රත්තරන් පෙම් පුරාණේ
රට බඩු හා කන පැලෙන බදු
➖➖➖➖➖➖➖➖➖➖🔴
අලී සබ්‍රී කියලා හාදයෙක් රත්තරන් සහ ස්මාර්ට් ෆෝන් වගයක් ගෙනත් බඩු මාට්ටු වෙනවා... හාදයා පාර්ලිමේන්තු මන්තිරි කෙනෙක්....
පොර ඩුබායි ඉඳලා ඇවිත්, කටුනායක ප්‍රභූ පර්‍යන්තයෙන් එලියට එන්නේ.... මීට කලින් හත් වතාවක්ම, පොර විතරක්, මේ වැඩේ කරලා තියෙනවා... (තව කී දෙනෙක් එන්නැද්ද නේ )
දැන් ඔහේලට තේරුනැයි පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු මන්ත්‍රිවරු, පාර්ලිමේන්තු සභාවාර වලට එනවටත් වඩා, ඩුබායි සිංගප්පූරූ බැංකොක් යන්නේ ඇයි කියලා...
දැනට මාට්ටු වුනේ දෙන්නයි... ඒ, ජේ ආර් පප්පගේ කාළේ මාට්ටු වෙච්චි අනුර ඩැනියෙලුයි... මේ, අලී සබ්‍රියයි විතරයි... ජේ ආර්, අනුර ඩැනියෙල් ඉවත් කලාට ඊට පස්සේ ආවේ එයාගේ නංගී...
ජේ ආර් ගේ කාළයේ තමයි, මේ වගේ දූෂණ ක්‍රියා මහා පරිමාණයෙන් පටන් ගත්තේ... මහින්දගේ කාළේ මේවා සාමාන්‍ය සිඳුවීම් සයිස් එකට ආවා විතරක් නෙමේ... මේ දූෂණ විතරක්ම නෙමේ, ස්ත්‍රී දූෂණ, ළමා දූෂණ... කරන උන් ප්‍රාදේශීය රජවරු වුනා.. ප්‍රසිද්ධියේ මිනී මරලා බේරිලා ඉන්නත් ක්‍රමය සකස් කළා... අන්තීමේ මිනිස්සුන්ට එපාම වෙලා ගියා..
මැයි 9 ක්‍රියා කිසිසේත්ම අනුමත නොකලත්, අමරකීර්ති අතුකෝරාල ජීවිතයෙන් වන්දි ගෙව්වේ මේවටම තමා....
එතකොට අලී සබ්‍රී ඇයි ආන්ඩුවට විරුද්ධව චන්දය දුන්නේ... පොර ප්‍රසිද්ධියේම කියනවා ඌ ජනාධිපති ලේකම් සමන් ඒකනායකටයි අගමැති දිනේෂ්‍ට කතා කළා.... එයාලා මූ බේරුවේ නැත්නම්... තව මොකටද උන්ට චන්දෙත් දෙන්නේ කියලා...
ඇත්තටම මේ තාක් කල් වුනේ ඒක... ඕකුන් විතරක් නෙමේ... සාමාන්‍ය ජනතාවත් කස්ටම් ඔෆිසර් කෙනෙක් අල්ලලා වැඩේ ගොඩ දාගන්නවා... එයාලගේ ජීවන තත්වය හා කෙරුවාවන් ගැන අමුතුවෙන් ලියන්නෝන නෑ නේ...
ඌ කෝල් කලා වගේම, රේගුවේ ලොක්කත් සමන් ඒකනායකට කතා කරලා තියෙනවා... සියළු විස්තර අහපු... විදෙස්ගත වෙලා හිටපු රනිල් කියලා තියෙන්නේ... නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන්න කියලා විතරයි...
ඒ විතරක් නෙමෙයි ... මින් මතුවට VVIP හෙවත් අති විශේෂිත ප්‍රභූවරුන්ගේ ගමන්මලු සියල්ලත් පරීක්ෂා කරන්න නියෝග කරලා...
එයින් නැවතිලා නෑ.. දැන් එතන ස්කෑනින් යන්ත්‍රයකුත් ස්ථාපිත කරලා...
හරි නම් එනකොට ඉතරක් නෙමේ... යනකොටත් චෙක් කරන්න ඕන...
සිස්ටම් චේන්ජ් වෙමින් තිබෙන බව මිනිස්සුන්ට දැනෙමින් පවතිනවා...
රනිල් වගේම නිළධාරීනුත් වෙනස් වෙලා...
ඒ කෙසේ වෙතත් .... මාතලන් මේ වැඩේට... ඒ කියන්නේ රත්තරන් හා සෙල්ෆෝන් වැනි දේ ගෙන ඒම නීතී විරෝධී වීමට විරුද්ධයි ..
ඕක නීතී විරෝධි වෙන්නේ... ඕවට කන පැලෙන්න බදු ගගන නිසා නේ... ආන්ඩුවේ උන්ට පින් පඩි ගෙවන්න කන පැලෙන බදු ගැහුවාම.. අවසන් පරිප්පුව කන්නේ සාමාන්‍ය පාරිභෝගිකයා ...
දැන් පෝට් සිටි හෙවත් වරාය නගරයේ ඩියුටි ෆ්‍රී ෂොපින් මෝල් එකක් දාන්න යනවලු සිංගප්පූරුවෙන්... එතකොටවත් මේ නීතී රීතී වෙනස් විය යුතුමයි....
මේ වගේ එදිනෙදා භාවිතා කරන දේට (ස්මාර්ට් ෆෝන්) කන පැලෙන බදු ගහලා .... ඒවා අධිපරිභෝජනවාදී ගොඩට දාන්නෙත් ආන්ඩුවේ ගොබ්බයින්මයි....
බිස්නස් කරන මිනිස්සුන්ගෙනුයි පාරිභෝගිකයින්ගෙනුයි කප්පම් අරගෙන ජීවත් වෙනවට වඩා... ආදායම් ලබා ගන්න වෙන මක්කා හරි කලා නම් බොහෝ වටිනවා...
බදු ගැහුවට කමක් නෑ...හැබයි ඒක ඉහමොළ හූරගෙන කන බද්දක් නොවී...
ඒ වගත් මෙසේය......
.
රත්තරන් ගෙන එමෙත් සීමා පනවලා තියෙන්නේ ඇයි කියලා දන්නා කෙනෙක් කියනවද?
ReplyDeleteපූසෙක් රත්තරං ගොඩක් මැද තිබ්බෝත් වගේ වගක් නැතුව නිස්කලංකව නිදාගෙන ඉන්නවා. ඒත් ඔතන සාලයො මාළු ටිකක් තිබුන නම් පූසගෙ හැසිරීම මීට වඩා වෙනස්..
ReplyDeleteපූසෙක් විතරක් නෙවෙයි සියලු ලෝක සත්වයාගේ හැසිරීම මේ වගේ තමයි. තමන්ගෙ මානසික වටිනාකමේ ප්‍රමාණය අනුව ඇලිලා ඉන්නෙ.
තමන් යම් දේකට මනසින් දුන්නු වටිනාකම අනුව තමයි තමන්ට වටින්නෙ.
සැබෑවටම ඉතාම වටින දේවල්, කෙනෙකුට පයට පෑගෙන දූවිලි තරම්වත් වටිනාකමක් නැත්තෙ ඒකයි. බාහිර අජීවී වස්තූන්, ප්‍රේමයන්, හැඟීම්, හැමදේකම වටිනාකම එහෙමයි.
ඒ නිසා යමෙක් දෙන වටිනාකම් මත, ඔබේ ජීවිතයේ වටිනාකම තීරණය කරන්න එපා. ඔබ කෙතරම් ආදරණීය වුණත්, කෙනෙක්ට ඔබේ ප්‍රේමය නොවටින්න පුළුවන්. ඒක ඒ පුද්ගලයගෙ හිතින් ඔබ ගැන මැවිලා තියෙන වටිනාකමේ ප්‍රමාණය.
භෞතික කිසිවක් මනසින් අල්ලා නොගෙන සිටීමට මනස පුහුණු කරගත් විට, ඔබට එය කවුරුන් හෝ පැහැර ගනීද / නැතිවේවිද / බියක් නොදැනෙන නිත්‍ය වූ සැනසීමක් දැනේවි.ඒ නිසා වටිනාකම් දිදී ඇලීම වෙනුවට, නොඇලීම පුහුණු කරන්න.
කොහේ හරි ඉන්න අනන්‍යතා අර්බුධයකින් පෙළෙන Attention seeker කෙනෙක් ඇවිල්ලා ( ජීවත් වෙන්න බඩ රස්සාවට වෙන්න පුලුවන් ) මොනවා හරි තමන් දන්නෙ නැති ,සංවිධිත අධ්‍යනයක් නැති කාරණයක් ගැන මහ සමාජය අවුලවන හෑල්ලක් කියනවා..
ReplyDeleteවිෂයය දන්න අය දන්නවා මෙලෝ අවබෝධයක් නැතිවයි කියවන්නෙ කියලා... අඩු කළේ සෙලවේ...!
මුලින් ටෝක දෙන්නේ හෙණම ලයින් එකෙන්. ඒ අස්සේ වටේ ඉන්න මොවුන්ටම හරියන ගොබ්බ යාලු මිත්‍රාදීන් ටිකයි, රැල්ලට මොවුන් අදහන දායක සභා වල ගොබ්බ රැළයි එකතු වෙලා මොවුන්ගෙ පිටවල් කහලා මුරුංගා අත්තේ නංවනවා.
ඒත් අර වගේම ඒ ගැන කිසිම අධ්‍යයනයක් නැති සුකිරි බටිල්ලො ටිකක්..
ඊට පස්සෙ සමාජයෙන් විරෝධතාවය ආවට පස්සේ නැට්ට පස්සෙ ගහගෙන සමාව ඉල්ලනවා..
ඉතින් මේ වගේ විකටයින්ගෙ ටෝක්ස් වලට පදනම් වෙන ෆන්ඩමෙන්ටල් නෝර්ම් එකක් විදියට කියවන්නේ තමන්ගේ ඕනම වචනනයකට වග වෙන්න තරම් මොවුන්ට හැකියාවක් තියනවා කියන එක.
තමන් හොදටම දන්නවා කියන එකයි ඊට පිටිපස්සෙන් තියෙන්නෙ.
මොවුන් ඔය උඩ දාගෙන ඉල්ලන අන්ත නිදහස් ,පොලිටිකල් කරෙක්ට් සමාජයෙ මූල පදනමත් හැම වෙලාවෙම එහෙම පිරිසක් ඉන්න සමාජයක් හදන එකලුනෙ..
හැබැයි ගොබ්බ කතාවක් කියලා "අනී කාගේ හරි හිත රිදුනනම් සමා වෙන්න" වගේ වදන් දාලා ලිස්සලා යන්න හදන ගොන් පාර්ට් වලින් කරන්නේ ඔවුන්ම දෙසාබාන ෆන්ඩමෙන්ටල් බිඳින එක.
කොච්චර අපි මරාගත්තත් බයියෝ හොඳයි කියලා මේ දිව දෙකේ අපතයන්ට වඩා.
තමන් විශ්වාස කරන , කියන , කරන දේ වෙනුවෙන් ඍජුව පෙනී ඉන්න තරම් එක්කෝ මොවුන්ට කොන්දක් නෑ...!
නැත්නම් , කියපු දේ කියල තියෙන්නෙ නොදන්නාකමින්..!
දෙකෙන්ම පේන්නෙ හිස්කම ...
පාවෙන පරඩැල් තමයි 👆
- ආචාර්ය ප්‍රියංකර මහගම්මුල්ලගේ
සිස්ටම් චේන්ජ් ඇරැඹුණි ගිය අවුරුද්දේ
ReplyDeleteටික ටික රැල්ල ගහනව නැතිවම සද්දෙ
නොකර බැරිම තැන්වල දානව සුද්දේ
හැම තැනටම පැතිරේවා මේ යුද්දේ
++++++++++
ReplyDeleteSaumyage kimbata diwa danna oni
ReplyDelete