.

.

Oct 30, 2016

රණවිරු සරණං ගඡ්චාමී..... - The Buddhist Soldier




ගමනේ..... යා......

වම් දක්.., වම් දක්.., වම්....
වම් දක්.., වම් දක්.., වම්....
දක්කං... දක්කං....
හා යමන් පුතා....
ජහ්ක් පිට මහ්ක් මහ්ක්..
ජැක් පීටර් මැක්..
ජහ්ක් පිට මහ්ක් මහ්ක්..
ජැක් පීටර් මැක්..

රට රකින්න ඉතරක්ම නෙමෙයි බොල
හොරුත් රකින්නයි තොපි අරගත්තේ
කුමටද කුසලට කම්මැලි වන්නේ
හොරු රැකුනෝතිනි අපිත් රැකෙන්නේ


ජහ්ක් පිට මහ්ක් මහ්ක්..
ජැක් පීටර් මැක්..
ජහ්ක් පිට මහ්ක් මහ්ක්..
ජැක් පීටර් මැක්..

තියපන් කීවොත් තියන්න ඕනේ

මරපන් කීවොත් මරන්න ඕනේ
අපිට එරෙහි නම් ඕනම ජගතෙක්
උස්සල කොරපන් අන්ත්‍රස්දානේ

ජහ්ක් පිට මහ්ක් මහ්ක්..

ජැක් පීටර් මැක්..
ජහ්ක් පිට මහ්ක් මහ්ක්..
ජැක් පීටර් මැක්..

කටින් තමයි අපි යුද්ධ කරන්නේ

තොපියි පරිප්පුව කන්නට ඕනේ
ඉතිහාසෙත් අපි කොලැයි කියන්නේ
මේකම බව තොපි නම් නෑ දන්නේ

ජහ්ක් පිට මහ්ක් මහ්ක්..

ජැක් පීටර් මැක්..
ජහ්ක් පිට මහ්ක් මහ්ක්..
ජැක් පීටර් මැක්..

උඹලගේ පිහිටෙනි අපි ගොඩ යන්නේ

රට රකින්න නෑ මුකුත් කරන්නේ
නූල් ගෙනල්ලා අතේ බඳින්නේ
ඕවම බැඳලයි හොරුත් රකින්නේ

ජහ්ක් පිට මහ්ක් මහ්ක්..

ජැක් පීටර් මැක්..
ජහ්ක් පිට මහ්ක් මහ්ක්..
ජැක් පීටර් මැක්..

හොර ඝනයන් හට එන්න කියාපන්
නූල් පොල්ලෙ බැඳ ගන්න කියාපන්
උඹලා රැක්කේ නැති නම් මුන් ටික
බුදු සාධුත් අද නැතෙයි කියාපන්

ජහ්ක් පිට මහ්ක් මහ්ක්..

ජැක් පීටර් මැක්..
ජහ්ක් පිට මහ්ක් මහ්ක්..
ජැක් පීටර් මැක්..

ගමනේ..... යා......
වම් දක්.., වම් දක්.., වම්....
වම් දක්.., වම් දක්.., වම්....

කන්ඩායම ........ආපසු............ හැරේන්


කන්ඩායම..... පහසුවේ.........න් සිටීන්

කන්ඩායම..... සීරුවේ.........න් සිටීන්


කම් කම් බූරූ
කම් කම් බූරූ
සිං සිං ඤෝරූ
සිං සිං ඤෝරූ

අපි කී දේ කරනවද...?
ඕ ඕ... ඕ ඕ..
අපි කී දේ අහනවද....?
ඕ ඕ... ඕ ඕ..

එහෙනම්...............


දුවලා දුවලා දුවලා ගිහින්

ලොකු සාධුගේ පුකට එකක්
තියලා අපේ ළඟට දුවලා
දුවලා එන්නකෝ

එහෙම ඇවිත් 
අපිට ප්ලේස් 
අරන් දෙන්නකෝ...


-x-

44 comments:

  1. If this is an insult to Sir Lanka's security forces and Buddhist monks in general, you have not lived in SL for last 23 years. If anyone has forgotten how the war with LTTE was done see Tamilnet, it is still active. Most of the war history is deleted from defense.lk. I am not saying we should live in the past, we should not forget the past and people who made sacrifices in the past. Do not let the ugly head of politics to rise above all values.

    ReplyDelete
    Replies
    1. ඔයා කවි තේරෙන කෙනෙක් නෙමෙයි... ඔයාගේ ඔළුවේ තියෙන දේවලින් ලියලා තියෙන එක කියවන්න යන්න එපා.. දෙයක් කියවන කොට පිරිසිඳු හිස් මනසකින් ඒ දේ කියවන්න.

      Delete
  2. 2009 ට පස්සෙ බැඳුන සොල්දාදුවොත් කියාගෙන්නෙ උන් රණවිරුවොය කියලනෙ.

    ReplyDelete
  3. හැක හැක. හොඳම සීන් එක කියන්නෙ එක රණවිරුවෙක් යාලුව නෙමෙයි මමයි වගකීම බාරගන්නෙ කියල "ලියුමක් ලියල" සුවිසයිඩ් වෙලා. පට්ට රණවිරුවෙක් ඕයි ඌ නම් මාතෙ.

    රණවිරුවෝද කුලියට මිනී මරන්නෝද මනුෂ්‍යයෝය. හැක හැක. අනෙ මගෙ කට..!!

    වම් දක් වම් දක් 😂😂😂😂😂

    ReplyDelete
    Replies
    1. කොහොම පොරවල්ද නේ... සුවිසයිඩ් ඉස්කොඩ් එකේ වෙන්ටෑ...

      Delete
  4. ධනවාදී අර්ථ ක්‍රමයක පවත්නා ධුරාවලි ස්වභාවය (Pyramid of Capitalist System) අනුව ආරක්ෂක අංශය සතු කාර්යභාරය

    ReplyDelete
    Replies
    1. ඕක අර්ථ ක්‍රමයේ ප්‍රශ්ණයක් නම් නෙමෙයි... තමන්ගේ රැකියාව මොකක්ද කියන එක නොදන්න කමේ ප්‍රශ්ණයක්..

      දැන් කෝප් කමිටුවේ උන් නඩු කාරයෝ වෙලා තියෙන්නේ.

      Delete
  5. ආරක්ෂක අංශ සාමාජිකයෝද දේශපාලන සත්ත්වයෝය...

    මේක තමයි මගේ අවබෝධය...අවස්ථාවාදී නායකත්ව රටාවකට පුරුදු වෙලා ඉන්න අපි වගේ රටක ආරක්ෂක සේවයද එසේම වේ මැයි...

    අසංක

    ReplyDelete
    Replies
    1. ආරක්ෂක අංශ අය ගැන සඳහන් උනාට එයාලා ගැන නෙමෙයි ලියලා තියෙන්නේ...

      Delete
    2. මට තේරුණා හරිද මන්දා...අපේ කුල දේවතාවුන් වහන්සේලාගේ කෙරුවාව ගැන නේද මේ...වැරදි නම් නෝන්ඩි දාන්න එපා බං...මට මෙච්චරමයි තේරුණේ...

      අසංක

      Delete
  6. ජීවිතයේ දුක හා අනිත්‍යබව ප්‍රායෝගිකව සතුරන්ට ( හා ගුවන් සේවිකාවන්ට ) පෙන්වාදීම නරකද?

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත... දුටුගැමුණු මැරුවේ එකහමාරයි කියපු සෙට් එකනේ..

      Delete
  7. +++
    ඔන්නොහොම සාහිත්‍ය තමයි අපි වගේ ඇණ මුරිච්චි මොල තියන වුන්ට තේරෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සරළ උනාම ඕන දෙයක් ලස්සනයි...

      Delete
  8. උසාවියෙන් ඇපදීලා එලියට බහිනකොටම ආලවක උන්නානේසේ එනවනේ නූල් බඳින්න.

    ReplyDelete
    Replies
    1. සෙට් එකේ පොටෝ එකක් දාන්නත් හදලා, පස්සෙ නිකම් උන්නා... මේ දවස් වල කළ දවසත් හොඳ නැති නිසා...

      Delete
  9. සැන්ඩි නැතුවම..?
    ජයවේවා..!!

    ReplyDelete
  10. නුල්ලෙ පෝල් බලකායට ජයවේවා.....
    මීට
    නුකට පාල සඟ පරපුර.

    ReplyDelete
    Replies
    1. මෙයත් ඒයාලටම සෙට් උනා නේ... උණපුරුකේ දාලා ගත්තත් බල්ලගෙ නැට්ට කෙලින් වෙන්නේ නෑ ලූ නේ...

      Delete
  11. බුරානිස් හෙවත් බුරතීනෝව සම්බන්ධ කරගත හැකි ඊයක් තියෙන්නේ කා ළඟද?

    ReplyDelete
    Replies
    1. අනේ කවුරු හරි මෙයාට උදව් කරන්නකෝ...

      Delete
  12. /////සාමාන්‍යයෙන් හාමුදුරු කෙනෙක් පිළිබඳ මගෙ තියෙනවා එක්තරා කියමනක් ඒ අශෝක හදගමගෙ චිත‍්‍රපටයක් වන ‘‘මේ මගේ සඳයි’’ හි එහිදීත් මම භික්ෂු චරිතයක් කළා. එහිදී එක්තැනක කියවුණු දෙයක් තමයි ‘‘හැම ඇඳුමක් යටින්ම නිරුවතින් එකෙක් ඇවිදිනවා. කහ සිවුරක් කියලා වෙනසක් නෑ’’ කියන දේ ඉතින් ඒ දේ බොහෝ දුරට තර්කානුකූල සත්‍යයක් කියන දේ මට හිතෙන්නෙ./////

    මේ කොටස ඩබ්.ජයසිරිත් එක්ක කරපු ඉන්ටවිව් එකක කොටසක්. පත්තරේකින් උපුටා ගත්තේ. ඒ චිත්‍රපටි දෙබස් ඛන්ඩයට මම හරිම කැමතියි.



    ReplyDelete
    Replies
    1. මේ දවස්වල යන සිදූ එකෙත් හොඳ සිතිවිලි ටිකක් යනවා... ඇක්ටින් බලන්න ඕන නම් බලපන්...

      Delete
    2. ඔව් මාතා ගොඩක් අයගේ මරු ඇක්ටිං ඒකේ. ලොකු හාමුදුරුවන්ට හොඳ දෙබස් ටිකක් ලියලා තියෙනවා තමයි.

      Delete
    3. මමත් මෙහේ ඉඳගෙන සිඳු බලනවා. ඒ හැම වෙලාවකම ලොකු හාමුදුරුවන්ගේ රඟපෑම් විලාශයෙනුත් දෙබස් වලිනුත් අපේ දඩබ්බර චීවරධාරීන්ට හුඟක් දේවල් ඉගෙනගන්ඩ පුළුවන් නේද කියලා මට හිතෙනවා. බලාගෙන ගියාම ඔය වැඩි දෙනෙකුට වැඩිය සරණත් හොඳයි වගේ නේද?

      Delete
    4. හීන් බබා සියයි... ළොකු හාමුදුරුවොයි තමයි ගේම ගෙනියන්නේ... පොඩි උන්ගේ ඇක්ටින් නම් ඉන්ගිරිස් සෝ එකක් එක්ක බැලුවාම නිකන් මොන්ටිසෝරි ඇක්ටින්...

      Delete
  13. කොහොමත් මාතා ඔය දෙපක්ෂයම ගොඩක් දුරට සමානයි....... ඒ කියන්නේ හමුදාවයි සංඝ සමාජයයි..... ඕක අපේ හමුදා නිලධාරීතුමාගෙන් ඇහුවානං තවත් පැහැදිලි කරයි...... මං කිව්වේ විචාගෙන්.... ආ..... විචා හමුදාවේ හිටියාට මහණ වෙලා හිටියේ නැහැනේ නේද????????

    තුෂාර

    ReplyDelete
    Replies
    1. හමුදාව කියන්නෙ වෙනම කල්ට් එකක්... පන්සලේ සෙල්ලම වගේ ඒකත් ප්‍රසිද්ධයි ඒත් ප්‍රසිද්ධියේ කතා කරන්නේ නෑ... කමල් ගුණරත්නගෙ පොතේ නම් පෝඩ්ඩක් සඳහන් වෙනවලු...

      Delete
  14. අපේ අප්පුච්චා ඉද්දි නම් ඔහොම නෙමෙයි මාතේ...

    ReplyDelete
    Replies
    1. ඒක හරි.... මුන්ව බල්ලෝ මාක් දාලා දළදාව වටේ කාර් රේස් පැද්දේ ඒ කාළෙනේ...

      Delete
  15. අන්න ජහපාලන පොයියනේ අද ඉඳන් ගෝල්ඩ්ලීෆ් එකක් රුපියල් 50 යි. දැන් සනීපද? දැන් ජහපාලන පාණ්ඩුව බැඳුම්කර පාඩුව වහගෙන දුවන්න හදන්නේ සිගරැට් අරක්කු වලින් වගේ.

    මේ ගැන කතා කළේ මාතලන් විතරයි. අනික් බ්ලොග් ප්‍රා(අ)ඥයෝ නිදි.

    ReplyDelete
    Replies
    1. ඒවට රිටර්න් එක හම්බ වෙයි කන බොන උන්ගෙන්...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න