.

.

Apr 22, 2023

ඔය ඉතින්... වැඩේ කෑවා නේ..




 ඔය ඉතින්... වැඩේ කෑවා නේ..

➖➖➖➖➖➖➖➖➖🔴➖


අද කාළේ ඉන්න කෙල්ලන්ගෙ ගැන හොඳින්ම දන්න, හනිමූන් ඇවිත් ඉන්න මනමාලිගෙන්... කොල්ලා අහනවා මෙහෙම....


ඔයා කොල්ලෝ කී දෙනෙක් එක්ක වගේ මෙහෙම ඉඳලා තියෙනවද...?  කෙල්ල නෙමේ කිසිම ප්‍රතිචාරයක් දැක්වූවේ....


අවුලක් නෑ.. මට කියම්නකෝ ඔයා කී දෙනෙක් එක්ක හිටියද කියලා...ආයෙමත් කොල්ලා ඇහුවා...


ඒත් බිරිඳ නෝ කතා... සීලිම දිහා බලාගත්ත ගමන්....


අනේ සොරී... මට ඔයාගේ අතීතේ හාරාවුස්සලා රිද්දන්න ඕන නෑ... අනික ඉතින් අපි දෙන්නා දැන් එක්කෙනෙක් නේ... අපි අතරේ රහස් තියෙන්න බෑ නේ... නේද...


කෙල්ල තාමත් එහෙම්මමයි... නෝ කතා... ඉස්ටිල් ලුකින් ඇට් ද සිවිලිම....


හරි.... හරී.... ඕකට අවුල් යන්න ඕන නෑ සුදූ.. කියපු කොල්ලා වැඩේ අතෑරියා....


කෙල්ල තාම එහෙම්මමයි.... කොල්ලා තුවාය ගලවලා විසි කරලා පැන්න කෙල්ල උඩට.... බදාගත්තා කෙල්ලව... පටන් ගත්තා කිසින්ග්...

ෆෝ ප්ලේ හෙවත් කෑමට පෙර ප්‍රේමාලිංගන....


කෙල්ලගෙත් මූණ කට වෙනස් උනා... සිවිලිම වෙනුවට කෙලින්ම බැලුවා කොල්ලගෙ මූණ දිහා.... ඒ ඇස් කේන්තියෙන්... තල්ලු කරා අරූ හතර ගාතෙන්ම.... ෆුල් ඩම් එක දාලා... අරූ ඇඳෙනුත් බිම....


මූසලයා... ඔහොම්මමයි.... දැන් මම ආයේ මුල ඉඳන් ගනන් කරන්නෙපාය.... මළ වදේ...


▪️සුද්දන්ගේ එකක් මගේ එකක් වගේ හුදී ජන පාන් සංවේගය උදෙසා අනුවර්තනය කොට ලියා පලකලේ මාතලන් වන මා විසිනි.


.

23 comments:

  1. හරිම අනුවේදනීය කතාවක් මාතේ, පවු අහිංසක කෙල්ල ආයේ පාරක් ගණන් කරන්න මහන්සි වෙන්න එපායැ? මහ ගොන් මෝලෙක් බැඳපු එකානම් කාන්තා හිංසනය නේද? තව දෙයක් විදුලිබල මණඩලය 2005 සේවකයන් 14,000යි, 2015 මුලදී 15,000යි, යහපාලන ආණ්ඩුව කාලයේ සිට මේ දක්වා කාලයට පසුව දැන් 22,000 ක් ඉන්නවා

    2014 Automated Billing System එකක් හඳුන්වා දී විදුලි බල මණ්ඩලයේ සහ ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මැනුවල් නම් කියවන පිරිස වෙනත් සේවාවන් වලට අනුයුක්ත කිරීමට මණ්ඩල වල ඉහළ නිලධාරීන් සියල්ල සූදානම් කර තිබූ නමුත් රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ යහපාලන රජයෙන් ඒ සියල්ල අත්හැර දමා නැවතත් එජාපයේ ජාතික සේවක සංගමය වෙනුවෙන් පාරම්පරික එජාප පාක්ෂිකයන් බහුතරයක් සහිතව මනු කියවන්නන් දහසක් පමණ බඳවාගෙන ඇත. තම සිරිසේන ගමරාලගේ පක්ෂයේ හෙංචයියන් ටික දෙනෙක් ද මීට අයත්ය

    අපි කිව්වා තොපිට ජව්පෙට රට බාරදෙන්න එපා කියල... ජවිපෙ ජාතික බලවේගයේ වැරැද්ද නේද මේක?

    ReplyDelete
    Replies
    1. ඇයි මතක නැද්ද 2015දි ඕකේ මහා man power හිටපු සේවක අවුලක් තිබ්බා අන්තිමට ඒ man power හිටපු මිනිස්සුන්ව බඳවා ගන්න වුනා කියලා. එක් පාරටම 2014 මෙච්චර තිබ්බා කියන්නෙ නැතිව ත්ව අතීතෙට ගිහිල්ලාම ගනන් හදලා බලන්නකො.

      Delete
    2. @ ඇනෝ 1.43

      විදුලි බිල වැඩි කිරීමට ගත් තීරණය ඉතා අපහසු එකක්. මේ තීන්දුව ගන්න වුනේ අතීතයේ සිදුවූ වැරදි නිසායි.

      වර්තමානයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල හිටපු ජනාධිපති සහ සජබයේ කබීර් හෂීම් චම්පික රණවක වගේ අය ඒකට වගකියන්න ඕන.

      නන්දසේනලා පහුගිය කාලේ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන්න යන විට මේ අය රනිල් සජබ හැමෝම ටෙන්ඩර් ප්‍රතිපත්තිය ගැන තමයි කතා කළේ.

      ඔය සේවකයන් වැඩි වීමට
      මුතුරාජවෙල තෙල් සංකීර්ණයට සේවකයන් ගැනීම බැලුවොත් කබීර් හෂීම් එජාපයේ හිටපු කාලේ යහපාලන ආණ්ඩුව කාලයේ සේවකයන් විශාල ප්‍රමාණයක් දාලා. පන්දහසකටත් වැඩි ගාණක් දාලා.

      ලංවිම ආයතනය ප්‍රතිව්‍යුහගත කරණය කරන්න ඕනා. ඒක මමත් පිළිගන්නවා. ඒ සඳහා කමිටුවක් දාලා තිබෙනවා අට දෙනෙක්ගෙන් යුතුව. විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරන වැඩපිළිවෙල ලබන මාස කීපය වන විට මූලික රාමුව දේවි. ලබන මාසය වන විට ඒ වැඩපිළිවෙල පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් වේවි. එදාට එයට සහයෝගය දෙන්න කඩාකප්පල් කරන්නේ නැතුව. අපි දැක්කා අවස්ථා තිහිපයකදී විදුලි බිල වැඩි කරනවා. හැබැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති කාලයේ නොරොච්චෝලේ හදලා විදුලි වියදම අඩු කළා. අනිත් පැත්තෙන් විදුලි බිල විපක්ෂයේ දැඩි විරෝධය මත 2014 දී අන්තිමට වැඩි කළත් යහපාලන රජය සමයේ ගාස්තු සංශෝධනය නොකර ඡන්දය වෙනුවෙන් පාඩුවට විදුලිය දුන්නා, ඒ නිසා ඉතාමත් පැහැදිලිව විදුලි බල මණ්ඩලය පාඩු ලබන්න ගත්තේ යහපාලන ආණ්ඩුව ආවහම. ඒ කරන්න ඕනා දේවල් නිසි වෙලාවට නොකිරීමයි.

      ඒ නිසායි නව ආයෝජන ගෙනල්ලා එල්එන්ජී ව්‍යාපෘති ඇති කිරීම කළ යුතු. නිව් පෝට්‍රස් සමාගම එනකොට බිල්ලෝ මැව්වා. එල්එන්ජී ව්‍යාපෘති කරන්න දුන්නේ නෑ. ලංකාවට විදේශ සහයෝගයත් විදේශ තාක්ෂණයත් අවශ්‍යයි. විදුලි බල මණ්ඩලය විදුලිය නිෂ්පාදනය කරලා විකුණුහම ලැබෙන ආදායම වසරකට රුපියල් බිලියන 286 යි. ඒ නිසා තමයි මණ්ඩලය බිලියන 869ක් ඉල්ලුවේ. ගල් අගුරු මිල, ඉන්ධන මිල වැඩි වෙලා. නමුත් මහජන උපයෝගිතා කොමිසම ලබා දුන්නේ බිලියන 500ක් විතරයි. දැන් විදුලි බිල වැඩි වෙලා කියලා මහා බිල්ලෙක් මවනවා.

      Delete
    3. යහපාලන රජය 2015 ජනවාරි මාසෙ අටවෙනිදා බලයට පත් වූ නිසාම ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජික පවුල් වල කට්ටිය බහුතරයක් සහ නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන පාර්ශවයේ දේශපාලනික හෙංචයියන් ඇතුලුව අලුතෙන්ම ලංවිම බඳවාගත් සේවකයන් ගණන දළ වශයෙන් හයදාස් පන්සීයක් විතර, මෙයින් ලංවිමට බඳවාගත් අලුත්ම සේවකයන් 4956 ක් පමණ සිටියා. මින් 2367 කට 2015 දෙසැම්බර් මාසේ 17 දා යහපාලන රජයේ කැබිනට් මණ්ඩලය මගින් නීත්‍යානුකූලව අනුමත කර ස්ථිර පත්වීම් ලබා දුන්නා. ඊට අමතරව තවත් 2,594ක් අජිත් පී පෙරේරා විදුලිබල රාජ්‍ය ඇමති ලෙස පත්වීමෙන් පසුව බණ්ඩාරගම ඇතුලු දීප ව්‍යාප්ත එජාපයේ හිතවාදී පිරිස් අතරින් තොරා ගත් අය ස්ථීර සේවයට බඳවා ගත්තා.

      මේ නව සේවකයන් බඳවාගැනීමට එරෙහිව ඊට පෙර පැවති රජය සමයේ යෝජිත ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බිල් පද්ධතිය ස්ථාපනය වන තෙක් තාවකාලිකව සේවයට එක් කර ගත් මනු කියවන්නන් 1400 පමණ කොන්ත්‍රාත් ක්‍රමයට බඳවාගෙන සිටියා. යහපාලන රජය මගින් මෙම 2014 වසර අවසන් වීමට පෙර සේවයට බඳවාගත් නිශ්චිත කාලසීමාවක් සේවය කළ මෙම මනු කියවන්නන් සහ ලංවිම ට අනුයුක්තව සේවය සැපයූ මිනිස්බල සේවකයින් සියලු දෙනා 2015 සැප්තැම්බර් මස 4 දින ජනාධිපති මෛත්‍රිපාල සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාගේම ප්‍රධානත්වයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථිර සේවක ප්‍රවාහයට එක්කර ගැනීමට තීරණය කරන ලද අතර ඔවුන්ව 2016 වසරේ සේවය ස්ථීර කිරීමටකටයුතු කළා

      Delete
  2. මීට හරියටම අවුරුද්දකට විතර කලින් 2022 අප්‍රේල් මාසේ ලංකාවේ ඇන්ටි ගෝටා කැම්පේන් එක ආරම්භ කරමින් අරගලය නමැති අධික ලාබ ලබමින් සාර්ථකව ක්‍රියාත්මක කළ ව්‍යාපාරය ආරම්භ කරපු ව්‍යාපාරික කණ්ඩායම් විසින් පබ්ලිශ් කළ එක ඉතාමත්ම ජනප්‍රිය වූ පෝස්ට් එකක් මාතා මේක ගැන පසු විපරමක් කරන්න සුදුසු කාලය ඇවිල්ලා නේද? මේ ගැන මොකද හිතන්නේ?

    //

    💥🔴 ATTENTION 🔴💥
    බයයි නම් කියවන්න එපා.!!!

    ඉදිරි ඔක්තෝම්බර් වන විට ලංකාවේ සිදුවන ආර්තික සහ සමාජීය වෙනස් කම් සහ ඔබගේ ආරක්ශාව Economic Times Australia 22/4/22 ඇසුරෙන්*
    (විද්‍යාත්මකව, සරලව සහ කෙටියෙන් සැමට පැහැදිලි ලෙස)

    පහත සදහන් සියල්ල මාගේ නිගමනයන් නොව economic times සඟරාව සමීක්ෂණයක් කර ලබාගත් තොරතුරුයි

    1.ඩොලරය 450/= දකවා ගමන් කරයි.

    2.‍රජයේ රෝහල් 80% අඩපන වෙයි.

    ශල්‍යකර්ම ඇතුළු හදිසි ප්‍රතිකාර බෙහෙත් සහ වෛද්‍ය හිඟය නිසා නවතී.

    3.රජයේ පාසල් වල අධ්‍යන කටයුතු දින නියමයක් නොමැතිව ඇනහිටින අතර Onine ක්‍රමවේද ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු වෙයි.නමුත් ගම්බද සිටින දරුවන්ගේ ඉගෙනීම සම්පූර්ණයෙන්ම ඇණහිටී

    4.තෙල් නොමැත

    තෙල් මිල octane 92 600/= දක්වාද diesel 600/= දක්වාද ඉහල යයි.රට තුල 50% ඉන්ධන ආශ්‍රිතවසිදුවන ක්‍රියාකාරකම් අක්‍රීය වෙයි
    එමෙන්ම රට තුළ කිසිදු තෙල් සංචිතයක් නොමැතිව යයි(ආසන්න සති දෙකකට)

    5.ආහාර හිඟය

    වී ඇතුළු අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ලංකාවට පැමිණේ.සලාක ක්‍රමයට සහල් නිකුත් කිරීම සිදුවෙයි.අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවීමන් පෝෂණය තත්ත්වයන් උග්‍ර වේ.කෙටියෙන්ම රටේ ආහාර නොමැතිව පාරේ ඉන්න සුනඛයන් පවා මිය යයි.මන්දපෝෂණය 6% සිට 17% දක්වා වැඩි වෙයි.

    5.පෞද්ගලික අංශයේ රැකියා වලින් 30-40% අහිමිවෙයි.විරැකියාව 12% සිට 30% දක්වා වැඩි වෙයි.ආයෝජන කලාපවල රැකියා 20% නැතිවී යයි.ප්‍රධාන සමාගම් වලින් 50% කොටස්(Global orders) බංග්ලාදේශය වියට්නාමය ඉන්දියාව වෙත ගමන් කරයි.

    6.මංකො. ල්ලකෑම් මි. නීමැ. රීම් ස්ත්‍රී දූ. ෂණ

    රටේ ප්‍රධානම ගැටලුව බවට පත්වෙන්නේ මෙයයි. ආරක්ෂක අංශ සහ රාජ්‍ය සේවය අකර්මණ්‍ය වී ඉන් පසු රට තුළ නීතියේ ස්වාධිපත්‍ය යක් නොමැතිවී යයි.විශේෂයෙන් අඩු අධ්‍යාපනයක් ඇති දුගී ජනතාව මං. කොල්
    ල කරුවන් බවට පත් වෙයි.ඔවුන් සංවිධානාත්මකව නිවාස කොල්ලකයි,මි. නීමැ. රුම් සහ ස්ත්‍රී දු. ෂ. ණ සිදු කරයි.පාරේ තනිව ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් වගේම වාහනයක්ද නවතා තැබිය නොහැකි තත්ත්වයක් උදා වෙයි.

    Dr. P.H Hamdeen
    Martin Luke
    Economic Times Australia 22/4/2022

    © copied//

    ReplyDelete
  3. ගණන් බැලිල්ලට නෝනා අසමත්ය
    ෆුල් ඩම් එක නං පොඩි නැහැ වාගේය
    තැලුම් තෙලක් මනාලයාට ඕනෑය
    පස්සට දාන්නට වුණාද මධුසමය

    ReplyDelete
    Replies
    1. නිදී මෙහෙමයි වැඩේ ආදරය කියන්නෙම අතාර්කික දෙයක්. ඒත් ඒක අස්සෙ තර්ක කර කර ප්‍රශ්න අහා අහා බුද්ධිමත් බවක් පෙන්නීමට යාම මෝඩ කමක්.

      කොටින්ම ඕනෙම දේක හැබෑ ලස්සන පේන්නෙ ඒක ඒ තියෙන ස්වභාවයෙන්ම විඳිද්දි මිසක් කෙස් පැලෙන මෝඩ තර්කවලින් නෙවෙයි.

      ආදරය ලස්සනම තාර්කික නොවුණු තරමට. ප්‍රශ්න කිරීම් අඩුවුණු තරමට, මෝඩ තර්ක කිරීම් හා මෝඩ ප්‍රශ්න කිරීම්වල ඇත්තේම ආදරණීයව අනාගතයට මුහුණ දීමට ඇති බියගුළු බවයි.

      ජීවිතයේ දී ඉතා ම තාර්කික පුද්ගලයන් බොහෝ වෙලාවට ආදරයේ දී අන්තිම අසාර්ථක වන බව මම ඇස් පනාපිට ම දැක තිබෙනවා.

      ඒක එහෙම වෙන්න හේතුව මොකක්ද කියන එක තරමක් ගැඹුරින් විමසා බැලිය යුතුයි.

      සාමාන්‍යයෙන් තාර්කික පුද්ගලයන් ජීවිතයේ හැම දෙයක් ම තේරුම් ගැනීම සඳහා මෙවලමක් ලෙස තර්කනය තෝරාගන්න බවයි මගේ හැඟීම නම්.

      ඒක හරියට ඔබේ අතේ මිටියක් තියෙනවා නම් ඔබට මේ ලෝකයේ හැම දෙයක්ම ඇණයක් ලෙස පෙනෙනවා වගේ දෙයක්. ඔබ අතේ තියෙන මිටියෙන් ඔබට ඇණයක් ලෙස පෙනෙන හැම දෙයට ම තඩි බාමින් යනවා.

      තර්කනය කියන මෙවලමෙන් බොහෝ විට මිනිසුන් කරන්නේ යම් කිසි දෙයක් ව්‍යවච්ජේදනය (dissect) කොට තේරුම් ගැනීමයි. එවිට එක් දෙයක් නිසා තව දෙයක් සිදු වන විදිය වඩාත් පැහැදිලිව පෙනෙන්න ගන්නවා. මේක දේශපාලනය, ආර්ථිකය, විද්‍යාව, තාක්ෂණය, පර්යේෂණ ඇතුළු බොහෝ කලාපයන්ට ගළපා ගන්න පුළුවන් දෙයක්.

      ජීවිතයේ මේ වගේ නොයෙකුත් කලාපයන්ට ‘තර්කනය' භාවිතා කරන මිනිසුන් ඒ පුරුද්දට ම ආදරයේ දී ත් තර්කානුකූල වන්නට යනවා.

      ඒ කියන්නේ ඔවුන් ආදරයත් තර්කයෙන් තේරුම් ගන්නට යන්නවා.

      ඒක මනුස්සයෙකුට ජීවිතයේ කරන්න පුළුවන් ලොකු ම මෝඩකම්වලින් එකක් ලෙස අද මං හිතනවා.

      ඒක හරියට මලක් ලස්සන ඇයි කියන එක තේරුම් ගන්නට උත්සාහ කරන කෙනෙක් මල ඉතා ම සියුම් පිහියක් අරගෙන දෙකට මැදින් පළා. මලේ සියලු ම කොටස් ගලවා, මේසයක් මත අතුරා විශ්ලේෂණය කරන්න උත්සාහ කරනවා වගේ මෝඩ වැඩක්.

      ඒකෙන් මලක් ජෛව විද්‍යාත්මක ලෙස ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව තේරුම් ගන්න පුළුවන් වෙයි නමුත් එහි සැබෑ ස්වරූපය එමගින් ඇතිවන සුන්දරත්වය ලස්සන විඳින්න පුළුවන් කමක් නෑ ඉතින්.

      මලක හෝ ස්වභාව ධර්මයට අයත් ඕනෑම දෙයක ලස්සන විඳගත හැකි එක ම ක්‍රමය නම් ඒවා ඒ තියෙන ස්වභාවයෙන් ම භාරගැනීමයි.

      ඒ නිසා තර්කනය ඇතුළු තමන් ගේ අතේ තියෙන අවි ආයුධ ඒ කලාපයේ දී සඟවා තැබීමයි.

      ආදරය යනු මූලික වශයෙන් ම අතාර්කික දෙයක් බවත්, මේ ලෝකයේ හැම දෙයක් ම තාර්කික විය යුතු නැති බවත් 'තර්කනය' තමන් ගේ ප්‍රධාන ම අවිය කරගත් කෙනෙකුට සාමාන්‍යයෙන් තේරුම් ගන්නට අමාරුයි. ඒත් එය අමාරුවෙන් හෝ දිරවා ගත යුතු සත්‍යයක්.

      අතාර්කික හැඟීම් ධාරාවකට කලාතුරකින් හෝ තමන් යටපත් කර දමන්න ඉඩදීමේ වැරැද්දක් මට පේන්නේ නැහැ.

      ඒක හරියට ම මම තේරුම් ගන්නේ මිනිසෙකු ඇඳුම් උනා දමා නිර්වස්ත්‍රයෙන් මහ මුහුදට නාන්නට පනිනවා වගේ දෙයක් විදියටයි.

      මුහුදට නාන්නට යන මිනිසා අනිවාර්යයෙන් ම ඒක කරන්නේ මුහුදු රැල්ලට ගසාගෙන යන අවදානම භාර අරගෙනයි. කොයිතරම් පරිස්සමින් නාන්නට ගියත්, මුහුදු රළට ගසාගෙන ගිය මිනිසුන් ගැන අප කවුරුත් අසා තිබෙනවා. මුහුදේ නාන්නට යන හැමෝම ඒක දන්නවා.

      මුහුදු රළ කියන්නේ විශ්වාස කරන්න බැරි, අවිනිශ්චිත සහ අතාර්කික දෙයක් බව අප තේරුම් අරන් ඉන්නවා.

      මුහුදු වතුර නාන්නට අවශ්‍ය නම් මුහුදට බහිනවාට වඩා හුඟක් තාර්කික ක්‍රමත් ලෝකයේ තියෙනවා. අවශ්‍ය නම් කෙනෙකුට මුහුදු වතුර ලොකු බේසමකට එකතු කර වෙරළක් අයිනේ ආරක්ෂිත තැනකට වී නා ගත හැකියි. ඕනෑ නම් මුහුදු වතුර ටැංකියකට එකතු කොට ඒ ටැංකියට බැස ආරක්ෂිතව සහ තර්කානුකූලව මුහුදු වතුර නාන්නත් පුළුවන්.

      එහෙම බැලුවොත් මුහුදේ නාන්නට යන එක ඉතා ම අතාර්කික වැඩක්. කවදාවත් තර්කනයෙන් හොඳයි කියලා ඔප්පු කරන්න බැරි වැඩක්.

      ඒ වුණත් අප ඒ අතාර්කික වැඩේට ආසා කරනවා. ඒ අතාර්කික වැඩේ කරනවා. තර්කනය අතහැරලා දාලා රළ පහරකට මොහොතකට අප යටත් කරගන්න ඉඩ දෙනවා.

      ඒ අර්ථයෙන් බැලුවම මුහුදේ නානකොට අප වින්දනය කරන්නේ මේ අතාර්කික බවයි. මේ යටපත් වීමයි. මේ අවිනිශ්චිත බවත් එක්ක සෙල්ලම් කිරීමයි.

      මේ අතාර්කික බව වින්දනය කරන්න ඉගෙන ගත් කෙනෙකු ආදරයේ දී තර්කානුකූල වෙන්න මහන්සි වෙන්නේ නැහැ.

      ඔවුන් වුවමනාවට වඩා ප්‍රශ්න අහන්නේ නැතිව, ඕනෑවට වඩා බුද්ධිමත් වෙන්න උත්සාහ කරන්නේ නැතිව මුහුදු රළට මොහොතකට තමන් යටපත් කරගන්න ඉඩ හරින්න Love is driven by feelings and not by the logics or algorithms

      Delete
    2. Anonymous මහත්තයෝ, ඔයාගේ ඉහතින් තියෙන කමෙන්ටුවට මගෙ blog අඩවියේදී උත්තර ලියලයි මෙහාට ගොඩ වැදුණේ. ස්තුතියි!

      Delete
    3. නිමල් අයියා සහ ඇනෝ මචන්

      ආදරය ගැන මීට වෙනස්ම විදියේ කතාවක් තියෙනවා කියන්න මේක අපි නාඹර තරුණ වයස කාලේ 90 දශකයේ අග භාගයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක වැඩ කරන තරුණ සන්නිවේදකයෙක් වැඩ ඇරිලා යන ගමන් බොරැල්ල මංසන්ධියට ආවලු, තමන්ගේ බිරිඳ කැටුව යන්නට..

      බිරිඳ සේවා ස්ථානයෙන් පිට වෙන්න විනාඩි 10 ක් විතර තියෙන නිසා බොරැල්ල බස් නැවතුම ලග පොඩි කට්ටක් කාගෙන ඉන්නකොට, අපේ මෑන් ලගට ආවලු ඔය ලෝකේ පරණම රස්සාව කරන බොරැල්ලේ අක්කි කෙනෙක්..

      ඇවිත් ඇහුවලු "යමු ද"? කියලා.

      ඒ වෙලාවේ එහෙම අවශ්‍යතාවයක් නැති උනත් අපේ මෑන් ආතල් එකට ඇහුවලු "කීයද"? කියලා..

      "රුපියල් දෙසීයයි"

      "අපෝ බෑ.. පනහකට නම් අවුලක් නෑ.."

      "පල #$@^(%# පුතෝ යන්න.. පනහට #@£_*න එන @£:'&යා" කියලා බැනලා අක්කි බබා යන්න ගියාලු.

      කොහොම හරි බිරිඳ off වෙන වෙලාව ආවම මෑන් ගිහින් දැං ඔන්න බිරිඳත් එක්ක නැවත බස් නැවතුම ලගට එනකොට අක්කියා ආයේත් ආවලු ඉස්සරහට..

      ඇවිත් ටිකක් සද්දෙන් කිව්වලු,

      " ආ.. ඔය හම්බ වෙලා තියෙන්නේ රුපියල් පණහට නල්ලමලේ බඩුවක් "... නොදකින් පට්ට පඳුරු බේසි" කියලා..!

      කතාවේ ඉතුරු ටික ඔයාලා කැමති විදිහකට හිතා ගන්න..

      (හොඳ වැඩේ ඕකට.. රුපියල් පණහට බඩු ගහන්න යනවට.. 😁)

      - උදුල්

      Delete
  4. හායි කොහොමද 😊
    මම හොද පාර්ට්නර් කෙනෙක්ව හොයනවා (කොල්ලෙක්) ඒකත් ෆස්ට් ටයිම් 😐 මම දැනට හොටෙල් එකක ෆොරොන්ට් ඔෆිස් එකේ වැඩ කරනවා. මගේ උස 5/8 ඒ වගේම මගේ පාටත් ලංකාවට ආවේණික වුන වර්ණය තමයි තියෙන්නේ 😊(සාමාන්‍යයෙන් සුදුයි ඉතින් 😇)

    * අවුරුදු 24-27 අතර වෙන්න ඕනා
    * රජයෙ හරි කම්පැනි එකක හරි ජොබ් එකක් කරන්න කෙනෙක් වෙන්න ඕනා, නාවික හමුදාවේ කෙනෙක් හරි නමක් නෑ,රට ඉන්න කෙනෙක් හරි නමක් නෑ
    *අනිවාර්යයෙන්ම උස වෙන්න ඕනා හැබැයි.
    *මම සමෙ වර්ණය සදහන් කරන්නේ නෑ මොකද ලස්සන හොයන්නට වඩා ඒ කෙනාගේ මනුස්සකම, ආදරය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ එච්චරයි.
    * පව්ලෙ එකම කෙනා නම් හොඳයි එහෙම නොවුණොත් නමක් නෑ
    * තමන්ට කියලා වාහනයක්,බයික් එකක් තියෙන්න ඕනේ.
    * උත්සහවන්ත කෙනෙක් වෙන්න ඕනා
    * ඉගෙනීම ගත්තොත් කැම්පස් හරි A/l කරපු කෙනෙක් වෙන්න ඕනා ඒත් අද කාලයේ හැමෝම වගේ එහෙමයි🤭
    * විනොදයෙන් ජීවිතය විදින්න ආස කෙනෙක් නම් ගොඩක් හොඳයි මොකද මම ආසයි ලංකාවේ ලස්සන තැන් වල ඇවිදින්න ඒ කියන්නේ ට්‍රැවල් කරන්න.
    * එකිනෙකාව තේරුම්ගන්න කෙනෙක් වෙන්න ඕනා
    * කළුතර අවට හරි නුවර හරි හොදයි වැඩිය දුර නැති තැනක ඉන්න කෙනෙක් හොදයි ඉතින්

    ඔය ටික තමයි මම බලන්නේ දැන්නම් මොකෙක් හරි කමක් නෑ කියලා හිතනවා 😒 කැමති අය ෆෝන් නම්බර් එක දාල රිප්ලයි කරන්න බලන්න

    ReplyDelete
    Replies
    1. @ 2.38

      අවුරුදු 07 ලස්සන ආදර සම්බන්දයක් තිබිලා එයාගේ වෙනස්වීම එක්ක නතර කරපු කෙනෙක් මම 🥺..

      දැන් මට වයස අවුරුදු 29 ක් (1993/දෙසැම්බර්)
      අවිවාහකයි
      රැකියාවක් කරනවා හොද මාසෙකට 60000 පමණ වැටුපක් ලබා ගන්නා
      නිවස සාදා ඇත. පවුලේ අනිත් අය රජයේ රැකියා සිදු කරයි..
      පවුලේ එකම පිරිමි ළමයා මම

      •දික්කසාද උනත් ගැටලුවක් නෑ මට,
      •කුල බේද අදාලම නෑ
      •පෙර වැරදි අනං මනං අදාලම නෑ...
      •අවංක හොද කෙනෙක් හොයන්නේ ඇත්තටම •ආදරේ කරලා ඉක්ම්න්ටම විවාහ කර ගන්න. 30 වත් බදින්න ඕන මොකද තව වයස ගිහින් බැදලා ළමයින්ට වයසක තාත්තා කෙනෙක් වෙන්න බැරි නිසා

      මම ෂාන්

      මේ මගේ ෆේස්බුක් ලින්ක් එක

      https://www.facebook.com/profile.php?id=100091421242276&mibextid=ZbWKwL

      ඉන්බොක්ස් ඇවිත් කතා කරන්න

      Delete
    2. හායි නංගා මම කඩුවෙල රශ්

      කිසිම කලබල යක් නැහැ ..බය නැතුව මට කතා කරලා හමු වෙන්න එන්න 0743027347

      Delete
  5. මාතලන් දන්නවා නැගෙනහිර යුරෝපයේ උක්රයීන් වල (යුක්රේනයේ) ‘මයිදාන්’ නම් අරගලයක් පැවතිය බව, නමුත් ඒ ගැන ලියන්නේ නැහැ. එම අරගල භූමියේත් ලංකාවේ ගිය අවුරුද්දෙ අද වගේ කාලෙක පටන් ගත්ත ගෝටගෝ අරගල භූමියේ වගේම යුක්‍රේනයේ සම හරක් නලාකාර කලාකරුවන් ගිහින් සින්දු කීවා. නැටුම් ගැයුම් වැයුම් චිත්‍ර නාඩගම් ආදී විගඩම් විකට කෝලම් ගොඩක් පෙන්නුවා ඒ මයිදාන් අරගලය පටන් ගත්තෙත් එක්සත් ජනපදයේ සිට මෙහෙයවන ෆේස්බුක් යූ ටියුබ් බ්ලොග් ආදි මාධ්‍ය හරහා ආදායම් උපයන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, බ්ලොග්කරුවන්. ඒ මයිදාන් අරගලයට මුදල් පොම්ප කළේ කොහොමද, කියා පසුව අනාවරණය වුණා. ඒ මයිදාන් අරගලය හේතුවෙන් යුක්රේනයේ හිටපු ජනාධිපතිවරයා පලා ගියාම යුක්‍රේනයේ නව ජනාධිපතිවරයා විය යුත්තේ කවුද, කියා තීරණය කළේ වත්මන් ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් නමැති එවකට බරක් ඔබාමා යටතේ සේවය කළ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරියයි. ඊට අදාළ දුරකථන සංවාද හඬ පට දැනටමත් එළියට ඇවිත් තිබෙනවා. එමගින් එම කරුණ මැනවින් තහවුරු වී තිබෙනවා.

    ඒ වගේම අද යුක්රේනය, තම ඓතිහාසික මිතුරා සහ සහෝදර රාජ්‍යය වන රුසියාවට රැහැනිව යුරෝපා සංගමයේ, නේටෝවේ සාමාජිකයකු බවට පත්කර ගැනීමට දරන උත්සාහය තුළ භයානක යුද වාතාවරණයකට ගොදුරු වී සිටිනවා.

    සෝ කෝල්ඩ්ප්‍ රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දුන් ඩොලර් වෙනුවෙන් මේ තත්ත්වයට යුක්රේනය රැගෙන ගිය වික්ටෝරියා නූලන්ඩ් පසුව ප්‍රසිද්ධියේ පිළිගත්තා, ‘එක්සත් ජනපදයේ විදේශ අංශ මගින් ඇමරිකානු බදු ආදායමෙන් ලැබුණ මුදල් එක්සත් ජනපදයේ සිට මයිදාන් අරගලය දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 5000ක් යුක්රේනයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් යෙදෙව්වා’ කියා. එම යෙදවූ මුදල්වල ප්‍රතිඵලයක් ලෙස අද යුක්රේනය නිමක් නොදකින බිහිසුණු යුද්ධයක ගොදුරක් බවට පත්ව තිබෙනවා. ඒ ලෝක අත්දැකීම්වලින් ඉගෙන ගන්නවා වගේම අපි අපට ලැබුණු ඉහත කී අත්දැකීම්වලිනුත් ඉගෙන ගත යුතුයි, කියා අපි විශ්වාස කරනවා. ඔබගේ ඒ ඉගෙනීමට අවශ්‍ය දායකත්වය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන ලියන්න පුළුවන් වෙයි ද?

    ReplyDelete
  6. මේ වන විට G7හී මූලික තේමාව BRICS සහ SCO විරෝධයයි. නමුත් ඔවුන්ට G20 රටවල්වලින් වත් කිසිදු සහායක් ලබා ගැනීමට නොහැකි වූ අතර G20 වල මෙතෙක් කලක් ඇමරිකානු හිතවාදී වූ සෞදි රාජ්‍යය පවා මේවන විටත් එක්සත් ජනපදයේ අවශ්‍යතාවයට සම්පූර්ණයෙන්ම පටහැණිව රුසියානු හිතවාදී ලෙස ගෝලීය ඉන්ධන නිෂ්පාදන සහ ඉන්ධන මිල ගණන් ඉහළ මට්ටමක තබාගෙන කටයුතු කිරීමට තීරණය කිරීම සහ පෙට්රෝ යුආන් බ්‍රික්ස් මුදල් ඒකකයක් නිපදවීමට සඳහා අවශ්‍ය සහාය ලබා දී මට දැඩි නැඹුරුවක් දක්වයි

    ලංකාවේ ඉතිහාසය ගත් විට හැත්තෑව දශකයේ මුල් භාගයේ 1970-72 ජනරජ ව්‍යවස්ථාවකින් බ්‍රිතාන්‍ය කිරීටයේ බලය අහෝසිකිරීමට සිය මැතිවරණ ප්‍රචාරනයේදී දී තිබූ ප්‍රතිඥාව පරිදි ජනරජ ව්‍යවස්ථාව ගෙන ඒමට ප්‍රථම සමගි පෙරමුණ රජයට එරෙහිව කුමණ්ත්‍රණයක් දියත්කර එය පෙරලා දමා එහී නායිකාව සහ වාමාංශික නායකයන්ව මරා දැමීම Anglo-American අධිරාජ්‍යයවාදීන්ගේ සැලසුම විය. ඒ සඳහා දියත්කල 1971 කැරැල්ලට ඔවුන් යෙදවූ කල්ලිය නම් ජවිපෙය. රෝහණ විජේවීර ජවිපෙ නායකත්වය සිරගතව සිටියදී එක්සත් ජනපදයේ නියෝජිත ජවිපෙ ඉහළ මට්ටමවල නායකයන් කැරැල්ල ක්ෂණිකවම දියත් කළ අතර ජවිපෙ CIA අතකොලුවක් වශයෙන් හංවඩු ගැහෙන්නේ එදා සිටය.

    මෙහිදී බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකන් ඔත්තුසේවා විසින් මෙහෙයවූ මෙම කැරැල්ල මැඩලීමට සොවියට් රුසියාවෙන් සහ එහී හිතවතෙකු වන ඉන්දියාවෙන් සෘජුවම ආධාර ලැබිනි.
    පසුව, කැරැල්ලෙන් දුර්වල වූ සමගි පෙරමුණ පෙරලා දමා ජනරජ ව්‍යවස්ථාව කටුගා 78 ව්‍යවස්ථාව ගෙන ඒමට බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකන් බලවේග සමත් විය.

    නමුත් අද රුසියාව චීනය සහ ඉන්දියාව යන තුන් බෑයන් මූලිකත්වය දරණ BRICS නම් ආර්ථික සහයෝගීතාව සහ SCO නම් කලාපයේ ආරක්ෂාව පිළිබඳ සහයෝගීතාව යන බලවේගයන් ඉදිරියේ, 78 ව්‍යවස්ථාව උදව්වෙන් පවත්වාගෙන යන Anglo-American දුෂ්ඨ වහල් ග්‍රහණය වියැකී ලංකාව නව නිදහසක අරුණළු දැක්මේ ආසන්නයට පැමිණ ඇත.
    ඇන්ග්ලෝ-ඇමෙරිකන් වියපත් අබලදුබල සතුරා සිය අලුගෝසුවන් යොදාගෙන BRICS සහ SCO හී ගාමක බලවේගයන් දෙකක් වන රුසියාවේ කලණ මිතුරු ඉන්දියාවටත් චීනයටත් එරෙහිව ප්‍රචාර කරමින් සිටී. මෙවර මැයි දිනයේදී ඊනියා IMF විරෝධී වෙස්මුහුණකට මුවා වී ඉන්දියානු විරෝධයත් චීන විරෝධයත් වැපිරීම Anglo-American, G7 සහ IMFහී මූලික උපාය වී ඇත. මේ දවස් වල ඒ ගැන සාකච්ඡා කිරීම සුදුසු බව පේනවා නේද?

    ReplyDelete
  7. මේකේ පෙම්වත්තු ගැන කතා වෙනවා නමුත් ආදරයේ වෙනස මීට වඩා ගොඩක් සංකීර්ණයි

    මම නිව්ස් එකක් දැකලා තියෙනවා ඒකෙදි එක ගෑනු කෙනෙක් මහණ වෙන්න කියල ගෙදරින් ගිහින් .අවුරුදු දෙකක් මෙහෙණින් වහන්සේ නමක් වෙලා ඉඳලා..

    පස්සෙ එයාට මහණකම සහ ආරාමය එපා වෙලා ආපහු ගෙදර ඇවිත්.

    දැන් දුව කියනවා අම්මව ගෙදරට ගන්න බෑ කියලා..

    සුදු ඇඳගන මෙහෙණින් වහන්සේ වගෙ ඉඳලා සිවුරු ඇරලා ආවා වාගේ ආවම පිළිගන්න බෑලු..මිනිස්සු මොනව නොකියයිද..පාරෙ බැහැලා යන්නෙ කොහොමද වගේ ප්‍රශ්ණ ගොඩාක් ඒ දුවට..

    මේක ඇහුවම මට පරණ සිද්ධියක් මතක් වුණා.

    මේක වෙලා අවුරුදු දහයක් විතර ඇති.නැත්තං ඊට වැඩි...

    දඹුල්ල කිට්ටුව නගරෙකදි කොල්ලෙක් බස් එකකට යට වෙලා තිබුණා..

    කොල්ලා පාර පනිද්දි මෙහා පැත්තෙන් ආව බස් එකේ වැදුනා කියලා තමයි දැකපු අය කියලා තිබුණෙ.

    කොල්ලගෙ කොණ්ඩෙ සහ ශරීරයෙ හැටියට ආමි එකේ කියලා හිතපු මිනිස්සු වහාම කොල්ලව හොස්පිට්ල් අරන් ගියත් බේරගන්න ලැබිලා නෑ.

    වව්නියා හෝ යාපනේ බස් වල වේගය අමුතුවෙන් කියන්න ඕන නෑ, සහ වරද තරුණයාගේ..

    කොහොම හරි රෝහල් පොලිසීය මළ මිනිය පරීක්ෂා කළාම ලැබෙන්නෙ හාමුදුරු කෙනෙක්ගෙ හැඳුනුම්පතක්...

    ඔව් ..ඒ හාමුදුරුවො තමයි...
    වයස තිස් දෙකයි 25 වසරක් මහනකම දරා
    සිවුරු ඇරලා යනගමන් පාර පනිද්දි හැප්පිලා මැරුණා.

    පන්සලේ ලොකු හාමුදුරුවන්ට මිනිය බාරගන්න දායකයින්ගෙන් තහංචි වැටුණා.(ඒක හරි හෝ වැරදි කීම නෙවෙයි මේ ලිවිල්ලේ අදහස)
    නමුත් ලොකු හාමුදුරුවෝ කඳුලක් හෙලලා රෝහලෙන් පිටවුන බව නම් ආරංචි වුණා.

    දැන් මිනිය බාරගන්න කිසි කෙනෙක් නෑ.

    රෝහලෙන් වළලන්න තීන්දු වෙලා.

    ඒත් එතනදි වත් පාංශකූලේ දෙන්න හාමුදුරුවො කෙනෙක් එන්නෙ නෑ..

    මැරුණ කෙනා මහණවෙලා හිටියෙ උපන් ගමේ පන්සලේමයි.

    ගම්මු එදා ඉඳන් දානෙ දීපු බත් ඇටයක් ගානේ දෙස් දෙවොල් දොස් තිය තියා හිටියා.

    ඔන්න ඔය වෙලාවෙ රෝහලට ගිය වයයක ගෑනියෙක් මේ මිනිය ඉල්ලනවා.

    ඒ තමයි අම්මා.හාමුදුරුවන්ගෙත් ගිහි කාලෙ කොල්ලගෙත් අම්මා..ඒ එකම අම්ම..

    ඇයගේ අනිත් දරුවන්ගෙත් විරුද්ධතාවය මත ඇය මිනිය ගෙදර ගේනව..

    ඔව් ඔව් කලිසම් කමිස අන්ඳලා..

    ඇය හන්දියට ගිහින් කොල්ලන්ට කියනවා "මයෙ පුතා වළලාගන්ඩ උදවු කරන්ඩ" කියලා..

    මෙන්න මෙතනදි අර හන්දියෙ හිටි කොල්ලො ,ඒ කියන්නෙ ගමේ හිටිය රස්තියාදුකාරයො ටික උන්දැට උදව් කරනවා.

    (ඒ තමා හැම ගමකම ඉන්න කිතුලා,ජගා ,පතෝලයා කූරා,චූටි අයියා,ලොක්කයියගෙ නියෝජනය.ඒක වෙනම කතාවක්.)

    මේක ලොකු ලොකු ඈයො එක එක සංස්කෘතික සදාචාර නීති රීති ගරු නම්බු රකින්න ඕන නිසා,සමහර වෙලාවට කැත කුනු ජරාව ගෑවෙන නිසා,වග කියන්න වෙන නිසා මඟාරින තැනක්.

    එක එක හේතු හදන් මහත්තුරු සහ උපාසක මහත්තුරු මනුස්සකම හංගන හුඟාක් වෙලාවට,, එලියට ඇවිත් මනුස්සකම වෙනුවෙන් හිටගත්තෙ ඔය රස්තියාදුකාරයො කියලා කාඩ් ගැහිච්ච එවුන් ..

    කොහෙත් කවදත් මහත්තුරුන්ට වඩා මනුස්සකම තිබ්බෙ රස්තියාදුකාරයො ගාව.මට අනුව නම් ඒක සදාකාලිකම ඇත්තක්...

    කොල්ලො වල කැපුවා.සාමකාමීවම නෙවෙයි.කනත්ත දෙන්න බෑ කියපු එවුන්ව කනත්තෙම කපනව කියලා වලි දාගන.

    පාංශුකූල නෑ..සහෝදරයොත් නෑ.. ගෑනියෙක් දෙන්නෙක් හොරාට ඇවිත් ගියා ,එකත් මිනියට අන්ඳලා තිබ්බෙ මොනවද බලන්න.

    අම්මා තනියෙන් මිනිය ඉස්සරහා තියාගන බුදු පහන ගාවට ගියා.

    "මං ගෙදර බුදුන් නම් මට පව් නෑ බුදුහාමුදුරුවනේ "

    අම්මා තනියෙන් පැන් වැඩුවා

    "ඉච්චිතං පච්චිතං තුය්හං.."

    කොල්ලො මිනිය අරන් ගිහින් වැළලුවා.

    අර අම්මා පස්සෙ දවසක තමන්ට අයිති කුඹුර පන්සලට ලියනවා..

    ඒ ඔප්පුව ලොකු හාමුදුරුවන්‍ට දීලා මෙහෙම කියනව.

    "හාමුදුරුවනේ ඒ මගෙ එකා..අංගුලිමාල වුනත් මගෙම බඩින් වදාපු මගේ එකා මට අතාරින්ඩ බෑ..
    .ඒ වුනාට මගෙ හිත වාවන්නෑ හාමුදුරුවනේ .
    මේ කුඹුර පූජා කරන්නෙ දරුවට පිං සිද්ධ වෙන්ඩ නෙවේ..දරුවාට ගම්මු දුන්න දානෙ ඇටයක් ඇටයක් ගානෙ පව් ගෙවෙන්ඩ.."

    අම්මලා එහෙමයි.මොන අපරාදෙ කළා වුනත් මළාට පස්සෙවත් අතාරින්නෑ..

    අපරාධකාරයෙක් සාන්තුවරයෙක් කියල වෙනසකුත් නෑ.මොන තත්වෙන් වුනත් ගෙදර ආවම බාර ගන්නවා.

    අංගුලිමාල ට හැමොම විරුද්ධ වෙනකොට අම්මා සහයට යනවා ලෝකෙට අංගුලිමාල මිනිමරුවෙක් උනාට අම්මාට රත්තරං පුතෙක්

    ඒත් දරුවො දෙමව්පියො අතින් වරදක් හෝ අපරාධයක් වුනොත් ආපහු බාරගන්න එක ගැන සෑහෙන්න හිතනවා.

    වැරදි සිදුවීම මනුස්ස ගතියක් නම් අපේ අම්මලා තාත්තලාත් මිනිස්සු නම් ඉතිං සාමාන්‍යයිනෙ.
    දරුවන්ට වගේම දෙමාපියන්ටත් වරදිනවා..

    ඇත්තටම අපිට බැඳීම් ඕන හැමදේම හරියට තියෙද්දි සුබ පතන්න නෙවෙයි වැරදුනාම සහය දෙන්න..

    ඒ නිසා දිනුවාම සමරන්න නෙවෙයි පැරදුනාම බාරගන්න පුරුදු වෙන්න මාතලන්

    ReplyDelete
  8. @ ඉයන්

    "සෑම මිනිහෙකුටම පාරාදීසයකට යන්න නම්, අපාය හරහා යන්නම වෙනවා!"

    ~ Cape fear (1991) Martin Scorsese

    ReplyDelete
  9. ඇත්තටම මාතේ මං පෞද්ගලිකව කැමති නෑ මිනිස්සුන්ව වීරයට අන්දලා වලි වලට ෆෝම් කරල යවන උන්ට. ඕනම මිනිහෙක් උට එන ආවේගයෙන් පස්සේ උගෙ කන්ට්‍රෝල් එකෙන් ඌ කැඩෙනවා. වැටෙන්නේ වෙනම ට්‍රැක් එහෙකට. ඊට පස්සේ එතන තවදුරටත් මනුශ්‍යයා නෑ. ඉවසීමේ පුපුරා ගිහින් ප්‍රචන්ඩත්වය ආවේගය ඇටකටු කැඩෙනකල් ගහ ගන්න තරම් එහෙම උන් මෝරාල්. ලේ දකිනකල් ඒ යක්ශයා නවතින්නේ නෑ.

    ඒ නිසා මේවා සෙල්ලම් නෙවෙයි. ඉතිහාසයෙන් ඉඳන් මේ රටේ වීරත්වය වෙනුවෙන් සටන් කරපු පාලකයන්ගෙන් ගේම ඉල්ලපු කොල්ලෝ කෙල්ලන්ගේ ඉරණම ඉවර උනේ උනුත් උන්ගේ වීරත්වයත් අඩි හයක් වලක වල දාල පස් වලින් වැහුවට පස්සේ. වෙඩි උන්ඩ වලින් පසාරු කරපු උන්ගේ ශරීරත් පොලව තෙත් කරන් ගලපු තොග ගනන් ලේ වලත් අහිංසක මරණවලත් වාසිය ගියේ කාටද? ඒ මරණ වලට සාදාරණයක් උනාද? උනානම් අදත් හෙටත් තවත් පරම්පරාවක් මෙහෙම පාරට බහීද?

    මම විස්වාස කරන්නේ එදා ඉඳන්ම උන් දැම්ම ලොකු ලොකු සෙල්ලම් වලදි ඒ මැරුණ හැම එකාම පොඩි පොඩි ඉත්තෝ විතරයි. ඉතිහාසය අමතක කරල විප්ලව කරන්න හිතන්නවත් එපා. උබලගෙ ජීවිත වලට ඔය උබලව ෆෝම් කරල යවන එකෙක්වත් වග කියන්නේ නෑ.

    වසර දහස් ගණනක ඉතිහාසයේ ඉඳන්ම, මෑත අතීතයේ සුද්දෝ එක්ක ෆයිට් කරපු පුරන් අප්පු සරදියල් අරකා මේකා ඔක්කොම උනත් උන් මැරුම් කෑවෙ උන්ට ෆයිට් කරන්න මොරාල් එකක් තිබ්බේ නැති නිසා නෙවෙයි. උන්ගේ ෆයිට් වල බැට්ල් ටැක්ටික්ස් ස්ටැටජික් ටෙක්නික්ස් ප්ලෑන්ස් අවුල් නිසා.

    හරිකෙලින් හිටගෙන තුවක්කුව ඉස්සරහට වීරයෙක් වගේ නිරායුදව යන්න තරම් මොරාල් එකකින් ගිහින් මරණ උඩින් වීරත්වය ලියපු යුගයක් පහු කරන් අපි ගොඩක් දුර ඇවිත් ඉවරයි.

    ඒ නිසා මේක එහෙම බේරගන්න බැරි බව හොඳට පැහැදිලීයී. අපිට වෙන ක්‍රමයක් හිතන්නම වෙනවා. එහෙම එකක් නැත්තන් අලුතෙන් හරි හදාගන්න වෙනවා.

    මං නැවත වතාවක් කියනවා උබලගෙ මරණ වලට කවුරුත් වග කියන්නේ නෑ. ප්‍රශ්ණය වෙනස් වෙලා නෑ. අපිට බැරිද මේක ඇටකටු කඩා ගන්නැතුව ඇඟේ ලේ හලාගන්නැතුව මිනිස් මරණ වල වාසි වෙන කාලකන්නි භූතකල්ලි අතට නොයන විදිහට මේක බේරගන්න විදිහක් හිතන්න. එතන ඉඳන් ප්ලේ කරන්න?

    ඒ වගේම අදහසක් නැතුව මැරෙනවට වඩා අදහසක් එක්ක වෙන ක්‍රමයකට ෆයිට් කරනෙක හොඳයි කියන අදහසක මම ඉන්නේ.

    මගෙ අදහස මම ලිව්වම කාට හරි මාව අරගල පස්සට අදින දේශාද්‍රෝහියෙක් වගේ පේනවනම් මං කියන්නේ මට ඒකේ කිසී ප්‍රශ්ණයක් නෑ. මට ඒවා මොන ප්‍රශ්ණද, නිරායුදව කොල්ලෝ කෙල්ලෝ තොග ගනන් පාරට බැහැලා පාදඩ දේශපාලන බල්ලන් අතින් වෙඩි කන එක, එකම දේ ආය ආය වෙන්න යන එක, අන්න ඒක මට ප්‍රශ්ණයක්!

    ReplyDelete
  10. මාතලන් ශාන්ති නිකේතන් අසල දී මහර්ශී දේබේන්ද්රනාථ් ඨාගූර් පුත් රොබීන්ද්රනාථ් ඨාගූරයන්ව ජීවමානව අත්විඳින්නට ඉඩ ලැබුණා...

    සැබැවින්ම බටහිර බැන්ගෝලයේ ශාන්ති නිකේතන් හි විශ්ව භාරතී විශ්ව විද්‍යාලය අසලින් වෙහෙස වී ලැසි ගමනින් ගමන් කරනා විට ඇසුණේ හුරුපුරුදු හඬකි. ඒ ඨාගූරයන්ගේ ගේ හඬයි. “එක්ල චලෝ.. (හුදෙකලාවේ ම පිය නගන්න..) එක්ල චලෝ එක්ල චලෝ....”

    මුළු ලොවක් සෙලවූ ලෝකයක් වසඟ කල අති දැවැන්ත එකිනෙකට වෙනස් සංස්කෘති භාෂා සියදහස් ගණනක් වුණු භාරතීයයන් මිලියන් ගණන් එක්සේසත් කළ භාරතීය නිදහස් සටනේ දී මුළු දේශයක් ම නැගිටවූ ඒ වදන් පෙළ අදටත් කොතරම් සජීවී ද.. බටහිර බැන්ගෝලයේ උණුසුම් වා රැලි සමඟින් ගම්බද නාද රටා ඔස්සේ වංග බසින් මේ වදන් පෙළ ඇසෙනා විට දැනුණේ රොබීන්ද්රනාථ් ඨාගූර් අප හා කතා කරන්නාක් මෙනි. බොහෝ සංගීත භාණ්ඩ සමඟින් දක්ෂ ගායක ගායිකාවන් මේ පද වැල ගැයුව ද, මේ ගම්බද මිනිසුන් සිදුකරනා මේ ගැයුම කෙතරම් නම් සජීවී ද.. ඔබ ම සවන් දී බලන්න.. (සමාන යූටියුබ් ගායනයක්)

    https://m.youtube.com/watch?v=6N8OpAppT7A&pp=ygUbRWtsYSBjaGFsbyB2aWxsYWdlIHNpbmdlcnMg


    “හුදෙකලාවේ පිය නගන්න..
    කන් නොදුන්නත් කිසිවෙකු ඔබේ හඬට - ඔබ ඒ ගැන නොතකා තනිවම යන්න..
    බිය නොවන්න - තනිවම යන්න..
    නොදෙඩුවත් කිසිවෙකු ඔබ හා - මගේ අසරණ මිතුර..
    ඉවත බැලුවත් බියෙන් ගැහුනත් හැමදෙනා..
    ඔබේ ආත්මයට දිරිය ගන්න - ඔබේ සිතේ නලියන අදහස ලෝකයාට බිය නොවී පවසන්න..
    තනිවම කතාකරන්නට පටන් ගන්න..
    අඳුරු වලාකුලින් අහස වැසෙන විට - සත්‍යයද අඳුරින් වැසී යනවිට..
    ඔබ ගිනි සිළුවක් වන්න - ලෝකයා බියගුල්ලෙකු සේ හැකිලී දනින් වැටෙන විට..
    ඔබ ලොව අඳුර නසනා ගිනිසිලුවම වන්න - ම’ මිතුර බිය නොවන්න..
    තනිවම දැවී එලිය දෙන්න..”

    (එක්ල චලෝ.. වංග පද මාලාවේ සිංහල අරුත)

    शांति निकेतन में टैगोर से मुलाकात...
    पश्चिम बंगाल के शांति निकेतन में विश्व भारती यूनिवर्सिटी के पास टहलते हुए एक जानी-पहचानी आवाज सुनाई दी. यह टैगोर की आवाज थी। "एकला चलो.. (चल अकेला रे..) एकला चलो..." भारतीय स्वाधीनता संग्राम के दौरान पूरे देश को जगाने वाले वे शब्द आज भी जीवित हैं। जब हमने ये शब्द सुने तो ऐसा लगा जैसे रवींद्रनाथ टैगोर हमसे बोल रहे हों। प्रतिभाशाली गायकों ने कई वाद्य यंत्रों के साथ इन छंदों को गाया है, कितना जीवंत है यह गीत इन दो गाँव वालों का.. आप खुद सुनिए और देखिये..

    “ चल अकेला रे...
    तेरी आवाज़ पे कोई ना आये
    तो फिर चल अकेला रे...

    यदि कोई भी ना बोले
    यदि सभी मुख मोड़ रहे सब डरा करे
    तब डरे बिना
    तू मुक्तकंठ अपनी बात बोल अकेला...

    यदि दिया ना जले
    यदि बदरी आंधी रात में द्वार बंद सब करे
    तब वज्र शिखा से
    तू ह्रदय पंजर जला और जल अकेला...”

    ReplyDelete
  11. මෙම බ්ලොග් හමුව සදහා නෙළුම්යාය සිංහල බ්ලොග් පදනමේ නිර්මාතෘ, ජනාධිපති මාධ්‍ය අංශයේ අන්තර්ජාතික දේශපාලනය පිලිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක, න්‍යෂ්ඨික විදුලි ඉංජිනේරු(සෝවියට් සංගමය), කොළඹගමයා බ්ලොග් අඩවියේ නිර්මාතෘ, ප්‍රවීන ගත්කතු අජිත් ධර්මකීර්ති මහතා සම්බන්ධ කරගන්න තිබ්බේ.

    එහෙම තිබුනා නං මේ සදහා ජනාධිපති කාර්යාලයේ අනුග්‍රහය, ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රචාරය, ලංකා නිවුස් වෙබ් චන්දිම, සංදේශය සරෝජ් ඇතුළු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් හරහා ප්‍රචාරය ලබා ගන්නත් තිබුනා. එයාර්මයිල් තියෙනවත් එක්ක.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් සම්මාන සහ වරප්‍රසාද භුක්ති විදින්නට නොලැබෙන සමාජ පන්තිය.....

      නිර්ධන පන්තිය කියන කොටම අපේ හිත්වල බලහත්කාරයෙන් මවා පෙන්වා ඇති නිසාම අපිට මැවෙන චිත්‍රයක් තියෙනවා...

      පිලිවෙලකට ඇදුමක් අදින්න නැති, යන්න එන්න වාහනයක් නැති තමන්‍ට කියලා ස්තීර වාසස්තානයක් නැති කෙටියෙන් කියනවා නම් මිනිස්කුට ජීවත් වෙන්න අවශ්‍ය මූලික අවශ්‍යතා සම්පූ සම්පූර්ණ නොවුන ගතියක්.......
      මේක යාචකයන් කියන වචනයට බොහොම සමීප වෙන තරමටම පහලට ගෙනල්ල තියෙනවා...
      ඇත්ත නිර්ධනයො නියන්නෙ ධනයක් නැත්තෝ කියන එක වැරදි නෑ..

      ඒත් හැබැයි පුද්ගල ධනය කියන එකට නිශ්චල චංචල දේපල වගේම අධ්‍යාපන සුදුසුකම් ,වෘත්තීය සුදුසු කම්,සමාජ සම්බන්දතා ,හිතවත් කමෙ මේ සියල්ල අන්තර්ගතයි.....

      ඒ ආකාරයෙන් බලනකොට ධනයක් නැති නිර්ධන කියන කොටසට මේ සමාජයක ඉන්නෙ නොගිනිය හැකි තරම් ස්වල්ප කොටසක්.......

      නමුත් ලංකාවෙ "නිර්ධන පන්තිය" කියලා ගෙඩි පිටින් හදුවන්නෙ මේ සමාජයෙ බහුතරයක් අයත් වෙන වැඩ කරන ජනතාව ඉන්න කුලකයට....

      ලංකාවෙ අතලොස්සක් පමණක් කියවලා හරියට තේරුම් ගෙන ඇති මීට අවුරුදු 175 කලින් ලියවුන කොමියුනිස්ට් ප්‍රකාශනයෙ ලෝකයෙ එවකට ගොඩනැගෙමින් පැවති සමාජය කොටස් දෙකකට වෙන් කරලා දක්වනවා......

      ඒ "බොන්ශුවාසින්" සහ "ප්ලොටේරියානුවන්" කියන මූලික කණ්ඩායම් දෙකට.
      මේ ජර්මන භාශාවෙන් ලියවුන කොමියුනිස්ට් ප්‍රකාශනය සිංහලට පරිවර්තනය වෙන්කොට ලංකාවෙ ඒ වකවානුවෙ හිටපු භාශා ඔස්තාද් ලා ලස්සන දෙයක් කරනවා...
      "බොන්ශුවාසින් " කියන වචනයට ඔවුන් අලුතින් වචනයක් හදනවා "බුරුසුවා පන්තිය" කියලා...

      ඒත් ප්ලොටේරියානුවන් කියන වචනයට ඔවුන් වචනයක් හදන්නෙ නෑ.....
      ඒකට අමු අමුවෙ ව්කෘති වචනයක් ඔබනවා "නිර්ධන පන්තිය "කියලා..මේ නිසා ලාංකික සමජය පුරාවට මුල් බැසපු ඉතාම වැරදි අදහසක් තියෙනවා ප්ලොටේරියානුවන් කියන්නෙ අදින්න ඇදුමක් නැති කුසට හරි හමන් ආහාරයක් නැති සත්තව කොටසක් කියලා....
      ලංකාවෙ සම-හරක් හිතන විදිහට ළමයකුගෙ උපන්දිනයක් සමරන්න ,විවාහ උත්සවයක් ගන්න,උසස් අද්‍යාපනයට යොමු කරන්න මේඅයට බෑ..ඒහෙම් කරන්නෙ බුරුසුවා පන්තිය විතරයි කියලා මේ සමාජය අමු අමුවෙ නොමග යවනව..

      මේක කාල් මාක්ස් සහ ෆෙඩ්‍රිරික් එංගල්ස් විසින් ලියපු communist manifesto එක සිංහලෙන් පරිවර්තනය කරලා අමු අමුවෙම කරපු විශාල විකෘති යක්.
      කොමියුනිස්ට් ප්‍රකාශනෙය් තුන් වැනි පරිච්චේදය වෙන් වෙන්නෙ කොමියුනිස්ට් දේශපාලන කතිකාවත පිලිබදව ඒ වකවානුවෙ ලියන ලද කරුණු සහ සමාජයෙ කතිකාව පිලිබදවයි.....

      එවකට ජර්මානු සමාජයෙ කොමියුනිස්ට් දේශපාලන කතිකාවත් ඒ වකවානුවේදි පවතින යහපත් මෙන්ම ධනාත්මක සාකච්චා ලෙස දක්වනවා....

      Delete
    2. අදත් ලෝකයෙ රටවල් වලින් ජර්මානු ප්ලොටේරියානුවන් ඉතාම ඉදිරියෙන් ඉන්නව......
      ඉහළ අවම වේතනයක්,නිවාඩු සහිත වැඩ පටිපාටියක් ,ඉතාම ඉහල ජිවන දර්ශකයකින් මූලික මිනිස් අවශ්‍යතා ගොඩනැගුන සමාජ ආර්තික වටපිටාවක් ජර්මානු ප්ලොටේරියානුවන් සතුයි.....වැටුප් සහිත නිවාඩු වලට මාලදිවයිනෙ තරු පන්තියෙ සංචාරක හෝටල් පුරවන්නෙ මෙ ප්ලොටේරියානුවන් .
      ඔවුන් නිර්ධනයො එහෙමත් නැතිනම් හිගන්නො කියලා ඒ සමාජයෙ හැදින්වීමක් නෑ...

      කොමියුනිස්ට් ප්‍රකාශනයම එක කොටසක් වෙන් වෙනවා" capitalist socialism "කියන කරුණ සාකච්චා කරන්න...
      මේක ධනවාදී සමාජවාදය කියලා සරළව හිතා ගන්න පුළුවන් .....
      මේක තමයි සමාජයක තියෙන ඉතාම දුෂ්ටම ක්‍රම වේදය..
      ලංකාවෙ අවාසනාවකට සමාජවාදය කියලා මුලින්ම ගොඩනැගුවෙ මෙන්න මේ ක්‍රමය.
      ලංකාවෙ දේශපාලන පක්ශ වලින් පැරනිම පක්ශයත් තමා ඔය ඩාලි පාරෙ පක්ශ මූලස්තානය තියෙන ඔය පක්ශය....
      ලංකාවෙ ගොඩනැගුන ධනවාදි සමාජවාදය කොයිතරම් හානියක් මේ සමාජයට කලාද කියන එකට හොදම නිදසුන තමා ඔය ප්ලොටේරියානුවන් සහ නිර්ධනයන් කියන වචන පටලවලා ලංකාවෙ සමාජය නොමග යැවීම........

      ලංකාවෙ වැඩිම කොටසක් ඉන්නෙ වැඩ කරන රැකියා කරන කොටස...අපි නිල් පාට ,සුදු පාට ,කොළ පාට වගේ එක එක කොලර් තියෙන ඇදුම් ඇදගෙන රැකියා කලාට,නිවාස ණය,වාහන ණය ,credit card අරගෙන තරු පන්තියෙ හෝටලයක නැවතුනාට අපි බහුතරයක් බොන්ශුවාසින් නෙමෙ.....

      මේ ලෝකෙ බහුතරයක් ප්ලොටේරියානුවන් ............

      ප්ලොටේරියානුවන් කියන්නෙ සිංහලෙන් විකෘති කරලා නිර්ධනයො කියලා සමාජයක් නොමග යවපු වචනයට එහා දෙයක්......

      මේ අය භාණ්ඩ සහ සේවා නිශ්පාදනයෙ ඉන්න සමාජයෙ වටිනා වගකීමක් දරණ කොටසක්.......

      ඒ අතර විශාල පුද්ගලික රොහල් ජාලාවක් සේවය කරන වයිදයවරු ඉන්නවා..විශාල ව්‍යාපාරිකයෙක්ගෙ tax file වල කටයුතු කරන නීතිඥයන් ,,ගණකාධිකාරි වරු ඉන්නවා...
      විශාල සමාජ ජාලවල රැකියා කරන IT ඉන්ජිනේරුවන් ඉන්නවා...

      ඔවුන්ට ඉහල සමාගමකට සේවය කල පමණින් බොන්ශුවාසින් වෙන්නෙ නෑ..

      මේ හැමෝම විවිද ස්තර වල ප්ලොටේරියානුවන් ......

      ප්ලොටේරියානුවන්ට දරුවෙකුගෙ උපන්දිනයක් සමරන්න ...වාහනයක් ගන්න ,නිවසක් හදා ගන්න ,ළමයෙකුට අද්‍යාපනයක් දෙන්න මේ කිසිවක් මැජික් එකක් නෙමේ.
      ඒක මැජික් එකක් වෙන්නෙ තමන් අයිති කොතනටද කියන දේ අවබොද නොවුන ධනයෙන් මෙන්ම දැණුමෙන්ද හීන වචනයේ පරිසමාප්තියෙන්ම නිර්ධනයන්ට විතරයි .......

      Delete
  12. මල්ලියා බෝතලයක් ගහමු

    ReplyDelete
  13. මා එම් ඩීන් මල්ලියා
    බෝතලේ ගහමු මල්ලියා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න