.

.

Jan 15, 2013

දෝශාභියෝගයේ ඇත්ත කතාව.. - The true story behind the Impeachment


දෝශාභියෝගය ගැන පක්ෂව මෙන්ම, විපක්ෂවද, විවිධ අදහස් පලවන මෙවන් අවදියක, "අදීන මාද්දියවේදියකු" (සමහර අය නම් කියන්නේ අදින මාද්දියවේදියෙක් කියාය.) වශයෙන්, මෙහි සත්‍ය කතාව ලිවීම මාගේ යුතුකමක් වන හෙයින්, මෙසේ ලියා පලකරන්නේය. මේ පිලිබඳ ගැඹුරින් සොයා බලන්නට සිත් වූයේ, සිරි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයින් පිරිසක්, අරලිය ගහ මන්දිරයේ, ජනාධිපති තුමා හමුවුන බව, එක් සිකුරාදාවක, දිල්කා සමන්මලී, තවත් බෝල් හෙඩඩ් කොල්ලෙක් එක්ක කියනවා ඇසුන නිසාය.

අගවිනිසුරු තුමියගේ හබියාට කොක්කක් වැටුනායින් පස්සේ, එතකන් ආන්ඩුවේ වාසියට තීන්දු දීපූ ශිරාණී නෝනා, Z ස්කෝර් එකටයි, දිවි නැගුමටයි. පලා බබාලාට පවර් එක දෙන්නයි වගේ අඤ්ඤකොරොස් තීන්දූ දෙන එකට සිරි ලංකා නිදහස් පස්සේ ප්‍රභලයින්ට උන්නේ මල පැනලාය. ඒ නිසා පෙරමුනේ එකෙක් ගේම් එක පුත්තලමෙන් ආරම්බ කලේය. එහේ බූරූවෝ ඕන් තරම් ඉන්න නිසා ඇමතිතුමා කිව්වේ උසාවියට ගල් ගහපන් කියලාය. ඕකට උසාවියේ අය ගේමක් ඉල්ලුවේය. සිරි ලංකා එකේ ප්‍රභලයින් හා ජනාධිපති තුමාගෙන් ලැප්ටොප් ගත්ත කස්ටියම ලොක්කාට කිව්වේ. මෙහෙම ගියොත් නම් කෙලවෙනවා ඒ නිසා මොකක් හරි කරන්නෙයි කියාය. ඒ උනාට ලොක්කා කිව්වේ එහෙම කරන්නේ කොහොමෙයි මමත් නීතීඥයෙක් නේ කියාය. මලේ හොඳම එකෙන් තද උන කස්ටිය සද්දේ වහගෙන මන්දිරෙන් ගියේ. බලන්නකො ලොක්කා ළඟදිම කන කෑම කියාය.

මේ අස්සේ බටහිර කුමන්ත්‍රණ කාරයෝ වගයක්, අධිකරන කොමිසමේ ලේකම්ගේ කන පරීක්ෂා කර, ඔහුගේ සැල්පෝන් එක අරගෙන ගියේ, ඒක 4G එකක් නිසා මිස, වෙන හේතුවක් නිසා නෙවේය. වැඩේ නෝන්ඩි උනාම, බටහිර කුමන්ත්‍රණ කාරයෝ විපස්සෙට කිව්වේ ලේඛම්ගේ කන පරික්ෂා කලේ ආන්ඩුවෙන් කියා කින්ඩිය දාන ලෙසය. වැඩේ නැගලාම යන කොට සිරි ලංකා නිදහස් පස්සේ ප්‍රභලයෝ කිව්වේ අපි කිව්ව දේ ඇහුවේ නැතිනම් දැන් ඉතින් තනියෙන් ටොපිය කාපන් කියාය.

කන පරීක්ෂා කරන්න මන්දිරේට එන්න කිව්වත්, ලේඛම්වත් ශිරාණී නෝනාවත් මන්දිරේ පැත්ත පලාතේ වත් නොගියේ රාජකාරි එමට තිබුන නිසාය. ඒක ලොක්කාගෙත් වැරද්දය. එයාලාට නිවාඩු පාඩු වෙලාවක එන්න කිව්වානම් එයාලා යනවාය. ඔය කලාකාරයෝ, නලාකාරයෝ, පත්තරකාරයෝ, අරුන් මුන් වගේ නොව, මේ අයට නියමිත රාජකාරි තියෙනවාය. එහෙම එකේ කෝපි බොන්න මන්දිරේට ගියොත්, දවසම ඉවර නිසා එයාලා ඒ පැත්ත පලාතේවත් නොගියේය. මන්දිරේට එන්න කිව්වොත් අම්මගෙ මල ගෙදර උනත් දාලා එන සිරි ලංකා නිදහස් පස්සේ ප්‍රභලයින්ට, මලේ හොඳම එකෙන් පැන්නේ මෙහිදීය. මේකිගේ ගෑස් බස්සන්න දෝශාභියෝගයක් ගේමුයි කිව්වේ ඒ නිසාය.

ඒත් ලොක්කා කිව්වේ, "එයැයි ඉතින් අපේ කෙනෙක් නොවැ. මම කොහෙමෙයි එයැයිව අයින් කොරන්නේ. මක්ක කොලත් අපේ එකා අපි ෂේප් කොරන්න එපැයි. අනික ඔහේලා උනත් කෙලීන්නෙම මඤ්ඤං උනත් මම එකෙක්වත් අස්කරයි.. අනික මම ඔය වගේ වැඩ වලට කැමති නෑ ඕයි" කියාය... එහෙත් සිරි ලංකා එකේ ප්‍රභලයින් කිව්වේ, ඔහේගේ කැමත්තක් අපිට ඕන නෑ අපි ඔය ගෑනි අස්කරනවා කියලාය. එහෙම කියලා ප්‍රබලයින් අස්සන් කොරන්න පටන් ගත්තේය. බැසිල් මහත්තයාට අස්සන් කොරන්නෙයි කිව්වාම එයා කිව්වේ, ප්‍රජාතන්ත්‍රවාදේ මහ ගෙදර ඉඳලා ආපු මට පුලුවන්ද හලෝ ඔය වගේ පහත් වැඩ කරන්න කියාය. නාමල් බේබිට කිව්වාම එයා කිව්වේ පිස්සුද මෙයාලා, ඒ මනුස්සයා මට තනියෙන් එක්සෑම් ලියන්න දීලා මට අතට අතත් දීපූ ආන්ටි... ඉඹින්න දුන්න අත කපලා දාන්න මට බෑ කියලාය.

ඒ උනාට ප්‍රභලයින් අස්සන් එකතු කරගෙන මේක කතානායකට බාර දුන්නාම, එතුමාට මේකේ බැරෑරුම් බව තේරුම් ගියේය. තම එක බඩ වැල කඩාගෙන ආ සහෝදරයාට වෙන්න යන අනතුර ගැන වටහා ගත් එතුමා, වහාම සිරි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයින් පිරිසක් නඩු බලවන්න දැම්මේය. එමෙන්ම අප රට ත්‍රස්තවාදයෙන් මුදවා ගත් වීරවංශ මැතිතුමාද දැම්මේ, පිරිබාහරන්ට ගේම දීපූ එකාට ශිරාණී කජු කනවා වගේ නිසාය. දාන්නම ඕන හින්දා, විපස්සෙ පිස්සෝ ටිකකුත් දමා, නඩුව බැලෙව්වේය. විපස්සේ උනුයි, විත්තිකාරයෝයි, විත්තියේ නීතිඥ්ඥයොයි, මේ නඩුව අහන ක්‍රමේට අපිට බඩ යනවා. අපි යනවා කක්කා කරන්න කිව්වත්, නඩුව බලවන්න ආපු පැමිනිල්ලේ සාක්කි කාරයෝ, රැ එලි වෙන තෙක් තොවිලයක් නටා, පිල්ලිය එලවීමේ ලියවිල්ල කතානායකට බාර දුන්නේය. කතානායක තුමා පිජාමා එක පිටින්ම මන්දිරේට ගිහින්, ගොරොද්දෙ ඇද ඇද හිටපු ජනාධිපති තුමාට පිල්ලිය එලවීමේ තීන්දුව භාර දුන්නේය.

නින්ද කැඩුන නිසා ජනාධිපති තුමාට මල පැන්නේය. ඇත්තටම බලාගෙන ගියාම මෙයා මගේ අයියා විතරක් නෙමෙයි ,හෙන අයියා කෙනෙක් නේ කියා පොඩි ආඩම්බරයකුත් ජනාධිපති තුමාට ආවත්. එතුමා කිව්වේ මේක විද්වත් කමිටුවකට දාලා කමිටු වාර්ථාවක් ගන්න ඕන කියලාය. සිරි ලංකා නිදහස් පස්සෙ ප්‍රභලයින්ට මලේ හොඳම එකෙන් පැන්නේය. නිමල් සිරිපාල කිව්වේ කමිටුවකට දාලා උත්තරතිර පාර්ලිමේන්තුව හෑල්ලු කරන එකක් නැතෙයි කියාය. විමල් වීරවංශ කිව්වේ ලොක්කාත් බටහිර කුමන්ත්‍රණ කරුවන්ට බය වෙලා වගේ කියලාය. ඒ අතරේ බණ දෙසමින් යන පුලතිසිපුර සිරිසේන කිව්වේ. බලය හැමදාම පවතින්නේ නෑ. තියෙන වෙලාවේ කෙලලාම දාන්න කියලාය. 

අනුර ප්‍රියදර්සන කිව්වේ, කැකිල්ලේ නඩු විභාගයටත් වඩා සාධාරන නඩු විභාගයත් තිබ්බ බවත්, එයාලා කක්කා කරන්න ගියාට අපිට කරන්න දෙයක් නෑ කියලාය. මේ මොනවා කිව්වත් මෙයා නම්මන්න බෑ වගේ පේන කොට, ලොක්කා බය කරලාවත් වැඩේ කරගන්න ඕන කියපු රත්තරන්, මහින්දානන්ද හා තිලංග කරේ ලොක්කාටත් වඩා රටට ජාතියට ආදරය කරන අජන්ත ලියනගේගේයි, පේමන්ට කඩ කාරයන්ගේ රජ්ජුරුවෝ වන කහන ගමගේගේ කස්ටියට කියා, පාර්ලිමේන්තුවයි අධිකරණයයි වට කරන එකය. ඒ වැඩේටනම් ලොක්කා බය වුනේ, ඝෝඨාභය මල්ලිගේ උන්ටවත් අරුන් බය නැති නිසාය. බැරි වෙලාවත් මුන් මන්දිරේ වටකලොත් හෙම, මාත් නෝන්ඩි වෙනවා කියා....., ඕන පුකක් කියා, "විවාදයක් තියලා සම්මත් කර ගන්නවා...." කිව්වේ. තමන් මෙන්ම හෘදය ශාක්ෂියට එකඟව මේකට අත් උස්සන්නේ නැති උන් ඕන තරම් පාර්ලිමේන්තුවේ ඉන්නා බව දන්න නිසාය.

ඒත් සිරි ලංකා නිදහස් පස්සයේ ප්‍රභලයෝ එතුමාට වඩා බලවත් විය. රටට ආදරය කරනා විශාල ජනතාවක් බත් පැකට් එකක් කා, අරක්කු කාලක් බී, කුඩු පැකට් එකක් ගසා, පාර්ලිමේන්තුව වට කලේය. පාර්ලිමේන්තුවට යන හැම එකාටම කිව්වේ, අත උස්සන්නේ නැතුව ආයෙත් මේ පාරෙන් එන්න එපා කියලාය. ඒ නිසා එයාලා බයටම අත් දේම උස්සලා, වැඩි ඡන්දෙන් දොසාබියෝගේ සම්මත කලේය. කොක්ටේල් එක ඕගනයිස් කරලා තිබුනේ ගෝල්ඩන් කී එකේ සල්ලි දාපු කස්ටියය. ටෙන්ට් එකකුත් ගසාගෙන පාරේ කිරිබත් ඉව්වේ ඡන්දේ දීලා එන අය එන්නේ බඩගින්නේ නිසා කන්න දෙන්නය. එතනින් කිරිබත් කා තීන්දුවත් අරගෙන මන්දිරේට ගියේ අලුත් එකෙක් දාන්නෙයි කියලාය. 

ඊළඟ ප්‍රශ්නේ ආවේ දාන්නේ මොකාද කියලාය. සම හරක් කිව්වේ අධිකරනේම කෙනෙක් දාන්න කියලාය. මේ අතරේ මොහාන් දාන්නෙයි කිව්වාම, මොහාන් සමරනායක කිව්වේ අය්යෝ සර් මට නම් බෑ කියායා. ඒ නිසා, එයා එතුමාගේ මාධ්‍ය ප්‍රකාෂක ලෙස දැම්මේය. මේකට නම් මහින්ද අබේසුන්දරට මල පැන ඇති බව ආරන්චි විය. මොහාන් පීරීස් දාන්න එපා කියා, ගුණදාස සීයයි, වාසුදේව මුත්තයි කිව්වත්, එතුමා කල්පනා කලේ, එක්නැලිගොඩ ඉන්නවා කිව්වේ බොරුවක් කියා පිලිගත්ත අවංක කෙනෙක් වන මොහාන් පීරීස් මහතා වැන්නකු අධිකරණයට දාන එක හොඳයි කියාය. එහෙත් මොහාන් උසාවියට එන එක ෂුවර් කර ගන්න, අර, "ජාතියේ පුතුන්" අළුත්කඩේ රැස්වුනේ ජනාධිපති තුමා ෂුවර් නැති නිසාය. හැමෝම ජනාධිපති තුමා ගාව ඉන්නේ හාල්පාරුවෝ කිව්වාට. ජනාධිපති තුමාගේ හෘදය ශාක්ෂියවත් පයිසෙකට මායිම් නොකට සිරි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයින් දෝසාබියෝගේ ජයගත්තේ එසේය.

59 comments:

  1. මට නම් තේරෙන්නෙ නෑ අයියෙ උඹේ දේශපාලනේ... උඹ මොන ඇදිලි ඇද්දත් චෙක් මේට් කරන්නෙ නම් නෑ කියල විතරයි තේරෙන්නෙ :)

    ReplyDelete
    Replies
    1. මාතලන් අදහන්නේ රනිල් දෙවියා නොවැ.

      Delete
    2. ඒ කියන්නේ සාටක දෙයියා.

      Delete
    3. අන් අයගේ තේරුම් ගැනීමේ හැකියාව මට ඇති කරන්න බෑනේ... පනේ....

      Delete
  2. මට නම් ඕව තෙරේන්නේ නැහැ...මං බබා

    ReplyDelete
    Replies
    1. උඹ විතරක් නෙමෙයි දැන් ඔය කෑ ගහපු අයත් බබ්බු වගේ ඉන්නේ බලාගෙන ගියාම අපිට විතරයි අරකේ අමාරුවක් තියෙන්නේ....

      Delete
  3. මේ ගැන අව්‍යාජ මාරයියා මොනවා කියනවාද දැන ගන්න කැමැතියි? ඇයි මේ අව්‍යාජ මාරයියා අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගැළවුම් කාරයා දේශප්‍රේමී බ්ලොග්කරුවා නිශ්ශබ්ද?

    ReplyDelete
    Replies
    1. ඇනෝලට මාරයා ඇකේ පුරිය කාලේ ඉවරයි.

      Delete
    2. ඇත්තට/ දැන් මාරයා ඇකේ පුරින්නේ කාටද? මහින්ද අයියාටද? වැරදුණා. ඒක අනෙක් පැත්තටනෙ වෙන්නෙ.

      Delete
    3. ඒ මනුස්සයට කොමෙන්ට් දාන්න වෙලාවක් නෑ... එයා ෂිෆ්ට් කරනවා මේ දවස්වල.. යකෝ මේ කොමෙන්ට්ස් එකේ දාපියව්කෝ...

      Delete
  4. සහතිකේටම ඒක තමා උනේ. නැත්නං උන්නාන්සේ එහෙම කරන උත්තමයෙක් නෙමෙයි අයියේ...

    ReplyDelete
    Replies
    1. චිහ්.... පිස්සුද අනේ.. එතුමා කොතරම් සංවේදිද... මම හිතුවේ අඬාවී කියලා බිල් ක්ලින්ටන් වගේ....

      Delete
  5. /අප රට ත්‍රස්තවාදයෙන් මුදවා ගත් වීරවංශ මැතිතුමාද දැම්මේ/

    අප රට ත්‍රස්තවාදයෙන් මුදවා ගත් වීරවංශ මැතිතුමා

    මේක දැක්කම හිනා ගියා, දෙපැත්තෙන්ම..

    කොහොම වුනත් දන් භය නැතුව CJ ට විරුද්ධව වුනත් බ්ලොගක ලියන්න පුළුවන්. නීතිවිරෝධී නෑනෙ. ඇයි උත්තරීතර එකෙන් අපිට දුන්න ආදර්ශෙ අනුව අවුලක් වෙන්නම විදිහක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. @ The Modern Patriot
      ඕව තමයි දයිවයේ ( IME fault ) සරදම් කියන්නේ පේට්‍රියට් ..
      තාම සරදම් ටික පටන් ගත්තේ නම් නැහැ හැබැයි.
      පාර කපා ගත්ත විතරයි...

      Delete
    2. @ පේට්‍රියට් - මෙතැන ඔබේ අදහසට එකඟයි. ඉස්සර විනිසුරුවරයෙකු නොව උසාවියක් ගැන හෝ විවේචනයක් කෙරුණේ නැ. එය නීතියක් නොව රීතියක් ලෙසයි ලේඛකයන් සැලකුවේ.එහෙත් අද අගවිනිසුරුට ගෙදර යනු කියන තැනටම නැත්තං උසාවි ගැන වල්පල් ලියන තැනටම රට පහතට වැටිලා.ඒ කියන්නේ අධිකරණයේ ගරුත්වය කෙළෙසිලා.ඒකට දේෂ පාලකයෝ සේම හිටපු අගවිනිසුරුවරිය මෙන්ම දේෂපාලනයෙන් බෙදී වෙන්වුණු දේෂපාලන න්‍යාය පත්‍රවලට වැඩකරන නීති වෘත්තියකනුත් වගකිය යුතුයි යැයි නොසිතේ ද?
      සැබෑවටම අධිකරණය හැල්ලුවට ලක්වුයේ කොතැනින් ද,

      Delete
    3. අනිවාර්‍යෙන්ම දෙපැත්තෙන්ම. ඒ ගැන විවාදයක් නෑ. දැන් තමන් වඩා උත්තරිතරයි කියන අයට ඇගිල්ල දික් වෙන එක සාධාරණයි නේද?

      අනික ශිරාණි නෝනව පත් කලේ ඔයවත් මමවත් නෙමේනෙ. ඔය කියන හොරු පත් කලේ කවුද? ඒ වගේම මම දැක්කා කෙහෙලිය කියනවා, ශිරාණිට විනිසුරු අත්දැකීම් නැහැ, ඒ නිසා එයා අධිකරණයට අපහාස කරනවා කියල. දැන් පැරිෂුට් එක ශිරාණිට දුන්නේ කවුද?

      මාතලන් හරි. මේ තමන් හදාගත්ත එකාට තමන්ම කෙලියා. ඇටේ ඉදල, දෙපෙත්ත එනකනුත්, පැලේ ලොකු වෙලා කැලේට උඩින් යනකනුත් හැම දේටම වග කියන්න ඕනේ කැලේම තමා. අපි ගහට බැනල වැඩක් නෑ.

      අනිත් එක මගේ අළුත්ම පෝස්ට් එක අයියගේ මේ කමෙන්ට් එකටත් අදාලයි කියල මට හිතෙන්නේ.

      Delete
    4. මේ කේස් එකෙන් අපිට අත් උන එකම වාසිය ඒක තමයි... දැන් ඕන එකෙකුට අධිකරණෙත් පතුරු ගහන්න පුළුවන්....

      Delete
  6. අයියෝ මටත් අරවැයිං එකක් හම්බ උනා නේ....

    ReplyDelete
    Replies
    1. සපෝට් කරනකොට සලකන්නෙ නැතුව කෝමද නලින් අයියා !

      Delete
    2. ගානක් නෑ... මමත් දුන්න නම් ගන්නවා.. ඒත් ලිවිල්ල නම් නවතින්නේ නෑ....

      Delete
  7. අනේ මන්ද??
    ........................
    මොක ද වුනේ ?
    ..........................
    ඇයි සී. ජේට මොක ද වුනේ???
    ...........................
    ඇත්තටම ද???
    .....................
    හානේ.....
    ....................
    මරුනේ.....

    ReplyDelete
    Replies
    1. සී. ජේ. ගිහිල්ල චී ජේ. කෙනෙක් අවා දන්නේ නැද්ද?

      Delete
    2. CJ වෙනුවට DJ කෙනෙක් දාලා තියෙන්නේ වෙද මහත්තයා.. හැබයි ප්ලේ කරන්නේ මන්දිරේ හිට්ස් විතරයි... අවුලක් නෑනේ...

      Delete
  8. එතකොට සිරානි නෝනෙ කරල තියනවැයි කියන ඒව හරිය...ඒව බේගල් ය....

    ReplyDelete
    Replies
    1. ඕකට කියන්නේ 'ආයුධ සඟවා තිබූ ස්ථානයක් පෙන්වීමට ගොස්, පොලිසියට වෙඩි තැබීමට උත්සහ කල අවස්ථාවේ පොලිසියේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් මැරුණා' කියන තියරිය.

      Delete
    2. හිතුන දේ කමෙන්ට් කරාට පස්සේ නිකම්ම පෝස්ට් එකක් වෙලානෙ.

      මෙන්න
      ''ඉහි ඉහි...මම විතලක් නෙමේ හොලකං කොලේ, නංගිත් හොලකං කොලා''

      Delete
    3. අන්න දැක්කනේ උඹ මට නෝන්ඩි දැම්මට මහන්සි වෙලා දිග කොමෙන්ටුවක් කෙටුවහම යකෝ මෙච්චර කොටපු එකේ මේක මගේ බ්ලොගේත් දානවා කියලා හිතෙන එක පට්ට සාධාරණ නැද්ද? හූ හූ . .


      නලින් අයියගෙන් අහන්න මට හිතුනු ඒවා මමත් දිව අලියට ඇදලා රිද්දලා "ඔහේ පැත්තකට වෙලා හිටු" කියලා ආපහු අතෑරියා කට ඇතුලටම යන්න . . හික්z

      Delete
    4. අඩේ දුකා මලේ අදහස් දාපං බං මගේ කිසි තරහක් නෑ. මේවගේ ඒව කොච්චර ජොලිද?
      මොඩන් මලේ ගේ උත්තර ලිපියට මං සිරා ලයික්. ඒ උගේ දක්ෂකමට... මතයට නොවේ.

      Delete
    5. @දුකා අයියේ ලැජ්ජ කරන්නා එපා බං. උඹ හරි, මම වැරදියි කිව්ව ඈ.....(ලැජ්ජාවෙන් ඇඹෙරෙමින්)

      @නලීන් අයියේ - උඹ ගැන මගේ තියෙන්නේ පැහැදීමක්, හැබැයි අර කිව්ව වගේ මතය ගැන නෙමේ. ඒත් උඹේ වෘද්ධ වූ එකිනෙකාගේ මතය මැදිහත් සිතින් දැරීමේ හැකියාවට. ඒක නැති නිසා තමා මේ රටේ ගොඩක් අනවශ්‍යය ප්‍රශ්ණ ඇති වෙන්නේ

      Delete
    6. වැරදි කරල තියෙනවනම් දඩුවම් දුන්නට කිසි වරදක් නැහැ පවතින නීතියට.යකඩ හොරු උසාවියෙන් අල්ලන්න කියල තියෙද්දිත් ලොක්ක එක්ක සිරික්කිය දාගෙන ඉන්න පින්තුර පත්තරවල දානව.කොච්චර උනත් උගත් මනුස්සයෙකුට "කක්කුස්සි"කටාල තුන් හතර දෙනෙක් දාල නඩු අහපු විදිය හරිද?ස්වාසිලන්තේ වත් මෙහෙම නැතුව ඇති,අරව එහෙම උනාට.

      Delete
    7. කක්කුස්සි වලක වැටිච්ච දෙන්නෙක් ගොඩට එන්න දගලනකොට එක්කෙනෙකුට පඩයක් ගියාලු පොක්‌ ගාලා. එතකොට අනිත් එක්කෙනා නහය හකුලා ගත්තලු.

      Naleen Dilruksha, පවුල් තුමත් ඔය නහය වහගත්ත කෙනා වගේමයි. වෙනසකට තියෙන්නේ කක්කුස්සි වලේ තියෙන්නෙත් එතුමාගේම අසූචි තමයි.

      Delete
    8. පිස්සුද නලියෝ මටත් තියෙන ප්‍රශ්ණෙත් ඕකමයි... ඇමතිවරු අනික් උන් කරන ඒවලින් 1% ක් වත් කරලා නෑනේ මෙයා. (කියන ඒවා ඇත්තනම්.)

      Delete
    9. වැරදි කර ඇත්නම් යකඩ හොරා නොවෙයි මහ එකා වුවත් දඩුවමක් තිබිය යුතුයි. යකඩ හොරා නිදැල්ලේ නං අප කළ යුත්තේ ඒ ගැන හඩක් නැගිමයි. යකඩ හොරා එළියේ කියා අනික් හොරුන්ට සමාව දිය යුතු නෑ. යකඩ හොරයි වැරදි කළ හැමෝමයි දඩුවම් විදිය යුතුමයි.

      Delete
  9. මේ ගැන රනිල්ගේ අදහස් විමසීමට ගිය අවස්ථාවේදී... "හානේ මට මේ ටිකක් නින්ද ගියා ඇ‍යි මෛත්‍රී ඔයා මව ඇහැරුවේ නැත්තේ" කියා මෛත්‍රීගෙන් ඇසුවේය. "ගෑණු ගැන හොයන්ඩ එයාලගෙ හස්බන්ඩ්ලා ඉන්නේ, ඔයා මොකටද කරදර වෙන්නේ " කියා මෛත්‍රී ගස්සාගෙන යන්ට ගියාය.

    ReplyDelete
    Replies
    1. අඩේ තිසර මේක එක ගහෙන් කුරුල්ලෝ දෙන්නා ටයිප් එක කමෙන්ට් එකක් නේද?

      Delete
    2. රනිල් මේ දවස්වල රෙස්ට් එකේ ඉන්නේ... ඒකයි.... අනික මෛත්‍රි ගුණරත්නලාට ශිරාල් ලක්තිලට බය මෑන් ඊට වඩා සී ජේ ට බය ඇති නේ.. නඩුවක් බලවලා ඇතුලට දැම්මොත් ජනරාල වගේ....

      Delete
  10. කතාවේ මුල හරියේ පොඩි අඩුවක් තියනවා වගේ.
    අගවිනිසුරු තුමියගේ හබියාට කොක්ක වැටුනේ බැසිල්ගේ ධම්මික පෙරේරල්ගේ ගේමකට කර ගසන්නට ගොස් නොවේද? අන්තිමේදී වැඩ මාට්ටුවී තොන්ඩුව වැටුනේ හබියාට පමණි.

    ReplyDelete
    Replies
    1. මම දන්න තරමින් ඒ දෙන්නගෙ නෙමෙයි වෙන සෙට් එකක. අජිත් දේවසුරේන්ද්‍රලාගේ බජාර් එකේ වැඩක්...

      Delete
  11. ඇත්ත සත්‍ය ලෙසටම ලිවිම ගැන ඔබට මගෙ ස්තුතිය පුදමි.ලොක්කගෙ වරදානවලට ගිජුවෙලා කඩේ යන ලියන මහත්තැන්ලා මේව කියවලවත් ලියන හැටි ඉගනගන්න කියල කියනව.මොකද කවද හරි ලොක්කට රිදෙන්න ජනතාව ටොපිය දුන්න දාට ඔබලා දැන් --කේ ගහගෙන ඉන්න පෑන් නාහෙන් කටින් එලියට පනිනව විතරක් නෙමේ,ලොක්කට ඉස්සෙල්ල චූ,කක්කා යන්නෙත් ඔබ තුමන්ලාටයි හරිය!!!!

    ReplyDelete
    Replies
    1. තේරුම් ගන්න එවුන් බොහොම අඩුයි කෙන්ජි.. අපේ හරක්ට මේ උපහාස තේරෙන්නේ නෑ.. කෙලින්ම කියන්න ඕන...

      Delete
    2. මාතලං ගේ උපහාසයත් කෙන්ජිගේ අපහාසයත් හොඳින් තේරුම් ගෙන ඇත. උපහාසය නොතේරෙන්නේ අපහාස කරුවන්ටයි.

      Delete
  12. කිසිම දෙයක් තේරුනේ නැත.. ඔය රටේ වෙන දේවල් සොයන්නට අපිට වෙලාවක්ද නැත..
    කවුද හැබෑට සිරානි නෝනා කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයා රනිල්ද?

      Delete
    2. මේ අළුත් කඩේ හාල් කෑල්ලක්....

      Delete
  13. ‍ෆොන්සේකා.. ඔන්න ඔයාගේ තනියට ශිරානි.. කවුද? ඊළගට..

    ReplyDelete
    Replies
    1. ජනරාලට දැන් ඉන්නේ ජයන්ත කැටගොඩ විතරයි. මට සැකයක් තියෙනවා ඌත් බොඩි ගාඩ් කෙනෙක් වත්ද කියලා...

      Delete
  14. මම නම් හිතන්නේ Dr ශිරාණි බන්ඩාරණායක දේශපාලනයට එන්නේ නැත්නම් ගෞරවාන්විතයි කියලා.

    ReplyDelete
    Replies
    1. මෙයා දැන්ම බයවෙලා.

      Delete
    2. මගේ මතයත් එයයි. ඒත් තීරණය ඇය සතුයි.. විදේශයක ප්‍රභල රැකියාවක් ෂුවර්....

      Delete
  15. මම නම් මොකුත් දන්නෙ නෑ...දැක්කෙත් නෑ... හැමදාම මේ වල්වැදිලා තියෙන දේශපාලනේ ගැනම ලියන එකේ...වෙනසකටත් එක්ක වෙනස් දෙයක් පාඨක අපිට දෙන්නකො මහාචාර්ය තුමා...

    ReplyDelete
    Replies
    1. උඹට නෙමෙයි බන් ඔක්කෝටම එහෙම තමයි.. පොඩ්ඩක් හිටහන් චූටි එකක් දෙන්නම් ඊළඟට...

      Delete
  16. මොහාන් අන්කල්ට ඕක හම්බවෙන්නේ නැහැ ගොත්රික පවුලේ පහල මට්ටමේ හරි විනිසුරුවරයෙක් හරි හිටියනම්. නැමෝල් කුමරු වගේ බ්රොයිලර් ක්‍රමයට හරි පුම්බල අරන් ඔතන තියනවා. හොද වෙලාවට ඔය වනචර ගෝත්‍රයේ සමාදාන විනිසුරු මට්ටමෙන් එහාට ගිය එකෙක් නැහැ.

    ReplyDelete
    Replies
    1. එහෙම උන්නනම් ඉතින් බඩුම තමයි....

      Delete
  17. ළිදක් හාරලා , බාල්දියක් සල්ලි වලටම ගෙනත් බාල්දිය ගොඩ තියල ලිඳට පැනල නාන අය දැකල තියනවද ? ..මට නම් ඒ වගේ දෙයක් මෙතන පේනවා.

    ReplyDelete
    Replies
    1. මට නම් ඊට වඩා දේවලුත් පේනවා....

      Delete
  18. lanka deshaplanayayi, loka deshapalanya okkoma meheyawanne loku compnay. oka wadi panguwa kanna danalana depirisaka athare pawathina satanak oken moka dinanth wadak na.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න