ඝෝඨා අතින් වැරදි වූ බව පිලිගැනීම, වැඩ බැරි උනත් පැරණිම දේසපාලුවා වන රනිල් විකුම්සිහ පවා අගය කළේය.
ඒ කියන්නේ මෙතෙක් ගෙන ආ ප්‍රතිපත්තීන් වෙනස් වීමට බොහෝ ඉඩ ඇති බවය.
ආර්ථිකයට කෙල වීමට මූලික කරුණු තුනක් බලපෑවේය. ඒවා බලපෑ ආකාරය මින් පෙරෙද කරුණු සාධක සහිතව පෙන්වා ඇති හෙයින් කරුණු තුන පමණක් දක්වන්නේය.
🎈1. වැට් බද්ද ඉවත් කිරීම
🎈2. වාහන ආනයනය නවතා දැමීම
🎈3. කොරෝනා වෙනුවෙන් 2020 දී රට
සම්පූර්ණයෙන්ම වසා දැමීම.
ඉන් පසු ගත් අමන තීන්දූ දෙකක් අද රට සෑම ආකාරයකින්ම ආගාදයකට ඇද දමා අවසානය.
🔺1. නිදහස් වෙළඳපොලට එරෙහිව
හමුදාවෙන් යුධ ප්‍රකාෂ කිරීම.
🔺 2. කාබනික පොහොර විකාරය.
මේ කරුණු දෙකද අත්කර දෙනුයේ විනාශයක්ම බව, අප විසින් සෝපාහාසයෙන් යුතුව කරුණු ගෙනහැර පෑ අතර, ආන්ඩුවේ මැති ඇමතිවරුන් පවා උන්නේ විරුද්ධව බව මාතලන් හොඳින්ම දන්නවාය.
එහෙත් හැම එකාම කට පුච වසාගෙන උන්නේ, එය හෝ සාර්ථකව ඉටු කරණු ඇතයි බලාපොරොත්තුවෙන් ය.
එහෙත් මහපොලොවේ හා මිනිසාගේ චින්තනයේ හා මොළයේ තැන්පත්ව ඇති දත්ත මකා දැමීම, ඖෂධ අධිකාරියේ හා ලක් සතොසේ දත්ත මකා දැමීම හෝ උසාවියේ, කච්චේරියේ ෆයිල් ගිනි තබනවාක් මෙන් ලේසී නැතිය.
මේ සියල්ලම පී බී ජයසුන්දරගේ ඒකාධිපති අධිකාරීවාදී තීරණ බව අද වන විට ඔප්පු වී අවසානය.
පී බී කළේ.... මේ සෑම ගොබ්බ තීරණයකටම ගැසට් එකක් ගසා, එය ක්‍රියාත්මක කිරීම හමුදා නිළධාරීන්ට පැවරීමය.
පී බී කළේ.... ඝෝඨා සතු හමුදාමය බලය ඔහුගේ බල අධිකාරිය වෙනුවෙන් කඩේ යැවීමය.
ඝෝඨාද සිතුවේ ශවේන්ද්‍ර හා හමුදාව සමඟ සියල්ල කළ හැකි යැයි කියාය. ඝෝඨාගේ ප්‍රකාශයන් තුලද මේ මතය බොහෝ විට අඩංගුවද තිබුනේය.
කොරෝනා නිරෝධායනයේදී හා එන්නත්කරණයේදී හැර අනෙක් සෑම අවස්ථාවකදීම හමුදාව ෆේල් වූ බව දැන් ලෝකයටම පෙන්වා අවසානය.
දේශපාලුවන් කපා දමා ගැසට් වලින් හා හමුදාවෙන් රට පාලනය කළ හැකි බව ඝෝඨාගේ ඔලුවට කැවූයේ පී බී බව ඉතා පැහැදිලිය.
අද පොහොට්ටුවේ උන් ඝෝඨා හා සාකච්ඡා ඉල්ලන්නේත්, සුළු පක්ෂවල උන් ඝෝඨාට ක්‍රියාකාරී දේශපාලනයට එන්න යැයි කියන්නේත් ඒ නිසාමය.
මුන් පී බී ගේ නම සඳහන් කිරීමට බිය වූවාට, දිලිත් මුන් සියල්ලෝම වෙනුවෙන් එය කෙලින්ම කීවේය.
ඝෝඨාට... ඔෆීස් එකේ සිට, ගැසට් ගසා රට පාලනය කිරීමට නොහැකි බවත්, මේ ගමන දේශපාලකයින් හා යායුතු බවත්, මුලින්ම ලිව්වේ මාතලන් ය.
ඒ ලිව්වේ මාතලන් පෞද්ගලික අංශයේ කළමනාකරණයෙන් ලබා ඇති පන්නරයෙන්‍මය.
ලංකාවේ නොව පිටරටවල පවා උපාධි ලබා ආ උන්ගේ මැනේජ්මන්ට් මාකටින් තියරි පැත්තක තියරි ඇප්ලයි කරන්නට ගියත්,
කොම්පැනි දුවන්නේ සීත කාමරවල සිට උදේ හවා මීයන් ටින් වලට දම දමා මෙමෝ ගහනා එයාලාගෙන් නොව, ෆීල්ඩ් එකට බැස ගේම ගහනා උන්ගෙන් බව ඒවායේ ඉන්නා උන් පවා දන්න පරම සත්‍යයය.
එහෙත් කරුමය නම්, දැන් ඝෝඨා තවත් ගුලියක් ගිල තිබීමය. ඒ ව්‍යවස්ථා හා චන්ද ක්‍රමයේ ගුලියයි.
🔺 රට හදන්න බැරි ව්‍යවස්ථා නිසා නොවේ..
🔺 ආන්ඩුවට බිස්නස් කරන්නට බැරි බිස්නස්
තියරි වල වරදකින් නොවේ..
🔺 චන්ද තියන්නට බැරි චන්ද ක්‍රමයේ ඇති
වරදකින් නොවේ..
මුල් දෙක ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇත්තේ අවංක දේශපාලුවන් හා නිළධාරීන් නොමැති හේතුවෙනි.
තෙවැන්නට නම් කිව යුතුව ඇත්තේ...
77 සිට වෙනස් කරනවා යැයි කියනා බොරුවක් තව දුරටත් කරතබාගෙන යාම දැන්වත් නවතා දැමිය යුතු බවය.
ඇත්තටම සුළු පක්ෂ නොව මහ පක්ෂවල උන් පවා මේ ජේ ආර්ගේ චන්ද ක්‍රමයට කැමතිය.
මන්ද ... ජනතාව ඇප නැතිවෙන්නම කතිරය ගසා එලවා දැම්මත්, ආයෙත් පාර්ලිමේන්තුවේ කැන්ටිමේ රසමසවුලු කෑමේ පිනත්, ඩිස්ජවරියේ නැගී, ගාඩ් දමාගෙන, හෝන් ගසාගෙන, ඩබල් ඉරත් කපාගෙන, දවල්ටත් හෙඩ් ලැයිට් දමාගෙන, පාරේ දකුණු පැත්තෙන් යාමේ පින තිබෙන්නේ... මේ ක්‍රමයේ තියෙන නිසාමය.
හොඳම උදාහරණය රනිල් වික්‍රමසිංහය.
ඒ නිසා මේ කොලකෑලී විගඩම් නවත්වා.. මිනිසුන්ගේ ඇඟට දැනෙන.... ඇසට පෙනෙන... යමක් කිරීම දැන් හෝ ආරම්බ කල යුතුය.
එවන් දේ කරලාත් වැඩක් නැතිය. මිනිසුන්ගේ බඩ ගැන විශේෂයෙන්ම සොයා බැලිය යුතුය.
මහින්ද රාජපක්ෂ උන්නැහේ විශාල සංවර්ධන යෝජනා ඉඳිකරමින්, ගම් උදාව වාගේ මහජන ප්‍රදර්ශනය කරමින්, මිනිසුන්ට නොමිලේම ආතල් දුන්නත්....
අන්තීමේදි මැද මුලන පොල්ලේ එල්ලෙන්න උනේ ඒ නිසාය.
දැනට නම් ආන්ඩුව හා රාජපක්ෂලා ජනතා විමුක්ති පෙරමුණටත් පරාද බව කනගාටුවෙන් වුවත් ලියා තබමින්..
මේ පල්හෑල්ලත් මෙතකින් නිමා කරනවාය..
ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ ....
කතාව ඇත්ත බන් මාතේ, අදායම් බෙදීයාමේ විෂමතා වල තියෙන ගැටළු අලංකාව වගේ රටවල් වලට තමයි ලොකු ප්‍රශ්න ඇති කරන්නේ කියලා මම හිතනවා.මොකද ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ව්‍යසයකයින්,ව්‍යාපාරිකයින් ඇතැම් විට ඒ අදායම් හොයන ක්‍රමය තුල යම් යම් නීති විරෝධී තත්වයන් තිබිය හැකි නිසාවගේම තවත් අයෙකුගේ අවස්ථාවන් ඔවුන් විසින් සදාචාරාත්මක නොවන අයුරින් යොදා ගන්න පුළුවන් නිසා. උදාහරණයක් විදිහට බිල්ගේට්ස් කියන්නේ ලෝකයේ වඩාත්ම බැලන්ස් ව්‍යාපාරය ඇති කෙනො. හැම වෙලේම බිස්නස් එක දියුනු කරගන්නේ කොහොමද කියා කල්පනා කරන බවත්, දවසකට ගන්න තියන තීරණත් එක්ක ගත්තම අදින ඇදුම මොකක්ද කියලා තිරණය කරන එක වගේ තීරණත් ගන්න වෙන එක නිකං හිසරදයක් විතරක් නිසා එකම ඇදුම(ඒ ජාතියේ ගොඩක්) අදිමින් සකර්බර්ග් කියන්නේ එයාගේ බිස්නස් එකත් බැලන්ස් කරගන්න ඕන නිසා වෙන්න ඇති.
ReplyDelete😎😎😎😎😎
Delete1. "Failure isn't fatal, but failure to change might be" - John Wooden
ReplyDelete2. "Everything you want is on the other side of fear." - Jack Canfield.
❤️❤️❤️❤️❤️❤️
Deleteමාතලන්,
ReplyDeleteලංකාවට අවශ්‍ය තරමට විදේශ විනිමය සංචිත නැතහොත් විදේශ මුදල් නැතිකම නුතනයේ ලංකාව මුහුණ දී සිටින ඉතාමත්ම බරපතලම ආර්ථික අර්බුදය ලෙස හැදින්විය හැකි අතර මේ පිළිබඳව දැනට මහා බ්‍රිතාන්‍යයේ ඉම්පිරියල් විශ්වවිද්‍යාලයේ රොබෝ තාක්ෂණය සහ ස්වයංක්‍රීය ඔටෝමේටඩ් ඉන්ජිනේර්ය් තාක්ෂණය පිළිබඳ මහාචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් සැකසු ලිපියක් පහත දැක්වෙනවා, ආර්ථික විද්‍යාව ගැන නොදන්නා මෙවැනි පොතේ උගතුන් ආර්ථිකමය කාරණා ගැන සාකච්ඡා කිරීමය් විසුළු සහගත දෙයක්, නමුත් මේ ගැන ඔබේ අදහ්ස් මොනවාද?
//මහාචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර වසර කීපයකට පෙර මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයකු වන ඒ මහතා, 2004 සිට 2007 දක්වා කාලයේ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙක් ද වෙයි. මේ ඒ මහතාගේ හඬයි.
“ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම ආදායම් මාර්ග තුනකි. ඒ, විදේශ රැකියා, සංචාරක කර්මාන්තය සහ අපනයන ආදායමයි.
විදේශ රැකියා කරන අයගෙන් ලැබුණ විදෙස් මුදල් ප්‍රමාණය දැන් පෙර පරිදි නොලැබෙයි. එයට හේතු දෙකකි. එකක් කොරෝනා නිසා විදෙස්වල රැකියා කළ යම් පිරිසකට රැකියා අහිමිව ඔවුන් යළි ලංකාවට පැමිණීමය. අනෙක් කාරණය ලංකාව ඇතුළේ පවතින අවිනිශ්චිතතාවය. එය නම් රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීමය. විදෙස් මුදල් ඒකකවල වටිනාකම නිතර ඉහළ යාමය. ඇමෙරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 206ක් බව මහ බැංකුව කීව ද නිල නොවන වෙළෙඳපොළෙහි එහි වටිනාකම රුපියල් 230 ද ඉක්මවා පවතී. පවතින මෙම අවිනිශ්චිතතාව නිසා ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය සහ යුරෝපයේ රටවල මෙන්ම මැදපෙරදිග සහ කොරියාවේ පවා දැනටත් රැකියා කරන ලාංකිකයන් මෙරටට මුදල් එවන්නේ නැති තරම්ය. ඔවුන් එසේ කරන්නේ සමපේක්ෂණය (තම විදෙස් මුදල්වලට අදට වඩා වැඩි රුපියල් ගණනක් හෙට ලබාගත හැකිය යන විශ්වාසය) නිසයි. මේ නිසා මෙම ගණන යම් කිසි වෙළඳපොළ තුළිත අගයක ස්ථාවර කළ යුතුයි, හොඳම දේ නිදහසේ නිසි මිළ ලබාදිය යුතු වන ලෙස ඩොලරය නිදහස් කිරීමයි. මෙහිදී රටේ ඉතාමත්ම දිළිඳු ජන්යා ආනයන මිල ඉහළ යාමෙන් වන පීඩා පාලනය කිරීමට රජය හැකිපමණ නිර්මාණශීලී විසඳුම් සොයාගත යුතුයි. හොඳම දේ ජනප්‍රිය මතය වන හැමෝටම සහන නොදී ඒවා ලැබිය යුතු අත්‍යවශ්‍යම අයට පමණක් සහනාධාර ලබා දිමයි.//
////ලංකාවට විදෙස් මුදල් ලැබුණු දෙවැනි ප්‍රධානතම මාර්ගය සංචාරක කර්මාන්තයයි.
Delete2019 අප්‍රේල් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් වැටීම ආරම්භ වූ සංචාරක කර්මාන්තය තවත් බරපතල ලෙස ඇදවැටුණේ කොරෝනා වසංගතය හේතුවෙනි. අවසන් වරට සංචාරක කර්මාන්තයෙන් ඉහළ ආදායමක් ලැබුණේ 2018 වසරේදීය. ඒ වසරේදී ඉන් ලැබුණු ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 4.5කි.
ඒ වසරේදී පැමිණි විදෙස් සංචාරකයන් ගණන ලක්ෂ 23කි. 2020 දී පැමිණි සංචාරකයන් පිරිස 5,07,311කි. 2020 අප්‍රේල් සිට නොවැම්බර් දක්වා කාලයේ කිසිම සංචාරකයකු ලංකාවට පැමිණ නැත. 2020 දෙසැම්බරයේදී පමණක් 393 දෙනෙක් පැමිණියහ. ඒ 393 දෙනාත් සමග එනම්, 2020 දෙසැම්බරයේ සිට 2021 ජුලි දක්වා කාලයේදී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 19,337ක් තරම් සුළුය. සංචාරක කර්මාන්තය වැටී තිබෙන තැන ඉන් පැහැදිලිය. එන්නත්කරණයෙන් ලංකාව ලබා තිබෙන සාර්ථකත්වයත්, යුරෝපයට එළැඹෙන සීත සමයත් නිසා සංචාරක කර්මාන්තය යළි පණ ගසා නැගිටිනු ඇතැයි අපේක්ෂා කළ හැකි වුවත් 2018 මට්ටමට යාමට තවත් අවුරුදු දෙක තුනක් යනු ඇතැයි උපකල්පනය කළ හැකිය.
ලංකාවට විදෙස් විනිමය ලැබෙන අනෙක් මාර්ගය අපනයන කර්මාන්තයයි.
සියවස් ගණනක සිට ලංකාව අපනයන කර්මාන්තයේ යෙදී සිටියත්, ඒ ක්ෂේත්‍රයෙන් ලබා සිටින ප්‍රගතියක් නැති තරම්ය. රජයේ සංඛ්‍යා ලේඛනවලින්ම ඒ බව අනාවරණය වෙයි. භාණ්ඩ හා සේවා අපනයනයෙන් 2017 දී ලංකාව ලබා තිබෙන ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 19,084කි. 2018 දී එය 20,264කි. 2019 දී ඒ සංඛ්‍යාව ඇමෙරිකන් ඩොලර් මිලියන 19,414කි. මා ඒ සඳහන් කළේ, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන සංඛ්‍යා දත්තය. ඒ දත්තවලින් අනාවරණය වන්නේ, ලංකාවේ අපනයන ආදායමෙහි වර්ධනයක් නැති බවය. නැතහොත් ලංකාවේ අපනයන එක තැනක පල්වන බවය.
පවතින ඇත්ත තත්ත්වය එය නම්, ලංකාව විදෙස් විනිමය උපයා ගැනීම සඳහා විකල්ප මාර්ගවලට යොමු විය යුතුමය. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය එයට හොඳ මාර්ගයකි.
එහෙත්, ලංකාව ඉන් නිසි ප්‍රයෝජන ලබාගෙන නැති බව අවංකව පිළිගත යුතුය. රට ඇතුළේ තිබෙන ඇතැම් සමාගම් විදෙස් රටවලට එවැනි සේවා සැපැයුව ද ලංකාවේ ඇතැම් රාජ්‍ය ආයතන තොරතුරු තාක්ෂණ සේවා සපයා ගන්නේ විදෙස් රටවලිනි. එමගින් වන්නේ රටේ තිබෙන විදෙස් විනිමය සංචිත ටිකත් හිස් වීමය. ඒ ප්‍රතිපත්ති නිවැරැදි විය යුතුය.//
////මා සිතන පරිදි ලංකාවට විදෙස් විනිමය උපයාගත හැකි හොඳම මාර්ගය අධ්‍යාපනයයි. ඇමෙරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව පමණක් නොව ලංකාව පිහිටි කලාපයේ තිබෙන නේපාලය ද විදෙස් සිසුන්ට අධ්‍යාපනය ලබාදීමෙන් ආදායම් උපයයි.
Deleteමා සේවය කරන ඉම්පීරියල් විශ්වවිද්‍යාලය මහා බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාල අතරින් හිමි කරගෙන සිටින්නේ තෙවැනි තැනය. එහි පළමු තැන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට හිමි වී තිබෙන අතර, දෙවැනි තැන හිමි කරගෙන සිටින්නේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයයි. 2020 ලෝක වාර්තාව අනුව ඉම්පීරියල් විශ්වවිද්‍යාලයට සමස්ත ලෝකයෙන්ම හිමි වී තිබෙන්නේ අට වැනි ස්ථානයයි. 2020 දී ඉම්පීරියල් විශ්වවිද්‍යාලයෙහි සිටි සිසුන් සංඛ්‍යාව 18,264කි. ඒ සිසුන් අතරින් සියයට 60.5ක් මහා බ්‍රිතාන්‍යයේ සහ යුරෝපා සංගමයේ රටවල සිසුහුය. ඉතිරි සියයට 39.5ම වෙනත් රටවලින් පැමිණි සිසුහුය. 2020 දී ඉම්පීරියල්හි සිටි සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 42.7ක් පශ්චාත් උපාධි හදාරණ සිසුහු වෙති. මහා බ්‍රිතාන්‍යයේ හා යුරෝපා රටවල ළමයින්ගෙන් එක හා සමාන මුදලක් අය කරන ඉම්පීරියල් විශ්වවිද්‍යාලය වෙනත් රටවල සිසුන්ගෙන් එමෙන් තුන් ගුණයක් අය කරයි.
ඒ අනුව, 2020 දී ඉම්පීරියල් විශ්වවිද්‍යාලයේ ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 1,367කි. 2019 දී ලංකාවේ ආණ්ඩුව මුළු රටේම අධ්‍යාපන ක්ෂේත්‍රයට වැය කළ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 1,695කි. ඒ දෙකෙහි පරතරය ඩොලර් මිලියන 328කි.
විදෙස් රටවල සිසුන්ට අධ්‍යාපනය ලබාදීමෙන් මහා බ්‍රිතාන්‍යයේ ඉම්පීරියල් විශ්වවිද්‍යාලය පමණක් එතරම් විශාල මුදලක් උපයන්නේ නම්, මහා බ්‍රිතාන්‍යයේ සියලුම විශ්වවිද්‍යාල කොපමණ මුදලක් උපයනු ඇති ද? එහෙත් ලංකාවේ කිසිදු විශ්වවිද්‍යාලයක් තම වියදමෙන් සියයට 25ක්වත් උපයා ගන්නේ ද?
එහෙයින්, අධ්‍යාපන ක්‍රමය සහ අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති නූතන ලෝකයට ගැළපෙන ලෙස සංශෝධනය කර අධ්‍යාපනයෙන් ඩොලර් ඉපයීමට ලංකාව වහා යොමු විය යුතුය.///
///ලංකාවේ පාලන තන්ත්‍රයෙහි පවතින දුර්වලතා කෙරෙහි ද අවධානය යොමු කිරීමට මම කැමැත්තෙමි.
Delete1948ට පෙර අවුරුදු 200ක් පමණ ලංකාව මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයකි. එනම්, ලංකාව පාලනය කළේ මහා බ්‍රිතාන්‍යයෙනි. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වූ පසුව එරටට යුරෝපා වෙළෙඳපොළෙහි ප්‍රශ්න ඇති විය. කොරෝනා වසංගතයෙන් ද ප්‍රශ්න ඇති විය.
මොන ප්‍රශ්න ඇති වුණත් මහා බ්‍රිතාන්‍යයේ පාලන තන්ත්‍රය හැරෙන්නේ රටේ ආර්ථිකය පෝෂණය කරන වාණිජ ප්‍රජාව දෙසටය. රජය සිටින්නේ ඔවුන් සමගය. රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කරන්නේ වාණිජ ප්‍රජාවගේ අදහස් විමසීමෙනි.
රටේ පුරවැසි සැමට ආණ්ඩුව පෙන්වන්නේ මොන ප්‍රශ්න තිබුණත් ඕනෑම අර්බුදයක් තමන්ට ජයගත හැකි බවය. ආණ්ඩුවත්, වෙළෙඳ ප්‍රජාවත්, ජනතාවත් එක්ව රට ගොඩගත යුතු බව ආණ්ඩුව නිතර ප්‍රදර්ශනය කරයි. කවර පක්ෂයක් බලයට පැමිණියත් කවරකු අගමැති වුවත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය එයයි.
ඇති වී තිබෙන්නේ රටේ ආදායම පිළිබඳ ප්‍රශ්නයක් නම්, ආණ්ඩුව කතා කරන්නේ රටට ආදායම් උපයා දෙන අය සමග මිස වෙනත් අය සමග නොවේ. ලංකාව හිතන්නේ විදේශ මිනිමය හිඟකම නිසා විදෙස් විනිමය රටින් පිටට යන ආනයන නැවැත්වීමටය. එසේ කරමින් අපනයන වැඩි කරන්නට සැරසෙයි.
ඇතැම් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට පිටරටවලින් අමුද්‍රව්‍ය ආනයනය කළ යුතු වෙයි. එහෙත්, ආනයන සම්පූර්ණයෙන්ම තහනම් කරන්නේ නම් ආනයනික අමුද්‍රව්‍ය හා උපාංග මත පදනම් වන අපනයන දිරිගන්වන්නේ කොහොම ද? එවැනි අවස්ථාවල බ්‍රිතාන්‍ය රජය කතා කරන්නේ අපනයනකරුවන් සමගය. ඔවුන්ගේ අදහස් විමසීමෙන් තොරව ඒ පිළිබඳව තීන්දු නොගනියි.
විශ්වවිද්‍යාලවල ආදායමෙහි ප්‍රශ්නයක් තිබේ නම්, ඒ ගැන සාකච්ඡා කරන්නේ විශ්වවිද්‍යාල සමගය. අනෙක බ්‍රිතාන්‍යයේ ආදායම් ඉහළ නැංවීමට විශ්වවිද්‍යාල විවිධාකාරයෙන් දායක වෙයි. සිසුන් සංඛ්‍යාව ඉහළ තබාගෙන උපයන ආදායම ඉහළ නැංවීම එක් ක්‍රමයකි. විශ්වවිද්‍යාලවලට වැඩි ආදායමක් ලැබෙන්නේ විදෙස් සිසුන්ගෙනි.
මහා බ්‍රිතාන්‍යයේ හා යුරෝපා සංගමයේ රටවල් සිසුවකුගෙන් අවුරුද්දකට පවුම් 900ක් අය කරන අතර, වෙනත් රටවල සිසුන්ගෙන් අවුරුද්දකට පවුම් 24,000ක් අය කරයි. වෙනදා විදෙස් සිසුන් සංඛ්‍යාව සියයට 30ක් පමණ වුවත්, මෙවර එය සියයට 39ක් පමණ දක්වා ඉහළ නැංවීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කළේය. අපේ ඉම්පීරියල් විශ්වවිද්‍යාලයේ පමණක් රටවල් 131ක සිසුවෝ ඉගෙන ගනිති. විශ්වවිද්‍යාල පරිපාලනය රටට ආදායම් ඉපයීමට කැපවන්නේ එලෙසිනි.
ආර්ථිකයේ මර්මස්ථාන මොනවා ද කියා සොයා බලා ඒ තැන්වලට හා පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සපයන්නේ රජයෙනි. රජය ක්‍රීඩා නොකරයි. රජය කරන්නේ ක්‍රීඩා කරන අයට පහසුකම් සැලසීමය. අධ්‍යාපනය ලැබීමට බ්‍රිතාන්‍යයට එන සිසුන්ට අදාළ වීසා කොන්දේසි පවා අපේ නිර්දේශ මත රජයෙන් වෙනස් කර දෙයි. කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව නම් තණතිල්ල (Pitch) සකසා දිය යුත්තේ පන්දු යවන්නා කියන ලෙසටය. බ්‍රිතාන්‍ය ආණ්ඩුව කටයුතු කරන්නේ ද එලෙසිනි. ඒ නිසා පන්දු යවන්නා විකට් ගනියි. අනෙක, යම් වැඩක් සාර්ථක වුවහොත් එහි ගෞරවය දෙන්නේ එය කළ පුද්ගලයාට මිස වෙන අයකුට නොවේ. එහෙත් ලංකාවේ එසේ නොවෙයි. සාර්ථක වුවහොත් එහි ගෞරවය ආණ්ඩුව ලබාගන්නා අතර, අසාර්ථක වුවහොත් එහි වගකීම ජනතාව මත පටවයි.///
///රටක ප්‍රශ්න තිබෙන අවස්ථාවක සිය හැකියාවට අනුව පුද්ගලයන්ට මුදල් හා බලය ලැබෙන ක්‍රමය (මෙරිටොක්‍රසි Meritocracy) ඉතා වැදගත්ය. ඉන් අදහස් කෙරෙන්නේ කුසලතා හා දක්ෂතා තිබෙන පුද්ගලයන්ට ප්‍රමුඛතාව පිරිනැමිය යුතු බවය. හේතුව, අර්බුදවලින් ගොඩ ඒමට අවශ්‍ය වන්නේ එවැනි මිනිසුන් මිස පාලක පක්ශයේ වන්දිභට්ටයන් හෝ වහලුන් ලෙස ක්‍රියා කරන අවස්ථාවාදී පුද්ගලයන් නොවේ. කුසලතා සහ දක්ෂතා තිබෙන පුද්ගලයන්ට ලංකාවේ සැලකිලි අඩුය. අර්බුදවලින් ගොඩ ඒමට නොහැකිව රට අගාධයටම යන්නේ එහෙයිනි. දක්ෂතා හා කුසලතා පිරි මිනිසුන් දිරිගන්වන ක්‍රමවේදයක් (මොරල් බූස්ට් Moral Boost) රටේ පවතින්නේ නම්, අර්බුද විසඳීම මහා බරපතළ ප්‍රශ්න වන්නේ නැත.
Deleteලංකාවේ අද පවතින තත්ත්වය මත රටට ආදායම් උපයා දෙන මිනිසුන් සිටිය යුත්තේ පාලන තන්ත්‍රයේ ඉහළ (කrවන් Crown) තනතුරුවලය. හේතුව, ආදායම් උපයන ක්‍රමත්, ඒ සඳහා තිබෙන අවස්ථා සේම බාධකත් මැනවින් දන්නේ ඔවුන් නිසාය. යටත් විජිත යුගයේ රටවල් ආක්‍රමණය කළේ අමුද්‍රව්‍ය සොයා ගැනීම සඳහාය. එහෙත්, නූතන යුගයේ ඒ අවශ්‍යතා සපුරා ගන්නේ ගනුදෙනු මගිනි. දෙපාර්ශ්වයටම ජයග්‍රහණ අත්වෙන වෙළෙඳ ගිවිසුම් මගිනි. පාලන තන්ත්‍රයේ මුදුණේ (කrව්න් Crown) සිටින පුද්ගලයන් ඒවා නොදන්නේ නම්, රට වළටම වැටෙනවා මිස ගොඩට ඒමට නොහැකි වෙයි. අනෙක් කාරණය, රටේ දියුණුව සඳහා රටෙහි සිටින ව්‍යවසායකයන් සංඛ්‍යාව ඉහළ නැංවිය යුතුය. පහළ සිටින අයට දිරිගැන්වීම් දී ඔවුන් ඉහළට ගැනීම බ්‍රිතාන්‍ය ක්‍රමයයි. ඒ සඳහා නව ව්‍යාපාර බිහි කිරීමට විශ්වවිද්‍යාලවලට විවිධ දීමනා හා සහන ද ලැබෙයි.
බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාව/ යුරෝපය තුළ අලුත් නිෂ්පාදන හා සමාගම් බිහිවන්නේ විශ්වවිද්‍යාලවලින් කරන පර්යේෂණවල ප්‍රතිඵල ලෙසය. ඉන්ටෙල්, ගූගල්, ෆේස්බුක් වැනි සමාගම් සියල්ල විශ්වවිද්‍යාල පර්යේෂණවල ප්‍රතිඵලය. එහෙත් ලංකාවේ විශ්වවිද්‍යාලවලින් එවැනි සැලකිය යුතු මෙහෙවරක් නොවෙයි. මා උගත් සහ කලක් ඉගැන්වූ මොරටුව විශ්වවිද්‍යාලයෙන් එවැනි සාර්ථක පර්යේෂණ හා පුද්ගලයන් බිහි වුවත්, ඒවාට සහ ඔවුනට අත දී ඉදිරියට ගන්නා ක්‍රමවේදයක් රට තුල ක්‍රියාත්මක නොවෙයි.
ලංකාවේ විශ්වවිද්‍යාල රටේ කර්මාන්ත සමග ඍජුව බද්ධ කළ යුතු බව මගේ අත්දැකීමයි. උපකුලපතිවරුන්ට ඉලක්ක දිය යුතුය. ඒ ඉලක්ක සපුරන්න බැරි අය නෙරපා දැමිය යුතුය. එසේම ඉලක්ක සපුරන අය දිරිගැන්විය යුතුය. අගය කිරීමෙන්, දීමනා දීමෙන් දිරිගැන්විය හැකිය. ලංකාව දක්ෂයන් හා කුසලතා පිරි මිනිසුන් ඕනෑ තරම් සිටින රටකි. ප්‍රශ්නය, ඔවුනට නිසි තැන හිමි නොවීමය. ලංකාවේ ආණ්ඩුව කරන බරපතළම වරද ව්‍යාපාර කිරීමය. වෙළෙඳ ව්‍යාපාර කිරීම භාර දිය යුත්තේ පෞද්ගලික අංශයටය. මහා බ්‍රිතාන්‍ය ආණ්ඩු මීට අවුරුදු 200කට පෙරත් ව්‍යාපාර කළේ නැත.
අවුරුදු 200කට ඉහතදී ලංකාව ඇතුළු රටවල් යටත් කරගත්තේ පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගම් විසිනි. බ්‍රිතාන්‍ය ආණ්ඩුව කළේ, ඒ සමාගමෙන් යටත් කරගන්නා රටවල පාලනය භාර ගෙන ඒ සමාගම්වලට සහ ඒ රටවල ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමය.
ආණ්ඩුව ක්‍රියාත්මක විය යුත්තේ පහසුකම් සලසන්නකු (ෆැසිලිටේටර් Facilitator) ලෙසමය. විවේචන තිබුණත්, මහා බ්‍රිතාන්‍යය ලංකාව පාලනය කළේ එලෙසිනි.
1942/43 මුදල් වර්ෂයේ ලංකාවේ අය රුපියල් විසි කෝටි හය ලක්ෂ හත්සිය හතළිස් හතකි (20,00,06,747). වැය රුපියල් දහඅට කෝටි පනස් ලක්ෂ හය දහස් පන්සිය හයකි (18,50,06,506). ඒ අනුව, අපි බනින දොස් කියන සුද්දන්ගේ පාලන කාලයේ වෙනත් දේශපාලන බලය පිළිබඳ ප්‍රශ්න කෙසේ වෙතත් ආර්ථිකය ගත් විට ලංකාවේ තිබුණේ අය වැය අතිරික්තයකි. එහෙත්, දැන් ණය ගෙවීමටත් විදෙස් රටවලින් ණය ගනී. ආණ්ඩුව මගින්ම ව්‍යාපාර කිරීම එයට මූලිකම හේතුවක් බව මගේ තක්සේරුවයි.”/////
මේ සාකච්ඡාව ගැන හිතන්නේ මොකක්ද? මෙහි ඇති වැරදි ආර්ථික සංකල්ප ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?
😜😜😜😜😜😜😜
Deleteලංකාව ඉතාමත් බරපතල අධි උද්ධමන තත්වයයක පාමුල බව ඩබ්. ඒ විජේවර්ධන ඇතුළු ආර්ථික විශේෂඥයෝ මාධ්‍ය වලට වාර්තා කළේ ගැසට් ඉවත් කර ගැනීමත් සමග මර්දිත උද්ධමනය (Repressed Inflation) විවෘත උද්ධමනයක් (Open Inflation) බවට පත් වී ඇති බවත් එය එක්වරක් පමණක් සිදුවන මිල වැඩිවීමක් ලෙස සීමා කරගැනීමට නම් මහබැංකුව මුදල් අච්චු ගැසීමෙන් වැලකී සිටිය යුතු බවත් පවසමින්. CBSL ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන පවසන්නේ පවතින ඉතාමත් බරපතල අධි උද්ධමනකාරී ආර්ථික පරිසරය පිළිබඳ විග්‍රහයක නිරත වෙමින් මහ බැංකුව තව දුරටත් මුදල් අච්චු ගැසීම කර ගෙන ගියහොත් එය අධි උද්ධමනයක් (Hyperinflation) බවට පත් වීම නොවැලැක්විය හැකි බවයි. එසේම විනිමය අනුපාතය පිළිබඳව ද එය එසේම ආදාළ වන බව ආචාර්ය විජේවර්ධන වැඩිදුරටත් කියා සිටියා.
ReplyDelete“අද ලංකාවේ වෙළෙඳපොළ තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යාම සහ එමගි න් ඇතිවිය හැකි උද්ධමනකාරී බලවේගය අපට හඳුන්වන්න පුළුවන් මර්ධිත උද්ධමනයක් (Repressed Inflation) ඉවත් කළ පසු පැන නැගුනු තත්ත්වයක් හැටියට. මෙතෙක් කල් රජය ක්‍රියාත්මක කළේ උපරිම සිල්ලර මිලක් නියම කරලා, ගැසට් මගින් ඒ උපරිම සිල්ලර මිල ක්‍රියාත්මක කිරීම මගින් වෙළෙඳපොළ මර්ධනය කිරීමට තමයි කටයුතු කරලා තිබුණේ. නමුත් එම කටයුත්ත කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ, වෙළෙඳපොළ තුළ භාණ්ඩ හිඟයක් පවතින නිසා.”
“මේ නිසා මේ ගැසට් ඉවත්කර ගත් පසුව (ප්‍රෙෂර් කුකර් එක ඇතුලේ වැඩිදියුණු වෙලා තිබෙන ප්‍රෙෂර් එක සේෆ්ටි වෑල්ව් එක හරහා එලියට පනිනවා වගේ) අද වෙළෙඳපොළ තුළ එළියට පැනලා තිබෙනවා. මෙහිදී ඇතිවෙන උද්ධමනකාරී බලවේගය අපට එකවරක් ඇතිවන මිල වැඩිවීමකට සීමා කරගන්න පුළුවන්, මහ බැංකුව නැවත වරක් මුදල් නෝට්ටු මුද්‍රණය කරලා, මේ උද්ධමනයට තව බලයක් සැපයූවේ නැත්නම්. නමුත් මහ බැංකුව මුදල් නෝට්ටු මුද්‍රණය කරලා මේ ඇතිවෙච්ච මිල වැඩිවීමට බලයක් සැපයූවහොත් ඇත්තවශයෙන්ම සිදුවන්නේ එකවරක් පමණක් වැඩිවුණු මිල වැඩිවීම සදාකාලික මිල වැඩිවීමක් බවට පත්වෙලා අධි උද්ධමනයක් (Hyperinflation) බවට පාත්‍ර වෙන්න පුළුවන්.”
“අපේ විනිමය අනුපාතිකයත් අද තියෙන්නේ මෙන්ම මේ තත්ත්වයේ. විනිමය අනුපාතිකයේ වටිනාකම මහ බැංකුව විසින් රු. 203කට නියම කරලා තියෙන එක අපිට හඳුන්වන්න පුළුවන් MRP (Maximum Retail Price) එකක් නියම කරපු එකක් හැටියට. නමුත් ඒ ප්‍රමාණයට වෙළෙඳපොළේ ඩොලර් ලැබෙන්නේ නැහැ. යම්කිසි අවස්ථාවක දී මේ MRP එක ඉවත් කරපු ගමන්ම විනිමය අනුපාතිකයත් මේ වගේම උඩට පැනලා මහා භයානක විදියට විනිමය අනුපාතිකය ශ්‍රී ලංකාවේ අඩුවෙන්න පුළුවන්. මේ නිසා මේ තත්ත්වය තේරුම් අරගෙන මහබැංකුව සහ රජය කටයුතු කළොත් වඩා සුදුසුයි.”
එමෙන්ම දැනට ලංකාවේ ආර්ථිකය ඉතාමත්ම භයානක ලෙස අයහපත් බව ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය වෙනුවෙන් එහි සභාපති ආචර්ය ලක්ෂ්මන් සිල්වා පෙන්වා දෙන්නේ මේ ලංකාවේ ඇති බරපතල ආර්ථික අර්බුදය නිසාම ඒ හේතුවෙන් ලංකාවේ බැංකු පද්ධතිය කිසිදා නොසිතූ විරූ ඉතාමත්ම බරපතළ අවදානමකට පත්ව ඇති බවයි. දැනට ලංකාවේ රට තුළ විදේශ විනිමය ද දැවැන්ත අර්බුදයකට පත්ව ඇති බවද චමුදිත සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී මේ බරපතල ආර්ථික ව්‍යසනය හෙළිදරව් වී තෙබෙන බවයි පැවසෙන්නේ. මේක ඇත්තද?
(Link-https://www.youtube.com/embed/ZQ9ed0_BuIc?rel=0)
ලංකාවේ ආනයනය, අපනයනය දෙකම ක්‍රියාත්මක විය යුතුය. අඩු ගානේ අපනයනයට බහාලුකමක් ගන්න පුළුවන් වෙන්නෙත් ආනයනයක් ආවොත් තමයි.
😎😎😎😎😎😎
Deleteඋපදෙස් පිලිපදින්නට කැමති අය උවමනාකොට තිබේ!
ReplyDelete😮😮😮😮😮😮
Deleteපහුගිය කාලයේ ලංකාවේ හිස එසවූ ත්‍රස්තවාදයෙන් සමාජය ආරක්ෂා කළ හැකි වූ නිදහස්, නිවහල් රටක් යන දේශපාලන තේමාවෙන් ගොඩ ගිය ජනපතිවරයා කරන්නේ ආයෝජන නමින් රටෙහි සම්පත් විදේශික සමාගම් වලට බදුදීමය. විකිණීමය. නූතන විසුළු විපක්ෂ නායකයා බලයට පත් වුවහොත් මේවා නොකරයිද? නැත. ඔහුටත් ඒ තරම් වත් වැඩ පිළිවෙලක් නැති නිසා සිදුවන්නේ ඒ වනවිට ඉතිරි වී තිබෙන දේවල් මීටත් වඩා වේගයෙන් බදුදීමට හා විකිණීමටයි. ගෝඨාභය බලයට පත්වීමට පෙර ඔහුගේ වියත් මගෙහි උගත්හු රටෙහි සංවර්ධනය ගැන ඉහළම බලාපොරොත්තු තබාගෙන සිටියහ. එම වියතුන්ට තම විෂය පථය පිළිබඳව ගැඹුරු අවබෝධයක් තිබුණත්, දේශපාලනය ගැන සරල අවබෝධයක්වත් නොතිබුණු නිසා විය හැකිය. කොටින්ම රටේ ස්ථාපිත දේශපාලන ක‍්‍රමයේ කොල්ලකාරී ස්වරූපය ගැන අබෝධයක් නොතිබුණු නිසාය. එය පවුල් පාලනයකින් තවදුරටත් උත්සන්න වන බව ඔවුනට වැටහීමක් නොවුණි.
ReplyDeleteමේ මොහොතේ ඊට විකල්පව වෙලට බසින සජිත් ගැන අහස උසට බලාපොරොත්තු තබාගෙන සිටින අයද සජිත් බලයට පත්වුවහොත් අනාගතයේදී මුහුණපානු ඇත්තේ එම අර්බුදයටම ඊටත් බඩා දරුණු ලෙසින්ය. ඒ නිසා මෙම නායකයන් දෙදෙනා ගැන තවදුරටත් මෙසේ පැහැදිලි කරගත හැකිය. ඒ දෙදෙනා ගැන අධික බලාපොරොත්තු තැබූ කොටස් දෙකක් සිටියි. එක් කොටසක් වන්නේ පුද්ගලික ලාභ ප‍්‍රයෝජන පතා තමන් කැමති නායකයා වෙනුවෙන් වෙහෙසීමය. දෙවැනි කොටස දේශපාලන නොදැනුවත්කම නිසා අවංකවම ඔවුන් රටට වැඩක් කරනු ඇති බවට බලාපොරොත්තු තබා ගත් පිරිසය. ජනාධිපති විෂයෙහි මෙම දෙවැනි පිරිස මේ වනවිට සෑහෙන දුරට බලාපොරොත්තු කඩ කරගෙන සිටිති. පළමු පිරිස කවුද? ඒ පොල්තෙල් හා සීනි ආනයනකරුවන් විය හැකිය. ජනාධිපති සමාව ලැබ හිරෙන් නිදහස් වූවන්, පවුලේ හිතවතුන් මිලිටරියට ප‍්‍රමුඛතාව දීම නිසා තනතුරු ලද විශ‍්‍රාමික හමුදා නිලධාරීන් යනාදීහු තවදුරටත් ජනපති ගැන සතුටු වන්නාහ. ගෝඨාභයට සාපේක්ෂව සජිත් සම්බන්ධයෙන් ඇති සැබෑව නම් ඔහු ගැන අවංකව බලාපොරොත්තු තැබූ පිරිසට පාඩමක් ඉගෙන ගනු පිණිස මීටත් වඩා භයානක දිට්ඨධම්මවේදනීය කර්ම අත්විඳීමට මෙතෙක් අවස්ථාවක් නොලැබීමය. අපට අත්දැකීම්වලින් ඔවුන්ට ලබාදිය හැකි උපදෙස නම් එවැනි මුග්ධ අත්හදා බැලීම් නොකරනු යන්නය.
දැනට ලංකාවේ ඇති භයානක තත්ත්වය නම් විපක්ෂය පාර්ශ්වයෙහි මහජන පරමාර්ථ කාර්යසාධනයෙහිලා පිරිපුන් දේශපාලන ව්‍යාපාරයක් නැති විශාල හිස් අවකාශයක් බිහිව තිබීමයි. සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය යන පක්ෂ දෙකම නිසි දේශපාලන දැක්මක් හෝ රටේ පාලන අංශ පිළිබඳ හෝ සරල කළමනාකරණයක් ගැන වත් කිසිදු අවබෝධයක් නොමැති අර්ධ ව්‍යාපාර ලෙස දිස්වෙයි. ඒ දෙකම කොරා සහ අන්ධයා වැනිය. හොරා මංකොල්ල කන විට කොරාට සහ අන්ධයාට කළ හැකි කෙංගෙඩියක් නැත. ඔවුන් දෙදෙනාටම කළහැක්කේ පැත්ත වැටී අසරණ ලීලාවකින් මැසිවිල නැගීම පමණි. දැන් ඇසෙන්නේ හරි හමන් විපක්ෂයක දැනෙන විරෝධයක් නොව අඳෝනා නගමින් හඬා වැටෙන මැසිවිල්ලකි.
මෙයින් ජවිපෙ මූලික වූ ජාජබයට ජනතාව සැලකිය යුතු බලයක් ලබාදීම ගැන තවම එතරම් කල්පනා කර නැති නමුත් ඕනෑම තක්කඩියෙකුට නිසි කරුණු නොවිමසා බලය ලබාදීමට ජනතාව පෙළඹී සිටින රටක් බැවින් ඒ අනුව ගෝඨාභය තුවාල සිදුකර ගන්නා ආකාරයට ඉදිරියේ ඇති එකම විකල්පය ලෙස පෙනෙන සජබයටත් ජනතාව බලය ලබාදීමට ඉඩ ඇත. ඉන්පසු ඔවුන් ගෝඨාභයට නොදෙවෙනි ලෙස ක‍්‍රියා කරනු ඇත. ලංකාවට දිගටම අත්විඳීමට සිදුවූයේ මෙම ඛේදයම නොවේද? ජනතාව දැනුවත් යැයි කියන්නේ දේශපාලකයන්ම පමණි. එසේ ඇසුණත් ඇත්තටම තම දේශපාලන සාක්ෂරතාව ඇත්තේ පහළ මට්ටමක බව ජනතාව තේරුම් ගත යුතුව ඇත. දැනුම වීසිකර රැල්ලට ඡන්දය දෙන ජනතාවක් ලංකාවේ සිටිති. මෛත‍්‍රීගේ හැට දෙලක්ෂය සේ ම ගෝඨාභයගේ හැට නව ලක්ෂය මරිමෝඩ ජනතා රැලි මිස කරුණු සලකා බලා ගත් දේශපාලන තීරණ නොවේ. මේ තත්ත්වය වෙනස් කරන්නේ කෙසේද?
යම් කැපවීමක් කළ හැකි රට පිළිගත් දැන උගත් බුද්ධිමතුන් පිරිසක් මෙම ක‍්‍රියාවලිය ඇරඹිය යුතුය. දැනට ලංකාවේ ඇතැම් උගතුන් කරමින් සිටින්නේ දේශපාලන පක්ෂ සමග සහයෝගීතාවෙන් ක‍්‍රියාකිරීමය. එම අත්දැකීම ආරම්භයක් හැටියට නරක නැත. එම අත්දැකීම් උපයෝගී කරගෙන ප‍්‍රධාන පක්ෂවල සිිටින අවංක ක‍්‍රියාධරයින්ගේත් සහයෝගය ඇතිව ලංකාවට නව දේශපාලන ව්‍යාපාරයක් ඇරඹිය නොහැකිද? ඒ සඳහා දැනට විවිධ පක්ෂවලට සම්බන්ධ වී ඒ ඒ නායකයන් හා වැඩපිළිවෙලවල් ගැන විශ්වාසය තබාගෙන ක‍්‍රියා කරන උගතුන්ට මැදිහත්වීමක් කළ හැකිය. සාපේක්ෂව දේශපාලන අත්දැකීම් ඇති උගතුන්ගේ භූමිකාව මේ මොහොතේ තිබෙන්නේ ඔවුන්ට නිසා මෙම ක‍්‍රියාවට එම අත්දැකීම් උත්පේ‍්‍රරකයක් කරගත හැකිය. ඊට සක‍්‍රීයව මැදිහත් විය හැකි රාජ්‍ය පාලනය ගැන පුළුල් දැනුමක් ඇති ලෝකය ගැන වෙනස් ඇසකින් දැකිය හැකි විශ‍්‍රාමික රාජ්‍ය නිලධාරීහු අතර සුළු පිරිසක්ද රටෙහි සිටිති.
Deleteමෙතෙක් අප තොරොම්බල් කරන ලද්දේ පුද්ගල චරිතයි. හුදෙක් සුපිරි වීරවරුන් ලෙසින් යම් නිශ්චිත පුද්ගලයෙක් වෙනුවට ප‍්‍රශස්ත දේශපාලන වැඩසටහනක් රටට හඳුන්වා දෙන ක‍්‍රමයකින් පවතින තුට්ටු දෙකේ දේශපාලන සංස්කෘතියද පරාජය කිරීමට රටට හැකිවනු ඇත. විශේෂයෙන්ම දැනුවත් තරුණ කොටස්වල ආකර්ෂණය ඊට හිමිවනු ඇත. ගෝඨාභයට ඡුන්දය දුන් වයි පරම්පරාව නියෝජනය කරන ලක්ෂ 09කට ආසන්න තරුණ පිරිස ඔහුගෙන් බලාපොරොත්තු වූයේ එවැනි වැඩසටහනක් පෙරදැරි දේශපාලනයකි. නූතන පරපුරේ අපේක්ෂා මෙන්ම රටේ නව සමාජීය අපේක්ෂා කෙබඳු විය යුතුද යන්න ගැන උගතුන්ගේ දේශපාලනයකට වඩාත් සංවේදී විය හැකිය.
රටෙහි නිෂ්පාදන ක‍්‍රියාවලියක් නැති නිසා දළ දේශීය නිෂ්පාදනය හීන වී ජනයාගේ ආර්ථික පංගුව ඉතා සිහින් වී තනි ඉරක් බවට පත්ව ඇත. මේ සියල්ල ගෝඨාභයගේ පිටින් යවා ප‍්‍රශ්න පැස තවත් එවැනිම නායකයකුගේ කරෙහි එල්ලීමට ඉහත ප‍්‍රශ්නවලින් පීඩාවට ලක්වූවන් කටයුතු කරනවා නම් එය දුක නැති කිරීමේ මාර්ගය නොවන බව වටහාගත යුතුව ඇත.
සමාජ ප‍්‍රශ්න පුපුරා යන තැන පඹයකු සේ සිටගෙන සිටින නායකයකු මම කරන්නම් කියා බලයේ අඩයාලම කර ගසා ගත් ආකාරය මෙතෙක් දක්නට ලැබුණු දසුන විය. අරූට බැරිවුණු වැඬේ උඹ කරන්නේ කොහොමද? උඹේ වැඩපිළිවෙල මොකක්ද යනුවෙන් කිසිවෙක් මෙතෙක් ආදේශකයාගෙන් නොවිමසූහ. මේ දිනවල පේ‍්‍රමදාස කියන දේවල් කරන්නේ කෙසේද යන්න කිසිවෙක් කුඹුරේදී නොවිමසති.
ගෝඨාභයගෙන් පළිගැනීමට විපක්ෂයෙන් එන පාල කෙනෙකුට හෝ දාස කෙනෙකුට හෝ කුමාරයෙක්ට ඡන්දය දීමෙන් වැඩක් නැත. ඔවුහු වැඩ බැරි පාලලා හා දාසලා හෝ කුමාරලා වෙති. අප ඡන්දය පාවිච්චි කළයුත්තේ වෛරයට ලක්වුණු නායකයකුට පාඩමක් ඉගැන්වීමට නොවේ. ජනතාවගේ යහපත සලකාය. මේ මොහොතේ ලංකාවේ සමාජය උගතුන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඒ සඳහා වන මගපෙන්වීමකි. මේ අත් විඳින වේදනාව අයාලේ පුපුරා යාමට ඉඩ නොදීමට නම් රටෙහි වගකිවයුතු පුරවැසියන් සංවිධානාත්මක ක‍්‍රියාවලියකට අවතීර්ණ විය යුතුය.
මේ පිළිබඳව උනන්දුවක් දක්වන උගතුන් පිරිසක් එකතු වී රටේ විවිධ ක්ෂේත‍්‍ර අරභයා ප‍්‍රතිපත්ති වැඩසටහනක් සම්පාදනය කළ නොහැකිද? එය හුදු ලියවිල්ලක් නොව ප‍්‍රායෝගික වැඩපිළිවෙලක් වීම අත්‍යවශ්‍යය. එවැනි දෙයක් මේ රටේ දැනුවත් පිරිසකට ඉතා පහසුවෙන් කළ හැකි අතර ඔවුන්ට ආරාධනයක් හෙවත් බුලත් දීමක් අවශ්‍ය නම් රාවය පුවත්පතට එය කළ හැකිය. ඒ සඳහා වන රාවයේ සුදුසුකම වන්නේ වසර 35ක් පුරාවට රාවය සමාජ ප‍්‍රතිසංස්කරණ ගැන යෝජනා ඉදිරිපත් කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජාතීන් අතර සහයෝගිතාව, ආගමික සංහිඳියාව, ආර්ථික නිදහස, අධිකරණ ස්වාධීනත්වය, අධ්‍යාපන හා සංස්කෘතික නිදහස ඈ බහුවිධ විෂය ප‍්‍රදේශයන්හි සුපුෂ්පිතභාවය උදෙසා පෙනී සිටීම හා එම පෙනී සිටීම අතිබහුතරයකගේ පිළිගැනීමට ලක්ව තිබෙන පසුබිමය. එබැවින් ලංකාවේ උගතුන්ට අනාගත ලංකාව ගමන් ගත යුතු මග පිළිබඳව ජාතික වැඩසටහනක් සම්පාදනය කිරීමට මාතලන් බඳු පිළිගත් සමාජ ක්‍රියාකාරීන්ට මේ මොහොතේ ආරාධනා කරන්නෙමු. එමෙන්ම එම වැඩසටහන මහජනයා අතරට ගෙනයාමට හා ඒ ගැන පළල් සංවාදයක් ඇරඹීමටද අපි කැප වන්නෙමු.
දශක ගණක කුරිරු යුද්ධයකින් විනාශ වී ගිය රටක් වූ රුවන්ඩාව පෝල් කාගමේ විසින් වසර විස්සකින් සපුරා වෙනස් කළ ආකාරයට අපටත් ලංකාව දියුණු රටක් බවට පත් කළ හැකිය. එම සිහිනය සිතෙහි තබාගෙන වැඩ කළ හැකි නම් එය සිහිනයක් නොව කඩිනම් සැබෑවක් බවට පරිවර්තනය කරගත හැකි වනු නිසැක බව මගේ අදහසයි, මේ ගැන ඔබේ මතය කුමක්ද?
😜😜😜😜😜😜
Deleteරන්ජන් රාමනායක (අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය) සතුව අනිවාර්යෙන්ම විදෙස් ගිනුම් වල මුදල් තිබෙනව. පාස්කු ප්‍රහාරයෙන් පසුව රිශාඩ් ගේ මල්ලි සැක කටයුතු දේ සමග හමුදාව මගින් අත් අඩංගුවට් ගත් අවස්තාවේ ජනාධිපති සිරිසේනට රන්ජන් දැඩි ලෙස බලපෑම් කර ඔහුව මුදා හැරිය. ඒ දිනවල රිශාඩ් වැඩිපුර ගැවසුනේ රන්ජන්ගේ නිවසේ. පාස්කු ප්‍රහාරයට සම්බබන්ද බොහෝ මුස්ලිම් ජාතිකයින් මුදා ගැනීමට ජනපතිට බලපෑම් කලේ අසාඩ් සාලි සහ රන්ජන්. ගෙදර සේවකයින්ගෙත් රජයෙන් ලැබෙන පඩි මාටිය ගහන මුදලට කෑදර රන්ජන් මේ කිසිවක් නොමිලේ කලේ නෑ කෝටි ගනන් මුදල් ගත්ත. නිල නොලත් පොලිස්පති විදිහට හැසිරුනේ. මේ අපතයට තමා කිසිත් නොදන්න මෝඩ හරක් කියන්නේ ඇත්ත කතාකරන්ඩ ගිහින් හිරේ ගියා කියල.
ReplyDelete😜😜😜😜😜😜
Deleteකිසියම් සිස්ටම් එකක් ඉක්මණින් සහ පහසුවෙන් විශාල වෙනස්කමක් කිරීමට හැකි නම් එහි ඇත්තේ ඒකාධිපති හෝ කතිපයාධිපත්‍ය තන්ත්‍රයක් විය යුතුයි. මොකද එවැනි රැඩිකල් තීරණ ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට පුළුවන් වෙන්නේ එවිටයි. එහෙම නොවෙන සිස්ටම් එකක් නම් එයින් පෙන්වන්නේ ඒකාධිපති ස්වභාවය අඩු හෝ නැති බවයි. එය බොහෝ විට වෙන්නේ බලය සත්‍යය වශයෙන්ම විමධ්‍යගත වීමෙන්. එවිට ඉතා විශාල පිරිසක් සමාන බලයක් සහිතව තන්ත්‍රය කරනවා. එවිට ඉක්මණින් ලොකු දේවල් කරන්න බැහැ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රයේ දියුණුව. ලංකාවේ තිබෙන්නේ ඉතාම දියුණු ප්‍රජාතන්ත්‍රයක්. මොකද ලංකාවේ කිසිම වැදගත් තරමට ලොකු දෙයක් එහෙම ඉක්මණින් වෙනස් කරන්න බැහැ. ගෝඨාභය වැනි අයෙකුටවත් කිසිම ලොකු වෙනසක් කරන්න බැරි වුණ නිසා පැහැදිලිව පේනවා ලොකු වෙනස්කම් කරන්න යන එක අඥාන කමක් බව, ඡන්දය දුන්නේ නැතත් අපි නම් සමාජ ජාල වල මුල ඉඳලම මේ ආණ්ඩුවට කිව්වේ ලොකු ලොකු වැඩ කරන්න යන්නේ නැතුව හැකි තරම් සරල පහසු කුඩා දේවල් කරන්න කියලයි. එහෙම කළා නම් මේ ප්‍රශ්න ගොඩක් අඩු කරගන්න තිබුණා.
ReplyDelete❤️❤️❤️❤️❤️
DeleteThrough failure you will get to know yourself better and you will learn from your mistakes. Failures make us rethink, reconsider and find new ways and strategies to achieve our goals.
ReplyDelete❤️❤️❤️❤️❤️
Delete