.

.

Apr 3, 2017

එකම ජොකා මාරුකර ඇඳිම හෙවත් සිරිසේනගේ දැඩි තීරණ - Cabinet Reshuffle




බොඩිම් වල ඉන්නා කොල්ලන්ට වතුර ප්‍රශ්ණයක් තියෙන නිසා, එකම ජොකා සතියක් තිස්සේ විවිධාකරයට අඳිනා ක්‍රමයක් තිබේ.. දවස් දෙකක් ජොකා ඇඳිමේ ඉස්ටෑන්ඩ් එක අනුව අඳින ජොකා, ඊළඟ දවස් දෙකේ අඳින්නේ පුක පැත්ත ඉස්සරහට එන ලෙසය. ඊළඟ දවස් දෙක ජොකා අඳින්නේ කනපිට ගසා, ඉදිරිපස ඉදිරියට එන ආකාරයටය. ඊළඟ දවස දෙක, කනපිට ගැසු ජොකාගේ ඉදිරිපස පසුපසට සිටින සේ ඇන්දාම සතියක් නොව, දින අටක්ම එකම ජොකා ඇඳලාය. 

සිරිසේන දැඩි තීරණ රැසක් ගන්නවා කියා පින් ඇමති ලක්ෂ්මන් යාපා කීවේ, සති කීපයකට කලින්ය. අපි නම් කිව්වේ පුක තමයි කියලාය. මොකෝ එයා ආපු දවසේ එඳලා එහෙම දැඩි තීන්දු තීරණ රැසක්ම අරගෙන දැන් බොහෝ දෙනෙකුට කෙළවෙලාම ගිහිල්ලා තිබෙනා නිසාය. ලංකා ඉතිහාසයේ පහළ වූ අසාර්ථකම පාලකයා කව්දැයි කියා ඇහුවොත්, පොඩි එකෙක් පවා ඒකට උත්තරේ දන්නවාය. දැන් සිරිසේනට කඩේ යන එකෙක් උන්නොත් ඉන්නේ ආන්ඩුවෙන් ලැබෙනා වාසියකට විනා, ආයේ අනාගතේ කිසිඳු දිනයක වච්නයකින්වත් උදව් කරනා උන් නෙමේය.

රාජපක්ෂ රෙජිමයේ දැඩි පාලනය හමුවේ තම ජීවිත පරදුවට තබා පොදු අපේක්ෂකයෙක් බලයට ගෙනා උන්ට සරම උස්සා පුක පෙන්නුවේ කරනා ලද පළමු පත්වීමෙන්මය. ඒ මහින්ද රාජපක්ෂට රෙදි නැතිව කඩේ ගිය සෝමරත්න දිසානායකයා රූපවාහිනියේ සභාපති කරමින්ය. මාතලන් එදා ලීවේ "අයියෝ සිරිසේන" කියලාය. අද නම් කියන්න වෙන්නේ, "වෙරි සොරි සිරිසේන, ඕයාට සොරි ඩොට් කොම් ඇර වෙන සරණක් නම් ඇත්තේ නැත.." කියාය. 

පොදු අපේක්ෂකයා ලෙස පත් වූ පුද්ගලයා, පක්ෂයේ සභාපතිත්වය බාර ගන්නේ බල(මළ) පෙරේත කමට මිස වෙන මක්කාටවත් නෙමේ කියා එදා මාතලන් ලීවේය. අද එය ඇස් පනාපිටම ඔප්පු වී තිබේ. ඊයේ පෙරේදා සිරි ලංකා නිදහස් පක්ෂේ තරුණ නොවන, තරුණයන්ගේ රැස්සීමට ගොස් අර්ෂශ් හැදිච්ච එකා රෙන්න ගිහින් වාගේ ගිරිය යටින් කෑ ගහන්නේ, නිදහස් පක්ෂ ආන්ඩුවක් හදනවා කියලාය. ආයේ ජනපති කමට ඉල්ලන්නේ නෑ කියපු එකා, මෙහෙම කියනවා ඇත්තේ 2020 ට පෙර හදනා, එහෙව් ආන්ඩුවක් ගැන වෙන්න ඕනාය. 

ඒ නිසා 2004 වගේ අලියෙක් උනත් අමු හරක් වැඩ කරනා රනිල් උන්නැහේට ගෙදර යන්න වෙන්නේ, සිරිසේනගේ කකුලෙන් අඳින්න ගිහිල්ලා, ඇදපු කකුලෙන් පුකට එකක් කාගෙනය. ඔය මොන බයිලා ගැහුවත්, චන්දයකට ගිය දවසකට සිරිසේනට වෙන්නේ ඉල්ලාගෙනම කන්නය. ළඟ ඉන්නා හැම එකාම ඉන්නේ ආයේ සිරිසේන බලයට එන තෙක් නොව, මහින්දලා බලයට එන තෙක්ය. හැම එකාම ඉන්නේ වැට උඩ නොව මහින්දගේ පැත්තේය. ඒ මහින්දගේ පර්සනැලටිය නිසාය. 

සිරිසේන පර්සනැලටියක් නෑ කියලා කියන්නේ එයාමය. එයාගේ කකුලෙන් අඳින්නේ, කෙනෙහිලි කරන්නේ, කින්ඩි දමන්නේ, එයා දුප්පත් පවුලක් එකෙක් නිසාදෝ කියලා බලය ලැබිලා අවුරුදු දෙකහාමාර ගිය තැනත්, ඉස්කෝලේ යන්න බැරි මොන්ටිසෝරු උන් අඬනවා වාගේ, වේදිකාවල තාමත් අඬනවාය. මෙවන් නායකයන් ලද රට ජාතියට, අබ සරණම ඇර වෙන සරණක් ඇත්තේම නැතිය. අර කව්දෝ කිව්වා වාගේ මහින්ද තාමත් හිතන්නේ, මහින්ද මේ රටේ ජනපති කියලාය. සිරිසේන හිතාගෙන ඉන්නේ, එයා තාමත් මහින්දගේ ඇමතියෙක් කියලාය. 

දුප්පත් පවුලක නොව, කුළයෙන්ද අඩු, ලැවරියා කාරයාගේ පුතා කියූ ප්‍රේමදාස බලයට පැමිණි පසු, මේ වාගේ වැල් බයිලා ගහන්න ගියේ නැතිය. නියම නායකයකු ලෙස හැසිරුනේය. ප්‍රේමදාසට ගහපු මඩ, කැලැ පත්තර, යාන් හෑලී මෙන්ම විකල්ප පත්තර තරම් මුන්නැහේට ගැහුවා නම්, මුන්නැහේ මෙලාහකට ග්‍රැමෝක්සෝන් බීලා අඩි හයක් යටට ගිහිල්ලාය. එමෙන්ම ප්‍රභූ පවුලක චන්දිකාටත් එසේම වූයේය. කකුලෙන් ඇඳිලි නොව, උන්දෑගේ හැන්ඩ් බෑග් එක පවා ඇද්දේය ඒත් උන්දෑ ඒවාට ඤං පඤං ගාන්න ගියේ නැතිය. එහෙම අඳිනා උන්ගේ පුකට පයින් ගහලා එලවලාම දැම්මේය. නායකයන් කියන්නේ එහෙම උන්ටය. 

අද කාලේ කොමඩි ෆිල්ම් හැදෙන්නේ නැත්තේ මොකෑ බං කියා මාතලන්ගෙන් එකෙක් විමසු කල, මාතලන් ඌට කීවේ, ටෙනීලා බන්දුලාට කෙලවෙලාම ගියේ, පුලතිසිපුර සිරා නිසාවෙන්මය කියලාය. මේ තරම ආතල්, කිං කැකිල්ලේ වත් දෙන්න ඇත්තේ නැතිය. ඒ නිසා බඩට කන්න නැතත්, ටී වී එක දාගත්තාම පට්ට ආතල් එකක් නම් ගන්න පුළුවන්ය. 

දැන් මේයා කෙලින්න යන්නේ මෙයා පත් කරපු උන්ටය. ඒ මහින්දගේ ගෝලයන්ගේ ගුලි කාලායා. ඔය සිරිසේන ගාව ඉන්නේ, මහින්දගේ කාළේ යමක් කමක් කර ගන්න බැරි උන නිකංම නිකමුන්ය, ඕකුන්ගේ පයිල් මහින්ද ළඟ නැත්තේය. පයිල් තියෙනා උන් ටික මහින්ද ළඟය. මේ පාලකයාට ගුලි කවා මහින්ද නැවත ගෙන ආවොත්, මහින්දගේ යටතේ, හත් මුතු පරම්පරාවටම හම්බ කර ගන්න පුළුවන් බව උන් දන්නේය. 

අනික ආර්ථිකය ගෙන යන්න ඔය පක්ෂයේ එකෙක් නැතිවාක් මෙන්ම, එජාපයේද වෙන එකෙක්වත් නැති බව, අද ඔප්පු වෙලා අහවරය. එහෙම නම් මෙතෙක් ආ සුපිරිම බජට් කරුවා වන, බයියාගේ බජට් වලින්, මේ රට ගොඩ ඇවිල්ලා බොහෝ කල්ය. මේ ආර්ථිකය ගොඩ ගන්න නම් චීනාට මේ රට බාර දෙනවා මිස වෙන සරණක් ඇත්තේ නැති බව, මහින්ද පවා දැන උන්නේය. මහින්දගේ කාළේ ඒවා ලේට් උනේ, කමිෂන් එක නිසා හා වරාය ප්‍රොජෙක්ට් එකේ අපේ ජාතික කොඩි දන්න දුන්නේ නැති නිසා මිස, වෙන හේතුවක් නිසා නොවේ. 

සිරිසේනගේ කැබිනෙට්ටුව රී ෂවල් කියා ඇතිවන අළුත් දෙයක් ඇත්තේ නැතිය. සිරිසේන හා හාල්පාරුවෝ ටික මෙන්ම, රනිල් හා ඒ අපතයෝ සෙට් එකද පට්ට් ෆේල්ය. මේ වන තෙක් ආපු එක ඉන්වෙස්ටර් කෙනෙක් නැත්තේය. හම්බන්තොටට චීනා ආවේ නැත්නම් සිරිසේනට මෙන්ම රනිල්ටත් වෙන්නේ ගෙදර යන්නය. මොකෝ මහින්ද්ට කෙල උනෙත් මිනිස්සුන්ගේ බඩට ගහන්න ගොහිල්ලා මිස, කොමිස් ගහන්න ගිහිල්ලා නෙමේය. 

අනෙක, මහින්දගේ කාලයේ, රාජපක්ෂලාගේ සිට ගමේ ග්‍රාමසංවර්ධන සමිතියේ සාමාජිකයින් දක්වා ජරාව ගලනා ක්‍රමයක් සකස් කර තිබු නිසා නොම්මර එක කළු සල්ලි ආර්ථිකයක් රටේ තිබුනායින්, බඩු ගනන් උනත්, අළුත් සල්ලිකාරයින් පිරිසක් බිහි වෙමින් තිබ්බේය. ඒ වාගේම පෝට් සිටිය හා අධිවේගී මාරග සීන් එක නිසා, තවත් අති විශාල පිරිසක් එයින් ජීවත් උනේය. ඉල්ලං ගරන එකාට නිල් මැණිකක් හම්බ උනා වාගේ, කොහේදෝ යන පිනක් කඩා වැටුනු රනිල් හා සිරිසේන කරපු මුල්ම ගොන්කම එතෙක් සොලිඩ් එකේ රන් වෙමින් තිබූ ඒ සියළු ප්‍රොජෙක්ට නවතා දැම්ම එකය.

දැන් ඉතින් ආයේ ගොඩ එන්න වෙන්නේත් ඒවායෙන්ම මිස වෙන ලබ්බකින් නෙමේය. ඒකට පුදගලයන් මාරු කලා කියා ලැබෙනා ලබ්බක් නැතිය. අනෙක් කාරනය සිරිසෙනට ඉන්නේ ගමේ බයියෝ මිස, රට රාජ්ජ හා ගණුදෙණු කිරීමට දැණුමක් ඇති උන් නොවේ. ඒ නිසා සිරිසේන ජනපතිට නැවත් බලයට එන්නට ආසාවක් තිබෙනවා නම් කළ යුත්තේ, සිරි ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම නොව නැවත වතාවක් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙන එක මිස, අන් කිසිවක් නොවේ. මන්ද මහින්ද පිලෙන් දමනා අස්සයාට සිරි ලංකා කාරයෝ 95% බැට් කොරනා නිසාමය. ඒ නිසා තමන් බලයට ගෙනා උන්ට කෙලින්නට ගොස් කෙලවෙන්නේ, කෙලවන්නට යන උන්ට නොව, සිරිසේනටම මිස වෙන කාටවත් නොවේමය කියා මේ පල් හෑල්ල මෙතෙකින් නවතා දමනවාය..

මුල අමතක උන මහින්දට කෙල උනේ යම් සේද... සිරිසේනට කෙලවෙන්නේ එයිට වඩා ඩබල් ට්‍රිබල් වී බවද කියා සිටිය යුතුමය... 

51 comments:

  1. සිරා නිසා කොමඩි ඇක්ටර්ස්ලටත් තැනක් නැති වුණා මාතෙ..

    අනික හැම ජෝක් ස්ක්‍රිප්ට් එකකටම දේශපාලනේ ගාවන්න වෙන්නෙම ඔය දියවන්නාවෙ කොමඩි නිසාම තමා.

    ReplyDelete
    Replies
    1. පුදුම ආතල් එකක් බං දෙන්නේ... හතර විලි ලැජ්ජාවෙ පන යනවා මෙහෙම එකෙක්ට කඩේ ගියාට...

      Delete
  2. බලාගෙන ගියාම අන්තිමට කෙලවෙන්නේ සැබෑ වෙනසක් අපේක්ෂා කල අහිංසක මිනිසුන්ට පමණක්ය. සිරිසේන උතුමාට ඇත්තේ අධික හීන මානය නිසා ඇතිවූ නිවට කමත්, සිංහාසනයේ ඉන්දවුවාට එහි සිට රාජ්‍ය පාලනය කරන්නට පිට කොන්දක් නොමැති කමත්ය. මේ විදියට ගියොත් මුගාබේ වගේ හොරෙක් ඇවිත් රට කනවා දැක දැක අපිට හූල්ලන්ඩ වෙන දිනය ඈතක් නොවෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඔය සැබෑ වෙනස නම් මෙලෝ පවතින තාක් අම්මට සිරි ලංකාවෙ නම් පහළ වන්නේ නෑ තිස්ස ලොක්කා

      Delete
  3. මම සිරිසේනට කතිරෙ ගැහුවෙ මේ මනුස්සයට නැතිවෙන්ඩ දෙයක් නොතිබුණු නිසා කොන්ද කෙලින් තියාගෙන එක එකාට නැවෙන්නැතුව තීරණ ගනී කියල.දැන් ඒවා මතක්වෙද්දි මට මං ගැනම හිනා යනව.

    ReplyDelete
    Replies
    1. කොන්ද කෙලින් කියලා පෙන්නන්න ගියාම තමයි කිච වෙන්නේ.. නැති කොන්දක් කොහෙන් මවන්නෙය කියලයි අප්පා...

      Delete
  4. මාතේ,

    කතාකරලා වැඩක්නෑ මේ මිනිහ ගැන.
    // ආර්ථිකය ගොඩ ගන්න නම් චීනාට මේ රට බාර දෙනවා මිස වෙන සරණක් ඇත්තේ නැති බව, මහින්ද පවා දැන උන්නේය.//

    දැන් මෙයන විදියට ඕක තමයි එකම විකල්පය.
    මම පැරාගේ බ්ලොග් එකේ මේක පේස්ට් කොලා

    {
    මේක මම හිතන්නේ බැලියයුතුම දෙයක්
    මෙහිදී ලි ක්වාන්යූ පෙන්වන විදියට සිංගප්පුරුවේ මිනිසුන් සංවර කිරීමට ගත්ත අපුරු පියවරක් තියනවා.

    https://www.youtube.com/watch?v=gwBJy1jCTsk

    මිනිසුන් පුරුදු වෙලා තියනවා විදුලි සෝපානය ඉහලට යනවිට බිල්ඩිමෙන් පහහලට මාත්‍රා කිරීමට පුරුදු වෙලා තියනවා, (ශ්‍රී ලංකාවේ මිනිසුන් මිට වඩා හික්මුන අය බව මේවයින් තේරුම් ගන්න පුළුවන් ) ඔහු කරලා තියන්නේ වීඩියෝ කැමරා සවිකර් කිසියම් පුද්ගලයකු මුත්‍රා කරනවානම් වහාම විදුලි සෝපානය නතර්කර අදාළ පුද්ගලයාට දැඩි දඩුවම් දීමයි.

    }

    ReplyDelete
    Replies
    1. නැත්නම් ඉතින් වෙන්නේ බෞමික අන්ඩවාතේ කාලා ඒකියභාවයෙන් කාලක් ගහලා දොයිය ගන්න එක තමා..

      Delete
  5. සිරිසෙනට ඉන්නේ ගමේ බයියෝ මිස, රට රාජ්ජ හා ගණුදෙණු කිරීමට දැණුමක් ඇති උන් නොවේ///// athha

    ReplyDelete
  6. Oya manussayata thibune supurudu grama sewaka kama karagena innayi.Eeta wedi deyak undata karanna puluwan kiyala mama nam hithanne naha.

    ReplyDelete
    Replies
    1. aaye aluthin hithanna deyak ne... kohomathma behe...

      Delete
  7. ඕකෙන් වෙන්නේ රටේ පාලනය නොයා යුතු කෙනෙක් අතට රටේ පාලනය යාමකට පොට පෑදීමක්...
    දෙයක් වෙනකම් අපේ ( ගොඩාක් ) උන්දැලාට තේරුම් ගන්ට බෑ මොකද වුණේ කියලාවත්...
    එකෙක් එපා වෙන කොට ළඟට ගන්නේ කලින් පාර එපා වෙච්ච එවුන්ව...
    කලින් පාර එපා වෙන්ට හේතු ත් අමතකයි එතකොට...
    ඊට පස්සේ ආයේත් එවුන්ගෙන් කෙල වෙන කොට කෑ ගහනවා උඩ පැන පැන...

    රටේ පාලනය නොයා යුතු අය අතට රටේ පාලනය යාමකට පොට පෑදීමක් වෙන්ට තියෙන ඉඩ වැඩියි...

    ReplyDelete
    Replies
    1. රටේ පාලනය නොයා යුතු කෙනෙකුට කීප වතාවක්ම ගියා.. ඉතින් තව දුරටත් එහෙම උනා කියලා පුදුම වෙන්න දේකුත් නෑ...

      Delete
  8. කවුද බං සිරිසේන කියන්නේ .

    ReplyDelete
  9. හැම එකාම උන්ට ඕන ඕන විදිහට රඟනව ඒත් සිරා සරලවම පඹයා වගේ ඉන්නව හිටං

    http://sarigama.lk/profile/song_profile/16123/meemata-ba-magen-theravili-ahanna-sangeeth-wijesooriya-mp3-song-download-online-listen

    ReplyDelete
    Replies
    1. උඹ රාජකපුරු නාට්ටිය බලලා තියෙනවැයි

      Delete
  10. මීළග ජනපති විය යුතුයැයි ඔබ නම් කරන්නේ කවුරැන්ද?

    ReplyDelete
    Replies
    1. චතුර සේනාරත්න හෝ වාසුදේව නානායක්කාර හෝ නිශාන්ත මුතුහෙට්ටිගම. සෝමවංශ අමරසිංහ මහතා ජීවත්ව සිටියේ නම් පලමු තැන ඔහුටය.

      Delete
    2. ජනාධිපතිල ඇතිවෙලා මම කැමතියි ගීත ව නම් කරන්ඩ.

      Delete
    3. බන්ධුල ගුණවර්ධන හෝ ඩලස් අලහප්පෙරුම

      Delete
  11. මාතලන් ලා ඉතා අමාරුවෙන් කඩෙ ගොහින් පත් කොරගත් හොරිසේන ගේ ගොන් පාට් සහ ආප්ප කා මහින්ද මහත්තයාට කෙලි සක්කිලියා රනිල් තුමා ගේ අහවල් දෙකෙන් එල්ලන්න බැඳුම්කරේ ගැන ජනාදිපති කොමිසන් දමමින්, නටනා කස්තිරම්, මහින්ද මහත්තයාට චන්දය දුන් අප ද සැපෙන් සන්තෝසයෙන් බලා සිටිමි හිටන්!


    රනිල් ට වුනේ නෙලුම් අජියට වෙච්චි දේම තමයි..... අහක හිටි ඈයෝ වලලු දාපු අත් වලින් ටොකු අනිනෝ....

    ReplyDelete
    Replies
    1. සරසා.....උඹේ අක්ෂි කාච පොඩ්ඩක් චෙක් කර ගනින්...මාස 6 ට සැරයක්වත්...

      Delete
    2. // කෝ බන් ඉතින් හොරැ ඇල්ලුවද? // X2

      Delete
    3. ඒක නම් සහතික ඇත්ත...

      Delete
  12. කට ඇරියනං dd බෝතලයක්ම වක්කරන්ඩ තිබ්බ.

    ReplyDelete
    Replies
    1. සිරිසේන බොන්නේ නෑ බං

      Delete
  13. // හැම එකාම ඉන්නේ වැට උඩ නොව මහින්දගේ පැත්තේය. ඒ මහින්දගේ පර්සනැලටිය නිසාය. //
    හැම එකාම ඒ පැත්තේ ඉන්නේ ඔහුගේ පර්සනැලටි එකටත් වඩා,
    1. නැවත ඔහු බලයට පත් වෙයි කියන අපේක්ෂාව හා විස්වාසය
    2. හැම එකාටම හොරකන් කිරීමට අවස්ථාව දීමත්,
    3. එම හොරකන් වලින් හැම විටම ඔවුන් ආරක්ෂා කිරීමත් සහ
    4. නිතිය ඉදිරියේත් ඔවුන්ට දක්වන විශේෂ සැලකිල්ල වැනි කරනා නිසාය.

    ReplyDelete
    Replies
    1. කෝ බන් ඉතින් හොරැ ඇල්ලුවද?

      Delete
    2. ඒත් ඔය හරක් නොදන්න දේ තමයි මහින්දට ආයේ ඉල්ලන්න බෑ කියනා කාරනාව.... මුන් ඒ තරම් හරක්..

      Delete
    3. මහින්දට අාෙය් ඉල්ලන්න බැරි කතාව අදාල ෙවන්ෙන නෑ බන්. මහින්ද වෙග් තීරණ ගන්න නායකෙයක් විතරයි මිනින්සු ඉල්ලන්ෙන.... අනික මහින්දයා තාම මැරැෙන් නෑ ෙන්... අගමැති ෙවලා හරි අාෙය් එයි.. බය ෙවන්න එපා....

      Delete
  14. ඕව හීන බං. මහින්දට ආයෙත් දිනන්න බෑ. ඒක ෂුවර්. ඒ වගේම සිරිසේන ජනාධිපති වෙලා ඉන්නකම්ම රනිල්ට ආර්ථිකේ ගොඩගන්න බෑ.
    බොහොම හොඳ අදහස් තිබුණ, දීර්ඝ කාලීන සැලසුම් තිබුණ පලවෙනි අයවැය මේ සෙට්එක එකතුවෙලා "ගරු කතානායකතුමනි" කියන කෑල්ල විතරක් ඉතුරුවෙන්න කපලා දැම්මා. තවත් මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. ඒ බජට් එකේ තිබුන දේවල් ක්‍රියාත්මක උනා නම් අද රනිල් රවී වැජඹෙනවා... කාලකන්නි ඒක කුඩු කරා

      Delete
  15. දෙයක් කරන්න දෙනවායැ. අනික මේකා කෙලින් ගත්ත තීරණයක් නෑනේ.
    අළුත් දෙයක් බලාපොරොත්තු වුණාට තාම හණමිටිය කරපින්න ගත්ත එකෙක් ඉන්නේ..
    ඒත් එ.ජා.ප ගැන බලාපොරොත්තුවක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. මීට පස්සේ ඉස්සෙල්ලාම බලන්න ඕන නයකයා වෙන්න යන එකා කලිසම් අඳින එකෙක්ද සරම අඳින එකෙක්ද කියලා... සරම අඳිනවා කියන්නෙම අමු ගෝත්‍රිකයෙක් කියන එක...

      Delete
  16. //..ලංකා ඉතිහාසයේ පහළ වූ අසාර්ථකම පාලකයා කව්දැයි කියා ඇහුවොත්, පොඩි එකෙක් පවා ඒකට උත්තරේ දන්නවාය....//

    පාලකයා අසාර්ථක නම් රටක් ආරාජික වනු ඇත.

    අද මේ රටට සිඳුවී ඇත්තේ එයයි. මහින්දගේ කාලේ හුණෝ , බිංකුන්ඩෝ වගේ ගුලිවී හිටපු හැම හාල්පාරුවෝම සිංහයෝ වෙලා, ආණ්ඩුවට ගේම ඉල්ලමින් කෙළවරක් නැති වර්ජනයි, උද්ගොෂනයි වලින් රටේ සාමාන්‍ය ජනජීවිතය නන්නත්තාර කරමින් සිටිනවා. හෙට අනිද්දට GMOA එකේ මිනීමරුවෝ ටික උන්ට කොහෙත්ම අදාළ නැති ප්‍රශ්නයකට, අහිංසක ලෙඩ්ඩු මරණ ගේමකට සෙට් වෙන්න යනවා.

    රටේම මිනිස්සු මළත් මේ මේ මගෝඩි පාලකයා වගේ වගක් නැතුව, පුරුදු විදියට වක්කඩ කැඩුව වගේ මෙලෝ හසරක් නැති බයිලා ගගහා ඇවිදියි. මේ යකා ගැන සත පහකවත් විශ්වාසය නොතිබුනත් අපි චන්දෙ දුන්නෙ රනිල් ගැන විශ්වාසය තියල. දැන් බලනකොට ඒ යකා හිටංට එහා. මුන් දෙන්නටම මේ රටේ කිසිම ස්තරයක කිසිම කොන්ට්‍රෝල් එකක් නෑ.

    "ඉතිං මොකේදැයි දන් වළදන්නේ.." කිව්වලු.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් කරන්න තියෙන එකම දේ ආයෙ ඡන්දයක් ආවම මුන්ගේ පුකට පයින් ගහලා එලවන එක තමයි... වෙන මක් කොරන්නෙයි

      Delete
  17. අනේ මන්දා මාතලන්, මේවට මොනවා කියන්නද .
    අපි මේ වගේ කථා වලට උත්තර දෙන එකත් සාධාරණ නැහැ, මොකද අපි හන්සයට ඡන්දෙ දුන් උන් නොවන නිසා. එහෙම වුනේ තිබුනු රජය නිවැරදි නිසා නෙවෙයි වෙනස නිසා විය හැකි හානිය වැඩි බවක් දුටු නිසා.
    හැබැයි මම මේ වුනු වෙනසින් යම් සාදනීය බවකුත් දකිනවා. පැවති පාලනය වෙනස් නොවුනා නම්, කැළණියේ මැරයා, කොළොන්නාවේ තක්කඩිය, ප්‍රා සභාවල අං ආපු බූරුවෝ වගේ උන් මේ දක්වා බලයේ සිටියා නම් විය හැකිව තිබූ ව්‍යසනය ඉතා බරපතලයි. ඒත් මීගමුවෙන් ගාල්ලෙන් ආපු තක්කඩි මේ ආන්ඩුවෙත් ඇමතිලා. කොහෙන් කොහේට යන ගමනක්ද මේ?
    ඒ වගේම අර ඉහත කියපු උන් ආණ්ඩුවට එකතු වුනා නම් අදටත් උනුත් බලවන්තයෝ (හම්බන්තොට සෙල්ලං තුවක්කු වගේ)

    ReplyDelete
    Replies
    1. මේ යකාට ඕන තවත් මහින්ද කෙනෙක් වෙන්න... හැබයි බෑ...

      Delete
  18. මේ අන්ඩුව පත් කිරීම ගෑන මම නම් දුක් වෙන්නේ නෑ. ඒකට හේතුව මෙන්න මේකයි. කාලෙකට ඉස්සර 80 දශකයේ අග භාගයෙදී වාගේ ; ඊයෙ පෙරෙදා මියගිය අජන්තා රණසිංහ ලොක්ක තමයි නවයුගය පත්තරය කලේ. ඔය කාලයේදීම වගේ නන්දා මාලණී "හේමන්ත්යෙදී" අවසාන කරලා "සත්යයේ ගීතය" පටන් ගත්තේ.ඒ කාලයේ මේ ප්‍රසන්ග වල ගැයුනු ගීත වලට අණ්ඩුවේ පත්තර වලින් ඉස්ම යන්න ගැහුවා. ඉතින් මටත් සෙට් උනා එක එක කලා බුවාලගෙන් ටෝක්ස් ටිකක් ගන්න.දවසක් මටසෙට් උනා අමරදේව මාස්ටර්ව හමුවෙන්න.
    හිතාගන්නකො වෙලාව ඇති රෑ 8.00ට විතර!එ ඒ කාලේ මාස්ටර් හිටියේ නුගේගොඩ අනුලා එක අයිනේ උඩ පාරේ ව්ම්පෙත්තේ ගෙදරක.දැන් මම යන්නේ මස්ටර් ගේ කටින් "විරෝදාකල්ප ගීත මෙලෝ රහක් නැත!" කියලා ඉන්ටවිව් එක අරන් එන්න.
    මම පොතක් අස්සෙ පුල්ස් කැප් කොල දෙකකුත් දාගෙන ගිහින් දැම්ම ගෙට්ටුවට හිමීට තට්ටුවක්.
    "ක්-කවුද--! කියාගෙන ඉස්සරහට ආවේ විමලා නෝනා.
    මම ඒකාලේ පැඟිරා. මමත් තටම තටම සීන් එක කියන්න හදනකොටම ......
    "මහත්තයා නෑ....................!" කියලා අවාට වඩා වැඩි වේගයෙන් ඉගිල්ලුනා.
    මම හයිලෙවල් පාරට ඇවිත් පොඩ්ඩ වෙලාවක් ගියා විතරයි විමලාවෝ තම දුවා දරුවන් එක්ක එතෙනින් පාරට ඇවිත් අන්දුරේම යන්නගියා කොයි ලෝකේ හරි!
    මමත ආපහු ගෙදර පැත්තට ගියාම මෙන්න කවුද බුවෙක් ඉන්නවා ගෙට්ටුව අයිනේ පුටුවක වාඩි වෙලා.
    "අමරදේව මහත්තයා ඉන්නවද..............?
    "ඔ.ඔව්! මම මම!"
    දේශයේ කලාකරු මා ඉදිරියේ. (වැරදුනා! එතුමා ඉස්සරහ මම!)
    අපි එකිනෙකා නොදකමින් කට්ට කරුවලේ කතිකාව ඇරඹූයෙමු.කතිකාව අවසානයේ දී කලක සිට මගේ සිතේ තිබුනු යමක් ඔහුගෙන් විමසූයෙමි.
    '1956 දී මේ රටේ සමජවාදී විප්ලවය සිදු වුනාකියලා ඔබ තුමන්ලා සිතා සිටියා නේද?"
    "මොකෝ නැත්තේ..! ඒක්නෙ මම
    ඔබ හට ලෝකය සාදා දී මිස යා නොහැකිය මගෙ පුන්චි පුතුන්
    කියලා මමයි විමලයි කිව්වේ!"
    (මේක මේ මාස්ටරුයි විමලා නෝනයි කියපු ලස්සන සින්ඩුවක අන්තිම වචන ටික.)
    මේ තරම් දිගට මේ කතාව ගෙනාවේ අපි හැමෝම පහුගිය කාලේ කියෙව්වෙ සිරිසේන උන්නැහැ රට අලුත් පීල්ලකට ගනියි කියලා තමයි.
    නමුත් එද අමරදේවලා සෙකරලා ඇන්දගෙන හිටියා වගේම අපි තාමත් ඇන්දගෙන.
    ගැටලුව වන්නේ අමරදේවලා ඇන්දගත්තේ 1956 දී විතරයි.
    අපි 1970,77 සිට 94 වාගේම තාමත් මුන්ගේ බයිලා අහගෙන ඉන්න එකය!
    නිරීඇල්ලගේ "සෙක්කුව" ම කී පාරක් නම් බෙලුවාද විසිල් ගගහ!
    සෙස්ස පස්සට, තට්ටයා

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ රට හදන සෙට් එකට ඒක කරන්නවත් නොදෙන එක නේ...

      Delete
  19. මුලින්ම, මල්ලේ පොල් කොමෙන්ට් දෙකක්
    1) අර තරුණ මොකක්ද එකට ගිහින් ," එදවස මෙන් දැන් නොවේ , දහම් කුමරුන් , ගැලරියේ " කියනවා දැක්කම මට මතක් උනේ , පොර බලෙන් රොයි තෝ එකේ ස්ටේජ් එකට නැගපු හැටි
    2) කැබිනට් රීෂෆල් එක ගැන කියවනකොට මට හිතුනේ ... ශෆල් නම් නැති උනත් දැනටම රී ගෙන නම් තමයි කියාය

    මහින්ද , ඒ දවස් වල මුළු ඇමති මණ්ඩලයටම තද ලන්කට් එකක් ඇන්දුවේ , එල්ලෙන සියල්ල පමණක් නොව , මුළු පුරුශාර්තමයම , කුස තුලටම යන ලෙසය . ඉතින් ඔවුන් හැසිරුනේ මොකුත් නැති ලෙසය . සිරා ඒ යට ඇඳුම තවම ඇඳගෙනය . හිටපු ගමන් ආතල් එකට එය ලිහිල් කොට සිංහ නාද දී ආයෙත් ඇඳ ගන්නේය ..හැබැයි අනෙක් අතට මට රනිල්ගෙන් අසන්නට හිතෙන්නේ "කෝ වැඩ " කියාය .. අර "සිරා නිසා මොකුත් කරන්න බෑ නේ" කියන නිදහසට කරුණ නම් නිකන් අර අන්දරේගේ ගල උස්සලා කරේ තියහන් වගේ කියා විටෙක හිතෙනවාය. ඇත්තටම මුදල් ඇමති කමට මේ යකාට වඩා එකෙක්, උසස් අධ්‍යාපනයට මේකාට වඩා එකෙක් ඇත්තෙම නැද්ද ? එක අතකින් සිරාටම හරියන ඇමති මණ්ඩලයක් යූ ඇන් පී යෙන්ම සෙට්වෙලා දෝ කියලත් හිතෙනවාය

    ReplyDelete
    Replies
    1. කොහෙද කරන්න හදන කිසි දෙයක් කරන්න දෙන්නේ නෑ නේ සිරි ලංකා එකේ කාළකන්නි...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න