.

.

Jun 17, 2019

රනිල්ගේ පැවැත්ම ඇත්තේ සිරිසේන ජනපති කිරීමෙන් පමණි....



රට නන්න පෝල් වී තිබෙන්නේය. යහපාලනේ කියන්නේ කැද හැලියක් නොව ගූ බාල්දියක්‍මය. යහපාලනේ නොව, මහින්දලාගේ සැට්ටෙකද ජඩමාධ්‍යද අමු ගූ ගොඩවල් ය. ගන්දස්සාරේ උහුලන්න බැරිය. ඒ මදිවාට ඒ ගූ ගොඩටම කාදිනල් මෙන්ම අස්ගිරිත් පැනලා පට්ටම ආතල් එකක් ගන්නවාය.


යාපාලනෙන් ආර්ථිකේ විනාශම කරලා දාලා තිබුන නිසා, ආන්ඩුව මෙන්ම ජහමනයාද එදා වේල ටුවර්ස් ලෙසින් කෙසේ හෝ ජීවත් වුවද, සහජීවනේ අජීර්නේ වෙලා 4/21 දා සිට, ජීවත් වීමත් ප්‍රශ්ණයක් කරලා, සහරාන් බෙදා ගන්න බැරිව එකම බලු පොරේය. දැන් බහුතරේ ජීවත් වෙන්නේ ආයෙත් සහරාන්ලා බ්ලාස්ට් කර ගන්නේ කොහේද කියනා මර බියෙන්‍ ය, මොහොමඩ්ලා ඉන්නේ මධු මාධවයා ආයෙත් කෙලින්නේ කොහාටද කියනා මර බියෙන්‍ ය. මරණ භියෙන් මැරි මැරි පාරේ ඇවිදිනා රටක වෙන මක්කා තිබුනත් පලක් නැතිය.

මුන් සියල්ලෝම බලන්නේ ප්‍රශ්ණය සමනය කිරීමට නොව, තැටිය රත් වෙලා තියෙන වෙලාවේ රොටිය පුච්චා ගන්නටය. මෙවන් තත්වයක් යටතේ ජනපතිවරණයක් එන එක ඊට ආතල්‍ ය.

සිරිසේනට රාජපක්ෂගේ පිලෙන් නොමිනේසොන් ලැබෙන්නේ නැති බව 100% විශ්වාසය. එමෙන්ම ඝෝඨාට නොමිනේසොන් ලැබෙන්න තිබෙනා ඉඩ කඩත් ඇත්තේ අවම සම්භාවිතාවකය. ඒ ගැන ලිවීම පසෙකට තබා අද කතාකොරන්න යන්නේ රනිල් ලොක්කා ගැනය.

මීළගට පත්වන ජනාධිපතිවරයාගේ බලතල  78 ව්‍යවස්ථාවට පෙර උන් ජනාධිපතිවරයාගෙ බලතල දක්වා 19 වන ව්‍යවස්ථාවෙන් සීමා කර ඇති බව නීතී විශාරදලාගේ මතයය. ඒ කෙසේ වෙතත් ජනාධිපතිවරණය පැවැත්විය යුතුය.

මෙවන් තත්වයක් යටතේ රනිල් ලොක්කා සිතන්නේ, මොකා ජනපති වුවත් මම නේ ලොක්කා යන න්‍යායෙන්‍මය. මහින්ද ඉන්නේද මේ මානසිකත්වයේමය. ඒ දෙන්නාම රටේ වෙද්දු නිසාය.

මේ බව සිරිසේන උන්නැහේත් දන්නවා උනාට තනතුර සදහා ඇති පෙරේත කමේද අඩුවක් නැති බවත් ඉතා පැහැදිලිය. ඇත්තටම අද රටේ බලය නැතත් තනතුරෙන් පරම්පරා ගනනකට හරි හම්බ කර ගත හැකිය .

ඒ අනුව රනිල් සිතන්නේ කරූ හෝ සජිත් ගේමට දමන්නටය, ඒ අතරේ ධම්මික පෙරේරාටත් ලණුවක් දී පට්ට ආතල් එකක් ගන්නේය.

ප්‍රශ්ණය එන්නේ කරුමෙට හෝ එජාපයේ එකා දිණුවෝතින්‍ ය. නීතී විශාරදයෝ මක්කා කිව්වත් කරූ මෙන්ම සජිත්ද ඉන්නේ ජනපති වීමේ මානසිකත්වයේය.

ඉන් පසු රනිල්ට වෙන්නේ සිරිසේනගේ මගුලට එහා මගුලක් කන්නටය. අනිවාර්‍යයෙන් එජාපයේ බල අරගලය මේ දැන් පවත්නා චූලෝදර මහෝදර සටනට එහා ගේමක් වන එක කිසිසේත්ම නොවැලැක්විය හැකිය.

එම නිසා මාතලන් නම් කියන්නේ සියළු බේද දුරලා රනිල් ඉදිරිපත් කළ යුත්තේ සිරිසේනම බවයි.

මෙයින් ලැබෙනා ප්‍රධානම වාසිය නම් මිය යනතෙක් නායකයා වීමේ සිහිණය සැබෑ වීමයි.

අනෙක නම් රනිල්ලා, මහින්ද හා ඩීල් දමා රාජපක්ෂවරුනට අභයදානය දුන්නද,  ෂුවර් නැති බඩු වන රාජපක්ෂලා ලග,

දැන් රාජපක්ෂලා ගන්නා ආතල් ගැනීම කෙසේ වෙතත්න, නහින දෙහින කාලේ, වැඩි ආරස්සාවට වැලිකඩ උනත් යවන්නට ඇති ඉඩ වලකිනා එකය.

අනෙක් කරුන නම්, රාජපක්ෂ පිල අභ්‍යන්තර ප්‍රශ්ණ රාශියකට මැදිවීම හා ශිරන්ති වික්‍රමසිංහගේ අරමුණද ඉටු වීමයි.

එමෙන්ම 2015 වූවා මෙන්ම රාජපක්ෂ විරෝධී පිල එකම ගොඩකට පැමිණීම (විශේෂයෙන් මුස්ලිම් ජනතාව හා දෙමළ ජනතාව) ජයග්‍රහණයේ බලාපොරොත්තු ඉහළ නැංවීමද සිදුවනවාය.

එමෙන්ම තුන්වන බලවේගයක් ලෙස ඉදිරිපත් කිරීමට සිටිනා පොදු අපේක්ෂකයා වෙනුවට, එම පිරිසද මේ අපේක්ෂකයා වටා ගොනුකර ගැනීමේ හැකියාවක් ඇති වීම.

එනයින් බලනා කළ 2015 යහපාලන විගඩම නව මුහුණුවරකින් ගෙන ඒම දෙදෙනාගෙම යහපත උදෙසා ගන්නා වඩාත් නිවැරදි තීරණයක් විය හැකිය.

15 comments:

  1. මොක වුණත් දැනට නම් පෙනෙන්නේ රටට අබ සරණ බවය. ඊට පස්සේ අපට අබින් සරණවත් පතන්නට වෙන බවය!!

    ReplyDelete
  2. "ශිරන්ති වික්‍රමසිංහගේ අරමුණද ඉටු වීමයි." mokadda eyage aramuna?

    ReplyDelete
  3. උපන් රට අතැර යා නොහැකි ජනයා වැඩිය
    උන්ට ඉන්නට තැනත් නැති කරති මේ නඩය
    කවුරු ආවත් මොටද කල් ඉකුත් වුන හැඩය
    අපට පමණක් නොව තොපි මිහිකතටත් බරය

    ReplyDelete
  4. තිහක් පමණ
    දෙවි දරුවෝ
    මඩකලපුවෙ
    මිය ගියාලු

    කාදිනල්ට
    එහි යන්නට
    බොහෝ කලක්
    ගතඋනාලු!

    කටුවපිටියෙ
    බස්තියමේ
    මිහිදන්වූ
    සියලුදෙනා
    මඩකලපුවෙ
    උන් සමගම
    එකවර
    ස්වර්ගෙට
    ගියාලු

    ReplyDelete
  5. උං රට වෙද්දු නෙවී ලෝක වෙද්දු

    ReplyDelete
  6. දැන් උඹට වාසි මොකා ජනාධිපති වුනොත්ද?

    ReplyDelete
  7. "අලුත් දෙයක් නොසිතා ඉස්සරහට යන්නට කොහොමත් ම බැරිය. ලංකාවේ අධිකරණ, විශ්වවිද්‍යාල සහ ප්‍රවාහන ක්ශේත්‍ර මේ සදහා කදිම නිදසුන් ය. කැසිනෝකාරයෙක් හෝ මොකෙක් හෝ නැත්තම් පිටසක්වලින් පැමිණ හෝ ලංකාවේ සිස්ටම් එක වෙනස් කර යුතුමය. දෙසියවිසිපහට සහ උන්ගෙන් යැපෙන බහිරවයන් ඉන්නාතාක් එව්වා ලෙහෙසි නැති බව ඔබ අප සැම දන්නා කරුණකි. "

    Tuesday, March 12, 2019
    https://magelokaya01.blogspot.com/2019/03/blog-post.html

    ReplyDelete
  8. Mathe,
    It is foolish to think we will have 226 new faces after next election. Most likely about 85-90% will be from the same lot. New president also must come from the current lot, people will not vote for a 'Knight in shining armour' after MS/RW Yahapalana fiasco.

    Here is my Singapore experience, Everyone was scared/respected LKY, he did what he think is right, no one could stop him, he had family members in all high govt positions (he had good a good reasons for that) his son current PM was one of 2 deputy PMs. He was clean and did not tolerate corruption from anyone in Singapore. He killed or locked up lot of people like drug dealers, gang members. (still have law a (ISA) to lock up people without charge indefinitely)

    People will have 1001 reasons against Gota, however Gota is the closest we have to LKY (Since R Premadasa is gone) People need a respectable leader who will do what he say he will do. Imagine what will happen if a minister calls 'Para Balla' to R Premadasa or even MR.

    If we fail to appoint Gota in 2020, we will continue as we have now (next one is worse than current one) I can't see anyone else from current lot who will do things differently

    As you can see, even MR and the gang are scared and respect Gota, hope Gota get a chance in 2020 and clean up our country. No sure if our people are ready to see above Red/Blue/green politics and it will be even harder for minority to see above Tamil/Muslim politics.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න