.

.

Aug 25, 2016

ජනපති ඇත්තටම ජරාව කෑවාද හෙවත් පැණි වරකා ගහටත් හෙණ පාත් වීම - Bribery allegations against Maithripala Sirisena



මේ දවස්වල බ්ලොග් ළෝකයේ ගිනි ගොඩවල් දෙකක් පත්තු වෙනවාය. දෙකටම පැස්ටෝල් දානා අය බොහෝය. එක ගිනි ගොඩක් ඇවිලුවේ ඉයන් ලින්තොට මහතාය. අනෙක ඇවිලුවේ සුරන් මහත්තයාය. ඉයන් ලින්තොටගේ "සිත්ගත් ගී 16" ට පැස්ටල් දැම්ම උන් බොහෝය. ඒ වාගෙම සුරන් මහතා රට යන්න ගිහින් ඇවිලුන හඳහන් බැලිල්ලේ ගින්නට, පැස්ටෝල් වැක්කෙරුවේ, රසිකලොජි ලියනා රසික මහත්තයාය. මේවා ගැන පෝස්ටුවක් දාන්නෙයි කියා ඉල්ලීම ආවත්, ඒවා ලිවිල්ලක පැත්තක තබා, දැන් ලියන්න වෙලා තියෙන්නේ එකෙක්ගෙන්වත් බේරිලා ඉන්නා බැරි කේස් එකක් ගැනය.

මාතලන් කොන්දේසි විරහිතව යහපාලනයට කඩේ යනවා කියා කට ගත්තා ඉතරය. අද මාතලන්ට ගෙදර ඉන්න විදියක් නැතිය. කොහේවත් යන්න විදියක් නැතිය. හේතුව වෙලා තියෙන්නේ මාතලන්ගේ හිත මිතුරන් අති බහුතරය මහින්ද ආයේ එනකන් බලාගෙන ඉන්නා වහල් බයියන් වීමය. ජනාධිපති තුමා හිටපු ලොක්කාගේ රහස් එලිකරනවා කියා පොර ටෝක් එකක් දීලා බයියන්ගේ පුක බිම ඇනුනා විතරමය. දැන් උන්නැහේට විරුද්ධව චෝදනා එකක් නොව දෙකක්මය.

පළවන එක චතුරිකා සිරිසේන නෝනා ලක්සිරි එපාර්ට්මන්ට් දෙකක් ගත්ත එක ගැනය. එකක් ගත්තා නම් අපිටත් ඔය මක්කා හෝ බයිලයක් ගහලා නිකන් ඉන්න තිබුනාය. ඒ කියන්නේ ඔය බෑන්ක් ලෝන් එකක් හරි තෑග්ගක් හරි හම්බ උනා කියලාය. දැන් අපිටත් එහෙම කියන්න බැරි වෙලා තියෙන්නේ එපාර්ට්මන්ට් දෙකක්ම අරගෙන තියෙනා නිසාය. ඒ නිසා ඒවාට උත්තර බඳිනා එක එතුමාගේ මාධ්‍ය හාල්පාරුවන්ට පවරනවාය.

දෙවන කේස් එක ගැන නම් කිව යුත්තේ මේ ගැන මුලින්ම ලියපු එකා එක්කෝ ඉන්ගිරිසි නොදන්නා එකෙක් විය හැකි බවත්, එහෙම නැත්නම්, හොඳට තේරුනත් මෛත්‍රිපාල සිරිසේන හා යහපාලනය එක්ක මක්කා හෝ එරියස්  එකක් තිබෙනා එකෙක් බවත් කියාය. ඔය සිඩ්නිවල හැරල්ඩ් අයියාගේ උදේ පත්තරේ තියෙනා විස්තරය අනුව අවසානයේ කියන්නේ, මේ චෝදනා පිළිබඳ මෙලෝ දෙයක් මෛත්‍රිපාල උන්නැහේ නොදන්නා බවත්, මේ පරීක්ෂණ සඳහා උන්නැහේ සම්පූර්ණ සහාය දෙන බවත් සඳහන් කලා කියලාය.

ඒත් ලියපු එකා කෙලිය බුල් එක නිසා දැන් හම එකාම හිතන්නේ, මෛත්‍රිපාල මහත්තයාත් ජරාව කෑවා කියලාය. අපේ හරක් කියනා විදියට ගත්තොත් මේක කක්කා කේස් එකක් හා ඩෑම් පූල් කේස් එකක්ය. ඒ කියන්නේ ලෝක බැංකුව අනුමත කලැයි කියනා ප්‍රොජෙක්ට්ස් දෙකක් වන මළ ද්‍රව්‍ය අපහරන ප්‍රොජෙක්ට් එකකට හා කුමක් හෝ වේල්ලක් බැඳීමේ ප්‍රොජෙක්ට් දෙකක් සඳහා මෛත්‍රිපාල උන්නැහේ "පොලිටිකල් ඩොනේෂන්" හෙවත් ජරාවක් කෑවා කියලාය.

ඒත් ලිපියේ කියන්නේ ජරාව කෑ බවක් නොවේ. ජරාව ඉල්ලා සිටි බවකි. එම වාර්ථාවේම පසු තැනක කියන්නේ මෙසේ ඉල්ලා සිටියද, මේ සමාගම් ජරාව දීමේ වැඩවලට අකමැති බවත්. එසේ නොදුන් බව කරණා ලද පරීක්ෂන වලින් හෙලිවූ බවත්ය. කරුණාකර මේ කොටස කිය්වන්න.
// SMEC has confirmed a "request for a political donation", but insists an internal investigation found no donation was made and the firm "continues to fully co-operate with the AFP." //

යහපාලනේට මඩ ගැසීමට කුමක් හෝ අවස්ථාවක් බලා සිටිනා ගොන් බයියන්ටද, මහින්ද එනතෙක් බලා සිටිනා පඩත්තල මාධ්‍යවේදීන්ද මේවා රස කර කර ලියන්නේ වෙන හේතුවක් නිසා නෙමේය. යහපාලන ආන්ඩුවට ප්‍රබල මාධ්‍යවේදීන් පිරිසක් නොමැති බව ඔවුන් පැහැදිලිවම දන්නා නිසාය. යහාපාලන ක්‍රමය අනුව නිහඬව සිටීම හොඳම ක්‍රමය කියා සිතනවා නම්, අපට කියන්න තියෙන්නේ ඒක ගොන්කමේ හොඳම එකෙත් හොඳම එක කියලාය.

මේ කේස් දෙකම වෙලා තියෙන්නේ වර්‍ෂ 2009 යේදි හා 2011 යන වසරවලදීද. ඒ කාලයේ උන් ඇමති විදියට මෛත්‍රිපාල සිරිසේන මහත්තයා මේවාට වග කිව යුතු උනත්, ඒ කාළේ ඇමතිවරු කියා පිරිසක් සිටියේ නැති බවත් උන්නේ පඹයෝ සෙට් එකක් බවත්, ඒ පඹයෝ මහින්දට බැසිල්ට කෙසේ වෙතත් නාමල් බේබි එනකොටත් පුටුවලින් නැගී සිටි බලු කුක්කන් පිරිසක් බවත් හොඳින්ම දන්නා දෙයක්ය. ඒ කියා, උන් ඒ විදියට ඉඳලාත් අම්බානක හොරා කෑ බවත් මහජනයා දන්නවාය. ඔය සිරිසේනගේ රෙද්ද අස්ස්ට රිංගා ගත් සිරි ලංකා කාරයන් අතරේද එහෙව් වාහේලා ඕනා තරම් ඉන්නවා කියාත් මහජනයා දන්නවාය.

මේ ගැන හොඳ උදාහරණයක් මෑතක පැවති කුකුලන් කෙටවීමේ වැඩසටහනකදි දැක ගන්න ලැබුනේය. ඒ සංවාදෙට අපේ රත්තරන් හිටපු ඇමතියාත් ඇවිල්ලා උන්නේය. යු ඇන් පී එකේ හැම මළදානෙටම කෑ ගහන එකෙක් අනික් පැත්තේ ඉඳගෙන ඇහුවේ, වරායට නැව් දෙකක් ගත්ත එකක් ගැනය. රත්තරන් හිටපු ඇමතියා උනාට. ඌ ඒ ගැන හාන්කවිසියක් දන්නේ නැති බව හොඳටම පෙනුනේය. (සම හරක් විට දැනගෙන බබා පාට් එකක් දැම්මා වෙන්නත් පුළුවන්ය.) ඒත් ඩොලර් මිලියන 21 කට ගන්න තිබූ නැව් දෙකක් අරගෙන තිබුනේ එකක් ඩොලර් මිලියන 35 වෙන්නය. ඒ කියන්නේ නැව් දෙකේ පිහිටෙන් කවුරුන් හෝ ඩොලර් මිලියන් 28 කටම අබ සරණ කරලා තියෙනවා කියනා එකය.

ඉදින් සමහර විට මෙහෙම කේස් එකක් උනා වෙන්නත් පුළුවන්ය. හැබයි ඉතින් ජරාවක් මෙහේ ඇවිත් නැති නිසා බය නැතිව ගේමට සම්බන්ධ උන් ඔක්කෝම එලිකරලා දාන්නත් ඕනාය. ඒ වාගෙම මේක මෙහේ උන් ඔට්ටේලියාවේ උන්ට ගානක් දීලා පත්තරේට දාපු එකක්ද කියලා හොයන්නත් ඕනාය. ඒ වාගෙම හරි කතන්දරේ පත්තරේ තියෙද්දි, වෙන කතන්දරයක් හදලා ලියන කියන උන්ට එරෙහිවත් මක්කා හෝ කල යුතුමය. එහෙම නැත්නම් ඉතින් අපිටත් පොඩි සැකයක් එන එක කීයටවත් වලක්කන්නටත් බැරිය.

කෙසේ වෙතත් අවසානයේදි කිව යුතුව ඇත්තේ, යහපාලනේ මාධ්‍ය මෙහෙයුම නම් මෙලෝ රහක් නැති මල ජරාවක්ය කියලාය. එමෙන්ම මේවා ගැන කට පුක වගහෙන සිටීමෙන් කරන්නේ කේස් එක ඇත්තය කියා සියල්ලන්ටම ඔප්පු කිරීම කියලාය. ඒ නිසා වහාම මේ ගැන දේශීය පරීක්ෂණයක් පවා නිවැරදි කරුණු රටේ ජනතාවට ප්‍රකාෂ කිරීම ජනාධිපති තුමාගේ යුතුකමක් හා වගකීමක් කියලාය.

ඉන්ගිරිසි කියවා තේරුම් ගත හැකි අය වෙනුවෙන් මුල් පුවත් පත් වාර්ථාවෙ ලින්ක් එක මෙතන පල කොරනවාය. කියවා තේරුම් ගන්නා එක ඔහේලාගේ වැඩක්ය.

75 comments:

  1. //කුකුලන් කෙටවීමේ වැඩසටහනක//

    අම්මපා ඇත්ත..


    අපේ සාරසතුමාට නං කැකුණ ලැබිලයි තියෙන්නේ.. ඉතිං ඔබට සතුටු නැද්ද?

    අපිට නං සතුටුයි දැං හැක්

    ReplyDelete
    Replies
    1. සා රස තුමා හොඳයි... බුකියේ බයියෙක් කියලා තිබුනා.. දැන් එකාබද්ධ මලබද්ධය මූලිකත්වය අරගෙන ආන්ඩුවක් පිහිටුවන්න ඕනය කියලා හිටං... හරි පව් බං

      Delete
    2. // සා රස තුමා හොඳයි... //

      සා ර ස තුමා අන්තිම හොඳයි...

      මීට සා ර ස තුමා

      Delete
  2. බටහිර, බහු ජාතික, විජාතික, අන්‍යාගමික, ඩයස්පෝරා කුමණ්ත්‍රන කියලා කියන්නවත් දේසප්‍රේමී වර්ගයේ කෙනෙක් නෑනෙ මේකෙ

    ReplyDelete
    Replies
    1. ඇයි ඉන්නේ අප්පා... චම්පික රණවක, රතන සාධු, සිහල උරුමය එහෙම...

      Delete
    2. උන්නැහේ අද සල්යකරුමයක් හෙම කොරගත්තේ පෙරේදා ඔසියෝ අහපු ප්‍රස්නෙක තිබුන Z අකුරක් උගුරෙ හිරවෙලා වෙන්න ඇති නේ?

      Delete
    3. ස්ටීව් ස්මිතුත් ගෙදර යනවා රෙස්ට් කොරන්න

      Delete
    4. ඕකා තමයි ගිහිං කේළම කියන්ඩ ඇත්තෙ..!! චැහ්

      Delete
  3. පතනා දේ සුන් වේ නම්
    නොසිතූ දේ සිදුවේ නම්
    මේ සෑම දේම සිහිනයකි
    බලන් - සිත් යොමන් :D
    බලන් සිත් යොමන්
    බලන් සිත් යොමන්

    ReplyDelete
    Replies
    1. ඔබයි මමයි මැවූ සිහිණ
      ළොවම මැකී යයි..
      දෙඅත රැගෙන එකම දිනෙක
      යලි හමු වන්නයි...

      Delete
  4. අල්ලස් ඉල්ලීමත් අල්ලස් ගැනීම මෙන් ම දඬුවම් කොල හැකි වරදකි...

    වරදක් කොලත් හිතකින් නොවෙයි
    ගොරවන්නේ පලිගන්නෙ ඇයි?
    ඉල්ලන එකත්
    ගන්නා එකත්
    මට මාගේ ඇ-- දෙක වගෙයි!

    ReplyDelete
  5. චතුරිකා සිරිසේන ලක්සිරි එපාර්ට්මන්ට් දෙකක් ගත්ත එක //// salli kohenda ?

    ReplyDelete
  6. මේ දවස්වල ඕසීන්ට ලංකාව ගැන මළ පැනලා වගේ, උන් කොහොද අපේ ෆන් එක නැති කරන්නේ, සියළු ශ්‍රීලංකිකයන්ට (හිටංට හැර)කට තද කරන් හිනාවෙන්න පුළුුවන් මේ වගේ නිවුස් එන්නේ කළාතුරකින්. කොකටත් සෙන්ට් ගහපු ලෙන්සුවක් අරං පාරට බහින එක නාහෙට ගුණයි.

    ReplyDelete
    Replies
    1. මේකේ හොඳම කේස් එක කියන්නේ දීලවත් නැති කේස් එකක් ගැන ඇයි මෙච්චර කේස් එකක් මතු වෙන්නේ කියලා.. ඔට්ටේලියාවෙත් ඉන්නවද දන්නේ නෑ ලැට්ටොප්පලට, අරක්කුවලට ලියන උන්...

      Delete
  7. පොල් ඉඩමෙ ආදායමෙන් අච්චරක් කරන්න පුලුවන් නම්, ග්‍රාමසේවක පඩියෙනුත් යමක් කලහැකි වේ :D

    මේක සොදුරු ලෝකයක්
    සතුටු සිනා පිරුණු සාදයක්..
    මහතුනේ රැගෙන යන්න ඉන් බිදක්
    මහතුනේ රැගෙන යන්න ඉන් බිදක්

    ඇසට කදුළු එපා සොදුරු දසුන් බොදවී යාවී
    ලයට සුසුම් එපා සෙනෙහේ පැතුම් පිටවී යාවී
    මහතුනේ අපි නටමු ගයමු වයමු හිනාවී
    අපි නටමු ගයමු වයමු හිනාවී

    මේක සොදුරු.....

    සුරලොකෙන් ඇදී සුර සැප අස නිබද හමාවී
    පෙර පිනකින් අපේ මෙහෙම ලොවක උපත ලබාවී
    මහතුනේ අපි නටමු ගයමු වයමු හිනාවී
    අපි නටමු ගයමු වයමු හිනාවී

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත... අනික කව්ද දන්නේ චතුරිකා නෝනටත් ඩේසී ආච්චි වගේ ආච්චිලා ඉන්නවද කියලා...

      Delete
  8. යමෙක් රජෙකු නම් රාජ සම්ප්‍රදාය අනුගමනය කල යුතුයි.
    ඒ වගේම යමෙක් විධායක ජනාධිපති කෙනෙක් කම් ඔහු විධායක ජනාධිපති සම්ප්‍රදායඅනුගමනය කල යුතුයි.
    විධායක ජනාධිපති ක්‍රමය ඇමරිකානු නිශ්පාදනයක්. ඒ නිසා හොඳම විධායක ජනපති සම්ප්‍රදාය ඇත්තේ ඇමෙරිකානුවන්ටයි.
    බලන්න බැරැක් ඔබාමා,
    ඔහු සුපිරි වෙළඳසලකට ගොස් කරත්තය තල්ලු කරගෙන යමින් බඩු ගන්නවා. සාමාන්‍ය මිනිස්සුත් සමඟ එකට පිට්සා කනවා. සාදවලදී නටනවා.
    හිරෝශිමා ගොස් ජපනුන්ට සොරි කියන්නේ නෑ. ඒක තමයි ජනපති සම්ප්‍රදාය. අපේ එක්කෙනාට තියෙන්නේ යටත්විජිත ආණ්ඩුකාර සම්ප්‍රදායක්.

    ReplyDelete
    Replies
    1. අපිට නම් එහෙම එකක් පේන්නේ නෑ... ඇහේ සුද හැදුන අයට නම් එහෙම පේනවා ඇති.. මැදමුලන ළිදේ වතුර ටිකකින් පිහදාලා බලන්න.. එක්කෝ වැඩිවෙයි.. එහෙම නැත්නම් අන්ධ වෙලාම යයි..

      Delete
  9. ඔව්ව එනවා යනවා.. පණතක් සම්මත කරගන්න හැටි ගැන කියන්න වෙලාවක් නෑ කාටවත්, ඔට්ටේලියා කොහොල්ලෑ බබාගෙ ඇලෙනවා.. ඔව්වගෙන් අපට වැඩක් නැත.
    අතනත් ඉල්ලුවා වගේ මෙතනත් ඉල්ලන්නේ හඳහන් පෝස්ටුවක් දමන ලෙසින් යැ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපි දාන්න ඕන නෑ ඔය ඒවා පිලිගන්න අය දාන්නේ එකසිය ගානට.. පිලි ගන්නෙ නැත්නම් නිකා ඉන්න එපාය.. ඔතන තියෙන්නේ විශ්වාස භංගවීමක් මිසක් වෙන දෙයක් නෙමෙයි..

      Delete
  10. Didn't you seen following paragraph? How did you miss it - unable to understand English or purposely omitted?

    Extracted from SMH website "Company emails also reveal Sri Lankan President Maithripala Sirisena and his adviser allegedly demanded a political "donation" to be paid by SMEC when Mr Sirisena was a cabinet minister."

    ReplyDelete
    Replies
    1. දැක්කා දැක්කා ඕකට පස්සේ තමයි මාතලන් කියන කතන්දරේ තියෙන්නේ. ඔක්කොම කියවන්න. කෑලී කෑලී කියවන්නෙ නැතිව

      Delete
    2. @ Observer

      මේ තියෙන්නෙ අන්තිම කෑල්ල;

      //In addition to the World Bank inquiry, internal company emails reveal bribery allegations involving a second Sri Lankan contract, a dam project also funded by the World Bank. Emails from SMEC's recently sacked Sri Lankan manager to two Australian colleagues detail an alleged meeting in 2009 with Sri Lanka's president Sirisena, who at the time was minister for Agriculture, Development and Agrarian Services.

      SMEC's manager wrote on June 3 that Sirisena, who was also "secretary of the ruling party - a powerful man in the present administration", may request "something out of the way - funds for the party".

      SMEC needed Mr Sirisena to sign off on cabinet papers approving the award of the $1.82 million dam project. Two days later, SMEC's manager wrote another email to his colleagues about his meeting with Mr Sirisena.

      "He said there will be elections in the near future and he wants to know whether SMEC could make a donation for the elections. He [Mr Siresena] detailed me to discuss this with his Co-ordinating Secretary. Co-ordinating-Secretary said this is the way it goes prior to signing the cabinet papers. He wants us to propose an amount/percentage on the contract value. If you could advise me on an amount of percentage based on the financial figures I could inform the minister/ Co-ordinating Sec …"

      Twelve days later, the manager wrote another email saying that unnamed "key people" had asked for approximately "1%... of the total contract."

      "The key people have now disclosed their cost as 2.5m LKR [Sri Lankan Rupees, a sum worth about $A27,000]".

      "Since the signing of the contract would depend on our agreement to honour the cost of 2.5 M LKR, we have to prioritise that."

      Company accounts reveal that $A27,000 - a large amount of money in Sri Lanka- was withdrawn in cash by the manager, who appeared to agree to pay kickbacks to an unnamed "party".

      "I think this is a good opportunity for us to build up relationship with this party since they directly approached... us," he wrote.

      "Once we win their confidence… we could work with their blessings in future opportunities."

      In a statement, SMEC said the company's internal investigation this year found no "payment to any person in response to the request for a political donation" and that any payments made were not improper. SMEC has referred its internal inquiry to the AFP.

      Mr Sirisena did not respond to detailed questions.//

      මේ තියෙන්නෙ අන්තිම කෑල්ල තේරුණා නේද? කොහොම උනත් මැනේජර්ලාට ලෙඩේ වැටුණත් ලංකාවේ ජනපතිට එරෙහිව තියෙන සීන් ටික යට ගහල වෙන මොකෙක්ට හරි වැඩේ පත්තු කරයි. මේවා ඉන්ටනැෂනල් ගේම්.

      I think this incident has to be further scrutinized & thoroughly investigated to ascertain whether any alleged fraud has done by president My3. But most probably this might not get disclosed since GoSL could close the chapter using their relations with high ranking Aussie officials.

      Delete
    3. ඒකනේ ලොක්කා මම ලිපියේ ලිව්වේ, දැන් හොයන්න ඕන මේ "කී පීපල්" අපි ඔක්කෝම දන්න රාජපක්ෂලාද, එහෙම නැත්නම් සිරිසේනද කියලා. මම කියලා නෑ නේ මේක යට ගහන්නෙයි කියලා. මම කිව්වේ පිලිගන්න පුළුවන් පරීක්ෂණයක් පවත්තලා ඇත්ත කතාව කියන්නෙයි කියලා. යට ගහනවා නම් සීන් මොකක්ද කියලා ඕන ගොනෙකුට තේරෙනවනේ.

      අනික දැන් අපිට FCID එක පවා තියෙනවා නේ. මේ පිළිවඳ ඉස්පැසොලිස්ට්ලා ඉන්න. මේක ප්‍රමුඛතාව දීලා කරන්න ඕන දෙයක්. සියල්ල තියෙන්නේ එයාලගෙ අතේ අපිට තියෙන්න ලියන්න විතරයි.

      Delete
  11. ආන් අරෙහෙ නිර්වස්ත්‍රමාල් මහාචාරියතුමා කියන්වා ජනාදිපතිතුමා ට තීරනයක් ගන්න වෙනවා කියලා...

    අලේමල්ලැල්ලෑ..........

    ReplyDelete
    Replies
    1. නිර්මාල්ටත් ඉන්ගිරිස් බැරිව ඇති.

      Delete
    2. ඉංග්‍රීසි බැරි උබටනේ ගොන් මාතයෝ

      Delete
    3. නිර්මාල්ටත් ගයිඩ්ලට තරම් ඉන්ග්ලිෂ් බෑ.

      Delete
  12. // හැබයි ඉතින් ජරාවක් මෙහේ ඇවිත් නැති නිසා බය නැතිව ගේමට සම්බන්ධ උන් ඔක්කෝම එලිකරලා දාන්නත් ඕනාය. ඒ වාගෙම මේක මෙහේ උන් ඔට්ටේලියාවේ උන්ට ගානක් දීලා පත්තරේට දාපු එකක්ද කියලා හොයන්නත් ඕනාය. //

    හීනමානයට සහ වහල් මානසිකත්වයට සීමා මායිම් නැත. සැබෑ වහලුන් කවුරුන්ද යන්න ඔප්පු කරමින් සිටින මාතලන්ට අපේ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. බලා ඉමු අපි මිහිඳු එනකන්
      ඈත ක්ෂිතිජය දෙස බලා

      Delete
    2. AnonymousAugust 25, 2016 at 7:29 AM

      එදා රාජපක්ශ කල්ලිය අම්බානක පිස්සු කෙළිද්දී මරාගේ වහල් බයි හැත්ත මෙබඳු ගොන් පාට් දමනු දැක ඔක්කාරයට ආ මැදහත් ජනයා සෝභිත හිමි විසින් අරඹන ලද රැල්ල හරහා රනිල්-මෛත්‍රී කල්ලියට කතිරය ගැසුවේ මහත් බලාපොරොත්තු සහිතවය.

      නමුත් දැන් රනිල්-සිරිසේන කල්ලිය අමුම අමු කුජීත ලෙස ඡන්දය දුන් අපිට සිය නිතඹ පෙන්වමින් විළි ලැජ්ජා නැතිව ගොබ්බ පාට් දමද්දී උන්ගේ දංකුඩ කන බත්බැලයන් තම ස්වාමිවරුන්ගේ ගූ හෝදන්නට තතනමින් රෙදි නැතුව රඟද්දී නැවතත් සුපුරුදු ඔක්කාරය මතුවී ඇත. අහෝ රටකට ගිය කලක්. ගිනි කබලෙන් දර ලිපට.

      Delete
    3. බලා ඉමු අපි මිහිඳු එන තෙක්
      ඈත ක්ෂිතය දෙස බලා

      Delete
  13. // SMEC has confirmed a "request for a political donation", but insists an internal investigation found no donation was made and the firm "continues to fully co-operate with the AFP." //

    Requesting a ‘donation’ in return for awarding the contract itself is an act of soliciting a bribe which is a punishable offence on the part of Sirisena and his S\secretary. You may know also that so-called internal investigations, more often than not, are done as a means of cover up and don’t reveal much.

    ReplyDelete
    Replies
    1. බලා ඉමු අපි මිහිඳු එනකන්
      ඈත ක්ෂිතිජය දෙස බලා

      Delete
    2. Anonymous August 25, 2016 at 7:43 AM

      Well written mate. Brilliantly explained. Most of these so called Yahapalana goons are brainless stupid brutes who couldn't be able to understand what has written on such articles. They simply reveals their inability to interpret the link given above. Stupidity at it's best. What a pity? What we have to do is just keep quite based on the wait & see policy. No need to explain these culprits since brainlessness cannot be cured by any kind of education or logical explanation.

      There is nothing differs between the blind followers of previous Rajapakse regime & stupid brainless henchmen of the existing Yahapalana regime which is equally corrupt (excessively competing to break the MR regime's records for the moment) & useless for the commoners like us.

      Delete
    3. for the pleasure of the "Common People"

      https://www.youtube.com/watch?v=SVmjKHkgxis

      Delete
  14. කලබල වෙන්ට එපා බන් මාතෙ. මේ අවස්ථාව තමයි හරිනම් මයිත්‍රී මහත්තය අර කිව්ව රහස් ටික එලියට දැනට ඕනි. ඒත් ඒ මනුස්සය හොඳ වැඩියි.

    හැක හැක. ෆේස් බුක් එකේ කියෙන් කී දෙනාටද බන් ඉංගිරිසි ලියුමක් කියවන්ට පුළුවන්? උන් දන්නෙ කාගෙ හරි ගොන් තැම්බක් හරි හෝ වැරදි නොදැක ශෙයා බොත්තම ඔබන්ට තමයි. එක්කො නිළියකගේ ෆොටෝ එකකට "ඔයා ලස්සනයි අක්කි බබෝ නංගි පැටියෝ" කියයි. ඒත් මේ මෙලෝ මලදානයක් නැතිනම් "මෙන්න ඔයගොල්ලෝ කවදාවත් දැකල නැති රහතන් වහන්සේගේ දන්ත දාතුව. අපි දැන් සාදු " කියල ගඩොල් බාගයක් විතර මොකක්හරි කුනුහබ්බයක් ශෙයා කොරයි. ඉතින් ඔයවගේ හරක් ඉන්න රටක වඳුරෝ ඉංගිරිසි ලියුම් කියවල ගන්න ආතල් එක කඩන්ට එපා බන්.. 😂😂😂😂😂

    ReplyDelete
    Replies
    1. හුකා..... එහෙමත් එකක්ද බං....

      Delete
    2. ඔය කියලා තියෙන්නේ ජපාලන හොතම්න්බුවෙක්. අනේ ගොන් හරකෝ, උමබල හිතස්න් ඉන්නේ උමබල වගේම අම්දනල ඔඅස්ටේර්ලියාවේ පත්තර වල වැඩ කරනවා කියලද. එතකොට ABC කියන්නේ ඔය ලංකාවේ අටවාගෙන තියෙන ගොබ්බයනගෙන් පිරි රුපවාහිනි වහගෙ කියලද... මිත්‍යාවෙන අන්ද වුන උමබල වගේ ජපලුව්න බදින්න ඕනි කරත්තවල

      Delete
    3. ඔය ඔට්ටේලියාවෙන්ම නේද බාප්පේ මුරලි චක් කරනවා කියලා අර ඩැරල් හෙයාර් කියලා මහත්තැන් කෙනෙක් හත් පොලේ ගාගෙන නෝන්ඩු උනේ.. එතකොට මේ මෑතක පොඩි උන්ගේ කෑම්ප් එකක දස වද දෙනවා කියලා නෝන්ඩි උනේ.

      Delete
  15. ශ්‍රී ලංකාවේ වත්මන් ජනපති මෙන් ම දැඩි ලෙස දූෂණ චෝදනා එල්ල වූ පසුගිය මහින්ද රාජපක්‍ෂ රෙජීම රජයේ කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා 2009 දී ජලාශ වේල්ලක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුවක් ඔස්ට්‍රේලියානු සමාගමකට පැවරීම සඳහා අල්ලස් ඉල්ලූ බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය පරීක්‍ෂණයක් ආරම්භ කොට තිබෙන බව සිඩ්නි මෝනිං හෙරල්ඩ් නම් ප්‍රධාන පෙළේ ඔස්ට්‍රේලියානු පුවත්පත හෙළි කර සිටින්නේ ය. අදාළ වේලි ව්‍යාපෘථිය ලෝක බැංකු ආධාර යටතේ ඉදිරි කිරීමට නියමිත වූ අතර කොන්ත්‍රාත්තුව සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නම් තමන්ට "ආධාරයක්" කරන ලෙස සිරිසේන මහතා හා ඔහුගේ සම්බන්ධීකරන නිලධාරියා විසින් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයාගෙන් ඉල්ලා තිබේ. Snowy Mountains Engineering Company (SMEC) නම් මෙම සමාගමේ හිටපු ශ්‍රී ලංකා කළමනාකරුවා සිය ඔස්ට්‍රේලියානු සමාගම් නිලධාරීන්ට ලියා දන්වා ඇත්තේ තමන් සිරිසේන මහතා හමු වූ බවත් එහි දී ඔහු පාලක පක්‍ෂයේ ලේකම්වරයා ලෙස රජයේ බලපෑම්කාරී චරිතයක් වන නිසා ඔහු විසින් ඉල්ලා සිටින මුදල ලබා දීම හරහා ඉදිරියේ දී ද මෙවැනි කොන්ත්‍රාත්තු ලබා ගැනීමට එය උපකාරි වනු ඇති බවත් ය. මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා සිරිසේන මහතා විසින් ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා හමුවන ලෙස උපදෙස් දුන් බවත් කළමනාකාර තැන සිය ලිපියෙන් කියා සිටින්නේ ය. සමාගම විසින් ඔහුට ගෙවන මුදලේ ප්‍රමාණය හෝ එහි ප්‍රතිශතය සිරිසේන මහතා විසින් ඉල්ලා සිටින අතර ඒ පිළිබඳ තමන්ට උපදෙස් දෙන ලෙස ද ඔහු සිය මව් සමාගෙමෙන් ඉල්ලා සිටින්නේ ය. ඒ අනුව, රුපියල් මිලියන දෙක හමාරක මුදලක් අල්ලසක් සිරිසේන මහතාට ගෙවූ බව ද සමාගමේ ගිණුම් විස්තර හෙළි කර සිටින්නේ ය.

    පසුගිය සතියේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන රැලියක් අමතමින් කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ විසින් නව පක්‍ෂයක් නිර්මාණය කිරීමට කටයුතු කළහොත් ඔහුගේ රහස් හෙළි කොට ඔහුට මහපාරේ යෑමට හෝ නොහැකි තත්වයක් උදාකිරීමට කටයුතු කරන බව ය.

    කෙසේ නමුත් දැඩි ලෙස දූෂණ චෝදනා එල්ල වූ රාජපක්ෂ රෙජීමය පරදා බලයට පත් වූ වත්මන් පාලනය පිළිබඳ කියවෙන "යහපාලනය" නැමැති සන්නාමය සහිත පසුබිමක මෙය සිදුවීම ද එම යහපාලනයට නායකත්වය දෙන පුද්ගලයා ආදාළ මගඩියේ මැදට ම හසුව තිබීම ද විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු ය. මේ හරහා ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට, විදෙස් සබඳතාවලට මෙන් ම ආයෝජන වැනි ආර්ථික කාරණාවලට ද දැඩි බලපෑමක් එල්ල වන බව ද අමුතුවෙන් කියයුතු නොවේ.

    http://www.theage.com.au/business/australian-companies-linked-to-bribe-scandals-in-sri-lanka-and-congo-20160823-gqyzlp.html

    ReplyDelete
    Replies
    1. ඉන්ගිරිස් තෙරුම් ගන්න බැරි හරකෙක් ලියපු එකක්.. ඒකේ කොතනද තියෙන්නේ සිරිසේන ඉල්ලුවය කියලා..

      බලා ඉමු අපි මිහිඳු එන තෙක්
      ඈත ක්ෂිතය දෙස බලා

      Delete
  16. For Mathalan and Yahapalana lot (none are so blind than those who refused to see)

    ReplyDelete
  17. රජයේ වැඩ සඳහා කොන්ත්‍රාත් කරුවන්ගෙන් අතයට මුදල් ඉල්ලීම සහ ලබා ගැනීම යන දෙකම දූෂණ ගණයට වැටේ. එම නිසා මෙම හෙළිදරව්වට ජනාධිපතිගේ සම්බන්ධයක් ඇත්ද නැත්ද යන්න පරීක්ෂණයක් කල යුතුම වන්නේය. පරීක්ෂණයකින් මෙපිට ඒ ගැන අදහස් පළ කිරීමෙන් පමණක් සත්‍යය හෙළි නොවේ

    මෙම සිද්ධිය සිදුවී ඇත්නම් එය සිදුවී ඇත්තේ 2015 ජනවාරි 8 ට පෙර බැවින් එයින් මෙම රජය කෙරෙහි චෝදනා එල්ල කිරීම සුදුසු නොවේ. කෙසේ නමුත් මෙම රජයේ ඇමති වරුන් කිහිම දෙනෙක්ගේ දූෂණ ක්‍රියාවන් ගැන විවිධ කථා පැතිරේ. මෙහිදී දේශපාලන වේදිකා මත කරන කථා වලට වඩා වැදගත් වන්නේ එසේ චෝදනා එල්ල වූ විට ඒගැන පරීක්ෂා කිරීමටත් ආයතනයක් පිහිටුවීමයි. මෙය සාධාරණ සමාජයක් පතන අය සහ සංවිධාන විසින් කල යුතු ඉල්ලීමකි. එමෙන්ම රනිල්-මෛත්‍රී අතර මෙම රජයේ දූෂණ මර්ධනය පිළිබඳව එකඟතාවයක් ඇතිකරගැනීම අන් කාරණා ගැන එකඟතාවයකට වඩා වැදගත් වේ.

    මෙම ප්‍රවෘත්තිය පාවිච්චි කරමින් රජයට මඩ ගසමින් නිසා පණ ගසා නැගිටින්නට බලන වහළුන් සහ මරා පාලනයේ කටු කෑ අයටත්, ඒ ගැන පරීක්ෂණයකට බල නොකරමින් දේශපාලන වේදිකා මත අදහස් ප්‍රකාශ කිරීම පමණක් සිදුකරන රජයට සම්බන්ධ අයටත් කීමට ඇත්තේ ජනතාව බහුතරයක් අපි හිතනවාට වඩා ඥාණවන්ත බවය.

    ReplyDelete
    Replies
    1. හොඳම ගු කන ජපාලුවෙක්....

      Delete
    2. අනිවා සිරිසේන අනේ මම ඕවට ඤෑ... අපිට ඕවා බෑ.. ගගා ඉඳලා හරියන්නේ නෑ.. අන්තිමට අත ගාලා බලන කොට තෙතට දැනෙන කොට තමයි උන්නෑහේ දැන ගන්නේ අම්මට බොල ඇරලා නේද කියලා.. ඒ නිසා අනිවා පරීක්ෂණයක් කරන්නම ඕන. ඊයේ හැසිරුන විදියෙන් නම් පේන්නේ කතාවේ ඇත්තකුත් නැත්තේ නෑ වගේ කියලා.

      Delete
  18. අන්තර ජලයේ යහපාලුවනය්ට කඩේ යන මේ ගොබ්බයො හිතන් ඉන්නේ ලංකාවේ ජඩ වේදීන් වගේ අබරණ ආතාගෙන අහලා ඩිංගි ගෙන් තහුරු කරගෙන නිවුස් දමනවා කියලා ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය වෙදිනුත්. අනික ෆෙඩෙරල් පොලිසිය නිකන් ලනකවේ FCID එක වගේ නිතිය නමල ඇතුලෙන් ගහනවා කියලා. මුන් දන්නේ වචන ටිකක අමුනගෙන් මොක්ක හරි පචයක් මහා පරච්නා වන්තයෝ වගේ බෙදන්න. යකෝ ඔය ජපාලනේ වැජබෙන 99% දෙන අම්ම්බා හොරු. උඹ හිතන් ඉන්නේ ජහපති ඇමති කෙනෙක් විදිහට සිල් ගත්තා කියලද.

    ජහපති බොරු මුහුණ වහගන්න ඔස්ට්‍රේලිය පොලිසිය අන්නදන්න ගියොත් වෙන්නේ දැන සරම කඩා ගෙන හෙළුවෙන් දුවන එකේ ගු ටැංකියකට බැහැලා මුළු ලෝකෙම ගඳ ගස්සන එක විතරයි.

    එක අතකට ජපාල්නෙට කඩේ යන උඹලා ගු ගඳ කියන එක හොඳට ජීරණය කර ගත්ත වුන්නේ...

    ReplyDelete
    Replies
    1. මහින්දගේ ගූ ගොඩේ බල්ටි ගහන උන්ට මේවා පොඩි ගේම් උනාට අපිට නම් මේවා ළොකු ඉෂූ. ලියලා තියෙන දේ කියවා තේරුම් ගන්න බැරි වහල් බයියෝ ගැන අනුකම්පා කරනවා ඇර වෙන කොරන්න දෙයක් නෑ. ඔට්ටේලියාව ගැන අපිට කියන්න එන්න එපා ලොක්කා. ජරාව කන උන් කොහෙද නැත්තේ. එකම දේ මාට්ටු උනොත් බඩුම තමයි. එහෙම නැතිව ජරාව කන උන් ලෝකේ හැම තැනම ඉන්නවා. කව්ද දන්නේ ලංකාවේ හැටි දැනගෙන උන්ම ලියපු ලියුම්ද කියලා.

      Delete
    2. බුකියේ සහ බ්ලොග් වල කමෙන්ට් කරනා මහින්ද වාදීන් වෙන්කර හඳුනා ගන්නේ මෙහෙමයි. යමක් කී විට එය නොකියවා කුනුහරුප වලින් සහ අපහාස වලින් කමෙන්ට් දමන්නේ ඒකාලයේ හොර කොන්ත්‍රාත්, කුඩු බෙදා හැරීම වගේ දේවල් අද නොලැබීම නිසා ඇති තරහව එලි කරගන්න බලා ඉන්න අය. මුන් මහින්දගේ වහළුන් නෙමෙයි, හොර ආදායම් මාර්ග වල වහළුන්.

      මහින්ද වහළුන් කරන්නේ මිනිහාගේ කෙරුවාවල් ගැන මොන දේවල් එළිඅට ආවත් එක්කෝ යුද්ධය ජය ගැනීම නිසා හෝ අන් කාරණයක් නිසා ඔහුගේ හොඳ දකින අය.

      Delete
  19. අපේ මුරලි අයියට චක් කරනවා කියලා ඔට්ටේලියන් බුවාලා කේස් ෆයිල් කරේ මුරලි ඇටය කාලෙම, මිනිහ කවදාහරි ගේමක් වෙයි කියල අරි . එටෝට දැන් අපේ ලොක්කට කේස් එක අදින්ඩ මතක් වුනේ ජාපාල ආණ්ඩුවට අවුරුදු එකහමාරක් ගියාමද ? එකත් ඔට්ටේලියන් කොල්ලෝ ටික අම්බානට කෑවට පස්සෙද . ලොක්කා මේවා තමා නියම අන්තර්ජාතික කුමන්ත්‍රණ නැද්ද මං අහන්නේ .. නෑ කියන්ඩ එපා අරී

    ReplyDelete
    Replies
    1. ටෙස්ට් සීරිස් එකක් වයිට් වොෂ් වෙන්න කනවා කියන්නේ ක්‍රීඩාව ඉහලින් සලකන රටකට සුළු දෙයක් කියලා ජීවීතේට හිතන්න නරකයි. කොහොම හරි මේකේ ඇත්ත නැත්ත මෙහෙන් සොයන්න පටන් ගන්න ඕනා. එහෙම නැත්නම් කේස් එක ඇත්ත තමයි කියලා අපිට හිතා ගන්න වෙන්නේ.

      Delete
  20. මාතලන් පුතේ

    අපේ ලේකම් කුමාර මහත්තය දේශප්‍රේමී කියලා හැමතැනම කියකියා යනවා, ඇත්තටම බලද්දී එය අපේ සංගමේ භාණ්ඩාගාරික එක්ක එකතුවෙලා සල්ලි පිල්ලි යවලා , එයා හිතන් ඉන්නේ දේශප්‍රේමී වුනාම මහින්ද මහත්තය වගේ එයාවත් හිරේ දාන්නේ නැතුව් ඉඳියි කියල . එත් ඉතිං ඒ මහින්ද මහත්තයනේ. හැමෝටම මහින්ද මහත්තය වගේ හොරකං කරන්න පුළුවන් වුනාට මහින්ද මහත්තය වගේ බේරෙන්න දන්නේ නෑනේ. ඔන්න් ඔය ටික කියල දෙන්න පුතේ

    මීට
    දනුද්දර හිරිපිටිය මයා
    ගරු සභාපති,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයා කොහේද මාමේ බේරිලා තියෙන්නේ මහින්ද මාමා මැරෙන්නේ හොරා කාපු සල්ලි ටික දීපු උන්ගෙන් ආයේ ගන්න බැරි වෙලා හිතේ අමාරුවෙන්මයි. කොහොම හරි මහින්ද මහත්තයා කිව්වා නේ ඩොලර් එකක් ගත්තොත් බෙල්ල කපා ගන්නවය කියලා.. ඕන් බලහන්කෝ මරණ පරීක්ෂණයේදි කියන්නේ නැද්ද කියලා, ඇඟ පුරාම කැපුම් පාරවල් තිබුනය කියලා. මාමා ඊට කලින් ගියොත් මට කොරන්න දෙයක් නෑ මාමේ.

      මාමාට තෙරුවන් සරණයි

      මීට

      මාතලන් පුතා

      Delete
  21. රනිල් තුමාට වැඩියෙන් සොරිසේන යූ එන් පී කාරයන් ගේ ආදර ගවුරවයට ලක් වීම හේතුවෙන් රනිල් තුමා ගේ ඊරිසියාවට ලක් වීම නිසා සිදු වූ සැලසුම් සහගත හදිසි අනතුරකි!

    ReplyDelete
    Replies
    1. සා රස තුමා නිර්මාණශීලී බව අප කවුරුත් දන්නවාය..

      රනිල්ට මෙච්චර හොඳ පාට්නර් කෙනෙක් ජීවීතෙට හමු වූයේ නැත... :)

      Delete
    2. රනිල්ට ඔය ගේම් ගැසීමට හැකියාවක් තිබුණානම් බලය ගන්න මෙච්චර කල් යන්නේ නැහැ. මේ ගේම් වලට දක්ෂ අය හැටියට එජාපෙ හිටියේ ගාමිණී දිසානායක සහ සිරිසේන කුරේ. මේ සිද්ධිය රනිල් මෛත්‍රී කොටවන්න අවස්ථාවක් කියල හිතන අය කියන කථාවක් ඔබතුමා අල්ලාගෙන තියෙන්නේ.

      Delete
  22. මේ වාර්ථාව ඕස්ට්‍රේලියාවේ හැම පත්තරේකම පළවුණා Australian Federal Police පරීක්ෂණයක් පදනම් කරගෙන. ඒ නිසා මේක පත්තර කාරයන්ට ජරාව දීලා කරපු වැඩක් කියලා කියන්න බැහැ. අනික ඉතින් ලංකාවේ වැඩ ගැන දන්නා අපට මේකත් ලොකු බ්‍රේකින් නිව්ස් එකක් නෙමෙයි නේද? ඕක ඔහොම නොවුනානම් තමයි නිව්ස් එක.

    ReplyDelete
    Replies
    1. සමාන්‍යයෙන් ලෝකයේ ඕනම රටක ගණුදෙනුවකදි 5% -6% ක ප්‍රමාණයක් මේ වගේ කොමිස් සීන් වලට වෙන් වන එක රහසක් නෙමෙයි. නමුත් ඒවා ලැබෙන්න මේ ළිපියේ තියෙනවා වගේ පක්ෂයට. නමුත් ඒකත් පෞදගලීකරණය කලේ එජාපයේ ගාමිණි දිසානායක, ඒ මුදල 20% ට වඩා වැඩි උන නිසා තමයි මෙහේ කිසිම කෙනෙක් ආවේ නැත්තේ, අනික පිලිගත් ආයතන ණය දෙන එක නැවත්තුවේ. එහෙම නැතිව පොඩි කොමිෂන් එකක් ඕන ගනුදෙනුවකදි තියෙනවා. දැන් ලංකාවේ අය උනත් ඔය ලෝන් එකක් ඇපෲ උනාම අඩු ගානේ චොකලට් එකක් හරි වැඩේ කරපු එකාට දෙනවා නේ. එතකොට නම් මේක නිව්ස් එකක් වෙන්නේ නෑ තමයි.

      Delete
  23. සිරිසේන ජනදිපතිවරයා සහ යහපලනයයි හදුන්වාගන්නා කිරි බින්දුවට ගොම කාලයක්ම එක්වී ඇත.
    අපේ රටේ දේශපාලුවන්ගෙන් සුදුම චරිත නැතත් තවමත් විකල්පය අව පැහැ අඩුම චරිතයක් තෝරා ගැන්ම හැර අන් කවරක්ද?
    ගැටලුව කෙරෙහි ජනදිපතිවරයාගේ ප්‍රවේශය ප්‍රසංශනීයයි. යම් හෙයකින් එවකට මහින්ද මහත්මයාට මෙවන් චෝදනාවක් එල්ල වූයේනම් විමල් වීරවංශ මන්තිරිවරයා ඇතුලු පිරිසක් ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය ඉදිරිපිට ලෙමන් පෆ් කන අකාරය නැවත වත්වක් බලන්නට තරම් අප වසනා වන්ත වනු ඇත.

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත බං... ආන්න ගෝලයෝ... අයියෝ සිරිසේන... කෝ මේ සිරිසේන..

      විමලයට ගානක් ගෙවලාවත් ඒ වගේ ආතල් එකක් ගන්න බැරිද දන්නේ නෑ... මරු කොමෙන්ට් එක...

      Delete
  24. අනේ බං උඹලත් මේව සීරියස් ගන්නවනේ. ඔය ඔට්ටේලියං කාරයෝ ක්‍රිකට් මැච් පැරදුන එකේ මලට කරන වැඩක්.... ක්‍රිකට් වලින් අපිට උඹල මෙහෙම කරානම් අපි දෙන්නම් මෙහෙම කියලා කරන වැඩක්. ගණන් ගන්න එපා බං..... ඇයි බං ලේසි ගැහිල්ලක්ද අපේ උන් ගැහුවේ උන්ට.....

    ReplyDelete
    Replies
    1. ඔට්ටේලියන් කාරයෝ ඔහොම්මමයි...

      Delete
  25. mathaklan umba heenen dodawanawada ban... MY3 kiyanneth eka horek witharai..okunta ayi umba charitha sahathika liyanne...
    okun okkoma ekayi

    ReplyDelete
    Replies
    1. නෑ මහින්ද ගාවත් හොඳ මිනිස්සු හිටියා.. සෞඛ්‍ය අමාත්‍යාශයේ කවුරුවත් සිරිසේන ලොක්කා ගැන නරක විදියට කතා කරන්නේ නෑ... අනික උඹ හිතවද එහෙම කේස් තිබුනා නම් මහින්ද නිකා ඉඳී කියලා මෙච්චර කල්...

      Delete
    2. // අවුරුදු විස්සක්ම ඉඳලා.
      බඩ පැලෙන්න කාලා බීලා.
      නුවර එලියේ හෝටලයක් හදපු රත්තරන්....
      මහවැලියේ වැලි ටික ගොඩ දාපු රත්තරන්... //

      Maathalan on Maithripala Sirisena, c. November 2014

      Delete
  26. ඔය කිසි එකක් නෑ පුරුදු විදියට මැච් ටික පැරදුනානං.. කොහෙද මුං මුදුනෝ වෙන්න ගියානේ.. ඇඟිල්ලේ තරමට ඕනා ඉදිමෙන්න.. මීට පස්සේ එහෙම එංගලන්තයට ඉන්දියාවට ඕස්ට්‍රේලියාවට පැරදිලා එනවා මිසක් උඩ පනින්න හදනවා එහෙම නෙවෙයි.. තේ දලු කඩපු කොල්ලෝ.. ආවා මෙතන වයිට් වොස් කරන්න.. හිටපියව් තොපිට..

    ReplyDelete
  27. The fraud that is Sirisena is spectacularly revealed to the public. The yahapalanaya camp is so upset they are threatening to sue anyone who reports on this. Triggered much? Sirisena and his supporters are a bloody embarassment to Sri Lanka.

    Leaked internal company emails reveal that Maithripala Sirisena and one of his advisers allegedly requested a political "donation" before signing cabinet papers for a $1.82 million dam contract sought by SMEC. Mr Sirisena is now Sri Lanka's President.

    "The minister ... wants to know whether SMEC could make a donation for the elections," an email from the SMEC manager states about his meeting with Mr Sirisena.

    The same email states: "[Mr Sirisena's] Coordinating Secretary said this is the way it goes prior to signing the cabinet papers. He wants us to produce an amount/percentage on the contract value."

    Who would have thought that Maithripala Sirisena would turn out to be a treacherous and deceitful person? What a shock. It's not like anyone was ever saying this since he stabbed his longstanding colleague and friend in the back after promising never to betray him.

    What's amusing in all of this is that the Sirisena supporters are making frequent trips to the toilet since the bribery scandal hit the news (and threatening to sue people). Oh my, oh my.

    The Financial Crimes Investigation Division (FCID) needs to bring the president of Sri Lanka Maithripala Sirisena in for questioning. The man is a law unto himself, shamelessly soliciting bribes from international companies to further his own interests. Criminals belong behind bars and not running our country.

    ReplyDelete
  28. මාතලන් කියපන් අපේ රටේ ජනාධිපතිකමට සුදුසුම කව්ද කියල දැන් ඉන්න උන්ගෙන්.

    ReplyDelete
  29. mama kiyanne Basil Rajapaksha jandipathi krnana ona...ehema unoth ape rata sanwardanaya wenawa ...Ratak sanwardanya wenakota duppath ewun nathi wenawa

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න