.

.

May 15, 2023

රාජ්‍ය බුද්ධි අංශ අඩපන කිරීමට ඉඩ දිය යුතු නැත.

 


රාජ්‍ය බුද්ධි අංශ අඩපන කිරීමට 
ඉඩ දිය යුතු නැත.
➖➖➖➖➖🔴➖

පසුගිය සතියේ සිඳුවූ විශේෂ පොලිස් මෙහෙයුම කිසිසේත්ම ආන්ඩු විරෝධි කණ්ඩායම් හා ජඩමාධ්‍ය මගින් පෙන්වූ කරුණටම පමණක් ලඝු නොවූ මෙහෙයුමක් බව, පොලීසිපති කාර්‍යාලය විසින් 12 වෙනිදා නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත නිකුත් කළ නිවේදනයෙන් ඉතා පැහැදිලිය.

ඕනෑම රාජ්‍යයක රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ගනු ලබන තීන්දූ තීරණ හා මෙහෙයුම් පිළිබඳව මාධ්‍ය දැණුම්වත් කරන්නේ නැතිය. එසේ කලහොත් එම ක්‍රියාවන්ගෙන් සත පහක ප්‍රයෝජනයක් අත් නොවනා බව පොඩ් එකෙකුට වුවත් තේරුනද, අපේ රටේ ප්‍රවීන හා ජේෂ්ඨ යැයි කියනා ජඩමාජ්ජවේදීන් නම් දන්නේ නැතිය.

සියල්ලෝ චෝදනා එල්ල කළේ රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියාටය. ඔහු බුද්ධි අංශ සම්බන්ධයෙන් අපට සිටිනා සුපිරිම නිළධාරියාය. ඒ බව රාජ්‍ය අරාජික කිරීමට සිටිනා බලවේගයන්ද හොඳින්ම දන්නේය. එබැවින් ඔහු ඉවත්කර දැමීම මේ බලවේගයන්ගේ එකම පරමාර්තයය.

විදේශ රටවල බුද්ධි අංශ පිළිබඳ විවරණ එම රටවල රට වැසියන්ට තබා මාධ්‍යවේදීන්ටද ලබා දෙන්නේ නැතිය. ඒකට ලංකාවේ හාල්පාරුවන්ට කෝකටත් මුව හම බුද්ධි අංශයය.

2015 සිරිසේනගේ සිවිල් ක්‍රියාකාරීන් විසින් වරක් ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමෙන් පසු රාජ්‍ය ආරක්ෂාවට සිඳු වූ දේ පාස්කු ඉරිදාවක මුලු ලෝකයම දුටුවේය.

රට තවමත් ඇත්තේ දේශපාලන කුමන්ත්‍රණ තුලින් සිවිල් යුද්ධයක් වැනි තත්වයක් වුවත් පැන නැගිය හැකි වාතාවරණයකය. 

ආන්ඩුව තුලද ගැටුම් ඇති බව රහසක් නොවේ. එහෙත් එක එකාට කැමති ආකාරයේ තීන්දූ තීරණ ගෙන ක්‍රියාත්මක කිරීමට ඉඩ දිය යුතු නැතිය. විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්නා සෑම තීරණයක්ම ජනාධිපතිවරයා දැණුම්වත්ව ඔහුගේ අභිමතය පරිදි සිඳුවිය යුතුමය. 

එහෙත් පසුගිය සතියේ සිඳු වූ විශේෂ ආරක්ෂක මෙහෙයුම පිළිබඳව ඔහු දැණුම්වත්ව නොසිටී බවත්, එය යහපාලන සමයේ පැවති වාතාවරණයම ඉදිරියට ගමන් කිරීමක් බවත්, එය රාජ්‍යයේ ආරක්ෂාවට කිසිසේත්ම සුදුසු නොවන තත්වයක් බබත් ලියා තැබිය යුතුමය.

මේ රට පරිප්පු කෑවා හොඳටෝම ඇතිය.
.

24 comments:

  1. අජිත් ධර්මMay 15, 2023 at 10:28 PM

    සලේ කියන්නේ ලෝක හොරෙක්. මිනිහා හෙට අනිද්දා පෙන්ෂන් යන්න ඉන්නේ. ඒ නිසා බොරුවට ෂෝ පෙන්නලා තවත් ඉන්න හදන්නේ.

    අනික ඔය බුජ්ජි අන්සේ ගෝටා ගේ රජ ගෙදර අස්සට මිනිස්සු එනකන් දන්නේ නැහැ.
    මුන්ට ගෙවන පඩි අපරාදේ

    ReplyDelete
    Replies
    1. මගේ 'ගොඩයමු' මූලෝපායෙ කොනක තියෙන්නෙ සිංහල බෞද්ධ ගොවිගම ඡන්ද පදනම කුචු කවලා පොහොට්ටුවෙයි, සජබෙයි සපෝට් එකෙන් රනිල් ජනාධිපතිවරණෙ දිනලා 2029 වෙනකල් රනිල් ටර්ම් එකක් ඇදලා මේක ගොඩදාල දෙන එක. ඒකට මං සම්පූර්ණ ස්වේච්ඡා සහයෝගය දෙනවා. ඊට පස්සෙ, සජිත්, අනුර, චම්පික, නාමල් වගේ දැනට වඩා මෝරපු කෙනෙකුට (සමහරු නාකි මයිනො එතකොට) කරගෙන යන්න පුළුවන්.

      මේ වැඩේ වැඩි බරක් අදින්න පුළුවන් රාජපක්ෂ බලවේගයට. ඒ නිසා දැනට මහින්දානන්ද, ජොනී, රත්තරං වගේ අයට ඇමතිකම් පවා දුන්නට කමක් නැහැ. උන්ටත් මේ ඇරෙන්න වෙන පාරක් නැහැ. රනිල් එක්ක වැඩේ ගොඩදාගත්තොත් නාමල්ට 2029 ට්‍රයි කරතැහැකි. ෂෝට්කට් හොයන්න ගියොත් සෙත්තපොච්චි.

      චම්පික අනුගමනය කරන්නෙ ජවිපෙ බලයට ඇවිත් මාස හයකින් විතර ඔක්කොටම කෙළලා තමනුත් කෙළවාගත්තට පස්සෙ චාන්ස් එක ගන්න. ඒක චම්පික මෙතෙක් ඉතිහාසයේ ගහපු මෝඩම දහං ගැටය බව කණගාටුවෙන් ප්‍රකාශයට පත්කරනවා. හේතුව, ඔහු බලාපොරොත්තු වෙන දෙය කරන්න අනුර ඉඩදෙන්නෙ නැහැ. ජවිපෙට සුරක්ෂිතම මාර්ගය දැන් තියෙන වාසිය මැතිවරණයකදී පාවිච්චි කරලා විපක්ෂ නායකත්වය ගන්නට ට්‍රයි කරන එක.

      චම්පික රනිල් ගාව නැහැ මං ගාව තියෙනවා කියලා හයිලයිට් කරන සහකම්පනය, කුසලතාවට තැන දීම, විවෘතබව, අවංකබව වගේ ඒවා එයා ළඟත් නැහැ. කොටින්ම දැන් නම් ප්‍රායෝගිකවාදයත් නැහැ. ඇත්ත කතාව චමිපික ආස වුුණත් රනිල් චම්පිකව ගන්නෙ නැහැ. එක අතකට පව්, මේ වගේ අතිශය වැදගත් පරිවර්තනීය වකවානුවක ශෙහාන් සේමසිංහ වගේ අය ගන්න අත්දැකීම් ගන්න චම්පිකට අවස්ථාව ලැබුණා නම් හොඳයි. හැබැයි, පොහොට්ටුවෙන් ආපු තරුණ එවුන් ටික මෙතනදී මාර ගොඩනැගීමක් වුණා. උන්ට සුපිරි අවස්ථා ටිකක් රනිල් දුන්නා. උන් හැදුණා. උන්ගේ දියුණුවට මූලික හේතුව එදා සිට නායකත්වයට ගරු කිරීම පුහුණු වීම. අධි උන්නතිකාමය දුකට හේතුවකි.

      සජිත්ටයි චම්පිකටයි දැන් තියෙන්නෙ එකතු වෙන්න. 2029 වෙනකොට ෆොන්සේකලා, කිරිඇල්ලලා, මද්දුම බංඩාරලා වගේ කරදර අවසන් වෙලා තියෙයි. හැබැයි ඉතින් දෙන්නට දෙන්නාත් කරදර තමයි.
      අන්ත වාමාංශිකයන්ට සහ අරගල අරාජිකවාදීන්ට එහෙම සල්ලි ටිකක් අතට එන ඇඩ්වටයිසිං, වීඩියෝ නිෂ්පාදන, යූටියුබ්, එන්ජීඕ වගේ වැඩ දැන් තියෙනවා. ඒවා කරගෙන හොඳට බීලා ඉඳලා රට ගිහින් එසයිලම් ගහගන්නකල් කෆා කෆා කෑලි කෆා ක්‍රීඩාව කරන එකයි තියෙන්නෙ කොටුව ඇතුළෙ.

      එසයිලම් ලැබිලා ඔන්ලයින් විප්ලව කරන එවුන්ට තියෙන්නෙ ඩෝල්ලෙකෙන් කාලා හරි ඩස්බින් එකක් ඇදලා හරි ඇවිත් වෘත්තීය හොටුපෙරීමේ කලාව ෆේස්බුක් එකෙන් ප්‍රගුණ කරන එක.

      Delete
    2. මල්ලියා, පියාබන පිරිසියක ආපු පිටසක්වලයෙක් මගේ කටට පඩයක් ඇරලා ගියා. මං දැන් පැයක් තිස්සේ පඩේ හප හපා ඉන්නේ.
      මේකට මම මොකද කරන්නේ?

      පඩේ හින්දා ගිලින්නත් බැහැ, පිටසක්වල හින්දා අහක දාන්නත් බැහැ.

      Delete
  2. මේවන විට ලංකාවේ බුද්ධි අංශ කියලා කියන්නේ සෙලවෙන මනසට මාතේ සියල්ල මුදල් මත තීරණය වන සමාජයක ආමි ලොක්කාත් සල්ලි වලට ඇමරිකන් රූකඩයක් වෙච්ච රටක නන්දසේන ඔහොම හරි පණ බේරාගෙන මාරු වෙච්ච එකත් එක අතකට හාස්කමක් වගේ, යකඩ මල්ලටත් ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල ගැන කවර කතාද මාතේ රනිල්ටත් ඇමරිකන් සරණ තමයි දැනට පවතින තත්ත්වය අනුව, හැබැයි තව අවුරුද්දකට දෙකකට පමණ පස්සේ නම් ඒකත් නෑ එතකොට චීන එම් එස්/ කේජීබී සරණ තමයි නැතහොත් සොරි ඩොට් කොම්

    නන්දේ ඥාණක්කා පස්සේ ගියෙත් එකෙක් වත් විස්වාස කරන්න බැරි බව අවබෝධ වුණාට පස්සේ, හැබෑවටම ඕක ඔයවගේ දැනුම් තේරුම් නැති පොඩි බබාලාට වගේම නොපෙනෙන බලවේග විශ්වාස නොකරන අපි වගේ අයටත් අදාල වෙන්නෑ, නමුත් යමක් කෙරෙහි 100% බොක්කෙන්ම විශ්වාස කරනවා නම් ඒ දේවල් වලින් ප්‍රතිඵල තියෙන්න පුලුවන්.

    උදාහරණ විදිහට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තොත් භෞතික රෝග ලක්ෂන පෙන්නුවාට ගොඩාක් රෝග වලට මුල මානසික රෝග. එබ්‍රහම් ටී කෝවුර් විශ්වවිද්‍යාලයේ ඉඳලා ගමේ යනවිට ඔහුගේ ආච්චිට අනිවාර්‍යෙන් ගංගානම් ගඟේ ශුද්ධ ජලය බෝතලයක් රැගෙන යා යුතුයි, ඔහු ගමේ දුම්රිය ස්ථානයෙන් බෝතලයකට ජලය පුරවාගෙන ගිහින් දුන්නාම ගමේ හැම රෝගියෙකුටම එයි බින්දු කීපයක් තොල ගෑවාම සුවවෙනවා. ඔවුන් සුවවෙලා ඇවිත් කෝවුර් ට පිං දීලායනවා. දෙවෙනි කතාව ආරියසේන යූ ගමගේ මහතා වෛද්‍ය වරයෙක් වශයෙන් පුහුණු වන කාලයේ ඔහුගේ මහාචාර්යවරයා ( නන්දදාස කෝදාගොඩ මහතා) ලෙඩුන් හොඳට පරීක්ෂක කර ප්‍රතිකාර වශයෙන් ගොඩා ලෙඩුන්ට ADT treatment එක කරන්න කියලා සටහන් කරල තිබුනාලු. මේක පැහැදිලි නැතිනිසා පරන නර්ස් කෙනෙක්ගෙන් ඇහුවාම කීවාලු, any Dam thing ( ඕනේ කෙහ්ම්මලක් දෙන්න කියන එකලු ) ඉතිං ගොඩාක් අයට විටමින් පෙති ටිකක් දුන්නාම සුව වෙලා දොස්තර මහත්මයා ගේ අත් ගුනයට පිං දීලා ගෙදර යනවාලු. ඒ වගේ තමයි ඉතින්.

    ReplyDelete
  3. දැකලවත් නැති එකෙක් නිරූපිකාවක් නමින් එවන්න කිව්වාමයි, ටියුෂන් ගුරුවරයා ගලවන්න කිව්වාමයි පට ගාලා නිරුවත පෙන්නන්න තරම් අපේ කෙල්ලන්ට වැහිච්චි පිස්සුව මොකක්ද කියලා හිතාගන්න බෑ..🤔🤔🤔

    ReplyDelete
  4. ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්ව ඉදිරියට යාමට හේතු ගණනාවක්ම තියෙනව නේද? ඩොලරයේ බලය අවසන් වීමත් සමගම මනූෂ්‍යයන්ව වහල් භාවයට පත්කරගෙන සිටි බ්‍රිතාන්‍ය ඇමෙරිකන් සෝ කෝල්ඩ් අධිරාජ්‍යවාදීන්ගේ බලයද මිනිසුන්ව රවටමින් අධ්‍යත්මික වහලුන් බවට පත්කරගෙන සිටි පල්ලි පන්සල් සහ කෝවිල් වල බලයද ජනතාව දේශපාලනිකව ශක්තියෙන් බෙලහීන කරනු වස් එක එක පක්‍ෂ වලට බෙදා තැබීමට අටවා තිබූ ලංකාවේ සියලුම පක්‍ෂ වල බලයද අවසන් වනු නිසැක බව මගේ අවංක අදහස.

    ReplyDelete
  5. ගූතලන් ජොනියාගේ ගූ කනවා කියන්නේ ඇත්තද?

    අජිත් ඩී කීර්ති ලන්ඩනය

    ReplyDelete
  6. දැන් රට ”ඕ.කේ “කියලා හිතනවා නම් එහෙම හිතන අයට කියන්න තියෙන්නෙ “ගුඩ් ලක්” කියලා තමයි - රොෂාන් මහානාම...

    පහත දැක්වෙන්නේ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම සමග පැවැත් වු සම්මුඛ සාකච්ඡාවකදී ඔහු දක්වන ලද අදහස් සමුහයකි...
    ------------------------------------------------------------------------
    ප්‍රශ්නය – මේ සංවාදය අපි තරමක් වෙනස් දිශානතියකට යොමු කරගනිමු. ආසියාවේ ආශ්චර්ය දකින්න හිටපු අපි දැන් සහමුලින් බංකොලොත් ජාතියක්. කවදාවත් බලාපොරොත්තු නොවුන විදිහට ලෝකය ඉදිරියේ ගර්හාවට ලක්වුන ජාතියක්. අපි නින්දාසහග විදිහට බිඳ වැටිලා. ඇයි අපට මෙහෙම වුනේ ?

    පිළිතුර – මා මේ ඔබට කියන්නේ මගේ හැඟීම. අන්තිම ආත්මාර්ථකාමී මිනිසුන් බහුතරයකින් සමන්විත ජාතියයක්. අපි මෑත ඉතිහාසයෙ හැම තීන්දුවක්ම අරන් තියෙන්නේ අනෙකා ගැන තබා අපේ දරුවන්ගේ අනාගතය ගැනවත් කල්පනා කරලා නොවෙයි… තමන්ගෙ වාසියට. තමන්ගේ සමීපතමයින්ගේ ඒ මොහොතේ උන්නතියට. තමන්ට අවාසියක් සිදුවනවා නම් රට ගැන හෝ ජාතියක් මුහුණ දෙන ව්‍යසනය ගැන කතා කරන්න කැමති නැති දේශපාලකයින්, ව්‍යාපාරිකයින්, වෘත්තිකයින්, සමාජ ක්‍රියාකාරිකයින්, ජනමාධ්‍ය සහිත රටකට, රටට සිද්ධවන විනාශයට එරෙහි වන්නන් අවප්‍රමාණ කරන රටකට මීට වඩා වෙනස් ඉරණමක් බලාපොරොත්තු වෙන්න බෑ.

    මා ක්‍රීඩකයෙක් ලෙස කතා කරන්නම්. අපි 11 දෙනෙක් කණ්ඩායමට සෙල්ලම් කරන්නේ රටේ මිලියන 22ක් නියෝජනය කරමින්. අපේ අරමුණ තරගය දිනන එක නම් තනි තනිව එකතු කරගන්නා ලකුණ ඉලක්ක කරගන්න ඕන කණ්ඩායමේ ජයග්‍රහණය. තනි පුද්ගලයෙක් මොනතරම් හොඳට තමන්ගේ ගේම් එක සෙල්ලම් කළත් මැච් පරදිනවා නම් ඒ ක්‍රීඩා කිරීමේ තේරුමක් නෑ.
    ඒත් ගොඩාක් ක්ෂේත්‍රවල ඉන්න අය කලේ මේකයි. තනි තනිව තම තමන්ගේ ගේම් එක ප්ලේ කරනවා. ඉහළම ලකුණු ගන්නවා. ඒත් අන්තිමට මැච් එක පරාදයි.
    වැඩේ තියෙන්නෙ හොඳටම පැරදුන වෙලාවට කවුරුත් පරාද වීමේ වගකීම ගන්නෙ නැති එක. හැමෝම කියන්නේ අපි අපේ කාලේ හොඳටම කළා කියලා. ඒ අය ඒ අයගේ කාලේ හොඳටම කළා නම් අද අපේ රටට මෙහෙම වෙන්නේ නෑ.
    ඒ වගේම මහජනතාව හිතන්න ඕන අනෙත් අයට ඇඟිලි දික්කරන් කලින් මෙතෙක් අපි කළේ හරි දේ ද කියලා. අපි පත්කරගත්ත පාලකයින් අප විසින් තෝරගත්තේ අපට ලැබෙනු ඇතැයි විශ්වාස කළ සුළු වරප්‍රසාද වරදාන ගැන කල්පනා කරලා නොවෙයි ද කියලා අප අපේ හෘදය සාක්ෂියෙන් විමසිය යුතුයි. දැන් මේ ඉරණම අපට අත් කරලා දීලා තියෙන්නේ එදා අපේ තේරීමම තමයි.

    ප්‍රශ්නය – පොඩ්ඩක් බාධා කරන්න ඕන… මේ ගමන ගැන අපට යම් කුකුසක් තියනවා. ඔබ මේ හදන්නේ දේශපාලනයට ප්‍රවේශ වෙන්න ද?.

    පිළිතුර – ( සිනාසෙමින්)… කවදාවත් නෑ. ඔබ ඔය හිතන විදිහට බොහෝ දෙනෙක් කල්පනා කරනවා.

    එහෙම දේශපාලනයට එන්න මට අවශ්‍යතාවය තිබුණ නම් ඒක සිද්ධ වෙන්නේ මීට දශක දෙකකටත් එපිට දි. දේශපාලනයට සම්බන්ධ වෙන්න කියලා මට ආරාධනා කරන්නේ 1999 දි. ඒත් මම එදත් විශ්වාස කරනවා අදත් විශ්වාස කරනවා මගේ ගමන ඒක නෙමෙයි කියලා. මේ රටේ දේශපාලනය කියලා හඳුනාගන්න දේ ඇතුළෙ දේශපාලකයෙක් කරනවට වඩා විශාල වැඩ කොටසක් මගේ සැලසුම් ඇතුළෙ මට තෘප්තිමත්ව කරන්න පුලුවන්.

    අනික දේශපාලනය කියන්නෙ මේ රටේ සම්ප්‍රදායිකව හඳුනා ගන්න පක්ෂවලට ලඝු වෙච්චි ගර්හිත තත්ත්වයක් නෙමෙයි. මහා විශාල සමාජ දර්ශනයක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නය – පසුගිය කාලේ අපි දැක්කා ඔබ අරගල භූමියේ ඉන්නවා. දැන් අරගලය කියන එක අර්ථ දක්වමින් ඇත්ත සමාජ අපගමනයක අවස්ථාවක් විදිහට නේද?

      පිළිතුර – මෙතන දැන් මේ තත්ත්වය ගැන කතා කරන්නේ සමස්ථයේ එක් කොටසක් අරගෙන. හැමොම දැන් කියන්නේ මේ ජනතා නැගිටීම මතුවන්නේ මහා දේශපාලනයකින් කියලා. ඇයි මේ කාටවත් ඉන් එහා පෙළ ගැහෙන සිද්ධි මතක නැතතේ. ඉන්ධන ටික නැතිව, ගෑස් ටික නැතිව, අන්ත අසරණ වෙලා පොලිම්වල පීඩාවට පත්වුන මිනිස්සු නෙමෙයි ද ඉස්සරවෙලාම තමන්ගේ ගේ ඉස්සරහා පාරේ බෝඩ් එකක් අරගෙන හිටියෙ. මුලින්ම විරෝධතාවය ආවෙ ගෝල්ෆේස් එකේ නෙමෙයි. පාරවල්වල. සංවිධානාත්මකව මිනිස්සු මුලින්ම එළියට ආවේ කොහුවලදි. ඒ එළියට බැස්ස හැම මිනිහම පක්ෂ පාට භේදයක් නැතිව ආවේ පාලකයින්ට ඒ අයගේ වගකීම ගැන මතක් කරන්න. සමාජ පරිවර්තනයක් ගැන කතා කරන්න ගත්තේ මේ තත්ත්වය පුලුල්ව අවබෝධ වෙන්න පටන් ගත්තට පස්සේ.

      මම එලියට ආවේ නෑ… හිටියෙ එළියෙම තමයි. මගේ තාත්තගේ ඉතාම සමීප මාමා කෙනෙක්. අවුරුදු 85යි. මට කලින් ඔහු ගියා ගෝල්ෆේස් එකට. මම දන්නවා. මගෙ තාත්තා හිටියා නම් මට කලින් ඔහුත් යනවා. ඒ එළියේ අසරණ වෙච්චි මිනිස්සු වෙනුවෙන්. ඔබ දන්නව ද. මම කොළඹ වතු ඔක්කොටම ගියා. මිනිස්සු එක වේලක් කාලා හිටියෙ. මට කියන්න අපි ඒ තත්ත්වයක් ඇතුළෙ බලන් සිටිය යුතු ද කියලා?.

      ප්‍රශ්නය – ඔව් එහෙම කාලයක් තිබුණා. ඒත් ඉතින් දැන් ඕ.කේ වගේ නේ ද?

      පිළිතුර – තමන්ගේ දරුවට අධ්‍යාපනය ලබා දෙන්න පාසල් භාණ්ඩ ටික මිලදී ගන්න බැරිනම්, දරුවන්ගේ අධ්‍යාපන වියදමත් කප්පාදු කරලා නම්, ලේඩි රිජ්වේ ඇතුළු රෝහල්වල සැත්කම් සියයට පනහක් නවත්වලා නම්, පිළිකා රෝගීන්ට බෙහෙත් ටික පිටින් ගන්න වෙලා නම්, රෝහල්වල බෙහෙත්ටික නැතිනම්, වැඩිවෙච්ච විදුලි බිල සද්ද නැතිව ගෙවාගෙන, දෙගුණයකට වැඩි මුදලක් දීලා පෙට්‍රල් ටික කෝටා එකට ගහගෙන, දෙගුණයකට වඩා වැඩි වුන ගෑස් ටැංකිය අරන් ඇවිත්, වැඩි වෙලා නැති පඩියෙන් ගෙදර ආර්ථිකය කළමනාකරණය කරගන්න හදන මිනිස්සු හිතනවා නම් දැන් ඕ.කේ කියලා ඇත්තටම මට කියන්න තියෙන්නේ “ගුඩ් ලක්” කියලා විතරයි.

      අපි මේ දැන් කතා කරන්නේ අපි වෙනුවෙන් නෙමෙයි. අපේ මුණුබුරු මිනිබිරියන් වෙනුවෙන්. නූපන් අනාගත පරම්පාරවක් වෙනුවෙන්. මම එළියට ආවේ මොකක්ද අපට තියන සමාජ වගකීම කියලා රටට කියන්න. මම අවසාන වශයෙන් මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නෙ එකම දෙයයි. තමන්ගේ පපුවට අත තියලා අහන්න මෙච්චරකල් අපි තීරණ ගත්තේ අපේ අභිවෘද්ධිය වෙනුවෙන් ද රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ද කියලා. මා විශ්වාස කරනවා මේ රටේ සෑම ක්ෂේත්‍රයකම වෘත්තිකයො තමන්ගේ පපුවට අත තියලා තමන්ගෙන්ම අහන්න ඕන අපි රට වෙනුවෙන් අපේ කොටස කළා ද කියලා.

      Delete
  7. රටක ජාතික ආරක්ෂාව භාරව ඇති බුද්ධි අංශ අවංක කාර්යශූර සහ බුද්ධිමත් විය යුතු යි මොකද රටේ ජනජීවිතය ආර්ථිකය ආදී හැම දෙයක්ම ආරක්ෂා වෙලා තියෙන්නේ ජාතික ආරක්ෂාව මත උදාහරණයක් විදියට 2020 අවුරුද්දේ දී මගේ යාලුවෙක් අවුරුදු 22 යි ඌට අපි සෝලා pannel හයි කරකර හිටියේ වහලක් උඩ උදේ 10 විතර වෙද්දී ඒ යාලුවා එකවරම කලන්තේ වගේ කියල වහල උඩම වැටෙන්න ගියා කට්ටිය අල්ලගෙන පහලට අරන් හොස්පිටල් අරන් ගියා docter කිව්වේ ඇඟේ සීනී අඩුවෙලා කියලා ඒ docter ගේ ජීවීතේ එච්චර තරුණ කෙනෙක් හම්බ උනාම කිව්වා සීනී අඩුවෙලා ආපු ඒ කොල්ලා නම් හොඳට කාලා බීලා හිටපු කෙනෙක්, ඒ නිසාම මනා සිහි බුද්ධියෙන් කල්පනාකාරී ලෙස කටයුතු කරන එක ඔවුන්ගේ වගකීම.

    ReplyDelete
  8. එක කෙල්ලෙක් කාලයක් මගෙ පස්සෙන් ආව..ඒත් මං ඒකිට ආදරේ කළේ නෑ.ඒකි ලස්සනත් නෑ.ඇති විශේෂත්වයකුත් නෑ.එය දුප්පත් පවුලක කෙල්ලෙක්.තනියම ජීවත්වුනේ. එයාගෙ මූනෙ හැමවෙලාවෙම තිබුණෙ මහ බරපතළ ශෝකාකූල පෙනුමක්.මං ආස වුනේ නෑ ඒකට.මට ඕන වුනේ හුරතල් සෙක්සි කෙල්ලෙක් මම ඒක එයාට කියලා තියෙනව.ඒ සාරා..

    කවදාවත් කෙලින් නොකිව්වට සාරා මට ආදරේ කළා.මං ඒක දැනගන හිටියා.

    සාරා මගෙ පස්සෙන් ආව අවුරුදු ගානම මම ඔලී පස්සෙන් ගියා.ඔලී ලස්සන කෙල්ලෙක්..හුරතල් කෙල්ලෙක්.සිනිඳු කෙල්ලෙක්...හොඳ පවුල් පසුබිමක කෙල්ලෙක්..ඉතිං මං ඇයි ඔලීට ආදරේ නොකරන්නෙ....

    මගෙ බිස්නස් එක වැටුණා .ඒක කියන්න මට කෙනෙක් හිටියෙ නෑ.ඒක ඔලීට කියලා වැඩක් නෑ.ඔලීට ඒ ගැන තේරුමක් නෑ.අනික මගෙ ආර්ථිකය අවුල් කියලා දනගත්තම ඔලීගේ ආදරය අඩුවෙන්න ඉඩ තියෙනව කියල මගෙ හිත කිව්ව.ගෑනුන්ට ඕන ප්‍රබල පිරිමියෙක්..මං ප්‍රබල පිරිමියෙක් බව ඇයට ඔප්පු කරන්න ඕන.මට ඇයව රැක බලාගන්න පුලුවන් බව ඇයට ඔප්පු කරන්න ඕන..ඉතිං මං ඇයට කිව්වෙ නෑ..

    මං ඒක සාරට කිව්වා.සාරා මට අදහස් දුන්නා.හැබැයි වැටිච්ච බිස්නස් එක ගොඩගන්න එක ලේසි වුනේ නෑ.

    වෙනදා වගේ කෝල් කරපු ගමන් ඔලීව බලන්න යන්න මට නිදහසක් තිබ්බෙ නෑ.මට වැඩ කන්දක්.මම ආයෙ නාන්න ඕන.ඇඳුම් මැදල අඳින්න ඕන.ඒකට ගැලපෙන සපත්තු .දෙයියනේ කාර් එක ෆිනෑන්ස් එකෙන් උස්සලා දවස් ගානක්.මට ඔලීව නැතිවෙයි කියන බයට මං කොහොම හරි බොරු දාහක් කියලා,කරලා ඔලී ඉස්සරහා මාව මේන්ටේන් කළා.සාරා මට උදවු කළා ඔලීව සතුටු කරන්න,..ඇත්තම කිව්වොත් ඔලී මට වැඩියෙන්ම මට බැඳුනෙ ඒ කාලෙ.ස්ත්‍රී හදවතේ හැම අහුමුල්ලක්ම දන්න සාරා ඔලීව මට සම්පූර්ණයෙන්ම දිනා දුන්නා කිව්වොත් නිවැරදි.

    ReplyDelete
    Replies
    1. අන්තිමේ මං ආයේ හිටපු තත්වෙට ආවා.ඒ නැවත ගොඩ නැඟීමට ප්‍රබලම හේතුවක් වුනේ සාරාගෙ දිරිගැන්වීම් සහ අදහස් කියනෙක සම්පුර්ණයෙන් ඇත්තක්.

      කාලය ගෙවිලා,සාරා ආයෙම දුරස් වෙලා ගියා.මං මගෙ විවාහයට සූදානම් වෙමින් හිටියා.

      මගෙ එන්ගේජ්මන්ට් එකට ම්ං සාරට එන්න කිව්ව.ඒකත් හෙට උදේ කියලා කිව්වෙ..එක කෝල් එකයි.සාරා එන්නම් කිව්ව.

      හෙට මගෙ විවාහ ගිවිස ගැනීම..මම මගෙ යාලුවොත් එක්ක ශරන්‍යා රෙස්ට් එකේ පොඩි පාටියක් එදා.

      මගෙ විවාහක මිත්‍රයො විවාහය ගැන මට උපදෙස් දෙන්න පටන් ගනිද්දි රෑ එකොලහ පහුවෙලා.

      ඔක්කොම සාම්ප්‍රදායික උපදේශ.බාගයක් කුනුහරුප..ඒව එච්චර වැදගත් නෑ.

      මට හිටපු නිහඬම මිත්‍රයා සන්දේශ්..ඔහුගෙ විවාහය අවුරුද්දකට සීමා වුනා.ඔහු දික්කසාද වුනා.ඔහු මට මෙහෙම කිව්ව.ඒ මගෙ පිටට අතකුත් තියලා..

      "ඕනම මනුස්සයෙක් කසාද බඳින්න ඕන පවුලක් පන්සලක් කියන එකේ පන්සලක් කියන කෑල්ල බලාගන මචං..ඔය පන්සල කියනෙකේ අදහස බං සැනසීම,නිදහස කියනෙක..එතකොට ආභරණ ආටෝප නැති නිදහස් කියනෙක....අන්න ඒක තමා අපිට මචං කසාදෙකින් ඕන කරන්නෙ.."
      "යකෝ පන්සල් යන්නෙත් මේකප් දාල මේකප් දලා..ආටෝප නැත්තෙ මොකද..ආටෝප..ඇයි උඹට හිටියෙ එකක්..අප්පා ..ඒක උඹ කවදහරි හරියට දැක්කද මචං...නෑ මං ඇහුවෙ ඒක ඉතිං අත පයටත් මේකප් දාගනනෙ හිටියෙ...."

      ඒ අනුරාධ..අනුරාධගෙ කට වහන්න ඕන කමක් මටත් තිබ්බත් මට ඉස්සර වුනේ මාලිංග.

      "මචං සංදේශයා..සිරාවට ඇයි බං උඹ ඩිවෝස් වුනේ..?"

      ඇල්කොහොල් හින්ඳ නෙවෙයිනම් මාලිංග කවදාවත් ඒක අහන එකක් නෑ.

      "මට මං වෙලා ඉන්න නැති හින්ඳ...මට මං නැතිවුනා මචං කසාදෙන් පස්සෙ.ඒ අවුරුද්දම ගෙදර හිටියෙ ශානිගෙ හබී මිසක් සන්දේශ් නෙවෙයි..මට මහන්සි වුනාම මං මේ වගෙ තනියෙන්ම ගහලා ගෙදර ගියා..ආන්න එතකොට මං..මම වෙලා හිටියා...මාව..ඒ කියන්නෙ ඇත්තම ඇත්ත මාව දකිනකොට ඒකිට එපා වුනා.ඒකිත් වැරදි නෑ..මං අවුරුදු පහක් ඒකි ඉස්සරහ මේන්ටේන් කළේ මචං ඒකි ආස සංදේශයා මිසක් ඇත්තම ඇත්ත මං නෙවෙයි..ඒකි කියනෙක ඇත්ත.මං ඒකිවත් රවට්ටල මාවත් රවට්ටගත්ත..ආන්න එතකොට සැනසීම නෑ මචං..සැනසීම තියෙන්නෙ මට මං වෙලාම ඉන්න කිසි අවුලක් නැති එකා ගාව...ඕ...අන්නේකයි ඇත්ත."

      Delete
    2. එදා රෑ මං හුඟාක් හිතුවා.මට මං වෙලා ඉන්න බැරිවීම කියන එකෙන් සන්දේශ් අදහස් කළේ මොකද්ද කියලා.

      මං හිතන්නෙ මං ඒක තේරුම් ගත්තා.

      මං ඔලී ගාව ඉන්නෙ මම හැටියටමද?ඔලී නම් මම ගාව ඉන්නෙ ඔලී හැටියටම තමා..

      ඔලී හමබ්වෙන්න යද්දි මම තාමත් හුඟක් හිතනව..මගෙ ඇඳුම ගැන,ඒක එයාට කැතට පෙනෙයිද,,අතේ තියා සල්ලි ඇතිවෙයිද,එයාට මගෙ පැහුනු කෙස් ගහක් පෙනෙයිද වගෙ දේවල්...

      දෙයියනේ එතකොට මං හැමදාමත් ඔලී කැමති මිනිහව මේන්ටේන් කරන්න ඕනද?ජීවිත කාලෙම?.

      ඒ වෙලාවෙ මට දැනුණෙ මට මොකද්ද මේ වෙන්න යන අපරාධෙ වගෙ හැඟීමක්...එතකොට ඔලී..ඔලීට වෙන්න යන්නෙත් මට වෙන්න යන අපරාධෙට අඩු අපරාධයක් නෙවෙයි කියලත් මට මතක් වුනා..

      ඒ වෙලාවෙ සාරගෙන මැසේජ් එකක් ආවා.එන්න වෙන්නෙ නෑ කියන්න.

      "ඇයි?"මම ඇහුවා.

      ඇත්තටම මේකයි මට හෙට අඳින්න ඇඳුමක් නෑ.මම වෙඩින් එකට අනිවාර්යයෙන්ම එන්නම්.."සාරා කිව්ව.

      මට සාරා එක්ක කතා කරන්න ඕන වුනා.මං සාරාට මැසේජ් එකක් යැව්ව මෙහෙම

      "මේ මට උඹ එක්ක ටිකක් කතාකරන්න ඕන..පොඩ්ඩක් හිටපං ඕෆ්ලයින් යන්නෙපා..මං චූ පාරක් දාල එන්නම් විනාඩියෙන් "කියලා.

      බාත් රූම් එකේ හිටපු විනාඩියට මට මෙහෙම දේවල් ටිකක් හිතුණා.

      ඔලී එක්ක ඉද්දි වොෂ් රූම් ගිහින් එන්නම් බබා කියන මම "චූ බරයි බං"කියලා නිදහසේ කියනවා.

      සාරා හමබවෙන්න යන්න අලුතින් ඇඳුම් ඕන නෑ.මේ ඇඳන් ඉන්න ඕන එකකින් යන්න පුලුවන්.

      නහය හරි පස්ස හරි කහනව නම් "කහනව"කියලා පාඩුවේ කහගන්න පුලුවන්.

      මං ගාව නම් සල්ලි නෑ ඔයා ගාව තියෙනවද කියලා දෙපාරක් නොහිතා අහන්න පුලුවන්.

      අතේ තියන ගානට කමු කියන්න පුලුවන්

      රෙදි හෝදලා නෑ.ඇඳන් එන්න එකක් නැ.කිලුටු එකක් ඇඳන් එන්නෙ කියන්න පුලුවන් .

      ගැලපෙන ඒව නොහිතා මට පහසු සපත්තු දෙකක් දාන්න ඇඳුමක් අඳින්න
      පුලුවන්

      ලෙඩක් දුකක් වුන දාක හැමදේම බලාගන්න ඒකි ඉන්නව කියන විශ්වාසෙන් මට හොඳවෙනකම් නිදහසේ නිදාගන්න මට පුලුවන්.

      මං දවස් ගානක් නාලා නැතුව දත් මැදල නැතුව රැවුල කපලා නැතුව හිටියත් සාරා ආව කියලා දැනගත්තොත් ගෙදර දොර අරින්න මට පුලුවන් ..ඒත් ඒ ආවෙ ඔලී නම් මං දොර අරින්න බය වෙනව.මෙහෙම ජරාවට මාව දැකල ඒකිට මාව එපා වෙයි කියලා.

      මට හරියට ඉංග්‍රීසි බෑ කියලා ඔලීට කියන්න මට ලැජ්ජා වුනාට මං ඒක සාරට හැංගුවෙ නෑ.

      කාලය වේගයෙන් ගලාගන ගියා..

      හරියටම මාස හයකට පස්සෙ දවසක මම සාරාව කසාද බැන්ඳා..වෙඩින් නෑ..මොකද අම්මලා ඔලීව මිසක් සාරව භාරගන්න කැමති වුනෙ නෑ.

      ඔලී මට සාප තියලා රටින් ගියා.පස්සෙ ආරංචි වුනා එයාගෙ කලින් බෝයිෆ්‍රෙන්ඩ්ව එහෙදි බැන්ඳ කියලා.

      දැන් අපි බැඳලා අවුරුදු දෙකක්.සාරාගෙ මූනෙ දැන් අර ශෝකාකූල පෙනුම නෑ.ආදරය ලබන්න ලබන්න සාරා හුඟාක් සිනිඳු වුනා කියල මට හිතෙනව.ඇත්තමයි ඔලීට වඩා හුඟාක් සිනිඳුයි සාරා...මේ ලෝකේ හුරතල්ම සෙක්සිම කෙල්ල සාරා..හැබැයි ඒ කෙල්ල මතුවෙන්න ටික කාලයක් ගියා.
      ඒ මොනව කොහොම වුනත් මට කියන්න තියෙන්නෙ මම මං හැටියට ජීවත් වෙනව.අමතර වෙහෙසක් නෑ.සැනසීමක් තියනව ගෙදර යන එකේ.ටයි ගැටේකින් හිරකරන හැම පිරිමියෙක් ඇතුලෙම වගේ මගෙ ඇතුලෙත් ඉන්න අමු ගොරකයා තෙත පිටින් ඇඳ උඩ දාපු ටවල් එක අරන් අව්වට දාන්න යනගමන් මං ලඟට ආව සාරා මගෙන් අහලා යනව "හෙනා එකක් දාන්නද කියලා."
      මගෙ ඔලුවට.ගෙදරින් එලියෙ කිසිකෙනෙක් නොදන්නවට සාරා දන්නව මගෙ කෙස් සුදුයි කියලා..

      මං කියන්නෙ හැම මිනිහෙක්ම ගෑනියෙක්ම බඳින්න ඕන තමන්ට තමන්ම වෙලා ඉන්න ඉඩ දෙන කෙනෙක්ව.
      එයා ඉස්සරහ ගෙදර අය ඉස්සරහ ඉන්නව වගේම ඉන්න පුලුවන් නම්
      එයා ඉස්සරහ තමන්ගෙ නැති කම්,බැරි කම්,දුර්වල කම් කියන්න ලැජ්ජාවක් බයක් ඇතිවෙන්නෙ නැත්තං ..එයා තමා හරි කෙනා....

      එයා ගාව මට මං වෙලාම ඉන්න පුලුවන් ද..අමතර වෙහෙසක් නැතුව...එයා තමා හරිම කෙනා...විවාහ වෙන්න ජීවත් වෙන්න එයා තමා හරිම කෙනා....

      Delete
  9. Gayanita diwa danna oni

    ReplyDelete
  10. @ මාතේ,

    ජෙරමියස් පර්නාන්දෝ නබි නායක තුමා (සල් අල්ලා හෝ අළෛ වෝ,සල්ලම්) සර්වබලධාරි දෙවියන් වහන්සේගේ බලයෙන් ලංකාවේ ක්‍රිකට් ටීම් එකට ගෙනාපු භානුක රාජපක්ෂ තරුණ ක්‍රීඩකයාට දැන් ලංකාවේ ටීම් එකත් නෑ අයි පී එලුත් නෑ වෙන ලීග් තරගාවලිවලටත් චාන්ස් නැතිව ඇපත් නැතිවෙලා ඉන්නවා මේ දවස් වල ඒ ගැන මොනව හරි කරන්න පුළුවන් වෙයි ද නුඹට? ජනාධිපති තුමාට පෞද්ගලිකව කතා කරල බලන්න මොනව හරි කරමු

    භානුක ටීම් එකට ගනිව් කියලා තේරීම් කමිටුවටත් දැඩි විරෝධය සහ බලපෑම් එල්ල කරමින් ක්‍රිකට් බෝඩ් එක ඉස්සරහ කෑ ගහලා උද්ඝෝෂණ කරපු ක්‍රිකට් පිස්සුවෙන් පෙළුණූ ෆෑන් කොල්ලෝ භානුකයා ජෙරමියස් ගේ ස්ටේජ් එකට නැගලා හැමදේටම දෙවියන් වහන්සේටම පමණක් තුති ප්‍රශංසා කිරීමත් අරුන්ට අඩුම තරමින් ස්තුතියි කියලාවත් කෘතඥතාවය පළ නොකළ බවත් කියමින්ම භානුකව අතහැර දමා ඇතිනිසා දැන් ඔහු අසරණයි ඔහුට ඔබගේ සහාය අවශ්‍යයි

    දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව තමයි ඉතින් තීරණයක් ගන්න වෙන්නේ, කෝකටත් දෙවියන් වහන්සේට යාච්ඤා කරලම වැඩේ පටන්ගන්න ටිල්බරි ලොජ් එකේ

    දෙවියන්මැ වහන්සේගේ කැමැත්ත අනුව තමයි ඉතින් හැමදේම තීරණය වෙන්නේ ලංකාවේ වැඩිම ආදායම් ලබපු අයි පී එල් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු සුරංග ගැන හිතන්නේ මොකද කියලා කියන්න පුළුවන් ද? ජාතික ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය දග පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට මේ දිනවල ක්‍රීඩා කරමින් සිටින නමුත් ඔහු නියෝජනය කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අවසන් තරග දෙකේදීම වනිදු හසරංග සිය කණ්ඩායමට ඇතුළත් කර ගත්තේ නැත.

    ReplyDelete
  11. මාතලන් මම මේක නිර්නාමිකව පල කරන්නේ මගේ දෙයක් නොවන නිසා දන්න අදුරන අය මගේ ප්‍රශ්නයක් කියලා හිතෙනවා ඒකයි.


    මගේ හොදම යාලුවෙක් ඉන්නවා (පිරිමි ලමයෙක්) එයා දැන් බැදලා බබෙකුත් ඉන්නවා.එයා බැදපු ගෑනු ලමයා එක්ක යාලු වෙන්න කලින් එයාට affair එකක් තිබිලා තියෙනවා. බලද්දි ඒ ගෑනු කෙනා බැදලා ලමයි දෙන්නෙකුත් ඉන්න කෙනෙක්. එයාගේ husband එයත් එක්ක separate වෙලා ඉදලා තියෙන්නේ (divorce නෙමෙයි ලමයි) ඒ කාලේ තමයි මේ මගේ යාලුවා එක්ක යාලුවෙලා ඉදලා තියෙන්නේ.ඒ ගෑනු කෙනාට මෙයාගෙන් බබෙක් හම්බ වෙන්න ඉදලා.ඒ ගෑනු කෙනා කියලා තියෙන්නේ මාස 5ක් විතර ගියාට පස්සේ.ඊට පස්සේ ඒ ගෑනු කෙනා එයාගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා එක්ක සමාදාන වෙලා ඉන්න අතරේ පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාලා මේ පිරිමි ලමයා නිසා හම්බ උන ලමයට උප්පැන්නෙට මේ පිරිමි ලමයාගේ නම දෙන්න කියලා.ඒ වගේම රුපියල් 5000ක නඩත්තු ගාස්තුවක් හැම මාසෙම ගෙවන්න කියලා (උසාවි යන්නේ නැතුව පොලිසියෙන් කියලා තියෙන්නේ)

    දැන් තියෙන ප්‍රශ්න කීපයක් තමයි;

    01. ඒ ගෑනු කෙනා නිත්‍යානුකූලව බැදලා ඉන්නකොට වෙන කෙනෙක්ගේ නමක් දරුවට දෙන්න පුලුවන්ද?

    02. ඒ වගේම එයා බැදලා එයාට ස්වාමිපුරුෂයෙක් ඉන්න නිසා නඩත්තු ගෙවන්න ඕනෙද?

    03. අනිත් දේ තමයි මේ කිසිම දෙයක් එයාගේ wife දන්නේ නැහැ.අර ගෑනු කෙනා ලමයව මොන්ටිසෝරි දාන්නත් මෙයාට කතා කරනවලු.නැත්තන් ගෙදර ඇවිත් wife ට ඔක්කොම කියනවලු.

    අනේ මේ බ්ලොග් එක බලන කට්ටිය අතර නීතිය දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න මොකද්ද කරන්න ඕනේ කියලා.

    ReplyDelete
  12. මේ කතාව ඇත්ත. බුද්ධි අංශ සැලකෙන්නේ ජාතික ආරක්ෂාවේ කොඳු නාරටිය වශයෙනි. මේ දිනවල ලංකාවේ බුද්ධි අංශ ගැන නිතර නිතර කතාබහට ලක්වෙමින් තිබේ. බුද්ධි අංශ පාවා දෙන්නට ඇතැයි ආන්දෝලනයක් පැවතීම ඊට හේතුවයි. අතීතය දෙස බලන විට අපේ රටේ බුද්ධි අංශ බිඳවට්ටන්නට උත්සාහ කෙරුණු අවස්ථා ද එමටය. ඉතිහාසයේ මහා පාවාදීම් කරමින් බුද්ධි අංශය බිඳ වැට්ටවූ හැම අවස්ථාවකම බලයේ සිටියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් වීම ද විශේෂත්වයකි.

    1941 වසරේ ඔක්තෝම්බර් මස 01 වන දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශය ලෙස ආරම්භ කරන ලද ශ්‍රී ලාංකීය බුද්ධි සේවාව වරින් වර නාමික හා විවිධ ව්‍යුහාත්මක වෙනස්කම් වලට භාජනය වෙමින් පැමිණ 2006 වසරේ සිට රාජ්‍ය බුද්ධි සේවාව ලෙස නම් කරමින් මේ දක්වා මෙරට ජාතික ආරක‍්ෂාව සුරක්‍ෂිත කිරීමේ භාරධුර කාර්ය්‍යයේ නියැලී සිටි. නිකමුන් බෝ කරමින් සියල්ල රජයෙන් කර දෙන මෙන් උද්ඝෝෂණ කිරීමම පමණක් දත් ලකේපංකාවේ බුද්ධි අංශ නෙවෙයි සාමාන්‍ය පවුල් ගත්තත් බලපන් මම දැකලා තියනවා සමහර ගෙවල්වලින් කැමති නෑ ළමයි අලුත් වාහනයක්වත් ගන්නවට සමෘද්ධි සහනාධාර නැතිවෙයි කියලා. ඒ වගේ මම දන්න අම්මා කෙනෙක් රජයෙන් OL අසමත් කියලා තෝරලා දුන්න සුළු සේවක රැකියාවට ළමයට යන්න දුන්නෙත් නෑ. අපේ ගොඩක් අයට ඕන මහන්සි නොවි ගෙදරට වෙලා රජයෙන් කෝටිගණන් දීලා කෝටිපතියෝ කරනකම් බලන් ඉන්න. එතකම් රජයටත් උපදෙස් දෙන්න. දියුණු කියන රටවල් දියුණු වෙන කාලේ කාපු කට්ට දැක්කා නම් තේරෙනවා හොද තැනකට එන්න විදින්න ඕන දුක

    ReplyDelete
  13. අජිත් ධර්මා කීර්ති සමලිංගික සේවනයේ නිරත වෙන වීඩියෝ පටය දුටුවද මාතේ?

    ReplyDelete
  14. මේවා හදන්න පුලුවන් රටවල්නෙවෙ...වගකීමෙන් කියනවා..😂🙏 මහින්දල රනිල්ලා සජිත්ලා අනුර කුමාරලා වගේ කාලකන්නි දේසපාලුවෝ හරි බං... මොකද ඇත්තටම රට හරක් පට්ටියක් නං උන් එලදෙන්නුගේ කිරි ටික දොවාගෙන විකුනන් කාලා සැපෙ ඉන්නවා....😎😂 රටෙ හරක් ඉදගෙන දේශපාලකයොන්ට විතරක් බැනල හරි යන් නෑ..😂🙏 යක්කපුත්තුන්ගෙ tipper part available ..🙏😂

    ReplyDelete
  15. මාතේ එයාපෝට් එකට උබර් පික් මී ටැක්සි වලට එන්න ඉඩ දෙන්න එපා කියලා එයාපෝට් ටැක්සි සහ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ආශ්‍රිත ත්‍රී රෝද රථ ටැක්සි සේවා සපයන කණ්‌ඩායම් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා ජාතික ජන බලවේගය ද මේ උද්ඝෝෂණය වෙනුවෙන් සම්පූර්ණ සහාය ලබාදෙන අතර අනුර කුමාර දිසානායක සහෝදරයා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේද දැඩිව විවේචනය කළා.

    සමහරු කියනවා මේ ඌබර්, පික් මී හොදයි කියලා... ටිකක් හොඳ අඩු මිලක් ඇති,,, නමුත් ලංකාවෙ සංචාරක කර්මාන්තය මතම යැපෙන බොහෝ පිරිසක් ඉන්නවා, SLTDA එකෙන් "සංචාරක රියදුරෙක්" කියල පුහුනුවක් දීලා ලයිසන් එකක් තියන පිරිසක්. ඒ අතරිනුත් බොහෝමයක් අය Area Guide හෝ National Guide කියන license එකත් අරගෙන ඉතාමත් ගෞරවනීය විදියට වුර්තීය කරන පිරිසක් ඉන්නවා.
    මෙතනට මේ ඌබර් හෝ පික් මී කියන දේ ඇතුලු වුනාම තරගකාරීතවය වගේම සංචාරක රියදුරන්ට ලැබෙන හයර් ප්‍රමානය අඩු වෙනවා. මේ බොහෝමයක් රියදුරන් සංචාරකයන් පමනක් ප්‍රවාහනය කරන නිසා ඔවුනේ මෝටර් රත ඇතුලත සහ පිටත ඉතාමත් පිරිසිදුව පවත්වාගෙන යන්න සහ, සංචාරකයෙකු අපහසුතාවයට් පත් නොවන ආකාරයෙන් වුර්තීය කරගෙන යන්න අමතර වියදමක් දරනවා.( දැං කියාවි අපිත් වාහන පිරිසිදුව තියන් ඉන්නව, ඕක මහ දෙයක්ද කියල).

    ඊට අමතරව, මේ සංචාරක කර්මාන්තය කියන එකෙන් රටට ලැබෙන ඩොලර් හෝ විදේශ විනිමය බොහෝ ප්‍රමානයක් ආපහු රටෙන් එලියට ඇදිලා යනවා, ඒ සංචාරක කර්මාන්තය ඉහල ගුනාත්මක භාවයකින් පවත්වාගෙන යන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සහ නිමි ද්‍රව්‍ය ආනයනය කරන්න. එතකොට මේ උබර් වගෙ ඇප් එකක් භාවිතා කරනකොට හයර් එකේ ගාස්තුවෙන් 25%ක පමන් කොමිස් මුදලක් ඌබර් එකට අය වෙනවා. සුලු වශයෙන් උනත් ඒකත් ඩොලර් විදියට පිට රටට යනවා.

    ඊලගට කියනන් තියෙන්නෙ, සිල්ලර කඩයක් කරන එකත් සුද්දෙක් ආවම රුපියල් 100 තැබිලි ගෙඩිය 200ට විකුනන ගමන් මෙතන අනිත් රියදුරන්ටත් ඌබර් දුවන්න කියල වැඩක් නැහැ. සංචාරකයෙක් ලංකාවට ආවම, රටට වාසියක් වෙන්නෙ, සංචාරකයා වියදම් කරන තරමට. ඒක ඉතිං හොර ක්‍රම වලට නැතුව බැංකු හරහා නියම විදියට විදේශ මුදල් මාරු කරන්න ක්‍රමය හදන්න මහ එවුන් දැනගන්න ඕනෙ.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ සංචාරක කර්මාන්තයේ ගුනාත්මකබව පවත්වාගෙන යන්න, ඌබර් හෝ පික් මී වැනි ඒවාට මීට වඩා නියාමනයක් අවශ්‍යයි.
    මෙව්වා සාදරනීකරනය කරනවා නම්, සංචාරකයෙක් අරං යන්න ලයිසන් එකක් තියෙන්නෙ ඕන කියල ලයිසන් චෙක් කරපු පොලිස් මහත්තුරුන්ගෙන් අහන්න ඇයි සංචාරක රියදුරු ලයිසන් එක චෙක් කරේ කියල.
    අනිත් එක මේ දවස් වල වියදම් වල හැටියට ඔය ගනන්වලට හයර් ගිහින්, වාහනෙ නඩත්තු රෙපෙයාර් කරගන්න පුළුවන් ද කියලත් හිතන්න. දුවන හයර් ගාන වැඩි නිසා අතට ගානක් එනව කියල හිතුවට මේ දවස් වල වාහන අමතර කොටස් සර්විස් වලට යන වියදම් එක්ක ගලපල බලන්නකො,,, ඒ නිසාම ජාතික ජන බලවේගය සමග එක්ව මීට ඔබේ උපරිම සහාය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.

    ReplyDelete
  16. ලංකාවේ ටොයෝටා සහ සුසුකි වගේ Hybrid වාහන තියන ගොඩක් අයට තියන ගැටළුව තමයි Hybrid battery එකේ තියන විශාල ගණන් වැඩිකම සහ එය නිතර ලෙඩ දීම.

    අපේ රටේම සෙල්ස් එකලස් කරමින් "ලිතියම්" battery නිෂ්පාදනය කරමින් ඔබට සහනදායී මිලකට ලබාදීමට මේ වන විටත් www.breakdownservice.lk ජාත්‍යන්තර ජයගත් අප ආයතනය පියවර ගෙන තිබෙනවා.මෙම පණිවිඩය හැකිතාක් ඔබ දන්න පිරිසට යොමු කරන්න.

    දැනට "සීමිත පිරිසක්" සදහා අප ආයතනය විසින් නිෂ්පාදනය කළ බැටරි ප්‍රමාණය සවිකරදීම ( වසර 05ක වගකීම මත) සිදු කෙරෙනවා.

    මෙම සේවාව ඉතාම කඩිනමින් රටපුරාම ක්‍රියාත්මක කිරීමට අපි සැලසුම් කර ඇති නිසා ඔබ සැමද දිනයක් සහ වෙලාවක් වෙන් කර ගනිමින් ඔබේ රථයේ මුදල් වැයවීම අඩු කර ගන්න. රථය නොමිලේ පරීක්ෂා කර ගන්න "දිනය" සහ "වෙලාව" වෙන්කර ගැනීමට අමතන්න. "කොළඹ රාජගිරිය අප නව සේවා ස්ථානය"
    අමතන්න - 0777139441.

    ReplyDelete
  17. දිවැසිවර ජෙරම් ප්‍රනාන්දු වෙත,
    ==================

    ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ක්‍රිස්තියානි දහම හා බුදු දහම වෙනස් වන්නේ කුමන කාරණයෙන් දැ යි කියන්නට උත්සාහ දරා ඇති වීඩීයෝ පටයක් දුටු නිසා, ආගම් සන්සන්දනය කිරීම නුසුදුසු කාරණයක් වුවත් වීඩීයෝ පටයෙන් මහත් අපහසුවට පත් බෞද්ධ, කිතුනු ජනයා වෙනුවෙන් සහ ඔබ ගේ හිතසුව පිණිස මෙසේ ලි‍යන්නට සිත් විය.

    🔺බුදු දහම මැවුම්කාර සර්ව බලධාරී දෙවියෙකු හෝ බ්‍රහ්මයෙකු ප්‍රතික්ෂේප කරන අතර ලෝකයේ පැවැත්ම හේතුඵල දහමක් මත රදා පවතින්නක් බව සඳහන් කරයි.

    🔺බුදු දහම " කර්මය හා කර්ම ඵලය " පිළිගන්නා නමුත් සියල්ල සිදුවන්නේ කර්මයෙන් යන " පුබ්බේකත හේතු වාදය" මිත්‍යාදෘෂ්ටියක් ලෙස ප්‍රතික්ෂේප කරයි (මහා තිත්ථායතන සූත්‍රය).

    🔺බුදුන් වහන්සේව Enlightened One ‍( අවබෝධයට පත් තැනැත්තා) යනුවෙන් හඳුවන්නේ කිසිවකු ගේ මග පෙන්වීමකින් තොරව ( ස්වයංභූත ඥානය) චතුරාර්‍ය සත්‍ය (දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය) අවබෝධ කරගත් නිසා ය.

    🔺බුදුන් වහන්සේ ආලෝකයක් ගැන සෙවුවේ නැත. සිද්ධාර්ථ බෝසතාණන් ගිහිගෙයින් නික්මුයේ කුසලය යනු කුමක්ද? සත්‍ය ‍යනු කුමක්ද? (කිං කුසල ගවේසී? කිං සච්ච ගවේසී? )යන ධර්ම පර්යේෂණය උදෙසා වන අතර උන්වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීමත් සමග පෙර නො ඇසූ දහමක ආලෝකය උපන් බව දම්සක් පැවතුම් සූත්‍රයේ දී දේශනා කර ඇත ( ඉදං දුක්ඛසමුදයං අරියසච්චන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි... ආලෝකෝ උදපාදි” ).

    🔺බෞද්ධයන් කිසිදා මහා කාරුණික බුදුන් වහන්සේ ගේ ප්‍රේමය ගැන ප්‍රශ්න නොකරන්නේ උන් වහන්සේ ප්‍රේමයෙන් බියත්, ශෝකයත් උපදනා බව ධම්මපදය | පිය වග්ගයේ දී දේශනා කර ඇති නිසා ය. (" පේමතෝ ජායතී සෝකෝ- පේමතෝ ජායතී භයං"). බෞද්ධයන්ට ද බුදුන් වහන්සේ කෙරෙහි ඇත්තේ ප්‍රේමයක් නොව ශ්‍රද්ධාවකි.

    🔺කිසිදු බෞද්ධයෙකුට යේසුස් වහන්සේව අවශ්‍ය වන්නේ නැත.
    නිවන් මාර්ගය සඳහා බෞද්ධයන්ට අවශ්‍ය වන්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තියත්, සද්ධර්ම ශ්‍රවනයත්, යෝනිසෝමනසිකාරයත්, ධම්මානුධම්ම ප්‍රතිපදාවත් පමණි.

    🔺බුදුන් වහන්සේ යනු නිර්වාන මාර්ගය පෙන්වා දුන් ශාස්තෲන් වහන්සේය. උන්වහන්සේටවත් අප හට එය අවබෝධ කළ නොහැකිය. එය අප විසින්ම කරගත යුත්තකි.

    ▪️ජෙරම් ප්‍රනාන්දු දිවැසියනි,

    ඔබ යේසුස් කිස්තූස් වහන්සේ දේශනා කළ විමුක්ති මාර්ගය, ස්වර්ගය, දෙවුමවු තුරුළ, ප්‍රේමය, පාපාන්ධකාරය, දයානුකම්පාව, දස පනත, පරණ තෙස්තමේන්තුව, අලුත් තෙස්තමේන්තුව ගැන කිතුනුවන්ට දේශනා කරන්න. මුදල් ඉපයීමේ ව්‍යාපෘතිය සාර්ථකව කරගන්න. නිරාගමිකයන්ගෙන් පවා බැට කන බෞද්ධයන්ට හා බුදු දහමට අත නොතියන්න.

    ================
    සොනාල ගුණවර්ධන

    ReplyDelete
  18. 1080 සේවක සේවිකාවො වැඩ කරපු පාදුක්ක මීපේ හයිඩ්‍රාමිනී ගාමන්ට් ෆැක්ට්‍රි එක හෙට දින වසා දමනවාලු.. මේ දිනපතා රටපුරා එකින් එක වසා දැමෙන නිශ්පාදන මධ්‍යස්ථාන වලින් එකක් පමණයි.. හයිඩ්‍රාමිනී ගෲප් එක ලංකාවේ තිබුණු ප්‍රධාන සමාගම් ජාලයක් මම දන්න තරමින්..

    විරැකියාව වැඩි වෙනවා.. අපනයන ආදායම් නැති වෙනවා.. එක ගලයි ලොකු කුරුල්ලෝ දෙන්නයි..

    ඊට අමතරව ලංකාවේ තියෙන අනිත් ප්‍රධාන ඇඟලුම් සමාගම් ඒවාට ලැබෙන ඇනවුම් පවා ඔවුන්ගේ බංග්ලාදේශ හෝ වෙනත් රටවල ඇති කම්හල් වෙත යොමු කරමින් ඉන්නවා කියලා කියනවා..

    ලෝකය පුරා ආර්ථික අර්බුද එක්ක ඇගලුම් වගේ නිෂ්පාදනවල ඉල්ලුම අඩු වෙන අතරේ ඒ තත්වයන් නොසලකා තඩි අපනයන බද්දක් ගහන රටක ඉරණම මීට වඩා වෙනස් වෙන්න හේතුවක් නෑ..

    අධික බදු නිසා අරක්කු බිස්නස් එක අඩු වෙන එක දියවන්නාවෙ බාර් හිමිකරුවන්ගෙ සංසදයට දැනුනට අනිත් කර්මාන්ත බිඳ වැටීම් එයාලට එහෙම පහසුවෙන් දැනෙන්නේ නෑ..

    ඒ වගේ තත්වයක ලංකාවේ ෆ්ලෑග් නැව්වලට පඩියට බදු ගැසීම නිසා ලංකාවේ ෆ්ලෑග් එකම විනාශ වෙලා ඒ එන විදේශ ආදායම් පවා නැති වෙනවා කියලා කොහේ දැනෙනවද ඉතිං.. දැන් කට්ටිය පුරාජේරු ගහන්නෙ අපිට ඩොලර් වැඩිත් එක්ක ගානට..

    ඔහොම යමං කියලා තමයි කියන්න තියෙන්නේ..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න