Photo Credit - http://www.lankaweb.com/news/items/2014/06/02/life-abroad-part-81-era-of-mayhem-smouldering-loss-of-life/ |
- මාතලන්ගේ කෙටි කතාවක් වගේ එකක් -
පට... පට.... පට... කියන සද්දේ එක දිගටම එන්නේ, ටී පනස් හයෙන්ය කියන්න ඉස්කෝලේ හාමිනේ උනත් දැන් දන්නවා. කොටන තුවක්කුවේ සද්දේ, ලයිසන් තුවක්කුවේ සද්දේ, ගල් කටස් සද්දේ, ග්‍රෙනේඩ්වල සද්දෙ ඉතරක් නෙමෙයි, ඒ සද්ද ඇහුනේ කොයි පැත්තෙන්ද කියන්න තරම් ඉස්කෝලේ හාමිනේට පුළුවන්.
ඒ ඉතරක් නෙමෙයි, ප්‍රානේ නිරුද්ද උනේ, වනේ වන සතෙක්ගෙද, වනේ පැන්න මනු සතෙක්ගෙද කියන්නත්, තා ටික වෙලාවකින් මිනී කීයක් ගඟේ යාවිද, එහෙම නැත්නම් කොල්ලෝ ටික මැරුවේ පාළමේ ගැට්ටෙ තියලද, එහෙම නැත්නම් පන්සල් හංදියෙද, ගඟ පහළද, ඉහළද කියන්නත් පුළුවන්. ටයර් ගඳ, පුළුටු ගඳ ඉස්කෝලේ හාමිනේට ඉතරක් නෙමෙයි, මුළු ගමටම හුරුයි.
ඒත්, චේ ගුවේරා කරයෝ, ගමේ මිනිස්සු මරන්න පටන් ගත්තයින් පස්සේ, ඉස්කෝලේ හාමිනේ මේ අනාවැකි කියන එක නවත්තලා දැම්මා.
මොනතරම් භීෂණයක් තිබුනත්, තුන්ඩු බෙදුවත්, ඇඳිරි නීතී දැම්මත්, ඉස්කෝලේ හාමිනේ වගේම සූර්ය දිව්‍ය රාජයත්, හමුදාවටවත්, චේ ගුවේරා කාරයන්ටවත්, බය උනේ නෑ. ගේ ඉස්සරහ මහ පාර. පාරෙන් එහා පැත්තේ මහා පල්ලමත් එක්ක ගඟ. ගඟෙන් එහා රක්ෂිතේ. රක්ෂිතේ රූස්ස ගස් උඩින් මීදුම කපාගෙන එන හිරු එළියට, හිරු කිරණ කියන්නේ, බය නැති නිසාම වෙන්න ඕන.
පැන්සොන් ගිහිල්ලා අවුරුදු දා පාළොහක් උනත්, තාම ඉස්කෝලේ ගිය කාළේ වගේම, උදේ පාන්දර හතරාමාර වෙනකොට උන්දෑ ඇහ ඇරිලා කප්පි ළිඳ ළඟට යනවා. ඒ ළිදත් ඉස්කෝල හාමිනේ වගේම බොහෝම පිරිසිඳුයි. පිලිවෙලයි.
බාල දුව හදා දුන්න බාත් රූම් එක ගේ ඇතුලේ. ඉස්කෝලේ මහත්තයා හදපු එක පිලිකන්නේ. ඔය මක්කා තිබුනත් ඉස්කෝල හාමිනේ යන්නේ කප්පි ළිඳට. පනිට්ටුවෙන් වතුර එකක් ඇඳලා, සුදු පාට බේසමකට දාලා, හීතල වතුර ටිකකින් මූණ හෝදගන්නවා වගේ සැපක්, අර එකකින් වත් ගන්න බෑ කියලා තමයි උන්දැ කියන්නේ. කවදාවත් සාළුවෙන් මූණ පිහ දැම්මෙ නෑ. ඒකට ඉස්කෝලේ හාමිනේ ගත්තේ පරණ සාරියක්.
ඊට පස්සේ ඉස්කෝලේ යන්න වගේම ඔසරිය ඇඳ ගන්නවා. ඉස්කෝලේ හාමිනෙත් දකුණෙමයි. ඒ උනාට තරුණ කාළේ ඉඳන් අඳින්නේ ඔසරිය. කොච්චර සුවඳ විලවුන් ජාති තිබුනත්, පරණ පුරුද්දට ටැල්කන් පවුඩර් ටිකකුත් මූණේ උලා ගන්නවා. ඉස්කෝලේ යන කාළෙයි, අද කාලෙයි එකම වෙනස සත්තරන් පටිය තියෙන රෝමර් අත් ඔරලෝසුව අතේ නැති එක ඉතරයි. උන්දෑ තරුණ කාළේ වගේම අදටත් හැඩයි, ගරු ගාම්බීරයි.
ඒ ඇඳුමෙන් ගමේ ඕන තැනක යන්න පුළුවන්. තේ හදන්න ,කෑම හදන්න, වතුවල වැඩ කරන උන් කුස්සියට වදිනකන්, ඉස්කොලේ හාමිනේ කරන්නේ, ගේ ඉස්සරහා මිදුලේ තනකොල ගොඩේ පින්න පාග පාග වතු සුද්ද මල් කඩන එක. තව ටිකකින් අතුරුදහන් වෙන තනකොළවල තියෙන පින්නේ, අඩි බර කරලා, හෙමින් හෙමින් ඇවිදින්නේ, ඒ සුවය විඳින්න තියෙන ලෝබ කමටමයි.
ඒ වෙනකොට ඉස්කෝල හාමිනේගේ යාළුවොත් ගස් වලට එනවා. සූටිත්තෝ, බට්ටිත්තෝ, ඉස්කෝල හාමිනේට සින්දු කියනවා. සිරීපාදේ යන සමනල්ලුත් ඉස්කෝලේ හාමිනේ බලන්න ඇවිත්. ඉස්කෝලේ හාමිනේටත් පහු වෙලා අවදි උන ලේන්නු ඉස්කෝලේ යන්න පරක්කු වෙලා කලබලේ සීනුවත් ගහ ගහා වත්තෙ පළතුරු ගස් පුරා දුවනවා. කොහොමත් ඉස්කෝල හාමිනේ පොඩි උන්ට ආදරෙයි.
ඉස්කෝල නිවාඩුවට ගමේ එන මුණුබුරු මිනිබිරියොයි, වතු පිටිවල වැඩ කරන, ගෙදර දොර වැඩ කරන උන්ගේ පොඩි උනුයි වත්තේ පිරිලා සෙල්ලම් කරන එක උන්දෑ බලාගෙන ඉන්නේ, පුදුම ප්‍රීතියකින්. එතකොට දරුවන්ගේ පොඩි කාළේ වගේම. ඉස්කෝලේ උගන්වපු පොඩි උනුත් ඉස්කෝල හාමිනේට මතක් වෙනවා. කර දඬු උස් මහත් වෙච්චි ගමේ උන්, අදටත් ඉස්කෝල හාමිනේට ආදරෙයි.
ඔය වෙලාවට තමයි ගේ පිලිකන්නේ කන්ද බැහැගෙන, කිරි රංජියා, කිරි බෝතලේ ගේන්නේ. රංජියා ගාව ඉන්න කිරි හරක් ඔක්කෝම ඉස්කෝල මහත්තයා කිරි රංජියට දන් දීපූ උන්. ඌ, ඒ ගුණේ තියන්න, හැමදාම පාන්දරට නොවරදවා කිරි බෝතලයක් ගේනවාමයි.
කිරි රංජියට පිලිකන්නෙන් එන්න උනේ තුන්ඩුවා නිසා. නැහ්නන් ඌ එන්නේ ඉස්කෝල මහත්තයගෙම පරණ රැලේ බයිසිකොලේ. ඒත් තුන්ඩුවා රංජියට නියෝගයක් පනවලා, පාන්දරට පාරෙන් එහෙම යනවා නෙමෙයි කියලා. මොකෝ ඔය වෙලාවට තමයි චේ ගුවේරා පෝස්ටර් ඇලවෙන වෙලාව. ඉතින් එදා ඉඳන් ඌ එන්නේ පිලිකන්නෙන්.
මොකෝ රංජියෝ තෝ බයවෙලා වෙව්ලන්නේ...?
මොකෝ රංජියෝ තෝ බයවෙලා වෙව්ලන්නේ...?
රංජියා හොඳ නළුවා. කොහොමත් මූ පෙරහරේ මහසෝනටත් නටන එකා නේ.. ඒක පරම්පරාවෙන් එන එකක්. රංජියගෙ තාත්තා සුබයා. සුබයත් තවම පෙරහරේ නටනවා.
උඹ මහසෝනාවත් දැක්කයි...?
ම... ම.... ම... මම මක්කටෙයි ඉස්කෝල හාමිනේ එයැයිට බය වෙන්නේ....? යාන්තම් අරු වචන ටික පිට කර ගත්ත..
මොකෝ උඹ බය වෙලා...?
ඉස්කෝල හාමිනේට ඇහුනෙ නෑ පාන්දර දොහේ මැසින් තුවක්කු සද්දේ...?
අහුනා බං ඇහුනා.... ඕක ඉතින් බය වෙන්න දෙයක්ය..?
තුන්ඩුවා... තේමිස් මුදලාලිට වෙඩි තියලා මැරුවා ඉස්කෝල හාමිනේ... කෝ ඉස්කෝල මහත්තයා...?
අහුනා බං ඇහුනා.... ඕක ඉතින් බය වෙන්න දෙයක්ය..?
තුන්ඩුවා... තේමිස් මුදලාලිට වෙඩි තියලා මැරුවා ඉස්කෝල හාමිනේ... කෝ ඉස්කෝල මහත්තයා...?
අනේ නිකා ඉඳහන් බං කෙප්ප කෙලින්නෙ නැතිව... තේමිසා මරන්නේ මක්කටෙයි තුන්ඩුවා.. අනික මැසින් තුවක්කුවෙන්... උඹ දැක්කයි..?
මගේ මේ දෑහින් දැක්ක දේ නේ ඉස්කෝල හාමිනේ. මම තේමිසාගේ....
මක්කිව්වේ තේමිසා... අනේ යකෝ...
නෑ... නෑ... මේ... තේමිස් මුදලාලිගේ...... කිරි බෝතලේ දෙන්න..... රබර් කෑල්ල මැද්දෙන් පල්ලන් බහින කොට... මට ඇහුනා තැපැල් නයින්ටියේ සද්දේ..
ඉතින්..?
ඉතින්.. මම ගහකට මුවා වෙලා බලාගෙන උන්නා..
ඒකේ හිටියේ තුන්ඩුවයි.. බෙලෙක්කයයි.. බෙලෙක්කයා තමයි නයින්ටිය පැද්දේ...
ඉතින්...?
තුන්ඩුවා බැස්සේ මැසින් තුවක්කුව මුදලාලිට උළුක්කු කොරන්.. ඒ පාර දෙන්නා මක්කද කියාගෙන හයි හයියෙන් දොඩා ගත්තා....
ඉතින් උඹැහෙට ඇහුන් නැතෙයි..?
නෑ ඉස්කෝල හාමිනේ ඇහුනේ නෑ..
ඊට පස්සේ අරූ මුදලාලිට තිබ්බා.. තියලා නයින්ටියේ නැගලා උඩහා පැත්තටයි ගියේ...
පස්සේ..
මම බයටම එහෙම උන්නා.. ඩිංගිත්තෙන් එකා දෙන්නා ආවා.. එයින් පස්සෙ තමයි මුදලාලිගේ ගෑනී..... නෑ නෑ මේ.... ගෑනී නෙමෙයි... නෝනා... නෝනා.... ඇවිත් බෙරිහන් දුන්නේ... කෝ ඉස්කෝලේ මහත්තයා...?
පොඩ්ඩක් හිටහන් මම කතා කරගෙන එන්නම්....
මගේ මේ දෑහින් දැක්ක දේ නේ ඉස්කෝල හාමිනේ. මම තේමිසාගේ....
මක්කිව්වේ තේමිසා... අනේ යකෝ...
නෑ... නෑ... මේ... තේමිස් මුදලාලිගේ...... කිරි බෝතලේ දෙන්න..... රබර් කෑල්ල මැද්දෙන් පල්ලන් බහින කොට... මට ඇහුනා තැපැල් නයින්ටියේ සද්දේ..
ඉතින්..?
ඉතින්.. මම ගහකට මුවා වෙලා බලාගෙන උන්නා..
ඒකේ හිටියේ තුන්ඩුවයි.. බෙලෙක්කයයි.. බෙලෙක්කයා තමයි නයින්ටිය පැද්දේ...
ඉතින්...?
තුන්ඩුවා බැස්සේ මැසින් තුවක්කුව මුදලාලිට උළුක්කු කොරන්.. ඒ පාර දෙන්නා මක්කද කියාගෙන හයි හයියෙන් දොඩා ගත්තා....
ඉතින් උඹැහෙට ඇහුන් නැතෙයි..?
නෑ ඉස්කෝල හාමිනේ ඇහුනේ නෑ..
ඊට පස්සේ අරූ මුදලාලිට තිබ්බා.. තියලා නයින්ටියේ නැගලා උඩහා පැත්තටයි ගියේ...
පස්සේ..
මම බයටම එහෙම උන්නා.. ඩිංගිත්තෙන් එකා දෙන්නා ආවා.. එයින් පස්සෙ තමයි මුදලාලිගේ ගෑනී..... නෑ නෑ මේ.... ගෑනී නෙමෙයි... නෝනා... නෝනා.... ඇවිත් බෙරිහන් දුන්නේ... කෝ ඉස්කෝලේ මහත්තයා...?
පොඩ්ඩක් හිටහන් මම කතා කරගෙන එන්නම්....
රංජියට තිබුන කලබලේ ඉස්කෝල හාමිනේට තිබුනේ නෑ. වෙනදා ඉන්ගිරිසි පත්තරෙත් අරන් ඉස්තෝප්පුවේ ඇඳි පුටුවට එන ඉස්කෝල මහත්තයා තාම නැත්තේ මොකද කියලා කාමරේට එබිලා බැලුවා. කාමරේ නෑ.. ඒ කියන්නේ බාත් රූම් එකේ..
ඉස්කෝල මහත්තයා...
ඕ... මම මේ නාන කාමරේ...
හා.... හා.... හෙමීට එන්න... අර කිරි රංජියා ඔහේව හොයනවා...
අර මක්කටෙයි...?
ඔහේ හෙමීට එන්නකෝ... ආන් ඌ ඉන්නවා පිලිකන්නේ...
කෝ ඉස්කෝල හාමිනේ ඉස්කෝල මහත්තයා.... තාමත් බුදිය..?
ඉස්කෝල මහත්තයා නාන කාමරේ... පෝඩ්ඩක් හිටහන්..... එයැයිත් ඊයේ හවහ මක්කත් දොඩන්නේ නැතිව උන්නේ..
ඊයේ තුන්ඩු දීලා තියෙනවා හාමිනේ... කඩ වහන්නෙයි කියලා
හා.... මේ..... ඒක තමයි...... මුන්දෑ සද්දයක් බද්දයක් නැතිව උන්නේ...
එහෙනම් තේමිසා කඩේ අරින්න ඇති..?
ඒක නේ හාමිනේ... මේ යකා කඩේ ඇරලා නේ....ඒ සැරේ නම් ඉස්කෝල හාමිනේ රංජියගෙ කතාව හදන්න ගියේ නෑ.. මොකෝ තේමිසා ආයේ ඉන්න එකක් කියලය. ටික වෙලාවකින් මඩකළපු සරමයි බොක්සින් බැනියමයි ඇඳපු ඉස්කෝල මහත්තයා පිලිකන්නට ආවා..
අනේ බලන්න ඉස්කෝල මහත්තයෝ තේමිස් මුදලාලි මැරුවා නේ........... තුන්ඩුවා......
හ්ම්... මම ඔය වාහෙට මැරෙනකන් කිව්වා... කොහෙද කියන දෙයක් අහන එකෙක්ය ... එයත් චේ ගුවේරා කාරයා කියලා නේ කියන්නේ.. උන්ට දැන් කොයිකත් එකයි.. පිස්සෝ වගේ... ඒත් උඹ කොහොමෙයි කියන්නේ තුන්ඩුවා මයි ඕක කොලේ කියලා..?
අපේ මහත්තයෝ.... මේ රංජියා දෑහින් දැක්කයි කියනවනේ...
ඇත්තෙයි රංජියෝ.... උඹ දැක්කයි...?
රංජියට කලින් ඉස්කෝල හාමිනේ ආයෙමත් ඉස්සර උනා...
ඔව් නේ අපේ මහත්තයෝ.... වෙඩි තිබ්බේ තුන්ඩුවය කියන්නේ...
ඇත්තෙයි බං...!
ඔව්... ඔව්... ඉස්කෝල මහත්තයෝ මගේ දෑහින්ම දැක්ක දේ නේ..
දැන් උඹ කී දෙනෙක්ට කිව්වැයි ඕක...?
ඇත්තෙයි බං...!
ඔව්... ඔව්... ඉස්කෝල මහත්තයෝ මගේ දෑහින්ම දැක්ක දේ නේ..
දැන් උඹ කී දෙනෙක්ට කිව්වැයි ඕක...?
මාත් කඩේ ගාවට ගියා.. ඒත් කාටවත්ම කිව්වේ නෑ... මක්කත් නොදැක්කා වගේ උන්නේ... ඊයේ තුන්ඩුවා ඇවිත් කඩ වහන්නෙයි කිව්වැයි කියන්නේ ඇත්තෙයි ඉස්කෝල මහත්තයෝ...?
හ්ම... උඹ දැන් ඕක කාටවත් නොකියා ගෙදර පලයන්... ගෙවල්වල උනුත් බය වෙලා ඇති නේ...
හොදමයි ඉස්කෝල මහත්තයෝ...කිරි රංජියා ගියයින් පස්සේ ඉස්කෝල මහත්තයයි ඉස්කෝල හාමිනෙයි ඉස්තෝප්පුවට ආවා...
හොදමයි ඉස්කෝල මහත්තයෝ...කිරි රංජියා ගියයින් පස්සේ ඉස්කෝල මහත්තයයි ඉස්කෝල හාමිනෙයි ඉස්තෝප්පුවට ආවා...
ඉස්කෝල මහත්තයා..
හ්ම්..
මට නම් හරි සැකයි කිරි රංජියත් මුන්ට සම්බන්ධද කියලා..
අර මොකෝ ඉස්කෝල හාමිනේ එහෙම හිතුනේ...?
නෑ... ඌ කිව්වනේ අර දැකපු දේ කාටවත්ම කීවේ නැතෙයිය කියලා...
ඒ ඉතින් බයට නේ ඉස්කෝල හාමිනේ..
හ්ම්... ඒ නැතත් ඔය ඔක්කොම එක ජාතියේ නේ..
හ්ම්..
නේද ඉස්කෝල මහත්තයා..?
නේද ඉස්කෝල මහත්තයා..?
හ්ම්... වෙන්නත් පුළුවන්.. අපි උනත් එහෙමනේ..
ගමේ එකා දෙන්න හන්දිය පැත්තට යනවා. සමහර උන් ඉස්කෝලේ මහත්තයා කඩේ ඇරියෙ නැති එක හොඳයි කියලත් කියනවා. කොහොමත් ඉස්කෝල මහත්තයගෙ කඩේ අරින්නේ ටිකක් දවල් වෙලා. කඩයක් කිව්වට, ඇත්තටම ඒක මිළදි ගැනීමේ මධ්‍යස්ථානයක් කියන එක වඩාත් නිවැරදියි.
ඉස්කෝල මහත්තයා යුනිවර්සිටි ගිහින්, ගුරු පත්වීමක් අරගෙන ගමේ ඉස්කෝලෙමයි උන්නේ. ඉස්කෝල මහත්තයා ඉන්න කාලෙම ඒක මහා විද්‍යාලයක් උනා. තුන්ඩුවා එහා ගමේ එකෙක් උනත් අකුරු කලේ මේ ජෝඩුව ගියපු ඉස්කෝලේ.
ඒ උගන්නන කාලෙම තමයි ඉස්කෝල වෙලාවෙන් පස්සෙ කලින් ගෙදර ඉඳන් කරපු කුරුඳු බිස්නොස් එක හංදියේ කඩේට අරගෙන ගියේ. හැම එකාම වත්ත අස්සේ රිංගන එකට වඩා, හාමිනේට ප්‍රශ්ණය උනේ කුරුඳු වවන උන් ගණු දෙණු වලට ඉස්තෝප්පු කාමරේට රිංගන එකට. බිස්නස් කාරයෝ උනත් ඒ ජාතියේ උන් පිලිකන්නෙන් එනවට තමයි ඉස්කෝල හාමිනේ කැමති.
පොඩි කාලේ ඉඳන් ඔය කොලුවා දස්සය.
ඒක නේ ඉස්කෝල හාමිනේ.... කැමපස් එකටත් ගියේ..
ඇයි ඉස්කෝලේ මහත්තයට මතක නැතෙයි.. මම ඔය කොලුවා කැම්පස් සිලෙක්ට් උනයි කියලා දැන ගත්තාම ගෙදරටම ගිහින් සල්ලි දීලා.. තවත් උදව්වක් හෙම ඕන නම් කියන්නෙයි කියලා කිව්වෙ.. අපරාදේ කියන්නේ ඌ කාටවත් කරදර කලේ නෑ......
මට මොකැයි අමතක හාමිනේ... මම කීප දවසක් කිව්වා ඔය යකාට ඔය බොරු වැඩේ කරන්න එපාය... ටික කාලෙකට ගමෙන් වහන් වෙලා ඉඳපන්.. නැත්නම් මම රට යන්න හදලා දෙන්නම් කියලා..
ඉතින් ..?
කොහෙද ඌ අර උන්ගේ සුපුරුදු දේශණාව කියවන්න පටන් ගත්තා.. ඊයේ නම් තුන්ඩුව දෙන්න ආවේ මූ නෙමෙයි...
අච්චර හොඳ දරුවෙක්... මේ වගේ දේවල් කරාවී කියලා හිතන්නත් බෑ... මම නම් හිතුවෙම නෑ අසංක ඔහොම දරුණු ළමයෙක් වෙයි කියලා...
ඒ උනාට හාමිනේ... ඒ කොලුවට එහෙම වෙන්න ඕන තරම් හේතු නම් තිබුනා..
ඒක නම් ඇත්ත ඉස්කෝල මහත්තයා.. ඔය කොලුවගෙ තාත්තත් මලේ චේ ගුවේරා කරන්න ගිහින් නේ... ඉතින් උන්ගේ ලේ වලම ඇති කේන්තිය...
ඉතින් ..?
කොහෙද ඌ අර උන්ගේ සුපුරුදු දේශණාව කියවන්න පටන් ගත්තා.. ඊයේ නම් තුන්ඩුව දෙන්න ආවේ මූ නෙමෙයි...
අච්චර හොඳ දරුවෙක්... මේ වගේ දේවල් කරාවී කියලා හිතන්නත් බෑ... මම නම් හිතුවෙම නෑ අසංක ඔහොම දරුණු ළමයෙක් වෙයි කියලා...
ඒ උනාට හාමිනේ... ඒ කොලුවට එහෙම වෙන්න ඕන තරම් හේතු නම් තිබුනා..
ඒක නම් ඇත්ත ඉස්කෝල මහත්තයා.. ඔය කොලුවගෙ තාත්තත් මලේ චේ ගුවේරා කරන්න ගිහින් නේ... ඉතින් උන්ගේ ලේ වලම ඇති කේන්තිය...
ඉස්කෝල මහත්තයත් ටික වෙලාවකින් ඒ පැත්තට යන අයට එකතු උනා...
තෙමිසා ලේ විලක් මැද. ඇරලා තිබුන කඩේ ඉස්සරහම වැටිලා උන්නා මිසක්, නැත්නම් තේමිසා කියලා අඳුනන්න බෑ. ඔළු කටුව කුඩු වෙන්නම තියලා. මස් කෑලී කෑලී හැම තැනම. එතනම බෝඩ් එකක්,
"දේශද්‍රෝහින්ට දඬුවම මරණය - දේශවිමුක්ති ජනතා ව්‍යාපාරය"
ඒ අත් අකුරු තුන්ඩුවගෙ බව දැක්ක ගමන් ඉස්කෝල මහත්තයා අඳුන ගත්තා. ඒත්, කඩ වහන තුන්ඩුව දෙන්නේ වෙන කෙනෙක්. "කීර්තී විජේභාහු" කියලා. ඒ අකුරුත් තුන්ඩුවාගෙම තමයි කියලා ඉස්කෝලේ හාමිනෙත් අඳුන ගත්තා.
කළු කන්නාඩී දාලා, කොන්ඩ වවලා, රැවුල වවලා ආවට, ඉස්කෝල මහත්තයට අසංකයව අඳුනගන්න බැරි උනේ නෑ. ඉස්සෙල්ලම උගෙන් අහපු දවසේ ඌ කතා කරන්නේ නැතිව මාරු උනා. ඊට පස්සේ කතා බහ කලා. තේමිසාම තමයි ඌට "තුන්ඩුවා" කියලා දැම්මේ. තුන්ඩුවගෙයි තේමිසාගෙයි දුර නෑ කමකුත් තියෙනවා. තේමිසා කියන්නෙ අසංක වගේ එකෙක් නෙමෙයි. පොඩි කාළේ ඉඳලම නාහෙට අහන්නේ නැති වසවර්ති මාරයෙක්.
මේ පැත්තට හිටපු නායකයා අතුරුදහන් උනයින් පස්සේ, තුන්ඩුවා පලාතේ නායකයා උනා. පොලීසියක්, හමුදා අනු කන්ඩයක් පැත්ත පලාතක නොතිබුන නිසා, ගමේ තනිකර තිබුනේ උන්ගේ ආන්ඩුවක්. ඇත්තටම ගමේ උන් උන්ගේ සටනට ආශීර්වාද කලා. ඒත් ගමේ උන්ට කරදර හිරිහැර කරන කොට ගමේ උන්ටත් උන්ව එපා උනා. විශේෂයෙන් ගමේ උන්න ප්‍රභූ පවුල් වල උන්ට.
සමහර උන් නම් කිව්වේ, චේ ගුවේරා කාරයෝ පිටින් දාලා, ඒ දේවල් කරන්නේ එහා ගමේ උන්න ඇමතියා කියලා. ඇමති තුමාගේ මහා වත්තක් මැද තියෙන ගෙදර, උන්දෑ උන්නේ නෑ. එතන උන්නේ පොලිස් කට් කපපු පිරිසක්. උන්ගෙන් කාටවත් කරදරයක් තිබුනේ නෑ කියලා තමයි හැමෝම කිව්වේ. පස්සෙ තමයි ඔතන ගමේ මදාවියන්ට ආරක්ෂාව දෙන වදකාගාරයක් උනේ. ඒකටත් හේතුවක් තිබුනා. මොකෝ මදාවියෝ කීප දෙනෙක්ම ලයිට් කණුවල බැඳලා විමුක්තිය කරා යවලා තිබුනා.
කිරි රංජියා මොනවා කිව්වත්, ගමේ උන් සැක කලේ ඇමතියගේ ගෝලයන්ව. උන්ගේ ජීප් දෙකත් ඔය වෙලාවේ එතනින් ගිහින් තිබුනා කියලා ජිනේරිස් දෙවි දේවතාවුනුත් පාවලා දීලා සහතික කරලා පොලීසියට කට උත්තරයක් දුන්නා.
කොහොමත් ජිනේරිස්ට උන් එක්ක තරහකුත් තිබුනා. ඒ ජිනේරිස්ගේ පරිහරනයට අමතරව අර යක්කු ටිකටත් දඩ මස් දෙන්න වීම. ජිනේරිස් දඩයමේ යන්නේ පොලීසියේ උන් එක්කය කියලා කතාවකුත් තිබුනා. නැහ්නන් ඉතින් ගමේ කාටවත් ලයිසන් තුවක්කුවත් තියා ගන්න බෑ නේ. ඒ උනාට ජිනේරිස් කිව්වේ මරු වැල් තියලය දඩ මස් ගේන්නේ කියලා. ගමේ උන් කිව්වේ ජිනේරිස් පොලීසිය කියන විදියට කට උත්තර දෙනවය කියලා.
තේමිසාගේ අවමගුල පන්සලේ නායක හාන්දුරුවන්ට ඕන විදියටවත්, සභාපති මහත්තයගෙ උපදෙස් අනුව වත්, කොටින්ම කියනවා නම්, පවුලේ උන්ගේ කැමත්තටවත් කරන්න හම්බ උනේ නෑ. අවමංගල කටයුතු කරන්න ඕන මෙන්න මේ මේ විදියටය කියලා, තුන්ඩුවගේ අත් අකුරු වලින් ලියපු උපදෙස් පත්‍රිකාවක් මරණ ගෙදරටම ගෙනත් දීලා තිබුනා. මේ උපදෙස් මාලාව ගැන ඒ වෙනකොටත් අවබෝධයක් තිබුන ගමේ උන් ඒ කියපු විදියටම අවමංගල කටයුතු සිද්ද කලා.
තේමිසාගේ සිල්ලර කඩෙත් එක්ක තිබුන මේස දෙකේ හෝටල් කඩේ, උගෙන් පස්සේ කලේ, තේමිසාගේ ගෑණී. බය නැතිව කඩේ කරන්නෙයි කියලා තුන්ඩුවා කිව්වා කියලයි ගමේ උන් කතා උනේ. ඒ නැතත්, ඉස්කෝලේ මහත්තයත් තේමිසාගේ ගෑණීට බොහොම උදව් කලා. එච්චරම රූප සම්පත්තියක් නැති, ඉස්කෝල මහත්තයා කීයටවත් කැමති නැති සිරිත් විරිත් තිබුන කාන්තාවක් නිසා, ඉස්කෝල හාමිනේගෙන් ඒ උදව් කිරීම වලට බාධාවක් තිබුනෙත් නෑ.
*******************************************************
හමුදාවේ පොලීසියේ වගේම ඇමති තුමාගේ පැජරෝ ජීප් ඔක්කොම වගේ කඩාගෙන පිබඟෙන හංදිය පහු කරගෙන ගියා. චේ ගුවේරා කාරයොවත්, හමුදාවේ, පොලීසියේ වගේම ,ඇමති තුමාගේ උනවත්, මෙහෙම දවල්ට කලබල වෙන්නේ නෑ. ඔක්කෝම නිශාචරයෝ. එහෙම එකේ මේ දවස විශේෂ දවසක් උනා. ටික වෙලාවකින් ඉස්කෝලත් වහ දැම්මා.
අනේ... අර එහා ගමේ උඩුගමසූරිය මහත්තයගේ මුළු පවුලම මරලා දාලලු...
අපේ තුන්ඩුවය කියන්නේ.... ඕක කරලා තියෙන්නේ
හොඳ වැඩේ ඕකට.... ඕකා කොල්ලෝ මරන්නේ කනේ බෝල්පොයින්ට් ගහලලු. කොල්ලෝ පෙන්නන්න බෑලූ..
අනේ... අර එහා ගමේ උඩුගමසූරිය මහත්තයගේ මුළු පවුලම මරලා දාලලු...
අපේ තුන්ඩුවය කියන්නේ.... ඕක කරලා තියෙන්නේ
හොඳ වැඩේ ඕකට.... ඕකා කොල්ලෝ මරන්නේ කනේ බෝල්පොයින්ට් ගහලලු. කොල්ලෝ පෙන්නන්න බෑලූ..
කඩේ පිරිස වැඩි වෙන කොට ඉස්කෝල මහත්තය කළේ කඩේ වහලා ගෙදර යන එක.
කාළය ඔය විදියටම ගලාගෙන ගියා. දෙපැත්තෙම මිය යන ගනනත්, මිනීමැරුම්වල කුරීරු බවත්, එන්න එන්නම් වැඩි උනා...
දවසක් වෙනදාටත් වඩා කලින් කිරි රංජියා කෑ ගහනවා ඉස්කෝලේ මහත්තයට කාමරේට ඇහුනා.. කොහොමත් ඌ සද්දේ වැඩි කරලා කතා කරන්නේ, ඉස්කෝල මහත්තයා පිලිකන්නට ගෙන්න ගන්න ඕන උනාම තමයි. මොකක් නමුත් කළබලයක් කියලා ඉස්කෝලේ මහත්තයට තේරුම් ගිය නිසා, ඉස්මනටම පිලිකන්න පැත්තට අවා...
ඉස්කෝල මහත්තයෝ රිසවේසොන් කෑල්ලේ 26 ක් මරලා දාලැයි කියන්නේ... තාමත් ගිනි ගන්නවලු... මාත් මේ කිරි ටික බෙදලා බලන්න යන්නෙයි කියලා.. තුන්ඩුවත් ඉවරෙයි කියන්නේ...
මක් කිව්වා රංජියෝ.... මේ අපේ තුන්ඩුවා....?
ඔව් ඉස්කෝල හාමිනේ...
හනේ අම්මේ... පව් දෙවියනේ... අනේ බල්ලනකෝ ඉස්කෝල මහත්තයෝ.... රටක් වටින කොලුවෙක් නේ...
ඉස්කෝල මහත්තයෝ රිසවේසොන් කෑල්ලේ 26 ක් මරලා දාලැයි කියන්නේ... තාමත් ගිනි ගන්නවලු... මාත් මේ කිරි ටික බෙදලා බලන්න යන්නෙයි කියලා.. තුන්ඩුවත් ඉවරෙයි කියන්නේ...
මක් කිව්වා රංජියෝ.... මේ අපේ තුන්ඩුවා....?
ඔව් ඉස්කෝල හාමිනේ...
හනේ අම්මේ... පව් දෙවියනේ... අනේ බල්ලනකෝ ඉස්කෝල මහත්තයෝ.... රටක් වටින කොලුවෙක් නේ...
හා උඹ පලයන්.... මම ටිකක් දවල් වෙලා සභාපති මහත්තයත් එක්ක යනවා...
මුළු ගමේම මහා පාලු බවක්, මොකක්දෝ මූසල කමක් තියෙනවා කියලා ඉස්කෝල හාමිනේ හිතුවා... කියා ගන්න බැරි, තේරෙන්නේ නැති, මොකක්දෝ අමුතු ගැඟීමක් පපුව අතුලේ හිර කනවා වගේ දැනුනා.. තමන්ගේ දරුවෝ දෙන්නයි, මුණුබුරු මිනිබිරියොයි මතක් උනා...
මාත් එනවා ඉස්කෝල මහත්තයා...අපිත් දැන්මම ගියොත් නේද හොඳ..?
ඉස්කෝල හාමිනේගේ කැමත්තක්.. එහෙනම් ඔහොම්ම යං...
ඉස්කෝල හාමිනේගේ කැමත්තක්.. එහෙනම් ඔහොම්ම යං...
දෙන්නත් එක්ක සභාපති මහත්තයලගෙ ගෙදරට යනකොට, එතනත් පස් හය දෙනෙක් උන්නා..
මාත් මේ ඉස්කෝල මහත්තයලැයි අහ යන්න උන්නේ... කවදාවත් නැතිව ඉස්කෝල හාමිනෙත් ඇවිත් ඉන්නේ...
ඔක්කොම රිසොවේසොන් කෑල්ල පැත්තට යන්න පටන් ගත්තා.. යන ගමන් කතා කරපු කිසි දෙයක් ඉස්කෝල හාමිනේට ඇහුනේ නෑ. ඉස්කෝල හාමිනේ නොදැන උන්නත්, ඒ ඉඩම් කෑල්ලටත් රක්ෂිතේ රුස්ස ගස් අතරින් මීදුම ඉරාගෙන අරුණළු පතිත වෙමින් තිබුනා. එකේ කිසි සුන්දරත්වයක් තිබුනේ නෑ. සියල්ල යටපත් කරගෙන ටයර් දුමත්, ගඳත්, පුළුටු ගඳත් දසත විසිරුනා.
සෙනඟ සූ ගලා.. අම්මලා තත්තලා, වැඩිහිටියෝ, දරුවෝ හොයනවා.. ගෑණු, මිනිහව හොයනවා.. ගමේ උන් කෝටුවලින් එහෙට මෙහට කරලා බලනවා... ඇතින්, තුන්ඩුවගෙ අම්මයි, ආච්චියි ඉන්නවා... ගහක ළොකු බැනර් එකක් එල්ලලා.. තෙතමනය වැඩි නිසා බොඳවෙලා පේන අකුරු දිහා ඉස්කෝල හාමිනේ බැලුවා..
"අපෙන් එකට - තොපෙන් හයයි"
කකුල් වල තියෙන ප්‍රාණවත් බව අඩු වේගන යන බවක් තේරුම් ගිය ඉස්කෝලේ හාමිනේ, නොදැනුවත්වම ඉස්කොලේ මහත්තයගේ ඇඟට බර උනා. මූණ උරහිස මත රැඳුනා. ඒ වෙලාවේ මොකක්දෝ අමුතු ශක්තියක් ආයේ අවා කියලා ඉස්කෝල හාමිනේට හිතුනා.
ඔසරි පටින් කඳුළු පිහ දාගත්ත ඉස්කෝල හාමිනේ, ඉස්කෝල මහත්තයගේ අතින් අල්ල ගත්තා. ඒ වෙලාවේ තමයි ඉස්කෝල හාමිනේ ජීවීතේ මුල් වතාවට ඉස්කෝල මහත්තයගෙ ඇස් වල කඳුළු තියෙනවා දැක්කේ.
ඉස්කෝල මහත්තයා, හාමිනේගේ අත අල්ල ගත්තා.
- නිමි. -
ප: ලි:
මේ දවස්වල ආයෙත් තුන්ඩු බෙදන එක නිසා ඇවිස්සුන පරන මතකයක් ඔහේ ලියලා දැම්මා. නන් ගන් අරවා මෙව්වා ඔක්කෝම මනක්කල්පිතයි...
මට මතක යි මේ අතීතය. ඉතා හොඳින් මතක යි. තුන්ඩු දුන්නෙ නැතත්, අපේ තරුණ බොහොමයක් උන්ට කැමැත්තෙන් හිටියේ එදා. නමුත් එක නැති කර ගත්තේ උන්දැල ම යි. කොහොම හරි ලස්සන කතාවක්.
ReplyDeleteමේක මනඃකල්පිතයි කිව්වට ඇත්ත කතාවක්...
Deleteසිරිල් මාමා කිව්වෙ වේ ගුවේරා කාරයො කියල.බීරි කරෝලිස්ගේ පවුල කිව්වෙ කේජු හොරා කියල.ඒ හැත්තෑ ගණන්වල.අසු නවයෙන් පටන් ගත්ත භීෂණේ දකින්න ඒ අය ජීවත්වෙලා හිටියෙ නෑ.
ReplyDeleteපැරණි මතක අවදි කරන කතාවක්.
අපේ අම්මලා තාත්තලාට මුන් තාමත් චේ ගුවේරා කරයෝ....
Deleteමාස් පඩි කාරයෝ කොහොමත් තුණ්ඩුකාරයන්ට මනාපයි.
ReplyDeleteඋන් කවදත් හිඟන්නෝ නේ...
DeleteWow nicely written.
ReplyDeleteAnyway what about the new chit issue?
දැන් ආයෙමත් තුන්ඩු බෙදලා කඩ වහනවා... මොකාද කියන්නේ දන්නේ නෑ.. ආන්ඩුවත් එකම අච්චාරු ගොඩක් නේ.. මේකට ඉස්සෙල්ලාම උඩ ගෙඩි දුන්නේ ගාල පැත්තේ අලි පාටියේ ඉන්න ගොන් වස්සෙක්.. දැන් නවත්තගන්න බැරි හිසරදයක් වෙලා තියෙන්නේ..
DeleteWow nicely written.
ReplyDeleteAnyway what about the new chit issue?
89ට ගෙනිච්චා...හම්බන්තොට වෙරල අයිනේ දැකපු ටයර් කේස් එකක් එක්ක, ඒ අඳුරු අතීතය යටපත් වෙච්ච ඒ භයංකර සමය ලස්සනට ගැමිවහරෙන් සිත්තම් කර තියෙනාකාරය කදිමයි මාතේ...මේකේ තියෙන පොලිටිකල් ටච් එක උඹේ මදාවි පෝස්ට් වල නැහැ බං..මෙන්න මෙහෙම ලියහං..උඹට තියෙන ආදරේ තව තවත් වැඩි වෙනෝ එතකොට...
ReplyDeleteඉස්කෝල හාමිනේගේ චරිතය විස්තර කරල තියෙනාකාරයට මට මම්මාව මතක් උනේ...!
ඔහේ නං මරු ඕයි...!
ඕං බලහං දැන් ඩූඩ් කියන්නේ නැද්ද කියලා උඹ සම්භාව්‍ය වෙලාය කියලා...!
ඒ උනාට ගොඩක් උන් කැමති මදාවි පෝස්ට් වලට... මම උනත් එහෙමයි.. බ්ලොග් වල තියෙන නිදහසෙන් අන්තයට යන්නේ නැතිව ඒ දේ කරන්න ඕන කියන මතයේ මම ඉන්නේ.. දැන් ඒකට පට්ට පොරක් ඉන්නවනේ.. අර ඉසදීන් ටවුන් එකේ යකඩ යකා ඩොක්ටර්... අන්න මාධ්‍යවේදියෝ... ලියන එක ලියනවා ආයේ නෑ පොරි හැලෙන්න...
Deleteබොහොම ස්තූතියි චෙෆා අගය කිරීමට
මාතෙ..!! උබේ මේ ස්ටයිල් එකේ සමහරක් වචන කියෙව්වෙ අවුරුදු 20කින් විතර. ඔය කේස් වෙනකොට මට 9ක් වගේ. මාතර උයන්වත්තට ගෝනි බිල්ල එනව කියනකොට ආච්චි අම්මත් (උබ විස්තර කොරල තියෙන ඉස්කෝලේ හාමිනේගේ ස්ටයිල් ම තමයි) මම එක්ක බ්‍රවුන්ස් හිල් ඉඳල ටයර් සයවල් බල බල දුවල යනව මද්දවත්තෙ සීයගේ ස්පෙයා පාර්ට් කඩේට එතන ඉන්න මාමව හනිකට කොහේ හරි හැංගෙන්න යවන්ට. එව්ව අමතක වෙලා තිබිල මේ පොස්ට් එකෙන් ආයෙ මතක් උනා.. මේ ස්ටයිල් එකටම ලියහන්. උබෙ මදාවි පොස්ට් ලියන එකනම් නවත්තන්න එපෝ..!! ජය වේවා..!! 👊🏽
ReplyDeleteමේ මචෝ අපේ තාත්තගේ වචන් සැට් එක නේ.. ගොඩක් ඒවා මට මතකත් නෑ.. උඹත් ඒ පැත්තේ නිසා මේවා දැනෙනවා ඇති... පිස්සුද අරවා ලිවීම කීයටවත් නවත්තන්නේ නෑ.. තහනම් කරනකන් ලියනවා..
Deleteකථාවේ මාතෘකාව මොකක් වුණත් කථාව ලස්සනට ලියල තියෙනවා.
ReplyDeleteමට නම් මතක අපෙන් එකට තොපෙන් දොලහයි කියලයි.
ඒ කොටුව ඉට්ටේසොන් එක ඉස්සරහා ගහලා තිබුන එක...
DeleteJ R Pakaya tamai mekata mula piruwe
ReplyDeleteහා මෙයා
DeleteA good.. no, an excellent, piece of writing !
ReplyDeleteThanks for the appreciation !
Deleteබොහොම යසයි... කොච්චර අමතක කරන්න හැදුවත් අමතක වෙන්නෙ නැති මාතෘකා... තාමත් මිනිස්සු සමහර තැන් පෙන්නන්නෙ 'ඔන්න ඔතන තමා හය දෙනාව පිච්චුවෙ.. ඔන්න ඔය පිට්ටනියෙ තමයි කටට වෙඩි තියල හිටියෙ' වගේ කතා කිය කිය.
ReplyDeleteවටේට කැරකෙන්න ලියල තියනවා..
ජයවේවා..!!
මේවා අමතක වෙන්නේ මැරිලා ඉපදෙන්න ඕන... වටේට නොගහා බෑ නේ...
Deleteබලෙන් ම අමතකරවන්න උත්සාහ කොරනා ජෙප්පන් ගේ සහ යූ ඇන්පී අතීතය!
ReplyDeleteඑම දෙපැත්තේම මිනීමරුවන් ට විරුද්දව නීතිය ක්‍රියාත්මක කොරනු...
පැහැරගත් හැඳුනුම්පත් නැවත අපට ලබාදෙනු...!
සරසා තුමා,
Deleteමගෙත් මතකය අවුරුදු 13ක ළමාවියට ගියා, මට මතකයි මගේ පස්සර හිටපු නැන්ද කියපු කතාවක්.
ප්‍රාදේශීය සබාවේ නිලදාරියකු මොවුන්ගේ අණ පිළිනොපැදීම නිසා වෙඩිතබා මරා දැම්ම, කණගාටුදායක දේ උනේ
මිනිය ට කරපු දේයි.
මිනිය පොලිතින් වල ඔතල දනිස්සට පහලින් ගෙනිහින් වලට දාන්න කියල කිව්වහම එහෙම නොකිරීම නිසා පසුව සිදුකලේ දවස් කීපයකට පසු කුණුවූ ඕජස් ගලන මිනිය කෑලි වලට කපල අදාළ හිමිකරුගේ නිවසේ මිදුලේ දැමීමයි.
හිතන්න ඔහුගේ දරුවන් ට ඇතිවුන තත්වය.
ජනතාවිමුක්ති පෙරමුණ කියන්නේ අමු තිරිසන් මනසක් ඇති මිනිසුන් බහුතරයකගේ එකතුවක්, මේ නිසා තමයි මෙවර චන්දයේදී මුන්ට චන්දය දීමට හිත හදාගන්න බැරිවුනේ.
//ජනතාවිමුක්ති පෙරමුණ කියන්නේ අමු තිරිසන් මනසක් ඇති මිනිසුන් බහුතරයකගේ එකතුවක් //
Deleteඔබේ ප්‍රකාසය සමග හිස නමා එකඟ වෙමි!
අද දවසේ ඔවුන් කරමින් පවත්නා කොන්ත්‍රාත්තුව ඊටත් වඩා තිරිසන් බැව් පමනක් දනිමි...
Deleteඅද දවසේ ඔවුන් කරමින් පවත්නා කොන්ත්‍රාත්තුව ඊටත් වඩා තිරිසන් බැව් පමනක් දනිමි...
Delete// අද දවසේ ඔවුන් කරමින් පවත්නා කොන්ත්‍රාත්තුව ඊටත් වඩා තිරිසන් බැව් පමනක් දනිමි... //
DeleteAmen!
ඒ කාළේ විජේදාස ලියනාරච්චි කියලා එකෙකුත් තවත් බොහෝ දෙනෙකුත් මේ විදියටම මරලා දාලා තිබුනා....
Deleteඔක්කෝම එක වල්ලේ පොල්...
උඹ ඉවසීමෙන් සැලකිල්ලෙන් ලිව්වොත් උඹටත් හොඳම නිර්මාණ කරන්න පුලුවන් බව මේකෙන් හිතාගත්තෑකි.
ReplyDelete>>ඉස්කෝලේ මහත්තයත් තේමිසාගේ ගෑණීට බොහොම උදව් කලා. එච්චරම රූප සම්පත්තියක් නැති, ඉස්කෝල මහත්තයා කීයටවත් කැමති නැති සිරිත් විරිත් තිබුන කාන්තාවක් නිසා, ඉස්කෝල හාමිනේගෙන් ඒ උදව් කිරීම වලට බාධාවක් තිබුනෙත් නෑ.<<
මේක නම් හොඳ නිරීක්ෂණයක්. :D Oh yes! උඹ කොහෙන්ද ඒක ඉගෙනගත්තෙ කියලා මම නාහ ඉන්නම්.
ඉවසීම නේද?
Deleteනෑනේ ඉයන්..ඕකට කියන්නේ තැනට සුදුසු නුවන කියල නේ...
Deleteතැන්කූ ඩූඩේ.. උඹ වගේ එකෙක්ගෙ ප්‍රසංසාව බොහෝම වටිනවා... මොකෝ උඹ සියළු රසයන් විඳින එකෙක් නිසා...
Deleteඅර මැතඩ් එක නම් මචෝ අත්දුටුවයි පොරත්තක්සයයි කාටවත් කියන්න එපා මමය කිව්වේ කියාලා...
Super . !
ReplyDeleteතෑන්ක්ස් දුකා... උඹලා තමයි මාතලන් කියලා එකෙක් හැදුවේ... උඹලා අදත් ඉන්නවා...
Deleteඅපි කොරපු මගුලක් නෑ බන් . . උඹ උඹේ දක්ශකලින් ප්‍රයෝජන ගත්තා එච්චරයි . . :D
Deleteඔය කාලෙ අපි ඉපදුන ගමන් අතදරුවො නිසා ඔය අත්දැකීම් නෑ. ඔක්කොම කියවලා එක එක්කෙනගෙන් අහගත්ත අත්දැකීම්. මං ප්‍රාථමික අධ්‍යාපනය ලබපු ඉස්කොලෙත් ලංකාව පුරා ප්‍රසිද්ධ වුනා ළමයි ගානක් මරලා දාපු නිසා
ReplyDeleteඑක එක්කෙනා කියන ඒවා නම් තාර බර අත් ඇරලා ගනින් මචෝ... ඒ කාළෙත් දෑහින් දැකපු දේත් සමහර උන් හත අට කරලා කිව්වේ...
Deleteසිරාවටම හොඳ නිර්මාණයකි මාතලන්.
ReplyDeleteළෝක සාහිත්‍ය රස විඳින එකෙක්ගේ ඇප්‍රිසෙසොන් එකක් මාර වටිනවා මචෝ... මම දැක්කා ලංකා නිව්ස් වෙබ් එකෙත් නැගලා යනවා.. බොහොම ස්තූතියි..
Deleteදැන් තුන්ඩුකාරයෝ එක එකාගේ බළල් අත් වෙලානේ
ReplyDeleteවිප්ලවයෙන් පස්සේ එයාලා අනාත උනා...
Deleteමේක මරු බං ..
ReplyDeleteදෙවෙනි කොටසක් ලියපංකො මාතයියෙ.
මම ලියන්න ඕන නෑ.... මහින්ද මහත්තයා ළඟදීම ලියයි මලේ....
Deleteහොඳට ගලාගෙන ගිය කතාවක්
ReplyDeleteලංකාවේ කාලකන්නි ඝාතන අතීතයක් පිලිබඳ ආවර්ජනාවක්
ඒ බව දැන දැනත් ආයේ මේ දෙවල් ඉල්ලන කොට ඇඟ හිරි වැටෙනවා..
DeleteMama oya kale hitiye Moneragala palathe ithama kuda kala gammanayaka.Oya siyalla mamath sahasuddemma dakala thiyana dewal!
ReplyDeleteEka neweyi.Puduma lassanata liyala thiyanawa.
බොහොම ස්තූතියි සරත්...
Delete//මේ දවස්වල ආයෙත් තුන්ඩු බෙදන එක නිසා ඇවිස්සුන පරන මතකයක්//
ReplyDeleteඉතාම කණගාටුවෙන් මේ තත්ත්වය නිරීක්ෂණය කළෙමි. දශක තුනකට පසුව, රටේ හා සමාජයේ බොහෝ දේ වෙනස්ව තිබියදීත් මිනිසුන්ගේ ඇතැම් හැසිරීම් වෙනස්වී නොතිබීම ඉතාම කණගාටුදායකය. මෙය කුඩා ගිණි පුපුරක් මෙන් පෙනෙන දෙයක් වුවත් වසර දෙක තුනකින් ලැව් ගින්නක් විය හැකිය. රජය විසින් නියපොත්තෙන්ම කඩා දැමිය යුතුයැයි යෝජනා කළ හැකි වුවත් කරුණු සිදුවන ආකාරය අනුව එය ප්‍රායෝගික නැත. එවැනි සෘජු උත්සාහයකින් තත්ත්වය තවත් දරුණු විය හැකිය. වෙනසක් සිදු විය යුත්තේ කඩ හිමියන්ගේ පැත්තෙනි. එය කළ හැක්කේ ඔවුන්ගේ බිය නැති කර ආත්ම විශ්වාසය තහවුරු කිරීමෙනි. මේ සඳහා හැකි හැම කෙනෙකුම දායක විය යුතුයැයි සිතමි.
//"දේශද්‍රෝහින්ට දඬුවම මරණය - දේශවිමුක්ති ජනතා ව්‍යාපාරය"//
දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නේද?
කතාව හොඳයි. ඒ වගේම මේ වෙලාවේ මේ ගැන ලිවීමත් වටිනවා.
ස්තූතියි අගය කිරීමට හා කොමෙන්ටුවට..
Deleteමම නම් හිතන්නේ, ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී වැඩියි කියලා. මිනිස්සු නිදහස බුක්ති විඳින්නේ අසාධාරන විදියට. විශේෂයෙන් මාධ්‍ය.. ආන්ඩුවට දැඩි තීරණ වලට යන්න වෙනවා.. එහෙම නැත්නම් බොහෝම ළඟදීම හිර ගෙවල් වල ලගින්න වෙනවා.. තුර්කිය උන දේ මෙහේ වෙන්නත් හොඳටෝම ඉඩ තියෙනවා...
හොඳයි. එක දිගට කියවාගෙන යන්න පුළුවන් කතාවක්.
ReplyDelete1988 දී මහනුවර ප්‍රදේශයේ තුණ්ඩු බෙදීම ජයටම කෙරුණා. CTB බස් ඩ්‍රයිවර්ලා වැඩට ආවේ නැති නිසා, මටත් සිද්ධ වුණා, තරු ගහගෙනම මහනුවර අම්පිටිය බස් එකක් එලවන්න දවස් දෙකක්ම. අම්පිටිය සෙමනේරිය ළඟ ඉඳලා, ඉදිරියට තියන ගෙවල්/කඩවල් වලට තුණ්ඩු බෙදන්නේ රෑ දෙකට විතර කියලා, ඔත්තුවක් ආවා. මම සාජන් කෙනෙක් සහ සෙබළුන් තුනක් එක්ක, කල්තියා ගිහින්, ගෙවත්තක හැංගිලා හිටියා. කිව්වා වගේම දෙන්නෙක් ආවා, ලොකු බෑග් එකකුත් අරන්. එකෙක් තමන්ගේ පිටේ තිබුණු ස්කූල් බෑග් එකෙන් තුණ්ඩු අරන්, ගෙවල් වලට විසිකලා. මෙහෙම උන් අම්පිටිය පැත්තට යද්දී, අපිත් ගස් වලට ලයිට් කණුවලට මුවාවෙමින් පස්සෙන් ගියා. මට ඕනේ වුණේ උන්ව අල්ලගන්න. අන්තිම තුණ්ඩුවත් දානකල් ඉඳලා මම කිව්වා, 'ඒයි නැවතියල්ලා නැත්නම් වෙඩි තියනවා' කියලා. අර ලොකු බෑග් එක තියන එකා, බෑග් එක අස්සට අත දාලා අපේ පැත්තට හැරෙව්වා. අපි දන්නවා, බෑග් එකේ තියෙන්නේ බට් එක නවපු T 56 ක් කියලා. සාජන් ගහපු බර්ස්ට් එකකින්, උන් දෙන්නම ඉවරවුනා.
// සාජන් ගහපු බර්ස්ට් එකකින්, උන් දෙන්නම ඉවරවුනා. //
Deleteනඩු නෑ....
එක බර්ස්ට් එකයි!
ජිනීවා එහෙම යන්න වුනේත් නෑ..
එකෙක් පැනල ගියා නේද?
අන්න අද ඌ එලු රැවුලක් එහෙම වවාගෙන ජෙප්පන් ගේ නායකයා වෙලා රනිල්තුමාට ගොට්ට අල්ලගෙන ඉන්නවා...
නඩු ඕනේ නැහැ, හදිසි නීතිය, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ක්‍රියාත්මකව තිබුනා. අධිකාරි ලත් නිලධාරියකු වශයෙන් මා මගේ බලතල අනුව ක්‍රියාකළා. ඔබ කියන්නේ උන් අපිට වෙඩි තියනතුරු බලා ඉන්න කියලද? අඩු ගානේ චිත්‍රපටියකින්වත් දැකලා තියනවද මුහුණට මුහුණ වෙඩි තබා ගැනීමක්? එතනදී ඉස්සර වුන එකා දිනුම්. උන් ජනජීවිතය අවුල් කිරීමට තුණ්ඩු බෙදීම නවතා යටත් වන්නටයි මා අණදුන්නේ. එයට අකීකරුව අපිට වෙඩි තියන්න හැදුවම නීති පොත බලන්න වෙලාවක් නැහැ මහත්තයෝ. මහත්තයාගේ උපකල්පිත ලෝකය සහ සැබෑ ලෝකය අතර අහසට පොළොව මෙන් විශාල පරතරයක් තියනවා. අද ඇමරිකාවේ පොලි කාරයන්ට වෙඩි තියනකොට ප්‍රති ප්‍රහාර දීමත් වැරදිද?
Delete// අඩු ගානේ චිත්‍රපටියකින්වත් දැකලා තියනවද මුහුණට මුහුණ වෙඩි තබා ගැනීමක්? //
Deleteනෑ නේ!
උන් උන්ගේ ඩියුටිය කළා..
Deleteඋඹ උඹලගෙ ඩියුටිය කළා...
කොහොම උනත් ත්‍රස්තවාදයට ඉඩ දෙන්න නරකයි කවදාවත්...
ගිය සතියේ මාතලන් ලොක්කා ලියපු ලිපියට කොමෙන්ටුවක් දාල මම කිව්වේ ඔන්න ඔය අතීතය දැන් ඉන්න තරුන පරපුරට මතක්කරල දෙන්න කියලා
ReplyDelete"අතිවිශේශ" විදියට ලියපු ලියවිල්ලට "අතිවිශේශ තෑග්ගක්" දෙන්න වටිනවා මාතලන් ලොක්කාට
Thanks for sharing the "Bad and sad memories of 88-89"
== Adrian from Toronto===
ඉස්සර උන්ට වඩා දැන් ඉන්න උන්ට ළෝකය ගැන තියෙන දැණුම වැඩියි... ඒ නිසා වමේ උන්ට බාන්න්න වෙලා තියෙන්නේ මානසික ලෙඩ තියෙන පිස්සෝ ටිකක් විතරයි... අනෙක් උන් බලෙන් ගේන්නේ...
Deleteඋන්ට දෙයක් කිව්වාම අහන ගතිය එදාට වඩා වැඩියි...
ඔවු ඒඩ්‍රියන් අතීතය තරුන පරපුරට මතක් කර දිය යුතුයි.
Deleteඒ වගේම මාතලන් කියනව වගෙ අද තරුන පරපුර රවට්ටන්න අමාරුයි.
අද තරුනයන්ගෙ බලාපොරොත්තු වෙනස්. මිනිස් ජීවිතයක අරමුන වෙන්න ඕන වධ විදල ටයර් එකක් උඩ යන එක නෙමෙයි.( බුකියෙ ශාන්ත බන්ඩාර කිසිම දෙයක් කියන්නෙ නැතුව මැරුන එක ගැන තිබ්බ පෝස්ට් එකකත් මම එහෙම කිව්ව )
අද තරුනයො සිතන්නෙ ස්මාට් ෆෝන් ටැබ්ලට් ඊට පස්සෙ හොද වාහනේකට යන්න, රට ගිහින් උසස් අධ්‍යාපනයක් ලබන්න.89 තරුනයො පවු.
89 දි මට හිතුන දෙයක් තමයි මේ පිස්සො ඊලඟ බිලිපූජාව 2009 විතර කරාවි.ඒකෙදි මොන තරම් විනාශයක් වෙයිද කියන එක.( 71 ,89 ඊලඟට 2009 විතර )20න් 20 ට කරන බිලිපූජාවෙදි එන්න එන්නම විනාශය වැඩි වුන නිසා.
@ මධ්‍යස්ථ
Deleteඅමතක කරන්න එපා 2015 උනෙත් විප්ලවයක් කියන එක. තරුණ තරුණියන්ගේ වාසනාවට ලේ වැගිරීමක් නැතිව ඒක අවසාන උනා.. ඒ වගේම නීරස අත්දැකීම් දෙකටම වඩා ඒක ජයග්‍රහණයකින් කෙලවර උනා.. ඒ පරාජය කළේ කොයිතරම් කාළකන්නි පිරිසක්ද කියන එක අද ඉතාම පැහැදිලිව පෙනෙනවා.
තැන්කූ මචෝ
ReplyDeleteඅවුරුදු 9 ක වයසේ හිටියට මට හොඳට මතක කාලයක් මේ...
ReplyDeleteඋඹ මේක පණ පිහිටවල ලියල තියෙනවා...
පැරණි මතකයන් අළුත් උනා...
නීරස මතකයන්
Delete88 /89 කියන්නෙ මේ ලෝකෙ කිසිම මිනිස් සමාජයකට අත්විදීමට සිදුනොවිය යුතු අත්දැකීම් සහිත යුගයක්.මට සැකයි මේ තරම් භයානක අත්දැකීම් වලට කිසිම සමාජයක් දීර්ඝ කලයක් මුහුන දුන්නාද කියන එක.
ReplyDeleteමාතලන්ගෙ සුපිරිම කාලීන පොස්ට් එකට කොමෙන්ට් කරන්න ප්‍රමාද වුනා වැඩියි. අද විවේකයක් ලැබුන මොහොතෙ හැම තැනම ඇවිද්ද.
88/89 යුගයෙන් අපට ඉගෙනගන්න තියන පාඩම් බොහොමයි. අපේ ගම්වල නම් භීෂනය එහෙමට තිබුනෙ නෑ. මුග්ධකමෙන් අගතැන්පත් කැරලිනායකයන් පාසල් සිසුන් වැනි නොමේරූ පිරිස් රවටා දැවැන්ත හමුදා යාන්ත්‍රනය ඉදිරියට දැමීමේ බිහිසුනු කතා පුවටහ් තමයි 88/89 කියන්නෙ. කෙසේ නමුත් කැරැල්ල නම් මර්ධනය කල යුතුවම තිබුන. නැත්නම් නිර්ධන පන්ති ආඥාදායකත්වය කියල වෙනස් මත දරන අය ප්‍රතිවිප්ලවවාදී ලේබලය යටතේ මර්ධනය කරන භයානක යුගයක් ඇතිවෙන්න තිබුන. ලංකාව පොල්පොට්ගෙ කාම්බෝජයක් වීම වැලකුනා. ඒ ගැන නම් සතුටුයි.
ත්‍රස්තවාදයට කිසි දිනෙක ඉඩ තැබිය යුතු නෑ.. අගය කිරීමට ස්තූතියි...
Deleteමේක නම් අවංකෙන්ම නියම ම නියමයි. ඇගට දැනෙන විදියට ලියලා තියෙවා.... ඒ කාලෙ ගැන අත්දැකීමක් නැති කෙනකුට උනත්..... එතකොට එහෙම කාලෙකුත් තිබුණා නෙහ් මේ රටේ......
ReplyDeleteඒ අත්දැකීම් නැති අය තමයි සම හරක් කාළකන්නි ෆෝම් කරලා පාරට බස්සවන්නේ...
Delete