.

.

Jan 20, 2013

ඇට නැති ලෝ....!!! - Attorney at Law....!!!



අනේ සෑර් අපි ආ.............වේ........
කරන්නෙ මක්කැයි ඉස්සරහට....
කියලා දැනගෙන යන්නයි......
වලියටනම් නෙමෙයි සෑ...........ර්.
(කරන්නෙ කොහෙමෙයි මක්කත්
ඉස්සරහට මුකුත් නැතුව.)

දැම්මේ කොඩි, කළු පාටීන්..
පාර පුරා, ගිය පිකටින්.
පොල් ගැහුවෙත් නැතෝ... සෑර්...!!!
අපිට එපා බත් පැකටුයි,
ගල් කාලයි, පන්සීයයි.
අපි ඔක්කොම අළුත් කඩේ....
යන්නේ රජුටමයි කඩේ......

ගෙදරට අපෙ වෙඩි තිබ්බෙත්.
මගේ.....ම පිස්තෝ....ලේ අරන්.
පොඩි එකා....නේ,අපේ... ගෙදර.
විපස්සෙ ගොන් හරක් වගේ.....
ලෝයර් කෙනෙකුත් වී..........ලා.
සෑරුත් රැවටුනා......... නේද?

අනේ සෑර් ලබන සැරේ.
නැෂනල් ලිස්ට් එකෙන් ගන්න..
අමාරුනම් එහෙම ගන්න.
අනිත් එකෙන් එන්නම්කෝ......
උන්නත් එහෙ, උන්නත් මෙහෙ,
ඇට නැති ලොයර්ලා අපි.

                     -x-

අවවාදය - මෙවන් පොන්නයන්ට මනාපයක් දී ඔබත් පොන්නයෙක් නොවන්න....

63 comments:

  1. මේ ඔය සරත් මහත්තයාට මුකුත් කියනව හෙම නෙමෙයි හරිය...

    ReplyDelete
    Replies
    1. සරත් මහත්තයා ගැන නෙවෙයි ඔය කියන්නේ , දාස රාජපක්ෂ ගැන මයේ හිතේ

      Delete
    2. දේශකයා ටපලවගෙන වගේ....

      Delete
    3. නැත නැත... උවමානවෙන් කොරල ලදි.. සරත් නන්ද හට නීති උපදේශක තනතුරක් සමග ලැයිස්තු මන්ත්‍රිධුරයක් ලැබීමට ඉඩ ඇති බව සිහිනෙන් පෙනුනි... හැක්...

      Delete
  2. අපි ඕවට නැහැ ඔන් .....

    ReplyDelete
    Replies
    1. මම දැක්කේ "අපිට ඕවා නැහැඕන්" වගේ....

      Delete
  3. වැඩක් නැහැ කතා කරලා කවුරුත් අන්තිමට එකයි....

    ReplyDelete
    Replies
    1. එක වල්ලෙ පොල්.. ඒත් හැමදාම එකේම ඉඳලා මැරිලා යන උනුත් ඉන්නවා. හොඳම උදාහරණය ලොක්කා.. අම්බ කැපිලි තිබුනත් කාගෙන හිටියා....

      Delete
  4. පොරජා තන්තරෙ රකින්න..අයුක්තියට එරෙහි වන්න..
    එන්න එන්න අපිත් එක්ක..ඇවිත් අපිට එකතු වෙන්න...
    එහෙම කියලා උසි ගන්නලා..අපි ලව්වා ඇට බාවලා..
    උන් සුදනෝ වගේ යනවා..කෝට් බෑය පොරවාගෙන...
    සාධාරණ සමාජයක්...සැමට සුදුසු පරිසරයක්...
    හැම දෙනාට එක හැන්දෙන්..බෙදලා දෙන රාජ්ජයක්..
    සුචරිත ගැන කතා..නිතර කියන ගොතා..
    මේ වාගේ ඈයෝ එක්ක..ගියොත් විපත තමා...
    ඉන්න උන්ව පන්න ගන්න..අළුත් උන්ට බලය දෙන්න..
    අළුත් උන්ට බලය දීලා..උන්ට කියල ඇරව ගන්න..
    ආසවක් හිතේ..තාම නැහැනෙ පුතේ..
    ඒ හින්දා පෙර වාගෙම..මම යනවා කඩේ...
    දන්න එකා හොදා...ඌ ඇරියත් හොඳා..
    නොදන්න දෙයියට වැඩියෙන්..දන්න යකා හොඳා...

    ReplyDelete
    Replies
    1. උබේ කවියත් මාතලන් ගොයියට දෙවෙනි නැහැ මාරයෝ....

      Delete
    2. @ මාරයාගේ හොරාව
      //දන්න එකා හොදා...ඌ ඇරියත් හොඳා..//
      අපි දන්නවා ඒක.. හිකිස්

      Delete
    3. මොකද මල්වත්තේ,
      දොර වහන්න ඇත්තේ,
      අනේ හු#තේ,
      මහන්තත්තේ....

      හැමෝම අරින එකේ ඔබතුමාත් ඇරියනම් ඉවරයි ආයුබොවන්න...

      Delete
    4. අන්න පින්වතුනි, මේ සැරේ නම් අව්‍යාජ මාරයියා ඇවිල්ලා පිළිතුරු දීලා තියෙනවා. අපේ මාරයියාට අරින්න අරින්න සැපයිලු. එහෙනං අපි මක්කටයි බාධා කරන්නෙ. අරෝ ගන්න එකනෙවැ ඇත්තේ ලොක්කාට කියලා ලෙලි යනකල්.

      Delete
    5. ඇනෝ..වස්තුවේ...උඹ මාව අමතක නොකර දිගටම මේක ඇදගෙන පලයං මයෙ අම්මා.. මේ දවස්වල මට ලියන්නත් වෙලාව නැති එකේ උඹළගේ පිහිට තමා මට..නැත්තං අනිත් උන්ට මාව අමතක වෙලත් යයි... හොද පුතා වගේ මේ ටික දවසට කොහොම හරි මේක ඇදගෙන පලයං හොදේ.. උම්මා...
      :D

      Delete
    6. ගොයම් කොලේ හාන හරකා කොලේ කාලා ජීවත් වෙන්න ඕනා.... ලන්කාවෙ නැති හෙට අනින්දා පනින්න බලන් ඉන්න එවුන් මොනා කීවත්, මාරයගේ අනාගතේ තියෙන්නෙ ලන්කාවෙ මිසක් වෙන කොහේවත් නෙවෙයි... ඉතින් ඌ ආවඩා ආයුබෝවේවා කියන්නෙ නැතුව මොකෑ කොරන්නෙ...

      මේ යන විදිහට මූට ජනාදිපති උපදේශක තනතුරක් ලැබෙන්නත් පුලුවන්...

      Delete
    7. මේ ඇනෝලට විරුද්ධව මම නඩු දානවා. මොකෝ මුන් මාරයට මේකෙන් පබ්ලිසිටි දෙන එකට.. හරිම අසාධරණයිනේ මේ වැඩේ. මොකක් ලිව්වත් මේ ගැන මාරයගෙ අදහස හොයන උන් වැහි වැහැලා... ඉරිසියාවේ බෑ....

      Delete
    8. ඊරිසියාකාරකං කරන්න එපා බොල... අර ආතල් දීදී හිටිය එකා පැදුරටයි මටයි දෙකටම නොකියා බ්ලොග් එක වැහුවයින් පස්සේ මෙහෙම එකෙක් දෙන්නෙක් තමා ඉදහිටවත් මගේ දුක සැප අහන්න ඉන්නේ..උඹ ඒකටත් බකට් දාන්නද හදන්නේ...?

      අනික මේවා මෙහෙම කරගත්තේ බොහෝම අමාරුවෙන් මහින්ද අයියට දීලා දිලා... නැත්තං මේ ඇනෝලා ඇනීලා මාව මෙච්චර උඩ දායිද..? අච්චර වෙන වෙන කතා කොච්චර ලිව්වත් මං උන්නද මලාද කියලා හොයන්නේ නැති උන්දලා මාව අමතක නොකර ඉන්නේ ඒ දෙන දීමට... මං කියනවට උඹත් අත් හදා බලහංකෝ..ආයේ ඉතිං බඩු ෂුවර්... වැඩිය ඕන නැහැ උඹට උනත් පහුගිය දවස්වල තේරෙන්න නැතෑ උඹට මීටර් වෙන හැටියෙන් ලොකු අයියගේ පැත්තට වචනයක් කිව්ව ගමන් ඇවිත් ප්ලග්වෙන ෂැට් එක කොහොමද හතර අතේ නෙලන්නේ කියලා... ඒ ඉද හිට මල්ල අතට ගන්නවා වගේ නෙවෙයි බොල.. මං වගේ දිගට හරහාට ගියානං උඹටත් යන යන තැන ඇනෝලා ආදරයෙන් ෂලකනවා...

      (මෙව්වා කියලත් බැහැ නොකියත් බැහැ...) :D

      Delete
    9. අම්මට හුඩු... ඇත්තමයි... බන්... Thanks pane.....

      අනේ ඉතින් අපි දෙන්නට බුද්ධං සරණේ සරණයි....!!!

      Delete
    10. හෙහ්.. අපිටත් කියල දීපල්ල ඔය අරින විදිය හෙම

      Delete
  5. ////අවවාදය - මෙවන් පොන්නයන්ට මනාපයක් දී ඔබත් පොන්නයෙක් නොවන්න....//////

    නියම කතාව... කියන්න ඕන නියම විදිහටම කියල තියෙනවා .. ඇට නෙමයි මුන්ට අඩුම ගානේ හිලක් වත් තියෙනවද දන්නේ නැ.....

    ReplyDelete
    Replies
    1. හැබැයි ඕන කෙනෙක් පොන්නයෙක් වෙන්නේ අනිත් පැත්තට ගියාට පස්සෙ

      Delete
    2. පැත්තක් නැති උනාම නේන්නම් පොන්නයෝ වෙන්නේ...

      Delete
  6. යකෝ මාතලන් අයිය ලොයර්ලගේ ඇට නැති බව දන්නේ කොහොමද ජරාටැ කඩේ යන උන්ට සුභ අනාගතයක්.

    ReplyDelete
    Replies
    1. පේන්නේ නැද්ද බන්... ඇඹරෙන හැටි දැක්කම....

      Delete
  7. මාතලන් දැන්වත් තේරෙනවද මේ පොන්නයට රාජපක්ස නම අවේ කොහොමද කියල?

    ReplyDelete
    Replies
    1. රාජපක්ෂ නැතුව ඌ කැකුළාවලයැ බං?

      Delete
    2. රාජපස්ස නමටත් නිගාවක්....

      Delete
  8. අපේ ගෙදර ටොමිය දවසක් බූල් පුප්පගෙන බුරාගෙන ගෙදරට ආපු සයිම පස්සේ පන්නගෙන ගියා. සයිමත් ඇරියේ නෑ නියම රන් එකක් දීලා ජම්බු ගහ උඩට නැග්ග. අප්පුචියේ ඊ ගාවට උනේ ජරාස් ගාලා අත්ත කඩන් සයිම බිම වැටුන එකයි. ටොමිය ගිය වෙගෙටත් වැඩි වේගෙකින් දුවගෙන ආපහු ආවා පුට්ටත් නැකේ ගහගෙන. ඇවිත් ඇඳ යට ගුලි උනා.

    ඒත් ටෝමියා විජේදසට වඩා උත්තරීතරයි. මොකද ටෝමියගේ පොතේ නැහැ ඔය වගේ හදිස්සි අනපේක්ෂිත දේවල් බලු පොතේ නැහැ. ඌ උගේ ජොබ් එක කොරන්න උපරිම ට්‍රයි එක දුන්න.

    ReplyDelete
    Replies
    1. කොහොමත් උන් හොඳයි දැන් ඉන්න උන්ට වඩා....

      Delete
  9. ////
    අවවාදය - මෙවන් පොන්නයන්ට මනාපයක් දී ඔබත් පොන්නයෙක් නොවන්න....////

    මෙන්න මේක තමයි අපි දැන් වත් ඉගෙන ගන්න ඕන පාඩම

    ReplyDelete
    Replies
    1. මේ මහත්මා දේශපාලනෙන් එන ගොඩක් උන් මෙහෙමමයි...

      Delete
  10. අකිල ශ්‍රීනාත්January 21, 2013 at 1:11 AM

    //අවවාදය - මෙවන් පොන්නයන්ට මනාපයක් දී ඔබත් පොන්නයෙක් නොවන්න...//

    එහෙනම් ඔයා මනාප මැරවින් වගේ නල්ලමලේ චණ්ඩියෙකුට මනාපෙ දුන්නට අවුලක් නැද්ද ආයිබෝං?

    ReplyDelete
    Replies
    1. කිසි අවුලක් නෑ. උන් පොන්නයෝ නෙමෙයිනේ..... අනික ඔක්කෝම මැරවින්ලා එකේ.. එකෙක් මරාගෙන කන්න ඕන නෑනේ....

      Delete
  11. සමාවෙන්න මාතලන්...මම කකා නෙමේ. ඒ වුනත් මේකනම් මෙතන දාන්නම වෙනවා.

    නූතන බහුරූ කෝලම (බෙලිඅත්තේ අපේ කොල්ලෙක්)

    අපි යමක් කිව්වහම එක සැරේ පිළිගන්න නරක බව ඇත්ත. මෙයා බබා කියල හිතා හිටපු අපේ අයියලට මේක උපහාරයක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. මුන් ඡන්දෙ ඉල්ලන්න එන කොට ගහන්න ඕනේ බූ හනස්සෙන්....

      Delete
  12. //මෙවන් පොන්නයන්ට මනාපයක් දී ඔබත් පොන්නයෙක් නොවන්න....// ++++++++++++++++++++++

    ReplyDelete
  13. ඔබට මතක ඇති ගියවර බා ඇසෝසියේෂන් එකේ නිලවරණයට විජේදාස ඉල්ලන නිසා ටිරන්තට ආන්ඩුවෙන්ම උදව් කළේ නැහැ. ඒ මෙයාව දිනවන්න. මොකද කඩේ යන එකෙක්ව පත් කරනවට වඩා හොරෙන් පොලේ යන එකෙක්ව පත් කරන එක ආන්ඩුවට වාසි නිසා. සාමාන්‍යයෙන් බා එකේ වසර අවසානයේ නිතරගයෙන් සිටි නිළධාරී මංඩලයම තමයි දෙවනි වසරටත් පත් වෙන්නේ. ඒක එහි සම්ප්‍රධායක්. මේ සැරේ එහෙම නැහැ. මෙයාගේ ජොබ් එක ඉවරයි. දැන ඕනෙ කඩේ යන එකාව. ඔන්න මේ සැරේ ටිරන්ත පත් වෙනවා සිකුරුයි. ඔන්න ඔහොමලු වැඩ. ඒ නිසා මේවා අපි කතා නොකරන එක වඩා හොදයි. අපි ඉම්මු අපේ පාඩුවේ.

    ReplyDelete
    Replies
    1. මට නම් දැක්ක දවසේ ඉඳලා දිරවන්නේ නෑ.. මේ වගේ ඔක්කෝම එක හාල්පාරු සෙට් එකක්... මගේ එදා තීරණය නිවැරදියි....

      Delete
  14. හැක් හැක් හැක් ... අපි ගොන්නු වගේ එකතැන උන්නට අන්න බලන්න දෙශපාලනේ ... හැක් හැක් හැක්

    ReplyDelete
    Replies
    1. මේ දේශපාලනය නෙමෙයි බන්.... පිම්පි කම....

      Delete
  15. මාතලන්, මේක හරිම අසාධාරණයි. මම ඔය වැඩේ කරපුවම ඔය කියන්නේ පොන්නකම කියල. මගේ ලොක්කා රනිල් ඔය ජොබ් එකම කරපුවම කියන්නේ මහත්මා දේශපාලනය කියල.

    අනිත් එක අපේ ලොක්ක අපිට දැඩිව කියල තියෙන්නේ සාටකයට ශේප් එකේ කඩේ ගියාට කමක් නැහැ, හැබැයි පොන්සේකාට එහෙම සප් එක දීල එහෙම අහු වෙනවා නෙවෙයි කියලා.

    - මීට විජේදාස රාජපක්ෂ.

    ReplyDelete
    Replies
    1. ඔහේ ෆොන්සේකාට උනත් සප් එක දෙන්න බැරි කමක් නෑ.. ඇයි ඔහෙත් පොන්සේකා කෙනෙක් නේ....

      Delete
  16. විජේදාස,නිරූපමා ඇතුළු තව තව ඉගෙන ගන්නා/ගත්ත ලග නෑදෑයන්ට ලොක්කගෙ තාත්තගෙ කාලේ ඉදලම කලේ කෙනහිලි.මෙවුන්ගේ වටේ හිටපු කව්රුත් දන්නව.විජේදාස උන්නැහේ දැන් අවුරුදු කීපයක ඉදල මේ කරන දෙපිටකාට්ටු,විලිලැජ්ජ නැති පක්කලි වැඩ කරන්නෙ තමන්ගෙ දෙමාපියන් හෙන ඉල්ලපු මහ එව්වන්ගේ ම ළමයි එක්ක නේද? රජ පවුලට ජනතාව හෙන ඉල්ලන ලැයිස්තුවට ඔබ සහ දෙමාපියන් දෙපල ඇතුලත් උනාට මක්කෙයි නේද විජේ?ඒ වගේද ගෝටගේ "හරිතෙ"හින්ද මගෙ බිල්ඩිමට ආපු වටිනාකම!!!!

    ReplyDelete
    Replies
    1. kenji, Gota's park suppose to be open for their mother's b'day but couldnt do that due to bad weather. looks like that poor lady had enough and trying to keep a way from them!

      Delete
    2. සල්ලිවලට අම්මා තාත්තා නෙමෙයි දරුවොත් පාවලා දෙයි මේ වගේ උන්....

      Delete
  17. ලෝ ලාට විතරක් නැති දෙයක් ගැන නෙමේ මාතලන්ගෙ සිරස්තලයෙ කියන්නෙ ඔය පැත්තෙ ඉන්න පිරිමි බහුතරයකට නැති දෙයක් ගැන නේද?!!!!!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නැත්තම් ලන්කාවෙ ගෑනු පිට යයි යැයි....

      Delete
    2. ඒ වගේ තමයි පේන්නේ. අගවිනිසුරු අස් කලොත් 500 ක් එක්ක මැරෙණවා කියපු එකෙක්වත් පේන්න නෑ. ඒ අතින් නම් ලොක්කා ග්‍රේට්.. හැම එකාගෙම කර අඹනවා....

      Delete
  18. අනේ මන්ද මට නම් ඔය ගැන ඒ තරම් තේරුමක් නැ...

    ReplyDelete
    Replies
    1. පොඩි උන්ට එන්න එපා කියලා තියෙනවා නේද මේ පැත්තේ....

      Delete
  19. ඔය මොනවා කිව්වත් ආයේ ජන්දයක් ආවම දෙන්නේ එයයිලටම තමා.බැන බැන උන්ටම බලේ දෙන්නේ අපේම ගොන්වහන්සේලා තමයි.

    ReplyDelete
    Replies
    1. මම හිතාගෙන ඉන්නේ ඡන්දේ නොදෙන්න ඕන උන්ගේ නම් ලයිස්තුවක් පබ්ලිෂ් කොරන්න...

      Delete
  20. මාතෘකාවට හිනා වෙලා පන යනව :D

    ReplyDelete
  21. හික්ස්..
    මරු කයි ටික..
    දේෂපාලනේ ගැනනං මුකුත් කියන්නෑ...

    ReplyDelete
    Replies
    1. කලබලේට ලිව්වම හොඳට එනවා....

      Delete
  22. කතන්දරගේ කයි වලට වඩා උබේ කයි මරු.

    ReplyDelete
    Replies
    1. ඒකේ වෙලා තියෙන්නේ කතා ප්‍රබුද්ධ ඒවා ලියන්නේ වෙන නම්වලින්නේ.. සමනල්ලුයි, ඇනෝ ආතලුයි, තව මොනවා තියෙනවද දන්නෙ නෑ....

      Delete
  23. ටිකක් කුරුවල් පොල් ගෙඩිය කඩල දැම්මා,
    එච්චරයි,
    ඒක නරක් වැඩක්ද හා....
    ආයිත් අපි එකවල්ලෙ පොල් නේද සෑර්?
    ගේමට සෙට් වෙමු සෑර්

    ReplyDelete
    Replies
    1. මේවා පුහු පොල් දයල්...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න