.

.

Jul 14, 2016

වෙන්ඩ ඩොට්ටර් කොලුවාට ලියුමක් - SAITM, Derana & Medical Student



හිතවතුන්ගේ බලවත් ඉල්ලීම පරිදි, මුලින්ම බුකියේද, ඉන් පසුව මාතලන්ගේ සින්ඩියේද පල කළ මේ කෙටි ලියුම මෙහිද පල කරනු ලබනවාය...

ආදරණීය වෙන්ඩ ඩොක්ටර් රයන් කොලුවා වෙත ලියමි..,
*******************************************

සැපම වේවා..!!!

සෑම බදාදා දිනකම රෑ 10:30 ට මහින්ද මහත්තයගේ චැනල් එකේ යන, "අළුත් පිස්සන් කොටුව" ඒකෙම යන "ආටක නාටක" වගේම දැන් හරි ජනප්‍රියයි..

ඒකත් එක්ක බලුවාම නම්, "පරණ පිස්සන් කොටුව" මේකට වඩා දාස් ගානක් හොඳයි..

ඔතනට අර "ආටක නාටක" එකේ "සුරන්" හැම එකේම ඉන්නවා වගේ, හැමදාම එනවා කෝට් බෑයක් එහෙම දාගත්ත "වලං කඩේට පැනපු හරකෙක් වගේ එකෙක්..", ඌත් හරි ජනප්‍රියයි..

ඊයේ එකට නම් පොර හිටියේ නෑ.. ඒක නිසා ටිකක් වැදගත් විදියට ගියා...

සයිටම් එකට විරුද්ධව අදහස් දෙන්න එතනට ආපු උඹ සත්තරන්..

උඹ කිව්වා අපිට මේ දෙමව්පියන් එක්කවත්, ඒ සහෝදර සිසු සිසුවියන් එක්කවත් සයිටොන් එකේ ප්‍රමිතිය එක්කවත් කිසි ගැටළුවක් නැතෙයිය.. එකම ප්‍රශ්ණය සල්ලි අරගෙන උපාධි දෙන එකය කියලා.. ගේම තියෙන්නේ ආන්ඩුව එක්කෙයි කියලා.. ඒ නිසා ආන්ඩුව දන ගස්සනවය කියලා..

ඔහොම ආන්ඩු දන ගස්සන්න ආපු උන් මහ ගොඩක් 1972 දියි, 1988-89 කාළෙයි දන ගහගෙන නෙමෙයි එක එක විදියට නිවන් ගියා.. උඹලව දක්කපු උන් රට පැනලා එහෙ මෙහෙ පැනලා මාර් වෙලා ආයේ ඇවිත් දැන් උඹලව අල්ලගෙන..

සයිටම් එකට විරුද්ධව ආපු දොස්තර මහත්තයට තියෙන්නේ ලීගල් ප්‍රශ්ණයක්.. එහෙම නැතිව එයාලගේ ඒකාධිකාරය නැතිවෙයි කියන බයක් එහෙම එයාලට නෑ..

අනේ ඉතින් "රයන්" පුතාට අපිට කියන්න තියෙන්නේ, පුතේ ඔය වමේ බංකොලොත් දේශපාලන පක්ෂවල බංකොලොත් තියරි කට පාඩම් කරගෙන ඇවිත් කියවන්නේ නැතිව, ඇත්ත ළෝකය දිහා බලපල්ලා කියන එක ඉතරයි..

මාතලන් සීයා ඉපදිලා තියෙන්නෙත් පෞද්ගලික ඉස්පිටිතාලෙක.. ඒ මීට අවුරුදු පනහකට ඉතර කලින්.. එතකොට අපි දන්න කාලෙත්, සුලෙයිමාන්, රත්නම්ස්, ඩර්ඩන්ස්, සෙන්ට්‍රල්, කලීල් වගේ ඒවා එදා ඉඳලා තියෙනවා.. පස්සෙ කාලෙක නවලෝකෙ එහෙමත් ආවා.. ඒත් මහ ඉස්පිටිතාලෙවත්, කළුබෝවිලවත් වැහුනේ නෑ.. ඒවත් තව තව දියුණු උනා..

ජෝසප් ෆ්‍රේසර් එක මම හිතන්නේ සුද්දගේ කාලේ ඉඳන් අදටත් තියෙනවා. එතකොට අළුතෙන් නයින් වෙල්ස් ආවා.. ඒ කියලා ලයිනින් හෝම් (කාසල්) එකවත් ඩි සොයිසා එකවත් වහුනේ නෑ... පිටින් චැනල් කරලා අදටත් ඒවල පැටව් ගහලා ආතල් එකේ යනවා..

එතකොට, ප්‍රාතමික අජ්ජාපනේ, ද්විතීක අජ්ජාපනේ, උසස් අජ්ජාපනේ ඉතරක් නෙමෙයි කාර්මික අජ්ජාපනෙත් පෞද්ගලිකව ගන්න පුළුවන්.. ඔයාලා මැඩිකල් කොලේජ් ඇවිල්ලත් තියෙන්නේ ප්‍රයිවට් බස් එකේ ටියුෂන් ගිහින්...

ඉතින් දවසක අර ඇවිත් උන්න මහාචාර්වරයගෙ දරුවා පෞදගලික එකට යනවා වගේ, තමන්ගේ දරුවටත් පෞදගලික අජ්ජාපන ආයතනයක ඉගෙන ගැනිමේ ශක්තිය ධෛරයය හා බුද්ධිය උඹට ලෑබේවා කියලා ප්‍රාර්තනා කොරනවා..

සමහර වෙලාවට අනාගතේ දවසක.. ළොකු ගානක් ගෙවලා... ළොකු වාහනෙකින් ඇවිත් බැහැලා.. ළොකු ජේමිස් බොන්ඩ් බෑග් එකක් අරගෙන..ළොකු ටයි පොල්ලක් එහෙම දාගෙන.. දොස්තර නලාව කරේ දාගෙන...ළොකු අඩි තියලා ඇවිදගෙන ඇවිල්ලා .. (ඔව් යකෝ නැහ්නන් කොහොමෙයි ඉස්පැසොලිස් කියලා දැන ගන්නේ) උඹව චැනල් කරන්න ඇවිල්ලා...

"පේසොන්ස් ටු සී.. "ඩොක්ටර් රයන්"..., පිලීස් කම් ටූ රූ නම්බර් අහවල් එකටෙයි කිව්වාම, කාමරේට බය පක්සපාතව ඇවිත් නම කිව්වාම.., අපිවත් පෝඩ්ඩක් මතක තියා ගනිල්ලා..

- මීට හිතවත් මාතලන් සීයා -

36 comments:

  1. 990 අමතා ඔබේ වෛදයවරයා වෙන්කරවාගන්න හිටන්!

    ReplyDelete
    Replies
    1. ආන් අර යකඩ යකා දතාලට නෙලලා නැති වෙන්න...

      Delete
  2. බුද්ධීමත් මිනිසුන් සඳහාමය

    නේද මාතයියෙ

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් බං... ෆෝමල් උන් ආවම මළ වදේ...

      Delete
  3. 71-72, 88-89 කාලය ගැන මාතලන් ලොක්කා කියපු දේ සම්පූර්න ඇත්ත

    නායකයො පැනල ගියා
    පොඩි කොල්ලො කෙල්ලෝ නිවන්ගියා

    ලන්කවේ තරුන තරුනියන්ට අතීතය මතක්කරල දෙන්න.

    ==Adrian from Toronto

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියනවා සෑහෙන අඩුයි...

      Delete
  4. 71-72, 88-89 කාලය ගැන මාතලන් ලොක්කා කියපු දේ සම්පූර්න ඇත්ත

    නායකයො පැනල ගියා
    පොඩි කොල්ලො කෙල්ලෝ නිවන්ගියා

    ලන්කවේ තරුන තරුනියන්ට අතීතය මතක්කරල දෙන්න.

    ==Adrian from Toronto

    ReplyDelete
  5. පී.එම්.සී

    https://transyl2014.blogspot.ca/2016/05/blog-post_26.html

    ReplyDelete
  6. මාතලන් සින්ඩියෙනුත් මේ ලිපිය කියෙව්වා.
    කියන කථා ගැනනම් බොහෝම එකඟයි. මේ මිනිසුන්ගේ කුහක කම ගැන කියලා වැඩක් නැහැ.
    මොවුන් සාධාරණ බව පෙන්වන්න සයිටම් විරෝධී පෝස්ටර් වල
    "විශ්ව විද්‍යාල වලට බඳවා ගැනීම වැඩි කරව්"
    කියලා වාක්‍යයකුත් දානවා.

    ඒත් ඇත්තටම
    "සියළු උසස් පෙළ සමතුන්ට විශ්ව විද්‍යාල වරම් දියව්"
    කියන්න මුන්ගේ දිවවල් නැමෙන්නේ නැහැ.

    සුදුසු කම් ලත් සියල්ලන්ට අවස්ථාවක් නොලැබෙන විට එතැන නිදහස් අධ්‍යාපනයක් කොයින්ද?

    ReplyDelete
    Replies
    1. අමු කුහකයෝ හා ඉරිසියාකාරයෝ...

      Delete
  7. කුහකකම බමුණු කුළය රැකීම කියන කාරණා ප්‍රමුඛ පෙළේ වෘත්තීන් ගොඩකට අදාලයි. වෙනත් කිසියම් හෝ වටිනාකමක් හැකියාවක් පිළිගැනීමක් නැති "දොස්තරකම" විතරක් හැකියාවකට වටිනාකමකට තියන මිනිස්සු ඒ කුළය වෙනුවෙන් මැරෙන්න හදන එක තමයි ඔය හැම තැනකදීම ප්‍රදර්ශනය වෙන්නෙ. එහෙම නැති එවුනුත් ඉන්න බව කියන්න ඕන. (සාරස තුමා, ඩොක්ට රුවන් වගේ) . අනිත් එක තමයි වැඩිමනක් කෑගහන්නේ පැනඩෝල් දොස්තරලා.. මූලග්ගිනි "මං කොයිවගේද" තුමා ඊයේ මාරු ලිපියක් ලියල තිබ්බ. මෑන් සංවාදෙකට ඉඩ නොතබාම වෙන ලිපියකින් ඒක යටකරල දාල...

    ReplyDelete
    Replies
    1. ඩොට්ටර් මූලග්ගිනි මරු බං....

      Delete
  8. සයිටම් එක ප්‍රමිතිගත කරන එක වෙනම කතාවක්. ඒත් මේ අන්තරේ කට්ටිය ලෑස්ති වෙන්නෙ සල්ලි දීලා ඉගෙනගන්න උන් එක්ක ඇරියස් කවර් කරගන්න. ඒකයි අවුල. උන්ට සයිටම් එක ප්‍රමිතිගත කරලා ඒක දියුණු කරන්න කිසි උවමනාවක් නෑ. නියම කැක්කුමක් තියේනම් කලයුත්තෙ ඒක. මෙතන තියෙන්නෙ තනිකරම කුහකකම.

    අන්න ඒක ඉහට අරන් ළඟදි තව අම්බරුවො වගයක් පිකට් කරනවා NSBM, IESL වහන්න කියලා. කොහෙන් හිනාවෙන්නද මන්දා මෙව්වට.

    ReplyDelete
    Replies
    1. ප්‍රයිවට් බස් ටිකත් ආන්ඩුවට ගත්තා නම් හරි... ජනසතු කරපු එකා එකසිය ගානට අදහන එකෙක් නේ රටේ නායකයා....

      Delete
  9. නිදහස් අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම තිබිය යුතුයි නෙවේ , නිදහස් අධ්‍යාපනය"ත්" ලැබීමේ අයිතිවාසිකම"ත්" තිබිය යුතුයි .

    මේ සංවාදය දෙපාර්ශවයේම කුහක කම සහ ව්‍යාපාරික මානසිකත්වය අතරමැද හිරවෙලා . පෞද්ගලික විශ්වවිද්‍යාල පැවතිය යුතුයි වගේම ඒවා නියමිත ප්‍රමිතීන් තුල පැවතිය යුතුමයි .පෞද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කිරීමේ වගකීම රජය සතුවෙන්වා මෙන්ම ඒවා ප්‍රමිතීන්ට අනුකූලව පවත්වාගෙන යාමට ඒවායේ හිමිකරුවන්ද බැඳී සිටිය යුතුමයි .

    දැන් දෙපාර්ශවයම හදන්නේ තමන්ගේ අරමුණ මුදුන්පත් කරගැනීමට පමණයි , තත්වය සංවාදයකට ලක් කරමින් අතරමැදි හෝ වඩා සාධාරණ තැනකට එන්නට උත්සාහ කිරීමක් දක්නට නෑ .

    ReplyDelete
    Replies
    1. බලමු උසාවිය මොකක්ද කියන්නේ කියලා... යන ක්‍රමයට නම් දොස්තර මාෆියාව දිනයි...

      Delete
    2. දැන් උසාවි වල නඩු තීන්දු දෙන විධිය දිහා බලපුවහම හිතෙන්නෙ දොස්තර මාෆියාව දිනන බව තමයි.

      ඒකට හේතුව, මුලින්ම මහේස්ත්‍රාත් තනතුරු වලට එන්නෙ නඩු හම්බවෙන්නෙ නැති, නඩු කතාකරන්න බැරි, ඉංග්‍රීසිත් බැරි අප්සෙට් පෙරකදෝරුවො වීමයි.

      ඒ ගොලොල්ලොත් සයිටම් විරෝධී කුලකයේම අනු කුලකයක්.

      Delete
    3. ඒක නං ටිකක් විතර මෝඩ කතාවක්. ජජ් ල වෙන්නෙ මුකුත් කරගන්න බැරි ලෝයර්ස්ලම නෙමෙයි. එහෙනං අපිට කියන්න පුළුවන් ඩොකාලගෙත් ඇඩ්මිනිස්ට්‍රේටිව් පැත්තට යන්නෙ තමන්ගෙ චැනලින් වලට ලෙඩ්ඩු එන්නැති අය කියල. එහෙම නෑ නේද සුන්දරයෝ?

      Delete
    4. ඒක නං ටිකක් විතර මෝඩ කතාවක්. ජජ් ල වෙන්නෙ මුකුත් කරගන්න බැරි ලෝයර්ස්ලම නෙමෙයි. එහෙනං අපිට කියන්න පුළුවන් ඩොකාලගෙත් ඇඩ්මිනිස්ට්‍රේටිව් පැත්තට යන්නෙ තමන්ගෙ චැනලින් වලට ලෙඩ්ඩු එන්නැති අය කියල. එහෙම නෑ නේද සුන්දරයෝ?

      Delete
    5. සරදියෙල් ලොක්කට වෙලාවක් තියෙනව නම්, පසුගිය කාල පාරාසයක් අරගෙන, ඒ කාලය තුල දීල තියෙන නඩු තීන්දු හා ඒවායේ පසුබිම දිහා බලපුවම තේරුම් ගන්න පුළුවන් අපේ 'ජජ්' ලගෙ වැඩ.

      මේ ගැන විස්තර කොමෙන්ටුවකින් ලියන්න බෑ. ඒකට වෙනම පෝස්ටුවක් ලියන්න වෙයි.

      Delete
    6. නඩු තීන්දු වලින් පේන්නෙ ජජ්ලගේ කශේරුකාවෙ තියෙන අවුල මිසක් දැනුමෙ අවුල නෙමෙයි කොල්ලො.

      Delete
  10. ඔය රයන් ළමයට, SAITM එකේ ළමයි ගැනවත්, දෙමව්පියො ගැනවත්, ප්‍රමිතිය ගැනවත් ගැටලුවක් නැත්නම්, අවුල තියෙන්නෙ ඒ දරුවෝ මුදල් ගෙවා ඉගෙන ගන්න එකද?

    ඉතින් හත්ඉලව්වේ, මේ හිගන්නන්ට පිං අද්‍යපනයයි, මහපොළ වැනි අධාරයි පිනට ලැබෙද්දී,
    අමාරුවෙන් හරි පුළුවන් කමක් හදාගත් දෙමාපියන්ට, 'මුදල් ගෙවා' තම දරුවන්ට අද්‍යාපනය ලබාදීම ගැන මුන්ට තියෙන පස්ස පැත්තේ අමාරුව මොකක්ද?

    SAITM එකට එරෙහිව හරාකීරි කරගන්න හදන මේ මෝඩ කොල්ලෝ කෙල්ලෝ රැල මෙහෙයවන්නෙ ජාවාරම්කාර GMOA දොස්තර මාෆියාවයි, පසුගාමී ළිං මැඩි ජෙප්පොයි.

    කිසිම සදාචාරාමාත්මක හෝ තාර්කික පදනමක් නොමැති මේ විරෝධයේ ප්‍රධාන හා එකම හේතුව ඊර්ෂ්‍යාවයි, කුහක කමයි.

    වෛද්‍ය හා වෙනත් වි. වි. සිසුන්ගේ අද්‍යාපනය කඩාකප්පල් කරමින්, නිරන්තරයෙන් ඒ අසරණ සිසු, සිසුවියන් මහා මග දක්කන ජෙප්පොයි, ජාවාරම්කාර කුජීත GMOA නඩයයි කරන්නනෙ සහගහන අපරාධයක්.

    ReplyDelete
    Replies
    1. ඌ කොහොම ගොනෙක්ද කියනවා නම්... මේ හරක් දන්නේ නෑ අනෙක් උපාධි ලංකාවේ විකුණනවා කියන එක... අම්බ හරක්...

      Delete
    2. අධ්‍යාපනය නිදහස් නං හැමෝටම ඒක ගන්නත් නිදහසක් තියෙන්න ඕනෙ නේද? නවීන් ඩි සොයිසා කියන ඒව ඇත්ත නං අමෙරිකාවේ, යූ.කේ වල එහෙම මිනිස්සු මැරෙනව ඇති නේද එකසිය ගානට?

      Delete
  11. මං කොමෙන්ට් කරන්නෙ නෑ. උඩ ලියපු අය මට ලියන්න දෙයක් තියලත් නෑ මගෙ හිතේ. මේක බුකියට දාන එක විතරයි මට කරන්න තියෙන්නෙ. මැක්සා!

    ReplyDelete
  12. අපි පේරා හිටිය කාළේ මෙඩ්ඩෝ කිසිම විරෝධතාවයකට ආවේ නෑ !. පද්මසිරි මැරුනට පස්සේ තමයි. මෙඩ්ඩො අන්තරේ අතකොළු උනේ.

    ReplyDelete
  13. අධ්‍යාපනය වෙළඳ භාන්ඩයක් තමයි. ඒකයි මේතරම් ඉල්ලුමක් තියෙන්නේ. ඒක හොඳ ආයෝජනයක්. නිදහස් අධ්‍යාපනය කියන්නේ මේ ආයෝජනයට රජයෙන් දෙන තල්ලුවක්.

    ReplyDelete
  14. අධ්‍යාපනය වෙළඳ භාන්ඩයක් තමයි. ඒකයි මේතරම් ඉල්ලුමක් තියෙන්නේ. ඒක හොඳ ආයෝජනයක්. නිදහස් අධ්‍යාපනය කියන්නේ මේ ආයෝජනයට රජයෙන් දෙන තල්ලුවක්.

    ReplyDelete
  15. Mama danna mbbs doctor kenek innawa eyage puthata AL tution wala wiyadama maseta ru.45000 mechchara wiyadam karala deweni sare med college giya meka free educationda?

    ReplyDelete
  16. Mama danna mbbs doctor kenek innawa eyage puthata AL tution wala wiyadama maseta ru.45000 mechchara wiyadam karala deweni sare med college giya meka free educationda?

    ReplyDelete
  17. ලංකාවෙ අධ්‍යාපනය ආර්ථිකමය සාධක ඔස්සේම දුවන එකක් වෙලා.මුංගෙ තියෙන කුහක කමට මුංගෙ මොල වැහෙනව.අන්තිමට මොලේ නැති තක තීරුවො ටිකක් ලංකාවෙ අනාගතය බාරගන්නව.ඉතින් රටට සේලයින් දිදී ඉන්ඩ තමයි වෙන්නෙ.ලකුනු එකක් දෙකක් අඩු වෙලා කැම්පස් යන්ඩ බැරි කොල්ලො කෙල්ලො කොච්චර ඉන්නවද?අනික මං දන්න විදිහට පෞද්ගලික අධ්‍යාපනය ලබල ඉගෙන ගත්ත වෛද්‍යවරුන් කොච්චර හොදට රටේ ලෙඩ රෝග වලට බේත් කරනවද

    ReplyDelete
    Replies
    1. අර උඩ ලියල තියන ‘ආර්ථිකමය සාධක‘ කියන වචනේ අයින්කරල, බණ කියන කොට නිතර කියවෙන ‘ඊර්ෂියාව‘ කියන වචනේ දාන්නකෝ,

      Delete
  18. Me dannawada wadak ETCA`enawa kiyala dan indiansla sinhala igengannawalu. Sannasgala chennai wala ape sinhala panthiyak dala.

    ReplyDelete
  19. අලුත් බල්ලෙක් දාන්නේ නැද්ද ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න