.

.

Jul 9, 2021

බැසිල් රැල්ල.. එන්නේ මොකාටද ?

 


මොකා මොන බයිලේ ගැහුවත්, ඝෝඨා බලයට එන්නේ පෝට්ටුවෙන්‍ය.. ආන්ඩුව ඇතුලේම ඉඳන් කන පතේ රෙණ උන් ඔක්කොමත් ගොඩ ආවේ පෝට්ටුවේ චන්ද වලින් මිස..., උන්ගේ චන්ද වලින් නොවේ.. 

උන් වැඩ්ඩෝ නම් කරන්න තියෙන්නේ, උන්ගේ චන්දවලින් පාර්ලිමේන්තු ඇවිත් සභාග ආන්ඩු හදා, ආන්ඩුව නටවන උන් වීමය.

 එහෙම ආවා නම් මේ වගේ නාහෙන් අඬන්න වෙන්නේ නැතිය. සෞම්‍යමූර්ති තොන්ඩාමන්, M H M අෂ්‍රෆ් කියන්නේ, ඒ වාගේ කොලිටි බඩුය. උන් කවදාවත් නාහෙන් ඇඬුවේ නැතිය. සුපිරිම ඇමතිකම් ගෙන පරම්පරා පිටින් ගොඩ ගියේය.

ඒවා ලියන්නට උනේ, කලින් කීවා වගේම ඉතා සුළු කළෙකින් බලය ලබා ගත් පෝට්ටුවේ පියා ඊයේ පාර්ලිමේන්තුවට පැමිණි නිසාය.

රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර ගැටුම් තියෙනවාද නැද්ද කියන්න අපි දන්නේ නැති උනාට.. ඒ ඒ රාජපක්ෂට අනන්‍ය වූ දායක සභා නම් තිබෙනා බව ඕනම එකෙකුට පෙනෙනවාය. ඒ, මහින්දවාදීන්, ඝෝඨාවාදින්, බැසිල්වාදීන් හා නාමල්වාදින් ලෙසය.

මේ මොහොතේ බැසිල්වාදින් ජයග්‍රහණය සමරමින් ඉන්නා අතර, එයින් වඩාත් තැතිගැන්මකට ලක්ව ඇත්තේ, සදා සොත්ති භවන්තුතේ සිරි ලංකා නිදහස් පක්ෂයේ උකුස්සෝ සැට්ටෙකය. දැන් උන් ඇමතිකම් දමා ඩාර්ලි පාරේ තපසට යන තරමටම කලකිරිලාය.

එසේ වන්නේ නිකන් නොවේ, බැසිල් ලොක්කා මහින්ද අයියා වගේ නෙමේ කියා එයාලා දන්නා නිසාය. මහින්ද අයියා සැළුන් දොරෙන් එන නයි රෙද්ද අස්සේ දාගෙන කිරි පෙව්වාට. බැසිල්, ඒ චක්කා වැඩ කොරන්නේ නෑ කියා එයාලා දන්නවාය.

දැන් රාජපක්ෂ හෝටලයේ මෙන්ම ආන්ඩුවේද හැන්ද තියෙන්නේ බැසිල් අතේය. බැසිල් ලොක්කා පාර්ලිමේන්තුවට සැපත් වන්නේ රනිල් වාගේම ජාතික ලැයිස්තු මන්තිරි කෙනෙක් ලෙසින් නොවේය. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දිවුරුම් දුන් අභිනව මුදල් අමාත්‍යවරයා ලෙස බලවත් චරිතයක් ලෙසය.

දැන් බැසිල්ගේ සැට්ටෙක කියන්නේ, එයාලා නවතින්නේ බැසිල් ජනාධිපතිවරයා බවට කිරීමෙන් අනතුරුව බවය. ඒත් ඒ 2024 ද කවදාද කියා එයාලා කියන්නේ නැති එක කාටත් හොඳය.

මාතලන් නම් සිතන්නේ මේ යන විදියට ගියහොත්, වත්මන් තත්වට අනුව ඝෝඨා නැවතත් ඉදිරිපත් වීම වඩාත් බුද්ධිමත් තීරණය වෙයි කියලාය. මන්ද මේ වන තෙක් ලබා ගත් යම් දෙයක් වේද එහි ගෞරවය  ඝෝඨාට ලබා දිය යුතු නිසාය.

එමෙන්ම රිවර්ස් හෙවත් පසු බැසීම් වලට නොයා, ගන්නා විප්ලවීය තීන්දු නිසි ලෙස ක්‍රියාත්මක කලහොත්, 2024 දී ඝෝඨාගේ ජය අනිවාර්‍යය.

මින් කාබනික පොහොර විප්ලවට ඉදිරි වසර කීපයේදී ජයගත හැකි වුවහොත්, ඝෝඨා ලෝකයේම පැසසුමට ලක්වන ජනනායකයකු වීම කිසිවකුටත් වැලකිය නොහැකිය.

එමෙන්ම 2024 වන විට පෝට් සිටියේ ඉඳිකිරීම් සාර්ථකව සිඳුවේ නම්, එයත් ජයග්‍රහණයේ මාවතක් වනවා නොඅනුමානය.

එමෙන්ම ඊයේ ක්‍රියාත්මක වූවාක් මෙන්, රටේ විරෝධතා තියනා වුන් තරාතිරම නොබලා කූඩුවේම දැමිය යුතුට. වැඩ වර්ජන කරනා උන්  රැකියාවලින් නෙරපිය යුතුය. 

ඕකුන් හා බබා හුකුං කරන්නට යන හැම එකාම කෑවේ පරිප්පුම පමණය. ඕකුන්ට කෙලවන තරමට සාමාන්‍ය ජනතාව කැමතිය. මේ රට ගොඩ දමන්නට බැරි ඔය කාළකන්නින් නිසා බව ජනතාව දැන් දන්නවාය.

ගොබ්බ ආන්ඩු ඕකුන්ට බය වුනාට, සාමාන්‍ය ජනතාව ඕකුන් ප්‍රතික්ෂේප කර බොහෝ කල් වනවාය. ඒ බව ඕකුන්ගේ බලවේග ලබා ගන්නා චන්ද වලින් ගෝනා ඔනෙකුට බලා ගන්නට පුලුවන්‍ ය.

ඒ නිසා...

බැසිල් උන්නැහේ මුලින්ම කල යුත්තේ, ආර්ථිකය දියුණු කොට ජීවන වියදම මිනිසුන්ට දරාගත හැකි පමණට  ගෙන ඒමයි. බැසිල් පාර්ලිමේන්තු  එන්නේත්, ජනතාවට එවන් පොරොන්දුවක් හා බලාපොරොත්තුවක් දීලාය. 

ඒ වෙනුවට රට පුරා කටවුට් ගහමින් පෙර වැරදි නැවතත් කරන්නේ නම්, ඔහු මෙන්ම ගෝලයන්ද කෙලින්නට යන්නේ අමු පිස්සුවක් හා ඝෝඨාගේ ප්‍රතිපත්ති උස්සා පොලොව්වෙ ගැසීමකි.

ඒ වෙනුවට කළ යුත්තේ පූර්ව ළමා විය සංවර්ධනය නොවු බැසිල්වාදී මන්ද බුද්ධිකයින් හා ඬෙගා නටන්නේ නැතිව, මලයාගේ ගමනට ෆුල් සප් එක දී, ජනතාව හා අනෙකුත් පක්ෂ අතර තමන් වෙත ඇති ජන-අප්‍රියතාවය, ජනප්‍රියතාවයක් බවට පෙරලා ගැනීමය. 

ඉන්පසු 2029 දී බැසිල් පහසුවෙන්ම ජයගනු ඇත්තේය..


ඒ වගත් මෙසේය.....


.

21 comments:

  1. බැසිල් රාජපක්ෂ මහතාගේ සුදු සරම අස්සේ රතු පාට ලංකට් එක.

    බැසිල් රාජපක්ෂ මහතාගේ පුකේ නහය තියලා පෙනහළු පිරෙන්න තද හුස්මක් ගමු. ආනේ බැසිල් රාජපක්ෂ මහතාගේ පුකේ පුසුඹ.

    ReplyDelete
  2. හොඳ පෝස්ට් එකක් මාතා, ගොඩක් කරුණු කාරණා ගැන අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම මටත් යම් කරුණු කිහිපයක් කෙටියෙන් විස්තර කරන්න පුළුවන්.

    මාතා ලංකාවේ දැනට පවතින විශාලතම සහ කේන්ද්‍රීය ප්‍රධානතම ප්‍රශ්නය තමයි විදේශ මුදල් සංචිතය සිඳී ගෙවුම් ශේෂ හිඟය සහ ඩොලර් වලට සාපේක්ෂව රුපියල් අවප්‍රමාණ වීම සමග ආනයන සඳහා මුදල් නොමැති වීම සහ ගත් විදේශ ණය ගෙවීමට බැරුව අසරණ වීම. මේ සඳහා වහාම පැරණි ණය සහ වාරික ගෙවන ආකාරය නැවත ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දැනට පවතින සාකච්ඡා සාර්ථක කර ගත යුතුයි. චීන ණය බොහෝ දුරට බැලන්ස් කර ගන්න පුළුවන් වෙයි නමුත් ප්‍රශ්නය වන්නේ පහුගිය යහපාලන රජය සමයේ අතිවිශාල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය ආයතන, සහ යුරෝපයේ පුද්ගලික ආයෝජන ආයතන වලින්, ඉන්දියාව සහ ජපානයෙන් ගත් ණය නැවත ප්‍රතිව්‍යුහගත කිරීම ඉතා අසීරු කටයුත්තක් විය හැකි බව. මොකද මේ අවුරුද්දේ මුලදී ඉන්දියාවට ඩොලර් මිලියන 400 ක් එකවරම ගෙවන්න සිදු වුණා රනිල් සහ මංගල ඇතුළු පිරිස විසින් ආදානි සමාගමට නැගෙනහිර ජැටිය ලබාදීමට එකඟ වූ ගිවිසුම බිඳ වැටීම සමග.

    මේ ප්‍රශ්නයේ මුල ගැන කතා කරනවා නම් 1977 ලංකාවේ බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය 1977 නොවැම්බර් 16 දින රුපියලට ස්ථාවර විනිමය අනුපාතයක් ලබාදෙනු වෙනුවට වෙළඳපොල ඉල්ලුම සහ සැපයුම අනුව එය තීරණය වීමට අවස්ථාව දී රුපියල පාකර හැරීමත් සමගම ඩොලරයක වටිනාකම රු 9 සිට රු16 දක්වා පිරිහුණු අතර එදා සිට අද දක්වා අඛණ්ඩව රුපියල අවප්‍රමාණය වී 2021 ජූලි වන විට එය නිල වශයෙන් රුපියල් 200 සීමාවේ කෘත්‍රිමව තබා ගෙන සිටින නමුත් සැබෑ වශයෙන් රුපියල් 225 පමණ වී තිබේ. ඒ අනුව රුපියල 25 ගුණයකින් පමණ පිරිහී ඇත. නමුත් මේ ගැන ජේ ආර් සහ එවෙලේ රජයට උපදෙස් දුන් ඇතැම් ආර්ථික විද්‍යාඥයින් විශ්වාස කළේ රුපියල් අවප්‍රමාණ වීම සමග ආනයන අඩු වෙලා අපනයන ආදායම ඉහළ යන බවයි. ඒ මතය සත්‍යයක් නම් අපේ වෙළඳ ශේෂය වාසිදායක වී තිබිය යුතුයි.

    නමුත් 1984 දී අපනයන ආදායමෙන් -27% ක් වූ වෙළඳ ශේෂය 2010 දී -40% දක්වා පිරිහී 2019 වන විට -56% තරම් ඉහළ ගියා. 2020 /21 තාවකාලිකව ආනයන අඩු කරගෙන යම් තරමකින් මේ ප්‍රශ්නය පාලනය කරගෙන සිටින නමුත් එය ස්ථිර විසඳුමක් නෙවෙයි.

    මේ ලෙස ලංකාවේ මුදල් ඒකකය අවප්‍රමාණය කළ 1977 - 2019 වසර 42 තුල අපනයන ආදායම යම් තරමකින් වැඩි වී ඇති බව සැබෑවක් නමුත් ඊට වඩා බෙහෙවින් වැඩි වේගයකින් ආනයන වියදම වැඩි වීම නිසා එහි අවසන් ප්‍රතිඵලය වූයේ වෙළඳ ශේෂය තිබුණාටත් වඩා අධික වශයෙන් පිරිහීමයි. මෙයට සරල හේතුව ලංකාවේ ආනයන භාණ්ඩ ඒවායේ මිළ ඉහළ යෑමට සංවේදි නොවීමයි.

    එනම් ලංකාවේ ආනයන වලින් දළ වශයෙන් 60% ක් පමණම ඛණිජතෙල්, පොහොර, රසායනික ද්‍රව්‍ය සහ රෙදි වැනි අන්තර් භාණ්ඩයි.

    ඒ වගේම ආනයන 25%ක් පමණ (2019 වන විට) වාහන, යන්ත්‍ර සූත්‍ර වැනි ආයෝජන භාණ්ඩ, ජංගම දුරකථන, ලැප්ටොප් සහ ටැබ් පරිගණක, රවුටර් ආදී උපකරණ ද මේ වගේ අත්‍යවශ්‍ය ආයෝජන භාණ්ඩයි.

    සාමාන්‍යයෙන් පාරිභෝගික භාණ්ඩ consumer goods ලෙස ඇත්තේ 18% - 20% පමණි. එයින් ද විශාල ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ආනයනය කළ යුතු තිරිගු පිටි, පරිප්පු/ කඩල, ටින් මාළු සහ සීනි වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩයි.

    මේ නිසා ආනයන භාණ්ඩ මිළ කොතරම් ඉහළ ගියත් එයට ඇති ඉල්ලුම අඩු නොවේ. රුපියල අවප්‍රමාණය වීමෙන් සිදු වී ඇත්තේ ආනයන වියදම ඉහළ යෑම පමණයි.

    මේ ලංකාවේ මුදල් අවප්‍රමාණය වීමෙන් පසුගිය යුගයේ සිදුවුණේ වෙළඳ හිඟය අඩුවීම නොව තව දුරටත් විශාල වශයෙන් වැඩිවීම පමණි.

    එනමුත් ලංකාවේ වාසනාට මැද පෙරදිග, දකුණු කොරියාව ආදී රටවල් වල විදේශ රැකියාවන්හි නිරතවී ලංකාවට මුදල් එවන ලාංකිකයින් ඉහළ යෑම, සෘජු සහ වක්‍ර විදේශ ආයෝජන ඉහළ යෑම සහ දැඩි ලෙස විදේශ ණය ලබා ගැනීම සමග වෙළඳ ශේෂයේ පිරිහීම සමස්ත ගෙවුම් ශේෂයට බල නොපා යම්තාක් දුරකට හෝ සමනය කළ හැකි වුවත් ගෝලීය වසංගත තත්ත්වය සමග වර්තමානයේ මතු වී ඇති ලෝක ආර්ථික අර්බූදය හමුවේ එවැනි විදේශ විනිමය ලැබීම් මත තවදුරටත් අපේක්ෂා තැබිය නොහැකියි.

    ReplyDelete
    Replies
    1. ගෝලීය වසංගත තත්ත්වය නිසා ලාංකීය ශ්‍රමිකයින් සඳහා වූ විදේශ රැකියා වෙළඳ පොළ මේ වෙනවිට හැකිලෙමින් පවතියි. 2019 ලංකාවේ විදේශ රැකියා සඳහා රටින් පිටවී ගිය 225,000 වෙනුවට 2020 ගියේ 52,000 ක් පමණයි. මේ වසරේ මෙය කෙසේ හෝ වැඩිකර ගත යුතුයි. ඒ වගේම ගෝලීය අර්බුදය නිසා ඇමෙරිකා සහ යුරෝපයෙන් අපනයන භාණ්ඩ සඳහා තිබූ ඉල්ලුම ඇද වැටීමෙන් ජපානයේ, සහ කොරියාවේ රැකියා වෙළඳපොල බිඳ වැටී ඇති අතර 2020 ඛණිජතෙල් මිළ පහළ යෑමෙන් පසු මැද පෙරදිග රටවල් ගත් ආරක්ෂණවාදී පියවර නිසා ඒ රටවල රැකියා වෙළඳපොල ද සිඳී ගොස් ඇති අතරම ලංකාවට ලැබුණු විදේශ ආයෝජන, ණය සහ ප්‍රදාන ද වියැකි යමින් පවතියි. තව ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ යාම සමග මූල්‍ය ආයතන ණය දීමට මැලි වීම සහ ඉහළ පොළියක් ඉල්ලීම ද ප්‍රශ්නයක්.

      ඒ අනුව මේ අනුව කරුණු කාරණා ගලපා බැලූ විට පෙනෙන්නේ රුපියල අවප්‍රමාණය කලොත් අපනයනකරුවන්ට යම් තාවකාලික සහනයක් ලැබුණත් පොදුවේ ගෙවුම් ශේෂයට සහ එමගින් නිල විදේශ විනිමය සංචිතයන්ට අහිතකර බලපෑමක් ඇතිවන බවයි.

      අනෙක් පැත්තෙන් ඒ සමගම විදේශ ආයෝජන අධෛර්යමත් වීමත් වෙනවා. පසුගිය යහපාලන රජය සමයේ බොහෝ ආයෝජකයන් ලංකාව හැර යාමට හේතුවක් තමයි රුපියල් අවප්‍රමාණ වීම සමග ඔවුන් ලංකාවේ කරණ ආයෝජන නැවත ඩොලර් කරගැනීමේදී වන පාඩුව.

      මේ නිසා පසුගිය වසර කිහිපය පුරාවටම දැඩි ලෙස පහත වැටුණු ලංකාවේ විදේශ විනිමය සංචිත ඉහළ නංවා ගැනීමට කළ යුත්තේ රුපියල අවප්‍රමාණය කිරීම නොව රට තුලට විවිධාකාර නිර්මාණශීලී උපක්‍රමයන් හරහා වැඩි වශයෙන් විදේශ විනිමය ආකර්ෂණය කර ගැනීමට උත්සුක වීමයි.

      මේ වනවිට රජය ක්‍රියාත්මක කර ඇති විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඩොලර් සුරැකුම්පත්හි ආයෝජන කිරීමට ඇරයුම් කිරීම සහ අනේවාසික විදේශ විනිමය ගිණුම් ශේෂ මත ඉහළ ප්‍රසාද පොලී ගෙවීම වැනි උපක්‍රම අතරේ රුපියලට ඇති ඉල්ලුම සහ සැපයුම අනුව එය ස්වාභාවිකව අවප්‍රමාණය වීම වැළැක්වීමට කිසිවෙක් මැදිහත් නොවිය යුතු අතරම රුපියලට ඇති ඉල්ලුම සහ සැපයුම අනුව එය ස්වාභාවිකව අවප්‍රමාණය වීම වැළැක්වීමට කිසිවෙක් මැදිහත් නොවී විදේශ සංචිත ඉහළ නංවා ගැනීම සඳහා අපනයන ආදායම සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීම අවශ්‍යයි. ඒ නිසා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අප කළ යුතු වන්නේ කුමන උපක්‍රමයන් ද යන්න ගැන පුළුල් ලෙස සාකච්ඡා කිරීම අත්‍යවශ්‍යයි.

      Delete
  3. India, Guatemala agree to promote two-way trade, investment
    ANI
    10 Jul 2021, 02:37 GMT+10

    New Delhi [India], July 9 (ANI): Minister of State for External Affairs V Muraleedharan visited Guatemala on an official visit from July 4 to 6 and reviewed the progress in bilateral relations during his talks with Foreign Minister Pedro Brolo.

    The two leaders also discussed regional and multilateral cooperation.

    India and Guatemala agreed to strengthen their relations further by promoting two-way trade and investment.

    This was Muraleedharan's first visit to Guatemala as Minister of State. During the visit, he called on the President of Guatemala Dr Alejandro Giammattei who characterized the bilateral relations as a strong partnership.

    Muraleedharan conveyed to President Giammattei greetings of the Government and the people of India for the 200th Year of Guatemala's Independence.

    "He also met Foreign Minister Pedro Brolo and reviewed the progress in the bilateral relations and discussed regional and multilateral cooperation," a MEA release said on Friday.

    Muraleedharan along with Tony Malouf, Minister of Economy of Guatemala, and Amb. Shirley Aguilar, Vice Foreign Minister, interacted with the business community including the Heads of Chambers of Commerce and Industry of Guatemala.

    "During the meetings, both sides agreed to strengthen their relations further by promoting two-way trade and investment in areas such as IT, BPOs and tourism," the release said.

    It said that due to unavoidable circumstances, Muraleedharan could not visit Jamaica and The Bahamas.

    "His visit to these two countries would be rescheduled at mutually convenient dates," the release said. (ANI)

    ReplyDelete
  4. මාතේ,

    හුග කාලකට පස්සේ කොමෙන්ටුවක් කොටන්නේ, මටනම් කියන්න තියෙන්නේ මෙච්චරයි, දැන් කිව්වනේ බැසිල් ආවට පස්සේ සියල්ල විසදෙනවා කියල, මෙය බුද්ධිමත් කියන මිනිසුන් විහිලුවකට ගත්තත් මට තේරෙන විදියට එම කියමනේ යම් ඇත්තක් තිබෙනවා, එක වෙන්නේ මෙහමයි දැන් මෙච්චර කල් බැසිල් ලොක්ක හොරකම් කල මුදල් ලංකාවේ කොටස් වෙලදපොලේ ආයෝජනය කරනු ඇති මේ අතිවිශාල මුදල ලංකාවට ආපු ගමන් රටේ විනිමය ප්‍රශ්නය විසදෙයි.

    මේ රැල්ල මගින් විදේශික ආයෝජකයන් ගෙන්වීමයි මොවුන්ගේ සැලැස්ම, හැබැයි ලොක්ක මතකතියාගනින් මේ කරන්නේ කළු සල්ලි ටික සුදුකරන ක්‍රමයක් කියල, එහෙමෙ උනත් මේ වෙලාවේ රටට හොදක් වෙයි උබ ලංකාවේ කොටස් වෙළදපොල දිහා බැලුවනම් මේ රැල්ල තේරුම් ගන්න පුළුවන්.

    දැන් මම කියන්නම් මේ විදියට ආර්ථිකයට විදේශ මුදල් ගෙන එන්න බැරිඋනොත් මොකද වෙන්නේ කියල, එහෙම උනොත් රට ඉක්මනින් බංකොලොත් වෙනවා.

    මේ බන්කොලොත් වෙනවා කියන දේ රටේ හුදී ජනයාට තේරුම් කරන්න වෙනවා, රට බංකොලොත් උනොත් මුලින්ම වෙන්නේ වාණිජ බැංකුවල තියන ඉතුරුම් ටික මහජනයාට ලබාගැනීමට සිමා පැනවීමත් ඉන්පසු ජනතාවගේ ඉතුරුම් වලින් සැලකියයුතු මුදලක් රාජසන්තක කිරීමයි.

    හැබැයි මෙහෙම උනොත් එක තමයි රටේ පාලකයාගේ අවසානය මේ නිසා මෙසේ නොවීමට ලංකාවට ඩොලර් බොලියන කීපයක් බැසිල් ලොක්ක තම පොකට්ටුවෙම්ම දායි.

    ReplyDelete
    Replies
    1. අනේ තෝ වගේ මැටි මෝලෙක්

      Delete
    2. @ !!ලංකා සිතුවිලි!!July 9, 2021 at 6:50 PM

      බැසිල් රාජපක්ෂ හෝ ලංකාවේ සියලුම ආකාරයේ දේශපාලකයන් ඩොලර් බිලියන ගණනක් හොරකම් කිරීමට කිසිම ඉඩක් නෑ. ලංකාවේ සමස්ත ආර්ථිකය ඩොලර් බිලියන 80 ගණන් වල තිබුණත් එයින් රාජ්‍ය ආයතන වල නිෂ්පාදිතය සහ රජයේ ප්‍රාග්ධන වියදම් ඉතා කුඩා කොටසක් බවත් වැඩිපුරම මුදල් ගැවසෙන්නේ පුද්ගලික අංශයේ බවත් ඔබ දන්නවා ඇතිනේ. රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසට සෑහෙන චෝදනා එල්ල වූ බැඳුම්කර සීන් එක ඩොලර් මිලියන 50ක පමණ කුඩා එකක්. ලංකාවේ සැබෑ ප්‍රශ්නය ඊට වඩා බෙහෙවින් වෙනස් එකක්.

      ලංකාවේ සමස්ත රාජපක්ෂ පවුලම අයථා ලෙස උපයා ගෙන ඇතී මුළු මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් විතර වෙන බව තමයි ලංකාවේ සහ විදෙස් ප්‍රවීණ ගණකාධිකාරී, මූල්‍ය විශ්ලේෂකයන් වැනි වෘත්තීයවේදීන් විසින් පවසා තිබුණේ. මේ මුදල උපරිම වශයෙන් ඩොලර් මිලියන 500 කට අඩුයි කේ පී සහ එල් ටී ටී එකේ මුදල් ද ඔවුන් විසින් අත්පත් කරගෙන තියෙන බවත් සලකලා බැලුවම. අනෙක් අතට ඒ මුදලින් භාගයකට වඩා 2015 දී පමණ මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, රවී, මලික් සමරවික්‍රම, මංගල සමරවීර, රාජිත සේනාරත්න, චම්පික රණවක, අනුර කුමාර සහ විජිත හේරත්, රංජන් රාමනායක ඇතුළු සෑහෙන පිරිසක් අතර බෙදා දීමට සිදු වුණා නඩු වලින් බේරීමට.

      තවත් විශාල මුදලක් වියදම් වුණා 2018, 2019 සහ 2020 මැතිවරණ කැම්පේන් වලට සහ දිලිත් ජයවීර වැනි අය විසින් මෙහෙයවූ අලෙවිකරණ ව්‍යාපෘතිවලට.

      බැසිලිකා උන්නැහේට ඩොලර් බිලියන ගණනක් තියෙනවා නම් බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200 ක් swap කරලා ලංකාවේ ගොන් හැත්තට චාටර් වෙන්නේ නෑ. බොන්ඩ් ඉෂූ කරලා වෙන කෙනෙක් ගේ නමට අරන් තත්ත්වය පාලනය කරනවා. බංග්ලාදේශය දකුණු ආසියාවේ වේගයෙන් දියුණු වෙන බලවත්ම රට, ආර්ථික සංවර්ධන මොඩලය ඉන්දියාවටත් වඩා සෑහෙන්න හොඳයි.

      ඒ වගේම ලංකාවේ ආර්ථිකය ගොඩ දාගන්න නම් ලංකාවට මේ වෙලාවේ විශාල රිස්ක් එකක් ගන්න වෙනවා, IMF හරි ඇමරිකන් එක්සත් ජනපදයේ ලෝන් එකකට ගියොත් කොන්දේසි අනුව බදු වැඩි කරලා රටේ ආර්ථිකය හැකිලීම වෙන නිසා නැවත ඒ අයගේ උපදෙස් මත වැඩ කරන්න ගිහින් 2016 - 18 කාලේ වුණා වගේ ආර්ථිකය හැකිලී, කඩා බිඳ වැටීම තවත් බරපතල ලෙස සිදු වෙනවා. මේ නිසා ආණ්ඩුව විකල්ප මාර්ග හොයන බව පේනවා නමුත් තාම ඒ ගැන පැහැදිලිව විනිවිදභාවයකින් යුතුව කරන වැඩපිළිවෙළක් පේන්නේ නෑ. ඔබ ඒ ගැන හිතන්නේ මොකද? මට නම් ඔය බැසිලිකා උන්නැහේ, කබරරාල කබ්බා සහ පීබී මුත්තා වගේ අය ගැන ඒ හැටි පැහැදීමක් නෑ.

      රජය මේ වෙනකොට ලංකාවේ පාඩු ලබන රජයේ ආයතන ගැන දැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. උදා: ලංකාවේ ගුවන් සේවය Air Lanka කාලෙත් රාජ්‍ය ආයතනයක් විදියට ලාබ ලැබුවා. එහෙම තියෙත් දී තමයි 1998දී ජාතික ගුවන් සේවය වැඩි කොටස් එමිරේට්ස් සමාගමට විකිණුවා. ඒකන් පස්සෙ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් වුනේ. ඊට පස්සෙ අපේ ජාතික ගුවන් සේවය වැඩි ආදයම් වාසි ගියෙ ලංකාවට නෙමෙයි එමිරේට්ස් සමාගමට. ඒ අය නම වෙනස් කරලා ලංකාවේ ගුවන් සේවය හකුළා හැර කුඩා ලාභයක් දක්වා අඩු කරලා එමිරේට්ස් කියන අලුත් ගුවන් සේවාව ලෝකයේ දැවැන්ත ගුවන් සමාගමක් ලෙස ගොඩ නැගුවා. හැබැයි 2008දී නැවත ජාතික ගුවන් සේවය රජයට පවරා ගත්තට පස්සෙ ඒක ආපහු ගොඩගන්න බැරි තරම් වැටිලා තිබුණා. නමුත් එවකට ආණ්ඩුව විශාල මුදලක් වියදම් කරලා අලුත් ගුවන් යානා සහිතව නවීකරණය කළත් අනිත් පැත්තෙන් රාජපක්ෂ රජය සහ පසුව ආපු යහපාලන රජය යන දෙකෙන්ම ඒකේ පරිපාලනයට නුසුදුසු දූෂිත පුද්ගලයන් පත් කළනිසා අදවෙන කොට අපේ ජාතික ගුවන්සේවය තව තවත් පාඩු ලබන තත්වයට පත්වෙලා තියෙන්නෙ. ඇත්තටම අපේ රජයේ ගොඩක් ආයතන රජයේ අයිතිය යටතේ තියෙත් දී පාලනය පුද්ගලික අංශයේ දක්ෂ ව්‍යවසායකයන්ට දීලා හොද ලාභ ලබන ආයතනය බවට කරන්න පුලුවන්. Air Lanka ලෙස තියෙන කාලේ රජයේ පාලනය දී ආයතනය ලාබ ලැබුවානේ. මෙතන දි සිදුවිය යුත්තෙ රජය විසින් ජාතික ගුවන් සේවය පරිපාලනයට ඒ ක්ශේත්‍රයේ ප්‍රවීන දැනුම තියෙන පලපුරුදු සුදුසු පුද්ගලයන් පත්කිරීම. එසේ කිරීමෙන් රාජ්‍ය ආයතනය විදිය ජාතික ගුවන් සේවය ලාබ ලබන රාජ්‍ය ආයතනයක්. ඒවගේම ඒ ලැබෙන ලාබය රටට ලැබෙන්නෙ. වර්තමාන ජාතික ගුවන් සේවය පාඩුව වැඩිවීමට හේතුව කොවිඩ් වසංගතය නිසා ගුවන් ගමනාගමනය සීමා වුනා. ඒ නිසා ලෝකයේ සමස්ථ ගුවන් ක්ශේත්‍රයට ලොකු පාඩුවක්. ඒක ශ්‍රි ලංකන් එයාර් ලයින්ස් ආයතනය දැඩි ලෙස බලපානවා. මේ වගේ තමයි අනෙක් රජයේ ආයතන ගැනත් කියන්න තියෙන්නේ. ඔබ මීට වඩා වෙනස් විදියට දකිනවා නම් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

      Delete
    3. LANKA sithu willie,

      ඔබ කියන දේ වලට අමතරව තවත් දෙයක් තමයි රනිලාගමනයත්, බැසිලාගමනයත් යන කාරණා දෙකම එකපාරටම සිද්දවෙන්නේ ඇයි කියන දේ.

      ඒ වගේම මේ දවස් වල ජනාධිපතිවරයාට එරෙහිව ආණ්ඩුවේ කට්ටිය සහ විපක්ෂයේ යන දෙකෙන්ම පහර දීමට හේතුව පැහැදිලි ඇති. ඒ අනුව රාජපක්ෂ මිතුරු හිටපු අගමැති රනිල්ගේ පළමු පාර්ලිමේන්තු කතාවේ ප්‍රහාරය කෙලින්ම හමුදාපති ෂවේන්ද්‍රට සහ ගෝඨාභය ජනාධිපතිවරයාටයි. රනිල් තම කතාවේදී මහින්ද අගමැතිට යෝජනාකරන්නේ 'ඔබ මේක අතට ගන්න අපි මෙතනදී මේක කතාකරමු' කියාය. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට බලය ගන්න කියායි.

      කොටින්ම රනිල්ගේ මුළු කතාවම 'ජනාධිපතිවරයා' ඉලක්ක කල ප්‍රහාරයක්. ඒ අනුව රනිල් නොකියා කියන්නේ ඔයාල එක්ක ප්‍රස්නයක් නෑ, ගෝඨාභය යන විදිය හොඳනෑ කියායි. මේක ජාත්‍යන්තරයට ආතල් මාකටිං පාරක්.

      බැසිල් එන්නේ ඊට පසුවයි. බැසිල්ගේ ආගමනයත්, ඔහුට දුන් අමාත්‍යංශයෙනුත් සෘජුව පහර වදින්නේ ජනාධිපතිවරයාගේ ආර්ථික මොළය සහ බලය වන පී.බී ජයසුන්දරටයි. බැසිල් ඉදිරියේ පී.බී ට ඇති say එකක් නැහැ.

      ඒ වගේම ජනාධිපතිවරයාගේ පාර්ශවය වෙනුවෙන් කෙලින්ම පෙනීහිටි විමල් සහ උදයට බැසිල් පැමිණීමෙන් පැහැදිලි පණිවිඩයක් දී ඇත. එනම් 'New Sheriff in Town, බී කෙයාපුල්' කියලයි.

      ඔයවගේ බැසිල්ගේ සහ රනිල්ගේ එක්වර පාර්ලිමේන්තු ආගමනයෙන් කාරණා දෙකක් පැහැදිලියි. බැසිල් එන්නේ ජනාධිපතිවරයාගේ කේන්ද්‍රීය බලයෙන් රිදුණු මන්ත්‍රී ඇමති සිත් සුවපත්කොට 2025 ට ලෑස්තිවීමටයි. පක්ෂ අභ්‍යන්තර ස්ථාවරත්වයත්, පක්ෂය තුල තම පවුලේ බලයත්, ආර්ථිකට ගේමක් ගසා පහල ස්තරයට සල්ලි පොම්පකරන පැලැස්තර ආර්ථික ව්‍යාපෘතියත් බැසිල් තරම් කාටවත් බැහැ.

      පාරවල්, බෝක්කු කොන්ත්‍රාත් වල සිට කුඩා පරිමාණ ව්‍යාපෘති හරහා පහල ස්ථරයන්ට සල්ලි පොම්ප කිරීමේ ඔහුගේ ආර්ථික ව්‍යාපෘතියයි. එමඟින් ප්‍රාදේශීය සබා මන්ත්‍රීගේ සිට ෆුට්බෝඩ් එකේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීලා දක්වාත්, පක්ෂයට උදව්කළ පාක්ෂික හිතවතුන්ටත් කීයක් හෝ සාක්කුවට දමා නඩත්තු කිරීමට හැකිවෙයි. ඒ ලෝකල්, ඩොමෙස්ටික් ගේමයි.

      ඊළඟට අනික් පැත්තෙන් රනිල් එන්නේ ඉන්ටර්නැසනල් රෙපියුටේසන් එක වෙනුවෙන්. රනිල් පාර්ලිමේන්තුවේ සිටීමම සමස්ත රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරට විශාල රුකුලක්.

      ඒ අනුව රනිල් ආන්ඩුවට වේවැලෙන් ගහන්නේ පාරවල් හිටින්නට විතරයි. ඔහු ආණ්ඩුට ලේ එන්නට යකඩ පොලු වලින් තුවාල කරන්නේ නැහැ. නමුත් ඔහුගේ ඒ කුඩා ප්‍රහාර ජාත්‍යන්තරයට විශාල අස්වැසිල්ලක්. ඒ රනිල් කාලයක් තිස්සේ ගොඩනගාගෙන සිටින ජාත්‍යන්තර ප්‍රතිරූපයයි. සටකපට මහින්දට සහ බැසිල්ට රනිල් පාර්ලිමේන්තුවට අවශ්‍ය ඒ නිසායි.

      ඔබ අහල තියනවා නේද;

      'කලල (මඩ) ගිළුණ මත වරනිඳු ගොඩ ගනිත - තුමුල බලැති ගිජිඳෙකු මිස අන් කෙවත' කියල සුභාෂිතයේ කවියක්. එනම් මඩේ ගිළුණු ඇතෙක් ගොඩට ඇද්ද හැක්කේ තවත් ඇතෙකුටම පමණයි.

      දෙදෙනාම පාර්ලිමේන්තුවට එන කැම්පේන් එක මේකයි. රනිල් සහ බැසිල් මාසයක පරතරයකින් පාර්ලිමේන්තු එන්නේ ජනතා ඉල්ලීමකින් හෝ ජනතාවගේ පත්කිරීමකින් නොව 'බලය' නඩත්තුව වෙනුවෙන් 'බලයේ' අවශ්‍යතාවක් ලෙසටය. තමන් විසින්ම අසමබර කරන ලද රාජ්‍යයේ බලය තමන්ම 'සමබර' කිරීමේ ලේන් වලිගයෙන් මුහුද ඉසීමේ උත්සාහයේ පළවෙනි උත්සාහය ඕක බව මගේ අදහසයි.

      ඒ වගේම රාජ්‍ය බලයේ 'සමබරතාව' GSP PLUS දක්වාද, රිදුණු ඇමරිකා සිත සුවපත් කිරීම දක්වාද, ඇමරිකානු හිත නොරිදවා ඉංදියාවට තෙල්ගා අතගෑම දක්වාද, චීනයට පතිවෘත්තාවම දන්දීම දක්වාද ව්‍යාප්ත වනු ඇති.

      එයිට අමතරව දෙපැත්තකින් එන්නේ එකම 'ගෝල්' එකට ගහන ක්‍රීඩකයන් දෙදෙනෙක්.

      මේ වගේම එම දෙදෙනාගේම පැමිණීමේ මූලිකම පරමාර්තය නම් 1948 සිට 71 වසරක් පැවතගෙන එන කුජීත දේශපාලනික සංස්කෘතිය නැවත වෙනත් මුහුණුවරකින් ශක්තිමත් කිරීමටයි.

      එතකොට රනිල් වික්‍රමසිංහ ජූනි 23 පාර්ලිමේන්තුවට එන අතර ජූනි 24 දුමින්ද සිල්වා නිදහස ලබයි. ජූලි 8 බැසිල් පාර්ලිමේන්තුවේ දිව්රුම් දෙන අතර එදාම කොතලාවල අධ්‍යාපණ පීඨයට එරෙහිව කොළඹ උද්ඝෝෂණයක් සංවිධානය වෙයි. පොලීසිය ඊට නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරයි. ජ.වි.පෙ උද්ඝෝෂණ කරලියට එන අතර අනුර පාර්ලිමේන්තුව දෙවනත් කරයි. වමේ සොයුරු සොයුරියන් නිරෝධායනයට යවා අද අද සිට සංචරණ සීමාවල් ලිහිල් කරයි. රනිල් මහින්ද රාත්‍රී ආහාර ගන්නා පිංතූර එලියට එයි, කවරනම් අහම්බද?

      පුදුමය නම් දේශපාලනයේ නැත්තේම අහඹු සිදුවීම් වීමයි, WWE ක්‍රීඩාව ඇරඹී ඇත. අප බලා ආතල් එකක් ගමු සිතුවිලි මිත්‍රයා...

      Delete
  5. බැසිල්ට දැන් හැත්තෑවයි. 2029 දි හැත්තෑඅටයි. කමක් නැද්ද?

    ReplyDelete
  6. මාතා,

    ලංකාවේ පහුගිය කාලයේ විවේචනයට ලක් වූ නෙළුම් කුළුණ ඉදිකිරිම සඳහා තෝරාගත් කොන්ත්‍රාත් සමාගම් දෙක චීන සමාගම් වූ අතර මෙය ඉදිකිරීම සඳහා චීන එක්සිම් බැංකුව ණය මුදලක් ලබාදී තිබෙනවා.

    නෙළුම් කුළුණේ මුළු ඉදිකිරීම් වියදම ඩොලර් මිලියන 104 ක් වන අතර මෙයින් මිලියන 84 ක් විතර චීන ණය ඉතුරු මිලියන 20 - 21 අතර මුදල ලංකාවේ ආණ්ඩුවේ මුදල් වලින් වියදම් කරලා තියෙනවා. (වඩාත් නිවැරදිව කිවහොත් චීනයේ එක්සිම් බැංකුව ව්‍යාපෘතියට යන මුදලින් 80%ක් ද ඉතිරි මුදල විදුලි සංදේශ නියාමන කොමිසම ද යෙදවීමට එහිදී තීරණය කරපු සැලසුමට අනුව කෙරුණේ නෙළුම් කුළුණ මගින් ලබාගන්නා ආදායමෙන් වසර 40කින් එම ණය මුදල ගෙවීමට. හැබැයි දින 912කින් 2015 වසරේ ඉදිකිරීම් අවසන් කිරීමේ අරමුණින් වැඩ ආරම්භ කළත් ඊට වසර 7ක් ගත වුණා).

    හැබැයි මේකට ආපු ලොකුම ප්‍රශ්නෙ තමයි ඉන්දීය "සැකය", නැත්නම් චීනය මෙම ඉදිකිරිම සඳහා සම්බන්ධ වීමත් සමග ඉන්දියාව මෙම කුළුණ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර (විශේෂයෙන්ම ඉන්දීය ජඩ මාධ්‍යවල මෙම කුළුණ දකුණු ආසියාවේ ආවේක්ෂණ කටයුතු සඳහා භාවිත කිරීමට චීනය සුදානම් වන බවට ද වාර්තා පළකරමින් තිබුණේ. එහෙත් එම චෝදනා ඉදිකිරීම් සමාගම් විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබ තිබූ අතර එවැනි කිසිදු උපකරණ එහි නොමැති බව ඔවුහු අවධාරණය කළා. මෙහි හිමිකාරත්වය ඇත්තේ චීනයට නොව ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසමට බව ද චීන සමාගම එම චෝදනාවට ලබාදුන් පිළිතුරුවල සඳහන් වේ.) මීට එරෙහි වුණා.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම දැනට දකුණු ආසියාවේ ඇති උසම ගොඩනැගිල්ල වන මේකේ අකුණු සන්නායක කණුව ද සහිතව 'නෙළුම් කුළුණේ' සම්පූර්ණ උස මීටර 356ක් ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේ ද උසම කුළුණ ලෙස පැවතුන නමුත් දැනට ලංකාවේම ඉදිකිරීම් ආරම්භකර ඇති 'වන් ටවර්' ව්‍යාපෘතියට අනුව ඉදිවන ගොඩනැගිල්ල මීටර් 376ක් ලෙස සැළසුම් කර ඇති නිසා එහි ඉදිකිරීම් අවසන්වූ පසු දැනට ලංකාවේ සහ දකුණු ආසියාවේ උසම ඉදිකිරීම ලෙසට 'නෙළුම් කුළුණට' ලැබී ඇති පිළිගැනීම කොළඹ 01 කලාපයේ ඉදිකෙරෙන 'වන් ටවර්' වෙත හිමිවේ.

      පහුගිය රාජපක්ෂ පාලන සමයේ 2012 දී නෙලුම් කුළුණේ ඉදිකිරීම් ආරම්භ වූ බැවින් ව්‍යාපෘතිය පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලකයන් විවිධ අදහස් පළකර තිබේ. ඒයින්, ජනතාවට අතර දැඩි ලෙස කතාබහට ලක්වූ ප්‍රකාශයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් "ඔය නෙළුම් කුළුණ හොඳයි අපිට පැනලා මැරෙන්න" යනුවෙන් කරන ලද ප්‍රකාශයයි.

      මේකේ සම්පූර්ණ කතාවේ "ආණ්ඩුව පම්පෝරි ගහනවා. රටේ සංවර්ධනයක් වුණා කිව්වට අපිට වුණ සංවර්ධනයක් නැහැ. ඔය නෙළුම් කුළුණ හොඳයි අපිට පැනලා මැරෙන්න. ඒකේ උඩ හෝටලයක් තියනවාලු. ඒ හෝටලය කැරකෙනවලු. දැන් ඌව පරණගම ඔබට මොකටද මේක? මෙතන මේ කහට කෝප්පයක් බොන්න නැතිව ඉන්න අපිට ඕකට ගිහිල්ලා තේ කෝප්පයක් බොන්න පුළුවන්ද? ඒවා හදන්නේ අපිට නෙවෙයි. මේවා හදන්නේ වෙන පම්පෝරී ගහන වෙන පන්තියකට" ඌව පරණගම ප්‍රදේශයේ රැස්වීමක් අමතමින් ජවිපෙ කියුවේ.

      ටිල්වින් සිල්වාට අමතරව ලංකාවේ අසාර්ථකම මුදල් අමාත්‍ය ලෙස දැඩි ජනතා අප්‍රසාදයට පත් වී පසුව පාර්ලිමේන්තු මැතිවරණයේදී කුජීත ලෙස ඇපත් නාමයෝජනා ද නොලැබී මහජනතාව විසින් දේශපාලනයෙන් ඉවත් කර පළවා හරිනු ලැබූ පින්සිරි මන්ගල සමරවීර නමැත්තා ද 'නෙළුම් කුළුණ', "පාගා කුළුණ" ලෙස හඳුන්වා කළ ප්‍රකාශය ද එවකට එජාපයේ පාක්ෂිකයන් අතර යම් කතාබහක් ඇතිවිය. ඒ 'නෙළුම් කුළුණ' වෙනුවට "පගා කුළුණ" ලෙස එය නම් කළ යුතු බවට ඔහු කළ යෝජනාව හේතුවෙනි. "පොහොට්ටුව යනු පගා ගැසීමේ සංකේතය" ලෙස හඳුන්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයට චෝදනා කරමින් ඔහු එලෙස මාධ්‍ය වලින් කයිවාරු ගැසූ අතර කෙසේ වෙතත් රාජපක්ෂ පාර්ශ්වය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා.

      'නෙළුම් කුළුණ' ඉදිකිරිම් කරමින් යන අතර පහුගිය යහපාලන රජය සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා 'නෙළුම් කුළුණ' ගැන පුවත්පතකට කළ ප්‍රකාශයද අවධානයට ලක්වුණේ "ඒ අසලින් යද්දී මම නෙළුම් කුළුණ දිහා බලනවා. දැන් බොම්බයි ලුණු ගෙඩියක් සුද්ද කරලා අනෙක් පැත්තට තැබුවා වගෙයි තියෙන්නේ. නෙළුම් මලේ පාට නෙවෙයි. ඒ ඇයි කියන්න මම දන්නේ නැහැ, ඒකටත් හේතුවක් ඇති" කියලා.

      Delete
    2. මේ වගේම එය ඉදිකිරීමේදී ලංකාවේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් 80 දෙනෙකුගේ පමණ සහය ව්‍යාපෘති සැළසුම් කිරීමට සහ ඉදිකිරීම් අධීක්ෂණයට හිමිවූ අතර මෙම ව්‍යාපෘතියට නිල උපදේශන සැපයීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් තෝරාගනු ලැබුවේ මොරටුව විශ්වවිද්‍යාලයයි.

      ඒ අනුව මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිමල් සිල්වාගේ සංකල්පයක් අනුව හැදුනු නෙළුම් කුළුණ සැලැස්ම ඔහු තමයි චීන සමාගමට දෙන්නේ. නෙළුම් කුළුණේ ව්‍යුහ ඉංජිනේරු කිත්මල් පෙරේරා අදහස් දක්වමින් කියුවේ සැලසුමේ සිට ඉදිකිරීම් අවසන් වන තෙක් මෙහි සියලු ඉදිකිරීම් මෙම විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ නිර්දේශය මත සිදුවූ බවයි. "හුළඟට මේ කුළුණ වැනෙනවා හැබැයි අපිට ඒක දැනෙන්නේ නැහැ. ඒ විදිහටයි මේක හදල තියෙන්නේ" ව්‍යුහ ඉංජිනේරු කිත්මල් පෙරේරා සඳහන් කලා. තව "භූමිකම්පා, අධික සුළඟට ඔරොත්තු දෙන විදිහටයි මේක අපි හදල තියෙන්නේ ලෝකයේ නවීනතම උස ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණය යොදාගෙන" කියලත් කියනවා.

      ඒ වගේම පවතින වසංගත තත්ත්වය අවසන් වන විගස දේශීය හා විදේශීය සංචාරකයන්ට විවෘත කිරීමට කටයුතු කරන මෙහි අවසන් කිරීමට වැඩ කටයුතු තවත් සුළු ප්‍රමාණයක් ඇති බව එහි ප්‍රධානියෙකු පහුගිය දවස් වල දෙරණ මාධ්‍යයේ වාර්තා වැඩසටහනක දී කියුවේ. ඉදිකිරීම් අවසන් නමුත් මෙහි ඇතුළත ඇති අවන්හල් වැනිදේ ක්‍රියාත්මක වීම තවමත් ආරම්භ කර නොමැති අතර මෙම කටයුතු පාලනය කිරීම සඳහා රජයේ සමාගමක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවුයේ ද මෑතකදී. මේ ව්‍යාපෘතිය ගැන හිතන්නේ මොකද මාතා? සංචාරක ව්‍යාපාරය සඳහා මේක මහත් සේ උදවු වනු ඇත කියලා රජය හිතන්නේ ඒක ඇත්ත ද කියලා මට නම් ෂුවර් නෑ. මේ ඩොලර් මිලියන 104 ක පමණ මුදල ලංකාවේ ආණ්ඩුවේ වියදම් එක්ක බලනකොට ඉතාමත් සුළු මුදලක්, නමුත් ඒකෙන් හැකි ඉහළතම ප්‍රතිලාභ සහ උපරිම ප්‍රයෝජන ලබා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක්. ඒ සඳහා ලංකාවේ ආණ්ඩුව වලට බල කල යුතුයි.

      Delete
    3. බල කළ යුතුයි කියල අපිටම කියන්නේ උඹ ඒක කරපංකෝ මෙතන නහින්නෙ නැතුව

      Delete
    4. බල කළ යුතුයි කියල අපිටම කියන්නේ උඹ ඒක කරපංකෝ මෙතන නහින්නෙ නැතුව...../////

      AnonymousJuly 9, 2021 at 9:01 PM ..අනෙ මට ලැජ්ජයි ළමයො.....

      Delete
    5. @ Anonymous July 9, 2021 at 9:01 PM

      ඔබ කියන දේ වල සත්‍යයක් තිබුණත් කොළඹ නෙළුම් කුළුණේ මූලික ආදායම් මාර්ග වනු ඈත්තේ සංචාරක ව්‍යාපාරය සහ සම්ප්‍රේෂණ ඈන්ටනා බදු දීම විය යුතුයි. මෙම කුළුණට ගුවන් විදුලි සහ රූපවාහිනී සම්ප්‍රේෂණ ඇන්ටනාවක් ලෙස ක්‍රියාත්මක වීමට හැකියාව පවතින බැවින් රූපවාහිනී සේවා 50 කටත් වඩා වැඩි ප්‍රමාණයකට, තව ටෙලි-සන්නිවේදන සේවා ආයතන 20 කටත් වඩා වැඩි ප්‍රමාණයකටත් පහසුකම් සැපයීමට ඕකට ලේසියෙන්ම කරන්න පුළුවන් වෙයි. ඒ නිසා ඔය මුදල රිකවර් කර ගැනීම අමාරු නෑ.

      ලිෆ්ට් පහක් තියෙන මේ කුළුණේ පළමු හා දෙවන තට්ටුවල සන්නිවේදන
      රූපවාහිනී හා ගුවන් විදුලි හා ජංගම දුරකතන ආයතන ඉදිකර ඇති බවත් තුන්වන තට්ටුවේ උත්සව ශාලාවක්, හතරවන තට්ටුවේ කරකැවෙන රෙස්ටුරන්ට් එකට අමතරව 4 වන පස්වන සහ හය වන තට්ටු වල මේන්ටේනන්ස් නඩත්තු අංශ සහ හත්වන 7 වන මහලේ නිරික්ෂණ වේදිකාවක් තියෙනවා කියලා බලාගන්න පුළුවන්. මම ගිහින් බැලුවා 2017 විතර ලංකාවට ආපු වෙලාවක.

      මේ ටවර් එක දියුණු කරන්නට ලොව පුරා ඇති මේ හා සමාන විවිධ ටවර් වලින් ආදර්ශ රැසක් ගන්න පුළුවන්.

      මම දැකපු මේ වගේ ඒවාවලින් තෝකියෝ කුළුණ, මුම්බායි රූපවාහිනී කුළුණ, තෝකියෝ ස්කයිට්‍රී වගේ ඒවා ඉතාමත් සාර්ථකව කරගෙන යනවා ලංකාවට වඩාත්ම ගැලපෙන මුම්බායි ටීවී ටවර් මොඩල් එක මම හිතන්නේ. ඒක මුම්බායි වල වෝලි (Worli) වල පිහිටුවා තිබෙන රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුණක්. මෙම කුළුණේ හිමිකාරීත්වත ඉන්දියානු රජයේ රූපවාහිනී ආයතනය වන දූර්දර්ශන් සතුවේ. කුළුණේ සමස්ථ උස මීටර 300 ක්. ලංකාවේ ටවර් එකට වඩා පොඩියි

      ඒ වගේම වඩාත් විශාල තෝකියෝ ස්කයිට්‍රී කුළුණ ජපානයේ සුමීදා නගරයේ පිහිටා ඇති අතර එය අවන්හලක්, නිරීක්ෂණ කුළුණක් හා රූපවාහිනී / ගුවන්විදුලි සම්ප්‍රේෂණාගාරයක් ලෙස භාවිතා කරනවා. 2010 දී එය එවකට ජපානයේ උසම ටවර් එක වූ අතර 2011 මාර්තු මාසේ ස්කයිට්‍රී කුළුණ එවකට ලෝකයේ උසම කුළුණ බවට පත්ව තිබූ කැන්ටන් කුළුණ අභිභවා යමින් සිය උපරිම උස වන මීටර් 634ට ළගාවුණත් පසුකාලීනව මීටර් 829.8ක උසකින් සමන්විත ඩුබායි Burj Khalifa කුළුණ ඉදීකිරීමත් සමග ටෝකියෝ ස්කයිට්‍රී කුළුණ ලොව උසම කුළුණු අතරින් දෙවන ස්ථානයට පත්වුණා.

      ලංකාවේ වගේ ආණ්ඩුවේ මුදල් වලින් නොව විශාල වාණිජ ව්‍යාපෘතියක ප්‍රධාන අංගය වූ මෙම කුළුණ නිර්මාණය සදහා තෝබු දුම්රිය සමගම හා NHK (ජපන් විකාශනාගාර සංස්ථාව) මූලික කරගනිමින් තවත් විකාශන ආයතන 6ක් අරමුදල් සම්පාදනය කළේ.

      Delete
    6. ඒ වගේම තෝකියෝ නගරයේ ස්කයිට්‍රී ටවර් එක විවෘතවීම සිදුවීමත් සමගම වාර්තාගත ලෙස මහජනයා සතියක පමණ කාලයක් ප්‍රවේශපත් මිලදී ගැනීම සදහා පෝලිම් වල රැදී සිටියා. මෙය විවෘතවීමත්, මහජනයා නැරඹිමට පැමිණීමත් හේතුවෙන් පළමු මස දෙක ඇතුලත කුළුණ මුදුනේ කිසිදු ඉඩකඩක් නොමැති වු අතර විවෘතකළ දිනයේ පැවති වැසි සහිත කාලගුණය කුලුණෙහි නැරඹුම් මැදිරියේ දර්ශන අවහිරකලද දස දහසක ජනකායක් මෙය වෙත ඇදී ආවේ දැඩි සුළං තත්වය විදුලි සෝපාන දෙකක් ක්‍රියාවිරහිත කිරීමට හේතු වීම පවා නොතකා. (ඒ හේතුවෙන් යම් නරඹන්නන් සංඛාවකට නැරඹුම් මැදිරියේ සිරවී සිටීමටද සිදුවුණා)

      ඒ කාලේ මේක විවෘත කරපු පළමු සතිය ඇතුළත මිලියන 1.6ක ජනකායක් ස්කයිට්‍රී වෙත පැමිණ තිබුණා. ලංකාවේත් කොවිඩ් වසංගතය පාලනය කරගෙන මේක ඉක්මනට විවෘත කර ඉන්දියාවේ විරෝධය මේ ගැන ඒ රටේ රජය සමග සාකච්ඡා මාර්ගයෙන් විසඳාගෙන සන්නිවේදන කටයුතු පටන් ගත්තා නම් ලංකාවෙ අන්තර්ජාලය, සැටලය්ට් ටීවී වගේම සංචාරක ව්‍යාපාරයේ විශාල සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් වෙයි. නමුත් ඒ සඳහා ආණ්ඩුව පැත්තෙන් ඉතා බුද්ධිමත් ලෙස කල්පනා කාරීව කටයුතු කරන්න ඕන. ඔබලාට ඒ ගැන සමාජ ජාල වල සාකච්ඡා කිරීමට පුළුවන් වෙයි.

      Delete
  7. උස්සල දෙන්න ඉන්නව නං වොලිබෝලේ
    Dash ගැහුම කජ්ජක් වෙනවද රාලේ
    පැටලිල වගෙයි ඇත්තට මං පඹ ගාලේ
    ළිහා ගන්න වෙන්නේ තව කොයි කාලේ

    ReplyDelete
    Replies
    1. අපේ යම්ක්ඛ පුම්ත්තු ඕක අහලා මැච් ටිකත් ගහලා ඉන්දියන් ටිම් එකටත් ගහලා අම්පයර්ලටත් ගහලා මිකි ආතර්ටත් ගහලා උගේ ගෑනිටයි ඒ ගෙදර වැඩ කරන ගෑනුන්ටත් ගහලා තමයි නවතින්නේ... යඛ්ඛ පුම්තු එක්ක ලේසි නෑ (වෙලාවට මෙන්ඩිස් ගෙදර නැත්නම් ඒත් ගහන්නෙ 0යි����)

      Delete
  8. අඩෝ මාතා,

    බොලාගේ ලෝක අණ්ඩර බැසිල් ලොක්ක ඇවිත් පොඩි පොඩි ආතල් ටිකක් එහෙම දීල මේ නින්දිත සටකපට ආණ්ඩුව සහ ඊටත් වඩා කාලකන්නි මෝඩ විපක්ෂයේ ගොන් මෝඩ මීහරක් වහන්සේලා විසින් මවා පෙන්වන බොරු බයිලා වන රටේ තියෙන මහා ප්‍රශ්න යැයි කියන පොහොර කේස් එක (ඩොලර් මිලියන 200 - 400 අතර සිල්ලර කේස් එකක්), බොරු ඩොලර් හිඟය (අගෝස්තු මාසයේ ලැබීමට නියමිත ඩොලර් බිලියන 2.1 සමගින්), වැක්සීන් වැඩපිළිවෙළ (සැප්තැම්බර් අග වෙනකොට ගොඩක් දුරට බැලන්ස් කර ගන්න පුළුවන් වෙයි) වගේ දේවල් වලට පිළිතුරු ලබා දී තව ටික දවසකින් ලොකු පොර වීමට ඇමරිකන් එක්සත් ජනපදයේ ආධාර උපකාර සහිතව පුළුවන් වෙයි. නමුත් රටේ ඉන්න දුප්පත් අහිංසක මිනිස්සුන්ට තමයි අන්තිමට කෙළවිලා යන්නේ.

    ඒ වගේම උඹ ඔය කියන ලංකාවේ වාහන පාක් කිරීම වගේ දේවල් වලට ජපානය වගේ අධික ජනගහනයක් සහ වාහන විශාල වශයෙන් තියෙන රටකින් ආදර්ශයක් ගන්න පුළුවන්. මොකද ජපානයේ වාහන මුලිකවම සුදු නම්බර් ප්ලේට් සහ කහ නම්බර් ප්ලේට් කියල දෙවර්ගයකට වෙන් වෙනව.

    කහ නම්බර් ප්ලේට් කියන්නෙ 660cc ඒව.
    සුදු නම්බර් ප්ලේට් කියන්නෙ 660cc වැඩි වාහන.

    660cc මේවට ජපානෙ කියන්නෙ කෙයි/ කේ (Kei) වාහන මේවට පාර්කින් පෙන්වන්න අවශ්‍ය නැහෑ. හරියට ලංකාවේ ත්‍රීරෝද රථ වගේ එහේ භාවිතා කරන කුඩා කාර්, වෑන්, පොඩි ට්‍රක්... ලංකාවේත් මේ වාහන සෑහෙන ජනප්‍රියයි. සුසුකි දයිහත්සු වගේ මාදිලි වලින් එන්නේ.

    ඒ වගේම ජපානයේ සුදු නම්බර් ප්ලේට් (මේවට කියන්නෙ ජෝයෝශ) වාහනයක් පලමු පාර ගන්නවනම් හෝ නම සමග පලාත මාරු වෙනවනම් හෝ දෙයකදී වාහනය නැවැත් වීමේදී පාර්කින් පෙන්වන්න ඕන, ඒක ගන්නෙ පදින්චි ස්ථානයට අදාල පොලීසියෙන් ජපන් වලින් කියන්නෙ (ෂකොශෝමේයිශෝ)
    මේ තමයි ඒ ස්ටීකර් එක. මේක සමග තව ඩොකියුමන්ට් එකක් දෙනව ඒක අරගෙන තමන්ගෙ පලාතෙ වාහන නම් මාරුකරන හෝ ශකේන් දාන තැනට (රියුකු ජෝ) බාරදෙන්න ඕන.

    මේ ස්ටීකර් එකේ ජපානයේ අදාල පලාත සහ ඒ නගරය සදහන් වෙනව. මුල් එක ශිගාකෙන් අනිත් එක කනගව කෙන්. එතකොට නොම්මරේ නම් ඒ පොලිස් වසමට අදාල පෞද්ගලික විස්තර තියෙන නම්බර් එකක්. 自動車に貼り付けられている保管場所標章の9桁の数字が保管場所標章番号です。මේ නොම්බර 9 කියන්නෙ නතර කරල තියෙන තැන විස්තර ඒකෙන් මෙයාලට ගොඩක් විස්තර දැනගන්න පුලුවන්.

    ස්ටීකර් වලට අනුව වෙනස් වෙන්නෙ අදාල පලාතයි. ඒ පොලිසිය අදාල දිස්ත්‍ර්කය (පොලිස් වසම) යටම පොලීසියේ එතෙනට අදාල පුද්ගලයගෙ නම ජපන් අකුරු වලින් ලියල තියෙනව.

    නම් මාරු කිරීම් වලදී සහ වෙනත් දේ වලදී පරන එක ගලවන් නැතුව අලුත් එක අලවපුහම 2,3 ස්ටීකර් තියෙන අවස්තා තියෙනව. මේ වගේ ක්‍රමයක් ලංකාවට ගැලපෙන පරිදි හදන්න පුළුවන්.

    තව අධිවේගී මාර්ග වල අධික ලෙස වෙලාව ගතවන ක්‍රියාකරු සහිත ටෝල් ගේට්ටු වෙනුවට ජපානයේ වගේ ETC නැත්නම් ඩුබායි වල Salik වගේ ක්‍රමයක් ලංකාවට ගැලපෙන විදියට නිර්මාණය කර ගන්න පුළුවන් නම් හොඳයි නේද?

    ReplyDelete
  9. මම දකින විදියට නම් බැසිල් ආවත් නාවත් මේ ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්න අමාරුයි. ඒ සදහා මොන ප්‍රතිපත්ති හැදුවත් ක්‍රියාත්මක කළත් වැඩේ ලේසි නැහැ. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුවානම් යම් ප්‍රගතියක් මේ වන ලංකාව අත් කරගෙන. ඒත් එහෙම කරන්න බැරි වුනා. මොකද ගෝලීය තත්වය හා අපට නොපෙනෙන බල අරගල නිසා. රටක් ගැන කතා කරද්දි ඒ රටේ අභ්‍යන්තරය පමණක් අරන් කතා කරන්න අපට බැහැ.එහෙම උනොත් ඒ අදහස් පක්ෂපාතී. මිත්‍යාවකුත් වෙනවා.මොකද ඕනෑම රටක් ලෝකයේ අනිත් රටවල් මත යැපෙනවා.කියුබාව චීනයෙන්, රුසියාවෙන්. උ කොරියාවත් චීනය හා කියුබාව රුසියාව වගේ රටවලින් යැපෙනවා. මම සොයා බලපු විදියට ලෝකයේ හැම රටකම ආර්ථික වේගය අඩු වෙමින් පවතිනවා. එහෙම ආර්ථික වේගය වැඩි උන රටක් තියෙනවානම් කියන්න. පෝස්ට් එකේ විග්‍රහය හොදයි. මාත් ඔය අදහසට එකගයි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න