.

.

Sep 11, 2017

ෆොන්සේකා මරාගෙන කන දේශපාලන වසලයෝ - Let's make BBQ from Fonseka




ගේම පටන් ගත්තේ අමු පාවාදීමකින්ය. එකෙකුටවත් ඒකේ වගක් අත්තේ නැතිය. ලතින් ඇමරිකානු රටවල් කීපයක තානාපතිකන් දැරූ ජගත් ජයසූරිය, එහෙන් පැනලා ආවායින් පස්සේ පොර විරුද්ධව නඩුවක් වැටෙන්නේය. ආන්ඩුව මුලින්ම සොයා බැලිය යුත්තේ. මේ මහා රණවිරුවා එහෙන් පැන ඒමත්, උන්නැහේට නඩු වැටීමත් එකට සිඳුවන්නේ කේසෙදෝ කියාය. එල් ටී ටී යට සල්ලි දුන්න මහින්දලාට, කරුණා අම්මාන්ලා, පිල්ලෙයාන්ලා, කේ පීලා, තමන් මරන්න ආ ජොන්ස්ටන්ලා ළඟ තියාගෙන ඉන්නා මහින්දලාට, ඕවා සිම්පල් ගේම්ය.

ජිනීවාවල මානව හිමිකම් කේස් එක සිරිසේන උන්නැහේ විසින් ෂේප් එකයි පාරයි දමා කූල් එකේ යන වේලාවක, රට ආයෙත් ගිනි තියන්න මේ ගේම කළේ මහින්දලාම බව අද සිඳුවෙන කේස් වලින් නියමෙටම පෙනෙනවාය. කෙසේ හෝ කේස් ඒක ආපු ගමන් අර මහා රණවිරුවා කළේ ෆොන්සේකා පාවා දී ඇඟ බේරා ගන්නා එකය. උන්නැහේ කීවේ යුද්ධය තනිකර මෙහෙය වූයේ ෆොන්සේකා කියලායා. කතාව සහතික ඇත්තය. යුද්දේ කරපු හැට හුටාමාරක් උන් ඉන්දැද්දි සැලබේරේසොන් කේක් එක කපන්න මහින්ද පිහිය දුන්නේ, ඝෝඨටවත්, ජගත් ජයසූරියටවත්, කමල් ගුණරත්නටවත්, හරක් වීරසෙකරටවත්, ඇල්ලේ ගුණවංශටවත්, තුන්මුල්ලේ පචවංශයාටවත් නොව, සරත් ෆොන්සේකාටය.

අද මේ පුක ඉරාගෙන කෑ ගහන එකෙක්වත් එදා යුද්ධයට ගියේ නැතිය. යුද්ධය යන කාළයේ හමුදාවේ උන් කිව්වේ, "ඉස්සරහට ගියොත් ජොනී... පස්සට ආවොත් ෆොනී.." කියලාය. ජයග්‍රහණයට පියවරුන් දහසක් කියන්නා සේ, ලේ ටිකක් දන් දීපු එකාත් අන්තීමට මාර දේශප්‍රේමියෙක්ම උනේය. පාරේ කුඩු ගගගා උන්න උනුත් සිංහ කොඩි පුකේ බැඳෙගන පාරේ බල්ටි ගැසුවේය. ජනපති මහරජානෝ උනේය. සට්ටැඹියෝ මෙන්ම වන්දිභඨ්ඨයෝද, අන්තඃපුරද, අගබිසෝවරුන්ද, කුමාරවරුන්ද, තව්තිසාවෙන් මෙහේ වැඩියෝය. සොල්දාදුවෝ රණවිරුවෝ උනේය. ප්‍රභාකරන් අමු හෙළුවෙන් නිවන් ගියේය. බාලච්නද්‍රන්ට බිස්කට් කන්න දී අමු අමුවේ මරාදැම්මේය.

මුළු රටම දන්නා පරිදි අමු සමූහ ඝාතනයක් උතුරේ සිද්ධ උනේය. එහෙම දෙයක් නොවූවා නම්, මෙහෙම පුක ඉරාගෙන වහ ගන්න දෙයක් ඇත්තේ නැතිය. ඕන එකෙක්ට ඇවිල්ලා කරන ඕන බඩකඩිත්තුවක් කරපිය කියා, හමුදාවෙ උන්ට ජිල්බෝල ගගහා ඉන්න තිබුනේය. ඒත් හැම එකාම පුක ඉරාගෙන වහගන්න හදන්නේ, ලෝකයාම දන්නා ඒ අමු හෙලිවැල්ල මිස වෙන එකක්කත් නොවේමය.

ෆොන්සේක එදා සිට අද වෙනකන් කියන්නේ මේ අමු ඇත්තය. යුද්ධයට මුවා වී කප්පම් ගත්ත උන්ද, ජවාරම් කළ උන්ද, සුර සැප වින්ද උන්ද, අද මර හඬ තලන්නේ, ඒ ආනන්තරිය පාපකර්මයම ඵල දීමෙන් මිස වෙන කිසිවකින්ම නොවේය. එසේ නොවන්නේ නම් බෞද්ධ දර්ශණයද අමු බොරුවක්ම වන්නේය.

උතුරේ බයිලා පසෙක තිබේවා. 1988/89 දි දකුණේ සිඳු වූයේ කුමක්ද කියා අප සැවොම දන්නවාය. ඒ තමාගේම සහෝදර ජනයාට එරෙහිවය. ඉදින් උතුරේ එහෙම දෙයක් සිඳු වූයේම නෑ හාන්දුරුවනේ කියනවා නම්, එහෙම කියන එකාට මොළේ අමාරුවක් තියෙන්නට ඕනෑය. එහෙම නැහ්නන් අහනා හාන්දුරුවරුන්ට මොළේ අමාරුවක් තියෙන්නට ඕනෑ. මොකෝ හාන්දුරුවරු නිවන් ඇරියේ ධර්ම චක්‍රයේ දමලා නිසාය.

ජගත් ජයසූරිය උන්නැහේ කියන්නා සේ, එද ෆොන්සේකා ගහලා තියෙන්නේ තනි ගේමක්ය. කරුමය කියන්නේ අදත් ෆොන්සේකාට ගහන්නට වෙලා තියෙන්නේ තනි ගේමක්මය. අද පක්ෂ විපක්ෂ සියල්ලෝම ඇත්ත හොඳින් දැන දැනත්, අමු බයිලා ඇදලා අරිමින් දකුණේ ගැලරියට පට්ට ආතල් දෙන්නේ අඩෝ ඌට වඩා මම දේශප්‍රේමී කියා පෙන්නන්නට මිස වෙන මළහත්තිලව්වකට නෙමේය. හෙළුව වසා ගන්නටය. රණවිරුවෝ මහා පරිමානයෙන් දීපූ ගේම් මෙන්ම, අදටත් සිල්ලර වශයෙන් දෙන ගේම් වල ඉවරයක් නැත්තේය. සියල්ල කවර් කර ගන්නේ රණවිරු ලේබලය යටතේය.

මුන් යුද්ධය ඉවර කලාට උතුරේ ජනතාවටවත්, හමුදාවල උන්ටවත් යුද්ධයෙන් පසු කළ යුතු යුතුකම් එකක්කත් කොරලා නැත්තේය. අද මේ රට හා සමාජය අත් විඳින්නේ ඒ පාපයය. මහා ලොකු පොර ටෝක් දෙන රනිල්ටවත් යාපනයට එකඳු සංවර්ධන ක්‍රියාවලියක් දෙන්නට කොන්දක් ඇත්තේ නැතිය. 

මේ එක පඩත්තලයෙක්වත්, යුද්ධයේ සෙන්පතියා වන සරත් ෆොන්සේකා බල්ලෙක් මෙන් උස්සාගෙන ගොස් නාවික හමුදාවේ බලු කූඩුවක දමා තිබියදී මීක් කීවේ නැත. උන් ඔක්කෝම උන්නේ මහරජාගේ කටට බය වෙලාය. අද ඔය කෑ ගහනා කහකඩ පාන්කඩයෝ මහින්දගේ එක ටෝකට, සිවුර පුකේ ගහගෙන පල්ලම් බැහැලා කට පුක වසාගෙන වැඩ විසූ සේකය. එදාද සරත් ෆොන්සේකා වෙනුවෙන් උන්නේ සීමිත පිරිසක්ය.

ප්‍රභාකරන් වැනී අමූ මිනීමරු කැළක් වැනසු සරත් ෆොන්සේකාට, මුන් නිකංම නිකං හාල් කෑලිය. උන් සරත් ෆොන්සේකාට විරුද්ධව කෑ ගසා වහගන්න හදන්නේ, උන්ගේ කාළයේ සොල්දාදුවන් දමා දීපු ගේම් හා පඩත්තල වැඩය. උන්ගේ වරදාන ලබා ගත් කහකඩයෝ පෙල සැදී ඉතිරි ගේම දෙනවාය.

සිංහයෝ බල්ලෝ සමඟ ලගින්නේ නැතිය. නියම සිංහයා කිසිවකුටත් බියක් ඇත්තේත් නැතිය. බල්ලෝ කොතෙක් උඩු බුරුවද සිංහයාගේ ගමන සිංහයා යා යුතුමය. අප සිටගන්නේ පඩත්තලයින් සමඟ නොව නියම රණවිරුවා සමඟය. 

35 comments:

  1. අනේ මාතලන් උපාසක මහත්තයෝ ඒ කාලේ අපිට අවුරුද්දකට සැරයක් විතර කාර් පර්මිට් දහයක් විතර රජතුමා එවනවා. ඒ ටික විකුණලා මිලියන දහයක් විතර ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ඔය එක එකා එවන දානෙ කන්න ඕන නැහැ. අපිට හොඳ කෑම ලැබුණා. මේ ජහපාලනයෙන් අපිට එක කාර් පර්මිට් එකක් එව්වද? ඒකනිසා අපි තාමත් රජතුමාට තමයි අපේ සිවුර විකුණන්නේ. මීට උපාසක අම්මලාගේ සිල් රෙදි එකතුකරන සංඝ සභාව

    ReplyDelete
    Replies
    1. අන්නේකයි ඉයන් මහත්තයෝ... අදින්නාදානා කියන්නේ මාර ආතල් එකක්... බොරු නම් දන්න කෙනෙක්ගෙන් අහගන්නකෝ...

      Delete
  2. //ප්‍රභාකරන් වැනි අමූ මිනීමරු කැළක් වැනසු සරත් ෆොන්සේකාට, මුන් නිකංම නිකං හාල් කෑලිය. උන් සරත් ෆොන්සේකාට විරුද්ධව කෑ ගසා වහගන්න හදන්නේ, උන්ගේ කාළයේ සොල්දාදුවන් දමා දීපු ගේම් හා පඩත්තල වැඩය. උන්ගේ වරදාන ලබා ගත් කහකඩයෝ පෙල සැදී ඉතිරි ගේම දෙනවාය. සිංහයෝ බල්ලෝ සමඟ ලගින්නේ නැතිය. නියම සිංහයා කිසිවකුටත් බියක් ඇත්තේත් නැතිය. බල්ලෝ කොතෙක් උඩු බුරුවද සිංහයාගේ ගමන සිංහයා යා යුතුමය. අප සිටගන්නේ පඩත්තලයින් සමඟ නොව නියම රණවිරුවා සමඟය//
    සරත් ෆොන්සේකාට විරුද්ධව මනා සංවිධාත්මක වැඩ පිළිවෙලක් ක්‍රියාත්‍මක වෙන මේ මොහොතේ ඒ සැබෑ රණවිරුවා ගැන සත්‍යය කියන්නට මාතලන් ඉදිරිපත් වීම සතුටට කරුණකි. ඩීල්දාස අධිකරණ ඇමතිව සිටියදී, සිය කැබිනට් සගයෙකු වූ සරත් ෆොන්සේකාට "වෙල් විදානේ", "කලවැද්දා" වැනි වචන වලින් පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටදිත් බැණ වදිද්දී ජනාධිපති උතුමා සහ අගමැති තුමා නෑසූ කන්ව සිටියහ. බල්ලන්ට ඕනෑ තරමක් බුරන්නට ඇර අපේ රණ විරුවා නිහඩව සිටියේය. දැන් ෆොන්සේකා විරෝධී අමනයන් ගසන්නේ වෙන බෙර පදයකි. හමුදා මෙහෙයුම විජයග්‍රහණය තෙක් මෙහෙයවූ, හමුදා මුලස්ථානය තුලදීම ඝාතන තැතකින් යන්තමින් දිවි ගලවා ගත් ප්‍රධාන රණවිරුවා ජාති ද්‍රෝහියෙකි. ඔහුට හොරා හමුදාවට අණ දුන් එකෙකුගේ කීමට අහිංසක දෙමළ මිනිසුන් ඝාතනය කළ ද්‍රෝහීන් අද ඉන්නේ සැබෑවටම රට වෙනුවෙන් සටන් කළවුන් සමග රණවිරු ගොන්නේය. ෆොන්සේකාගේ කට හොඳ නැති බවට මතයක්ද ඇති කරමින් පවතී. ෆොන්සේකාගේ කට කාට හොඳ නූනත් ඒ මිනිසා කියන්නේ සහතික ඇත්තය. ඔහු මේ රටේ නායකයා වුවහොත් යුද අපරාධ සහ යුද්ධයේ මුවාවෙන් දහසකුත් එකක් අපරාධ කළ, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කෑ මහා හොරා ඇතුළු හොර නඩයටම විරුද්ධය යුක්තිය ඉටුවන බව සහතිකය. ඉදින් කෙසේ හෝ ඔහු මර්දනය කිරීම හොර නඩයේ ප්‍රධානම අරමුණ වී ඇත්තේ එබැවිනි. වඩාත් හිතට දුකක් දැනෙන්නේ අපට හොඳ නරක කියා දෙන්නට ඉන්නා භික්ෂුන් වහන්සේලාද හොරුන්ගේ බෙර පදයට නැටීම ගැනය. ඉදින් අපට සිතන්නට වෙන්නේ සිල් රෙද්දකට, අලි පැටියෙකුට, වාහනයකට, වෙනත් තුටු පඬුරු වලට සරත් ෆොන්සේකා පාවා දෙන්නට බණ කියන්නේ සැබෑ භික්ෂුන් නොව කහකඩයන්ය, චීවරධාරින්ය කියාය.

    ReplyDelete
    Replies
    1. Tissa Abeyratne,
      මට අයිත් මේජර් ජෙනරාල් ජානක පෙරේරා කියපු දෙයක් මතක්වෙනවා "මම සරත් ෆොන්සේකාට කැමති නෑ නමුත් මේ යුද්දේ දිනන්න නම් ඔහු හමුදාපති වෙන්න ඕනේ "

      සරත් ෆොන්සේකා කියන්නේ පිර-පාහරන්ටම ගැලපෙන හමුදා පති කෙනෙක්, මේ යුද්දය ඉවර කිරීමට ඔහු විශාල දායකත්වයක් දැරුව, ඔහුට මහින්ද රාජපක්ෂ සලකපු විදිය නින්දිතයි, මෙනිසා ෆොන්සේකා කොච්චර වයිර බැදගත්තද කියනවනම් තමන්ට යුද්දය දිනීමට උපකාර උන මිනිසුන් පාවල දෙන තැනට පවා ගියා, එයත් නින්දිතයි.

      මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව මැතිතුමාට තිබුන උතුම් ගතිගුණ ඔහුට තිබුනේ නෑ.

      මෙතැනදී මාතා කියන්න දෙයක් තියනවා ලසන්ත ඝාතනය සහ අත්අඩංගුවේ සිටි පිරිස ඝාතනය පිළිබද ෆොන්සේකා දැනුවත්ව සිටිය, යුද්දය කියන්නේ කොහේ සිදුඋනත් ඉතා නින්දිත දෙයක් අද ලෝකයේ ලොකුවට ඉන්න ඇමරිකාව තම නිරුවත ලෝකය ඉදිරියේ පෙන්වපු Chelsea Manning ට දඩුවම් කලෙත් තම ආරක්ෂාව වෙනුවෙන් කරන මානව අයිතිවාසිකම් උල්ලංගනය ලෝකයට පෙන්වපු නිසයි.

      අද ලංකාවේ මානව හිමිකම් ගැන කතාකරන කිසිවෙක් කියන්නේ නෑ ඇමරිකාව සිදුකල මේ විනාශ කිරීම් වලට දඩුවම් කලයුතු බව, මේ මානව හිමිකම් කතාව පාවිච්චි කරන්නේ අදාළ රට තමන්ගේ උවමනාවන් සදහා නම්මා ගැනීමේ කෙවිටක් ලෙසයි.

      මේ ක්‍රියාවලියේ ෆොන්සේකා කියන්නේ ඇමක් විතරයි.

      Delete
    2. තිස්ස... නරකද බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තොත්...

      ලංකා... ඇමරිකාවවත් කවුරුත් කියන්න ඕන නෑ... කළ කළ දේ පල පල දේ කියලා හින්ගලෙනුත් ඇවරි ඇක්සොන් හෑස් ඒ රිඇක්සොන් කියලත් ඉන්ගිලිසියෙනුත් කියලා තියෙනවා... අද මුන් ඔක්කෝම පුක දිමියෝ කාළා වගේ දගලන්නේ කරපු පව පල දීමෙන් මිසක්ක වෙන එකකින් නෙමෙයි

      Delete
  3. ෆොන්සේකාට ඔක්කොම එවුන් බයය... එදාත් එහෙමය.. අදත් එහෙමය.. හෙටත් එහෙමය..
    හේතුව ෆොන්සේකා වැඩකාරයෙකු බව මුන් හැමෝම හොදින්ම දන්නා බැවිනි...මුන්ට ෆොන්සේකා හා හැරෙන්නවත් බැරිය..
    ඒ නිසා මුන්ට ඕනා ෆොන්සේකා හලන්නටය..
    කුප්ප කහකඩයින්ද ෆොන්සේකාට අකමැතිය..
    හේතුව සර් ජෝන් දුස්සීල කහකඩයින්ගේ සිවුරු ගලවා තට්ටයේ තාර ගෑ යුතුයැයි කියා කරේ නැත..එහෙත් ෆොන්සේකාට අවස්තාවක් ලැබුනොත් දුස්සීල කහකඩයින්ට අබසරණ සේම බුදුදහමද බැබලෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. මගේ නම් මතය හමුදාවෙ උන් සහ කහකඩ හමුදාවේ කිසිවලු දේශපාලනයට පැමිනිය යුතු නැතයි කියලාය...

      Delete
  4. මාතේ. මම හිතුවෙම උබ තුමා ෆොන්සේක තුමා ගැන වැරැද්දක් කියාවි කියල. මොකද ඩොක්ට රුවන් එහෙමත් අමුතු පොස්ට් එකක් දාල තිබ්බ. කවුරු කොහොම කිව්වත් ෆොන්සේක කියන්නෙ මගේ ජිවිතේ වීරයෙක්. ෆොන්සේකා ගේ බෑනත් කලක් මගේ යාළුව. මාතෙ, මට මේකටම අල්ලල මගේ ජිවිතේ මාව මරල දාන්න උත්සාහ කල අවස්ථාවක් ලියන්න ඕන උනා. කෙටියෙන් කියන්නම්. මගේ දෙමව්පියන්ගෙ පාර්ශවයෙන් එක පැත්තකින් අපි බොහොම ලොකු දේශපාලකයෙක් ගෙන් පැවත එනව. මගේ ජිවිතේ මම වැරදි තීරණයක් ගත්ත වෙලේ ඒ පොලිසිය ගත්තෙ අනිත් පාර්ශවය. මම හරි උනත් වැරදි උනත්. මාව උස්සන්න දෙසැරයක් ආව. ඒත් මගේ රස්සාව නිසා උන්ට ටිකක් අමාරු උනා. පස්සෙ මගේ අම්ම අර දේශපාලකය ට කියල අපි පොලීසියට යනකොට පොලීසිය ඉස්සරහ ඩිෆෙන්ඩර් දෙකක් නවත්තල. මම ඒ අයට කිව්වෙ, "අංකල් xxxxx, මේ අවුන්ට කියන්ට තමන්ගෙ රාජකාරිය කරන්ට.". මාතෙ, ඊට පස්සෙ උන දේවල්, උබ කවද හරි මම හම්බ උන දවසක කියන්නං. මම මැරුවනම් මරුනේ අවුරුදු 12 කට කලින් බං.

    ReplyDelete
    Replies
    1. අපි කවුරුත් ඔය අත්දැකීම්වලට මූණ දීලා තියෙනවා නේ... සෙට් උන වෙලාවක කතා කරන්න නම් බොහෝ දෑ තිබේ....

      Delete
  5. අමුවෙන්ම නිසා රිදෙනවා..
    ඒත් ඇත්ත තමයි

    ReplyDelete
    Replies
    1. අපේ රටට ඔබින්නේ මෙහෙම තමයි.... නැහ්නන් දැනෙන්නේ නෑ...

      Delete
  6. අමුවෙන්ම නිසා රිදෙනවා..
    ඒත් ඇත්ත තමයි

    ReplyDelete
  7. ඔක්කොම මොණරු වගේ. පිල් විහිදාගෙන නටනවා.. ඉස්සරහින් බලන උන්ට පුල් චූන්.. පස්ස පේන එකා තමයි කතාව දන්නේ..

    ReplyDelete
    Replies
    1. hariya hari

      dapanko passa patte kathawak

      adoo thopi nevy ballo neda
      enna epa ape kollange pattata

      Delete
    2. දැන්නම් ඔක්කෝගෙම පිල් හැලිලා කට්ටියම හෙලිවැල්ලෙන් නටනා බවක් තමයි පෙනෙන්නේ

      Delete
  8. ෆොන්සේකා කියන කතා ඇත්ත. ඒ වුනාට මුන්ට ඕන ඇත්ත වහන්න. ෆොන්සේකාගේ වචන තෝරාගැනීමයි, අවස්තාව තෝරාගැනීමයි අවුල් නිසා තමයි හැමතැනකදිම සැබෑ සංවාදය යට ගිහින්, අනවශ්‍ය බලු පොර උඩට එන්නේ. ෆොන්සේකා ස්ටයිල් එකට අපේ රටේ ගොන් චූන් පොලිටික්ස් ඇතුලේ ඉඩක් නැහැ කියලා මට හිතෙනවා. තව හොරු සහ මිනිමරුවෝ ටිකක් ඇතුලට ගියානම්, දිශානතිය වෙනස් කරගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකා බය නැති උනාට පොන්නසේකාලා තාම උන්ට බයයි

      Delete
  9. fonseka kiyanne molayak nathi kulu meemek.
    oka ranilta karanneth oya tikama thama

    miniha janadipathiwaraneta illapu welawe miniha ranilta katha karae ranil kiyala
    man hithuwa dinna thama kiyala
    oka kunu koodayata danna ona charithayak

    ReplyDelete
  10. කියලා වැඩක් නැතිය...ෆොනීට සහයට ඉන්නේ රන්ජා පමනි..
    නයිටී එන් එකයි ජාතිකවාහිනියයි..තාම රජාට බයයි වගේ පේන්නෙ..රජාට ඊයෙපෙරේදා මාද්‍යකාරයෙක් එක්ක මල පැන්න එකවත් පෙන්නුවේ නැත්තෙ ඒකවෙන්න ඇතිය.

    ReplyDelete
    Replies
    1. මේ පොලිටිකල් ගේම් එක හඳුනාගෙන ඉන්නේ බොහොම ටික දෙනෙක් පමනය. මෛත්‍රීට ශ්‍රිලනිපය සේම, රනිල්ට යුඇන්පියත් සිංහාසන බව කෙරුවාවෙන් පසක් වේ.. ඒත් මේ රට අපේය. පක්ෂ සහ මිතුරන් රටට වඩා අගයවීම මේ කරුමයේ මූලික විශබීජ බව හරක් වූ අප ජනයා වටහා ගත යුතුවේ. මහින්ද අලි බබා සහ හොරු හතලිහට උවමනා රටවත් පක්ෂයවත් නෙමේ,,පාදඩ ගේම් නිසා සිදුවු ඇත්ත වංචාව සිවුරෙන් හෝ යුනිෆෝම් එකෙන් වසා ගැනීමය. රනිල් නටන්නෙත් ඒ රංගනමය පමනි. මෛත්‍රී යම් තරමකට බංඩාරනායක ප්‍රතිරූපයට ඇඳගෙන තිබේ. රනිල් ජේ ආර් බාප්පාගේ මෝහනයේය. ඒකාබද්ධ හොරු සෙට් එක කුරහන් සාටකයේ අවසන් කැඳ බින්දුව රස විඳිමින් එකවුන්ට් ක්ලෝස් කරමින් කකුළු සුවයේය. චන්ද්‍රිකාට බය වුනොත්, මෛත්‍රීගේ ඇට දෙකටත් රනිල්ගේ සරණ මිස ,අර අහිංසක ජයන්තිගේවත් සරණ නැත. ඇට තියෙන්නේ පැල හදන්නට මිස, එක එක හුකන්නලාට අත ගගා ඉන්නට නොවන බව මෛත්‍රීට කලින් රටේ ජනතාව වටහා ගතයුතුවේ. මේවා පැකර්වත් නොදන්නා අම්බ කැසිනෝය. ජනතාව හෙමින් හෙමින් බ්ලු වේල් ගේමට සෙට් වෙන බව, කනගාටුවෙන් වුනත් ලියා තබමි. මේ ගේම් හදන එවුන් හිරේ ගියත් අහිංසක ජනතාව වලේය. එහෙමත් නැත්නම් වල කටේය.

      Delete
    2. එයාට මාද්දිය සංදර්ශණ තියන්න හොඳා... ඒක හරස් ප්‍රශ්ණයයි මේ තාක් කාලෙකට ඇහුවේ... ඒකටත් මල...

      Delete
  11. http://www.patpat.ga/2017/09/mythical-kingdom-of-shambhala.html

    ReplyDelete
  12. ෆොන්සේකා කියන්නේ නියම යුද වීරයෙක්...ඒ ගැන කිසිදු තර්කයක් නෑ...ඒත් ඔහු වරද්දගත්ත තැන තමයි යුද්ධ කරපු තාලෙටම ජනතාව දිනාගන්න ගිය එක...යුද්ධයකදී තද තීරණ ගත්තට විශාල ජනකායක් එක්ක දේශපාලනය කරද්දී එකිනෙකා දිනාගන්නා සන්නිවේදනය ඊට වඩා වෙනස්...ඔහුගේ මූලිකම දුර්වලතාව එතනයි මට හිතෙන්නේ...

    අසංක

    ReplyDelete
    Replies
    1. හැමෝටම හැමදේම කරන්න් බෑ

      Delete
  13. ඉතිහාසයේ ඉඳන්ම පූජකයින් හා දේශපාලකයින්ගේ පැවැත්ම රඳා පවතින්නේ ජනතාව රැවටීමෙන්නෙ.

    ReplyDelete
  14. ෆොන්සේකයි මාතලන් නුයි එක වගේ වෙලාවකට . කියන්න තියෙන දේ කෙලින්ම කියනවා.. ෆොන්සේකා ට වෙලා තියෙන්නේ ලංකාවේ දේශපාලනේ එහෙම නොවන නිසා. දැන් ෆොන්සේකා හිරේට දාපු වෙලාවේ හුඟක් මිනිස්සු දුක් වුණා. මෑන්ස් ට ඕනේ නම් බන්ධනාගාර වාට්ටුවට යන් තිබුන. ඒත් ගියේ නැහැනේ. ජම්පරේ ඇඳන් හිටියා. (හැබැයි ඒ කාලේ තටහ්වේ හැටියට ඒකට වුණත් යන්න දෙන්නේ නැති වෙයි.)

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකා කියන්නේ හාල්පාරුවෙක් නෙමෙයි... නියම වීරයෙක්

      Delete
  15. නියමයි මාතලන්. කියන්න ඕන දේ සුද්ද සිංහලෙන්ම කියල තියෙනවා. කාටවත් බයේ සමුල ගතන වුනේ නැහැයි නොකිය කෙලින්ම වුනදේ වුනා කියල කියනවා. සිරිසේන උන්නැහේට නැති කශේරුකාවක් මතලන්ට තියෙනව. මාතලන් ලියපු හැම දෙයක් එක්කම මම එකඟ වෙන්නේ නැහැ, එත් මේ ලිපියටනම් මම ලකුණු 98ක් විතර දෙනවා.
    මේ දවස්වල එක එක අය ජගත් ජයසුරිය මහත්තයට සපෝට් කරලා නොයෙක් දේ ලියල තියනවා දැක්ක. ඒවා අතරින් ඉන්ටරෙස්ටින්ම එකක් තමයි අර කරුණ කියන මහා දේශප්‍රේමිය, ඒ කියන්නේ, අර පොලිස්සියේ මහත්තුරු හයසියගානකට නිවන් පුර රුවන් දොරටුව එක දවසෙන් විවරකරලාදීපු උපාසක මහත්තය, හමුදාව වෙනුවෙන් සාක්කි දෙන්න ඉදිරිපත් වෙන්ව කියන කතාව. ඔය කතාව ෆේස්බුක් එකේ අලවල තියන තැන යටින් නියම කමෙන්ට් පෝලිමකුත් තිබුන. කවුදෝ එක මහත්තයෙක් ලියල තිබුන කරුණ මහත්තයට තෙරුවන් සරණයි කියල. මම නම් හිතන්නේ කරුණ මහත්තය තෙරුවන් සරණ ගියේ ඒ උන්නැහේගේ කට්ටිය අර අරන්තලාවේ පොඩි හාමුදුරුවරු මයිත්‍රී බුදුන් නොදැකම නිවන් යවපු දවස්වල. එහෙම නැත්නම් උන්නැහේ අර දළඳා මාලිගාව අලුත්වැඩියා කරලා දීපු දවස්වල. හිට්ලර් සහ පොල්පොට් මෙලොව හිටියනම් ඒ උපාසක මහත්තුරු දෙන්නත් කරුණ මහත්තයත් එක්ක සාක්කි දෙන්න ඉදිරිපත් වෙනම ඒකාන්තයි.

    ReplyDelete
    Replies
    1. කොහොමත් රාජපක්ෂලා විසින්ම ඔවුන්ගේ වල කපා ගනීවී

      Delete
  16. තාත්තා දැන් මේකප් දානවාය...බොඩිබිල්ඩින් කොරනවාය...ළමයි වඩාගන්නවාය...ඉංගිරිස් කතාකොරනවාය නියම ජනාධිපති කෙනෙක් වගේය !/////

    විකාර !!!!

    ReplyDelete
  17. තාත්තා දැන් මේකප් දානවාය...බොඩිබිල්ඩින් කොරනවාය...ළමයි වඩාගන්නවාය...ඉංගිරිස් කතාකොරනවාය නියම ජනාධිපති කෙනෙක් වගේය !/////

    විකාර !!!!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න