.

.

Jan 6, 2018

රනිල්ගේ ගජගා වන්නම හා පන්ති වෛරය - Ranil, Gajaga Wannama and Dirty Politics



බැඳුම්කර විසේස ප්‍රකාෂ නිකුත් කිරීමෙන් නොනැවති පුලතිසි නිකායේ මහා සංඝ නායක පූජ්ජ උලපනේ සුමංගල මහා නා හිමියන් (දැන් මගෙන් අහන්න එපා ඒ මොකෙක්ද කියලා, එහෙම එකෙක් ඉන්නවා) ලවා බැඳුම් කර වීමේ වගකීම රනිල් වික්‍රමසිංහ බාර ගත යුතුයි කියා සංඝ ආඥා පනවමින්, සියළු ජඩ මාද්දියන් ලවා රනිල් ලොක්කා එලවන්නට දත කද්දි, රනිල් ලොක්කා පට්ට ආතල් එකක් දී ඇත්තේ උන් සියල්ලන්ම ගලේ පැහැරූ පූචන්ගේ තත්වයට පත් කරමින්ය.

බැඳුම්කර සීන් එක හොරකමක් නොව 2008 සිට පවත්වාගෙන ආ බිසිනොස් එකක ඉදිරියක් බව මාතලන් කියන්නේ එදා සිටමය. විශේෂ ජනාධිපති කොමිසම් දමා එක එකාගේ කලිසම් ගලවන්න හැදුවත්, ගැලවී ගොස් තිබෙන්නේ සිරි ලංකා නිදහස් පක්ෂයේ සරම් අඳිනා මෙළෝ හසරක් නොදන්න කොකනට් ඩොන්කීස්ලාගේ සරම පමණමය.

ඒ කාළේ පොත් වල තිබූ ඉකොනොමික්ස් තියරිස් කට පාඩම් කර ඒවා ඒ ලැවල් පන්ති වල ඉන්නා පොඩි උන්ට මහා පොරක් සේ බණපොත් කර, ඒ පොත් වල තිබූ දෑ පමණක් ඉකොනොමික්ස් යැයි සිතනා බන්ධුල ගුණවර්ධන නම් අවස්ථාවාඩියාගේ ගුලිද ගිලිමින්, මහාරාජාගේ සල්ලි වලට වහ වැටි මහා පොර ටෝක් දී ඒ අලාබය කැල්කියුලේට් කරනා විදිය තමන් දන්නේ නැතයි කොමිසම ඉදිරියේ කියා හත් පොලේ ගාගත් විගනකාධිපතිලාත් කොර කරමින්, මහා ලොකු කොමිසමෙන් අවසානයේ නිර්දේශ කොට ඇත්තේ මාතලන් එදා සිට කියු ඒවා පමණමය. 

ඒ සියල්ල පසෙක තිබියේවා, එදා බෝම්බ ගසා කුඩු කර දැමූ සිරස නම් ගූ කන්දේ උන්, රනිල්ට මඩ ගැසීමට යොදා ගත් ගොබ්බ වීඩියෝව අද උන්ටම වැදුනු පරා වලල්ලක් වී අවසානය. එනයින් බැලූ කල ඒ කනේ පාරවල් වදින්නේ සිරසට පමණක් නොව, සිරසේ තාලයට නටනා අමු හාල්පාරුවන්ටත් එක්කමය. මිනිසුන්ගේ පෞද්ගලික ජීවිත වල සුන්දර අවස්ථා මඩ ගැසීමට යොදා ගෙන නන්නපෝල් වී තිබෙන්නේ සිරස පමණක් නොවේය. මහා මනුශ්‍යත්වයක් හිමි සිවිල් පොරවල් සේ පෙනි සිටිනා රංජිත් කීර්ති තෙන්නකෝන්ලාද දෙකයි පනහේ ගොබ්බයන් බව පෙන්වලා හමාරය. ඒ පොරවල් අද බේබී පැම්පස් අඳිනා බේබිලාගේ තත්වයටම පත් වෙලාය. 

මේ සියල්ලන්ටම රනිල්ගේ ගජගා වන්නමෙන් දුන් කනේ පහර හා සමානම කේස් එකක් පිළිබඳ සමාජ විජ්ජාත්මක විස්ලේසොනයක් සොප්‍රානෝ ගායිකා කිෂානි ජයසිංහ ගෝල්පේස් එකේ කළ ගායනා පිලිබඳව දන්නෝ බුදුන්ගේ දේශයේ පට්ට කුහකයෝ යන ළිපියෙන් හෙලි කළද, කෙටියෙන් හෝ මේ පිළිබඳ මාතලන්ගේ මතය පොරකාස නොකරන්නේ නම් එය මාතලන්ගේ සිතුවිලි වලට කරනා අසාධාරණයක්ම බැවින් මේ කරුණු ටික කියන්නම ඕනෑ කියා මාතලන් සිතුවේය. 

රනිල්ගේ පන්තියේම ඉන්නා මහාරාජාලා දෙරණේ ගල් වැද්දෙක් වන සංඛ අමරිජිත්ගේ තත්වයට වැටීම එක අතකින් අමු විහිළුවක්මය. සමහර විට මෙය මහාරාජා දැණුම්වත්ව සිඳු නොවූ දෙයක් මෙන්ම මහාරාජාලාගෙන් ළකුණු දමා ගැනීමට මහා මාජ්ජවේදින්යැයි සිතා සිටින සක්කිලි මාද්දියවේදින්ගේ කෙරුවාවක් බවට සැලකිය හැක්කේ අද එම වීදියෝව ඉවත් කර තිබෙනා නිසාය. 

මෙහිදි රනිල්ගේ භූමිකාව හා චරිතය මෙන්ම අයිරංගනී සේරසිංහ නම් විශිෂ්ඨ නිලියගේ චරිතය හා භූමිකාව ගැන මහා පොතක් ලිවිය හැකි වුවද ඒවා බ්ලොග් කළාවට ඔබින ඒවා නොවේ. රනිල් වික්‍රමසිංහ හා අයිරංගනී සේරසිංහ ලේ ඥාතීන් බව බොහෝ දෙනෙක් දන්නා කාරනාවක්ය. එමෙන්ම ඔවුන්ගේ පන්තිය රටේ ඉහළම පැලැන්තිය වනාතර, රටේ මහ රජ්ජුරුවෝ වූවත්, සිරිසේනලාටවත් ප්‍රේමදාසලාටවත් ඒ පන්තියට යන්නට බැරි බවත් කවුරුත් දන්නා කාරනාවන්ය.

කරුමයට කාරණය නම් අද එම පන්තිය දේශපාලණයෙන් ඉවත් වීමයි. ජේ ආර්ගෙන් පසු ඔවුන් එජාපයට එක්වීමද නවතා දමා ඇති අතර, වමේ පක්ෂවල ඇති බල අධිකාරිය තුල ඔවුන්ට ඒ සඳහා ඉඩක් ඇත්තේම නැති තරම්ය. එම පන්තිය සතුව තිබූ දේශපාලන බලය දෙකයි පනහේ කයිකොලකාරයන්ට හා පාන්කඩ හාන්දුරුවන්ට පැවරිමේ සාපය අද ඒ පැවරපු එකාගේ දියණියන් විසින් විඳීම ලෝක සත්‍ය පසක් කරන්නක් වීම සතුටට කාරණයක්මය.

අද දේශපාලනය පමණක් නොව රාජ්‍ය සේවයද, ජනමාධ්‍ය ක්ෂේශ්ත්‍රයේද ඇති පරිහානියට ප්‍රධානම හේතුව මෙම පන්තිය ඒවා තුල නියෝජනය නොවීමම බව ඔනෑම කෙනෙකුට තේරුනත් එය සත්‍ය බව පිලිගන්නට එකෙක්වත් කැමති නොවන්නේ අර කලින් සඳහන් කළ කුහකත්වය නිසාම මිස වෙන කිසිම හේතුවක් නිසා නොවේය. 

එහෙත් සියල්ලන්ගේ පැතුම ඒ පන්තියට ගොඩ වීමට නොහැකි වූවත් ඒ පන්තියේ සිතුම් පැතුම් හා සමාජ ජීවන රටාව උදාකර ගැනීමය. එහෙත් ඒ තත්වය උදා කර ගැන්මට නම් ඒ පන්තියට හා ඔවුන්ගේ ලයිෆ් ඉස්ටැයිල් වලට වෛර කිරිමෙන් ලබාගත හැකි රෙද්දක් නැත්තේමය. කළ යුත්තේ ඒවාට ප්‍රේම කිරීමම පමණ්මය. තමන්ගේ සිහිණ වලට වෛර කරන්නෙකුට ඒ සිහිණ කිසිදින් සැබෑ කර ගත නොහැකිවා පමණක් නොව තමා තමන්ටම වෛරක ගන්නෙක්ම වන්නේමය. 

මහ එකා මෙන්ම පොඩි එකාද මඟුල් ගෙවල් වල යන්නේ, ආතල් ගන්නට මිස වෙන මළදානයකට නෙමේය. ගමේ මගුල් ගෙවල් වලද දෙකක් දමා ගත් විට සරම කරට ගෙන නටනා මුත්තලා මෙන්ම බෝට්ටු ඩාන්ස් දානා සීයලා අපි ඕනෑ තරම් දැකලා තියෙනවාය. හැබයි එහෙම ඩාන්ස් එකක් දාන්න පුලුවන් වන්නේ සැහැල්ලුවෙන් ජීවත් වෙනා එකෙකුට මිස බොරුවට ඇඳගෙන සිටිනා එකෙකුටත් නොවනා බව හොඳින් විස්ලේසොනේ කොලොත් පෙනනවාය. ඉඳලා හිටලා අරහෙම ඩාන්ස් දාන පොර එක්ක සෙට් වී අප්පුඩියක් ගසා සහයෝගයක් දුන්නද උන්ට කවදාවත් බෝට්ටු ඩාන්ස් හෝ මඩ පාගනා ඩාන්ස් එක දාන්නට බැරිය. ඉතින් ආසයි බයයි බෝට්ටුවේ නමයි තියා, කාවඩි බයිලා ගැහුවත් අරුන්ට වෙන්නේ පොඩි අප්පුඩියක් ගසා හිත ඇතුලෙන් බෝට්ටු ඩාන්ස් එක දාන්න ඉතරය. 

මහින්ද මහත්තයාත් රනිල්ටත් වඩා පට්ට ආතල් පොරක් වූවාට, උන්නැහේට නාමල්ගේ මගුල් ගෙදරදීවත් සරම කරට අරගෙන ඩාන්ස් එකක් දාන්න වෙන්නේ නැතිය. ඒ තබා අඩුම ගානේ බෝට්ටු ඩාන්ස් එකක්කත් දාන්න වෙන්නේ නැතිය. මොකෝ සරම පොඩ්ඩක් එහෙ මෙහෙ උනත් හදන්න ලෝයර් මහත්තයෙක ඒ සජ්ජුරුවන්ට සිටිනා නිසාය. එමෙන්ම ඒ එයා ඇඳගෙන සිටිනා නිසාත් නොවේය. රටේ ගල් බූරුවෝ එතුමා අන්දවා සිටිනා නිසාය. එතරම් ඈතක නොව මේ මෑතක මහින්ද මහත්තයා දෙ රෙණ ලිට්ල් ඉස්ටාර් වෙන්නේ ඒ නිසාය. ඒ එයාගේ ආතල් එකය.

ඇත්තම කතාව නම් සිරිසේනලාට මෙන්ම චතුරිකාලාටත් දහම්ලාටත් ඕනා රනිල්ලාගේ මහාරාජලාගේ ඒ ලැවල් එකට යන්නටය. ඒත් කවදාවත් සිරිසේනලාට ඔය ඩාන්ස් දාන්න වෙන්නේ නැතිය. ඒ එයාම ඇඳගෙන සිටිනා නිසා ඉතරක් නොව, සිරසෙන් එයාව අන්දලා තියෙනා නිසාය. මහාරාජාලා මෙන්ම එයා චන්දයට ඉල්ලන වෙලාවේ, අයියෝ සිරිසේන.... මූ මොන පෙන්දෙක්ද... ගොබ්බයෙක්ද... කියා අද ගොනාට අන්දවා ගෙන බටර් පාර දාගෙන, මෙයා තමයි ඩෝ නියම රජා කියමින් මහින්ද මහත්තය්ත් එක්ක මහ රෑට සෙට් වී කන්න දෙන රජාටම කින්ඩි දාන ගොබ්බ සිරි ලංකා කාරයෝත් ඒයා ඇන්දුවා කියා සිතුවාට, රටේ තොටේ හැම එකාම කියන්නේ උන්නැහේ ඉන්නේ අමු හෙළුවෙන්මය කියලාය.

ඇත්තම කතාව නම්, බුකියේ හිතවතියක් කියූ පරිදි

සිරසට ඕනා විදියට සිරිසේන නැටුවාට
රනිල් නටන්නේ රනිල්ට ඕනා විදියටය

එය රනිල්ට මෙන්ම ඔනෑම කෙනෙකුට ප්‍රීතිය ගෙන දෙන්නක්මය..

ඒ වගත් මෙසේය..

51 comments:

  1. උඹට මේ අවුරුද්දේ වැඩ වැඩි මචන්.
    සූදනවා සෝදනවා ඉවරයක් නෑ

    ReplyDelete
    Replies
    1. ඒ ගමන් ජෙප්පන්ටත් කඩේ යනවා... රතු අලි පැටව් නේ මචෝ

      Delete
    2. ජේවීපි එකට වෙනම කඩේ යන්ඩ ඕනේ නැහැ.රනිල්ට විතරක් කඩේ ගියාම ඇති. වැඩ 2ම එක සැරෙටම වෙනව

      Delete
  2. අද දිනයේ අන් කවදාකවත් නොමැති විදිහට ලංකාවේ ජංගම දුරකථන හරහා එක වීඩියෝවක් සංසරණය විය. එය මේ වන විට ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම ද සංසරණය වී තිබේ. ඇතැම්විට එය ලෝකයේ අද දිනයේ වැඩියෙන්ම සංසරණය වූ වීඩියෝ අතරට ද එක් වී තිබෙනවා විය හැකිය. එහි දැක්වුණේ ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක පැවැත්වුණු මංගල සාදයකදී රටේ අගමැතිවරයා වන රනිල් වික්‍රමසිංහ, ප්‍රවීන කලාකාරිනියක වන අයිරාංගනී සේරසිංහ සමග නර්තනයේ යෙදෙන ආකාරයයි.

    නෑ කමට අයිරාංගනී සේරසිංහ යනු අගමැති රනිල්ගේ නැන්දනියයි. මේ මංගල සාදය පැවැත්වුණේ අනිල් ගුණතිලකගේ දියණිය විදේශිකයෙක් සමග විවාහ වීම නිමිත්තෙනි. අයිරාංගනී සේරසිංහ, අනිල් ගුණතිලකගේ ද නැන්දණිය වන්නීය. සැබවින්ම අයිරාංගනී සේරසිංහ යනු ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ විශිෂ්ට රංගධර ශිල්පිනියන් අතර අග්‍රගණ්‍ය ස්ථානයකලා හෙබවිය හැකි තැනැත්තියකි. නමුත් ඇය මෙතෙක් නිසි සම්මානයකට පාත්‍ර වී තිබුණේ නැත.

    රනිල් විසින් නැන්දම්මාට උපහාර දැක්වීම සඳහා ඇය ව පැදකුණු කරමින් නර්තනයේ යෙදෙන ආකාරය විටෙක සිත්ගන්නා සුලු ය. විටෙක විසුළුසහගත ය. අප විශ්වාස කරන ආකාරයට මෙය ‘ලයිව් ට්‍රිබියුට්‘ එකකි. එනම් ‘ජීවමාන උපහාරය‘කි. එය, ඈ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට හෝ නෙළුම් පොකුණට කැඳවා රුපියල් ලක්ෂ 20ක 25 ක චෙක්පතක් සමග සමරු තිළිණ ප්‍රදානය කරනවාට වඩා අගනා දෙයකි. අප විශ්වාස කරන ආකාරයට රනිල් වික්‍රමසිංහ බෑණා විසින් එවැනි උත්සවයක කතා ගොඩක් පවත්වමින් කරන විගඩම වෙනුවට එකම එක ක්‍රියාවකින් සිය නැන්දණියට උපහාර දක්වා තිබේ.

    රනිල් වික්‍රමසිංහ යනු පසුගිය සතියේ ලංකාවේ වැඩිපුරම බැනුම් ඇසූ දේශපාලනඥයා ය. මේ වීඩියෝවත් සමග ඔහු අපූරු දෙයක් කරයි. එයට කියන්නේ ‘ඩයිවර්ටින් ඇටෙන්ෂන්‘ හෙවත් ‘අවධානය වෙනතකට හැරවීම‘ කියා ය. මේ තත්පර දහනවයක වීඩියෝව මගින් ඔහු රටේම සහ ලෝකයේම අවධානය වෙනතකට යොමු කරවා ගැනීමට සමත් වී සිටියි. මෙය රනිල්ගේ ‘මාස්ටර් ස්ට්‍රෝක්‘ එකක් යැයි අප කියන්නේ එනිසා ය.

    රනිල් සහ සිරස
    රනිල් සිරස වෙත දක්වන ආකල්පය බලන්න. ප්‍රවෘත්තිවල ගුවන් කාලය වන විනාඩි 22න් විනාඩි 12ක්ම සිරස වැය කරන්නේ රනිල් උදෙසා ය. එයින් පෙනී යන්නේ සිරස රනිල්ට කොතරම් ආදරේ ද යන්න නොවේද? විරුද්ධාභාසය යන්න සිරසට නොතේරුණත් රනිල්ට තේරෙයි. සිරසට සිරසක් නැති වුණත් රනිල්ට සිරසක් තිබේ. ඔවුන් මේ කරන්නේ රනිල් ව ප්‍රමෝට් කිරීමයි. හරිනම් රනිල්, රාජකීය විද්‍යාලයේ තම පන්ති සගයා වන කිලීට තව තවත් දැන්වීම් ලබාදෙමින් ඒ සඳහා සිය කෘතඥතාවය පළ කළ යුතුව තිබේ.

    සිරස ඒ කාලයේ ගෝඨාභයට ද මේ අන්දමින්ම ගුවන් කාලය වෙන් කළේය. එයට ගෝඨාභය කෘතගුණ දැක්වූයේ ස්ටූඩියෝවලට පහර දී සිරස කුඩුපට්ටම් කිරීමට උත්සාහ ගනිමිනි. නමුත් රනිල් කවදත් නිරත වන්නේ කොදෙව්වෙන් එහා යන දේශපාලනයක ය. එය කියවා ගැනීමට දූපත්වාසීන්ට නොහැකි වීම රනිල්ගේ ප්‍රශ්නයක් නොවේ.

    අද විරුද්ධමතවාදීන් සම්බන්ධයෙන් රටේ පවතින නිදහස කියවා ගත යුත්තේ ජනවාරි අට වැනිදා රටේ මහජනතාව ඇති කළ ඊනියා විප්ලවීය වෙනසකටත් වඩා රනිල් විසින් ජාතිවාදීන්, ආගම්වාදීන් හා මතවාදීන් ඉවසා දරා සිටින ආකාරය ද සමග ය. අන් මතවලට ඉඩ දෙන ස්වභාවය සමග ය. එනයින් බලන විට රනිල් නියම උපායශීලී ප්‍රජාතන්ත්‍රවාදියෙකි. උපාය දන්නෝ අපායෙ නොවැටෙත් යැයි කියමනක් තිබේ.

    මංගල සාදයේදී තමන්ගේ නර්තනය කිසිවෙකු විසින් පටිගත කිරීමට ඉඩ ඇති බවත් රනිල් හොදාකාරවම දැන සිටින්නට ඇත. කෙසේ වෙතත් රනිල් මේ නැටුමත් සමග සිය 2020 කැම්පේන් එකට සියලුම ජංගම දුරකථන ග්‍රාහකයන් නොමිලේම යොදා ගනියි. රනිල් පහර දී බිම වට්ටවන්න පුළුවන් චරිතයක් නොවේ. පසුගිය අවුරුදු 20 ක් තිස්සේ රනිල් නියම උජුපටිපන්නෝ ගුණයකින් මේවාට මුහුණ දෙයි. දෙවැනි පෙළක් නොහැදුවේ ය යන්න රනිල් ට එරෙහිව තිබෙන චෝදනාවක් විය හැකිය. නමුත් ගස් හිටවනවාක් මෙන් දෙවැනි පෙළක් තැනිය නොහැක. දැන්, නැවතත් එය රනිල්ගේ ප්‍රශ්නයක් නොවේ.

    මේ නියම රාෂ්ට්‍ර පාලනයයි. මෙවැනි සිදුවීම් තම තම නැණ පමණින් වටහා ගෙන ආතල් ගැනීමෙන් වැළකී පේළි අතර කියවීමකට යා යුත්තේ එනිසා ය.

    සැබවින්ම රනිල් යනු ජේ.ආර්.ට ද වඩා කපටියෙකි. අපට නම් සිතෙන්නේ සමහරවිට මේ තත්පර දහනවයේ වීඩියෝව, රනිල්ගේ මීඩියා යුනිට් එකේම වැඩක් වන්නට ද හැකිය කියා ය.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ ඉහත ඔබේ කතාව ඔබට බොහෝ කලකට කලින්, ඔබටත් වඩා හොඳින් ඉගෙන ගත් අයෙකි අනුර දිසානායක.

      එය නම් මෙරට තරුන පරපුරේ වාසනාවකි. ප්‍රේමවතී මනම්පේරීලා, ත්‍රීමාවිතරනලා, බටලන්දේ මැරුනු උන් වැනි ජීවිත දහස් ගනනක් බේරා ගැනීමකි

      Delete
  3. // එහෙත් සියල්ලන්ගේ පැතුම ඒ පන්තියට ගොඩ වීමට නොහැකි වූවත් ඒ පන්තියේ සිතුම් පැතුම් හා සමාජ ජීවන රටාව උදාකර ගැනීමය. එහෙත් ඒ තත්වය උදා කර ගැන්මට නම් ඒ පන්තියට හා ඔවුන්ගේ ලයිෆ් ඉස්ටැයිල් වලට වෛර කිරිමෙන් ලබාගත හැකි රෙද්දක් නැත්තේමය. // great stuff!

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ ඉහත ඔබේ කතාව ඔබට බොහෝ කලකට කලින්, ඔබටත් වඩා හොඳින් ඉගෙන ගත් අයෙකි අනුර දිසානායක. එය නම් මෙරට තරුන පරපුරේ වාසනාවකි. ප්‍රේමවතී මනම්පේරීලා, ත්‍රීමාවිතරනලා, බටලන්දේ මැරුනු උන් වැනි ජීවිත දහස් ගනනක් බේරා ගැනීමකි

      Delete
  4. කොහොමෙයි මාතලන් බොස් ගොඩ කාලයකින්? උබේ පොස්ට් එකටයි දෙවෙනි ඇනෝ කමෙන්ට් එකටයි පට්ටම ලයික්. හොරට ආතල් ගන්න එකයි සිරාවට ආතල් ගන්න එකෙයි වෙනස රටේ අගමැතිවරයා ලස්සනට පෙන්වල තියෙනව. මම දැක්ක ඔය නැටුමටත් අනන් මනං කියල තියෙනව. රනිල් ලොක්ක නං වැඩක් නෑ කතා කරල. ජෙහාන් හොඳයි වගේ.. 🙈

    ReplyDelete
    Replies
    1. මට පෙන්නේ ජෙහානුත් ලොක්කගෙ ගෝලයෙක් වගේ...

      Delete
  5. අනෙ ද කියන්නෙ බන් ඌට නටන්න හොද නදැද්

    ReplyDelete
    Replies
    1. කබ්බෝ කියන්නේ එහෙමනේ අප්පා

      Delete
  6. Ubanam dan prasiddiye mada sodanawa unnahe.....
    Ranil dance karana ekatanam monawat kiyanna na mkda eka awulak naha

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් අවුලක් නෑ නේ

      Delete
  7. මාතලන් ලොක්කා

    හිතේ හැටියට අපිට කියාගන්න බැරිඋන දේවල් උඹ හොදටම අද කියලා තියෙනවා

    රටේ පන්ති පරතරය නැති කරන්න කවදාවත් කිසිම කෙනෙකුට බැහැ
    සාධාරන ඇත්ත ඒක නේද ලොක්කා?

    (I read most of your blogs on fb...
    So..I just logged on to your official blog today After a long time.....
    Please write more...thanks)

    ==Adrian from Toronto

    ReplyDelete
  8. මාතලන්ට අනුව රටේ එක පන්තියක් ඉතා ප්රගතිගාමී වෙයි. ඒ පන්තිය ගැන රටේ අනිත් මිනිසුන් ඉරිසියාවෙන් පෙලෙන්නෙ අර පන්තියේ ඇති පොශ් කමට විය යුතුය. ඒ නිසා මාතලන්ට අනුව පොශ් වීමට නන් අර පන්තියට ඉරිසියා කරනවා වෙනුවට ආදරය කල යුතුය.

    ඒත් ඇත්ත කතාව ඊට වෙනස් බව මාතලන් හිතමතා අමතක කර දමා ඇත. ඇත්ත නන් ලෝකෙට පෙන්වන පොශ් පැලැන්තිය සුද්දා‍ගේ කාලයේ ජීවත් වී ඇත්තේ මාතලන් කියනා පරිදිම කයිකොලකාරයන්ගේ පැලැන්තියේමය. සුද්දාගේ පරවැඩ වලට උදව්දී තනතුරැ තානාන්තර සහ ඉඩකඩම් මිලදී ගන්නා මේ පැලැන්තිය අන්තිමේ තම ජාතියේම මිනිසුන්ට මත්පැන් විකුණා මඩිය තර කරගැනීමට තරන් නීහීන වී තිබේ.
    සුද්දාට කත් ඇදීම නිසා අහම්බෙන් මෙන් දේශපාලන බලයක් අතපත ගෑ මේ පරපුර තමන් විසින්ම සාදාගන්න ලද මනෝරාජික ලෝකයක අතරමන්වී තිබේ.

    අවසන් වශයෙන් කිව හැක්කේ පොශ් වීමට නන් කලයුතුව ඇත්තෙ ප්රතිපත්ති විරහිත, ප්රතිගාමී පන්තියකට ආවැඩීම නොව හොදින් අධයාපනය ලබා රට ලෝකය ගැන ඉගෙන ගැනීමෙන් පමණක් බවය. රටේ සුවහසක් ජනීජනයාට ලැබිය යුතු අධයාපන අවස්තාවන් නැතිකර දැමු මේ පන්තියට ඉගැන්විය යුතු පාඩම් නන් එයය.

    ReplyDelete
    Replies
    1. ශෙනාල් උඹ කියන කතාවෙම ගැඹුරු යතාර්තය තමා මාතලන් මේ පිහියෙන් අනිනවා වගේ කියලා තියෙන්නෙ.
      බන්ඩාරනායකලා, විජේවර්දනලා, ජයවර්දනලා. සේනානායකලා කොතලාවලලා පරම්පරා ගනනක් තිස්සේ සුද්දට අල්ලලා ආපු තැනටම යන එනමං නැතුව හිටපු හොඳම ගේම් කාරයො දෙන්නෙක් වෙච්චි එඩ්මන්ඩ් වික්‍රමසින්හ සහ විජය කුමාරතුන්ග ට පුලුවන් උනා තමුන්ගෙ ලමයිව තල්ලු කරන්ඩ. ඒ අර පැලැන්තියේ උන් හපල විසික් කරපු චුයින්ගම් එකක් ඇන්ගේ එල්ල ගෙන.
      ප්‍රේමදාසල, මහින්දලාට එච්චර මොලේ නැති නිසා උනුත් අර ට්කම කලත් උන්ගේ ලමයින්ව යවා ගන්ඩ පුලුවන් උනේ ඉහල මද්‍යම පංතියට විතරයි. නමුත් සජිතය මෝඩය උනත් උගෙ අම්මට එඩ්මන්ඩ්ලට විජයලට වගේ මොලේ තිබ්බ නිසා සජිතයට ලමයෙක් හිටිය නම් ඌත් රනිල්ගෙ පංතියටම යවන්ඩ පුලුවන් විදිහට වැඩේ කලා. ම‍යිත්‍රී නම් උපන් ගෙයි මෝඩයා නිසා උගේ උන්ට වැලි මල්ලිගෙන් එහාට යන්ඩ බැහැ.

      පන්ති වෛරය අහක් කරල අඩුම ගානේ උඹෙ ලමයවවත් එතෙන්ට යවන්ඩ පුළුවන් ක්‍රමයක් හොයපන්.
      විජේවීර කෙනෙක් වෙන්නේ නැතුව අනුර කුමාර කෙනෙක් වෙයන්.

      Delete
    2. මට තේරෙන්නැති දේ තමයි ‍මොකක්ද මේ අමුතු පන්තිය කියන එක. ඔය සේනානායකලට කලින් රටේ කෙරැමෝ වෙලා හිටියේ සොයිසලාගේ පරම්පරාව. ඒ මිනිස්සු මංගල්ල වලට කේක් ඉංගලන්තෙන් ගේන්න තරන් වත්පොහොසත මිනිස්සු. ඒ මිනිස්සුන්ගෙයි සේනානයකලාගෙයි පන්ති වෙනසක් තියෙන බව මටනම් පේන‍්නේ නෑ.

      ඔය බන්ඩාරනායකලා, විජේවර්දනලා, ජයවර්දනලා. සේනානායකලා කොතලාවලලාගේ පන්තියට යන්න ඔච්චර අමාරැ නැහැ. සල්ලි ටිකක් අතපත ගාන්න විතරයි ඕනි. එහෙව් එකේ ඕකට මොකට වෛර කරන්නද?

      Delete
  9. දැන් චන්දේ දෙන්නේ හූඇම්පියටද නැත්තං ජෙප්පන්ටද...අවුල්නේ බං...?

    ReplyDelete
    Replies
    1. ජන්දේ නම් ජෙප්පන්ට... ඒ උනාට ඒ පන්තියට පට්ට ලැයික්

      Delete
  10. මාතලන් ඔය මේ විකාර නවත්වපන් !!!!
    නෙළුම් වල්යායේ ලිකෙලි සමයං උළෙල ඕගනයිස්කරහන්. කමියට කොටු පනින්නත් ඇටමට කියක්හරි හොයාගන්නත් ඉවාන් පලුශට tv එකේ පෙනිසිටින්නත් මෙගා තෝරන් ගහපු එකාට කොළඹ එන්නත් ගොඩකවෙල පොන්නටය තව සමනලයෙක් සෙට්කරගන්නත් ඉයන් කියන නාකියට පුල්ෆෙස් හෙල්මට්කාරයන් ලවා කන්රත්කර ගන්නත් ,
    ලන්ඩන් අජියට එයාර් මයිල් පවිචිකරන්ත් පිනට බොන එවුන්ට විස්කි පාරක් දාගන්නත් සිනුවර තට්ටයට දෙපැත්ත කොටවන්නත් , බජට් ඉල්ලන එවුන්ට හෑමිනේන්ටද , ඇනොලට ආතල් ගන්නත් එක්ක ඔන්න ඔය ලබ්බ අටවහන්

    ReplyDelete
    Replies
    1. ඕං කරනවනං වැඩ...!

      Delete
    2. අම්මපා ඇත්ත... තොයිලයක් නටලා... සජ්ජායනාවක් කරන සැයිස් එකට බොගට කෙලවෙලා තියෙන්නේ... කාළෙකින් මනස ෆ්‍රී උන් නිසා මෙහෙමවත් අප්ඩේට් කර ගත්තේ...

      Delete
  11. රනිල්ට නටන්නට පුලුවන් කියා පෙන්නපු එක පට්ටය. හැබැයි "ටූ ලේට් ය." මුලින් පෙන්නන්නට ඕන ඒවා අන්තිමට පෙන්නන්නට යෑම අවුල්ය. රනිල්, ජේ. ආර්ගෙන් ඉගෙන ගත්තේ නැති පාඩම ඒකය.

    දැන් බල එකාට පේන්නේ නටනවා කියා නෙවේය. හොරෙක් වගේ පාත් වෙවී යනවා කියා ය.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ අර්ථකත්නයක් දෙන්නත් පුළුවන්

      Delete
  12. රනිල්, ජේ ආර්, ඩී එස්, ඩඩ්ලි, සර් ජෝන් ඉඅහල පැලැන්තියේ තක්කඩියෝය. ඔවුන් දේශපාලනයෙන් හම්බ නොකර මිය යනවිට තමන්ට ඇති දේපලත් රජයට දී ගියහ. එහෙත් ඔවුන් ප්‍රතිගාමීන් වෙති. බණ්ඩාරනායක ගෙන ආ සඟ වෙද ගුරු පන්තිය රටේ මුදලින් ඉහල බජව් දමමින් බයිසිකලෙන් පටන් ගෙන බී එම් ඩබ්ලිව්, බෙන්ස් වලින් යන්නේ රටෙන් හම්බකරගත් සල්ලි වලිනි. ඔවුන් දේශප්‍රේමියෝය. එමෙන්ම ඔවුන්ට ප්‍රගතිශීලි යැයිද කියති.

    ReplyDelete
    Replies
    1. ඉහළ පැලැන්ති‍‍යේ තක්කඩියන් තමන්ගේ දේපල රාජසන්තක කලා කීම හුදු ප්රලාපයකි, ජනතාව ගොනාට ඇන්දීමේ වෑයමකි. ඉඩමක්, නිවසක් රාජසංතක කොට තමන් අතින් සිදුවූ වැරදි වසා ගත ‍නොහැකිය. මෙවැනි ජිල්මාට් වලට රැවටීමද මා පෙර පැවසූ පරිදි නිසි අධ්‍යාපනය නොලැබීමේ තවත් ඛෙදවාචකයකි.

      බණ්‍‍ඩාරනායක පවා තම ධූර කාලය තුළ අපමණ වැරදි කල නායකයෙකි. ඒ කල වැරදි වල පවු අපි තවමත් ගෙවමින සිටිමු. දැන් කල යුත්තේ බණ්ඩාරණායකට බැන වැදීම නොව වහ වහා ලාංකීය අධයාපන ක්ශේත්රය ප්රතිසංස්කරණය කිරීමයි. නැතහොත් තව වසර ගණනාවකට නිසි අධයාපනය නොලත් තාර්කික බුද්ධියෙන් තොර රට ගැන හැගීමක් නැති ජනතාවක් බිහි වනු නියතය.

      Delete
    2. ඉයන් මහත්තයෝ යූ ඇන් පී නායකයෝ කළ දේවල් රටේ මොකා උනත් දන්න තිත්ත ඇත්ත නේ... කන්නන්ගරත් වැඩ පෙන්නන්නේ යූ ඇන් පී එකේ ඉද්දි... බන්ඩාරනායක් කියන්නේ නිදහස් අජ්ජාපනේ සහ එතෙක් පැවති අජ්ජාපන ක්‍රමේ කාපු එකෙක්...

      මේ අපේ ෂෙනාල් මෙන්ඩිස් මේවා නොදන්නවා නෙමෙයි... ඒත් ඒවා එයාලා පිලිගන්න කැමතිම නෑ...

      තරුණ සේවා සභාව ඇති කළේ රනිල්, මහපොල ඇතුලත්මුදලි, අකිල මාර ගේමක් දෙන්න යන්නේ... මේවා පේන්නේ නැත්තේ, අගය කරන්නේ නැත්තේ මේවා නොදන්න නිසා නෙමෙයි හේතු දෙකක් උඩ..

      එක.. පන්ති වෛරය
      දෙක.. කුහක කම

      Delete
    3. යූඇන්පීය කලාට වඩා වැඩි වාර ගානක් නා ගත්තා කියල නන් කියන්න පුලුවන්. අනික යූඇන්පීය පක්ශයක් විදියට හැදෙන්නෙත් සුද්දාට උවමනා නිසා මිසත රටේ අවශ්‍යතාවයකට ‍නෙමෙයිනේ.

      යූඅැන්පීයේ තියෙන අවුල තමා අන්න ඒ තිත්ත ඇත්ත පිළිගන්න තියෙන අකමැත්ත. තාමත් යූඇන්පී කාරයන්ට ‍ඩීඇස් ජාති‍යේ පියා. ‍ජේආර් හොදම නායකයා.

      මොකටද අ‍ායේ පන්ති වෛරයක් හදා ගන්නෙ. සල්ලි ටිකක් හොයා ගත්තනන් කවුරැත් ඒ පන්තියේ තමා. අායේ වෙන දෙයක් ඕනයැ.=

      Delete
    4. සුද්දෝ අපිව දාලා ගිය එක තමා මේ රටට හෙන ගහලා තියෙන්නේ

      නෙද්දකින් පර සුද්දෝ... ඕකුන්ට නම් හොඳක් වෙන්න නරකයි... අපිට කළ දේට..

      Delete
    5. ඔය කියල තියෙන්නේ නි‍යමෙට. තමුන්ලාට තාමත් ස්වාධින හිතන්න හැකියාවක් නැහැනේ? අර මම කියපු අදයාපන ක්රමයේ ප්රශනෙ හොදම පිළිඹිමු තමයි ඔහෙලා. ඉන්දියන් කාරයෝ මෝඩයො උනත් උන්ට ස්වාධිනව නැගිටින්න‍ දහිරියක් තිබ්බා. ඒකට අපේ උන්ටික එහෙන් මෙහෙන් සූරන් කාලා සල්ලි හොයාගත්ත සෙට් එහෙකට මුලා වෙලා තමන්ගේ ස්වාධීන කමත් නැති කරගත්තා.

      Delete
    6. ඒ උනාට අපිට සුවා දීන රූපවාහිනය තියෙනවා නේ... ඇයි සුවා දීන කොමිසන්.. ස්වා දීන අධිකරණය...

      Delete
    7. අප වැනි රටවල් ඇද වැටී ඇති දීන වහල්භාවයේ සැබෑ හේතු හඳුනා නොගෙන, එය රටේ කාලකණ්ණිකමක් ලෙස හුවාදක්වමින්, රටට වෛර කිරීමේ දීන මානසිකත්වය ප්‍රවර්ධනය කරමින්, ඊට ප්‍රතිපක්ෂව යුරෝපා ශිෂ්ටත්වයත්, සුද්දාගේ පතල මහා කරුණාවත් ඔසවා තබමින්, ඊනියා සිනමාකරුවන් මේ පිඹින හොරණෑව කාගේද ?

      http://www.yuthukama.com/2018/01/Machan.html

      Delete
  13. ඔය පොඩ්ඩක් බිව්වට, නැටුවට මක් වෙනවද, අගමැති වුනත් මනුස්සයෙක් නේ.

    ReplyDelete
    Replies
    1. එල්ලාවල මේධානන්ද හාන්දුරුවොත් දේශණා කොලේ හිටන්

      Delete
  14. මේවගේ නැටුමකට ගට්ස් ගන්න වොඩ්ක නැතුව බැ මට නම්, හිටන්ට ෂොට් තුන හතරක් දැම්මෙව්වා නම් කොහොම ඩාන්ස් බලන්න බැරිවේද? රජ්ජුරුවෝ වගේ රෙද්ද උස්සන් කුණුහරුපත් කියන්ට බැරි නෑ.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ හිටන්..

      පොර හැබයි ආතල් බුවා... ඉඳලා හිටලා පට්ට ආතල් දෙන්නේ...

      Delete
    2. ආතල් ගන්ඩ ඕනේ නම් හිටං ට මයික් එකක් අතට දුන්නම හොඳටම ඇති. රා අරක්කුම දෙන්ඩ ඕනේ නැහැ

      Delete
  15. දේසපාලකයෝද මනුස්සයෝය.
    ජහමනයා උන්ට දෙය්යන්ට රජවරුන්ට වගේ සලකන්නේ නැතුව උනුත් මනුස්සයන් වගේ හිතුව නම් ලංකාවේ දේසපාලනය මීට වඩා පොඩ්ඩක් හොඳ වෙන්න ඉඩ තියනවා

    ReplyDelete
    Replies
    1. බෑ නේ ප්‍රා... පොඩි කාළේ ඉඳන් නොදන්න එකාටත් දන ගහලා වඳින්න උගන්වන ජාතියක් නේ...

      අපේ එකානම් යාන්තම් කොන්ද නවලා වඳින සයිස්සෙකට හදා ගත්තා..

      Delete
  16. //හැබයි එහෙම ඩාන්ස් එකක් දාන්න පුලුවන් වන්නේ සැහැල්ලුවෙන් ජීවත් වෙනා එකෙකුට මිස බොරුවට ඇඳගෙන සිටිනා එකෙකුටත් නොවනා බව හොඳින් විස්ලේසොනේ කොලොත් පෙනනවාය.// පොයින්ට් එක.. ටූ තම්බ්ස් අප්!

    ඔය බලෙන් ඇඳගෙන එහෙම නැත්නම් අන්දලා ඉන්න එක පට්ට ස්ට්‍රෙස් එකක් බං.. අම්මප එහෙම උන් රටට ආතල් දෙන්න මිස උන් ආතල් එකක් ගන්න දන්නෙම නෑ..

    ReplyDelete
    Replies
    1. ඔය මිය ගියාම බොහෝම සංවේගයට පත්තෙන්නේ ඒකනේ... නෝ ආතල්... නෝ බෝතල්.. පුල් චාටර්

      Delete

  17. මට නම් හිතෙන්නේ එදා මෙදා තුර මාතලන් තුමා නිර්මාණය කල හැම පොස්ටුවකටම වඩා උතුම්ම පෝස්ටුව මෙය බවය. ඔන්න පටලවා ගන්ඩ එහෙම කාරි නැහැ, මම කීවේ පෝස්ටුව කියාය, පොහොට්ටු මලදානේ එහෙම නෙවේය. //බැඳුම්කර සීන් එක හොරකමක් නොව 2008 සිට පවත්වාගෙන ආ බිසිනොස් එකක ඉදිරියක් බව මාතලන් කියන්නේ එදා සිටමය.// මේ පරම සත්‍යය අපේ රටේ ඉන්නා ගල් ඉබ්බන්ට කොහොම කීවත් තේරෙන්නේ නැත. උන් හැම එකාම කියන්නේ මේ හොරකමට මුල රනිල් බවත් ඔහුගේ ගෙල සිඳීම අවශ්‍ය බවත්ය. සිරිසේන ලොක්කාද දිය යටින් ගින්දර ගෙන යමින් අර ඇන්දේ රනිල්ගෙත් යූ ඇන්පී එකෙත් බෙල්ල මිරිකන්ඩ වුවද ඒක පුස් වෙඩිල්ලක් බවට පත් විය. රටේ මහජන මතය ගොඩ නංවන්නට හදන්නේ ශන්ක අමරජිත්, බන්දුල ගුණසේකර වැනි හාල් පාරුවන්ය. එහෙව් රටේ රනිල් කරනා ගොන් කම් නිසා තිබුණ හොඳ නමත් විහින් කැත කොර ගත්තාට අනුගාමිකයන්ට කොරන්නට දෙයක්ද නැත. දක්ෂ තරුණ ඇමතිවරුන්ට කිසි වැඩක් නැති රාජ්‍ය ඇමති පට්ටම් දී වාචාල විහිලු කාරයන් හෝ වැඩක් නොකරන මිනිසුන් ලෙස රටම දන්නා ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල, හා තිලක් මාරපන වැන්නන්ට ඇමතිකම් දීමෙන්ද දුෂිතයෙක් බව දැන දැනම රවී කරුණානායකට මුදල් ඇමති පදවිය පිරිනැමීමෙන්ද, අර්ජුන මහේන්ද්‍රන් වැන්නෙක් ආනයනය කොට මහා බැංකුවේ අධිපති කම භාරදී අහක බලා සිටීමෙන්ද රනිල් කළේ මහා අනුවණ කම්ය .



    //එම පන්තිය සතුව තිබූ දේශපාලන බලය දෙකයි පනහේ කයිකොලකාරයන්ට හා පාන්කඩ හාන්දුරුවන්ට පැවරිමේ සාපය අද ඒ පැවරපු එකාගේ දියණියන් විසින් විඳීම ලෝක සත්‍ය පසක් කරන්නක් වීම සතුටට කාරණයක්මය// කවුරු පිළිගත්තත් නැතත් සැබෑ සත්‍යය මෙයය. උසස් තනතුරු දරන්නට සුදුසු මානසිකත්වයක් හෝ පෞරුෂත්වයක් නැති පෙන්දන් මහා තනතුරු වලට පත්වූ පසු උන් හැසිරෙන්නේ දෙවියන්ගේ හාල් කැවුනවුන් මෙන් හෝ බල්ලා වෙල්ලාවට නැග්ගා හෝ මෙනි. දේශපාලනය කරන්නට ආ යුත්තේ, මහජන නියෝජිතයන් ලෙස ව්‍යවස්තාදායකයට යා යුත්තේ කුඩ්ඩන්, කසිප්පු කාරයන්, ස්ත්‍රී දුෂකයන් නොව වැදගත් උගත් මිනිසුන්ය. දැන් තිබෙන තත්ත්වයේ හැටියට මෙවන් මිනිසුන් බොහෝ දෙනෙක් ඉන්නේ ජේවීපී එකේ පමණි. රනිල් දැන් වැඩ ඉන්නා දේදුනු වලාකුලෙන් බිමට බැස මහජනතාවට තවත් සමීපවී ජෙප්පන් සමග අවබෝධතා ගිවිසුමක් ඇති කරගෙන රටට වැඩක් කරන්නට පියවර ගත්තොත් අපි සැවොම දිනුවා හා සමාන වෙනු ඇත. මේ භාරධුර කාර්යය ජෙප්පන්ට හෝ අලින්ට තනිවම කළ හැකි දෙයක් නොවන බව ඒ දෙපිරිසම පිළිගත යුතුය.

    ReplyDelete
    Replies
    1. රනිල් දෙවන පෙලට වගකීම් දුන්නා නම් අද රනිල්ට මෙහෙම වෙන්නේ නෑ... අදත් කතා කරන්න ඉන්නේ උන් විතරයි... අනිත් නාකී ඔක්කෝම ටික මැන්ටල් ඩයල්. එකෙක් යාන්තන් අයින් කලා. විජේදාස රාජපක්ෂ. ගොබ්බයෝ අරගෙන කරේ තියාගත්ත. බොක්කේ යූ ඇන් පී කාරයෝ කපලා දාලා.. අද ඒකේ පරිප්පුව එයා නියෙමෙටම කනවා.

      ඔය දෙවන පෙලට නායකත්වය බය නැතිව දීපු මනුස්සයෙක් තමයි සරත් ෆෝන්සේකා.. එළ කොල්ලෝ ටිකක් උඩට අරගෙන වගකීම උන්ට දුනා.. එහෙම නැතිව සාම්ප්‍රදායික ක්‍රමයට යුද්ධ කළා නම් තාමත් යුද්දේ යනවා...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න