.

.

Apr 20, 2018

අබ සරණයි සිරි ලංකා...!!!!




ලෝකායන ජෝතිස්සෙට අනුව, වත්මන් ජනාධිපති, අති ගරු ග්‍රීමත් පල්ලෙවත්තේ ගමරාලලාගේ මෛත්‍රිපාල සිරිසේන මැති තුමා, 2028 තෙක්ම මේ රටේ ජනාධිපතිවරයා වන බව සබරගමු පලාත් ආන්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය විසින් පොරකාස කොට ඇත.

මේ අනාවැකිය සත්‍යයක් වන්නේ නම්,
පහත සඳහන් අනාවැකි ප්‍රවීන ජෝතීර්වෙදී මාතලන් විසින් ඉදිරිපත් කරණු ලැබේ.

අම්මට සිරි ලංකාව
ලෝකයේ ධනවත්ම රාජ්‍ය වන බව
ලෝකයේ බලවත්ම ආර්ථිකය සහිත රාජ්ජය වන බව
ජනතාව ප්‍රීතිමත්ම රාජ්ජ්ය වන බව
ලෝකයේ හොඳම අජ්ජාපනය සහිත රාජ්ජය වන බව
ලෝකයේ හොඳම රාජ්ජ සේවය සහිත රාජ්ජය වන බව
ලෝකයේ වැඩිම ඒක පුග්ගල ආදායම සහිත රාජ්ජය වන බව
ලෝකයේ මාජ්ජ නිදහස වැඩියෙන්ම භුක්ති විඳිනා රාජ්ජය වන බව
ලෝකයේ හොඳම පොලීසිය සහිත රාජ්ජය වන බව
ලෝකයේ හොඳම කෘෂිකර්මාන්තය සහිත රාජ්ජය වන බව
ලෝකයේ වැඩිම වනාන්තර ඝනත්වයක් සහිත රාජ්ජය වන බව

සහ

ලෝකයේ ස්ථුල ශරීර හිමි ජනගහනය අධිකම රාජ්ජය වන බව
(ඇයි යකෝ කන්න නැතත් මිනිස්සු හිනා වෙලාම මහත් වෙයි.)


25 comments:


  1. ඕනෑම ගැහැණියකට පිරිමියකු ලෙස පෙනී සිටින්නටත්, ඕනෑම පිරිමියෙකුට ගැහැණියක ලෙස පෙනී සිටින්නටත් අවසර දෙන වගන්තියක් ඇතුලත් කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 22වැනි සංශෝධනය ඉදිරිපත් කොරන්නටත් පුළුවන්!

    ReplyDelete
    Replies
    1. මාතලන් තුමා අපට තේරුම් කරලා දෙන්න හදන්නේ ඒක තමයි. හැක් හැක්!

      Delete
    2. මාතලන් මොන පෝස්ට් එක දැම්මත් මේ තිස්ස කියන එකා මුලින්ම ඇවිල්ල මොකක් හරි ගොන් කතාවක් කියනව.

      Delete
    3. 2015 පෙබරවාරි 28

      ජනපති සිරිසේන මයා. වෙත ආදරයෙන්


      "දැනට පෙනෙන ආකාරයට ඔබ වන් නායකයකුට විශ්‍රාම ගැනීමට ජනතාව සමහර විට ඉඩ නොදී සිටීමටද පුළුවන. ඒ ඔබේ සරළ බව හා නිහතමානී කම නිසාමය. "


      ගෝතලං

      Delete
    4. මාතලන් මේකේ කොමෙන්ට් කොටන ඇනෝලාගේ කොමෙන්ටු කියවනවිට මට සිතෙන්නේ මේ බියගුල්ලන් ගොන්ම ගොන් බයියන් බවය. සැබෑ නමින් පෙනී සිටින්නට ශක්තියක් නොමැති එකාට මාතලන් තේරෙන සිංහලෙන් කියන සැබෑ තත්වය පිළිබඳ නිවැරදි නිරීක්ෂණ තේරුම් නොයාම පුදුමයට කරුණකුත් නොවේ. විශ්වාස බංගය දිනුවාට රනිල්ගේ ප්‍රශ්ණ අවසන් වන්නේ නැත. ඒ එක්සත් ජාතික පක්ෂ ඡන්දවලින් දිනා දැන් රනිල්ගේ කකුලින් අදින්නට ඕනෑම නිහීන ක්‍රියාවක් කරන්නට සැදී පැහැදී සිටින නූතන ජුදාස් හෙවත් තුට්ටු දේකේ පඹයාධිපති නිසයිය.

      දැන් ඉතින් හොරු නලවමින් සර්පයන්ට කිරි පොවමින් අවුරුදු තුනක් අපතේ යැවූ රනිල්ට තවදුරටත් ඒ සෙල්ලම කරන්නට නොහැකිය. මේ රටට යමක් කරන්නට,වැසියනට ප්‍රයෝජනවත් දෙයක් දෙන්නට ඔහුට තව ඇත්තේ අවුරුදු දෙකක පමණ කෙටි කාලයකි.

      බලු පාදඩ රාජපක්ෂ දුෂිතයන් හැත්ත බුරුත්ත පිටින් පලවා හැර, වැදගත් ද්‍රවිඩ, මුස්ලිම් සහ ජේවීපී වැනි පිරිසිදු රටට හිතැති පක්ෂ හා එකතුවී සුපිරි කැබිනට් මණ්ඩලයක් පිහිටුවා රට හදන්නට කටයුතු කරනවා හැරෙන්නට මේවන විට ආසියාවේ පමණක් නොව මුළු ලෝකයේම සිටින ඉහළම බුද්ධියෙන් යුතු විශිශ්ටතම බුද්ධිමතා වන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වෙන විකල්පයක් ඇත්තේ නැත.

      ජේවීපී නායකයන් තේරුම් ගත යුතු තිත්ත ඇත්ත නම් ඔවුන් දැන් කරනවාට වඩා සේවයක් රනිල් හා එකතුව රට වෙනුවෙන් කළ හැකි බවය. ද්‍රවිඩ සහ මුස්ලිම් පක්ෂ වල ඉන්නා ප්‍රවීණ බුද්ධිමතුන් (සම්බන්ධන්, විග්නේස්වරන්, සිවාජිලිංගම්, විනයාගමූර්ති මුරලිතරන්, සෙල්වම් අඩෛක්කලනාදන්, තොණ්ඩමන්) සිටිය යුත්තේ විපක්ෂයේ නොව අමාත්‍ය මණ්ඩලයේය.

      තමනුත් හැදී, රට හදනවාද යන්න ගැන තීරණය කලහැක්කේ ආචාඅර්ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පමණි. සිරිසේන ගොයියා සමග එක්වී මේ ගමන යන්නට නොහැකි බව මුළු රටටම තේරී අවසන්ය. දැන් ඉතින් හොඳින් හෝ නරකින් ගොන් බයියන් ලක්ෂයක් හමාරක් බිල්ලට දී හෝ කෙසේ හෝ ඩීකින් සරසවියේ ආචාර්ය උපාධිය සහිත රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ තුන් කල් දකින නායකයා මුලු රටටම විධායක ජනපති කර ලමු....!

      දිනූ දේ රැක ගන්නට එන්න. රැකගමු අපි දිනු දේ එන්න...!

      t.a. පොන්නම්පෙරුම,
      අලුත් යෝක් නුවර,
      ඇමෙරිකන් ඔරුමට්ටු නාඩුව

      Delete
    5. කොපි කිරීම සහ මඩ ගැසීම කලාවක් නම් මේ AnonymousApril 21, 2018 at 11:17 AM සටහන ලියූ ගොබ්බයා එහි පිකාසෝය. ඔහු "t.a. පොන්නම්පෙරුම" නමින් අවඥාවට ලක් කරන්නට අදහස් කරන්නේ කවරෙක්දැයි මට නම් ඉතා පැහැදිළිය. මාතලන්ගේ බ්ලොග් අඩවිය anonymous සූකරයන් කැකුණ තළන තෝතැන්නක් වී තිබීම කණගාටුවට කරුණකි.

      Delete
    6. Anonymous April 21, 2018 at 11:17 AM

      බුදු අම්මෝ හිනස්සලා මරන්න එපා යකුනේ.. ������

      //මේවන විට ආසියාවේ පමණක් නොව මුළු ලෝකයේම සිටින ඉහළම බුද්ධියෙන් යුතු විශිශ්ටතම බුද්ධිමතා වන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ///

      �������� :D :D :D

      //ද්‍රවිඩ සහ මුස්ලිම් පක්ෂ වල ඉන්නා ප්‍රවීණ බුද්ධිමතුන්//

      :D :D :D

      කවුරු මේක හැදුවත් මේක පට්ට ..ඌට රොම්බ thanks. :D ��������

      Delete
    7. තිස්සයට හොදට රිදිල කතාවට. පව් අසරණය.

      Delete
    8. තිස්ස මහත්තයා මේවා ගනන් ගන්න එපා..

      මම මේ කරන්නේ විශාල සේවයක්

      පිස්සන්ට මානසික සුවය ලබා දීම මහා පුණ්‍ය කර්මයක්...

      Delete
    9. තමාගේ බ්ලොගය කියවන්නේ පිස්සන් බව මාතලන් විසින් පිළිගත් ඒ කුජීත අවස්ථාව.

      Delete
    10. /// ඒ එක්සත් ජාතික පක්ෂ ඡන්දවලින් දිනා දැන් රනිල්ගේ කකුලින් අදින්නට ඕනෑම නිහීන ක්‍රියාවක් කරන්නට සැදී පැහැදී සිටින නූතන ජුදාස් හෙවත් තුට්ටු දේකේ පඹයාධිපති නිසයිය. ///

      මෛත්‍රී දිනුවේ unp ජන්ද වලින් නම් රනිල්ටත් ඒ වෙලාවේ ඉල්ලලා unp ජන්ද වලින්ම දිනලා ජනාධිපති වෙන්න තිබ්බනේ...
      මේ කරුනේදී මෛත්‍රී ට මඩ ගහන්න unp කාරයින්ට කිසිම අයිතියක් නැහැ, මොකද ඔතන unp ජන්ද ප්‍රමාණය ස්ථිරයි. මෛත්‍රී දිනුවේ මෛත්‍රී වෙනුවෙන් ලැබුණු අමතර ජන්ද ප්‍රමාණයෙන්...
      ඒකෙ jvp, tna (සහ තවත් අති බහුතර පක්ෂ ප්‍රමාණයක) සහ පාවෙන ජන්ද ඔක්කොමත් තිබුනා...
      දැන් unp උන් ඒක අමතක කරලා දාලා ලොකු කතා කියන්නේ...

      unp ජන්ද වලින් දිනන්න පුළුවන් කම තිබ්බනම් "මොළයක් නෙමෙයි අලයක්" කෙළින්ම ජන්දේ ඉල්ලුවේ නැත්තේ මොකද දන්නේ නැහැ...

      Delete
  2. එහෙනම් දෙන්න අතර මොකක්ද එකක් තියෙනවා මන් හිතන්නේ

    ReplyDelete
  3. සබරගමු පළාතට මොන සරන වෙයිද දල්ලෑ.

    ReplyDelete
    Replies
    1. සමන් දෙයි හාන්දුරුවන්ගේ පිහිටයි ආරස්සාවයි

      Delete
  4. මේ රට කළ හැක්කේ සිංහලත්වයට පණ දිය හැකි නායකයෙක්ට පමණි. මෙවන් චරිතයක් වර්තමාන දේෂපාලන කරලියේනම් අහලකවත් නැත. 1948 නිදහසින් පසු පහළවීත් නැත.

    ReplyDelete
  5. යහපාලනේ ගේනකොටත් ඔයැයි කිව්වේ ඔහොම තමයි. හැබැයි සිරා මූඩ් එකෙන්

    ReplyDelete
  6. මාතලන්,

    පසු ගිය 2015 ජනාධිපතිවරණයෙදී සිදු වූයේ මෙතක් ලාංකීය ඉතිහාසය තුළ සිදු නොවූ ආකාරයේ දෙයකි. රට බෙදන්න කැස කවන දෙමළ ජාතික සන්ධානය සහ රටේ ඒකීයභාවය වෙනුවෙන් පොළොවේ පස් කෑ ජාතික හෙළ උරුමය පවා එක් පොදු අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටියේය.

    මෙය මෙතනින් අවසන් නොවන්නකි. එජාපය, ජවිපෙ, හෙළ උරුමය, මුස්ලිම් පක්ෂ, එන් ජී ඕ නඩය මෙන්ම ඉන්දියාවේ බලපෑමෙන් තොණ්ඩමන්ද එකම පොදු අපේක්ෂකයෙක් වටා රොක් කිරීමේ සූත්‍රය විජාතික බලවේග විසින් සොයා ගෙන අවසන්ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ මේ සියලු දෙනාට එකඟ විය හැකි පතෝලයකු තෝරා ගැනීම පමණි. ඇතැම් විට මේ පතෝලයා, පතෝලයෙක් ලෙස පෙනීම වැලැක්වීම සඳහා ඒ ඒ කාලයට එක එක ආකාරයේ පරස්පර ජනප්‍රියවාදී ප්‍රකාශ සිදු කරන්නෙක්ද විය හැකිය (විජේදාස රාජපක්ෂ මෙන්).

    රට බෙදීම සිරිසේන ජනපති නිසා බේරුණේ යැයි ඇතැමුන් පවසන්නේ සදොස් නිගමනයක්හේතුවෙනි. සිරිසේන මහතා ජනපති ලෙස පත් කරන්නේම රට බෙදීම සදහායි. නමුත් රනිල්ගේ දුර්වල හැසිරීම නිසා සිරිසේන සහ රනිල් අතර ගැටුමක් ඇතිවිය. 2002 දී ද සිදු වූයේ එයම බව The pawns of peace (සාමයේ ඉත්තෝ) නම් නොර්වේ (Norwegian) වාර්තාවේ සඳහන් වේ.

    එම වාර්තාවට අනුව, රනිල් චන්ද්‍රිකාට නොදන්වා සාම ගිවිසුම අත්සන් කළ අතර පසුව එහි පිටපතක් චන්ද්‍රිකාගේ මේසය මතට විසි කර තිබේ. රනිල්ගේ මේ හැසිරීම නිසා බෙදුම්වාදයට කැමති චන්ද්‍රිකා, රනිල් විරෝධියෙක් බවට පත්විය. මෙවරද සිදු වූයේ එවැන්නකි.

    2015-01-08 සිරිසේන වෙත ලබා දිය යුතුව තිබූ ගෞරවය ලබා දෙන්නට රනිල් අසමත් විය. රනිල්ගේ බැදුම්කර වංචාව ආයුධයක් කරගත් සිරිසේන ඒ ඔස්සේ රනිල් දුර්වල කර සිය බලය වැඩි කරගන්නට සිතුවේය. රට මෙතෙක් බේරෙන්නට ප්‍රධාන වශයෙන් බලපෑවේ මේ ගැටුමයි.

    ReplyDelete
    Replies
    1. පිස්සෙක් රජ උනත් එකයි
      රජු පිස්සෙක් උනත් එකයි

      Delete
  7. වත්මන් ජනාධිපති, අති ගරු ග්‍රීමත් පල්ලෙවත්තේ ගමරාලලාගේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත් වන විට රනිල් වික්‍රමසිංහගෙන් තොරව ඔහුට පැවැත්මක් ඇතැයි අප සිතුවේ නැත. තමන්ගේ ජීවිතය පවා බලවත් අවදානමකට ලක් කරමින් පත් වූවා යැයි තමන් විසින්ම ප්‍රකාශ කළ තමන්ගේ ජනාධිපති ධුරයේ බලතල අඩු කර ඒ බලතල වික්‍රමසිංහ වෙතට පවරා ගැනීම පිණිස ගෙනා 19 වන සංශෝධනයට සහය දැක්වීමට සිදු වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ඒ බෙලහීන භාවයයි.

    අනෙක් අතින් සිරිසේන විසින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඩැහැ ගැනීම මගින් සිදු කෙරුණේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිතව සිටි නිදහස් සංධානය විසින් අගමැති ධුරයට පත් වූ පසුවදාම වික්‍රමසිංහට විරුද්ධව ගෙන ඒමට නියමිතව තිබූ විශ්වාසභංගය ගබ්සා කිරීමයි.

    බැඳුම්කර මගඩිය ගැන සොයා බැලූ පළමු කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් වීම වැළැක්වීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදීත් අනුයාතව මහමැතිවරණයේ අවසන් දිනයේදී ජනාධිපති සිරිසේනගේ භූමිකාව තීරණාත්මක විය.

    ඒ 2015.08.17 මැතිවරණයෙන් බහුතර බලයක් නොලැබූ වික්‍රමසිංහට ඊළඟ ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය මන්ත්‍රීධුර සංඛ්‍යාව ජනාධිපති සිරිසේන විසින් ලබා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජනතා නිදහස් සංධානය වෙනුවෙන් ඡන්දය දුන් ජනතා අභිලාෂයන්ට පිටිණි.

    එහි තීරණාත්මක ප්‍රතිඵලය වන්නේ මන්ත්‍රීධුර 96 පමණ හිමි එක්සත් ජනතා නිදහස් සංධානය වෙනුවට මන්ත්‍රීධුර 16 ක් පමණක් හිමි සීමිත ප්‍රාදේශීය සහ ජනවාර්ගික නියෝජනයක් ඇති දෙමළ රාජ්‍ය පක්‍ෂය අතට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය පත් වීමයි.

    පසුව එම පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගත් රාජ්‍ය විරෝධී ජනතා විරෝධී අණ පනත්, ප්‍රජාතන්ත්‍රවිරෝධී අයුරින් කූටෝපක්‍රම මගින් ඡන්ද කල් දැමීම් ආදී ක්‍රියා මාර්ග සමග සිරිසේනගේ වගකීම වෙන් කළ නොහැක.

    එහෙත් ජනාධිපති ධුරයට පත් වී වසරක් හමාරක් යන විට සිරිසේන තුල එතෙක් නිද්‍රාගතව සිටි සත්වයා අවදි විය. ලක්‍ෂ 62 ක ජනවරමක් සහිතව බලතල ඇති ජනාධිපති තනතුරේ සිටිමින් එවැනි ජනවරමක් නැති අගමැතිට යටත් වී සිටීම ඇති වන දිනයක් පැමිණිය යුතුව තිබිණි.

    අනෙක් අතින් පල්ලියේ සම්ප්‍රදාය අනුගමනය කරන එක්සත් ජාතික පක්‍ෂය තුල නායකයාගේ සිට පහළට මතවාද ගලා ගියත් බෞද්ධ සම්ප්‍රදායේ බලපෑම සහිත නිදහස් පක්‍ෂයේ පහළ මට්ටමේ පීඩනයට නායකයා අවනත වන ක්‍රමයක් තිබිණි. මේ පීඩනය හේතු කරගෙන එතෙක් පාළු ගෙයි වලං බිඳිමින් සිටි වික්‍රමසිංහට ප්‍රතිවාදියෙක් ලැබිණි. බැඳුම්කර කොමිසම එහි තර්කානුකූල ප්‍රතිඵලයයි.


    ජනාධිපති සිරිසේන වසර තුනක් සපිරුණු තම ධුර කාලය තුල කළ සුවහසක් අමන වැඩ අතර අගය කළ යුතු කර්තව්‍යයන් දෙකක් කර තිබේ.


    01. එකක් බැඳුම්කර මගඩිය ගැන සෙවීම පිණිස ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක් පත් කිරීමයි.


    02. දෙවැන්න තම ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසුමක් ලබා ගැනීමයි.

    දැන් මේ එළඹ ඇත්තේ තුන් වැන්න කිරීමට සුදුසු කාලයයි. ඒ පමා නොකොට ජනමත විචාරණයක් කැඳවීමයි.

    බැඳුම්කර කොමිසම නොවීනම් මහ බැංකුව තුල ඒ ආයතනයේ ඉහළ නිලධාරීන් විසින් කෙරෙන දූෂණ සහ ඒවායේ පරිමාණය ගැන සාමාන්‍ය පොදු ජනයා දැන ගන්නේ නැත. රහස් තොරතුරු පිටතට කාන්දු කිරීම්, අල්ලස් ගැනීම්, බලය අයුතු ලෙස භාවිතා කිරීම්, පහළ නිලධාරීන්ට බලපෑම් කිරීම්, පටිපාටි හා රීති නොසළකා හැරීම්, සහ ඒවාට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධව අතිශය රහස් තොරතුරු පවා ජනමාධ්‍ය ඔස්සේ දැන ගැනීමට ලැබිණි.

    ජනාධිපති සිරිසේන පළමු කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම වැළැක්වීමේ පාපය සමා කර ගන්නේ මේ බැඳුම්කර කොමිසම පත් කිරීම මගිණි.

    අගමැති යටතේ සිටි නීතිපති විසින් කොමිසන් වාර්තාවේ සැර අඩු කිරීමට කටයුතු කළත් අගමැති වෙත නැඹුරු වූ චෝදනාත්මක අත් වෙනතකට යොමු කිරීමට නීතිපතිට හැකියාවක් නොවීය.


    බැඳුම්කර කොමිසම පත් කිරීම මගින් ඔහු සංඥා කළේ තවදුරටත් වික්‍රමසිංහගේ වැසිකිළි සුද්ධ කිරීම තම අභිප්‍රාය නොවන බවයි.

    ReplyDelete
  8. ගමරාළට ගැලපෙන ගම මහගෙ.....සුමනදාසට කිව්වා නම් නැකතක් හදවගෙන 2028දි එකලාසයක් වෙන්න තිබුන හිටං.

    ReplyDelete
  9. ඔව් ඕයි අපිව හිනස්සන එකට මුන්ට වෙනම allowance එකක් ගෙවන්න ඕනේ තව බද්දක් ගහලා.

    ReplyDelete
  10. //ලෝකයේ ධනවත්ම රාජ්‍ය වන බව
    ලෝකයේ බලවත්ම ආර්ථිකය සහිත රාජ්ජය වන බව
    ජනතාව ප්‍රීතිමත්ම රාජ්ජ්ය වන බව
    ලෝකයේ හොඳම අජ්ජාපනය සහිත රාජ්ජය වන බව
    ලෝකයේ හොඳම රාජ්ජ සේවය සහිත රාජ්ජය වන බව
    ලෝකයේ වැඩිම ඒක පුග්ගල ආදායම සහිත රාජ්ජය වන බව
    ලෝකයේ මාජ්ජ නිදහස වැඩියෙන්ම භුක්ති විඳිනා රාජ්ජය වන බව
    ලෝකයේ හොඳම පොලීසිය සහිත රාජ්ජය වන බව
    ලෝකයේ හොඳම කෘෂිකර්මාන්තය සහිත රාජ්ජය වන බව
    ලෝකයේ වැඩිම වනාන්තර ඝනත්වයක් සහිත රාජ්ජය වන බව

    සහ

    ලෝකයේ ස්ථුල ශරීර හිමි ජනගහනය අධිකම රාජ්ජය වන බව//

    ඔය අනාවැකි ඔක්කොම වගේ සෑහෙන දුරට වෙලා ඉවරයි නේද?

    ධනවත්ම, ප්‍රීතිමත්ම, බලවත්ම, හොඳම, වැඩිම, ස්ථූලම දේශපාලකයින් ඉන්න.
    රටක් නේද? එතුමන්/එතුමියලාගේ ගහණයත් අධිකයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න