.

.

Apr 12, 2017

අළුත් අවුරුදු, මහ සිකුරාදා සහ පාස්කු ඉරිදා - Sinhala New Year & Catholics of Sri Lanka



විශේෂ - සමාජ මාධ්‍ය ජාලයන් තුල ඉදිරියෙන්ම ඉන්නා අති විශිෂ්ඨ නිරමාණ කරුවකු වන. "සයිබර් වරිගේ උන්ඩියා" ගේ මෙම බුකි සටහන අළුත් අවුරුදු වෙනුවෙන් මා දුටු හොඳම සටහනයි.

සයිබර වරිගෙ උණ්ඩියා ගේ බුකි සටහනකි..

ලාංකික කිතුණු ජනතාව අතරද සිංහල අවුරුද්ද පිළිබඳව යම් විශ්වාස ඇති බව ඔබ දන්නවාද?.....

සාමාන්‍යයෙන් මහ සිකුරාදා හෙවත් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිපත් කිරීම (දුක්ඛ ප්‍රාප්තිය) සිහි කෙරෙන දිනය සහ ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් උත්ථානය වීම සැමරෙන පාස්කු ඉරිදා යන මේ දිනයන් දෙකට පසුව සිංහල අවුරුදු නැකැත් උදාවන්නේ නම් එම නව වසර සුභ නව වසරක් බවටත්, මෙහි අනෙක් පස සිදුවන්නේ නම් එම නව වසර අසුභ ඵල ගෙනදිය හැකි නව වසරක් ලෙසටත් ඔවුන්ගෙන් සමහර කොටස් විශ්වාස කරන බව මගේ කිතුණු නෑයෝ කියති......

මෙවර මේ අවස්ථා දෙකම එකම දිනයකට පැමිණ තිබේ......

මගේ මවගේ උපන්ගම පානදුරය වුවත් ඇය හැදුණේ වැඩුණේ වැඩිපුරම මීගමුව, කටුනේරිය සහ මූදුකටුව යන ප්‍රදේශ තුන ආශ්‍රිතවය.....ඒකත් කිතුණු විශ්වාසයන්ට පරිබාහිරව ඔවුන් පිළිගත් ජෞතිෂ්‍ය විශ්වාසයන් නිසාය.....ඇ‍ය උපන් ගමේ ජීවත් වීම ඇයටත්, ඇගේ දෙමාපියන්ට අපළ ගෙන දෙන බවට කිරුළපන ප්‍රදේශයේ මීට වසර පනහකට හැටකට පමණ පෙර ඉතා ජනප්‍රියව සිටි ජෞතිර් වේදියෙකු කියා තිබිණි......

මා ඉපදුණාට පසුවත් අවුරුද්දට මෙසේ මීගමු යෑම චාරිත්‍රයක් විය......මා කිතු දහම කුඩා කළදීම ප්‍රතික්ෂේප කළ අයෙකු වුවද, මහ සිකුරාදා දිනවලදී මාතෘ පාර්ශවය විසින් බලහත්කාරයෙන් පල්ලි ගෙන යනු ලබන්නෙකු නිසා, මේ චාරිත්‍ර වාරිත්‍ර සියල්ලට සාක්ෂි වූයෙමි......

කුරුසිය පාද නමස්කාරය හෙවත් ජේසු පාද සිප ගැනීමෙන් ඇරඹෙන ගීතිකා ගායනා, හෙවත් වසර දෙදහස් ගණනකට පෙර ජීවත්ව මරා දැමුණු බවට විශ්වාස කෙරෙන පුද්ගලයෙකු වෙනුවෙන් අඳෝනා කීමේ කම්මැලි විකාරය බලා ඉන්න බැරි තැන මම ඥාති ග්‍රහණයෙන් මිදී පල්ලියේ සුසාන භූමියට රිංගා ගනිමි......එයින් පසුව ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ගත කළ වරු තුනක කාළය සිහිපත් කරන "තුන් වරු දාන" දේශනා පැවැත්වෙන තුරු මම කරන්නේ සොහොන් කොත් වල ඇති නම්ගම් කියවමින්, එම සොහොනේ සතපවන ලද පුද්ගලයන් ජීවතුන් අතර සිටියදී කෙබඳු වන්නට ඇතිදැයි, එම සොහොන් අසළ ඇණ තබාගෙන, උපකල්පනය කිරීමයි......

එක් සොහොනක ලාබාල තරුණියකි......ඇය නිදි කුම්බා කටුවක් කකුළේ ඇනුණත් කෑ ගසා හඬන්නට ඇත......හුස්ම ටික යන මොහොතේ දැනෙන දරුණු වේදනාවට ඇ‍ය මොනවා කරන්නට ඇත්ද?.......තවත් සොහොන් කොතක මැදිවියේ කතකි.......ඇයගේ දරුවෙකු බිම වැටී හඬන විට ඇය මහත් සේ කම්පාවට පත්ව එදෙසට දිව යන්නට ඇත......පණ නළ සැඟව යන මොහොතේ ඇය කුමක් කල්පනා කරමින් සිටින්නට ඇතිද?.......කස පහර කා ලේ පෙරාගෙන කපාළ කන්ද දෙසට ඇවිදුවනු ලබන ජේසු මා ඉදිරියේ හදිසියේම බිම පතිතව කුරුසියේ බරට යටවෙයි.......මරියාව අඬාගෙන දිවවිත්, තම සලුවෙන් පුතුගේ හිස පසාරු කර ඔබන ලද කටු ඔටුන්නෙන් සිදුරු ලද තැන්වලින් ගලන රුධිරය පිස දමයි.......වේදනාවෙන් වෙව්ලන ජේසු නම් මිනිසා මරියාවන් දෙස ඉදිමුණු ඇහි පියල්ලා යම්තම් ඔසවාගෙන අසීරුවෙන් බලයි........එහි රැස්ව සිට නානාප්‍රකාර සන් දක්වන පිරිස් අතර මම ද සිටිමි.......මම එහි සිටි බව මට මතකය.......මතක කෙසේ දැයි නොදනිමි.........නමුත් එය මායාවක් හෝ ස්වප්නයක් නොවන බව හොඳටම විශ්වාසය.......එය මතකයකි........ඒ මතකය ආවේ කොතැනින්දැයි නොදනිමි........එය ආ දිශාව සිහිකරගනු වස් බර වූ හිස බිමට හොවා ගනිමි.........

යමෙකු මා දෙස බලා සිටින බවක් දැනී යළිත් හිස ඔසවා බලනවිට, හිස මුඩු කළ, දෙවුර පෙරවූ තරුණයෙකු සොහොනේ කුරුස ගසත්, මාත් අතර සිටගෙන සිටිනු දුටිමි.......හේ මගෙන් සොහොන් කොත සහ වෙසෙසින්ම එහි කුරුස ගස මුවා කරගෙන සිටියි........"ඔව් ඔබට මතකයි"........ඔහු කියයි........"මොනවද මට මතක?" කෝපාවිශ්ඨ වූ මම ඔහුගෙන් වැර යොදා අසමි......"ඒ පිරිස අතරේ සිටියේ ඔබ නොවේ......ඔබ නොවන්නේද නොවේ"...... තරුණයා කියයි......."කාළය"........."කාළය හරියට අවබෝධ කර ගනු !" එම තරුණයා ගම්භිරව පවසයි........"කාළය රේඛීයත් නෑ.......සමාන්තරත් නැහැ........බලන්න......හොඳින් බලන්න......බලන්නාට පෙනේ........."මෙය මෙතැනය, මෙය එතැනය" කියා සිතාගෙන කාළය දෙස බලන්න එපා........! ".......තත් සැණෙකින් ඒ ප්‍රාංශු දේහධාරී තරුණයාගේ රුව කැබලි සිලියන ගණනකට බිඳී විසිරී යයි..........යාබද නිවසක වාදනය වන බැක්ස්ට්‍රීට් බෝයිස්ලාගේ "අයි වෝන්ට් ඉට් දැට් වේ" ගීතය අනෙක් සියළු ශබ්ද අබිබවමින් ඇසේ.........

මේ සොහොන් වළවල් තුළට අතක් දමා, මෙහි සැතපී සිටිනවුන් පිටතට ඇදගෙන ඔවුන්ගේ බලාපොරොත්තු ගැන කථා කරන්නට මට මහත් ආසාවක් එයි........පල්ලිය තුළ සිරි කුරුස වන්දනාව ඇරඹේ.........අනෙක් සියලු කම්මැලි අඬො ඇඬියාවල් ගැන මතකය කෙසේ වෙතත්, සිරි කුරුස වන්දනාවේ මා සිත්ගත් එකම එක වාක්‍ය ඛණ්ඩයක් වෙයි........"යක්ෂයාගේ භයංකාරය වූ සිරි කුරුසියෙනි!" යන එම වැකිය ඇසෙන තෙක් මම පල්ලියේ පිටත බිත්තිය අසළට වී නො-ඉවසිල්ලෙන් අසා සිටිමි.........

පාස්කු ඉරිදාටත්, ඉන් ඉක්බිති අවුරුදාටත් මීගමුවෙන් රසවත් කෑම ලැබේ...........
අවුරුද්ද කළින් ආවොත් බොහෝ විට අවුරුදු කෑම නොලැබෙන්නේ එය චතාරික සමය වන නිසාය...........
ඒ නිසා අවුරුද්ද පාස්කුවට පස්සේ එනවාට මම හරි කැමතිය........
ඒ කෑම හරි රසය.......
මට ඕනෑ එපමණය.........

ලෝකය යහපත් තැනක් නොවේ......

ඒත් ලෝකයේ කෑම වර්ග හරි රසය........

55 comments:

  1. "ලෝකය යහපත් තැනක් නොවේ......ඒත් ලෝකයේ කෑම වර්ග හරි රසය........"
    සයිබර් වරිගයේ උන්ඩියාට විතරයි මේ වගේ හොඳ කල්පනාවක් ඇති වුනෙත්, සත්‍යය අවබෝධ වුනෙත්.

    ReplyDelete
  2. මේකා බඩජාරියෙක් නෙ

    ReplyDelete
    Replies
    1. හොඳට කන බොන කොල්ලෙක්

      Delete
  3. ස්තුතියි මාතලන්,
    මේ වගේ රසවත් හරවත් රචනා අපේ අවධානයට ගෙනෙනවාට.

    ReplyDelete
    Replies
    1. මාර ටැලන්ට් බුවාලා ඉන්නේ... අපරාදේ මුන්ගේ රසවත් සටහන් බුකියට සීමා වීම...

      Delete
    2. බ්ලොග් වලට වඩා ලොකු ඕඩියන්ස් එකක් බුකියෙ තියෙනවා ඒ නිසා කමක් නෑ

      Delete
    3. ඒ වුනාට දාපු එකක් හොයා ගන්න පණ යනවා. මම අත ඇරලා දාල තියෙන්නේ.

      Delete
    4. ඒ උනාට බුකියේ සීමාසහිත කම් අනන්තයි... ඒකයි කසීරත් ලියන්න ආවේ...

      Delete
  4. සොහොන් කොත් වල ඇති නම්ගම් කියවමින්, එම සොහොනේ සතපවන ලද පුද්ගලයන් ජීවතුන් අතර සිටියදී කෙබඳු වන්නට ඇතිදැයි, එම සොහොන් අසළ ඇණ තබාගෙන, උපකල්පනය කිරීමයි.///////////////////////මෙය මමද කරමි

    ReplyDelete
    Replies
    1. බොරැල්ල කනත්ත මා ප්‍රිය කරනා ස්ථානයකි...

      Delete
  5. නියම ටැලන්ටඩ් බුවෙක්. බ්ලොග් නොලිව්වා කියල අවුලක් නෑ. හොඳ දේ කොහේ තිබ්බත් අවධානයට ලක්වෙනවා. මෙහෙම හොඳට ලියන්න පුලුවං කීදෙනෙක් නං නිකම්ම ඉන්නවද. අපරාදෙ හරවත් යමක් කියවන්න තියෙන අවස්ථාව නැතුව යන එකනං

    ReplyDelete
    Replies
    1. සීනි කොහේ තිබුණත් කූඹි කනව නේද

      Delete
    2. ඌ කලින් ලියලා තියෙනවා... පට්ට බිසි පොරක්... ආයේ ආවොත් හොඳයි...

      සීනී බෝතල් වල දාලා වහලා තිබ්බාම කවුරුත් කන්නේ නෑ

      Delete
  6. ලස්සන කතාවක්. ඉවර වෙන කල්ම කියවෙව්වා .

    ReplyDelete
    Replies
    1. උන්ඩියගේ ලියවිලි බහුතරයම එහෙමයි

      Delete
  7. සුපිරිම ලියවිල්ලක්, මාතො...

    බොට කොහෙන් හම්බවෙනවාද මන්දා බන් මේ වගේ කෑලි...

    ReplyDelete
    Replies
    1. මාතලන් රිංගන්නේ නැති තැනක් තියෙයි

      Delete
  8. Friday sunday other people selibrate simple things. But sinhala tradision new year so mad and fool. No meen tradisions. long holidays no meen no need too. We are now 21 centary going but selibrate fool things.

    ReplyDelete
    Replies
    1. you right. Sinhalese are bloody pool and puke nool

      Delete
  9. කිතනුවෝ ජේසු තුමාගේ උප්පත්තිය නුතන කැලැන්ඩරයේ දෙසැම්බර් 25 වෙනිදායි ස්තිර වශයෙන්ම සමරනවානම් ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් උත්ථානය වීම සැමරෙන පාස්කු ඉරිදා දිනය, එහාට මෙහාට පනින්නේ එය ඉරිදාවක් වෙන නිසාද නැතිනම් ඒ ගැන ස්ථිර දිනයක් නොමැති නිසාද ?

    සමහරක් කිතුණු නෑයෝ කිතුණු විශ්වාසයන්ට පරිබාහිරව ඔවුන් පිළිගත් ජෞතිෂ්‍ය විශ්වාසයන් නිසාය.....
    මෙකාලය්දී කිතුනුවොත් දැන් ජෞතිෂ්‍ය විශ්වාසය කරන්න පටන් ගෙනද ?

    ReplyDelete
    Replies
    1. Astology no sientific.They all fool lys. Fools only bileve fool things.

      Delete
    2. දෙසැම්බර් 25 ක්‍රිස්තුස් වහන්සේ උපන් දිනයම නෙමේ කියල තමා දැන් නම් මතය. ඒක ඒ කාලේ තිබ්බ පේගන් චාරිත්‍රයක් දෙසැම්බර් 25 හිරු දෙවියන් සමරිමි. කොන්ස්තන්තිනු අධිරාජයා ක්‍රිස්තුස් උපන් දවස හැටියට ඒක දාල කිතු දහම වැළඳ ගත්ත.

      Delete
    3. ලංකාවේ අති බහුතරය ජෝතිෂය අදහනවාය. වැඩියෙන් ඒවා විවේච්නය කරන්නේ එවා පසුපස ගොස් කෙල උන උන්ය... ඒවා විශ්වාස කරනා උන්ය..

      Delete
  10. දිග වැඩියි.. කියෙව්වෙ නෑ..

    ReplyDelete
  11. මාතලන්,

    //සයිබර් වරිගේ උන්ඩියා" ගේ මෙම බුකි සටහන අළුත් අවුරුදු වෙනුවෙන් මා දුටු හොඳම සටහනයි.//

    ඔබගේ මූලික අදහස සමග එකඟයි.

    //අපරාදේ මුන්ගේ රසවත් සටහන් බුකියට සීමා වීම..//

    බ්ලොග් නොලිව්වා කියල අවුලක් නෑ. බ්ලොග් වලට වඩා ලොකු ඕඩියන්ස් එකක් බුකියෙ තියෙනවා, මේ වගේ ලස්සන කතා කොහේ තිබ්බත් අවධානයට ලක්වෙනවා.

    නමුත් බ්ලොග් වල ඇනෝ කමෙන්ට් ගැන යමක් පවසන්නම්. අප වැනි නිදහස් බ්ලොග් පාඨකයන් වඩා නිදහසේ නිවහල්ව ලෙහෙසියෙන් පහසුවෙන් ඇනෝ පැමිණ අදහස් දැක්වීමට කැමතියි. නමුත් ඔබ කිවූ ලෙසම ඉතාම හිරිකිත අශීලාචාර ලෙස බ්ලොග්කරුවන්ගේ දරුපවුල් පවා ගාවාගෙන කමෙන්ට් කොටන්නේ නම් ප්‍රොෆයිල් බ්ලොග්කරුවන් බව ශුවර්. මොකද අප වැනි සාමාන්‍ය පාඨකයන් බ්ලොග්කරුවන්ගේ වතගොත කිසිත් නොදන්නා නිසායි.

    ReplyDelete
    Replies
    1. ඕනෑම දෙයක් විනාශ කරන්නේ ඒ පිළිබඳ දැණුමක් අවබෝධයක් ඇති වුන්මය...

      Delete
  12. වැල්ලේ සූසාන භූමියක ඇති කුරුස පල්ලිය සිහි විය...

    ReplyDelete
    Replies
    1. ඊයෙ පෙරේදා මාළු ගේන්න මූදුකටුව වැල්ලට ගිහිං එද්දි කුරුස පල්ලිය ළඟින් ආවෙ. පල්ලිය එක්කම සොහොන් කොත්...

      Delete
    2. නොවෙම්බර් රේන් ගීතයේ ඇති දර්ශණ බොහෝමයකට මා පෙම් කරන්නේ ඔය හේතුවෙන්මය

      Delete
  13. අලු බදාදා නොවී අළු බදාදා වෙන්නෙ "අළු" මූලික වෙන නිසා. හැබැයි මාතේ අවුරුද්ද "අළුත්" නොවී "අලුත්" වෙනව නම් තමා හොඳ.

    ReplyDelete
    Replies
    1. ඕවා ගනන් ගන්න එපා මචෝ... හැමදේම වෙනස් වන ලෝකයක

      Delete
  14. "ලෝකය යහපත් තැනක් නොවේ
    ඒත් ලෝකයේ කෑම වර්ග හරි රසය"
    එච්චරයි..........

    ReplyDelete
  15. ලිපිය හොඳයි නමුත් මොකක්ද අඩුවක් තියනවා.ඒ කියන්නේ නැකතට අනුව දැන් මේ පාර සිංහල අවුරුද්ද කලින් ඇවිත් තියෙන්නේ කලින්. පොර කියන විධිහට ස්තුස් වහන්සේ කුරුසිපත් කිරීම (දුක්ඛ ප්‍රාප්තිය) සහ සිංහල අවුරුද්ද එක පර එන එක සමහර කිතුනුවන්ට අනුව අසුභයි කියල ලිපිය පටන් ගන්නේ. අප්සෙට්.

    ReplyDelete
    Replies
    1. කිසි අඩුවක් නෑ සයිබරේ කියපු දේ එදා හවසම සිද්ද උනා නොවෑ

      Delete
  16. සිංහල අවුරුද්ද කියන්නෙ සිංහල උත්සවයක් නෙමේ. ඒක කාලිංග මාග කියන පරය අපේ උන්ට කියල දීපු අවුරුද්දක්. මේ අවුරුද්දෙ වෙන්නෙම බෞද්ධ විරෝධී වැඩ. මිනිස්සු පාටි වල මස් මාලු කනව. අරක්කු බොනව. සිංහල තරුණ ගෑණු ළමයි තමන්ගෙ සංවරකම අමතක කරල තමන්ගෙ බුරිය පේන්න රෙද්දයි හැට්ටෙයි ඇදගෙන යනව. සිංහල කාන්තාව එදා රෙද්දයි හැට්ටෙයි ඇන්දෙ අගේ වියතක්වත් පේන්නෙ නැතිවෙන්න. සිංහල සංස්කෘතියට අනුව කාන්තාවකගෙ පේන්න පුලුවන් තැන් 5යි. ඒ ඔලුවයි වැලමිටින් පහල අත් දෙකයි යටිපතුල් දෙකයි විතරයි. ඒත් අද අපේ කාන්තාවො අපේම රෙද්දෙ හැට්ටෙ අදිනව බුරිය පේන්න. ඒ මදිවට සිංහල අවුරුද්දෙන් තම්බි මුදලාලිල හොදට හම්බ කරගන්නව.

    ReplyDelete
    Replies
    1. / සිංහල කාන්තාව එදා රෙද්දයි හැට්ටෙයි ඇන්දෙ අගේ වියතක්වත් පේන්නෙ නැතිවෙන්න. සිංහල සංස්කෘතියට අනුව කාන්තාවකගෙ පේන්න පුලුවන් තැන් 5යි. ඒ ඔලුවයි වැලමිටින් පහල අත් දෙකයි යටිපතුල් දෙකයි විතරයි.// තලිබාන් අයිසිස් ලෙවල් එකටම ඉන්නවනේ.

      Delete
    2. මෝඩයො ඕකෙ කොහෙද කියල තියෙන්නෙ ඔලුව වැහෙන්න ඕන කියල. මෙතන කතා කරල තියෙන්නෙ නියම සිංහල කාන්තාවො ඇදපු විදිහ.

      Delete
    3. ඔබේ බිරිදගේ රටේ කාන්තාවන් අදින විදිහට සිංහල කාන්තාවන් ඇදිය යුතුයි හිතන්න එපා. සිංහල කාන්තාවො ඉතාමත් සංවරව ඇදුම් ඇදපු ජාතියක්. දන්නෙ නැත්තන් මෙන්න සාක්ෂි
      පෙකණිය නොදක්වා
      සලු ඇද බොලට දක්වා
      නොපව තන සක්වා
      සිනා නොමසෙන් දසන් දක්වා

      Delete
    4. නුවණැති අනෝ 4.13 සහ 8.38 මෙහෙම ඇන්දේ කවුද:
      http://humus.livejournal.com/3779651.html
      ඔය ඔබ ලියල තියෙන්නේ සුද්දෝ ගෙන ආ ඊනියා වික්ටෝරියානු සදාචාරය. සීගිරියේ දාල තියෙන ලලනාවෝ මොන ඇඳුන් ද ඇඳන් හිටියේ. තලිබාන් සහ මුස්ලිම් ආගමේ සමහර තැන්වල ඔලුව වැහුවේ නැතත් අනිත් තැන වහගෙන යන්න ඕනේ. ටිකක් ලිහිල් කුවේට් තුර්කිය අසර්බයිජාන් වගේ රටවල.

      Delete
    5. https://www.pinterest.com/pin/138978338480696565/

      Delete
    6. සීගිරි චිත්‍ර කියන්නෙ බෙල් කියන පාහරය ලංකාවෙ සංස්කෘතිය විනාශ කරන්න කරපු වැඩක්. මෙන්න සාක්කි මේ ලින්ක් එකට ගිහින් අහපන්.
      https://youtu.be/Pb14incxShY?t=4480
      උඹ ඔය දාල තියන මගුල් චිත්‍ර ඔක්කොම සුද්දගෙ බොරු. සුද්දට ඕන උනේ ගෝත්‍රිකයො වගේ හිටපු ලංකාව උන් ශීලාචාර කරා කියන්න. ඒක හින්ද සොද්දො නිකන් හිතලු චිත්‍ර ටිකක් ඇදල ප්‍රසිද්ධ කරා මෙන්න ලංකාවෙ ගෑනු ඇදපු විදිහ කියන්න. එහෙම මිසාක් සුද්ද එන්න කලින් අපේ කාන්තාවො අත් දිගට ඇන්දෙ. විළුඹට එනකන් රෙද්ද ඇන්ද. බඩේ දශමයක්වත් පේන්න ඇන්දෙ නෑ. උඹ ඔය නුවර යුගේ දාල තියන චිත්‍ර ඔක්කොම බොරු. මට ඒක සාක්ෂිත් එක්ක ඔප්පු කරන්න පුලුවන් ඕන වෙලාවක.

      Delete
    7. //සීගිරි චිත්‍ර කියන්නෙ බෙල් කියන පාහරය ලංකාවෙ සංස්කෘතිය විනාශ කරන්න කරපු වැඩක්. // මේක මම අයි ඇහුවේ. අළුත් තර්කයක්.
      //උඹ ඔය දාල තියන මගුල් චිත්‍ර ඔක්කොම සුද්දගෙ බොරු. සුද්දට ඕන උනේ ගෝත්‍රිකයො වගේ හිටපු ලංකාව උන් ශීලාචාර කරා කියන්න// මේක වෙන්න පුළුවන්. අපේ එවුන් ළඟ කැමරා තිනන විධිහක් නැහැනේ. නමුත් සුද්ද හැට්ට ගලවල ඉන්න කියල පින්තූර ගත්ත කියලද උඹ කියන්නේ?
      //මට ඒක සාක්ෂිත් එක්ක ඔප්පු කරන්න පුලුවන් ඕන වෙලාවක.// මෙන්න මේ සාක්ෂි මොනවාද? මට හිතනවා සමහර වෙලාවට විහාර වල චිත්‍ර තියෙනෙන් ඇති කියල?
      මොනවාද සාක්ෂි? හොඳ බ්ලොග් ලිපියක් ලියන්න පුළුවන්. අපේ ගම පළාත්වල එක්තරා කුලයක ගැහැණුන් උඩට ඇන්දේ නැහැ 1970 අග වෙනකන්.

      Delete
    8. උඹලෑ ගම් පළාත්වල ගෑනු උඩට ඇන්දෙ නෑ කියන්නෙ මොකද්ද උඹලගෙ ගම් පළාත. ලංකාවෙ එහෙම ගම් තිබ්බ කියල කොහෙවත් අහල නෑ. අනිත් එක මෙතන තියෙන්නෙ ඔක්කොම සුද්ද ඇදපු චිත්‍ර. ෆොටෝ වගේ පෙනුනට ඔය ඔක්කොම ඇදපු චිත්‍ර. මන් සාක්ෂිත් එක්ක ඔප්පු කරන්නන් ඕව බොරු කියල. ඔය චිත්‍රවල උඩට නැතුව ඉන්න ගෑනුන්ගෙ තන්පුඩු හුගක් ලොකුයි. ඒත් ලංකාවෙ කාන්තාවන්ට ස්වභාවිකව ලොකු තන්පුඩු පිහිටන්නෙ නෑ. යුරෝපීය කාන්තාවන්ට තමා ලොකුවට තන්පුඩු පිහිටන්නෙ. සුද්ද ලංකාවෙ කාන්තාවන්ගෙ තන්පුඩු දැකලවත් නෑ ඌ හිතුව ලංකාවෙ ගෑනු අයටත් ලොකු තන්පුඩු ඇති කියල චිත්‍රවල ලොකුවට ඇන්ද. ඒකෙන්ම තේරෙනව මේව බොරු කියල. ලංකාවෙ කාන්තාවන්ගෙ ශරීරයක් දැකපු කෙනෙක්ට තේරෙනව මේක බොරු කියල. උඹ දැකලත් නැතුව ඇතිනෙ උඹ බැන්දෙත් සුද්දියෙක්නෙ.

      Delete
    9. සීගිරි චිත්‍ර ගැන නව මතයක්. නලීන් සිල්වා හා නාතදෙයියන්ටත් වඩා රැඩිකල් මතයක්. ලෝකෙ හැමතැනම තියනවා ලුටනික් ෆ්‍රින්ජ් තියරි .කොන්ස්පිරසි තියරීස්වලට සීමාවක් නැති බවට හොඳ සාධකයක්

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. https://en.wikipedia.org/wiki/Fringe_theory

      වරදවා වටහා ගන්න එපා.අපහාසයක් නෙමෙයි. "ලුනටික් ෆ්‍රින්ජ්" කිව්වට ඒ ජාතියේ තියරි තියන අය හැමෝම ලුනටික් නෑ. විවිධ හේතු නිසා තමන්ගේ දැනටම තියන pre-conceived තියරීස්වලට ගැලපෙන්න ඇත්තටම තියන දත්ත කරකවල අඹරල හදලා, pseudo science වලින් ඔප්පු කරලා තමන්ට ඕනෑ මාර්ගයට ගන්නවා.
      සීගිරි චිත්‍ර සිංහල සංස්කෘතිය විනාස කරන්න සුද්දෝ ඇඳපු ඒවා, එය බෙල් ගේ කුමණ්ත්‍රනයක් කියන එක ඒ ජාතියේ එක්ස්ට්‍රීම් එකටම ගිය එකක්. ඇහුව ගමන් හිනායනවා. පිස්සු කියල හිතෙනවා. ඒත් එක් එක් අන්තවාදී මත දරන්නන් /තම මතයන් කුමන ආකාරයකින් හෝ සාධාරණීකරනය කරන්නන්/ හැමදේම එක දෘෂ්ඨියකින් බලන්නන්/ ඇජෙන්ඩා සහිත අය ඔය වර්ගයේ නිගමනයන් ඉදිරිපත් කරනවා. හැබැයි ඒක යුනීක් එකක් නෙමෙයි. විවිධ රටවල විවිධ දේ ගැන ඔයිටත් වඩා අන්තවාදී කොන්ස්පිරසි මත තියනවා. ඒවාට වෙනම සංගම් හා ප්‍රකාශනත් තියෙන්නෙ. ලෝකේ පාලනය වන්නේ මිනිස්වෙස් ගත් ඒලියන්ස්ලා කියලා ඔප්පු කරන්න පොත් ලියවිලත් තියෙන්නේ. බෙල් සීගිරි චිත්‍ර ඇන්දුවා කියන එක ඊට අඩු ජාතියේ එකක්.

      Lunatic fringeවල වැඩ වලින් තියන එක ප්‍රශ්නයක් තමයි සමහර දේවල් ගැන හොයා බලන්න, රිසර්ච් කරන්න සමහරු බයයි තමනුත් අර එක්ස්ට්‍රීම් ගොඩට වැටෙයි කියලා.

      මට නම් මේ ඇනෝගේ මත ඇත්තටම ගොඩක් ඉන්ටරෙස්ටිං . මොකද පිටරට ඇති මේ වගේ දේවල් ගැන මං කියවලා සහ වෙනත් විෂයයකට අදාලව සොය බලා ඇති නිසා. ලංකාවේත් මේ තරමට් ඩිවලොප් වුන ෆ්‍රින්ජ් හා කොන්ස්පිරසි තියරීස් හමුවුන එක ඉන්ටරෙස්ටින්.
      1.සුද්දන් සීගිරි චිත්‍ර කුමණ්ත්‍රනයක් ලෙස කලාය කීම කොන්ස්පිරසි තියරි එකකට හොඳ උදාහරණයක්.
      2.ලංකාවේ කුල භේදය නිසා උඩට නොඇඳපු ගෑණු හිටියා කියන එක නොපිලිගන්නා එක කොන්ස්පිරසි තියරි වලින් තම මතය ඔප්පුකරන්නන් එයට විරුද්ධව ඇති සාධක සම්පූර්ණයෙන් දැඩි ලෙස බැහැර කිරීමට ඉතා හොඳ උදාහරණයක්.

      මේ ඇනෝ මහතා මාත් එක්ක කේන්ති නොගනිතැයි මං හිතනවා. ඔබේ මතයන්ගෙන් කියන දේ මට පිලිගැනීමට නොහැකි වුනත්, ඔබ ඔය වගේ එක්ස්ට්‍රීම් මතයන් ඉදිරිපත් කිරීම ගැන මං ස්තුතිවන්ත වෙනවා. මා අභව්‍ය කොන්ස්පිරසි තියරි ගැන මෙන්ම ඒවා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය ගැනත් කුතුහලය ඇත්තෙක්. ඔබේ ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය ජාත්‍යන්තර කොන්ස්පිරසි තියරිස්ට්ලා සමග බැලුවත් ෆැසිනේටින්.

      I do hope you were not just pulling our legs and having a good laugh at us ! If that is the case, I say - A good one mate !

      Delete
    12. ඇනෝ මහතා අපි පෞද්ගලිකව අපහාස නොකර යමුකෝ. මම බැන්දේ සුද්දියෙක් කියන්න මව දන්නා ප්‍රොෆයිල් ඇනෝ කෙනෙක් වෙන්න ඇතිනේ. මෙතන සිංහල ජාතියට අපහාසයක් කරල් නැහැ. ඉතිහාස දත්ත පිලිබඳ වෙනත් අදහසක් සාකච්චා කිරීමක් විතරයි. ගම්වල නම් කියන්න මම කැමති නැහැ . ඒ ගම්වලින් ආපු කෙනෙක් අපහාසයක් විධිහට ගන්න පුළුවන්. නමුත් හැත්තෑව දශකයේ රෙදි කඩක් පමණක් ඇඳගත් අය මා දැක තියනවා හැට්ට නැතිව. එතනින් එහාට දැක්ක කියා මතකයක් නම් නැහැ. නමුත් පොඩ්ඩක් හොයා බලන්න එහෙම ගම් ගැන. එහම් නැත්නම් හා ඉන් ඔබට තරහක් ඇති වෙනවා නම් ඒ ගැන කතා නොකර ඉමු.

      Delete
    13. ඔබ සඳහන් කරනා කරුණු ගැන මගේ අදහස බොහෝ විට ඉදිරිපත් කර ඇති බැවින්... නැවත් ලියන්නට නොයමි... සංවාදයට එක් වූ ඇනෝට ප්‍රාට හා අජියාට මාගේ ප්‍රමාණය... බ්ලොග් පවතින්නේ මෙවන් සංවාද තුලය...

      Delete
  17. ලෝකය යහපත් තැනක් නොවේ......

    ඒත් ලෝකයේ කෑම වර්ග හරි රසය........
    මට.් ඇහුනෙ එච්චරයි

    ReplyDelete
    Replies
    1. එකෙන්ම... මටත් වැදුන තැන එතන

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න