.

.

Feb 27, 2024

පොලිස්පති, කාදිනල්, බෝනගේන් සජිත් හා අගලකඩ සිරිසුමන


 

පොලිස්පති, කාදිනල්, 

බෝනගේන් සජිත් හා අගලකඩ සිරිසුමන

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕▪️


දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව... වෙන්ට ජනපති අනුර කුමාර උන්නැහේ හඬක් නොනැගීම ගැන... රැඩිකල් සමාජවාදීන්ට මල පැනලා තියෙනවාය. මුන්නැහේලා නිරාගමිකයි කීවාට... උග්‍ර සිංහළ බෞද්ධ විරෝධී කාදිනල් හිතවාදී පල්ලි කාක්කන්ම වන්නේය. මාතලන් කියන්නේ බොරු නම් මේ සියල්ලන්ගෙන්ම එන්නේ මාලිගාවත්ත ලී මෝලෙන් එනවා වාගේ එකම හඬක් බව විමසිල්ලෙන් අහන්නෙකුට දැනෙනවාය.


රනිල් ජනාධිපති වීමෙන් ඉක්බිති... මේ පිරිස දිගටම පච වෙමින් උන්නද, ඒවා පයිසයකට මායිම් නොකොට... තව දුරටත් හත් පොලේ ගාගනිමින් සිටිනවාය. දේශබන්දු තෙන්නකෝන්ගේ පෙර වැරදි අපට අදාල නොවන්නේ... පොලීසිය කියන්නේ මේ බංකොලොත් රාජ්‍යයේ තවත් බංකොලොත් ආයතනයක්ම වන නිසාය.


නමුත්.... පොලීසියට පොලිස්පති ලෙස අවශ්‍ය වන්නේ... කාදිනල් හා පල්ලියේ පූජාවලට නටනා හල්පාරුවකු හෝ අරගල චන්ඩීන්ට බයේ නටනා රූකඩයක් නොව,  වචනයේ පරිසමාතර්තයෙන්ම ත්‍රාඩ පොලිස්කාරයෙකි. මේ තිරිසන් තුච්ඡ සමාජය යහමගට ගැන්මට නම්... විෂෙන් විෂ නසනවා මිස, බබා හුකුං කරලා නම් හරියන්නේ නැතිය.


මීට විරුද්ධ පිරිස අතර... බෝනගේන් සජිත් උන්නැහේ හා නීතී විකාරද ජී ඇල් පීරිස්ද ඉන්නවාය. ජී ඇල් දැන් දිරච්ච ළණු දෙන්නේ සජිත් ප්‍රේමදාසටය. උන්නැහේ ළණු කන්නන්ගේ සංඟමයේ සභාපති නිසා... ඒවා බලා ආතල් ගන්නවා හැර වෙන කොරන්නට දෙයක් අපට ඇත්තේ නැතිය.


පට්ටම ආතල් එක කියන්නේ... සජබේ අනුශාසක මහාචාර්‍ය  අගලකඩ සිරිසුමන උන්නාන්සේත්... දේශබන්දුගේ පැත්තේ අසුන් ගැන්මය. ඒ සිහළ බෞද්ධ බලවේගයේ පවර් එකය. අරගල චන්ඩීන් ගා පල්ලි කාක්කන් පුප ඉරාගෙන දැඟලුවද ගල් ආඳෝ පිරිසක් වන ජෙප්පෝ සද්දෙ වහලා ඉන්නේ ඒ නිසාය.


යුද්ධය විකුණාගෙන කන්න බැරි උනාට... සිහළ බෞද්ධ බලවේගයත්.. ඩේට් එක්ස්පයර් ප්‍රොඩක්ට් එකක්‍ය කියලා ආතල් ගත්ත අයට... අපේ බලවට ශෝකය මෙයින් ප්‍රකාෂ කර සිටිනවාය.


ධම්මේ භවෝ රක්ඛති ධම්මාචාරී

- ශ්‍රී ලංකා පොලීසිය -

.

22 comments:

  1. අඩු කර ගන්ට අවධානය මිනිසුන්ගේ
    කලින්-කලට දෙයි- පුවතුත් මේ වාගේ
    අපිත් ලණු ගිලිමු නියමෙට මෙව්වන්ගේ
    කල එළඹුනම බලමුකො ජන බලවේගේ!

    ReplyDelete
    Replies
    1. නාමල් බේබි ටත් ඇත ජනපති යෝගේ
      ගේමු ද ආශ්චරියක් ඉස්සර වාගේ
      කටවුට් පෝස්ටර් ගැහුවොත් එතුමාගේ
      දාහක් ෂුවර් බත් සමඟින් ගල් බාගේ

      Delete
  2. යුක්තිය පටන් අරන් දෙක නෙලාගෙන එනකොට කුඩු ඇන්ජීඕ වලින් යැපෙන අරගල කුඩ්ඩන් සහ පල්ලියේ කපුටු රැළ නිදහස් දා බෝඩ් උස්සන් නැටුවා මතකද? සමහර විට ගෝටා එක්ක කළ සෙල්ලම අත් හදා බැලුවා වෙන්න පුළුවන්. ගෝටා හොඳා ළමායා වීමට ගොස් සුදු රෙදි පොරවන් සිල් අරන් සිටි නිසා අරගල කුඩ්ඩන දරමිටි බැඳීමට ගත්තාට රනිල්ට හොඳ ළමයෙක් වීමට උවමනාවක් ඇතැයි පේන්නේ නැත. මොකද ඇමරිකාව ප්‍රමුක බටහිරයන්ට රනිල් කොයික කළත් හොඳය. හරියට නිකන් ඊශ්‍රායලය කරණා හැම දේම හොඳයි වගේය..තෝර තෝර කොටින්ව මැරූ ශ්‍රී ලන්කන් හමුදාවට මානව හිමිකම් චෝදනා එන්නත්, මකුණූ තියරියෙන් ගාසාව ප්ලැට් කළ ඉශ්‍රායලයට බිලියන ගනනින් අරමුදල් ලැබීමෙත් රහස එයයි. මෙය නොදැන රඟන්න හැදුවොත් අරගල කුඩ්ඩන්ට මෙදා පාර පුක මසා විරේක බේත් ලබෙනවා නොඅනුමානය...

    ReplyDelete
    Replies
    1. Agreed 100% 👍

      Delete
    2. කොහොමත් රනිල් හාමුට එරෙහිව අරගල බුවාලා දාන ගොම්පාට් වලට අනුර ලොක්කගෙන් ඒහැටි සප් එකක් නෑ වගේ නේ ද??

      Delete
  3. ඇත්තටම මාතලන් දේශපාලනය හා ආර්ථික තත්ත්වය එකිනෙකට සම්බන්ධයි, පෙනෙන විදියට ලංකාවේ රුපියලට සාපේක්ෂව ඩොලර් එක තව ටිකක් අඩු වෙනවා...
    හේතුව තමයි මිනිස්සුන්ට ඩොලර් වල අවශ්‍යතාවය අඩුයි ...

    හැබැයි ලංකාව ණය වාරික ගෙවනවා නම්..
    ලංකාවට වාහන ආනයනය කරනවා නම් ..
    ඩොලර් රටින් පිටට යනවා .. එහෙම ඩොලර් වැය වෙලා , හිඟයක් ඇති උනොත් තමයි ඩොලරය අඩු නොවී තියෙන්නේ ...

    මේ මාස කිහිපයට ඉන්ධන සඳහා, විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන සඳහා ඉල්ලුමත් සෑහෙන අඩු වෙලා තියෙන්නේ ..
    ඒ කියන්නේ රටෙන් පිටට ඩොලර් යන්නේ නෑ... ඉතිං ඩොලරය අඩු වෙනවා...

    කොටින්ම මිනිස්සුන්ගේ අවශ්‍යතා මැඩ පැවත්වීම නිසා තමයි ඩොලර් ඉතුරු වෙලා තියෙන්නේ...

    හැබැයි , ජනාධිපතිවරණය (තිබ්බොත්), ඒක පරාජය වෙන්න ඉඩක් තියෙනවා නම්, මේ රනිල් වික්‍රමසිංහ රජය කියන පාලකයෝ , ජනතාව මෙහෙම පටි තද කරගැනීම නිසා ඉතුරු වෙලා තියෙන සංචිත ටික දිය කරලා හරිනවාමයි....

    මාර්තු -සැප්තැම්බර් අතර කාලය තුළ එහෙම සංචිත දිය කිරීමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්...
    ඒ නිසා වෙන්න පුලුවන් දේ තමයි , ඩොලරය තව ටික දවසක් යන කම් අඩු වේවි.. 280 සීමාවටත් වඩා අඩු වෙන්න පුලුවන්...

    ඔය අතරේදී විදේශ ණය ගෙවන්න තීරණය කලොත් ඒක නැවත් වැඩි වෙනවාමයි..... කොහොම හරි ඊළඟට බලයට පත්වන එකාට මේ පරිප්පු කන්න වෙනවා, ඒක දන්න ගල්කපටි හොර නාමලා සහ පොහොට්ටුව සද්ද නැතිව ඉන්න බව පෙනෙන්නට තිබෙන අතර මෝඩ සජබ ගොන් රැල වගේම අන්දෝ සංසාරේ ආර්ථික දැනුමක් නැති මාලිමා බූරු රැල බොරුවට රඟනවා... කොහොම උනත් ඊළඟට පත්වන රජයට උපරිම වසරක් හෝ දෙකකට වඩා බලයේ ඉන්න ලැබෙන එකක් නැති බව පේන්න තියෙනව ඊට පස්සේ ආපහු රනිල් වික්‍රමසිංහට හෝ වෙනත් ඇමරිකා ඉන්දීය සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඔවුන් තෝරාගන්න වෙන එකෙකුට ලංකාවේ බලය මෙහෙයවන ඒජන්ත තනතුර ලබාදෙයි

    ReplyDelete
  4. මර්සලින් ජයකොඩි - පන්සලේ පියතුමා
    ගල්කන්දේ ධම්මානන්ද - පල්ලියේ හාමුදුරුවෝ

    ReplyDelete
    Replies
    1. මාගල්කන්දේ සුදත්ත - ගල් පල්ලියේ හාමුදුරුවෝ

      Delete
    2. මචන් අන්තෝනියෝ ඇත්ත කතාව බන් ඇත්ත කොහෙත් මේ කරදර එකයි මට හිතෙන්නෙ,අපේ ගෙවල් අහල පහලත් මෙහෙමමයි, අල්ලපු ගෙදර බල්ලො දෙන්නෙක් ඉන්නව උන්දෙන්න හරියටම බුරන්න පටන්ගන්නෙ රෑ දහයට,එතන ඉදන් එළිවෙනකම් සැරෙන්සැරේ බුරනව,ඒමදිවට ඒගෙදර තාත්තයි පුතයි දෙන්න කාගම සිරිනන්ද ද මොකක්ද කියන අර පිස්සුව තද වෙච්ච හොරගණ උත්තිග පුත්‍ර රත්නය Httpගේ අර ගෑණූපේන්න කුණුහරුප බණක් තියාගෙන ඒකම දානව උන්දෙන්නගෙ ගෑණු දෙන්නගෙ වැරදි කියවේගෙන එද්දි සද්දෙ උපරිම දානව උන්ට ඇතිවෙනකම් අපි අර කාලකණ්නි තට්ට බේසාවගේ කන්දොස්කිරියාව අහන් ඉන්න ඕනෙ, ලංකාවේ ඉන්නෙම පිස්සුහුටන් එව්න්දකොහෙද අප්පා....

      Delete
  5. සහන් කසීර කතා වස්තුව.
    මගේ පෙර පිනකටද කොහෙද මගේ හොඳම යාලුවෙක්ගෙන් මට මැසේජ් එකක් එනවා මෙහෙම.
    " මචන් කසීර කියලා ඩයල් එකක් ඉන්නවා, රටවටේම පොලු, මම දැක්කා උබේ පෝස්ට් දෙකතුනකත් ඉන්නවා. ලඟින් ගියොත් ඇහැක් නෑ ඩයල් එකගෙන් පරෙස්සම් වෙයන් " කියලා.
    ඇත්තටම යාලුවා අනතුරු ඇගවුවෙ මම රාෆි පටන් මෙන්ඩිස් තුරු රැවටිලා තියෙන සහ තාම පරන ගොනා වික්කෙ නැති බව හොඳින් දන්න නිසා.
    යාලුවාගෙ මැසේජ් එක ඇවිත් දවස් තුනකින් සහන් මහත්තයා ඒ විදිහටම ඉල්ලලා තිබුනා. සතා අදුරන නිසා මම සල්ලි දුන්නෙ නෑ.
    ඒක මම මගේ යාලුවෙක්ට කියලා ඒ යාලුවාවත් බේරගත්තා. ඒ යාලුවාට මම මගෙන් අහපු ස්ක්‍රීන්‍ශොට් එකක් යවලා තිබුනා. ඒක මෙයාට ගිහිල්ලා මෙන්න හෝ ගාලා අපේ ආගමේ විශ්වාසය ගැන වදන් ටිකක් ගූගල් එකෙන් අහුලගෙන මට කියනව 😂 අයිසෙ සහන්, මට විශ්වාසය ගැන උගන්නන්න කලින් තමුන්නාන්සෙව විශ්වාස කරල සල්ලි දීපු අයගෙ නය බේරලා හිටූ 😂😂 🙏
    තවදෙයක්,
    මුන්ට අපිව ගොන්නුවගේද බන් පේන්නෙ 😒
    මොනා හිතාගෙනද ඔහොම ඉන්බොක්ස් අස්සෙ ඉල්ල ඉල්ල යන්නෙ. අතපය හොඳට තියෙන එවුන් නේද මේ.

    ReplyDelete
    Replies
    1. ඔය කියන පොර යකෝ මගෙනුත් සල්ලි ඉල්ලුවා යකුනේ අප්‍රේල් මාසෙයි ජූනි මාසෙයි. වෙලාවට දුන්නේ නැත්තේ මුගේ $&@&); ඕනේ

      Delete
    2. ආර්ථිකේ කෙසේද ?

      Delete
  6. ඔය ලෙල්ලම් හොරා වන කාදිනල් කියන කම්බා හොරා, මන්දබුද්ධික සජිත් ප්‍රේමදාස කියන ඇට රිලාමොටා සහ කාලකන්නි සිරිසුමන හොරගණයා තුන්දෙනාට පොදු සාධකය විදියට මෙලෝ ලබ්බක් ඉස්කෝලේ නොකරපු, ඉගෙන නොගත්, එනිසාම අතෘප්තිකර රැකියා වලට සෙට් වෙච්චි වැඩිහිටියන් ට රස කර කරා සූප්පු කරන්න ඉතිරි වෙලා තියෙන්නේ ඔය පිනට ලැබුණු "ළමා කාලේ" විතරයි.

    ඔය ළමා කාලේ ගැන දේශනා කරන එවූන් බොහෝ දෙනා පට්ට ලොසා ලා.
    ලෝකේ හොල්ලපු අයින්ස්ටයින් ලා, හෝකින් ලා, ළමා කාලේ ගත කලේ කුඩා ගෙවල් වල සීතලේ.

    බරක් ඔබාමා කියන ජනඝාතක මිනිමරුවා තාත්තෙක් වත් නැතිව රටින් රටට යන අහිකුන්ටක ළමා කාලයක් ගත කලේ.
    .
    ඒ අතින් බලනවිට පුත්තලංබූරු ,සනත් නිශාන්තලා වෙලේ දුවලා 'සුන්දර ළමා කාල" ගත කලේ.

    ReplyDelete
  7. ගිය අගෝස්තු මාසයේ මම කමෙන්ට් කරලා කිවුවනේ 2024 අප්‍රේල් වලට කලින් ඩොලර් එක අඩුවෙනව කියල. මේකේ ඉන්න බක පණ්ඩිතයෝ එහෙම වෙන්නේ නෑ කිවුව. ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකය මේ වෙනකොට සීග්‍රයෙන් වැටෙමින් පවතිනව්. ඇමරිකන් නගර බහුතරයක මිනිස්සු රැකියාවලින් අයින් වෙලා ගම් වලට යනවා, මෙවර අයවැයෙන් ඇමෙරිකා රජය ලෝකෙට එජ ඩොලර් ට්‍රිලියන 300කට වඩා ණයයි කියල නිව්ස් වල කිවුව. මේ නොම්මර පොඩ්ඩක් වෙනස් ඇති, නමුත් ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකය අපේ ලංකාවේ ආර්ථිකයට වඩා අන්ත තැනක් තියෙන්නේ. පවත්වාගෙන යන්න බැරුව කොයි මොහොතක හරි වැටෙනවා, කැනඩාවේත් ආර්ථික අවපාතෙක ඉන්නේ. එංගලන්තෙත් එහෙමයි. උදා: අපි ඉස්සර කැනඩාවේ බඩු ගන්න ගියාම එච්චර දැනෙන්නේ නැහැ , දැන් ගන්න දෙසැරයක් හිතන්න ඕන, රෙන්ට් එක, පවර් බිල් වැඩියි, මිනිස්සු කන්නේ බොහෝ විට, අවමයෙන්. ඊළඟ අවුරුදු දෙකම වගේ එහෙම වෙයි. නමුත් ඉන්දියාව සහ ආසියාවට බලය මාරුවෙන කාලයක් ඉස්සරහට එන්නේ. බොහෝ රටවල් ඩොලර් වලින් ගනුදෙනු කිරීම ඇත හැර දමනවා. හැකි නම් BRICS රටවල් ගැන අධ්‍යනයක් කරන්න. හැකි තරම් ඉඩම්, ගෙවල් වල ආය්ජනය කරන්න, ලංකාව පුංචි රටක්, ඉඩම් වල ඉල්ලුම එන්න එන්න වැඩි වෙනවා. තව දේවල් හුගක් තියෙනවා කියන්න. නමුත් මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න, හැකි තරම් ණය නොවී ඉන්න, සෝබන වැඩ නවත්වල, පටි තද කරගෙන ඉන්න. තව මාස 14ක් වගේ යනකොට, බලමු මොකද වෙන්නේ කියල.

    ReplyDelete
    Replies
    1. @ Ano 11.56

      යුක්‍රේනයට දෙන්න ආයුධ ටිකක් හදලා ඒකට ඩොලර් බිලියන 100 ක විතර බිලක් ගහලා ඒ වටිනාකමට හරියන්න සල්ලි අච්චු ගහලා Lockheed Martin එකට දුන්නහම ආර්ථිකය වර්ධනය වෙනවා වගේ තමයි පේන්නෙ.

      ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික වර්ධන ගැන හරි අදහසක් ගන්න නම් ඇමරිකා එක්සත් ජනපද ආර්ථික වර්ධනයත් එක්ක එකේ එයාලගෙ national debt එකේ වැඩිවීමත් බලන්න ඕනේ.

      ඔයා කියනව වගේම ඇමරිකන් ආර්ථිකය තියෙන්නෙ ලොකු බබල් එකක. ඇමරිකා ස්ටොක් මාර්කට් එකේ PE ratio එක අනිත් දියුණු සංවර්ධිත ආර්ථික තියෙන රටවලට වඩා දෙගුනයක් තුන් ගුණයක් වැඩියි. මේක කොයි වෙලාවක හරි පුපුරලා යනවා.

      ඇමරිකා එක්සත් ජනපදය විසින් අනිත් රටවල ආර්ථිකයන් විනාශ කරන්න යොදවලා ඉන්න ආර්ථික ඝාතකයොන්ගෙන් ඔයාලට මේ ඇත්ත දැන ගන්න ලැබෙන්නෙ නැහැ.

      See more

      Delete
    2. http://eng.chinamil.com.cn/OPINIONS_209196/Opinions_209197/16287772.html?fbclid=IwAR2ZziZFD_d2qMadFaG3Bob2ElWlN4nNJhdFvUlNo3NdxI-KFY2SoDusPYg#:~:text=Recently%2C%20the%20US%20Department%20of,percent%20year%2Don%2Dyear

      Delete
    3. For both of the anos,

      Not just Google, but all US companies dealing with communications from semiconductors to systems and software. Even the US government is at wits end trying to figure out how to stop Huawei and China's technology rise. History will show that 2024 will be a pivotal year for the Chinese in the semiconductor and telecom sectors as new revelations become news in semiconductor production and 6G advancements. China will lead the world in semiconductor production. Innovation is the key characteristic that drives technology and China is rising to the occasion with innovations rising in all sectors of technology China wants to participate in.

      Interesting that Nvidia says that Huawei is its top competitor. When the US banned the export of Nvidia's top of the line AI chips, it thought it had killed China's rise in artificial intelligence applications and cloud computing. Instead, China is the genie out of the bottle and there is no way to put him back. China's dragon has as its secret weapon, its huge rising academic human resources, from college professors to researchers to application engineers and experienced technicians, China has the depth to explore and lead the various tech venues to lead their advances, the US does not. One of the reasons TSMC cannot put its new fabs in Arizona operation, is the fact that it cannot get enough skilled American engineers to work at TSMC.

      Delete
  8. ලංකාව තුල රජයේ ව්‍යාපෘති වල සහ රජයේ මුඛ්‍ය ආයතන ගණනාවක සේවය කරන අත්දැකීම් බහුල ඉංජිනේරුවන් පන්සිය විස්සකට අධික පිරිසක් රට හැර ගොස් ඇති බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු කුමුදුලාල් බෝගහවත්ත පවසනවා. පසුගිය 2023 වසරේ ජනවාරි වන විට ලංකාවේ රාජ්‍ය සේවයේ සිටි සමස්ත ඉංජිනේරුවන්ගේ සංඛ්‍යාව 1,520ක්. මෙයින් තුනෙන් එකකටත් වැඩි පිරිසක් පසුගිය 2023 වසර තුල රට හැර ගොස් තිබීමත් සමගම මේ නිසා රටපුරා ඉදිකිරීම් සංවර්ධන ව්‍යාපෘති සහ රජයේ ඉදිකිරීම් අධීක්ෂණ කටයුතු මෙන්ම නඩත්තු කටයුතු සහ තාක්ෂණික සේවාවල කළමණාකරණය සහ පසු විපරම් කටයුතු ඉතාම බරපතළ අර්බුදයකට පත්වී තිබෙන බවයි කුමුදුලාල් බෝගහවත්ත මහතා කියන්නේ.

    උදාහරණ ලෙස දැනටමත් රජයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව තුළ පමණක් ඉංජිනේරුවන්ගෙන් සියයට 50ක හිඟයක් පවතින බවත්, රට හැර යාම ඊට බලපා ඇති බවත් ඔහු කියනවා.

    සමස්ත රාජ්‍ය සේවයේ ඉංජිනේරු සේවාව මේ වනවිට ඉතාම බරපතළ අර්බුදයට මුහුණපා තිබෙන බව පවසන සභාපතිවරයා, ඉංජිනේරුවන් රට හැර යාමෙන් රටට වාර්ෂිකව බිලියන ගණනාවක හානියක් සිදුවන්නේ යැයි සඳහන් කරනවා. උදාහරණ ලෙස රාජ්‍ය සේවයට අවසන් වරට 2021 වසරේ දී බඳවාගත් ඉංජිනේරුවන් 282න් 150කට අධික පිරිසක් රට හැර ගොස් තිබෙන අතර එයිනුත් මේ වසර අවසන් වන්නට පෙර තවත් 100ක පමණ රට හැර යාමට සූදානමින් සිටින බව පැවසෙනවා. එවිට තරුණ ඉංජිනේරුවරු 30 දෙනකුගෙන් පමණක් ආයතනය ගෙනයා නොහැකි බැවින් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්ට අවශ්‍ය සහයෝගය නොලැබීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීමටත් ක්‍රියා කළා.

    මේ සිදුවන ලංකාවේ සිදුවන බුද්ධිගලනය ඉදිරි දෙවසර තුළදී රටට තවදුරටත් ඉතා බරපතළ ලෙස දැනෙන බවත්, විශේෂයෙන්ම ඉංජිනේරුවන්ගේ රට හැර යාම සෙසු වෘත්තීන්වලට සාපේක්ෂව රටේ ඉදිකිරීම් මහා පරිමාණ සංවර්ධනය ව්‍යාපෘති අඩාලවීමට සහ වැදගත්ම ආයතන ගණනාවක් අකර්මණ්‍ය වීමට බලපා ඇති බවත් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු කුමුදුලාල් බෝගහවත්ත පවසනවා.

    ඔහු සඳහන් කරන්නේ දුම්රිය, පළාත් පාලන පළාත් සභා, මහාමාර්ග, වාරි මාර්ග, වෙරළ සංරක්ෂණ, අධිවේගී මාර්ග ඇතුළු සමස්ත රාජ්‍ය සේවයේ ඉදිකිරීම්‍, මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති, නාගරික අපජල වහනය මෙන්ම වෙනත් තාක්ෂණික සේවා ඇතුළු සේවාවන් ගණනාවක්ම බරපතළ අර්බුදයකට පත්වීමේ දැඩි අවදානමක් පවතින බවයි.
    #A5 #a5news #A5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews

    ReplyDelete
  9. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
  10. මාතලන්

    භූමි ප්‍රමාණයෙන් ලෝකයේ 135 වන රට, ලොව දෙවැනි විශාලතම ආහාර අපනයනකරු වූ හැටි නෙදර්ලන්තයෙන් ඉගෙනගමු. ලංකාවටත් වඩා 30% කින් කුඩා රටක් මේ තත්ත්වයට ආවේ කොහොමද ?

    වෙනදට අපේ රටේ ළූනු හිඟයක් ආවාම අපි ළූනු ආනයනය කරන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවේ ඇසෑම්, මහාරාශ්ඨ, කර්නාටක, බිහාර්, ගුජරාට්, මධ්‍ය ප්‍රදේශ්, ආන්ද්‍රා ප්‍රදෙශ් වගේ ප්‍රාන්ත වල පහුගිය දවස් වල ගංවතුර හා වෙනත් ස්වභාවික ආපදා නිසා වගාවන් විනාශ උනා. මේ වෙනකොට ඉන්දියාවේ ලොකු ළූනු කිලෝවක් ඉන්දියානු රුපියල් 300 ක් විතර වෙනවා. ලංකාවේ මුදලින් නම් රුපියල් 1,000 ක් විතර වෙනවා. ඒ නිසා මෙදා පාර ලංකාව ඉන්දියාවෙන් ලොකු ළූනු ගෙන්නුවේ නැහැ.

    මේ දවස් වල රෝස පාටට හුරු ලොකු ළූණු වගයක් අපේ රටේ විකුනනවා නේද ? දනනවද ඒවා ගෙන්වන්නේ කොහෙන්ද කියල ? ඒව ගෙන්වන්නේ ඕලන්දයෙන්. එහෙම නැත්නම් නෙදර්ලන්තයෙන්. කාලයක් අපේ රට යටත් කරගෙන හිටපු, ලන්දේසි කියල අපි කියන්නෙත් මෙන්න මේ නෙදර්ලන්තයටම තමයි. අදටත් ලන්දේසි නීතිය අපේ රටේ ක්‍රියාත්මකයි. අදටත් සමහර පළාත් වල නම් ගම් වලින් අපේ රටට තිබුන ලන්දේසි බලපෑම හෙළි වෙනවා. "ලන්සිගම" වගේ නම් තියන ගම්මාන අපේ රටේ තාමත් දකින්න පුළුවන්.

    නෙදර්ලන්තය නෙදර්ලන්ත රාජධානිය‍ට අයත් රටවල් 4න් විශාලතම රට වන අතර ස්වෛරී රාජ්‍යයක් වේ. එය බටහිර යුරෝපයේ පිහිටා ඇති ජන ඝනත්වය අධික රටකි. එය මායිම් වන්නේ නැගෙනහිරින් ජර්මනියටත්, දකුණින් බෙල්ජියමටත් හා වයඹ දිගින් උතුරු මුහුදටත් ය. විශාලතම සහ වැදගත්ම නගර වන්නේ ඇම්ස්ටර්ඩෑම්, හේග් සහ රොටර්ඩෑම් වේ. රටේ අගනගරය ඇම්ස්ටර්ඩෑම් වේ. පාර්ලිමේන්තුව පිහිටා ඇත්තේ හේග් නුවරයි. රොටර්ඩෑම් වරාය යුරෝපයේ විශාලතම වරාය වන අතර එය, මීළඟ විශාලතම වරායයන් තුනෙහි එකතුවටත් වඩා විශාලත්වයෙන් වැඩිය. එමෙන්ම 1962 සහ 2004 අතර කාලය තුළ දී ලොව විශාලතම වරාය වූයේ ද එය යි. සමස්ත නෙදර්ලන්ත දේශයම හැඳින්වීම සඳහා ඕලන්දය යන නම බහුලව භාවිත කරන නමුත්, ඕලන්දය යන නම ක්‍රමිකව භාවිතයෙන් ඈත් ‌වෙමින් පවතී.

    නෙදර්ලන්තය යන්නෙහි තේරුම 'පහත්වූ රට' යන්නයි. එම නම යෙදී ඇත්තේ එම රටෙහි පවතින පහත් භූමි සහ තැනිතලා ස්වභාවය නිසාවෙනි. එමෙන්ම මුහුදු මට්ටමෙන් 1m කට වඩා ඉහලින් පිහිටන්නේ රටේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් 50% ක් පමණි. මුහුදු මට්ටමට වඩා පහලින් පිහිටන ප්‍රදේශ බොහෝමයක් මිනිසා විසින් නිර්මාණය කරන ලද ඒවා වේ. 16 වන ශතවර්ෂයේ අග බාගයේ සිට ම මුහුද සහ විල් ගොඩ කරමින් විශාල භූමි ප්‍රදේශ අළුතින් නිර්මාණය කිරීම සිදු කර ඇත. මෙසේ කෘත්‍රිමව නිර්මාණය කළ භූමි ප්‍රමාණය රටේ වර්තමාන මුළු භූමි ප්‍රමාණයෙන් 17% ක් පමණ වේ. ඉතා අධික ජන ඝනත්වයක් සහිත නෙදර්ලන්තයේ වත්මන් ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 408 කි. රටේ ජලයෙන් වැසුණු භූමි ප්‍රමාණය හැර ගත් කල ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 500 කි. මේ අයුරින් අධික ජනගහණයක් මෙන්ම අධික ජන ඝනත්වයක් ද පවතින අනෙකුත් රටවල් වන්නේ බංග්ලාදේශය, දකුණු කොරියාව සහ තායිවානය යි. කෙසේ වෙතත් නෙදර්ලන්තය ලොව දෙවන-විශාලතම ආහාර සහ කෘෂි නිෂ්පාදන අපනයනකරු වෙයි. එය දෙවැනි වන්නේ එක්සත් ජනපදයට පමණි. සාරවත් පසක් පැවතීම හා සෞම්‍ය කාලගුණයක් තිබීම යන සාධක මෙයට යම් පමණකට දායක වෙයි. ඡන්ද බලයෙන් තෝරා ගත් පාර්ලිමේන්තුවක් සහිත ලොව තෙවැනි රට වූයේ නෙදර්ලන්තය යි. 1848 සිට එය පාර්ලිමේන්තුමය ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්තාවාදී රාජාණ්ඩුව යටතේ ඒකීය රාජ්‍යයක් වශයෙන් පාලනය වෙයි. ඉවසීමේ හැකියාවෙන් ඉහළ සමාජයක් පැවතීම පිළිබඳව නෙදර්ලන්තය සතුව ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. නීත්‍යානුකූල වඳ සැත්කම්, ගණිකා වෘත්තිය සහ සහන ඝාතනය මෙන්ම ධනාත්මක මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තීන් ද ක්‍රියාත්මක නෙදර්ලන්තය, නිදහස් මතධාරී රටක් වශයෙන් සළකනු ලබයි. 2001 වසරේ දී එය, සමලිංගික විවාහ නීත්‍යානුකූල කළ ලොව ප්‍රථම රට බවට පත් විය.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නෙදර්ලන්තය EU, යුරෝසෝන්, G-10, NATO, OECD සහ WTO වල ආරම්භක සාමාජිකයෙක් වෙයි. එමෙන්ම ත්‍රිපාර්ශ්වික Benelux එකතුවේ සාමාජිකයෙකි. රසායනික අවි පිටුදැකීමේ සංවිධානය සහ අන්තර්ජාතික අධිකරණ 5 ක් සඳහා සත්කාරක රාජ්‍යය වන්නේ නෙදර්ලන්තයයි. එම අධිකරණ වන්නේ බේරුම්කරණය සඳහා වූ නිත්‍ය අධිකරණය, යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර අධිකරණය, පූර්ව යුගෝස්ලාවියාව සඳහා වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණ මණ්ඩලය, ජාත්‍යන්තර අපරාධ අධිකරණය සහ ලෙබනනය සඳහා වූ විශේෂ අධිකරණ මණ්ඩලය යන ඒවා යි. ඉන් පළමු හතර මෙන්ම යුරෝපා සංගමයේ අපරාධ බුද්ධි ඒජන්සිය වන Europol හා අධිකරණ සහයෝගීතාව සඳහා ආයතනය වන Eurojust ද හේග් නගරයේ පිහිටා ඇත. මේ නිසා "ලෝකයේ නෛතික අගනුවර" යන අන්වර්ථ නාමය එම නගරයට ලැබී ඇත. නෙදර්ලන්තය ෂෙන්ගන් ප්‍රදේශයේ ද කොටසකි. නෙදර්ලන්තයේ පවතින්නේ වෙළෙඳපොල පදනම් වූ මිශ්‍ර ආර්ථිකයකි. ආර්ථික නිදහස පිලිබඳ දර්ශකයට අනුව නෙදර්ලන්තය රටවල් 177 ක් අතුරින් 17 වන ස්ථානයේ පසුවෙයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව 2013 වසරේ දී ලොව 13 වන ඉහළතම ඒක පුද්ගල ආදායම සහිත රට වූයේ එයයි. නෙදර්ලන්තයේ පවතින ඉහළ ගුණාත්මක බාවයකින් යුත් ජිවන රටාව නිසා එක්සත් ජාතීන්ගේ ලෝක සන්තුෂ්ටි වාර්තාව, 2013 වසරේ දී ලොව සතුටින්ම සිටින රටවල් අතුරින් 7 වන තැනට නෙදර්ලන්තය නම් කරන ලදී.

      නෙදර්ලන්තයේ පරිපාළන පළාත් ‌දොළහකි.

      ද්රෙන්තෙ
      ෆ්ලේවෝලන්ඩ්
      ෆ්රීස්ලන්ඩ්
      ‌ගෙල්ඩර්ලන්ඩ්
      ‌ග්‍රෝනිංගන්
      ලිම්බරග්
      උතුරු බ්රාබන්ට්
      උතුරු ඕලන්දය
      දකුණු ඕලන්දය
      ඕවරයිසල්
      යූට්රෙක්ට්
      ‌සේලන්ඩ්.

      ලොව ජීවන තත්ත්වයෙන් ගත් විට නෙදර්ලන්ත වැසියන්ට වඩා ඉහළ ජීවන තත්ත්වයක් අත් විඳින්නේ රටවල් 9 ක වැසියන් පමණි. මානව සංවර්ධන දර්ශකයේ නෙදර්ලන්තය සිටිනුයේ 10 වන ස්ථානයේ ය.

      1. නෝර්වේ
      2. ස්විට්සර්ලන්තය
      3. අයර්ලන්තය
      4. ජර්මනිය
      5. හොංකොං
      6. ඕස්ට්‍රෙිලියා
      7. අයිස්ලන්තය
      8. ස්වීඩනය
      9. සිංගප්පූරුව

      කියන රටවල් වලට විතරයි නෙදර්ලන්තය ජීවන තත්ත්⁣වයෙන් දෙවැනි වෙන්නේ.

      11. ඩෙන්මාර්ක්
      12. පින්ලන්තය
      13. කැනඩාව
      14. නවසීලන්තය
      15. එංගලන්තය
      16. ඇමරිකාව
      17. බෙල්ජියම
      18. Liechtenstein
      19. ජපානය
      20. ඕස්ට්‍රියා

      තමයි ඊළඟට ජීවන තත්ත්වයෙන් උසස්ම රටවල් වෙන්නේ.

      නෙදර්ලන්තයේ ජන ඝණත්වය වැඩි නිසාම නිවාස ඉදි වෙලා තියෙන්නේ කුඩා ඉඩම් වල. පර්චස් 20, 30 වගේ කුඩා ඉඩම් වල සහ තට්ටු නිවාස වල මිනිසුන් පදිංචි වෙලා ඉන්නවා. ලංකාවේ වර්ග කිලෝමීටර් 65,610 ක් වෙනකොට එයින් අභ්‍යන්තර ජලාශ තියෙන්නේ 2905 ක් පමණයි. නමුත් නෙදර්ලන්තයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 41,526 ක් පමණයි. එය ලංකාවේ භූමි ප්‍රමාණයට වඩා 30% ක විතර අඩුවක්. ඕකෙනුත් 18% ක්ම වගා කරන්න බැරි අභ්‍යන්තර ජලාශ. ඒ ටිකත් අතහැරියාම නෙදර්ලන්තයේ භූමිය වර්ග කිලෝමීටර් 34,000 ක් පමණයි තියෙන්නේ. නෙදර්ලන්ත ජනගහනය එක් කෝටි හැත්තෑ හතර ලක්ෂයක්. අපේ රටේ දෙකෝටි විසි ලක්ෂයක්. අපේ රටට වඩා ලක්ෂ පණහකින් නෙදර්ලන්තයේ ජනගහනය අඩුයි. නෙදර්ලන්තයේ සමස්ථ භූම්යට ගැලපුවාම ජන ඝණත්වය 408 ක් උනාට, ජලාශ අතහැරලා ගොඩබිම විතරක් සැලකුවොත් ජන ඝණත්වය වර්ග කිලෝමීටරේට මිනිස්සු 500 ත් ඉක්මවා යනවා.

      නෙදර්ලන්තය ගැන විස්තර හොයද්දී මට මුලින්ම ආව ගැටළුව තමයි මෙතරම් කුඩා රටක් ලෝකේ දෙවැනි විශාලතම ආහාර අපනයනකරු උනේ කොහොමද කියන එක. නෙදර්ලන්තය ආහාර අපනයනයෙන් දෙවැනි වෙන්නේ ඇමරිකාවට විතරයි.

      භූම්යෙන් ලොව ලොකුම රටවල් 10 තමයි මේ.

      රුසියාව
      කැනඩාව
      ඇමරිකාව
      චීනය
      බ්‍රසීලය
      ඕස්ට්‍රේලියාව
      ඉන්දියාව
      ආජන්ටිනා
      කසකස්ථාන්
      ඇල්ජීරියා

      දැන් ඉතිං අද අපේ මාතෘකාව වන නෙදර්ලන්තය හම්බ වෙනකන් මේ ලිස්ට් එක ලියන්න නම් බැහැ. මොකද එහෙම උනොත් ⁣රටවල් 135 ක නම් ලියන්න වෙනවා. ලෝකේ රටවල් 195 න් නෙදර්ලන්තය භූමියේ විශාලත්වය අනුව ඉන්නේ 135 වෙනි ස්ථානයේ. ලංකාව භූමි ප්‍රමාණයෙන් 120 වෙනි රට. අපේ නාමික දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 86 ක් වෙන කොට නෙදර්ලන්තයේ එම අගය බිලියන 794 ක්. අපේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4,102 ක් වෙනකොට නෙදර්ලන්තයේ එම අගය ඩොලර් 48,223 ක්.

      Delete
    2. නමුත් කුඩා ඉඩකඩකින් කොහොමද ලෝකේ දෙවැනි විශාලතම ආහාර අපනයන කරු උනේ ? ලොව පළමු ආහාර අපනයන කරු බවට ඇමරිකාව පත් වීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද එය භූමි ප්‍රමාණයෙන් ලෝකයේ තුන්වැනි විශාලතම රට. ඇමරිකානු තාක්ෂණයත් මේකට එකතු උනාම ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඒත් භූමි ප්‍රමාණයෙන් 135 වෙනි රට මේ තත්ත්වයට ආවේ කොහොමද ?

      නෙදර්ලන්තයේ කුඩා ප්‍රමාණයේ ඉඩමක හෝ, තට්ටු නිවාසයක ජීවත් වෙන අයට වඩා තත්ත්වයෙන් උසස් යැයි පිළිගෑනීමක් තියෙන්නේ අක්කර 10, 20, 30, 40, 50 වගේ ලොකු ඉඩමක් මැද ෆාම් හවුස් එකක ජීවත් වෙන අයට. අපේ රටේ ඉන්නේ ෆාමස්ලා විතරයි. නමුත් ගොඩක් දියුණු රටවල් වල තියෙන්නේ ෆාම් හවුස්. තමන්ගේ කෘෂි නිෂ්පාදන තමන් විසින්ම අගය එකතු කරලා, පැකට් කරලා, බාර් කෝඩ්, ලෙබල් ගහලා, අතරමැදියන් නැතිව සුපිරි වෙළෙඳසැලට දාන්නෙත් එයාලම තමයි. අපේ රටේ පොල් ගොවියා පොල් ටික විකුනනවා. ඒකෙන් පොල් තෙල් හදලා තමන්ගේ වත්තෙම තෙල් මෝලක් දාලා, තෙල් විකුනන තත්ත්වයට ඇවිත් ෆාම් හවුස් සංකල්පයට යන්න තව කොච්චර කල් යයිද ?

      නෙදර්ලන්තය මේ තැනට ගිහින් ගොඩක් කල්. ස්ට්‍රෝබෙර් වවන ගොව්යා එයින් කොටසක් අපනයනය කරනවා. කොටසක් දේශීය වෙ⁣ළෙඳපොළට දානවා. කොටසකින් ජෑම් හදනවා. ටිකක් හිතන්න; එක් කන්නයක අස්වැන්න නෙළලා, අනිත් කන්නය වෙන තුරු නිකන් ඉන්න අපේ රටේ ගොවි මහත්තුරුන්ගෙ කාලයෙන් කොයි තරම් ප්‍රමාණයක් ඵළදායීතාවයක් නැතිව අපතේ යවනවද ? නමුත් නෙදර්ලන්තයේ එහෙම වෙන්නෙ නැහැ. මොකද, එයාල , එයාලගේ අස්වැන්නට අගය එකතු කිරීමෙන් ආදායම වැඩි කර ගන්නවා.

      එහෙම තමන්ගේ අස්වැන්න කල් තබා ගත හැකි විදිහට සකසා අපනයනය කිරීමෙන් අපනයනයේ දී ඇති වන අවධානම අඩු කර ගන්නත් පුළුවන්. මම ඒකට උදාහරණයක් කියන්නම්. අපි මත්ස්‍ය අපනයනය කරන්නේ නිකන්ම නිකන් මාළු විදිහට. ඒත් දියුණු රටක් ඒක අපනයනය කරන්නේ ටින් කළ මාළු විදිහට. අපි නිකන්ම මාළු අපනයනය කරන කොට ඒවා නරක් වෙන්න තියන ඉඩ කඩ වැඩ්යි. අපි යවන මාළු කන්ටේනර් එක අදාළ රටට ගියාම ඒක නරක් වෙලා තිබුනොත් ඒ රටේ දී ඒක විනාශ කරන්නෙ නැහැ. යවපු කෙනාම ඒක ආපහු ගෙන්වා ගෙන ලංකාවෙදී විනාශ කරන්න ඕන. නමුත් ටින් කළ මාළු විදිහට අපනයනය කළා නම් ඔය කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. එතෙන්ට යන්න අපේ රටට තව ගොඩක් දුර තියනවා උනත් නෙදර්ලන්තය එතැනට ගිහින් දශක ගණනාවක් ගත වෙලා ඉවරයි.

      භූමි ප්‍රමාණයෙන් 135 ස්ථානයේ ඉන්න නෙදර්ලන්තය ලොව දෙවැනි විශාලතම ආහාර අපනයන කරු බවට පත් වීමට බලපා ඇති සාධක මොනවාද ?

      1. ඵළදායීතාව වැඩි කිරීම සඳහා අති නවීන තාක්ෂණය උපරිමයෙන් භාව්ත කිරීම

      2. කෘෂි නිෂ්පාදන කල්තබා ගැනීම හා අගය එකතු කිරීම සඳහා ඇති උනන්දුව

      3. කෘෂිකර්මාන්තය සඳහා ඇති සමාජයීය පිළිගැනීම (ලංකාවේ වළව්වකට ඇති පිළිගැනීම නෙදර්ලන්ත ෆාම් හවුස් එකකට තිබේ. නමුත් මෙය මිනිසුන් තළා පෙළන කුළ ක්‍රමයක් වැනි සමාජ පීඩක සංකල්පයක් නොවේ)

      4. කෘෂිකාර්මික භාණ්ඩ වල සැපයුම කෙරෙහි ඝෘජුව බලපාන කාලගුනය හා දේශගුනයට අභියෝග කරමින්, හරිතාගාර තුළ වගා කටයුතු සිදු කිරීම

      5. අපනයනය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන අඛණ්ඩ සැපයුම් යාන්ත්‍රණයක් සකසා ගැනීම තුළින් ව්දේශීය වෙළෙඳපොළ කොටස පවත්වා ගැනීම.

      6. සෞම්‍ය කාලගුණය හා සාරවත් පස.

      7. නිපුණත්වයෙන් අනූන ශ්‍රමය

      8. දළ දේශීය නිෂ්පාදිතයෙන් විශාල ප්‍රතිශතයක් නව නිෂ්පාදන, තාක්ෂණ හා අත්හදා බැලීම් සඳහා යොමු කරවීම හා ඒවායින් නිසි ප්‍රයෝජන ගැනීම.

      ලංකාව තුළ අපනයනය කිරීමේ දී වාණිජ වශයෙන් වගා කිරීම් ඇත්තේ භෝග කිහිපයක පමණි.

      1. තේ
      2. පොල්
      3. රබර්
      4. කුරුඳු
      5. ගම්මිරිස් යන භෝග වර්ග පහ පමණක් මෙරට වාණිජව වගා කෙරේ. අනෙකුත් භෝග අක්කර 50 ක් 100 ක් එක යායට වාණිජව වගා කිරීමක් මෙරට තුළ දක්නට ඇත්නම් ඒ, කළාතුරකින් පමණි. හරිතාගාර වගාවන් මෙරටට තවමත් සුඛෝපභෝගී භාණ්ඩයක් පමණි.

      මේ අනුව ලංකාව තුළ යහමින් මුදල් ඇති අය වාණිජ වගාවන් වෙත යොමු වීමේ දැඩ් අවශ්‍යතාවයක් පවතයි. තාක්ෂණය භාවිත කිරීමේ නැඹුරුවක් මෙරට තුළ ඇති කළ යුතුය. හරිතාගාර වගාවන් ප්‍රචලිත කළ යුතුය. කෘෂිකර්මාන්තයට ඇති පිළිගැනීම වැඩි දියුණු කරන වැඩපිළිවෙළක් අවශ්‍ය වේ.

      එදින උදා වන තුරු ශ්‍රී ලංකාව ආර්ථික සමෘද්ධිය කෙරෙහි ඇති බලාපොරොත්තු දින නියමයක් නොමැතිව කල් දැමිය යුතුය.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න