.

.

Aug 17, 2016

ශ්‍රීලනිපයේ එකාබද්ධ පිලේ පිරිසක් විසි වීමේ සුල මුල - President appoints 41 new SLFP organisers


Pic from - Facebook
 
ඇක්සයිස් කොරන්න කලින් ඇක්සයිස් කිට් එකත් ගහගෙන දවසේ පත්තර ටික කියවන්න ගත්ත ගමන් බොහොම කලබල උන ජනාධිපතු තුමා, පොඩ්ඩක් හඬ උස් කරලා කිව්වේ, "නෝනා මේ ඇහුනයි..?" කියාය.සිංහල පන්තිය කරන සන්නස්ගල දුන්න බෙලෙක් කෝප්පෙට කහට එකක් හදමින් උන්න නෝනා ඇහුවේ, "මොකෝ මහත්තයෝ කෑ ගහන්නේ...,  පුටුව උඩ නින්ද ගිහින් මහින්ද මහත්තයාවත් හීනෙන් දැක්කාද...?" කියලාය.

"නෑ නෝනා..., මේ පත්තර කාරයෝ ලියන බොරු බලන්නකෝ හිටං... නුවර ඇසල පෙරහර අදයි කියලා අමු කෙප්පයක් මේකේ ලියලා නේ..." කියා කිව්වාම, නෝනා කිව්වේ, "පත්තර කතන්දර නම් මම දන්නේ නෑ..., නුවර පෙරහර නම් අදයි" කියලාය. "දැන් අවුරුද්දට පෙරහර දෙපාරක් යනවද අපේ නෝනේ...?" කියා ජනාධිපති තුමා ඇහුවාම, නෝනා කිව්වේ, "ඒක නං මම දන්නේ නෑ මහත්තයා.. එහෙම යනවද කියලා නිලමෙගෙන් අහ ගත්තා නම් අහවරයිනේ..." කියලාය.

මොකක්ද යකෝ මේ වෙන්න යන්නේ හැම එකාම කින්ඩිය දානවා මදිවාට නෝනාත් මෙහෙම කතා කරනවා නේ යකෝ කියා හෙල්ලිලා ගිය ජනාධිපතිතුමා, සුටුස් ගාලා යහපාලන මෙතඩ් එකක් අනුගමනය කරමින්, නෝනා උන්න පෑන්ට්‍රිය ගාවට ගිහින්, නෝනාගෙන ඇහුවේ, "ඇයි නෝනා කවදාවත් නැතිව එහෙම කතාවක් කිව්වේ..? කියලාය.  වෙනදා වගේ සොෆ්ට් ටෝන් එකෙන් නැතිව ටිකක් නුරුස්නා ගතියෙන්, "මොන කතාවක්ද මහත්තයා..? කියා ඇහුවාම, ජනාධිපති තුමා කිව්වේ, "අර නිලමෙගෙන් අහන්නෙයි කියලා කිව්වේ හිටං.." කියලාය. ගත්ත කටටම නෝනා, "ඉතින් මහත්තයා..., පෙරහර අවුරුද්දට දෙසරයක් යනවාද කියලා මම කොහොමද දන්නේ..., ඒක අහන්න ඕන දියවඩන නිළමයාගෙන් නේද...?" කිව්වාම, අඩියක් පස්සට ගත්ත ජනාධිපති තුමා, දියවඩන නිළමෙට කෝල් එකක් අරගෙන ඇහුවේ, "දැන් නිකිනි පෝයටත් ඇසල පෙරහර යනවද දෑලේ..?" කියලාය. "අනේ නෑ සෑර්..., මේ දෑලේ යන්න අලි නැති නිසා.., ඇසල පෙරහර නිකිනි වලට කල් දැම්මා නේ.. ඔබතුමා හවසට එනවා නේද..? කියලාය. "ඉතින් ඔය පන්සල් වලට කෝල් කරලා බැලුවේ නැද්ද හිටං..., සමහර විට ඒවයේ දාලා ගියපු අලි එහෙම ඇති නේ..." කියා ෂේප් එකේ නිලංගයාගේ කන අතගාපු ජනාධිපති තුමා නිලංගයාට කිව්වේ, "මං නෑවිත් කොහෙමෙයි දෑලේ.. අනිවාර්යයෙන් මම එනවා හිටං..." කියලාය.

ඇසල පෙරහර නිකිනි වලට ගත්තේ අරයාගේ කුමන්ත්‍රණයක්ද කියා කල්පනා කරනවාට වඩා ජනාධිපති තුමා පුල් අප්ෂෙට් ගිහිල්ලා උන්නේ නෝනා මල පැනලා ඉන්න එක ගැනය. එක එකා කියන ඒවා අහන්නේ නැතිව මහින්ද එක්ක ඉන්න උනුත් මේ ගේ අස්සේ දාගන්න වෙලේ, උන්ගෙන් එකෙක් මොකක් හරි ගුලියක් දීලා රට මදිවට මේ ගේත් ගිනි තියන්න ගහපු ගේමක්ද කියා හතර අතේ කල්පනා කරපු ජනාධිපති තුමා තීරණය කලේ, එක එකාගේ ගුලි කන්නේ නැතිව කෙලින්ම මේක නෝනාගෙන්ම අහනවා කියලාය.

"පෙරහර අදය කියන්නේ..., එහෙනම් හවසට නුවර යන්න ලෑස්ති උනා නම් හොඳයි හිටං...," කියා ෂේප් එකයි පාරයි ටෝක් එකක් දීපූ ජනාධිපති තුමාට රිප්ලයි එකක් ආපු නැති නිසා, ආයෙත් ජනාධිපති තුමා ඇහුවේ, "මොකෝ නොනේ... මාත එක්ක ඩෝං ගිහින් තියෙන්නේ හිටං..." කියලාය. "නෑ.... එහෙම එකක් නෑ..." කියා නෝනා කිව්වාම, "මොකෝ නෝනා එහෙම එකක් නැත්තේ..., යන යන තැන එක්ක යන්නේ නැති නිසාද මා එක්ක අමනාපේ...?" කියා ජනාධිපති තුමා ඇහුවාම, නෝනා කිව්වේ, "අනේ ඔය එක එක තැන ගිහින්, අපේ අම්මට එක එක ඒවා කියා ගන්න මම කොහොමත් කෑමති නෑ අපේ මහත්තයා..." කියලාය. "එහෙනම් පුතා හරි දූ හරි දේශපාලනේට ගේන්නේ නැති එකටද හිටං...?" කියලා ඇහුවාම, නෝනා කිව්වේ, "ඒකනම් ඉතින් 2020 දි කර ගන්න බැරියෙයි..." කියලාය. "එහෙනම් මොකෝ නෝනා මේ කවදාවත් නැතිව ඩෝං ගිහින් ඉන්නේ හිටං...?" කිව්වාම, නෝනා කිව්වේ, "මහ්ත්තතයට ලැජ්ජාවක් කියලා එකක් නැති උනාට..., අපිට එහෙම එකක් තියෙනවා මහත්තයා..." කියලාය.

පොදු අපේක්ෂයකයාට තෝරපු දවසටත් වඩා අප්ෂට් උන ජනාධිපති තුමාත් අත පොඩ්ඩක් ගස්සලා, කින්ඩි හිනාවකුත් දාලා ඇහුවේ, "මොකක්ද නෝනේ ඒ කතාවේ තේරුම හිටං...?" කියලාය. අපේ නෑ කෙනෙක්ගේ ගෙදරක යන්න නෑ..., ඒ මිනිස්සු අහනවා..., මොකක්ද අනේ ඔයාගේ මහත්තයගෙන් මෙලෝ වැඩක් නෑ නේ... මොකවත්ම කරන්නේ නෑ නේ කියනවා..., ලැජ්ජාවේ බෑ..." කියා නෝනා කිව්වාම, ජනාධිපති තුමා කිව්වේ, "ඉතින් නෝනා කිව්වේ නැද්ද, මේක හවුල් ආන්ඩුවක් නිසා තනි තීරණවලට වැඩ කරන්න බැරියෙයි කියලා හිටං..." කියලාය. "එහෙම කිව්වාම ඒ මිනිස්සු අහන්නේ, "එහෙනම් ජනාධිපති කම තියෙන්නේ ආච්ච්ට හාල් ගරන්නද කියලා ඒ මිනිස්සු අහනවා අනේ..." කිව්වාම මල පැන්න ජනාධිපති තුමා නෝනාගෙන් ඇහුවේ, "ඉතින් මට මොනවද කරන්න කියන්නේ..., මේ කරලා තියෙන ඒවා මදිද...?" කියලාය.

"ඔය සුද්දන්ට මාළු මාකට් එක හදා ගත්ත ඒවා කිව්වාම, ඒ මිනිස්සු කියන්නේ සුද්දන්ට යවන්නෙත් අවුරුදු ගනන් පරණ කුණු මාළුද මෙයා කියලා... එහෙම නෙමෙයි... ඒ මිනිස්සු අහන්නේ ඇයි මේ හොරු අල්ලන්නේ, එලියට දාන්නේ ,ඒක එකම විහිළුවක් නේ අනේ..." කියලා නෝනා කිව්වම, "ඉතින් නෝනේ ඒක මගේ වැඩක් නෙමෙයි නේ.., එවා FCID යේ වැඩ..., යහපාලනෙට, පොලීසිවලට උසාවියට ඇඟිලි ගහන්න බෑ.. එහෙම ගියොත් හෙම මර්කෙල් නෝනලගේ හිත කැඩෙන්න පුලුවන් හිටං..." කියා ජනාධිපති තුමා කීවේය.

ඊළඟට ආවේ කඩයිම් ප්‍රශ්ණ වැලක්ය. මේවා මේ මාද්දිය වේදීන් කලින් දෙන ප්‍රශ්ණ වගේ නොවන නිසා බැක්ෆුට් ඩිෆෙන්සිව් එකේ ඒවාට පිළිතුරු දුන්නේය. එහෙනම් මැච් එක බලන්න යන්න බැරිවද..? අපෝ අපෝ මහත්තයවත් ඔය පැත්ත පලාතේ යන්නෝන නෑ... මැතිව් පුතාට කෝල් එකක් දුන්නාම හොඳටෝම ඇති. කියා නෝනා කීවේය. පිස්සු කෙලින ඇමතිවරු අයින් කරන්නේ නැත්තේ ඇයි කියා ඇසුවාම, ජනාධිපති තුමා කිව්වේ, ඒවා මගේ වැඩ නොව රනිල් ලොක්කාගෙ වැඩ කියලාය. ඔහොම හැම එකටම ඩෙෆෙන්සිව් එකේ උත්තර දෙන කොට, රංගන හේරත් වගේ එහෙන් මෙහෙන් ඇඹරෙන්නේ නැතිව  කෙලින්ම පෑඩ් එකට දාපු බෝල් එකෙන් ජනාධිපති තුමා අවුට් උනේය.

නෝනා ඇහුවේ, "මහින්ද මහත්තයා නායක කම් තෑගී දිලත්, එක එක වට්ටි අම්මලගෙයි, හාල් පාරුවන්ගෙයි කතා අහ අහා ඉන්නේ, අර මහින්ද අමරවීරයයි,  දුමින්ද දිසානායකයිත් සවුත්තු වෙනවා..., අඩුම ගානේ ඕහේට පුළුවන් කම තියෙන අර පාද යාත්‍රාවේ ආප්පයා ගගා ගියපු ඒවුන් ටිකවත් එලවලා දාලා පෙන්නන්නකෝ මහත්තයෝ... නැත්නම් ඉතින් ජනපති කම කෙසේ වෙතත් පස්සෙ නායක කමෙන්වත් වැඩක් නෑ නේ මහත්තයෝ..." කිව්ව ගමන් මල පැන්න ජනාධිපති තුමා හැරෙන තැපෑලෙන් දුමින්දට කෝල් එකක් අරගෙන කිව්වේ, එහෙනම් අර එලවන්න ඕන උන් ටික අදම එලවලා දාල අළුත් ටිකක් දාන්න වැඩේ ලෑස්ති කරන්නෙයි කියලාය.

අලි පාටියෙන් ආපු හාල්පාරුවෝ දෙන්නෙකුයි, මෙලෝ රහක් නැති හාල්පරුවෝ ටිකකුයි, ආතක් පාතක් නැතුව බෙලෙක්කෙ හොල්ලන නෝනාටයි කෙලවෙලා, අළුත් සෙට් එකක් ගිනි කලබලේ පත් කරලා දාපු ජනාධිපති තුමා, කවුරුත් දන්න නම්බර් එකකට කෝල් එකක් අරගෙන ඇහුවේ "ඔබට සතුටුයිද දැන්.." කියලාය.

එහා පැත්තෙන් කතා කරපු පරණ ලවුස්කීපර් වොයිස් එකක් තියෙන එක්කෙනා ඇහුවේ, "පිස්තෝල උස්සගෙන ආපු මැරයන්ටත් ආසන සංවිධායක කම් දෙන එක යහපාලනේද ඕයි..." කියලාය. "සෙල්ලම් පිස්තෝල අරගෙන ආපු පොඩි එකෙකුට සංවිධායක කම් නොදි, T-56 කරේ තියාගෙන එන ජූලම්පිටියේ අමරෙටයි, රේප් කේස් වලට මාටු උන උන්ටයි දෙන්නද ඕයි කියන්නේ හිටං..." කියා කට හොනෙන් හිනා වී කෝල් එක කට් කරපු ජනාධිපති තුමා චිත්තප්‍රීතියට පත් සිරිසේන නෝනාත් එක්ක දළඳා වඳින්න නුවර බලා පිටත් උනේය.

වං හුං හොයන පොල්පිති මාද්දිය කාරයෝවත්, මහින්දගේ පුතෙක් වන රීරී යකා තියා, යහපාලනේ පතුරු අරින ගොසිප් කාරයන්වත් දන්නේ නැතිව, කෙල වෙච්චි උනුත් ඔල්මොරොන්දම් වෙලා යන මෙහෙයුම ක්‍රියාත්මක උනේ එහෙමය. මේවා ඉතින් මාතලන්ට මිස වෙන එකෙකුට මාට්ටු වෙන්නේත් නැතිය.

Picture - newsfirst.lk

39 comments:

  1. මචෝ අර කියමනක් තියෙනවනේ කිරි කාලයක් දොවල ගොම බින්දුවක් දැම්ම වගේ කියල. ඒ වගේ තමා සෙල්ලම් පිස්තෝල..

    ReplyDelete
    Replies
    1. එක පාරටම යහපාලනේ ගේන්න බෑ බං.. සමහර වෙලාවට බෙලිඅත්ත පැත්තේ උන් ඇත්ත පිස්තෝල අරගෙන මුගෙ පස්සෙ එලවන්නත් බැරි නේ නේ.. ටිකක් ඩෙන්ජරස් පැත්තක් නේ..

      Delete
    2. කිරි දෙවිල්ලක් නෙවෙයි ගොම කලේක තිබ්බ ගොම ටික අයින් කරල ඒ වෙනුවට බලු ගූ පිරෙව්ව වගේ තමයි. ගොම නම් ගඳ ගහන කුජීත දෙයක් උනාට අඩුමගානෙ පෝරට දාන්න හරි පුළුවන්. ඒත් බලු ගූ? අහවල් මගුලක් කොරන්න ද?

      Delete
  2. කොහොමත් සිරිසේනට කෙළවන්න බලන් ඉන්න සෙට් එකක්
    සිරිසේනගේ රෙද්ද අස්සේම ඉන්නවාය ... ඒක උන්නැහේට නොතේරෙන
    එක උන්නැහේගේ විතරක් නොව අපේද කරුමයක්ය....
    අනෙක් අතට සෙල්ලමා නොව මොන පකීර් පත් කරත් අවම වශයෙන්
    තව වාර දෙකකටවත් යූඇන්පී ආණ්ඩු බිහිවෙන එක වලක්වන්න කිසි ජගතෙකුට බැරිය ...
    ඒකත් වෙන්නේ යූඇන්පී එවුන්ගේ දක්ෂ කමකට නොවේය .... සිරිසේනට දැක්මක් නැතිය ....
    මහින්දට හෙටක් නැතිය .... යූඇන්පී එකට රජ මගුල්ය ...
    අපිටත් අපේ දුවා දරුවන්ටත් අනාගතයක් නැතිය...
    ඇත්තටම පොදු අපේක්ෂකයා වී ජනාධිපති විය යුතුව තිබුනේ ජිප්සීස් නායක සුනිල් පෙරේරාය.
    එහෙම උනානම් මුන්ට වඩා හොඳ රටක් එතුමා අපට ලබා දෙන බව නම් ඉර හඳ පායනවා සේ
    ෂුවර්ය ....

    ReplyDelete
    Replies
    1. මේ දෙන්නා මක්කා හරි කරයි බං...

      නැහ්නන් කරන්න එකෙකුත් නෑ...

      Delete
    2. කොරයි කොරයි. අපිට ඉන්න රටක් නැති කොරන එක නම් කොරයි අනිවා. ඒක විතරයි නෙව පුළුවන් එකම දේ.

      Delete
  3. යකෝ මාතලන් ටත් එන ආරංචි . ඉල ඇදෙන්න හිනා ගියා .

    ReplyDelete
    Replies
    1. අපිත් ඉතින් ගවේසොනසීලී මාද්දියවේදියෝ නේ...

      Delete
  4. "පිස්තෝල උස්සගෙන ආපු මැරයන්ටත් ආසන සංවිධායක කම් දෙන එක යහපාලනේද ඕයි..."

    ReplyDelete
    Replies
    1. ටිකක් බැරැන්ඩි වොයිස් එකක් තියෙන පොරක් අහලා තියෙන්නේ..

      Delete
  5. හැම එකටම "මේකද ඔයී යහපාලනේ ? " අසමින් කල් ගෙවමු.. ඔහොමම වසර හයක් ම ඇදිලා යන්නේ නැතැයි...

    ReplyDelete
    Replies
    1. පිස්සුද ලොකු වෙනසක් තියෙනවා රටේ... ඒක පිලිගන්න අකමැති කමක් තියෙන්නේ.. කොහොමත් මිලේඡ්චත්වයෙන් මනුසත් කමට එන එක ලේසි දෙයක් නෙමෙයි...

      Delete
  6. අළුත් හෙටක් නේ ....හිටං.

    ReplyDelete
    Replies
    1. අස් කරන්න කලින් ඩලසත් මාරු වෙලා තියෙන්නේ...

      Delete
  7. මේක නං ඇත්ත වෙන්නත් බැරි නෑ. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. මොකක්ද බැරි.. සැටිපිකට් ඇත්ත...

      Delete
  8. හෙහ් හෙහ්, මාතයා සත පහකට විස්වාස කොරන්න බැරිය. මූ ඒ කාලේ 'ඉන්ට්' එකේ වැඩ කොරලා තියනවා කියලා බරපතල සැකයක් මට තියනවාය.

    ReplyDelete
    Replies
    1. තාමත් වැඩ කරනවාද දන්නෑ කියා හිතෙනවාය. හැක්

      Delete
    2. හෙහ් හෙහ්... වැඩ කරන්නම ඕන නෑ නේ...

      Delete
  9. සුමිතා ප්‍රියංගනිවයි- සුමිත් ලාල් මැන්දිස්වයි දෙන්නම පත් කොරලා. ආයේ සුමිත් ලාල පොස්ටර් ගහයිද දන්නේ නැහැ අතුරු මිතුරු දඹදිවතුරු
    ප්‍රියංගනි පන්නන තුරු
    අපේ සටන වෙයි නිරතුරු කියලා

    ReplyDelete
    Replies
    1. චෙන් කඩපු එකෙකුට වඩා මුන් හොඳ ඇති... සුමිත්‍රා කියන්නේ පට්ට අසාධාරනයකට ලක් උන කෙනෙක් නේ..

      Delete
  10. ඔන්න බලහන් බොරුනම් - බයියෝ මේක හැබෑවට අරන්, අද හෙටම ජයන්ති නෝනගේ ඇදයක් හොයාගෙන බුකියේ උන්දෑව පතුරු නොගහා ඉඳීද කියලා.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ මෙතෙක් ආපු වයිෆ්ලගෙන් අහිංසකම හා නිහතාමනිම ෆස්ට් ලේඩී උන්දෑ වෙන්න ඕන.. කොහොමද මැඩම් ප්‍රේමදාස එහෙම..

      Delete
  11. සිරාවටම මේ දෙබස් එක්ක බලනකොට මේ සීන් එක මයිත්‍රී මහත්තයලයි ගෙදර ඇත්තටම වෙන ලයිව් සීන් එකක් වගේ මැවිල පේනව හිටන්. පව් ඕයි මාතෙ මයිත්‍රී මහත්තය. ඒ මනුස්සය කියල මොනවා කරන්ටෙයි අහක යන නයි රෙද්ද අස්සෙ දාගත්තට පස්සෙ. ඉතුරු ටික එක්කො ඕනි නෑ හිටන් 👊🏽

    ReplyDelete
    Replies
    1. ඕන් රෙද්ද අස්සේ දාගත්ත නයි ජුන්ඩට කෙලින්න පටන අරගෙනද කොහෙද.. හතර වටේටම නෙලනවා මල පැනලා...

      Delete
  12. //"එහෙනම් පුතා හරි දූ හරි දේශපාලනේට ගේන්නේ නැති එකටද හිටං...?"//
    ඇයි හත්දෙයියනේ අර දෝණිව අමතකම වෙලා ගිහින්ද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එනවා... එනවා.... කලබල වෙන්නේ නැතිව හිටහල්ලා...

      Delete
  13. President Mithri brave man. He drive all mahinda people very near futcher. All people can see who Mithri president. President Mithri can divide power and make new cunty too. It is pease and hameny cuntry. President Mithri must drive away all racism people.

    ReplyDelete
  14. "පොළොන්නරුවෙ කලවැද්දා.. රනිල් එක්ක ##වැද්දා.." ඔය අපි හදපුව එහෙම නෙමෙයි හිටං!

    ReplyDelete
    Replies
    1. ඕවා කියපු අය ඕන් කනවා පුක නැති වෙන්නම...

      Delete
  15. ලංකාවේ දේශපාලන තීන්දු පමණක් නොව බොහෝ වැදගත් දේ භ්‍රමණය වන්නේ ස්ත්‍රී නාභිය කේන්ද්‍රකරගෙනය. ඉතින් මේක රජගෙදරටත් ආදේශ නොවී තිබිය හැකිද?.
    හොඳ උපහාස රසයක් ඇති ලියවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. කාට බය නැති උනත් ඕන එකෙක් ගෑණිට බයෙයි කියනවා නේ...

      Delete
  16. අප්පුඩි ගසමින් ,විසිල් ගසමින් අසා සිටිය වගයි ,

    ReplyDelete
  17. very good article.
    Have you gone to the Khajuraho temple in Madhya Pradesh in India. This is world's first sex treatise and the erotic art on display. Try and see

    J Ovitige

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න