.

.

Apr 19, 2023

වෙල්කම් ටු හෙවන් ලුවී වැන්ඩස්ට්‍රාට්න්

 




 වෙල්කම් ටු හෙවන්

ලුවී වැන්ඩස්ට්‍රාට්න්

➖➖➖➖➖➖❤️


එන එන එක බැලුමට පෝලිම්වල         වේටින්

වෛරය ඇගේ බැලුවම අත හා              ඩේටින්

නිවනේ ගිහින් පල නෑ වැන්ඩ්‍රස්               ටාට්න්

නොමිළේ ටිකට් එක සුරලොව ඩෝ          ඕපන්


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 

.


10 comments:

  1. Mr Ajith Dharmakeerthi,

    I've some potential questions about your actions and beliefs could be:

    1) What led Ajith to steal Soviet nuclear technology and sell it to Western countries?

    2) How did you manage to evade detection and prosecution for such a significant crime?

    3) What is the nature of Ajith Dharmakeerthi's current work with Sri Lankan President Ranil Wickramasinha?

    4) How do you support for Russia during the conflict with Ukraine align with your previous actions and allegiances?

    5) What are the potential consequences for Ajith if your actions were to be exposed or proven to be true?

    ReplyDelete
  2. Ajith Dharmakeerthi was born in Sri Lanka and attended Royal College Colombo, which was also the Sri Lankan President's school. In the early 1980s, the Sri Lankan government sent Ajith to the Soviet Union to receive a high education. At the time, the current Sri Lankan President Ranil WIchramasinha worked as a Minister. Ajith was tasked with stealing Soviet nuclear technology and selling it to western countries. Mr. WIchramasinha later sent Ajith to Israel for training from the Mossad intelligence service. Ajith is married to a German woman, and they currently reside in London, UK. In the Russia-Ukraine conflict, Ajith supports Russia, despite his country supporting Ukraine. Ajith is known to be working with Ranil WIchramasinha, who is also known to support western countries.

    ReplyDelete
  3. @ Martha

    I am asking what is the end result of the "aragalaya" ……..? as per my own views, RW and the gang retained the power. Still, Rajapaksha's are governing the country via RW. There were so many deal people in the aragalaya and they diverted the hopes of the ordinary folks to achieve their agendas. Please do not label all as anti "aragala" people, who are criticising the unsuccess story of the aragalaya as UNP or Rajapaksha bayyo… As educated people of the community, we must understand the reality.

    ReplyDelete
  4. පැරකුම් ලොක්කා දුවන්න දෙනවා නේද ලෝටස් අජ්ජාට. තට්ට මිට්ටා පව්.

    ReplyDelete
  5. සණස කියන්නේ මාතේ ලුවී වැන්ඩාගේ වැඩක් නෙවෙයි ඕකේ
    සකසුරුවම් හා ණය ගනුදෙනු පිලිබද සමූපකාර සමිතිය .. තමයි හරි නම ..

    පී. ඒ. කිරිවන්දෙනිය තමයි ඕක රටපුරා ලංකාවෙ අන්ත ග්‍රාමීය පවුල්වලින් , මරණාධාර සමිති, පන්සලේ දායක සමිති, ගොවි සමිති, දහම් පාසැල් , කාන්තා සමිති වලින් රුපියල දෙක එකතුකරල ගේම ගැහුවෙ .. ඒ කාලෙ ගංවල හිටපු උන්ට මොලේ නෑ ..

    ණයට දුන්නෙ උපරිම 50,000 යි ..
    සමිතියෙ වැඩට ගත්තෙ ගමේ පන්සලේ දායක සබාවෙ, මරණාධාර සමිතියෙ , ගොවි සමිතියෙ , සබාපතිල, ලේකම් ල , භාන්ඩාගාරික ල ...

    උනුත් ඉතිං බැහැල ගේම රන් කරා .. උන්ට පොඩි පොඩි ගනන් හොරා කන්නත් චාන්ස් දුන්නා .. නැතිනම් මේක ගෙනියන්න බෑ කියන එක කිරිවන්දෙනිය දැනගෙන හිටියා ..
    එහෙම කරල ලස්සනට ගේම් එක ප්ලේ කරා ..
    හොද කන්සෙප්ට් එකක් ..

    තමන්ගෙ අතේ තිබිච්ච පොඩි ගානකින් අනුන්ගෙ සල්ලි රන් කරවල ලංකාවෙ බැංකුවක් පටන්ගත්ත කියන්නෙ මොලේ තමයි ..

    ඒ කාලෙ හැමෝම කිරිවන්දෙනිය ගැන මහ ඉහලින් වරණනා කරාට මට පෙනුන එකම දේ පොර ලෝක කපටියෙක් කියන එක ..

    ඒ තරමටම ගං වල උන් ඇන්දුවා ...

    😂😂😂😂😂

    මැද්දේ ලොකු 'ණ' කිරිවන්දෙනිය උන්නැහේගේ උපක්‍රමයක්. එයින් තමා එයා සණස නිර්මාතෘ විදියට පෙනී සිටින්නේ.

    ලංකාවේ සකසුරුවම්කම හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිති ඇරඹුවේ කිරිවන්දෙනිය කියා ඔහුගේ අතවැසියන් ප්‍රචාරයක් ගෙන ගියා. එහෙත් ලංකාවේ සකසුරුවම්කම හා ණය ගනුදෙනු ගණුදෙනු සමුපකාර සමිති ව්‍යාපාරය ඇත්තටම ඇරඹුණේ 1906 දී. ඇත්තටම නම් ඒ සන්දියේ සමුපකාර කියන වචනය තිබුනෙත් නෑ. ඒ වෙනුවට භාවිත වුණේ එක්සත් සහකාර යන්නයි.

    කිරිවන්දෙණිය උන්නැහේ කෑගල්ලේ ගමක සකසුරුවම්කම හා ණය ගනුදෙනු සමුපකාර සමිතියක සභාපති වෙලා, ඉන්පසු කෑගල්ල දිස්ත්‍රික් සංගමයේ සභාපති වුණා. පසුව ඔහු ලංකාවේම අග්‍රස්ථ සංවිධානය වන ශ්‍රී ලංකාවේ සැකසුරුවම්කම හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිති මහා සංගමයේ සභාපති ද වුණා.
    ගම්උදාව ව්‍යාපාරයේ නිවාස දසලක්ෂයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ණය දීමට රජය තෝරා ගත්තේ සමුපකාර සමිති. ඒ සඳහා ගම් මට්ටමින් සකසුරුවම් හා ණය ගනුදෙනු සමුපකාර සමිති විශාල සංඛ්‍යාවක් පිහිටවනු ලැබුවා. (තිබුණු සමිති සංඛ්‍යාව මෙන් 4 ගුණයක් පමණ) මේවා අදාළ දිස්ත්‍රික් සංගමයේ සමාජිකත්වය ලබා ගත් අතර ඒ සමිති වලට ණය ලැබුනේ දිස්ත්‍රික් සංගමය වෙතින්. දිස්ත්‍රික් සංගම්වලට ණය ලැබුනේ මහා සංගමයෙන්.
    ඒ සභාපති වූ කිරිවන්දෙණිය උන්නැහේ අමුතුම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා.

    ඒවා බොහෝ ධනාත්මක සංවර්ධනාත්මක ය'යි පෙනුණු නමුත් ඒ ඒ සියල්ල කේන්ද්‍රගත වී තිබුණේ ඔහු සහ ඔහුගේ පවුලේ උදවියයි සකසුරුවම්කම හා ණය ගණුදෙනු සමුපකාර සමිති, සමුපකාර ණය දෙන සමිති හෙවත් "සණස" කළේ කිරිවන්දෙණිය.

    මෙකී "සණස" මූලික කරගනිමින් ඔහු සිය පවුලේ ව්‍යාපාරික කීපයක්ම පිහිටුවා ගත්තා. සණස සංවර්ධන බැංකුව, සණස රක්ෂණ සමාගම etcetc. එනයින් "සණස" නිර්මාතෘ ඔහු තමා. එහෙත් ශ්‍රී ලංකාවේ සකසුරුවම්කම හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර ව්‍යාපාරයේ නොවෙයි

    ඒ ඔය කතාවේ සුළු කොටසක් පමණයි.

    මා සමුපකාර ව්‍යාපාරය ගැන ලොකු
    හැදෑරීමක සිටින කෙනෙක්. වෙනත් පොත් කරන අතරේම සමුපකාර ව්‍යාපාරය ගැන ද පොත් දෙකක් මේ වන විට පළ කොට තිබෙනවා. තුන් වන පොත ලියමිනුයි ඉන්නේ. බොහෝ දුරට වැඩ අවසන් කොට ඇති ඒ පොතේ නම මේ වන විටත් තීරණය කොට හමාරයි. එහි නම වනු ඇත්තේ " සමුපකාරය - ඒ කුමක්ද?". ප්‍රකාශක එකඟ වුණොත් මේ අවුරුද්දේ ම එන්නත් පුළුවන්.

    මෙම බ්ලොග් එකේ දුටු කොමෙන්ට්ස් සැබැවින්ම මට ප්‍රයෝජනවත් වූ බව කිව යුතුයි.

    ReplyDelete
  6. (මට මතක හැටියට) ලුවී මහතා මුලින්ම තැනුවේ 'බිඳුණු හදවත්' ෆිලුමයි... නමුත් කව්රුත් ඔහු ගැන කතා කළේ 'ඇගේ වෛරය' එක්කයි. එහෙම වුණේ ඇයි කියන එකත් හොඳ කරුණක් විමසා බැලිය යුතු.

    ReplyDelete
    Replies
    1. @ නිදී

      ලූවීගේ මුල්ම චිත්‍රපටය වූ ‘බිඳුණු හදවත්’ තිරගත වූයේ හැත්තෑව දශකයේ බව ඔබ දන්නවාද? ඒ වගේම එදා මෙදාතුර ලුවී කළ බොහෝ චිත්‍රපට වානිජමය අතින් අති සාර්ථකයි.

      විජය කුමාරතුංගයන් සිනමාවට සම්ප්‍රාප්ත වුණේ ලුවීගේ චිත්‍රපටයකින්.
      නමුත් බොහෝ දෙනෙක් දන්නේ සහ හිතාගෙන ඉන්නේ ඔහු ආවේ හන්තානෙ කතාවෙන් කියලා. ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන්නෙ එහෙමනේ. මං මේ කියන කතාවට රොබින් ප්‍රනාන්දු සාක්ෂි. ලුවීගේ පළමු චිත්‍රපටය වුණේ බිඳුණු හදවත්. ලුවීට එයට එකල අමුතු කඩවසම් බවකින් යුතු ටෝනි රණසිංහව ගන්න වුවමනාව තිබුණා. රොබින්, නීටා ඇතුළු පිරිස තෝරගෙන ලුවී රූගතකිරීම් ඇරැඹුවා. දර්ශන තලයට රොබින් හමුවන්න විජය ආවා. රොබින් ලුවීට ඔහුව හඳුන්වලා දීලා කිව්වා හොඳ කොල්ලෙක් අපි එයාව මේ චිත්‍රපටයට ගමු කියලා. නීටත් එය අනුමත කළා.

      ඊට පස්සෙ ලුවී සෑහෙන දුරට කල්පනා කරලා ටෝනිගේ චරිතය විජයට දුන්නා. ඒක තමයි විජයගේ පළමු චිත්‍රපටය. හැබැයි හන්තානෙ කතාව පෝලිම පැන්නා. ඒක තමයි ඇත්ත කතාව.

      Delete
    2. මේ තියෙන්නේ!
      ස්තුතියි!!

      Delete
  7. හෙල සිනමාවේ ආන්දෝලානාත්මක චිත්‍රපට රැසක් තැනූ ලුවී සම්මානනීය ඉංග්‍රිසි නවකතාකරුවකු හැටියට ද ප්‍රසිද්ධයි.

    බිඳුණු හදවත්, පෙම් කුරුල්ලෝ, සජා (සම අධ්‍යක්ෂණය), බෝනික්කෝ 1-2, මව්බිම නැත්නම් මරණය, ජූරිය මමයි, ඇගේ වෛරය 1 -2 – 3 – 4, දඩබිම, සෙල්ලම් කුක්කා, වියරු ගැහැනියක්, ගිනිගත් හෝරාව, මිස් ඩයිනමයිට් ඇතුළු සිංහල චිත්‍රපට 34ක් ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබෙයි.
    ආන්දෝලානාත්මක චිත්‍රපට රැසක් තැනූ ලුවී සම්මානනීය ඉංග්‍රිසි නවකතාකරුවකු හැටියට ද ප්‍රසිද්ධයි.
    ලුවී සිංහල සිනමා ඉතිහාසයේ නව රැල්ලක් ඇති කළ ලංකාවේ කලක් අතිශය ජනප්‍රිය වූ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට රැල්ල නිර්මාතෘ ඔහුයි

    ලංකාවට ලුවී වගේම බහරේන් ගෘහ නිර්මාණ ශිල්පී ‘ඛලීල් අල් ඩයිලාමි’ බහරේන් වලටත් විශාල සේවයක් කලපු කෙනෙක්, දවසක් ඛලීල් වාහනය පදවමින් සිටිවිට, ඉදිරියෙන් හමුවූ මාර්ග සංඥා පුවරුව රතු පැහැ ගැන්වීමත් සමඟින් ඔහුට වාහනය නවතන්නට සිදු වුණා. හදිසියේම මිනිසුන් කිහිපදෙනෙකු පුවරුවක් රැගෙන ඔහු ඉදිරියේ පෙනී සිටි අතර “අවධානය යොමුකරන්න! ඔබ ඉදිරියෙහි වීරයෙක් සිටිනවා!” ලෙස එහි දැක්වුණා. ඔවුන් පිටුපසට හැරුණු විට එම ඇඳුම් වල පිටුපස "ඛලීල් අල් ඩයිලාමි, අපි ඔබ ගැන ආඩම්බර වෙමු" යන වාක්‍ය ඛණ්ඩය සටහන්ව තිබුණා.

    ඒත් සමඟම "ඛලීල් අල් ඩයිලාමි.. වීරයා" යන්න රැගත් පුවරුවක් සහ ට්‍රක් රථයක් ඉදිරියෙන් දර්ශනය වුණා.
    තමා ඒ අයුරින් ඇගයීමට ලක්වීම තවදුරටත් ඔහුට දරා ගන්නට නොහැකි වුණා. ඔහුගේ දෙනෙත් වලින් කඳුළු ගලන්නට පටන්ගත්තා. ඒත් සමඟම විශාල පුවරු වල ඔහුගේ රුව සහිතව "ඔබ විශිෂ්ටයි" ලෙස සටහන් වුණා. ඔහු වටා නවතා තිබූ වාහන වලත් සිය රුව සටහන්ව ඇති අයුරු ඔහු දුටුවා. වාහනයේ ගුවන් විදුලිය ක්‍රියාත්මක වුණා. ගුවන් විදුලියත් ඔහුට සුබ පැතුවා.

    "අනාථ දරුවන්ගේ පියා" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ඛලීල් අල් ඩයිලාමි ඒ අයුරින් නොසිතූ මොහොතක බුහුමනට පාත්‍ර වුණා. ඔහු සියගණනක් අනාථ දරුවනට රැකවරණය සාදා තිබෙනවා. ඔහුගේ ඒ කැපවීම ඇගයීමට ලක්කරන්නට බහරේන් රූපවාහිනියේ "You're Outstanding" වැඩසටහන මගින් ඔහුට ආරාධනාවක් ලැබුණා. වැඩසටහන් නිෂ්පාදකයන් ඔහුගෙන් ඉල්ලා සිටියේ ඔවුන් විසින් ලබාදෙන නව මෝටර් රථයෙන් වැඩසටහනට පැමිණෙන ලෙසයි. ඛලීල්ව පුදුමයට පත් කිරීමට ඔවුන් කළ සැළසුම් කිසිවක් ඛලීල් දැන සිටියේ නැහැ. ඛලීල්ගේ ප්‍රතිචාර හසුකර ගැනීමට මෝටර් රථයේ කැමරා සවි කර ඇති බව හෝ ඔහු දැන සිටියේ නැහැ.

    මේ අනපේක්ෂිත ඇගයුමෙන් මෝටර් රථය තුළ නිහතමානීව පුදුමයට පත් වූ මේ අපූර්ව මිනිසා, අනාථ දරුවන්ටත් සිය සේවකයින්ටත් එකසේ සෙනෙහසින් සලකන සොඳුරු මිනිසෙක්. තමාගෙන් පිළිසරණ ලබනා අනාථ දරුවන්ට ‘තාත්තා’ යන වදනින් තමාව අමතන ලෙස නිරතුරුව පවසා තිබූ මේ නිහතමානී මිනිසා සමස්ථ සමාජයටම වටිනා ආදර්ශයක් සපයනවා. කිසිදු ඇගයීමක් බලාපොරොත්තු නොවී මනුෂ්‍ය වර්ගයා වෙත ඔබට කළ හැකි දෙය, ජාති ආගම් කුල බේදයකින් තොරව සිදු කරන්න. ඔබේ චේතනාව තුල රැස්වන පින සසර ගමනේ දී රැකවරණ පිණිස ඔබට උපකාරී වේවි..

    ReplyDelete
  8. The last of a generation. Goodbye Louise!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න