.

.

May 12, 2018

චේතිය පාලනයේ අලුත්ම බොරුව - විශේෂ අධිකරණ




යහපාලන විගඩමේ ක්ලයිමැක්ස් එක ඉවර වෙලා, දැන් මේ යන්නේ, එහෙ මෙහෙ වැටිච්ච දියර වගේ ඒවා පිහිදාගන්න කාලයය. ඒ පිහිදානා වැඩෙත් හරියට කර ගන්න බැරිය. මුන් ආවේ යහපාලනය කියලා එකක් අරගෙනය. ලක්ෂ 62 ක් මුන්ගේ ඒ මුසාවට අහු උනේය. අද ඒ එකෙක්කත් හොයා ගන්නට අමාරුය. ඒකට අයිසින් එකක් දැම්මේ "ලිච්චවී පාලනය" කියලාය. දැන් නම් අපට කියන්න තියෙන්නේ මේක "ලෙච්චමි පාලනය" කියලාය. සාමාන්‍යයෙන් ලෙච්චමිලා කියන්නේ එදිනෙදා ඔහේ ජීවත් වී, පඩි දවසට ආතල් එකක් අරන් මැරිලා යන අම්මන්ඩිලාය. මේ පජාත ආන්ඩුව ඊටත් අන්තය. 

උන්ගේ සභාගෙ තියෙන්නේ නමට විතරය. සත පහක වැදගම්මක් නැති ජනතා මුදල් කාබාසීනියා කර පැවැත්වූ අළුත් පාර්ලිමේන්තු සැසිවාරේ තේ පැන් සංග්‍රහයටවත් සහභාගි නොවන රාජ්ජ නායකයා, උන්නැහේගේ රාජාසන කතාවේ කියූ ඒවා අමු පල් හෑලි බව ඔප්පු කරන්නේ උන්නැහේමය. එකමුතු වී රට කොරන්න ඕනා කියලා සිංහාසනයෙන් නැගිට ගියා විතරය. උන්නැහේගෙම පක්ෂේ උන් 16 ක් උන්නැහේට පුක පෙන්නා විපක්ෂයේ ගිහින් ඉඳගන්නවාය. මේවාට දැන් නම් පුකෙනුත් හිනා වෙන්න අමාරු නිසා, අපිට දැන් මේවාට හිනා වෙන්න වෙලා තියෙන්නේ උන්ඩුක පුඡ්චයෙන්ය.

පට්ටම ජෝක් එක කියන්නේ, අර ගියපු 16 දෙනා අස්සේ, ජනතාව විසින් පුකට ගසා එලෙව්වත් ජාතික ලැයිස්තිව නම් අමු පාජා පිනා චෑන්ස් එකෙන් ගවගාලට පැමිනි ගවයින් හතරක්ද ඒ අතර ඉන්නා එකය. නල්ලතන්නියේ ඩිලා, බුකි තිලංග, එස් බී ජයසිංහ හා මාතර පැත්තේ සයිකල් හොරෙකුත් ඒ අස්සේ ඉන්නා එකය. මුන් ටිකවත් එලවන්න කොන්දක් නැති නායකයා ඒක කර ගන්න හදන්නේත් බලලුන් ලවා කොස් ඇට බානා නියාවෙන අම්මට සිරි ලංකා නිදහස් පක්ෂේ තරුණ නීතිග්නයින්ට කියලාය. 

අද වෙනකන් මේ ආන්ඩුව දිව්වේ මහින්දගෙන්ය. ඉතිරි කාලය ගෙවෙන්නේත් එසේමය. තෙල් වැඩි උනාම කියන්නේ මහින්දගේ කාළෙට වඩා තාමත් අඩුයිනේ කියලා හිටන්ය. ආර්ථික උස්තාද් කෙනෙක් වෙන එරාන් කියන්නේ පැස්ටෝල් වැඩි කළේ පරිසරය සුරකින්න කියලාය. එහෙම කියන ආන්ඩුවේම එකෙක්, විල්පත්තුව කාන්තාරයක් කරලා ඔටුවෝ පංදිංචි කරනා එක ගැන වගේ වගක් කියන්නේ නැතිය. එක්කෝ මෙලෝ දෙයක් බැරි මී හරක් කට පුක වහගෙන ඉන්නට ඕනෑය. එහෙම නැතිව උම්බෑ කියපු ගමන් අම්බරුවෝ කියා සියල්ලෝම දැන ගන්නවාය. මුන්ගේ ගෑණුන්ට දූවරුන්ට බබා හම්බ උනත් ඒකත් මහින්දගේ වැඩක්ය. 

උන් ඇල්ලිල්ල තියෙද්දී, මුන් කළේ මහ බැංකුව කොල්ලකන එකය. ගහන එක ඇති වෙන්න එක පාරින්ම ගහ ගත්තේය. මහ එකා කළේ ඔක්කෝම හොරකම් පැත්තක තියලා මේ හොරකම පස්සේ යන එකය. ඒ වෙන කිසිවකට නොව මං සුදනා කියලා පෙන්නන්නටය. එයාගේ පැටිකිරිය එලියට ආවේ මහරාජාත් එක්ක දිරච්ච නැව් ගෙන්නන්න ගිහිල්ලාය. ඒ වැඩෙන් උනේ ට්‍රැවිස් සින්නයියා වැනි ලක් මවගේ ආඩම්බර විය හැකි රණවිරුවකුට තම ධූරය නැති වෙලා යාමය. මිනීමැරුම් චෝදනා තිබෙනා කැප්ටන් හැඩොක් ඒකේ ලොක්කා වෙන්නේ ඔක්කෝම ගේම් ටික වහ ගන්නටය. 

ෆව්සිට ගේම සෙට් කරන්න ගිය අල්ලස් කොමිසමේ එඩිතර කානතවක් වූ වික්‍රමසිංහ නෝනා එලවලා අමු හොරෙක් එතෙනට දැම්මේය. පන්සලේ අලියෙක් දමා ගිය කේස් එකකට ඇතුල්ට ගිය උඩුවේ ධම්මාලෝක මහ රහතන් වහන්සේ, ඇප ඉල්ලන්නේත් නැතිව එලියට දැම්මේය. කියන්නේ මම ඉන්නකන් එකම රණවිරුවෙකුටවත් අත තියන්න දෙන්නේ නෑ කියලා හිටන්ය. ඒ කියන්නේ රණවිරු මිනීමරුවන්ට එරෙහිව තියෙන නඩු ඔක්කෝම බල්ලට්ම ගියා කියනා එකය. සල්ලි වියදම් කරගෙන ඔය නඩු බලවනවාට වඩා ඔය නඩු පයිල් සියල්ලම ගෝල්ෆේස් එකේ දමා ගිනි තියනා එකෙන් රටේ සල්ලි හා වින්දිතයන්ගේ වටිනා කාල හෝ ඉතිරි වෙනවාය. අද අධිකරණය කියන්නේ එකම එක විගඩමක්මය. 

මම ඉන්නකන් ඝෝඨා අත් අඩංගුවට ගන්න දෙන්නේ නෑ කිව්වේ වෙන කිසිවකුත් නොව හිටපු අධිකරණ ඇමතියාමය. එතකොට රන්ජන්ලා සුඝන්ධිකාලා කියන්නේ බොරු නෙමේ කියා ඕනම හරකෙකුට තේරෙනවාය. 

මේ ආන්ඩුව කළේ මොනවාද ඇහුවාම කියන්න තියෙන්නේ කොල කෑලි වලින් දාපු අමු පාජාවන් විතරමය. ආපු ගමන් FCID කියලා එකක් දාලා යහපාලනේට චන්දය දුන් උන්ට මාර නන්දන වින්දනයක් ගෙන දුන්නේය. ඔක්කෝම හිතුවේ හොරු ටික ඔක්කෝම සරත් ගොන්සේකා වගේ ඇතුලට දමාවි කියලාය. කොහොම හරි ඒකේ උන් මර්න තර්ජන අස්සේ ඉන්වෙස්ටිගේසොන් කරලා යවන වාර්ථා ඔක්කෝම නීතිපති දෙපාර්තමේන්තුවෙන් යන්නේ ඉතිරි වැඩ කටයුතු සඳහා නෙමේය. අධිකරණ ක්‍රියා මාර්ග ගන්නට නෙමේය. රිපෝර්ට් එක කෙලින්ම යන්නේ මහින්දගේ අතටය. මහින්ද කියන්නේ ඒ තරම් සුපිරි වැඩ්ඩෙක්ය. 

මෙච්චරකල් කරපු බොරු සියල්ල මාට්ටු උනේ තමන්ගේ ප්‍රධාණම නිළධාරියා අල්ලස් ගන්නා කොට අතට අල්ලා ගත් නිසාමය. ඒ නිළධාරින්ට හා ආයෝජකයාට එල්ලවන මරණ තර්ජන තුල මේවා කාගේ ගේම්දෝ කියා අපූරුවට පැහැදිලි වෙනවාය. මේ යන්නේ යන යකා ඔක්කෝම කුඩු කරගෙන යන කාලයය. 

මුන් දැන් ඉන්නේ පිස්සු වැටිලාය. මෙතුවක් කරපු දෙයක් ඇත්තේම නැතිය. කළේ හොරකම් විතරමය ඒවාත් අතේ මාට්ටුය. දෙන්නාම දැන් ඉන්නේ අමු නිර්වස්තර්යෙන්ය. ඒත් ඉතිරි ටිකෙත් මී හරක් ටික දක්කා ගන්න මක්කා හෝ ගයන්න වෙනවාය. ඒ නිසා ගෙනාපු අලුත්ම පොත වන්නේ "විශේෂ අධිකරණ" පිහිටුවීමය. 

තලතා නෝනා කීවේ පනත පාස් උන දාට පහු වෙනිදාම අධිකරණ කටයුතු පටන් ගන්න ඔක්කෝම කරලා අහවරෙයි කියලාය. ඒ මාජ්ජ සාකඡ්චාවේදි රාජිත හා තලතා පුක මූට්ටුවී හත් පොලේ ගාගත්තේ පොල් සංවර්ධන මන්ඩලේට පත් කර උන් කම්බ හොරා ඇන අහපු වෙලාවේය. කෙසේ හෝ ඒ හොර එලවීම ගැන, ඒ ගැන ප්‍රශ්ණ කල මාද්දියවේදියාට අපේ ගෞරවය හිමි විය යුතුය. හෙට අනිද්දාට අල්ලස ගත්ත උන් දෙන්නා නිදහස් වෙනවාය. මොකෝ උන් හිර කරන්න ගියෝත් ඇත්ත සීන් එක මාට්ටු වෙන නිසාය. කසිප්පු මුදලාලි කවදාවත් හිරේ යන්නේ නැතිය. හිරේ යන්නේ පෙරන උන් හා විකුණන උන් විතරමය. 

නීතිය ගැන දන්නා උන් කියන්න එහෙම විශෙෂ අධිකරණ කියා දෙයක් ඕනා නැති අතර, කළ යුත්තේ අධිකරණ ක්‍රියාමාර්ග ඉක්මන් කරනා ලෙස නීතිපති දෙපාර්තුමේන්තුවට බල කිරීම පමණක්ම ඇතෙයි කියලාය. ඔය විශේෂ රෙද්දවල් ගෙනාවාට ගේම ගහන්න වෙන්නේ මහින්දගේ ගෝලයෝත් එක්කය. හෙට අනිද්දා පුකට පයින් ගසා එලවන නායකයෝ දෙදෙනෙක් නිසා, උන්ගේ හත් මුතු පරම්පරාවට කෙල වෙනා තීන්දු ගන්න තරම් මොළේ අමාරුවක් නඩුකාරයන්ට ඇතෙයි කියා මාතලන් නම් හිතන්නේ නැතිය. 

දැන් ආන්ඩුවේ උන් වැඩ කරන්නේ නැතිය. අළුත් කිසිම දෙයක් කරන්නේ නැතිය. උන් මේ ආන්ඩුව විසිවෙන බව දන්නා නිසා දැන්මම මහින්ද පාර්ෂවය හා සෙට් වෙලා අහවරය. මහින්ද දැනටත් දිනලා ඉවරය. තියෙන්නේ ඡන්දයක් තැබුවායින් පසු කේක් එකේ අයිසින් දැමීම විතරය. අපට දුක තාමත් මේ පඹයෝ දෙන්නාට කඩේ යන උන් ගැනය. අපට කරන්න පුළුවන් එකම දේ උන් වෙනුවෙන යාඤ්ඤා කරනා එකම විතරය.

ස්වස්ථි සිද්ධම්...!!!

24 comments:

  1. සැටිෆිකේට් ඇත්ත

    ReplyDelete
    Replies
    1. යහපාලනේ ගේන්ඩ වේදිකාවල වැඩියෙන්ම කෑ ගහපු නිර්මාල් දේවසිරිත් දැන් පිලිගන්නව පුළුවන් තරම් වේදිකා වල බොරු කියල බලයට ආවේ කියල.

      වේදිකාවල කියපු ඒවයින් ලැම්බෝගිනි, හෙලිකොප්ටර් රත්තරන් අශවයො, නාමල්ගෙ ෂැන්ග්‍රිලා හෝටලය හා ඩුබායි හෝටලය පොර්ට් සිටියෙන් බැසිල් ගත්තු ඩොලර් බිලියන එක හමාර, මහින්දලගෙ ගිනුම් වල තියෙන ඩොලර් බිලියන 17 වගෙ ගොඩක් දේවල් බොරු කියල දැනටම ඔප්පු වෙල තියෙන්නේ.

      ඉතුරු බොරු ටික උසාවියක් ඉස්සරහ ඇත්ත කියල ඔප්පු කර ගන්ඩ බැරුව තමා මේ ගොං බාන මේ දඟලන්නෙ. තමුන්ගෙම මහේස්ත්‍රාත්ල දෙන්නෙක් දාල නඩු ටිකක් තල්ලු කර ගත්තා. ඒ උනත් ඒව ඉහල උසාවියට ගියාම නීතිපති දෙපාර්තමේන්තුවන් ඉදිරිපත් වෙන නීතිඥ මහත්තුරු කිච වෙනව

      බලමු තව කොච්චර කලක් මුන්ට යන්ඩ පුළුවන්ද කියල...

      Delete
    2. ආචාර්‍ය නිර්මාල් රංජිත්ගේ මතය නිවැරදිය​. හරි දේට හරියි කීමටත් වැරදි දේට වැරදියි කීමටත් අප මැලි විය යුතු නැත​. ආචාර්‍ය නිර්මාල්ලා දන්නේ න්‍යාය පමණයි. විචාරය හා ප්‍රායෝගිකත්වය අතින් දුර්වලයි.

      Delete
  2. කෝ බන් අර පහළින්ම අපිට ඔබල යන්න තිබ්බ බොත්තන් ටික...
    ඒකත් මුන් හොරකම් කලාද...

    ReplyDelete
  3. තුන්වන ලෝකයේ හිඟන රටක් ශ්‍රී ලංකාව.
    ඕස්ට්‍රේලියාවේ ඉන්ධන සංචිත තියෙන්නේ දින විස්සකට පමණයි කියලා පුවතක් දින කිහිපයකට ඉහතදී සියලුම මාධ්‍ය වල ප්‍රධාන පුවත උනා.
    තුන්වන ලෝකයේ හිඟන රටක් වන ලංකාවේ එහෙම ඒ වගේ පුවතක් පල උනොත් වාහන දුවන නොදුවන, වාහන ඇති නැති සියලු දෙනා සියලු වැඩකටයුතු නවතා අර දින විස්සකට සෑහෙන බව කියන ඉන්ධන තොගය පැය කිහිපයකින් අවසන් කරනවා. ඊට පස්සේ රජයට දොස් කියනවා.

    වාසනාවට ඕස්ට්‍රේලියාවේ ඥානවන්ත මිනිසුන් තමන්ට අවශ්‍ය දේ, අවශ්‍ය වෙලාවට පමණක් මිලදී ගැනීමට තරම් ඥානවන්ත නිසා කිසිවෙකු පෙට්‍රල් ෂෙඩ් වල පෝලිම් ගැසුනේ නැහැ. එසේ උනේ ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය පවුලක තියන වියහියදම් වලින් ඉහලම තනි වියදම, ඉන්ධන වලට හිමි වෙලා තියෙද්දීයි.

    -ඕස්ට්‍රේලියාවේ ආනන්ද සාගර හිමියෝ

    ReplyDelete
    Replies
    1. හැමෝම ඕස්ත්‍රේලියාවට යන්න බලාගෙන හිටියට, එහේ ගියා කියලා වැඩි වාසියක් නෑ. එහේ වැඩ කරන්න ඕනේ නිකම් කන්න දෙන්නේ නෑ, හරියට මහන්සි වෙන්න ඕනේ, බදු ලංකාවට වඩා වැඩියි, පොඩ්ඩක් වත් නිකම් ඉන්න බෑ, වාසිනම් ටිකක් තියෙනවා. නමුත් මෙහෙම හිතන්න, සාමාන්‍යයෙන් ඕස්ත්‍රේලියාවට යන්න පුලුවන් දැනටම ලංකාවේ හොද ජොබක් කරන එකෙක්ට උන් work experience බලනකොටත් අවුරුදු 2,3 වගේ කපනවා එතකොට අපි මෙහේ අවුරුදු 5,6 වගේ වැඩ කරලා තියෙන්නේ ඕනේ. එහෙම ජොබ් එකක් තියෙන එකෙක්ට ලංකාවේ ලක්ෂේ පැනලා හොයලා සුපිරියට ඉන්න පුලුවන්.

      Delete
    2. දූරියන් සුවඳ ඕස්ට්‍රේලියාවේ ඥානවන්ත මිනිසුන් ගෑස් කාන්දුවක් යැයි සැක කළ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර විශ්වවිද්‍යාලයක ගුරුවරුන් සහ සිසුන් 500 (පන්සීයකට) අධික ප්‍රමාණයක් හදිසියේ ඉවත් කර තිබේ.

      විශ්වවිද්‍යාල පුස්තකාල ගොඩනැගිල්ල තුළින් හැමූ ගන්ධය ගෑස් කාන්දුවක් ලෙස සැක කළ නමුත්, එය අල්මාරියක් තුළ දමා ගිය දූරියන් ගෙඩියක් නරක් වීමෙන් ඇති වූවක් බව පසුව සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

      දූරියන් ගෙඩිය මදයේ සුවිශේෂි වු ගන්ධය එහි ලෙල්ල නොකඩා තිබියදී පවා පැතිරී යා හැකි වායු සමීකරණය හරහා ශාලාව තුළ පැතිරී ගොස් තිබුණු බව එය පරීක්ෂා කිරීම පිණිස එහි පැමිණි ගිනි නිවන භටයෝ පැවසූහ.

      මේ වන විටවත් එම ගොඩනැගිල්ල නැවත විවෘත කර නෑති බව මෙල්බර්න් මෙට්‍රොපොලිටන් ගිනි නිවන හමුදාව නිවේදනය කළේය.

      Delete
    3. ඇනෝ,

      ඔය දූරියං කථාව මේ මාතලන්ගේ පෝස්ට් එකට අදාළ වෙන්නේ කොහොමද?
      ඕස්ට්‍රේලියාවේ විතරක් නෙමෙයි, ලෝකයේ හුඟක් රටවල ප්‍රසිද්ධ තැන්වලට (හෝටල් ඇතුලූ) දූරියං ගේන්න තහනම්.
      වැඩිය ඕන නැහැ, ඉන්දියාවේ පවා ප්‍රධාන හෝටල් වල ඉස්සරහා දූරියං හෝටලේ ඇතුළට ගේන්න තහනම් කරළා දැන්වීම් දාලා තිබෙනවා.
      මහා ලොකුවට ඔස්ට්‍රේලියාවට යන ලංකාවේ ගස් ගෙම්බෝ සමහරක් අඩු ගානේ ඉන්දියාවටවත් ගිය අය නෙමෙයි. පාස්පෝර්ට් අරන් කෙලින්ම ඕස්ට්‍රේලියා. ඉතින් ඕවා මාර මැජික්.

      Delete
    4. ඕස්ට්‍රේලියානු දෙමාපියන් සමග උරණ වූ දොළොස් හැවිදිරි ඕස්ට්‍රේලියානු පිරිමි දරුවෙකු ඉන්දුනීසියාවේ 'බාලි' දූපතට පළා ගියේ කෙසේ දැයි සොයා බලමින් සිටින බව ඕස්ට්‍රේලියානු පොලිසිය පවසයි.

      සිඩ්නි නගරයේ වාසය කරන දොළොස් හැවිදිරි මෙම දරුවා සිය දෙමාපියන්ගේ බැංකු කාඩ්පත භාවිත කරමින් අන්තර්ජාලය ඔස්සේ ගුවන් ටිකට්පත් සහ නවාතැන් පහසුකම් වෙන් කරගෙන තිබේ.

      බාලි දූපතේ නිවාඩුවක් ගත කිරීමේ සැලසුම දෙමාපියන් විසින් අවලංගු කළ බැවින් එම දරුවා ඔවුන් සමග උරණ වී නිවෙසින් බැහැරව ගොස් හොර රහසේ ඉන්දුනීසියාව බලා පිටත් වී ඇති බව ඔහුගේ ඥාතීහු 'නයින් නෙට්වර්ක්' නාලිකාවට පැවසූහ.

      ඔහු සිය ගුවන් ගමන් බලපත්‍රය සහ පාසල් හැඳුනුම්පත පමණක් ඉදිරිපත් කරමින් පර්ත් නුවර හරහා බාලි දක්වා පියාසර කර තිබුණි. මෙම දරුවා බාලි දූපතේ සිටිය දී සොයා ගත් බව ඕස්ට්‍රේලියානු නිලධාරීන් පැවසූහ. දින නමයකට පෙර මෙම දරුවා නිවසට හෝ පාසලට පැමිණ නැති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර ඔහු කොපමණ දින ගණනක් බාලි දූපතේ සිටියා දැයි පොලිසිය මෙතෙක් හෙළි කර නැත.

      ඔහු ගුවන් තොටුපොලේ ස්වයං සේවා භාවිත කරමින් සිඩ්නි නගරයේ ගුවන් පර්යන්තයෙන් ගුවන් යානයට ඇතුළු වී පර්ත් නුවර දක්වා පියාසර කර, නැවත ගුවන් යානයකින් බාලි දූපතට ගොස් ඇති බව නයින් නෙට්වර්ක් වාර්තා කරයි.

      පර්ත් නුවර ගුවන් ගමන් නිලධාරීන් මෙම දරුවාගෙන් ප්‍රශ්න කර ඇත.

      "මම අවුරුදු 12 ට වැඩි බව සහ පාසලේ ශ්‍රේණිය සනාථ කර ගන්න ඒ අය මගෙන් ගුවන් ගමන් බලපත්‍රය සහ පාසල් හැඳුනුම්පත ඉල්ලා සිටියා. මේ අත්දැකීම 'නියමයි'. මට ඕනෙ වුණේ නිර්භීත ක්‍රියාවක යෙදෙන්න," යැයි එම දරුවා මාධ්‍ය වැඩසටහනක දී පැවසීය.

      පෙර වෙන් කර ගත් බාලි දූපතේ නවාතැන්පොළට ඔහු පවසා ඇත්තේ තම සොහොයුරිය පැමිණෙන තෙක් නැවතී සිටින බවය.

      ඕස්ට්‍රේලියානු පොලිසිය පවසන්නේ මාර්තු 17 වන දින ඔහු බාලි දූපතට පැමිණ ඇති බව දැන ගැනීමට ලැබුණ බවය. රැඳවුම් භාරයේ සිටි මෙම දරුවා පසුව දෙමාපියන් වෙත භාරදීමට කටයුතු කර තිබේ.

      "පුතා පිටරටකට පළා ගොස් ඇති බව දැන ගැනීමට ලැබුණ විට ඇති වුණ හැඟීම විස්තර කරන්න මට වචන නැහැ," යැයි මෙම ආරංචිය ලැබුණ පසු "දැඩි කම්පනයට" පත් මව මාධ්‍ය වැඩසටහනක දී පැවසුවාය.

      මෙවැනි තත්වයක් නැවත ඇති වීම වැළැක්වීම උදෙසා සිද්ධිය පිළිබඳ කරුණු නැවත පරීක්ෂාවට ලක් කරන බව පොලිසිය පවසයි.

      බාල වයස්කාර දරුවන් ගුවන් ගමන්වල යෙදීමේදී අනුගමනය කළ යුතු විශේෂ ක්‍රියාවලියක් ඇතත් එය අදාළ ගුවන් සමාගම අනුව වෙනස් විය හැකි බව ගුවන් ගමන් මෙහෙයුම් පිළිබඳ විශේෂඥ ආචාර්ය ක්‍රිස්ටල් ශැන්ග් පෙන්වා දෙයි.

      Delete
  4. //ආපු ගමන් FCID කියලා එකක් දාලා යහපාලනේට චන්දය දුන් උන්ට මාර නන්දන වින්දනයක් ගෙන දුන්නේය. ඔක්කෝම හිතුවේ හොරු ටික ඔක්කෝම සරත් ගොන්සේකා වගේ ඇතුලට දමාවි කියලාය. කොහොම හරි ඒකේ උන් මර්න තර්ජන අස්සේ ඉන්වෙස්ටිගේසොන් කරලා යවන වාර්ථා ඔක්කෝම නීතිපති දෙපාර්තමේන්තුවෙන් යන්නේ ඉතිරි වැඩ කටයුතු සඳහා නෙමේය. අධිකරණ ක්‍රියා මාර්ග ගන්නට නෙමේය. රිපෝර්ට් එක කෙලින්ම යන්නේ මහින්දගේ අතටය.//

    මාතලන් මේක 1919 "ජනපතිට කියන්න" එකට පැමිණිලි කරන්න... අනිවාර්යෙන්ම ඇක්ෂන් එකක් ගන්නවා... ගිය මාසේ ඔහොම සීන් එකක් ගිහින් පැමිණිලි කරලා ලංකාවේ ප්‍රසිද්ධ නිලියකට උසාවියෙන් දඩ ගැහුවා සුක්කානම අත ඇරලා සෙල්ෆි ගහන වීඩියෝ එකක් ෆේස්බුක් දාලා... එක කව්දෝ ජනපතිට කියන්න එකට පැමිණිලි කරලා ... Sure & shot. Please do it for the sake of God.

    ReplyDelete
  5. /තෙල් වැඩි උනාම කියන්නේ මහින්දගේ කාළෙට වඩා තාමත් අඩුයිනේ කියලා හිටන්ය. ආර්ථික උස්තාද් කෙනෙක් වෙන එරාන් කියන්නේ පැස්ටෝල් වැඩි කළේ පරිසරය සුරකින්න කියලාය./

    තෙල් බැරලෙ මිල ඩොලර් කීයද කියල වැඩක් නෑ බං මාතලන්. අහපල්ල ITN ප්‍රවෘත්ති.

    හෙඩ් ලයින් වල කියවයි. "අද මධ්‍යම රාත්‍රී සිට තෙල් ලීටරයක් මිල රාජපක්ශ රජයේ මිලට වඩා රු. 31කින් අඩුවේ. යහපාලන රජයට දසතින් ජනතා ප්‍රසාදය !" කියල.

    ReplyDelete
  6. මීලග ජනාධිපතිවරණයේදී එක්බද්ද විපක්‍ෂ හොර කල්ලියේ අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්වය මත රාජපක්‍ෂවරයෙක් නොවන්නෙකු අපේක්‍ෂකත්වට පත් කිරීමට එහි ප‍්‍රධානීන් අතර මුලික මට්ටමේ සාකච්චා සිදුවෙමින් ඇති බව වාර්තා වෙයි.

    ඒ සදහා දැනට යෝජනා මට්ටමේ ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හිටපු ඇමතිවරියකි.

    කොළඹ දිස්ත‍්‍රික්කයේ නොවන මෙම මන්ත‍්‍රීවරිය මීලග ජනාධිපතිවරයණයට අපේක්‍ෂිකාව ලෙස පත් කිරීමෙන් ඒකාබද්ද විපෂයේ ඇති මතවාදී බෙදීම් නිරාකණය කරගත හැකිවනු ඇති බව තක්සේරු කර ඇත.

    කෙසේ වෙතත් මීලග පාර්ලිමේන්තුවේ අගමැති ධුරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තරග වැදිය යුතු බවද එම හමුවේදී සාකච්චා වී තිබේ. මහින්ද කැමති නැහැ ගොටා ජනාදිපති වෙනවට. ඕක කොහොමත් කැමති නැහැ රට හැදෙනවටත්. රට කාපු යකා.

    ReplyDelete
    Replies
    1. //මහින්ද කැමති නැහැ ගොටා ජනාදිපති වෙනවට. ඕක කොහොමත් කැමති නැහැ රට හැදෙනවටත්. රට කාපු යකා.//

      ඒක නෙන්නම් ප්‍රභාකරන් රට සංවර්දනය කර ගෙන, කර ගෙන යන කොට කොහෙද මේ යකා (මහින්ද ) ඒකට ඉඩ දෙන්නෙ නැතුව ඒ අහින්සකයො ටික මරල දැම්ම නොවැ....

      ඉස්සරම ප්‍රේමදාස දීපු සල්ලියි තුවක්කුයි පාවිචිචි කරල සංවර්දනේ කරා. පස්සෙ චන්ද්‍රිකා දීපු හමුදා කඳවුරු ටිකයි ඊටත් පස්සෙ රනිල් දීපු නිදහසයි සල්ලියි, පාවිචි කරල අහිංසකේට වැඩේ කර ගෙන ඉන්න කොටනේ මේ මහින්ද කියන යකා මිනිහයි හැත්ත බුරුත්තමයි මරල දැම්මෙ

      Delete
    2. කවුරු ආවත් ගෝටාබය නැත්තන් දිනනවා බොරු. අපි ශ්‍රී ලංකාත් නෙවියි යුඑන්පිත් නෙවෙයි ජෙවිපෙත් නෙවෙයි, හැබැයි ගෝටාබය නැතුව වෙන කිසි කෙනෙකුට චන්දයක් දෙන්නත් නෑ.

      අපි නැතුව කිසිවෙකුට දිනන්ත් බෑ මොකද පාවෙන චන්ද වලින් තමයි ලංකාවේ ආන්ඩු හැදෙන්නෙයි නැති වෙන්නෙයි.

      Delete
    3. ගෝඨාභයට උපදෙස් දෙන අය පොදුවේ ගත් කල English කතා කරන අය. යම් ජාත්‍යන්තර මතවාද ඔවුන්ට බලපානවා. බැසිල්ටත් යම් ආකාරයකට ජාත්‍යන්තර මත බලපානවා. කවුරු ජනාධිපති පදවියට තරග කළත් (එය අහෝසි නොකළොත්, පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරණ ක්‍රමයක් යොදා නොගත්තෙත්) ඒ සඳහා විශාල මුදලක් වැය වෙනවා. පාර්ලිමේන්තු මැතිවරණවලටත් විශාල මුදලක් වැය වෙනවා. මෙය අද තියෙන මූලික ප්‍රශ්නයක්.

      අද තියෙන මූලික ප්‍රශ්නය අප වැන්නන්ගේ මතය කුමක් වුවත් අවසානයේ දී ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරණයට පාර්ලිමේන්තු මැතිවරණයට මුදල් යොදවන්නන්ගේ මතවාද. ඒ මතවාද කුමක් වුවත් මහින්ද යම් ප්‍රමාණයකට ජනතාවට ඇහුම්කන් දුන්නා. ඔහුගේ ජනප්‍රියවාදී මුට්ටි දේශපාලනය නිසා සාමාන්‍ය ජනයාගේ මතය යම්දුරකට ක්‍රියාත්මක වුණා.

      මෛත්‍රිපාල දුර්වලයකු වුවත් ඔහුත් ජනමතයට ඔහුට පුළුවන් ප්‍රමාණයට කන්දෙනවා.

      එහෙත් රනිල් තවමත් ඉන්නේ මෛත්‍රිපාලට උඩින්. රනිල් ජනමතයට කන්දෙන්නෙක් නො වෙයි. ඔහු අඩුම තරමෙන් තම පක්‍ෂ මතයටවත් කන් දෙන්නේ නැහැ.

      Delete
  7. ඕකට තමයි වෙසක් පෝය අප්‍රේල් මාසේ තියල, දන්සලුත් කව්වලා ලෑස්ති උනේ. අලුතෙන් පත්කරපු කැබිනට් මැති ඇමැතිලාගේ නඩත්තුවට ආණ්ඩුව සල්ලි හොයා ගන්නත් එපයි.

    ReplyDelete
  8. මන්ගල: රිජු බදු වෑඩි කරනු ලෑබේ..!

    රජය: අපි වක්ක්‍ර බදු සහ රිජු බදු දෙකම වෑඩි කලා. බදු ගෙවන ඔබට ස්තූතියි......!

    Bonus: බස් ගාස්තු කමින් සූන් බේබි !!!

    බදු ගෙවන අපිට දෙයියන්ගෙම පිහිටයි. රට පාලනය කරන උන්දලාට $#%&*&$$

    ReplyDelete
  9. මාතලන් අපි අකුලගෙන යමන් බන් වෙන රටකටවත්. මේක හරියන මගුලක් නෙවෙයි. යකෝ ජීවිත අවදානම නොතකා බෝට්ටුවෙන් රට පනින එක අහන්නත් දෙයක්ද? උබල අපි හැමදාම දුක් වින්දා. ඉදිරියටත් එහෙමයි. අපේ දරුවොත් දුක් විදියි බන්.

    ReplyDelete
  10. අප්‍රිකානු රාජ්‍යයක් වන කොංගෝ හි හිටපු හමුදා ප්‍රධානී හා ජනපති ධූර අපේක්ෂකයෙකුවූ ජීන් මාරි මොකෝ හට විසි අවුරුදු සිර දඩුවමක් පනවන්නට එරට අධිකරණය 11 සිකුරාදා තීන්දු කරන ලදි.

    2016 මාර්තු මස පැවති ජනපතිවරණයේදී විරුද්ධ පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා ලෙස තරග වැදුණ ඔහුව පරාජය කළ වත්මන් ජනපති ඩෙනිස් සන්සු නුගසෝ එම ජනපතිවරණ ප්‍රතිඵලය ලැබී මාස 3 ක් යන්නට මත්තෙන් ජුනි මස හිටපු හමුදා ප්‍රධානියාව සිරගත කළ අතර වසර දෙකකට ආසන්න කාලයක් සිර අඩස්සියේ තබා ඔහුට එරෙහිව ආරක්ෂාව හා ආයුධ පරිහරණ සම්බන්ධ නඩුවක් විමර්ශනයට යොමු කර මේ තීන්දුව ලබා දෙන ලදි.

    ReplyDelete

  11. 2015 ට පෙර යහපාලනේට ලවු කර.....

    ඔබ ආ ලෙසටම ආයේ
    වෙන් වෙන එක වෙනවාමයි

    මායාවක් මයි ආදරේ...

    :) :)

    ReplyDelete
    Replies
    1. ආචාර්ය කුමාර,

      ඔබ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ජනපති කරලීමේ වියත්මග ව්‍යාපාරයට සම්බන්ධද? ඔබ ඔහු 2020 ජනපතිවනවාට කැමැතිද? නැත්නම් ඔබ යෝජනා කරන පුද්ගලයා කවුද? ගෝඨාභය 2019 දී ජනාධිපති ධුරයට ඉදිරිපත් කරන්න පිරිසක්, විශේෂයෙන් ම ඔහුට කැමති නාගරික ජාතිකවාදීන් සූදානම් වන බව පැහැදිලියි. මගෙත් අකමැත්තක් නැහැ. එහෙත් ඔහු වටා සිටින පිරිස් ගැන නම් මට පැහැදීමක් නැහැ. අද ගෝඨාභය වටා මෙන් ම බැසිල් වටා ද සිටින්නෙ ස්මාට් ජාතිකවාදීන්. ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක ‘වියත්මග’ සංවිධානයේ වාර්ෂික විශේෂ මහ සම්මේලනය පෙරේදා (මැයි 13) දිනයේ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී පැවැති අතර එයට 2100කට අධික පිරිසකට ආරාධනය කර තිබූ බවක් කියැවෙනවා. ඔවුන් අතර විද්වතුන් වෘත්තීයකයන් සිටි බව ද කියැවෙනවා. මෙයට විශාල මුදලක් යන්න ඇති. නැත්නම් හෝටලයෙන් වට්ටමක් ලැබෙන්න ඇති. ඒ කුමක් ද කියා අපට හරියට ම කියන්න බැහැ. එහි ප්‍රධාන දේශකයා ලෙස සහභාගී වූයේ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල ඒජන්තයෙකු ලෙස ලංකාවේ ප්‍රකට මහාචාර්ය රොහාන් ගුණරත්න වීම කැපී පෙනන සිදුවීමකි. මහාචාර්ය රොහාන් ගුණරත්න යනු පසුගිය වකවානුවේ මහින්දවාදීන් විසින් ඇමරිකන් ඔත්තුකරුවෙකු ලෙස හදුන්වාදුන් බටහිර ඒජන්තයෙකු යැයි ප්‍රකටවුවෙකි. දේශප්‍රේමය ඉදිරියට දමා ක්‍රියාත්මක වන ගෝඨාභයගේ දේශපාලනයේ සැබෑ නිරුවත මෙයින් තහවුරු වන බව රනිල් වික්‍රමසිංහ සහ එජාප /මෛත්‍රී පිල වෙනුවෙන් රෙදි නැතුව කඩේ යන දේශපාලන විචාරකයින්/ ස්වාධීන බ්ලොග්කරුවන් කියාගන්නා UNP/ My3 නලාකාරයින් මරහඬ තලමින් තප්පුලෑහ. (ස්වාධීන බ්ලොග්කරුවන් කියාගන්නා නලාකාරයින් - මේ අතර බ්ලොග් කාරයින් රවටා ඔවුන්ට කේක් කෑල්ලක් සහ අරක්කු වඩියක් සමගින් සම්මාන කියා ලී කෑලි බෙදා ඔවුන්ව අන්ත දූෂිත දේශපාලුවන්ගේ ප්‍රචාරණ ව්‍යාපාරයන්ට විකුණා දමමින් විශාල වශයෙන් මුදල් හමබකරගත් බ්ලොග් බ්‍රෝකර්ලාද ඇතුළුවේ)

      ඇමරිකානු පුරවැසිභාවය සහිතව සිටි පුද්ගලයෙකු වන ගෝඨාභයගේ දේශපාලන වැඩපිලිවෙලෙහි ප්‍රධාන භූමිකාවක් ඉටුකරන වියත්මග සංවිධානය තම විශේෂ මහ සම්මේලනයේ ප්‍රධාන දේශකයා ලෙස මහාචාර්ය රොහාන් ගුණරත්න සම්බන්ධ කරගැනීම මහින්ද පිලේ බොහෝ දෙනාගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී ඇත. මේ හෙතුව නිසා පෙරේදා පැවැති මෙම සමුළුව ආචාර්ය නලීන් ද සිල්වා, ආචාර්ය ඡන්න ජයසුමන වැනි බොහෝ ජාතික චින්තනවාදීන් විසින් වර්ජනය කර ඇත.

      විශ්ව වද්‍යාල අචාර්යවරයෙකු වන වෛද්‍ය ඡන්න ජයසුමන මේ සම්බන්දයෙන් තම දැඩි විරෝධය මුහුණු පොත හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් දක්වා තිබුණි. ඔහු පෙන්වා දෙන්නෙ රොහාන් ගුණරක්න යනු පසුගිය වකවානුවේ ශ්‍රී ලංකා හමුදාවට යුද්ධය ජයගත නොහැකි බව ප්‍රකාශ කල පුද්ගලයෙකු බවයි. හැබැයි මෙතන සරදම කියන්නෙ රොහාන් ගුණරත්නට අනුව පරාද කරන්න බැරි කොටි මහින්දගෙ දේශපාලන නායකත්වයෙන් හා ගෝඨාභයගෙ හමුදා සැලසුම්වලින් පරාජය කෙරුණු එක. දී කිරට බළල්ලුත් සාක්කි කියනව වගේ දයාන් ජයතිලක නාන්න යන ගමන් ගෝඨාභය ගැන කී කතාවකුත් මුහුණු පොතේ පළවෙලා තිබුණා. මේ කට්ටියත් එක්ක ගෝඨාභයට නාගන්න වෙයි කියලත් හිතෙනවා.

      ඉතින් මේ කට්ටියත් එක්ක මේ ගමන මෙහෙම ගිහින් ගෝඨාභයට බලය ලබාගත හැකිද? ලැබුනොත් ඔහු කෙසේ හැසිරෙයිද? ආචාර්ය කුමාර මේ ගැන දරන මතය විස්තරාත්මකව පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමි, ස්තූතියි.

      Delete
  12. දැනට පවතින තත්වය අනුව රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු එජාපයේ ඡන්ද පදනම අතිවිශාල ලෙස ඛාදනයකට ලක්ව තිබෙයි. ජනපති සිරිසේන සතුව තමන්ටම කියා ඡන්ද පදනමක් තිබුණේ නැත. එසේ නමුත් ඔහු සහ සහ සමඟ සිටින හතලිස් ගණනාවක් වන ශ්‍රිලනිප මැති ඇමැතිවරුන්ගේ ඡන්ද පදනම ද කුජීත ලෙස සේදී ගොස් තිබේ.

    ජනාධිපති ධූරයට පත්වූ සිරිසේන සිය ඡන්ද දායකයින් විසින් ප්‍රතික්ෂේප කර තිබීම දෙවැනි විය හැක්කේ 2018 පෙබ 10 පලාත් පාලන මැතිවරණයෙන් ප්‍රබල එජාප බලකොටුවක් වූ බටහිර කොළඹින් රනිල් වික්‍රමසිංහගේ එජාපය පරාජය වීමයි.

    තවත් කැපී පෙනෙන ළකුනක් නම් 2015 ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ තිස් ලක්ෂයක් පමණ පසුගිය 2018 පෙබරවාරි 10දා රාජපක්ෂට (පොහොට්ටු කල්ලියට) ඡන්දය දීමයි. ඉන් අතිබහුතරය 2015 රාජපක්ෂයට ඡන්දය දීමට අකැමැති වූ විරෝධතා ජන්ද යැයි සැළකීමේ වරදක් නැත.

    2015දි රාජපක්ෂ විරෝධී ජන බලවේග සතුව තිබූ දැඩි දූෂණ විරෝධී සටන් පාඨ මෙවර රාජපක්ෂ අතට ගොස් තිබුණි. එය පුදුම නමුත් ඇත්තකි.

    2015 බලයට පැමිණි වහාම ජනපති සිරිසේන සිය සහෝදරයාට අධික වැටුපක් සහිත ශ්‍රී ලංකා ටෙලිකොම්හි සභාපති ධුරය ප්‍රධානය කළේය. අනෙක් පැත්තෙන් වික්‍රමසිංහ සිය අතිජාත උපදේශකයා වන චරිත රත්වත්තේගේ සහෝදරයා අධික වැටුපකට පාඩු ලබන ශ්‍රීලන්කන් එයාලයින්ස් සභාපති බවට පත් කළේය.

    විදෙස් තානාපති සේවය සිරිසේනගේ සහ වික්‍රමසිංහගේ හෙංචයියන් සහ ඥතීන්ගෙන් පුරවනු ලැබුණි. ආචාර ධාර්මික ජනමාධ්‍ය භාවිතය වලපල්ලට යවා මහාරාජා නාලිකාවන්ට ප්‍රකෝටි ගණන් වටිනා සංඛාත ලබා දුන්නේ සිරිසේනය. දැන් එම නාලිකා රෙදි නැතිව වික්‍රමසිංහට විරුද්ධව සිරිසේන වෙනුවෙන් කඩේ යයි. සියල්ලටමත් වඩා ලක් ඉතිහාසයේ එතෙක් මෙතෙක් දැවැන්තම දූෂණය වූ බැඳුම්කර වංචාවේ දේශපාලන වගකිව යුත්තා බවට අගමැති වික්‍රමසිංහ පත්විය. අගමැති වික්‍රමසිංහගේ මිතුරියකයැයි කියන සබීතා පෙරේරාගේ සැමියාට අයත් ගොඩනැඟිල්ලකට මසකට මිලියන 25 - 30 බැගින් දැන් දෙවසරකටවක් වඩා ප්‍රයෝජනයක් නොගෙන කුලී ගෙවීමද වික්‍රමසිංහගේ ගැටයකි.

    මේ ලැයිස්තුව දිගය. දූෂණය නැති කොට දූෂකයින්ට නිසි දඩවම් ලබා දෙන බවට ශපථ කර බලයට පැමිණි ආණ්ඩුවක් ඒ සම්බන්ධයෙන් කළ එකම දේ නම් තමන් රාජපක්ෂ කල්ලිය කුජීත ලෙස පරදවමින් ඊටත් වඩා අතිශය බරපතල ලෙස දූෂණ අඩිපාරෙහිම වඩා වැඩියෙන් ගමන් කිරීමය. හිටපු දූෂකයින් සමඟ ඩීල් ගනුදෙනුවලට යෑමත් ඔවුන් වසර 10කින් තැබූ රෙකෝඩ් වසරකින් දෙකකින් කුඩු කිරීමත්ය.

    ඉදින් එවැනි ආණ්ඩුවකට ඡන්දය නොදී සිටි ලැජ්ජා බය ඇති ලක්ෂ 30ක් තරම් ජනයාට වරදක් කිව හැකිද?

    ReplyDelete
    Replies
    1. තත්වය දිගටම පවතින්නට යන්නේ මෙලෙස නම් රාජපක්ෂ පවුල සහ එහි අන්තේවාසිකයින් දකුණෙහිදී ඉදිරි මැතිවරණ සියල්ල ජය ගැනීම වැළැක්විය නොහැකිය. තිත්ත නමුත් ඇත්ත එයයි. එකල මෙම ජර්මනියේ ආඩල්ෆ් හියුඩ්ට්ලර් බලයට ගෙන එන ලද්දේ ද මෑතදී පිලිපීනය අයෝමය හස්තයකින් පාලනය කරන රොබෙර්තෝ දුතර්තේ බලයට පත් කරන ලද්දේ ද බහුතර මහජන ඡන්දයෙනි. ඉතිහාසයෙහි නිශ්චිත අවස්ථාවන්හිදී පටු ජාතිකවාදයෙන් සරසන ලද දුෂ්ඨ සහ මර්දනකාරී දේශපාලනයන් ජය ගනී. සමහර විට දැන් ශ්‍රී ලංකාව ගමන්කරන්නේ එවැනි අන්තයක් කරා විය හැක.

      මේ බව පසක් වන්නේ දූෂණයේ සහ භීෂණයේ සංස්කෘතිය කොතරම් මෙරට දේශපාලන සංස්කෘතියේම කොටසක් වී ඇත්ද යන්න පසුගිය 2015 -2018 තෙවසර විසින් අපට දැඩි ලෙස පෙන්වා ඇති නිසාය.

      කොළඹ නගර සභාවට රාජපක්ෂ කණ්ඩායමෙන් තරඟ කළ තරුණ දේශපාලනඥයකු ප්‍රසිද්ධියේම කීවේ තමන් බලයට පත් වූ පසු මත්කුඩු ජාවාරම මැඩළිමට ගෝඨාභය රාජපක්ෂ මෙන් යුද හමුදාව යොදා ගන්නා බවයි. ගෝඨාභයගේ කුඩු විරෝධී සටන විසින් නිරායුද තරුණයන් ඝාතනය කෙරුණූ අතර වැලිකඩ ඝාතනය ද එහිම දිගුවකි. නුමුත් එම භීෂණය විසින් කුඩු ජාවාරම මර්දනය නොවූ බව නොදන්නේ කව්ද? එසේ තිබියදිත් ගෝඨාභය අනුගමනය කරන බවට ශපථ කරන තරුණ දේශපාලනඥයින් සිටීම අප තේරුම් ගන්නේ කෙසේද? එම ප්‍රකාශයෙන් සංකේතවත් කැරෙන්නේ භීෂණයේ සංස්කෘතිය මගින් බලයට ඒමේ භයානක දේශපාලනයයි.

      දූෂණය පිටු දැකීම සිය දේශපාලනයේ ප්‍රමුඛ පරමාර්ථය බවට පසුගිය මැතිවරණ වේදිකාවන්හිදී පාරම් බෑ සිරිසේන පාර්ශවය, රාපපක්ෂ කණ්ඩායමේ සහායෙන් හෝ ආණ්ඩුවක් සෑදීමට අර ඇදීමෙන් පෙන්නුම් කැරුණේ ද එදා පෙන්වූ ව්‍යාජ දූෂණ විරෝධය දේශපාලන බල තන්හාවට යටවී තිබූ අන්දමයි. රනිල් වික්‍රමසිංහ සිය අගමැතිකම රැකගැනීම පිනිස ඔහුම බොරු කයිවාරු ගැසූ ලිච්ඡවී සම්මුති බද්ධ දේශපාලනය පරදුවට තැබීම විසින් ද පෙන්නුම් කරන්නේ ඔහුගේ සැබෑ නිරුවත වූ සියල්ලටම පෙර මමය යන උග්‍ර බල තණ්හාවේ දේශපාලනයයි. වික්‍රමසිංහගේ නව ලිබරල් ආර්ථික පිළිවෙත් මගින් ඇති කරන ලද පොහොර සහනාධාරය කපා හැරීම/ පාසැල් නිල ඇඳුම්/ පෙළ පොත් නොදීම වැනි සහන කප්පාදු ද රාජපක්ෂගේ වාසියට තිබුණි.

      දේශපාලන තලයෙහි ලද පරාජයන් හමුවෙහි තවදුරටත් රනිල්- මෛත්‍රී ආණ්ඩුවෙන් 2015 ජනවාරි පෙරළියේ අපේක්ෂා ඉටු වීමට ඉඩක් ඇතැයි සිතීම අතිශය දුෂ්කරය. මන්ද යත් දෙපාර්ශවයම විවිධ මට්ටමින් රාජපක්ෂ කල්ලිය පවා යොදුන් ගණනින් පරදවා අතිශයින් දූෂිත අශීලාචාර කුජීත තැනක් කරා ඇදී ගොස් තවත් එම අන්තයටම උග්‍ර ලෙස ඇදී යමින් ඇති බැවිනි. එජාපයේ විදේශ ඇමැති සහ වික්‍රමසිංහගේ අතිජාත සගයකු වන මාරපන දැන් කියන්නේ පරාජයට හේතුව ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම බවයි. සිරිසේනට අනුව මංගල සමරවීර විදේශ ඇමැති ධූරයෙන් ඉවත් කරන ලද්දේ ජිනිවා මානව හිමිකම් කොමිසමෙහිදී මානව හිමිකම්, සංහිදියාව සහ වගවිම සම්බන්ධ ඒකාබද්ධ යෝජනාවකට එකඟවූ නිසාය.

      ආණ්ඩුවේ දූෂණ විරෝධය පමණක් නොව දෙමළ දේශපාලකයින්ට වැඩි දේශපාලන වරප්‍රසාද/ වරදාන සහ ඉඩම්/ පොලිස්/ මූල්‍ය බලතල ලබාදෙන දේශපාලන විසදුමක් ඇතුළත් නව ව්‍යවස්ථාවක් ඇති කිරීම සහ සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය දැන් ඉතිහාසයට අයත් දේ බවට පත්වීමට බොහෝ දුරටම ඉඩ තිබේ.

      Delete
    2. පසුගිය තෙවසරෙහි නොකරන ලද දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරයක් ඉදිරි මාස 18 තුළ ආණ්ඩුවෙන් සිදුවීමට ඉඩක් නැත.

      ඉදිරි දින කිහිපය වන විට යහපාලන ආණ්ඩුව ඉදිරි වසර එකහමාරට පවතින්නේද නැත්ද යන්න බොහෝ දුරට තීරණය වි හමාර වන්නට පුළුවන. එය තව දුරට පැවතියද පවතිනු ඇත්තේ අනෙකා ගිල දැමීමට සැරසුණු විෂඝෝර සර්පයින් දෙදෙනෙකු ලෙසය. හරයෙන් දැන් යහපාලන ආණ්ඩුව අවසාන වී බොහෝ කල්ය. එය පැවැතියද පවතිනු ඇත්තේ හුදු බාහිර නාමික ස්වරූපයක් ලෙස පමණි.

      ජනාධිපතිවරණයකදී රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයකුට සියයට 51ක් ගැනීමට තවමත් ටිකක් අසීරු නමුත් එය අවසාන වශයෙන් තීරණය වනු පළාත් පාලන ජය විසින් ඇති කරනු ලබන ගතිකත්වය වඩා බලවත්ව ගමන් කරනු ඇත්තේ කුමන දිසාවට ද යන කරණ මතය. සිරිසේන සහ වික්‍රමසිංහ විරසකය උත්සන්න වුව හොත් නිසැක වාසිය රාජපක්ෂටය. නොඑසේව සම්මුති ආණ්ඩුව නව දැක්මක් යටතේ අලුත් ජවයක් ලබා ගන්නේ නම් අචාසිය රාජපක්ෂ කල්ලියටය.

      අප කැමැති වුවත් නැතත් පාර වැටි ඇත්තේ සම්මුතියට නොවේ. අගමැති වික්‍රමසිංහ 2004දී මෙන් තම දේශපාලන බලය ගැන අධිතක්සේරුවකින් ඉතා උද්ධච්ච ලෙස කිසිවකුටත් කන් නොදී වලව්වේ හාමු මානසිකත්වයෙන් කටයුතු කරන අතර ජනපති සිරිසේන කිසිම ඉදිරි දැක්මක් නැතිව එදිනෙදා මොකක් හෝඑ ජවුසමක් නටමින් එදාවේල දේශපාලනයක නිරතව සිටි.

      දැන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග නරකම තත්ත්වයකට සූදානම් විය යුතුය. අද අපට අනුහස් සහිත නායකත්වයකින් යුතු මාදුළුවාවේ සෝභිත හිමි කෙනෙකු නැත. 2015 ජනවාරියෙහි මුදුන් පැමිණි ආකාරයේ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයක් ද නැත.

      එජාපයෙහි වික්‍රමසිංහ වෙනුවට සිටින නායකයින් දෙදෙනාම එනම් විසුළු සහගත මහල්ලකු වන කරු ජයසූරිය සහ උඩඟු බකපණ්ඩිතයකු වන සජිත් ප්‍රේමදාස සිංහල ජාතිකවාදී නැමුරුවකින් යුතු වුවත් ජාතික නායකත්වයට කිසි හැකියාවක් නැති අදක්ෂයින්ය .

      අනෙක් අතට දෙමළ සමාජයද ඔඋන්ට කිසි වැඩක් නොකරමින් මහජන මුදල් කබාසිනියා කරමින් පුද්ගලික වරප්‍රසාද වරදාන විඳිමින් ආණ්ඩුව සමඟ දීගයක සිටින දෙමළ සන්ධානය සෑහෙන තරමකට දුර්වල කර තිබේ. එහි ද නව දෙමළ ජාතිවාදි බෙදුම්වාදී බලවේග ශක්තිමත් වී තිබේ.

      එසේ නමුත් කලුවලාව තුල රිදී රේඛාවන්ද තිබේ. එම රිදී රේඛා බලවත් කරන්නේ කෙසේදැයි මීළඟ පෝස්ට් එකෙන් අපි කතා බහ කරමු.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න