.

.

Jan 12, 2014

බ්ලොග් කියන්නේ මොනවද..? - What is Blogging?



මේක බ්ලොග් ලියන අයටත් තිබෙනා ප්‍රශ්ණයක්ය. ගොඩක් දෙනා බ්ලොග් කෙරුවාව කියන්නේ, මොනවාද කියා හරියට දන්නේ නැතිය. සම හරක් නීතී රීතී දාන්න යන්නේත්, සම හරක් අයිතිවාසිකම් කියන්න යන්නේත්, ඒ නිසාමය. සමහ හරක් කියන්නේ එයාලා කියවන්නේ ඉන්ගිරිස් බ්ලොග් කියාය. හිනගල බ්ලොග් වල කියවන්න දෙයක් නෑ කියලාය. එහෙම කියන්න එයාලටත් අයිතියක් තියෙනවාය.

බ්ලොග් කියන්නේ ඒකටය. ඕන එකෙකුට ඕන දෙයක් ලියාගන්න කියා, බලා ඉන්නා එකටය. ආන්ඩුවේ මාද්දිය වාරණ ගැන පඬි ටෝක් දෙන උන් පවා, මේ නිදහස් පුරවැසි මාධ්‍යකරණයට වාරණ දාන්න යන්නේ, උන් ආන්ඩුවටත් වඩා පවර්ෆුල් කියලා හිතලාය. ඒ පෙන්වන්නේ "පවර් ෆුල්" කම නොව, තමන්ගේ "බ්ලඩි ෆූල්" බව කියා නොදන්නා එකට, අපට කොරන්නට දෙයක් නැතිය.

Jan 11, 2014

ජාතික වීරයෝ හා යුධ අපරාධකාරයෝ - National Heroes or War Criminals


අවුරුදු අටක කාලයක් කෝමවක නිදා සිටී, "ආරියෙල් ෂැරෝන්", සදාතනික නින්දක සැතපීමට වරම් ලබා ඇත. ඔහු කෝමා තත්වයකට පත් වූයේ, අගමැති දූරයෙහි සිටිනා කාලයේය. (අපේ කෙනාත් කොමා තත්වයෙන් සිටිනවාදැයි කීමට තරම් වෛද්‍ය දැණීමක් නොමැතිවීම ගැන, මා කනගාටුවෙමි.) ආරියෙල් යනු හීබෲ භාෂාවෙන් සිංහයාට කියනා නමයි. ඇත්තටම ආරියෙල් සිංහයෙක්ම විය. ඔහුගේ ශරීර ප්‍රමාණයෙන්ද, ගැඹුරු කටහඬින්ද, ඔහුගේ ක්‍රියාදාමයන්ගෙන්ද ඔහු නියම සිංහයෙක්ම විය.

Jan 9, 2014

"දිනමිණ" පත්තරෙත් විනාසයි - End of the "Dinamina" News Paper


ටපලා ටපලා, සෝමවාහිණියේ "මුල් පිටුව" කියවපු සභාපති තුමා, පත්තර මහගෙදරට ගොඩ උනේ, මල පැනලාය. පැනිල්ල කොච්චරද කියනවා නම්, ලේක් හවුස් එකෙන්, මල් පත්තර දහයක් විතර ගහගන්න පුළුවන් සයිස් එකටම, මල, හොඳ එකෙන්ම පැනලා තිබුනේය.

වෙනදාට, කාටුන් වලින් කස්ටියටම කින්ඩියක් දමා, මල් කුමාරයා වාගේ කන්තෝරුවට ගොඩ වෙන සභාපති තුමා, මල පැනලා ඉන්නවා දැකපු ඔක්කෝම උන්, "ගුඩ් මෝනින් සෑර්...." ගෑම පැත්තක තබා, හෙමිහිට මාරුවෙලා ගියේ, ජනාධිපති තුමා මල පැන්න වෙලාවට, ඇමතිලා තම තමන්ගේ ආසනේටම ගිහිල්ලා නවතිනවා වාගේය.

Jan 6, 2014

රත්තරන් - Gold


හිච්චි එකා සංදියේ, සම හරක් උන්, මී හරකා, ගොනා, බූරූවා, වසවර්ති මාරයා, අරකා මේකා කිව්වාට, අපේ අම්මාට මාව "සත්තරන් පුතා" උනේය. අපේ අම්මාට වගේම හැම අම්මාටමත් එහෙමය. ඒ වගෙම හැම පුතා දුවාටත්, එයාලාගේ අම්මා "සත්තරන් අම්මා"ය. ඔය අතරේ, පිත්තල තඹ පුත්තු දූරූ වගේම, අම්මලාත් නොමැත්තේද නොවේ.

Dec 31, 2013

2014 වත් සුභ අනාගතේ එයිද ලොක්කා.... ? - Wish You a Very Happy New Year Sir,


උදේ පාන්දරම බාසා තුනෙන්ම විස් කොරලා, ඇස් ඇම් ඇස් එකක් ආවාම, "සෑම් ටූ යූ මයි ඩියර් සෑර්...!!!" කියලා රිප්ලයි කොරාට, එහෙම කොරන්න බැරියෙයි කියා, පෝන් එකේ මැසේජ් එකක් ආවේය. අද ඉඳලා ඇස් ඇම් ඇස් එකටත් කෙලලා ඇරියාට, ඔබ තුමාට එහෙම විස් කොරලා රිප්ලයි එකක් යැව්වාට, ඒක නිකන්, ඇඟෙන් ඇටයක් ගියා වගේ කේස් එකක් වෙන්නේ නැතිය. සීනී ඇටේටත් කෙලලා තියෙන එකේ, ඇස් ඇම් ඇස් එකට යන ගාන, නිකන්, මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගේය.

Dec 20, 2013

අනර්කලී, ස්වර්ණමාලී හා හේමමාලී - Anarkali, Swarnamali & Hemamali


කුඩු කාරයෝ බඩු කාරයෝ රජ කරනා                     රටේ
මිනී මරුවෝ මැති ඇමතිලා වෙලා ඉන්න                 රටේ
අගමැතිඳා නැව් පුරවලා කුඩු ගේනා                          රටේ
ඇනකොන්ඩිලා ඇනකොන්ඩෝ ගිලිනා මේ             රටේ

Dec 10, 2013

පලා බබාව වත් දිනා ගනීද..? - Western Provincial Council Election


ලබන වසර මැතිවරණ වසරක් බව, සෑම අතින්ම ලැබෙන තොරතුරු වලින් පැහැදිලිය. එයිනුත් විශේෂ අවධානය යොමු වන්නේ, බස්නාහිර පලාත් සභාව වෙතය. මාතලන් සිටින්නේ, පලාත් සභා අහෝසි කළ යුතුය යන මතයේ නිසා, පලාත් සභා ඡන්දය අවලංගු කර දමනවා විනා, කිසිවකුටත් ඡන්දය ප්‍රකාෂ කිරීමට යොමුවන්නේ නැත.

Dec 9, 2013

බොරැල්ලේ වාහන තද බදය - Traffic Jam in Borella


වර්ථමානයේ නිවාඩු දිනයක වූවද, බොරැල්ල හංදිය හා ඒ අවට ඇත්තේ, අති විශාල වාහන තදබදයකි, විශේෂයෙන් බේස්ලයින් පාරේ වාහන තදබදය, සමහර විට නුවර පාර දක්වාද, මීගමු පාර දක්වාද විහිදෙන අවස්ථාවන් එමට ඇත. මේ තදබදය වඩත් වැඩි වූයේ. අභිනවයෙන් ඉඳිකල "හවුස් ඔෆ් ෆැෂන්" ප්‍රදර්ශණාගාරය හේතුවෙනි. (එම ආයතනයද, වාහනයක් පහසුවෙන් ඇතුල් කිරීම සඳහා නිමවා නොමැත.)

Dec 7, 2013

ටවල් මෙතඩ් (23+) - Towel Method (13+)



ඉන්ගිරිසියෙන් ටවල් කියන්නේ තුවායටය. අපේ තාත්තලයි පැත්තේ අය කියන්නේ, "සාළුව" කියාය. අපේ සීයා ළඟද, (ඔව් ඔව්.... අර තිරික්කලේ තිබුන සීයා තමා.) නිතරම සාළුවක් තිබුනේය. උදේ 4 ට විතර නැගිටින සීයා, ඉන්දියාවේ සීක් කාරයෝ වගේ, තුවාය කරකවා, ඔළුවේ ජටාවක් වගේ බැඳ ගන්නවාය. ඊට පස්සේ, උන්දෑ යන්නේ කොරටුවට හා කුඹුරටය. ආයෙත් එන්නේ, උදේ කෑම කන්නය. සීයා ඔය ජටාව බැන්දේ, පිනි බාන නිසාය. අද කාලේ නම්, සීයලාත් පින්නෙන් ආරස්සා වෙන්නේ කැප් එකක් දාලාය.

Dec 5, 2013

මිසිස් පෙරේරා (23+) - Mrs Perera (13+)


ට්ට සින්දුවක් එක සැරයක් කනට වැටුනම, කං කාළාඳුරු වාගේ සුද්ද කරලා අයින් කරලා දාන්න බැරිය. ඒක පීචං එකක්ද, ශාස්තිරියද, හින්ගලද, හින්දිද, දෙමළද, ගුජරාටිද, මරාටිද, යුනානිද, අරාබිද, චීන්ද, ජපන්ද, ඇමරිකන්ද, සුද්දගෙද කියා කියන්නට බැරිය. මහාචාර්ය මාතලන්ගේ තියරිය අනුව නම්, සින්දුවක් එහෙම බොක්කටම වඳින්නේ, තනුව හින්දාය. මියුසික් වත්, වචන නිසාවත් නෙමේය.

ඔය එහෙම බොක්කේ වැදුන සින්දු, බොක්කට රහ මෙර ටිකක් වැටෙන කොට එලියට එන්නේ, සංගීත භාන්ඩ නැතිවය. ගායනා කරන්නේත් සුරුතියෙන් පිටය. දේන වටයට යොමු කරන්න බැරිය. අනෙ තොගේ දේන වටය, යොමු කරන්න බැරිනම්, ඕන සෙද්දක් කොර ගනින් කියා, කියන එකා කියනවාමය. හැබයි කියනවායි, ගයනවායි අතරේ නම් සෑහෙන වෙනසක් ඇත්තේය.

Dec 4, 2013

ගාළු පාර හා නැන්දම්මා (2) - Galle Road & Mother In Law (2)


ගාළු පාර - පළවන කොටස 

නැන්දම්මා දෙපැත්තටම වැඳලා දනි පනියේ නැග්ගාට, හාමිනා නගින්නේ, ත්‍රිපිටකේම මුමුනලාද කොහේදය. සම් හරක් උන්ට මල පැනලා හෝන් එක උඩ නගින කොට, හාමිනා උන්ට ඔරවනවාය. ඒ උනාට, උන් ඔරවන්නේ හාමිනාට නොවෙයිය. උන් ඔරවන්නේ මටය. මම ඉතින් අහිංසක මිනිහා නිසා, පොඩ්ඩක් ඉස්සරහට ගන්නවාය. නැත්නම් අරුන් අපේ අම්මාට පින් දෙන්න පටන් ගන්නවාය. ඒ අපේ සේස්ට සිස්ටාචාරේ හැටිය.

අන් අයගේ අම්මලා සිහිකොට පින් අනුමෝදම් කිරිම, අපේ සඟිස්කුරුතේ ප්‍රධාන අංගයක්ය. නැත්තන් පොලොස් කොට්ටෝරුවෝ කෑ ගහනවාය. ඒත් ඉතින් එහෙම ඉස්සරහට ගත්තාම, වාහනෙට ගොඩ උන ගමන් නෝනා ධර්ම දේශනාවක් කරණවාය. මම ඉතින් සාවදානව අසා සිටිනවාය. පොඩි එකා හා නැන්දම්මා සිනාසෙනවාය.

Dec 3, 2013

මහා බ්ලොග් සම්මාන උළෙල - Mega Blog Awards


දිනය - ක්‍රිස්තු වර්ෂ 2015 ක් වූ දුරුතු මස 15 ලත් ශනිදා
ස්ථානය - හම්බන්තොට නාමල්පොකුණ සම්මන්ත්‍රණ ශාලාව
උත්සවය - 2014 මහා බ්ලොග් සම්මාන උළෙල
උත්සවය ආරම්භ වන වේලාව - උදෑසන 10.00
දැන් වේලාව - උදෑසන 9.45

Dec 2, 2013

ගාළු පාරේ තාර දාලා.. - Galle Road Tar is putting.....

ඩෙස්මන්ඩ් ද සිල්වා කියන්නේ මාතලන්ගේ ප්‍රියතම ගායකයන්ගෙන් මුලින්ම ඉන්නා එක්කෙනෙක්ය. ඩෙස්මන්ඩ් සිල්වාගේ ගම මාතරය. ඉන්නේ ලන්ඩන්වලය. මේ ළඟදිත් ඇවිල්ලා මාතර සෝ එකක් කෙරුවාය. පට්ට සෙනගය. ඔය ඩෙස්මන්ඩ් ද සිල්වා, මාතර යන්නේ ගාළු පාරේය. ඒ නිසාද මන්දා ඩෙස්මන්ඩ්ගේ "පොල් කටු හැන්දෙ මිට වගේ...." ගීතයේ "ගාළු පාරේ තාර දාලා බසුත් යනවා...." කියා කෑල්ලක් තියෙන්නේය. මේ ලියන්න යන්නේ පරණ ගාළු පාරේ ගාළු ගිය හැටිය.