.

.

Oct 6, 2016

සිකැරට් වලින් ජීවත් වන ආන්ඩු - Governments depend on tobacco tax revenue



සුද්දා ගියයින් පස්සේ අපේ හාල්පාරුවන් මේ රටට කොරලා තියෙන සංවර්ධනේ දෝරේ ගලමින් තියෙනවාය. දිස්තිරික්ක 20 ක ජනතාවට නාන්න තියා බොන්නවත් වතුර ඇත්තේ නැතිය. ආපදා කළමණාකරනේට හැමදාම දාන්නේ ගොන් වස්සෙක්ය. මිනිස්සු පිස්සෝ වගේ වතුර හොයමින් දුවද්දි, ඌ ටයි කෝට් දාගෙන පාර්ලිමේන්තුවේ කියන්නේ කිසි අවුලක් නැතෙයිය ලක්ෂ 181 ක් දීලා තියෙනවා කියලාය. බොන්න වතුර නැති උනත්, මේක ලෝකේ තියෙන උතුම්ම රටය. අම්මගේ රෙද්දේ සංවර්ධනය කියන්නේ මේවාටය.

මහින්ද මහත්තයාගේ රෙජීමේ එලවලා නව ආන්ඩුවක් පත් කර ගත්තේ, ආයෙත් පටි තද කොර ගන්න නෙමේය. බයිසිකොල් වල යන උන් කාර් එකේ යන්නය. මොකෝ තවත් තද කොර ගන්න තරම් හිල් තියෙන පටි වෙළඳ පොලේ ඇත්තේ නැතිය. දැන් ඉතින් තද කර ගන්න තියෙන්නේ උගුරු දන්ඩ ඉතරය. මොකෝ බඩ පොත්ත හොයා ගන්නවත් නැතිය.

මේ රටේ පාරම්පරික කෘෂිකර්මාන්තය කියන්නේ පට්ට පල් බොරුවක්ය. අපේ උන් දන්නේ ගෙදර දොරේ කෑමට යමක් වවා ගන්නට විතරය. බිසිනොස් එකට වගා කොරන්න නම්, බිසිනොස් කියන්නේ මක්කද කියා දැන ගෙන ඉන්නට ඕනාය. බිස්නස් එක දන්න එකා නම් කොරන්නේ, කුඹුරටවත් බහින්නේ නැතිව වගා කොරන මෝල් හරකුන්ගේ සියල්ල සූරාගෙන කෝටිපතියන් වන එකය. වගා කොරන ගොන් හරකුන් දැණුවත් කොරන්න වගා නිළධාරි කියා උන් පත් කොරලා තිබුනාට, උන්ට ගෙවනා සල්ලි වලින් නිව්සීලන්ඩ් හරක් ටිකක් හැදුවා නම්, පල්ලා අතගාලා කිරි ටිකක් හරි ගන්න තිබුනාය. එහෙම නැත්නම් මී හරක් ටිකක් ඇති කොලා නම්, කොල ටික මැඩගෙන, ගොම ටික පෝර හැටියට ගන්න තිබුනාය. 

පාරම්පරික වගාවන් වල යෙදෙන අම්බරුවන් පිරිසකගෙන් ලෝකයටම ආහාර දෙන්න යනවා කියන ඒවා, දින 1500 ස්ලෝගන් වගේම ඇමරිකන් වර්ගයේ බයිලාය. ලෝකයටම කෑම කෙසේ වෙතත්, උන් හැමදාම කන්නෙත් ආන්ඩුවෙන්ය. අනික බොන්නවත් වතුර නැති රටක, කුඹුරු ගොවිතැන් කරනවා කියන්නේ අමුම අමු ජෝක් එකක්ය. දැන් අළුත් වගාවන් කෙරේ යොමු විය යුතු කාලය ඇවිල්ලාය. ඕවා හැමදාම කිව්වත්. හෙටත් වවන්නේ තුන් වේලම කෙලලා අරින්න පුළුවන් වගාවම පමණය.

ඕන් එනවා ආන් එනවා කීවාට තාම ආපු ආයෝජකයෙක් නැතිය. එහෙම මේ රටට එන්න මොලේ ආමාරුවක් ආයෝජකයන්ට තියෙන්නත් බැරිය. මෙහේ ආයෝජන කරන්න පුළුවන් එනුත්, ප්‍රතිපත්තියක් නැති පිස්සු කෙලින ආන්ඩුවක් නිසා, වෙන රටවලට යනවාය. ආයෝජනයක් පටන් ගැනිමේ පහසුකම් මේ රටේ ඇත්තේ නැතිය. ඒ සඳහා එක තැනකින් අවශ්‍ය ලිය කියවිලි සුළු කාලයකින් ලබා දෙන තැනක් ඇති කොරලාත් නැතිය.

පිට රටවල් වලින් ඇවිල්ලා, කොළඹ කන්තෝරුවලයි, ඊට පස්සේ පලාත් සභාවෙයි, එයින් පස්සේ ප්‍රාදේශීය සභාවෙයි, පරිසර අමාත්තියන්සෙයි, කම්කරු දෙපාර්තමෑන්තුවෙයි, ඉඩම් ගොඩකිරීමේ අමාත්තියන්සෙයි, හැමතැනම ඉන්නා උන්ට ජරාව දිදි කල් මරන්න තරම් අමාරුවක් සුද්දන්ට තියා අපේ උන්ටවත් ඇත්තේ නැතිය. ඊට හපන්, මක්කා හරි කොරන්න පුළුවන්ද කියා බලන්න කොළඹට එන සුද්දාටත්, කොළඹ නිදහසේ ගමන් කරන්නවත් පුළුවන් කමක් නැතිය. 

හැමදාම තරු පහේ හෝටල් තියෙන ප්‍රදේෂයේ පාරවල් වහලාය. ඒ එක එක කාලකන්නින්ගේ උද්ගෝසන් අහන්දාය. සුද්දෝ වාහන ඇතුලේ ඉඳන් මෛත්‍රි මහත්තයාගේ අම්මා මතක් කොරනවාය. උන් ආයෙත් ඉන්වෙස්ට්මන්ට් වලට තියා, කක්කා කොරන්නවත් මේ පැත්ත පලාතේ එන්නේ නැතිය. අනික අවුරුදු දෙකක් ගිහිල්ලාත් ආන්ඩුවට කීකරු නිළධාරි පිරිසක් හදාගන්න තාමත් බැරි වෙලා තියෙනවාය.

උන් ඉන්නේ උන්ට හිතේ හැටියට හොරා කන්න පුළුවන්, මහින්ද මහත්තයා ආයේ එනකන්ය. අර ටී වී එකේ ඇඩ් එකේ යනවා වාගෙම කිසි අවුලක් නැතිව උන්ගේ පඩිය වෙලාවට ලැබෙන නිසා, ආන්ඩුවට අන්චි ඇද් ඇද කිසි අවුලක් නැතිව පුකෙන් හිනා වෙවී ඉන්නවාය. උන් ඇමතිවරුන්ට දෙන්නේ අමු ගුලිය. උන් ලියා දෙන ඒවා පාර්ලිමේන්තුවේ කියෙව්වාම, කියවන ඇමතියා හත් පොලේ ගාගන්නවාය. මොකෝ දීලා තියෙන්නේ අමු ගුලියක් කියා උන් මළබද්දේ උන්ට ඉන්ෆොමේසොන් එක දෙනවාය. ඉතින් මෙලෝ හසරක් නොදන්න ඇමතියා ඔක්කෝම ඉදිරියේ අඤ්ඤකොරොස් වෙලා නගෙන, හත් පොලේම ගාගෙන යනවාය. 

කෘෂි ආර්ථිකයකිත් නැති, නිෂ්පාදන ආර්ථිකයකුත් නැති ගොබ්බ ආන්ඩු වගේම, ජනතාවත් ජීවත් වන්නේ සහනාධාර වලින්මය. ජීවත් වෙන එකම ක්‍රමේ කන බොන දේට පවා ගහන බද්දයි, අපේ උන් පිටරට ගොහිල්ලා චාටර් කාගෙන එවන සල්ලි ටිකයි විතරය. ඇත්තටම මේ පාලකයෝ ටයි කෝට් දාගෙන, රෙදි බැනියම් ඇඳගෙන, සුපිරි වාහන වලින් යන එක ගැන ලැජ්ජා වෙන්න ඕනාය. කන බොන දේට මෙහෙම බදු ගහන රටක් මේ ළෝකයෙම ඇත්තේ නැතිය. වෙන ඕනෑම රටක ආදයමට සමානව ආහාරවල මිල ඉතා අඩුය. 

දැන මුන් ජීවත් වෙන්නේ සිකැරට් බොන එකාගෙන්ය. මහ එකා බැලුවේ සිකැරට් එක රුපියල් 100 ක් කොරන්නය. එයාගේ චින්තනය අනුව, රටේ සමස්ත ජනතාව, එයාගේ රුචි අරුචි කම් අනුව ජීවත් වෙන්න ඕනාය. එන්රිකේ ඉග්ලේසස්ලා බලන්න බැරිය. සිකැරට් බොන්න බැරිය. රා අරක්කු බියර් බොන්න බැරිය. ඒක නම් මරු ප්‍රජාතන්ත්‍රවාදයක්මය. මේ රටේ මිනිස්සුන්ට විනෝද වීමට කියා දෙයක් ඇත්තේ නැතිය.

වෙහෙස වී වැඩ කරනා මිනිසුන්ට විනෝද වෙන්නට කියා මහ උන්ට වගේ දේවල් ඇත්තේ නැතිය. ටී පාටී, කොක්ටේල් පාටී, ඩිනර් පාටි, කැසිනෝ, ඩිස්කෝ තියා හොඳ තත්වයේ පබ් වත් ඇත්තේ නැතිය. හොඳ නාට්ටියක්, ඇක්සිබොසොන් එකක්, සෝ එකක් ඇත්තේත් නැතිය. තිබුනත් රෑට ඒ ඔක්කෝම වහලා දාලය. පොඩ්ඩ පරක්කු උනොත් ගෙදර යන්න බස් එකක්කත් ඇත්තේ නැතිය.

ඉදින් මිනිස්සු තමන්ගේ දවසේ විඩාව නිවා ගැනීමටත්, ඉස්ට්‍රෙස් එක නැති කොර ගන්නටත් කොරන්නේ එක්කෝ ඉස්ට්‍රෙස් කූරක් අඳින එකය එහෙම නැත්නම් කාල් භාග දෙකක් ගහනා එකය. බීඩියක් උරනා එකය. එහෙම  නැත්නම් විටක් හපනා එකය. ඒවා අතීතයේ පටන් මේ රටේ ජනතාව හුරු පුරුදු වූ දේවල්ය. 

අතීතයේ සෑම ගෙදරකම තිබු ගංජා ගහෙන් කොලයක් කඩා රෝටි වලට කලවම් කරගෙන කෑවේ, ඊළඟ දවසේ අවශ්‍ය ශක්තිය ලබා ගැනීමටත්, ඇඟ පත අමාරු නැති කොර ගැනීමටත්ය. රා කට්ටක් ගැහුවේත් ඒකටය. එයින් පස්සේ, අර වැදි නැටුම් වාගේ පොඩි ඩාන්ස් එකක් දමා, ගෙදර උන්දෑ එක්ක පොර බදා, කිසි අවුලක් නැතිව ආතල් එකේ ගෙවපු සරළ ජීවීතයක් ඒ කාලේ පටන්ම තිබුනේය.

ඕවා නැති කොරලා දැම්මේ සුද්දෝය. ඒ උන් සියල්ලටම වෙළඳ පොලක් තිබෙනා බව, අපේ උන් තාමත් දැන නොසිටියත්, මීට අවුරුදු 200 කට කලිනුත් දැනගෙන උන්න නිසාය. ඒ නිසා උන් ගංජා තහනම් කලේය. මෙච්චර අපේ කම ගැන කතා කොරනා ගොන් වහන්සේලා යටතේත් තාමත් ඒක තහනම්මය. අපේ එකෙකුට වඩියක් පෙරා ගන්න  බැරිය. 

අද අඩුවටම තියෙනා ගල් බෝතලයකුත් රුපියල් දාහටත් එහාය. ඉදින් ගමේ දුප්පත් උන් එකතු වෙලා කාල් භාගේ අටක් සෙට් වෙන තුරු බාර් ළඟ ගොඩ ගැහිලා ඉන්නේ ඒ නිසාය. කොළඹ තියෙන බාර් ළඟ සෙනග නැත්තේත්, ගමේ බාර් ළඟ සෙනඟ ඉන්නේත් ඒ නිසාමය. මොකෝ කාලේ බෝතලේ, බෝතලේ මිලත් එක්ක බැලුවාම ගාන වැඩි නිසාය. එක සිකැරට්ටුව තුන් හතර දෙනෙක් බොති.

මේවා දන්නේ කොළම කොක්ටේල් පාටි වල වයින් ෂැම්පේන් සිප් කරන උන් නොව, ගමේ එකා එක්ක පවා පොල් කොටේ ඉඳගෙන ගල් බෝතලේ ගහනා චන්ද්‍රිකා නෝනලා වගේ අය ඉතරය. ඉදින්, ඒ නෝනාගේ කාලේ මිනිස්සු අරක්කු හා කසිප්පු ගැහීමෙන් වලකා ගන්න, බියර් බෝතලේ අඩු කරලා දුන්නේය. ඇත්තටම ඒ කාළයේ බියර් පරිභෝජනය ඉහළ ගිය අතරේ, අරක්කු හා කසිප්පු වලට කෙල වෙලාම ගියේය. 

ආන්ඩුවේ මෙන්ම, විපක්ෂයේ ඉන්න, ඒ ලෙවල් ඉකෝන් වලින් ඉන්ටර්නැෂනල් ඉකොනොමික් ෆෝරම්වල උනත් පෙලහර පාන්න පුළුවන් කියන අමු ගොන් වස්සෙක් වන බන්දුල නම් අමබරුවා පවා කීවේ, සිකැරට් එක රුපියල් 20 කින් වැඩි කොරන්නෙයි කියලාය. ඔය වගේ හරකෙකුට රටේ ආර්ථිකය තියා, අල, පරිප්පු, ළුෑණූ, මිරිස් වල මිල වත් ගාන හදාගන්න බැරිව, 2500 කින් පවුලකට කන්න පුළුවන් කී නිසා, මහින්ද මහත්තයා කොලේ ආර්ථිකයෙන් එලවලා අජ්ජාපනේ උලා කන්න දාපු එකය. 

රෙදි බැනියම් කාරයන්ගේ අම්බරු ටෝක් එක්ක පයිට් එකක් දී, රුපියල් 7 කින් පමණක් වැඩි කිරීම ගැන රවී ලොක්කාට බාර් ඇසෝසේසොන් එකේ නොමඳ ගෞරවය හිමි වෙනවාය. අනෙක් හරකුන්ටත් කියන්න තියෙන්නේ, ආන්ඩුවලින් පිනා කන්නේ නැතිව, ඇඟ පත වෙහෙසා හෝ බුද්ධිය වෙහෙසා තමනුත්, අඹු දරුවනුත් රකිමින්, තොපි වාගේ පිනාලාත් ජීවත් කරනා අහිංසක මිනිසුන්ගේ ප්‍රීතිය සඳහා ඇති දේවල් වලට හා කන බොන දේට බදු ගසා ජීවත් වෙනා තොපිට, ලේ බඩ යන රෝග වැලඳේවා කියා පමණය. 

අපි යහපාලනයක් ඇති කරේ සිකැරට් අරක්කු වලට බදු ගසා රට සංවර්ධණා කොරන්න නෙමේය. මෙතෙක් කලක් නොකරපු නිෂ්පාදන ආර්ථිකයක් ඇති කොරන්නටය. එහෙම කොරන්න නම් අනිවාර්යයෙන් ආයෝජකයන් එන්නට ඕනාය. දිනපතා ආන්ඩුවට විරුද්ධව ආන්ඩුවේම උන් පාරට බහිනා රටක, ආයෝජනය කරන්නට එන්නට සුද්දන්ට් අර්ෂශ් ඇත්තේ නැතිය. ඒ නිසා ඒවා ඇති කර ගන්න ක්‍රම හොයනවා වෙනුවට ලේසිම ක්‍රම වලින් ජීවත් වෙන්න යනවා නම් මේ ආන්ඩුවටද වැඩි ආයුෂ ඇත්ත්තේ නැති බවත් කියා, මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.

79 comments:

  1. "...අහිංසක මිනිසුන්ගේ ප්‍රීතිය සඳහා ඇති දේවල් වලට..."

    මචං, මේ යන විදියට "ප්‍රීතියටත්" කෙලිනවාමය. බාඳුරා ගහක්වත් දැන්ම තියා වවා ගත්තොත් කොහොමද? නැත්නම් මොනවද විකල්ප ?

    ReplyDelete
    Replies
    1. ආර්පිකෝ බැලුම් බෝල..

      Delete
    2. නරකම නෑ මචං,

      මුලදි මං හිතුවෙ lunch sheet වගේ සරල, සුලභ සහ පහසු විකල්පයක්. කොහෙද හිටං ගමරාළ ඒකෙත් ගනකම වැඩිකළානේ.

      Delete
  2. එළ, එළ මාතෙ.
    ඔයා ඔහොම ලියනවනම් ඉඳල හිටල පිෂ්ෂු කෙලියත් අපට කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. පිස්සොත් එක්ක ඉන්න කොට පිස්සු කෙලින්නම වෙනවා...

      Delete
  3. සල්ලි කාරයෝ ඔක්කොම බොන්නෙ සතපහක් බදු නොගෙවා හොරෙන් ගේන නැව්සිකරට්. නැති බැරි එකාටමයි මුං කෙලින්නෙ .ඔන්න බලහං බීඩියටත් කෙලිනවා තව ටික දවසකින්

    ReplyDelete
    Replies
    1. ඒවා තාමත් 6000/- නේ කාර්ට්න් එකක්ම....ලාභ නිසා වෙන්නැති ඒවා බොන්නේ..අටම් අය්යත් පුරුදු උනා නම් ඒ ජාතියකට ලාභයි නේ...!

      Delete
    2. එද්දිං සිකරැට් තොගයක් ගෙනාවනං හරි.

      Delete
    3. ඒවා තාමත් 6000 කියනව කොහොමද දන්නැ

      Delete
    4. කොහොමත් බීඩියටත් කෙලින්න ක්‍රමයක් හොයයි...

      Delete
  4. නියමයි බං කතාව ඇඩේන්නම තියෙනවා ඔක්කොම උන්ට මේක ඔලුවට ගියොත් නම් වෙනසක් වෙයි නෙහ්....

    ReplyDelete
    Replies
    1. මුන් වෙනස් වෙන්නේ නෑ බං.... ජනවාරි විප්ලව වගේ ඒවා වැඩක් නෑ... අර රුසියාවේ විප්ලව වගේ එකක් එන්න ඕන.. ඒත් සමාජවාදෙ නම් නාවට කමක් නෑ...

      Delete
  5. අපි දුක් මහන්සි වෙලා කඩේ ගිහින් හදාගත්තු යහපාලනේ....

    සල්ලිත් නැහැ... සනීපත් නැහැ...

    හෆොයි!

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එක නරකයි සෝරත... නෑ...මේ සා රස...හොඳ දේවල් කරන්න ටිකක් වෙලා යනවා..ඉවසීම හොඳ ගුනයක්...පුරුදු පුහුණු වෙන්න ඔනා දැන්ම ඉඳන්....හා පන්සිල් අරන් නිදාගන්න ලේස්ති උනා නං....!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඒවා නම් ඉතින් වල් බයිලා.. ඔහෙලයි සංවේදී දෙයියා 20% ත් ගැහුවේ... මොකාද කතා කලේ.. ඒත් අපි කීප දෙනෙක් ඇරෙන්න..

      Delete
  6. තව තුනක් වැඩි කලානම් හරි! නැත්නම් මාරු නා කියලා ඒ තුනටත් කෙලිනවානේ මුදලාලියා!

    ReplyDelete
    Replies
    1. ගොල්ඩ්ලිප් 7 වැඩිකරාට ඩන්හිල් ස්විච් වැඩිකරේ 5කින් . 42 . 45 යි . මට පහක් කෙල උනාට කමක් නැ .වැඩිපුර තව දෙකක් ආන්ඩුවට දෙන්නේ නැ . මාරු උනා ඩන්හිල් වලට

      Delete
    2. මාරු වෙයන් මාල්බරෝ වලට....30/- යි එකක්...ඇත්තටම...!

      Delete
    3. 30 කියනව . කොහොමද දන්නැ

      Delete
    4. ඒකට කොරන්න තියෙන්නේ ගෝලිප් නවත්තලා... 45 ට තියෙන එක බොන එකයි...

      Delete
  7. රස්සා කරල හරියන්නේ නෑ.. හොර සිකරට් වියාපාරයක් පටං ගන්න හිතයි..
    නැත්තං තණමල්විලින් ඉඩම් අක්කරයක් දෙකක් අරං කෙහෙල් වවනවා.. හික්. මේ වගේම පට්ට රිප්ලයි එකක් දැක්කා සයිබර් වරිගේ උන්ඩියාගෙන් සිකරට් වෙනුවට ලෙල්ල හුටං කන්ඩ කියන උන්ට.. මුන්ට ඒ මේ බාසාවල් තේරෙනවද කියන එක තමයි සැක..

    ReplyDelete
    Replies
    1. තේරෙන්නැ වගේ තමා ඉන්නෙ .කොහොමද දන්නැ

      Delete
    2. සයිබර් වරිගේ උන්ඩියා කියන්නේ එළ කොල්ලෙක්....

      Delete
  8. කියලා තියෙන කතාවට කටේ රුපියල් 5ක් දාන්ඩ වටිනවා......

    ඔච්චරටම සිගරට් බොන එක නවත්තන්ඩ ඕනෙනං ඔය කූර තහනම් කොරා නං ඉවරයිනෙ හිටං....

    ReplyDelete
    Replies
    1. කොරයි කොරයි මේං කියල .මෝඩ ආප්ප පාලයයි ; ගස්ගෝන කරුපයියයි

      Delete
    2. බයිලා තමයි... මුන්ට පිස්සු කෙලින්න සිකැරට් නෙමෙයි කුඩු වලට බදු ගහන්න පුළුවන්නම් ඒත් ගහනවා...

      Delete
  9. මොන පරමාර්ථයකින් කරනවද කියන්න තාම හරියටම දන්නෙ නැහැ, හැබැයි රජයෙන් කෙරෙනවට වඩා වැඩි දෙයක් සිරසෙ දින සීයෙන් මිනිසුන්ට කෙරෙනව.
    කාලයක් එක හිවලෙක් ටීවි එකෙ කොටුදාලා ආතල් දුන්න, හොයල බලන්න ඕන අරක්කු සිගරට් වලට බදු ගහලම දියුණු කරපු රටක් කොහෙ හරි තියෙනවාද කියල

    ReplyDelete
    Replies
    1. මොකා උනත් කමක් නෑ.. ජනතාවට දෙයක් කරනවා නම්....

      Delete
  10. mewa okkoma Honda wada ban umbalage anduwane ayi kanagatu wenne. santhosa weyalla ban

    ReplyDelete
    Replies
    1. ආන්ඩුවක් අපේවත් ඔහේලගේවත් වෙන්නේ නෑ.. ආන්ඩු තියෙන්නේ ඔක්කෝටම.. පාලකයන්ට නම් ඔය කතාව අදාල වෙයි.. ඒත් අපිට ඒකත් අදාල නෑ...

      Delete
  11. තව අඩු සුද්දාගේ තන බද්දයි බලු බද්දයි විතරයි. තව ටික දවසකින් අපේ කෙලින් වෙන ඒවා චෙක් කොරලා ඒවාටත් බදු ගහයිද දන්නේ නෑ. ලෑමට පෙර බද්ද කියලා. ඊටත් පස්සේ ඕන නම් ලන බද්ද කියලත් එකක් දාන්න පුලුවන්නේ.

    ReplyDelete
    Replies
    1. අදින්නා දානා බද්ද කියලා එකක් එනවලු ළඟදීම....

      Delete
  12. සමහරු කියනවා මේ ආන්ඩුව ගෙදර යන්නෙ
    සිංහලයට සලකන්නෙ නැති නිසාලු
    සුළු ජාතින්ට *ක දෙන නිසාලු
    බැදුම්කර වංචාවට දඩුවම් නොදුන් නිසාලු
    මෙලෝ සංවර්ධනයක් නොකරන නිසාලු
    හොරුන්ව ඇතුලට නොදාපු නිසාලු
    එක එක එවුන් එක්ක ඩීල් දාන නිසාලු..............................................
    මම නම් සහසුද්දෙන්ම කියන්නෙ මේ ආන්ඩුව ගෙදර යන්නෙ වෙන මගුලකට නෙවෙයි.මුන්ගෙ ටහිකෙන අරක්කු වලටයි,සිකරට් වලටයි ගහන බදු නිසා.....නොදකින් අකුලෝලම පල.....

    ReplyDelete
    Replies
    1. බදු ගැහුවට කමක් නෑ, ජනතවාගේ ආදායම වැඩි කරලා... මුන් මෙලෝ දෙයක් නොකර කරන එකම දේ තමයි බදු ගහන එක...

      Delete
  13. සිගරට් බීම ජනතාවගෙන් අඩුකරවා ගන්න නම් බදු ගහලා මිළ වැඩිකිරීම කොච්චර දුරට සාර්තකද මන්දා. මේ රටේත් වරින්වර සිගරට්, විස්කි, බියර් මිල ඉහල දානවා. නමුත් සිගරට් වෙළඳාමේ අඩුවක් මම දකින්නේ නැහැ.

    මිළ වැඩි වෙනකොට සිගරට් කම්පැනි නොයෙකුත් උපක්‍රම ගෙනවා. විස්සේ පැකට් එක වෙනුවට 17,18 අඩංගු පැකට් ගෙනාවා මිල ටිකක් අඩුකරලා. ඒක අල්ලලා ගියා. රෝලින් ටුබැකො ග්‍රෑම් 12.5 වෙනුවට ග්‍රැම් 8, 10 වගේ කරා ටිකක් අඩු මිලකට. බෙන්සන් ගෝල්ඩ් වගේ බ්‍රැන්ඩ්ස්, බෙන්සන් බ්ලූ, බෙන්සන් ලයිට් බ්ලූ නම්වලින් අඩු කොලිටි දුම්කොල. අඩු මිලකට හැදුවා. ඒ මාකටින් ට්‍රික්ස් වැඩකරා. ප්‍රයිස් මාක් පැකට් ආවා.

    ඒ අතරම රජය නොයෙකුත් ක්‍රම තුලින් දුම්පානය අවම කරන්න වැඩ කරා. දැනටත් සිගරට් මිනිස්සුන්ට පේන්න ඩිස්ප්ලේ කරන්න බැහැ. "ඊ" සිගරට් එක අතිශය ජනප්‍රිය වුනා සහ හොඳ පබ්ලිසිටි එකක් දුන්නා. ඒත් මාකට් එකේ දෛනික සිගරට් වෙළඳාමේ විශාල අඩුවක් වුනේ නැහැ. මෑතකදි සියළුම සිගරට් පැකට්ස් වර්ග එකම ඩිසයින් එකකින් නිශ්පාදනය කයුතුයි. බ්‍රැන්ඩ් නේම් එක ඉතා කුඩා අකුරෙන් සඳහන් කලයුතුයි. විශ්වාස කරන්න සිගරට් වර්ග දෙසීයකට වඩා මේ රටේ තියෙනවා. මොන දෙසීයද....

    දැන් ලබන අවුරුද්දේ අප්‍රේල් මාසයේ සිට බලපවත්වන අලුත් නීතියක් ගෙනාවා. ඒක නම් ටක්කෙටම යම්කිසි ප්‍රමානයකට සිගරට් බීම අඩුවෙයි.
    කොහොමත් ලූස් සිගරට් විකිනීම තහනම් රටේ සිගරට් තිබුනේ 10 සිට 20 හෝ 24 පැකට්. මේ නීතිය සමග 20න් පල්ලෙහා සිගරට් පැකට් නිශ්පාදනය අහෝසි වෙනවා. රෝලින් ටුබැකෝ තිබුනේ ග්‍රෑම්ස් 8 සිට 50 දක්වා. දැන් කුඩාම පැකට් එක ග්‍රෑම්ස් 30 වෙනවා. සාමාන්‍ය මිනිස්සු වැඩිපුරම ගත්තේ දහයේ පැකට් අතේ තියෙන මුදල අනුව. ගෑණු වැඩිපුරම ගන්නේ 10 පැකට්...ඒ නම් පහසුවට. ඒ වගේ වැඩවලින් නම් දුම්පානය අවම කරන රජයේ උත්සාහයට උදව්වක් වෙයි.

    බදු නම් බදු....සෞඛ්‍යය නම් සෞඛ්‍යය. අපේ රටේ රජයට අවශ්‍ය බදු.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අරූ අයියා. ඔයා ෆුල් ටච් එකේ ඉන්නව වගේ. කියල තියෙන ඔක්කොම ඉස්පිල්ලක් පාපිල්ලක් නැතිවම යස අගේට වෙනව නේද එංගලන්තේ 👊🏽 අළුතෙන් එන සිගරට් පැකට් එක දැකල සුද්දියෙක් අප්පිරියාවටම එපා කියල ගියා.

      Delete
    3. ඔව් ටිලාන්. එකක් මම සිගරට් බොනවා. අනික මට ඔය රිටේල් ට්‍රේඩ් එක ටිකක් හුරුයි. අත්දැකීම්.

      Delete
    4. රිටෙල් ට්‍රේඩ් එකේ ජයග්‍රාහී 6 වෙනි අවුරුද්දේ ඉන්නේ අයිය. දැන් රෝල් අප් බොනවා අවුරුදු 4ක් විතර. මමනම් ගන්නේ ගෝල්ඩන් වර්ජිනියා 50g ටෙස්කෝ සේන්ස්බරි වලින් £19.50 කට වගේ. රිස්ල සිල්ව පේපර් බල්ක් ගන්නව ඇමේසන් එකෙන්. දැම්ම මැෂින් එකට එතුව 100ක් 200ක්. සති දෙකක් ගොඩ.

      Delete
    5. රෝල් අප් බොන එක පොකට් එකටත් හොඳයි. රසත් හොඳයි. American spirit කියන රෝලිං ටුබැකෝ එක ට්‍රයි කරන්න.100% natural. GVවලට වඩා පොඩ්ඩක් ගනන්.

      Delete
    6. එල කිරි. ඇමෙරිකන් ස්පිරිට් පාරක් එහෙනම් ගහලම කියන්නම් හොඳ නරක. gv පැකට් එකෙන් තුන් කාලක්ම තව තියෙනව ඉවර කරන්ට හිටං 🙃

      Delete
    7. ටිලාන්......මම බෝහෝ විට කාටවත් අවවාද , අනුශාසනා දෙන්නේ නැහැ. ඒත් පුලුවන් නම් දුමට බ්‍රේක් එකක් දෙන්න. මම හිටපු ගමන් මාස දෙක, තුන නවත්තලා ඉන්නවා. ආපහු නිකම්ම පටන් ගන්නවා. එහෙම ට්‍රයි එකක් දෙන්න බලන්න. මම අඩියක් නොගහන වෙලාවට ස්මෝක් කරනවා අන්තිම අවමයි. බොන වෙලාවට උපරිමයි. මම බොන්නේ නැත්නම් සිගරට් ඕනම නැහැ. ඇත්තමයි. නිකං මම කිව්වේ. වරදවා තේරුම් ගන්න එපා.

      Delete
    8. ඔය රටත් එක්ක මේක කොම්පෙයාර් කොරන්න එපා මචෝ... ඔහේ මිනිස්සුන්ට විනෝද වෙන්න තව කොච්චරක් දේ නම් තියෙනවද.. මෙහේ තියෙන්නේ ඕක විතරයි..

      Delete
  14. කිතුල් රා නිෂ්පාදනය සඳහා උනන්දු කර උදව් දිය යුතුයි

    ReplyDelete
    Replies
    1. කිතුල් රා නිෂ්පාදනය සඳහා උනන්දු කරනව කියල කියනව කොහොමද දන්නැ

      Delete
    2. මොන... උන්ව මරාගෙන කන්න හදනවා...

      Delete
  15. මාතා,

    //මේ රටේ පාරම්පරික කෘෂිකර්මාන්තය කියන්නේ පට්ට පල් බොරුවක්ය. //

    දැනට පාරම්පරික කෘෂිකර්මාන්තය මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නෑ, පාරම්පරික කෘෂිකර්මාන්තය ට උවමනා මුලිකම අමුද්ද්ර්ව්‍ය දේශීය බිජයි.
    එකට හේතුව රසායනික පොහොර වලින් සහ කෘමි නාශක වලින් තොරව වවන්න පුළුවන් දෙසිය බිජ වලින් පමණයි.

    දැනට කරන්නේ පාරම්පරික කෘෂිකර්මාන්තයක් නෙමෙයි රට සුද්හට උගස් තියන වැඩපිළිවලක් තමයි තියෙන්නේ.

    මේ ආණ්ඩුවත් වසවිසෙන් තොර ගොවිතැන කියමින් කොම්පෝස්ට් පොර දමන්න කියමින් කරන වැඩපිළිවල සාර්ථක කරන්න නම් දේශීය බිජ උවමනා කරනවා මෑතකදී මම අත්හදාබලන්න දේශීය බිජ යොදා සුළු එළවලු ප්‍රමාණයක් වැව්වා කිසිම පොර දැමීමකින් කෘමි නාශක දැමීමකින් තොරව සාර්ථක ව කිරීමට හැකි උනා.

    මෙනිසා මුලින්ම පාරම්පරික කෘෂිකර්මාන්තය කියන්නේ මොකද්ද කියල දැනගැනීම වටිනවා

    ReplyDelete
    Replies
    1. පාරම්පරික නෙමෙයි ඕක සාම්ප්‍රදායික කියලා එන්න ඕන...

      Delete
  16. දැං ඉතිං ගෙවල්වලට ලැබෙන කෝටා එක අඩු වෙන එකයි වෙන්නෙ. ගාන වැඩි උනා කියල සිගරට් අලෙවියෙ කිසිම අඩුවක් නෑ.

    ReplyDelete
    Replies
    1. //////දැං ඉතිං ගෙවල්වලට ලැබෙන කෝටා එක අඩු වෙන එකයි වෙන්නෙ/////////

      ඔන්න ඕක තමයි අවසාන ප්‍රතිපලේ ප්‍රසන්න...ඒක එහෙම නොවෙනවා නම් ඉතාම සුලු පිරිසක් අතින් තමයි. ජීවිතේ ඕවා අත්විඳලා තියෙනවා.

      Delete
    2. //////දැං ඉතිං ගෙවල්වලට ලැබෙන කෝටා එක අඩු වෙන එකයි වෙන්නෙ/////////

      ඔන්න ඕක තමයි අවසාන ප්‍රතිපලේ ප්‍රසන්න...ඒක එහෙම නොවෙනවා නම් ඉතාම සුලු පිරිසක් අතින් තමයි. ජීවිතේ ඕවා අත්විඳලා තියෙනවා.

      Delete
    3. අපේ කඩෙත් සිගරට් විකුණනව. ගාන වැඩිවෙන්න කලින් වැඩිඋනොත් නවත්තනව කිය කිය හිටපු උං අර ඉස්සර ගත්ත ගානම ගන්නව ආයෙත්. වැඩිකරපු පළවෙනි දවසෙ විතරයි ටිකක් සේල් එක අඩු උනේ.

      Delete
    4. හාල්, පරිප්පු ලෙවල් එකේ භාන්ඩයක් ගානට සිගරටුත් පත්වෙලා තියෙන්නේ.

      Delete
    5. හාල්, පරිප්පු ලෙවල් එකේ භාන්ඩයක් ගානට සිගරටුත් පත්වෙලා කියල කියනව කොහොමද දන්නැ

      Delete
    6. හරියට හරි... මේ ගොබ්බයන්ට ඒක තේරෙන්නේ නෑ.. උන්ගේ වැඩේ කෙරෙනවා නම් එච්චරයි..

      Delete
  17. හැමදාම වගේ උබ කියල තියෙන ඔක්කොම එක්ක එකගයි. වැඩක් නෑ බන් සීයට දීල පන්දාහට ගත්ත වගේ සීන් එකක්. මේ හාල් පාරුවෝ ඔක්කොම එකයි.

    ReplyDelete
    Replies
    1. මුන් නම් නොම්මර එකේ හාල්පාරුවෝ ටිකක් තමයි...

      Delete
  18. පොස්ටුවේ ඡේදයෙන් ඡෙදය වෙන වෙනම පොස්ටු ගණනාවක අගනා තොරතුරු සහ කැටි කළ විග්‍රහයන් අපව බියගන්වනවා. මෙතෙක් ලියැවුනු පොස්ටු අතර වටිනාම පොස්ටුවක් මාතලන්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ගුණේ.. රට අරාජික යුගයකට පිවිසුනා මේ හවුල් කැඳ විගඩමෙන්...

      Delete
  19. දේශීය දේ අර ගන්න. අපේ දේ රැකගෙන පෙරටම යමු. වැඩි වැඩියෙන් බීඩි ඔතමු.

    ReplyDelete
    Replies
    1. ඒකටත් කෙලිනවා ළඟදීම...

      Delete
  20. දැන්වත් නවත්තමු අප්පා.

    ReplyDelete
    Replies
    1. මොකක්ද ආන්ඩුවද...? කොහොමත් නවතීවී මේ විදියට ගියෝත් නම්...

      Delete
  21. මේ පොස්ට් එක දාල මහින්ද හම්බෙන්ඩ ගිහිං කියල කියනව කොහොමද දන්නැ

    ReplyDelete
    Replies
    1. ගියත් අවුලක් නෑ.. මොකෝ එයයි මෙයැයි කියලා වෙනසක් නෑ...

      Delete
  22. බිස්නස් එක දන්න එකා නම් කොරන්නේ, කුඹුරටවත් බහින්නේ නැතිව වගා කොරන මෝල් හරකුන්ගේ සියල්ල සූරාගෙන කෝටිපතියන් වන එකය./// ඩඩ්ලි සිරිසේන

    ReplyDelete
    Replies
    1. ඔය නම ඇහුවම තමයි මට එක පාරට මතක් උනේ මෛත්‍රිපාල මහතාගේ පවුලේ වාසගම වන "සිරිසේන" කියන කොටස සාමාන්‍යයෙන් භාවිත වෙන්නේ වාසගමක් විදිහට නෙමෙයි නමක් විදිහට කියන එක...

      Delete
    2. https://www.youtube.com/watch?v=j6T7dDxUoZw

      Delete
    3. ඒ එක්කෙනෙක් විතරයි... තා හතර පස් දෙනෙක්ම ඉන්නවා...

      Delete
  23. මම දුම් නොබොන්නෙක් නිසා සිගරට් මිල වැඩි වීම ඇඟට නම් දැන්නෙන්නේ නැහැ. ඒත් මේ කරන වැඩ බොහෝම අදූර දර්ශී තීන්දු කියන එක නම් පැහැදිලියි.

    තව එකක් තමයි වෛද්‍ය සේවා වලට වැට් බද්ද හඳුන්වා දීම.
    දැනට රුපියල් ලක්ශයක වියදමින් ප්‍රථිකාර ලැබිය හැකි රෝගයකට ඉදිරියේදී රුපියල් 115,000 ක් වෙනවා. මේකෙන් වෙන්නේ මිනිසුන් රෝගී වීම හෝ දරු ප්‍රසූතියක් කිරීම වැනි කටයුතු රජයට අදායම් ඉපැයීමක් වෙන එක.
    ඇත්තටම රජයක් කියන්නේ මොකක්ද කියන මූලික සංකලපය පවා මේ හරහා බිඳ වැටෙනවා කියලයි මට හිතෙන්නේ.

    ඒ වගේම මේ හරහා මිනිසුන් වැඩියෙන් රජයේ රෝහල් වලට යොමු වීම සිදු වෙයි. ප්‍රථිඵලය රජයේ වෛද්‍ය වියදම් සීග්‍ර ලෙස ඉහල යාම. අනිවාර්‍යයෙන්ම මෙය ලබන වැට් බදු ආදායම ඉක්මවා යාවි කියන එක බලාපොරොත්තු විය යුතුයි.

    සැබැවින්ම විය යුත්තේ පෞද්ගලික වෛද්‍ය සේවා නියාමනය කිරීම හා ජනතාව ඒ කෙරෙහි යොමුවන ආකාරයට වැඩ කරමින් රාජ්ය අංශයේ බර සැහැල්ලු කර ගැනීම.

    ReplyDelete
    Replies
    1. ලක්ෂයක් ගෙවන එකාට 15000 කජ්ජක්ද බං.... සල්ලි තියෙන එකාගෙන් ගත්තට කමක් නෑ... විස්කි බ්‍රැන්ඩි වලට ගැහුවට කමක් නෑ.. සමාන්‍ය මිනිහගෙ එකට ගහන එකටයි හෙන ගහන්න ඕනා...

      Delete
  24. හැම රජයක්ම කරන දෙයක්. ඇබ්බැහි වෙච්ච දේට මිනිස්සු කොහොමත් වියදම් කරන බව දන්නා නිසා. මෙහෙ ආණ්ඩු කියල වෙනසක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔය රටයි මේ රටයි කිසිම දෙයකදි කොම්පෙයාර් කරන්න එපා මචෝ...

      Delete
  25. මාතලන්, ලාබෙටම සිගරට් තිබ්බෙත්, ලාබෙටම බොන්න වොඩ්ක තිබ්බෙත් සෝවියට් දේශයේ. ඒත් රුස්සන්ට ඕන වුනේ වැඩි ගාණක් දීල ඩන්හිල්, රොත්මන්ස් බොන්න, සිංගල් මෝල්ට් විස්කි බොන්න.ඕක තමයි හැටි.

    ReplyDelete
    Replies
    1. ඒක මනුෂ්‍ය ස්වාභවයක් නේ... ඒක මේකට අදාල වෙන්නේ නෑ නේ ලොක්කා...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න