.

.

Oct 9, 2021

ස'', රිවර්ස් එකේ ගියා ඇති.. දැන්වත් ෆස්ට් එකට දාගමු..


ස'', රිවර්ස් එකේ ගියා ඇති..
දැන්වත් ෆස්ට් එකට දාගමු..
➖➖➖➖➖➖➖➖➖➖
.

මේ මාතෘකාවට අදාලව ලිවීමට මාතලන් විසින් ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් දෙදෙනෙකුගේ අදහස් එක් කර ගැනීමට කැමැත්තෙමි....

ඒ දෙදෙනා නම් දිලිත් ජයවීර හා නිර්මාල් රංජිත් දේවසිරි‍ය. 

දිලිත් ආන්ඩුවට හිතවත් ප්‍රධාන පෙලේ ව්‍යවසායකයකු වනාතර, නිර්මාල් වාමවාදී දේශපාලනයේ ගමන් කලත්, අන්මත ඉවසන, අනාගතය දකින, ඇකඩමික් පසුබිමක් සහිත ක්‍රියාකාරී දේශපාලන විශ්ලේෂකයෙක් ලෙස සැලකිය හැකිය.

දිලිත් කෙලින්ම කීවේ... පී බී ඔයා හිටියා හොදටම ඇති... බොහෝම ස්තූතියි... දැන් යන්න කියලාය...

නිර්මාල් කියන්නේ රාජපක්ෂ පවුලෙන් වියුක්ත වූ දේශපාලන ගමනක් ඉදිරියේදිත් නැති බවය. 

නිර්මාල්ගේ සම්පූර්ණ ලිපිය මේ පල් හෑල්ල අවසානයේ එල්ලන්නේය. .

මාතලන් බොහෝ කල් සිට කියන්නෙත් මෙයයි.. රටේ ලෝකේ නැති අමු කෙප්ප කෙලලා රාජපක්ෂලා ජනෙල් පොල්ලේ එල්ලු අද ඉන්නා විපක්ෂයේ සියල්ලො එකතුව කෙලපු පිස්සුව, රටේ අමනයන්ට අමතක වූවාට, මොළේ අබ මල් රේණුවක් තියෙනා එකෙකුට කිසිදා අමතක වන්නේ නැතිය.

එය 70-77 සත් වසරක සාපයටත් එහා ගිය රට සෑම අශයකින්ම විනාශ කර දැමූ කාළකන්නි යුගයකි. සිරිසේන, පාඨලී හා අනුර කුමාරගේ අභිලාෂය වී තිබුනේ රාජපක්ෂලාගෙන් පලිගැනීමය. උන් ඒ සඳහා මහ මොළකරු ලෙස යොදා ගත්තේ ශානී අබේසේකරය.

ශානිගේ පිටපත් අනුව රාජපක්ෂ හිතවාදීන් හිරේ දමා ඔවුන් ලවා රාජපක්ෂලා තමයි මේවා කරේ කියා ඔප්පු කිරීමට දත කෑවද, ඔවුන් සියල්ලෝම කීවේ බොරු කීමට නොහැකි බවයි. ඇත්ත හෝ බොරු හෝ වේවා. ඒ මහින්ද රාජපක්ෂ ගොඩනගාගත් හිතවත් කම හා විශ්වාසයයි.

නැවතත් රාජපක්ෂ කෙනෙක්ම වන ඝෝඨා බලයට එන්නේ එවන් කාළකන්නි යුගයකින් අනතුරුවය. ඔහුට ලැබෙනුයේ සෑම අතින්ම පිරිහුන රටකි. එය ඉතා ඉක්මනින්ම වෙනස් කර ගොඩගනු ඇතයි විශ්වාස කලේ 69 ලක්ෂයක් පමණක් නොවේය.

රාජපක්ෂ විරෝධීන්ගේ බලාපොරොත්තුවද එයම වූ බව පැහැදිලිව පෙනෙනුයේ, ඉච්ඡාභංගත්වයේ වදනක් වන "ස ෆේල්" යන වේදනාත්මක ප්‍රකාෂයෙන්මය.

අවුරුදු පහක් ඇතුලත සෑම අංශයක්ම ජරා ජීර්ණ වී කුණු ඕජස් ගලන හිඟන මානසිකත්වයෙන් යුතු ජීවීන් පිරි රටක්.., ආර්ථිකමය වශයෙන් හෝ සමාජීය වශයෙන් ඉදිරියට ඒයැයි කියා මාතලන් නම් කිසි දිනෙක විශ්වාස කරන්නේ නැතිය.

ලෝකයම වෙලාගත් වසංගතයක් පවතින වෙලවක රටේ අනාගත ජීවනාලියේ අධ්‍යාපන අයිතිය උකසට තබා වැඩි පඩි ඉල්ලන ගුරුවරුන් හා රෝගීන් උකසට තබා දීමනා ඉල්ලන සෞඛ්‍ය සේවකයන් ලොව කිසිඳු රටක මාතලන් නම් දැක්කේම නැතිය.

එවන් කාලකන්නින්ට ප්‍රජාතන්ත්‍රවාදය දීසියක තබා ප්‍රදානය කිරීමත්, අග්‍රපුරෝහිත ලෙස මේ රටේ කොඩිවිනය වූ රාජ්‍ය සේවයේ සිටි ගල් යුගයේ චින්තනයක් සහිත ගල් වැද්දෙක් පත්කර ගැනීමත් යන කරුණු ගැන පාපෝච්චාරණයක්..., වසර දෙකක් ගත වී හෝ මතුවීම, රාජපක්ෂලාගේ ඉදිරි පැවැත්මට ඉතා විශාල ලෙස බලපාන බව නැවතත් ලියා තැබිය යුතුමය.

ඝෝඨා කිවේ මහින්ද තරම් තමන්ට අත්දැකීම් නොමැති නිසා තමන්ගෙන් යම් යම් අඩුපාඩූ සිඳුවෙන්නට ඇති බවකි. 

තමන් සියල්ල දත් යැයි සිතමින්, තමන්ගේ තනි මතයට ඉදිරි වසර කීපයත් ධූරයේ සිටිමින්, ඒකාධිපතියකු ලෙස උද්දච්ඡ ආකාරයෙක් ක්‍රියා කරනවාට වඩා... සියල්ලන් හා සකච්ඡා කොට, වඩාත් නිවැරදි තීන්දුවලට එලඹීමට තිරණය කිරීම... අමනයන්ගේ අමානන්දයට හේතූ වී ඇතත්, මාතලන් නම් දකින්නේ එය ඉතා ඉදිරිගාමි ප්‍රජාතන්ත්‍රවාදී නිහතමානී ප්‍රකාෂයක් ලෙසය. 

ඇත්ත වශයෙන්ම ඝෝඨා මුලින්ම තමාගේ දකුණු අත කර ගතව තිබුනේ පී බී ජයසුන්දර නම් ගල් වැද්දා නොව වෙනම දේශපාලන ෆිලෝසොපියක් වූ මහින්ද රාජපක්ෂය. 

රාජපක්ෂ පවුලේ පමණක් නොව පොහොට්ටුවේද ලුම්පන් වෙළඳ ප්‍රජාවේද, බහුතර සිංහළ බෞද්ධ ජන ප්‍රජාවගේද, අනෙකුත් දිළිඳු ජන ප්‍රජාවගේද රැකවරණය ඇත්තේ ඔහුගේ විස්ඩම් එක තුලය.

කොටින්ම ඝෝඨාගේ දේශපාලන පාර්ෂවය විය යුතුව තිබුනේ පට්ට ෆේල් වියත් මග නොව මහින්ද රාජපක්ෂ හා රාජපක්ෂවාදී දේශපාලන ප්‍රජාවයි.

මන්ද, ඔය වියතුන් අති බහුතරය දේශපාලනිකව හෝ වෙනත් කුමන අශයකින්වත් මේ රටට කල ලබ්බක් නොමැති නිසාමය. එසේ යමක් කළ එකම එක වියතා, ලලිත් ඇතුලත්මුදලි පමණක්ම බව ඔහුට ගෞරවයක් ලෙස ලියා තැබිය යුතුමය.

වම් අත ලෙස පත්කර ගත යුතුව තිබුනේ, පොහොට්ටුව ගොඩනැගූ, පොහොට්ටුවේ නිර්මාතෘ, මහින්දගේ ආර්තිකය හැසිරවූ මොළ හතක් තිබේ යැයි ගෝලයන් කියනා බැසිල් රාජපක්ෂය.

පී බී නැතුවම බැරි නම් එයා දාන්න තිබුනේ බැසිල් යටතේ මිස..., බැසිල්ලා හා දේශපාලකයින් ඔහු යටතේ නොවය.

ඝෝඨා දේශපාලුවකු නොවනා බව ඇත්තය. එහෙත් දැන් ඔහු ඉන්නේ දේශපාලකයින්  විසින් ලබා දුන් නිළධාරී පත්වීමක නොවේය. රටේ බහුතර ජනතාවගේ චන්දයෙන් පත්, සියළුම ජනතාවගේ දේශපාලන නායකයා ලෙස ලද රටේ ඉහළම පුටුවේය. 

ඔහු දැන් රපෝර්තු කළ යුත්තේ මහින්ද රාජපක්ෂට නොව ජනතාවටය. සියළුම ජනතාව හා එලෙස කටයුතු කළ නොහැකි බැවින් ඔහු කටයුතු කළ යුත්තේ හමුදාවේ නිළධාරීන්වත් රාජ්‍ය නිළධාරීන් හෝ සමඟ නොවේය. පක්ෂ විපක්ෂ දේශපාලුවන් සමඟය.

තමා යම් දෙයක් කිරීමට බලාපොරොත්තුවන්නේ නම්, එය මුලින්ම කැබිනට් මණ්ඩලයේත්, ඉන් පසු පක්ෂයේ සියළුම පාර්ලිමේන්තු නියෝජිතයින් සමඟද, ඉන් පසු වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විපක්ෂයටද අදහස් දැක්වීමට පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කරමින් කටයුතු කළේ නම්...

වාහන හා අත්‍යාවශ්‍ය භාන්ඩ ආනයන තහනම්, කහ තහනම්, ඩඩ්ලිලාට කෙලින්නට යාම්, ආන්ඩුව බිස්නස් කරන්න යාම්,පොහොර තහනම්, ලැප්ටොප් හා ෆෝන් තහනම් වැනි නිදහස් වෙළද පොළ ආර්ථිකයට පී බී විසින් එල්ල කරනා ලද මරු පහරවල් කිසිවක්ම සිඳු නොවීමට ඉඩ තිබුනේය.

අප චන්දය දුන්නේ ඝෝඨාභය රාජපක්ෂටය. ඒ මහින්ද රාජපක්ෂ ගැන විශ්වාසය තබා ඔහුගේ වැඩ පිලිවල ඉදිරියට ගෙනයාවි යයි විශ්වාසයෙන් මිස...

පී බී ජයසුන්දර වැනි ගල් වැද්දකු හා එක්ව, 70-77 සිරිමා හා වමේ කාළකන්නින් රටට උදාකල සත් වසක සාපයට රට ගෙනයාමට නොවනා බව ආන්ඩුවේ සියල්ලෝම දැනගන්නා එක...

සියල්ලන්ගේම යහපතට මෙන්ම අනාගතයටත් ඉතා හොඳය....

නිර්මාල්ගේ ලිපියද මෙයට අමුනනා බැවින් සිඳුවිය යුත්තේ කුමක්ද යන්න.. තවත් ලිපියකින් ඉදිරියේදී ගෙන එමි.

--------------------------------------------------------------------

රාජපක්ෂ පවුල හා
ලංකාවේ දේශපාලන අනාගතය!!!
➖➖➖➖➖➖➖➖➖➖➖➖

By - මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

දැනට ලංකාවේ දේශපාලන ව්‍යුහය සකස් වී තිබෙන ආකාරය දෙස බැලූ විට ඉදිරි කාලය තුළ ලංකාවේ දේශපාලන සමතුළිතභාවය හා ස්ථාවරත්වය පවත්වාගෙන යාමට රාජපක්ෂ පවුලේ සමාජිකයින් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු බව පෙනේ. 

තවමත් ලංකාවේ ආණ්ඩු බලය ලබාගෙන එය සැලකිය යුතු කාලයක් පවත්වාගෙන යාමට හැකියාව පෙන්වන්නේ රාජපක්ෂ පවුල විසින් නායකත්වය සපයනු ලබන දේශපාලන කදවුර පමණි. ඒ කදවුර දෙස බැලූ විටද එහි ඉහළ නායකත්ව තනතුරු දැරීමට හැකියාව ඇත්තේ රාජපක්ෂ පවුලට බව පෙනේ. 

කිසියම් හෙයකින් එහි ඉහළ තනතුරු රාජපක්ෂ පවුලෙන් පිටතට පැමිණිය හොත් ඒ සදහා විවිධ කුළල් කා ගැනීම් ඇතිවනු නොඅනුමානය. එවැනි ඉහළ තනතුරු සදහා රාජපක්ෂ පවුලේ සාමාජිකයින් පත් වූ විට සෙසු අය ඒ පත්වීම් විවේචනය නොකර පහළ තනතුරු වලින් සෑහීමට පත්වී සිටිනු ඇත. 

ඒ අනුව බල පිරමීඩය ආරක්ෂා වනු ඇත. 
වාසනාවට රාජපක්ෂ පවුල විශාල විස්තෘත පවුලක් බැවින් බල පිරමීඩයේ ඉහළ තනතුරු සදහා ප්‍රමාණවත් පිරිසක් ඒ විස්තෘත පවුල තුළින් සොයා ගැනීම දුෂ්කර නොවේ. 

ආණ්ඩු බලය ලබාගෙන දිගු කාලයක් පවත්වාගෙන යා හැකි දේශපාලන නායකත්වයක් හා දේශපාලන බල කදවුරක් නිර්මාණය වනතුරු රාජපක්ෂ පවුලේ සාමාජිකයින් දේශපාලන බල පිරමීඩයේ ඉහළ තනතුරු හෙබවීම යහපත්ය. 

මන් ද දැනට තියෙන තත්වය තුළ ඓන්ද්‍රීය දේශපාලන අර්බුදයක් නිර්මාණය වීම එතරම් යහපත් දෙයක් නොවන බැවිණි.

.

20 comments:

  1. හොඳ පෝස්ට් එකක් මාතා,

    කිවයුතු සියලු දේ මනාව පැහැදිලි කරල තියෙන්නෙ. ලංකාවේ නිහඬ බහුතරයක් දෙනාගේ මතය මේක තමයි.

    හැබැයි රාජපක්ෂ රෙජී මය පරාජය කිරීමට පුළුවන් එකම එක මගක් තියෙනවා. ඒ මේ රටේ බහුතරයක් මිනිස්සු සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනකොටස් වල අතිබහුතර විශ්වාසය දිනාගෙන ආකර්ෂණීය පෞරුෂයකින් යුත් පිරිපුන් නායකයෙක් සහිත අලුත්ම පක්ෂයක් ගොඩ නැගීමයි. බලය ලබාගැනීම ලෙහෙසියෙන් කරන්න පුළුවන් වුණත් දැඩි ලෙස කුලල් කා ගන්නා ලංකාවෙ ත්රාඩ අවස්ථාවාදී අතිශය ආත්මාර්ථකාමී කුහක කාලකන්නි දේශපාලන පක්ෂ හා වෙනත් කල්ලි කණ්ඩායම් සමග රට පාලනය කරන එක ඉතාමත්ම අමාරු දෙයක් හරියට අතුරේ යන ගමන් දැලි පිහියෙන් කිරි කනවා වගේ. ඒ නිසා මේ වගේ දැඩි ලෙස ආර්ථිකය කඩා වැටී බංකොලොත් වී ඇති රටක් ලෙස මේ රට ගොඩ ගැනීම කෙසේ වෙතත් නොවැටී තබා ගැනීමත් ඉතාමත්ම අමාරු දෙයක්. දැන් වත් ස්වයං විවේචනයක් සහිතව වැරදි හදාගෙන හොඳ ටීම් එකක් දාගෙන පී බී මළ හෝන්තුව වෙනුවට ලලිත් වීරතුංග හෝ එවැනි අලුත් කාර්යශූර අයෙක් ඇතුළු පිරිසක්, අඩුම තරමේ ධම්මික පෙරේරාට දුන්නත් කමක් නෑ පී බී එළවලා, සමග නව වැඩ පිළිවෙලක් ආරම්භ කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. @ Anonymous October 9, 2021 at 10:01 PM

      ///ඒ මේ රටේ බහුතරයක් මිනිස්සු සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනකොටස් වල අතිබහුතර විශ්වාසය දිනාගෙන ආකර්ෂණීය පෞරුෂයකින් යුත් පිරිපුන් නායකයෙක් සහිත අලුත්ම පක්ෂයක් ගොඩ නැගීමයි.//

      කොහෙද බන් එහෙම එකෙක් ඉන්නේ? එහෙම නායකයෝ නෑ. අපිට නායකයෝ කියලා ඉන්න ලෝක මට්ටමේ නායකයන් එක්ක බලද්දි හරිම පුංචි අඟුටුමිට්ටන් වගේ විකාර කාරයෝ ටිකක්. සාපේක්ෂව සිංහල මිනිස්සු විතරක් ගත්තාම මහින්ද රාජපක්ෂ ටිකක් විතර හොඳයි පී ආර් එක පැත්තෙන්. අඩුම තරමින් අල්ලපු රටේ (ඉන්දියානු) නායකයින් එක්ක ගත්තම, ලංකාවේ සිංහල නායකයින් විතරක් නෙමෙයි, සිංහල දෙමළ, මුස්ලිම් හැම නායකයෙක්ම නූතන සංකල්ප පිළිබඳ මළපොතේ අකුරක්වත් දැනගෙන හිටියෙ නැහැ. පිටරට ගිහින් ඉංග‍්‍රීසි ටිකක් කතා කරන, ටයි කෝට් ඇඳපු බොරු සෝබන නායකයන්ට ජාතික රාජ්‍ය කියන පදයේ සැබෑ ප්‍රායෝගික අර්ථය ගැනවත් න්‍යායික අවබෝධයක්වත් තිබුණෙ නැහැ. ජාතිය කියන දේ ගැනත් න්‍යායික අවබෝධයක් තිබුණෙ නැහැ. ලංකාවේ වාමාංශකයින් පවා ගොඩනැගුවෙ ජාතිය නෙමේ පංතියයි. අපේ නායකයින්ට දැක්මක් තිබුණෙ නැහැ. එක කුල භේදයට තිබුණ පිළිගැනීම නැති කළේ නැහැ. උස් පහත් භේදය නැති කළේ නැහැ. ඒක වහාම නැති කරන්න බැහැ. ශක්තිමත් අත්තිවාරමක් දැමිය යුතුයි. දෙවෙනි කාරණය වර්ගවලට අයත්, විවිධ ආගම්වලට අයත් ජනයා අතර සංහිඳියාවක් ඇති කිරීමට අසමත් වුණා. ඇත්තටම නිදහස ලබන අවස්ථාව වන විට, ලබන්න යන නිදහසක් ගැන කතාකරන්න යන අවස්ථාවක් වනවිට නිදහස ගැන සැකෙන් බලපු දෙකොට්ඨාශයක් ලංකාවෙ හිටිය.

      01. ලංකාවේ දමිළ මුස්ලිම් බර්ගර් සුළු වාර්ගික ජනයාගේ නායකයින්.

      02. සුළු පීඩිත කුලවල ජනයාගේ නායකයින්.

      මේ දෙපිරිසම ඩොනමෝර් කොමිසම වෙත වෙන්වෙන්ව තමන්ගෙ දුක් ගැනවිලි ඉදිරිපත් කෙරුව. ඩොනමෝර් කිව්ව, තාම ලංකාවට නිදහස දෙන්න මෝරල නැහැ කියල. සුළු ජාතික නායකයින් කිව්වා දැන් නිදහස දුන්නොත් එහෙම මහ ජාතියේ ආධිපත්‍යයක් ඇතිවෙලා අපි පීඩාවට පත්කරනව කියල. පීඩිත කුලවල නායකයො කිව්වා එහෙම වුනොත් ගොවිගම, වෙල්ලාල ආධිපත්‍යයක් ඇති වෙලා අපිව පීඩාවට පත්කරයි කියල. ඉතා බරපතල බෙදීමක් ඇතිවෙලයි පැවතුනෙ.

      ඇත්තෙන්ම ඒ කිසිම ප‍්‍රශ්නයකට විසඳුම් නැතුව, කිසිදු අරගලයකුත් නැතුව තමයි අපි නිදහස ගත්තේ. නිදහස අපට උරුම කරදුන් කිසිම විශේෂ දෙයක් නැහැ. නිදහස් චින්තනයක් අපිට උරුම කෙරුවෙ නැහැ. හිතන්න මතන්න අපිව පුරුදු කෙරුවෙ නැහැ. ජීවිත කෙරෙහි ඉදිරිගාමි ලෙස බලපාන කිසිදෙයක් අපිට ලැබුණෙ නැහැ. නිදහස අරගෙන අපි ඉස්සරහට යන්න උත්සාහ කළේ නැහැ. ශක්තිමත් පදනමකින්, හරිවිදිහට නෙමෙයි අපේ දැතිරෝද කැරකුනෙත්. හැම නායකයෙක්ම, වර්ගය, ආගම, කුලය මේවා කරගහගෙන තමයි ඉස්සරහට යන්නගත්තෙ. ඒ යන ක‍්‍රියාවලිය තුළ මුලදී අවුල් ඇති වුණා. ජාතිවාදී කෝලහල ඇති වුණා. ඒවා ටික වෙලාවකට යටපත් කළත් ගොජ දමන දෙයක් හැටියට එළියට පැන්නා. මහා ලේ ගංගාවකට රට තල්ලූ කෙරුවා. ඒ ලේ ගංගාව එන්න ඉස්සරවෙලා අපිට අවුල් තිබුණා. ලංකාවේ ආණ්ඩුක‍්‍රමයෙත් අවුල් සෑහෙන්න තිබුණා.

      Delete
    2. කොටින්ම කියනවා නම් ඔහේ තරගෙට ව්‍යවස්ථා හදපු රටක් තමයි ලංකාව. දැන් හතරවෙනි ව්‍යවස්ථාව හදන්න වෙන්නේ. අපි කියන්නෙ නම් ලංකාවේ අපි හරි ශීලාචාර ජාතියක් කියල. ශීලාචාර රටක් කියල. ඒත් පණත් විදිහට තමයි ව්‍යවස්ථා හදන්නෙ. සාමාන්‍යයෙන් ව්‍යවස්ථාවක් හදන්නේ අවුරුදු සියයකට විතර, සමහරවිට අවුරුදු හාර පන්සියයකට විතර. එකක් හදනවා ඒක අපිට අවුරුදු පහකින් දහයකින් එපා වෙයි. ඊට පස්සෙ තවත් එකක් දහනව. මේ වගේ ගමනක් තමයි අපි යන්නෙ. සියල්ල අවසන් වෙනකොට ලංකාව සුන්බුන් ගොඩක් ලෙස ඉතුරුවුණා.

      ඉතාම වැදගත් දේ තමයි, නිදහස ලබාගන්නාවිට අපි හිටපු තැන. තුලනාත්මකව බැලූවොත් අපි බනින සුද්දා අපිට ඉඩ දීලා යනකොට දකුණු ආසියාවෙ නෙමෙයි, මුලූ ආසියාවෙම දර්ශක විශාල සංඛ්‍යාවකින් අපි බැබලෙන රටක් බවට පත් වුණා. අපේ සෞඛ්‍ය දර්ශක ගත්තොත් බැබලෙන තත්ත්වයක හිටියෙ. අකුරු උගත්කම වැනි දර්ශක ගත්තොත් අපි බැබලෙන තත්ත්වයක හිටියෙ. යටිතල පහසුකම්වල දි අපි ඉහලින්ම හිටියෙ. ඒ කාලේ චිත්‍රපටි වල කොළඹ නගරෙ ට‍්‍රෑම්ප් කාර්, ට්‍රොලි බස් දුවනව. (1947 කඩවුණු පොරොන්දුව, කොළොම්පුරේ ශ්‍රියා) සමහර රටවල් අපිට දශක ගණනාවකට පස්සෙහි ඒවා ගත්තෙ. සීජීආර් රේල්වේ දෙපාර්තමේන්තුව එදා රාජ්‍ය ආධායමෙන් 30%ක් ඉපදෙව්වා. තුලනාත්මක වශයෙන් දියුණු මට්ටමක තිබුණු රටක්.

      හැබැයි ඒ දියුණු මට්ටම අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉන් පසු කලෙකට පස්සෙ හැම නායකයෙක්ම අඩු වැඩි වශයෙන් අසමත් වුණා. අපි දියුණුව කරා ගෙනයනවා වෙනුවට හැම නායකයෙක්ම අපිව ගෙන ගියේ ඉතාම අශිලාචාර තැනකට. ඒ අශීලාචාර වලට අපිව තල්ලූ කරමින් තමයි ඒගොල්ල දේශපාලනය කෙරුවෙ.
      ඉන්දියානු නායකයො බැලූවොත් නේරුගෙ, ගාන්ධිගෙ ඉඳලා මෝදි දක්වාම අවම වශයෙන් තමන්ගෙ දැක්ම පිළිබඳව විශ්ලේෂනාත්මකව එක පොතක්වත් ලියල තියෙනව. සමහර අය ලියන පොත් ප‍්‍රමාණය විශාලයි. අපේ නායකයො ඩී.එස්. සේනානායක ඉඳලා අද දක්වා එකම පොතක්වත් ලියලා නෑ එක්කෙනෙක් ඇරෙන්න. ඒ ගොල්ල කරල තියෙන්නෙ තැන්තැන්වල ගිහිල්ල කරන කිසිම හරයක් නැති කතා කාණ්ඩවලට එකතුකරල පොත් ගහල තියෙන එක. අර උඩ කියපු එකම පොත ලිව්ව නායකයගෙ පොතේ මාතෘකාව ‘මාහේනේ රීරි යකා’ ඒකෙන් තේරුම් ගන්න පුලූවන් කොච්චර කයිවාරු ගැහුවත් අපි කොයිතරම් කනගාටුදායක අසරණ තත්ත්වයකද ඉන්නෙ කියල.
      මේ සියලූ අවුල් ඇතුළෙ අපි නිදහස් වෙළද පොල ක‍්‍රමයකට මාරුවුණා. අපි වැඩවසම් ක‍්‍රමය අතහැරියා. පැරණි රාජාණ්ඩු ක‍්‍රමය වෙනුවට අපි නූතන ආණ්ඩුක‍්‍රමය තෝර ගත්තා. පැරණි වැඩවසම් රාජ්‍ය ක‍්‍රමය වෙනුවට අපි ජාතික රාජ්‍ය ක‍්‍රමය තෝරගත්තා. ඒකෙ ලොකු හිඩැසක් තියනව. මොකද ඒකේ පැවැත්මට අවශ්‍ය ජාතිය කියන සංකල්පය නැතුව තමයි, අපේ නායකයින් ජාතික රාජ්‍ය කියන තැනට දක්න්න උත්සාහ කෙරුවෙ. දැන් තමයි ජාතිය ගොඩනැගීම ගැන මතක්වෙලා තියෙන්නෙ හතලිස් අටට පස්සේ. ඒත් විධිමත් විදිහකට නෙමයි. ජාතිය ගොඩනගන්න බෑ ව්‍යවස්ථාවෙන්. ජාතිය ගොඩනගන්න රටටම මේවා පිළිබඳව පුළුල්ව මුළු රටම හැම ජන වර්ගයකටම පිළිගත හැකි පැහැදිලි දර්ශනයක් තිබිය යුතුයි.

      සාපේක්ෂව ලංකාවේ අල්ලපු රට ඉන්දියාවේ රාජ්‍යය හා සමාජ -දේශපාලන ක්‍රමය ගොඩනගා ගෙන තිබුනේ එම සමස්ත ක්‍රමය හා එය පාදක කරගත් ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ වගකීම ශ්‍රේෂ්ඨාධිකරණයට බාරවන අකාරයකට. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය එම වගකීම. අකුරටම ඉටුකළා. ඉන්දියානු දේශපාලකයින්ට පටුවුවමනාවන් සදහා දේශපාලන ක්‍රමය විකෘති කිරීමට ඉඩ නොදෙන දැඩි ප්‍රතිපත්තියක එය පවත්වාගෙන ගිය නිසා බේරුණා.

      Delete
    3. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

      Delete
  2. මාතලන්,

    මේ වගේම ආර්ථික සංවර්ධන සැලැස්ම කෙසේ සකස් විය යුතුයිද යන කරුණ පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි තබා ඇති මේ සටහන ගැන ඔබගේ අදහස් මොනවා ද? මේ හා සමාන ලංකාවේ සමාජවාදී භාවිතාව සහ නලීන් ද සිල්වා ප්‍රමුඛ සිංහල ජාතිකවාදී සමාජවාදීන් ඇඩම් ස්මිත්ගේ නිදහස් වෙළඳ පොළ ක්‍රමය වෙත කෙමෙන් කෙමෙන් රූපාන්තරණය වීම ගැන සහ වීරවංශ ගම්මන්පිල වැනි අයගේ සමාජවාදී සහ ආර්ථික-ජාතිවාදී (දේශීය ආර්ථික) සංකල්පනා විවේචනය කරමින් ඔබද දීර්ඝ වශයෙන් පෝස්ට් කීපයක් පුරා සාකච්ඡා කළ නිසා මෙය වැදගත් යැයි සිතමි.

    //“උපන්ගෙයි සමාජවාදය" හා "යොහානි ආචරණය“

    (අනාගත දේශපාලන දැක්මක් සදහා සටහනක්)

    ගුණදාස අමරසේකර කීවේ සිංහලයා “උපන්ගෙයි සමාජවාදී“ බවයි. මෙහි යම් ඇත්තක් තිබේ. 13වන ශතවර්ෂයෙන් පසුව විකාශය වූ “සිංහල“ සමාජය මූළික වශයෙන්ම “ගංගොඩ“ නමින් හැදින්වුනු, ඥාතිත්වය මත පදනම්ව සංවිධානය වූ, භූගෝලීය වශයෙන් හුදෙකලා වූ, කුඩා ගැමිගොවි (Peasant) ඒකක විශාල ප්‍රමාණයකින් සමන්විත වූ සමාජයකි. මේ තත්වය වෙනස් වූයේ 1930 ගණන්වල සිට සිදුවූ අති දැවැන්ත ජනගහන වර්ධනය නිසාය. අමරසේකර “සමාජවාදී“ නමින් හදුන්වන්නේ මේ ගැමිගොවි සමාජවල පැවති ඥාතිත්වය මත පදනම් වූ සාමූහික ජීවිතයයි.

    දැන් ධනවාදී බවට පත් කිරීමට උත්සාහ කරන්නේ මේ ගැමිගොවි සමාජයයි. කලක් අමරසේකරගේ සගයා වූ නලින් ද සිල්වා ද මෙම ධනවාදීකරණය වෙනුවෙන් පෙනී සිටින බව පෙනේ.

    දින කීපයකට පෙර අයිලන්ඩ් පුවත් පතේ පළ වූ ලිපියක් මගින් ප්‍රකාශ කෙරුණේ දැන් ලෝක ප්‍රසිද්ධ යොහානි ගේ මැණිකේ මගේ හිතේ“ ගීතයෙන් ඉන්දියාව වාසි ලබන අතර ලංකාව ඉන් වාසි ලැබීමට අසමත් වී ඇති බවයි. මෙය ඇත්තකි. ඉන්දියාව තුළ බ්‍රිතාන්‍ය පාලනය තහවුරු වීමටත් පෙර ශක්තිමත් ප්‍රාථමික ප්‍රාග්ධන සමුච්ඡනයක් හා ධනවාදී ආර්ථික ක්‍රියාකාරකම් ක්ෂේත්‍රයක් වර්ධනය විය. ලංකාව තුළ තත්වය එසේ නොවේ. ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය මුල්කාලයේ පාලනය කලේද ඉන්දියාවෙන් සංක්‍රමණය වූ නාට්ටුකොට්ටු චෙට්ටියාර් වරුය. අනගාරික ධර්මපාලට මේ තත්වය ගැන හොද ඉවක් තිබුණද ඒ පිළිබද වැදගත් යමක් කිරීමට ඔහු සමත් වූයේ නැත.
    ලංකාවේ නවීන යැයි කිව හැකි පසුව වාණිජකරණය වූ සෑම දෙයක්ම බිහි වුනේ ඉන්දියාව (සංගීතය, සිනමාව වැනි) හෝ බටහිර (ක්‍රීඩා සහ වෙනත් බොහෝ දේ) සාධක මැදිහත් වීමෙනි.

    මේ නිසා “යොහානි“ වැනි සංසිද්ධීන් වලින් ඵල ලැබීමට ලංකාවට නොහැකිය. මෙය ක්‍රිකට් වලටත් අදාළය. 1990ගණන්වල අගභාගයේ ලෝකයේ හොදම සහ වාණිජ වශයෙන් ආකර්ශණීයම ක්‍රිකට් කණ්ඩායම සිටියේ ලංකාවටයි. නමුත් එය සාර්ථක ලෙස වාණිජ කරණය කිරීමට ලංකාව සමත් වූයේ නැත. ඒ වෙනුවට සිදු වූයේ ක්‍රීඩකයින්, ක්‍රිකට් පරිපාලකයින් හා දේශපාලකයින් තාවකාලිකව සල්ලි ටිකක් හම්බ කරගැනීමයි. ඉන්දියාව සාර්ථක ලෙස ක්‍රිකට් වාණිජකරණය කරමින් අයිපීඑල් නම් දැවැන්ත ධන නිධානය බිහිකළේය.

    මේ තත්වය වෙනස් කිරීමට ගෝඨාට හා චම්පිකට පමණක් නොව නාමල් රාජපක්ෂටත් හැකි වේ යැයි නොසිතමි. කළ හැක්කේ බිහිවන ධනවාදී ලෝක පද්ධතියක (එම්මෑනුවෙල් වොලර්ස්ටීන්ගේ අර්ථයෙන්) පරිවාර ප්‍රදේශයක් වීම පමණි.

    මෙහි දේශපාලන නිගමනය වන්නේ ලංකාව ධනවාදී කිරීමට උත්සාහ කිරීම කළ නොහැකි බැවින් කිරීමට උත්සාහ නොකළ යුතු දෙයක්ය යන්නයි.//

    මූලාශ්‍රය:

    https://www.facebook.com/100000285106001/posts/4804723082880481/

    කෙසේ නමුත් මම හිතන්නේ මෙය වෙනස් කළ යුතු බවත් එය හැකි බවත්ය. මේ සඳහා ලංකාවේ ඉඳන් ලංකාව කෙළවෙනකම් කෙළ හලමින් වැලපෙන උන්ට ලංකාවෙන් පිට වී කැමති රටවල් වලට සංක්‍රමණය වීමට ඉඩ දිය යුතු අතර ලංකාවේ ආයෝජන කරමින් මෙරට දියුණු කිරීමට කැමති බටහිර රටවල්, චීනය ඉන්දියාව සහ මියන්මාර්, කාම්බෝජය වැනි වෙනත් ආසියානු, අප්‍රිකානු ජාතීන් ආදී රටවල දක්ෂ අයට ලංකාවේ පුරවැසි භාවය ලබාදී ඔවුන් දිරිමත් කළ යුතුයි. චීනයේ ඇති දැඩි රාජ්‍ය පීඩනය සහ ඉන්දියාවට සහ අනිත් ආසියානු රටවලට වඩා මනස්කාන්ත පිරිසිදු පරිසරයක් ඇති බව අපිට මේ සඳහා මාකටින් කිරීමට ප්‍රයෝජනවත් වේවි. නමුත් ලංකාවේ ළිංමැඩියන්ගේ අදහස් වෙනස් කිරීමට රාජපක්ෂ කල්ලියට හැකිවෙයිද?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දැනටමත් ලංකාවට බොහෝ කැමති විදේශිකයන් රැසක් ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ මධ්‍යම පළාතේද නිවාස දේපළ කුලියට ගෙන ජීවත් වන අතර සමහරු රිටයමන්ට් එකට ලංකාව තෝරාගෙන තිබෙනවා. මේ වගේම ලංකාවේ ෂැංග්රි ලා වැනි ලක්ෂරි හෝටල්වලට පැමිණෙන යුරෝපීය සහ ආසියානු රටවල ඉතාමත්ම ධනවත් සහ අතිශය නිර්මාණශීලී ව්‍යවසායයන් ලංකාවේ නව ව්‍යාපාර කටයුතුවලට සහභාගිවී තියෙනවා. මම දන්නා තරමින් දකුණේ හම්බන්තොට ෂැංග්රිලා හෝටලයේ සුළු රැකියාවක් කළ තරුණයෙක් මෙසේ ලංකාවේ සංචාරයක පැමිණි ස්කැන්ඩිනේවියානු රටවල ධනවත් තරුණ ව්‍යාවසායකයෙක් සමග මිතුරු වී කුරුඳු තෙල්, කටු අනෝදා කොළ සහ මුරුංගා සාරය රට යැවීමේ ව්‍යාපාර ආරම්භ කර ඉක්මනින් ඉතාමත් විශාල ධනවතෙක් වුණ අතර තවත් කීපදෙනෙක්ම මේ වගේ සංචාරක ව්‍යාපාරය හරහා යුරෝපීය දක්ෂ මාකටින් වෘත්තීයවේදීන් සමග මිතුරු වී බොහෝ අලුත් වෙනස් ව්‍යාපාර වල ආයෝජනය කර ඉක්මනින් ධනවත් වී තියෙනවා. මම හිතන්නේ තවමත් අපට ඔප්ෂන් සහ ඔපොචුනිටීස් තියෙනවා කියලා. නමුත් ලංකාවේ ළිංමැඩියන්ගේ අදහස් වෙනස් කිරීමට ලංකාවේ සාපේක්ෂව දේශපාලන වශයෙන් වඩාත් ස්ථායී වන රාජපක්ෂ පවුලේ කල්ලියටවත් හැකි වුණොත් පමණයි ලංකාවට ගොඩ යන්න පුළුවන් වෙන්නේ නැත්තම් ඉතින් සදා සොත්ථි භවන්තු තෙ...

      Delete
    2. ❤️❤️❤️❤️❤️❤️

      Delete
  3. මාතේ,

    මේක ගැන හිතන්නේ මොකක් ද? මේ වගේ දේවල් වලින් ප්‍රයෝජනයක් තියෙනවා ද? විස්තර ටිකක් කියන්න පුළුවන් නේද?

    https://www.facebook.com/101072777979098/posts/553777712708600/

    ReplyDelete
  4. දෙවන ලෝක යුද්දෙදි ජර්මන් වැසියොත් ජපාන වැසියොත් ඉතාලි වැසියොත් බහුතරයක් තමුන්ගේ නායකයන් හමුදාවන් නිවැරිදියි, ඔවුන් තමන්ගේ ගැලවුම්කරුවන්යන්න ඉතාමත් දැඩි ලෙස සහ අවංකව විශ්වාස කළා. නමුත් දෙවන ලෝක යුද්ධ පරාජයෙන් පසු ඔවුන් තම නායකයන්ගේ හා හමුදාවන්ගේ වැරදි අවංකව පිළිගෙන තම ආකල්ප වෙන්ස් කර ගත්ත්තා. ඔවුන් ලංකාවෙ උතුරේ යුද්ධය සහ පාස්කු කේස් එකට පස්සෙ ඊට මුල්වුණු ලංකාවෙ සුළුතර සහ ඊට එරෙහිව කටයුතු කළ බහුතර ජනවාර්ගික ජනතාවමෙන් ම්ලේච්ච්ත්වය නැවත ගෙන්න උත්සහ කාලේ නැහැ. ඒකත් වැදගත් දෙයක් වෙයි මේ ගැන ගැඹුරට සාකච්ඡා කරනවා නම්.

    ReplyDelete
  5. ආණ්ඩුව ඉක්මනින් කරගත යුතු රටේ විනය හදන එක අංක 01. විශේෂයෙන් ම රට වැසියෝ 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ යමපාලනය කාලයේ වලපල්ලට යමින් තිබුණ රටේ විනය නිවැරදි මගට ගන්න බලාපොරොත්තු ඇතිව.

    විනය ඇති කරන එක, අනෙකුත් රටේ සංවර්ධන කටයුතු නිසි ලෙස කෙරෙන්න නම් කළ යුත්ත මේක ම තමයි.

    ReplyDelete
    Replies
    1. ❤️❤️❤️❤️❤️❤️

      Delete
    2. කාගෙ විනයද හදන්නේ? අනේ තමුසෙලා ඉබ්බන් ගෙන් පිහාටු ඉල්ලන හැටි.

      Delete
  6. මාතා,

    මතකයි නේද මේ කමෙන්ට් එකේ කියපු දේවල්?

    "බිඳ වැටෙමින් ඇති ඩොලරයේ ආධිපත්‍යය රැකගැනීම සඳහා මරාන්තික එහෙත් පරාජිත සටනකට එළඹ ඇති G7රකුසා (Japan,UK, Canada, France, Germany, Italy,US) චීන හා රුසියානු විරෝධී ශුද්ධ වූ සටනක් ප්‍රකාෂ කර ඇති මොහොතක බැසිල් රාජපක්ෂ කපු මහතා සිය ඇමෙරිකන් සංචාරය (වාර්තා වන පරදි) නිමවා නිරුපද්‍රිතව හා සුවදායකව පෙරලා ලංකාවට පැමිණ ඇත.

    මෑතකදී බටහිර කැලැඹවීමට හා ප්‍රකෝප ගැන්වීමට සමත් වූ චීන-ලංකා නව සහයෝගීතා කරළියේ ඇති මොහොතක US රාක්ෂයාගේ කටට ගොස් නිරුපද්‍රිතව හා සුවදායකව බැසිල්ගේ පෙරලා පැමිණීම සහතික කල දොල පිදේනිය කුමක්ද? මේ අවස්තාවේ යකාගේ කටින් බේරී සිටීමට ඇති එකම උපක්‍රමය වන්නේ සියලු දොස් නාකි එළුවෙකු (Old Goat) මත පටවා ගෙල සිඳ චීන-ලංකා සහයෝගීීතාවයන් බිල්ලට දීම පමණක් බව පෙනේ."

    (පසුගිය ජූලි 04 අප පළ කල ‌මේ කමෙන්ට් එක අද ඇත්ත වෙලාද?)

    ReplyDelete
  7. සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාටලී චම්පික රණවක විසින් ලංකාවේ ආර්ථික අර්බුදය ගැන විස්තර සහිතව නිකුත් කර ඇති නිල නිවේදනයක් මෙහි දැක්වෙයි.

    "මහ බැංකුව ගිණිගනිද්දී මායා බෝංචි වැලේ රජදැක්ම තිරගත වේ.

    මහා පොළොවට දැනෙන්නට පටන් ගෙන ඇති තාක්ෂණික කරුණු:-

    1. ඉතිහාසයේ ප්‍රථමවරට (1950 මහ බැංකුව පිහිටුවීමෙන් පසු) ශ්‍රී ලංකා මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් (සෘණ) මට්ටමට කඩාවැටී ඇත.

    2. නිල සංචිත ප්‍රමාණයද පසුගිය වසර 11 ක කාලය තුළ අවම අගය වාර්තා කර ඇත.

    3. දේශීය බැංකු පද්ධතිය සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන -3.5 මට්ටමක පවතී.

    4. බියගම ඇති මුදල් අච්චු ගසන සමාගම (De La Rue) මුද්‍රණ කටයුතු දිනපතා වාර්තා අළුත් කරයි.

    5. ඉහත කී තාක්ෂණික කරුණු දැන් සාමාන්‍ය ජනතාවට ද මහපොළොවේ දැනෙමින් ඇත.

    රාජපක්ෂ පුරාජේරු කතා මඟින් සැඟවූ විදේශ මුදල් හිඟය – නැතහොත් ගෙවුම් ශේෂ අර්බුදය සහ රාජ්‍ය මූල්‍ය අර්බුදය ක්‍රමයෙන් රට ගිලගනිමින් සිටිති.

    ඖෂධ, පොහොර හා රසායනික, ගෑස්, තෙල්, ගල්අඟුරු වැනි දෑ වල සැපයුම අඛණ්ඩව පවත්වාගැනීමේ අපහසුවකින් බැංකු පද්ධතියත් ආණ්ඩුවත් පෙළෙමින් ඇත. කිරිපිටි පෝලිම්, ගෑස් පෝලිම් රෝගීන් පීඩාවට පත්කර ඇති ඖෂධ හිඟය, පොහොර නැතිවීම නිසා රත්වී ඇති වැවිලි බිම හා ගොවිබිම පෙන්වා දෙන්නේ මේ අර්බුදයයි. වාර්තා ගත ලෙස අධික ලෙස ඉහළ යන ග්‍රීන් කාර්ඩ් අයදුම්පත් සහ වෙනත් සියලුම විදේශ තානාපති කාර්යාල ඉදිරිපස ඇති කි.මී. ගණන් දිගු පෝලිම් වලින් කියවෙන පණිවිඩය වන්නේ අපේ මව්බිම යන්න හිතෙන රටක් වී ඇති බවයි. කෙටියෙන්ම කිව හොත් ලංකාව සමාජ අසහනයක එළිපත්තේ හිඳියි. මෙවැනි අවස්ථාවල පවත්නා ආණ්ඩු වල ඉරණම තීරණය වූ ආකාරය පිලිබඳ උදාහරණ ලෝක ඉතිහාසයේ ඇති තරම් ඇත.

    ජැක් ගේ මායා බෝංචි වැල නොහොත් මහබැංකුවේ සයමසක ආර්ථික මාර්ග සිතියම

    රටේ මූල්‍ය හා ආර්ථික කළමණාකාරීත්වයේ මර්මස්ථානයක් වන මහ බැංකුව බුන්බත් වීමට ඉතාමත්ම ආසන්නව පවතින අතර පක්ෂ දේශපාලනයේ මැදිහත්වීම විසින් ගිනිගන්නා මහ බැංකුව, යථාර්ථය සැඟවීමට මායා බෝංචි වැලක් අහසේ මවා පෙන්වා දෙන ‘සයමසක මාර්ග සිතියමක්’ ඉදිරි පත් කොට ඇත. අර්බුදයක් පවතින බව පිළිගෙන එයට යථාවාදී විසඳුමක් ඉදිරිපත් කරනු වෙනුවට ‘රත්තරන් බිජු දමනා කිකිළියන් ගෙනඒමේ සැලසුම්’ ඔක්තෝම්බර් මස පළ වැනි දින ගෙන එන ලද මෙම යෝජනාවලියේ ඇතුලත්ය. එමෙන්ම ඉන්නා කිකිළියන් මරා දැමීමේ යෝජනාද මෙහි අඩංගු වේ.

    මාස 06 ක් ඇතුළත එක්සත් ජනපද ඩොලර් බිලියන 09 කට අධික අරමුදල් ප්‍රමාණයක් සම්පාදනය කිරීමට ද, මාස 04 කට සරිලන ආනයන භාණ්ඩ ගෙන ඒමට හැකි සංචිත ගොඩනැගීමටද මේ සැලසුම යෝජනා කරයි.

    පසුගිය 2019 දෙසැම්බර් 01 දා ධනපතියන්ට බදු සහන ලබාදී රාජ්‍ය ආදායම පහළ දමාගෙන ලෝකයේ ප්‍රධාන ණය ශ්‍රේණිගත ආයතන වලට ශ්‍රී ලංකාව ණය ගෙවීමේ හැකියාව අවධානමට ලක්වී ඇති රටක් බවට නම්කිරීමට අවස්ථාව ලබාදී, ලංකාවට ආධාරදීමට වෙස්සන්තර වර්ගයේ විදේශ රටවල් හා ආයතන ඇති බව විශ්වාස කිරීමට මහබැංකුව ක්‍රියාකිරීමම පුදුමයක් මෙන්ම විහිළුවකි. සුරඟන කතා කරලියේ ජැක්ගේ භූමිකාවට පණ දීමකි.

    Tbc

    ReplyDelete
    Replies
    1. අනෙක් අතින් තමන්ම අධික ලෙස සල්ලි අච්චු ගසා ඇතිකළ උද්ධමනය පාලනයට හා ආර්ථික ස්ථායී කරණයට පොලී අනුපාත ඉහළ දමනා අතරේ, 6% ක ආර්ථික වර්ධනයක් ඇතිවේයැයි ප්‍රකාශ කිරීම කවර ආර්ථික විද්‍යා න්‍යායකට අනුකූල වේදැයි මහ බැංකුව තෝරාදිය යුතුය. බලයෙන් පවත්වාගෙන යන ‘නිල’ විනිමය අනුපාතය හා ඉවක් බවක් නැතිව සිදුකරනා සල්ලි අච්චුගැසීම නිසා ඇතිවන උද්ධමනය විසින් ඉදිරි වසර කීපය තුළ ආර්ථික වර්ධනය තවත් අඩුවීමක් හෝ ඇතැම් විට සංකෝචනය වීමේ ඉඩකඩක් ඇති කරනු ඇත.

      ජැක්ගේ මායා බෝංචි වැල නැතහොත් මහබැංකුවේ සයමසක යෝජනාවලිය රටට විදේශ විනිමය ගෙන එන අපනයන ක්ෂේත්‍රවලට අයුතු චෝදනා එල්ලකර ඇති අතර, අපනයනකරුවන්ගේ ආදායම් බලයෙන් අත්පත්කර ගැනීමට හා එයට අනුගත නොවන්නන්ට දඬුවම් ලබාදීමට යෝජනා කර ඇත. බලහත්කාරී ලෙස කෘතිමව විදේශ විනිමය අනුපාත පාලනය කිරීමෙන් අපනයනකරුවන්ට ලැබිය යුතු රුපියල් ආදායම් අසාධාරණ ලෙස අඩුකර ඇති මහබැංකුව, ඉන් ඔබ්බට ගොස් අපනයනකරුවන්ගේ ආදායම අත්පත්කරගැනීමට මාන බැලීම අසාධාරණයක් පමණක් නොව තරඟකාරී විදේශ වෙළෙඳපොළ සමඟ පොරබදන අපේ අපනයන බිඳ දමන පියවරකි. අපගේ අපනයනකරුවන් වෙනත් විදේශ මූලයන් සොයායෑමට දැනටමත් පියවර ගනිමින් සිටින්නේ ඒ නිසාය.

      මායා බෝංචි වැලේ තවත් අංගයක් වන්නේ කිසිදු විනිවිදභාවයකින් තොරව, තරඟකාරී ප්‍රසම්පාදනයකින් තොරව, ජාතික උපායමාර්ගික අවශ්‍යතා ගැන තැකීමකින් තොරව වටිනා රාජ්‍ය දේපොළ විකිණීමේ ක්‍රියාවලියයි. දැනටමත් සිදුකරමින් යන කෙරවලපිටිය යුගදනවි-සොභාදනවි බලාගාර හා ගෑස් සැපයුම බංකොළොත් ඇමරිකානු කොල්ලකාරී සමාගමකට පැවරීම, ඛනිජ තෙල් පිරිපහදු, තෙල් කැණීම හා බෙදාහැරීම එවැනිම ආකාරයකට පත්කිරීමේ නව සැලසුම, වරාය ඇතුළත වටිනා ඉඩම් හා කොළඹ නගරයේ පැරණි උරුමය සහිත ගොඩනැගිලි බඳු රාජ්‍ය දේපළ කොල්ලකමින් විදේශීය සමාගම් වලට විකුණා දැමීමේ උත්සාහය අයත්වන්නේ මෙයට ය. මේ නිසාම අද වරාය, තෙල් හා විදුලිබල ක්ෂේත්‍රවල සාධාරණත්වය සඳහා වූ දැඩි බලසම්පන්න වෘත්තීය සමිති අරගලයක් ද ඇතිවී තිබේ.

      මේවා සඳහා නීතිය පසෙකලා මැදිහත්වන මුදල් අමාත්‍යාංශ ලේකම් හා එහි උසස් නිලධාරීන්ද නාගරික සංවර්ධනය භාර නිලධාරීන් ද, සෙසු රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද දැනගත යුත්තේ ඔවුනට දිනෙක මේවාට වග උත්තර බැඳීමට සිදුවන බවය. මේවායින් හරිහම්බ කරගන්නා දේශපාලන නායකයින් නම් මායා බෝංචි වැලේ එල්ලී ඇතැම් විට සිය දිව්‍යලෝක වැනි මාතෘ භූමීන්ට සැපැත්වීමට ඉඩ ඇත්තේය.

      ප්‍රශ්නය කෝවිඩ්ද?

      තවත් පැහැදිලිව හඳුනා ගත යුතු කරුණක් වන්නේ අද රටේ පවත්නා අර්බුදය කොවිඩ් නිසා ඇති වුවක් නොවන බවය. අර්බුදය කොවිඩ් නිසා නම් ලෝකයේ අනිත් රට වලද කිරිපිටි පෝලිම්, ගෑස් පෝලිම්, ඖෂධ හිඟයන්, පොහොර හිඟයන් ඇති විය යුතුය. විදේශ තානාපති කාර්යාල ඉදිරිපස දිගු පෝලිම් ඇති විය යුතුය. සංචාරක කර්මාන්තය ප්‍රධාන අදායම කරගත් රටවල් බංකොලොත් විය යුතුය.

      එය එසේ සිදු නොවී ශ්‍රී ලංකාව පමණක් ගොඩ ගත හැකි මට්ටමෙන් ඔබ්බට යමින් තිබෙනුයේ දැනට රට පාලනය කරන නිසි වෘත්තීය සහ අධ්‍යාපනික සුදුසුකම් නොමැති නූගත් පාලකයන්ගේ අදුරදර්ශී තීරණයි. ඒහා සමඟම වසර ගණනක් මුළුල්ලේ ක්‍රියාත්මක කළ බුබුළු ආර්ථික ප්‍රතිපත්තියයි.

      විවිධ ස්වාධීන ආර්ථික විශ්ලේෂකයන්, හිටපු ජ්‍යෙෂ්ඨ මහබැංකු හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් සහ ජාත්‍යන්තර ආයතන අවදානම් හැඟවූ වාර අනන්තය. අප විසින් 2014 දී රචනා කරන ලද ‘ආලපාලු ආර්ථිකය’ නම් කෘතියෙන් පවත්නා බුබුළු අර්ථ ක්‍රමයේ හිස් බව පෙන්වා දුන් අතර 2016 වසරේදී ‘මූල්‍ය අගාධයක් අභියස’ නම් කෘතියෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාව 2023 ව වසර වනවිට පෙර නොවූ විරු ආර්ථික අර්බුදයක් කරා ගමන් කරන බවට අනතුරු හැඟවීමක් හා පුරෝකථනයක් කරන ලදී. බදු සහන පැකේජය නිසා රාජ්‍ය මුල්‍ය බංකොලොත් වීමේ අවදානම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම 2020 ජනවාරි මාසයේ සිටම පටන් ගත්තෙමු.

      Tbc

      Delete
    2. නමුත් මේ ප්‍රශ්නය විසඳා ගැනීමට පුළුවන් වන ක්‍රම සියල්ලම අඩංගු අපේ ප්‍රයෝගික වැඩ පිළිවෙළ මෙයයි...

      අපි ප්‍රශ්නය පමණක් ඉදිරිපත් කොට නිහඬ නොවෙමු. විසඳුම්ද ඉදිරිපත් කරමු. අපි නැවත නැවතත් අවධාරණය කරන්නේ වහා පියවර ගත යුතු බවයි. මේ මොහොතේ වහාම සිදු කළ යුතු කාර්ය වනුයේ රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණය හා ණය ප්‍රතිව්‍යුහගතකිරීමයි.

      2019 හඳුන්වා දුන් බදු සහන පැකේජය නැවත සලකා බලා ක්‍රමිකව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට පියවර ගැනීම අනිවාර්ය වේ. මේ හරහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් දේශීය හා විදේශීය ආයෝජකයින්ගේත්, මූල්‍ය ආයතනවලත්, විශ්වාසය ගොඩනැගෙනු ඇත. රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය මුදල් අච්චු ගැසීමට ඇති අවශ්‍යතාවය අවම කරනා අතර ආර්ථික ස්ථායීකරණයට මහත් පිටුබලයක් වනු ඇත.

      රාජ්‍ය ණය හා පොලී ගෙවීම අසීරු අඩියක පවතින හෙයින් ණය ප්‍රතිව්‍යුහගතකිරීම අනෙක් අත්‍යාවශ්‍ය කාරණයයි. ප්‍රයෝගික රාජ්‍ය මූල්‍ය රාමුවක් ඉදිරිපත්කොට ණය ලබාදී ඇති ආයතන සමඟ සාකච්ඡා කිරීමෙන් රටට ඉදිරි වසර කිහිපය තුළ ගෙවීමට ඇති හැකියාවට යෝග්‍ය වන ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතුය.
      එමෙන්ම ආයෝජන විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සමීපව කටයුතු කිරීමට අපට බලකර තිබේ. එසේ නොමැතිව මිත්‍රශීලී රටවල් සමඟ විදේශ මුදල් අතමාරුකරණය මඟින් අර්බුදය කල්දැමීමෙන් සිදු වන්නේ මහා අර්බුදයකට පාර කැපීමත්, අවසානයේ වටිනා රාජ්‍ය දේපොළ හා ඉඩම් විදේශිකයන්ට සින්න වීමට පාර කැපීමත්ය.

      රට සහ නීතිය පවුලේ හා හිතවතුන් කිහිප දෙනෙකුගේ බූදලයක් ලෙස සලකන පාලකයන් අවසන්කොට යහපාලනය (ආණ්ඩුව නොවේ) රටේ ස්ථාපිත කල යුතුව ඇත. අනීතික අශිෂ්ට සමාජයක් දැක ඇති ජනතාවට නීතියේ ආධිපත්‍ය පිලිබඳ බලාපොරොත්තුවක්, විශ්වාසයක් ගොඩ නැගිය යුතුව ඇත. දැනට දේශපාලකයාගේ දුරකථන ඇමතුමට වැඩකරන රාජ්‍ය ආයතන ප්‍රතිපත්ති රාමුවක් මත ක්‍රියාත්මක යාන්ත්‍රනයන් වන ආකාරයෙන් බල ගැන්විය යුතුය. පොල් තෙල් වලින්, සීනි වලින් පමණක් නොව කොවිඩ් නිරෝධයනයෙන්, සැනිටයිසර් බෝතලයෙන් තම මඩිය තර කර ගත් ජාවාරම්කාර ව්‍යාපාර පන්තියකට ඉඩදීම නිසා බිඳවැටී ඇති ව්‍යාපාරික විශ්වාසය ගොඩනැගීමද අත්‍යවශ්‍ය වේ.

      මෙම පියවර කිසිවක් පහසු ජනප්‍රිය ක්‍රියාමාර්ග නොවේ. ඉදිරි වසර කිහිපය මුළු රටටම අතිශය අසීරු කාලයක් වනු ඇත. නමුත් සාධනීය පියවරක් නොගෙන දැනට පවත්නා ක්‍රමය දිගටම පවත්වාගෙන ගියහොත් රට යළි ගොඩගත නොහැකි අඳුරු යුගයකට යනු ඇත.

      සම්පත් වලින් පිරුණු වෙනිසියුලාව, සිම්බාබ්වේ රාජ්‍ය අයහපත් ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵල විදහා දක්වන ජීවමාන උදාහරණ වේ. මෙවැනි අර්බුදකාරී අවස්ථා වල වහා පියවර නොගැනීම ‘රට සුන්බුන් ගොඩක් බවට පත් කිරීමේ මාර්ගයක්’ බව ප්‍රධාන ධාරාවේ ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි.

      එවැනි තත්ත්වයකට රට ගමන්කිරීම වැළැක්වීම අප සියළු දෙනාගේම වගකීමයි.

      –PCR media unit

      Delete
  8. නීතිය එකම, විනිවිදකම, විනය වගේ
    වදන්වලට දැන් නෑ පෙර තිබුණු අගේ
    'ස්වයං විවේචන' වචනත් ඒ වාගේ
    යයිද නිකං බාල්දුවී, බොල් හුළඟේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න