.

.

Aug 19, 2020

ආන්ත්‍රාවයි….!!! මේ ඇමතිත් විදුලි මාෆියාවේ ගොඳුරක් වේයිද….?

 




මාතලන්ගේ RAM එකයි ROM එකයි දෙකම අවුල් සහගතය. එහෙත් විදුලි බල මණ්ඩලේට අළුතෙන් ඇමතියෙක් එන හැමදාම මාෆියාව මේ ගේමම දුන් බවට පොඩි මතකයක් තිබිනි. ඒ නිසා බුකියේ ඒ ගැන පොඩි සටහනක්ද දැමුවෙමි. පස්සේ සොයා බලන කොට වැඩේ ඇත්තය. මොකෝ මේ සෑම අවස්ථාවකදීම ඒ ගැන බ්ලොග් පෝස්ට් එකක් මාතලන් ලියලා තියෙනවාය.

මේ වතාවේ මාෆියාව ගේම දෙන්නේ, ඇමති තුමා ගොනා කරගෙන වැඩේ දිගටම ගෙන යාමටත් වඩා දුමින්ද දිසානායක අනුරාජපුරේ සෝලා පවර් ප්ලාන්ට් එකක් ළඟ සිට දීපූ වොයිස් කට් එක නිසාය යන්න මාතලන්ට ඉර හඳ මෙන් විශ්වාසය. එහිදි උන්නැහේ සඳහන් කළේ 2030 පමණ වන විට රටේ විදුලි බල ජනනයෙන් 80% පුනර්ජනනීය විදුලි බලයෙන් ලබා ගැනීම ජනාධිපති ඝෝඨාභය මහතාගේ ඉලක්කය බවය.

මාෆියාවේ ෆියුස් එක යන්නේ මේ කතාව අහපු ගමන්ය. ඊළඟ දවසේම නොරොච්චෝලෙටයි කෙරව්ලපිටියටයි දෙකටම වැඩේ දෙන්නේ ඔක්කෝම බය කරන්නටය. එය වඩාත් තහවුරු වෙන්නේ, නැවත විදුලිය යථා තත්වයට ගෙන ඒමට සෝලා ප්ලාන්ට් මහත් බාධාවක් බව කීව කතාවෙන්මය.

දැන් මුන් කරන්නේ ආන්ඩුවට රිද්දන්නට හා බය කරන්නට ලයිට් කපනා එකය. ඒ අතරේ උන්ගේ මඩියත් තර වන්නේය. දැන් ආන්ඩුව අප්‍රසාදයට පත් වනවා පමණක් නොව. ජාත්‍යන්තර ප්‍රවෘත්ති වල පවා පල වූ මේ පුවත නිසාවෙන් මෙහේ ආයෝජනය කරන්නට එන එකෙක් එන්නේත් නැතිය.

දැන් මාෆියාව බලාගෙන ඉන්නේ, “මේ වැඩේ හරියන්නේ නෑ…. ලයිට් කපන එකට අපට එකඟ වෙන්න බෑ… ජනතාවට දිගටම ලයිට් දෙන්න ඕනා…..” කියන කතාව ආන්ඩුවෙන් එනකන්ය. ඇමතිතුමාට මේ වැඩේ බලෙන් හෝ කරන්නට බැරිය. වැඩේ තියෙන්නේ ඉන්ජිනේරුවන් අතේය. එය තනිකර මාෆියාවකි. උන් ඕකේ ඉන්නා යුනියන් ඔක්කොමත් අල්ලාගෙන අවසානය. ඔතන ප්‍රතිව්‍යුහගත කොරන්න ගිය වෙලේ, “මෙන්න මේක විකුණගෙන කන්න යනෝ….” කියා වැඩේ වලක්වා ගත්තේ යුනියන් මාෆියාව ඉදිරියට දමලාය.

ලයිට් කපන්න කිසිඳු උවමනාවක් ඇත්තේ නැතිය. මේ කඩා වැටීම වන වේලාවේ ජාතික පද්ධතියට සම්බන්ධ වී තිබුනේ නොරෝච්චෝලේ හා කෙරවලපිටිය බලාගාර පමණි. කෙරවලපිටිය දැන් ගොඩය. එතකොට ජාතික පද්ධතියට සමබන්ධ ජල විදුලි බලාගාර රාශියකි. මහා වැසි ඇද වැටි ජලාශ තියෙන්නේ කට කපලාය. එවා මුන් හිස් කර දමාදැයි කියන්න නම් දන්නේ නැතිය.

කැලණිතිස්ස ගැන කතා කරන්නේම නැතිය. මම හිතන්නේ මුන් ඒකත් කඩා දමා ඇතයි කියාය. ගිය ආන්ඩුව කාලයේ ජංගම ජනන යන්ත්‍ර වගයක් ගෙනල්ලා සපුගස්කන්දේ ගොඩ ගහුවේය. ගැහුවේය. ඒවා ඔහේ දිරා යනවා ඇතිය. රවී ගොනාට අන්දා හෝ රවී කරුණානයක සමඟ එකතුව නැවක් ගෙනත් හම්බ කරගෙන කන්න ගියත්, සිරිසේනගේ විරෝධය නිසා වැඩේ නවතුනේය.

දැන් මේ උදාවී තිබෙන්නේ උන්ගේ ඩීසල් බලාගාර වලින් වැඩි මිළට විදුලිය අරගෙන උන් හම්බ කරගන්නා වසන්ත කාළයය. ලයිට් කපන්නේ ඒ වැඩේටය. බිඳ වැටීමකින් හා කපා හැරීමකින් තොරව දිගටම ලබා දෙන්න නම්, ඒවායෙන් ගන්නම වෙනවය කියා ඇමතියා ගොනාට අන්දනවාය.

ඔයිට පෙරත් මාෆියාව ගේම් දුන්න වෙලාවේ, කමිටු ඉතරක් නොව කොමිසම්ද පත් කොට විදෙස් විශේෂඥයින්ගෙන් පවා ලබාගත් උපදෙස්, වාර්ථා, සමහර විට ඇමතිවරයාගේ කාමරේ කබඩ් වල තියෙන්නට පුළුවන්ය.

වරක් කැනේඩියානු පිරිසක්ද පැමිණ පවතින තත්වය ඉතාම අසතුටුදායක බවත්, ඒ පිලිබඳව ගතයුතු කඩිනම් පියවරයන් ගැන වාර්ථාවකුත් ලබා දුන් බව හොඳින් මතකය. ඒවා කෝ කියා මාෆියාවෙන්ම අහනවා නම් බොහෝ හොඳය.

කොළඹ අහස උසට “ස්කයි ක්‍රීපර්ස්” හැදෙනවාය. “පෝට් සිටි” නමින් සුපිරි නගරයකුත් ගොඩ නගනවාය. එහෙත් මේවාට විදුලිය දෙන්න වෙන්නේත් තියෙනා සොච්චමෙන්ය. මුන්ගේ සැලසුම ඒවාටත් ජෙනී හෙවත් ජෙනරේටර් ගෙන්නා, උන්ගේ කොමිසම් එක ලබා ගැනීමය. ගිය ආන්ඩුවේ හරක් හා එක්ව සාම්පුර් බලාගාරය ඉඳිකිරීමද නවතා දැම්මේය. සූර්ය පැනල සවිකිරීම හා ඒ පිළිබඳ ආයෝජනයන් වලට උත්තෙජනයක් දෙනවා වෙනුවට කොයි වේලේත් කරන්නේ ඒක ඩිස්කරේජ් කර ජනතාවට එපා කරනා එකය. සුළං බලයෙන් ලබා ගැනීමක් ගැන හිතලාවත් නැතිය. එහෙත් ලෝකයේ දියුණු රටවල් මේවා භාවිතයට හුරු වීමෙන් ගල් අඟුරු බලාගාර හා පරමාණු බලාගාර ඉවත් කිරීමට කටයුතු කරනවාය.

මාෆියාව මේවාට කැමති නැත්තේ… සුළගෙන්වත්, හිරු දෙවියන්ගෙන්වත්, කොමිස් ලබා ගන්න බැරි නිසාය. ඔය තිබෙන සෑම ඩීසල් විදුලි බලාගාරක්ම අයිති ඕකේ ඉන්නා ඉන්ජිනේරූවන්ටමය. ඔය කමිටුවත් ඒවායෙන්ම් මේ අවස්ථාවේ විදුලිය ලබා ගන්නෙයි කියා කීවොත් කවුරුත් පුදුම වෙන්නත් ඕනා නැතිය. සමහර ඇමතිවරුත් මාෆියාව හා එක්ව පැනමා පේපර්ස් වලත් නම දාගත්තේය. ඇහුවොත් කියන්නේ මගේ නම නෑ කියලාය. ඒ උනාට නම තියෙන එකා මොකාද කියා ඕන ගොනෙක් දන්නවාය.

අප ආන්ඩුවට කියා සිටින්නේ, මේ රටේ දරුණුම මාෆියාව, පාතාලයවත්, කුඩු මාෆියාවත්, බෙහෙත් මාෆියාවත් නොව විදුලි බල මණ්ඩලේ ඉංජිනේරූ මාෆියාවයි කියලාය. ඒ නිසා ජනාධිපති තුමා මීට කෙලින්ම සම්බන්ධ වී සැන්ට්‍රල් බැංකුවට දුන් ජාතියේ බෙහෙතක් නොදුන්නොත් ඉදිරියට ආන්ඩුව අල්ලේ නටවන්නේ මුන් බවත් නොකියා සිටිය නොහැකිය.

අපේ අළුත් ඇමති තුමාත් මාෆියාව එක්ක යනවාද ඝෝඨා හා එක්ව ජනතාව වෙනුවෙන් ගමනක් යනවාද කියා තීරණය කිරීම එතුමා සතුය. මේ ගැන දැනුම්වත් වෙන්න ඕන නම්, මාෆියාව ගැන හොඳින් දන්නා සුනිල් හඳුන්නෙත්තිගෙන් වැඩි විස්තර ලබා ගන්නට පුළුවන්ය. මොකෝ මේ මාෆියාව ගැන කෝප් කමිටුවේදී සියල්ලම හෙලි වූ නිසාය. ජෙප්පෝ වැඩියෙන් එනවා නම් හොඳයි කියා බැසිල් ලොක්කා කිව්වේ ඒ නිසාමය.

පොඩි ප්‍රේමේ නම් දන්නේ එයාගේ ඩයිනමෝවෙන් දෙන එක විතරමය. අද වෙනකන් උන් එකෙක්වත් කටක් හොල්ලලා නැතිය. ඒ උන් මේ ගැන මක්කත්ම නොදන්නා කම නිසාමය.

ඒ වගත් මෙසේය.






6 comments:

  1. ඇමරිකාවේ නං ලයිට් කපන මේවා ජිවිතේට අහල නෑ
    හස්බන් කියනවා ගානාවේ මිනිස්සු මේ ලයිට් කපනවා කියන එක දන්නෙත් නෑලු.
    මේකට මුලිකම හේතුව සිoහල බෞද්ධයන් එකාට එකා නැති කුහක උද්දච්ච සාමූහිකව කිසිම වැඩක් කරගන්න බැරි සෙට් එකක් නිසා
    (ලන්කාප්‍රිකාවී)

    ReplyDelete
  2. සොයාදියව් මට සරණක්
    මේක පුදුම ඇමතිකමක්
    පුටුවට ආවා විතරයි
    විදුලි බලේ ඇණහිටුමක්
    උතුරේදී ... දකුණේදී ...
    මා පැතු ලෝකය මෙයදෝ!

    ReplyDelete
  3. මාත දන්නව ඇති ලංකාවේ වාර්ශික රාජ්‍ය ආදායම 2019 අවුරුද්දේ විතරක් රු.මිලියන 2,344,000 යි. රාජ්‍ය වියදම රු.මිලියන 3,042,000යි. ඒ කියන්නෙ රටේ ආධායම ට වඩා වියදම සරලවම රු.මිලියන 685,000කින් වැඩියි.

    දැන් බලමු රාජ්‍ය ආධායම් ලැබෙන මූලාස්‍ර මොනවද කියලා. ඒ තමයි බදු ආධායම සහ බදු නොවන ආධායම. ඉතිං මේ රාජ්‍ය ආධායම රු.මිලියන විසි තුන් ලක්ශ හතලිස් හතරදහසක් වෙනකොට ඒකෙන් බදු ආධායම විතරක් රු.මිලියන 2,077,000ක (විසි ලක්ශ හැත්තෑ හත් දහසක් )මුදලක් ලැබෙන්නෙ බදු ආධායමෙන්. ඒ කියන්නෙ දුප්පත්ම මනුස්සයා ගෙදරට ගේන සීනි ටික, කිරිපිටි පැකට් එකේ ඉඳලා රජයට ගෙවන බදු මුදල් වලින්.

    හරියටම කිව්වොත් රටේ ආධායමෙන් 88.6%ක් ලැබෙන්නෙ රටේ මිනිස්සුන්ගෙ බදු මුදල් වලින්.
    එහෙම වෙලා තියෙද්දි ඒ රාජ්‍ය වියදමෙන් වැඩිම ප්‍රතිශතයක් වෙන් කරන්නෙ "රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වේතන සහ විශ්‍රාම වැටුප්" ගෙවන්යි. ඒ කියන්නෙ රාජ්‍ය වියදමෙන් 45% කට වඩා ප්‍රමාණයක් වෙන් කරන්නෙ උඩ කියපු රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් වේතන හා විශ්‍රාම වැටුප් වලට. මේ ප්‍රමාණය අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනවා. 2018 අවුරුද්දෙ විතරක් 43%ක ප්‍රමාණයක තිබ්බෙ. දැනට රටේ ලක්ශ 14කට වඩා රාජ්‍ය සේවකයන් ප්‍රමානයක් ඉන්න වෙලාවක තවත් රාජ්‍ය සේවකයන් 50000ක ප්‍රමාණයක් බඳවා ගනීම දිහා ටිකක් බලමු.

    බඳවාගන්න උපාධිදාරීන් රු.20000ක දීමනාවක් මුල් අවුරුද්දෙ විතරක් ලබා දෙනවා. ඒ කියන්නෙ උපාධිදාරීන් 50000කට මාසෙකට රුපියල් කෝටි 100ක් ඒ කියන්නෙ රු.මිලියන 1,000ක් (රු.1,000,000,000) වැය වෙනවා වැටුප් ගෙවන්න විතරක්. ඒ කියන්නෙ අවුරුද්දකට විතරක් රු.කෝටි 1,200ක් ඒ කියන්නෙ රු.මිලියන 12,000(රු 12,000,000,000)

    ඒ විදියෙ ගෙවීමක් වෙන්නෙ පලවෙනි අවුරුද්දෙ විතරයි. දෙවෙනි අවුරුද්දෙ සේවය ස්ථිර කිරීමෙන් පස්සෙ රු.40,000ක වැටුපක් ලැබුනොත් මේ වියදම දෙගුණ වෙනවා.

    ලංකාව වගෙ රටක ආර්ථිකයට ඇත්තටම මේ වගේ වියදමක් දරන්න පුලුවන්කමක් නෑ. මොකද මේ රටේ නිශ්පාදන ආර්ථිකයක් නෑ. ඕනම දියුණු වෙන රටක ආර්ථිකයෙහි ප්‍රධාන ලක්ශනයක් තමා රටේ රාජ්‍ය අංශය සංකෝචනය වෙන එක. ඒත් ලංකාව වගේ රටක වෙන්නෙ දේශපාලන පොරොන්දු සහ දේශපාලන පත් වීම් නිසා අපි වගේ රටකට දරාගන්න බැරි තරම් විශාල රාජ්‍ය අංශයක් රටේ පැවතීම.

    ඊලඟ කාරණාව මේ බඳවාගන්න උපාධිදාරීන්ට මේ තරම් වියදමක් රජයෙන් දරනවනම් ඒ වෙනුවෙන් ඔවුන්ගෙන් රටට වෙන දායකත්වය මොකක්ද කියන එක. රටේ ආර්ථිකයට හරි රාජ්‍ය අංශයේ කාර්‍යක්ශමතාවය හා ඵලදායිතාව ඉහල යන විදියෙ දායකත්වයක්වත් අවම වශයෙන් ලැබෙනවනම් ඉතිං හොඳයි. ඒත් අපි හැමෝම දන්නවා රජයේ ආයතනයකට වැඩක් කරගන්න ගියාම වෙන රස්තියාදුව.

    ඉතිං අඩුම තරමේ ආන්ඩුව දැන් කල යුත්තේ ඉදිරි ප්‍රතිපත්ති සම්පාදනයෙදිවත් මේ කරුනු කාරනා ගැන හිතලා රටේ ආර්ථිකය ගොඩ නංවන්න පුලුවන් විදියෙ ප්‍රතිපත්ති සම්පාදනයක් සිදු කිරීමහි. කොටින්ම මේ බඳවාගන්න උපාධිදාරින් වෙනුවෙන් වියදම් කරන මුදල් රජයට ආවර්ණය කරගන්න පුලුවන් වෙන විදියෙ වගේම ඊට එහා ගිය ආර්ථික දායකත්වයක් ඔවුන්ගෙන් ඔවුන්ගෙ අධ්‍යාපනයෙන්, දැනුමෙන් කුසලතා වලින් රටට ලබා ගන්න පුලුවන් ක්‍රමවේදයක් සකස් කිරීමයි.

    ඒ වගේම රාජ්‍ය සේවකයින් ලබන පත්වීම රටට බරක් නොවී තම සේවය හරියට ඉටු කරන්න අලුත් අදහස් එක්ක රට වෙනුවෙන් වැඩ කරන්න මේ පත්වීම් ලබන හැමෝම මතක තියාගෙන වැඩ කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. මොකද අවුරුදු 26ක් 27ක් වෙනකන් නොමිලේ ඉගෙනගත්තු රටක රස්සාවකුත් රජයෙන් දෙන්න ඕනි කියලා නිකන් බලන් ඉන්න උපාධිදාරියෙක් ඇත්තටම උපාධිදාරියෙක්ද කියන එක ගැන දෙපාරක් හිතන්න ඕනි කාරනාවක්. මේක කියව්වට පස්සෙ ගොඩක් අයට විවේචන තියේවි. එත් අකමැති සත්‍ය අප තේරුම් ගත යුතුයි

    සටහන - ප්‍රණීත් ඉසංක

    දත්ත - ශ්‍රී ලංකා මහ බැංකු වාර්ථාව 2018,2019

    ReplyDelete
  4. මාත දකින්න ඇති ගොඩක් වාමාංශික මතවාද දරන අය ආණ්ඩුවට බනිනව රජයේ රස්සාවල් සහ උපාධිධාරීන්ව ජනපති අතින් අපහාසයට ලක් කරන බව කියමින්. නමුත් මගේ පුද්ගලික අදහස නම් රජය බැඳිලා නැහැ කිසිම කෙනෙකුට "රස්සා" දෙන්න. රස්සා උත්පාදනයට අවශ්‍ය පහසුකම් සැලකීම පමණය රජයේ වගකීම.

    මම දැක්කා දැන් අවුරුදු පහකට විතර කලින් ආපු article එකක්. ලංකාවේ රාජ්‍ය සේවය ලක්ෂ 14 කියලා (මේ ගනන නිවරදි කියලා sure නැහැ). නමුත් ලංකාවේ මිලියන 23ක් වගේ වෙන ජනගහනයට සහ මිලියන 16 ආසන්න workforce එකට මේ ගනන බොහොම වැඩි නැද්ද? රාජ්‍ය සේවය උපරිම workforce එකෙන් 5% අඩු තැබීම තමයී අවශ්‍ය.

    ලංකාවේ රජයට බදු හැරුණාම වෙන ලොකු වට ආදායම් උපයන කිසිම කර්මාන්තයක් නැහැ. ඒ නිසා මාගෙ පුද්ගලික අදහස, රජය පුද්ගලික ව්‍යවසායකයන් හට සුදුසු පරිසරයක් සකසා ඔව්න් නගාසිටුවීමට තුළින් විරැකියාව දුරු කල යුතු බවයි. ජනපති ඉන්න බව පේන්නෙත් ඒ මතයේ වගේ.

    නැතුව ප්‍රතිපත්තියක් නැතිව රජයේ රැකියා දිමෙන් ආර්ථිකය තවත් කඩාවැටීමට සිදුවිය හැකියි කියා මට හිතෙනවා. මේක ගැන සාකච්ඡා කරන්න ඕන.

    ReplyDelete
  5. ඩිසල් ජනක මාෆියාව දේශිය එකකි.
    නමුත් චීනය විසින් හසුරුවන සූර්යකෝශ ජාත්‍යන්තර මාෆියාවක්ද ඇත.
    ලලිත් කරුණාරත්න යනු එහි දේශිය නියෝජිතයාය.

    මම ඔහුගේ නිරුවත හෙලකල බැවින් ඔහු මා ෆේස්බුකියෙන් බ්ලොක් කරලාය.

    ReplyDelete
  6. අවරින් නොනැගෙයි නැගෙන හිරු ....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න