලේ වට ටෝචර් කියන දේ තියෙනවා... ඒ නැතත් දකුණේ සහ උතුරේ ලණු කැරළි දෙක නිසාත් වත්මන් සමාජය ඒ දේවල් වලට හැඩ ගැහිලා ඉන්නේ.. අපි පොඩි කාළේ එහෙම දෙයෙක් තිබුනේ නෑ..

      Delete
  6. ලිවිල්ල නම් හරිම රහයි...අද කාලේ මිනිස්සුගේ දර්ශනය ඇතුලේ සමාජ සම්මත, සාධාරණය, ප්‍රේමය..ඔය කිසිම දෙයක් නැහැ...තියෙන්නේ අරමුණු සහ ඒවාට ලඟා වීමේ ආශාව පමණයි...මේ ආර්ථිකය ඇතුලේ මිනිස්සු පිඩාවට පත් වෙලා තියන තරමට, ඒකෙ වරදක් කියන්නත් බැහැ...

    ReplyDelete
    Replies
    1. ඒක ආර්ථිකයේ වැරද්දක් නෙමෙයි. මීට වඩා අමාරු ආර්ථිකයක් තිබුන 70-77 යුගයේ මෙහෙම සමාජයක් තිබුනේ නෑ. මනුස්සකම කියන දේ උතුරන්න තිබුනා. මේ තියෙන්නේ පාදඩයන්ගේ යුගයක්.. පාදඩ පන්තියේ එකෙක් රජ වෙලා ඒක සමාජ ගත කරපු යුගයක්.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ආදරය? දර්ශනය හා සිහින...
    සරීරය කියන්නෙත් දක්සතාවයක්..
    දැං ඇවිල්ලා ක්‍රමේ වැඩක් නෑ.. වැඩේ කෙරිල නම්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අවශ්‍යතා සපිරේ නම් ක්‍රමය මක්කා උනත් කමෙක් නැත.

      Delete
  10. මේ අත්දැකීමම මගේ යාලුවෙකුටත් තියෙනවා. ඒකිගෙත් ඒ ලෙවල් කාලෙ, කැම්පස් කාලේ දැනට මේ කථාව යන විදිහම තමයි.

    ReplyDelete
    Replies
    1. මම මේක පටන් ගත්තේ බොහෝම කෙටි කතාවක් ලියලා නවත්තන්න.. ඒත් කීප දෙනෙක් කල ඉල්ලිම් හා කතා බහ තමයි කතාව ඉදිරියට ගෙනියන්නේ.

      Delete
  11. කැම්පස් ගැන කියලා තියෙන ටික නම් සහසුද්දෙන් ඇත්ත දැන්!

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියනවා, ලියනවා සෑහෙන අඩුයි..

      Delete
  12. ගොඩක් මිනිස්සු (ඇත්තටම කියන්නේ මොකක්ද කියන එකයි ප්‍රශ්නේ) හිතන් ඉන්නේ වයසට ගිය පලියට මහා උගතෙක් (ඩිග්රි හැටහුටමාරක්) තිබ්බ පලියට ජීවිතේ ගැඹුරු අර්ථය දන්නවා කියලා. මම දන්නේ නැහැ මාතේට ඕවා තියෙනවද කියලා, එත් මේ කතාවේ එන ගැඹුර අපේ එකම පන්ඩිතයෙක්ටවත් තේරෙනවා ඇති කියල. මොකද ගොඩක් එවුන් හිතනවා උගත්කම කියන්නේ හසළ බූද්ධිය කියලා. කැම්පස් ගිය එවුන් එලියට ඇවිල්ලා චාටර් කන විදිහ දැක්කම සන්තෝස හිතෙනවා අපි උන්ට කලින් සමාජෙට ඇවිල්ලා "කොහොමද සමාජය සමග ගැටෙන්නේ තමා විදිහට ජිවත් වෙලා" කියන ඩිග්රිය ගත්ත එක ගැන. නැත්තන් අපිටත් වෙන්නේ පිට කොටුවේ රස්සාවල් හිඟා කන්න. ඔය රැකියා විරහිත උපාධිධාරීන් කියාගන්න එවුන් පොඩ්ඩක් ඔය උපාධි කියන මානසිකත්වයෙන් එලියට ඇවිල්ලා ඕනෑම කට්ටක් කන්න පුළුවන් (දැන් කියන්න එපා අපි කාපු කටුත් එක්ක මොනාද යකෝ තෝ කාපු කටු කියල. තොපිට අපිත් එක්ක හැරෙන්නවත් බැහැ යකුනේ.) විදිහට නිහතමානී වෙයල්ලා. මුලින්ම ජිවත් වෙන්න ඉගෙන ගනිල්ලා. සමාජය වෙනස් කරන්න කලින් තමන්ගේ ලොන්ත පකස් ඔලුවල් හදාගනිල්ලා. නිදහස් අධ්‍යාපනය කියන්නේ නිකන් දෙන එකක් කියලනේ තොපි හිතන් ඉන්නේ, හරි එකත් දුන්නා කියමු, යකෝ කොහෙද තියෙන්නේ නිදහස් රැකියා දෙනවා කියලා. දැන්වත් ඇස් අරපල්ලා එක එක එවුන්ගේ යටිපල්ලවල් අතගාලා ආතල් දෙන්නේ නැතුව. උඹලගේ ඔළුවේ තියෙන ඉරිසියාව කුහකකම අත ඇරලා තියෙන එකාට උගේ දේවල් තියාගන්න ඇරලා උඹලත් හැදියල්ල. හැම එකාම තමන් තමන් හැදුනම රට නිකංම ගොඩ. අට පාස් එකෙක්ගේ සිතිවිලි. ගරහපන් බැනපන් හැබැයි මේක තමයි සදාකාලික වෙනස් නොවන සත්‍ය!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. කැම්පස් යන්න 1 ළකුණක් අඩු උනොත් වැටෙන කැටගරිය තමයි 8 පාස්..

      Delete
  13. පට්ට කෙල්ලෙක්...

    ReplyDelete
    Replies
    1. ඉස්සර වගේ නෙමෙයි දැන් ඉන්න උන් අන්දන්න අමාරුයි...

      Delete
  14. පට්ට කතාව! හැබැයි අර කුනුහබ්බේ නැත්තං තවත් මරු. මොකෝ ඒක නැති උණා කියල කතාවට අඩුපාඩුවක් වෙන්නෙ නෑ.

    ReplyDelete
  15. මතකද ටැබූ, ඔහොම ලෙචෙක් කෙල්ලෙක්ට දාපු සෙල්ලමක් ගැන කතාවක් ලිව්ව?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න