.

.

Apr 5, 2018

සිරිසේන... සිරිසේන... කෝ මේ සිරිසේන...




සිරිසේන... සිරිසේන...
කෝ මේ සිරිසේන...
ජයන්ති නෝනා බොහෝ කළබලයෙන් ගේ පුරා දුවමින් සිටි...
අනේ දුවේ බලහන්කෝ මේ ජනාධිපති තාත්තා පේන්න නෑ නේ
අම්මා බාත් රූම් එකේ බැලුවද? මේ ටිකේම නාන එක නේ කරන්නේ..
අනේ ඔව් දුවේ මම ඉස්සෙල්ලම බැලුවේ මාත් රූම් එකේ.. ඒකෙත් නෑ..
කාමරෙත් නෑ.. ඔපීස් කාමරෙත් නෑ..
මම හිතන්නේ අම්මේ ෂුවර් එකට ළිඳ ගාව ඇත්තේ..
ළිඳට ගිහින් ඇදගෙන එපාය නාන්න.. එයැයිට කොහෙද එහෙම හයියක්
කෙහෙල් කොලේ බත් එක කන්නෙත් මම හදලා දෙන හින්දා.. 
කතාවක් උනොත් කරන්නේ කවුරු හරි ලියලා දුන්නොත් ඉතරයි..
ඒ උනාට අම්මේ තාත්තට ආස හිතුනද දන්නේ නෑ නේ ඇදගෙනම නාන්න..
ඒකත් ඇත්ත.. තාත්තගේ වැඩේ නාන එකම නේ.. අපි යමු දුවේ ළිඳ පැත්තට බලන්න..
අනේ ඉතින් චරුරිකා දුවයි ජයන්ති නෝනයි කැළෑ වෙලා තිබුන ළිඳ පැත්තට ගියා.. 
ඒ පැත්තෙත් නෑ නේ පුතේ..
කුඹුර පැත්තටවත් ගියාද දන්නේ නෑ යමු බලන්න කෝකටත් ඒ පැත්තේ..
ඒ පැත්තට ගිහින් බැලුවත් එහෙත් උන්නේ නෑ 
ඊට පස්සෙ දෙන්නා එක්කම ගියා උලපනේ සුමංගල හාන්දුරුවන්ගේ පන්සල දිහාට
අනේ අපෙ හාන්දුරුවනේ අපේ මහත්තයා ආවයි මෙ පැත්තේ..
අනේ නෑ නොනා මේ පැත්තේ නම් ආවේ නෑ කියලා සිරිසේන මහත්තයා හොයන වැඩේට සුමංගල හාන්දුරුවොත් එකතු උනා..
ඔහොම යන අතරේ ගණිතය ගුරුවරයකු වෙන රජිත් කීර්ති තෙන්නකෝන් මහත්තයා එනවා ඉස්සරහට..
සුමංගල හාන්දුරුවෝ හඬ අවදි කලා
අනේ මේ කීර්ති උපාසක මහත්තයා දැක්කැයි අපේ සිරිසේන උපාසක මහත්තයා..
දැක්කේ නම් නෑ... දැන් කීයේ වගේ ඉඳලඳ එයා නැති වෙලා තියෙන්නේ..
එහෙම අහපු කීර්ති මහත්තයා... ඉස්මාට් ෆෝන් එකෙන් කැල්කියුලේටර් එක අරගේන ගනන් හදනවා..
ඔය අස්සේ සුමංගල හාන්දුරුවෝ කිලීට කියලා සීන් එක බ්‍රේකින් නිව්ස් එකක් විදියටත් යනවා... 
දැන් වැඩේට මාද්දිය කාරයොත් එකතු වෙලා.. 
කස්ටියම සිරිසේන මහත්තයා හොයන එක 
පාර කියන සිරසේ ලැයිව් යනවා..
ඔහොම යන අතරේ රජිත් කීර්ති මහත්තයා ඇඳි වස්තරේ ගලවලා දාලා, අමු නිර්වස්තරෙන් කනත්ත පැත්තට දිව්වා... 
සෙට් එකත් ඒ පස්සෙන් දිව්වා..
හපොයි දෙයියනේ... සිරිසේන මහත්තයා උදැල්ලකුත් අරගෙන වලවල් වගයක් කපනවා ඩෝසරේකින් ලොකු වලකුත් කපනවා..
ජයන්ති නෝනට මල පැන්නා
මොකක්ද වාහේ මේ කරන විකාරේ..
චතුරිකා නෝනටත් මල පැනලා..
මොකක්ද ජනාධිපති තාත්තේ මේ කරන විකාරේ... අපි යං යන්න හිටන් ගෙදර
ඒ අස්සේ ප්‍රවීන මාජ්ජවේදී රෝෂාන් වටවල මහත්තයා සිරිසේන මහත්තයට මයික් එක දික් කරලා ඉන්ටවීව් එක පටන් ගත්තා..

ඔබතුමාට කියන්න පුළුවන්ද ඔබ තුමා ගත් මේ දැඩි ක්‍රියාමාර්ගය මොකද කියලා හිටන්..?
ක්‍රියා මාර්ගය... තව මොන ක්‍රියාමාරග ගන්නද යකෝ.. මම මේ අඩි හයේ වලවල් ටික මම්ම කපා ගන්නවා..
ඉතින් ජනාධිපති තුමා මේ වලවල් ගොඩකුයි.... මහා වලකුත් කපන්නේ බැකෝ එකකුත් දාලා..?
ඒ පාර සිරිසේන මහත්තයා කපන්න මාක් කරලා ලණු ඇදලා තිබුන වලවල් ටික පෙන්නුවා...
 ඒ පෙන්නලා මෙහෙම කිව්වා...
අරක ශිරාල්ට, අර ඊට එහා එක මලිතයට, එයිට එහා එක සුමංගලට, එයිටත් එහා එක රජිත් කීර්තිට, අරක සුසිල්ට... ආන් අරක ඩිලාන්ට..... ඔය විදියට තා වලවල් කීපයක් පෙන්නුවාම..
රොසාන වටවෙලා අන්තීම ප්‍රශ්ණයත් යොමු කළා
එතකොට ජනාධිපති තුමා අර බැකෝ එකෙන් හාරන ලොකු වල..?
ඒකද..?
ඒක වෙන කාටවත් නෙමෙයි... මාව නැති කරපු තොපිට යකෝ.. "
කියපු සිරිසේන මහත්තයා
ආයෙත් තමන්ගෙ වල තමන් විසින්ම කපා ගන්න වැඩෙ පටන් ගත්තා.. 



25 comments:

  1. රාජපක්ෂ ප්ලෑන් එක රනිල්ව විශ්වාසභංගයෙන් බේරාගෙන තවදුරටත් මිනිස්සුන්ට රනිල්ව එපා කරවීම. අනිත් පැත්තෙන් මෛත්‍රීගෙ ටීම් එකත් දෙකට කැඩුව. දැන් ඉතින් 2020 දි ගොඨා කිසිම චැලෙන්ජ් එකක් නැතුව දිනනවා. රනිල් ආයෙත් තමන්ගෙ වල තමන් විසින්ම කපා ගත්තා. එක්සත් ජාතික පක්‍ෂය ඉහළ සිට පහළට මෙහෙයැවෙන අතර නිදහස් පක්‍ෂයේ ක්‍රියාත්මක වන්නේ මෙහි අනෙක් පැත්තයි. සිරිසේන ජනපති බලතල යොදාගෙන නිදහස් පක්‍ෂය ඩැහැ ගැනීමට සමත් වුවත් පක්‍ෂය විසින් නායකයා හීලෑ කර ගැනීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. අද සිදු වෙමින් පවත්නේ එයයි. මහින්ද රාජපක්‍ෂ ඊට එකඟ වුනොත් ජනපති සිරිසේන 2020 ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ඉල්ලා සිටිය හැක.
    සියල්ලටම වඩා ජනාධිපතිනි කුමාරතුංග සිටින ඉතිහාසයේ කුණු කූඩයට ජනාධිපති සිරිසේන නොවැටෙනු ඇත. ඒ සිරිසේන මේ ජම්මයේ ලබන ඉහළම ජයග්‍රහණයයි.

    ReplyDelete
    Replies
    1. තවත් පැත්තක්... ඉස්කෝතුයි කොමෙන්ට් එකට

      Delete
  2. රටට අදාළ නැත :) මාතලන්

    ReplyDelete
  3. මා තලන් උපන් ගෙයි මෝඩයකු බව ඊයේ වන තෙක් ම දැන හිටියේ නැහැ. එයත් උපන් ගෙයි මෝඩකමේ ම ප්‍රතිඵලයක් වෙන්න ඇති. කොහොමටත් දිනපතා ම මේ ලිපි ලිවීම ම උපන් ගෙයි මෝඩකම නිසා ම කරන්නක් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අපේ සීයත් ඕකම කිව්වා

      Delete
    2. එතකොට මාතලන්ගේ සීයත් සාස්තර කිව්වද? අත බලාලාද කිවෙ ? වෙන මුකුත් බැලුවෙම නෑ ?

      මාතලන්ගේ පුක එහෙම බැලුවෙම නෑ ? ගනුදෙනු පුකක් ද කියලා ?

      Delete
  4. I am not interested in Sri Lanka Politics. I read Mathlan's blogs. People who cretisise Ranil and hail Rajapaksha's are belongs to a certain category. As long as this type of people voicing out, Sri Lanka and its politics will never be in right path. That is the fact.

    ReplyDelete
    Replies
    1. Before baking like such brainless stupid moron, could you please read the Report of the Presidential Commission of Inquiry has held on this Central Bank bond Scam?

      The former Governor of Sri Lanka’s Central Bank Arjuna Mahendran responsible for causing a loss of which is not less than LKR 11,145 million to public institutions according the reports. This is the least amount & some claim even more. This is the largest ever recorded corruption case in the history of Sri Lanka. Rajapakse gang also said to be extremely corrupted but total amount of their probable amount of loss done to public funds might be much less than this according to the independent experts.

      The commission had also noted that Prime Minister Ranil Wickremesinghe, who hand-picked Mr. Mahendran for the role, had supported him for wrongdoing.

      Further, it recommended legal action against former Foreign Minister Ravi Karunanayake for corruption and providing false evidence in front of the commision.

      In August 2017, Mr. Karunanayake, a prominent figure in Mr. Wickremesinghe’s United National Party (UNP), resigned amid opposition and excessive civil society pressure.

      He is accused of financial links with bond dealer and son-in-law of Mr. Mahendran, Arjun Aloysius, whose firm Perpetual Treasuries bought over 50% of the controversial bond auction in 2015. The commission has recommended legal action against Mr. Aloysius too, among others.

      The Central Bank bond scam was the first major blow to the government and the economy of SL, especially after war ended in 2009. Earlier, in October 2016, a parliamentary Committee on Public Enterprises ruled that Mr. Mahendran was “directly responsible” for the irregularities in the bond sale.

      In January 2017, Mr. Sirisena appointed a Commission of Inquiry to probe the matter further, a move that some in political circles saw as a reflection of the growing tension between his Sri Lanka Freedom Party (SLFP) and Mr. Wickremesinghe’s UNP, coalition partners in the government.

      Rajapakse regime also did many bad things but they were able to do some good things at least. But these morons hadn't done any substantial thing useful for the economic development of the nation as many people believe. That's it.

      Delete
  5. මාතලන්,

    ලබන සතියේ නව කැබිනට් අමාත්‍ය මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිත වන අතර එම ඇමතිවරුන් විෂය පථ වෙනස්කම් සහිත පූර්ණ විද්‍යාත්මක පදනමින් සැකසූවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවකට එක්වෙමින් කියා ඇත.

    UNP-UPFA දෙපාර්ශවයම ඇතුළත් කමිටුවක් ද ඒ සඳහා පත් කළ බව ඔහු කියා ඇත.

    අගමැතිට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්‍ෂය ඡන්දය දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කැබිනට් ඇමතිවරුන් හය දෙනා ඉවත් කල යුතු බවට එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවී දන්වා ඇත.

    එම ඇමතිවරුන් විසින් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් එක්සත් ජාතික පක්‍ෂය හා අගමැතිවරයාට දැඩිව විවේචන එල්ල කරමින් අදහස් පල කල නිසා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කල යුතු යයිද ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දි තිබේ.

    එම පිරිස ඉවත් කිරීමට ජනාධිපතිවරයා එකගතාවය පල කර ඇත්තේ එකම කොන්දේසියක් මතයි.

    අගමැතිවරයාව විවේචනය කරන ලද ශ‍්‍රීලනිප ඇමතිවරුන් ඉවත් කරන්නා සේම ජනාධිවරයා විවේචනය කරන ලද එක්සත් ජාතික පක්‍ෂ ඇමතිවරුන්ද කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කල යුතු යයි ජනාධිපතිවරයා යෝජනා කර ඇත.

    එසේ ජනාධිපතිවරයා හා ශ‍්‍රිලනිපය විවේචනය කල එජාප ඇමති ලයිස්තුව තමන් සතුව ඇතැයිද ජනාධිපතිවරයා සදහන් කර තිබේ.

    එම කොන්දේසියත් සමගින් එක්සත් ජාතික පක්‍ෂය පසුබා ගොස් ඇති අතර අවසානයේ සාකච්චාව නිමා වී ඇත්තේ UNP-SLFP හවුල් ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සදහා විශයන් බෙදා ගන්නා ආකාරය සම්බන්දයෙන් පක්‍ෂ දෙකේ නියෝජිතයන්ගෙන් යුතු කමිටුවක්ද පිහිටුවීමට එකගතාවය පල කරමිනි. (මුන්ට මෙ ඈමති කම දාලා යන්න බෑරි එකේ අර මනුස්සයා අගමෑති කම දාලා යයිද?)

    UNP පාලිත රංගේ බණ්ඩාර, බුද්ධික පතිරණ, සුජීව සේනසිංහ, පාලිත තෙවරප්පෙරුම, වසන්ත සේනානායක යන මන්ත්‍රීවරුන්ට කැබිනට් අමාත්‍ය ධුර ලබාදීමේ සූදානමක් ගැනද දේශපාලන ආරංචි තිබේ. ඔවුනට අමතරව නලින් බණ්ඩාර, එස්.එම් මරික්කාර්, මුජුබර් රහුමාන්, හෙක්ටර් අප්පුහාමි නියෝජ්‍ය අමාත්‍ය ධුර සදහා යෝජනා වී ඇත.

    පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් ඕනෑම අයෙකුට රජය ශක්තිමත් කිරීම සඳහා තමන්ආරාධනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද කියා ඇත්තේ හැරගිය ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් නැවත රජය වෙත නැඹුරු කරවීමටය.

    මැතිවරණ ක්‍රමයේ පවතින විකෘති තත්ත්වයන් නිසා පළාත් පාලන මැතිවරණ පනත වහාම සංශෝධනය කළ යුතු බව ද ජනාධිපතිවරයා අද දන්වා ඇත.

    ජනාධිපතිවරයා ලෙස සිය වැඩ කටයුතු සහ තීන්දු තීරණ අභියෝගයට ලක් කළොත් හෝ ඊට බාධා එල්ල කළොත් ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ඉදිරියේදී ගැනීමට තමාට සිදු වන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්ට අනතුරු අඟවා තිබේ.

    රටේ දේශපාලන අර්බුදයක් ඇති වෙන කොට අඩු ගානේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡනතාවට ඕනෑම කෙනෙකුට පත් කර ගන්නට විධායක ඡනපතිට තිබු බලය දන් නොදී එය රැක ගෙන සිටියා නම් ඡනපතිට අද ඔය එක එකාට තර්ඡන ගර්ඡන දදා නැවෙන්නේ නැතිව ඉන්න තිබ්බා.

    එහෙම තිබ්බ නං ඔය කෑ ගහන එක වීරයෙක්වත් ඡනපති ඉස්සරහ මීක් කියන සද්දයක් දාන්නේ නෑ. ඕක තමයි විධායක ඡනපති හැටියට තමන් සතුව තිබිය යුතු බලය ඡේ.ආර් තියා ගත්තේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  6. රසට තියෙන බත් එක පැත්තකට කොරල හිටං ඒක ඔතාගෙන ආපු කෙහෙල් කොලේ කන එකාට...

    ReplyDelete
    Replies
    1. කූඩෑල්ලෝ මෙට්ටයේ තැබිය නොහැක
      පවට පින් දෙන්නට නොහැක.

      Delete
  7. සිරා කරන්නේ අමු ඇන්දිල්ලක්, වැඩිය ඕනේ නෑ බැදුම්කර සෙල්ලමේ සිරා කලේ සාමාන්‍ය ජනාධිපති කොමිසමක් පත් කිරීමයි. මෙයින් කලේ රනිල්ගේ රවිගේ ඇතුළු UNP යේ සායම යන අතර මෙය පත්කළ ජනාධිපතිට නම්බුව යන එකයි.

    නමුත් සිරාට ඕනේ නෑ රනිල්ගේ ආණ්ඩුව වට්ටන්න මොකද එහෙම උනොත් ඔහු දන්නවා තමනුත් වැටෙනවා කියල මෙනිසා ඔහු පුර්ණ බලතල සහිත ජනාධිපති කොමිසමක් පත් නොකර සාමාන්‍ය තොරතුරු දැනගැනීමේ ජනාධිපති කොමිසමක් පත්කරනවා. රටේ මෝඩ ජනතාව සිරාට විසිල් ගහනවා අවංක ජනාධිපති කියල නමුත් ටිකක් හිතන්න පුළුවන් එකා දන්නවා කරන්නේ බොරුව කියල.

    බලය බෙදිල්ලත් ඒ වගේ, විග්නශ්වරම්ට මහා ඇමතිකම ලැබිල මද්යම රජයේ ප්‍රතිපාදන වලින් තම ජනතාවට සලකන්න බැරුව කොහෙද ඊට වඩා බලයක් දුන්නම තමන්ගේ ජනතාවට සලකන්නේ? බොරුව තමයි.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කරන්නේ බොරුව තමයි

      Delete
  8. මේවා මේ රනිල්-සිරිසේන දෙන්නගෙ පඩ ශෝ !! යටින් වෙන ලොකු ගේමක් යන්නෙ. රට කෑලි වලට කඩල දීල ඉතුරු සම්පත් ටිකත් පිට රට සමාගම් වලට තුට්ටු දෙකට විකුනල කොමිස් ගහ ගත්තට පස්සෙ කියයි, අනේ මම පත්තරෙන්නෙ දැක්කෙ, ඉස්සෙල්ල දැක්කනම් මම බොහොම තදට හිටිනව හිටං කියල. අපිත් ඉතින් උඩ බලාගෙන ඉන්නව. වෙන මොන මගුලක් කරන්නද ?

    ReplyDelete
  9. මාතලන් මචෝ, ඔන්න මමත් පොඩි බ්ලොග් එකක් පටන්ගත්ත. වෙලාවක් තියෙනවනම් කියවපන්. holmanise.blogspot.com

    ReplyDelete
  10. විමලයා හරි.. අයියෝ සිරිසේනම තමයි මේකා නම්..

    ReplyDelete
  11. මේ දවස් වල ලන්ඩන් ඇවිත්ලු

    ReplyDelete
  12. මාතලන් තාමත් අවුරුදු බොනවාද..... ඇවිල්ලා මොනවාහරි ලියනවා.....

    ReplyDelete
  13. aththama kathawa oya oya blog ake liyana awwaye kisiyammawath haasya rasayak anne na. a nisa oya wage dewal noliya asa hithena deyak liyannako.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න