.

.

Jul 3, 2016

ආනන්ද බවන්, සරස්වති හා මසාලා තොසේ - Ananda Bavan, Saraswathie & Masala Dosa


ගිය සැරේ ලියපු තෝසේ කතාව, බොහෝ දෙනෙකුට වගේම අපේ තාත්තටත් අල්ලලා ගිහින් තිබුනා.. ඒකේදි තෝසේ වලට බෙදපු හොද්ද ගැන කිව්වට, ඒකේ නම කිව්වේ නෑ නේ.. ඒකේ නම "සාම්බාරු"... ඕක දෙමල කෑමක් උනාට, අපේ රජ කාලේ ඔය අනුරාජපුරේ පැත්තේ, අභයගිරියේ බුඩිස්ට් මන්ක්ස්ලට තිබුන ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි එකේ උන්න 5000 කට ඉතර දානෙට දීලා තියෙන්නෙත් සාම්බාරු හොද්ද තමයි. එකම වෙනස, ගන්න එළවළු වල වෙනස විතරයි. අපේ එකට කියලා තියෙන්නේ හත් මාළුව කියලා.

ඒවට වෙනම දාන ශාලා එහෙම තීලා තියෙනවා.. ඔය මහා පතංගර ගල් ඔරුවල තමයිලූ කෑම දාලා තිබුනේ.. මම නම් ඒක පිලිගන්නේ නෑ.. සමහර වෙලාවට ඕවට වතුර පුරවලා තියෙන්න ඇති, අත පය හෝදගන්න එහෙම. කෑම වලට, විශේෂයෙන් සංඝයාට පිලිගන්වන කෑමක්, ඒ විදියට දෙන එකක් නෑ කවදාවත්. ඉතින් ඔය දාන බෙදන්න උපාසිකාවොත් ඉන්න ඇති නේ. මම ඕවයේ ඇවිදගෙන යන කොට, මට ඕවා මැවිලා පේනවා. සාලියට කෑල්ලක් සෙට් වෙච්ච හැටි එහෙම.

පොඩි කාළේ ඕවා ගැන කියලා දෙන කොට, මම හිතුවේ මාළු ජාති 7 ක් දාලා, මඟුල් ගෙදර වගේ දෙන්න ඇති පොරි හැලෙන්න කියලා. එහෙම නෙමෙයි, බැලින්නම් දීලා තියෙන්නේ, සාම්බාරුයි, බතුයි ඉතරයි. ඒ කාළේ ඕවා පිලිගත්තේ නැති උනාට, රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ අපි ඉන්න කාළෙත් 3500 ක් ඉතර ඉන්නවා කිව්වම, මම ඕවා පිලිගන්න පටන් ගත්තා. දැන් නම් 8300 ක් ඉතර ඉන්නවා කියලා තමයි කියන්නේ. 5000 කියන්නේ පොඩි කාළේ හෙන ලොකු ගානක් නේ. දැන් නම් මහ බැංකුවෙන් ගහන පොඩි කොලේකත්, සුපියල්ම 5000 ක් තියෙනවා.

Vendakkai Kulambu
අපේ ගොඩක් අය සාම්බාරුයි, "රසම්" එකයි පටල ගන්නවා. රසම් එක්ක තෝසේ කන්න බෑ. රසම් කියන්නේ ඇපටයිසර් එකක්. අපේ තැම්බුන් හොද්ද වගේ. සමහර උන් නම් ඕකත් බත් එකටම හලාගෙන කනවා. මම එච්චර කැමති එකක් නෙමෙයි. ඔය බඩේ අජීර්ණයක් වගේ තියෙනවා නම්, ගෙදරදි හදාගෙන බොනවා. එතකොට කෑම රුචිය ඇති වෙනවා. සාම්බාරු එකෙත් ඇඹුල් එකකුත් තියෙනවා. ඒකට කියන්නේ කොලොම්පු කියලා. ඕක ටිකක් අපේ පොලොස් මාළුව වගේ. බත් කන්න කියාපු බාන්ඩේ. ඕකට අර සාම්බාරු වගේ රටේ ලෝකේ තියෙන ඔක්කෝම දාන්නේ නෑ. එක්කෝ වම්බටු. එක්කෝ මුරුංගා, එහෙම නැත්නම් වෙන්ඩක්කායි. ඔව් ඔව් අපිට එයා බන්ඩගෙ අක්කා උනාට දෙමළ අයට එයා වෙන්ඩ අක්කා.

තෝසේ වලට පෙම් කරන්න ගත්තයින් පස්සේ, අහුවෙන්නේ කොහේද, ඇදලා ඇරියා. ඔය සිරිමා නෝනගේ ආන්ඩුව කාළේ අපේ රටේ තිවුනේ සංවෘත ආර්ථිකයක් නේ. කොළඹ බිස්නස් කරපු ගොඩක් අය විකුණුවේ හොර බඩු. මේවා ආවේ වැල්වැටිතුරෙයි වලින්. අපේ තාත්තලගේ සෙට් එකත් බඩු ගෙනාවේ ඔහෙන්. එයාලට එහේ යාළුවෝ හිටියා සෑහෙන්න. අපි පොඩි කාළේ යාපනේ ගිහින් තියෙනවා ඇති වෙන්න. මොකෝ නවාතැන් පහසුකම් ආහාර සියල්ලම ලැබුනේ හිතවත් දෙමළ මුදලාලිලගේ ගෙවල් වල. අපි ඒ ගෙවල් අස්සේ රිංගුවට, එයාලට අපේ ගෙවල් වල නවතින්න ඕන කමක් තිබුනේ නෑ. මොකෝ වැල්ලවත්තේ කොටහේන පැත්තේ, බොහොම පරන වලව් වගේ ගෙවල් තිබුනා, මේ හැම මුදලාලි කෙනෙකුටම.

Greenlands
යාපනේ ඔය ගෙවල්වල කාපු තරම් රහට තෝසේ කාලා නෑ කොහෙන්වත්. අනෙක් එක ඉස්සෝ සහ කකුට්ටෝ. (ඔව් ඔව්... ක්‍රොකඩයිල් කරී කියලා, මැණික් නදිය ගලා බසී ටෙලියේ රම්‍යා වනිගසේකර කියන්නේ.) හේතුව, සියල්ලම ගෙවල් වල අතට පයට උන්න වැඩකාරයෝ හෙවත් සේවකයෝ හදපු නිසා. මට හොඳට මතකයි, ඒ මිනිස්සුන්ට කෑම හරි රහයි කිව්වම තියෙන සන්තෝසේ. ඕක සුද්දන්ගේ මැනස් එකක් උනාට, අපේ අයට ඒක නෑ. අපේ අය ඕන මළ ජරාවක් රහයි කියන්නේ ගෙදර අයට. උයපු අයට නෙමෙයි.

සුද්දෝ කරන, අපේ අය නොකරන දෙයක් තමයි, කෑම හදපු අයට ස්තූති කරන එක. මේ හොඳ පුරුද්ද තියෙන කෙනෙක් තමයි අපේ චන්ද්‍රිකා නෝනා. එයා ගියාම ඕන හෝටලේක චෙෆ්ටයි, ටීම් එකටයි කතා කරලා ස්තූති කරනවා. ගෙදරකින් කෑවත් එහෙමලු.. ඒ උනාට, මහින්ද මහත්තයාගෙන් ටෙලිපෝන් එකෙන් විනාඩි විස්සක් ඉතර කාපු වෙලාවෙ නම්, තැන්කිව් කියන්නේ නැතිව ඇති. ඒක, එයා පවුලෙන් ඉඟෙන ගත්තද, එහෙම නැහ්නන්, කෑමට බොහෝම ගරු කරන, ප්‍රංශය කියන රටේ සෝබෝන් වලින් ඉගෙන ගත්තද කියන්න දන්නේ නෑ. ඔහේලත් කොහේ හරි ගිහින් කෑවම, කුකාලට කතා කරලා තෑන්ක්ස් කරන්න අමතක කරන්න එපා. ඒක ඒ මිනිස්සුන්ට සල්ලි වලට වඩා වටිනවා. ඒ වගේම අඩු පාඩුවක් තියෙනවා නම්, ඒ ගැන කිව්වට, ඒ මිනිස්සු තරහා වෙන්නෙත් නෑ.

ඊට පස්සේ තෝසේ ගැන හොඳම මතකය එන්නේ රජ්ජුරුවන්නේ ඉස්කෝලෙට යන කාලේ. මම රජ්ජුරුවන්නේ ඉස්කෝලෙට ගියාට, කැළණියේ යාළුවෝ අති බහුතරය ගියේ මරදානේ පන්සල් ඉස්කෝලේට. ඒ කියන්නේ ආනන්දෙට. මම පොඩි කාලේ හිතුවේ ඒ පන්සලක් කියලා. මොකෝ ආනන්දේ ඉස්සරහා තිබුන "ඩොනල්ඩ්ස් ස්ටූඩියෝ" එකට අවුරුද්දකට කීප සැරයක් යනවා, බෝත් ඩේ වලට පොටෝ අල්ලන්න. ඒ කාළේ කොළඹ ඉස්කෝලවල ගියපු, වල බැහැපු ඕන එකෙක්ගේ ප්‍රධාන ආහාරය තමයි තෝසේ. එහෙම උනේ තෝසේ බොහෝම ලාබ කෑමක් උන එක. ඒත් අද තත්වේ වෙනස්. අද සයිවර් කඩෙකට ගියත්, වෙනින් කඩෙකට ගියත්, එකම ගාන යනවා. දැන් ඉන්න කොල්ලො නම් තෝසේ කන්නේ නෑ. උන් කන්නේ සබ්මැරීන්... ඔව බං අර මුහුදේ යට යන ඒවා. ඒවට කෙටියෙන් කියන්නේ "සබ්" කියලා. එහෙම නැත්නම් බර්ගර්, පීසා.. අපි තමයි, අල පානුයි, තෝසෙයි කෑවේ.

ඔය තර්ස්ටන් එක ඉස්සරහම තෝසේ කඩයක් තිබුනා. රහීමා එකටම අල්ලලා වගේ. හැබයි ඒකේ කෑම රහ නෑ. අනික ඉස්ටාප් එක මෙළෝ රහක් නෑ.. ඒ කියන්නේ සිකැරට් දුන්නේ නෑ. ඉතින් පයින් අඳිනවා කොල්ලුපිටියට. ඒ, "ඉන්දු සිලෝන් කෑෆේ" එකට. ඒක අදත් එතනම තියෙනවා. තව විශේෂ දේකුත් කියන්න ඕන. එකම එක දවසක් ඇර, අපි කවදාවත් හොරෙන් කාලා දුවලා නෑ. හේතුව උනේ, හැම එකා ගාවම සල්ලි තිබුන එක. නැති උන්ට, තියෙන උන් ඉස්පොන්සර් කොලා.

Dawalagiri - Maradana
ඒ වගේම ආනන්දේ උන් එක්ක වල බැහැපු දවසට. මරදානේ "ධවලගිරිය". ඔතනින් තෝසේ කාලා, මරදාන ඉට්ටේසමෙන් කෝච්චියේ ඇවිත් කැළණියෙන් බහිනවා. අපේ කුපාඩි කමට කෝච්චි වල ආවා ගියාට, ආනන්දෙටයි, රෝයල් එකටයි දෙකටම, ඉස්කූල් බස් තිබුනා. වරගොඩ පාර හරහා ගිහින්, කැළණි පන්සල ගාවින් බියගම පාරට දාලා, හතර කණුවෙන් මතු වෙන. මේවල පොඩි පොඩි වලිත් ගියා. ඒවා නම් අදත් තියෙනවා නේ.

ඊට පස්සේ, කොල්ලන්ට ඇස් පී එම් (SPM) කෑලී, හෝලී ෆැමිලි කෑලී, (HFC) විශාකා කෑලී, මෙතඩිස්ට් කෑලී. ලෑඩිස් කොලේජ් කෑලී සෙට් වෙන කොට, කස්ටියම "සරස්වතියට" සෙට් උනා. හේතුව උනේ බම්බා බස් හෝල්ට් ටික. ඉස්සර 193 කඩවත බස්, බම්බා වෙනකන් ආවා. ගාළු පාරේ ඉන්න උන්, නුවර පාරේ ඉන්න උන් ඉතරක් නෙමෙයි, ලංකාවේ හතර දිග බාගෙම ඉඳන් කොළඹ ආපු, වලට සෙට් උන උන්, වල බැස්සේ ඔතන. අනිත් තැන තමයි ටවුන් හෝල් හෙවත් පුරහල. ඇලෙක්සැන්ඩ්‍රා ටියුෂන් කඩෙත් ඒකට ඉවහල් උනා. අනික තමයි වික්ටෝරියා පාක් එක. සමහරු ඕකේ මල් කැඩුවා. සමහරු මල් සුව වින්දා.  අද ලංකාවේ ගොඩාක් ප්‍රසිද්ධ පොරවල් ඔය වලේ උන්නා. 

Shanthi Vihar
තව ගියපු තැනක් තමයි, තුන් මුල්ලේ, "ශාන්ති විහාර්". අද ඒක "ශ්‍රී විහාර්". ඉස්කෝලේ යන කාලේම "ග්‍රීන්ලන්ඩ්" එකටත් කීප සැරයක් ගියා. ඒක තිබුනේ හෝලි ෆැමිලි කොන්වන්ට් එක ගාව. අදටත් තියෙනවා එදාට වඩා බොහෝම දියුණුයි.  ඉස්කෝල කොල්ලෝ ඔය කඩ වලට එන කොට, මුදලාලි, කැෂියර්, බිල් ලියන උන්, ඔක්කෝම නැඟිටලා තමයි පිලි ගන්නේ. ගෞරවයට නෙමෙයි යකෝ..., කාලා දුවන නිසා. එහෙම දුවන්න ගිහින්, කොල්ලෝ හොදි නැතිව කනවත් අපි අනන්තවත් දැකලා තියෙනවා. ඒ උනාට අපේ සෙට් එක යන කොට කිසි අවුලක් උනේ නැත්තේ, බොහොම නම්බුකාර ප්‍රභූ පවුල් වල කොල්ලෝ දෙන්නෙක් තුන් දෙනෙකුත් අපේ සෙට් එකේ උන්න නිසා.

Shri Vihar
ඔය ග්‍රීන්ලන්ඩ් එකේ, ප්‍රයිවට් රූම් හිටන් තියෙනවා. අපරාදේ කියන්නේ, ඉස්කෝල කිට් එක ඇඳගෙන එන කපල් වලට ඒවා දුන්නේ නෑ කීයටවත්. සෙනසුරාදා ක්ලාස් යනකොට තමයි, කෑලීත් එක්ක ප්‍රයිවට් රූම් වලට ගියේ. ඒත් සයිවර් කන්න විතරයි හොඳේ. ඒ කාළේ කෙල්ලෝ උස්සන්න, ඒ සී කාමර තිබුනේ නෑ. බොහෝම අමාරුවෙන් තමයි සෙල් මුවා කර්මාන්තෙත් කර ගත්තේ.

ඔය ඔක්කෝම අතරින් ජනප්‍රියම එක තමයි, බම්බා වල, "සරස්වතිය". ඔතනින් නොකාපු ඉස්කෝල කොල්ලෙක් නෑ මම දන්න විදියට නම්. ඉස්කෝලේ යන කාලේ කෑවෙම, තෝසෙයි වඩෙයි තමයි. වඩේ කිව්වෙත් උළුදු වඩේ. කරුමේ කියන්නේ, අපි ඒ ලෙවල් කරන කාළෙමයි 83 ජූලී කලබල වලදි ඔය හුඟක් තෝස කඩ ගිනි තිබ්බේ.ඔය ඉස්කෝලේ යන කාලේ මතකය. 

සෙලින්කෝ එකේ වැඩට යන්න පටන් ගත්තයින් පස්සේ, නයිට් ෂිෆ්ට් වලදි, ෂන්මුගම් සෙට් උනාම, අපි දෙන්නා යනවා ග්‍රීන්ලන්ඩ්. ඉතින් තෝසේ අඹරන්න කලින් බෝතලේකට වග කියනවා. පොරගෙන් තමයි තෝසෙ ජාති ඉගෙන ගත්තේ. එක එක දවසට එක එක ජාති කෑවට, මට අල්ලලම ගිය එක තමයි මසාලා තෝසේ. ආසම නැති එක තමයි ගී තෝසේ. මට ඕකේ එනවා මහ වහතු රහක්. ඒ ඇරෙන්න නීර්, පේපර්, බිත්තර, බටර් වගේම දැන් නම් සී ෆුඩ් තෝසේ හිටන් තියෙනවා.

ඊට පස්සේ රට රටවල කරක් ගහලා ආයෙත් සැලින්කෝ එකට සෙට් උනාම බම්බලපිටියේ ෆ්ලෑට් ගාව තමයි ඔෆීස් එක. එතකොට ආයෙත් ග්‍රීන්ලන්ඩ් යන්න පටන් ගත්තා. එතකොට තමයි එකෙක් කිව්වේ, ඊට වඩා රහට බත් කන්න පුළුවන් එකක්, බම්බා ෆ්ලැට් එක ගාව තියෙනවා කියලා. ඒ තමයි "අම්රිතා". ඔතන දවල් කෑමට ගියාම, පුටුවක් ගන්න සෑහෙන වෙලා ඉන්න ඕන. බත් කන්න තියෙන්නේ උඩ කෑල්ලේ.අම් රිතා කියලා බොහොම සංවේදි ඇඩ් එකකුත් එක්ක හඳුන්කූරකුත් විකුණනවා. අන්ධ මනුස්සයෙක් සමන් මහත්තයගේ ගේ හොයාගෙන යන. දැන් නම් ඒක දැකලා දැකලම එපා වෙලා තියෙන්නේ.

මම තෝසේ වලට පෙරේත උනාට, අපේ හාමිනාවත්, පුත්‍ර රත්නයවත් සයිවර් වලට කැමති නෑ. ඒත් මෑතක, "වානි විලාස්" වලින්, මසාල තෝසේ එකක් ගෙනාවම, ඒකට කැමති උනා. දවසක්, වානි විලා එක්කගෙන ගිහින්, එතන ඒ සී කරපු උඩ තට්ටුවේ ඉඳන් කාලා, දෙන්නටම දැන් රහ වැටිලා තියෙන්නේ. ඒත් ඉතින් මසාලා විතරයි. අද කොළඹ තෝස කඩවලින්, ඒ කියන්නේ වෙජිටෑරියන් කඩවලින් ප්‍රසිද්ධම වානි විලා තමයි. ඒ ඇරෙන්න ඒ කාලේ යාපනේ කඩ කියපු ඒවා ගොඩාක් තියෙනවා. සයිවර් කඩ, යාපනේ කඩ වලින් වෙනස් උනේ, ඒවල දැල්ලෝ, කකුළුවෝ, ඉස්සෝ එහෙම තිබුන නිසා. 

දැන් ඉන්දියන් කෑම තියෙන රෙස්ටුරන්ට් හෝ ගාලා තියෙනවා. මේවා ඇවිල්ලා වෙජිටේරියන් නෙමෙයි. මේවයෙ තියෙන්නෙ උතුරු ඉන්දියානු කෑම. මේ කෑම මැද පෙරදිග බොහෝම ජනප්‍රියයි. ඔය මීකීරි එහෙම දාලා හදන මට්න් කරියයි නාන් රොටියි පට්ට රහයි. අපේ කීප තැනකින් කාලා තිබුනත් ඉන්දියාවටත් වඩා රහට කෑවේ මැද පෙරදිගදි තමයි.

රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ඉස්සරහත් එකක් තියෙනවා "මහරාජා පැලස්" කියලා. එතන නම් තියෙන්නේ උතුරු ඉන්දියානු කෑම නෙමෙයි නෝත් ඉන්දියන් කුසීන් කියලා වෙන ජාතියක් (ඒත් අරකම තමයී) එතනට නම්, සයිවර් කඩේට වගේ යන්න බෑ. මහරාජලා වගේ තමයි යන්න ඕන. බිල එන්නෙත් එහෙමයි. මහරාජලාගේ ගානක් එන්නේ. ඒ ඇරෙන්න, ඔය ටිකක් බොක්ක හොඳ ඉන්දියන් බ්‍රදර්ලා සිස්ටර්ලා ආවම, තෝසේ, මසාල තෝසේ, සිනමන් ග්‍රෑන්ඩ් එකේ "චට්නි" වලිනුත් කාලා බීලා තියෙනවා. එතන ගනන් නම් දන්නේ නැත්තේ, මට කවදාවත් ඒ බිල් ගෙවන්න උනේ නැති නිසා.

සයිවර් කඩවල තව කෑම බීම ජාති අට අනූවක් තිබුනට, ඒවා ඔක්කෝම මෙතන ඔබන්න නොගියේ අන්තීමට ඔක්කාරෙට එන්න ඉඩ තියෙන නිසා. එහෙනම් ගිහින් එන්නම්. කොහේද...? ඔය කොහේ මසාලා තිබුනත්, අපේ ගේ ඉස්සරහ තියෙන පොඩි සයිවර් කඩේ තියෙන මසාලා එකට ගහන්න එකක් නෑ. ඒ අපි පුරුදු රසය ඒකේ තියෙන නිසා.

Inside of Vaani Villa
අද මාතලන් ඉන්නේ නුවර එළියේ.. ඉස්කෝළේ කාළේ ඉඳන්ම, මෙහේ ආවම මම යන තෝසේ කඩ දෙක තුනක් තියෙනවා.. ගොඩක් වෙලාවට තුන් වේලම කන්නේ, ඒ සයිවර් කඩ වලින්.. උදේට පොල් රොටි සහ කට කපලා ළොකු වීදුරුවක කහට ජූන්ජක් දාපු එළකිරි එක.. දවාලට මසාලයක් හරි තෝස එක්ක උළුඳු වඩේ. රෑට කනවා අඩුයි.. ඒත් බොනවනේ.. මොනවා බොනවා.. ඔව් යකෝ නුවර එළියේ, ගෑණුත් රෑට බොනවා.. ඉතින් එතකොට බයිටෙට පරිප්පු වඩේ එකක් ගේනවා, ඉස්සර නම්. ඒත් දැන් ඔය කවුරුත් දන්න බයිට් කඩෙන් බයිට් එකක් ගෙනාවම වැඩේ ෂේප්.

එතකොට මේ සින්දුවේ කියන, "ආනන්ද බවන්" එක කොහෙද තියෙන්නේ. එකක් නම් තියෙනවා කිරුළපනේ. තා එකක් තියෙනවා බොරැල්ලේ. ඉතින් මේ සින්දුව කියන අය සෙට් උනේ මොන එකේද කියලා කියන්න නම් දන්නේ නෑ. හැබයි මාතලන් නම් ඔය දෙකෙන්ම කාලා නම් තියෙනවා. සිංගප්පූරුවෙත් තියෙනවා බොහෝම පරසිද්ද ආනන්ද බවන් එකක්. ඒකත් සමහර විට ලංකා පුත්තරයෙක්ගෙද කියන්න නම් දන්නේ නෑ.

84 comments:

  1. උදේ පාන්දර දාන්නෙම බඩගිනි හැදෙන පෝස්ට්මයි...අද දවසම ඉවරයි තෝසෙ කන්න යන විදිහක් හිතලා...කාර්යාල කටයුතු කම්මුතුයි...

    අසංක

    ReplyDelete
    Replies
    1. උඹ කාරයාලේ මතක් අරපු එක හොඳයි.. ඉස්සර මම කාළයක් වැඩ කලා සෙලින්කෝ එකේ ක්‍රෙඩිට් ෂොප් කියන ආයතනයේ. ඒක තමයි පහසු ගේවීමේ ක්‍රමයට භාන්ඩ මිළදී ගැනීම සඳහා ලංකාවේ මුලින්ම ආරම්බ කරපු ආයතනය. සෙලින්කෝ එකට ඇතුල් වෙන තැනමයි තිබුනේ. ඕකේ හිටියා මාරිමුත්තු කියලා පියන් මහත්තයෙක්. පොර ගෙදරින් ගේනවා තෝසෙයි සම්බලයි.. හොදි ඕන නෑ පට්ට රහයි. තෝසේ වලට පෙරේත් මම හැමදාම ඔයින් දෙකක් ගෙන්න ගෙන කෑවා. ඒ කාලා සෙලින්කෝ ස්නැක් එකෙනුත් කෑවා.. ඒකේ කෑම ගැනත් වෙලාවක ලියන්න ඕන.

      Delete
  2. ඉස්සෙල්ල එක ගිලමින් ඉන්න කොටයි උම මේක ඇරල දැම්මේ. හැක්. කමක් නෑ කන ඒවයි තැනුයි දෙකම සැට් උනා නේ.. සිරි විහාර් එකේ ලැසී එක අමතක කරන එක නං නාකයි.. ඒ දවස් කොම්පන්නේ තිබුන තෝසේ කඩේකට යනවා. ඒකේ නං වෙජි නැහැ බං. කීර වඩේ තමා ඒකෙදි නං මගේ පේවරිට්.. සරස්වතියේ අල බෝන්ඩ නං තනියම කන්න බෑ මට.. හැක්. ආඩෙනවා.. ඇාඩෙනවා.. සමාර අමතක දේවල් මතක් වෙනවා.. ඊට පස්සේ බිරියානි හොදේ.. හැක්

    ReplyDelete
    Replies
    1. ඒකයි මම කිව්වේ සයිවර් කඩවල තවත් බොහෝම රස කෑම ජාති ගොඩාක් තියෙනවා. ඒවා ඔක්කොම ලියන්න නම් පොතක් ගහන්න තමයි වෙන්නේ..

      Delete
    2. උඹ කොමෙන්ට් එකේ අන්තිම ටික ටයිප් කරල තියෙන විදියෙන්ම හිතාගත්තැකි අල බොන්ඩ ගැන උඹේ තියෙන අවංක මෙවුව එක. හැක්..

      Delete
    3. yela yela

      අල බොන්ඩේ තොල් උල් කරගෙන ඉනන විදිය දැක්කම කන්ඩ හිතෙන්නෑ අනේ. බලාගෙනම ඉන්නයි හිත.

      Delete
  3. මාතලන්ට මේක නෝට් වෙලා තියනවද ? ඉස්සර තෝසෙ එකක් අර යකඩ පිඟානට වඩා ලොකුයි... දැං පිඟානෙන් බාගයයි .... නෑ නෑ පිඟාන ලොකුවෙලා නෙමෙයි තෝසෙ පොඩි වෙලා .. වඩෙත් එහෙමයි .. බොන්ඩත් එහෙමයි ... ගාන වැඩිවෙලා බඩු පොඩි වෙලා ...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මචෝ මේ මම කියපු ගොඩක් තැන්වල තෝසේ එකේ ප්‍රමානය වෙනස් වෙලා නම් නෑ.. ඒකයි අදත් ඒවා පවතින්නේ..

      Delete
  4. ඉස්සල්ලම තෝසෙ කද්දි එකක් 15.....ඊට පස්සෙ 25.....ආය 30 ගියා....එකනන් ගොඩක් කල් තිබුන....දැන් 40 සමහර තැන්වල 50.....ඉස්සර තෝසයකුයි ,වඩේකුයි,ප්ලේන්ටියකුයි ගහල එන්නෙ...දැන් තෝසයයි ප්ලේන්ටියයි විතරයි....හැක් හැක්...කාලය මැව් වෙනසක අරුමේ....!!!

    ReplyDelete
    Replies
    1. ලෝකේ ක්සිම රටක බඩුවල ගනන් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ...

      - මහා ආර්ථික විශේෂඥ මහාචාරය බන්ධුල ගුණවර්ධන, මහින්ද රාජපක්ෂ පාලන සමයේ, රුපියල් 2500 කින් ජීවත් වෙන ආකාරය කියා දුන් විවාදයෙන් උපුටා ගන්න ලදි -

      Delete
    2. මම ඉස්සෙල්ලම තෝසේ කනකොට එකක් 1:50යි.. බදුල්ලේ ස්ටේෂන් එක ඉස්සරහා 'වලේකඩේ' සුනිල් අයියගේ (වඩිවේලු කඩේ) කඩ කුස්සියටම ගිහින් වංගෙඩියේ කොටපු දියාරු ලුනුමිරිසක් එක්ක තෝසේ දෙකක් කාපුවම දැනිච්ච රහ තාම කටේ තියෙනවා..

      Delete
    3. චන්ද්‍රිකා 3.50 ට පාන් දීපු කාලේ අපේ පැත්තේ තෝසේ විකුණුවේ රුපියලට වගේ කියලයි මට මතක...
      ඒ කඩේ තිබ්බ සාම්බාරු හොද්දේ රහ ඊට පස්සේ කාපු කිසිම තැනකින් අද වෙනතුරු දැනිල නැහැ...
      දෙමළ මිනිස්සු වැඩ කලාට ඒ කඩේ කලේ සිංහල මනුස්සයෙක්, අපේ යාළුවෙක්ගේ තාත්ත කෙනෙක්...

      Delete
  5. හැක්, පරණ රස මතක්වුනා. යුද්ද කාලේ යාපනේ ඉඳලා ප්ලේන් එකේ ඇවිත්, රත්මලානෙන් බැහැලා එන ගමන්,සයිවර් හෝටල් වලින් තෝසේ පාරක් දාපු අවස්ථා තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඒ කොහෙන්ද... පිටකොටුවෙන් වෙන්ඩෑ...

      Delete
    2. නෑ නෑ මාතෙ. අපි ඒ කාලේ ඉස්කෝලෙන් බොරු කියල පැනල ඇවිත් ඔය රත්මලාන එයාපෝට් එක ලඟ, බෙලෙක්කඩේ හන්දියේ තියෙන සයිවර් කඩවලින් බුරිය උල් වෙන්නම කනවා. සමහර දාට නැගිටගන්න බෑ.

      Delete
  6. මහින්ද මහත්ත්යා ගේ කාලෙදී අගේට ආන්ඩුවට බැන බැන රට හදන හරි මග කියා දෙමින් හිටි උන්දෑ....

    යහපාලනේට පින්සිද්දවෙන්න තෝසේ මසල වඩේ ගැන පෝස්ට් දාන්න පටන් ගත්තා...

    අනේ දෙයියනේ... වනේ වන සතුරෙකුටවත් මෙහෙම දුකක් සිදු නොවේවා...

    ReplyDelete
    Replies
    1. යහපාලනේ යහපාලනේ.... ඇත්තටම ජනතාව කියන දේට මහින්ද මහත්තයත් සවන් දුන්නා නම් එයා තාමත් ඉන්නවා..

      මම ලිව්වා නේ සිරිසේන මහත්තයෝ පෙනේ තිබුනට වැඩක් නෑ පුප්පන්නේ නැතිව කියලා.. දැක්කා නේ පිප්පපු පිප්පිල්ල...

      බැසිල් තමයිලු ආන්ඩුව වැට්ටුවේ... දැන් එයාම ආයේ ඇවිත් පවු සමාකර ගන්න.. ඔහේලට හොරුන්ගෙම පිහිටයි... පැරදිලත් මිනිස්සු කියන එක නෙමෙයි.. අඩු ගානේ විමල්ලා කියන එකවත් අහන මිනිහෙක් නෙමෙයි...

      Delete
  7. "සුද්දෝ කරන, අපේ අය නොකරන දෙයක් තමයි, කෑම හදපු අයට ස්තූති කරන එක"
    ජපානෙනම් කඩේකින් කෑවත්, කෑම රසයි , ස්තුතියි (ඔයිෂිකත්ත, ඇරිගතෝ) කියල කියනවා.
    හස්බන්ඩ් වයිෆ්ටත් එහෙම කියනවා.
    ලමයි අම්මටත් කියනවා.

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර උන්දගේත් තියෙන හොඳම හොඳ ගතියක් ඒක.. පළවෙනි කට කාපු ගමන් උයපු කෙනාටයි ගෙදර ඔක්කොටෝමයි 'කෑම රසයි- පින් සිද්ද වෙයි' කියනවා.. දැන් මටත් ටික ටික ඒක පුරුදු වෙලා.. රස උනා නැතා.. විශේෂයෙන්ම ගෙදර උන්දා බත් එක බෙදලා දුන්නම පලවෙනි කට කාල 'රසයි' කියල කියනවා.. :)

      Delete
    2. මාතලන් නම් රස නම් රහයි කියනවා... නැත්නම් නෑ කියනවා.. අම්මට උනත්, හාමිනාට උනත්...

      Delete
  8. ‍දැං ඉතිං පලයංකො තෝසෙ හොයාගෙන. හැක්..

    ReplyDelete
    Replies
    1. දැන් හැම තැනම තියෙනවනේ බං....

      Delete
  9. අපි කොල්ලො කාලෙ ආනන්ද බවන් එකක් බළන්ගොඩත් තිබුණා. අපිට විතරක් නෙවෙයි සයිවර් කෑම මුළු බළන්ගොඩටම බෙදා හැරුනෙ එහෙන්. මං හිතන්නෙ 83 ජාති ආල මංකොල්ලයෙන් පස්සෙ ඒකටත් යාපනේ පුස්තකාලෙට වෙච්ච දේම වුනා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. බලංගොඩ මම ආසම ටවුන් එකක්.. ළෝකාන්තෙටත් පේනවනේ...

      Delete
  10. අම්මෝ තෝසෙ බඩගිනී...

    ReplyDelete
  11. අඩේ පට්ට! මටත් ඔය සයිවර් කඩේකට සෙට් වෙනෝ තරම් වෙන රහක් නෑ! පොෂ් නැති අඩියෙ අඩියෙ පොඩි සයිවර් කඩවල දිලිසෙන ටං ටං සාම්බාරු, හොදි බාල්දි සං සං ගාලා ඔළුවට උඩින් මාරු වෙනකොට, යාරයක් දිගට ටිං පිඟානට හොදි පීල්ල දිගාරිනකොට කෝමද සුන්දරකම! තෝසයක් කාලා ප්ලේන්ටියක් බිව්වාම හම්මේ....මට බඩගිනියි බොලව්!

    ReplyDelete
    Replies
    1. මාත් හෙන බයයි බාල්දි ඔළුව උඩින් යනකොට... කොල්ලෝ සෙට් ගියාම කීයටවත් බාල්දි නම් මේස උඩින් තියන්නේ නෑ..

      Delete
  12. මාත් කොළඹ හැම තැනකින්ම වගේ තෝසේ කාල තියෙනවා.. නෙලුම් අජිත් ලංකාවට ආපු වෙලෙත් ජනමාධ්‍ය අමාත්‍යංශයට ගිහින් එන ගමන් දවසක් දෙන්නත් එක්ක නාරාහේන්පිට පාක් රෝඩ් එකේ පොත එකකින් තෝසේ කෑවා. අජියා අනියන් තෝසේ හැන්දෙන් ගෑරුප්පුවෙන් කාපු හැටි තාම මතක් වෙනවා..
    ඉන්දියාවේදී පූනෙ වලින් තෝසේ කාපු කතාවක් බ්ලොග් එකේ ලියන්න තාම පෙන්ඩින්.. පහුගිය දවස් වල මරදානේ ඉන්නකොට රෑට කෑවේම ආනන්දේ ඉස්සරහ තිබ්බ ශ්‍රිවානි විලාස් එකෙනුයි (ඒක දැන් වහලාද කොහෙද) ධවලගිරියෙනුයි තමයි.. දැන් දවසක් ඇර දවසක් වගේ ඉන්දු සිලෝන් එකෙන් කනවා.. වෙජිටේරියන් නොවෙන සයිවර් කඩත් පට්ට.. බණ්ඩාරවෙල ටවුමේ ඉස්සර තිබ්බ බදුල්ල බස් නවත්වන තැන (පල්ලමේ වගේ) පුංචිම පුංචි පොට් එකක්.. උගේ බාබත් කරියයි පිට්ටුයි කන්න බදුල්ලේ ඉඳන් අපි යනවා දැනට අවුරුදු 21-22 කට ඉස්සර :)

    ReplyDelete
    Replies
    1. බාබත් කියන්නේ මොනවද බන්? දන්නේ නැති හින්දයි අහන්නේ

      Delete


    2. බාබත් කියන්නේ මොනවද බන්? දන්නේ නැති හින්දයි අහන්නේ

      Tripe !


      https://en.wikipedia.org/wiki/Tripe

      පිට්ටු එක්ක කන්න!

      Delete
    3. පිට්ටුවලට බාබත් වගේම කිරිබොකු කරියත් මරු.

      ජයවේවා!!!

      Delete
    4. චෙන්නායි වලදි මාතලනුත් තෝසේ කාලා තියෙනවා. ඒත් ඉතින් තෝසේ වලට වඩා රහ කෑම එහේ තියෙනවනේ...

      Delete
    5. කමි අයියා බ්ලොග් එකකුත් ලියනවාද?

      Delete
  13. 1980 වැඩ වර්ජනයට සම්බන්ධ වෙලා ජොබ් එක නැති උනාම කොටුවේ පොත් කඩේක ජොබ් එකක් මට හම්බු උනා. පඩිය දවසට රු.35. දවල්ට කන්න යන්නේ තෝසේ කඩේකට .රු.15ක් අයකරනවා බඩ පිරෙන්න කාල තේ එකක් බීල සිගරට්ටුවක් ගත්තම.සිංහල කඩේකට ගිහින් බත් කන්න ගියානම් ඔරොත්තු දෙන්නේ නැති නිසයි සතියට දින 6ක්ම දවල්ට තෝසේ කෑවේ.ඉතින් අවසාන් වසයෙන් කියන්න තියෙන්නේ "තෝසේ බුදුවේවා! " කියල තමා

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයගේ ජීවිත වල ඔහොම පල කාලයක් තියෙනවා.. ඕවා නම් ඉතින් ඉල්ලගෙන කාපුවා නේ...

      Delete
  14. මසාල තෝසෙ මගෙත් ප්‍රියතම කෑමක්. ඉස්සර ශාන්ති විහාර් එක දිහා බලන්නෙත් නෑ අපි සල්ලි නැති නිසා. ශ්‍රී විහාර් උනාට පස්සෙ නං යනව එනව. ඕකෙ තියනව හතු වෑන්ජනයක්.. දිවියලෝක රහයි. මසාල තෝසෙ වගේ ඇතුලෙ අල කරීය නැති නිකන්ම තෝසෙ විතරක් දෙන්නෙ පේපර් දෝසෙ කියල. ඒකත් මරු. ගිතෙල් මිශ්‍ර නිසා ඕව වලින් හරිම ආස හිතෙන සුවඳක් එන්නෙ. දැනුත් එනව තෝසෙ පෙරේතකම. මල් පහයි...

    ReplyDelete
    Replies
    1. ශ්‍රී විහාර් එකේ බලං ඉන්න ගියහම මටනම් ඇති වෙනව.

      Delete
    2. මම උඹ කියපු කඩවලින් තෝසේ කනවට වඩා බත් කන්න ආසයි...

      Delete
  15. මේ ලිපිය දැක්කම මට හිතුනා sudukukula බ්ලොග් එකට ලිපියක් ලියන්න වර්ජනය කාලේ අපි දුක් වින්ද හැටි කියල.

    ReplyDelete
    Replies
    1. ලිව්වහම දුක අඩු වෙයි... ඒ නිසා ලියන්නයි තියෙන්නේ...

      Delete
  16. ඔය කෑම කන්නෙ තුට්ටු දෙකේ හිගන්නො. අපි කන්නෙ pizza hut, my burger, breadtalk වගේ තැන් වලින්. උඹලට කොහෙන්ද ඒ වගේ සුපිරි කෑම.

    ReplyDelete
    Replies
    1. එහෙනම් පුතා යාපනේ ජෙට් විං එකට වරෙංකො. කලිසම උගස් කරල තෝසේ කතෑකි.

      Delete
    2. ඔයා යාපනේ මුඩුක්කු වල ඉන්නව කියල පෙන්නන්න එපා අයියෙ. අපි නං ඉන්නෙ කොළඹ 7.

      Delete
    3. ඇත්තද...? කාලා රෙන්නේ නැතිව ඇති....

      Delete
  17. කෙල ගිලෙන්ඩම ලියල :)

    ReplyDelete

  18. සිලි ලන්කා මහ බැන්කුවේ නිල ගීතය:


    https://www.youtube.com/watch?v=o6gHlK-Mm2Y

    අර්ජුන් විසිනි... හිටපු හාදයා නොව අලුත් හාදයා ගෙ පුතාය... ඒයත් අර්ජුන් ය!

    ReplyDelete
  19. පින්සිද්ද වෙච්චාවේ...!

    ReplyDelete
    Replies
    1. අටම කිව්වෙනං වට්ටක්ක පේන්න බෑ කියල. හැක්..

      Delete
  20. අද හවසත් වැල්ලවත්තේ යවන්න තමයි මේ හදන්නේ!

    ReplyDelete
    Replies
    1. යන ගමන් බැහලා පලයන්... බඩට නේ අප්පා...

      Delete
  21. යාපනේ ඒවා ටික දාන්නම්. යාපනේ යන අයට බඩ නරක් නොකරගෙන කන්න ඇහැකි වෙන්න

    ReplyDelete
    Replies
    1. බඩා මාමේ... පෝස්ට් එකක් දාලා, ලින්ක් එකත් එවන්ඩෝ... බොග දැක්කේ නෑ කාලෙකින්...

      Delete
  22. තවත් රසවත් ලියවිල්ලක්... මාතලන්ට වගේම මාතලන් කියවන්නන් ටත් රසවත් බව දැනුණු ලියවිල්ලක්.. කමෙන්ටු වලින්ම පෙනෙනවා කට්ටියට හිතට අල්ලලා බව. ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. කලිනුත් මේ වගේ ඒවා ලිව්වනේ... ඒක නේ ගොඩක් උන් ඒවා ඉල්ලන්නේ...

      Delete
  23. මේ ඉට්ටයිල් එකට මාගේ වැඩි මනාපයක් නෑ ....

    ReplyDelete
    Replies
    1. එහෙම නම් මේ ළෝකේ කොච්චර ලස්සන වෙයිද නේ... එහෙම තමයි මේ ළෝකේ හැටි...

      Delete
  24. ‍තෝසෙ සහ වඩේ තව දුරටත් මං වගෙ හිඟන්නන්ගෙ කෑමක් නෙවෙයි බං. දැන් ‍තෝසෙ කනවට වඩා බත් පැකට් එකක් කන එක ලාබයි.

    මම මේ අහන්න්නමයි හිටියෙ. දැන් හුඟක් හෝටල්වල කෑම හදන තැන් සහ ක්‍රමය අන්තිම අපිරිසිදු බව කවුරුත් දන්නවනෙ. ‍තෝසෙ කඩවල් ඇත්තටම පිරිසිදුද? හිහිල්ල බලපු කෙනෙක් ඉන්නවද> අර ඉස්සරහ වීදුරු කූඩුවෙ ඉඳන් හදන එක ඇරුනාම පිටිපස්සෙත් හුඟක් දේ කෙරෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර නම් ඔය කඩ අස්සෙත් රිංගලා තියෙනවා, ලංකාවේ සුපුරුදු ක්‍රමේට වඩා ඒ කාලේ සාමාන්‍ය තොසේ කඩ අපගමනය වෙලා තිබුනේ නැහැ...

      Delete
    2. දෙමළ මෑන්ස්ල කරන මෙහෙ (කුරුණෑගල) සයිවර් කඩනන් පිරිසිදුයි..

      Delete
    3. ///දෙමළ මෑන්ස්ල කරන මෙහෙ (කුරුණෑගල) සයිවර් කඩනන් පිරිසිදුයි..///
      දැන් තත්ත්වය මම දන්නේ නැහැ, මම කිව්වේ 97~99 කාලේ...
      බොහෝ දුරට දැන් අවුල් ගතිය අඩු ඇති...

      Delete
    4. මම වානිවිලාස් එකේ කෑම හදන තැනට ගිහින් බලල තියනව, හොදටම පිරිසිදුයි.

      Delete
    5. සාමාන්‍යයෙන් දෙමළ මිනිස්සු කෑම වලට දෙවියන්ට වගේ සලකනවා... හින්ගල උනුයි, තම්බියි වගේ නෙමෙයි...

      Delete
    6. කොටුවෙ බස්ටෑන්ඩ් එක වටේ වගේ නම් වැසිකිලියට ලිපේ රස්නෙ වදිනවා පිච්චෙන්නම.අනිත් ඒව නම් එච්චරම චාටර් නෑ.

      Delete
  25. රහ බේරෙන ලිපියක්.

    ජයවේවා!!!

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. Mathe, sorry for commenting in English. Singapore Ananda Bavan is infront of Mustafa Shopping Centre. Had a 70+ years history. Recently the owner passed away, not second generation is in charge

    ReplyDelete
    Replies
    1. sorry for spelling error. Now second generation is in charge

      Delete
  28. "සන්මුගාස්" සහා "ෆුඩ් වේව්" වල පිරිසිදුවට කන්න පුලුවන්. නමුත් මිල පොඩ්ඩක් ගනන්

    ReplyDelete
    Replies
    1. සමාන්‍යයෙන් දුප්පත් දෙමළ කඩ උනත් බොහොම පිරිසිඳුයි...

      Delete
  29. ම‍ෙ මගුල ඉවසන්න බැරි තැන ඉය්‍ෙ රැ හාමිනේට කියල තා‍ෙසෙ හදවගත්ත

    ReplyDelete
    Replies
    1. අපිවත් මතක් වෙන්ඩ ඇති....

      Delete
  30. ග්‍රීන්ලන්ඩ්" එක 1960 ගනන් වල ඉඳලා තිබ්බා

    ReplyDelete
    Replies
    1. රුවන් පට්ට නාකි පොරක් නේ... :)

      Delete
  31. Adaala nettham sorry kiwwa

    Do u smell what I smell? the Slsi smoke? (before fire?)

    අපේ නබි තුමනට එරෙහිව එක වචනයක් හෝ කිවුවොත් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මරාගෙන මැරෙන බව ජාතික සමගි පෙරමුණේ නායක මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි මහතා පවසයි. මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා ....
    GossipClanka.com




    ReplyDelete
  32. ape iskole kollek ne. api yana kale nam raheema eka laga wena those kada thibune na

    ReplyDelete
  33. ඊයෙ රෑට කෑව තෝසෙ.අම්මට කන්න බෑ කිව්වම ෆ්‍රිජ් එකේ දැම්මා ඒක.උදේට අඹරනවා ඒකත් එක්කම.අහක දාන්න හිත හදාගන්න බෑ මෙව්ව.
    මීට වඩා මොන සහජීවනද අප්පා..
    ජයවේවා..!!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න