.

.

May 12, 2017

සිරිසේනගේ අපාය සහායක මිත්‍රයෝ - Friends you should get rid of




එලොවටත් නැති මෙලොවටත් නැති ලෝක මහා බෞද්ධ සම්මේලනයක් කියා එකක් මේ රටේ තිබ්බාම මුළු ලෝකේම ඒ දෙස බලා සිටිනවා කියා කිව්වාට, එහෙම එකක් අපි නම් ඉන්ටර්නැෂනල් වල නිව්ස් වල නම් දැක්කේ නැතිය. කෙසේ වෙතත් විප්ලවයකින් පත්වන ආන්ඩුවකට හැර (ජනවාරි 8 විප්ලව වාගේ ඒවා නම් නොවේ) බුද්ධාගාම හා කහකඩ සිවුරුකාරයින්ගේ සප් එක නැතිව ආන්ඩුවක් ගෙන යන්න බැරි ගානට, දැන් හැම පක්ෂේ එකාම පළතුරු වට්ටියකුත් උස්සගෙන පඩයක් ගියත් දුවන්නේ මහා නායක උන්නාන්සේලා වෙතය. උන් නාන්සේලා ඇවිල්ලා ජනතාවට ආදරේ පිරිසක් නෙමේය. එහෙම උන් නාන්සේලා නම් "සුන්දර නුවර" වායූ දූෂණ නඟරයක් වෙද්දි පාරවල් වසාගෙන ගෙම්බර් දාන්නේ නැතිය.

මේ සම්මේලනේදී මරු මරු රස කතා සෙට් එකක්ම කිය උනේය. රනිල් උන්නැහේ නම් කිව්වේ ,අනාගතේ ඇති වන ව්‍යසනයන්ට ලොව පුරා බුද්ධාගම වැපිරුවාම ප්‍රශ්ණ ඔක්කෝම නැති වෙනවා කියලාය. එයා දන්නේ නැති උනාට, බුද්ධාගම වැපිරීම කෙසේ වෙතත්, ලංකාවේ ඉස්ලාම් තලෙයිබාන්කරණයක් නම් නැගලාම යන බව සම හරක් විට උන්නැහේ දන්නේ නැතිවා වෙන්නට පුළුවන්ය. ඒවා මහා නායක යක්කුන්ටද පේන්නේ නැති අතර, ඒවා පෙන්නේ නානසාරලා වාගේ අයට ඉතරමය. ඒත් නානසාරලාත් බල්ලෝ කරලා දාන්න තරම් අරුන් බලවත් උනේය. ඒ පැත්ත එහෙමය.

කවදත් සිරා ටෝක් දෙන සිරිසේන උන්නැහේ කිව්වේ බුද්ධාගමේ සියළුම ප්‍රශ්ණ වලට උත්තර තියෙනවාය කියලාය. සමහර විට එහෙම තියෙනවාත් ඇතිය. ඒත් ඒ තියෙන දේවල් එයා දන්නවාද කියා සැකයක් ඇති වන්නේ, උන්නැහේ නානා නෑම බලාගෙනම ඉන්න බැරි හන්දාය. ඒ හන්දා උන්නැහේට පරලෝ වශයෙන් කෙසේ වෙතත්, මෙලෝ වශයෙන් පටිසන් දිය හැකි ඉල්ලාගෙන කෑමක් ගැන කියන්නට මේ පල් හෑල්ල වෙන කොරනවාය.

බුද්ධාගමේ තිබෙනා එක එක සූත්තර අතරේ, සිඟාලෝවාද සූත්තරේ කියා එකක් තියෙනවාය. ආන් ඒකේ ඇසුරට නොගත යුතු මිතුරන් හතර දෙනෙක් ගැනද, ඇසුර කළ යුතු කල්‍යාණ මිතුරන් හතර දෙනෙක් පිළිබඳවද කරුණු දක්කලා තියෙනවාය. අද මෛත්‍රිපාල සිරිසේන රෙද්ද අස්සේ දාගෙන පට්ට ආතල් එකක් ගන්නේ, මේන් මේ කල්‍යාණ මිත්තරයන් නොව, නොම්මර එකේ කාළකන්නි හතුරන් සෙට් එකක්ය. එම කාළකන්නි මිතුරන් සතර දෙනා නම්,

1. අඤ්ඤදත්ථුහර
2. වචීපරම
3. අනුප්පියභාණී
4. අපාය සහාය යනුවෙනි.

අඤ්ඤදත්ථුහර
විවිධ ලාබ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් පැමිණෙන මිතුරන් ය. නූතන සමාජයේ මෙවැනි පුද්ගලයන් බහුලය. ඔවුන්ගේ අපේක්‍ෂාව විවිධ තනතුරු, මිල මුදල්, ඉඩකඩම් ආදී තම අවශ්‍යතා ඉටු කර ගැනීමේ පරමාර්ථයෙන් යුතුව ඇසුර පතයි. මෙම පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා යාමේ දී විවිධ දූෂණ, දේපොළ හානි, ජීවිත හානි පවා සිදුවීමට පුළුවන. මෙවැනි මිතුරන් හා සබඳකම් පැවැත්වීම මගින් තමාද අනාරක්‍ෂිත තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැකි ය. පුද්ගල හා සමාජ සංවර්ධනයක් අපේක්‍ෂා කරන්නේ නම්,මෙසේ ලාභ අපේක්‍ෂාවෙන් ඇසුර පතන්නන්, දුරු කොට, හුදකලාව වුව ජීවත්වීම යහපත්වේ.


එදා මහින්ද අගමැති කරන්නට පවා සප් එක දී අද සිරිසේනට දිරච්ච ලණු දෙන උන් සියල්ලන්ම මේ ඝනයට අයත් වේ.  විශේෂයෙන් සිරිසේනගේ පිහිටෙන්ම ජාතික ලැයිස්තුවෙන් රිංගු පිංගුත්තරයලා.


වචීපරම
මෙම ගණයට අයත් වන මිතුරන් ඕනෑම කටයුත්තකදී වචනයෙන් පමණක් සුහදව සංග්‍රහ කෙරේ. තම මිතුරා වෙනුවෙන් යම් අවස්ථාවක් උදා වූ විට හොඳයි සලකා බලන්නම් කිසි දේකට බියවන්න එපා. ඕනෑම දේකට මම ඉන්නවා. ආදී වශයෙන් පවා රැවටීමට සලස්වයි. ලාබ ප්‍රයෝජනයක් අත්වුවහොත් ඉන් උපරිම ඵල විඳ සතුටට පත් වෙයි. වචී පරම ගණයට අයත් වන මිතුරන් එදා මෙන්ම අද සමාජයේ ද බහුල වශයෙන් දැකිය හැකි ය. මෙවැනි මිතුරන් ඇසුරින් දුරුකිරීම බුද්ධිමතාගේ ලක්‍ෂණයකි.


අද සිරිසේන ලඟ ඉන්නා හැම සිරි ලංකා කාරයාගෙම හඳවතේ ඉන්නේ මහින්දය. ඝෝඨා හෝ බැසිල් හෝ වුවද උන්ට කම් නැත. ඊළඟ චන්දයේ මහින්ද පාර්ෂවයෙන් ඉල්ලන ඕන එකෙක් සමඟ මුන් පෙල ගැසෙනවාමය. 


අනුප්පියභාණී
මිතුරා කරන හොඳ දේවල් මෙන්ම නරක දේවල් ද අනුමත කිරීම අනුප්පියභාණිගේ ස්වභාවයයි. එය යහපත් කල්‍යාණ මිත්‍රයකුගේ ලක්‍ෂණයක් නොවේ. නිරතුරුවම සමජයට අවශ්‍ය වන්නේ හොඳ දේ අගය කරමින් ඒ අනුව ඹ්වත්වන මිනිසුන් ය. නූතන සමාජයේ බහුතරය අවංක මිතුරන් යැයි විශ්වාස කොට කරන හොඳ දේ මෙන්ම නරක දේවල් ද වේ. මින් නරක දේ අනුමත කිරීම තුළින් තමා හොඳ වූවත් එය පිරිහීමට ලක්වනු ඇත. අනුප්පියභාණි මිතුරන් ඇසුරින් දුරුකොට හුදකලාව ජීවත්වීම වුව යහපත් වේ.

නමුත් සිරිසේන ළඟ ඉන්නා උන් මීටත් අන්ත උන්ය. උන් හොඳ දෙයට හරස් කපනා අතරේ, නරක දේට ෆුල් සප් එක දෙති. සයිටම් වලදි ඩොකාලාගේ පාර්ෂවයට මෙන්ම වර්ජන වලදි වර්ජකයන්ගේ පැත්ත ගැනීම මීට උදාහරණය. එනයින් උන් ආන්ඩු විරෝධීන් මෙන්ම සිරිසේන විරෝධීන්ද වේ. 

අපාය සහායක
මිතුරු වෙසින් සිට මෙලොව පරිහානිය මෙන්ම පරලොව පරිහානිය උදාකරවන පුද්ගලයා අපාය සහායක ගණයට වැටේ. මත්කුඩු, සුරාව, සූදුව, පරස්ත්‍රී සේවනය ආදී දුසිරිත්වල යෙදෙන හෝ තම මිතුරා ද ඊට යොමු කරවයි. පොළඹවයි. නොදැනුවත්වම මෙයින් සිදුවන්නේ මහා විපතකි. සමස්ත ජීවිතයම අඳුරට හෙළා දැමීමකි. එබැවින් අපාය සහායක මිතුරු, මිතුරියන්ගෙන් වෙන්ව ජීවත්වීම යහපත් වේ.

අපාය සහායක මිතුරු මිතුරියන් සමාජයේ සභාපති මහින්ද මහත්තයාය. උන්නැහේ ළඟ ඉන්නා තරමක් උන්නේ එහෙම බඩුය. නමුත් වාසනවාකට මෙන් ඉන් අති බහුතරය අදටත් ඉන්නේ මහින්ද මහත්තයාත් එක්කමය. සුළු පිරිසක් පමණක් බිස්නස් ගෙන යාම සඳහා සිරිසේන ලොක්කා සමඟ උන්නත්, ගේමක් ආපු ගම උන් හිටගන්නේ පක්ෂයේ සභාපති සමඟ නොව අපාය සහායක සංගමයේ සභාපති සමඟය. 

මෙසේ ඇසුරින් වෙන් කළ යුතු, මිතුරු වේශයෙන් පෙනී සිටින මිත්‍ර ප්‍රතිරූපකයත් පිළිබඳ මනා පැහැදිලි කිරීමක් කරන, සිඟාලෝවාද සූත්‍ර දේශනාව, ඇසුරට සුදුසු යහපත්, කල්‍යාණ මිතුරන් සිවු දෙනෙකු, පෙන්වා දෙනු ලැබ ඇත.

1. උදව් උපකාර කරන උපකාරක මිත්‍රයා
2. දුක සැප දෙකේදීම කිසිදු වෙනසක් නොමැතිව එක්ව සිටින සමාන සුඛ දුක්ඛ මිත්‍රයා
3. දියුණුවට අත හිත දෙනා අත්ථක්ඛායි මිත්‍රයා
4. කරුණාවන්තව හා අනුකම්පාවෙන් ක්‍රියා කරන අනුකම්පක මිත්‍රයා යනුවෙනි.

මෙවන් මිතුරන් උන්නැහේට සිටිනවාද, සිටින්නේද, සිටියා නම් අද ඔවුන් තමන් සමඟ සිටින්නේද යන්න ගුලි ගිලිනා හා දිරච්ච ලණු කන වේලාව මේ ගැන සිතීමට යොමු කිරීමෙන් යහපතක් උදා වන්නේ අපට නම් නොව උන්නැහේටමය.

කොහේවත් සිට ආ හිඟන ජෝන් සෙනෙවිරත්නලාට, මහින්ද අමරවීරලාට, මහින්දගෙනුත් ගුටි කෑ සුසිල් ප්‍රේමජයන්තලාට තැන දෙන්නට, රාජිතලාට කෙලින්න යනවා නම් සිරිසේනට වෙන්නේත් භාරතලාට ගේම දීපූ මහින්දට උන දේ මිස වෙන මොනවත් නෙමේය. උතුරු මැද පලා බබා පෙරලා දුමින්දගේ තාත්තා ළඟ උන් බොඩි ගාඩ්ලාට පිස්සු කෙලින්න  දී උන් දුමින්දට අරිනකන් බලා ගෙන ඉන්නේ නම් ඒවා අමු කැත වැඩය. ජීවිත පරදුවට තබා උන්නැහේ එක්ක එලියට බැස්සේ ජෝන් බාස්ලාවාත් අමරවීරලාවත් ඩිලාන්ලාවත් සුසිල්ලාවත් දයාසිරිලාත් නොව රාජිතලා හා දුමින්දලා පමණි. 

මුල අමතක වන එකාට කොහෙතම පැවත්මක් ඇත්තේ නැති බව අතීත කතා වල නොව වත්මන් කතා තුලත් අගේට පෙන්වා තිබෙනවාය. මහින්ද සම්ඟ ගොස චන්ද්‍රිකාට පුක පෙන්වූ උන් අද චන්ද්‍රිකා ලඟ ඇඹරෙන හැටි දැක්කාම අපට දුක හිතෙනවාය. ඒවාට කියන්නේ මෙලෝ වශයෙන් පටිසන් දෙනවා කියලාය.

කොහොමත් සිරිසේනට සිරි ලංකා නිදහස් පක්ෂය සමඟ අනාගතයක් ඇත්තේ නැත. ඒ නිසා ඔය පක්ෂයේ උන් සමඟ ජෝගි නටනවාට වඩා කළ යුතු වන්නේ තමන් බලයට පත්කළ බලවේග හා පක්ෂ සමඟ හොඳහිත පවත්වාගෙන ගොස්, නැවතත් පොදු අපේක්ෂයා ලෙස ඉදිරිපත් වීම පමණි. නැත්නම් උන්නැහේට වෙන්නේ ඇප නැති වීම පමණක් නොවේ ඇටත් හොයා ගන්නට නැති වීම පමණි.

“න භජේ පාපකේ මිත්තේ
න භජේ පුරිසාධමේ
භජේථ මිත්තෙ කල්‍යාණේ
භපේථ පුරිසුත්තමෙ

- ධම්මපදය -

සමහර උපුටා ගැනීම්,

37 comments:

  1. සිරිසේනට කඩේ ගිය මාතලංට රෙද්දෙ රෙවිල නං දොඩවනවා. ජනවාරි 8 ට කලින් ලියල දාපු පෝස්ට් එකක් දෙකක් කියෙවුවනං තේරුම් ගන්න පුලුවන් ජොකියාට වෙලා තියනදේ

    ReplyDelete
    Replies
    1. ඔව් අපි තාමත් කඩේ යනවා... මොකෝ වෙනස අපට සැපයි...

      Delete
    2. සිත නිවන කතා...

      Delete
    3. අහෝ මාතලන්....රෙද්දේ රේවි ඇත.............

      Delete
  2. බුදුදහම දිහා කෝචොක් එකට බලන අයට යමක් ලියන්න වුනාම ඒ දැනුම ලබාගන්න වෙන්නෙත් බුදු දහමේම පිහිට තමයි කියන එකට හොඳම උදාහරණයක් තමයි මේක.

    ReplyDelete
    Replies
    1. බුදු දහමට කොචොක් දාන්නේ නම් නෑ.. ඒත් මෝඩ මෝඩ බෞද්ධයන්ට හා මෝඩ කතාවලට නම් කොචොක් දානවා

      Delete
  3. Replies
    1. අනාගතේදී තීරණය වේවී...

      Delete
    2. Trans SylvaniaMay 12, 2017 at 11:49 AM
      sirisenaya modaya
      Reply
      Replies

      AnonymousMay 13, 2017 at 12:49 AM
      එතකොට උඹ මොකදා මැන්ටල් ඩොකෝ

      Reply
      Replies

      AnonymousMay 13, 2017 at 3:10 AM
      Trans SylvaniaMay 12, 2017 at 11:49 AM
      sirisenaya modaya
      Reply
      Replies

      AnonymousMay 13, 2017 at 12:49 AM
      එතකොට උඹ මොකදා මැන්ටල් ඩොකෝ

      මකන්නේ මොකෝ ඇයි බයද ඩොකාට ? නඩු දායි කියලා

      දැන් ඩොකාට සතුටුයි ද මාතලන්ගේ කොමන්ට් එකට

      අයිත් මකහන් මාතලන් ඊට පස්සේ ඔනෙනම් Xකහන්

      Delete
  4. සාධු !! සාධු !!සාධු !!

    ReplyDelete
  5. සිරිසේන මහතා පක්ශ සභාපති ලණුව ගිලීම මේ සැමට හේතුවයි කියලා අපිට හිතෙනවා

    ReplyDelete
    Replies
    1. මහින්දට කඩන්න බැරි උනේ ශ්‍රීලනිපය විතරයි... ඒකත් කොරලා තමයි පොර නවතින්නේ...

      Delete
    2. ශ්‍රීලනිපෙ කැඩිලා නෑ..... ‍බෝඩ් ලෑල්ලක් බදන් හිටියට ඒක පස්සය හැටියට ගනන් ගන්න බැහැනේ...

      Delete
  6. සාදු සාදු සාදු.. අද උදෑසන ධර්මානුශාසනාව අනගාරික මාතලන් තුමාගෙනි. ඔන්න හෙට මම සෝවාන් වෙලා එහෙම තිබ්බොත් මාතලන් තුමා හන්දා තමා ඉතින්..

    ReplyDelete
    Replies
    1. යකෝ අනගාරික වෙන්නේ කොහොමෙයි ලමයි බමයි හෙම හිටිද්දි

      Delete
    2. අනගාරික උනාම ළමයි හදන්න බෑ කියල කොහෙද යකෝ තියෙන්නෙ.

      Delete
    3. භාගේට වැඩක් නෑ නලියෝ.
      කෙලින්ම නිවන්ම යන්න ඕනා

      Delete
  7. සා....දූ....... කියන්න පිංවත සා......දූ............. කියන්න..


    ජ ය වේ වා !!!

    ReplyDelete
  8. //
    අඤ්ඤදත්ථුහර
    විවිධ ලාබ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් පැමිණෙන මිතුරන් ය. නූතන සමාජයේ මෙවැනි පුද්ගලයන් බහුලය. ඔවුන්ගේ අපේක්‍ෂාව විවිධ තනතුරු, මිල මුදල්, ඉඩකඩම් ආදී තම අවශ්‍යතා ඉටු කර ගැනීමේ පරමාර්ථයෙන් යුතුව ඇසුර පතයි. //


    ඔහෙගෙ ලිස්ට් එකේ සරස තුමා වගේ කස්ටියට ට මුල් තැන දුන්නු එකට බොහොම ස්තූතියි හිටන්!

    පින්බර නිදහස් පක්ශයක් වේවා!

    ReplyDelete
    Replies
    1. අපි නම් ඉතින් කල්‍යාණ මිත්තරයෝ වෙච්චි කොට

      Delete
  9. මාතා,

    //ඒත් ඒ තියෙන දේවල් එයා දන්නවාද කියා සැකයක් ඇති වන්නේ, උන්නැහේ නානා නෑම බලාගෙනම ඉන්න බැරි හන්දාය.//
    මේ නිසා තමයි මේවා පත්තරේ දාන්න ඕනේ මොකද ලොක්ක දැනගන්නේ පත්තරෙන්නේ !!!

    //කොහොමත් සිරිසේනට සිරි ලංකා නිදහස් පක්ෂය සමඟ අනාගතයක් ඇත්තේ නැත. //
    හැබැයි උන්දැට එක්සත් ජාතික පක්ෂය සමගත් අනාගතයක් නෑ මොකද එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් උන්නැහැව තම නායකයා හැටියට සලකන්නේ නෑ
    ඔහුට ජනතාව අතර බලය තියෙන්නේ ජනතාවට දුන්න පොරොන්දු ඉටුකරනවානම් විතරයි, නමුත් එහෙම කලොත් තමන්ගේ සහෝදරයන්වත් ඉතුරු වෙන්නේ නෑ.

    රාජිතල දුමින්දලත් හොරු තමයි ලොක්ක, මම හැමදාම දුම්මින්දගේ කෘෂිකර්ම ගොඩනැගිල්ල ලගින් යනකොට හිතන්නේ මොන අපරාදයක් කියල හිතන ගමන්, රාජිතත් ඔවුෂද පනත ගෙනල්ල කරපු ජිල් මාර්ට් එක ලොක්ක දන්නවනේ

    ReplyDelete
    Replies
    1. වං හුං අනුව නම් ලොක්කා මේක කියවනවා

      ඇත්තටම ලොක්කා පත් කල උන්ගෙන අති බහුතරය එජාපේ.. රනිල් එක්ක අවුල් දාගන්නේ නැතිව ඉන්නවා නම් ආයෙත් පොද්දා ලෙස ලොක්කට ඉල්ලන්න පුළුවන්... මොකෝ ඝෝඨාභයට යන්නේ හින්ගල බෞද්ධ ඡන්ද ඉතරයි...

      ඔක්කෝඅම හොරු තමයි ලංකා... අන්තීමට රන්ජනුත් ගඟ ගලන අතටම ගියේ...

      Delete
  10. ///එයා දන්නේ නැති උනාට, බුද්ධාගම වැපිරීම කෙසේ වෙතත්, ලංකාවේ ඉස්ලාම් තලෙයිබාන්කරණයක් නම් නැගලාම යන බව සම හරක් විට උන්නැහේ දන්නේ නැතිවා වෙන්නට පුළුවන්ය.///

    අඩෝ මේවා ලිව්වහම සංහිඳියාවට කෙළ වෙයි...

    ReplyDelete
  11. ලස්සන වැඩේ කියන්නෙ මචං, සිරිසේන ලොක්ක ලං කරගෙන ඉන්නේ මරාගෙ හොර හවුලේ ඉඳගෙන, සිරාට කෙලවන්න ෆුල් ගේම ඇද්ද එවුන්නේ.
    අපිට තේරෙණ එක ලොක්කට නොතේරෙන්නේ මිනිහගෙ උණ්ඩුකපුච්චේ අයින් කරල වත්ද? කියල හිතෙනවා.

    අනිත් එක, ඔය මල්වට්ටි ඔලුවෙ තියාගෙන ගිහින් බෝ ගස්වල ඔලුව ගහගන්න, පලතුරු වට්ටි හා ලෑන්ඩ් කෘෂර්, BMW සංග බොස්ලට පුජා කරණ ඔය මෝඩ වාහෙලා, බුදු හාමුදුරුවො තමන්ගේ යහපත උදෙසා දෙසූ ධර්මය ගැන මෙලෝ හසරක් දන්නේ නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. මුන් ඒක කරන්නෙත් බොරුවට... ඔය ඔක්කෝටම වඩා රනිල් දන්නවා බුද්ධාගම ගැන

      Delete
  12. මරු ලෝක බෞද්ද මහා සම්මේලනය මාතෙ. ඒ මදිවට වෙසක් දවස ජාත්‍යන්තර නිවාඩු දිනයක්ලු. ඒ ජාත්‍යන්තරේ ට ඉන්නෙ ලංකාව නේපාලය වගේ රටවල් විතරද දන්නෑ හිටං 🙈)

    ලංකාවට මෙච්චරකල් තිබුණ එකම අඩුව වුන බුද්දගයාවත් හැදෙන එකේ කොච්චර කියල සන්තෝස වෙන්නද? රැකියා දස ලක්ෂයක් නේ?

    ඊට පස්සෙ පොසොන් ෆෙස්ටිවල්.

    නිකමට හරි නුවර ඇසළ ෆෙස්ටිවල් එකටවත් සුද්දො ටිකක් වැඩිපුර නාවොත් නිකං හම්බෙන සංචාරක විනිමයත් නැති වෙයි.

    ආගම නේ...
    මුදුන් මල්කඩ නේ..

    ලංකාවෙ නේ..

    🤣🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. මෝහෙන් මුලාවෙලා
      මානෙන් උදම් වෙලා
      තන්හාව ද්වේශ මෝහ පාරේ
      මිනිසා කොහේද මේ

      Delete
  13. නරේන්ද්‍ර මෝඩි තරම්
    බණ දන්න කෙනෙක් නැතිතරම්

    ReplyDelete
    Replies
    1. නරේන්ද්‍ර කියන්නේ රජා කියන එක... ඔහු කොහොමත් රජෙක්

      Delete
  14. ඔන්න ඕවා අල්ලලා දාලා බුලත්විටක් කාලා හිටිං මාතෙ

    ReplyDelete
    Replies
    1. අම්මපා ඉවාන් කොලුවෝ..
      දත් හයිය නැති උනත්... පුවක් කෑල්ල කුඩු වෙන්න හපලා.. අඩුම කුඩුම ඔක්කෝම එක්ක විටක් කන්න මටත් හිතුනා බං....

      Delete
  15. මාතලන් ඔබ කියන්නේ සිගෝලාවාද සූත්‍රයද නැත්නම් පරාභව සූත්‍රයද!

    ReplyDelete
  16. සමන්තභද්‍ර මහා රහතන් ගෙන් ගාථා ටියුෂන් වත් ගියා ද බන් ටියුෂන් එපා කියා කිය. මේක සිරිසේන මහත්තයට යැව්වේ නැත්ද? පව් නේ.

    ReplyDelete
  17. ලංකාවේ මේ තාක් කාලෙකට බිහි වෙච්ච ජරාම ජරා දේශපාලන පක්ෂය තමයි ශ්‍රිලනිපය.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න