.

.

Apr 8, 2017

විමලෙට කිරි, නීතීයේ කැකිරි හා යහපාලනේ ටිං කිරි , Kiri, Kekiri & Tin Kiri




ඇම් ඇස් ප්‍රනාන්දුගේ, "කැකිරි පැලෙන ටිකිරි සිනාවයි... ඇගෙ ගමන බිම්න නාරිලතාවයි..." කියා පට්ට සින්දුවක් තියෙන්නේය.. සාමාන්නියෙන් කැකිරි පලන්නේ ගෑල්ලමයින්ය.. සමහරක් බවලත් උදවියත් කැකිරි පලනවා ඔහේලාත් දැකලා ඇතිය.. විමල් වීරවංශ සහෝදරයාට ඇප ලබා දුන් මෙහෙනින් වහන්සේත්, තීන්දුව දීලා, එයාගේ යාලුවෝ එක්ක සෙට් වෙලා, එදා හැන්දෑවේ වයින් ගලාස් එකක් ගසා කොළඹ හතේ ලොකු නෝනලා ජිප්සීස්ලාගේ සින්දුවේ කැකිරි පලනවා වාගේ, කැකිරි පලන්නට ඇතිය. (නඩු අහන පිරිමි අය නඩුකාර හාන්දුරුවෝ නම්, කාන්තා පර්ෂවය නඩුකාර මෙහෙනින් වහන්සේලා විය යුතුය..)

යහපාලන පාන්ඩුවේ කොමඩි දැක්කාම දැන් පිරිමි පක්ෂයේ උදවියටත් මල් නැතිවම බඩ කොර වෙන්න කැකිරි පලන්නට පුළුවන්ය. ඒ නීතියට ඇඟිලි ගහන්නේ නැතෙයි කියපු ආන්ඩුව, නීතීයේ කන්නාවියගේ හැම තැනටම ඇඟිලි ගසා පට්ට ඕගසම් එකක් දෙන නිසාය. ඔහොම ගිහිල්ලා, මහින්ද මහත්තයාගෙ කාලේ නීතියේ දෙවගනගේ රීප්‍රසෙන්ටේටිව් ලේඩිට කෙලවලා දැම්මා වාගේ, දැන් ඉන්න එක්කෙනාටත් කෙලවලා අරින්න පුළුවන් කියා හිතෙන්නේ, යූ ඇන් පී එකේ කස්ටිය ඒ වැඩේටත් කප් ගසාපු පොරවල් නිසාමය.

ආන්ඩුව මදිවාට විමලේත් දුන්නේ පට්ට ආතල් එකක්ය. හිර ගෙවල් දහයක යන්න ඇතුලට ගිය එකා, ගියපු දවසේ පටන් මරන්න දක්කාගෙන යන හරකා වාගේ මර හඬ දී තප්පු ලෑවේය. ඇතුලේ ඉඳන් පින්තූරූ ඇන්දේය, කවි ලිව්වේය, පොත් ලිව්වේය, විමලේ හා ගෝලයෝ ඇරුණු කොට එයාගේ දෝනියැන්දෑද, පටාචාරා බිසවද, ඒ දින ගනන තිස්සේ අපිට කැකිරි පලන්නට පුල් සප් එකක් දුන්නේය.

අපි හිතාගෙන උන්නේ හිර ගෙවල් දහයක ගිහිල්ලා, නැල්සන් මැන්ඩේලා කෙනෙක් එලියට එයි කියලාය. ඒත් සිද්ද උනේ, සීගිරි බලන්න බැරිව අඬනා පොඩි බබෙක්, අන්තයටම පීචං වීලා, බල්ලා වගේ එලියට එන එකය. ඒ මඳිවාට එලියට එන්න හිඟා කෑවේ නෑ කියා පට්ට වොයිස් කට් එකකුත් දුන්නේය. ඒත් එලියට ආවේ වඳින්න පුළුවන් හැම එකාටම වැඳලාය.

එකාබද්දේ කම්බා හොරු රනිල් හා සිරිසේන හමුවීමෙන්ද, රනිල් තීන්දුවට කලින් දවසේ ඇෆ් සී අයි ඩී එකෙ උන් ටැම්පල් ට්‍රීස් ගෙනැල්ලා නීතිය නවන හැටි කියලා දුන් ආකාරයෙන්ද, සියල්ලෝම එකතු වී සමාජ ගත කලේ, රජයේ දේපල අවභාවිතා කිරීම, අනුමත කරනවා කියා කීමය. කලින් දුවගේ අසනීපය නිසා ඇප දෙන්න බෑ කියූ නඩුකාර මෙහෙනිනාන්සේම, කිසිඳු හිරිකිතයක් නැතිව, ඒ හේතුව යටතේම අවසානයේ ඇප ලබා දුන්නාම, අපි කැකිරි පලනවා මඳිවාට, අපගේ පුකත් කැකිරි පලනවාය.

රජයේ දේපල අවභාවිතා නොකරන දේශපාලුවෙක් ඇතෙයි කියා අප නම් සිතන්නේ නැතිය. එහෙම බැලුවාම, විමල් පමණක් සිරගත කරනා එක පට්ට අසාධාරනයක්ය.  යහපාලන පාන්ඩුවත් මේ කරන්නේ දේශපාලන පලිගැනීම් කියා මොකෙක් හෝ කියනවා නම්, සාධාරණ මිනිසෙකුට නම් එයට එරෙහි වෙන්නට බැරිය. දැනවත් හොරු අල්ලන ගොබ්බ වැඩේ නතර කර, අනුර සේනානායකද එලියට දමා, ඔය ඇෆ් සී අයි ඩි මළදානේ වසා දමා, රට හදන වැඩේ කරනවා නම් බොහෝම හොඳය.

මක් නිසාද යත් අර්ජුණ මහෙනද්‍රන්ගේ මහ බැකුවේ ජිල්පිට් ගේම හා ඇයි සී අයි ඩී එකේ සෙප්පඩ විජ්ජා ඇර, කතා කොරන්න කිසිම දෙයක් මේ පච ආන්ඩුව කොරලා නැති නිසාය. මෙහෙම ගිහිල්ලා 2020 පුකට පයින් ගහලා එලවලා දැම්මාම, අපට ආයෙත් කැකිරි පලන්නට හැකි වන්නේ, යහපාලන මළ සමයමේ උන්, නඩුත් නැතිව, හතර ගාතෙන් උස්සාගෙන ගොස් කූඩූ කරනා බව ටක්කෙටම දන්නා නිසාය.

නීතිය නමන්න ගිහිල්ලා, ඕනාවට වඩා නමන්න ගිහින්, කඩලාම ගියොත්, චීෆ් ජස්ටිස්ලාට බබා කියා කින්ඩි දැමු උන්, මෙලෝ වශයෙන්ම ඒවා වින්දා වාගේ, දැන් නමනා උන්ටත් මේ අත් බවේදිම පනිෂ්මන්ට් දෙන්න නීතියට බැරි උනත්, තිස් තුන් කෝටියක්ම දෙවිවරු, කිරි, කැකිරි නොව, පුක පුරා ටිං කිරි දෙන්න සෑදී පැහැදි උඩ ඉන්නා බව, ගස් ගල් වලට පවා වඳිනා මේ ආන්ඩුවේ හාල්පාරුවෝ සියල්ලෝම සිහියේ තබා ගන්නා එක කෝකටත් හොඳෙයි කියා, මේ හෑල්ල මෙතනින් නවතනවාය..


23 comments:

  1. මොනවා ලීවත්, කීවත් රට පාලනය කරනා උන්ගේ ගොන්කම් නවතින්නේ නැත. රනිල්ලාගේ ඉල්ලන් පරිප්පු කෑමද කිසිදාක නතර වන්නේ නැත. මුන්ට වෙලා තියෙන්නේ බැරි කම නොව ලැජ්ජා නැති කමය.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මුන්ට බැරිය... මුන් දන්නේද මටියා ගැහීම් පමණමය

      Delete
  2. කඳුලු අඩු නැතිව
    විඳිනවා තවම
    ඔබට ශතුටුයිද දැන්?


    :D

    ReplyDelete
    Replies
    1. මහින්ද යවපු එක ඊට වඩා සතුටුයි.... :)

      Delete
    2. මාතා,

      විමල්ට ඇප නොදීමත් ඊට පසු ඇප දීමත් දෙකෙන්ම උනේ යහපාලන රෙද්ද ගැලවීමයි.
      විමල්ට අප නොදීම ප්‍රශ්නයක් වෙන්නේ හිරුනුකාට සෙනසුරාද දිනයේ ගියගමන් ඇප දීම මගින්, විමල්ට ඇප නොදීමෙන් පෙනෙන්නේ මෙය තනිකරම දේසපාලන ගේමක් බව ලෝකයාට පෙනීමයි,ඇප දෙන්නම බැරිනම් දැන් ඇප දුන්නේ මොන ක්‍රමයකටද?

      මිනිස්සු දන්නවා මේ සේප්පඩ විජජා ගැන.

      සරසා තුමා අහනවා //ඔබට ශතුටුයිද දැන්?//
      කියල ඔබතුමාට මතකද ආචාර්ය මරුවින් සිල්වානන් සමුර්ධි නියාමකයෙක් ගස්බැන්දට පස්සේ මොකද උනේ කියල ඒ ලගම තිබුන මැතිවරණය ඉවර වෙනකන් මරුවින්ගේ ඇමතිකම අහෝසිකරලා ඔහුට ජනමාද්‍ය ඇමතිකම දුන්න මතකද මැතිවරණය දින්නට පසු, ඔබට මේවා මතකද දැන් ?.

      අදාළ නඩුව මහින්ද මහරජ්ජුරුවන්නේ විශේෂ කොමිසම දීපු තීරණය මතකද ඔබට ? ඔවුන් තීරණය කළා අදාළ සමුර්ධි නියාමකය කැමැත්තෙන් ගස් බැදගත් බව.

      මේවා අමතක නෑ සරසා තුමෝ මෙරටේ යමක් හිතන්න පුළුවන් මිනිස්සුන්ට ඔබතුමන් ලා කතාකරන්නේ හරියට මැරිලා ඉපදුනා වගේනේ

      Delete
    3. සරසා ගේත් ලන්කික සිතුවිලි ගේත් කමෙන්ටු අනුව, එදා තිබුනු පජාති වැඩ කිසිවක් අඩු නැතිව අදත් තියෙන බවම මිසක් වෙන මොකක්ද කියැවෙන්නේ.
      වෙනසින් උනු එකම වෙනස නම් මහින්ද ගෙදර යැවීමම පමණි.
      වෙන මොකක්ද?

      ආ.... මහින්දගේ ගොල බාලයොත් අත තියන්න බය වෙච්චි මහ බැංකුවට කෙළියා....

      Delete
    4. නයනේ - සිතුවිළි,
      //ආ.... මහින්දගේ ගොල බාලයොත් අත තියන්න බය වෙච්චි මහ බැංකුවට කෙළියා....//

      ඒ ගැන දෙකක් නෑ! හැබැයි සොරකම් ගැන කියනකොට අපට බෑ අපි සොරකම් කරන මිනිසුන්ට ආදාර කරන ගමන් තව හොරු රැලකට විරුද්ධ වෙන්න.
      ඇත්තම කියනවනම් මම විරුද්ද සොරකමට නෙමෙයි සොරකම් කරන ක්‍රමයටයි. මේ සොරකම් කරන ක්‍රමය නැතිඋනා නම් සොරකම් අඩුවෙයි (නැතිවෙන්නේ නෑ මොකද හොරුන් ඉන්න එපා යෑ )

      Delete
    5. ලාන්කික සිතුවිළි,
      මම නම් හොරාටත් හොර කමටත් දෙකටම විරුද්ධයි.

      ඒත් ලංකාවේ දේශපාලනයේදි "සොරකම"කියන එක මහා පොදු සාධකය වෙනවිට.

      අපිට තීන්දු ගැනීමේදී හොරකම කියන සාධකය ඉවත දමා තීන්දු ගන්න වෙලා තියෙනවා. ඒ මම දකින හැටි.

      Delete
    6. // මහින්දගේ ගොල බාලයොත් අත තියන්න බය වෙච්චි මහ බැංකුවට කෙළියා.... //

      මහින්දගේ උන් අත නෙමෙයි හතර ගාතේම දාගෙන කෙලපු කෙලිල්ල... රනිල්ලා එක පාරෙන් කෙලියා කිව්වොත් තමා වඩා නිවැරදි... දිලිත් ජයවීරලා, අජිත් නෙවාඩ් කබර රාලලා, ප්‍රකෝටිපතියන් උනේ කොහොමද කියලා ෆයිනෑන්ෂල් ෆීල්ඩ් ඒකේ ඔක්කෝම දන්නවා.. ඔහේලා නොදන්නවා උනාට...

      Delete
  3. Replies
    1. පට්ට අප්පිරියයි අප්පා

      Delete
  4. ලිපියත් කොමෙන්ටුත් එකකට එකක් පරදින්නෙ නෑ. Sa rasa අවුස්සා දැම්මා Lankika Sithuwili අටුවා ටීකා එකතු කළා

    ReplyDelete
  5. ආයෙත් අපි රැවටුනා පුති...

    ReplyDelete
    Replies
    1. අපි නම් රැවටුනේ නෑ.. වෙනසක් කළා පමණයි...

      Delete
    2. වෙනසක් නං පේන්නෑ බං. මූනුවල මිසක්.. එක්කෝ ඕනෙ නෑ ‍තෝ ගෝඨ ගැන ලියහංකො.... එතකොට වෙනස ගැන කතා කරමු

      Delete
  6. ඕවාට කියන්නෙ #ක හංගං ඇට දෙකෙන් #කනවා කියාය. මං හිතුවෙ බොලා බුකියෙ දාල තිබ්බ හැටියට ගොඨා ගැන ලියයි කියල.

    ReplyDelete
    Replies
    1. ලියනවා බං ලියනවා... වෙලාව හොයා ගන්න එකයි අමාරූ..

      Delete
  7. මෛත්‍රී ලොක්කට වඩා අධිකරණය බැලන්ස් (ඇඟිලි ගහන්නෙ) කරන්නේ ලිච්චවී කියලයි මට හිතෙන්නෙ. ඒ වැඩේට මහින්දයට වගේ කොමාන්ඩින් පවර් එකක් මෛත්‍රීයට නෑ.

    දැන් සිද්ධ වෙන දේවල් දිහා බලනකොට පේන්නෙ, මහින්දය කරපු අජූත වැඩවල පේටන්ට් අයිතිය රනිල් ලොක්ක අරගෙන කියලයි.

    තිස් තුන් කෝටියක් දෙවිවරු උන් දෙන්නගෙ ටිං කිරි ගාන්න ඉස්සරවෙලා, මුන් සෙට් එකම එකතු වෙලා, අපිටත් හොරෙන් අපේ ටිං කිරි ගාමින් ඉන්න බව තේරෙන්නෙ පස්ස පැත්තේ ඇලෙන ගතියක් දැනෙන්නෙ මොකද කියල බලපුවමයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් මෙයාලා ඉතරක් නෙමෙයි කවුරුත් කරන දේ නේ...

      Delete
  8. අයි ඈම් අ ලෙජන්ඩ් වගේ කතාවක් ගැහැව්වා නම් මරු නේහ් මේකට

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න