.

.

Apr 17, 2017

කුණු කන්ද ඉවත් නොකළ යුතුය - Garbage Eating Politicians



කොලොන්නාවේ කුණු කන්ද හෙවත්, මීතොටමුල්ලේ කුණු අසල පංදිචිව හුන්, සංචාරක ක්ෂේශ්ත්‍රයට මෙන්ම වමේ පක්ෂයකට සම්බන්ධ මිතුරෙක්, මේ ආකාරයෙන්ම කුණු කන්ද ගැන ආරෝවක් ඇති උන වෙලේ, මාතලන්ට කතා කළේ, මාතලන්ගේ බ්ලොග් කෙරුවාව ගැනත දැනගෙන උන් නිසාවෙන්මය. එදින පැවති රැස්වීම එකම කාළගෝට්ටියක් වූ අතර, මාතලන් කළේ මිතුරාද කැටුව ඔහුගේ නිවසට ගොස් අනුමත වීමට කටයුතු කිරීමයි. එහිදි සුරයන්ගේ පානයක් වන සුරාව හා ගෝලිප් වලින් සන්තර්පනය වූ මුත්, කිසිම කට ගැස්මක් උගුරෙන් පහළට නොගියේ එහි ඇති දුර්ගන්ධය නිසාමය. 

ඌ මගෙන් ඇසුවේ කරන්නේ කුමක්දැයි කියාය. මාතලන් දුන් උපදේශය වූයේ, කුණු කොල්ලයට හෝ නිවස විකුණා, මේ අපායෙන් පිටව යන ලෙසයි. මෙයට කිසිදා විසඳුමක් නොලැබෙන බවත්, මෙය තනිකර දේශපාලන මඩ ගොහොරක් බවත්, කාළකන්නි දේශපාලුවන්, පාතලය හා කුණු බිස්නස් කාරයන්ගේ මාෆියාවක් බවත්, එදා සඳහන් කළෙමු. 

ඉන් පසු වෙනත් ප්‍රදේශයකට ගිය මිතුරාට, ආයෙත් කරුමය පාත් වූයේ, කොළඹට ගංවතුර ගැලූ දවසේය. එදිනද මාතලන් ඇමතු ඌ කින්ඩියට ඇහුවේ, දැන් කරන්නේ මක්කාද කියාය. එදිනද මාතලන් කියා සිටියේ, මුන් මෙයට කිසි දින විසඳුමක් නොදෙනා බවත්, යලිත් අනිවාරයයෙන් මෙලෙසම කොළඹ නඟරය යටවන බවත්, ගංවතුරේ ආතල් ගන්න අවශ්‍යම නම් පමණක් දැන් සිටිනා නිවසේ සිටිනා ලෙසත්, එසේ නොමැති නම් ඔය නිවසද විකුණා වෙනත් නිවසකට යන ලෙසත්ය. එලෙසම වෙනත් නිවසකට ගිය මා මිතුරා, අද මට පින් දෙන්නේ මීතොට මුල්ලෙන් අපව පිට කලාට මාතලන් තොට බොහෝම පින් කියලාය.  

මේ කතාව ගැන බ්ලොග් පෝස්ට් එක දමන්නට සිටියදි, බ්ලොග් ලියනා ගුරුතුමියක් වන "සොසී" බුකියේ පෝස්ටුවක් දමමින් සැමගෙන් විමසා සිටියේ, ඇය උගන්වන පාසලේද නාය යාමේ සළකුණු පෙන්වන බවත්, කළ යුත්තේ කුමක්දැයි කියාත්ය. මාතලන් සඳහන් කර සිටියේ, වහාම වෙනත් පාසලක් සොයා ගෙන යන ලෙසය. එහිදි පිළිතුරු කොමෙන්ටුවෙකින් දමා ගැසූ සොසීට මාතලන් කියූ දේ ඇත්තයි කියා සුළු මොහොතකින් තේරුම් යන්නට ඇතිය. 

මාතලන් එසේ කීවේ, මේ කාළකන්නි මළ මූසල කුණු ජරා වී ඕජස් ගලන තුප්පහි රටේ, උපදෙස් දෙන්නට ඕනා තරම් හාල්පාරුවන් උන්නද, ඒවා ක්‍රියාත්මක ක්‍රීමට එකෙක්වත් නොමැති බව, දශක 50 ක් තිස්සේ අම්මට සිරි ලංකව පිළිබඳ ජීවිතාබෝධයෙන්ම ලබා ඇති ඇක්ස්පීරියන්ස් නිසාමය. මේ කාළකන්නි නියපොත්තෙන් කඩා දැමිය හැකිව යුද්ධයක් අවුරුදු 30 තිස්සේ එය අදායමක් කරගෙන ජීවත් වූ කාළකන්නීන්ය. මේ කුණු කන්ද නාය යන බවට නොයෙකුත් විශේෂඥ්ඥයින් සඳහන් කළද පයිසෙකට මායිම් නොකලේය. ඊළඟට එන්නේ අයිසීස් ප්‍රශ්ණයය. 

ඉසුර දේවප්‍රිය කියන්නේ ඇත්ත නම්, මාතලන් එදා මාතලන්ගේ මිතුරාට පවසා සිටි සියළුම දෑ අද ඔහු තහවුරු කර ඇත. ඔහු කියන්නේ ඇත්තක් නම්, ජනපති හා අගමැතිද සිටිය යුත්තේ වැලිකඩය. ඔහු කියනා පරිදි නොයෙකුත් හේතුන් උඩ ඔහු ගෙන ආ යෝජනාව සියල්ලෝම පයිසෙකට මායිම් කර නැත. රජයට සතයක්වත් වියදම් නොවනා ආකාරයට කසළ කළමණාකරනය කිරීම සඳහා ඔහු ඉල්ලා ඇත්තේ පර්චස් 60  ඉඩමක් පමණි. අනෙක් සියල්ලම කරන්නේ ආයෝජ්කයන්ය. එදා සිටම මේ කුණු ප්‍රශ්ණයට සිඳු වූයේ මෙයයි. මේ කුණු කන්දෙන් ජීවත් වන බැක්ටීරීයාවන්ට වඩා ආතල් එකක් ගන්නේ, කාළකන්නි දේශපාලුවන් හා නිළධාරින් බවත් එවාට මහාම උන් හවුල් බවත් කියන්නේ, අප නොව බස්නාහිර මහ ඇමතියා වන ඉසුර දේවප්‍රියමය. 

ඔහු කියන්නේ බොරුවක් නම්, චෝදනා එල්ලවන ඇමතිවරුන් මෙන්ම අගමැති මෙන්ම ජනපතිද මේවාට පිළිතුරු දිය යුතුය. විශේෂයෙන් පරිසර ඇමති වන ජනපති,  පත්ත්‍රේ හෝ බලා මෙයත් කාපට් අස්සේ දමා කින්ඩි හිනාවකින් හා කිසිදා වාර්ථා එලි නොදක්වන කොමිටි පත් කර ජනතාවට ජෝක් දමා තමාත් ජෝකර කෙනෙක් වන්නේ නැතිව, මෙළෝ දෙයක් නොකරපු එකේ කුණු ප්‍රශ්ණයවත් විසඳනවා නම් බොහෝම හොඳය. ඒත් ඉතින් පක්ෂේ තියෙන කුණු ටික ඉවත් කර ගන්න බැරි වාහේ, කොළඹ කුණු වලට පිලියමක් දෙයි කියා අප නම් හීනෙන්වත් සිතන්නේ නැතිය.

ඒ නිසා මාතලන් නම් කියන්නේ ඔය එක එකා කීවාට කුණු කන්ද ඔතනින් ඉවත් කරන්න ඔනෑම නැත කියාය. එතකොට ඕකෙන් කන කෑම එහෙම පිටින්ම නවතිනවාය. එයින් ජීවත් වන බැක්ටීරීයාවන් හා දේශපාලුවන්ට ඉන් හානි සිඳුවන්නටද ඉඩ ඇත්තේය. ඒ නිසා, ඒ අවට බිලි පූජා සඳහා වෙන් කර ඇති පිරිස් වෙනත් කොහේට හෝ ගාල් කොට, කුණු කෑමේ තරඟය දිගටම හා ජයටම කරගෙන යාමට ඒ පුණ්‍යකර්මයට දායක වූ සියළුම මහ උන්ට මෙන්ම පොඩි එකාටත්, දෙවියන්ගේ ආශිර්වාදය හා රත්නත්තරේ පිහිට ආරක්ෂාව ලැබේවායි කියා පතා මේ හෑල්ල මෙතනින් නවතා දමනවාය.

ඒ අස්සේ සිඟිති ආතල් දෙන මැටි මෝල් පරිසරවේදින් කියන්නේ මීතොටමුල්ලේ ඛේදවාචකයට අපද සම්මාදම් වී ඇති බවත්, අපි ඉවත දැමූ ටොපි කොලේ හා කෑම කොල නිසා මේ මිනිසුන් මිය ගිය බවත්ය. මේ බබාලාගේ කටට ටොපියක් දමා, කොලේ සාක්කුවට දමා අපට කීමට ඇත්තේ, අපට කුණු කන්න බැරි නිසා විසිකරනා බවත්, ඒවා කළමණාකරණය සඳහා වැට් වලට මතරව වරිපනම් ගෙවනා බවත්, ඊටත් අමතරව කුණු එකතු කරනා පිරිසටද මසකට වෙනම මුදලක් ගෙවනා බවත්ය. ඔහේලාට ඕනා නම් කුණු කෑවාට අපට නම් අවුලක් ඇත්තේ නැතිය.

57 comments:

  1. ලංකාවේ පරිසර වේදීන් ගේ mind set එක අඳුනා ගන්න තියෙන හොඳම උදාහරණය ටොපි කොලයයි

    ReplyDelete
  2. රටේම කුණු එකතු කිරීමේ මධ්‍යස්ථානයක් වී ඇති දියවන්නා කුණු කන්දටත් විසදුමක් තියේද මාතලන්.
    සුරාව හා ගෝලිප් වලින් සන්තර්පනය වි උත්තර දෙන්න.

    ReplyDelete
    Replies
    1. උත්තරයක් නම් තිබුනා... ඒකටත් කෙල උනා නේ...

      Delete
  3. ඇයි බං අපි දැන දැනම මේ පොලිටික්කන්ට මෙහෙම රැවටෙන්නෙ,අපිව ගසාකන්න ඇරල තියෙන්නෙ.අපිට ආපදාවක් වුනත් ඔච්චරයි.
    ඉහල කුනු බක්කී තුනට විකල්පයක් බිහිවිය යුතුමයි.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ලංකාවේ මේ තියෙන හැටහුටාමාරක් ප්‍රශ්ණවලට දේශපාලකයෝ වගේම මේවයේ පරිපාලනයට සම්බන්ද නිලධාරිනුත් වගකියන්න ඕනේ. හැබැයි එකෙක්ටවත් මේ රට හදන්න උවමනාවක් නැහැ. ඔය කියන මහා ලොකු professionals ල (දොස්තර,ඉංජිනේරු,සිවිල් සර්විස්,නීතිවේදීන්....) එකෙක්වත් තම පැලන්තියේ බමුණුකුලය නැංවීම පිණිස වැඩකරනවා මිස රටට පොදුවේ යහපතක්වන කිසිම දෙයකට දායකත්වය නොදෙන බව තමයි තිත්ත ඇත්ත. උදාහරණ ඕනේ තරම් දෙන්නම් ඔය බමුණුකුල කරන වැඩ ගැන. මාතේ කිවුව වගේ වෙන රටකට පනින එක තමයි ඉතුරු

      Delete
    2. ඔතන තියෙන්නේ රැවටීමක් නෙමෙයි. නරක අඩූම දේ තෝරා ගැන්මක්...

      Delete
  4. ආ අර කුණු බක්කි තුන කොහෙන්ද හොයා ගත්තේ ? මරුනේ

    ReplyDelete
    Replies
    1. මොනවා නැතත් ක්‍රියේටිව් පොරවල් ටිකක් නම් ඉන්නවා

      Delete
  5. //මේ කාළකන්නි මළ මූසල කුණු ජරා වී ඕජස් ගලන තුප්පහි රටේ, උපදෙස් දෙන්නට ඕනා තරම් හාල්පාරුවන් උන්නද, ඒවා ක්‍රියාත්මක ක්‍රීමට එකෙක්වත් නොමැති බව, දශක 50 ක් තිස්සේ අම්මට සිරි ලංකව පිළිබඳ ජීවිතාබෝධයෙන්ම ලබා ඇති ඇක්ස්පීරියන්ස් නිසාමය. මේ කාළකන්නි නියපොත්තෙන් කඩා දැමිය හැකිව යුද්ධයක් අවුරුදු 30 තිස්සේ එය අදායමක් කරගෙන ජීවත් වූ කාළකන්නීන්ය. මේ කුණු කන්ද නාය යන බවට නොයෙකුත් විශේෂඥ්ඥයින් සඳහන් කළද පයිසෙකට මායිම් නොකලේය. ඊළඟට එන්නේ අයිසීස් ප්‍රශ්ණයය. //
    --------එකෙන්ම AGREE----------

    මාතො, හරියට කුණු ටිකවත් අයින් කරගන්න බැරි එවුන් එක්ක වෙන කතා කතා කරලා වැඩක් නැහැ.

    අනිවා අද මීතොටමුල්ලේ නතර වුනාට තව කොහෙහරි තැනක අලුත් කුනුකන්දක් පටන් ගන්න එක පටන් ගන්නවාමයි.
    එතකොටත් මේ වෙච්චි අනතුර එතන අලුතෙන් පටන් ගන්නවා.එකට ට්ව ටික කාලයක් යාවි.

    ඒ එක්කම කියන්න එක දෙයක් තියෙනවා.
    අපි දවස ගානේ කරන වැඩ වලදී කිලෝ ගාණන් පොලිතින් ප්ලාස්ටික් මේ පරිසරයට එකතු වෙනවා කුණු හැටියට.
    ඒ ටික මොනා හරි කරලා අඩු කර ගන්න අපිට පුළුවන් නම් සමහරවිට ඒ ඉස්සරහට ගොඩගැහෙන කුණු කන්දේ උස අඩු කරගන්න පුළුවන් වෙයි.

    ඒ විසිකරන පොලිතින් ප්ලාස්ටික් එක්තරා ප්‍රමාණයක් වෙනකන් පාවිච්චිය අඩු කරන්න පුළුවන්.
    තව ප්‍රමාණයක් තව කීප වතාවක් පාවිච්චි කරන්න පුළුවන්.

    මේ මම ලියාපු ටික කියන්න ටහ්රම් කට පන තියෙන එකෙක්වත් අර මීහරක් 225 ඇතුලේ නැහැ.උන්ට ඕවා තේරෙන්නේත් නැහැ. තේරුම් ගන්න්න එකෙක් හරි හිටියත් උන්ට ඒ වැඩේ කරන්න අනිත් එවුන් ඉඩ දෙන්නේ නැහැ. අන්තිමේදී කවදාවත් වැඩේ වෙන්නේ නැහැ.

    ඒ හින්දා කරනවා නම් අපිටම තමයි කරගන්න සිද්ධ වෙන්නේ...

    --------------
    මාතො තව එකක්,
    උඹ දාලා තියෙන අර කුණු බක්කි ෆොටෝ එක නම් සුපිරි.
    මම පොඩ්ඩකට එක මගේ පොස්ට් එහෙකටත් ගත්තා ..
    අවුලක් නැහැනේ...

    ReplyDelete
    Replies
    1. පරිභෝජනවාදී සමාජයක මිනිස්සු තමන්ට මිළදී ගන්න පුළුවන් දේ මිළට ගෙන පරිභෝජනය කරනවා.. ඒවා පරිසරයට අහිතකරද පාරිභෝගියට අහිතකරද කියලා හොයලා බලන්න තමයි ආන්ඩු තියෙන්නේ. මිනිස්සු බදු ගෙවන්නේ ඒ කාළකන්නින් නඩත්තු කරන්න. ඒ නිසා ඕවා පාරිභෝගිකයන්ගේ වගකීම් නෙමෙයි. උන් "පාලනය " කරනා උන්ගේ වගකීම්.

      එකෙක් කියලා තිබුනා කුණු කන්ද නාය ගියේ ජනතාව නිසාමය කියලා. මොකෝ වෙන තැනකට දාන්න ගියාම ජනතාව විරුද්ධ උනාලු. උන්ගේ අම්මලට හැමනෙන්න ජනතාව විරුද්ධ උනා කියලා සැප වාහන නොගෙන උන්නද මුන්.

      Delete
    2. මාතො, සහතික ඇත්ත ...
      වාහන් කතාවත් එක්ක නම් මුන්ගේ අම්මලාට @#$නිනන්න තමයි තියෙන්නේ...

      Delete
  6. දියුණු රටවලට වඩා ලංකාව අවුරුදු 100 ක් පිටිපස්සේ කියන එකට හොදම උදාහරනය මේ කැලිකසල ප්‍රශ්ණයයි....ලෝකයේ අප්‍රද්‍රව්‍ය කලමණාකරණ තාක්ශණයත් එක්ක බැලුවම ලංකාව තියෙන්නේ ගල් යුගයටත් එහා.....

    ReplyDelete
    Replies
    1. ලංකාව කොච්චර ගොබ්බ රටක්ද ගෝත්‍රික ටරක්ද කියලා ලෝකයේ ආගම් භක්තිය වැඩිම රටවල් සෙට් එක දිහා බැලුවාම පේනවනේ

      Delete
  7. කුණු කදු 100ක් කඩා වැඩුනත් ගොබ්බ දේශපාලකයො එක එකාට බෝලෙ පාස් කර කර ඉදියි. ඒ වගේම ගොබ්බ දේශපාලකයො තරම්වත් වටින්නෙ නැති අපතයො සෙට් එකක් සයිබර් අවකාශෙ පොරවල් වෙන්න දගලයි.

    ReplyDelete
    Replies
    1. ඒකට ඉතින් ඉරිසියා කරලා වැඩක් නෑ... උන් කොහොමත් පොරවල් තමයි...

      Delete
  8. //මෙයට කිසිදා විසඳුමක් නොලැබෙන බවත්, මෙය තනිකර දේශපාලන මඩ ගොහොරක් බවත්, කාළකන්නි දේශපාලුවන්, පාතලය හා කුණු බිස්නස් කාරයන්ගේ මාෆියාවක් බවත්, එදා සඳහන් කළෙමු. //+++++++++++++

    ReplyDelete
  9. Replies
    1. තිත්ත ඇත්ත... ගඳ ගහන ඇත්ත...

      Delete
  10. කුණු කන්ද ඉවත් නොකළ යුතුය.....හා මචන්

    ReplyDelete
  11. කියන්න තියන දේ ලෙසටම කියල තියනව !

    ReplyDelete
  12. මහාචාර්ය මාතලන් මැතිතුමා කියනා දේ සත්‍යයි. මේ රටේ ආන්ඩු මහජනතාව රැකබලා ගන්නේ නැත. එම නිසා අයින් වෙලා පයින් යන එක නොහොත්, පොඩි පොඩි සයින්ස් දැක්කාම වැඩේ තේරුම් ගෙන ඉවත් වෙලා යන එකා දිනුම් ය.

    මේ තත්වය වඩාත් ම ඉදිරියට ගෙන ගොස් කේස් එකක් වෙච්චි වෙලාවට ගොහින් නවතින්න තව නිවෙසක් ද කිලෝමීටර කීපයක් ඈතින් තිබුනොත් වඩා හොඳය. ඒ ස්වබාවික ආපදා ඕනෑම අවස්තාවක ඕනෑම ප්‍රදේශයකට බලපෑ හැකි නිසා ය!

    ReplyDelete
    Replies
    1. අපිටනං අපේ යාලුවෙක්ගේ පොට් එකක් තියෙනවා . හදන කාලෙ නං අපි ගියා. ලඟදිම ගිහිං නවතින්න කියලා හිතං ඉන්නෙ.
      මීට ප්‍රාජේ

      Delete
    2. කුණු නැත. මඩ ඇත.

      Delete
    3. මිනිස්සු හිතාගෙන ඉන්නවා තමන් කවුරු හරි බලාගනී කියලා... මේක පට්ට ළදරු මානසිකත්වයක්... ආන්ඩුවෙන් හැම දේම බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා... ආන්ඩුවල ඉන්නේ හරක් නම්... උන්ගෙන් දේවල බලාපොරොත්තු වෙන උන් මී හරක්...

      Delete
  13. ජනතාව ආත්මාර්ථකාමී,අවස්ථාවාදී,මන්දබුද්ධ්කකම්වලින් ම්දෙනකම් මෙි රටට ොඩයාමක් නැ

    ReplyDelete
    Replies
    1. මේ රටේ එහෙම ජනතාව අඩුයි... අති බහුතරය හිඟන මානසිකත්වයක් ඉන්න උන්.. බහුතරය ආත්මාරථකාමි උනා නම් පාලකයන්ට් බල්ලෝ මාක් එකට වැටෙනවා...

      Delete
  14. //දශක 50 ක් තිස්සේ අම්මට සිරි ලංකව පිළිබඳ ජීවිතාබෝධයෙන්ම ලබා ඇති ඇක්ස්පීරියන්ස් නිසාමය//


    මාතලන් කියන්නෙත් අවුරුදු 500ක් වයස පොරක් ...


    කුණු ගැන නොදොඩා ඉමු...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... ඔහේ තිබුනාවේ අප්පා... නැත්නම් මේ කොමෙන්ට් එකෙන් වැඩක් නෑ නේ

      Delete
  15. //ඒ අස්සේ සිඟිති ආතල් දෙන මැටි මෝල් පරිසරවේදින් කියන්නේ මීතොටමුල්ලේ ඛේදවාචකයට අපද සම්මාදම් වී ඇති බවත්, අපි ඉවත දැමූ ටොපි කොලේ හා කෑම කොල නිසා මේ මිනිසුන් මිය ගිය බවත්ය. මේ බබාලාගේ කටට ටොපියක් දමා, කොලේ සාක්කුවට දමා අපට කීමට ඇත්තේ, අපට කුණු කන්න බැරි නිසා විසිකරනා බවත්, ඒවා කළමණාකරණය සඳහා වැට් වලට අමතරව වරිපනම් ගෙවනා බවත්, ඊටත් අමතරව කුණු එකතු කරනා පිරිසටද මසකට වෙනම මුදලක් ගෙවනා බවත්ය. ඔහේලාට ඕනා නම් කුණු කෑවාට අපට නම් අවුලක් ඇත්තේ නැතිය.//

    බලං යනකොට ඒකෙත් බොන්න ඕන කතාවක්
    ඒත් මාතෙ දියවන්නාවෙ උන් නොකරන එකේ මේකෙ ඉන්න අපිටවත් කොරන්න මුකුත් ඉතුරු වෙලා නැද්ද

    ReplyDelete
    Replies
    1. අපි කියලා මොනවා කරන්නද අප්පා...

      Delete
  16. ඔය කුණු කන්ද වෙනුවෙන් ආපු හැම යෝජනාවක්ම ක්‍රියාත්මක වුනේ නෑ. කවදාවත් ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. කුණු කන්ද නොමිලෙම අයිං කරන්න ආපු යෝජනා බොහොමයක් නැවතුනේ කොමිස් බලාපොරොත්තුවෙන් ඇදපු බකට් නිසා

    ReplyDelete
    Replies
    1. මේක මහා කාළකන්නි රටක්

      Delete
  17. ගංවතුර වෙලාවෙ වගේ සහන කණ්ඩායම්.ස්වේච්ඡා සංවිධාන එහෙම ගේමට බහින්නෙ නැත්තෙ ගංවතුරෙ ඔරු පදිනවා වගේ ආතල් එකක් මේකෙ නැතිනිසා වෙන්න ඇති. අර බෝට්ටු උස්සං ආපු නළුනිලියො, කෙසෙල් ගෙඩි ඇමතිලා එහෙම ආවෙ නැත්තෙ ඒකයි

    ReplyDelete
    Replies
    1. ගං වතුර වෙලාවෙත් ඔය පැත්තට තිබුනේ බලු සැලකීම්

      Delete
  18. පරිසරවේදින් නම් කෙසේ වෙතත් මාත් දැක්කා අපේ ටොෆි කොලේන් ඔහුන් වන්දි ගෙව්වා කියලා එක එක එවුන් දාල තියෙනවා,

    ReplyDelete
    Replies
    1. පිස්සු යක්කු... සමාජයක් ගැන මෙලෝ හසරක් නොදන්න බබාලා

      Delete
  19. “ ඇති යන්තම් මාතෙට පිං සිද්ධ වෙන්න ඒ මාරකෙන් බේරුනා “ කියල මටත් කියන්න වෙයි ද? කෝකටත් මම මේ අවුරුද්දෙ ට්‍රාන්ස්ෆ්ර් ඉල්ලනවා.
    අපි කාටත් කුණු ගොඩවල් අයින් කරන්න ,ලයිට් කණූ හිටුවන්න , ඉඩම් බෙදන්න , මුද්දර කාඩ් බෙදන්න , පිං පඩි ගෙවන්න , අලි එලවන්න , පාරවල් හදන්න , පාලම් බොක්කු දාන්න , ජල නල එලන්න .....ආදි අටෝ රාශියක් වැඩ කරන්න බැරි නිසා නිසා ඒ වෙනුවෙන් තීන්දු තීරණ ගන්න ඇහැකි කියල හිතපු හරක් සෙට් එකක් කතිර ගහල පත්කොරල යැවුවේ.... එහෙ තියද්දි දැන් ඒ වැඩ මේ අපටම අපටම කර ගන්න වෙනවා කියන්නේ මොන කරුමයක් ද?
    වසර අවසාන වාර්ෂික ස්ථාන මාරුවක් හරියටම ලැබෙන “ලොකු බොරුවක්“ සඳහා උපදෙස් අවශ්‍යව ඇත....

    ReplyDelete
    Replies
    1. ඒවට එකස්පර්ට්ලා නම් ඔනේ තරම් හැම තැනම ඉන්නේ....

      Delete
  20. මිනිසුන්ගෙ සෞක්‍යට කොහෙත්ම අදාළ නොවන ඉන්දු ලංකා ETCA ගිවිසුම අත්සන් කිරීමටත් පෙර එය අහෝසි කරණ ලෙස ඉල්ලමින් මරාගෙන මැරෙන සටනක් පටන් ගත්ත කුජීත GMOA දොස්තර මාෆියාව, මිනිසුන්ගෙ සෞක්‍යට කෙලින්ම බලපාන මේ මීතොටමුල්ලේ කුණු කන්ද ගැන කිසිදාක එක වචනයක්වත් කතා කෙලේ නෑ.

    ඊට හේතුව, කුණු කන්ද එතැනින් ඉවත් කිරීම හෝ ජීවිත තර්ජනයක් තිබෙන ඒ අසරණ මිනිසුන්ට විකල්ප වාසස්ථාන ලබාදීම උන්ට කිසිම ආර්ථික වාසියක් ලබීමටවත්, බාගෙට පයිත්තියන් වී ඉන්න හොර මහින්දයව නැවත රජ කරවීමටවත් කිසිසේත් උදව්වක් නොවීමයි.

    දියවන්නාවේ අරක්ගෙන ඉන්න අමන පරපෝෂිතයන්ට වාහණ සඳහා කිසිම හිරිකිතයක් නැතිව. එකාට රුපියල් ලක්‍ෂ 500 බැගින් වියදම් කරන්න පුළුවන් මේ රටේ, කුණු කන්දට යටවී මැරුණු අසරනයෙකුට ගෙවන වන්දිය රුපියල් ලක්‍ෂ 01 ක් පමණලු.

    ඉතින් මාතා කීව විදියට මේක //..කාළකන්නි මළ මූසල..// රටක්ම තමයි.


    ReplyDelete
    Replies
    1. දොස්තරලා කැත කුණු අතගාන්නේ නෑ නේ... ඒවා ඉතින් ඇටෙන්ඩොන්ලාගේ වැඩ...

      Delete
  21. මාතේ.

    මීතොට කුණු සිද්දිය සම්බන්දයෙන් අටමගේ පොස්ට් එකෙන් පස්සෙ දැක්ක සහ වන් ඇන්ඩ් ඔන්ලි මාතලන් ස්ටයිල් හොඳම පොස්ට් එක.

    කියන්ට ඕනි එව්වත් එක්කම උබ කියල.

    හුකා. පරිසර ඇමැතිත් ජනාදිපති හිටං කියල දැනන් හිටියෙ නැහැනේ හිටං.

    ඔය ලංකාව කියන කුණු කන්ද කවදාවත් පිරිසිදු කරන එකක් නෙමෙයි මචෝ.

    ඊළඟට එන්නෙ ස්යිසිස් කියලත් මේ ඔස්තාර් ල හොඳට මතක තියං හිටියොත් හොඳයි..

    👊🏽

    ReplyDelete
    Replies
    1. කිව්වා නාහන ගුරු
      ඉහළින් ගියොත් ඉහළ
      පහළින් ගියොත් පහළ

      Delete
  22. //
    ඒ අස්සේ සිඟිති ආතල් දෙන මැටි මෝල් පරිසරවේදින් කියන්නේ මීතොටමුල්ලේ ඛේදවාචකයට අපද සම්මාදම් වී ඇති බවත්, අපි ඉවත දැමූ ටොපි කොලේ හා කෑම කොල නිසා මේ මිනිසුන් මිය ගිය බවත්ය. මේ බබාලාගේ කටට ටොපියක් දමා, කොලේ සාක්කුවට දමා අපට කීමට ඇත්තේ, අපට කුණු කන්න බැරි නිසා විසිකරනා බවත්, ඒවා කළමණාකරණය සඳහා වැට් වලට අමතරව වරිපනම් ගෙවනා බවත්, ඊටත් අමතරව කුණු එකතු කරනා පිරිසටද මසකට වෙනම මුදලක් ගෙවනා බවත්ය. ඔහේලාට ඕනා නම් කුණු කෑවාට අපට නම් අවුලක් ඇත්තේ නැතිය.//
    මේ තමයි සුපිරිම කතාව. හැට්ස් ඕෆ්.

    ReplyDelete
  23. මාතලන්, ඔයා මේ කියන ගඳ ගහන දේශපාලුවෝ කැටගරියට අර ඔයා ඊළඟ විකල්ප නායකයා වශයෙන් නම් කරපු දේශපාලකයා අයිති නැද්ද???

    ReplyDelete
    Replies
    1. මොන දේශපාලකයාද? මම දේශපාලකයෙක් ප්‍රමෝට් කළේ නැත

      Delete
  24. මෙහෙව් නස්පැත්තියක්. ඒ මදිවට පල්ල ගිය මිනී පෙට්ටි!

    ReplyDelete
  25. හැමෝම පොරොන්දු වෙනවා මාස තුනෙන්, හයෙන්, කුණු කන්ද අයින් කරන්න. හැබැයි තාම බැරිඋනා, අළුතෙන් එකතුවෙන කුණු ටික පාරවල් වලින් අයින් කරන විදිහක් හොයා ගන්න.
    වගකිව යුත්තන්, හැට හුටා මාරක් ඉන්න පරිසර / සංවර්ධන / ආපදා කලමණාකරන ඇමති රොත්ත, මග ඇරල ඉඳැද්දී, ඇමති සාගලයි, පොලිස්පතියි, මිනිස්සුන්ගෙන් බැනුම් අහ අහ කරන සේවය අගේ කරන්න ඕනේ.
    ජනාධිපතිතුමා තාම අවුරුදු නෑගැම් ගිහිල්ලා ඉවර නැතුව ඇති මගේ හිතේ.

    ReplyDelete
    Replies
    1. පරිසරය පිරිසිඳුව තබා ගමු

      අපේ කුණු අපි කමු...!!!

      Delete
  26. කුණු වලිනුත් කොමිස්, කුණු ප්‍රොෙජක්ට් වලිනුත් කොමිස්, ප්‍රොෙජක්ට්වලට ගන්න ණයවලිනුත් කොමිස්,

    ReplyDelete
    Replies
    1. කුණු ආදයම් කන්දක්ය කියලා පරිසර වේදීනුත් කියන්නේ

      Delete
  27. අවුරුදු 30 ක් යුද්දය අද්දා වගේ තව අවුරුදු 25ක් වත් ඔය කුණු කදු කෙස් එක ඇදලා දියවන්නා යන්
    -හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න