.

.

Apr 29, 2023

පොල්දූව පාළම මත රැඳෙන, වැල් පාලමේ ආරක්ෂාව...




පොල්දූව පාළම මත රැඳෙන,

වැල් පාලමේ ආරක්ෂාව...

➖➖➖➖➖➖➖➖💀➖


රනිල් මේ යන්නේ සේද මාවතක නොව උණහපුලුවන් ගිය වැල් පාලමක බව කිව්වේ උන්නැහේමය. උන්නැහේ යන්නේ තනියමත් නෙමේය. වඩාගෙන යන්නේ ලක් මවය. ඒ කියන්නේ බැලන්ස් නැතිව ගියහොත් කෙලවෙන්නේ රනිල්ට ඉතරක් නෙමේය ලක් මාතාවටත් බඩු බනිස්මය. 


ඒ බව තේරුම් ගත් හැම එකාම සද්දෙ වහලා වගේ උන්නාට, යටින් යන ගේම් බොහෝය. උන්නැහේට සප් එක දෙනවා යැයි කියන පෝට්ටුවේද එහෙම ගේම් තියෙන බව පැහැදිලිවම පෙනෙන්නේ, කලින් ලැබූ 134 ක් දැන් උන්නැහේට නොමැති නිසාමය.


දැන් උන් කකුල් මාට්ටු දාන්නේ, රනිල්ට නෙමේය. වැල් පාලමටය. පාළමේ වැල් වලට ගේම දුන්නාම ඔක්කෝටම බඩු බනිස් වෙනවාය. උන්ට ඕනෑ රට ගොඩගැල්ලක්කත් පක්ෂය ගොඩගැනිල්ලකත් නැතිය. උන් කෙල හලමින් සිටින්නේ අගමැතිකමට හා කැබිනට් ඇමතිකම් වලටය. 9 වෙනිදා අම්මට හැමිනිලාම ගිය පාක්ෂිකයින් ගැන උන්ට වගේ වගක් නැතිය. පාක්ෂිකයින්ටද කිසි අවුලක් නැති බවකුත් පේනවාය.


මේ රටේ හිටපු ජනාධිපතිවරයා නිවන් යවන්න ගොස් නූලෙන් බේරුනේ, රටේ ආරක්ෂක ලේකමෙක්, ත්‍රිවිධ හමුදාවටම අණ දෙන මාන්ඩලික ප්‍රධානියෙක්, හමුදා හා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීන්, ත්‍රස්ත විමර්ශන ඒකක යන සියල්ලම තිබියදීය. 


එක්කෝ.... 


▪️මේ කිසිවක්, මුන් දැනගෙන උන්නේ නැතිය.


▪️එහෙම නැත්නම්, පාස්කු ප්‍රහාරය මෙන් දැනගෙන සද්ද බද්ද නැතිව උන්නේය. 


▪️එහෙමත් නැත්නම්, විමල් කියනවා වාගේ වැඩේට මුන්ගේ සප් එකත් තිබිලා තියෙනවාය.


පොල්දූව පාලමේ පත ඇණ 48 කින් 33 ගැලෙව්වා කියන්නේ, හරි නම් මුන් ඔක්කෝම එලවා දැමිය යුතු සිද්ධියකි. එය පැය 24 පුරාම ආරක්ෂාව සපයන අධි ආරක්ෂිත කලාපයකි. CCTV සෑම තැනමය. උදේට එතන ට්‍රැෆික් කොන්ට්‍රෝල් කරන්න නැත්තේ පොලිස්පති විතරමය. පොලීසියේ ලොක්කෝ ඔක්කොම ගවගාලට යන හාල්පාරුවන්ට සැලූට් ගහන්නට පෝලිමේය. මුලින්ම එලවා දැමිය යුත්තේ අදාල ප්‍රදේශයේ පොලීසියේ මහ එකාය.


මාන්ඩලික ප්‍රධානියා ඉන්නේ ඒ අසලමය. පාළමට ගාඩ් නැති වුනාට උන්නැහේගේ ගෙදරට එකසිය ගානට ගාඩ් එක තියෙනවාය. මෑතක ගවගාල රැස්වෙන දිනයන්හි හන්දියක් හන්දියක් ගානේ ආයුධ සන්නද්ධ හමුදාවද යොදා තිබින. එහෙත් කාගේ හෝ අමන තීරණ මත දැන් ඒවා සිඳුවන්නේ නැතිය.


මේ සියල්ලෝම මෙන්ම ගවගාලේ 225 සිතන්නේ එයාලා ආරක්ෂා වුනාම ඇතෙයි කියලාය. එහෙත් ත්‍රස්තවාදය රජ වුවහොත් පරිප්පු කන්නේ අහිංසක පාක්ෂිකයා විතරක්ම නොවනා බව අමරකීර්තී අතුකෝරාල සහ ඝෝඨාභය ලෝකයටම පෙන්වූයේය.


රනිල් හා ආන්ඩුව මතක තබා ගත යුතු දෙය නම්, අරගල ත්‍රස්තවාදීන් වැඩේ අත් හැර දමා නැති බවය. ගෝල්ෆේස් එකේ අරගලයක් නැති වුනාට, අරගලයේ නියමුවන් තාමත් වැඩේ අත් හැරලා නැති බව, ආන්ඩුවට හා ආරක්ෂකාංශවලට නොපෙනුනාට, හූණූ පුපක මොළයක් තියෙන ඕන එකෙකුට පේනවාය. පෙලපාලි, පිකටින්, උද්ඝෝෂණ, ජනරංජන වැඩ වර්ජන පේන්නට නැති වුනාට, ත්‍රස්තවාදින් වැඩේ යටින් ගෙනයනවාය.


පෙර මෙන් නොව දැන් එය උතුරේ මෙන්ම දකුණේද එකම පිරිසක් විසින් මෙහෙයවනු ලබමින් සිටී. එය ඉතා භයානක තත්වයකි. 


එබැවින් රාජ්‍ය ආරක්ෂාව උපරිමයෙන්ම ක්‍රියාත්මක කළ යුතු අතර, ඒ සඳහා දැන් සිටිනා උන් පට්ට ෆේල් බව මේ වන විට සිඳුවෙමින් පවතින ක්‍රියාවන් හා සිද්ධි තුලින් ඔප්පු කර හමාරය.


එබැවින් රට ආර්ථික වශයෙන් ගොඩ ගැනීමට පෙර, ජාතික හා රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගොඩ නගා ගත යුතුය. ත්‍රස්තවාදයට සුළු හෝ ඉඩකඩක් ලබාදිය යුතුම නැත්තේය.


ඒ වගත් මෙසේය.....


.

15 comments:

  1. අප මුල සිටම මුදලට බ්ලොග් ලියනා අය ගැන කියූ කාරනා ඇත්ත බව විමල් වීරවංශ මහතා රචිත 'නවය; සැඟවුණු කතාව' පොතෙන් දැන් හෙළිවී ඇත. අජිත් ධර්ම මහතා දැන් මොකද ඒ ගැන කියන්නේ.

    පහත කරුණු හිටපු කර්මාන්ත කැබිනට් අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලි‌මේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාගෙන් උපුටා ගන්නා ලදී.

    මම මේ පොතෙන් අනාවරණය කරනවා, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්න තීරණය කරලා, පලා යමින් සිටි අවස්ථාවේදී ඉන්දියාවත් ඇමෙරිකාවත් ඔහුගෙන් ඉල්ලා සිටියා කියා, ‘ඔයා ඉල්ලා අස්වෙන්න කලින් අගමැති රනිල්වත් අයින් කරන්න‘ යනුවෙන්. එවකට ජනාධිපති ලේකම්වරයා වූ ගාමිණී සෙනරත් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් අයින් කරන ලියුම සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලියුම යන දෙකම හදලා මාලදිවයිනට යැව්වා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අත්සන් කළේ එයාගේ ඉල්ලා අස්වෙන ලියුමට පමණයි. ඒ අතරතුර රනිල් වික්‍රමසිංහගේ ගෙදරත් ගිනි ගන්නවානේ. සමහරවිට ඒ ගිනි තැබීම කරන්න ඇත්තේ රනිල් මානසිකව බිඳවැටිලා ගෝඨාභය අයින් නොකළත් ඉල්ලා අස්වෙන ලියුමක් දෙන විදිහේ තත්ත්වයකට පත් කරගන්න විය හැකියි.

    කථානායකතුමන් තමන්ගේ පවුලේ ඔක්කොම යවනවා මාතර පැත්තේ ගෙදරකට. එතුමාත් තරමක් තිගැස්මෙන් නිල නිවසේ ඉන්නේ. මොකද ඒ අර පාර්ලිමේන්තුව වට කළ වෙලාව. එහෙම ඉන්නකොට සේවකයකු ඇවිල්ලා කියනවා, ‘ඇමරිකානු තානාපතිතුමිය ඇවිල්ලා ඔබතුමා හම්බවෙන්න ඕනේ කියනවා.’ කියලා. ඉතින් ඒ ගමන කථානායකතුමන් කලබලෙන් පහළ මහලට එනවා. ඇවිත් එතුමියත් එක්ක කතා කරනකොට එතුමිය කියනවා, ‘දැන් ගෝඨාභය අයින් වෙනවා. ඔබ ජනාධිපති ධුරය භාර ගන්න‘ කියා. එතකොට කථානායකතුමා කියනවා, ‘එහෙම කරන්නේ කොහොමද තානාපතිතුමියනි, ව්‍යවස්ථාව අනුව ජනාධිපති ඉවත් වුණොත් ඊළඟට වැඩබලන ජනාධිපති වෙන්නේ අගමැතිවරයා. මම කථානායක. එයා ඉන්දැද්දි මට ඒක කරන්න බැහැ.‘ කියලා. අවසානයේ දී තානාපතිතුමිය කියන්නේ ‘ව්‍යවස්ථාව වැඩක් නැහැ. අපි ඒක බලාගන්නම්. ඔයා මේක ගන්න‘ කියලයි.

    රී ලංකාවට එහි ගැඹුරු වරායවල් සහ උපායමාර්ගික පිහිටීම නිසා නවීන ලෝකයේ වේගයෙන් නැඟී සිටින ඉන්දියානු ශාන්තිකර කලාපයේ නාභිය බවට පත්විය හැක. ශ්‍රී ලංකාව විසින් එම තත්ත්වය අත්පත් කර ගැනීම සඳහා ඇමරිකාවට තමන් සතු ආර්ථික හා ආරක්ෂක හැකියාවන් යොදා ගනිමින් ප්‍රබල භූමිකාවක් ඉටු කළ හැක.‘ යනුවෙන් ඔහු පැවසුවා. මෙහි යටිපෙළ අරුත ගත්තොත් ‘ප්‍රබල භූමිකාව ඉටු කිරීමට නම් ශ්‍රී ලංකාව නමැති රාජ්‍යය බිඳවැට්ටිය යුතුව ඇත. අඩපණ කළ යුතුව ඇත. අසාර්ථක කළ යුතුව ඇත. ආර්ථික හා දේශපාලන වශයෙන් පරඬැලක් බවට පත් කළ යුතුව ඇත. එසේ කරන ලද කල්හි අපේ වැඩේ කරගත හැකිය. ඒක කොරගන්න සාමාන්‍ය ක්‍රමයට බැරිය. අසාමාන්‍ය උපාය උපක්‍රම පාවිච්චි කළ යුතුය.’ යන්නයි.

    ඒකට බ්ලොග්කරුවන් අල්ලන්න ඕනේ. ඒගොල්ලොන්ට හොඳට ගෙවන්න ඕනේ. සෝෂල් මීඩියා වීරයෝ හදන්න ඕනේ. ඒගොල්ලොන්ට හොඳට ගෙවන්න ඕනේ.

    සම්පුර්ණ ලිපිය මෙතනින්

    ReplyDelete
  2. Spa එකේ මරණය
    __________________

    නම මරක්කල හේවගේ දනුෂි. හැබැයි මෙහෙට කියන්නේ නුෂි කියලා. වයස තිස් එකයි. පදිංචිය මොරතුඩුව ලිඳ පාර.

    මරණකරු කොහොමද මුලින් දැක්කේ.

    "සර් ..... "

    නුෂි දෙනෙත් බිමට හරවා ගත්තා. නුෂි "global spa" එකේ පලපුරුදු සේවිකාවක්. මේ මොකක්ද උනේ කියලා ඇයට අදහගන්න බෑ. මුලදී දැනුන ක්ලාන්ත ගතිය ඇන්ටිගේ උණු ටී එකෙන් පස්සේ හරි ගියාට මොකද නුෂි ඉන්නේ තනිකරම බිරාන්ත වෙලා. ඇඟේ සුදුමැලි පාට අඳුරු වී අමුතුම පාටක් අරගෙන.

    " මේ අත් දෙක උඩම මිනිහෙක් මැරෙනවා කියන්නේ අනේ දෙවියනේ..."

    ඇයට අඬන්නට කඳුළු ආවේ නැහැ. ඒ වෙනුවට මැඩම්ගේ කාමරයේ AC එක තව අඩු උනා නම් හොඳයි කියා හිතුණා. පොලිස් නිළධාරියා ට කිව යුතු කුමක්ද...... ?

    "ඒ සර් ටිකක් මෙහේ යන එන කෙනෙක් සර්, මමත් එක්ක වැඩ කරල..." නුෂි හිතනවා.

    "වැඩ කරලා ......?"

    "මොන වැඩද...?"

    නුෂී ආයේ නවතිනවා.

    "දැනටමත් මේක ලීක් වෙලා මීඩියා වලට."

    තරප්පි පෙළ බහිද්දී මාජි කෙඳිරුවා.

    "උඹ ඔන්න ඔහේ ඇත්තම කියලා දාපං.. මැඩම් නළවන්න වැඩක් නෑ, ඒ බැල්ලිට අපිට මොනවා වුනත් එකයි. ලස්සනට අත පිහදා ගනීවි. "

    ඒත් නුශීට මැඩම් ගැන අහිතක් හිතෙන්නේ නැහැ.

    "මැඩම් මොනවා කරන්නද ? මේ අපි බලෙන් ගෙනත් දාපු තැන් නෙවෙයි නෙ."

    නුෂීට මතක් වෙන්නේ Global spa එකට අවුරුදු දෙකකට කලින් ආ විදිය.

    ඒ ශයිනි ස්පා එක වැහුවට පස්සේ. එතැන හිටපු අට දෙනාගෙන් පස් දෙනෙක්ට මෙතන වැඩ දුන්නා. වයස වැඩි නිසා තුන් දෙනෙක් අයින් කලා. නුෂී කෝමටත් මාජිගේ ඔපොසිට්. මාජි තරහ අසනීප ඉදිද්දී ත් පඩි කපපු නිසා. ඒත් භාගයක් හරි දුන්නා නෙහ්. නුෂි දන්නේ නැහැ මාජි වගේ හැසිරෙන්න. ඇයට වගේ කස්ටර්මස්ලා ඇහුවොත් කියන්න නාටකීය කතාවක් නුෂීට ඇත්තෙත් නැහැ. මේක කරන්නේ ජානකත් කැමැත්තෙන්. ටවුන් එකට එන්නේ ලස්සනට ඇඳලා ඔෆිස් යනවා කියලා වටපිටාවට පෙනෙන්නනේ. ඇවිත් ටක් ගාලා යුනිෆෝම් එකට මාරු වෙද්දී හිත හිතා ඉන්න දෙයක් නෑ.

    ඊට පස්සේ ගානට AC ටෙම්පරේචර් හදල ; සුවඳ ඉටිපන්දම් දල්වලා ; තෙල් බඳුන් සකසලා ; නියමිත කෙනා එනකම් ඉදිද්දී බිත්තියේ තියෙන ලා දිස්නයක් එක්ක පෙනෙන සිතුවම තමයි නුෂිට ඉලක්ක වෙන්නේ. ඒ නැංගුරම් ලා ඇති නැවක නීරස සිතුවමක්. අනෙක ස්පා එකේ කිසිම තැනක මිනිස්සු අවුස්සන විදියේ නාරි රූප නැහැ.

    ඉතින් මරණකාරයා ආවේ උදේ දහයට විතර.

    "අවුරුදු විසි අටයි කියන්නේ ලොකු වයසක් නෙවෙයි. දහයට විතර ආවා කිව්වාට එයා එදා ඩියුටි දවසක් නේද ? ඔෆිස්නුත් සයින් කරලා තියෙන්නේ."

    පොලිස් නිළධාරියා කියා ගත්තේ තමන්ටම වගේ.

    "එයා කොහොමටත් ස්මාර්ට්. කෙනෙකුට බලන්න හිතෙන ප්‍රියමනාප කෙනෙක්. ආ.. ටිකක් විතර ගොතයි.."

    "ගොත ඔශාන් කියලත් කියනවා කියන්නේ. නමුත් මෑන් දක්ශ, පොපියුලර් කෙනෙක්. පුදුමෙ කියන්නේ එකටම ඉන්න යාලුවාටවත් දන්නේ නැහැ මේ ගමන ගැන."

    නුෂීට කියන්න තිබුනේ ඇත්තටම කෙටිම කෙටි වගන්ති ටිකක් විතරයි.

    "තවමත් මරණෙ ගෙනිහින් නැද්ද?" ඇයට හිතෙනවා.

    "ඔහු කවමදාවත් නොඉල්ලූ දෙයක් අද උවමනා වූ හැටි..."

    ReplyDelete
    Replies
    1. නුෂි ඉදගත්ත ඉරියව්ව මාරු කලා. නිකන් රිසිප්ශනිස්ට් කෙනෙක්ට වගේ මහපු යුනිෆෝම් එක, නේවි බ්ලූ ඉරි ස්කිනි එක යටින් පපුව මැද දාරය පෙන්වමින්. කෙටි සාය ඇගේ හැඩ සිරුරට එතී සීරුවෙන් තිබුනත්, එහි තැවරුණු යමක් ඇති ලෙස නුෂී පිස දැම්මා.

      "එයා එක පාරටම වැටුණා."

      "වැටුණා කිව්වට තමන් තල්ලු කරා කියන්නත් බැහැ නේද ?"

      එහෙම තල්ලු කරන්න තරම් හිතෙන කෙනෙකුත් නෙවෙයි නේද ඔශාන් නාගහවත්ත, තමන්ද ඇතූලු බොහෝ දෙනාගේ විධායක රක්ශණ නියෝජිතයා.

      " තමන් පොර බැඳීමක් කරාද ?"

      පොර බඳන්න දෙයක් වුනේ නැහැ. වෙනදා නෝර්මල් කෙනා ඇබ්නෝර්මල් වෙද්දී දැනුන නොරිස්සුමට නුෂීට තමයි හරි නම් ස්ට්‍රෝක් එක එන්න ඕන....

      මේක එළියට නොයන්න මැඩම් මහන්සි ගනීවි. නුෂීට "සෙනෙහස්" මතක් වුණා. පුතා දන්නේ ඇය කාර්‍යාලය සේවිකාවක් ලෙසට.

      "අම්මා රැකියාව කියන තැනට පරිඝනක ක්‍රියාකරවන්නිය කියලද තවමත් ලියන්න ඕන?"

      ළඟදී ඉස්කෝලේ විස්තර පත්‍රිකාවක් පුරවන ගමන් පුතා අහද්දී නුෂී හිටියේ ජානකගේ කලිසමක් මදිමින්. ඇගේ ඕෆ් ඩේ නිසා තුන් දෙනා එක්ක එළියට යන්න ලෑස්ති වුණේ.

      "ඇත්තටම කියන්න තරම් ලොකු දෙයක් වුනේ නැහැ සර්."

      "මගේ පුතා නමින් දිවුරන්නම්. ඒ සර් හිටියේ හරිම සැහැල්ලුවෙන්. "

      පොලිස් නිළධාරියා දෙතොළ'තර සිනහව මඟෑරියා.

      මැඩම්ගේ මේස ඔරලෝසුවේ දවල් එක සඳහන් වී තිබුණා.

      .............................................................................

      Delete
    2. තමන්ගේ පෝස්ට් මෝටම් එකට හොඳම සාක්කිය දෙන්න පුලුවන් තමන්ටම තමයි කියලා ඔශාන්ට හිතුණේ තවමත් ස්පා එකේ පාවෙමින් ඉදිද්දී.

      "එතකොට මම මැරිලා."

      ඔහු ඇම්බියුලන්ස් එකේ පමාව නිසා තවමත් තියෙන සුදු රෙදි කඩකින් වැසුණ තමන්ගේ සිරුර දිහා බැලුවා.

      "බලපංකෝ උඹේ බෝනස් එක මේ පාර පහ පනීවි"

      උදේ අත්සන් කරද්දි මනෝජ් සුබ පැතුවේ ගුඩ්මෝනින් කියා නෙවෙයි.

      "හ්ම්ම්... ඇවිද්ද තරමට තමා ප්‍රතිඵල.."

      ඔහු වාඩි වුණේ ජංගමය අංකයක් එන තෙක් පිසදාමින්.

      G.S කියා තිබුණ අංකයට ඇමතුමක් ගත්තේ ,

      "මම දහයට එනවා. මිස් නුෂී මීට් වෙන්න" කියලා.

      එය හරිම සරල , හෙමින් කෙරුණු, සංවාදයක් යැයි කිව නොහැකි කෙටි යමක්...

      "උඹ අද එළියට යන්නේ නැහැ නේද ? අද ඔෆිස් ඩේ නිසා. "

      ඔෂාන් නැගිට්ටා ; ඔහු උසයි ; පැහැපත් ; දිගු නැහැය ; දිගු රැවුල ; ස්පයික් කොණ්ඩය, සුදු දිගු අත් කමිසයට මෙරූන් පාට ටයි පටිය මෙන්ම, පරණ තාලයේ ටයි පින් එක. වෙනම ගැම්මක්.

      " මෙන්න මේකත් අර ඇඳුම් එක්ක දාගනින්." යැයි ටයි පින් එක රූම් එකේ බිම තිබිලා ඇහිලුවේ පස්සේ මාජි.....

      නුෂී හමුවිය යුතුයි...

      ඊයෙ රෑ නින්දක් නැහැ. ඇය තරම් මේ වේලාවට සහනයක් දෙන කෙනෙක් නොවේ. දිගු දෑත්, නිසි පමණ සැලකුම්, අඳුරු සීතල කුටිය තුළ නුෂි ඇර අන් කිසිවක් දැනට උවමනා නැහැ.

      ඇය සමුගන්නා බව තිරය. අවුරුදු තුනක පෙම් සබඳතවය තුනී, වැඩකට නැති කඩදාසියක් මෙන් පොඩි කර මූණට දමා ගසා ඇය පිට රටකට යන්නීය. ඇයට රක්ෂණ නියෝජිතයා දැන් නොගැලපේ. අන්තිමට ඇය එවූ වට්සැප් එකේ ඒ දිගු ආදරය සෝදා දමා විරංජනය වූ කෙටිම පණිවිඩයක් පමණක් තිබුණි. එහි ඇගේ රුව, ගෙල පසෙක ඇති උපන්ලපය , පෙනෙන තෙක් සූම් කල පසු ඔෂාන් හෙලුවේ බර, දැවෙන සුසුමකි.

      "ඇත්ත. මම ගෑණු ළමයි හතරක් එක්ක ආශ්‍රය කරා. "

      නුෂි ඉවතට ඇද දමා ඒ පුටුව මත හිඳ ගත හැකි නම් ඔශාන් පටන් ගන්නේ එහෙම.

      "මේ ස්පා එකට මම ගොඩක් සැරයක් ඇවිත් තියෙනවා. දෙතුන් වතාවක් ඇර නුෂී තමයි මට සෙට් වුනේ. එයා දක්ශ ස්ට්‍රෙස් රිලීවර් කෙනෙක්. කතා අඩුයි. මට වෙන මඟුල් ඕනි වුනේ නැහැ."

      මම එයාට ලයිෆ් ඉන්ශුවරන්ස් එකකුත් දැම්මා, මට කමිශන් නැතුව. නුෂී පුතා ගැනත් කියලා තියෙනවා. අපි ටිකක් කතා කරපු වතාවලුත් තිබුණා. ..."

      "කතා කරන්න ස්පා එකක ගෑනියෙක් එක්ක..."

      මනෝජ් සමච්චල් සිනහවකින් බැලුවා.

      "උඹේ කෑල්ල දන්නවද ඕවා.?"

      " මේන් ඕවට ඇඩික්ට් වුනොත් නම් බඳින්න හිතෙන එකක් නැහැ"

      "දැන් අරකි රඟපාවිද? ඒකිට දැන් ලැජ්ජවෙන්න දෙයක් නැහැනේ. මම වේස මඩමක මැරුණා වුනත් දැන් ඒක ඉවරයි. "

      "ඒත් අපි ඈත් වුන බව ටික කාලයක් යනකල්‍ රහසක් විදියට තියාගමු. "

      ගෙවල් වලට.... ඔෂාන්ට දැනුනේ ගමේ යන්න හිටියේ මේ සති අන්තයේ බව. අම්මා දුක හිතාවිද ; ඒත් දැන් මට ඕවා ගානක් නැහැ ; එයාටත් ඕන වුනේ කාර් එක, ගෙදර, පොත්ත සුදු ලේලි තමයි.

      ටාගට්ස් වලට යන්න වින්ද වද දැන් ඉවරයි. බෝනස් වලින් අරකිට අලුත් හෑන්ඩ් ෆෝන් එකක් අරන් දෙන්නත් හිටියා නේද මෝඩයෙක් වගේ මම ...."

      "හෑන්ඩ් ෆෝන් එක චෙක් කරන්න ඔෆිසර්. අපි ඉතින් මිනිස්සු විදියට විඳපු ජීවිත තමා ඒකේ තියෙන්නේ.නමුත් මම අද උදේ වෙනකල් ස්පා, ස්පා විදියටම තියාගත්තා. ඒත් අද නුෂීගේ ටයිට් ස්කර්ට් එකට අත ගියා, එයා ටක් ගාලා කෙලින් වෙලා මගේ දිහා බැලුවා. ඒ ඇස් හරිම දුකකින්, ප්‍රශ්නයකින් පිරිලා තිබුණෙ.

      නුෂී හොඳ ගෑනියෙක් ඔෆිසර්. එයාට කියන්න දෙයක් නැතුව ඇති. එයා ඒ තරම් ලස්සන නැතත් ඒ ඇඟිලි වල මැජික් එකක් තිබුණා, මාව මෙතනට එවන.

      මම එයාව අල්ලගන්න නැගිටිද්දී පවා තරමක වේදනාවක් මතුවෙමින් තිබුණේ. ඒ වේදනාවේ අයිතිකාරී දැන් රට යන ගමන ඉක්මන් කරාවි.

      නුෂී "ඇයි මේ" කියා ඇසුවා. ඇය මාව ටිකක් එහාට කරන්නත් හැදුවා. මට අන්තිමටම මතක කැන්ඩ්ල් එකේ දැල්ල. ඒක වටේට ලස්සන සුවඳක් එකතු වෙලා විසිරුණා. එච්චරයි.

      "එච්චරයි.."

      "දැන් ඉතින් ඩොක්ටර් කියාවි නෙහ් ඉතුරු ටික. "

      පොලිස් නිළධාරියා නැගිට්ටේ ඉක්මනින්.

      Story with meesha

      ©උද්‍යෝගි පලිහක්කාර

      Delete
  3. සෞම්යාට බලෙන් පුකේ අරින්න ඕනි

    ReplyDelete
  4. වයිට්හවුස් ඝාතනය

    අද මෙන් නොව මින් වසර 60කට 70කට ඉහත මිනීමරුමක් සිදු වු විට එය රට කැළඹූ ප්‍රවෘත්තියක් විය. 1948 වසරේ කොළඹ රත්නපුර පාරේ මැඩිල්ලවලේ පාලම අසල සිදු වූ වයිට්හවුස් ඝාතනයද එකල රට කැළඹූ සිදුවීමක් විය.

    ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කොට සිදුකරන ලද මෙම ඝාතනයට බඳුන් වූයේ මාදම්පේ වතුයායේ වතු කළමනාකරු වූ ජෝන් එඩ්වඩ් ෆ්‍රෑන්ක් වයිට් හවුස් මහතාය.

    වයිට්හවුස් මහතාගේ වතුයායේ කම්කරුවන් විශාල පිරිසක් සිටි අතර ඔවුනට මාසික වැටුප ගෙවන ලද්දේ සෑම මසකම 10 වැනිදාය. එහෙයින් සෑම මසකම 9 දින වයිට්හවුස් මහතාත් ඔහුගේ බිරියත් කොළඹ චාටඩ් බැංකුව වෙත ගොස් වැටුප් මුදල් රැගෙන ඒම පුරුද්දක් විය.

    1948 අප්‍රේල් අටවැනි දින වයිට්‌හවුස්‌ යුවළ තම 'ඔස්‌ටින්ටෙන්' වර්ගයේ මෝටර් රථයෙන් කොළඹ බලා පිටත් වූයේ එදින රාත්‍රිය කොළඹ ගතකොට පසුදින වැටුප්ද රැගෙන වත්තට ඒමේ අපේක්ෂාවෙනි. එම ගමනට ඔවුන්ගේ අසල්වැසියන් වූ 'හෝල්' මහත්මියත් ඇගේ දියණියත් එකතු වුහ. අප්‍රේල් 9 දින රුපියල් 35000ක පමණ මුදලක් බැංකුවෙන් ගත් පිරිස යළි රත්නපුරයේ වතුයාය බලා ගමන් ඇරඹූහ.ආපසු එන ගමනේදී ඔවුන්ගේ හිතවතියක වූ පෝට්ලන්ඩ් මෙනවියද එක්කරගත් පිරිස සතුටු සාමිචියේ යෙදෙමින් ගමනේ යෙදුනාහ. අවිස්‌සාවේල්ල පසුකර මද දුරක්‌ ගියපසු වයිට්හවුස් මහතා තම රිවොල්වරය ද සූදානම් කරගෙන රිය පදවන ලෙස වයිට්‌හවුස්‌ මහත්මියට පවරා අනෙක් පස අසුනට ගොඩ විය.

    වයිට්හවුස් මහතා සෑම මසකම වැටුප් මුදල් රැගෙන යෑමට එන බැව් නිරීක්ෂණය කළ පිරිසක් වූහ. ලෑතර බාස්‌' නමින් හඳුන්වන ගරාජ හිමිකරුවෙක් හා ඔහුගේ ගෝල බාලයන් වු කොටි ඇල්බට්, හල්පේ මාටින් සහ සුරබියෙල් එම පිරිස වූහ.. මෙම පිරිස වයිට්හවුස් මහතාගේ ගමන් මාස ගණනක් පුරා නිරීක්‍ෂණය කරමින් ඔහු පසුපස ලුහුබැඳ තිබුණේ කෙසේ හෝ මේ විශාල මුදල මංකොල්ල කෑමටය. එය කොළඹදී සිදු කළ නොහැකි නිසා රක්‌වාන ප්‍රදේශයේදී හුදෙකලා ස්ථානයකදී මුදල් පැහැර ගැනීමට කතිකා කර ගෙන සිටියහ.

    වයිට්හවුස් මහත්මිය රථය ධාවනය කරද්දී ඒ පසුපසින් කොළ පාට ඔස්‌ටින් වර්ගයේ මෝටර්ථයක්‌ ගමන් කරනු පෙනිණි. එහි වූයේ ලෑතර බාස් ඇතුලු පිරිසය. ඔවුන්ගේ සැලැස්‌ම වූයේ ඉදිරියෙන් හා පසුපසින් අවහිර කොට මුදල් රැගෙන පලා යැමයි. අවශ්‍ය වුවහොත් ඝාතනයට හෝ පසුබට නොවිය යුතු බවට ඔවුන් කතිකා කරගෙන තිබිණ.

    කොළඹ රත්නපුර පාරේ පණුකැරෑපිටිය පසුකර අමුතාගොඩ ගමට යන වංගුව පසුකර මීටර් එකසිය පනහක් දෙසීයක් ඉදිරියට යද්දී දකුණු පැත්තට වංගුවකි. වංගුව ආරම්භ ෙවන තැනම පාර හරහා දැමූ කුඩා පාලමකි. එය හැඳින්වූයේ ඇඹිල්ලවලේ පාලම යනුවෙනි. මේ පාලම පසුකර තවත් මීටර් හැත්තෑ පහක් පමණ යනවිට හමුෙවන්නේ මහඇළයි. මහඇළ හරහා ද පාලමක් ඇත.ඉංග්‍රීසින් විසින් තනන ලද මේ පාලම යකඩ ගේඩර්වලින් නිම කළ එකකි. තනි වාහනයකට පමණක් එහා මෙහා යාහැක. මේ පාලම එකල හැඳින් වූයේ මැඩිල්ලවළේ පාලම යනුවෙනි.

    ReplyDelete
  5. පාලම අසලදී පිටුපසින් ආ කොළ පැහැති ඔස්‌ටින් රථය වයිට්හවුස් රථය ඉස්‌සර කරමින් මඟ හරස්‌ කර නැවැත්වීය. .මැරකල්ලියේ තවත් සාමාජිකයන් දෙදෙනෙක් පැමිණි ඔස්‌ටින් වර්ගයේ තවත් රථයක් මඟ අවුරමින් බොනට්‌ටුව ද ඇර දමා පාර අයිනේ නතර කර තිබිණ. මාර්ග බාධකය දැක වයිට්‌හවුස්‌ මහත්මිය රථයේ වේගය අඩු කල විට එහි දිව ආ එක්‌ කොල්ලකරුවෙක්‌ කෑ ගසමින් "ගනිව් යකෝ සල්ලි·" කියමින් වයිට්හවුස් මහතාගේ හිසට පිස්‌තෝලයක්‌ එල්ල කළ අතර වයිට්‌හවුස්‌ මහතා තම පිස්තෝලය ගෙන අසුනෙන් බැසීමට සූදානම් වත්ම කොල්ලකරුවා ඔහුගේ හිසට වෙඩි තැබීය. වයිට්‌හවුස්‌ මහතා අසුන මතම ඇද වැටුනි. හොර කල්ලිය ද අනපේක්ෂිත සිදුවීමෙන් බිය වී දුවන්නට වූ අතර ඒ මොහොතේ ක්‍ෂණිකව කාරය පණ ගන්වා ගත් වයිට්‌හවුස්‌ මහත්මිය වේගයෙන් එය වතුයාය දෙසට ධාවනය කරන්නට වූවාය.

    වයිට්‌හවුස්‌ මහතා රත්නපුර රෝහල වෙත ගෙන ගියද සිදුවූ මරණීය තුවාල හේතුවෙන් ඒ වන විටත් ඔහු ජීවිතක්‍ෂයට පත්ව සිටියේය. ඔහුගේ මුඛයෙන් ඇතුළු වූ රිවොල්වර උණ්‌ඩය ගෙලේ විශාල සිදුරක්‌ පාදමින් පිටව ගොස්‌ තිබිණ.

    පොලිස් විමර්ශන ආරම්භ කෙරැණු අතර ඒ අසල කුඩා වෙලෙදසලක් පවත්වා ගෙන ගිය අයෙක්‌ පැවසුවේ නොන්ඩි ගසන අයෙක්‌ තමාගෙන් ගින්දර ඉල්ලා සිගරැට්‌ටුවක්‌ පත්තු කරගත් බවයි. මග අහුරා වෙඩි තැබූ පුද්ගලයා පැමිණි කොළපාට මෝටර් රථයේ අංකය ද පොලිසියට සොයාගත හැකි වූයේ එය තේ තඩයේ සිටි පුද්ගලයකුට මතක තිබු හෙයිනි
    එම රථයේ අංකය Z 4476 විය. Z 4476 මෝටර් රථය ලෑතර බාස්‌ නම් අයෙකුට අයත් බවත් නොන්ඩි ගැසූ පුද්ගලයා පාදුක්‌කේ පදිංචිකරැවකු බවත් සොයා ගැනිණි එම පුද්ගලයා නැපෝසිඤ්ඤෝ නම් විය.

    අප්‍රේල් 18 දින ඔහු අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන්හි ලද තොරතුරු මත ලෑතර බාස්‌ නොහොත් ආර්. ඒ. පීටර් පෙරේරා, අත්අඩංගුවට පත්විය. ඔහු සමග එච්. ඒපිං පෙරේරා. එච්. ජයසුන්දර පෙරේරා යන අය ද අත්අඩංගුවට ගැනිණි

    නැපෝසිඤ්ඤෝගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු සියල්ල වැමෑරීය.

    පාම්ගාර්ඩන් වත්ත අසල පැක්‌ටේරි පාරේදී වත්තේ සුද්දා මැරූ දිනය මට මතකයි. ඒ 1948 අප්‍රේල් 9 වැනිදායි. මම හල්පේ මාටින්ව හොඳින් දන්නවා. අප්‍රේල් නම වැනිදාට දවස්‌ පහකට විතර කලියෙන් මාටින් ඔහුගේ කිරිකපන්නෙක්‌ අත මට පණිවුඩයක්‌ එව්වා ඉක්‌මනින් ඔහුව හමුවන්න කියලා. එදාම දවල් දොළහට මම මාටින්ව හමුවුණා. කරන්නට ලොකු වැඩක්‌ තියෙන බව කී මාටින් අප්‍රේල් 8 දා උදේ 7.00 ට ගලගෙදර හන්දියේදී හමුවන්නට කීවා. මම හා කියා සවස 4.00 ට විතර ඔහුගේ ගෙදරින් පිටව ආවා. අප්‍රේල් 8 දා උදේ 7.30 ට විතර ගලගෙදර හන්දියේ ඉන්නකොට කොළපාට කාරෙකක්‌ ඇවිදින් නැවැත්තුවා.

    කොළඹ සිට ආපු එම කාරෙක එලෙව්වේ ලෑතර බාස්‌. එයා මට කතා කළා මාවත් වාහනේට ගොඩකර ගත්තා. ඒ වෙනකොට කාරෙකේ කොටි ඇල්බට්‌, හල්පේ මාටින්. තවත් කෙනෙක්‌ එහි හිටියා. පසුව මාව බැස්‌සූ ලෑතර බාස්‌ පස්‌සෙන් එන කළු පාට කාරෙකට ගොඩවන්නට කීවා. මම ඒ කාර් එකට ගොඩවුණා. ඩ්‍රැයිවර් එක්‌ක තව තුන්දෙනෙක්‌ එහි සිටියා. එක්‌කෙනෙක්‌ සුරබියෙල් අනෙක්‌ දෙන්නා මම අඳුනන්නෑ. දැක්‌කොත් හඳුනාගත හැකියි. ඒ වෙලාවෙ උදේ දහයමාරට විතර ඇති. තව කොණ්‌ඩය බෙල්ලට දික්‌වුණු සුදුපාට මිනිහෙකුත් කොළපාට කාරෙකට ගොඩවෙනවා දැක්‌කා.

    ReplyDelete
  6. එදා රාත්‍රියේ අපි මාටින්ගේ ගෙදරට ගිහිං අරක්‌කු බී රෑට කෑම කා පසුදා කරන මංකොල්ලය ගැන විස්‌තර කතා කලා. වයිට්‌හවුස්‌ සුද්දාගේ සල්ලි මංකොල්ල කෑම ගැනයි කතා වුනේ.. අපි එක්‌ එක්‌කෙනාට කරන්නට තියෙන වැඩත් මාටින් කියා දුන්නා.
    පහුවදා 9 දා උදේ 7 ට විතර අපි කාරෙකේ නැග මල්වානේ කොටි ඇල්බට්‌ගේ ගෙදරට ගොස්‌ වුවමනා දේවල් ගත්තා. කොටි ඇල්බට්‌ තමන් ළඟ තිබූ රිවෝල්වරයක්‌ මාටින් සමඟ මාරු කරගත්තා. පස්‌සේ අපි කුරුවිටට ගියා. මඟ කාර් එක නවතා රබර් ගහක තිබූ පොල්කට්‌ටක්‌ ගෙන කාරෙකේ තිබූ හැලි අරක්‌කු බෝතලය බොන්නට පටන් ගත්තා. තරමක වෙරියක්‌ තිබුණා. අපි පාලම් දෙක ළඟ මාර ගහ යට කාරෙක නැවැත්තුවා. අපි බැස්‌සා. මාටින් මට කීවා පාලමේ අවිස්‌සාවේල්ල කොණට යන්න කියා. මම එසේ කළා. මාටින් හා ඇල්බට්‌ පාර අයිනේ කාණුවට බැස්‌සා. ටික වේලාවකින් කාරෙකක නලාවක්‌ එක දිගට වදිනවා ඇහුනා. ඒ අපට දුන්න සංඥව විය යුතුයි. ඒ එක්‌කම සුදු නෝනා කෙනෙක්‌ වේගයෙන් කාරෙකක්‌ එළවාගෙන ගියා. ඊට පස්‌සෙන් ලෑතර බාස්‌ කොළපාට කාරෙකක්‌ එලවගෙන ගියා ඉස්‌සර කරන්නට. අන්තිමේ පාර හරස්‌ වී කාර් දෙකම එක ළඟ නැවතුනා. අපි ගිය කාරෙක තිබූ නිසා පාර අවහිර නිසා සුදු නෝනට තම කරෙක එලවා ගන්න බැරිවුණා. ඒ එක්‌කම වෙඩි හඬ ඇහුනා. මම අවිස්‌සාවේල්ල පැත්තට ගියා. ටිකක්‌ දුර යනකොට බස්‌එකක්‌ ආවා. ඒකේ ගොඩවී හංවැල්ලට ගිහිං පාදුක්‌කට ගියා. කොටි ඇල්බට්‌ හා මාටින් යන දෙන්නාගෙන් කවුරුන් වෙඩි තිබ්බාද කියන්න බෑ."

    සොරකම් කිරීම සඳහා නීති විරෝධී ලෙස රංචු ගැසීම. මිනී මැරීම හා මරා වසං වී සිටීම යන කරුණු සම්බන්ධයෙන් හල්පේ මාටින්, කොටි ඇල්බට්‌, ලෑතර බාස්‌ සහ සුරබියෙල් යන අය වැරදිකරුවන් බවට තිරණය කොට. ඔවුනට මරණ දඩුවම නියම කෙරිණි. ජයසුන්දර නමැති පස්‌වැනි විත්තිකරු නිදහස්‌ කෙරිණ.

    මරණ දඩුවම නියම වු ලෑතර බාස් බේරා ගැනීම ස්‍රදහා ඔහුගේ මස්සිනා කෙනකු විසින් තවත් මිනීමැරුමක් හා මංකොල්ලයක් සිදු කළේය. ඒ ජෝන් සිල්වා ඝාතනය සහ හාරලක්සේ මංකොල්ලයයි. ඒ පිළිබඳව ඉදිරියේදී කතා කරමූ

    ReplyDelete
  7. ගෞරවනීය මහා මාධ්‍යට මා ගෞරවයෙන් ආරාධනය කරමින් සියලු කම්කරුන්ගේ ආරාධනයමත මා මේ ස්තානයට වැඩමවන පමතජනක මහත්තය වෙනුවෙන් අපි ජීවත් වෙනව නමුත් අද ජීවත් වෙන්න ක්‍රමයක් නැ අහිංසක දෙමව්පියන්ගෙ දරුවන් තුන් දෙනෙක් ඉන්නව කියන්නෙ දෙදහයි පඩි හම්බු වෙන්නෙ එයාට අරක්කු කාලක් බොන්නම වෙනව ඉන් පස්සෙ තමන්ගේ දුවා දරුවට කන්න බොන්න නැති වෙනව ඒ වාගේම තමයි ජීවිතේ සනස්කෘතීන් අවස්‍ය සියලු දේ නැති වෙලා යනව මේ අහිංසක කට්ටිය අපි ඇයි මෙහෙම මේ රටට වුනේ කියන එක තමයි අපි ප්‍රාර්තනා කොරන්නෙ ඒ හින්ද ගෞරවනීයෙන් ඉල්ල සිටිමි බුදු සරනයි සුබම සුබ නව වසරක් වේවා මගෙ රත්තරන් මහත්තයා මේව හදන්න ඔබ තුමාලා

    ReplyDelete
  8. අප්‍රකට ප්‍රස්ථා පිරුළක් තියෙනවා "මුව හාමිගේ ලෙඩ බලන්න ආපු යාලුවෝ වගෙයි" කියලා. මේ පිරුළ ආදිකාලයටත් වඩා වර්තමානයටයි බොහොමත්ම ගැලපෙන්නේ.

    ආදි කාලේ එක කැලෑවක අලුත අං ආපු මුව නාම්බෙක් හිටියා. ඒ මුව නාම්බා උගේ අං තට්ටුව නිසා හරියට ආඩම්බර උනා. දැන් මට කරන්න බැරි දෙයක් නෑ කියලා හැමවෙලේම පාරම් බෑවා. තම මතයට පටහැනි අදහස් දරන ඕනෑම අයකු දැක්කහම හයියෙන් පිඹලා අං තට්ටුව වනලා පෙන්නලා තමන්ගේ බලපුළුවන්කාරකම පෙන්වන්න යනවා. ගමනක් බිමනක් යනකොටත් හෙමින් ගමනක් නෑ. එක පිම්මේ දුවගෙන යනවා.

    මෙයා හරි වීරයෙක් කියලා හිතපු ඒ කැලේම හිටපු මුව නාම්බෝ, නෑම්බියො කීප දෙනෙකුයි, වස්සෝ වැස්සියෝ ටිකකුයිත් එයාගේ පස්සෙන්ම වැටිලා හිටියා. තමන්ගේ පස්සෙන් හිටපු කාණ්ඩය හින්දා මුව නාම්බා තව තවත් ආඩම්බර වුණා. ක්‍රියාවේදී කෙසේ වෙතත් කතාවේදි තමන් නිර්ලෝභී පුද්ගලයෙක් බවට අනිත් අයට ඇඟවෙන පරිදි කතා කරා.

    දවසක් දා මේ මුවා ට හිතුනා අලුත් ව්‍යායාම ටිකක් කරලා තමන්ගේ ශරීර ශක්තිය තව තවත් වැඩි කරගන්න. ඒ හන්ද මේ මුවා කැලෑවේ ඒ මේ අතට බොහොම වේගයෙන් දිව්වා. උඩ පැන්නා. කැලේ තියෙන ගස් පෙරලා ගන්න පුළුවන්ද කියලා ඒවා වලට අං වලින් ඇන්නා.

    ඔය කැලෑවේ මැද්දේ උස ගල් පර්වතයක් තිබුණා. පියාඹන කුරුල්ලෙකුට ඇරෙන්න ඒ ගල් පර්වතය උඩට වෙනත් කිසිම සතෙකුට නගින්න බැහැ. ඒ වුනාට තමන් ගැන අධි තක්සේරුවෙන් හිතාගෙන හිටපු මේ මුවා කල්පනා කරා මේ පර්වතය මුදුනට එක පිම්මකින් නගින්නත්, ආපහු බිමට පනින්නත් තරම් මට ශක්තිය තියෙනවා කියලා. මේ පර්වතයේ මුදුනට වෙන කාටවත් ලේසියෙන් නගින්නවත් බැහැ. ඒ හන්දා මේ පර්වතය මුදුනට නැගලා කාටත් පේන්න මගේ බලය පෙන්නත් එක්ක ආපහු බිමට පනින්න ඕනෑ කියලා කල්පනා කරපු මේ මුවා පුළුවන් තරම් වීරිය අරගෙන පහල ඉඳන් ඉහලට පිම්මක් පැන්නා. ඒ වුණාට පර්වතයේ මුදුනට තියා අඩි පහක්වත් ඉහලට පනින්න බැරි වෙච්ච මුවා ව ගල් පර්වතය මැද්දෙ හැප්පිලා පර්වතය පාමුලටම ඇද වැටුණා. බිම වැටුණ පාරට කකුල් දෙකක් ම බිඳිලත් ගියා. කොහොමටවත් එහා මෙහා වෙන්නවත් බැරි වෙච්ච මුවා අව්වට වේලි වේලි වැස්සට තෙමි තෙමි වේදනාවෙන් කෙඳිරි ගාමින් එතැනම වැතිරිලා හිටියා.

    යාබද ගමක හිටපු එක කරුණාවන්ත මනුස්සයෙක් මෙතනින් යනකොට අසරණව වැටිලා උන්න මුව නාම්බව දැක්කා. මුව නාම්බා හිටපු තත්වය ගැන තේරුම් ගත්ත ඒ කරුණාවන්ත මනුස්සයා මේ මුවාට ඇවිදින්නත් බැරි නිසා කන්න නැතුවම මැරේවි කියලා හිතුවා. එහෙම හිතලා හොඳ අළුත් තණ කොළ ටිකක් තියෙන තැනක් හොයාගෙන ඒවායින් මිටි කීපයක් කපාගෙන ඇවිත් මුවාගෙ හිස ලඟින්ම තිබ්බා. ඒ ගෙනාව තණකොළ මිටි ටික ඌට සෑහෙන දවසකට කන්න ප්‍රමාණවත්ව තිබුණා.

    මුව නාම්බාගෙ කකුල් කැඩිලා පර්වතය පාමුල වැතිරිලා සිටින විත්තිය මුවාගෙ අනුගාමිකයන් පිරිසට ආරංචි වුණා. එයාලා වරකට එක්කෙනා දෙන්නා බැගින් ලෙඩා බලන්න ආවා. ඒ ආපු හැම කෙනෙක්ම මුලින්ම කිව්වේ "අනේ අපේ මුව හාමිව අසනීප වෙච්ච බව ආරංචි වෙච්ච ගමන්මයි අපි මේ ආවේ. සුදුසු ආහාර මොනවද කියලා දන්නෙත් නැති නිසා මොකවත් ගේන්නත් බැරි වුණා. කොහොමද දැන් වේදනාව එහෙම අඩු ද? කොහොමද මෙතැනින් වැටුණේ ?" යනාදී වශයෙන් ප්‍රශ්න ගොඩක් විමසුවා මිසක් ලෙඩාට උවමනා මොකවත් ගෙනාවෙ නෑ. අඩුම තරමින් මුවාට හෙවණක් හදලා දෙන්න ඒ කිසිම මිතුරෙක් විමසුමේවත් නෑ. කොහොම වුණත් යාළුවො නෑදෑයො කිය කියා හැමෝම වගේ ලෙඩා බලන්න නම් ආවා. තමන්ව බලන්න ආපු අයට හැකි පමණින් සංග්‍රහ නොකළොත් එයාලා තරහ වෙයි කියල හිතපු මෝඩ මුවා තමන්ගේ කෑමට අර කරුණවන්ත මනුස්සයා ගෙනල්ලා දුන්නු තණකොළ මිටි වලින් ටිකක් හරි කන්න කියලා ආව හැමෝටම කිව්වා.

    "අනේ සංග්‍රහ නම් මොකටද... අපි දැන් කෑම කෑව ගමන්මයි ආවේ"
    කියලා එයාලා හැමෝම කිව්වා. හැබැයි එයාලා එහෙම කිව්වේ බොරුවට. මුවාත් හිතුවා මම එහෙම කිව්වට මෙයාල නම් ඇත්තටම කන එකක් නැහැ කියලා. එහෙම හිතලා " කමක් නෑ... චුට්ටක් වෙන්න කන්න... තව කටක් දෙකක් හරි කන්න" කියලා බොරුවට පෙරැත්ත කෙරුවා.

    " නොකා හිටියොත් ඔබතුමා තරහ වෙයි.. ඒ හන්දා ඔන්න මම ඩිංගක් කනවා" යි කියමින් හැම යාලුවෙක්ටම මුවාගේ ලඟ තිබුන තණකොළ ගොඩෙන් තම තමන්ගේ බඩ පිරෙනකම් ම කාලා යන්න ගියා.

    ඒ ආපු එකෙක්වත් දෙවන වරට මුවා බලන්නට ආවේ නෑ. ලෙඩා බලන්න කියලා ආව හැම කෙනෙක්ම අර කරුණාවන්ත මනුස්සයා ගෙනත් දාලා තිබුණු තණකොළ ටික ඉවර වෙනකල්ම කාල ගියා විතරයි. සංග්‍රහ කරලා අවසානයේ දී මුවාට කන්න කිසිම දෙයක් තිබුනේ නැහැ. ආහාර නැති කමෙන්ම දින කිහිපයකට පස්සේ මුවා එතැනම මියගියා.

    හිතවත්කම පෙන්නාගෙන එන අය කිසිම උදව් උපකාරයක් නොකොට පාඩුවක් ම සිද්ධ කරලා යන අවස්ථාවක් දුටු විට "ලෙඩ මුවා බලන්න ආ යාළුවන් වගෙයි" කියලා කියන පිරුල භාවිතා කරනවා.

    ReplyDelete
  9. අජිත් පහත RT News වීඩියෝව ගැන ඔබගේ අදහස කුමක්ද? බිරිඳ මොකද කියන්නේ?

    link

    ජර්මනියෙ මුස්ලිම් අම්ම කෙනෙක් තමන්ගෙ ලමයට LGTVHDMI+ උන් මුස්ලිම් සමාජයෙ පිලිගන්නෙ නෑ කියල උගන්වල.
    චයිල්ඩ් ප්‍රොටෙක්ශන් එකෙන් කියල කියන්නෙ.

    මේකෙන් නම් ඉතින් ලොකු අදහසක් ගන්න බැහැ. දැනට මේ ගැන පරීක්ෂණ කරනවා කියලයි ජර්මන් පොලිසිය කියන්නේ. කොහොම වුණත් "රාජ්‍යය" විසින් "පුරවැසියා" ගේ නිදහස අතික්‍රමණය කරද්දී වැඩි දෙනෙකුට නොපෙනෙන පැත්තක් තමයි මේක. ගොඩක් දෙනෙක් කියනවා ගබ්සාව, සියදිවි නසාගැනීම, ලිංග මාරුකිරීම වගේ දේවලට නිදහස ඕනේ කියල. එක හරි! හැබැයි අනික් අතට වැක්සිනේෂන් ගැන ඒ නිදහස තියෙනවද? ළමයින්ගේ පාසල් අධ්‍යාපනය ගැන චොයිස් එකක් දෙමාපියන්ට තියෙනවද? (මෙතන තියෙන්නෙත් ඒ වගේ දෙයක් කියලයි පේන්නේ)

    පුද්ගලිකව මට මොන විවේචන තිබුනත් "රාජ්‍යය" ගැන ඇමරිකානු මතවාදයට මගේ යම් කැමැත්තක් තියෙන්නේ ඒකයි. ඇමරිකාවේ ගන් රයිට්ස් ගැන විවේචන තිබුනත් ඇත්තටම ඓතිහාසිකව ඒකෙ පදනම "රාජ්‍යය"ට විතරක් ආයුධ සන්නද්ධ වීමේ බලය පවරන එක අසාධාරණයි කියන එක. "පුරවැසියා"ටත් තමන්ව ආරක්ෂා කරගැනීමේ අයිතියක් තියෙනවා. යම් විදිහින් රාජ්‍යය ඔවුන්ගේ ආයුධ පුරවැසියාට එරෙහිව දියත් කළොත්?

    ඕකට කර යුත්තේ හැමටම ආයුධ දෙන එක නෙව‍ෙයි සාමාන්‍ය පුරවැසියාට එරෙහිව ආයුධ ඔසවන්න බැරි වෙන්න රාජ්‍යට විලංගු දැමීම හා පුරවැසියාට ආයුධ අතට නොගැනීමට ඇති පරිසරයක් ඇති කිරීම.

    මට කාලෙක ඉඳලා හිතෙන දෙයක් තියෙනවා, මෙහෙමයි මචන් පොලිටික්ස් කියන්නේ තනිකර ප්‍රොපගැන්ඩා උඩ දුවන ගේම් එකක්. Divide and rule තමයි ලෝක ඉතිහාසේ මුල ඉඳලම තිබ්බ හොඳම ස්ට්‍රැටජි එක. ශතවර්ෂ ගාණක් තිස්සේ මිනිස්සුන්ව ආගම් අල්ලලා කෙටෙව්වා, ජාතිය, භූමිය, හමේ පාට. ඒත් දැන් මිනිස්සු ඒ වගේ දේවල් වලින් කොටවන්න අමාරුයි, ගොඩක් උන් ආගම් ජාති අරව මේව අතෑරල. LGBTQ+ තමයි ඊළඟ ගේම් එක. උන්ට සාමන්‍ය මිනිස්සු වගේ කිසි වෙනසක් නැතිව ජීවත් වෙන්න අයිතිය තියෙනවා, ඒකෙ කිසි තර්කයක් නෑ. ඒත් දැන් වෙලා තියෙන්නේ ස්ටේට් එකෙන්ම උන්ට මාර පවර් එකක් ආරූඪ කරලා උන් විශේෂයි කියලා කුලප්පු කරවලා උන්ව අනිත් එකාල එක්ක ඇරගන්න තත්වෙට ගේන එක. Divide and rule.

    ReplyDelete
  10. නැහැ අජිත් මම හිතන විදිහට නිදහස් අධ්‍යාපනය සහ රජයේ පාසැල් කියන්නේ සෙලවෙන මනස 😁 A/L අධ්‍යාපනයට වෙන්කරන ජනතා මුදල් ටියුෂන් ම ගන්න අඩු ආදායම් ළමයිට දුන්නනං වඩා සාර්ථකයි!

    ReplyDelete
  11. @ අජිත් ධර්මකීර්ති

    හිනස්සල මරන්න එපා අජිත් 😂 ඇමරිකාවෙ රඡයත් ඔහොමමයි, ධර්මකීර්ති සහ අන්තරේ වගේමයි. 😁😁😁

    චීනෙන් ඔත්තු බලනව කියල හුවාවි කම්පැනියෙ ඉඳන් ටික්ටොක් පවා තහනම් කරල අර කාලගුණ වාර්තා හොයපු චීන බැලූන් එහෙකටත් කෙලියෙ ඔත්තු බලන එකක් කීයලා f22ක් දාලා 🙏😅

    ReplyDelete
  12. ඇත්ත කතාව මාතා පන්ති භේදය වැඩිපුරම මිනිස්සුන්ගෙ ඔලුවලට ඔබන්නෙ සමාජවාදීන්, අනෙක් සමාජ ස්ථරවලට, හැකියාවන්ට සහ උත්සාහයන්ට වෛර කරවලා! ධනවාදීන් ඒවයිං ප්‍රයෝජන ගන්නව, එච්චරයි.

    ReplyDelete
  13. එක්තරා බිලියනපතියෙක්, තමන්ගේ දේපල වත්කම් සියල්ල විකුණා දමා එයින් කොටසක් තමන්ගේ දරුවන් වෙත පවරා, තමන්ට සහ බිරිදට ජීවත් වීමට අවශ්‍ය තරම් මුදල් රදවා තබාගෙන තමන් උපන් ගමේ කුඩා කල තමන් වාසය කළ නිවසට පදිංචිය සදහා පැමි⁣ණෙනවා, එය ඉතාම කුඩා නිවසක්, සහ එයට අයත් කුඩා ගොවිපලක් සහිත එකක්, එම නිවස තමන්ට සහ බිරිදට වාසය කිරීමට සුදුසු මට්ටමට හොදින පිළිසකර කර ගන්නා මෙම බිලියනපතියා ගොවිපලද නැවත සක්‍රීය ගොවි බිමක් බවට පත් කරනවා .... යුරෝපයේ ප්‍රභලම රටක අගනුවරක් කේන්ද්‍ර කර ගනිමින් තමන්ගේ ව්‍යාපාර ජාලයක් මෙහෙයවපු මෙම දැවැන්ත බිලියනපති පුද්ගලයා , ඒ සියල්ලම හැරදමා මෙවැනි සරල ජීවිතයක් ගත කිරීම අසල්වැසියන් හැමෝටම පුදුමය දනවන කරුණක් උනා... එම නිසා එක අසල්වැසියකු ඔහුගෙන් මෙසේ විමසනවා.. රොබට් ඔබ ඉතාම ධනවතෙක් ඔබේ ⁣ධවනත්කම කොපමණද කියනවා නම් ඔබට දෙයක් කිරීමට සිතෙන්න පමණයි අවශ්‍ය , එය කිරීමට ඕන කරන සියලුම දේවල් ඔබ සතු වනවා,, ලෝකයේම සුප්‍රසිද්ධ අති නවීන පහසුකම් සුවපහසුකම් වලින් සමන්විත අග නගරයක ඔබට කැමැති ඔබ ආසා කරන විදියේ සුපිරම ජීවිතයක් ඒ සදහා මේ ලෝකේ දැනට පවතින බිහි වෙලා තියන සියලුම පහසුකම් උපරිම යොදාගෙන සැපවත් ජීවිතයක් ගත කරන්න හැකියාව තිබිලත් , ඇයි ඔබ මෙවැනි අති දුෂ්කර ගම්මානයක කුඩා නිවසක ගොවිපලක් පවත්වාගෙන යමින් ජීවිතයේ අවසාන කාලය ගත කරන්න තීරණය කරේ.. එවිට මෙම බිලියනපතියා හරිම සැහැල්ලුවෙන් ඉතාම කදිම පිළිතුරක් ⁣තම අසල්වැසියාට ලබ දෙනවා.. මිත්‍රයා.. මම අති විශාල ධනයක් බලයක් රැස් කර ගත්ත කෙනෙක්,,, මම ධනය තුළින් බලය තුළින් ගත කරන්න පුලුවන් මොන වගේ සුපිරි ජීවිතයක්ද කියලා හොදට දන්නවා , එවැනි ජිවිතයක් මම පසුගිය කාලය පුරාවටම හොදින් ගත ක

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න