බඩු මිළ ඉහළ යාම හා
නැති බැරි අය ඇති හැකි අය කිරීමට ගොස්
ඇති හැකි එකාත් නැති බැරි කිරීම
➖➖➖➖➖➖➖➖➖➖➖➖
.
.
ආන්ඩුව තීරණය කළ යුත්තේ තමන් බිස්නස් කරනවාද, නැත්නම් බිස්නස් කිරීම, බ්ස්නස් කාරයන්ට දී තමන් ආන්ඩුකරනවාද යන්නය.
කොටින්ම මෙතෙක් පැවති නිදහස් වෙළඳපොල ආර්ථිකයහෙවත් ඕපන් ඉකොනොමිය තව දුරටත් පවත්වාගෙන යනවාද, නැත්නම් 70-77 වාගේ පෝලිම් යුගයකට යනවාද යන්නය.
වෙළඳපොල ඒකාධිකාරියකට ඉඩ නොතබා ඕනෑම දෙයක් ඕනෑම එකෙකුට නිශ්පාදනයට හෝ ආනයනයට අවසර දිය යුතුය.
එවිට වෙළඳපොල තුල භාන්ඩ සුලබ වී මිළ අඩු වනු ඇත.
අද ආන්ඩුව ඉල්ලාගෙන කන්නේ, මෙතෙක් පැවති නිදහස් වෙළදපොල ආර්ථිකයට බාදා පමුණුවමින් දැමූ තහංචි නිසාය.
මේ පරිප්පුව අනිවාර්‍යයෙන් කන්න වෙන බව අප එදාම කීවේය. තෙල් මිළ සූත්‍රයෙන් ඉවත් වීමද එවන්ම ගොබ්බ ක්‍රියාවකි.
කොටින්ම පාලන මිළවල් විවෘත ආර්ථිකයක තිබිය නොහැකි අතර, මිළ තීරණය කරනුයේ වෙළඳපොල මගිනි.
උදාහරණයක් ලෙස සමහර කාලවලදි අමුමිරිස් ග්‍රෑම් 500 රුපියල් 1000/= කට යන අතර අද එය රුපියල් 100/= වෙනවා වාගේය.
නිශ්පාදනය හා අස්වැන්න වැඩි වූ විට වෙළඳ පොලේ මිළ පහත බසී.
ඇති එකාට La Coste, ෂැන්ග්‍රිලා එකෙන් අරන් ඇඳිය හැකි අතර, නැති එකාට පමුණුවේ 🐊 ඇඳගෙන යා හැකිය.
ඇති එකාට විමළධර්මගෙන් Rado අරන් අතේ බැඳගෙන යා හැකි අතර, නැති එකාට පේමන්ට් එකේ 350/= එකක් දාගෙන යා හැකිය.
ඇති එකාට මිනිස්ට්‍රි ඔෆ් ක්‍රෑබ්ස් කෑ හැකි අතර, නැති එකාට ක්‍රෝටන් කොළ හෝ මුරුංගා කොල කා කුස පුරවා ගත හැකිය.
පාඩු පිට බිස්නස් කරන්න බිස්නස්කාරයන්ට ආන්ඩුවට වගේ පිස්සුවක් නැත.
ආන්ඩුවේ බිස්නස් වල පාඩුව කවර් කරගන්නෙත් හෙන ගහන බදු ගසා අපටම හමන්නවලාය.
මේ වැඩිවූ භාන්ඩවලත් ඒ බදු ඕසෙට තියෙනවාය.
තමන්ගේ ලාබයෙන් බදු ගෙවන්න බිස්නස් කාරයන්ට පිස්සු නැතිය.
උන් භාන්ඩ විකුණන්නේ ඒකත් එකතු කරලාය.
ආන්ඩුවට බිස්නස් කරන්න බැරි බව ඔප්පු කර අවසානය.
හාල් තවම එනවාය.
ආන්ඩුවේ ව්‍යාපාර සියල්ලම කුල්ල කුජීත හොර ගුහාවන් ය.
සුදු ළූණූ හොරකම මෑතම නිදර්ශනයය.
දැන් කළ යුත්තේ ඒවා සියල්ල පෞද්ගලීකරණය කොට රාජ්‍ය සේවයේ බිස්නස් සියල්ල මුලුමනින්ම අහෝසි කිරීමය.
කොටින්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ධීවර සංස්ථාව පවා ප්‍රයිවටයිස් කළ යුතුය.
නොමිළේ දෙන සියළු දේ නවතා දැමිය යුතුය.
හිඟණ මානසිකත්වයෙන් මිනිසා බැහැර කළ යුතුය.
හිඟන ජාතියක් වෙනුවට දිරිය දියුණු ජාතියක් බිහි වන්නේ ඉන් අනතුරුවය.
මේ රටට කෙල වී ඇත්තේ දේශපාලනයේ වැරද්දකින් නොවේ.
නොමිළේ අධ්‍යාපනය ,
නොමිළේ සෞඛ්‍ය සේවය,
නොමිළේ පාසල් පොත්,
නොමිළේ පාසල් ඇඳුම්,
නොමිළේ උසස් අධ්‍යාපනය,
මහපොල
රජයේ රැකියා
විශ්‍රාම වැටුප්
ජනසවිය/සමෘධිය
නොමිළේ ඉඩම්
නොමිළේ නිවාස
නොමිළේ කුඹුර
නොමිළේ ජලය
නොමිළේ පෝර
නොමිළේ කෘෂි රසායන
රජය අස්වැන්න මිළදී ගැනීම
ගොවි ණය කපාහැරීම්
වසර පහෙන් පැන්ෂන්
වාහන පර්මිට්
රජ්‍ය සේවයේ බදු නොගෙවීම්
යනාදි වශයෙන් සියල්ලම නොමිළේ දීම් හා සහනාධාර ආර්ථික ප්‍රතිපත්තිය නිසාය.
දැන් උන් ඒවාත් මදි කියා උද්ඝෝෂණද කරති.
කොටින්ම සංසර්ගයේදී වෙහෙසක් නොගෙන ආන්ඩුව ඇඳ හොලවනවා නම්.
උන්ගේ සතුට එයය.
භාන්ඩ මිළ ඉහළ ගියාම ආන්ඩුවට බනින්නේ ඒ නිසාය.
කොයි ආන්ඩුව ආවත් ලෝක වෙළද පොලේ මිළ තීරණය කරන්න..
මේ හිඟන රටේ නායකයන්ට කරන්න පුලුවන් ලබ්බක් නැතයි කියා මුන් දන්නේ නැතිය.
ලෝක වෙළඳ පොලේ සියල්ලේ මිළ ඉහළ ගිය බව මේ කුක්කු බබාලා දන්නේ නැතිය.
මේ හිඟන මානසිකත්වය මේන්ටේන් කිරීමෙන් රජය ඉවත්වෙන තාක්...
කිසිම රජයකින් මේ රට ගොඩගැනිලි...
නිකං බොරු සෝබන පූචං කතාය...
මාතලන් මැතිවරණ ප්‍රකාෂණ...
පුක පිහින්නවත් නොගන්නේ ඒ නිසාය...
ඒ වගත් මෙසේය...
.
පින්තූරය - Lacoste සහ Crocodile යනු බ්‍රෑන්ඩ්ස් දෙකකි... දෙකේම කිඹුලා උන්නත්, ඉන්නේ දෙපැත්තකටය.. Lacoste බ්‍රෑන්ඩඩ් වනාතර Crocodile යනු ඩුප්ලිකේට් බ්‍රෑන්ඩ් එකය. එහෙත් අද දෙකම බ්‍රෑන්ඩඩ් ය.
.
කෝ උඹ කඩේ ගිය පුටිං?
ReplyDelete😎😎😎😎
Deleteමාතා,
ReplyDeleteමුලින්ම ලාකොස්ත් එක කොපි කරල ඒ සඳහා ආවේනික වූ ටිකක් ගණකම් ඩියුරබල් රෙද්දකින් ගහපු ටී ෂර්ට් වලින් පටන් ගත්ත කොපිකැට් එකක් තමයි ක්‍රොක් කියන්නේ මීට දශක ගණනාවකට කලින්, හැබැයි දැන් තත්වය සෑහෙන්න වෙනස්, මොකද ලාකොස්ත් සහ ක්‍රොකඩයිල් දෙකම හොඳ නම් දරාපු බ්‍රෑන්ඩ් බන් මේ වෙනකොට.
ඒ වගෙම ටී ෂර්ට් හදන මැටීරියල් කීපයක් තියෙනවා. එයින් ලෝකය පුරාම කොට්න් ටී ෂර්ට් ජනප්‍රියයි, විශේෂයෙන් සමර් එකේ එහෙම්. හැබැයි සම්පූර්ණ කොට්න් වලින් හදන ටී ෂර්ට් ටිකක් ඝනයි. ඒ වගේමයි ඒවා මිලෙනුත් ටිකක් වැඩියි. ඒ නිසා පොලියෙස්ටර්, රයොන් වගේ කෘත්‍රිම මැටීරියල් එක්ක එකතු කරපු ටී ෂර්ට් තමයි මාඅක්ට් එකේ වැඩිපුර තියෙන්නේ. ටී ෂර්ට් ක්‍රීඩා අවස්ථාවලට ගන්නවා නම් බොහොම තුනී ටී ෂර්ට් තියෙනවා. ඒ වගේම ඔය කියපු සහ අපිට පුරුදු කිඹුලා අතේ ගහපු ක්‍රොකඩයිල් ටී ෂර්ට් එහෙම ඇත්තටම ටිකක් ඝනකමින් වැඩියි. හොං කොං බේස්ඩ් ක්‍රොක් බ්‍රෑන්ඩ් එක චීනය සහ අග්නිදිග ආඅසියාවේ වගේම දකුණු ආසියාවේත් මිල අධික නම් දරාපු ටොප් ක්ලාස් බ්‍රැන්ඩ් වලින් මිඩ් රේන්ජ් තියෙන හොඳ බ්‍රෑන්ඩ් එකක්, ලාකොස්ත් යුරෝපයේ තමයි මාකට් වෙන්නේ සාමාන්‍යයෙන්.
මේක හරියට අර මීට අව්ඩුරුදු දොළහකට පහළොවකට කලින් ඇපල් ෆෝන් කොපි කරල ලාබෙට බාල ෆෝන් ගහපු චීන සමාගම් අද වෙද්දි ඇපල් පරද්දන ක්ෂයෝමී, වන් ප්ලස්, විවෝ, ඔපෝ, රියල්මී වගේ බ්‍රැන්ඩ් වලින් සුපිරි ඔප්ශන් අඩු ගානට දෙන ෆෝන් බ්‍රෑන්ඩ් මාකට් එකට දානව වගේ තමයි.
Ranilta ravi mahaththyarta puka deela iwarada basil mahaththtya nam puka palanawa oyii
ReplyDeleteදන් දෙනවා කියල වචනයක් තිබුනට දන් ගන්නවා කියල වචනයක් නැහැ නේද? හැබැයි එක හිතින් දන් දෙන කෙනාට ලැබීමත් ඒ වගේමයි කියල දන් දෙන අය දන්නවා. ආදරෙත් ඒ වගේ. ඒක තියෙන්නේ දෙන්න විතරයි. ගන්න නෙවෙයි. ආදරේ ගන්න බලන් හිටියට කවදාවත් ලැබෙන්නේ නැ. එතකොට ලැබෙන්නේ ප්‍රශ්න විතරයි. දන් දෙනවා වගේ ආදරෙත් දෙන්න. එතකොට ඔයාටත් ලැබෙයි.
ReplyDeleteමම නම් ආර්ථික විද්‍යාව හෝ ගණකාධිකරණය යන විෂයයන් ගැන හරියට දන්නේ නැහැ, ඒත් මම මේ ගැන පුවත් සහ අන්තර්ජාලය ඇසුරින් තේරුම් ගත් පරිදි වර්තමාන රජය රටේ බලයට එනවිට විදේශ සංචිත තිබුණේ ඩොලර් බිලියන 7.6ක් පමණයි. ඒ ගණන තිබුණෙත් 2016-19 කාලයේ ඩොලර් බිලියන 10ක් ණයට ගත්තට පසුවයි. ලංකාවේ ආණ්ඩුව 2020දී ණය හැටියට ඩොලර් බිලියන 6ක් ගෙව්වා නේද? ඊට අමතරව 2021දීත් ඩොලර් බිලියන 5.6ක් ගෙව්වා. මේ අනුව ඩොලර් බිලියන 11.6ක් ගෙවා තිබෙනවා. ඒ ගෙවීම්වලින් පසුව ඩොලර් බිලියන 3.5ක් මුදලින් සහ තවත් ඩොලර් බිලියන 1.5ක ස්වැප් පහසුකමකුත් සංචිත ලෙස ඉතිරිව තිබෙනවා නේද?
ReplyDeleteදැන් එහෙම බැලුවාම මේ වන විට ඩොලර් බිලියන් 2.5 සංචිත සහ චීනයෙන් ගත් රෙන්මින්බි බිලියන් දහයේ අතමාරුව සමග සම්පූර්ණ ඩොලර් බිලියන 5ක පමණ සංචිතයක් තිබෙන බව රජය හිතනවා. මේක යථාර්ථවදීද?
ඒ වගේම් ඩොලර් බිලියන 7.6ක් තියෙද්දී තවත් ඩොලර් බිලියන 11.6ක් ගෙවා ඊට අමතරව තවත් ඩොලර් බිලියන 5ක් ඉතිරි වෙනවා නම් එයින් වැටහෙන්නේ මේක අංක ගණිත විජ්ජාවක් නොව සංචිත සමග අපට කොතරම් මුදල් ගලා එනවා ද කියා බලන්න ඕන. මූලික මූලධර්ම අනුව කටයුතු කරගෙන යාඅ යුතුයි, ඉදිරියේදීත් යම් යම් පීඩන තිබේවි. මොකද ළඟදීම 2016 ජූලි ගත් ඩොලර් බිලියන් 0.5 ක අයි එස් බී එක සහ ලබන 2022 ජූලි වල 2012 ගත් ඩස වසරක ඩොලර් බිලියනයේ අයි එස් බී එක සහ වෙනත් ණය වාරික වගේ සෑහෙන ගණනක් ගෙවන්න තියෙනවා. කෙසේ නමුත් ඒවාට මුහුණ දෙන ආකාරය රජය දැනටමත් ඉදිරි මාස හය සඳහා උපාය මාර්ගික සැලැස්මක හරහා කියා තිබෙන නමුත් එය විශාල අභියෝගයක්, ඇත්තටම මෙම අභියෝගයට මුහුණ දෙන්න ලංකාවේ නූතන ආන්ඩුවට හැකි වෙයිද? අර්බුදයක් වෙන්නේ තිබෙන ප්‍රශ්න දිගින් දිගටම පැවතියොත් පමණයි. එවන් අර්බුදයක් නොවෙන්නට කටයුතු කළ යුතුයි. මොකද ඇවිළෙන ගින්නකට තෙල් දැම්මොත් එය තවත් වැඩි වෙනවා. හැබැයි දහන පෝශක වෙනුවට ඉන්ධන/ ඔක්සිජන් සැපයුම සීමා කරමින් තාපය ඉවත් කර උෂ්ණත්වය අඩු කිරීමට කටයුතු කළොත් ගින්න පාලනය වී නිවා ගන්න පුළුවන් වෙනවා. මේ අනුව ගින්න මැඩ පවත්වා තවත් ගිනි ඇති නොවන ආකාරයට කටයුතු කිරීම දැන් රජයේ වගකීමයි.
රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක්, හෙටයාර් මිලියනයකට වැඩිය වගාවට යොදාගත හැකි ඉඩම් අවසෙස් කැලෑ කියලා පරිසරවේදීන්ගේ කටවල් වලට බයේ හිර කරන් ඉන්නවා, ඔහේ එකතැන පල් වෙන සහ නාස්ති වෙන රජයේ සම්පත් කොපමණද? ඇතැම් රටේ සම්පත් කොහෙත්ම පාවිච්චි වෙන්නේ නැහැ. කොළඹ ගෆූර් බිල්ඩිම උදාහරණයක්. තව වසර තිහ හතළිහක් මේක මේ විධියටම තියා ගන්නවාද නැතිනම් එයින් ප්‍රයෝජනයක් ගන්නවාද?
Deleteමේ නිසා අනිවාර්යයෙන් ඌන උපයෝගී සම්පත් හරහා රටට මුදල් ගලා එක ක්‍රමයක් හදන්න අවශ්‍යයි. යුගදනවි බලාගාරයේ ආයෝජන නිවැරැදිව කළොත් විශාල ප්‍රතිලාභ ලබන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වන ඇමෙරිකන් සහ යුරෝපීය සමාගම් ලංකාවට ආයෝජනයට යොමු නොවන බවට පහුගිය කාලයේ චෝදනා කළා. පෝට් සිටිය සමග ලංකාව දැනටමත් චීනයට අයත් චීන කොලනියක් කිව්වා. ඇමෙරිකන් සමාගමක් ලංකාවේ ආයෝජනයට යොමු වීම හොඳ දෙයක්. මුළු ලෝකය සමගම ලංකාව ගනුදෙනු කරන බව මේවා හරහා පෙන්නා දෙන්න පුළුවන්. මේවා කළ යුත්තේ මුදල් නැති නිසා නෙමෙයි. රටේ ආර්ථික ක්‍රියාදාමය ගෝලීය වශයෙන් විවෘත කර තවත් පුළුල් කරන්නයි. ආදානිලා බටහිර ජැටියේ ආයෝජනය සහ ත්‍රිකුණාමලයේ මළකඩ කමින් විනාශ වන තෙල් ටැන්කි සංකීර්නය ඉන්දීය සමාගම් සමග වින්-වින් ආකාරයේ ක්‍රමයකට ඉන්දියාව සමග ප්‍රයෝජනයට ගතහැකි නම් රටට විශාල වාසියක් ලබා ගත නොහැකිද?
මේ දවස්වල ණය ගන්න එපා කියා සමහරු කියනවා. ආයෝජකයන්ටත් ඒ අය විරුද්ධයි. එහෙම නම් රටට මුදල් එන්නේ කොහෙන්ද? විකල්පය මොකක්ද? රටක ඉදිරි ගමනට ඇතැම් තීරණ ගන්න වෙනවා. ඒ තීරණ නොගත්තොත් ප්‍රගතියක් නැහැ. චීනයේ කොතරම් විදේශ ආයෝජන තිබෙනවාද? ලෝකයේ සෑම රටකින්ම පාහේ පැමිණ ඇමෙරිකාවේ ආයෝජනය කර තිබෙනවා. අද පවතින ලෝක තත්ත්වය එයයි. එවන් පසුබිමක ලංකාවට එන සෑම ආයෝජකයකුටම පහරදීමට උත්සාහ කරනවා නම් මේ රටේ ආයෝජන ගොඩනගන්නේ කොහොමද? ආයෝජකයන්ට හිරිහැර කළොත් ඔවුන් මේ රටට එන්නේ නැහැ. එනිසා වගකීමෙන් කටයුතු කළ යුතුයි. ආයෝජකයන්ට අවස්ථා විවර කිරීම වරදක් නෙමෙයි.
කෙසේ නමුත් රාජ්‍ය ණය අඩු කිරීම පිණිස ආණ්ඩුවට ඉක්මණින් ආකාර තුනකින් පළමුව, බදු වැඩි කිරීම; දෙවනුව, වියදම් අඩු කිරීම; තෙවනුව, වත්කම් විකිණීම. ලෙස බොහෝ විට මේ තුනම කිරීමට සිදුවනු නිසැක බව පේනවා.
මේ ඔක්කොම බලා ඉන්නෙ වරදින තුරු අපිට ��
ReplyDeleteඩොලර් ප්‍රශ්නෙ විසඳනතුරු
ReplyDeleteවිවෘත ආර්ථික කතා බොරු
එකාට මොනවද.... ඔහේ නෙවෙයි මාතලන් උන්නැහේ, ආණ්ඩුව.
ReplyDeleteදැනට පවතින බැරෑරුම්ම ගැටළුව විකල්පය කුමක්ද යන්නයි. මන්ද, පවතින බහුතරයක් පක්ෂ-විපක්ෂ අතිශයින් අසාර්ථක වීමයි. මෙහිදී මම උත්සහ කරන්නේ මෙම ගැටළුවට පිළිතුරක් දීමට පෙර අවස්ථාව highlight කරන්නයි. බහුතරයක් ජනතාව පවතින තත්වය අවබෝධකරගන්නේ නැතිව සිටින අවස්ථාවක විකල්ප විසඳුමක් සොයන්න යාම අනුවණ කමකි. එවිට අප නැවතත් නිදහසින් පසු සැමදා කල වරදම කරනු ඇත. පසුගිය ජනාධිපතිවරණයේදී ඉදිරියට පැමිණි කිහිපදෙනෙක් රටේ බහුතර ජනතාවකගේ මානසික දුර්වලතාවය අවබෝධ නොකරගැනීම නිසා අතිශයින් අසාර්ථක විය. විකල්පයක් සෙවීමට පෙර අපි පවතින තත්වය අසාර්ථක බව බහුතරයකට අවබෝධ කල යුතුය. ලංකාව වැනි අධික මානසික අවස්ථිතියක් සහිත ජනතාවක් සිටින රටක අසීරුම කාරණය මෙයයි. එය සාර්ථක කර නොගෙන විකල්පයක් ගැන සිතීම නුවණට හුරු නැත.
ReplyDeleteඉතාමත්ම පැහැදිලිව පේන විදිහට මේ සියල්ලට හේතුව ආර්ථිකය කෙරේ විශ්වාසය පළුදුවීමයි, දේශීයවත් විදේශීයවත් විශ්වාසය ගොඩ නගා ගන්නේ කෙසේද? ආර්ථිකය රඳාපවතින්නේ විශ්වාසය මතයි. ඒක ඉතා වැදගත්. රටක ආර්ථික කළමණාකරණය කෙරේ විශ්වාසය පළුදු වුවහොත් ඒ හරහා අනෙකුත් පද්ධති දෙදරීමකට ලක්වෙනවා. දැන් අපට දැනී තිබෙන්නේ එම දෙදරීමයි. තම තමන්ගේ කටයුතු තම තමන්ට ඕන හැටියට කරගෙන යාම නැවැත්වීමට විශ්වාසය තහවුරු කරගන්න අවශ්‍ය වෙනවා. පැහැදිලි දර්ශනයක්, ක්‍රියාමාර්ගයක්, ඉදිරිපත් කළ යුතුයි. එය පැහැදිලිව ක්‍රියාත්මක වන බවට විශ්වාස සැමට ලබාදිය යුතුයි. කබරයා දැනට එබඳු දෙයක් කරමින් ඉන්නවා, ඒත් මේ කටයුතු සැමට සාධාරණව ඉටුවන බවට විශ්වාසය ඇති විය යුතුයි, ඒ හරහා සැමට යහපතක් වන බවත් තේරුම් ගන්න පුළුවන්.
ReplyDeleteඒ වගේම ආණ්ඩුවේ 2019 අග වැඩපිළිවෙළ වුණ ආර්ථික සංවර්ධන මොඩලය හරි ට්‍රැක් එකට ගත යුතුයි, මොකද 2014දී සියයට 7ක් පමණ වූ වර්ධන වේගය 2019 වන විට සියයට 2ට අඩු වී තිබුණා. දිගින් දිගටම වර්ධනය අඩුවී ආර්ථිකය සංකෝචනය වෙන තැනකට පැමිණ තිබුණා. අධික ලෙස බදු ඉහළ නැංවීම මගින් 2019 වසරට රුපියල් ට්‍රිලියන 2.2ක ආදායමක් ලබා ගැනීමට පසුගිය ආණ්ඩුව ඇස්තමේන්තු කර තිබුණා. ඒත් ලබාගත හැකි වුණේ ට්‍රිලියන 1.8ක් පමණයි. රුපියල් බිලියන 400ක් ලබාගන්න බැරිවුණා. ආර්ථිකයේ සංකෝචනයත් සමග රාජ්‍ය ආදායමත් ක්‍රමයෙන් අඩු වන තත්ත්වයක් තිබුණා. එනිසා ආර්ථිකයේ පිබිදීමක් ඇති කරන්න වත්මන් ආණ්ඩුවට සිදුවුණා. යම් බදු අඩු කළේ ඒ වෙනුවෙන්. ඒ සමග පොලී අනුපාත අඩු කළා. මේ නිසා පෞද්ගලික අංශයට දැනටමත් රුපියල් බිලියන 300කට ඉහළ සහනයක් ලැබී තිබෙනවා. මේවා කළේ ආර්ථිකයේ පිබිදීමක් ඇති කිරීමටයි. මේ අතර කොරෝනා වසංගතය සමග නව අභියෝග ආවා. අඩු කළ බදු නැවත ජනතාව පිට පටවනවා ද නැතිනම් මෙ ආකාරයටම යනවාද කියන තීරණය ආණ්ඩුව ගත යුතුව තිබුණා. අඩු කළ බදු එලෙසම තබාගෙන යාමට ආණ්ඩුව තීරණය කළා. ඒ නිසා ආර්ථිකය තවත් කබලෙන් ලිපට වැටුණා. එක අතකින් ජනතාවට බර නොපටවා යාමට තීරණය කිරීම හොඳයි. බදු අඩු කිරීමේ නියම ප්‍රතිඵලය ලබන වසරේදී ජනතාවටත් ව්‍යාපාරවලටත්, රටේ වර්ධනයටත් ලැබෙනවානම් මේ ප්‍රශ්නය සමනය කර ගැනීමට පුළුවන්.
සාමාන්‍යයෙන් මේ වගේ පීඩනයකට ලක්වූ ආර්ථිකයක් ලිහිල් වූ විට ඉක්මනින් ගොඩනැංවීමට පුළුවන්, සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය සියලු පසුබිම ලංකාවේ තිබෙනවා. එය පාවිච්චි නොවීම තිබෙන ප්‍රශ්නයයි. සංචාරකයන් පැමිණෙන විට තිබෙන සම්පත් වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක එක උදාහරණයක් පමණයි. මේවායින් පිබිදීමක් ඇති වේවි. දැනටමත් බොහෝ දෙනෙක් ලංකාව සමග කටයුතු කිරීමට එකඟ වී සිටිනවා. මේ සියල්ල දෙස බලා මේ පුරෝකථනය කර තිබෙනවා. ඒක සිහිනයක් නෙමෙයි. වගකීමකින් එතැනට යන්න ඕන. මේක නිකම් වෙන්නේ නැහැ. වැඩ කරන්න අවශ්‍යයි. කැපවීමෙන් වැඩ කරන්න සූදානම් නම් සියයට 6.5ක වර්ධනයක් ගැනීම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතැන තමයි අවුල තියෙන්නේ.
Deleteගෑස් මිල වැඩි වීම ගැන ආණ්ඩුවට බැන්නාට කමක් නැත. නමුත් ගෑස් මිල වැඩි නිසා "දැන් අපට දර ලිපට යන්නයි වෙන්නේ" යැයි කීමේ තේරුම කුමක්ද? එය කියන උන් එසේ කියන්නේ දර ලිප ගෑස් ලිපට වඩා පහත් කරමිනි. දර ලිප බයිට් එකට ගනිමිනි. දර ලිපේ ඉවීම මදි පුංචිකමක් ලෙස දකිමිනි. උන් කතා කරන්නේ හරියට ගෑස් ලිප අතේ තියාගෙන ඉපදුනාක් මෙනි. අනේ නිකම් පලයන් යන්න මහත්තයො! උන් මහ සෝබන බොරුකාරයන්ය. උන්ගෙන් අතිමහත් බහුතරය කුඩා කල ලංකාවේ නිවෙස්වල ගෑස් ලිප් තිබුණේ නැත. උන් උපන් අලුත පොල්කට්ටෙන් නාවන්නට වතුර රත් කළේ දර ලිපේය. උන්ගේ අම්මලා බත් තැම්බුවේ දර ලිපේය. උන් කෑවේ දර ලිපේ පිසූ කෑමය. අද දර ලිප පාච්චල් කළාට උන්ගේ කරදඬු උස්මහත් වුණේ දර ලිප නිසාය. උන්ට එය අමතකය. උන් ඔය අවමන් කරන කටට නැකතට බත් කැව්වේ දර ලිපේ උයාය. එහෙව් ලිප අද උන්ට බාලය. උන් කුඩා කල දෙයියන්ගේ ලෙඩ හැදුණම කොහොඹ කොළ තැම්බුවේ දර ලිපේය. උන්ගේ ඇස්වහ කටවහ පිච්චුවේ දර ලිපේය. ඒවා උන්ට අමතකය. නමුත් උන් අදටත් අලුත් අවුරුද්දට කිරි උතුරවන්නේ නම් දර ලිපේය. තමන්ගේ දරුපවුල වටකරගෙන තමන්ට වාසනාව ලැබේවා යැයි ලෝබයෙන් කිරි උතුරනකොට නම් දර ලිප පහත් නැහැ නේද! එවිට ගෑස් ලිප බාලය. වෙනත් වෙලාවට ගෑස් ලිප උසය. දර ලිප මිටිය. උන් තරම් අවස්ථාවාදී දෙබිඩ්ඩන් තව නැත. තමන්ගේ අලුත් ව්‍යාපාර ස්ථානයට ඵල දේවා යැයි සිතමින් දර ලිපේ කිරි උතුරුවා බොහෝම උජාරුවෙන් පින්තූරත් ගසා ඒවා ෆේස්බුක් එකෙත් දමන උන් අද ඒ දර ලිපට ගරහයි. හිනා වෙයි. මොන ජාතියේ මිනිස්සුද උන්! ඔය දර ලිපට ගරහන උන්ගේ පරම්පරාවම කෑවේ දර ලිපේ උයාගෙනය. උන් කෑ හැටි දන්නේ ඒ දර ලිපය. අද දර ලිපට අරියාදු කරන උන් චුත වූ විට උන්ගේ මළබත උයන්නේත් දර ලිපකය. පව්කාර හැත්තට පිං පිණිස මහා දාන උයන්නේත් දර ලිපේය. දර ලිප බයිට් එකට ගන්නේ ලංකාවේ සංස්කෘතිය නොහඳුනන පරගැතියන්ය. හැබැයි උන් දර පෝරණුවේ පිසූ මිලෙන් වැඩි pizza කන්නට නම් කැමතිය. විනෝද චාරිකා ගොස් දර ලිපේ ඉවූ කෑමවල රසය ගැන හෑලි ලියන්නට රුසිය. උන් තරම් බොරු සෝබනකාරයන්! දර ලිපේ ඉවීමට අවශ්‍ය නැත. නමුත් දර ලිපට ගරහන්නේ අහංකාර මෝඩයන්ය. මා වස් කවි විශ්වාස කරන්නේ නැත. නමුත් මට වස් කවි ලිවිය හැකිය. ඒවා වැඩ කරන හැටි මම දනිමි. උන් කන බත් කටක් ගානෙ උන්ට මේ ටික මතක් වෙනු ඇත.
ReplyDeleteමාතලන්,
ReplyDeleteලංකාවේ මේ ප්‍රශ්න වලට මූලික හේතුව වන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්ගේ හිඟය සහ අධික මිල ගණන් ගැන කෙටියෙන් කිව්වොත් නිදහස් වෙළඳ පොළක් සහිත (සාපේක්ෂව) විවෘත ආර්ථිකයක් ක්‍රියාත්මක වන රටක භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාම හා අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් වාර්තා වන්නේ ඉතා කලාතුරකින්. මොකද විවෘත ආර්ථික ක්‍රමයක බේස් එක තමයි භාණ්ඩ සුලභතාව හා තරගකාරී මිල ගණන් පැවතීම. එහෙත් ලංකාවේ දැන් ක්‍රියාත්මක වන සෝ කොඅල්ඩ් විවෘත ආර්ථික ක්‍රමය තුළ භාණ්ඩ හිඟය සහ අධික මිල විසින් ජනතාව පීඩාවට පත් කර තිබේ. තත්ත්වය එය නම් රටින් පිට සිටින අපටත් ලංකාවේ දැනට පවත්නා අර්ථ ක්‍රමයේ කොතන හෝ වරදක් සිදුව ඇති බවට පූර්ව නිගමනයක් ඇති වන අතර මේ ගැන වඩාත් ගැඹුරින් විග්‍රහ කර බලමු.
අපි ඉතිහාසය දෙස බැලුවොත් දැනට ලංකාවේ ක්‍රියාත්මක වන නිදහ්ස් වෙලඳ පොළ විවෘත ආර්ථික ක්‍රමය ආරම්භ වූයේ වර්ෂ 1977 එජාප ආණ්ඩුව බලයට පත්වීමත් සමඟයි. ඊට පෙර 1970 - 77 කාලයේ පැවති සමගි පෙරමුණ ආණ්ඩුව යටතේ වැසී තිබුණු ආර්ථිකය 1977 දී විවෘත කෙරුණි. ඊට දේශපාලන හේතු ගණනාවක්ම බලපෑ බව හැමෝම දන්නවා. මගේ පියා තරුණ කාලයේ ඔහුගේ අත්දැකීම් අනුව මා දනා පරිදි 1970 - 77 යුගයේ පැවති ආණ්ඩුව ආනයනික භාණ්ඩ වෙනුවට දේශීය නිෂ්පාදන කෙරේ උපරිම විශ්වාසය තබමින් පස් අවුරුදු සැලසුමක් සමඟ ‘නිෂ්පාදන සංග්‍රාමය’ නැත්නම් වගා සංග්‍රාමය වගේ නමක් සහිතව වැඩසටහනක් දියත් කළේ පාසල් ක්‍රීඩාපිටි පවා වගාව සඳහා යොදා ගනිමින්. සතියේ අඟහරුවාදා සහ සිකුරාදා දිනවල හෝටල්වල බත් අලෙවිය තහනම් වූ අතර ඒ දිනවල අල, බතල, මඤ්ඤොක්කා වැනි වෙනත් ආහාර ද්‍රව්‍ය ප්‍රවර්ධනය කළ අතර හාල්, සීනි, මිරිස්, කිරිපිටි පෝලිම් තිබුණි. බොහෝ ද්‍රව්‍ය අලෙවි කළේ සලාක ක්‍රමයටය. හාල්පොත උකස් තැබිය හැකි උපකරණයක් වී තිබුණි. බයිසිකල් ටයරයක් මිලට ගන්නට පැරණි ටයරය ගෙන යා යුතු විය.
කෙසේ හෝ මෙම තත්ත්වය එදා සිටි දක්ෂ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ආර්. ප්‍රේමදාසලාට සහ විපක්ෂනායක ජේ.ආර්. ජයවර්ධනලට කදිම දේශපාලන සටන් පාඨයක් නිර්මාණය කර දෙමින් සමගි පෙරමුණු ආණ්ඩුව රටම හාමත් කළ බවත් පෝලිම් යුගයකට රට ගෙන ගිය වග කියමින් තමන් බලයට පත්වූ පසු ධාන්‍ය රාත්තල් අටක් දෙන බවත්, වැසී තිබෙන ආර්ථිකය විවෘත කර අත්‍යවශ්‍ය භාණ්ඩ සුලභ කිරීම ගැනත් නිවේදනය කළ අතර ජේ.ආර්. ගේ පොරොන්දුව දැඩි ලෙස නොසිතූ විරූ අයුරින් ඵලදායී විය. 1977 මහ ඡන්දයෙන් සමගි පෙරමුණ අන්ත පරාජයකට පත්වී ජේ.ආර්. ට හයෙන් පහක බලයක් ලැබුණි. ඔහු පොරොන්දු වූ පරිදි රටේ යම් තාක් දුරකට විවෘත ආර්ථිකය ඇති කළ නමුත් ධාන්‍ය රාත්තල් අටක් නම් ජනතාවට දුන් බවක් වාර්තා නොවීය.
මෙසේ ඇරඹුණු නිදහ්ස් වෙලඳ පොළ මූලික කරගත් විවෘත ආර්ථිකය ගතවූ වසර 44ක කාලය තුළ සැහැල්ලු ලෙස ඉදිරියට ගලා ආවේ 2001 බරපතල ත්‍රස්තවාදී විනාශය, 2004 සුනාමි ව්‍යසනය, 2006 සිට 2009 දක්වා උතුරේ සිවිල් යුද්ධය උග්‍රව පැවති අවස්ථාවේදීවත් මෙවැනි භාණ්ඩ හිඟයක්, ඩොලර් හිඟයක්, භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාමක් වාර්තා නොකරමින්. එහෙත් කොරෝනා වසංගතයත් සමඟ සමම්ස්ත ලෝක ආර්ථිකයම මන්දගාමීව පවතිද්දී ඉහත කී සියල්ලේම හිඟයක් හට ගත් අතර ඒ නිසා දැන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටී. සෑම දෙසින් අසන්නට ලැබෙන්නේ ඇණුම් බැණුම් හා දොස් පරොස්. මේ තත්ත්වය හටගත්තේ ඇයි? මේ අර්බුදයට විසඳුම කුමක්ද? මේ ගැන අපේ සොලූෂන් එක ලෙස යෝජනා දිය යුතුයි.
ලංකාවේ උග්‍ර ඩොලර් හිඟයට හේතුව යම් තරමකින් හෝ පොදු ජනයාට අවබෝධ කර ගත හැකි වෙයි, ගත වූ වසර 40ක කාලයේ පැවති ආණ්ඩු ලබාගත් අධික ණය හා පොලිය පියවීමට ඩොලර් වැය කිරීම එක් පැත්තකින් හේතු වී ඇති අතර අනෙක් හේතුව කොරෝනා වසංගතය නිසා නිසා රටේ අපනයනය මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ ආදායම අහිමි වීමය. කොරෝනා වෛරස් ටෙස්ටින්ග් කිට්ස්, එන්නත් හා වෙනත් විවිධ ඖෂධ ලබාගන්නට ද අධික ලෙස ඩොලර් වැය වූ බව සඳහන් කළ යුතුය. මෙම පසුබිමේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට බැංකු විසින් ඩොලර් සැපයීම සීමා කළ නිසා ආනයනික භාණ්ඩ කන්ටේනර් සිය ගණනක් වරායේ සිරවිය. ඩොලරයේ මිල රුපියල හමුවේ අධිප්‍රමාණය වුණි. රුපියල කඩා වැටුණි. මහ බැංකුවේ ඩොලර් මිල රුපියල් 203ක් වෙද්දී කළු කඩයේ ඩොලරය රුපියල් 245ට නියම වූයේ අත්‍යවශ්‍ය භාණ්ඩ වන කිරිපිටි, සීනි, සිමෙන්ති, ගෑස් ඇතුළු ද්‍රව්‍ය හිඟයට මෙම තත්ත්වය තදින්ම බලපාමින්.
මෙහෙම ආනයනික භාණ්ඩ හිඟය සමඟ මිල ගණන් ඉහළ යද්දී දේශීය නිෂ්පාදන වන සහල් ආදියේ මිල ගණන් ද විශාල ලෙස වැඩි විය. එයට පිළියම් ලෙස ආණ්ඩුව කළේ ගැසට් මගින් මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල පාලනයට තැත් කිරීමයි. හදිසි නීතිය පමණක් නොව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයකුද පත්කොට හාල්, සීනි ආදියේ මිල පාලනයට පියවර ගැනුණි. එහෙත් මේවා ගැන තීන්දු ගන්නා ලංකාවේ ප්‍රසිද්ධ හිටපු ආර්ථික විද්‍යා ටියුශන් ගුරුවරුන් ඇතුළු බලධරයන් කල්පනා නොකළ කරුණ නම් නිදහස් වෙළඳාම මත පදනම් වූ විවෘත ආර්ථිකය තුළ මිල පාලනය යල්පැන ගිය සංකල්පීය මෙවලමක් බව.
හැමෝම දන්නා සරල ආර්ථික විද්‍යාව අනුව විවෘත ආර්ථිකය තුළ භාණ්ඩවලට සමතුලිත මිලක් හිමිවන්නේ සාධාරණ තරගයකිනි. ඒ සඳහා ජනතාවගේ භාණ්ඩ ඉල්ලුම හා සැපයුම විධිමත් ලෙස නියාමනය පමණක් රජයක කාර්යභාරයයි. වෙළෙඳපොළ තරගකාරීත්වය ඇතිකිරීමේ දී රජයට තීරණාත්මක වැඩ කොටසක් ඉටුකළ හැක. ඒ භාණ්ඩ සුලභ කිරීම හා තරගකරුවන් සංඛ්‍යාව වැඩි කිරීම මගිනි. රාජ්‍ය අංශයට ද පෞද්ගලික අංශය සමඟ තරගකාරීව භාණ්ඩ හා සේවා අලෙවි කළ හැකිය. එවිට භාණ්ඩ හිඟයක් ඇතිවන්නේ නැත. එසේ නොමැතිව සියයට 90ක්ම පෞද්ගලික අංශය සතු සහල් වෙළෙඳාම ඇතුළු කටයුතු මිල පාලන නීතිවලින් මට්ටු කරන්නට යාම ප්‍රායෝගික නොවන බව ඊට අදාළව රජය ගැසූ ගැසට් පත්‍ර රජය විසින්ම අවලංගු කිරීමෙන් පැහැදිලිව පෙනේ.
Deleteමේ නිසා නිදහස් විවෘත ආර්ථික ක්‍රමයක් තුළ සිල්ලර කඩවලට මිල පාලන අංශ කඩා පැන වැටලීම් කිරීමට වඩා වැදගත් වන්නේ තරගය තුළින් මිල පාලනයයි. ඒ නිසා අපේ යෝජනාව නම් රජය දැන්වත් කළ යුත්තේ අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ ප්‍රමාණවත් ලෙස රටට ගලා ඒමට විදේශ විනිමය නිදහස් කිරීම සහ භාණ්ඩ හා සේවා අලෙවියට පූර්ණ තරගකාරී වෙළෙඳපොළක් නිර්මාණය කිරීමය. එසේම අත්‍යවශ්‍යම ද්‍රව්‍ය දෙක තුනක් හැර අන් සියල්ලේ මිල පාලනයෙන් රජය ඉවත් විය යුතු යැයි තර්කයක් ගොඩනැගී තිබේ. එසේ වුවහොත් විවෘත ආර්ථිකය නිසි ලෙස සක්‍රීය වී පවත්නා භාණ්ඩ හා සේවා හිඟය මෙන්ම අධික මිල ගණන් ද සාධාරණ මට්ටමකට පත්වනු ඇති බව අපේ විශ්වාසයයි, මේ ගැන මාතලන් හිතන්නේ මොකක්ද?
මම ලංකාවෙන් එනකොට ප්ලේන්ටියක් සත 6 යි.
ReplyDeleteකිරි තේ එකක් සත 8 යි, නැත්නම් සත 10යි.
ලොකු බනිස් ගෙඩියක් සත 10 යි. රෝස් පාන් සත 6 යි
මගෙ අම්මෝ, දැන් ගණන් ගිහිං තියන තරම.
සාමාන්‍ය පොඩි සිල්ලර අවන්හල්වල පවා දැන් තේ කෝප්පයක් රුපියල් 25 , කිරි තේ එකක් රුපියල් 60 , බනිස් ගෙඩියක් රුපියල් 50 , රෝස්පාන් එකක් රුපියල් 30 ක් වෙනවා.
මම හීනෙන්වත් හිතුවේ නෑ කිසි දාක තේ එකක් මෙච්චර ගණන් යාවි කියලා.
මට හිතා ගන්න බෑ…….
මම වපර 20 ක් සිර ගෙදර සිට නිදහස්වෙලා එලියට ආවට පස්සෙ මට දැනුනෙත් එහෙම තමයි මහත්මයැ,
Deleteබුර්කාව, ජිජාබය, නිකාබ, ෆර්දාව වැනි මුව සහ හිස ආවරණය වන කොටස් සමඟින් සම්පුර්ණ සිරුර ආවරණය වන ඇඳුම් පැළඳීම ලොව පුරා මුස්ලිම් කතුන් අතර සුලභව දැක ගන්නට ලැබෙනවා. එසේම ඇතැම් මුස්ලිම් රටවල සංචාරයේ නිරත වන අවස්ථාවල දී සංචාරක කාන්තාවන් ද යම්කිසි ආකාරයක හිස් පළඳනා යොදා ගන්නා අයුරු ද දැක ගන්නට පුළුවන්.
ReplyDeleteපසුගිය සැප්තැම්බර් මස අවසන් දිනවල දී, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු දූත පිරිසක්, මේ ආකාරයේ මුස්ලිම් රටක් වන ඉරානයේ සංචාරයක නිරත වූ අවස්ථාවේ දී, අමාත්‍යවරයාගේ බිරිඳ ද හිස් පළඳනාවක් පැළඳ සිටි බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් හුවමාරු වී තිබුණා.
සමාජ මාධ්‍ය සටහන් :
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක දක්වා තිබුණේ,
“තෙල් ටිකක් හින්දා මේ මනුෂ්‍යයා කරන විකාරයක්. අන්තිමට ගෑනිට පර්දාවකුත් ඇන්දුවා.
එද්දි කොනත් කපාගෙන එයිද මංදා���� විදේශ ප්‍රතිපත්ති බින්දුවයි.
මංගල සමරවීරලා. නැති අඩුව��
රටවල් රටවල් ගානේ. අපේ රටේ අභිමානය උගසට තියන්න වෙලා. ” යනුවෙනි.
අමාත්‍ය උදය ගම්මන්පිලගේ බිරිඳ පාර්දාවක් දමා ඇති බවට සඳහන් කර තිබූ එම සටහන පහතින්.
https://www.facebook.com/permalink.php?story_fbid=3023075204596007&id=100006806718858
Fact Check තොරතුරු විමර්ශනය;
https://srilanka.factcrescendo.com/2021/10/11/energy-ministry-secretary-photo-during-iran-visit-shared-as-minister-gammanpilas-wife/
මාතා, පහුගිය දවස් වල ඇපල් iPhone 13 pro max එකක් ලංකාවේ ගිණි ගණන් කියලා බුකියේ වැලපුණ මී හරක් දැන් තේ එකක් මිල ගණන් වැඩි වෙලා කියලා මැරෙන්න හදනවා දැක්ක නේද? ලෝක අංකුට්ටො කියන්නෙ මුන්ට තමයි. ලක්ෂ දෙකට අයිපෝන් එකක් ගන්න පුළුවන් මිනිහට රු. 65 ට තේකක් බොන්න බැහැ... ලංකාවේ සමාජ ජාල වල බෙරිහන් දෙන ඔක්කොම රට හරක් හැත්ත මේ වගේ තමයි... අර සල්ලි වැඩිවෙලා වැඩි පොළියට FD දාන්න හොයපු එකත් බනිනවා ගෑස් මිල දරාගන්න බැහැ කියලා... මුන් ඔක්කොම ලෝක හොරු...
ReplyDelete//නොමිළේ දෙන සියළු දේ නවතා දැමිය යුතුය.
ReplyDeleteහිඟණ මානසිකත්වයෙන් මිනිසා බැහැර කළ යුතුය.
හිඟන ජාතියක් වෙනුවට දිරිය දියුණු ජාතියක් බිහි වන්නේ ඉන් අනතුරුවය.
//
අනිවාර්යයෙන්ම නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් ඇති රටක එම රටේ වෙළඳපොළට සම්බන්ධ වී තරගකාරීව සමාජයට සේවය කරන සියල්ලන්ටම තමන් කරන සේවයේ නියම මිල වැටුප් සේ ලැබෙන නිසා ඔවුන් සේවයක් කරන බව අමුතුවෙන් ඇඟිල්ල දිගු කර පෙන්වන්න අවශ්‍ය නැහැ. එහෙම් කරන්න වෙන්නෙ අවශ්‍ය සමාජයට සේවය කරනවා කියන බොරු ලේබලය අලවා අඩු වැටුපකට මිනිහෙක් කරන්න අකැමැති දෙයක් කරගන්නා අවස්ථා වලදීයි. සෝ කෝල්ඩ් ඇමරිකන් ආණ්ඩුව, යුරෝපීය සහ ඔස්ට්‍රේලියන් ඇතුළු සියළුම ආණ්ඩු විසින් රණවිරු ලේබල් අලවා තරුණයන් රවටමින් කිසිම ප්‍රයෝජනයක් නොමැති අනවශ්‍ය යුද්ධයකට යවා කරන්නේත් ඔය වගේ දෙයක්. ව්‍යවසායකත්වය ඇති අයෙකුට නිදහස් වෙළෙඳ ආර්ථික ක්‍රමයක් තුළ තමන් ආර්ථිකයට එකතු කරන අගයට සමාන මුදලක් තමන්ගේ පෞද්ගලික ධනය සේ එක්රැස් කරගන්නට ඉඩ සැලසෙනවා.
හැබැයි ලංකාව තුළ ඇතැම් අය ධනවාදී පක්ෂයක් කියා හඳුන්වන එක්සත් ජාතික පක්ෂය වගේ පක්ෂ වල පවා ඉන්න බොහෝ දෙනෙක් සුබසාධනවාදී ආධාර බෙදන බඩු මිල අඩුකරන ජනප්‍රියවාදී ලොකු ආණ්ඩුවක් කෙරෙහි විශ්වාසය තබන සමාජවාදී මානසිකත්වයේ ඉන්න අයයි. ජාතිකවාදීන් කියා තමන්ව හඳුන්වා ගන්න ඇතැම් අය සමාජවාදයට බැන්නත් ඒ අය තවම ඉන්නේත් ඒ රාමුව ඇතුළෙමයි. රටක ආණ්ඩුව විසින් ආර්ථිකය පාලනය කරන තරමට ව්‍යවසායකත්වය ඇති අයෙකුට තමන් විසින් ආර්ථිකයට එකතු කරන අගය තමන් වෙත තබා ගැනීමට බාධා කෙරෙනවා. එවැනි පසුබිමක වුවත් ඇතැම් අය පොදු යහපත හෝ පරාර්ථය සලකා නව නිර්මාණ බිහි කරනවා. නව අදහස් ලෝකයට දායාද කරනවා. පැරණි සෝවියට් දේශයේ එවැනි අය සිටියා. වෙනත් රටවලත් ඉන්නවා. නමුත්, තමන්ගේ ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ තමන්ටම නොලැබෙන පසුබිමකදී ව්‍යවසායකත්වය තිබෙන හැම කෙනෙක්ම පොදු යහපත ගැන සිතා එසේ ක්‍රියා කරන්නේ නැහැ. එය මිනිස් ස්වභාවයයි.
ඒ වගේම, ඇතැම් තත්ත්වයන් යටතේදී රටේ ආර්ථිකයට සුවිශේෂී අගය එකතු කිරීමක් නොකරන කෙනෙක් වුවත් බිංදුවෙන් පටන් ගෙන විශාල ධනවතෙක් වෙන්න පුළුවන්. හොරකම්, වංචා ආදියේ සිට ආණ්ඩුවේ හිතවතෙකු වීමෙන් ලබන අනියම් වාසි දක්වා විවිධ ක්‍රම වලින් මේ ආකාරයට ධනවත් වන අය සිටිනවා. නමුත්, එවැන්නන් නිසා රටක ආර්ථිකය ඉදිරියට යන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් කරන්නේ වෙනත් කෙනෙකු සතු ධනය හෝ ධනය උපයන මාර්ග තමන් සතු කර ගැනීම පමණයි. අලුතින් ධනය නිර්මාණය කිරීමක් එහි නැහැ. චීනය ලංකාව මෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙමෙයි. බොහෝ ධනවාදී රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වුවත් මේ දෙක දෙකක්. ධනවාදය ප්‍රජාතන්ත්‍රවාදය එක්ක ගැටෙන අවස්ථා පවා ඕනෑ තරම් තිබෙනවා. චීනයේ බිලියනපතියන් එන්න එන්නම වැඩිවන එකෙන් පෙනෙන්නේ චීනය ලංකාවේ ඇතැම් දේශපාලන පක්ෂ මෙන් රටේ ආදායම් විෂමතා නැති කිරීමේ ඉලක්කය පස්සේ පන්නන්නේ නැතිව ආර්ථිකය වර්ධනය කිරීමේ ඉලක්කය පසුපස හඹා යන්න පටන් ගෙන එහි සාර්ථක ප්‍රතිඵල නෙලා ගනිමින් සිටින ආකාරයයි. චීනයේ අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි අංශ පවා කලක සිටම ලංකාවට වඩා නිදහස්.
ලංකාව ආදායම් විෂමතා නැති කිරීමේ ඉලක්කය පස්සේ කාලයක් තිස්සෙම ඕනෑවට වඩා පන්නල තියෙන රටක්. දැන් හෝ කළ යුත්තේ ආදායම් ඉපැයීමේ ශක්‍යතාවයක් තිබෙන අයට, විශේෂයෙන්ම ආදායම් මට්ටම අතින් පහළින්ම සිටින කණ්ඩායම් වල එවැනි අයට, ආර්ථිකයට අගයක් එකතු කරමින් ධනවතුන් වෙන්න තිබෙන බාධා අවම කරන එක මිසක් ආදායම් විෂමතා නැති කිරීමේ ඉලක්ක පස්සේ පන්නා රටේ ආර්ථික වර්ධනය අඩාල කරන එක නෙමෙයි. රටේ ආර්ථිකය එහෙමත් නැත්නම් දළ දේශීය නිෂ්පාදිතය වැඩි වෙන්නේ වෙළඳපොළ ප්‍රසාරණය වී ගනුදෙනු ඉහළ යාමට සමාන්තරවයි. වෙළඳපොළට තිබෙන බාධා ඉවත් කරන තරමට දළ දේශීය නිෂ්පාදිතය වැඩි වෙනවා. රජයට විදේශ ණය අරගෙන දළ දේශීය නිෂ්පාදිතය දිගුකාලීනව වැඩි කරන්න බැහැ. තාවකාලිකව වැඩි කළ හැකි වුවත්, ගත්ත ණය ගෙවන්න වූ විට ආර්ථිකය කඩා වැටී අර වැඩි වූ දළ දේශීය නිෂ්පාදිතය අඩු වෙනවා. ණය යොදවන්නේ වෙළඳපොළ ප්‍රසාරණය කිරීම හෝ එහි කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහානම් පමණක් ණය දේශීය වුවත්, විදේශීය වුවත් ප්‍රතිඵලයක් තිබෙනවා. එවැනි ප්‍රතිඵලයක් තිබේනම් දළ දේශීය නිෂ්පාදිතය වැඩි වූ පසු වැඩි වන බදු ආදායම් වලින් ගත් ණය හා පොලිය ගෙවීමෙන් පසු ඉතිරියක්ද සිදු විය යුතුයි. කොටින්ම ඕනෑම රටක වගෙ ලංකාවේත් මිනිසුන්ගේ ලාභ ඉපැයීමේ කැමැත්තට ඉඩ දෙන තරමට මිනිස්සු මොනවා හෝ කරලා සල්ලි හොයා ගන්නවා. මිනිස්සු පෝසත් වෙද්දී රට පෝසත් වෙනවා, දළ දේශීය නිෂ්පාදිතය වැඩි වෙනවා.
පෝස්ට් එකට වඩා දිග කමෙන්ට් ලියන ආර්ථික ඔස්තාර් ලා මේකෙ බම්බු ගහන්නේ නැතුව ආන්ඩුවට උපදෙස් දීපල්ලා.
ReplyDeleteමදි මදි හොදටම මදී මේ වෙලාවෙ රට ජාතිය ගැන හිතලා ඔයිට වඩා වැඩිකරන්න ඔනේ , කන්න බොන්න නැතිවුනත් ,ඉන්න හිටින්න අද රටක් තියෙන්නේ රාජපක්ෂ මහත්තුරු තනියෙන් යුද්දේ කරපු හින්දා ,බඩ පොත්තට ඇලුනත් , පාරේ මැරිලා වැටුනත් හාමතේ ,අපි රාජපක්ෂ උත්තමයො ටික ආරක්ශා කරන්න ඔනේ , ඒ උතුමන්ලට මේ රට සදාණයගැතියි , එතුමන්ල මේ රට තව අවුරුදු 100 ක් විතර පාලනය කරන්න ඔනේ , එතුමන්ලට අපේ හත්මුතුපරම්පරාවම ණය ගැතියි. ලේ ඛකියනවා යකො !
Deleteඅනිවා කරුංකා මංචාඩිය ක් වත් රේන්න බැරි ගානට පූප වේලිලා කරවලා ගියත් අපි ට ඕන ඒකීය රටක්. ස අපිට ඇරිය මදි. ඉහෙන් කටින් ඉන්න බැරි ගානාට තව අරින්න ස.
මීට
හෙළ යක්ඛ පුතී සංගමය සහ එක්සත් සදා වහල් සන්ධාණය ,මැදමුළණ ශාඛාව
අනේ ද කියන්නෙ, මීට කලින් 1970 ජාතික ආර්ථිකයක් හදන්න ආපු උන් තරුණ කැරැලි හදලා රට පුරා සාගත පෝලිම් ඇති කරලා කුජීත වෙලා ගියා, ඊට පස්සේ ධර්මිෂ්ඨ සමාජයක් ඇතිකිරීමේ තේමාව යටතේ ආපු උන් රටේ කැරලි දෙකකින් දෙකොණ ගිනි තියලා අවු 30 ක යුද්ධය සහ පාතාලය රජ කරවලා චුත වෙලා ගියා, 94 ආපු විහාර මහා දේවි චෞර රැජින ලෙස විරුදාවලි ලබා ආර්ථිකය ඍණ කරලා යූකේ පැන්නා, 2009 යුද්ධය අවසන් කරලා එක පවුලක් රටම උලා කාගෙන කාගෙන යනකොට ඒ හොරු අල්ලලා ඒ හොරුන් හොරා කාපු ඩොලර් ට්‍රිලියන 18 ක් හොයාගෙන 2015 සුඛිත මුදිත රටක් හදනවා කියල එක සෙට් එකක් ආවා, ඇවිත් තිබුණ ටිකත් කාලා මහ බැංකුවටත් විදලා බෝම්බ පිපිරීම් ඇති කරලා චොර වෙලා කුජීත වෙලා ගියා, ඊට පස්සේ 2019 ඔරැකල් ඩේටා බේස් ආටිපිසල් ඉන්ටා දන්න රණවිරු කොරනෙල් කෙනෙක් ඇවිත් ඉන්න හිතෙන රටක් හදනවා කියල ආවා, දැන් වැඩ කරන ඒ විරුවා අපට වැඩි කරල යන්න හිතෙන රටක් නිර්මාණය කරල තියෙනවා සිරාවට. අනිත් පැත්තෙන් ලංකාවේ දේශපාලනයේ ඉන්න බුරූ පුතාණෝ සහ රතු කුමාරලා කයිවාරු ගසන නමුත් අඩුම ගානේ පුංචි ප්‍රාදේශීය සභාවක් වත් මැනේජ් කරන්න තියා දිනාගන්නවත් තේරෙන්නේ නැහැ, ඒ නිසා මේ ගැන ලංකාවේ සහ විදේශ රටවල් කීපයක පෞද්ගලික ආයතන වල වෘත්තීය අත්දැකීම් වලින් මට මේ ගැන කෙටියෙන් කියන්නම්. අර්බුද හසුරුවන හැටි ගැන මා දන්නා ටිකෙන් මට කියන්නට තිබෙන්නේ එළියේ සිට ඕනෑම කෙනෙකුට කට කියවිය හැකි වුණත් කරන්නට ගියාම කාටත් අමාරු බවත්ය. මෙවැනි අවස්ථාවක තමන් ගැන අධිතක්සේරු කිරීම මොඩකමක්. ඒ බව මෝඩ නන්දසේන සහ අවශේෂ කේවට්ට රැලකගේ මේ ආණ්ඩුවම පෙන්වා දී තිබෙනවා... එච්චරයි. හොඳම දේ ලංකාවේ ඉන්න අයට නම් ඉතියෝපියාවට හරි මෛග්‍රේට් වෙන එක විතරක් වගේ දැනට පේන විදියට නම්... නෝ ඔප්ෂන්...
Deleteලංකාවේ දිගින් දිගටම කරගෙන ආපු දුර්වල සමාජ ආර්ථික දේශපාලනික අකාර්යක්ෂමතාවය සහිත විකාර ණය මත පදනම් වූ එදා වේල ටුවර්ස් රෝල ගහන ක්‍රමය නොසිතූ විරූ ලෙස පැමිණි කොවිඩ් වසංගත තත්ත්වය යටතේ බරපතල ලෙස බිඳ වැටීමකට ලක් වුණා. කොටින්ම කියනවා නම් ඒ කියන්නේ ලංකාවේ ආර්ථිකය තුළ මේ වගේ බරපතල වියවුල් සහගත තත්වයක් නොතිබුනානම් වසංගතය නිසා අවුරුද්දක් රට වහල තිබුණත් මෙහෙම තත්වයක් උදාවෙන්නෙ නෑ කියන එකයි. (ඒත් ජවිපෙට නම් ආණ්ඩු බලය ලැබේවි හෝ ලබා ගන්නටත් සැබෑ උවමනාවක් තිබේයැයි සිතීම මුලාවක්. ඒ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයම බලය ලැබීමත් සමග විනාශ වෙන හෙයිනි. එසේ වන්නේ ඔවුන්ගේ එකම අවිය වන විවේචනය එදායින් පසුව සමාප්ත වන නිසා.)
ReplyDeleteකොහොම උනත් මේ ආර්ථික බිඳ වැටීමේ අවදානම ඉදිරියේදී තව දුරටත් උග්‍ර වෙනවා මිසක් අඩු වෙන බවක් නම් පේන්නෑ. අවුරුද්දක් රට වැහුවම රට නන්නත්තාර වෙනවා කියන්නේ දශක ගණනාවක් තිස්සේ සෑහෙන කාලයක ඉඳන් ඒ රටේ මිනිස්සු මේ වගේ ක්‍රයිසිස් එකක් සඳහා පාර කපාගෙන ඇවිත් කියන එක. හරියට අවුරුදු ගානකට කලින් ග්‍රීසියේ පැවති තත්ත්වය වගේ. ඒ නිසාම මම නම් හිතන්නේ අපි හැමෝම මුලින්ම කරන්න ඕන මේ ක්‍රයිසිස් ගොඩ එන්න තමන්ට පුලුවන් කෑල්ල කරන එක. මනෝ ලෝකවල මනෝ රාජ්‍ය හදාගෙන ජීවත් වෙන මානසික ලෙඩ්ඩුන්ගේ මානසික සංදර්ශන බිඳ හෙලන්න කටයුතු කරනවා වගේම අපි ප්‍රායෝගික ලෝකවල ප්‍රායෝගිකව ජීවත් වෙන ප්‍රායෝගික මිනිහගේ ප්‍රශ්න කතා කරන්නත් ඕන. මේ වගේ රටේ සමස්ත ආර්ථිකය බරපතල විදිහට වියවුල් සහගත තත්වයක් තියෙන මොහොතක ඒ වෙනුවෙන් අදාළ අයට සහය දැක්වීම කල යුතුයි. ඒක පුරවැසි වගකීම. ඒ වගේම අනෙක් පැත්තෙන් පාලන බලතල ඇති අදාල පුද්ගලයින් අර්බුදය වවාගෙන කනවානම්, හරිහැටි පාලනයක් කරගන්න බෑ නම් ඒකට විරුද්දව කතා කරන්නත් ඕන. ඒක පුරවැසි වගවීම.
ඒ නිසා මේ බරපතල කේස් තත්ත්වය සාමාන්‍ය පුරවැසියන් වෙන ජනයා කවුරුවත් ඕනෑ කමින් හදා ගත් එකක් නොවේ. මේ කේස් එකට "හරි" විසඳුම් නැත. අපට කළ හැක්කේ අපට හැකි උපරිමයෙන් අපේ හැකියාව අනුව අපේ තරමට එය විසඳා ගැනීමයි. මේ අර්බුදය තුළ පක්ෂ දේශපාලනය කිරීම නිවට කමකි. මේ ආණ්ඩුවේ ඇතැමුන් මෙන්ම විපක්ෂයේ ඇතැමුන්ද කරන්නේ එයයි. කල දුටු කල වල ඉහගැනීමට තැත් කිරීමයි. එය ජනරජයක වැසියන්ට තරම් නොවන දුෂ්ට අපරාධයකි. අප කළ යුත්තේ මේ අර්බුදයෙන් ගොඩ ඒමයි. එයට මේ යැයි කිව හැකි නිශ්චිත ක්‍රමයක් නැත. අපට අත්හදා බැලීම් කරන්නට වේ. අප අතින් වැරදි සිදු වේ. ඒවා ඉක්මණින් තේරුම් ගෙන නිවැරදි කර ගෙන ඉදිරියට යා යුතුය. මෙවැනි අර්බුදයක වැටෙන මිනිහාට හිනා වෙන්නේ තිරිසනුන්ටත් අන්ත වල් පරයන්ය. මෙවැනි අර්බුදයක ජවිපෙ ආණ්ඩු කළත් එජාපය ආණ්ඩු කළත් කවුරු ආණ්ඩු කළත පුරවැසියන් ලෙස අපට හැකි උපරිමයෙන් ඔවුන්ට සහාය විය යුතුය. අඩුම තරමින් ඉවසාගෙන සිටිය යුතුය. මෙය පවතින්නේ තව වසරක් හෝ දෙකකි. මේ අර්බුදය පහව යනු ඇත. අඳුරුතම පැයට ඇත්තේත් මිනිත්තු හැටක් පමණී. එදිනට නැවත අපට මතාවාදී අරගලය කළ හැකිය. වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ මම නම් මුල සිටම විරුද්ධ වූ මේ ආණ්ඩුවට විරුද්ධව මම නැවතත් ලියමි. මා කර ඇත්තේත් මට කළ හැක්කේත් ලිවීම පමණී. එය මාගේ ක්‍රමයයි.