.

.

Apr 10, 2023

නන්දලාල් IMF පිල්ලියක්ද?


 නන්දලාල් IMF පිල්ලියක්ද?

➖➖➖➖➖➖➖➖🔴➖

.

නන්දලාල්ගේ කල්ක්‍රියාවන් පිළිබඳව මෙතෙක් කලක් කටේ කෙල බිදක් නොහෙලූ අනුර කුමාර දිසානායක, දැන් නන්දලාල්ට කොක්ක ඇඳිම ආරම්බ කරලා තියෙනවාය. එයා කියන්නේ නන්දේ IMF ගේම් කාරයෙක්‍ය කියලාය. අපි නම් ඕවා කිව්වේ නන්දේ ආපු දාමය.


අන්‍රයියා මෙසේ කීමට හේතු වූයේ ඇයි?


මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ අබ මල් රේණුවක දැණීමක් නැති පුංචි මොළයක් සහිත පුංචිහේවා උන්නැහේ, තම තනි මතයට පලාත් පාලන චන්දය ප්‍රකාෂයට පත් කලේ, IMF සහනය අපට ලැබේදෝ නොලැබේදෝ යන අන්ව්ස්වාසබල් සමයකය.


ඒ සමයේ රටේ සමාන්‍ය ජනතාව තබා බිස්නස් කොමියුනිටි එකටවත් කිසිඳු බලාපොරොත්තුවක් තිබ්බේ නැතිය. චීනා එකඟ කර ගැනිම කිසිසේත් කළ නොහැකි බව සියල්ලෝම මෙන්ම නන්දලාල්ද විශ්වාස කළේය. බොහෝ විට මේ පිටුපස චීනයද ඉන්නට ඇත්තේය. 


ඒ කාලයේ නන්දලාල්ද උන්නේ ජේවීපී රැල්ලේ පිහිනමින්‍ය. ඒ ජේවීපී ආන්ඩුවක් ආවත් තමන්ගේ තනතුර රැක ගන්නටය.  නන්දලාල් නොව බිස්නස් කොමියුනිටි එක නොව, ආර්ථික උස්තාද්ලා කියන අඩ්වකාටාලත් උන්නේ ඒ රැල්ලේය. 


පෙතිසතේ 3% සිට 80% ටම නැගලා තිබ්බේය. ආර්ථිකය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා ජෙප්පන්ටද, නන්දලාල් කෙරේ තිබුනේ මාර ලව් එකක්‍ය. ඒ කාළේ එයාලා හිතුවේ නන්දලාලුත් චීනාගේ ප්ලාන්ට් එකක් කියලා නිසාය.


එහෙත් ඉන්දියාව හා රනිල් ගැසූ ගේමෙන් නන්දලාල් ඉතරක් නොව ඇමරිකාව හා චීනයද  කොර වෙලාම ගියේය. ඒ මුදල් ඒකකය එකම මුදල් ඒකකයක් බවට පත් කිරීමේ යෝජනාවය. සියල්ලෝම නැටි පුපේ ගසා ගත්තේ ඉන් පසුවය. පහුවදාම චීනා කිව්වේ ණය ප්‍රතිව්‍යූහගතකිරීමට තම පූර්ණ සහාය ලබා දෙන බවය. ඒ බව ඔවුන් ලිඛිතවම IMF වෙත ඉදිරිපත් කළේ පැය 48 ක් ගතවීමටත් පෙරය.


මේ සියල්ල දේශපාලනයේ පරිනත ගේම් කාරයෙක් වූ රනිල්ගේ වැඩ මිස, වෙන කවුරුන් හෝ සිහිනයෙන්වත් සිතූ දේ නොවේය. 


ජේවීපී නන්දලාල් ප්‍රේමය ඉතා අවාසනාවන්ත ලෙස දෙදරා ගියේ IMF සහනය දින කීපයක් තුල ලැබීම පමණක් නිසා නොවේය. IMF සුද්දන්ගෙන් ප්‍රශ්ණ අහපු රැල්ලේ පිහිනමින් සිටී ජඩමාජ්ජවේදින්ට IMF සුද්දෝ කිව්වේ, පලාත් පාලන චන්ද තියන එක තමුසෙලාගේ වැඩක් මිස අපේ වැඩක් නෙමේ කියලාය.


රනිල් හා ගේමෙන් සිටි නන්දලාල් උන්නැහේද අලියා පිටේ නඟින්නේ ඉන් අනතුරුවය. වෙනදා ආන්ඩුවට එගේන්ස්ට් එකට, තවුසන් ටෝක්ස් ඉෂූ කරපු උන්නැහේ, දැන් තනිකරම ඉන්නේ රනිල්ගේ සාක්කුවේය. ඒත් ගවනර් කෝට්ටෙක බේරාගන්නටය. ඒ අස්සේ IMF දේශීය නියෝජිතයාත් ඊයේ නොකියා කිව්වේ සියල්ලන්ටම දැන් තියෙන එකම සරණ රනිල් හා එක්වීම පමණමයි කියලාය.


ඉතින්...  ප්‍රේම සබඳතා බිඳ වැටුනාම ඔහොම වෙනවාය. දැන් අන්‍රයියාගේ ලව් එකට නන්දේ බූට්ටෙක තියලා අහවරය. ඉතින් මෙහෙම වියෝ ගී ගැයෙනා එක විශේෂයක් නොවේය.


වත්මනේ නම් මෙවන් ශෝකාන්තයන්, සප්‍රයිස් කරන්න ඇස් පියා ගන්නෙයි කියා, පිහිගෙන් බෙල්ලට කෙලලා අරින සයිස් එකට ඇවිල්ලා තියෙනවාය.


පෙරදා මහ රෑ මා සිහිළැල් උර මඬලේ

මුහුණ හොවා ගෙන ළසොවින් වැළපුන

ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය

කදුළක කැළලක් ඉතිරි වෙලා

පෙරදා මහ රෑ මා සිහිළැල් උර මඩලේ


ඔබහට පෙම් කළ යුගය නිමා කර

වෙන් වී යන්නට දවස පැමිණ ඇත

සමාව දෙන් මට සෙනෙහෙ සිතින්.....


කියා .... සුනිල් සඕදරයා ලියා

නන්දා සඕදරී කිව්වේ ඒ නිසාමය....


දන් ඒක කියන්නේ අන්‍රයියාය.....


ඒ වගත් මෙසේය......


.

37 comments:

  1. මහබැංකු අධිපතිවරයා පත්වෙන්නේ අවුරුදු 6 ක කාලයකට. පත්කලාට පස්සේ ඉල්ලා අස්වුනොත් මිසක් එයව අයින්කරන්න ජනාධිපතිවරයාට බලතල නෑ. ඒ හින්දා අධිපති සූට් එක බේරා ගන්න නන්දලාල් මහත්තයා, රනිල් ට හේත්තු උනා කියන තර්කයේ ගැටළුවක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්කොට්ලන්තයේ සීතල විඳමින් ඉවාන් සමග සමලිංගික සේවනයේ නිරත වෙමින් නිවාඩුව ගත අජිත් ධර්මකීර්ති මහතාට ඒ සඳහා බරපැන දරනු ලැබුයේ ජනාධිපති මාධ්‍ය අංශය විසිනි.

      Delete
    2. අජිත් ධර්ම කීර්ති,

      උබට නිවාඩුව ගත කරන්න මුදල් ගෙව්වේ ජනාධිපති මාධ්‍ය අංශය නේද?

      උබ ඔය නිවාඩුව ගත කරන්න කියලා ස්කොට්ලන්තයට ගියේ වෙන මොකවත් නිසා නෙමෙයි,
      ජේවීපී ජිවිත තර්ජන නිසා එහෙට පැනලා ඉන්න චතුෂ කුමාර (මාරයා බ්ලොග් එක ලියපු ) ගැන ඔත්තු බලන්න නේද?
      මාරයා ඒ දවස් වල රනිල් ට විරුද්ධව හිටියත් දැන් රනිල් ට පක්ෂයි.
      අජිත් ධර්ම කීර්ති ඒ පරණ පොස්ට් පෙන්නලා මාරයා ගැන හොයන්නම් කියලා ජනාධිපති මාධ්‍ය අංශයේ මුදල් ඇරගෙන මේ ගමන යොදා ගත්තා.

      මාරයා ට දැන් ජේවීපී තර්ජන සහ අජිත් ගේ තර්ජන දෙකටම මුහුණ දෙන්න වෙලා.

      උබට පුළුවන් නං මාරයාගේ නෝනා ඩොක්ටර් නලිනි ගේ රස්සාවත් නැති කරපන් ඒ රටේ කරන.

      මාරයා මොනවා උනත් කෑම ටික හදලා දීලා නෝනා ව බලාගන්නවා.

      Delete
    3. Mr Ajith Dharmakeerthi,

      I've some potential questions about your actions and beliefs could be:

      1) What led Ajith to steal Soviet nuclear technology and sell it to Western countries?

      2) How did you manage to evade detection and prosecution for such a significant crime?

      3) What is the nature of Ajith Dharmakeerthi's current work with Sri Lankan President Ranil Wickramasinha?

      4) How do you support for Russia during the conflict with Ukraine align with your previous actions and allegiances?

      5) What are the potential consequences for Ajith if your actions were to be exposed or proven to be true?

      Delete
  2. ගෞතම බුදුන්වහන්සේගේ කාලයෙහි සැවැත් නුවර උපන් වාසෙට්ඨි තුරුණූු වියට පත්වීමෙන් පසු ඇගේ මවුපියන් විසින් ඇයව සුදුසු තරුණයෙකු සොයා විවාහ කොට දුන්නාය. එහෙත් අවාසනාවකට මෙන් වාසෙට්ඨියගේ පවුල් ජිවිතය එතරම් සාර්ථක වූවක් නොවීය. ස්වාමියාගේ ඥාතීන් ඇය කෙරෙහි දැක්වූයේ අපි‍්‍රයතාවයකි. වසරක ඇවෑමෙන් ඇය සුරතල් දරුවෙකුගේ මවක් වූවාය. දරුවා නිසා ස්වාමියාගේ මවුපියන් ඇතුළු ඥාති සමූහය, වාසෙට්ඨි කෙරෙහි කරුණාවක් දැක්වීය. තම අප්‍රසන්න දිවියට සතුට රැගෙන ආ දරු පැටියා වාසෙට්ඨි විසින් අදරින් රැක බලා ගත්තාය. මේ කාලයේදී ඇගේ මවුපියන්ද රෝගාතුර ව මිය ගියේය. කාත් කවුරුත් නැතුව මෙලොව දී තනි වූ වාසෙට්ඨියගේ පිහිටට සිටියේ ඇගේ සුරතල් දරුවාත් ස්වාමියා සහ ඔහුගේ ඥාති සමූහයාත් පමණි. එහෙත් එක් දිනක වාසෙට්ඨි නොසිතූ විරූ ලෙස ඇය අතින් සිදු වු ප්‍රමාද දෝෂයකින් දරුවා වැටී තුවාල වූවාය. ස්වාමියාගේ මවුපියෝ ඇයගේ නොසැලකිල්ල පිළිබඳව උරණ වී ඇයට දෝෂාරෝපණය කොට දරුවාට වෛද්‍යාධාර දී සුවපත් කිරිමට මහන්සි වූහ. එහෙත් දරුවා වෛද්‍යාධාර දෙන අතරතුර මිය ගියේය. දරුවාගේ මිය යෑමෙන් ස්වාමියා ඇතුළු පවුලේ ඥාතීහු වාසෙට්ඨිය පිළිබඳ තවදුරටත් කලකිරීමට පත් විය. දරු සුරතල් බැලීමටවත් වාසනාවක් නැති කාලකණ්ණි ස්ත්‍රියක් යැයි පවසමින් අක්‍රෝශ පරිභව කළේය. සැමියාගෙන්ද ඇයට ලැබුණේ අනුකම්පා විරහිත රැවුම් ගෙරවුම්ය.අවසානයේ ස්වාමියා ඇතුළු පවුලේ සැම එකට එක්ව වාසෙට්ඨිය එම නිවසින් නෙරපීය. මවුපියන්ද මිය ගොස් සිටි බැවින් ඇයට සරණ පතා යන්නට ස්ථීර තැනක් නොවීය. දුකට පත් ඇය දරුවාත්, මවුපියනුත් අවසන් ගමන් ගිය සුසානය වෙත පිය නැගුවාය. අමු සොහොනෙහි ඇති සිත කීරි ගැසී යන භයංකරත්වය දුටු වාසෙට්ඨිය ගේ සිත තුළ භීතියක් හටගත්තත් කුරිරු මිනිසුන්ගේ ඇසුරට වඩා අමනුෂ්‍යයන් පිරි අමු සොහොනේ වාසය යහපතැයි සිතා එහි වූ අබලන් ශාලාවෙහි රාත්‍රිය ගත කළාය. පසු දිනයේ කුසගින්න හා පිපාසය ඇතිවු බැවින් අසල වු ගම්මානවලට ගොස් යාචක ස්ත්‍රියක් ලෙස ආහාරපාන සෙවුවාය. ජීවිතයේ කිසිම දිනක මෙවන් අවස්ථාවකට මුහුණ නොදුන් වාසෙට්ඨියට මහත් වූ වේදනා සහගත හැඟීමක් ඇති විය. තම ඉරණම පිළිබඳ සිතමින් ශෝක වන අතර, පුත්‍ර ස්නේහය ද විටින් විට ඉස්මතු වූ බැවින් හදෙහි වු වේදනා තව තවත් වැඩි දියුණූ විය. අඩ සිහියෙන් යුතුව අවාසනාවන්ත සිඟන ජීවිතය තෙවසරක් ගත කළ වාසෙට්ඨි ඒ කාලය තුළ අන්ත අසරණ දුඞඛිත ජීවිතයක් ගත කළාය. දිනක අමු සොහොනෙහි රාත්‍රිය ගත කරන ඈ තවත් දිනක කසල ගොඩක රාත්‍රිය ගත කළාය. වැස්සට තෙමෙමින් , අව්වට වේලුණාය. තිබූ එකම වැරහැලි ඇඳුමද ඇඟටම ඇලී තිබුණි. දිනක් බුදුන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදී, අලුයම ලොව බලනසේක්, මෙසේ අනන්ත වූ දුක් ගැහැට විඳින, නමුත් මේ ආත්මයේදීම බුදුන් වහන්සේගෙන්, දහම් අසා භික්ෂුණී පැවිද්ද ලබා අරහත්ඵල අවබෝධ කොට ගැනීමට තරම් පින් ඇති වාසෙට්ඨිය දුටු සේක. “ඇයට පිහිට වන්නෙමි”යි සිතු උන් වහන්සේ වාසෙට්ඨි සිඟමන් යදිමින්. එන මිථිලා නුවර වීථීයෙහි ඇය ඉදිරියට වැඩිසේක. බුදුන් වහන්සේගේ ශාන්ත බුදුරුව දැක ‘පෙර ආත්මභවවලදී කරන ලද්දා වු කුසල් බලයෙන් පියවි සිහිය ලැබුවාය. වහා අවුල්ව ගිය කෙස් වැටිය එක්රැස් කොට තදට බැඳ, ඇඳුමද සකස් කොට ගෙන ඇය බුදුන් වහන්සේ හට නමස්කාර කළාය.

    ‘නැගණිය ඔබ සුවපත් වේවා. අහරක් ගෙන කුසගිනි නිවා විහාරස්ථානයේ ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණෙව“යි ඇයට අවවාද කොට බුදුන්වහන්සේ ඉදිරියටම වැඩි සේක. බුදුන්වහන්සේ කළ ප්‍රකාශය ඒ අසල සිටි කාන්තාවකට ද ශ්‍රවණය විය. බුදුන් වහන්සේ විසින් මෙසේ අවවාද කරන ලද තැනැත්තිය සිඟන්නියක් වුවත් මහ පිනැත්තියක් විය යුතුය. එබැවින් ඇයට කුස පිරෙන්නට අහරක්, ශරීරය වසා ගැනීමට අලුත් වස්ත්‍රත් දිය යුතු යැයි සිතා, වාසෙට්ඨිය තම නිවසයට කැඳවාගෙන ගියාය. වාසෙට්ඨියද දිය නා පිරිසුදු වි ස්ත්‍රිය දුන් වස්ත්‍රද හැඳ ලැබු අහරින් කුසද පුරවා ගත්තාය. වාසෙට්ඨියගේ ජීවිත කථාව පිළිබඳ අසා දැනගත් එම උපාසිකාව එදිනම වාසෙට්ඨියද කැටුව ධර්ම ශ්‍රවණය කිරීම පිණිස විහාරස්ථානයට ගියාය. එදින භාග්‍යවතුන් වහන්සේ ඇයටම සුදුසු වු ධර්ම දේශනාවක් සිදු කළහ. මනුෂ්‍යයෝ තමන් පෙර කරන ලද කුසල අකුසල කර්මවලට අනුරූපව මේ ආත්ම භවයේදි පි‍්‍රයයන්ගෙන් වෙන්වි මහත් දුකට පත්වන ආකාරය බුදුන් වහන්සේ සිය ධර්ම දේශනයෙන් අවධාරණය කළහ. ධර්ම ශ්‍රවණය කිරීමෙන් අනතුරුව ධර්මාවබෝධය ලැබු වාසෙට්ඨි, භික්ෂුණී ආරාමය වෙත ගොස් පැවිදි විය. නිතර නිතර ධර්ම ශ්‍රවණය කිරීම නිසා මනා වු ධර්ම ඥානයක් ලැබූ වාසෙට්ඨි භික්ෂුණිය සිත එකඟ කොට භාවනා කර රහත් ඵලය ද අවබෝධ කොට ගත්හ.

    ජීවිතයේ එක් එක් කාලවලදී විවිධ වු දුක් කරදර අප කරා පැමිණේ. විවිධ වේශයන්ගෙන් අප සොයා පැමිණෙන ඒ දුක් ගැහැට එළඹි සිහියෙන් යුතුව විඳදරා ගැනීමට නම් ශක්තිමත් සිතක් අප සතුව තිබිය යුතුය. කරදර හිරිහැර උරුම වන්නේ අපට පමණක් නොවන බව සිතා, ඒ සියල්ල මැදහත් සිතින් විඳදරා ගැනීමට හැකිනම් ජීවිතය කිසි විටක කටුක වූවක් වන්නේද නැත.

    ReplyDelete
  3. මාතලන් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ මාලිමාව කියලා කියන්නේ කාලෙන් කාලෙට වැල යන පැත්තට මැස්ස ගහන හරි හමන් ප්‍රතිපත්තියක් නැති කිසිම දෙයක වගකීමක් ගන්නේනැති මහ තක්කඩි දේශපාලනික පක්ෂ කණ්ඩායමක්, හොඳම උදාහරණය ඔවුන් 2015 මෛත්‍රිපාල සිරිසේන ජනපති කිරීමට කටයුතු කරලා පස්සෙ කිසිම විදිහකින් වගකීමක් නොගෙන ඒ ගැන ප්‍රශ්න කරපු ස්වර්ණවාහිනී මාධ්‍යවේදියෙක් එක්ක වලියක් දා ගත්ත එක තව 2005 රාජපක්ෂ කල්ලිය බලයට ගේන්න අමු හෙළුවෙන් රෙදි නැතුව කඩේ ගිය ඔය මීගව හැත්ත පස්සේ හැම වරදක්ම උන්ට විතරක් පටවලා තමන් සුදනා වගේ රට වටේ ගිහින් බනිනවා, තව 2005 ඉඳලා රාජපක්ෂ ලවා රජයේ ආයතන වලට ජවිපේ තම පක්ෂයේ අන්තරේ හිටපු ආතක් පාතක් නැතිව වේලි වේලි හිටපු කලා උපාධිකාරයෝ පිංපඩි ගන්න පුරවලා දැන් රජයේ ආයතන වල වියදම් වැඩි වුණේ දේශපාලනික හෙංචයියො දාගෙන පඩි ගෙවන නිසා කියලා බයිලා ගහනවා ඕකුන් අද හොඳයි කියන එකාට හෙට පලු යන්න බනිනවා බලහන් ඩලස් අලහප්පෙරුම ගෝතයා ගැන 2020/21 පාර්ලිමේන්තුවේ වර්ණනාව කරපු අනුර කුමාර ගොන් රිලවා ඒ කටින්ම දැන් රෙදි නැතුව අමු හෙළුවෙන් ඌටම පලු යන්න බනිනවා කියන්නෙ ඔය මීහරක් හැත්ත ගැන කතා කරලා වැඩක් නෑ බලෙන්ම දුන්නත් ඔය මීහරක් කවදාවත් බලය බාරගන්නේ නෑ බැන බැන ෂේප් එකේ පැත්තකට වෙලා ඉන්නව විතරයි

    ඒක නෙවෙයි ජැක්සන් ඇන්තනී ගැන ආයෙත් වතාවක් කතාබහක් මතුවෙලා තියෙනවා දැක්කා.

    ඔහුගෙ මේ වෙනකොට සෞඛ්‍යය තත්වය කොහොමද කියන එකවත් ඔහු ආයේ කවදම හරි දවසක සුපුරුදු විදියට නැගිටලා ඔහුගෙන් තව අවුරුදු 20ක් 25ක් වෙන්න තිබුණ කාර්යභාරය කරන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියන එකවත් මම දන්නෙ නැහැ.

    මට නම් අවංකවම ජැක්සන් ඇන්තනී කියන්නෙ ඔහුගේ දේශපාලන මතයක් නිසා ඔහුට මරණය ප්‍රාර්ථනා කරන Facebook වීරයින්ට වඩා ලක්ෂ වාරයක් විශාල මිනිහෙක්.

    ශාක්‍ය වංශයේ වැල් බයිලාව පැත්තකින් තබා පොදුවේ කතා කලොත් ජැක්සන් දේශපාලන මතයක් දැරුවා. ඔහු ඒක බොහෝ දුරට නිර්මාණශීලිව දස ලක්ෂ ගාණක් මිනිස්සුන්ට සම්ප්‍රේෂණය කරා. ඔහුගේ ඒ හැකියාවට සාර්ථක ප්‍රතිඋත්තරයක්, විරුද්ධ මතයක් ඔහු තරම් සාර්ථකව සමාජගත කරන්න ඔහුගේ විරුද්ධ පාර්ශවයට බැරි වුණ ගැන ඒ මිනිහා මොනවා කරන්නද.

    ඔහු ඔහුට තිබුණ ජනප්‍රියත්වය දේශපාලනය වෙනුවෙන් වැරදියට පාවිච්චි කරා කියල ඒක ම ර ණ ය ප්‍රාර්ථනා කරන්න තරම් වරදක්ද..? එහෙම නම් අනිත් පක්ෂ වලට රෙදි නැතුව කඩේ යන උන්? සමගි ජන බලවේගයේ සහ ජවිපෙ මාලිමා නලාකාරයො? රොඩ්නි වර්ණකුල ධර්මප්‍රිය ඩයස් ජගත් මනුවර්ණ දීපානි සිල්වා වගේ අයටත් එහෙම කියන්න උන් කැමති ද?

    හැමෝගෙම වටිනාකම් එක සමාන නැහැ. මිනිස්සු කරන කියන දේවල් අනුව ඔවුන්ගෙ වටිනාකම් වෙනස් වෙනවා. ඒක පිළිගන්න හිත හදාගන්න බැරුව තමන්ට හෙන වටිනාකමක් තියෙනවා කියලා හිත රවට්ටගන්න එක නවත්තගන්න ඕන.

    මේ කතා කරන්නෙ අපේ පවුල් වල මිනිස්සුන්ට අපිට ආදරය කරන මිනිස්සුන්ට අපි ගැන තියෙන වටිනාකම නෙවෙයි. පොදුවේ සමාජයක් විදියට තියෙන සමාජමය වටිනාකම ගැන.

    පුළුවන් නම් තමන්ට එහෙම පොදු සමාජමය වටිනාකමක් හදාගන්න. මේක මට ඔබට ඇතුළු හැමෝටම පොදු දෙයක්. මේක කර්කශයි තමයි. හැබැයි ඇත්ත ඒක.

    එක තැනක ජැක්සන්ට සුවය පතලා මම දාපු Comment එකකට මාව දාර බයියෙක් කරලත් තිබුණා සමහර අමන මීහරක් හැත්තක්, සාමාන්‍යයෙන් මිනිහෙක් සුවපත් වේවා කියලා දාන Comment එකකට කිසිසේත්ම අනවශ්‍ය Reply පවා දාලා තිබුණා. මං ඇත්තටම තේරුම් ගන්න බෑ මිනිහෙක්ට සනීප වෙන්න කියලා දාපු Comment එකකට කුණු හරපෙන් බනින්න තරම් තියෙන තුට්ටු දෙකේ මානසිකත්වය මොකක්ද කියලා. එහෙම වෛරයකින් පිපිරි පිපිරි ඉන්න මිනිස්සු සාමාන්‍ය ජීවිත ගත කරන්නෙ කොහොමද කියන එක මට නම් ඇත්තටම ප්‍රශ්නයක්.

    ජැක්සන් කියන්නෙ සෑහෙන්න කාලයක් විවිධ ක්ෂෙත්‍ර වලට හෙවණ දෙන්න පුළුවන්ව තිබුණු මහ විශාල ගහක්.

    ඒ වගේම ජැක්සන් කියන්නෙ ලියලා ඉවර කරන්න හම්බුණේ නැති මහා විශාල පොතක්.

    මට ඒ මනුස්සයා එක්ක කිසිම පුද්ගලික බැඳීමක් නැහැ.අඩු ගාණෙ මට ජැක්සන්ව පුද්ගලිකව හම්බ වෙලාවත් නැහැ.

    හැබැයි ජැක්සන් ඇන්තනීගෙ ඇඟ ඇතුළේ පුංචිම පුංචි පණ ඩිංගක් හරි ඉතුරු වෙලා තියෙනවනම් මම මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔහුට ආයෙ නැගිටින්න අවස්ථාව හම්බෙන්න ඕන කියලා. ජැක්සන් කියන්නෙ මෙහෙම යන්න ඕන මිනිහෙක් නෙවෙයි. ඒ වගේම ජැක්සන් කියන්නෙ එහෙම අත් හරින්න පුළුවන් මිනිහෙක් නෙවෙයි.

    ජැක්සන් කියන්නෙ හැමදාම බිහිවෙන්නෙ නැති විදියෙ අමුතුම තාලේ මිනිහෙක්, ඌ ගැන බොටත් ලියන්න පුළුවන් වෙයි ද මාතලන් මචන්?

    ReplyDelete
  4. Fly from Colombo to Milan one way from LKR 183,700.

    Attractive return fares available from LKR 280,000.

    Book now on airarabia.com or call us on (011) 5777 999.

    Terms and conditions apply.

    ReplyDelete
  5. මේ වන විටත් එක්සත් ජනපදයේ සහ බටහිර යුරෝපීය රටවල් වල පවතින දැඩි ආර්ථික අර්බුදය නිසා නිරපේක්ෂ වශයෙන් බලද්දි ඩොලර් වල අගය සෙසු රටවල් වල මුදල් ඒකක වලට සාපේක්ෂව පහළ යන බව පේනවා ඒත් ඒ වගේම තව වසරක් පමණ යනකොට ලෝකයේ ඩොලරයේ ඇද වැටීමත් සමගම ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමයද බිඳවැටේ – එය ලංකාවේ දේශපාලන සහ ආර්ථික බලයේ කොටස්කාරයන් වන රාජපක්ෂලා, සෙසු ජාවාරම්කාර ධනවත් ව්‍යාපාර හිමියන්, සමස්ත බැංකු පද්ධතිය, ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්‍ෂ සහ ඒවාසතු ගිණුම් යන සියල්ලේ බලයත් පැවැත්මත් අහෝසි කර ලාංකික ජනතාවට විමුක්තිය උදාකරන ඇත.
    ඊලඟ වසරේ රාජපක්ෂලා රනිල්ලා සජිත්ලා අනුර කුමාරලා රණවකලා පොහොට්ටුව සජබ ජවිපෙ ශ්‍රීලනිප පෙරටු-අන්තර් යන මේ කිසිවක් සැලකිය යුතු මට්ටමේ සාධක නොවන තැනට පත්වේ. මන්ද ඒ සියල්ල ඩොලරයේ පැවැත්ම හා බැඳී ඇති මේ සිස්ටම් එකේ අවයවයන් වීම නිසායි ඒ නිසා මාලිමාව වැනි අහෝසි වීමට නියමිත පුස් වෙඩි ගැන කතා කරන එක කාලය නාස්ති කිරීමක් බවට පත්වෙනවා

    ReplyDelete
  6. මේ අවුරුදු කාලේ
    අං අදිනා තාලේ
    කොකු ඇද්දට රාළේ
    උරණ නොවෙමු රාළේ

    ReplyDelete
    Replies
    1. නැහැ නිදී ලංකාවේ ඔය කෙළි කරන්න ඕන තරම් පිල් බෙදී ගිහින් ඉන්න ජනතාවක් නේද ඉන්නේ?

      ටෝයියන් = රනිලාට පුප දෙන unp කාරයෝ (අකිල වජිර සාගල වැනි ගල් කාරයෝ)

      දාර බයියන් = රාජපක්‍ෂ කාලකන්නි හොර රැලට පුප දෙන අමු මැටි පොහොට්ටු කාරයෝ (සාගර කාරියවසම් වැනි වුන්)

      ටෝබයියන් = රනිල් වැළඳගත් පොහොට්ටු කාරයන් (කාංචන, අලි සබ්රි වැනි වුන්)

      බබයියන් = පොහොට්ටුවේ සිට ස්වාදීන වුවන් (ඩලස් වැනි වුන්..)

      සජබයියෝ = මන්ද බුද්ධික පුතාණෝ කියන ගස්බල්ලාට පුප දෙන අමන රට ගොන් කාල කන්නි හැත්ත

      කයියන් = මෙලෝ වැඩක් බැරි මොලේ කුරුවල් නමුත් කයිය පමණක් ඇති උන් ( බොනිකර තරු ලප වානර අනුර කුමාර කයියනායක, කයියනෙත්ති, කයියකාන්ත, කයියරතන විමල් කයිවංස, කයි ගම්න්පිල් ආදී ..)

      රටට දැන් ඕනේ වැඩ්ඩෝ මිසක ඔය වගේ වැඩකට නැති කාලකන්නි නෙවෙයි

      Delete
  7. අංකල් දැන් facebook ඉන්නවද?

    ReplyDelete
  8. රනිල් වික්‍රමසිංහ විසින් ජනතාව රවටන මිථ්‍යා අන්දකාරයෙන් මිදී අපි සත්‍ය අවබෝධ කර ගනිමු මාතලන්

    විදේශ ණය නමැති උගුලේ හිරවුණු වෙනත් රටවල් සමග සසඳා බැලීමේදී , ප්‍රමාද වී හෝ ලංකාව දින 200 කට ආසන්න කාලයක් ගත වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 විස්තීර්ණ ණය මුදලක් ලබා ගැනීමට සමත් වීම පිළිබඳ සතුටු වෙමු.

    එහෙත්, සමහර රජයේ දේශපාලකයින් යම් අවස්ථාවලදි මෙය ණය සහනාධාරයක් ලෙස හඳුන්වනවා මට ඇසී ඇත .මෙය සහනාධාරයක් නොව, අප විසින් පොලියත් සමග ගෙවිය යුතු කිසිම විදිහකින් කල් දැමීමට නොහැකි බරපතල කොන්දේසි සහිත තවත් එක ණය මුදලක් බව ඔබ අවබෝධ කරගත යුතුය.

    ලංකාවේ බොහෝ පිරිස් මේ ගැන මිත්‍යාවක හිරවී සිටින බවක් පෙනී යන හෙයින් ඒ පිළිබඳව ඔබව යම් මට්ටමකට දැනුම්වත් කරමි

    මිත්‍යාව අංක -1

    දැන් තෙල් , ගෑස් පෝලිම් නැත්තේ ආර්ථික අර්බුදය අවසන් වේගෙන යන නිසාද?

    බොහෝ අය හිතන්නේ රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන බවකි. එහෙත් එය එසේ නොවෙයි . තෙල් සහ ගෑස් පෝලිම් ඇති වීමට හේතුව ආනයන ඇනවුම් භාර දීම සඳහා ණය වර ලිපි විවෘත කිරීමට අදාළ සමාගම් වලට අවශ්‍ය ඩොලර් රටතුල නොමැති වීමයි. අමතරව, බැංකු විසින් විශේෂයෙන්ම තෙල් සංස්ථාවට ණය දීම ප්‍රතික්ෂේප කිරීමද එයට බලපෑවේය.

    කෙසේ වෙතත්, මේ වන විට ඔබ පෝලීම් නොදකින්නේ ඇයි?

    තෙල් සහ ගෑස් ආනයනය සඳහා ඩොලර් සොයා ගැනීමට දැන් හැකියාව ඇත. 2022 වර්ෂයේ ජනවාරි 18 වන දින ඩොලර් මිලියන 500 ක බැඳුම්කරයක් එවකට මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් පාලනය යටතේ ගෙවුබව ඔබට මතක ඇති.

    ඉන් පසු, 2022 අප්‍රේල් 12 වන දින ලංකාව බුන්වත් රාජ්‍යක් බව නිවේදනය කලේ වර්තමාන මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ යි. එදා සිට මේ දක්වා කිසිදු දේශීය හෝ විදේශීය ද්විපාර්ශ්වික ඩොලර් ණය සහ පොලිය සතයක් වත් රජය විසින් ගෙවා නොමැත (බහුපාර්ශවීය ණය හැර).

    2016 පමණ වනතුරු වසරකට ඩොලර් බිලියන දෙකක් පමණ විදේශ ණය වාරික ගෙවූ ලංකාවට 2015-19 යහපාලන රජය සමයේ ගත් අධික පොලී කෙටිකාලීන ඩොලර් බිලියන 12.5 ක දැවැන්ත විදේශ ISB ණය වාරික නිසා ලංකාවට 2029 වනතෙක් වසරකට ඩොලර් බිලියන හතකට ආසන්න ණය වාරික වලින් 2022 වර්ෂයේ ලංකා රජය ඩොලර් බිලියන 6.9 ක ණය සහ පොලිය ගෙවිය යුතුව තිබුණි.

    මූලාශ්‍ර

    https://www.economynext.com. ඉන් 60% විදේශීය ණය වන අතර ($4.436 බිලියන) ඉතිරි 40% දේශීය ණය වේ.https://www.erd.gov.lk>home>Debt Information

    2022 ජූලි මාසයේ ඩොලර් බිලියන 1 ක ස්වෛරී බැඳුම්කරයක් ඇතුළුව ඩොලර් බිලියන 1.5 ගෙවීමට තිබුණි. මේ කිසිදු ණය මුදලක් ගෙවීමට රනිල් වික්‍රමසිංහ රජය කටයුතු නොකළේය.

    ඒ අනුව, වර්ෂය අවසානය වන විට අපනයන ආදායම් ඇතුළු විනිමය ආයාත නීසා ඩොලර් බිලියන 5.54 ක් පමණ ඉතිරිව තිබිය යුතුය. ඊට අමතරව ඉන්දියාවේ ඩොලර් මිලියන හතරක් පමණ වන ක්‍රෙඩිට් ලයින් ණයට ආනයනය කිරිමේ හැකියාව ද ලැබී එම මුදල් බැංකු පද්ධතිය තුල තිබීම හේතුවෙන් ඉන්ධන සහ ගෑස් ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමට හැකියාව ලැබුණි. එසේ නොමැතිව, IMF ණය ලැබීම හෝ රටේ පාලකයන්ගේ වික්‍රමයක් නිසා තෙල් සහ ගෑස් පෝලිම් දුරීභූත නොවීය.

    මිත්‍යාව අංක -2 :

    ලංකාවේ වෙළඳපොළේ භාණ්ඩ මිල යම් මට්ටමකට අඩුවූයේ රටේ ආර්ථික අර්බුදය විසඳෙමින් තිබෙන නිසා ද?

    වෙළඳපොළ භාණ්ඩ මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපැයුම යන සාධක මතයි. ලංකාවේ මහ බැංකුව පසු ගිය වසරේ අන්තර් බැංකු පොලී අනුපාත වරින් වර ඉහළ දැමීම හේතුවෙන් ආර්ථිකය -9.2% කින් සංකෝචනය වූ බව ලෝක බැංකුව ප්‍රකාශ කලේය . මේ වසරේ එය තවත් -4.2% සංකෝචනය වන බව ඔවුන් කියයි. https://www.economynext.com>sri>lanka>economy>to>contract ආර්ථිකය සංකෝචනය වීම තුල රැකියා වියුක්තිය ඉහළ ගොස් මිනිසුන්ගේ ආදායම් අහිමි වනු ඇත. ඔවුන්ගේ මිල දී ගැනීමේ හැකියාව (Purchasing Power ) අඩුවීම තුල ඉල්ලුමද අඩුවේ. එවිට භාණ්ඩ මිල අනිවාර්යයෙන්ම අඩු වේ.

    රුපියල ඩොලරයට සාපේක්ෂව රුපියල් 360 - 370 ක මට්ටමට ඉහළ ගිය බව ඔබට මතක ඇති. එහෙත් , මේ වන විට එය රු. 340 මට්ටමේ ස්ථාවර වී ඇත. එම නිසා ආනයන වියදම අඩු වී ඇත. එයද මිල අඩු වීමට හේතු වී ඇත .

    Cont'd

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ආනයන වලින් වැඩි කොටසක් ලබා ගන්නේ ඉන්දියාවෙනි. ඩොලර් බිලියන හතර හමාරකට වැඩි ආනයන භාණ්ඩ ගෙන්වන ඉන්දීය මුදල් ඒකකය වූ ඉන්දියානු රුපියල වෙළෙඳ කටයුතු සඳහා ලංකාවේ මුදල් ඒකකයක් හැටියට පිළිගැනීම තුල ඩොලර් සඳහා ඇති ඉල්ලුම සෑහෙන දුරට අඩු වී ඇත. ඒ හේතුවෙන්ද ආනයන වියදම අඩුවී ඇත. එහි වාසිය භාණ්ඩ මිල කෙරෙහි බලපායි.

      මේ වන රටේ දරිද්‍රතාවය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරල ප්‍රකාශ කරන අන්දමට මිලියන 22 ජනගහනයෙන් මිලියන 9 කට වැඩි පිරිසක් (ජනගහනයෙන් 40% ක්) දුගීබවට පත්වී ඇත. එමනිසා ඔවුන්ගේ ක්‍රය ශක්තිය ඉතාමත් පහළ ගොස් ඇත https://www.thewire.in>south-asia>over9-millon-sri-lankans-have-slipped>into-poverty

      ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කොට ඇති අන්දමට 2023 මාර්තු මස උද්ධමනය 50.3% සිට 2023 දෙසැම්බර් අඟවන විට 15% ට ගෙන ආ යුතුය. https://www.cbsl.gov.lk එසේනම් , තව දුරටත් ආර්ථිකය හැකිලෙනු ඇත. බුද්ධි ගලනය ඉහළ යාම නැවැත්විය නොහැකි අතර නිෂ්පාදන කර්මාන්ත සහ SME සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් අනාථ වී තවදුරටත් රට තුල කර්මාන්ත ව්‍යාපාර හා සේවාවන් ව්‍යවසායයන් විශාල වශයෙන් වැසී යනු ඇත. ඒ තුල රැකියා අහිමිවීම ඉහළ ගොස් සමාජයේ දුප්පතුන් වැඩි වනු ඇත. මෙය වෙළෙඳපොළ කඩාවැටීමට ද හේතු විය හැක.

      මිත්‍යාව අංක -3:

      ඉන්ධන සහ ගෑස් මිල ඉහළ අගයකින් අඩුවූයේ රට දැන් යහපත් වන නිසාද?

      2023 මුල් කාර්තුවේ ගෝලීය වශයෙන් 2021 සහ 2022 වසරවලට සාපේක්ෂව ලෝක වෙළෙඳපොළේ තෙල් මිල 4.1% කින් පමණ පහළ වැටී ඇත . ඒ අනුව තෙල් බැරලය ඩොලර් 78 ක් වැනි අඩු මිලකට අලෙවි වේ. මෙය තවදුරටත් පහල යන බව වෙළෙඳපොළ වාර්තා කරයි. https://www.statista.com

      එමෙන්ම යුරෝපයේ සීත සෘතුව අවසන් වීමත් සමග ගෑස් මිල ද පහත යමින් පවතී.

      තවද , ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථාවර වීමත් ලංකාවේ ඉන්ධන සහ ගෑස් මිල අඩු වීමට හේතු විය. ඊට අමතරව , පිරිවැය නිරූපිත මිල කරණය නැතහොත් මිල සූත්‍රය (Cost Reflective Pricing) හේතුවෙන් ඉන්ධන සහ ගෑස් මිල පිරිවැයට අනුව ගැලපීම හේතුවෙන් මිල පහළ ගියා මිස වෙනත් කිසිදු ආශ්චර්‍යක් සිදුවී නැත.

      කෙසේ වෙතත් , තෙල් සංස්ථාව සහ ගෑස් සමාගම වෙන්දේසිය සඳහා සූදානම් ය. එවිට මේවායේ මිල කෙසේ තීරණය වනු ඇත්ද කියා කිව නොහැක . මන්ද පාරිභෝගික නියාමන කොමිෂන් සභාව මේ වන විට බෝඩ් ලෑල්ලක් බවට පත්වී තිබීම නිසා වෙළඳපොළ තත්වයන් මත නොව ඩීල්කරුවන් සුළු පිරිසක් ගන්නා තීරණ මත මිල මට්ටම් හැසිරෙනු ඇත.

      මිත්‍යාව අංක - 4:

      රුපියල ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වූවේ ආර්ථිකයේ සිදුවූ වර්ධනයක් නිසාද ?

      මහ බැංකුව සිය සංචිත වර්ධනය කරගැනීම සඳහා ශුද්ධ ගැණුම් කරු හැටියට අන්තර් බැංකු වෙළෙඳපොළින් විදේශ මුදල් මිල දී ගනී. පසුගිය වර්ෂයේ මහබැංකුව පනවා තිබූ නීතියක් වූයේ සෑම වාණිජ බැංකුවක් විසින්ම තම ඩොලර් ආදායමෙන් 25%ක ප්‍රමාණයක් මහබැංකුවට විකුණා රුපියල් කල යුතු වීමයි. පසු කාලීනව එය 15% දක්වා අඩු කලේය . ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කල නිර්දේශයක් අනුව එම සීමාවද පසුගිය මාසයේ මුල ඉවත් කලේය. වාණිජ බැංකු සිය අභිමතය පරිදි ඩොලර් රැස්කිරීම සහ මහ බැංකුවේ පාලනයකින් තොරව අලෙවිය සිදු කරයි. එම නිසා වෙළෙඳපොළේ ඉල්ලුමට වඩා වැඩි ඩොලර් සැපැයුමක් ඇති විය . ඒ හේතුවෙන් ඩොලරයට තිබූ ඉල්ලුම අඩුවීම තුල රුපියලේ අගය ඉහළ ගියේය . එය සාමාන්‍ය වෙළෙඳපොළ තත්ත්වය කි. එසේ නොමැතිව වෙනත් කාගේ හෝ ප්‍රාතිහාර්යක් නිසා සිදුවූවක් නොවේ. කෙසේ වෙතත් , මෙය අනවශ්‍ය ලෙස ඉහළ යාම හෝ පහත යාම මහ බැංකුව විසින් පාලනය කල යුතුය.

      Cont'd

      Delete
    2. මිත්‍යාව අංක - 5:

      කන්න තුනක් පොහොර නොමැති වූ ගොවීන්ට මෙවර පොහොර ලැබෙන්නේ රජය විසින් පොහොර ආනයනය කල නිසාද?

      විදේශ විනිමය හිඟකම හේතුවෙන් රජය විසින් 2021 සහ 2022 වසරවලදී රසායනික පොහොර ගෙන්වීම තහනම් කරමින් ක්‍රියාත්මකකල කාබනික පොහොර ව්‍යාපාරය නිසා වී සහ එලවළු භෝග වගාව කෙමෙන් විනාශ වීම හේතුවෙන් විශාල ආහාර අහේනියක් පසුගිය කාලයේ ඇති විය. මන්දපෝෂණය ඉහළ ගොස්, ළමා සහ ගැබිනි මව්වරුන් විශාල සෞඛ්‍ය ප්‍රශ්න වලට මුහුණ දී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් වැනි ආයතන අනතුරු හැඟවීම් කර තිබුණි . මෙම කරුණු සලකා බලා කෘෂිකර්මාන්තය නගා සිටුවීමත් ආහාර සුරක්ෂිත තාවය ඇති කිරීමත් සඳහා ලෝක බැංකුව ආධාරයක් හැටියට යූරියා මෙට්‍රික් ටොන් 132,500ක් ගොවියන් අතර බෙදා දීමට පසුගිය දා කටයුතු කලේය.

      ඊට අමතරව ලෝක බැංකුවට අනුබද්ධ ආයතනයක් වන IFC ආයතනය තවත් යූරියා සහ අනෙකුත් පොහොර මෙට්ට්‍රික් ටොන් 297,000ක් සහ අත්‍යාවශ්‍ය ඖෂධ වැනි දෑ ආනයනය සඳහා පෞද්ගලික අංශයට ණය වර ලිපි විවෘත කිරීම ඇතුළු පහසුකම් සැපැයීම සඳහා ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරු ණයක් (Currency Swap ) ලංකාවේ පෞද්ගලික බැංකු තුනකට ලබා දී ඇත. මේ හේතුවෙන් , ගොවියන්ට මෙවර කන්නය සඳහා පොහොර සහනදායි මිලකට මිල දී ගැනීමට අවස්ථාව ලැබී ඇත.

      එසේ නොමැතිව පාලකයන් විසින් ගොවියා නගා සිටුවීමට ගත්තාවූ ක්‍රියාමාර්ග හේතුවෙන් ගොවියාගේ කන්නලව් අවසාන වූවා නොවේ.
      https://www.worldbank.org>press-release>2022/12/06
      https://www.argusmedia.com>home>news

      මෙවැනි මිත්‍යාවන් රාශියක් ජනයා තුල ඇති කිරීමට පාලකයන් සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින ඇතැම් ජඩ මාධ්‍ය විසින් උස්සාහ ගනිමින් සිටී. ඒ හේතුවෙන් ජනයා නොමග ගොස් සිටින බවක් පෙනී ගොස් ඇත. රටේ ජනයා මෙවැනි අගාධයකට ඇද දැමු පාලකයන් තවදුරටත් උස්සාහ කරන්නේ ජනයා රවටා බලයේ රැඳී සිටීමට ය. ඔවුන්ට එරෙහි වන්නන් පාලනය සඳහා දුෂ්ඨ නීති අණපනත් සම්මත කරමින් තම බලය තහවුරු කරගැනීමට සැරසෙති. මොවුන් මේ ගෙන යන්නාවූ අදූරදර්ශී ක්‍රමවේදයන් හරහා රටේ අනාගතය විශාල අනතුරකට පත් වනු ඇත.

      ඉන් මිදීමට අවශ්‍ය වන්නේ නම් රටේ ජනයා මේවා හොඳින් අවබෝධ කරගෙන මේ දුෂ්ඨ චක්‍රයෙන් ගැලවීම සඳහා නොපමවාම කටයුතු කල යුතුය. ඒ සඳහා අවශ්‍ය වන දැනුම සහ නුවණ සහ ධෛර්යය ලංකාවේ සහෝදර ජනයාට පහළ වේවා.

      ආචාර්ය ශාන් ජයරත්න
      BA (Economics) UoC, MSc (Development Economics) Boston University USA, PhD (MIT, USA)
      ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
      Senior Research Economist at Williams College,MA, USA
      08.04.2023

      - පරිවර්තනය මම තුමා විසින් තේරෙන විදිහට කරා

      Delete
  9. අයිසේ මාතලන් ඇත්තටම ණය වෙන එක වැරැද්දක් නොවෙයි.. ඉස්සර කාලේ දුප්පත් මිනිස්සු තමුන්ගේ දුවලා උගස් තියලා රන් කහවණු අටක් අරගෙන ජීවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ දුවව බැලමෙහෙවර කමට විකුණලා.. 🍄 පොඩ්ඩක් ණය වුණා කියලා හෙන ගහන්නේ නෑ. 🍄 ලංකාවේ ගෙවල් හදන මිනිස්සු අවුරුදු තිහ හතලිහ තමුන්ට බැරි ගැහෙන කන්
    ණය වෙලා තමයි ඉන්න 🍄 දැන් මුදලේ අගයක් නෑ. අපි ඉස්සර කාලේ ගත්ත ණය අද දවසට ගෙවන්ඩ පුළුවන් ගානට සල්ලි අච්චු ගහලා උද්ධමනය වැඩි වෙලා මුදල් සංසරණය වැඩි වෙලා ආදායම වැඩි වෙලා පඩිය වැඩි වෙලා 🍄 ලෝකප්‍රසිද්ද sylvester stallone කියන උන්නැහේ පලවෙනි මූවි එකට ගිහිල්ලා අරගෙන තියෙන්නේ තමුන්ගේ බල්ලා ණයට උගස් තියලා. බල්ලා උගස් තියලා ණය ගත්තේ නැත්තං අද මිනිහා කෝටිපතියෙක් නොවේ.

    ReplyDelete
  10. Vishmita kiyala katata chu karaganna aasayi

    ReplyDelete
  11. මාතේ රනිල්ලා අපෙ වැඩිහිටි පරම්පරාවෙ විශ්වාසය Take Over කරලා ඒ කාලෙ නිදහස් අධ්‍යාපන ක්‍රමය හඳුන්වලා දුන්නෙ ඒ ක්‍රමය ඇතුළෙ තියෙන දුර්වලකම් සෘණාත්මක සාධක සියල්ල දැනුවත්වමයි.

    කෘතිම බුද්ධියට Machine Learning සහා Deep Learning කරන්න postgraduate academic degree දැනුමවත් ප්‍රමාණවත් නොවන බව කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ විශේෂඥයන් පැහැදිලිව ප්‍රකාෂ කරලා තියෙනවා.. රනිලා තවත් පැහැදිලි කරෙ වර්තමාන අධ්‍යාපන ක්‍රමය කිසිසේත්ම ලෝකට ගැලපෙන්නෙ නැහැ කියලයි..එය නිසි අධ්‍යාපන ක්‍රමයක් නොවෙන බවයි ප්‍රකාෂ පැහැදිලි කරෙ..දැනට අවුරුදු 80කට කලින් අධ්‍යාපන ක්‍රමය එවක ලංකාවේ පාලනය හොබවපු ඉංග්‍රීසි ජාතිකයන් වූ පාලකයන්ට අවශ්‍ය විදියට සංශෝධනය කරලා එක රාමුවකට කොටු කරන්න මහා බ්‍රිතාන්‍ය කටයුතු කරලා තියෙනවා..බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගෙ ඒජන්ට් වරුන් තමයි රනිල්ලා මොකද ඒ කාලෙ නිදහාස දීලා ගියා කිව්වට බ්‍රිතාන්‍යය්ට අවශ්‍ය විදියෙ දේශපාලනය ක්‍රමවේදයන් ලංකාවෙ දේශපාලකයන් ලව ස්ථ්පිත කරලයි පිටව ගියේ..

    ඒ කාලෙ අරව පිහිටලා මේවා පිහිටලා අරකයි මේකයි කියලා පම්පොරි ගැහැව්වට වර්තමානය වෙද්දි නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් සමාජෙට ආපු පිරුසගෙ Self individual attitudes වත් develop වෙලා නැහැ නේද? වර්තමාන තරුණ ප්‍රජාව මේවා අවබෝධ කරගත යුතුමයි තමුන්සේලා වෙනුවෙන් නොවෙයි ඔබතුනන්ලාගෙ දරුවන්ගෙ අනාගතය වෙනුවෙ..

    පෞද්ගලිකව කියනවනම් රනිල් වික්‍රමසිංහ එක්තරා ආකාරයක සුපිරි පුද්ගලයෙක් පොර Population Controling system එක හසුරවන්න ඒක හරි මිම්මටම අරගෙන යන දක්ෂායි..ඒත් Population Development systems වලට ඔහු සුදුසු පුද්ගලයෙක් නෙවෙයි..Henry Kisinger,Nathan Warbug,Jorge Soros,paul volker,Larry summers මේවගෙ ගෝලියවාදින්ගෙ policy Rank වලට සමාන ප්‍රතිපත්තින් ඔහුට තියෙන්නෙ..ඒවගෙම ලංකාවෙ ඉන්න Controling Opposition විශෙෂඥ කවුද කියලා ඇහැව්වොත් රනිල් වික්‍රමසිංහ ඍජුවම හඳුන්වන්න පුළුවන්..

    ReplyDelete
  12. දැන් ගොඩක් අය මම ඒ ඒ කාල වලදී සෝවියට් සංගමයට, බ්‍රිතාන්‍යයට, සමාජවාදයටම ධනවාදයට, ජෙවිපෙට, පෙරටුගාමින්ට, රනිල් වික්‍රමසිංහට ඇතුළු ගොඩක් දේට කඩේ යනවා කියනව. මම ජනාධිපති මාධ්‍ය අංශයේ රහසිගත මුදලින් නඩත්තු වෙනවා කියලත් ඔය කියන්නේ.

    ඒ අයට මට කියන්න තියෙන්නේ මේකයි, අපි නිතර කතාවෙදි වහරන යෙදුම් තියෙනවා ඇත්තටම ඒ යෙදුම් පදනම් වෙන්නෙ පරණ මුග්ධ සිතීමක් මත. නමුත් අපි ඒවා ආඩම්බරෙන් පාවිච්චි කරනවා. 'ඇට නැති දිව වගේ' 'කොන්ද කෙලින් තියාගන්න ඕන' මේ අපි නිතර ඍජුභාවය ඉස්මතු කරන්න පාවිච්චි කරන යෙදුම් දෙකක්.

    දිවේ වටිනාකම තියෙන්නෙම එහි ඇට නැති වීම මතයි. ඇට තියෙන දිවකින් අපිට අපිව ප්‍රකාශ කරගන්න බැරි වෙන්න තිබුන. කොන්දෙ වටිනාකමත් ඒ වගේමයි. කොන්ද වටින්නෙ කෙලින් තියෙන හින්ද නෙමෙයි නැවෙන්න පුළුවන් හින්ද. මේ කෙලින් සිටීම, ඍජු වීම කියන දේවල් කියද්දි වුනත් හරියට දැනෙන්නෙ පුරුෂ ලිංගය ඍජු වුනාම වගේ ආඩම්බරයක්.

    නමුත් නොනැමෙනසුලු බව කියන්නෙ දුර්වල පෞර්ෂ ලක්ෂණයක්. හැඩගැසීමේ හැකියාවෙ මඳකමක්. වඳවී යාමේ ලකුණක්. මුග්ධභාවයට සමීප හැසිරීමක්. නම්‍යශීලීත්වය තමයි නිර්මාණශීලී. ඒක තමයි දරාගැනීමේ හැකියාව වැඩි කරන්නෙ. ලෝකය බාධක ගැටුම් අතරින් ඉස්සරහට අරන් යන්නෙ.

    ඒත් අපි හිතන්නෙ කෙලින් ඉන්න එක තමයි වැඩේ කියල. ඇත්ත. කෙලින් ඉන්න එක හොඳයි වැටට වගේ හිටවන්න. ගොඩක් දේශපාලනේදි ඒ අයට වෙන්නෙත් ඒක.

    -අජිත් ධර්මකීර්ති-

    ReplyDelete
    Replies
    1. දැන් මේ කියන්නේ ඕන ඕන පැත්තට මූලධර්මයක් නැතුව වැනෙන උඹ වගේ තක්කඩියෝ තමයි හොඳ කියල නේද?

      මිනිස්සු අදහස් වෙනස් කරගන්න ඕන උඹ වගේ පුද්ගලික වාසි නිසා නෙවේ මිනිහෝ. තමන්ගේ අදහස්වල ගොඩනැගුණු මූලධර්මවල සාධාරණත්වය ගැන තක්සේරුව වෙනස් වුණහම. උඹ වගේ තක්කඩින්ට මූලධර්ම නෑ. උඹ කරන හිරිකිත වැඩේ මෙහෙම සාධාරණීකරණය කරන්න ලැජ්ජා නැද්ද බන්?

      Delete
  13. ජැක්සන් කියන්නෙ කතෝලික යෙක් මම කියන්නේ අවසාන වශයෙන් try කරල බලන්න . රෙපරමාදු පල්ලිය කට ගිහින්.
    ඔය ජැක්සන්ට මරණය ප්‍රාර්ථනා කරන සිංහල ජාතිකයින් තරම් කූහකයන් තවත් නැහැ. මගෙ තාත්තාට එන්ජියොග්‍රැම් එකක් කරන්න ගිහින් stroke එකක් හැදිල icu දාලා හිටිය general hospital එකෙ. මාස තුනක් එක දිගට mechines වලින් පන තියා ගෙන හිටිය. මමයි මල්ලියි දෙන්න උදේ හවස තාත්තව බලන්න යනව. ඒත් කිසිම progress එකක් තිබුනේ නැහැ

    දවසක් දවල් මම ගියාම , ඩොක්ටර් මට අඩගහල කිව්ව හෙට උදේට mechines ගලවනව. ගෙදර අයට ඇවිත් අවසාන පාරට බලන්න කියන්න කියල මොලය මැරැන කෙනෙක්ව මාස තුනක් තිස්සේ මෙශින්ස් වලින් තියාගෙන ඉන්න බැහැ කියල වැඩක් වෙන් නැහැ කිව්ව .

    මම අසරණ උනා. ගෙදර අයට කිව්වේ නැහැ. මම යන පල්ලියට ගියා. Pastor ට කිව්ව ඒ අය හවස එන්නම් කිව්වා .(මගෙ පරම්පරාවම බෞද්ධ. මම විතරයි කිතුනු එතකම් මම lord Jesus පිලි අරන් තිබුනට බෞද්ධ කිතූනූවෙක්

    හවස ගිහිං අපි ඔක්කොම තාත්තගෙ ඇද ලග ඉදන් pray කරා.
    ඉළග දවසේ උදේ මම ගියේ නැහැ. Mechines ගලවන්න මගෙ අත්සන උදෙට ගන්නවා කියපු නිසා.

    දවල්ට ගියා. මම යන කොට තාත්ත icu එකේ ඇද උඩ වාඩි වෙලා හිටිය.

    මගෙන් ඇහුවා "ඇයි පුතා පරක්කු උනේ .මම හිටියේ දෙහිවල cemetery එකේ ගීතිකා කියනව ඇහිලා මම මෙතනට ආවා කිව්ව ". ඉට පස්සෙ අවූරැදූ පහක් විතර ජිවත් උනා

    අපි ජිවත් වෙන්නෙ මනසේ මවපූ ලෝකයක. මොලය මැරැනත් , vibration කරල විඤානය ගන්න පුළුවන්. ඒ කෙනාට අහන්න පුළුවන්. ඇහෙනව. එයාට (gut එකට) අවශ්‍ය external support එකක් විතරයි විසිරුනු විඤාන තුනම එකතූ කර ගන්න

    දිව්‍ය විඤානය හදවත මවනව. බ්‍රහ්ම විඤානය මොලය මවනව මාර විඤානය මනසේ සම්පුර්ණ රැපයම මවල gut එක තුල වැඩ සිටිනවා .

    මොලය හදවත මැරැනත් gut එකෙ ඉන්න මාර තමන්ගෙ ශරිරය පවත්ව ගෙන යන්න ලොකු උත්සාහයක් දෙනව. මොලය තුල කර්මය ගබඩා වෙලා තියනව. කර්ම ශක්තිය ඉවර නම් බ්‍රහ්ම විඤානය , දිව්‍ය විඤානය කියන දෙකම විසිරෙනව .කෙනෙක් මැරැනම බ්‍රහ්ම විඤානය අහස තුල තියනව. අහස කියල දකින්නෙ තමන්ගේම බ්‍රහ්ම විඤානය. Vibration එකකින් මාර විඤානයට පූළුවන් බ්‍රහ්ම විඤානයට fix වෙන්න. බ්‍රහ්ම විඤානයට පුලුවන් දිව්‍ය විඤානය (universe කියල අපි දකින්නේ මනස තුලම තියන දිව්‍ය විඤානය.) Vibrate කරල හදවත පන ගස්සනව

    මාර ලොකු සටනක් දෙනව තමන්ගෙ ශරිරය පවත්ව ගෙන යන්න. ඒක කරන්නේ gut එකෙ ඉදන් මාර විඤානය තමයි පොලොව කියල අපි දකින්නේ. මේ තුනම තියෙන්නෙ මනසෙ
    තනි කරන්න එපා ආදරණීය යන්. මොහොතකටවත්.

    ReplyDelete
  14. අද දින ධුරයෙන් ඉවත් වන ශ්‍රිලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස්ට ලැබුනු අරුම පුදුම ඇමරිකන් තෑග්ග...

    පසුගිය දින වල දිවයිනේ වැඩිපුරම කතාබහට ලක්වු චරිතය සාලිය පීරිස් කිව්වොත් නිවැරදියි. ඒ කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා නැමති සැකකරු මැඩගස්කර් පොලීසිය කොටුවීමත් සමඟයි.

    ඉකුත් දා ඔහු මැඩගස්කර් පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමේ පුවත රටේ ලැව් ගින්නක් මෙන් පැතිර ගියා. එහෙත් ඊට නොදෙවෙනි ගින්නක් ශ්‍රිලංකාවේ නීතිඥවරු අතරද පැතිර ගියා, ඒ අන් කවරක් නොව "හරක් කටා නැති උනොත් අපිට මොනවද වෙන්නේ" යනුවෙන් තැන තැන කතාවුනා. මේ අතරතුර හරක් කටාගේ සමීපතමයන් තම හිතවත්ම නීතීඥයා වන සාලිය පීරිස් අමතා උද්ගතව ඇති තත්වය පිලිබඳ දැනුවත් කිරීමක් සිදු කලා. ඔහු පැවසුවේ "බය වෙන්න එපා මම හෙටම මගේ ජූනියර්'ස්ලා දෙන්නෙක් එවන්නම්, මදුශ්ගෙ නඩු වාර්තාත් එක්ක. ඔයාලට බය වෙන්න දෙයක් නෑ ඒවා දැක්කාම ජීවිත ආරක්ෂාව යටතේ ආපහු ඩුබායි වලට පිටමන් කරවන්න පුළුවන්" යනුවෙනි. කෙසේ නමුත් රහස් පොලිසිය ශ්‍රිලංකා විදේශ අමාත්‍යාංශය හරහා සම්බන්ධවී හරක් කටා මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරා. ඉතා දිර්ඝ සාර්ථක කරුණු දැක්වීමකින් පසුව ජාවාරම්කරු මෙරටට පිටුවහල් කිරීමට එම රජය තීරණය කරා. ඉන්පසු රහස් පොලිසි කණ්ඩායමක් මැඩගස්කර්යට පිටත්ව ගොස් සැකකරු ශ්‍රිලංකාවට රැගෙන ආවේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාට ද තරු පෙන්වමිනි. කෙසේ නමුත් තවමත් ඔහු එම උත්සාහය අතහැර නෑ. ඉතා දිර්ඝ කාලයක් මත්ද්‍රව්‍ය අලෙවි කොට උපයාගත් ඉතා විශාල ධනස්කන්දයට මෙරටදී ආරක්ශාව සැපයීම ඇතැම් නීතිඥ වරුන්ගේ ප්‍රමුඛ කාර්යයක්. ඇතැම් නීතිඥයන් වෙනත් කිසිදු ඉඩම් දේපල හෝ සිවිල්, අපරාධ නඩු කිසිවකට පෙනී නොසිටින අතර තම ප්‍රධාන ජාවාරම්කරු ලබාදෙන තම ගෝලබාලයන්ගේ නඩු කටයුතු සඳහා පමණක් ඉදිරිපත් වනු ඇත.

    කරුණු එසේ වුවත් අද දින ධුරයෙන් ඉවත් වන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා හට සිය සේවය අගයා කුප්‍රකට තානාපතිවරියක් විසින් කැරට් 24 රනින් නිමවා දියමන්ති ඔබ්බවා ඇති රොලෙක්ස් ස්කයි ඩ'වෙලර් වර්ගයේ අත් ඔරලෝසුවක් තෑගි කොට ඇති බවට වාර්තා වෙයි. ඒ පසුගිය වසරේ අරගලය හා සම්බන්ධ සිදුවීම් වලදි තම පාර්ශවය වෙනුවෙන් දක්වන ලද සහයෝගය වෙනුවෙන් බව වැඩිදුරටත් සඳහන් වේ.

    - ජාතික ජන බලවේගයේ නිල පුවත් පත වූ නියමුවා පුවත් පතෙන් උපුටා ගැනීමකි...

    ReplyDelete
    Replies
    1. හොඳ නිරීක්ෂණයන්, මම හිතන්නේ ලංකාවේ ඉන්න ජ්‍යොතිෂ කරුවන් ඇතුලු පිරිස වගකීමක් අරගෙන හරියට නෑකැත් හදන්නේ නෑ ඔහේ නිකන් පොරටෝක් වෙලාවල් දීල තියෙන්නේ නමුත් සැබෑ තාරකා විද්‍යාවට සාපේක්ෂව ගත්තොත් ඔය නැකත් වැටෙන්නට ඉඩ තියෙන්නේ අප්‍රේල් මාසේ 7'8 විතර නැත්නම් 20 විතර විය යුතුයි ඒ වගේම මහමදික ආගමික ප්‍රජාව සමරන රමදාන් උත්සවය චන්ද්‍ර මාස ක්‍රමය අනුව නිවැරදිව සඳ දැකීම මත පදනම්ව වසරින් වසර වෙනස් වෙනස් දිනවල සහ මාසය පවා වෙනස් වෙනවා නේද?

      වෙනත් කරුණක් තියෙනවා ඔබෙන් අහන්න එක්සත් ජනපදයට සැබැවින්ම තර්ජන එල්ලවන්නේ රුසියාව හෝ චීනයෙන් නොව අමෙරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර ත්‍රස්තවාදය තුළින්ම බව එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසපු එක ගැන හිතන්නේ මොකද?

      අමෙරිකා එක්සත් ජනපදයේ FOX රූපවාහිනී නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කළේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විශිෂ්ට මිනිසෙකු බවයි.

      වත්මන් එක්සත් ජනපදයේ ප්‍රධාන ප්‍රතිවාදියා රුසියාව හෝ චීනය නොව එම රට තුළම ජීවත්වන අසහනයෙන් පෙළෙන රැඩිකල් අමන විනාශකාරී කණ්ඩායම් බව අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

      හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්,

      "අමෙරිකානු එක්සත් ජනපදයේ ප්‍රධානම ප්‍රතිවාදියා චීනයද? රුසියාවද? උතුරු කොරියාවද? මම කියනවා.. ලොකුම ප්‍රශ්නෙ තියෙන්නේ රට තුළ. අසහනයෙන් පෙළෙන අමනෝඥ ජඩ තක්කඩි රැඩිකල් කණ්ඩායම්. අපිට රුසියාව, චීනය වැනි රටවල් සමග එක්ක ඉතාමත් හොඳින් සහ මනා සහයෝගෙන් ඉන්න පුළුවන්. මං ඒක ඉතාමත් සාර්ථකව කළා. මං චීනයෙන් ඩොලර් බිලියන ගණන් අරගත්තා. එක්සත් ජනපදයේ අපට ඉතාමත්ම වාසිදායක වන පරිදි වෙළඳ ගිවිසුම් ඇති කළා, මේ රටේ එතෙක් මෙතෙක් හිටපු සහ ඉන්න කිසිම ජනාධිපති කෙනෙක්ට බැරි වුණා. ඔවුන්ට මට ගෞරව කරනවා."

      එමෙන්ම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී නෝර්ඩ් ස්ට්‍රීම් ඉන්ධන ප්‍රවාහන නළ පද්ධතියේ සිදුවූ පිපිරීම රුසියාව සිදු නොකළ බවද ට්‍රම්ප් මෙහිදී සඳහන් කළේය.

      "මම මගේ මවු රටට ගොඩක් ආදරෙයි ඒ නිසා මට අපේ රට අමාරුවේ දාන්න ඕන නැහැ. ඒක නොකළේ කවුද කියලා විතරක් මම කියන්නම්. ඒක කලේ රුසියාව නම් නෙමෙයි. ඩිමොක්‍රටික් පක්ෂයේ මුග්ධ පාදඩයන් කියන විදිහට ඩොලර් බිලියන ගණනක් වියදම් කරලා ඉදිකිරීම් කරලා ක්‍රියාත්මක කරන්න ඔන්න මෙන්න තිබුණ තමන්ගේ වටිනා නල පද්ධතිය රුසියාව තමන්ගෙම නළ පද්ධතිය පුපුරවා ගත්තා. මොන විහිළුවක් ද මේ? මේව පිළිගන්න තරම් මෝඩයෝ කොහේවත් නෑ. ඒ නිසා ඉතාමත් පැහැදිලිව රුසියාව නෙමෙයි කියලා පොඩි ළමයෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන්. රුසියානු නායකත්වය දරන ව්ලැදිමීර් පුටින් ඉතාමත්ම දක්ෂ මනුස්සයෙක්. ඒත් ගිය අවුරුද්ද ඔහුට හොඳ වසරක් නෙමෙයි. එක්සත් ජනපදයේ ද මුග්ධ තීරණ නිසා ආර්ථිකය විනාශ වී ජනතාව සහමුලින්ම මහත් සේ ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇත. අපි එක්සත් ජනපදයේ මේ මුග්ධ අමන අසාර්ථක තක්කඩි පාලනය වෙනස් කර නව රිපබ්ලිකන් පක්ෂයේ පාලනයක් ඇතිකොට ඉතා ඥානවන්ත ලෙස කටයුතු කලොත් පමණක් අපටත් නැවතත් සුපුරුදු පරිදි ශක්තිමත් බලවත් ධනවාදී ලක්ෂණ පවතින සෞභාග්‍යමත් ඇමරිකන් රාජ්‍යයක් දකින්නට පුළුවන් වෙයි නැතිනම් ඉතින් මේ රට ඉතා ඉක්මනින් බිඳ වැටීම තවත් බරපතල ලෙස අවුල් වී රටවල් කීපයක් ලෙස කැඩී බිඳී යයි. එපමණයි."

      Delete
  15. චතුස්කෝටිකය

    චතුස්කෝටිකය කියල එකක් තියෙනව ද? බුදුන් වහන්සේ කච්චානගොත්ත සූත්‍රයේ දී ද්විකෝටිකය ඉතා පැහැදිලි ව දේශනා කරනවා. ලෝකය ද්විකෝටිකය ඇසුරු කර පවතින බවයි එහි සඳහන් වන්නේ. නාගර්ජුන හිමි ඒ මත ඉඳගෙන තමා චතුස්කෝටිකය නිර්මාණය කරන්නෙ. චතුස්කෝටිකය කියන්නෙ ද්විකෝටිකය වඩාත් විස්තරාත්මකව විදාරණය කිරීමක්, පුළුල් කිරීමක් විදියට අපි තර්ක කරනවා. ද්විකෝටිකය තුළම තියෙන චතුස්කෝටිකමය අර්ථය වඩාත් පැහැදිලි ව මතුපිටට අරගෙන දෙනවා. මං කියන්නම් ඒ කොහොමද කියල. මේ තියෙන්නෙ ද්විකෝටිකය

    1. ඇත හා නැත

    චතුස්කෝටිකය කියන්නෙ මෙන්න මේක.

    1.ඇත
    2.නැත
    3.ඇත හා නැත
    4. ඇත්තේ ද නැත, නැත්තේ ද නැත

    හැබැයි අපි එක අවස්ථාවක ඇත යන්නත් තව අවස්ථාවක නැත යන්නත් තනි තනිව ගත්තොත් ද්විකෝටිකය තුළින් චතුස්කෝටිකය අර්ථවත් වෙන්නෙ නැහැ. තුන්වැනි පාදයේ තියෙන විදියට ගත්තොත් තමා ද්විකෝටිකය තුළම චතුස්කෝටිකයත් තියෙන්නෙ. කෙනෙක් ලෝකය පවතිනවා යන්න ගන්න පුළුවන්. කෙනෙක් නොපවතිනවාද ගන්න පුළුවන්. අන්න එවැනි අවස්ථාවක ද්විකෝටිකය තුළ චතුස්කෝටිකය නැහැ. හැබැ තුන්වැනි පාදයේ වගේ ඇත හා නැත එකට ගත්තොත් එතන තියෙන්නෙ චතුස්කෝටිකයමයි. ඒ කියන්නෙ හතරවැනි පාදයක් අවශ්‍ය නැහැ.

    දැන් මේ ද්විකෝටිකය තුළින්ම කොහොමද චතුස්කෝටිකය එළියට ගන්නේ.

    දැන් ඕකෙ ඇත හා නැත කියන පාද දෙක කොහොමත් සාමාන්‍යයිනෙ.ද්විකෝටිකය ම කඩල වෙනත් පාද විදියට පෙන්නල තියෙනව. තුන්වැනි පාදයේ දී කරල තියෙන්නෙ ඒ පාද දෙකම ද්විකෝටිකය විදියට නැවත එක පෙළට ලියල. අවසන් පාදයේ තමා විශේෂත්වය තියෙන්නෙ. ඒකට ද්විත්ව නිෂේධනය (double negation) ඇතුළු කරල තියෙනව. අන්න එතන තමා අපි බලන්න ඕන, ඕක ද්විකෝටිකය තුළත් තියෙනව ද කියල.

    ඇත්තේ ද නැත, නැත්තේ ද නැත කිව්වම, ඒකෙන් කියවෙන්නෙ, තියෙනව හා නැහැ කියන එක එකවර පවතිනව කියන එක. ඒ කියන්නෙ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ස්ථිරව තියෙනව කියන්නත් බැ, ස්ථිර ව නැහැ කියන්නත් බැහැ. දැන් මේක කොහොමද ද්විකෝටිකය තුළින්ම ව්‍යුත්පන්න (derive) කර ගන්නෙ.

    තුන්වැනි පාදයේ තියෙන ඇත හා නැත ගැන හිතන්න. එකම පාදයක දෙකම තියෙනව කියන්නෙ ⁣මොකක්ද? වෙන මොනවත් නෙමෙයි, තියෙනව හා නැහැ කියන එකම අවස්ථාවක පැවතීම. එහෙම තියෙන්නෙ පුළුවන් ද? ඒකෙ තේරුම මොකක්ද ? ඒ කියන්නෙ තියෙන්නෙත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කියන එක. වෙනත් වචනවලින් කිව්වොත් ඇත්තේ ද නැත, නැත්තේ ද නැත කියන එකමයි.

    ඒක වෙන්නෙ මෙහෙමයි. ඇත හා නැත එකට පවතිනව කියන්නෙ, එකක්වත් ස්වායක්ත නැහැ කියන එකනෙ. ඇත නිසා නැතත්, නැත නිසා ඇතත් පවතිනවා කියන එක. එකක්වත් ස්ථිර ව පවතින්නෙ නැහැ. එකකට එකක් හේත්තු වෙලා තියෙන්නෙ. එකක් අයින් ක⁣ළොත් අනික වැටෙනවා. සැරියුත් හිමිගේ උපමාව තමා, එකට හේත්තු කරල තියෙන දරමිටි දෙක. එකක් ගත්තොත් අනික වැටෙනවා. දෙකම පවතින්නෙ දෙකම නිසා. ඒ කියන්නෙ එකක්වත් තනිව, ස්වාධීන ව පවතින්නෙ නැහැ. චතුස්කෝටිකයේ එන ඇත්තේ ද නැත, නැත්තේ ද නැත කියන්නෙ මේකම තමා.

    දැන් ඔබට වැටහෙනවා ඇති චතුස්කෝටිකය කියන්නෙ, ද්විකෝටිකය ම වඩාත් වැඩිපුර විස්තර කරන්න හදපු පාද හතරක ද්විකෝටිකයමයි කියල. ද්විකෝටිකයේ සංකීර්ණ ක්‍රියාත්මක වීම තේරුම් ගන්න බැරි අයට පහසු කරල දුන්න අවස්ථාවක් තමා, චතුස්කෝටිකය කියන්නෙ.

    ReplyDelete
  16. පෞද්ගලික රූපවාහිනි නාලිකාවක අවුරුදු උත්සවයෙ බොරු කීමෙ තරඟයට දිගු පෝලිමක් විය.
    අහල ගම් හතක සෙනඟ මෙයට එකතු විය. බොරු ගසා කප් පිට කප් ගැසුවෝද තරඟයට එකතු වී සිටියහ.
    සංවිධායකයන්ට මෙය මහත් අපහසුතාවයක් වූයේ කිලෝමීටරයක් විතර දිගු පෝලීම පාලනය කර ගත නොහැකි වීම නිසාය.
    තරඟය අවලංගු කරොත් මුළු අවුරුදු උත්සවයම කාලගෝට්ටියක් වනු ඇත. ගුටි කෙළියක් වනු ඇත. ගම් වල අවුරුදු උත්සව වලට සහභාගි වූවෝ ඇත්නම් එය මනාව දනිති. බොහෝ අවුරුදු උත්සව අවසන් වන්නෙ රණ්ඩු සරුවල් වලින්ය.
    සංවිධායකයො අන්ත අසරණ විය. එක් මොලය තිබූ තරුණයෙක් ප්‍රධාන සංවිධායකගෙ කණට කර රහසක් කිව්වේය. ප්‍රධාන සංවිධායක විසින් ලවුඩ් ස්පීකර් එක අතට ගෙන විශේෂ දැනුම් දීමක් කල අතර තරඟයට සහභාගී වී සිටි සියලුම දෙනා කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි සාමකාමීව තරඟයෙන් ඉවත් විය.
    සංවිධායකයන් පැවසු ඒ විශේෂ නිවේදනය කුමක්ද..?
    " තව ස්වල්ප මොහොතකින් අනුර කුමාර දිසානායක සහෝදරයා මේ තරඟයට සහභාගී වෙනවා.." එපමණකි.

    සමාප්තයි.

    නිලන්ත සත්සර ගමගේ ✍️

    ReplyDelete
  17. සුබ අලුත් අවුරුද්දක් වේවා මාතේ මෙනි හැපි රිටර්න්ස් බත බුලතින් සපිරි සුභ නව වසරක් වේවා

    ReplyDelete
  18. උඹලගෙ ළඟ හිටපු යාළුවො තව ටික දවසකින් පාරේ හෙළුටවන්ම යනවා ! උන්ගේ රෙදි ගලවන ගැලවිල්ලට බ්ලොග් එකේ ඕව ලියලා උඹ කැනඩාවට යයි !! අරැන් පාරදිගේ හෙළුවෙන් යයි 😪 පව් යකු !!

    ReplyDelete
  19. කොපමණ කාලයක් ජීවත් වුවද, ශ්‍රේෂ්ඨතම සිංහයා අවසානයේ දුක්ඛිත ලෙස මිය යනු ඇත. ඒක තමයි ලෝකය. එයයි ලොව ස්වභාවය.

    ඔවුන්ගේ උච්චතම අවස්ථාවෙහිදී, ඔවුන් පාලනය කරයි, වෙනත් සතුන් පසුපස හඹා යයි, අල්ලා ගිල දමයි සහ ඉතිරිය හයිනාවන් සඳහා තබයි. නමුත් වයස ඉක්මනින් පැමිණේ.

    මහලු සිංහයාට දඩයම් කිරීමට, මරා දැමීමට හෝ ආරක්ෂා වීමට නොහැකිය. ඌ වාසනාව නැති වන තුරු සැරිසරයි, ගොරවයි. අවසානයේ හයිනාවන් විසින් ඌව කොනකට කොටු කරනු ලැබේ, ඔවුන් විසින් ඌව පණපිටින් අනුභව කරනු ඇත. සිංහයාව කෑලි කෑලි කරන්නේ මැරෙන්නත් පෙර වේ.

    ජීවිතය කෙටියි. බලය අනිත්‍යයි. කායික සුන්දරත්වය කෙටි කාලයක් පවතී, මම එය සිංහයන් තුළ දැක ඇත්තෙමි. මම එය පැරණි මිනිසුන් තුළ දැක ඇත්තෙමි. දිගු කාලයක් ජීවත් වන සෑම කෙනෙකුම යම් අවස්ථාවක දී දුර්වල හා ඉතා අවදානමට ලක් වනු ඇත.

    ඒ නිසා අපි නිහතමානී වෙමු. අසනීප, දුර්වල, අවදානමට ලක් වූ අයට උදව් කරන්න සහ වඩාත්ම වැදගත් දෙය නම් අපි කවදා හෝ වේදිකාවෙන් ඉවත් වන බව අමතක නොකරන්න.

    ReplyDelete

  20. හොඳ පුවතක් දැක්කා මාතලන්,

    Brazil calls for ‘move away’ from dollar

    Brazilian President Luiz Inacio Lula da Silva has stated that developing nations should move away from the US dollar in favor of their own currencies in order to push back against American dominance over the global financial system.

    ඇමෙරිකා එක්සත් ජනපදයේ ආධිපත්‍යයෙන් මිදී තම රටවල පුරවැසියන්ගේ සූබ සෙත සලසා ගනුවස් දියුණු වෙමින් පවතින රටවල් ඩොලරයෙන් මිදී තම ජාතික මුදල් ඒකක වෙත වඩාත් නැඹුරු විය යුතු බව බ්‍රසීලයේ ජනපති ලුයී ඉනාෂෝ ලූලා ද සිල්වා පවසයි.

    ඇන්ග්ලෝ-ඇමෙරිකන් අධිරාජ්‍යවාදීන්ගේ වහලුන් වන ලංකාවේ පාලකයන්, නරුමයන් 226, පාර්ලිමේන්තුව හෝ ප්‍රධාන ධාරාවේ එකදු පක්‍ෂයක්වත් ඊට සූදානම් නැත.
    ඩොලරයේ විනාශකාරී ආධිපත්‍යයෙන් ලංකාව මුදවා ගැනීමට නම් ඉහත ලයිස්තුවේ සඳහන් සියල්ල ලෝකයේ ප්‍රගතිශීලී බලවේග වල උදව්ද ඇතිව පරාජය කල පලවා හැරීම සහ අහෝසිකිරීම හැර වෙන විකල්පයක් නැත.

    නිදහසේ වැටෙන හිරුගේ කිරණ සහ සෙනෙහසින් ඉපදෙන මවගේ කිරි වලටද අභියෝග කල පාපිෂ්ඨ එක්සත් ජනපද ඩොලරයේ බලය, නැගී එන ලෝකයේ නව බල කේන්ද්‍රය වූ චීන-රුසියන් මූලිකත්වයෙන් බිඳ දමා පරාජය කර ලෝකය පුරා මිලියන ගනන් ජනතාවට සෙත, සතුට, අභිවෘද්ධිය උදා වෙමින් ඇත.

    – පොලිට්බියුරෝව

    ReplyDelete
  21. කිසු බබාට දිව දාන්න තිබ්බා නං

    ReplyDelete
  22. @ ano 5.56

    ඇයි හිටගෙන බොරු විදින ඇත්ත මිනිස්සු වෙන ජාතික ජන බලවේගය මාලිමාවේ බොනිකර තරු ලප වානර කුමාර කයියනායක, කයිහේරත්, කයිසූරිය, කයියනෙත්ති, කයිකාන්ත, කයියරත්න ඇතුළු අපි සියලුදෙනාම ඕකට පුර්ණ ආශිර්වාදය ලැබේවා කියලා පතනවා ඒ වගේම අපි රනිල් රාජපක්ෂ සහ බැසිල් කපුටාස්ගේ සාදර මූල්‍ය අනුග්‍රහය ඇතිව රට පුරා රැස්වීම් පවත්වා ලොවෙත් නැති බොරු මැතිවරණයක් ඇති බව පවසා ජන ජනමනස වෙන අතකට යොමු කර රනිල් හාමුට බදු වැඩි කරන්න ගාස්තු සංශෝධනය කර ජනතාවට බර පටවන්න සහ තව තවත් ණය ගන්න අවශ්‍ය වාතාවරණය හදන්න ජනතාව මුලා කරමින් අවශ්‍ය උපරිම සහයෝගය ලබා දී මට උපරිම වශයෙන් කැපවෙනවා, ඒකට හාමුලා අපට හොඳින් ගෙවන නිසා අවුලක් ඇත්තේම නැත

    ReplyDelete
  23. බකාඩි කියන්නේ පුදුම රස රම් එකක්. දිවේ කටේ අලෝගෙන ආතල් එකෙන්ම බොන්න පුලුවන් ගුඩුස් බීමක් නෙවෙයි මේ කියුබානු රස දියරය. ඉතිං මම අද මේ අවුරුද්දේ නිවී හැනහිල්ලේ තනියෙන් අඩියක් ගහන්න වාඩි වුණා. එහෙම වාඩි වුණත් මගේ බකාඩි අතීත මතක ඉස්සරහා වාඩිවෙලා චියර්ස් කියලා වීදුරු එකට ගටෝනකොට මේ ආතල් අතීතය ලියන්න හිතුනා.

    අද දහවල් පැය දෙකක් විතර මුහුදේ පීනුවා. නෑව. කරිජ්ජ එක්ක තෙලිජ්ජවගේ දියවුණා. හවසට තනියෙන් අඩියක් ගහන්න ඕනී කියලා හිතුනා ඉතිං. ඒකට හොඳම අතේ තියෙන ගානට බොන්නේ මොනාද කියලා කල්පනාවට වැටුණාම මේක බොන්න ඕනී කියලා හිතුනා.

    ගෙදර සීතේ ගල්වෙලා ඌරෙක් හිටියා. අද නියම ඌරු රස කන්න ඕනී තුනපහා වලින් දූෂණය කරන්නේ නැතිව කියලා හිතලා හිටන් ඔසෙට ගම්මිරිස් පිරිමැදලා ලැසි ගමනෙන් ගම්මිරිස් උරාගනින් කියලා ඌරා වල් වෙන්න කියලා වළඳක බැස්සුවා. ඊටපස්සේ ඉතිං දෙහි ගෙඩි ටිකක් රවුමට කපලා අමු තක්කාලි ටිකක් චප්ප වෙන්න කපලා වැඩේ පටන් ගත්තා. කහා චුට්ටක් පාට ලස්සන වෙන්න කියලා උඩින් වීසි කළා. මේක ඉතිං හිතුවා වගේම බකාඩි රස එක්ක නියමෙටම සෙට් වුණා.

    ඉස්සර අපි මෙහෙවු අවුරුදු කළට එකදිගටම සතියක් විතර බොන එක තමයි කළේ. දෙකට තුනට නාකියාගෙන සරමට බැහැලා කඩේ ළඟට වීසි වුණාම සිත්තර සත්සිරි අතර කිමිදෙන කොට මුල්ලක කංසා දුමායනයක කිමිදෙනකොට කවුරුහරි ග්‍රහයෙක් මාට්ටු වුණා. වරෙන් යන්න .. එච්චරයි කතාව.

    ගෙදර වටේටම කඳු උඩ තැන්නේ ගඟ අයිනේ පතල් වාඩි ඕසෙට තිබුණ දේශයක වාසියෙක් වීමේ වාසිය අපිට උපරීම ලැබුණා. පතල් වාඩි තරඟයට ඩොලැක්කි සෙල්ලම කලා. තරඟයට මැණිකක් රකිනා නා රජිදෙකු සේ ගැයුවා. දවසක් චුල්ල පදම රජතුමාගේ බිසවට පිපාසේ හැදුනා කාන්තාරේ යනකොට වගේ සිංදු එළියට බැහැලා හඳ එළියේ ඇවිද්දා. සමහර වැහි දවසක සීතල සුළං අහුරක් වගේ මූන වටේ රවුම් ගැහුවා.

    අවුරුද්දට සෙට් වෙන මේ වාඩී බීම රස කළේ ගොඩක් වෙලාවට ගල් අරක්කු. මඤ්ඤොක්කා ගොන් මාළු වැරදුනේ නෑ. සමහර මැණික් ඕසෙට ලැබෙන වාඩි වල කුකුල්ලු පිටින් ගොජදාන ජූසි හැළියට වැටිලා මිරිස් තුනපහා වාඩියේ අයියගේ අත්ගුණේට කිතිකැවිලා දවටගෙන අපේ කටවල් ඇතුලට පැන්නා. වාඩියේ උණ මැස්සේ හිඳ උණ කනුවට පිට තියලා යෝධ බලයෙන් අපි ගල් ගැහුවා ගුඩුස් ගාලා. ගොඩක් අය සැන්ඩි කරලා නෝන්ඩි වුණේ නෑ.
    සමහරුන්නම් අලියා සෝඩාවලින් ගල් දූෂණය කරලා දිව උඩ තියාගත්තා. අපිනම් ඉතිං ඒකාලේ ගුඩුස් ගාලා බෙල්ලේ නහරවැල් ඇඹරිලා යන්න අමුවෙන්ම බීලා දත් ගැලවිලා වැටෙන රස්නයක් එක්ක සෙල්ලමෙන් ඉන්න චිකන් කෑල්ලක් කටට වීසි කරගෙන අර ගැස්සිල්ලට පොඩි දුනුපටියක් බැන්ඳා.

    අපේ කඩේ ළඟ ගැන්සියට එම්ඩී නයින්ටි තුනක් තිබුණා. එක අස්ව එක්සෙලයක් තිබුණා. ඒක හංගමුවෙන් පාරට දානකොට අපේ කන් හීන් කිතියකින් කට කටස් ගෑවා. තව කවසාකියක් තිබුණා. ඒක ලේසි බයික් එකක් නෙවෙයි කන්ථක අස්වයා වගේ පන්නන්න ගිහිං දෙවෙනි හිමිකරුට මරණය ගෙනත් දීලා තුන්වෙනි හිමිකරු විදිහට අපේ මිත්‍රය තෝරගෙන තිබුණා. ඉතිං ඒ බයික් එක අපිට අජානේය රථයක් වුනා. අපි හරි උජාරුවෙන් නැඟලා මරණය අතේ තියාගෙන අපි යකෙක්ටවත් බය නෑ යකෝ කියලා ඉගිල්ලුනා. ආ තව බයික් එකක් තිබුණා ඒකේ නම මට මතකයට එන්නේ නෑ පොල් ගහක උනත් යන්න පුලුවන් බයික් එකක් ඒක. ඒකේ කවදාවත් ලයිට් කියලා කනාමැදිරි ෆුකක දෙයක් තිබුණේ නෑ. අතේ ටෝච් එකක් තිබුණොත් ඒකෙන් ගියා නැත්තං ඉතිං ඇහේ හුරුවට තමයි ගියේ. අනික ඉතිං අපිට අපේ පාර ඇස් වහගෙන යන්න පුලුවන් නිසාචොර කමක් තිබුණා ඒ කාලේ අපිට.

    ඉතිං කඩේ හවසක මේ රථයක අපි කොහේහරි වාඩියකට නික්මුණා. සමහර මෙහෙම සති වල 'මේ බටෑදිරියේ දහා පෙන්නලා සූදුවක් තියෙනවා යමං' කියලා ආරාධනා ලැබෙන දවස් සෙට් වෙනවා. ඉඳලා හිටලා බුරු ගහන මට ඉතිං මෙහෙම ආරාධනාවක් හම්බවුණාම ඉබ්බා දියට දැම්මා වගේ. එහෙම වෙලාවක ඉතිං ගමන්සගයා දිනාගෙන දිනාගෙන ගියොත් හෙමින් සීරුවේ සල්ලි ටික යටිමඩි ගහලා සපෝට් එකක් දුන්නා. සමහර දවස්වලට ඉතිං ඔන්න පොලිස් කියලා පැනලා දුවලා යාලුවා ආයේ පරාජයට යන එක වළක්වගෙන ගෙදර අරගෙන ආවා. සමහර දරුණු දිනීම් සිද්ධවේගන ගියොත් අපි කතාකරගෙන යන විදිහටම ඈත ඉදලා බූරුපොළට ගල් දෙකක් තුනක් ගහලා කස්ටිය විසුරවලා සල්ලි පොදිය අරං මාරු වුණ.

    ReplyDelete
    Replies
    1. එහෙම දවසට ඉතිං වැඩි ගානට කොහෙන් හරි බැරිම වුණොත් පතායා ගිහිං හරි බෝතලයක් දෙකක් අරගෙන පතල් වාඩියකට ගිහිං වාඩියේ අයියා අහරෝලා ඌටත් හොඳටටෝම පොවලා අපිත් හොඳටෝම බිව්වා. ඒවා තමයි ඉතිං අවුරුදු සමයේ ආතල්. සමහර අලුත් අවුරුදු උත්සව ඉවරවුණේ මාරිම්බා වගේලොකු සංගීතයක් අස්සේ. එහෙව් සංගීත බලන්න ගියාමත් ඉතිං පාරක් තොටක් පිට්ටනියක් බෝක්කු සිලින්ඩරයක් නෑ හොඳටම ගැසුව එක තමයි කලේ. ගහලා ඉතිං ප්‍රීතිවලිවලට පැටලිලා පොකුරේ ගහගෙන හිනාවෙවී ගෙදර ආපු වෙලාවල් තිබුණා. සමහර සංගීත ඉවර වෙනකොට සමහර ගම් පහුකරගෙන එන්න බෑ ගහන්න මඟ රැකලා ඉන්නවා එතකොට ඉතිං ජංගල් කට්ස් දාලා තමයි ගෙදරට ආවේ.

      එහෙව් අතීත මතක සතියක් තමයි මේ ගෙවෙන්නේ. මෙහෙම සතියක් සෙට් වුනාම රත්නපුරේ එවුන් මැණික් හොඳටම හම්බවුණාම ඒකාලේ බොන බීමක් තමයි බකාඩිය. එතකොට ඉතිං මේ බීම එක ලංකාවේ ගැහුවේ නැති නිසා ගානත් සැරයි. ඒක ඉතිං මැණික් කාරයාට ලොකු ගෞරවයක් නම්බුවක්. ඉතිං පතායා එකෙන් හරි බකාඩියක් අරගෙන ආවා ගහන්න. ඒක හැබැයි කලාතුරකින් තමයි උනේ.

      බකාඩි බිව්වත් ඉතිං අපි බීලා කරන මගෝඩිස් වැඩ නවත්තලා පරිනත වුණේ නම් නෑ. එහෙම හොඳටම බේබදු වුණ රාත්‍රියක් උදෑසනකට කන්වර්ට් වුණාට පස්සේ ඉතිං ගමේ මිනිස්සුන්ගේ මූන බලන්න බෑ. මොකක් හරි හුට්ටප්පරයක්. මොකක් හරි පැමිණිල්ලක්. බලහන් කරුණෝ මුන් ඊයේ රෑ මගේ දොරට ගහලා දිව්වනේ. බලහන් මුන්ට තියෙන මර විසේට ගස් ලබු ගහා කඩලනේ දෙකටම. බලහන් මඤ්ඤෝකා ටික සේරම ගලෝලනේ. ඔය වගේ කයි කතාවල ඉදලා රණ්ඩු සරුවල් පැමිණිලි දක්වා පුලුල් පරාසයක පැමිණිලි ඒ උදෑසන පැමිණිලි ගොන්නේ තිබුණා.

      එහෙම බොහොම ප්‍රීති කාලයක් තමයි මේ වසන්තය කියන්නේ. අලුත් අවුරුද්දට දවස් 45ක් ගියාට පස්සේ මහාගංවතුරක් එනවා කියන එක අපිට අරුමයක් නෙවෙයි. ඉතිං ඒ මහා ජලගැලීම එනකම් ගොඩක් වෙලාවට මේ අවුරුදු අසිරිය තිබුණා. බූරු පොළවල් සමහර අවුරුදුවල වෙසක් පොසොන් දක්වාම චුයින්ගම් වගේ ඇදුනා. එහෙම බැලුවාම මාර්තු වලින් ඇරඹිලා වෙසක් පොසොන් වෙනකම් අවුරුදු සිරිය දියවෙලා ගියා.

      එහෙම විශාල මතකයක් තමයි අලුත් අවුරුද්ද කියන්නේ. එහෙම කාල ගොඩක් පහුකරලා මෙහෙම තනියෙන් අරක්කුටිකක් කටට දාගෙන ඔහේ කල්පනා කරන කාලයකට එන්න තරන් මම පරිනත වෙලා. ලේසී නෑ නේද?..😂😂

      කොහොම වුණත් තනියෙන් බොනවා කියන්නේ පිස්සුවක් තමයි. ඒක කෙළවරක් නැති බීමක්.

      Delete
  24. ශ්‍රී ලංකාවේ හිටපු චීන හිතවාදී ඒකාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නමැත්තා සහ එම බලවත් දේශපාලනික පවුලේ බලය සම්පූර්ණයෙන්ම ඉවත් කර බලයෙන් පහකරමින් වත්මන් බටහිර රාජ්‍ය සහ ඉන්දියාව සමග මිතුරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන ජනපති රනිල් වික්‍රමසිංහ පරිපාලනය ස්ථාපනය කිරීමට "ගෝටා ගෝ" නමින් හැඳින්වූනු මහජන උද්ඝෝෂණ ව්‍යාපාරය 2022 වසරේදී ක්‍රියාත්මක කිරීමට මූලික ස්ථානය වු ලංකාවේ අගනුවර කොළඹ නගරයේ ගෝල්ෆේස් නම් වූ උද්‍යානයේ මින් ඉදිරියට කිසිදු ආකාරයක දේශපාලන රැස්වීම්, සංගීත සංදර්ශන හෝ වෙනත් එවන් කටයුතු සඳහා කිසිම දෙයක් සඳහා ඉදිරියේ දී අවසර නොදීමට ලංකාවේ නව රජය මගින් දැඩි ලෙස තීරණය කර තිබේ.

    ඒ අනුව ගෝල්ෆේස් ගාලු මුවදොර පිටිය ලංකාවේ සාමාන්‍ය මහ ජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් භාවිතා කිරීමට වෙන් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

    මෙම තීරණය අනුව මෙම අප්‍රේල් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන අතර සුවිශේෂී ආගමික කටයුතු සඳහා පමණක් ජනපතිවරයාගේ විශේෂ අනුමැතිය සහිතව එය ලබාදීමට පමණක් අනුමැතිය ලැබී ඇත.

    කොළඹ මෙම ගාළු මුවදොර පිටිය නම් ස්ථානය වඩා හොඳින් සංවර්ධනය කිරීම ශ්‍රී ලංකා රජයට අයත් වරාය අධිකාරිය භාර ගෙන ඇති අතර CSR සමාජ වගකීම් ව්‍යාපෘතියක් ලෙස එය සිදු කරයි. මෙම ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 220 ක මුදලක් ((එක්සත් ජනපදයේ ඩොලර් මිලියන 0.65 ක් පමණ)) වැය කිරීමට නියමිතව තිබේ. මේ සඳහා යුරෝපීය සංගමය මගින් අවශ්‍ය උපදේශන සහාය සහ මූල්‍ය අනුග්‍රහය ද ලබා දීමට නියමිත බවද මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

    ReplyDelete
  25. මාතලන් තමන්වත් තමන් වෙනුවෙන් පෙනී ඉන්න තරම් ශක්තිමත් වෙන්න ඉස්සෙල්ලාම

    "මම මගේ වෙස් මුහුණ විශ්වාස කරනවා - මා සෑදූ මිනිසා මමයි."

    - සෑම් ෂෙපර්ඩ්

    ReplyDelete
  26. මාතලන් ඔබ දේශපාලනය ගැන වගේම කෘත්‍රිම බුද්ධිය ගැනත් කතා කරපු නිසා අල්තයීර් නමින් බ්ලොග ලියපු බුද්ධි, දේශපාලනය සහ කෘතිම බුද්ධි ගැන යමක් කියන්න පුළුවන් නේද?

    කට්ටිය කියන විදිහට ලංකාවේ හොඳ ඇහැක් තිබුණු ඡායාරූප ශිල්පියෙක් කියන ලංකාවේ බුද්ධි ජීවිතය අවසන් කරද්දී ලෝකෙ ප්‍රමුඛතම ඡායාරූප තරඟයක් වන Sony 2023 තරගයේ පළමු තැනට තේරුණ ඡායාරූපයක අයිතිකාරයා ඒ තෑග්ග ප්‍රතික්ෂේප කරනව එම ඡායාරූපය කෘතිම බුද්ධිය, AI භාවිතයෙන් නිර්මාණය කළ බව පවසමින්.

    ඡායාරූප විතරක් නෙමේ ගීත, ලේඛන කලාව, රියදුරන් නැති කාර්, කෘතිම therapist ල වගේම ඖෂධ නිෂ්පාදනය දක්වාම පසුගිය මාස කීපයේ දී තදින් භාවිත වුණා. මේක ඊලග තලයට ගෙනියමින් මිනිස් මොළේට computer සමග සංනිවේදනය කරන්න හදනවා neuralink.

    මිනිසුන්ට වඩා හැම දෙයක්ම කෘතිම බුද්ධිය හොඳට කරනව. ලංකාවට නිවාඩුවට ගෙදර පැමිණ ලංකාවෙ පාරක Level 2 autonomy තියන කාරෙකක් පදිද්දි වුණත් ඒක හොඳට තේරෙනවා කොච්චර හොඳට අපිව ලේන් එකේ තියාගන්නවද, හදිසියකදී බේරගන්න වද යන්න. නින්ද යෑම පවා එයා තේරුම් ගන්නවා.

    ලෝකෙ වෙනස්වෙනව හිතාගන්න බැරි වේගෙන්. ඒ වෙනසට හැඩගැහෙන්න බැරිවෙන රටවලට යන එන මං නැති වෙනවා. බුද්ධි හිටියේ ඒ වගේ වැරදි රටක, ඔහු බලාපොරොත්තු වුණ වෙනස නොවෙන බව දැනගත්තාම එයා ජීවිතය වෙන තැනකට ගෙනියනවා.

    ඒත්බුද්ධි ගෙ ක්ෂේත්‍රය අසහනකාරී frustrating දේශපාලනය හෝ ඉලක්කය #systemchange නොවුනානම් බුද්ධි ත් කෘතිම බුද්ධිය මෙන් වඩා තර්කානුකූල සහ නිවැරදි විය හැකිව තිබුණා!
    සුභ ගමන් Buddhi Prabodha Karunaratne කියලා පවසමින් ලංකාවේ 2022 රාජපක්ෂ විරෝධී අරගලයට රැල්ලට සම්බන්ධ වූ ගොඩක් තරුණ තරුණියන්, ඇතැම් රනිල් වික්‍රමසිංහයන් ගේ හිතවාදී සුළු පිරිසක් හැරෙන්නට බහුතරයක් දැඩිව අපේක්ෂා භංගත්වයට පත් වී frustration නිසා රට හැර යාමේ සිට ජීවිතය හැර යන එක දකින්න වීම ඉතාමත් කණගාටුදායක තත්වයක් නේද? මෙය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් තරුණ තරුණියන් දේශපාලන ව්‍යාපෘති සඳහා බළල් අත් ලෙස යොදාගන්න ඔවුන්ට අනවශ්‍ය සිහින සිත්තම් මනෝරාජික සිහින දේශයන් මවපූ හැම කෙනෙක්ම මේ මරණවල සහ ජීවිත විනාශයන් වල වගකීම බාර ගන්න අනිවාර්යයෙන් සූදානම් විය යුතුයි. ඔවුන්ට ස්වභාව ධර්මය විසින්ම නිසි දඬුවම් ඉතාමත් ඉක්මනින් ලබා දෙනු නොඅනුමාන ඇති බව මට නම් 100% විශ්වාසයි. කෙසේ වෙතත් මේ ගැන පෝස්ට් එකක් දාලා සාකච්ඡා කිරීම හොඳයි නේද?

    ReplyDelete
  27. Mr Ajith Dharmakeerthi,

    I've some potential questions about your actions and beliefs could be:

    1) What led Ajith to steal Soviet nuclear technology and sell it to Western countries?

    2) How did you manage to evade detection and prosecution for such a significant crime?

    3) What is the nature of Ajith Dharmakeerthi's current work with Sri Lankan President Ranil Wickramasinha?

    4) How do you support for Russia during the conflict with Ukraine align with your previous actions and allegiances?

    5) What are the potential consequences for Ajith if your actions were to be exposed or proven to be true?

    ReplyDelete
  28. “අරගලයේ තරුණයින් අතර මානසික ව්‍යාකුලතා ඉතා ඉහලයි.
    හීනමානය නිසා යතාර්ථය වැසි ගිහින්.

    ඔවුන් පුනුරුථාපනය කල යුතුයි
    ➖➖➖➖➖➖➖➖➖➖🔴➖

    🔴 එදා අරගල බිම සේම අද බුකියද මීට උදාහරණ සපයයි.

    මාස හතරකට වැඩි කාලයක් තිස්සේ අරගල බිමේ ඉන්න තරුණ තරුණියන් බහුතරයකට අවිවේකි බව, මත්ද්‍රව්‍ය භාවිතාව ඉතා ඉහල විම, ස්ථිර වාසස්ථාන නොමැතිව අව්වෙන් වැස්සෙන් පීඩා විඳීම, පෝෂණ ආහාර නොමැතිකම, නින්ද නොලැබීම, සනීපාරක්ෂාව නොමැතිකම, ලිංගික කටයුතු සිදු නොවීම, අභ්‍යන්තර කාන්ඩායම් අතර ගැටුම්, අපේක්ෂා බංගත්වය ආදී මානසික ආතතිය වැඩි කරන විෂාදය සඳහා වන සියලු නරක සාධක සියල්ල එකවිට දැන් අරගල බිමේම තියෙනවා. ඒ තත්වය ඔවුන්ට නොදැනීම ඔවුන්ගේ විචාර බුද්ධිය නැතිකොට මනස විකෘති කරන තැනකට ගෙනත් ඉවරයි.

    අරගලේ ඉන්න ගොඩක් තරුණයෝ කොන්ඩේ රැවුල් වවාගෙන අමුතු ඇඳුම් පැළඳුම් ඇඳගෙන හිටියේ ඔවුන්ගේ තියෙන යම් යම් මානසික ව්‍යාධි නිසයි. බොහෝ තරුණයින් දුෂ්කර දුප්පත් ගම් වලින් පැමිණෙන අය නිසාත් හීනමානය නිසාත් ඒ බය ඔවුන්ට ඇතිවෙන්නේ. ගෝට ගෝ ගම කියන නම ඇතුලේම ඒ පසුගාමී සිතුවිලි තියනෙවා. අද ඒ පරිසරය ගමකට වඩා මුඩුක්කු පේලියක් තරමට ම වැටිලා තියෙන්නේ ඔවුන්ගේ ඉහත කී සිතිවිලි වල පිළිබිඹුවක් ලෙසයි.
    ජාන විද්‍යාවත්, පවතින වටාපිටාවත්, මානසික සහ සමාජයීය ක්‍රියාවලිත් මෙයට බලපාන්නා වූ සැලකිය යුතු සාධක. විනෝදය සඳහා භාවිතා කරනු ලබන සමහර මත්ද්‍රව්‍ය මෙම අබාධ ඇති කිරීමටත් එහි රෝග ලක්ෂණ තව දුරටත් වැඩි කිරීමටත් හේතු කාරක වෙනවා. මෙම අබාධ විවිධ ලක්ෂණ සංකලනයන් පවතින බැවින් මෙහි රෝග විනිශ්චය ලෙස තනි අබාධයක් පෙන්නුම් කරන්නේද නැතහොත් වෙන් වෙන් වශයෙන් විවිධ සහලක්ෂණයන් කිහිපයක් පෙන්නුම් කරන්නේදැයි නිශ්චිතව කියන්න අමාරුයි. භාෂාවෙන් skhizein ("විභේදනය කිරීමට") සහ phrēn ("මනස") යන මූල පද වලින් Schizophrenia ("හින්නෝන්මාදය") වචනයේ නිදානය ගොඩ නැගී ඇත්තේ.

    අරගලයේ විවිධ කණ්ඩායම් සහ පුද්ගලයෝ ඉන්න නිසා ඔවුන්ට සිදුවෙනවා තමන් අනෙක් අයට වෙනස් කියල පෙන්වන්න. බාහිරව ඇඳුමෙන් පෙන්වන අතර අභ්‍යන්තරයෙන් මත්ද්‍රව්‍ය අරගෙන මානසික බිය තාවකාලිකව නැති කරගන්න උත්සාහ දරනවා. අන්තිමට තමන්ගේ අනන්‍යතාවය නැතිවෙලා අස්ථානයකට වැටෙනවා. අපට අනාගතය කෙසේ වෙයිද? සාර්ථක විය හැකි ද? රැකියාවක් ලබාගත හැකිද? යනාදීන් හීනමානය නිසා තමන් ගේ යහපත පිණිස කළ යුතු සියල්ල ම අත්හැර හැකිළී සිට කුඩා එසමාන සිතුවිලි ඇති කල්ට් එකකට සම්බන්ධ වෙනවා.

    සමාජය වෙනුවෙන් සටන් කරනවා කියල කිව්වට ඇත්තටම අරගලය තියන්නේ පුද්ගලික මට්ටමෙන් ඔවුන්ගේ පටු රාමුගත මනස් තුල. අවාසනාවකට මේ තරුණ තරුණියන්ට තේරෙන්නේ නැහැ ඔවුන් පෞද්ගලික මට්ටමෙන් සාර්ථක උනොත් තමයි පවුලක්, සමාජයක්, රටක් සාර්ථක වෙන්නේ කියලා. ව්‍යාපාරික අරමුණු ඇතුව සම්බන්ධ පිරිස් හැර මගේ මනෝ විශ්ලේෂණය නම් මේ අරගල බිමේ ඉන්න බහුතරයක් තරුණ තරුණියෝ පුද්ගලික මට්ටමෙන් අන්තිම අසාර්ථක අය. තමන්ගේ ජීවිත වල වගකීමක් ගන්න බැරි ඒ අය කොහොමද රටේ ජනතාවට වගකියන වඩා හොඳ පාලනයක් ගේන්නේ කියන ප්‍රශ්නය අහන්න වෙනවා. මම අරගලයට සම්බන්ධව කටයුතු කල කෙනෙක් නිසා ඒ ගැන මට අවබෝධයක් තියෙනව.

    මේ අයට අරගලයට මිනිස්සු එන්නේ නැතිවෙනකොට තමන්ට තිබෙන පිලිගැනීම නැතිවෙයි කියන බයට තවත් තත්වය උග්‍ර වෙලා විෂාදයට පවා පත්වෙන්න පුළුවන්. ඒ තත්වයේදී ආර්ථික දේශපාලන හෝ ව්‍යුහාත්මක වෙනස් කම් කිරීමට හැකි නිරවුල් මනසක් අරගල බිමේ තරුණ තරුණියන්ට කොහෙත්ම නැහැ.

    විශේෂඥ මනෝවෛද්‍ය පි.කේ. කඳපොලආරච්චි විසින් රචිත ලිපියකි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න