.

.

Oct 1, 2021

රාජ්‍ය සේවය බොන්සායි කළ යුතුය


රට විශාල ආර්ථික අර්බුදයකට යෑමට ප්‍රධානම හේතුව අකාර්‍යක්ෂම රාජ්‍ය සේවය බව රාජ්‍ය සේවකයාත් දන්නවාය.


එයින් ගොඩ ඒමට , ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් නොව පෞද්ගලික ණය ලබා දෙන ආයතන පවා ලංකාවට ආධාර දීම ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ...

කිසිම රජයක් රාජ්‍ය සේවය කප්පාදු කිරිමට බිය නිසාය...


ජාතික ආදායමෙන් 86% පමණ අති විශාල ප්‍රතිශතයක් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ලබා දීමට වැය කරන්නේ නම්, 


එවන් රටක් මොන තරම් ආදායමක් ඉපදුවත්, අනාගතයේ හෝ දියුණු රටක් බවට පත් වේයැයි සිතීමත් විහිළුවක්ම පමණමය....


ලක්ෂ හතක් පමණ වූ රාජ්‍ය සේවය ලක්ෂ 14 කළ මහින්ද රාජපක්ෂ බලාපොරොත්තු උනේ..., ඒ සියල්ලෝම එක්ව, මහින්ද සදා මහ රජානෝ කරාවි යැයි කියලයා...


ඔවුන්ට රැකියා පමණක් නොව, නිවාස ණය, වාහන ලීසිං පහසුකම් මෙන්ම, ඉතා අඩු මිලට මෝටර් සයිකල්ද ලබා දුන්නේය...

එහෙත්, අවසානයේ සිඳු වූයේ කුමක්ද?


මැදමුලන ජනෙල් පොල්ලේ එල්ලෙන්න නේද?

කෝමද.. එදා ෂැපද..?


එසේ රාජපක්ෂ පවුලටම  කෙලිය රාජ්‍ය සේවකයින්ට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලනිස්ට්ලා කෘතුගුණ සැලකුවේ...


ආපු ගමන්ම රුපියල් 10,000/= ක සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් බේස්ක් එකටම ඇඩ් කරලාය...


එහෙත්, අවසානයේ සිඳුවූයේ කුමක්ද?


ඒ බෙසික් පුතාලා රනිල්ව ඇපත් නැතිව ගෙදර යවපු එක නේද?

කෝමද ඇරිය පාර.. සනීපයි නේද?


මෙයත් අර සුළු පක්ෂ නැතිනම් මහ පක්ෂවලට පැවැත්මක් නැතියි සිතනා, මහා අමනෝඥ මිත්‍යාව වාගේම තවත් එකක් ය....


ජන්ද 10 ක් වත් නැති, මෙලෝ රහක් නැති, මෙලෝ වැඩක් බැරි සුළු පක්ෂ නායකයින් හා සුළු ජාතික පක්ෂ නායකයින් තම පාක්ෂිකයාගේ චන්දයෙන් ගොඩ දමා,


පක්ෂය වෙනුවෙන් දිවි පරදුවට දුන් උන් පැත්තක තබා.. අර කාළකන්නින්ට හොඳම ඇමතිකම් දී, උන් උන්ගේ හෙන්චයියන්ගෙන්  අමාත්‍යාංශ පුරවද්දී,  


පක්ෂය වෙනුවෙන් දහඩිය කඳුළු වගුරුවමින්, ගුටිකමින්, නින්දා අපහාස විදිමින්, දිවා රෑ නොබලා වැඩ කර උන්ට වෙන්නේ..., තම පක්ෂයේ නායකයින්ගේ අම්මලාට පින් දෙමින් හූල්ල හූල්ලා ඉන්නටය. 


ඉතිරි රැකියා ටික පුරවන්නේ..., 

මෙළෝම රහක් නැති, රැකියා විරහිත කලා උපාධිධාරීන්ගෙනි. අන්තිමේ කොතෙක් පිරෙව්වාද යත්, මුන්ට පුටු මෙස නැති නිසා රට ගොඩ නගන්නට සිඳු උනේ අමාත්‍යාංශයේ ගස් යටට වී සිටය.


ඒත් මුන් රට ගොඩනගනවාද? 

එහෙම ගොඩ නැගුවානම් මෙහෙම කෙලවිලා යයිද? 

හොඳම උදාහරණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවය...


උන් ඒ ලද රැකියාවෙන් සෑහිමකට පත් වන්නේ නැතිය, ඊළඟට වැඩිපඩි ඉල්ලා වැඩ වර්ජන කරමින් මහපාරට බසිති.


මේ කොරෝනා වසංගත සමයේත් වැඩි පඩි හා දීමනා වැඩ වර්ජන කළ කාළකන්නි ගුරුවරුන් හා සෞඛ්‍ය සේවකයන් ලෝකයේ වෙන කිසිම රටක උන්නා කියා මාතලන් නම් දන්නේ නැතිය.


මුන් කරන්නේ රට ගොඩගැනීම නොව, රට බංකොලොත් කොට කාබාසීනියා කර දැමීමටය.


මුන් එතනින් නවතින්නේද නැතිය. ‍රටේ ආර්ථිකය නැංවීමට ගන්නා සියලු තීන්දු තීරණ වලට කෙළවලාම දානා අතරේ මහා පරිමාණ බිස්නසුත් උන්ටම ඕනෑ කියා රට ගිනි තියනවාය.


එසේ මුලු රටම ගිනි තියා ගන්නා ලද නැගෙනහිර ජැටිය දැන් නැව් නැතිව වෙලේනවාය.. හූනියන් කාරයෝ හා හැමිනෙන්න්ට ආන්ඩුවට පශ්චාත් භාගයේ කැසිල්ලක් තිබුනාට, කාගෝ බිස්නස් කාරයන්ට එහෙම අමාරුවක් ඇත්තේ නැතිය..


ආන්ඩුවේ බිස්නස් සියල්ල බංකොලොත්භාවය ලබා අවසානය. අමාත්‍යවරු පට්ට ෆේල්‍ ය.


ඔය දේශපාලන පත්වීම් ගත් එකෙක්කත් කෙලෙහිගුණ ඇති උන් නොවේ. මුන් එසේ පිරිසක් නම් මංගලගේ මරණයට සෙණඟ පිරෙන්නේ ජෝතිපාලගේ රැකෝඩ් එකටද කෙලලාය..


මංගල මාතර උන්ට, ටෙලිකොම් එකේ, වරායේ හා බැංකුවල ජොබ් දුන්න හැටි දන්නේ දකුණේ උන්මය. අන්තීමේදී සූත්තර පුංචාටත් පරඳින බව දැන්ගත් උන්නැහේ දේසපාලනෙන්ද සමුගත්තේ මේ ඒස කොල්ලන් ගැන හොදින්ම දැනගත් නිසාමය.


මහ පක්ෂවල දේශපාලකයින් සිතට ගත යුතු දේ නම්, (සජිත් හා රාජපක්ෂලා) කෙලවුනදාට මුන් එකෙක්වත් තමන්ට නැති බවය.


ඔය පර්මනන්ට් ජොබ් ගත්ත උන් එදාට එන්නේ නැතිය. මොකෝ උන් සදාකාලික ගොඩ නිසාය. පැරදුන දාට මුන් රකින්නේත්, නැවත පාලනයට ගේන්නේත්, ව්‍යාපාරික ප්‍රජාව හා අර හැමදාම කඩේ ගිය පාක්ෂකයින් පිරිස පමණි.


ඒ නිසා මේ මිත්‍යාවලින් මිදිය යුතු කාළය දැන් පැමිණ ඇත.


රාජ්‍ය සේවයේ හැකි සෑම ආයතනයක්ම පෞද්ගලීකරණය කළ යුතුය. අර යුනියන් කාරයන්ට නැගෙනහිර ජැටිය දුන්නා සේ අධ්‍යාපනට ජෝසප්පුවාට දිය යුතුය. සෞඛ්‍ය මේල් නර්ස්ට දිය යුතුය.


වෙහිකල් පර්මිට්, දිරි දීමනා, දීමනා, බටා හුටා, ඕ ටී පමණක් නොව ටී හා ප්ලේන්ටියත් නවතා දැමිය යුතුය.


දේශපාලකයින් රැක ගත යුත්තේ රාජ්‍ය සේවය නොව ව්‍යාපාරික ප්‍රජාවයි. එවිට තමන්ගේ හෙංචයියන් ආන්ඩුවේ රැකියාවලට ඔබන්නට ඕනා වෙන්නේ නැතිය. උන්ගේ වගකීම ව්‍යාපාරකයින් බාර ගනු ඇත.


අපරාදේ කියන්නේ මේ මෙතඩ් එක ක්‍රියාත්මක කළ රණසිංහ ප්‍රේමදාසට රටේ අවාසනාවකට කලින් නිවන් යන්නට උනේය.


ඔහු මාතලන් කියූ මේ සියලු කාරනා මේ මහපොලොවේ ක්‍රියාත්මක කරමින්, උතුරේ හා දකුණේ ත්‍රස්තවාදී කන්ඩායම් දෙකක්ම ක්‍රියාත්මක වෙද්දී රටේ සීඝ්‍ර ආර්ථික ව්ප්ලවයක්ද ඇති කළේය.


යන එකෙක්ට ඕන වෙලාවක යන්න පුලුවන් කියා මහින්ද රාජපක්ෂම ප්‍රකාෂ කිරීම සුභවාදි ලකුණක්මය.


සඟිස්කෘතික මිත්‍යා පසු පස්සේ යෑමෙන් නොනැවති, මෙවන් මිත්‍යාවන්ද වන්දනා කරනා කිසිඳු දේශපාලන නායකයකු සමඟ රට ඉදිරියට යාවි යැයි කියා සිතීම සිහිණයාක් පමණමය...


රාජ්‍ය සේවයද, පලාත් සභා මෙන්ම සුදු අලියෙක්ම පමණමය.. එය මේ නිරෝධායන  ඇඳිරි නීතිය සමයේ ඔප්පු කර පෙන්වා අවසානය...


ඒ වගත් මෙසේය....

18 comments:

  1. බොහෝ දුරට එකගයි. රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට නමි මුලින්ම ආයතන සංග්‍රහය වෙනස් කර සිතාමතා රාජකාරි පැහැර හැරීම රාජකාරි ප්‍රමාද කිරීම නොසැලකිල්අල අතින් නීති දමා මහජනයා අපහසුවට පත් කිරීම නඩු පැවරිය හැකි වැරදි කල යුතූයි. අවශ්‍ය නමි ඒවා දණ්ඩ නීති සංග්‍රහයටත් ඇතූල් කල හැකියි. එවිට රාජ්‍ය සේවය බලා සිටිය දී කාර්යක්ෂම වනු ඇත. පුද්ගලික කරනයේ දී මුලින්ම විදුලි බලයත් ජල මංඩලයත් ප්‍රමුඛ කාර්යක් ලෙස කල යුතූයි.

    ReplyDelete
  2. පසුගිය 2005 - 2014 කුප්‍රකට කළු සල්ලි ආර්ථිකය ලෙස විරුදාවලී ලත් මහින්ද රාජපක්ෂ පාලන යුගයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයද ඒ සමගම එම යුගයේ ම ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ද ඔහු විසින් දරමින් ලීසින් කොට සී ටී බී බස් ගැනීම සහ ආදායමින් පමණක් ඒවා ගෙවීමත් පාඅඩු සිදු වුණොත් බස් රථ ලීසින් සමාගම වලටම ලබා දීම, තව සී ටී බී බස් වලට සහ දුම්‍රිය සේවයට ටාගට් දී ලාබ ගැනීමටත් එයින් සේවකයන්ට අම්තර දීමනා බෝනස් දීම, දුම්‍රිය සේවයේ මගී ප්‍රවාහනය පසෙක ලා පුද්ගලික අංශයේ කාගෝ භාණ්ඩ ප්‍රවාහනය, ඛනිජ තෙල් ටෑන්කර් ප්‍රවාහනය ආදිය හරහ දුම් රිය සේවය මුදල් පසුපස දුවන මුදලාලි ටයිප් ඛැඪැ‍යැඛ් බවට පත්කළ බව වෘත්තීය සමිති චෝදනා කළා ඔබට මතක ඇති.

    වඩාත්ම භයානක කාරනය නම් ධම්මික පෙරේරා යටතේ ඇති මේ සමාගම් වල ප්‍රධාන නිලතල තනතුරු හොබවන පුද්ගලයන්ට ආයතනයන් ලාබ උපයා දීමට වසරක් පමණක් ලබා දෙන අතර එසේ නොහැකි වුවහොත් ගන්නා "දැඩි" පියවර සම්බන්ධයෙන් කිසිත් ප්‍රකාශ නොකළ එකයි. එමෙන්ම යම් සමාගම් ප්‍රධානියකු වැරදිලා හෝ තමා මුනගැසුන අවස්ථාවක ආයතනයේ නාමය වෙනස් කිරීමට උත්සාහ කළොත් ඒ ඔහු තමා හමුවන අවසාන දවස බවත් පැවසීම මෙහි භයානක කම තවත් තීව්‍ර කරනවා.

    මේ සමගම එම සාකච්ඡාවේදී වර්තමානයේ ලංකාවේ අමාත්‍යාංශ තිහක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඕනෑම ප්‍රශ්නයක් තමා ගෙන් අසන ලෙස ඉල්ලා සිටි ඔහු කෘෂිකර්ම ක්ෂේත්‍රය සම්බන්ධව පැනයකට පිළිතුරු දෙමින් කියා සිටියේ ලාංකෙය කෘෂිකර්ම කේෂ්ත්‍රයට විශාලතම සේවය කොට ඇත්තේ ඩඩ්ලි සිරිසේන මෙන්ම අඹ වර්ගයක් හදුන්වා දුන් ටොම් එල්ලාවල බවයි.

    කෙසේ හෝඅ ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරිමට පරිඝනක ඇප් එකක් මාර්ගයේන් පමණක් කල හැකි බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය තම අනාගත බලාපොරොත්තුවක් බවත් ධම්මික පෙරේරා මෙහිදී සඳහන් කලා. පාංශු පරීක්ෂණ පත‍්‍රිකාව (සොයිල් හෙල්ත් කාඩ්ස්) බෙදාහැරීම සහ පස පරීක්ෂා කිරීම පදනම් කරගත් පොහොර නිර්දේශ සහ පොහොර කන්ටේනර 35,000ක් ආනයනය කරන එක පාංශු පරීක්ෂණ පත‍්‍රිකාව සහ පොහොර නිර්දේශ හඳුන්වා දීමත් සමගම, පොහොර ආනයනය කන්ටේනර 7000 කට අඩු කළ හැකි බවද කියනවා, මේක කරන්න පුළුවන් දෙයක්ද? ඒ වගේම 'ස්මාට්' වගාව ගැන තවත් ටෝක්ස් වගේම මේවා ගැන හිතන්නේ මොකද්ද?


    //රටක human capital එක තමයි හොඳටම හදන්න ඕනේ.. එක හැදිලා නැත්තම් හොඳම උදාහරණයක් කියන්නම් අවුරුද්දට ජිවත් වෙන්න ආණ්ඩුවෙන් පවුල් ලක්ෂ 30කට රුපියල් 5000 ගානේ දුන්නා.. රටේම තියෙන්නේ පවුම් ලක්ෂ 57යි.. මේ හම්බ නොවුණ පවුල් කීයද තියෙන්නේ? පවුල් ලක්ෂ 27යි. එ කියන්නේ අනිත් මිනිස්සුන්ට ජිවිත් වෙන්න බැනේ.. ලක්ෂ 30කට අමාරුයි.. ඒ කියන්නේ රටේන් බාගෙගට ජිවිත් වෙන්න අමාරුවෙන් ඉන්නේ.. මේක ජාති දෙකයි ´tax file එකක් තියෙනවා නම් එයාට හම්බ වෙන්නේ නැ.. එයා කෙහේහරි තැනක ETF /EPF හම්බ වෙනවා නම් එයාට හම්බ වෙන්නේ නැ.. රජයේ රැකියාවක් කරනවා නම් එයාට හම්බ වෙන්නේ නැ...


    එතකොට ETF /EPF ගෙවන අය ඉන්නවා ලක්ෂ 26ක්. එතකොට ඒ ලක්ෂ 26න් ඇත්තටම කිව්වොත් 2% ඉන්නේ මගේ ළඟ. එහ කියන්නේ මගේ ළඟ 58 000ක් ඉන්නවා.. මම එතතොට රස්සාවල් දීලා තියෙනවා private sector ඉන්න අයගෙන් 2%ට. එතකොට ඒ ලක්ෂ 26යි ආණ්ඩුවේ ඉන්න ලක්ෂ 15යි. ලක්ෂ 41 ක් තමයි ලීගලි කෙහෙහරි තැනක වැඩ කරන්නේ.. මේ ලක්ෂ 41කට අමතර පවුල්නේ මේ ඔක්කොම.. ඉතිං මේ රට දුප්පත් කියන එක තේරෙන්නේ නැද්ද?//

    ReplyDelete
  3. රජයේ සේවය ගැන නම් මටත් අත්දැකීම් ඇසුරින් කියන්න දේවල් ගොඩක් තියෙනවා, ලංකාවේ මිලියන දෙකක් විතර වන රජයේ සියලුම සේවයකයින්ගෙන් විශ්‍රාමිකයින් ලක්ෂ පහක් විතර ඉවත් කළොත් මිලියන 1.5 ක් විතර සක්‍රීයව සේවය කරනවා. මිලියන 21කට අධික ජනතාවක් වෙනුවෙන් සේවය සපයන පවතින රාජ්‍ය ආයතන ප්‍රමාණය ඉතා විශාලයි. සාමාන්‍ය ජනතාවට අවශ්‍ය සේවා සැපයීම සඳහා ගොඩනඟා තිබෙන මෙම රාජ්‍ය සේවය පිළිබඳව සාමාන්‍ය ජනතාව තුළ ප්‍රමාණවත් තෘප්තිමත් බවක් නෑ. කිසියම් පුද්ගලයකු රෝහලකට, දෙපාර්තමේන්තුවකට හෝ වෙනත් ඕනෑම රාජ්‍ය ආයතනයකට යාමට පළමුව සිදු කරන්නේ ඥාතියකු හෝ හඳුනන පුද්ගලයකු එම ආයතනයේ සිටිනවා දැයි විමසා බැලීම සහ ඔහුගෙන් හෝ ඇයගෙන් උදවු ගැනීමයි. මෙම උදවු ගැනීම පෝලිමේ නොසිට අදාළ කාර්යය ඉටු කර ගැනීමේ සිට කිසියම් හොර වැඩ ප්‍රමාණයක් සිදු කර ගැනීම දක්වා ව්‍යාප්ත වනවා. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් අපේ රටේ රාජ්‍ය සේවය තුළ නිර්මාණය වී තිබෙන්නේ ඇයි ? මෙය ගැඹුරින් විමසා බැලිය යුතු තත්ත්වයක්.

    මෙහෙම වෙන්න ප්‍රධානම හේතුව සමස්ත රාජ්‍ය සේවය තුළ ම සේවය කරන පුද්ගලයන් සතු නිවැරැදි නොවන වැරදි මනෝභාවයයි. එනම් රජයේ සේවයේ අස්සක් මුල්ලක් පුරාම පැතිර ඇති අති විශාල අවිධිමත් බවයි.

    මමත් ලංකාවේ රාජ්‍ය සේවා ආයතන වලට තොරතුරු තාක්ෂණ උපදෙස් දෙන්න ගියපු වෙලාවට දැකපු දේයක් තමයි එකම ආයතන පද්ධතියක වුනත් පුද්ගලයාගෙන් පුද්ගලයාට සේවය ලබා දීමේ ක්‍රමවේදයේ විශාල වෙනස්කම් රැසක් හඳුනා ගත හැකියි. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයාගේ මනෝභාවය (මයින්ඩ්සෙට් එක) මෙහි දී ඉතා වැදගත්. අති බහුතරයක් රාජ්‍ය සේවකයන් සිතන්නේ තමන් ඉහළ රැකියාවක් සිදු කරන වැදගත් අය බවයි. ඔවුන් කිසි විටෙකත් තමන් සාමාන්‍ය ජනතාවට සේවය කරන, ඔවුන්ගෙන් මාසිකව වැටුප් ගන්නා ශ්‍රමිකයන් පිරිසක් බව සිතන්නේ නැහැ. මේ නිසා තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර, රාජ්‍ය සේවකයන්ගේ විවිධ ගෙරවිලිවලට සහ අඩන්තේට්ටම්වලට මුහුණ දීමට අදාළ සේවය ලබා ගැනීම සඳහා පැමිණෙන සාමාන්‍ය පුද්ගලයාට සිදු වනවා. සමස්ත රාජ්‍ය සේවයට අදාළ යාන්ත්‍රණයම ගොඩනැඟී තිබෙන්නේ ජනතාවගේ සේවා අවශ්‍යතාවන් වෙනුවෙන් වුවත්, මෙම සේවය සපයන රාජ්‍ය සේවකයන්ට ඒ පිළිබඳව සවිඥානික අවබෝධයක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. බොහෝ දුරට ඔවුන් සේවයට වාර්තා කිරීමේ සිට සේවය සැපයීම දක්වා අදාළ රාජකාරිය මළ වධයක් ලෙස සිතනවා. එම මනෝභාවයෙන් යුක්තව සිටින කිසිදු පුද්ගලයකුට නියම රාජ්‍ය සේවකයකු බවට පත් විය නොහැකියි. මේ නිසා පීඩාවට පත් වන්නේ සාමාන්‍ය ජනතාවයි. රාජ්‍ය සේවකයාගේ හාම්පුතා සාමාන්‍ය ජනතාව වුව ද, අද සිදුව තිබෙන්නේ තමන් විසින් සේවයට බඳවාගෙන සිටින සේවකයාගේ වහලකු බවට පත් වීමටයි. රටේ රාජ්‍ය සේවය කාර්යක්ෂම, විධිමත් සහ ඵලදායී සේවයක් බවට පත්කරනවා යැයි ප්‍රකාශ කරන දේශපාලකයන්ට හැකි නම් මෙම තත්ත්වය වෙනස් කොට රාජ්‍ය සේවකයා ජනතාවගේ සේවකයකු බවට පත්කළ හැකියි. ඒ සඳහා විද්‍යාත්මක වැඩපිළිවෙළක් තිබිය යුතුයි.

    ලෝකය පුරා පෞද්ගලික අංශය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින්, ප්‍රසාරණය වෙමින් ලෝකයේ දෛනිකව වර්ධනය වන තාක්ෂණික සංවර්ධනයන් වේගයෙන් අත්පත් කර ගැනීම වුණත් ලංකාවේදී තාක්ෂණික වර්ධනයන් රාජ්‍ය සේවය තුළට ඇතුළත් කර ගැනීම පවතින්නේ ඉතාම පහළ අඩියකයි. Global Competitive Report – 2018 වාර්තාවට අනුව ලෝකයේ රටවල් 140ක් අතුරින් තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ වර්ධනයන් ආර්ථිකයට අත්පත් කර ගැනීම අතින් අප පසු වන්නේ 109 වැනි ස්ථානයේයි. එමඟින් ම අපේ රට තාක්ෂණයට දක්වන බිය හා සැකය දෘශ්‍යමාන වනවා. අද ලෝකයේ දියුණු සියලු රටවල් තාක්ෂණය ඉතා වේගයෙන් සිය රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්නවා. ඒ සිය ජනතාවට වඩා කාර්යක්ෂම සේවයක් ලබා දීමේ අදහසින්. නමුත්, අපේ රටේ එවැන්නක් සිදු වන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මේකට විසඳුම ලෙස අප ජනපතිවරයාට ගිය වසරේදී යෝජනා සෙට් එකක් ඉදිරිපත් කළා, කොවිඩ් පාලනය කළාට පස්සෙ මේවාට මූලිකත්වය දුන්නොත් ලොකු දෙයක්.

      මූලික වශයෙන් පහත අංශ තුනෙන් සැලකිය යුතුවෙනසක් කරන්න ලේසියෙන්ම පුළුවන්;

      A. ස්වයංක්‍රීයකරණය (Automation)

      අපේ නිරීක්ෂණ අනුව ලංකාවේ රාජ්‍ය සේවකයන් විශාල වශයෙන් කාලය වැය කරන්නේ කඩදාසි කොළවල ෆෝම් පිරවීම, වාර්තා තබා ගැනීම, ලේඛන පවත්වාගෙන යාම, රැස්වීම් සහ ප්‍රගති සමාලෝචන හමුවල කාලය ගත කිරීම, වාර්තා සැකසීම, දත්ත එක්රැස් කිරීම ආදිය සඳහායි. එමෙන්ම රාජ්‍ය සේවා යාන්ත්‍රණය ඒකාබද්ධ කර නොතිබීම හේතුවෙන් විශාල කාලයක් අන්තර් දෙපාර්තමේන්තු සහ ආයතන අතර රාජකාරි සඳහා වැය වනවා. ජනතාවට කිසියම් කාර්යයක් ඉටු කර ගැනීම සඳහා දින ගණනාවක් විවිධ ආයතන ගණනාවක රස්තියාදු වීමට සිදුව තිබෙනවා. නමුත්, තාක්ෂණය හඳුන්වා දෙන්නේ නම් මේ කාලය සියයට 90ක් ඉතිරි කර ගත හැකියි. අන්තර් දෙපාර්තමේන්තු සහ ආයතන අතර ඒකාබද්ධ දත්ත පද්ධතියක් සහ සේවා යාන්ත්‍රණය ගොඩනැඟීම ඉතාම වැදගත් වනවා. රාජ්‍ය සේවයේ බොහෝ කටයුතු ස්වයංක්‍රීය කළ හැකියි. අපේ රටේ බැංකු පද්ධතිය තුළ යම් පමණකට මෙම තත්ත්වය ඇති කර තිබෙනවා. උදේ 8.00 සහ සවස 3.00 බැංකු කටයුතු වෙනුවට අද පැය 24 පුරා ක්‍රියාත්මක බැංකු කටයුතු දැකිය හැකියි. රාජ්‍ය සේවයට මෙය සිදු කළ නොහැකි ද? රාජ්‍ය සේවයේ බොහෝ කටයුතු ද එලෙස ස්වයංක්‍රීයකරණය කළ හැකියි. කාලය ඉතිරි කිරීමටත්, රස්තියාදුව වැළැක්වීමටත්, කාර්යක්ෂම බව ඇති කිරීමටත් එවැනි තත්ත්වයක් වැදගත් වනවා.

      B. සාමුහික වැඩ කළමනාකරණය (Collaborative Work Management)

      බොහෝ රාජ්‍ය ආයතන අතර කිසිදු අන්තර් සහසම්බන්ධයක් නැහැ. මාර්ග සංවර්ධන අධිකාරිය සිදු කරන දේ ජලසම්පාදන මණ්ඩලය, CEB දන්නේ නැහැ. ඒ නිසා හැම දවසක ම හොඳට සාදා ඇති මහ පාරවල් ජලසම්පාදන මණ්ඩලය විසින් කපා දමමින් තිබෙනවා. කාපට් අසුරා හොඳින් වැඩ නිම කර තිබෙන අනන්තවත් මාවත් අද යළි යළිත් හාරා විනාශ කර තිබෙන අයුරුත්, ඒ නිසා ජනතාව දුක්විඳින අයුරුත් දැකිය හැකියි. ඒ වෙනුවට සාමුහික අන්තර් සහසම්බන්ධිත ආයතනික පද්ධතියක් නිර්මාණය කළ යුතුයි. හැම ආයතනයක්ම එක්ව වැඩ කළ යුතුයි. සියලු දෙනාගේ ඉලක්කය විය යුත්තේ ජනතාවට වඩා කාර්යක්ෂම සේවයක් ලබා දීමයි. සාමුහික බව සහ අන්තර් සහසම්බන්ධය ඇති කිරීම සඳහා අන්තර් ආයතනික දත්ත පද්ධතියක් ඇති කළ යුතුයි. හැඳුනුම් පත ලබා ගැනීමට, පළමුව ග්‍රාම නිලධාරී වෙතත්, දෙවනුව ප්‍රාදේශීය ලේකම් වෙතත්, අනතුරුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙතත් ජනතාවට යා යුතු නොවන තත්ත්වයක් පහසුවෙන් ඇති කළ හැකියි. ජනතා ප්‍රශ්න විසඳීමට තමන් සතු දත්ත සහ තොරතුරු නොවලහා බෙදා හදාගත යුතුයි. ජනතාවට අවශ්‍ය සේවා හැකිතරම් එක් තැනකින් සැපයිය යුතුයි. (Collaboration across Departments and Agencies) පොදු වේදිකාවක් වෙත සියලු සේවා රැගෙන ආ යුතුයි.

      Delete
    2. ඇමෙරිකාවේ ක්‍රියාත්මක වන ස්මාට්ශීට් (https://app.smartsheetgov.com/b/home) පද්ධතිය මේ සඳහා හොඳ ම නිදසුනයි. මෙම පද්ධතිය හරහා ජනතාවගේ සියලු දත්ත සහ තොරතුරු සෑම රාජ්‍ය ආයතනයක් අතර ම හුවමාරු කර ගත හැකියි. එමෙන් ම ඒවා පදනම් කරගෙන කාර්යක්ෂම ලෙස මහජන සේවා සැපයිය හැකියි. මේ වන විට ලෝකය පුරා මෙවැනි කටයුතු සිදු වන නමුත්, අපේ රටේ එවැනි තත්ත්වයක් දැකිය නොහැකියි.

      C. සේවා අන්තර්ජාලකරණය (The Internet of Things)

      ලංකාවේ වඩා ඵලදායී සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා බොහෝ දේ අන්තර්ජාලයෙන් සිදු කර ගත හැකි ලෙස සේවා ජාලගත කළ යුතුයි. මේ වන විටත් අපේ රටේ සාමාන්‍ය පුද්ගලයන්ට සියලු පෞද්ගලික අංශ ගෙවීම් අන්තර් ජාලය හරහා සිදු කළ හැකි තත්ත්වයක් ඇතිව තිබුණත්, රාජ්‍ය අංශය තුළ එවැනි තත්ත්වයක් නැහැ. තව දුරටත් විශාල කොළ ප්‍රමාණයක් පිරවිය යුතුයි. පෝලිමේ සිටිය යුතුයි. රාජ්‍ය සේවකයාගේ ගෙරවිලිවලට සවන් දිය යුතුයි. ඒ වෙනුවට ලෝකයේ බොහෝ රටවල පද්ධතිගත ගෙවීම් ක්‍රම හඳුන්වා දී අවසන්. අංකිත තාක්ෂණයෙන් බලගන්වන ලද සේවා පරිසරයන් නිර්මාණය කර තිබෙනවා. (Digitally Connected Environments) තාක්ෂණිකව සම්බන්ධ කරන ලද පරිසරයක් මෙහි දී ඉතා වැදගත්. විදුලිය, ජලය, දුරකථන ආදී මූලික සේවා සඳහd ‘Smart Meters’ ක්‍රමය හඳුන්වා දිය හැකියි. ඒවායේ ගෙවීම් අන්තර්ජාලයට මුසු කළ හැකියි. එමඟින් මිනිසුන්ගේ මහ පාරේ සහ ආයතනවල සිදු වෙන රස්තියාදුව හා කාලය කා දැමීම අවම කළ හැකියි. මෙවැනි තත්ත්වයක් ඇති කිරීම සඳහා ලෝකය පුරා රාජ්‍ය සේවය මේ වන විට වෙනස් වෙමින් තිබෙනවා. නමුත්, අපේ රටේ තවමත් පවතින්නේ සියවසකට වඩා පැරණි රාජ්‍ය ක්‍රියාපටිපාටියක්. මෙවැනි මන්දගාමී සහ පසුගාමී පරිසරයක් තුළ රටක් සංවර්ධනය කළ හැක්කේ කෙසේ ද යන්න බරපතළ ගැටලුවක්. රාජ්‍ය සේවයේ අවසාන ඉලක්කය ඉහළ ගුණාත්මක බවින් යුතු කාර්යක්ෂම සේවයක් හරහා ජනතාවට සේවය කිරීමයි. රාජ්‍ය යාන්ත්‍රණය ඔවුන් විසින් ගොඩනඟාගෙන තිබෙන්නේ වඩා යහපත් සරල ජීවිතයක් සඳහා මිස තැන් තැන්වල රස්තියාදු වීමට නොවෙයි. ලෝකයේ සෙසු රටවල් ඉතා වේගයෙන් ජනතාව ගැන සිතමින්, ඔවුන්ගේ ඉහළ ගුණාත්මක ජීවන තත්ත්වය ගැන සිතමින් වේගයෙන් වෙනස් වෙමින් තිබුණත්, අපට එසේ වීමට නොහැකි වී තිබෙනවා. රාජ්‍ය සේවය වඩා ඵලදායී සහ කාර්යක්ෂම කිරීමට සිතනවා නම්, ඉහත කරුණු වෙත අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. හොඳම දේ පුළුල්ව මහජනයා දැනුවත් කර මහජන සහය ඇතුව වෙනස්කම් කිරීමයි. එවිට වෘත්තීය සමිති වලට නිසි පිළිතුරු ජනතාවම දේවි.

      Delete
  4. දියව්වො ට්‍රයි කරන්නෙම රාජ්‍ය සේවෙට පැනගෙන දාර අයිස් පාරක් කෙලින ගමන් ජරාවෙන් පෝසත් වෙන්න.. ඒකයි ඕකුන් ඔච්චර දගලන්නෙ රස්සා ඉල්ල ඉල්ල.. මහන්සිවෙලා, කාර්‍යක්ෂම විධිහට වැඩ කරන්න කැමතිනම් පෞද්ගලික අශයේ ජොබ් ඕන තරම්... රාජ්‍ය සේවය ණය බරටත් වඩා බරක් රටට.. අත්‍යවශ්‍ය‍යම ඒවා ඉතුරු කරලා අනෙක් සියල්ල පෞද්ගලීකරණය කරන්න ඕනා, රට ගොඩ යන්නනම්...රටේ අනාගතය වෙනුවට ඊළඟ ඡ්න්දෙ ගැන හිතන දේසපාලුවො රාජ්‍ය සේවය වැඩි කිරීම වෙනුවෙන් එක හෙලා පෙනී සිටිනවා.. ඕක තමා ඇත්ත..

    ReplyDelete
  5. එච්චර මහන්සි වෙන්න ඕනේ නෑ සෙන්නා,

    ලංකාවේ සියලු ප්‍රශ්න විසඳන්න ඉතාමත් සරල බසින් ඉදිරිපත් කරන විශිෂ්ටම විග්‍රහයයි මේ. ලංකාවේ ඩොලර් බිලියන තිස් තුනක් විතර විදේශ ණය ඉතාමත් ඉක්මනින් වසරක් ඇතුළත මේ ක්‍රමය හරහා ලේසියෙන්ම සියලු ණය ගෙවා විසඳන්න පුළුවන්;

    https://www.facebook.com/anurakumara/videos/676827959963176/

    මේ කෙටි වීඩියෝ එක බලන්න. මම අභියෝග කරනවා ඕනම කෙනෙක්ට පුළුවන් නම් මේ වැඩපිළිවෙලට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා නම් කියන්න කියලා.

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා, මේව දැකල හිකෙන් පුනා, හාඩ් කෝ ජෙපි වහල්ලු ටික ෆෝම් කරන්න හොඳ වැල් බයිලා ටිකක්... අනේ දැන්වත් ඔය ලිං කටින් ගොඩ එන්න මිතුර... ඔය කියන රටවල් එක්ක ගෙවන්න තියෙන ණය වලට සාකච්ඡා කරන එක මොන ආණ්ඩුවත් කරනවා. අනිත් එක රටවල්වලට ගියාම වැඩියෙන් ඩොලර් එවන්න කියන එක ඔය හැම ඇමතිම, අගමැති, ජනාධිපති ඇතුලුව හැමෝම හැමදාම වගේ කරනවා. අනුරගේ කතාව විශිෂ්ට දැක්මක් නම් ඔය විශිෂ්ට දැක්ම දැන් අවුරුදු විස්සක් තිහක් තිස්සේ හැම දේශපාලන නායකයින්ටම තිබ්බ සහ ඒකෙන් මේ දක්වා වෙච්ච මගුලක් නෑ කියල තමයි කියන්න තියෙන්නේ මොකද මාතා මේ ගැන නුඹටත් අදහසක් තියෙනවා ද කියලා කියන්න බලන්න.

      Delete
  6. මාතා,

    මේ කතාවේ ඇත්තක් තියෙනවා ද?

    https://www.facebook.com/MawathaSL/videos/404791221038997/

    ReplyDelete
  7. ඔය කියන හවුල් පක්ෂ කොපමණ රැස්වුණත්, කොපමණ කාලයක් සාකච්ඡා කළත් වැඩක් නැහැ බන් මාතලන්. හැමදේම ඇමරිකන් කාරයෝ උන්ට ඕන විදියට ප්ලෑන් කරලා දැනටමත් ආරම්භ කරලා ඉවරයි. හවුල්කාර පක්ෂ වලට ඕනේ නම් පිටවෙලා යන්න කියලා තියෙද්දිත් මේ කරන උත්සාහයන් වැඩක් නැහැ නේද කියලා දැන්වත් හිතන්න... උදාහරණයක් විදියට දැන් යුගදනවි ගිවිසුම අත්සන් කරලත් අවසන්... මේක අත්සන් කරන බව මේ ගොල්ලෝ කලිනුත් දන්නවා. ඔය කියන හවුල් කාරයින් "නාට්‍ය හා රංග කලාව" විෂය හොඳටම හදාරලයි තියෙන්නේ.. මේවා කරන්නේ ඇමරිකන් බැසිල්... නන්දසේන වැඩ කරන්නේ බැසිල් කියන දේවල් වල හැටියට...

    තමන්ගේ රටට ගිහිල්ලා ජීවත් වෙන්න ආදායම් මාර්ග හදාගන්න එක ඕනෑම විදේශ රැකියා නියුක්තිකයෙක් කරන දෙයක්... ඉතින් මේ ආණ්ඩුවේ ලොකු අයත් ඒකම තමයි කරන්නේ... ඔවුන් ඇමරිකානුවන්. ඔවුන්ගේ වරදක් නැත...

    ReplyDelete
  8. විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරටට වාහනයක් ගෙන ඒමේ දී සහන සැලසීමට මහ බැංකුවේ සූදානමක් ඇතැයි වාර්තාවේ.

    ඒ අනුව විදේශගත ලාංකිකයන් මෙරටට වාහනයක් ගෙන ඒමේ දී අදාළ බදු මුදල් ඩොලර් වලින් ගෙවීෙම් අවස්ථාව ලබා දීමට සාකච්ඡා සිදුවෙමින් පවතී.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා පැවසුවේ තමන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊට කැමැත්ත පළ කර ඇති බවයි.

    මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙරට වාහන මිල ගණන් පහළ යනු ඇති බවත් රටේ ඩොලර් ප්‍රශ්නයටද විසඳුම් ලැබෙනු ඇති බවත් ඔහු පැවසීය.

    ReplyDelete
  9. රාජ්‍ය සේවකයන් ලක්ෂ දාහතරක් හරියට වැඩ කරනවාද කියා සොයා බැලිය යුතුමයි. ඊට බොහොම අඩු ගණනක් වෙන 225 එන්නෙ දිවි හිමියෙන් රට වැඩ කරන කියලනේ. එයාලා හරියට වැඩ කරනවද කියලා හොයා බලන්න ඕනි නැද්ද?

    එහෙම නොකරණ එකට දඬුවමක් නැද්ද?

    ReplyDelete
  10. Rajapaksha paramparawa ...ekka mona sanwaradanayakda..ranil pakaya thama rata kawe ..e balla labu a awasthawema deal da gatta esmonda nongal hukanna

    ReplyDelete
  11. මාතා මම කැම්පස් එකේ හොස්ටල් එකේ ඉන්නකොට පාට් ටයිම් ලව් කරන්න සෙට් වෙලා හිටියා නිමාලි කියලා කෙල්ලෙක් එක්ක. මම කමෙන්ට් කරල කියපු කලින් කතාවෙත් කිව්වා මතකයි නේද ඒකිගේ මෝල කොහොමද කියලා. ඇත්තටම වීඩියෝ කෝල් ඒම ගත්තම රන්දික ඔලුව උස්සගත්ත ගමන්මයි. ඒ කාලේ අපේ රූම් එකේ ඔක්කොම කොල්ලො 4යි මාත් එක්ක. වීඩියෝ කෝල් සැපක් ගන්න බෑ උන් ඉන්න නිසා. දවසක් රූම් එකේ ඉන්න උන් තුන්දෙනා පාටියකට ගියා. මං විතරයි රූම් එකේ. මට දෙයියෙක් පුපේ ඇරියා වගේ. රෑට කාලා ඒම ගත්තා නිමාලිට වීඩියෝ කෝල් එකක්. ඒකි ආන්ස්වර් කලත් මෙලෝ දෙයක් පේන්නේ නෑ. මං කිව්වා රූම් එකේ කවුරුත් නෑ එන්නකෝ තුරුලට කියලා. මෙන්න එතකොට මේකි ලයිට් දැම්මා. ලයිට් එලියට නයිටිය විනිවිද පේනවා මචං. රන්දික සරමත් අරගෙන වහලේ අල්ලන්න හදනවා. මුලින්ම වචන වලින් ආතල් එක දීලා මං කිව්වා මට බලන්න ඕනි කියලා. කියපු ගමන් මේකි නයිටිය ගැලෙව්වා. මට ඉන්න බෑ. ඒකිටත් ඒමයි කුම්කු මිරික ගන්නවා, රන්තිලකා අතගානවා. මං කිව්වා ඇඟිල්ලෙන් කරන්නකෝ කියලා. මේකි රන්තිලකට කෙල ටිකක් ඒම දාලා දඟල දඟල සැප ගන්න ගමන් කිව්වා ඔයාගේ එකත් බලන්න ඕනි කියලා. මං මගේ එකත් පෙන්නුවා. අනේ සුදු මහත්තයා ඔයත් කරන්නකෝ කිය කිය දැන් මේකි දඟලනවා. මාත් පටන් ගත්තා තට්ටයා මායිම් කරන්න.(අම්තේ ගහනවා කියලා ටයිප් කලාම රිපෝට් වදින්න ඉඩ තියෙනවා නේද?)

    දැන් පිස්සු වගේ මට මේකි දඟලන විදියට. ටිකකින් රත්තරන් මට යන්න එන්නේ ඔයත් යවන්න කිව්වා. ටිකකින් අනේ රත්තරන් මට යනවා. ඉන්න බෑ. ආවු ආවූ ආවූ කියලා නිමාගේ කෙඳිරිලි හඬක් එක්කම වගේ මටත් ගියා. ගියාට පස්සේ හුරතල් වචන කියන ගමන් මං ඩේටා ඕෆ් කලා. ඩේටා ඉවර උනා වගේ. විනාඩියක් විතර රන්දික අල්ලගෙන හිටියා විතරයි මතක. හීනෙන් වගේ ඇහුනා හිනාවෙන සද්දයක්....

    ඉතින් ප්‍රිය ක්‍රීඩා ලෝලී මිතුර මිතුරියනි ....ඇස් ඇරලා බලද්දී අරුන් තුන්දෙනා ඇවිත් කියපන්කෝ. මට නින්ද ගිහින් රන්දික අතේ තියාගෙන. විලි ලැජ්ජාවේ බෑ. උන් ෆොටොත් ගහලා. සතියක් විතර මං චාටර් උනා උන් ලඟ. බර්ත්ඩේ එක දවසට ඒම ඇම්ට දෙක සීතල වෙනවා උන් ඒ ෆොටො බුකියට දාලා විෂ් කරයි කියලා...

    මේ කතාවෙන් ගත හැකි ආදර්ශය - තට්ටයා මායම් කරලා ඉවර උන ගමන් කම්මැලිකමට ඉන්න එපා. ඉක්මණින් ක්ලීන් කරගනින්. නැත්නම් ලෝක අමාරුවක වැටෙන්න පුළුවන්. ස්තූතියි...!!!

    ReplyDelete
  12. මාතා,

    මොකද හිතන්නේ ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සාකච්ඡාව තුළ මතු කරන කාරණා ගැන?

    https://www.facebook.com/sinhala.adaderana.lk/videos/2889830617946923/

    ReplyDelete
    Replies
    1. ඌට ඇපත් නෑ නේ

      😜😜😜😜😜😜😜

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න